Back
/ 47
Chapter 46

🌼 Last Chapter 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මගේ පුංචි රෝසමලේ

මමයි නුබේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා~ ම්ම්ම්"

" ශෙවින් !!! "

" ඇයි ඉතින් සිංදුවක්නෙ කිව්වෙ ඕකට කෑගහන්න ඕනද  "

රශේන් අයියගෙ තද බැල්ම ඇවිත් ඇද උඩ උන්නු මගෙ ලග නැවතෙනකොට මූණට එහෙන් මෙහෙන් මුරණ්ඩුකාරකමට වැටිලා තිබුන කොන්ඩ කෑලි අතකින් පිටිපස්සට කරනගමන් මම එයාට ඇහැක් ගැහුවා........ඉදලා ඉදලා එයාව ටිකක් තරහ ගැස්සුවහම තමා ආතල්ම........තරහවට මූන රතුවෙන් නැති උනත් මොකද අර ගන ඇහිබැම් නලල මැද එකට එකතු වෙනකොට ඒ බැල්ම දැඩිවෙනකොට තමා මම ආසම........බොරු කියන්නෙ මොකටද එයා උනත් වැඩිපුරම ලස්සන එතකොට

මං නම් කියන්නෙ අල්පමාත්‍රෙක බැල්මකින් කල්පයක් අවුලන්න ඔය හැමෝටම බෑ.......ඒ නලල රැලි වැටෙන තැන කලු ඇහිබැම් එකතුවෙන තැන අර අලු ඇස් අයිතිකාරයගෙ තාරකා මන්දාකිනි ආයම දිලිසෙන හැටි මම බලාන........හැම නිතරෝම හිනා නොවුනත් මොකද එහෙමත් කලාතුරකින් ඒ ආඩම්බරකාර මූනෙ ඇදෙන අර අත්තික්කා තරු හිනාව ගැන නම් කියන්න අතිශෝක්ති මන් ලග නෑ....අනිත් අතට මහ පාරිමාණෙන් ඒ රූපෙ වර්ණනා කරන්න මට තරම් ඔය කාටවත් බෑ....

' සතුට ' තියෙන්නෙ දැනුන මිනිස්සු ලග කියලා අවසානයටම මම දැනගත්තා

දුශ්කර කාශ්ටක නියගයකට පස්සෙ එලබෙන වසන්තය කොච්චර ලස්සනද කියලා දන්නවද ? පපු දාතු අස්සෙ ආදරේ පරසතු මල් පිපෙනකොට හැම නහර වැලක් ගානෙම ආදරේ අධිමාත්‍රිකව අන්තර්ගතවෙනකොට ඇත්තටම ලස්සනයි........පපු අස්සෙ ආදරේ මෙට්‍රික් ටොන් ගනනින් හිරවෙනකොට දරන්න බැරි ලෙවල් එකට එනවා.......කොහමත් තමන් ප්‍රියතම ආත්ම ඔය හැගීම මහා පරිමාණෙන් පෙන්නන්න ගන්නකොට අපිට ඉවසන්න බෑ.........ඒ විසල් ආදරේ දරන්න තරම් අපිට කැපෑසිටි එකක් ඇත්තෙම නෑ.....ඒ ඇවිත් මායාකාරී මිනිස්සු......එයාලට පුලුවන් හරි අපූරුවට ඒ ආදරෙන් අපිව මත්කරාදාන්න

" කරන ජෝක් වලට හිනායන්නෑ ශෙවින් "

" එහෙමද.......මොන උනත් එහෙම කිව්ව එකට නම් සෑහෙන්න දුක හිතුනා හරිද "

මම නොක්කාන්ඩුවට කියනකොට අර ආඩම්බරකාර මූනෙ මම ආසම හිනාව ඇදෙන හැටි මට පෙනුනා.......අද කැම්පස් එකේ නිවාඩු.......ඉතින් නිවාඩු දවසෙ උදෙන්ම කුකුළත් අතින් අරන් මම රශේන් අයියා තනියම උන්නු ගෙදරට රිංගුවා.......එන එක කිව්වෙ නැති හන්දද කොහෙද දොරගාව උන්නු මාව දැකලා එයා පුදුම උනා.......බලන්න ඕන එවෙලෙ අයියගෙ මූණ.......කොහමත් මට ඕන උනෙත් එයාව සප්රයිස් කරන්නනෙ.......ඉතින් එයා සප්රයිස් උනා....හැබැයි මෙහෙමයි උදෙන්ම දොර ලග උන්නු නිසාද කොහෙද රශේන් අයියා ඇහුවා නිවාඩු දවසටවත් නිදාගන්නැද්ද කියලා.......මම හිතන්නෙ එහෙම ඇහුවෙ එයාගෙ නින්ද කැඩුන හන්දාවෙන්න ඇති......ඒත් ඉතින් එහෙම පුලුවන්ද මං අහන්නෙ

