Back
/ 47
Chapter 40

🌼 Chapter 39 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

" ශෙවින් පුතා තව බෙදාගෙන කන්නකො.......බලන්නකො ඔය පිගානෙ මුකුත්ම නෑනෙ "

" එපා ආන්ටි........මේ ඇති......ඕන උනොත් තව ගන්නම් "

" අනේ අම්මෙ මුට විතරක් කියන්නෙ මගෙනුත් අහන්කො "

මම ශේප් එකේ බත් එකට මූණ ඔබාගෙන කන්න ගත්තා......උඩ ගියා ගියාමයි ආය පහලට ආවෙ කන්න වෙනකොට හරියටම මට ඉස්සරහට වෙන්න තිබුන පුටුවෙ ආශරගෙ මාමා ඉදගත්තෙ මගෙ හුස්මත් හිරකරලා......ඒ හන්දම වැඩිය ඔලුව උස්සන් නැතුව කන්න හැදුවත් මොකද ආන්ටි සැරින් සැරේටම මගෙ අඩුපාඩු බලනකොට මේ පාරත් ලාවට හිනා උන මම ඉක්මනට බත් කටක් කටේ දාගත්තා......ඒ අස්සෙ ආශර අම්මාට ඇයි එයා ගැන බලන්නැත්තෙ කියලා ආඩපාලි කියනකොට මගෙ මුරන්ඩුකාර ඇස් මටත් හොරාට කීවෙනි වතාවටදෝ මංදා ඉස්සරහ උන්නු එයා ලග නැවතුනා

" ඔයාගෙන් මොනා අහන්නද දරුවො ඔය තියෙන්නෙ කෑම ඇති තරම් බෙදාගෙන කන්න "

" ඇත්ත කියන්න ඔයාලා මාව හදාගන්නද ගත්තෙ අම්මෙ "

ආශර අහනකොට ඊලගට ආන්ටි දීපු උත්තරෙත් එක්ක මට බකස්ගාලා හිනාගියෙ හිනාගියපු පාර කෑම උගුරෙ හිරවෙනකොට......අම්මෝ.....හ් එයත් ඉදලා ඉදලා කියන්නෙ මාර කතා.......ඒ අස්සෙ ඇද උන ආශරගෙ මූන බලන්න වටිනවා

" ඔයාව හදාගන්න අපිට විකාර කියලා හිතුවද දරුවො "

" ක්හැක්......ක්හැක් "

" අයියෝ හිර කරගත්තා නේද ලමයො "

කැහැ කැහැ උන්නු මගෙ පැත්තට ඉස්සරහින් වතුර වීදුරුවක් දික්වෙනකොට ඒක අතට ගත්තු මම මුලු වීදුරුවම බීලා දානගමන් ඉස්සරහ බැලුවෙ ඒක දුන්න කෙනා කවුද කියලා බලන්න උනත් මොකද දවසේ කීවෙනි වතාවටදෝ මංදා උඩට ගත්තු හුස්ම පොද මට පහලට දාගන්න බැරිඋනා.....මොකද ඒක දීලා තිබුනෙ වෙන කවුරුවත් නෙවෙයි එයා හන්දා

" තෑන්ක්ස් "

මම හිමිහිට මිමිණුවෙ මගෙ ඉස්සරහ උන්නු අලු ඇස් අයිතිකාරයාට.....මිලි තප්පර ගානකට සමහරවිට ඊටත් අඩු බැල්මක් මට දුන්නු එයා නැගිටලා යන්න යනකොට මම බලන් උන්නා......ආශරගෙ මාමා උනත් මොකද මට එයාට මාමා කියන්න හිත නොවෙනකොට හුගක් වෙලාවට මම මුකුත්ම කිව්වෙ නෑ

" තරූ මාකට් එකට ගිහින් මේ බඩු ටික ගේනවද......තාත්තා එනකොට රෑවෙනවා කිව්වා "

" මටත් කීයක් හරි ඕන හොදේ....හ් "

" ඔතන ඇති ගන්න......යාලුවටත් මොනාහරි ගෙනත් දෙන්න "

" මේ ශෙවී උබ එනවනෙ යන්න "

" යමු "

ආශරගෙ අම්මා බඩු ලිස්ට් එකක් ගෙනත් දෙනකොට මාත් ඒකා එක්කම නැගිට්ටෙ රවුමක් ගහන්න පුළුවන් නිසා......ගේ ඇතුලට වෙලාම ඉන්න බෑ.......ගෙදර උන්නත් අම්මා පස්සෙන් එන්න ඕන මාව අල්ලන්න......හෙල්මට් එක්ක දාගත්තු මම බයික් එකට නගිනගමන් නිකමට උඩ බැලුවා...

