Back
/ 47
Chapter 44

🌼 Chapter 43 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මම අතේ තිබුන අසයිමනට් එක දිහා බලනගමන් ලොකු හුස්මක් උඩට ඇද්දා.......' දැන් සැපද ' වගේ ටෝක් එකක් දෙනගමන් මොලේ මගෙන්ම ආතල් ගන්නකොට අසයිමන්ට් ෆයිල් එක රෝල්කරලා දානගමන් සාක්කුවට ඔබාගත්තා......මදැයි හවුලෙ කරන්න ගියා

ආය මුල ඉදන් කරපන්කො ඉතින්

කාපට් පාරෙ මැදටවෙන්න තිබුන පොඩි කලු ගල් කෑල්ලකට පයින් ගහපු මම එහා පැත්තෙ උන්නු ආශර දිහා බැලුවා......ඒකගෙ මූනෙයි මගෙ මූනෙයි  දැන් එහෙමට වෙනසක් නෑ.......දෙන්නම උන්නෙ ආය අසයිමන්ට් එක කරලා දෙන්න ඕන කියන මානසික මට්ටමෙන් වෙනකොට මහා දවාලේ කාපු ගමන් අපි මේ ගාටන්නෙ කැම්පස් එකේ පුස්තකාලෙට........කෑවා කිව්වට කෑවෙමත් නෑ......ගෙනාපු කෑම එක දිග අරිනවා විතරමයි මතක......ඇයි ඉතින් ඒක දිග ඇරපු ගමන් වටේම හිටපු එවුන් ඩෙස් එක වටේ වට උනානෙ කපුටො රැල වගේ......අන්තිමට අමාරුවෙන් ගෙනාපු කෑම එකෙන් කටවල් දෙක තුනක් කාලා කැන්ටිමේ ලුනුත් නැති කිරිත් නැති වතුර වගේ තියන පරිප්පු හොදි එක්ක පරාටා කෑවා.....පරිප්පු කිව්වට ඒකෙ තිබුනෙ තනිකරම වතුර.....පරිප්පු ඇට පාවෙනවා විතරයි

මම ආය ආයම උදේ ලෙක්චර් එකේ උන සිද්ධිය රිපීට් කලා......මොනා උනත් හෝල් එකක් ඉස්සරහ අපි දෙන්නගෙ නම්බුව බල්ලාට ගිය එකටනම් පට්ට දුකයි.......මම නම් කියන්නෙ මම නැතත් අඩුම එයාට නිකමට හරි ආශර ගැන හිතන්න තිබුනා.....දැන් ඉතින් මොනා කරන්නද

" මේ බන්.....ශෙවියා "

" ම්ම්ම්......කියන්න අහන් ඉන්නෙ "

" නෑ ඉතින් දැන් උබ අපූර්වාව ටෝක් කරන්නෙත් නෑනෙ නේහ් බන්.......උබ දැන් ඔය සයිඩ් එකේ වැඩිය නැති හන්දා ඒකිව මංම ටෝක් කරන්නම් නේද බන්........නෝට් එකක් හරි ලියාගන්න බැරියෑ හදිස්සියට "

" දැන්වත් ඔය වටේ යන එක නවත්තපන්කො ආශර.......සීරියස් එකකට විතරක් කරපන් "

" එහෙම එකකට කරන්නත් හරියන කෙනාව හම්බෙන්න එපැයි බන්.......අනික මට දැන් උබ ඔහොම කියන්නෙ ඉස්සර උබත් එහෙමනෙ "

ආශර කින්ඩියට කියද්දි මම ඒකාගෙ පිට මැද්දටම ගුටියක් දීලා අත ඇරියා.......මොනා උනත් ඔහොම කියන්න ඕනද මං අහන්නෙ.....නෑනෙ.......ඇරත් මම දැන් හැදිලා ඉන්නෙ........ඉස්සර වගේ නෙමෙයි

" අතීතයේ යම් යම් සිදුවීම් උනා තමයි ඉතින්.........මම නෑ කියන්නෑනෙ ඒත් දැන් මම එහෙම නෑ.......මම හැදිලා ඉන්නෙ "

