Back
/ 47
Chapter 42

🌼 Chapter 41 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මම බලන් උන්නෙ පාර දෙපැත්තටවෙන්න පහුවෙලා යන පරිසරය දිහා.....රශේන් අයියා වාහනේ ඩ්‍රයිව් කරනකොට එයාට මෙහා පැත්තෙන් උන්නු මම රේඩියෝ එක ඔන් කලා.....ඉවසන්න බැරිම තැන අම්මලාව බලන්න එක්ක යන්න කියලා මම එයාට වැන්දෙ නැති ටික විතරයි......මම එයාලව දාලා ගිය දවසෙ ඉදන් රශේන් අයියා අම්මවයි තාත්තවයි බලන්න ගිහින්.....මම නැතත් එයා හොදට ඒ දෙන්නව බලාගත්තු වග නොකිව්වට මොකද මම දන්නවා

මම එක මොහොතකට කල්පනා කලා.....ඒ දෙන්නා හුගක් වයස ඇතිද......සමහරවිට එදා වගේ තාත්තගෙ සරම් ගැටේ ආයම මට ඉදගන්න බැරිවේවි......වයසට උනාට නම් කමක් නෑ අම්මයි තාත්තයි ලග ආයම ඉන්න තිබුනනම්.....එයාලා මාව දැකලා පුදුම වේවිද.....මට අනිත් පැත්තට මගෙ දැන් අම්මාවයි තාත්තවයි මතක්වෙනකොට බර හුස්මක් පිට දැම්මා.....ඒ දෙගොල්ලොම මට ඕන......ඒ දෙන්නා මේ ගමන එන්න යන්න හා කිව්වත් මම දන්නවා ඒ අම්මාත් මම එනකන් බලන් ඉන්න වග......සමහරවිට අප්පච්චි උනත් මගෙන් කෝල් එකක් එනකන් වැඩ අස්සෙ උනත් බලන් ඇති

කවුද කැමති තමන්ගෙ දරුවන්ව තවත් කෙනෙක් එක්ක බෙදාගන්න? ඒත් මම දන්නවා ඒ දෙන්නා අමාරුවෙන් හරි මාව එයාලා එක්ක බෙදාගන්න වග...

පහුවෙලා යන ගෙවල් දිහා බලන් කල්පනා කලා.....කලර් ලයිට් එකට සුදු ඉරට මෙහායින් රශේන් අයියා කාර් එක නවත්තනකොට  ස්කෝලෙ පටන් ගන්න ටයිම් එක හන්දා හුගක් ළමයි සැරෙන් සැරේටම පාර මාරු උනා.....මම බලන් උන්නෙ සුදු ඇදන් කයිය ගගහා හිනාවෙවී යන ලමයි දිහා වෙනකොට ඊලගට ඇස් ගියෙ ඊට එහා පැත්තෙ තාප්පෙ නම ගහපු අපි' කලින් දවසක ' ගියපු ස්කෝලෙට

ගේට් එක ලග හිටන් උන්නු ප්‍රිෆෙක්ට්ලා එතනින් යන කොල්ලොන්ගෙ කොන්ඩ රැවුල් බලන හැටි මට මෙතනට පෙනුනා.....සුදු අත් දිග ශර්ට් එකට තද නිල්පාට එක්ක රතු ඉරි ගියපු ටයි එක කොහම අමතකවෙන්නද......මොකක්හරි උත්සවයක් තිබ්බ දවසක අපි හැමෝම ලග අඩුම සාක්කුවේ හරි ඔය ටයි එක තිබුනා.....නායකන්ස් කිව්වහම ඒ එන ගැම්ම මෙවෙලෙත් මට හොදටෝම දැනුනා

සියනෑවෙ මුතු ඇටය......ඒත් එක්කම මට මතක් උනේ ආශර කියපු දේ වෙනකොට මගෙ මූනෙ ලස්සන හිනා රැල්ලක් ඇදුනා.....එදා දවසක මමත් ඒ වගේම එයත් ඔය ස්කෝලෙටම ගියපු හැටි මට මතක් උනා....කොච්චර ලස්සනද ඒ කාලෙ ඇත්තට......ඒ වගේම ඒවා හරි වේදනයි.....ඒ යාලුවො අද කොහෙදවත් දන්නෑ

සුලගේ ලෙලෙනා මලසේ දගපා

අප පාසල් ගිය කාලයේ

යාලුවො අද නැත වෙන අය එහි ඇත

කාලය මැව් වෙනසක අරුමේ



අපේම පාසල අපේම මව විය

එදවස් අපහට නැත ආයේ.....

