Back
/ 47
Chapter 43

🌼 Chapter 42 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

" නිවාලන් ජීවිතයේ කදුළු

හිනාවෙන් ඔය මුවේ රැදුනු

මගේ පෙම් හීනයේ ඇදුනු

ඔබයි දෙව්දූ ඔබයි දෙව්දූ....

වසීයෙන් ඇස් ඔබේ ගැටුනු

දිනේ මං ආදරෙන් බැදුනු

හීනෙකින් වාගේ මුන ගැහුනු

ඔබයි දෙව්දූ ඔබයි දෙව්දූ....."

බාත්රූම් එකට අස්සට රිංගගත්තු මම නාගෙන ආයම එලියට ආවෙ පැයකටත් විතර පස්සෙ වෙනකොට එහෙන් මෙහෙන් ඔලුව පිහදානගමන් තුවාය එක උරහිසක රැදෙව්වා.....එතනම එහා පැත්තෙ තිබුන කුස්සිය අස්සට බෙල්ල දාපු මම මොන මොනවදෝ වැඩක් කරනගමන් උන්නු අම්මාව පිටිපස්සෙන් බදාගත්තෙ ඒ බෙල්ල අස්සෙ මූන අතුල්ලනගමන්......නොකිව්වට මොකද හිත කොනක තවමත් වේදනාවක් ඉතිරිවෙලා තියනවා......මට දරාගන්න බෑ......මට කොහමත් දරාගන්න බෑ එයාලා මෙහෙම වයසට ගිහින් ඉන්නවා දකිනකොට

" මොකද පුතා මේ......"

" මුකුත් නෑ අනේ..ව් දන්නැද්ද ඉතින් පොඩ්ඩක්..."

මම බලාන ඒ රැලි වැටුන මූනෙ හරි ලස්සනට හිනාවක් ඇදෙන හැටි.......කාලෙකට පස්සෙ නැතිඋන සැනසීම තමන්ට ආයම ලැබෙනකොටේ දැනෙන හැගීම......සමහරවිට එයාලට හිතෙනවා ඇති ' දැන් නම් මැරුණත් සැපයි' කියලා......කොහමත් අහිමිව ගිය සතුට ආයම වතාවක් හම්බෙනකොට අපිට කොතනම හරි තැනක ඔය සිතුවිල්ල එනවා.......ඒ අත පිටිපස්සට කරනගමන් මගෙ කොන්ඩ ගස් අස්සෙන් අම්මා අත යනකොට දැනෙන සනීපෙටම මම කලේ උරහිසක ඉදන් ඇස් පියාගත්තු එක

" කොණ්ඩ කුරුල්ලා වගේ.......බාගෙටද කොහෙද පිහදාලා තියෙන්නෙ "

" අපේ අප්පච්චිත් මට ඕකම කියනවා "

" මොකක්ද "

" කොන්ඩ කුරුල්ලා කියලා.......පෙලක් වෙලාවට මම කෑගැහුවම අම්මි අප්පච්චිට බයිනවා මාව අවුස්සන්න එපා කියලා.......අම්මෝහ් එවෙලෙට බලන්න ඕන එයාගෙ මූණ "

අප්පච්චි මට විහිලු කරනකොට සමහර දවස්වලට අම්මා එයාට බයිනවා.....එයාගෙ මූන මැවුන මට හිනාවක් යනකොට මම බලාගෙන අම්මා මගෙ දිහා එක දිගට බලන් ඉන්න හැටි......ඒ ඇස් දිලිසෙනවද කොහෙද.....ඒ රැලි වැටුන අතක් අම්මා මගෙ මූනෙන් තියනකොට මම ඒ අත අල්ලගත්තෙ ඒක ඇස් දිහා බලනගමන්

" අම්මායි අප්පච්චියි මගෙ පුතාට හුගක් ආදරෙයි වගේ "

අම්මා කියද්දි මම මුකුත් කියන්න ගියෙ නෑ.....ලාවට හිනාවෙගමන් ඒ අතකින් අල්ලගත්තු මම ඉස්සරහ උන්නු අම්මා දිහා බැලුවා.....මම දන්නවා එයාට දැනගන්න ඕන මගෙ දැන් අම්මායි අප්පච්චියි කොයිවගේද කියන එක

