Back
/ 47
Chapter 41

🌼 Chapter 40 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

කොච්චර වෙලාවක්ද කියලා නොදන්නවා උනත් මොකද අපි තාම උන්නෙ පාර අයිනටවෙන්න නවත්තපු කාර් එක ඇතුලෙ.....මීට ටික වෙලාවකට පෙරාතුව ඇක්සිඩන්ට් උන තැන දැන් හිස්වෙලා ගිහින් තියනකොට ඒ මනුස්සයා හැප්පුන තැන වේලුන ලේ තිබුනා....එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න එතන උන්නෙ පොලිසියෙන් විතරක් කියලා ඈත ඉදන් උනත් අපි මෙතනට දැක්කා......ශොක් උන පාර හයිවේ දුවපු හදවත ඒ තරමටම නැතත් තාමත් වේගෙන් ගැහෙන්න ගත්තා.....සමහරවිට නොදැනුනා වගේ උන්නට හේතුව ඒකම නොවෙන්නත් පුලුවන්

" ම්ම්ම්ම්......"

" තෑන්ක්ස් "

මම කිව්වෙ මගෙ දිහාට දික්උන වතුර බෝතලේ ගන්න ගමන්.....මිලි තප්පර ගානකට විතරක් සීමා උන ස්පර්ශයක්......රශේන් අයියා දික්කරපු වතුර බෝතලේ මම ගන්න ගියත් මොකද දැනෙන නොදැනෙන ගානට ඒ ඇගිලිතුඩු මට ඇඟිලිවල ගෑවෙනකොට අහේතුවකට මගෙ ඇස් අර ඇලු ඇස් අයිතිකාරය පාර්ශවේ ලග නැවතුනා

සමහර සියුම් ස්පර්ශ වලට පුලුවන් අපේ හද ගැස්ම අපිටත් නොදැනෙන ගානට වෙනස්කරන්න හරි අපූරුවට

පහු උන ගිම්හාන ඍතුව කොච්චර නම් දුශ්කරද කැලික්ටස් ??

හැරී, අපි කතා කරන වචනවල තමයි මැජික් එක තියෙන්නෙ...

වචන වලට පුලුවන් හිතක් හදන්න වගේම හිතක් බිදලා දාන්න....

ජීවිතවලට අදුරුතම කාල වකවානු එනවා හැරී , අපි ඇබ්බැහිවෙන්න ඕන අදුරු තැන්වලට බයවෙන්න නෙවෙයි ඒ තැන්වලට ආලෝකය අරගෙන යන්න

මැරුණු මිනිස්සුන්ට අනුකම්පා කරන්න එපා හැරී, අනුකම්පාව උනත් ලැබෙන්න ඕන ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට....ඊට වඩා කිසිම ආදරයක් නොලබා ඉන්න මිනිස්සුන්ට !

( COPIED)

ප්ලාස්ටික් වතුර බෝතලේ මැද හරියකට වෙනකන් බීපු මම වීදුරුවෙන් එහා පැත්ත බලාගත්තා.....මොනාද කියන්න ඕන කොතනින් කොහම පටන් ගන්නද කියලා මට තාම හරිහැටි හිතාගන්න බැරිකොට දැනෙන හැගීම් තෝර බේරගන්න ඕන හන්දම මම කලේ අර අලු ඇස් එක මොහොතකට හරි සූක්ෂම විදියට මග ඇරපු එක.....අවුරුදු කීයක්ද ඇත්තටම ? මට තාම හිතාගන්න බෑ......ඒ හැමෝම ඉන්නවා....මම තාම දැක්කෙ රශේන් අයියා එක්ක අකේශි උනත් මොකද ඒ හැමෝම තාමත් ඉන්න වග මම දන්නවා......මට පුලුවන්ද පසිදුලා යසිරුලාට ඉස්සර වගේ ෆිට් එකට කරට අතදාන් කතා කරන්න.....හරියට ආශරට වගේ......එක මොහොතකට මම හිතුවා

නෑ මං අහන්නෙ කොච්චර දේවල් වෙනස් වෙලාද......මී මැසි ඔපෙරා නෑහුනාට මල් ඔටුනු ඉස්සර වගේ හැදුනෙ නැති උනාට අර ඇහැළ ගහ උනත් කාලයත් එක්ක වයසට යන්න ඇති......අර කිව්වත් වගේ එදා ස්කෝලෙ අපි ගීය හැමතැකම අද වෙන අය ඇති......දැනිලා තියනවද කාලයක් තිස්සෙ තමන්ගෙම ලගම අයව මග ඇරිලා ආයම ඒ අය හම්බුනාම ඒ දැනෙන හැගීම? කොච්චර වේදනාවක්ද ඒක

ඇත්තටම ඒ ඇවිත් මහ වේදනාකාරී පරිච්ඡේදයක් !