සමහරවිට මට වැරදෙන්න ඇති...

" හයියෙන් අල්ලගනින් "

" අනේ අම්මපා තමුසෙගෙ අම්මට කියන්න බැරි උනානෙ තමුසෙ බයික් එකේ පියාබනවා කියලා "

" කියයි කියයි උබ "

සුපුරුදු විදියටම ගේට්ටුවෙන් බයික් එක එලියට දැම්මත් හරි ආශර පියාඹන්න ගත්තා.....මේකා මේ රේස් කරලා යන විදියට මුලු ලේන් එකම දන්නවා මේ බූතයා තමා ඔය යන්නෙ කියලා.....දඩකොලයක් හම්බුනාම තේරෙයි.......මට  හරිහැටි මෙහෙමයි කියලා කියාගන්න නොතේරුනත් මොකද මොකක්දෝ හේතුවකට මට වාහනවල හයියෙන් යන්න දැනුනෙ පට්ට බයක්......කොටින්ම මම බස්වල නම් ගිහිල්ලම නැති තරම්......වේගෙන් වාහනයක් ආවත් පපුව එලියට පයින් තරම් ගැහෙන්න ගන්නකොට මුට  මම කෑගහන එක මං අහන්නෙ වැරදිද

" තමුසෙ ඔය ටික බලනවද මම අපිට කන්න මොනවහරි අරන් එන්නම් "

" මට අයිස් එකක් ඕන හරිද "

" එලම "

දැන් අපි විනාඩි හතලිස් පහක් තිස්සෙ සුපර් මාකට් එකේ ඇවිදිනවා......ආශර කන්න මොනවහරි ගන්න එහා පැත්තට යනකොට ලිස්ට් එකේ තියන තියන අන්තිම බඩු ටිකත් මම හෙමි හෙමිහිට හොයන ගමන් කාට් එකට දාගත්තා......කොහමත් ගෙදර උන්න දවස් වලට අම්මා එක්ක බඩු ගන්න එන හන්දම  හොදයි......නැත්නම් එහෙම මේ වගෙ වෙලාවක සදා අනාතයිනෙ......ගන්න ඕන සේරම බඩු ටික ගත්තු මම කැශියර් එක ලගට ගිහින් ආශර බිල් එක ගෙවනකන් චොක්ලට් අයිස් කෝන් එකේ කවරෙ කඩන ගමන් කන්න ගත්තා

අයිස් කියන්නෙ ආගමක්

" නිකන් ඉදපන්කො ආශර "

" උබ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදපන්කො ශෙවී "

මම ආශරගෙ අත කාටත් නොපෙනෙන්න හයියෙන් කෙනිත්තුවා.......මේකා මෙතනට ඇවිල්ලත් අර කැශියර් එකේ උන්නු අක්කට ඉගිබිගි පානකොට මේ විගඩන් බලන් ඉන්න බැරිම තැන මම කලේ පයින් එකක් ඇනපු එක......වැඩක් නෑ ඒකා හැදෙන්නෙත් නෑ මං හැදෙන්නෙත් නෑ.......අයිස් එකේ ඇගට වෙන්න තිබුන චොක්ලට් කෑල්ල කටේ දාගත්තු මම කවරෙ ගුලි කරනගමන් එලියෙ තිබුන ඩස්පින් එකට දැම්මා.....