ඇදුමෙ කොලර් එකත් උස්සනගමන් මම හෙන ගැම්මෙන් කියනකොට මම බලාන

' පු...හ් ' කියලා ආශරගෙ කටින් පිටවෙන හැටි......atta......atta.......මොනා උනත් මම දැන් එහෙම නෑ......පුස්තකාලෙට ආපු ගමන් කබඩ් අස්සෙ රිංගපු මායි ආශරයි අසයිමන්ට් එක හදන්න ඕන කරන තඩි පොත් දෙක තුනක් කොහමහරි පීරලා හොයාගත්තා.......මදිපාඩුවට පෝන්   එකත් තියනවනෙ.......පොත් ටිකත් උස්සගෙන අපි දෙන්නා පුස්තකාලෙ කෙලවරටමවෙන්න තිබුන ඩෙස් එකක පුටු දෙකක් ඇදන් ආයම මුල ඉදන් අසයිමන්ට් එක හදන්න ගත්තා

කොහමත් අද දවස ඇතුලත ඕක ඉවර කරන්න බැරි වග අපි දෙන්නම දන්නවා.....ඇරත් රශේන් අයියා කිව්වෙ දවස් තුන හතරක් ඇතුලත කරලා බාරදෙන්න කියලා වෙනකොට ඕකට ඕන කරන ඩීටේල්ස් හොයලා හදලා ඉවරවෙනකොට එහෙ හැරිලා මෙහෙ හැරෙද්දි දවස් ටික යනවා......පොත්වල ඕන කරන කොටස් ටික මම කලේ හයිලයිට් කර කර පෝන් එකෙන් ෆොටෝස් ගත්තු එක

" මේ ලබන සතියෙ තියන මියුසිකල් ශෝ එකට උදව්වෙන්න ඉන්නවද ශෙවිනයා "

" ඉමු........ඉමු නොයිද කොහමද........සින්නොන්ට පොඩි සප් එකක් දෙමු නැත්නම් කිසි එකමුතුවක් නෑ කියයි "

" ඒක ඇත්ත.......රෑට අපේ උන්ගෙ හොස්ටල්වල තමා ඉන්න වෙන්නෙ "

" ඒක අවුලක් නෑ........හැමදාම ඔව්වා එන්නෑනෙ.........මතකද එතකොට රැග් කලේම ඔව්වා කිය කිය "

මම කියනකොට ආශරට පොඩි හිනාවක් ගියා......සමහරවිට ඒ කාලෙ අපි රැග් උන විදිය මතක්වෙලාවෙන්න ඇති.......මම නම් හිතන්නෑ අපේ බැජ් එකේ අපි දෙන්නා තරම් සින්නොන්ගෙන් රැග් කාපු එවුන් තවත් ඇති කියලා.........හුගක්ම මගෙ කට හන්දා.......මොනා උනත් අන්තිමට ඔව්වාත් එකතුවෙන්නෙ කවදහරි ' රස මතක ' ගැලරි එකට......දිග ඇරන් උන්නු පොත් දෙක තුන වහලා දාපු මම එහෙම්මම පුටුවෙ පැත්තකට බරකරනගමන් අත් දෙක දෙපැත්තට දික්කරලා හිරි ඇරියා.......මෙතනට ඇවිත් දැන් පැය ගානක්ම ගෙවිලා ගිහින් තියනකොට එහෙම හුගක් වෙලා එක දිගට ඉන්න එකත් හිතන තරම් ලේසි නෑ

මේසෙ කොනක තිබුන වතුර බෝතලේ මූඩිය ඇරපු මම වතුර උගුරු දෙක තුනක් බිව්වෙ ආශර දාන් උන්නු කන්නාඩිය ගලෝනගමන් පුටු ඇන්දට හේත්තුවෙලා පෝන් එක ඔබන්න ගන්නකොට.......අද හවස ලෙක්චර්ස් නෑ......ඒ කියන්නෙ කෙලින්ම බෝඩිමට........යන ගමන් ආශර එක්ක කඩෙන් මොනාහරි කාලවත් යන්න ඕන ගිහින් අද මුකුත් හදන්න බෑ.......වෙන මොකවත් නෙවෙයි කම්මැලියි.......දාන් උන්නු Tv searious වගේකුත් තියේ බලලා ඉවරකරලා දාන්න......ඒ අස්සෙ දැන් මේ අසයිමන්ට් එක

