Back
/ 47
Chapter 45

🌼 Chapter 44 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

යකෝ මම උබට ආදරේ කලේ මැරීගෙන !"

එකම එක මොහොතකට..........ඔව් එකම එක මොහොතකට මම ගල් ගැහුනා........ඇහුන දේ අදහගන්න බැරි තැන මම ශොක්වෙලා බලන් උන්නෙ මගෙ ඉස්සරහ උන්නු එයා දිහා.......මට ඇහුන දේමද එයා කිව්වෙ........ඇත්තටම එහෙම කිව්වද........මටත් හොරාට මම අඩි දෙක තුනක් පස්සට ගියා........මම තාම උන්නෙ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඇහුන දේ මොලේට ප්‍රොසෙස් කරගන්නගමන්......

කොහමද මම මට දැනෙන දේ විස්තර කරන්න ඕන ? කොහමද.........ඒකවත් මට තේරෙන්නෑ.........මම කොහෙත්ම බලාපොරොත්තු නොවුන දෙයක් එයාගෙ කටින් පිටවෙනකොට පුදුමවෙන එක අහන්නත් දෙයක්ද......මුලු ලෝකයක් ඒ ඇස් ඉස්සරහ තප්පර ගානකට නවතිනකොට මම කලේ වේගෙන් හුස්ම ගත්තු එක........හදවතට හිටි හැටියෙ අධි බැලැති ධාරවන් සැපයෙනකොට දරන්න හරි අමාරුයි........මෙවෙලෙට ඔය ලෝක සම්මුති විපර්යාස මුකුත් බලපාන්නෑ.......එයා මම විතරක් තනි උන පාරක මුලු ලෝකයක් නිහඩවෙනකොට මට තේරෙන්නෑ

ඇත්ත මෙතන අසාධාරණ එයාද ? මමද ? නැත්නම් ඔය කියන දෛවයද?

හැමදාම පැහැදිලිව තිබුන ඒ ඇස්වල බැල්ම මෘදුවෙනකොට එක්කො මට හිතන්න තිබුනා........ඒත් මම බය උනා මේ පාරත් කලින් පාර වගේම මට වැරදේවි කියලා........වේගෙන් ගැහෙන පපුවට අතක් තියාන මම බැලුවෙ මගෙ ඉස්සරහ උන්නු එයා දිහා.........මෙච්චර වෙලාවක්ම කේන්තියෙන් තිබුන ඒ බැල්මෙ බලන් ඉද්දි හැගීම් පිරෙන්න ගන්නකොට මම ඔලුව දෙපැත්තට වැනුවා........වේගෙන් එක දිගට ඇස් පිල්ලම් දෙක තුනක් ගහපු මම කලේ එලියට වැටෙන්න නියමිතව තිබුන කදුලු කැට බලෙන්ම ඇස් අස්සට ඔබාපු එක.........මගෙ ඉස්සරහ උන්නු  අලු ඇස් අයිතාරයා දිහා මම එහෙම්මම ඇස් උස්සලා බැලුවා

" ආයම කියන්න "

" ශෙවින් "

" ආයම කියන්න අයියෙ........මම කිව්වෙ කලින් කියපු දේ ආයම වතාවක් මට ඇහෙන්න කියන්න "

" මම ආදරෙයි ! "

ඒක ඇවිත් ඉතා සියුම් මිමිණුමක්........කනටවත් ඇහෙන්නෙ නැතිවෙන්න රශේන් අයියා එහෙම කිව්වත් මොකද එවෙලෙ මට ඒක ඕනවටත් වඩා හොදට ඇහුනා........' මම ආදරෙයි ! ' එතන තිබුනෙ වචන දෙකක් විතරක් උනත් මොකද හතවදට රුධිර කේශ නාලිකා වලින් ලේ පොම්පකරන වේගය වැඩි කරන්න ඒ වචන වලට පුලුවන් වෙච්චකොට සමහර වචන කියාගන්න ඕන උනත් පුලුවන්කමක් තිබුනෙ නෑ