" මේ එහා පැත්තෙ අයිස් කොෆී බොන තැනක් තියනවා.......එතන නම් මරු ඈ මොකෝ කියන්නෙ යමුද "

" යමු ඉතින් මට නම් අවුලක් නෑ........ගොඩක් දුරද "

" නෑ බන් පයින් ඇවිදන් යන දුර.......බයික් එක මෙතනින් තියනගමන් ආතල් එකටත් එක්ක ඇවිදන් යමු "

ආශර කියද්දි මම කලේ හා කියන්න ඔලුව වනපු එක වෙනකොට අපි දෙන්නම ඇවිදන් ආවෙ ඔය කියන ශොප් එකට.....ඒ එන අතරමගත් කල්පනා කරන්න ඇති  තරම් දේවල් මට තිබුනා.....නොකිව්වට මොකද මට මේ හැම පාරක්ම හොදටෝම හුරුයි වගේ දැනුනා

" උබ ස්කෝලෙ ගියෙ කොහෙද ශෙවී "

" නුවර තමා ඉතින්.......එතකොට ඔයා "

" අපි මෙහෙම හිටියට නායකන්ස්ලා තමා හරිතේ........සියනෑවෙ මුතු ඇටය "

" පු.....හ් "

" මොකෝ උබ නිකන් "

" නෑ නෑ මුකුත් නෑ........මම මේ සියනෑවෙ ගෞරවේ මගෙ එහා පැත්තෙ බබලන හැටි  බැලුවෙ "

මම කින්ඩියට හිනාවෙනගමන් අයිස් කොෆි එකේ බටේ කටට දාගත්තෙ මූනට වැටුන කොණ්ඩ කෑලි ටික එක අතකින් පිටිපස්සට කරනගමන්.......කූරු කොන්ඩෙ හැම වෙලාවකම මූනට වැටෙනවා.....අප්පච්චිට අනුව මට තියෙන්නෙ කපුටු කූඩුවක්......ඒත් එහෙමයි කියලා මම සැලෙනවද.......කොහෙත්ම නෑ

දැන් හවස් වෙලා......මුලු අහසම පැසටල් කූරු වලින් පාට කරපු ගානට නේක වර්ණ වලින් හැඩවෙලා හරි අපූරුවට තියනකොට මම බැහැන් යන මල් ඉර දිහා බැලුවා......කවුදෝ කෙනෙක් ඉර උනත් ලස්සන අහසකින් බැහැගෙන යනකොට කියනවා මම අහගෙන......ඒත් මට ඒ කවුද කියලවත් අඩුම ඒ කටහඩ මොන වගේද කියලවත් හැම උදේකම ඇහැරෙනකොට මතක තිබුන්නෑ.....මම එහෙම්මම ඉස්සරහ තිබුන ගලකට පයින් ගැහුවෙ ඒක පෙරලිලා ගිහින් පාරෙ කොනකටවෙන්න නතරවෙනකොට

දන්නවද හේතුව නොදන්නවා උනත් මේ පාරෙ යනකොට මොකක්දෝ හිස්බවක් මට දැනුනා.....ආශරගෙ ගෙදරට අද ආවා ඇරුනහම මම ගම්පහට ඇවිත්ම නැති තරම්......ඒත් මේ හැම පාරක්ම මට හුරු පුරුදුයි වගේ දැනුනා

බ්රාස්...........

" හැප්පුනා නේද මනුස්සයෙක්ව "

" අර වාහනේ උන්නු මනුස්සයා බීලද කොහෙද "

" කවුරුහරි ඉක්මනට ඇම්බියුලන්ස් එකට කෝල් කරන්න......ඉක්මන් කරන්න "

පාරෙ ඔහේ කයියක් දාගෙන ආපු ආශරටවත් මටවත් තව ඉස්සරහට යාගන්න බැරි උනේ ඒත් එක්කම වේගෙන් ආපු බයික් එකකට පාර පයින්න ගිය මනුස්සයෙක් හැප්පුන හන්දා......මගෙ ඇස් ගිහින් ගිහින් නැවතුනේ අපිට මීටර ගානක් ඉස්සරහින් උන ඇක්සිඩන්ට් එක ලගට වෙනකොට බලන් ඉන්නකොට එතනට මිනිස්සු පිරුනා......එහා මෙහා උන මිනිස්සු අස්සෙන් ලේ විලක් මැද උන්නු මනුස්සය රූපයක් මගෙ ඇස් වලට අහුවෙනකොට මම බලන් උන්නා

