Back
/ 22
Chapter 12

11 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" ප්‍රිෆෙක්ට්ස්ලා හැමෝම හෙට ඒ කියන්නේ සෙනසුරාදා උදේ 9 ට ඉස්කෝලෙට එන්න ඕන.. උබලා ඔය බාරගත්ත දේවල් එහෙම තියෙනවා නම් ඒවා ගෙනෙන්.. මේන්හෝල් එකේ කවීන් ඉදීවි.. "

උදේ නැගිටලා ඇදේ ඉදන්ම ෆෝන් එක ඔන් කරලා වට්සැප් මැසේජ් බලද්දි මුලින්ම දැක්කෙ මහ පගයා ප්‍රිෆෙක්ට්ස්ලගෙ ගෘප් එකේ දාලා තිබ්බ මැසේජ් එක..! අඩේ අද ක්ලාස්නෙ ඕයි.. මොකක්ද දැන් කරන්නෙ.. මං පටස් ගාලා ඇදෙන් පැනලා බෙඩ්ශීට් කොට්ට සේරම අරන් මගේ රූම් එකට ගිහින් ෆෝන් එක චාර්ජ් වෙන්න දැම්මා.. ඊයෙ අරූගෙ රූම් එකේනෙ හිටියේ.. ෆෝන් එක චාර්ජ් කරන්න බැරි උනා ඒනිසා.. ඊට පස්සෙ පහළට යද්දි මහ පගයා ඉන්නෝ බත් කකා ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් ටීශර්ට් එකත් ඇදගෙන..

" ඒ අයියෙ අද මට ක්ලාස් දෙකක් තියෙනෝනෙ.. අනිවා ඉස්කෝලේ යන්න ඕනිද..? "

මං දුවලා ගිහින් මහ පගයගෙ එහා පැත්තෙන් වාඩිවෙලා ඇහුවම ඌ බත් කටක් කන ගමන් මගේ දිහා බැලුවා.. දැන් ඉතින් උත්තරය ගන්න ඌ ඒක ගිලිනකන් ඉන්න එපැයි..!

" උබ නවයටම යන්න ඕන්නෑ.. උදේ ක්ලාස් එකට පලයන්.. ඒකෙන් පස්සෙ වරෙන්.. මාත් උදෙන් යන්නෑ.. "

" ඔයා ක්ලාස් යනෝද..? අවුලක් නැද්ද..? උබනෙ ඕයි හෙඩා.. "

" අවුලක් නෑ බං.. උදේ ෆිසික්ස් එකනෙ.. සන්ලයිට්නුයි මායි දවල් වෙලා යනෝ ඒ නිසා.. ෆිසික්ස් ක්ලාස් කට් කරගන්න බෑ බං.. ඒ වතුර එකක් ගෙනෙන්කෝ.. "

මහ පගයට හිරවෙලාද කොහෙද.. කොහෙද ඉතින් පොඩි කාලෙ ඉදන් කොච්චරවත් කිව්වට අහන්නෑනෙ කනකොට කතාකරන්න එපා කියලා..! මං නම්_ නෑ අපි ඒක ගැන පස්සෙ කතා කරමු..!!

" ඒ චූටි වතුර එකක් ගෙනෙන්කෝ.. "

" තමුසෙට කකුල් තියෙනෝනෙ.. නැගිටලා ගිහින් ගන්නෝ.. "

ඇයි යකෝ.. මං වැඩකාරයෙක්ද..!

" ඉදපන් තොට මං කිසි උදව්වක් කරන්නෑ.. වරෙන්කෝ ආයෙ ඇයියේ ගාගෙන..! රෑට මගෙ රූම් එකට කොට්ට මෙට්ට එහෙම උස්සන් ආවොත් එහෙම_ "

" ආ ඉන්නෝ ඉන්නෝ.. මං ගේන්නම්..! "

සැක්..! මං ඉතින් නැගිටලා ගියා මහ පගයට වතුර එකක් ගේන්න.. නෑ ඉතින් මෙහෙමනෙ, ඌව ශේප් එකේ තියාගන්න ඕන.. ඊයෙත් Llorona ට බයේ ඌ ගාවටනෙ ගියේ..