" නැතුව එයාලා මට හුගක් ආදරෙයි.......තාත්තා ඉදලා හිටලා කරන ගොන් වැඩේකට බැන්නට මොකද ඒ දෙන්නගෙ පණත් හරි මාත් හරි.......අම්මා දන්නවද ඒලෙවල් වලට සබ්ජෙක්ට් තෝරගද්දි මට හැමෝම කිව්වෙ බයෝ කරන්න......අම්මා ඉන්නවනෙ එයා ඩොක්ටර් කෙනෙක්නෙ කියලා......ඒත් එයා මොකක්ද කිව්වෙ දන්නවද අම්මා කිව්වා කවුරුත් කියන දේ නෙවෙයි ඔයා ඔයාට ආස දේ කරන්න කියලා......අප්පච්චි උනත් කිව්වෙ ආසාවෙන් නගින්නෙ පොල් ගස්ද කමක් නෑ නැගපන් කියලා.....හැබැයි පාරෙ කුණු අතුගෑවත් හරියට අතුගාන්න දැනන් ඉන්න කිව්වා......එයාලා කවදාවත් මට දෙයක් කරන්න බලකරලා නෑ අම්මා හැමදාම මම ආස දේට ඉඩදුන්නා මිසක්......ඒ අතින් එයාලා මාරම අන්ඩස්ටෑන්ඩින් මම ගැන "

" ඒ මනුස්සයො මගෙ දරුවාව හරි ලස්සනට හදලා......මට ආඩම්බරයි අපි ලග නැතත් ඔයා සතුටින් ඉන්න එක ගැන වස්තුවේ.......මගෙ රත්තරන් විතරයි අපිට උන්නෙ ඔයා ගියත් හරි තාත්තා මම තනි උනා......එදා ඉදන් හැමදාම ඔයා එයි කියලා අපි මගබලන් උන්නා පුතේ......අපි විතරක් නෙවෙයි අර සාලෙ තාත්තා එක්ක කතා කරකර ඉන්න දරුවා ඉන්නවා නේද කාලෙත් එක්ක හැමෝටම අපිව අමතකවෙලා යද්දි ඒ දරුවා විතරයි අදටත් අපි එක්ක ඉන්නෙ "

" ඒ හැමදේම ඉවරයි දැන් මාත් ඉන්නවනෙ අම්මා.......කෝ දැන් හිනාවෙන්න "

එහෙම කියනගමන් මම අඩියක් පස්සට උනා......ගෙවුන දේවල් ගැන දැන් හිතලා මොකටද......ආයම යන්නවත් බැරි අතීතයක් ගැන හිත හිත ඉන්නවට වඩා දැන් ඉන්න විදියයි වැදගත්

" මොනාහරි කරලා දෙන්න ඕනද මං "

" ඔය පොල්බෑය ගාලා දෙන්න පුලුවන්ද පුතාට "

" මොකෝ අනේ මට බැරි "

අම්මටත් ඇහැක් ගහපු මම රාක්කෙ තිබුන පොල්බෑය අරන් එක පාරක් උඩ දානගමන් හිරමනේ ලග හිටගත්තා......ගෙදර ඉන්නකන්ම කරන්නෙ අම්මාට පොල්ගාන එක හන්දා අප්පච්චියි මායි ඇවිත් දැන් ඔව්වගෙ එක්ස්පර්ට්ලා

" රශේන් අයියෙ "

" ම්ම්ම් "

අම්මාට පොල්ගාලා දුන්නු මම සාලෙට ඇවිත් රශේන් අයියාගෙ එහා පැත්තට වෙන්න ඉදගත්තා......ඒ ඇස් ලැප් ස්ක්‍රීන් එකේ නැවතිලා තියනකොට මාත් බෙල්ල චුට්ටක් දාලා බැලුවෙ මොකක්ද කියලා උනත් මොකද එයා බලන එක දැක්කහම මම මූන අහකට ගත්තෙ ඒත් එක්කම රශේන් අයියා ඇස් උස්සලා මගෙ දිහා බලනකොට.......ඒ බැල්ම තේරුම්ගත්තු මම ඔලුව පිටිපස්ස කහනගමන් රශේන් අයියාට මෝඩ පහේ හිනාවක් දුන්නා

ඉවරයි සාන්ත ! එයා ගිය සතියෙ දුන්න අපේ අසයිමන්ට් බලනවා......ආශරයි මමයි  විස්තර බාගෙට බාගයක් හොයාගත්තෙ chat gpt එකෙන්......ඒකත් හරි කියමුකො......එයයි මායි දෙන්නම එකම අසයිමන්ට් එක වෙනස්කරලා හැදුවහම?