කලුවර අහසෙ තරු රටා දාස් ගනනින් පිරිලා තියනකොට හරියටම ඒ මැද අර හද  හරි ආඩම්බරකමට පායලා තිබුනා.....ඉදහිටක ඔය හද පහුකරන් යන හීන් වළාකුල් රැල්ලක් දෙකක් ඇරුනහම ශිශිර ඍතුවේ කොහේදෝ ඈත එපිට ඉදන් හමන් ආපු හුලග බැලේ ඩාන්ස් නටනගමන් අපේ ඇගෙත් වැද්දීගෙන යන්න ගියා

" ඕවා බොන්න එපා.....දැන් ඔය කීවෙනි එකද "

" මේක විතරයි "

" කිව්වනෙ ඔය ඇති අයියෙ ! "

මම කිව්වෙ රශේන් අයියගෙ ඇගිලි අස්සෙ හිරවෙලා තිබුන ඩන්හිල් එක උදුරලා අරගෙන එලියට විසිකරන ගමන්.....ඔය දෙවනි එක එයා බොන්න හදපු.....කලින් එකක් බිව්වත් මොකද මම සද්ද නොකරන උන්නෙ එයා ඉන්න ඇත්තෙත් පීඩනයකින් කියලා හිතපු නිසා.....මංම පේන් නැද්ද.....බීපු ඩන්හිල් එකේ සුවද තාමත් වාහනේ ඇතුලෙ තියනකොට මම කලේ නලල රැලි කරන් රවපු එක.....ඉතින් හිතනවද මම රවපු එක අර ආඩම්බරකාර පාර්ශවේ ගනන් ගත්තා කියලා ? මොන පිස්සුද......කොහමත් එයා ලේසියකට හැගීම් පෙන්නන්න කෙනෙක් නොවනකොට මම උනත් එයාව එහෙමට ගනන්ගත්තෙ නෑ

මොකද සමහර මිනිස්සු එහෙමත් වෙලාවකට කලාතුරකින් වගේ තමන්ට දැනෙන හැගීම් පෙන්නන්නෙ ඇස් වලින්

මෙච්චර වෙලාවක්ම සංකීර්ණව තිබුන ඒ බැල්ම මම රවපු පාරටද කොහෙද මෘදුවෙලා යනහැටි අඩ අදුරෙ උනත් මම නොදැක්කා නෙවෙයි...

" ඔයා හැමදාම ඕවා බොනවද අයියෙ "

" නිතරම නෙවෙයි විද් සමහර වෙලාවට......ටිකක් රිලෑක්ස්වෙන්න ඕන කියලා හිතුන වෙලාවට "

" බොන්න එපා කියලා මට ඔයාට කියන්න බෑ.......ඒත් එකපාර ඔහොම දෙක තුන යූස් කරන්න එපා......ඔව්වා ඇගට හොදනෑ ඇරත් කාලයක් එක්ක ඇඩික්ට්වෙන්න පුලුවන් "

මම එහෙම කියනකොට මෙච්චර වෙලාවක්ම ඉස්සරහ බලන් උන්නු රශේන් අයියා ලාවට බෙල්ල හරෝනගමන් මේ පැත්ත බැලුවෙ අර අලු ඇස් මගෙ ලග නතරවෙනකොට......ඇත්තටම මට එයාට ඕව්වා බොන්න එපා කියන්න පුලුවන්ද.....එහෙම කියන්න තරම් බැදීමක් අපි අතර ඇතියි කියලා මම හිතන්නෑ

" අයි නෝ මයි ලිමිට් විද්......ඩෝන්ට් වොරි.......මම ඇඩික්ට්වෙලා ඉන්නෙ වෙන දේකට "

ඉතින් මම බලාන රශේන් අයියගෙ අර වලව්කාර ඇස් වල ග්ලැසියර බැල්ම එන්න එන්නම මෘදුවෙන හැටි.....වෙනසක් නෑ අදත් මම අර කලු කුහර අස්සෙ තප්පර ගානකට අතරමංවෙලා ගියා.....ඒත් ඉක්මනට මම අහක බලාගත්තා