" යමන්ද එලියට......තව උන්නොත් පරක්කුවෙනවා බන්........දැනටමත් ඔය බස්වල ෆුල් පටෝලා "

" ඉදගන්න තැනක් නැතත් හරියට හිටගෙන යන්නවත් තැනක් හම්බුනොත් හොදා.......බෝඩිමට යද්දි එපා වෙනවා යන ගමන් කාලා යන් හොදේ "

" එලම......"

පුස්තකාලෙන් එලියට එනකොටත් හවස්වෙලා තියෙනකොට පාරට ආපු අපි ඒත් එක්කම ආපු බස් එකක එල්ලුනා.......හවස හන්දම මිනිස්සු ගොඩක් පිරිලා තියනකොට මායි ආශරයි මැදටවෙන්න අමාරුවෙන් රිංගලා හිටගත්තා......බස්වල මිනිස්සු පටවවගෙන මේ යන විදියට හුස්ම ගන්නත් අමාරුයි.......ඔක්සිජන් ටැන්කියක්වත් පිටේ බැදන් එන්න ඕන හුස්ම ගන්න ඕනනම්

වෙන මොකවත් නෙවෙයි සම්පත් හිගකම........අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව පවතින සම්පත් හිඟකම.......කොමස් කරන්න ගත්තු දා ඉදලා අපේ කටේ තියෙන්නෙම ඕක වෙනකොට දැන් උනත් පේන් නැද්ද......ඒ අස්සෙන් කොන්දා කෑගහනවා.......යකෝ කොච්චර කෑ ගැහුවත් තව ඉඩ නෑ කියලා කියන්න කටට ආවත් ඔව්වා කියන්න බැරි හන්දම මම කලේ කට වහන් උන්නු එක.......කොහමහරි ආදාල හෝල්ට් එක ලගින් බැහැගන්න පුලුවන් උනොත් මට ඇති

මම බහින හෝල්ට් එක ලංවෙද්දිම රැක් එකේ තිබුන බෑග් එකත් අරගත්තු මම බැහැගත්තා........ආශර මීට විනාඩි දහයකට විතර කලින් බැස්ස හන්දා හැමදාම වගේ අදත් ඉතුරු ටික මම පයින් එන්න ගත්තා.......ආශරට බස් එකේ එන්න ඕන නෑ එයා ඔය එන්නෙ මම ඉන්න හන්දා.......අනිත් අතට අප්පච්චී එක්ක එන්න පුළුවන්කම තියාගෙන මම උනත් මේ ගාට ගාට යන්නෙ.......ඒත් එක අතකට මේකෙත් පොඩි ආතල් එකක් තියනවා.......හැමදේටම අම්මාටයි තාත්තටයි කරදර කරන්න පුළුවන්ද......දැන් වයසත් එක්ක හැමදේම තනියම කරගන්න හුරුවෙන්න ඕන......සමහරවිට ඒක හන්දම වෙන්න ඇති එයාලා උනත් මම තනියම ඉන්න ඕන කිව්වහම වැඩිය පැන්නුවෙ නැත්තෙ........ඒත් එහෙමයි කියලා මම නොදන්නවා නෙවෙයි එයාලා මම ගැන හොයනවා කියලා