නිදාගන්න නම් කොයිවෙලේ බැයිද ඒ වගේද ලව්කරන එක......අවුරුදු ගානක් තිස්සෙ අපිට මග ඇරුනු දේවල් කවර් කරගන්න ඕන නැද්ද......කොහමත් මම අද ආවෙම එයා බෑ කිව්වත් බලෙන් ඇදගෙන හරි හතරවටේ රවුම්ගහන්න යන්න.....ඒත් ඉතින් එයාට වැඩ තියනවා කියලා දවල්වෙලා යමු කිව්වා......අන්තිමට ඇද උඩ ඉදන් පැත්තක් අල්ලන් මම ගේම් ගහන්න ගන්නකොට අයියා ලැප් එකට මූන ඔබාගත්තා

මම බලන් උන්නෙ සෝෆා එකේ ඉදන් වැඩකරන එයා දිහා......කන්නාඩි කුට්ටම ඒ පරිණත මූනට වැටුනහම පට්ට ලස්සනයි.....ඉදහිටක තියන සුදු කෙස් ගහක් දෙකක් ඇරුනහම ඒ රූපෙ වයසට ගියබව කියන්න සාක්ෂි නැතිම තරම්.......මිනිස්සු වයසට ගියාට ආදරේ වයසට යන්නෙ නෑ කියන එක මට කියලා දුන්නෙ එයා.......ආදරේ කියන්නෙ හරියටම මොකක්ද කියලා මට කියලා දුන්නෙ එයා......ඒ ඇවිත් හුදෙක්ම අකුරු තුනකට සීමානොවී ඊටවඩා එහා දෙයක් තියනවා කියලා කියලා දුන්නෙත් එයා

මට තාම හිතාගන්න බෑ ඒ මනුස්ස ප්‍රානියා වේදනාව කියන එක ලිමිට් එක පන්නලත් දරාගත්තු විදිය.......මනුස්සයෙක්ට පුලුවන්ද හමුවීමක් නැතුවම ඔහොම ආදරේ කරන්න? ඒකත් බලාපොරොත්තුවක් නැතිවම.......සීමා විරහිත ආදරයක්......එහෙව් මනුස්සයො ඇත්තටම හරි අඩුයි......එහෙම කෙනෙක් ඔයාගෙ ජීවිතේ ඇතුලෙත් ඉන්නවනම් මම නම් කියන්නෙ පරිස්සම් කරගන්න.......මොකද එහෙව් බැදීම් හැමෝටම හම්බෙන්නෙ නැති නිසා......ඒ තරමටම දුර්ලභ නිසා

" මම ගිහින් බොන්න මොනවහරි හදන් එන්නද......උදේට ඔය මොනවහරි කන්න හදන්නම් "

" ඕන නෑ ශෙවින් කරදරවෙන්න එපා.......ඕඩර් එකක් දාමු "

" එහෙම මොකටද අයියෙ කරන්නෙ......ඇයි ඔයාට මම හදන ඒවා කන්න බැරිද ? බෑ නම් ඉතින් කෙලින් කියන්න වටේ නොයා "

මම කලේ රශේන් අයියට රවපු එක......එක පාරටම උනේ මොකක්ද කියලා බලන්නද කොහෙද රශේන් අයියා ලැප් එකෙන් ඔලුව උස්සනකොට මම ආයම වතාවක් එයාට රැව්වා.......සමහර දේවල්වලට හේතු සාධක ඇත්තෙම නෑ.......නොකිව්වට මොකද මට ඕන උනේ එවෙලෙ එයාගෙ අවධානෙ ටිකක්හරි මට ගන්න......එයා එක්ක හුරතල්වෙන්න.......ඔව් ඇත්ත කොල්ලො හුරතල්වෙන්නෑ......ඒත් කොහෙවත් කියලා නෑ කොල්ලොන්ට හුරතල්වෙන්න තහනම්ය කියලා......දැනුන කෙනා ලග ඔය මොන කෙනා උනත් හුරතල්වෙනවා......අපි ආසයි අපි ආදරේ කරන කෙනා ලග එක මොහොතකට හරි එහෙම හුතරල්වෙන්න......ඒ පපු කදන්වලට ඔලුව ගහගෙන මුලු ලෝකයක් අමතකකරලා සැනසෙන්න