ඕක ඇතුලෙ තියන හැම තැනම මම කරක් ගහලා ඇති.....අපි සෙට් එක එකතුවෙලා ස්කෝලෙ තිබුන ගස්වල ගෙඩි කඩලා කැන්ටිමෙන් ලුණු එතකොට මිරිස් එක්ක කොච්චර නම් අච්චාරු දාලා කන්න ඇතිද.....සමහර දවස්වල පසිදුලා එක්ක පීරියඩ් හිටන් කට් කලා.....ඔෆිස් එක ඉස්සරහ කොච්චර නම් කියලා දනගහන් ඉන්න ඇතිද මං අහන්නෙ ? ඇයි අර ඇහැළ ගහ......ඒකත් කාලයත් එක්ක වයසට යන්න ඇති.....ඇහැල කදට කකුලක් නවලා බර දීලා හිටපු අලු ඇස් අයිතිකාරයව මට මතක් උනා......පුස්තකාලෙ ලී රාක්ක ආශ්‍රේකරපු ඒ කාලෙ කතා පොත් දැන් කහ හැහිලත් ඇති......සමහරවිට ඒවා දැන් නැතුවත් ඇති

කලර් ලයිට් එකේ කොළ පාට පත්තුවෙනකොට රශේන් අයියා ස්පීඩ් එකෙන් වාහනේ ඩ්‍රයිව් කරන්න ගන්නකොට මම පැත්තට පේන ඒ මූන දිහා බැලුවා

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා

සදකින්දරි සුන්දරී මුතු පලස මත දිදුලනා

මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

සදකැන් හොරෙන් මුව තවරලා

මල් මල් ගවුමකින් ගත සරසලා

ඉදිකඩ උඩින් තරුනෙත් වසා

මතකයි තවත් අපි හිනැහුණා

" ඒ කාලෙ හරි ලස්සනයි නේද "

" ම්ම්ම්......ඒත් මම ආස නෑ විද් "

පාර දිහා බලන්ම රශේන් අයියා කියලා දානකොට මම හිනාඋනා

" ඔයා එතකොට ඒලෙවල් මම ඕලෙවල් කරන්න උන්නෙ.....එතකොට ඔන්න මෙන්න "

" විද් ! ඕක නවත්තන්න......මම ආස නෑ "

ඒ කටහඩ ගැඹුරුයි ! නොහිතපු වෙලාවක වාහනේ අතුරු පාරකට දාන ගමන් පාරෙ අයිනට කරලා නවත්තනකොට මම එයා පැත්ත හැරුනෙ ඇයි කියලා අහන්න උනත් මොකද අහන්න ගියපු වචන ගොලු උනා.....මම බලන් උන්නෙ ශීට් බෙල්ට් එක පන්නනගමන් මගෙ මූනට එබුන එයා දිහා.....ඒ උගුරු ගැටේ වේගෙන් උඩට පහලට යන හැටි ඒ හීතල බැල්ම ඇස් පිල්ලම් වාර දෙක තුනක කාල පරාසයක් අස්සෙ මට අහුවෙනකොට අර හැම නිතරෝම දැනෙන ලක්සරි වැනිලා සුවද වෙනසක් නැතිවම දැනුත් පපු කුහර අස්සට හරි අපූරුවට එබුනා....ඉතින් ආයම වතාවක් මගෙ හුස්ම හිරඋනා

මේ කීවෙනි පාරද ඇත්තටම මම ඒ ඇස් අස්සට එබෙන.....අර කලු ඇස් ඇස් මගෙ මූන උඩ නැවතිලා තියනකොට අමාරුවෙන් උනත් කොහෙන්දෝ අහුලගත්තු වචන දෙක තුනක් එක්ක මම කතා කලා

" අ...අයියෙ මොකද මේ "

" ඔච්චරට අසිහියෙන්ද උන්නෙ විද්.......වාහනයක් එනවා පේන්නෙ නැති තරමටම තමුසෙ උන්නෙ අසිහියෙන්ද විද්වාන් "

" ............"