තාර පාර දිගේ අතුරු පාරට ඇවිත් හැරුන මම ඇවිදන් එන ගමන් අහස් දිහා බැලුවා........මුලු අහසම අද තරු අරක්ගෙන........පාලු අහසකට වඩා තරු පිරිච්ච අහසක් කොච්චර නම් ලස්සනද ඇත්තට........මම කල්පනා කලා.......හැම කතාවකටම අවසානයක් තියනවා.......සුන්දර හෝ ඛේදාන්ත අවසානයක් තියෙනවමයි.........ඉතින් මේ කතාවට ? ඒක සුන්දරද ? මම තාම දන්නෑ......සමහර දේවල් වෙන්න ඕන ඉක්මනට කලින් උනා කියලා ආපස්සට හැරිලා බලද්දි මට තේරුනා......ඒත් එහෙම බලනකොට මම පරක්කු වැඩී

සමහර බැදීම් වලට හිමිවීමක් කොතනකවත් නැති උනත් අපි ලෝබකම් කරනවා හරි අපූරුවට

" ප්‍රේමය "කියන්නෙම මායාවකට ! ඉතින් ස්වර්ගීය මායාවක් උනු ප්‍රේමය ඉස්සරහ මට ඔයා කියන්නෙම දරුනු ඇබ්බැහියක් නෙවෙයිද?

බ්රාස්...........!!!

" ආව්.....හ් මොන මගුලෙ යනවද කොහෙද"

දාර කල්පනාවක උන්නු මම පියවි සිහියට ආවෙ ලගින් වේගෙන් ගිය බයික් එක හන්දා වෙනකොට වෙච්ච දේ හිතාගන්න බැරුව මම අයින් උනත් මොකද පාරෙ අයිනෙ මම වැටුනා........වැටිලා බේරුනා මදැයි තව පොඩ්ඩෙන් මම කාණු පල්ලෙ........අයින්වෙන්න හැදුව පාර  වැටුන තැන මට හික් ගෑවුනා........දූවිලි කාගෙන ඈතින් යන බයික් එක දිහා බලන් උන්නු මගෙ පැත්තට අතක් දික්උනා.......මෙච්චර පාරෙ ඉඩ තිබිලත් ඇගට කපාගෙන යන්න තරම් හේතුව මොකක්ද කියලා මම නොදන්නවත් නෙවෙයි

"  අනේ තෑන්ක්ස්.......මම නැ_"

මම තාමත් උන්නෙ මගෙ පැත්තට දික් උන අතේ අයිතිකාරයා දිහා බලාන.......කියන්න ගිය වචනත් අතරමග නතර වෙනකොට මගෙ ඇස් ගිහින් නැවතුනේ බිම වැටිලා උන්නු මට අත දික්කරන් උන්නු අලු ඇස් අයිතිකාරයා ලගට........අලු ඇස් අයිතිකාරයා ? ඔව් අලු ඇස් අයිතිකාරයා නේන්නම්........වෙනදා වගේ නෙවෙයි ඒ ගැඹුරු ඇස් අස්සෙ හැගීම් කෝටි ගානක් පිරිලා කැලික්ටස්

ඔයා හරි ඇස් තියෙන්නෙම කතා කරන්න ! ඇස් තියෙන්නෙම වචනෙන් නොකියන දාහකුත් හැගීම් බෙදාගන්න..........ඒ අතින් බැලුවහම අර ඔයා කිව්වා වගේම ඇස් කියන්නෙම මායාවක් කැලික්ටස් !

එයාව දැකලා මගෙ ඇස් පුදුමෙන් ලොකු උනත් මොකද ඒ ඇස්වල නම් පුදුමයක සේයාවක්වත් ගෑවිලා නොතිබුන තැන ඒ අත අල්ලගෙන මම නැගිටින්න හැදුවා.......වෝල්ට් තිස් තුන් දාහක අධි බලැති ධාරාවක්.......ඒ අත අල්ලගත්තු පලවෙනිම මොහෙතෙ මට දැනුනෙ එහෙම.......එක පාර විදුලි සැර දාස් ගානක් පිට කොන්ද දිගේ යනවා දැනෙනකොට මම එහෙම්මම ඇස් උස්සලා ඒ මූණ දිහා බැලුවා

" ආව්.......හ් "

" බලාගෙන පරිස්සමට ශෙවින් "