එයාව දැකපු මුල්ම දවසෙ ඉදන් මේ වෙන තුරාවට වෙච්ච කෙරිච්ච හැමදේම එකපිට එක රිපීට්වෙන්න ගන්නකොට මම බලන් උන්නෙ එයාගෙම අතකින් කොන්ඩෙ අවුල් කරගන්න රශේන් අයියා දිහා........අවුරුදු ගානක්...........අවුරුදු ගානක්ම මම අහන්නෙ කොහමද...........ඇත්තටම කොහමද බලාපොරොත්තුවක සේයාවක්වත් නැතුව වස්සාන ඍතුවක් එනකන් මග බලන් ඉන්නෙ........ඒ අලු ඇස් කීවෙනි වතාවටදෝ මංදා මගෙ ලගට ඇවිත් නතරවෙනකොට මගේම අත මට මිට මෙලවෙලා ගියා.......කෙලින්ම මගෙ ඇස් ඒ ඇස් අස්සෙ නතරවෙනකොට මම කතා කරන්න ගත්තා

" මම බෑ කිව්වොත් "

"................"

" මම ඔයාට බෑ කිව්වොත් ? එතකොට ඔයා මොකක්ද කරන්නෙ අයියෙ.........මට ඕන නෑ කිව්වොත් "

මම ඒ ඇස් දිහාම බලන් අහනකොට තප්පරයක්...........දෙකක්..............තුනක් බලන් උන්නු රශේන් අයියා ඇහි පිල්ලම් දෙකක් ගහන පමාවට මගෙ මූන ලගට පාත් උනේ ඔලුවෙන් අත තියනගමන්........ඒ මහපට ඇගිල්ල මගෙ කම්මුලක් උඩ දැනෙන නොදැනෙන ගානට එහාමෙහා යද්දි අයි කන්ටැක් එක කඩන් නැතුවම හරියටම මගෙ ඇස් ඉස්සරහ තිබුන ඇස් දිහා බැලුවා........ඒවා දිලිසෙනවා........ඒ වලව්කාර ඇස් රෑ අහසෙ තරු වගේම හරි ලස්සනට දිලිසෙන හැටි මම බලාන.........මිලි  තප්පර ගානකට පස්සෙ ඒ මූනෙ ආඩම්බරකාර හිනාවක් ඇදුනා

ඒ ඇවිත් අත්තික්කා තරු හිනාවක්.........හැමනිතරෝම නොපෙනුනත් ඉදහිටක ඒ ඇස් අස්සෙ වල්ගා තරු මන්දාකිනි හිරවෙනවා කියන්නෙම ඔව්වා ඇවිත් දුර්ලභ මොහතවල්.........කටින් නොකියන දාහකුත් කතා ඒ ඇස් අස්සෙ හිරවෙලා තියනකොට මම දන්නවා අවසානයට එයා පිටදාන්නෙ අර දාහකුත් කතාවලින් බොහොම පොඩි ප්‍රමාණයක් බව

" ඒත් මම ඔයාට ආදරෙයි ශෙවින්.........ඔයා මට ආදරේ නෑ කියලා මොන විදියට කිව්වත් මම ආදරෙයි..........ඒක ඔයාට හිතාගන්නවත් බෑ.........අඩුම මට පැහැදිලි කරන්න නිර්වචනයක්වත් නෑ...........කොහමත් ඔයා නැතුව ඔයාට අවුරුදු ගානක් ආදරේ කරපු මට ඉතුරු ටිකත් තනියම ආදරේ බැරිකමක් නෑ මගෙ දරුවො........ඔයා කැමති තැනක නවතින්න ශෙවින් හැබැයි එතන ඔයාට නොරිදෙනවනම් විතරක් ම්ම්ම්..........එදා ඔය ඇස් ඉස්සරහට අහු උන තරුණ රූපෙ නෙවෙයි දැන් මට තියෙන්නෙ...........මට ආදරේ කරන්න කියලා දුන්න ඔයාට මම ආදරෙයි මහ හුගක් වස්තු "

"..................."

" වැටුන තැනක ලස්සනට පිපියන් රිදුණු තැන් අමතකවෙන්නම "

මගෙ ඇස් දිහාම බලන් එහෙම මුමුණපු රශේන් අයියා ඔලුව අතගාලා පිටිපස්ස හැරුණා.......මම තාමත් උන්නෙ මට පිටුපාලා යන එයා දිහා බලන්........මනුස්සයෙක්ට පුලුවන්ද ආදරේ කප්පරක් තරමට පපු දාතුව අස්සෙ හංගගෙන නොලැබීමක් නැතුවම ආදරේ කරන්න ? ඒකත් හිතේ කිසි කහටක් නැතුවම..........මට නැත්නම් වෙන කාටවත් නෑ කියන සමාජයක් ඉස්සරහ නොලැබුනාට කමක් නෑ කියලා හිතලා ආදරේ කරන්න..........ඇත්තටම මනුස්සයෙක්ට පුලුවන්ද එහෙම

උන් තමයි වචනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ' ප්‍රේමණීය මිනිස්සු ' !