" දැන් කවුද එහෙම කිව්වෙ ළමයො.......මම කිව්වෙ බොරුවට මහන්සිවෙන්න එපා කියලා.......ඕනනම් හදන්න......මට ප්‍රශ්නයක් නෑ "

" අන්න එහෙම එන්න "

රශේන් අයියට එහෙම කියපු මම ඇදෙන් බැහැලා කුස්සියට ආවා......වතුර එක හීටර් එකට ගහලා කබඩ් හැම එකක්ම ඇරලා බැලුවෙ කන්න තරම් දෙයක් තියනවද කියල.......බත් නම් දැන් කන්න බෑ වෙන මොනවහරි හදනවා........අන්තිමට නූඩ්ල්ස් හදලා ඒක පේලේට් දෙකකට දැම්මෙ එකක් උඩින් බැදපු බිත්රේකුත් දාලා......මොකද මම එහෙමට බිත්තර කන්නෑ ඒකමයි හදනකොට උනත් බිත්තර වෙනුවට සොසේජස් කරල් පහ හයක් කපලා දැම්මෙ.......සොසේජස් කෑල්ලකුත් කටේ දාගත්තු මම පේලේට් දෙක මේසෙ උඩින් තියලා හදපු මයිලෝ කෝප්ප දෙකත් ඒ ලගින්ම තියලා උඩට ආවෙ අයියා කෝ බලන්න

දොර ඇරන් ඇතුලට යන්න ගියපු මම එතනම නැවතුනා.......මම කටත් ඇරන් බලන් උන්නෙ ඒත් එක්කම බාත්රූම් එකේ ඉදන් නාගෙන ආපු රශේන් අයියා දිහා.......හම්මට_ මෙව්වනෙ යකෝ..ව් බොඩි........හතලිස් ගානක් කියලා නෑ පට්ටම ලස්සන ඇගක් අයියට තිබුනෙ.......සුදු පාට තුවායක් විතරක් තිබුන ඒ ඇගේ වී ශේප් එක කැපිලා පේනකොට අර විසල් අත්වල නහර වැල් ඉලිප්පිලා තිබුනා

මාව දැක්කත් නොදැක්කා වගේ රශේන් අයියා ගිහින් අල්මාරිය ලග නැවතෙනකොට මම ගිහින් එයා ලග හිටගත්තා........කලු ට්‍රවුසර් එක ඇදගත්තු අයියා මගෙ උරහිසක ඒ තුවාය රදෝනකොට මම බලන් උන්නා.....

" අයියෙ "

" ම්ම්ම්ම්....."

මම කතා කරනකොට එයා කලේ හිමිට තියපු එක........මම හෙමිහිට ඒ පස්සට පොඩි තට්ටුවක් දැම්මා......ඒත් එක්කම පිටිපස්ස හැරුන රශේන් අයියා මට රවනකොට මම හිනාඋනා

" මරු කද ආ...හ් "

" ශෙවින් !  "

" කෑගහන්න එපා අයියෙ අහල පහල මිනිස්සුන්ට ඇහෙයි........කන්න එන්නකො"

කොහමහරි අන්තිමට එයාවත් ඇදගෙන පහලට ආපු මම කෑම මේසෙ මේසෙ පුටුවක් ඇදලා වාඩි උනා......ගෙදරදිනම් මම මෙහෙම මේසයක් ලග වාඩි වෙන්නෑ ඒත් රශේන් අයියා එහෙම නැතිකොට මමත් ඉතින් සංවරව කන්න පටන් ගත්තා.......මගෙ ඇස් ගිහින් නැවතුනේ මම හදපුවා කන එයා ලග......කෝප්පෙ අඩියටවෙන්න හිස්වෙලා තිබුන මයිලෝ උගුරු දෙක තුනත් හිස්කරාපු මම එයා දිහාම බලන් උන්නා

" කෝ දෙන්න මම හෝදන්නම් "

" ඕන නෑ ශෙවී මම හෝදන්නම්කො ම්ම්ම්.......ගිහින් යන්න ලෑස්තිවෙන්න "