" ශිට් මේ මිනිස්සුන්ට මිනිහෙක් පාර පයිනවවත් පේන්නෙ නැති හැටි "

ලබ් ඩබ්.......ලබ් ඩබ් ගාගෙන පපුව අස්සෙ තියන හදවත එලියට පයින්න තරමට ගැහෙන්න ගන්නකොට මගෙ අතේ තිබුන කොෆි කප් එක බිම වැටුනා.....ආශර මොන මොනවදෝ කියෙව්වත් මොකද මට ඒ කිසි දෙයක් හරියට ඇහුනෙ නැතිකොට ඇස් කෙවෙනි පොඩි කරනගමන් සීමාවක් නැතුවම කදුලු කැට පල්ලම් බැස්සා

" ශෙවී.......ඕයි ශෙවින් මොකද උනේ.......කතා කරපන්කො "

මාව දැකපු ආශර මගෙ උරහිස් වලින් අල්ලන් කතා කරනකොට කකුල් වාරු නැතුව එහෙම්මම මම කාපට් පොලවෙ බිම ඇදන් වැටුනා.....ඒත් මගෙ ඇස් තාමත් නැවතිලා තිබුනෙ අර මිනිස්සු වටවෙලා උන්නු තැනවෙනකොට එක දිගට ඔලුව හිරිවැටීගෙන යනකොට මම කලේ වේදනා දෙන පපුව අතකින් තෙරපගත්තු එක

" අනේ ශෙවී මාව බය නොකර කතා කරපන්කො..."

එන්න එන්නම ඇග පන නැතිවේගෙන යනකොට මට දාඩිය දාන්න ගත්තෙ ඔලුවෙන් දරන්න බැරිතරන් වේදනාවක් දැනෙනකොට.......මාර විදියට රිදෙනවා......ඒ අස්සෙන් ආශර මගෙ උරහිස් පොඩිවෙලා යන්න තරම් තදට අල්ලන් ඉන්නකොට මම එහෙම්මම ඔලුව නවාගත්තා

" මාමෙ.......අඩේ...හ් මාමෙ මේ ශෙවින් "

" දන්නෑ......එක පාරටම ශොක් උනා වගේ......අනේ එන්නකො "

" පාක් එක හරියෙ "

ඇම්බියුලන්ස් හඩ කන් අස්සෙ දෝංකාර දෙන්න ගන්නකොට මම අත් දෙකෙන්ම කන් වහගත්තෙ ඔලුව දෙපැත්තට වනනගමන්......මට බෑ......මට රිදෙනවා......ඒත් එක්කම කාගෙ කාගෙදෝ කටහඩවල් එක දිගට ඇහෙන්න ගන්නකොට දරන්න බැරිම තැන මම මාවම හූරගත්තා

ඒ මගෙත් ආදරේ...

එයාගෙන් ඈත්වෙලා ඉන්න පින් සිද්ධවෙයි

අයියෙ

.........

ආදරෙයි

" විද්වාන්......දරුවො මාව ඇහෙනවද "

" කෝ මන් දිහා බලන්න වස්තුව "

කොච්චර වෙලාවක්ද ආශර මම එතන උන්නද කියලා නොදන්නවා උනත් ඒත් එක්කම කන ලගින් ඇහුන ගැඹුරු කටහඩක් එක්ක මාව කාගෙදෝ විසල් පපුවකට තෙරපුනා....ඒත් මට ඇස් උස්සලවත් බලන්න පනක් නැතිකොට මම කලේ ඔලුව දෙපැත්තට වනපු එක......ඇහෙන කටහඩවල් වල සීමාවක් නෑ......පේන රූපවල සීමාවක් නැතිකොට දැනටමත් මගෙ මුලු ඇගම දාඩියෙන් පෙගිලා තිබුනා

ඔයත් හරියට පොලියානා වගේ මල්ලි

විද් හවසට හම්බෙමුද

පොරොන්දු වෙනවද.....මම එනකන් බලන් ඉන්න

" හිමිහිට ඇස් අරින්න මගෙ දරුවො........කලබලවෙන්න එපා "