රශේන් අයියා අහනකොට මම මුකුත්ම නොකියා උන්නෙ ඒකට දෙන්න තරම් හරිහැටි උත්තරයක් මගෙ ලග තිබුනෙ නැති හන්දා.....එයා ඉන්නෙ කේන්තියෙන්.....ඒ අත්වල නහර වැල් ඉලිප්පිලා තියන විදියෙන් මට ඒක නොතේරෙනවා නෙවෙයි.....මතක් කරන්නවත්  එපා කියපු එයාම ඇයි දැන් මේ ඒවා කියවන්නෙ

මගෙන් උත්තරයක් නැති තැනද කොහෙද රශේන් අයියා ශීට් එකේ කෙලින් වෙනකොට මම බලන් උන්නා.....එයා ලොකු හුස්මක් පිට කරද්දි මම ඔහේ උන්නා......එව්වා ඇවිත් හිතන්නවත් බැරි තරමට ටොන් ගනන් බර හුස්ම පොදවල්

" මම එදා කිව්වා මල්ලි මම එනකන් බලන් ඉන්න කියලා.....ඒත් උබ මම වැඩ ඉවරකරලා එන ටිකටත් ගිහිල්ලා.....ස්කෝලෙ හැම තැනම මම ඔයාව හෙව්වා බැරිම තැන යසිරුලාගෙන් පවා ඇහුවා ඕයි......අන්තිමට ඔයා ගිහින් ඇති කියලා පහුවෙනිදට හම්බෙන්න කියලා ගෙදර ගියා......ඒ ගිහිනුත් කෝල් ගත්තා....ඒත් උත්තරයක් නෑ......සමහරවිට ඔයා එදා මොන හේතුව පිට හරි මම එනකන් උන්නනම් "

" ............"

" එහෙනම් අද මෙහෙම නොවෙන්න තිබ්බා මල්ලි "

" මට සමාවෙන්න "

" මොකටද "

රශේන් අයියා මගෙ දිහා බැලුවෙ ඇයි අහන්න

" ඔයා වැ‍රැද්දක් කලේ නෑ විද්......මට සමාවෙන්න "

රශේන් අයියා ශීට් එකට ඔලුව තියන් හිමිහිට මුමුණනකොට මම එපා කියන්න ඔලුව වැනුවා.....එදා මොනා උනත් මට එයා එනකන් ඉන්න තිබුනා.....එහෙනම් අද හුගක් දෙනා විදවන්නෙ නැතුව ඉන්න තිබ්බා.....ඒත් අනිත් පැත්තට එහෙම උනානම් අද මාව අනිත් අම්මාටයි තාත්තටයි හම්බවේවිද.....එයාලත් මට කලින් දෙන්නා වගේම ආදරෙයි

' හැමදේම වෙන්නෙ හොදට' කියලා හිතලා  හිත හදාගන්න පුලුවන් නම්

" යමු "

රශේන් අයියා වාහනේ ආයම ගන්නකොට මම ෆෝන් එක කොටන්න ගත්තෙ ආශරගෙන් මැසේජ් එකක් ආපු හන්දා.....මූ එක්ක බෑ අඩේ......ගම්පහ ටවුම පාස් කරලා ටික දුරක් එනකොට ගෙදර ලන්වෙනවා නේද කියලා මතක් වෙද්දි සතුටක් දැනුනා......අනිත් පැත්තෙන් ඒ වගේම දුකක් දැනුනා.....මම උන්නෙ කලබලවෙලා නෙවෙයි කිව්වොත් ඒක බොරුවක්....අම්මගෙයි තාත්තගෙයි මූණු මැවි මැවි පේනකොට මම කලේ ඇගිලිතුඩු එකට තදකරගත්තු එක

අවසානයටම වාහනේ ගේ ලගින් නැවතෙනකොට පපුව හාරගෙන යන්න වේදනාවක් දැනුනත් මොකද මම කාගෙන උන්නා.....ඉස්සර කොච්චර නම් කියලා මම මේ ගේ අස්සෙ එහාට මෙහාට යන්න ඇත්ද.....තාත්තා වැඩ ඇරිලා එනකන් අම්මයි මායි සාලෙටවෙලා බලාගෙන ඉදලා ඇත්ද.....මම ලාවට බෙල්ල හරෝනගමන් රශේන් අයියා දිහා බලනකොට එයා ඔලුවෙන් යන් කියලා වාහනෙන් බහිද්දි පපුව පුරවලා මම ලොකු හුස්මක් ගත්තා

අහේතුවකට මගෙ අතක් ඒ විසල් අතක පැටලෙනකොට වාහනේ සද්දෙටද කොහෙද අම්මයි තාත්තයි එලියට ආවෙ එයාලා දැකපු මගෙ ඇස් වල කදුලු පිරෙනකොට.....අනේ එයාලා වයසට ගිහින්