" මෙතන හුගක්වෙලා ඉදන් ඉන්නෙ.......අපි ගෙදර යමුද.......මේ ආශර දැනටමත් කෝල් පහලවකට වඩා අරන් පෝන් එක සයිලන්ට් දාලා තිබුන හන්දා ඇහුනෙවත් නෑ "

" යන් "

රශේන් අයියා වාහනේ පාරට දානකොට මම පෝන් එක උස්සලා ආශරගෙන් ආපු කෝල් ටික පෙන්නුවා.....කොහමත් දැන් ගෙදර ගියහම හොදට අහගන්නවෙනවා කියලා දන්න හන්දම මම එයාට කෝල් බැක් කරන්න ගියෙ නෑ......එයා බයවෙන්න ඇති......අච්චර හොදට ආපු මම ඔලුවත් අල්ලන් විකාර කියවද්දි ආශර බයවෙන්න ඇති.....එක අතකට එහෙව් යාලුවෙක් ලබන්නත් මම එසේ මෙසේ පිනක් නෙවෙයි කරලා තියෙන්නෙ

ඒත් එක්කම මට මතක් උනේ මලීශලව......ඒ කාලෙ කොච්චර නාසරානි වැඩ කලාද අපි.....ඒ ඇවිත් මගෙම නොවුනත් මගේ සහෝදරයො ගානට උන්නු යාලුවො.....හැම මගුලටම එකට උන්නු අය......ඒත් අද ? එයාලව මතක් උන මට පපුව හූරගෙන බර හුස්මක් පිට උනා

වයස උනාට කමක් නෑ ඉස්සරහ වගේ 'අඩෝ බන් ' කියාගෙන උරහිසට පාරක් ගහගෙන ආයම එකට ඉන්න පුළුවන් නම්....

" බහින්න අපි ආවා "

කල්පානාවෙ ගව්ගානක් දුර ගිහින් උන්නු මම ආයම පියවි සිහියට ආවෙ රශේන් අයියගෙ කටහඩට වෙනකොට වාහනේ දොර ඇරගෙන එලියට ආපු මම දොර ඇරගෙන ගේ ඇතුලට අඩිය තිබ්බෙ රශේන් අයියාත් පිටිපස්සෙන් එද්දි

දඩස්.........!

" ආ....ව්හ් යකෝ..හ් රිදෙනවා බ_ ආශර "

" මොකක්ද ලමයො ඒ කලේ ගෙට ගොඩවෙන්න දුන්නෑනෙ ඒ දරුවට......ඔහොම ගහනවද ආ "

" එහෙම තමා.....උබ මාව බයකලා "

" සොරි ඉතින් "

" ඒ දෙන්නට ගෙට එන්න දෙන්න තරුශාන්"

ගෙට ගොඩවෙන්න හම්බුන්නෑ කොහෙන්ද ඉදන් ඉස්සරහට පැනපු ආශර ගානක් නැතිවම මගෙ පිටට දීලා අදිනකොට වැදුන පාරෙ සැරට මගෙ කට ඇද උනා......රිදෙනවා යකෝ..හ්......ආශරගෙ අම්මා ටොක්කක් අයිනගමන් ඒකාව මගෙන් පැත්තකට කරලා දානකොට ආශරගෙ තාත්තා ලාවට මා එක්ක හිනා උනේ අරකට රවලා.....පව් හැබැයි.....ඒත් මෙහෙමයි see more.....

දඩස්........!

" පලකො අහකට අනේ අම්මෙ ! "

අරකා  වගේ නෙවේ අංකල් මොනා උනත් පට්ට හොදයි......ආශර බුම්මගෙන පැත්තකටවෙලා ඉන්නකොට ඇත්තටම මට දුක හිතුන නිසා එයාව බදාගන්න ගියත් මොකද මම හිතන්නෙ මගෙ සිකුරු ඇදවෙලා බුධ කෙලින්වෙලා අගහරු නීචවෙලා බ්‍රහස්පති කොරවෙලා සෙනසුරු කිචවෙලාද කොහෙද......ඒ තරමටම හොදයි......සහෝදර ප්‍රේමෙට බදාගන්න ගිය පාර ආශර එක්ක මම හැමෝම ඉස්සරහ පාපිස්ට ලේස්සලා බිමට වැටුනෙ ආශර මට යටවෙනකොට

Gammac තමයි ඉතින් !