මගෙ පිගානත් අතටගත්තු අයියා ඒවා හෝදන්නගන්නකොට එයා දිහා ටිකවෙලාවක් බලන් උන්නු මම පඩිපෙල නැගලා ආයම වතාවක් එයාගෙ කාමරේට ආවා......එයාගෙම සෙන්ට් එක ගහගත්තු මම කන්නාඩියෙන් පේන මගේම රූපෙ දිහා බලන් හිනා උනා.......අපි හැමෝම ආසයි තමන් ආදරේ කරන මනුස්සයගෙ සුවද අපි ලගින් වහනයවෙනවට

" මගෙ කෑම රසද ම්ම්ම් "

රශේන් අයියගෙ පිටිපස්සෙන් ඒ මූනට ඉස්සුන මම අහනකොට මගෙ ඉනවටේ අතක් යවපු එයා කලේ ඒ විසල් පපුවට අස්සට මාව තෙරපගත්තු එක.......ඒ මූන මගෙ බෙල්ල කොනක අතුල්ලනකොට මම ඒ කොන්ඩ ගස් අස්සෙන් මගෙ ඇගිලි යැව්වා

" රසයි..........අම්මලා දෙන්නගෙම අත්ගුණේ මගෙ මැණිකට ඇවිත් තියනවා.......ඇත්තටම රහයි ශෙවී "

*

*

*

" ඇතුලටවෙලා ඉන්න මම මේ ෆයිල් එක දීලා එන්නම් "

කාර් එකේ පිටිපස්සෙ ශීට් එකේ තිබුන කලු ඌයි එක ගත්තු අයියා කැම්පස් එක ඇතුලට යනකොට එයා යනකන් උන්නු මම එලියට බැස්සා......ඒත් එක්කම මගෙ ඇස් ඉස්සරහ ගෑනු රූපයක් ඇවිත් නැවතෙනකොට මම කලේ එයා දිහා බලන් හිනාඋන එක......ඒක ඇවිත් සම්මච්චල් හිනාවක් නෙවෙයි.....මොකද මම එවෙලෙ හිනා උනේ ඇත්තටමයි......කාටවත් එහෙම සම්මච්චලේට හිනාවෙන්න තරම් මට උවමනාවක් නෑ

" ඔයා දින්නා කියලා හිතනවද "

" නෑ මම එහෙම හිතන්නෑ.......ඇයි ඔයාට පැරදුනා වගේ හැගීමක් දැනෙනවද "

නක්කලේට වගේ මම හිනාවෙනකොට මම බලන් ඒ මූන කේන්තියටම රතුවෙනවා

" ශෙවින් !!!"

" මිස් අකේශි මේ කැම්පස් එකක්.......කැම්පස් එකේම ලෙක්චර් කෙනෙක් උන ඔයා මෙහෙම කෑගහනකොට ඒක ඔයාටම හරි නෑ නේද"

මම ඉස්සරහ උන්නු අකේශි මිස්ගෙන් අහනකොට එයා අඩියක් දෙකක් ඉස්සරහට ආවත් මොකද මම එහෙම්මම උන්නා......මොකද පිටිපස්සට යන්න තරම් මට උවමනාවක් තිබුනෙ නැති හන්දා......එදා පිටිපස්සට ගියාට අද එහෙම නැති හන්දා

" තමුසෙට ලැජ්ජ නැද්ද? තමන්ටත් වඩා අවුරුදු ගානක් වැඩිමල් උනු මනුස්සයෙක් එක්ක මගුල් නටන්න........ඒකත් කොල්ලො කොල්ලො ? මොන විකාරයක්ද"

අකේශි මිස් අහද්දි මම කලේ මුකුත්ම නොකියා අතකින් කොන්ඩෙ පස්සට කරපු එක

" ලැජ්ජ නැද්ද ඇහුවනෙ නෑ ලැජ්ජ නෑ.......ඇරත් මම මොකට ලැජ්ජ වෙන්නද මිස් අකේශි ඒ මම ආදරේ කරන මනුස්සයා වෙච්චිකොට......ආදරේ ඇතුලෙදි වසයනම් බලපාන්නෑ........කොල්ලො කොල්ලො අහන්නෙ ඇයි උන්ට ආදරේ කරන්න බැරිද.......ආදරේ කියන්නෙ ආදරේ මිසක් එතනට ජෙන්ඩර් එකක් බලපාන්නෑ මිස් අකේශි........ඔයා අයින්වෙන්න මොකද එයාගෙ ආදරේ ඕනනම් මම නැති අවුරුදු ගානක්ම ඔයාට තිබ්බනෙ......එකම වරද දෙපාරක්වෙන්නෑ "