" මම දුන්නෙ ඉන්ඩිවිජුවල් අසයිමන්ට් එකක් මිසක් ග්රූප් අසයිමන්ට් එකක් නෙවෙයි විද්......ලෙක්චර්ස් වලදි දෙන්නාටම කියන්න හොද උත්තරයක් හදාගන්නකො දැන්ම ඉදන්ම  "

" අනේ..හ් ඉතින් "

" මුකුත් කිව්වට මට අදාල නෑ "

රශේන් අයියා ආයම සැරයක් ලැප් එක දිහා බලනගමන් කියද්දි මිලි තප්පර ගානකට මගෙ ඇස් ගිහින් පරිණත ඒ රූපෙ ලග නැවතුනා....බොරු කියන්නෙ මොකටද කන්නාඩි දෙක දැම්මහම රශේන් අයියා හරි කඩවසම්...

" අයියෙ "

" කියන්න "

" මට කනත්තට යන්න ඕන "

රශේන් අයියා එක පාරටම ඇස් උස්සලා මගෙ දිහා බලනකොට මම උකුල උඩ තියන් උන්නු අත දිහා බැලුවා.....එයා මොනා කියයිද කියලා නම් මම දන්නෑ ඒ උනත් ඔය ඇවිතා මට යන්නම ඕන උන ගමනක්

" මොකටද "

" මොකටද කියලා ඔයා නොදන්නවා නෙවෙයිනෙ අයියෙ "

" එපා......ඔයා යන්න ඕන නෑ......ඔයාම නෙවෙයිද කිව්වෙ විද් පරණ දේවල් ආය මතක් නොකර ඉමු කියලා ම්.....ඉතින් ඇයි මේ ඔයාම "

" ඔව් මම එහෙම කිව්වා තමයි ඒත් මට යන්න ඕන.....එතනින් එහාට ආයි මුකුත් ඕන්නෑ......ඔයාට බැරිනම් කියන්න අයියෙ මම යන්නම් "

" තමුසෙ හරි මුරණ්ඩුයි "

" මම දන්නවා "

දැනටමත් හවස්වෙලා හන්දා අම්මටයි තාත්තටයි ගම වටේ ඇවිදලා එන්නම් කියලා අපි කනත්තට යන්න ආවා.....එයාලට නොකිව්වෙ ඇත්ත කිව්වානම් මම මෙතන පරසක්වල  ගැහුවත් යන්න නොදෙන වග ඕනවටත් වඩා හොදට දන්න නිසා......පරණ දේවල් ඒ විදියටම තියන එක හොදයි කියලා මමම කිව්වා තමයි ඒත් යන්න ඕනම කියලා හිත බල කරනවනම් මම කියලත් මොනා කරන්නද......ගෙයින් එලියට බහිද්දිත් රෂේන් අයියා යන්න ඕනමද කියලා අහනකොට මම ඔව් කියන්න ඔලුව වැනුවා

රශේන් අයියා ඉස්සරහින් යනකොට මම එයාගෙ පිටිපස්සෙන් හෙමිහිට ගෑටුවෙ පාරෙ තිබුන ගල් වලටත් පයින් ගගහා......ඒත් එක්කම මතක් උන දෙයක් හන්දා මම ඔලුව උස්සනගමන් බැලුවෙ මගෙ ඉස්සරහින් සාක්කුවටත් අත්දෙක දාන් යන එයා දිහා......ඇත්තටම මට හිතන්න තිබුනා මට දැනෙන හැගීම මොනා උනත් එයාට දැනෙන හැගීම කොයිවගේ ඇත්ද.......මීට අවුරුදු විසි එකකට කලින් එයා මේ පාරෙම මගෙ මිනියට කරගහන් යන හැටි ඒ ඇස් ඉස්සරහ මැවෙනවත් ඇති........සමහරවිට ඒ හන්දම කාලයක් බාගෙට පන ගැහුන පපු දාතුව මේ මිනිත්තුව ඇතුලෙදි කීවෙනි පාරට නැවතිලා ආයම ගැහෙන්න පටන්ගන්න ඇතිද ?