වැටුන පාරට එකපාර නැගිටගන්න බැරිව ඇදගෙන වැටෙන්න යද්දි මම ගිහින් උස පපුවක වැදුනා.......තදබල උණුහුමක්..........ඒ විසල් අතක් මගෙ පිට වටේ එතිලා ගිහින් තියනකොට මගෙ මූන ඒ පපුව කොනක වැදුනා........අර ලක්සරි වැනිලා සුවද ! අලු ඇස් අයිතිකාරයා ලගින් වහනය උනේ ඒ සුවද වෙනකොට මොලේ සංවේගයන් එකපිට එක එවද්දි මම ටක්ගාලා අහකට උනා

ඒ ඇස් මගෙ ලග නතරවෙලා තියනකොට සීරුනු අත අල්ලගත්තු මම හොද හුස්මක් ගත්තා......මට ඕන උනා දැනගන්න එයා කොයිවෙලේ කොහම මෙතනට ආවෙ කියලා.......මොකද ඇවිදගෙන ආවත් මට දැනුන් නැති හන්දා.......මම ආයම කලුවර වටපිටාව දිහා බැලුවා.......සමහරවිට පේන්නෙ නැති උනාට ඔය කොහෙහරි වාහනේ නවත්තලත් ඇති

" රශේන් අයියෙ "

" කියන්න "

" ඔයා මෙහෙ.........ඇයි "

" මේක අහම්බයක් කියලා මට කියන්න බෑ ශෙවින්..........ඒක මහ ප්‍රාථමික බොරුවක්"

රශේන් අයියා කියනකොට මම කලේ ඒ ඇස් මග ඇරපු එක.......මොකද සමහර තැන් එනවා අකමැත්තෙන් උනත් ස්කිප් කරලා දාන්න ඕන.......එහෙව් තැන්වල වැඩි කාලයක් රැදෙන්න ගියහම අවසානයට රිදෙන්නෙ අපේ හදවත් වලට........මම අත් දෙකෙන්ම මාව බදාගත්තා........සීතලයි.........සීතල හුළං පාරවල් ඇවිත් ඇවිත් ඇගේ දැවටෙනකොට දැනෙන සීතලටම මාව වෙවුලලා ගියා

" යමු.......මම ඔයාව ඩ්‍රොප් කරන්නම් "

" ඕන නෑ.........මට යන්න මේ ටික පයින් යන්න පුලුවන් "

" කමක් නෑ එන්න "

මම කිව්වත් රශේන් අයියා කලේ මගෙ අතකින් අල්ලගෙන වාහනේ තියන තැනට එක්කන් යන්න ගියත් මොකද මම අත ගසලා දැම්මා.....

" මොකද "

පිටිපස්ස හැරෙනගමන් එයා අහනකොට එවෙලෙ උත්තර දුන්නු මගෙ කටහඩත් උස් උනා........ඉදහිටක එහාට මෙහාට යන වාහනයක් ඇරෙන්න මුලු පාරටම එවෙලෙ උන්නෙ අපි දෙන්නා විතරක් නිසාමද කොහෙද මම කතා කරන වේගෙත් වැඩි උනා......එකම දේ දෙපාරක් වෙනවට මම කැමති නෑ........භට බෑ ආයම කොතනකදිවත් හැමදේම අත අරින්න

" මුකුත් නෑ.........මම යන්නම් අයියෙ "

" මා එක්ක යමු "

" මොකටද........මම අහන්නෙ මොකක්ද හේතුව "

සමහරවිට මම එවෙලෙ ඒ වගෙ ප්‍රශ්නයක් අහපු එකත් හරි නැතුව ඇති........ඒ ඇවිත් තනිකරම අසාධාරණ ප්‍රශ්නයක් වග මම දන්නවා.........ඒත් මට කියන්න ආයම පාරක් මම අර ඇස් වැරදියට කියවන්න ඕනද ? මගෙ දිහා බලන් උන්නු රශේන් අයියා අඩියෙන් අඩිය ලංවෙනකොට මම කලේ එයා දිහා බලාගෙනම පස්සෙන් පස්සට ගියපු එක.......ඒ ඇස්වල ආයම හැගීම් හිදිලා ගිහින්.........කොහමත් ඕවගෙ හැගීම් උනත් තියෙන්නෙ බොහොම කලාතුරකින්