" රශේන් පුතා ඔයා ආ_"

" අ...ම්මෙ...හ් "

මෙච්චර වෙලාවක්ම හිරකරන් උන්නු කදුලු කැට එක දෙක හරි ඉක්මනට පොලවට වැටෙනකොට රශේන් අයියා එක්ක හිනා උන අම්මා එයාගෙ එහා පැත්තෙ උන්නු මාව දැකලා ශොක් උනා......ඉස්සරහට එන්න හදපු ඒ දෙන්නා එතනම නැවතෙනකොට තාත්තා දිහා බලපු මම ඒ නම හිමිහිට මිමිණුවා...

" අම්මෙ ! "

" ආන්ටි "

දැක්ක දේ විශ්වාස කරන්න බැරිවද කොහෙද මා දිහා ටික වෙලාවක් බලන් උන්නු අම්මාට කලන්තෙ අල්ලනකොට මම කලේ ටක්ගාලා ඉස්සරහට පැනලා එයාව අල්ලගත්තු එක.....තාත්තා තාමත් උන්නු තැන ඒ විදියමයි.....එක අතකට පුදුමවෙන්න දෙයක් නෑ තමන්ගෙ මැරුණ පුතා අවුරුදු ගානකට පස්සෙ ආයම දැක්කහම කවුද ඔහොම ස්ටක් නොවී ඉන්නෙ

" තාත්තෙ අම්මා "

" සදූ.......මැණිකෙ මාව ඇහෙනවද "

මම මගෙ අතට හිරවෙලා තිබුන අම්මගෙ අත හිමිහිට පිරිමැද්දා......එයාලා කොච්චර වයසට ගිහින්ද.....ඒ අතේ හම රැලිවැටිලා ගිහින්.....නහර වැල් පෑදිලා.....එහා පැත්තෙ උන්නු තාත්තා තාමත් මගෙ පිට අතගානකොට අම්මගෙ අත මම කම්මුලට තියාන තදකරන් ඇස් පියාගත්තා

" මගෙ රත්තරනේ......අම්මා බලන් උන්නා වස්තුව එනකන්......ඔයාට කොහමද පුතේ"

" මම හොදින් ඉන්නවා අම්මා "

" මගෙ පුතා ඉස්සර වගේමයි දෙයියනේ "

අම්මා ආයම සැරයක් මගෙ මූන ඒ දෝතට අරන් ඉබිනකොට මම ලාවට හිනාඋනා.....දැන් කී වතාවක් නම් කියලා එයා මාව ඉම්බද....මාව අතගෑවද....ඒත් තවම ඇතිවීමක් නෑ.....අවුරුදු ගානක්ම මග ඇරුන මාව මේ පැය ගානට එයාල එහෙම කවර් කරගනීද....අම්මාගෙ කදුලු වලින් ඇදන් උන්නු ඇදුම පෙගිලා යනකොට කීවෙනි වතාවටදෝ මංදා තාත්තා බර හුස්මක් පහලට දානහැටි මම අහගෙන

" තාත්තා මම බලන් උන්නා ඔයා ආයම එයි කියලා වස්තුව "

" මම දැන් ආවනෙ අම්මෙ.......මම ඉන්නවා"

මම හිමිහිට පහත්වෙන ගමන් අම්මාගෙ කම්මුලක හාදුවක් තැවරුවෙ හරි ආදරෙන්......එහා පැත්තෙ උන්නු තාත්තාගෙ අත් අස්සට මම රිංගනකොට ආයම වතාවක් අම්මා මගෙ ඔලුව අතගෑවා.....එයාලා කිව්වා වගේම  එයාලා මං එනකන් බලන් ඉදලා.....මට එයාලාව මගඇරිලා ගිහින්

" අනේ ඇති අම්මෙ බඩ පිරිලා "

" බඩපිරිලා කියලා කියන්නෙ දරුවො බලන්නකො ඇගේ හැටි.......කෝට්ට වගේ......කෝ ආ ගාන්න මේ ටික විතරයි......රශේන්.....පුතා තල ටිකක් බෙදන් කන්නකො එක්කො මම බෙදලා දෙන්නද "

" එපා ආන්ටි මේ ඇති "

අම්මා ඇති කියද්දිම තව බත් කටක් කටට ඔබනකොට  මම නොක්කාන්ඩුවට මූණ පුම්බගත්තා.....රශේන් අයියා උනත් කන්නෙ මෙහෙට ආවහමද කොහෙද......පිගානෙ පැත්තකටවෙන්න තිබුන පපඩම් කෑල්ලක් අරන් මම එහෙම්මම කටට දාගත්තා.....ඉස්සර නම් ඕක ඇතුලට බත් දාලා කනවා...