එහෙම කියපු මම එන්න ආවත් මොකද ආයම හැරිලා මිස් අකේශි දිහා බැලුවා

" මගෙ පස්සෙන් වාහන එව්වට වැඩක් නෑ මම බයවෙන්නෑ........එදා මම පැත්තකට උනානෙ ආය එහෙම නෑ.........ඒ මගේ ආදරේ........සොරි මේ පාරනම් මම අත අරින්නෑ.......මැරෙන්න වැටිලා හිටියත් අත අරින්නෙ නම් නෑ "

අපි උන්නෙ මුහුදු වෙරළ අයිනෙ.....හරියට ඒ දවස්වල වගේම.......වෙනසක් නෑ අදත් මුහුදු රැලි ඇවිත් ඇවිත් වැල්ලේ වදිනකොට මම බලන් උන්නා......මෝල්ට් පාට අව්රැල්ල හැම බිම් අගලක් නෑරම අරක් ගන්නකොට මෙච්චර වෙලාවක්ම අහස එක්ක ආලකම්පාපු ඉර හීනි වලාකුල් ලස්සනට පාට කරනගමන් බැහැගෙන යනගමන් තිබුනා.....

ඒත් එක්කම මගෙ පැත්තට ඉස්සො වඩේ මල්ලක් දික්වෙනකොට රශේන් අයියගෙ අතට හාදුවක් තියාපු මම ඒ හිමියනය උන පපු කදට ඔලුව ගහගත්තා.......ඒ හදවත් රිද්මය සාමාන්‍ය සංස්කෘතියෙන් පිට පැනලා ගැහෙන හැටි මට ඇහුනා......රශේන් අයියා මගෙ ඔලුවට හාදුවක් තියනකොට ඉස්සො වඩෙන් කෑල්ලක් කඩාගත්තු මම ඒ කටට ඉතුරු කෑල්ල ලංකලා

මට ඉදුරාම කියන්න පුලුවන් මේ ගෙවෙන්නෙ ප්‍රේමණීයම දවස් වල ! ඇත්තටම මේ ඇවිත් මම මායාකාර මනුස්සයෙක් එක්ක ගෙවන්න නියමිත මල් පිපෙන වස්සාන ඍතුවක්.......මල් ඔටුනු හැදෙන මීමැස්සො පවා ඔපෙරා කියන වින්ටේජීය කාර්තුවක්........පුරාවෘතයක් නොවුනත් මොකද මේකත් ඇවිත් හරි අපූරුව ආදර අන්දරයක්

තව කල්ප ලක්ශයක් එකට යන්න පෙරුම් පුරාපු ආදරයක්....

" දන්නවද මගෙ මැණික කාලෙකට පස්සෙ ඔයා මෙහෙම මගෙ පපුව අස්සෙ රිංගලා ඉන්නකොට පුදුම තරම් සැනසීමක් දැනෙනවා........වචනෙන් විස්තරකරලා කියන්න බැරි තරමටම මගෙ පපුවට හරි සැනසීමයි ශෙවින්........එදා විද්ව ඈත් කරගත්තට මේ අවුරුදු ගානටම මම මටම සාප තිබ්බා........ඒ මොක උනත් අද ඔයා මගෙ ලග කියලා දැනෙනකොට කියාගන්න බැරිතරම් හැගීම් කෝටි ගානක්ම මගෙ පපුව අරක් ගන්නවා......කාලෙකට කලින් අමාරුවෙන් පණ ඇදපු හදවත දැන් ආයම ගැසෙන හැටි මටම දැනෙනවා මැණික..........හැමවෙලාවකම නොකිව්වත් මම ආදරෙයි මගෙ වස්තු "

රශේන් අයියා බෙල්ල පිටිපස්සට හාදු තිය තිය කියනකොට එයාගෙ පැත්ත හැරුණ මම ඒ මූන ගාවට ඉස්සුනා......ඒත් එක්කම ආපු මුහුදු රැල්ලකට මාව බැලන්ස් නැතුව ඒ පපුවටම කඩන් වැටෙනකොට අයියා කලේ මාව හරහට උස්සගත්තු එක.......ඒ නලල කොනක ප්‍රේමණීය හාදුවක් තවරාපු මම ඒ තොල් වලට මගෙ තොල් ගෑවෙන නොගෑවෙන ගානට ලංකලේ බෙල්ල පිටිපස්සෙන් අතක් තියනගමන්