" චූටි මේ තේ එක.. "

කිචන් එකට යද්දි අම්මා තේ එක දික්කරා.. ඊටපස්සෙ ඉතින් ඒකත් අරන් මහ පගයගෙ මග් එකට වතුර එකකුත් පුරවන් මං ආයෙත් සාලෙට ගිහින් ඌට වතුර එක දුන්නා..

" ආන් ඒ බය තියාගනින්.. "

" අනේ මේ අයියෙ..! "

බය..! කියන්නෑ මං බය..! ගස්සගෙන වාඩිවුනා මං..

" චූටි මේහ්.. තමුසෙ අද ස්කූල් ටීශර්ට් එක හරි ප්‍රිෆෙක්ට් ටී ශර්ට් එක හරි ඇදන් පලයන් හොදේ ඉස්කෝලෙට යන්න ඕන නිසා.. "

අරූ බත් එකේ අන්තිම කටත් කාලා පිගාන අරන් නැගිටින ගමන් කිව්වෙ..

" තවුසෙ කියන්න ඕන්නෑ ඒක..! මං දන්නවා..! "

මූ හිතුවද දන්නෑ මට ඒතරම් මොළයක් නෑ කියලා පරයා..!

" නෑ ඉතින් කියන්න බෑනේ දේදුනු පාට ටී ශර්ට් එකක් ගහන් යයිද කියලා.. ට්‍රැක් නෙ තමුසෙට.. "

කේන්තියි යකෝ මට මූ එක්ක..!

" පලයන් යන්න.. ගොං උට්ටා..!! "

" අම්මේ..! මෙන්න මූ කුනුහරුප කියනෝ..!! "

මහ පගයා එහෙම කියාගෙන කිචන් එක පැත්තට යද්දි මං ඌට ටීවී එකේ රිමෝට් එකෙන් ගැහුවා..! වැදුන්නෑ ඉතින් ළගින් ගියේ..

" චූටී..!! මූන හෝදන් ලෑස්තිවෙන්න ළමයෝ.. "

ඒ අස්සෙ අම්මා කෑගහනෝ.. අටයි වෙලාව ඉතින්.. නවයටනෙ ක්ලාස් මට.. මං නැගිටලා ගිහින් විසි කරපු රිමෝට් එක අහුලන් ඇවිත් සෝෆා එකට දාලා තේ එකත් එක හුස්මට බීලා උඩට දිව්වා.. කෝප්පෙ පස්සෙ සෝදනෝ.. ගිහින් සුභාෂයටයි නිසිනුටයි මැසේජ් එකක් දාලා බාතෘම් එකට ගියා මූන සෝදන්න.. දත් මදින එක අවුලක් නෑ.. හැබැයි මූන සෝදන එක නම් හෙනම අවුල්.. මූනෙ සබන් ගාද්දි ඇස් අරින්න බෑනේ.. ඇස් වහන් ඉද්දී Llorona ව පේනෝ මැවිලා.. අනේ මගුල..! සිරාවටම මොන රෙද්දක් බන් මේ.. ආයෙ නම් හොල්මන් ෆිල්ම්ස් බලන්නෑමයි..!! කරන්න දෙයක් නෑ දැන්.. Llorona ඇදන් ගියත් කමක් නෑ කියලා හිතන් මං සබන් ටිකක් මූනෙ උලාගන්න හැදුවෙ.. ඒත් පස්සෙ මතක් උනා අෂ්ටක කිව්වනම් හරි කියලා.. අෂ්ටක කිය කිය ඇස් පියන් මූන සෝදනකොට මට මැවිලා පේනො Llorona මගෙ පිටිපස්සෙ කලන්තෙ දාලා වගේ ඉන්නො.. අම්මෝ ඉතින් නේද..

කොහොමහරි මං අෂ්ටකේ කියව කියව ඇස් පියාගෙන මූනෙ සබන් ගෑවා.. ඔය ෆේස් වොශ් අරව මේවා නෑනෙ මං ගාව.. ඒවා තියෙන්නේ අම්මා ගාවනෙ.. අයියයි මායි ඉතින් වෙලාවකට සන්ලයිට්නුත් මූනෙ ගානෝ ඉතින්.. සන්ලයිට් කිව්වම සෙහදු බේසිකයමයි මතක් වෙන්නෙ.. සැක්..! ඌ නම් සන්ලයිට් ගානෝ ඇති පුකේ..