" මාමෙ......ශෙවින්ට....එයාට මොකද වෙලා තියෙන්නෙ.......අපි හොස්පිට්ල් යන්ද......මූ මෙහෙම ඉන්නවා බලන් ඉන්න බෑ.......අඩේ...හ් මාමෙ "

" තරුශාන් ඔයා ගෙදර යන්න......මෙයාව මම එක්කන් එන්නම් "

" බෑ මට යන්න බෑ.....මම යන්නෑ......ශෙවින් ආවෙ මාත් එක්ක.......උනේ මොකක්ද කියලා නොදැන මට යන්න බෑ "

" කියන දේ අහලා දැන් ගෙදර යන්න......මම එන්නම්.......මේ ඉන්නෙ කාලයක් තිස්සෙ ඉදන් මම එනකන් බලන් උන්නු කෙනෙක් "

" එයාව පරිස්සම් කරන්න මාමෙ.......ඉක්මනට ගෙදර එන්න "

" ම්ම්ම් "

කතා කරන දේවල් හරිහැටි නොදන්නවා උනත් අවසානයටම ආශර යනවා කියන එක තේරෙනකොට පනක් නැති මම ඇස් වහන් ඔහේ උන්නා......මට මහන්සියි.......ඊටවඩා වේදනයි......පිහි තුඩක් පපු දාර දිගේ ඇදන් යනවා වගේ වේදනාවක් දැනෙනකොට තාමත් මට ගලන් යන කදුලු වලට වැට කඩුලු බදින්න බැරි උනා

" ම්ම්ම්......හ් "

" විද්......මාව ඇහෙනවද ම්ම්ම් "

කොච්චර වෙලාවක්ද කියලා නොදන්නවා උනත් මම ඇහැරුනේ කම්මුලක තද උන සීතල ස්පර්ශකට.....අර වැනිලා සුවද වෙන කවර දවසකටත් වැඩියෙන් මගෙ ලගින්ම දැනෙනකොට අමාරු උනත් මම කලේ හිමිහිට ඇස් පියන් ඇරපු එක......තප්පර ගානක්ම මම මගෙ ලගින්ම පේන ඒ මූන දිහා බලන් උන්නා.......අපි දෙන්නා අතර පරතරේ තිබුනෙ සෙන්ටීමටර දෙක තුනක්ද කොහෙද.....මටත් හොරාට මගෙ මුරන්ඩුකාර ඇස් ඒ මූනෙ හැම බිම් අගලක් ගානෙම හරි අපූරුවට දිව්වා

ඒ ග්ලැසියරබැල්ම.......ඒවා එහෙම්මමයි.......ඒ ගනංඅකාර සුවද එහෙමමයි......හැගීම් හන්ගන අර තරු කැට කෝටි ප්‍රකෝටි ගානකින් හිර උන වලව්කාර ඒ අලු පාට ඇස් තාමත් ඒ විදියමයි......ඒත් එක දෙයක්.......එයා අර කලින් උන්නු කෙනා නෙවෙයි.....එයා වයසට ගිහින්......ආය ආයම පපුව වේදනාදෙන්න ගන්නකොට මම කලේ වෙවුලන අතින් පරිණතකමින් පිරුන ඒ මූන ඇල්ලුව එක

ආශරගෙ බාප්පා......නෑ ඒ උන්නෙ මගෙ රශේන් අයියා ! මට ප්‍රේමයක් විතරක්ම උන අර ආඩම්බරකාරයා........මට හුගක් දේවල් මග ඇරිලා ගිහින්.......මගෙ අතක් ඒ කම්මුලක නවතිනකොට ඒ ඇස් එක මොහොතකට ගැස්සෙනවා මම බලාන.......තප්පරේකට විදුලි වේගෙකින් ඒ ඇස් වෙනස්වෙන්න ගන්නකොට මම කලේ ලාවට හිනා උන එක

" රශේන් අයි...යෙ "