" ශෙවින් ! ආ...ව් යකෝ මගෙ කොන්ද.....අහකට....අහකට පලයන්කො........නැගිටපන් වුත්තො "

" කුණුහරුප කියන්න එපා ඒයි "

" ට්‍රැක්ද? "

මම එහෙම්මම මුකුත්ම උන්නෑ වගේ නැගිටලා මූනට වැටුන කොන්ඩ කෑලි ටික අත තවලා පස්සට කලා......ආශර කොන්දත් අල්ලන් නැගිටගත්තෙ ආන්ටි එයාට නැගිටින්න උදව් කරනකොට.....මම.එහෙම්මම ශේප් එකේ ඇස් හරෝලා පිටිපස්ස බැලුවත් මොකද ඒ ඇස් දැනටමත් නැවතිලා තිබුනෙ මගෙ ලග වෙනකොට අංකල් එක්ක කතා කරපු මම පැය ගානකට පස්සෙ කාමරේ ඇතුලට ආවා

මට මතක් උනේ මම මෙහෙ ආපුවහම ආන්ටි මගෙ දිහා පුදුමෙන් වගේ බලපු හැටි.....ආන්ටි කිව්වට හරිනම් ඒ තිශාරා අක්කා.....මෙහෙ ආපුවහම හිනාවෙනගමන් මගෙ ඔලුව අතගාපු රශේන් අයියගෙ අක්කා.......ඇත්තටම කාලයක් අක්කෙ අයියෙ බන් කියලා කතා කරපු අයට වෙන විදියකට කතා කරන්න අමාරුයි......ඒකට මට හිත දෙන්නෑ......අදත් තිශාරා අක්කා එදා වගේ හිනාවෙනගමන් මගෙ ඔලුව අතගෑවා.....හරියට එදා වගේම......හැබැයි මල්ලි කියන තැන අද පුතේ කියලා වෙනස්වෙලා තිබුනා

" මම.....මම බය උනා බන්......උබ ඔලුවත් අල්ලන් බිම නැමෙනකොට කරන්න දෙයක් නැතිකමට මම අසරණ උනා "

" මට සමාවෙන්න! මම කියන්නෙ හැමදේකටම "

ඒත් එක්කම වගේ ආශර ඇතුලට එනකොට මම මුකුත්ම නොකියා එයාට දිහා බැලුවා.....මොකද මට මොනා කියාගන්නද කියලා හිතාගන්න බැරි උනා.....තප්පරයක්.......දෙකක්.........තුනක් විතර මුකුත්ම නොකියා මගෙ දිහා බලන් උන්නු ආශර එක පාරටම මාව තදට බදාගන්නකොට හුස්ම හිර උනත් මොකද අනිත් පැත්තට මම එයාව පෙරලා හග් කලා......ඒ කටහඩ වෙවුලනවා.....එයා බයවෙලා.....ඒක මට තේරෙනවා.....මුකුත්ම නොකියපු මම කලේ ආශරගෙ පිට ලාවට පිරිමැදපු එක

" ඔයා දන්නවද "

" මොනවද "

ආශර අහද්දි මම සම්පූර්ණයෙන්ම ඒකාගෙ පැත්ත හැරුනා...

" ආශර නොදන්නවා නෙවෙයිනෙ මම මොනවද අහන්නෙ කියලා "

" ම්ම්ම්.......අම්මා කියලා තියේ......ලොකුවට දන්නෙ නැතත් දැනගන්න ඕන දේවල් දන්නවා "

" ම්ම්ම් "

එයා කියද්දි මම කලේ කල්පනා කරනු එක......ඒ හැමෝම දැනගෙන ඉදලා.....ඒත් නොදන්නවා වගේ ඉදලා....බැරිම වෙලාවත් මට ඔය කිසි දෙයක් මතක් නොවුන නම්? එතකොට? එතකොටත් එයාලා එහෙම්මම ඉදීවිද

" වරෙන් නිදාගන්න හෙට උදෙන්ම මෙහෙන් යන්න ඕන ලෙක්නෙ.......දැන්නම් ඉතින් මාමා බෑ නොකියා අපිව ගිහින් දායි.......අද ඉදන් වීඅයිපී ට්‍රාන්ස්පෝට් ආ..හ්"

" අනේ පලකො යන්න......ලැබෙයි ට්‍රාන්ස්පෝට් බලන් ඉදු ! "

" උබ එපා කිව්වොත් තමා ඉතින් "

ආශර නක්කලේට වගේ කියනකොට මම කලේ නොක්කාන්ඩුවට ඒකාට රවාපු එක.....කටට එන ඒවා කියන්න බෑ.....අරකා මටත් ගගහා හිනාවෙනකොට අත් අස්සෙ තිබුන කොට්ටෙන් මම ආශරගෙ මූන මැදට එකක් ගැහුවා.....පගයා !