" මං කිව්වනෙ ඔයාට මේ සංසාරෙන් එතරවෙන්න ඕන දවසක් එනකම්ම මම පස්සෙන් එනවා.......අහස පෙන්නලා එච්චරක් ආදරෙයි කියලානම් කියන්නෑ ඒත් මේ පපුවට දරන්න බැරිතරමටම මම ආදරෙයි අයියෙ.........ආය නම් ආසාවටවත් අත අරින්නෑ........යන්න කියලා කිව්වත් බයවෙන්න එපා මම දාලා යන්නෑ........ආදරෙයි ! එච්චරයි "

මාව බිම තියාපු රශේන් අයියා මගෙ දිහා බලාගෙනම අඩි දෙක තුනක් පස්සට ගිහින් වැල්ලේ දනගහනකොට මම බලන් උන්නා.......ඒ අතක මුද්දක් හිරවෙලා තියනකොට අර වලව්කාර ඇස් මගෙ ඇස් අස්සෙ නැවතුනා........එයා හිනාවෙනවා........එවෙලෙ එයා හරි ලස්සනට හිනා උනා

" ශෙවින්......"

" අයියෙ......"

" එහෙනම් සංසාරයක් එකට යමුද "

" අනිවාර්යයෙන්ම........දරාගන්න හරි මට ඔයාව ඕන ! "

ඊලග සංසාරෙත් මේ වගේම මගෙ ලගට එන්න....

මට ඕන මැද්දෙදි අපෙ පෙම් ජාතකේ අලුත් කරන්න

සාරා සංඛ කල්ප ලක්ශයක් පිටු ඇති ඕන තරම් කියලා බලන්න.....

ගැලපෙන තැන මගේ ඔයයි,

පුලුවන්ද අපිට ආපහු හැරෙන්න.....

පතන ආත්මයක් ගානෙම මගේ රත්තරන්,

අනේ ඔයා මගේම වෙන්න......!!

( Copied)

දුක්ශකර කාලවලදී අප දරාසිටි ප්‍රේමණීය මිනිසුනි වසන්තයේ පවා අත නොහැර සිටියාට ' ස්තූතියි '........!

සමාප්තයි !!!

🌼 ඉතින් කොහමද කතාව ? මම දන්නෑ කොච්චර දුරට මේ කතාව ඇතුලෙදි මම සාර්ථකද කියලා......ඒත් මම මගෙ පුලුවන් උපරිමේටම කලා.........මම හැමදාම කියනවා වගේ අදත් කියනවා අඩුපාඩු තිබුනොත් කියන්න මම මට පුලුවන් විදියට ඒවා හදාගන්නම්..........ඇත්තටම මගෙ කතාවලට මහ ලොකුවට කමෙන්ට් වැටෙන්නෑ........මම ඒ ගැන හිතන්නෙත් නෑ ඒත් සමහර තැන්වලදි මට හිතුනා මම ආසාර්ථකද කියලත්.......ඒත් කමක් නෑ කියලා මට පුලුවන් උපරිමේටම ලිව්වා ලියනවා.........මේ කතාවෙ උනත් සමහර චැප්ටර්ස් ඇති  මුලු කොටස පුරාවටම කමෙන්ට් එකක්.........දෙකක් විතරක් වැටුන........සමහරවෙලාවට ඒ කොටසටම එකම එක කමෙන්ට් එකයි

සමහරවිට එතන ඇත්තෙ මගෙ වැරැද්ද.......කොහමහරි ඔයාලා හැමෝටම හුගක් ස්තූතියි මගෙ කතාව වෙනුවෙන් මෙච්චර කල් එකතුවෙලා උන්නට.......වෝට් එකක් දුන්නට.......කමෙන්ට් එකක් දුන්නට......කතාව කියෙව්වට........පුලුවන් නම් මේ කතාව කොහමද දැනුනෙ වග අදහසක් තියලා යන්න....

ආයම වතාවක් ඔය හැමෝටම ස්තූතියි මහ හුගක් 😘❤️😩😩😩

ආදරෙයි...........🤍

ඔලී~🌼

Share This Chapter