මට උනත් දැනෙන්නෙ පපුව හිරකරගෙන යන හැගීමක් නම් ප්‍රාණ නිරුද්ධ ශරීරෙන් උන්නු මාව දැක්ක එයාගෙ පපුවට කොහම දැනෙනවා ඇතිද......මේ පාරෙම ආය සැරයක් යනකොට නොකිව්වට ඒ මනුස්සයට රිදෙනවත් ඇති......සමහරවිට එහෙම නැතුවත් ඇති

කොහමත් මිනිස් පපු දාතු සංවේදී.....ඒවා සියුම් ධාරාවකටත් හරි ඉක්මනට ගැස්සෙනවා......ඉතින් ' මතක ' ආය ආයම රිපීට්වෙනකොට හදවත් කීපාරක් මැරිලා ඉපදෙනවද ආය ?

අවසානයටම මීට අවුරුදු ගානකට උඩදි හදපු සොහොන් කොතක් ලග අපේ කකුල් නැවතෙනකොට මම රශේන් අයියා පාස් කරනගමන් ටිකක් ඉස්සරහට ආවා.....එතන තිබුනෙ මගෙ ස්කෝලෙ පොටෝ එකක්......සොහොන් කොත වටේට වල්පැල සුද්ද කරලා තියනකොට අඩියටම දිය උන ඉටිපන්දම් කෑලි තාමත් එතන රැඳිලා තිබුනා.....කොත ලගට පහත් උන මම වැවිලා තිබුන තණකොල ගහක් ගලෝලා පැත්තකට දැම්මා

උපත : 1988

විපත : 2004

ශෙනුන් විද්වාන් සොයුරාට නිවන් සුව !

පොටෝ එක යටින් එහෙම තියනකොට හැගීමක් මම කලේ හැගීමක් නැති ඇස්වලින් ඒ දිහා බලන් උන්නු එක.....කිසිම හැගීමක් නැද්ද ? මගෙ හිත මගෙන්ම අහනකොට මගෙ මූනෙ ලාහිනා රැල්ලක් ඇදුනා.....මෝල්ට් පාට ඉර එලිය හරි ලස්සනට පොලව අරක්ගන්නකොට කැන්වස් අහසෙ ඉර බැහැගෙන යන හැටි මම බලන් උන්නා.....අහස ලස්සනම හවස් වරුවලට......එවෙලෙට තමයි ඉර උනත් තමන් ලග තියන ලස්සනම පාට වලින් ඔය වලාකුළු හැඩකරන්නෙ

" දවසක් කෙනෙක් මට කිව්වා ඉර ලස්සනම අහසට එනවට වඩා අහසින් බැහැලා යනකොට කියලා "

පිටිපස්සෙ උන්නු රශේන් අයියාට මම කියනකොට එයාගෙන් ඒකට උත්තරයක් හම්බුනේ නැතත් මොකද ඉස්සර බලන් උන්නු මම ආයම කතා කරන්න ගත්තා

" අයියා දන්නවද මෙතනට ආවහම මට දැනෙන්නෙ හරිම හිස් හැගීමක් විතරයි.......අඩුම පොඩිම දුකක්වත් මට නෑ ඒක හරියට නිකන් සුදු පාට කඩදාසියක් වගේ......මුකුත්ම නෑ........මගේම සොහොන් කොත දිහා බලන් මෙහෙම හිනාවෙන එකම මනුස්සයක් සමහරවිට මම වෙන්න ඇති අයියෙ.......ඔයා කිව්වා වගේ එදා මට ඕන මගුලක් කියලා ඔයා එනකන් ඉන්න තිබුනා ඒත් වෙන්න තියන දේ මොනාමහරි වෙලා වෙනවා......දෛවයේ සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ.......අපිට පුලුවන් ඒ දිහා බලන් ඉන්න විතරයි.......හැමදේම වෙන්නෙ වෙන්න තියන හොදම විදියට කියලා ඇයි අපිට බැරි හිතන්න.........සමහරවිට මම දැන් ඔතන නැතුවත් ඇති "