" ආ මේ අන්තිම කට "

" ඕකෙන් ඇති හරිද "

" හා ආය නෑ "

අම්මා දික්කරපු අන්තිම කටත් කාපු මම පෝන් එකත් අරන් මිදුලට ඇවිත් ඇට්ටේරියා ගහ ලග හිටගත්තා......ආව වෙලාවෙ අම්මාට කෝල් එකක් දුන්නට ආයම ගන්න බැරිඋනානෙ......' අම්මා 🩷' කියලා සේව් කරන් උන්නු නම්බර් එක ඩයල්කරලා මම කනේ තියාගත්තෙ රින්ග්ස් දෙකක් යන්න කලින් එහා පැත්තෙන් උස්සනකොට

" සුදු පුතා "

ඒක ඇවිත් හරි සන්සුන් කටහඩක්......අම්මාගෙ හීනි කටහඩ එහා පැත්තෙන් ඇහෙනකොට මගෙ මූනට හිනාවක් ආවා

" කාලද ඉන්නෙ දැන් "

" ඔව්නෙ මේ දැන් ටිකකට කලින් කෑවෙ......අම්මා කෑවද "

" ම්ම්ම් තාම නෑ අප්පච්චි එනවා කිව්වානෙ ඒ හන්දා උන්නා "

අවසානයටම කෝල් එක කට්වෙලා යනකොට පෝන් එක සාක්කුවේ දාගෙන ගෙට එන්න හැදුවත් මොකද මැසේජ් එකක් ආපු සද්දෙට මම වට්ස්ඇප් ගිහින් බැලුවෙ ඒක ආවෙ කාගෙන්ද කියලා

අම්මටසිරි !

අපූර්වා......මොකටද දන්නෑ මැසේජ් කලේ.....මොනා උනත් ආශර එදා කිව්ව දේ අහන්න තිබුනා කියලා මට දැන් හිතුනා...

" ශෙවින් අපි මීට්වෙමුද "

" සොරි අපූර්වා බැරිවෙයි "

" එහෙමද "

අපූර්වාට බෑ කියන එක පැහැදිලි කරලා මැසේජ් එකක් යවපු මම හොද හුස්මක් අරන් පිටිපස්සට හැරුනා.....දොරකඩවෙලා අත් දෙකත් බැදන් මේ පැත්ත බලන් ඉන්න රශේන් අයියා දිහාට මෝඩ පහේ හිනාවක් දුන්නු මම ශේප් එකේ ගෙට එන්න හැදුවත් මොකද

" ආ...ව්හ් අනේ ! "

" නටපන්කො උබ ඔහොම "

"  අනේ මේ මම නම් නටපු නැටුමක් නෑ......එතන රිදෙනවා "

" රිදෙන්න තමා ගැහුවෙ "

රශේන් අයියා කියනකොට එයාට රවපු මම ඔලුවත් අතගගා ඇතුලට ආවා.....ඔලුවට ඇන්න ටොක්ක නම් අපරාදෙ කියන්න බෑ රිදුනා හික් ගෑවෙන්නම......කොහම දැනගන්නවද මංදා.....කලින් රවපු එක මදියි කියලා  හිතුන තැන මම කලේ පිටිපස්ස හැරිලා ආයම හොදට අරයට රවපු එක

" මොකද උබ "

" මුකුත් නෑ "

හොරෙන් බලද්දි ලොකුවට දැක්කෙ නෑ වගේ අහක බලන්නෙ......මටත් පුලුවන් අර අලු ඇස් අයිතිකාර පාර්ශවේ වගේ නලල රැලි කරන් හොදට රවන්න !

අම්මාව හොයාගෙන යන්න ගියපු මම ආයම හැරිලා රශේන් අයියා දිහා බැලුවෙ එයා එක ඇහි බැමක් උඩ යවනගමන් ඇයි කියලා අහද්දි

" මම ඔයාට බය නෑ ! "

🌼 ඔන්න අදත් ආවා අනේ...ව්

ශෙවින්ගෙ කොන්ඩ කට් එක හරියට ඔය වගේ......!

600 followers !

🤍🤍🤍🤍🤍🤍

ආදරෙයි 🌼🌼

Share This Chapter