" හේතුවක් නෑ "

රශේන් අයියා ඔහේ කියලා දානකොට මම බලන් උන්නා.......මුකුත්ම නොකියා බලන් උන්නු මම අනිත් පැත්ත හැරිලා එන්න ආවත් මොකද ආයම වතාවකට ඒ අතකට මගෙ මැණික් කටුව අහුඋනා.........යන්න බැරිම තැන මෙච්චර දවසක් හිරකරන් උන්නු පීඩනෙත් එක්ක මම හයියෙන් එයාගෙ පැත්ත හැරිලා කෑ ගැහුවා..........දරාගන්නවා කියලා හැමදේම ඔහොම දරාගන්න මට උනත් බෑ

" ඇයි ! "

තප්පර ගානක් ගිය තැන ඒ අත් වලට මගෙ උරහිස් පොඩිවෙනකොට කරන්න දෙයක් නැති තැන වේදනාව පිරුණු ඇස් උස්සලා මම කලේ අගල් ගානක් උඩින් තිබුන ඒ මූන දිහා බලපු එක.......බෙල්ල දෙපැත්තෙන් නහර ඉලිප්පිලා ගිහින් තියනකොට ඒ අත් එන්න එන්නම මගෙ උරහිස් වලට තද උනා........ඉතින් මේ ඇවිත් එයාගෙ පවා ලිමිට් එක

" හේතුවක් නෑ ! මේ කිසිම දේකට හේතුවක් නෑ ශෙවින්...........මම මෙච්චර කාලයක් බලන් උන්නු එකට..........පසුතැවීමක් එක්ක තනියම විදවපු එකට...........අසිහියෙන් උන්නු රැයවල් වලට අඩුම උබ එනකන් ආය බලන් උන්නු එකටවත් හේතුවක් නෑ ශෙවින්..........උබට නොපෙනෙන්න දුර ඉදන් බලන් ඉන්න එක ලේසියි කියලද හිතන්නෙ ? එහෙමද...........ඒක ලේසි නෑ.......ඔය කිසි දේකට හේතුවක් නෑ.......නෑ නෙවෙයි මම හේතුවක් හෙව්වෙ නෑ...........එදා දැනෙන දේ තේරුම්ගන්න පරක්කු උන එකට මම අදටත් විදෝනවා......මේ දැනුත් එහෙමයි..........හැබැයි ඔය එකකටවත් මට හේතු සාධක තිබුන්නෑ මල්ලි........ඇයි නොතේරෙන්නේ.........එක්කො තමුසෙ තේරුනත් නොතේරෙනවා වගේ ඉන්නවා "

රශේන් අයියා කියනකොට මම නෑ කියන්න ඔලුව වැනූවා.......මට තේරෙන්නෑ.......මොකද හැමදාකම මම තේරුම් අරන් උන්නෙ වැරදියට........ඉතින් ඇයි ආයම........මම බලාන මගෙ දිහා බලාන රශේන් අයියා ලොකු හුස්මක් උඩට අදින හැටි..........උරහිස් කැඩෙන්න තරම් වේදනාවක් දැනුනත් මෙවෙලෙ එයාට ඒක ගානක් ගියෙ නෑ.........එයා කලේ මගෙ මූනට එබුන එක

ඒ ඇස්...........ඒවා මහ දරුණුයි ! ඇත්තටම

" යකෝ මම උබට ආදරේ කලේ මැරීගෙන "

ඉතින් ඇහුනද ගැහෙන හදවතක්

එක පාරටම නැවතෙන සද්දෙ........

කාෂ්ටක ගිම්හාන ඍතු ගනනාවකට පස්සෙ හම්බෙන වස්සානයක් පිලිගන්න

එක පාර බෑ......

කොහම උනත් ඒ ඇස් ඉස්සරහ නොදැක්කා වගේ මට යන්න බෑ !

🌼 දැනෙන දේ කොටන් යන්න

Share This Chapter