මම කිව්වෙ කොත පෙන්නලා......ඇත්තටම    එහෙව් හැගීමක් දැනෙන්නැති එකත් එක අතකට හොදයි

" විද් ! "

රශේන් අයියා ටිකක් සැරට කතා කරනකොට මම එයා පැත්ත හැරුනා

" විද් කියන්න එපා......මම විද් නෙවෙයි ශෙවින් කියන්න "

ඒ මූන දිහා බලපු මම උරහිස් ඇකිලුවා......අර අලු ඇස්වල පිටට පෙන්නන්න බැරි හැගීම් දාහකුත් හැංගිලා තියනකොට පලවෙනි වතාවට මම එයාව ඕනකමින් මග ඇරියා

" මම දන්නවා ඔයාට හුරු නැතුව ඇති......ඒ තියා කාලයක් අයියා කියලා කටපුරා කිව්ව මනුස්සයට මට දැන් හිතහදාගෙන අංකල් කියන්න බෑ......කොහමත් බෑ...."

එහෙම කියපු මම අඩි දෙක තුනක් ඉස්සරහට තියන ගමන් එයාට සමාන්තරව හිටගත්තෙ අලු ඇස් අයිතිකාරයා දිහා කෙලින් බලනගමන්......ඉතින් මට කීවෙනි වතාවටදෝ මංදා ආයම හිනාවක් ගියා.....වෙනසක් නෑ එදා වගේමයි මම තාම උස ඒ පපු මට්ටමට විතරයි......ඇගිලි තුඩුවලින් පුලුවන් උපරිමයක් උඩට ඉස්සුන මම ඒ මූනට එබුනා

" මිනිස්සු මේ ලෝකෙ ඉන්නෙ හරිම පොඩි කාලයයි අයියෙ ඒ හන්දා තමන්ට දැනෙන දේවල් හංගන් ඉන්න හොද නෑ......සමහරවිට එහෙම හිතලා එදා මම ඔයාට කලේ වැරැද්දක්වෙන්න ඇති.....මම කීයටවත් හිතුවෙ නෑ එදා අහම්බෙන් ඇස් වලට අහුවෙච්ච රූපයක් අදටත් මා එක්ක ඉදීවි කියලා.....එක්කො මට ඒ චිට් එක ඔයාට නොදී ඉන්න තිබුනා.....එහෙනම් අදටත් අපි ' නොදන්න ' මිනිස්සු "

මම එන්න හැරුනත් මොකද මගෙ අතේ මැණික් කටුව ගාවින් ඒ අතක් තදවෙනකොට මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා

" ඔයාට එහෙම හිතෙනවද "

" කොහමද "

" ඒ හැමදේම අපරාදෙ කියලා "

" අපෝ නෑ......ඒ හැමදේම උනේ හොදම විදියට ඒත් සමහර දේවල් ඒ විදියටම උනේ අපරාදෙ කියලා හිතුනා "

මීට පැයගානකට පෙරාතුව හිත්වල තිබුන අර ලස්සන හැගීම දැන් නෑ කියලා දන්නවා......මම ආයම වතාවක් බෙල්ල විතරක් හරෝනගමන් මගේම සොහොන් කොත දිහා බැලුවා......මේ පලවෙනි පාර ඒ වගේම අන්තිම පාර........මෙච්චර වෙලාවක්ම සාක්කුව අස්සෙ තිබුන රතුපාට ඉටිපන්දම එක්ක මිදුලෙ වැටිලා තිබුන අරලිය මල් ඒ අතක තියපු මම එන්න ආවා

" අන්තිම වතාවට යන්න හැබැයි ආය වැරදිලාවත් එන්න එපා.......ඒ හැමදේම දැනටමත් වෙලා ඉවරයි "

*

*

*

" පරිස්සමට යන්න වස්තුවේ අම්මා බලන් ඉන්නවා ආයම මගෙ පුතා එනකන් "