මම බෙල්ල හරෝනගමන් නිදන් උන්නු ආශර දිහා බැලුවා......දැන් කොච්චර වෙලාවක්ද......බොරුවට රණ්ඩුවෙලා හිනාවෙලා ආයම තරහාවෙලා අන්තිමට අපි නිදාගත්තා.....නිදාගත්තා කියන්නෙ ආශරට නින්ද ගියාට පැයගානක් ගිහිනුත් මම තාම උන්නෙ ඇහැරගෙන......නින්දයන්නෙ නැතිම තැන මම උඩ තියන සිවිලිම දිහා බැලුවා......අද දවස ගැන ආපස්සට කල්පනා කලොත් කොච්චර දේවල් කියලනම් උනාද.....සමහර තැන්වලදි අඩන්න හේතු ඕනවට වඩා හම්බුනත් මොකද මම කලේ ඔහේ උන්නු එක

මේක හරියන්නෑ කොච්චර කලත් මට නින්ද යන්නෑ.....බැරිම තැන මම කලේ සද්දෙ නෑහෙන්න ඇදෙන් බැහැලා බෑග් එක අස්සෙ තිබුන චිත්‍ර පොත අතට අරන් එහෙම්මම බැල්කනි එකට ආපු එක.....අතේ තිබුන හෙඩ් සෙට් එක කනට දාගත්තු මම පෝන් එකෙන් සින්දුවක් තෝරනගමන් පැත්තකින් තිබ්බෙ බිත්තියට හේත්තුවෙනගමන්

දෙකපුල් කදුලින් තෙමා

තොල්පෙති නලලත තබා

නික්මුන දා, හිස සිබ මා

ලතැවෙමි රෑ තුන්යමේ

සුහදිනියේ.....

අර වෙල්වට් සුවද !

ඒත් එක්කම මගෙ ඇස් ගියෙ බැල්කනි වැටට හේත්තුවෙලා උන්නු එයා ලගට.....මට කොහමද අමතක උනේ එයා උන්නෙ එහා පැත්තෙ කාමරේ කියන එක......මුකුත්ම නොකිව්වත් අර ගනන්කාර බැල්ම අඩ අදුරෙ උනත් නැවතිලා තියෙන්නෙ මේ පැත්තෙ කියලා දකිනකොට ඉදන් උන්නු තැනින්වත් නැගිටින්න මහන්සි නොවුන මම රශේන් අයියට හිනා උනා.....රශේන් අයියා පෙරලා හිනා නොවුනත් මොකද ඒ ඇස් අඩ අදුරෙ උනත් අහේතුවකට දිලිසෙන හැටි මම බලාන

මින් පෙරදි අපි මේ වගේ

වෙන්වී යන්නට ඇති

මේ කදුලු ගංගා ඉමේ

කොතනක හෝ

මගෙ ජීවීතේ ඉකිබිදී

ඔබෙ දෙනෙත් යලි යලි සොයයි

අපි පතා ආවා වගේ

වෙන්වී යයි

ඔබෙ පපුතුරේ මා හිදී

මගෙ පපුතුරේ නුඹ හිදී

ලංවෙන්න වෙන්නෙනම් නෑ

සුහදිනියේ.....

හෙඩ් සෙට් එක අස්සෙන් ඇහෙන සිංදුවට කන් දීගෙනම පොතේ පිටුවක් පෙරලාපු මම යටින් දිනේ දැම්මා....මෙතනට එනකන්ම අදින්න ඕන මොකක් ගැනද කියලා අදහසක් තිබුනෙ නැතත් මොකද මට මාතෘකාවක් හම්බුනා.....ආයම සැරයක් මගෙ ඇස් ගියෙ බැල්කනි වැටට හේත්තුවෙලා උන්නු එයා ලගට......මම ඉදන් උන්නු තැන අදුරු උනත් හද එලිය කෙලින්ම ඇවිත් එයා ඉන්න තැනට වැටුනා

ඇත්තටම හරි ලස්සන චිත්‍රයක් !