බලාපොරොත්තුවක සේයාවක්වත් නැතුව හිනාවක් විතරක් තම ප්‍රියතම ආත්මෙට දීලා ඔහොම සමුගන්න මම නම් කියන්නෙ හැමෝටම බෑ.......අඩුම මම මෙච්චර කල් උබ වෙනුවෙන් බලන් උන්නා මගෙ මුලු කාලෙම ඔහේ දිය උනා කියලා වචනෙකින්වත් නොබැනපු තැන අද දවසේ  දෙවනි පාරටත් මම පුදුම උනා.........තප්පර ගානක් ගෙවෙන්න ඇති රශේන් අයියා ඈතට යනකොට මම කලේ දුවලා ගිහින් පිටිපස්සෙන් එයාව බදාගත්තු එක........එයා ලග සුවදයි..........මම ඉස්සර ඉදන් ආස කරපු ලක්සරි වැනිලා සුවද.........හොද හුස්මක් ඉහලට ඇද්ද මම ඒ සුවදින් පපු කුහර පුරෝගත්තා

මම බදාගත්තු පාර එක තැන නැවතුන එයා ගැස්සෙන විදිය මට දැනෙනකොට මගෙ මූනෙ මටත් හොරාවට හරි අපූරුවට හිනාවක් ඇදුනා........මම කොහමද මේ ප්‍රේමණීය මනුස්ස ආත්මෙ අත අරින්නෙ එහෙම..........මේ ඇවිත් මගෙ අතිශය ප්‍රථම ප්‍රේමය! ඒ වගේම අවසානතම ආදරය........පලවෙනි අවස්ථාව මග ඇරුනත් දෙවනි අවස්ථාව මග අරින්න තරම් මෝඩයෙක් නෙවෙයි මම.........කොහමත් කල්ප දවාලක් පෙරුම් පුරලා ඒ හද මට අත අරින්න කොහෙත්ම බෑ.............ලෝකෙට අසම්මත උනාට කමක් නෑ මේ ආදරේ මේ මනුස්ස ආත්මෙ මට හැමදාටම සම්මතයි

" ශ්....ශෙවින් "

" ශෙවින් තමයි........කොහමද ඔහොම මුකුත් උන්නෑ වගේ අත ඇරලා යන්නෙ.........අඩුම උත්තරේවත් අහන්නැතුව..........වෙස්සන්තර වෙන්න එපා අයියෙ........තමන්ගෙ ආදරේ වෙන කෙනෙක්ට දෙනවද ඔහොම "

ඒ පිටේ මුණ තියාගෙනම මම අහනකොට ටිකක්වෙලා එහෙම උන්නු රශේන් අයියා මගෙ පැත්ත හැරුනා........මම ආයම එයාව බදාගෙන ඒ පපු මැද්දෑවෙ මූන තිබ්බා

" ඇයි බැරි..........ඔයාට පුලුවන් උනානම් මට බැරි නෑනෙ මල්ලි.........හැබැයි බැරිවෙලාහරි මගෙ උනොත් වෙස්සන්තර වෙයි කියලා හිතනවද මම ? කොහෙත්ම නෑ..........මුකුත් උන්නෑ වගේ ආවෙ නෑ ශෙවින් උත්තරයක් නැති තැන මම ආවෙ........"