අවසානයටම අමාරුවෙන් උනත් මම මිමිණුවා......හරිහැටි නමක් නැතත් මොකද මම ඒ නලලට මගෙ නලල හේත්තු කරගෙන ඇස් පියාගත්තා.....එක අතකට මට සතුටුයි.......අනිත් අතට මට පට්ට දුකයි......ඒත් එහෙමයි කියලා මොනා කරන්නද......එයා මට වඩා දෙගුණයක් වයස ඕනත් මොකද කවදාවත් මට මාමෙ කියන්න බැරිවග එයා උනත් හොදට දන්නවා

" මම බලන් උන්නා "

රශේන් අයියා කියනකොට මම කලේ කාර් එකේ වීදුරුවෙන් එලියෙ බලපු එක.....අඩනවනම් මට මේ දැන් උනත් දුක දියවෙලා යනකන්ම අඩන්න පුලුවන්......මුලු වටපිටාවම කට්ට කලුවරයි......අතේ හිරවෙලා තිබුන වතුර බෝතලේ මූඩිය ඇරලා වතුර උගුරු තුන හතරක් බීපු මම ආයම සැරයක් රශේන් අයියා දිහා බැලුවා

" මගෙ අම්මා තාත්තා.....එතකොට යසිරුලා........එයාලා.....එයාලට කොහමද"

" එයාලා හැමෝම ඉන්නවා "

" මාව ඒ හැමෝවම බලන්න එක්කගෙන යන්න පුලුවන්ද "

" ම්ම්ම්ම් "

මට ඒත් එක්කම මතක් උනේ කලින් උන්නු අම්මාවයි තාත්තවයි.....එයාලට උන්නෙ මම විතරයි......මට එයාලව බලන්න ඕන.....එයාලා හොදින්ද අහන්න ඕන......ඒ ඔක්කොටම කලින් මට මගෙ දැන් අම්මවයි තාත්තවයි හම්බෙන්න ඕන.....එයාලට කියන්න මට උනත් සෑහෙන්න දේවල් තියනවා

" හ්ම් "

ආලෝක වර්ශ ගානක් තරම් දිග හුස්මක්.....ඒක පිට උනේ රශේන් අයියගෙන්......සමහරවිට එවෙලෙ කාලෙකට කලින් මියදුන හදවතක් ආයම පනගහන්න ඇති......අපිට කොච්චර දේවල් මග ඇරිලද......මංදා මගෙ ඔලුව විකාරයි වගේ මට තාම උන දේවල් විශ්වාස කරන්න බෑ.......මට හරියටම දැනගන්න ඕන......කොච්චර දේවල් උනාද ඇත්තටම?

අහේතුක හැගීමක්

නමක් නැති බැදීමක්

මට මෙවෙලෙ දැනෙන හැගීම විස්තර කරන්න ඕන කොහමද කියන එකවත් මට තේරෙන්නෑ......රශේන් අයියා දිහා බලපු මම ඔලුව දෙපැත්තට වැනුවා

" නෑ මම විද්වාන් නෙවෙයි......මම ශෙවින් ඔයාට වැරදුනා "

ඉතින් මගෙ කල්ප කාලාන්තරය,

හෙන ගහනවද ආදරෙයි නම් ආදරෙයි

කිව්වම කියලා ඔය කට වචනෙට මිනිස්සු කිව්වට

මම දන්නවා හෙන ගැහුවත් ඔයාට ඕක කියන්න බැරි වග....

ආදරේ වචනයකට එහා ගියපු ක්‍රියා පදයක් උන ඔයාට බයවෙන්න එපා මම කොහෙත්ම කියන්නෑ ඕක කියන්න කියලා....

හැබැයි මෙහෙමයි ' මැණික '

කල්පයක් පෙරුම් නොපිරුවට නම් මම තරහ නෑ

ඒත් මෙතනින් පස්සෙ ඔය කියන සංසාර ඍතුවේ කෙලවරටම යනකන්නම් මට ඔයාව ඕනි......එච්චරයි !

🌼 ඔන්න ඉතින් මම අදත් ආවා වස්තුලා......කොහමැයි කතාව ??

ඔව් මට පෙනී යනවා නුදුරේදීම මෙම කතාව ඉවරවන වග ! Attac මේක තව ටික දවසයි තියෙන්නෙ 🌝🌝🌝

හ්ම්ම්.....හ්ම්ම්ම් මම යනවා අනේ...හ්👋

Share This Chapter