" ඉතින් මම එනවනෙ ආයම ඔයාලව බලන්න "

අම්මටයි තාත්තටයි වැදුපු මම අතවනාගෙන කාර් එක ලගට ආවෙ රශේන් අයියත් ඒ දෙන්නට වදිනකොට.....කාර් එකේ ඉස්සරහ දොරට අත තියපු මම කොන්ඩෙ අතින් පිටිපස්සට හදනගමන් රශේන් අයියා දිහා බැලුවා

" මොකද "

" මම ඩ්‍රයිව් කරන්නද "

" ම්ම්ම්......එනවකො බලන්න "

" බයවෙන්න එපා අයියෙ මගෙ ඩ්‍රයිවින් හොදයි ආහ් "

" මල්ලි ! "

" මල්ලි නෙවෙයි අනේ පුතා.....පුතා කියලා කතා කරන්න "

මම හිනාවෙවීම රශේන් අයියා මගෙ පැත්තට එව්ව යතුර එක අතකින් අල්ලගන්නගමන් ඩ්‍රයිවින් ශීට් එකේ ඉදගත්තෙ අනිත් පැත්තෙන් එයත් ඇවිත් නගිනකොට......එලියටවෙලා බලන් උන්නු අම්මාටයි තාත්තටයිත් හෝන් එකක් ගහපු මම කාර් එක රිවර්ස් කරනගමන් පාරට දැම්මා......රශේන් අයියා ෆෝන් එක ඔබනහැටි ඇහැ කොනට අහුවෙනකොට මුකුත් කියන්න නොගිය මම වාහනේ අරන් ආවත් මොකද ටික දුරක් එද්දි නෝට් උන දෙයක් හන්දා ශේප් එකේ සයිඩ් කන්ණාඩියෙන් පිටිපස්ස බැලුවා

ඔය ඉන්නෙ......මම ඒත් බැලුවා මෙච්චර පරක්කු ඇයි කියලා......එහා පැත්තෙ උන්නු  එයා දිහත් එක සැරයක් බලපු මම ලෑල්ලටම පෑගුවෙ අයියා මගෙ දිහා කන්න වගේ බලනකොට....

" මට නිකමට හිතුනා තමුසෙ මගෙන් වාහනේ ඉල්ලනකොට "

" මගෙ ඩ්‍රයිවින් පට්ට නේ..හ් ඈ අයියෙ "

" ම්ම්ම්ම්......හැබැයි මගෙ තරම් නෑ "

ම්...මොකක් ? එයා කිව්වෙ මොකක්ද බලන්න ඇසුත් ලොකු කරන් මම රශේන් අයියා පැත්තට බෙල්ල ඇල කරනකොට ලාවට හිනාවෙනගමන් එයා ඔලුවෙන් ඉස්සරහ පෙන්නුවා

" පාර බලන් ඩ්‍රයිව් කරන්න මට අඩුවයසින් මැරෙන්න බෑ "

" අඩු වයසින් ? ඒයි ඕක මම කියන්න ඕන එකක්නෙ "

අවසානයටම යුනි එකේ පාක් එකේ කොනක වාහනේ නතරකරපු මම පිටිපස්සෙ තිබුන බෑග් එකත් කරට දාගන්න ගමන් බැහැලා එන්න ආවත් මොකද පිටිපස්සෙන් ඇහුන කටහඩකට මාව නතර උනා

" ශෙවින් "

පලවෙනි වතාවට රශේන් අයියා මගෙ දැන් නම කියලා කතා කරනකොට පස්සෙන් පස්සට යනගමන් මම එයා දිහා බැලුවා.....වාහනේට හේත්තුවෙලා උන්නු රශේන් අයියගෙ තොල් මිමිණෙන හැටි මට මෙතනට පේනකොට එයාටත් ඔලුව වනාගෙන මම එන්න ආවා

" පරිස්සමට ! "

ඔයා දන්නවද මනුස්සයෙක් දකින ලස්සනම හීනෙ මොකක්ද කියලා ?

නෑ....

" ආදරේ "

( COPIED)

🌼  ආ පැටියෝ කෝමතේ?

හොදින්  ඉන්නවැයි........ආයම දවසක එන්නම් 🥹🥹🥹🥹

Share This Chapter