" හෙන ගහන්නා වගේ ආදරේ කිව්වහම මොලේට ප්‍රොසෙස් කරගන්නෙ කොහමද කියන්නකො "

ඇස් උස්සනගමන් මම රශේන් අයියගෙන් එහෙම අහනකොට මගෙ දිහා බලන් උන්නු එයා මගෙ උසට නැමුනෙ ඒ විසල් අත් මගෙ මූණ දෙපැත්තටවෙන්න නතරවෙනකොට.........ආසාවටවත් පාලු පාරෙ බල්ලෙක්වත් නැති තැන මම අර අධි අනාරක්ෂිත කලාපෙට ඕනකමින් ඇතුලු උනා........මගෙ ගානටම පහත්වෙලා උන්නු රශේන් අයියා මූනට හුස්ම පොදක් පිම්බා

" එහෙනම් දැන් කියන්නකො මොකක්ද උත්තරේ ම්ම්ම් "

"  ආදරෙයි ! මම ආදරෙයි අයියෙ ! මේ ආත්මෙ විතරක් නෙවෙයි ඊලගට එන්න තියන හැම ආත්මෙකත්..........අපිට පුලුවන් සංසාරෙ කොතනකහරි නිවනක් හම්බෙන තුරාවට එකට අත් අල්ලගෙන යන්න........එහෙව් දවසක ඔයාට නිවෙන්න දීලා මම පැත්තකට වෙන්නම් "

" තමුසෙ හරි පණ්ඩිතයි මල්ලි "

මගෙ නහයට ඒ ඇගිල්ලකින් තට්ටුවක් දාපු රශේන් අයියා හිතන්නවත් වෙලාවක් නොදී එක පාරටම මාව උස්සගෙන මහ රෑ පාලු පාරක් මැද කැරකුණා.........අපි එවෙලෙ මහ හයියෙන් හිනා උනා........මොකද ඒ ඇවිත් වේදනාත්මක පරිච්ජේදයකට පස්සෙ පටන්ගන්න නියමිත වස්සානයක් හන්දා

අන්තිමට මම දැනගත්තා තරු උනත් හැමදාම පන ඇද ඇද හුස්ම අල්ලන්නෙ නැතිවග........ඒවත් දවසක හිනාවෙනවා

ඇත්ත මට ඕන අල්ලගත්තු මේ අත තදකරලම බදාගන්න..........තව කල්ප කාලාන්තරයක්ම මේ ආදරණීය මනුස්ස ප්‍රානියා එක්ක හුස්මගන්න........අර වලව්කාර ඇස් අස්සට එබිලා හිතේ හැටියට ගනන්හදන්න........මේ ගෙවෙන්නෙ වින්ටේජීය මතක දාස් ගණනින් පිරුණු අධිමාත්‍රික මොහතවල්.......එක තැන ස්කිප්කරලා දාන්න ඕන මිනිත්තු........මම ඉදුරාම කියනවා අර වලව්කාර ඇස් ඉස්සරහ ඔය මොන බ්‍රෑන්ඩඩ් විස්කිය උනත් පරාදයි

ඇගේ දැවටෙන හීතල හුළං පාර උනත් බැලේ ඩාන්ස් නටන මොහොතක එදා වගේම අදත් හදවත සාමාන්‍ය සංස්කෘතියෙන් පිට පැන්නා

" මට හරි සතුටුයි මල්ලි.........මම හිතුවෙම නෑ ඕයි තමුසෙ මට හම්බෙයි කියලා........ඉස්සර වගේ නෙවෙයි දැන් හීනෙන් නැතුව යථාර්ථයක් ඇතුලෙ මට ඔයාව මගේ කරගන්න පුලුවන් "

" ඒ කියන්නෙ ඔයාගෙ හීන අස්සෙත් මම උන්නද "

ඒ මූන ලගට ඉස්සිලා අත් දෙක පිටිපස්සට බැදගෙන මම අහනකොට රශේන් අයියා හරි ලස්සනට හිනාවෙනවා මම බලාන

" ම්ම්ම්........හැම රෑකම හීන වලදි ඔයා උන්නා ශෙවින්..........මම විද්ව දැක්කෙ එහෙම........ඔයාව හීනෙන් දැකපු හැම දවසකම මට නැගිටගන්න ලෝබයි වෙන මොකවත් හන්දා නෙවෙයි ඇස් අරිනකොට  ඔය රූපෙ නැති හන්දා "

" ඒකට කමක් නෑ අද ඉදන් හැමදාකම මම ඔය ඇස් මානෙන් ඉන්නම් "