සුදු පාට චිත්‍ර කොලේ පුරාවටම පැන්සල් ඉරි හැඩට එහාට මෙහාට යනකොට සැරෙන් සැරේටම මගෙ ඔලුව උඩට ඉස්සුනා......මේ දීර්ඝ කාල පරාසය තුල වචනයක් හුවමාරු නොවුනත් මොකද සමහර තැන්වලදි ඒ ඇස් මගෙ ඇස් අස්සෙ නැවතෙනකොට මම ඉක්මනට අහක බලාගත්තා...

අර කිව්වත් වගේ ජපුර අහසට හද පායන්නෙම නැද්ද .......සමහරවිට විජේරාමෙටත් මල් පිපෙනවා ඇති

සුදු සිනිදු මල් පෙති වගේ

ගිලිහී යන්නට ඇති

මුදු සුවද දැනෙනා ඉමේ

දෙතන පිපී

ඕ...හ් ඔහොම පොඩ්ඩක් ඉන්න අභී.....පරන මතක මතක් උන නිසාදෝ මංදා හදවතේ හතර කොන් හරි අපූරුවට ඇවිලෙන්න ගද්දි මම කලේ හොද හුස්මක් ගත්තු එක......මොකද ඒ යන්නෙ සින්දුවේ හොදම තැන.......ඒ වගේම භයානකම තැන !

හමුවීම ප්‍රේමය නොවේ

වෙන්වීම ප්‍රේමය වඩයි

අපි පතා ආවා වගේ

වෙන්වී යයි

ඔබෙ සිහින වල මා හිදී

මගෙ සිහිනවල ඔබ හිදී

එය පියවි ලෝකය නොවේ

සුහදිනියේ !

කොච්ච වෙලාවක්ද කියලා නොදන්නවා අවසානයටම කොලේ පුරාවට එහාමෙහා ගියපු පැන්සල නැවතුනා.....මම තාමත් බලන් උන්නෙ ඇදපු චිත්‍රෙ දිහා වෙනකොට කලින් බැල්කනි වැටට අත් බර කරන් හේත්තුවෙලා උන්න රූපෙ තව දුරටත් එතන උන්නෑ......ඒත් අර සුවද ලාවට වගේ ඉතිරි වෙලා තිබුනා

එයාට අමතකවෙලා ගිහින්....

කොහමත් එකම වරද දෙපාරක් මම කරන්නෑ.....ප්‍රේමයක් ඇත්තෙම නෑ.....හද එක්ක මහ රෑට අරගල කරන්න ඔය කිව්වට මට බෑ.....ආය හම්බෙමු කියලා කියන්න නිකමටවත් මට ඕන නෑ.....ඉතින් අන්තිමට මාසෙකට පාරක් පායන අර මැලේ තරුවට මම ඉන්න කියන්නෑ

කමක් නෑ අහසින් කඩා වැටුනට

ඇදපු චිත්‍රෙ උඩ ලාවට ඇගිලි තුඩු යැව්ව මම මෙච්චර වෙලාවක්ම කනේ ගහන් උන්නු හෙඩ්සෙට් එක ගැලෙව්වා......මම හිතන්නෙ පිකාසෝටවත් බැරිව ඇති මම තරම් ලස්සනට ඔය රූපෙ කොලයක් උඩ අදින්න

මම ඒකට කමක් නෑ කියලා කියන්නෑ ඒත් වෙන්නවෙන්න බලාන ආය ආදරයක් ඕන නෑ !

සිදුහත්ට පුලුවන් උනානම්

යශෝධරා අතැර යන්න

යශෝදරාට පුලුවන් උනා නම්

ලෝකෙක ගිනි උහුලන්න

ඔබට ඇයි බැරි මිදෙන්න?

ඉපදෙන හැම ආත්මයකම

සිදුහත්ව පතා ඔහුවම ලබා

සැනසුන වාර ගනන කොතරම්ද

ඒවත් ඇති යශෝදරාට හදාගන්න නම් හිත

ඒ වගේද මම ,

ඉපදුන හැම භවයකම

ඔහු හා එක්ව එක මගක් ආ මුත්

එකම එක වරක්වත් ඔහුව හිමි නොවුනකොට

ඇති තරම් සිපගන්න බැරිවුනකොට

( උපුටා ගැනීමකි )

🌼

ඉතින් එහෙනම් මම යන්නම්.....ආයම දවසක එන්නම්

ඔලී~🌼🌼🌼

Share This Chapter