මම එහෙම කිව්වෙ ඒ පපු මැද හාදුවක් තවරලා.........අපි ආදරේ කරන කෙනාගෙ ආදරේ ආයම අපිට අනිත් පැත්තට ලැබෙද්දී මම නම් කියන්නෙ මනුස්සයෙක්ට දරන්න අමාරුයි.......පපු අස්සට උරාගන්න හුස්ම පොදේ පවා ආදරය අන්තර්ගතවෙලා තියෙනකොට ඒවා කර්නිකා කෝශිකා බිත්තිවල තැවරෙද්දි දරන්න හරි අමාරුයි.........බඩ ඇතුලෙ සමනල්ලු පියාබනවා කෙසේවෙතත් හදවත් ප්‍රේමයෙන් පිරිලා යනකොට දැනෙන හැගීම මම හරි ලස්සනට වින්දා

අන්තිමට ආදරේ හරි ලස්සනයි කියලා මම දැනගත්තා........ඇත්ත ආදරේ හරි ලස්සනයි ගැලපෙනම කෙනා ජීවිත වලට මුන ගැහුනහම

" සත්තයි ශෙවින් උබව පපුව අස්සෙ තියන් රකිනවා මගෙ මැණික "

මගෙ ඇස් මටත් හොරාවට පියවෙලා ගියෙ  ඒ තොල් මගෙ නලල කොනක නවතිනකොට.........ඔය දුන්නෙ තව සංසාරයක් එකට පියමන් කරන්න පුළුවන් හාදුවක් ! මනුස්සයෙක්ට දරන්න බැරිම තැන ආදරේ උච්චතම අවස්ථාවෙ තියාපු බරසාර හාදුවක්.........ඇත්තටම අපි මේ උන්නෙ මහ පාරක් මැද නේද කියන එකත් එක මොහොතකට අපිටම අමතකවෙලා ගියපු අවස්ථාවක් ඒක

ඉතින් අන්තිමට මම දැනගත්තා අප්පච්චිගෙන් පස්සෙ මට අධි ආරක්ෂිත පපුවක උණුහුමක් තිබෙන බව..........කොහමත් ග්ලැසියර පපු දාතු ආදරේ දෙන්න ගත්තහම හරි ලස්සනයි........අදින් පස්සෙ එන්නෙ ලස්සනම කාලයක් කියලා මතක් වෙද්දිත් හිතට සතුටක් දැනෙනවා

" දැන්වත් යමුද ම්ම්ම් "

" හා "

මගෙ අතක් ඒ අතක පැටලෙනකොට රශේන් අයියා එක්කම මම බෝඩිමට ආවා.......කැම්පස් එකෙන් ආවෙ කීයටද දැන් වෙලාව කීයද........එක අතකට පාඩු නෑ..........බෝඩිමේ ගේට් එක ලගට ආපු මම රශේන් අයියා දිහා බලනකොට එයා ඇස් වලින් ඇතුල් පෙන්නුවා

" ඔයා එන්නැද්ද අයියෙ "

" දැන් බෑ ශෙවින් පස්සෙ එන්නම් "

මම කලේ රශේන් අයියගෙ අත දෙපැත්තට පද්දපු එක........ආයම හෙට හම්බෙනවා උනත් මොකද එයාට යන්න දෙන්න මට හිත හදාගන්න අමාරුයි........වෙනදා වගේ නෙවෙයි දැන් අපි අතර ' ප්‍රේමණීය ' බැදීමක් තියනකොට කොහෙ යන්න දෙන්නද

" රෑවෙනවා කෝ ඇතුලට යන්න ළමයො "

" යවාගන්න නේද හදිස්සිය "

" යවාගන්න නෙවෙයි ලගට ගන්න "

" අම්මා කොස්සෙන් ගහයිද දන්නෑ බෑනට "

" කොහු මිටෙන් පාරක් කාලා හරී ඔයාව ලගට ගන්න පුළුවන් නම් එච්චරයි "

රශේන් අයියා කියනකොට කොට මම කකුල් වලින් ඉස්සිලා ඒ කම්මුලක හාදුවක් තිබ්බා........

" පරිස්සමට යන්න එහෙනම් "

ගේට් එකෙන් ඇතුලට ආපු මම පිටිපස්ස හැරෙනකොට රශේන් අයියා සාක්කුවට අත් දෙකත් දාන් මේ පැත්ත බලන් ඉන්නවා දකිනකොට මම කලේ හිනාවෙලා අත වනපු එක

" ඇතුලට යන්න "

අන්තිමටම මම තේරුම්ගත්තා දැනුන බැදීම් අත අරින එක හරි කටුක බව ! 💔

Share This Chapter