මං වොශ් එකකුත් දාගෙන සුවද ගගහා ඇවිත් කලු ඩෙනිමට ප්‍රිෆෙක්ට් ටීශර්ට් එක දාගත්තා.. ඒ සිරාවටම ඉස්කෝලෙන් ගහපු ටීශර්ට් ඇදන් ඉන්දැද්දි හෙන අමුතු ගැම්මක් එනෝනෙ... ඉතින් හෙන ගැම්මෙන් අර මහ පගයගෙන් උස්සපු පර්ෆියුම් එකත් ගහන් මං පොත් ටිකත් බෑග් එකට දාගෙන ෆෝන් එකත් අරන් පහලට ගියා..

" චූටි මේ මට හෝදන්නද තේ බීලා කෝප්පෙ මෙතන තියලා තියෙන්නේ..!!? "

මං පඩිපෙළ බැහැගෙන එද්දි අම්මා මගේ දිහා බලලා ඇහුවේ මගේ මග් එක පෙන්නලාම..

" මං හෝදන්නම් අනේ.."

" හෝදන්නම් තමයි..! ඕක හෝදන්න අමතක වෙලා තිබ්බොත් ඊළග දවසෙත් ඔහොම්මම ඕකට තේ වක්කරලා දෙනෝ මං !! "

යැයි යැයි තමයි..! පොඩ්ඩක් ඇත්නම් කෑගහනවා අනේ.. මං ගස්සගෙන ආවා මග් එකත් අරන් කිචන් එකට.. ඉස්සර කෑම පෙට්ටිය හේදුවේ නැති වුනත් ඔහොමයි.. ඒ දවස්වල " චූටි ඊළග දවසෙත් මේකටම කෑම දාලා දෙනෝ හොදද හේදුවෙ නැතිවුනොත්..! " කියලා කියන්නෙ.. හැබැයි දැන් නම් ඒක කියන්න වෙන්නෑ අම්මට.. මන් දැන් ගෙනියන්නෙ කෑම එක ලන්ශීට් එකේ ඔතාගෙනනෙ..

" චූටි පුතේ අයියා තනියෙන් යන්නෙ අද ෆුට් බයිසිකලේ.. ඔයා යන් මාත් එක්ක.. චුට්ටක් කලින් ගියාට කමක් නෑනේ..? "

මං මග් එක හෝදලා තියද්දි අම්මා ඇවිත් කිව්වෙ මට කවන්න බත් බෙදන ගමන්..

" බෑ බෑ.. අද ක්ලාස් ඉවර උනාම ඉස්කෝලෙට යන්න ඕන නෙ.. මාත් තනියම යන්නම්.. "

මං එහෙම කියන ගමන් පැන්ට්‍රියෙන් වාඩි වුනාම අම්මා මං ළගට ඇවිත් බත් කටක් අනලා මට කැව්වා..

" පාරවල් ගානෙ රස්තියාදු ගහන්න එහෙම එපා හොදේ.. මං නිසිනු පුතාටත් කියන්න ඕන රස්තියාදු ගහන්න දෙන්න එහෙම එපා කියලා..! "

බුදාම්මෝ මරු එක්කෙනා.. ඌ ඊට හපන් අම්මේ කියලා කියන්නත් හිතුනා ඉතින්.. සැක්.. සෙහදු බේසිකයා එක්ක මගුලකුත් පහුගිය දවස්වල උනා.. අම්ම ඉතින් ඔය සීන් දන්නෑනෙ.. පස්සෙ හිමීට කියන්න ඕන.. එයාට ඉතින් ඕවා අවුලක් නෑනේ..

" හරි අනේ.. මං එහෙම රස්තියාදු ගහන්නෑ.. "

" මට නම් ශුවර්ම නෑ.. "

" ඔයාට මාව සැකයිද අම්මනක්කැටේ..! මගේ පපුව වීදුරුවක් වගේ කුඩුවුනේ..!! මේ ඇහුනද සද්දෙ..? "

මං පපුවත් අල්ලන් හෙන සීරියස් විදිහට කියද්දී අම්මට ලාවට හිනාවකුත් ගියා..

" ඔයාගේ කෝලම් නම් හොදටම වැඩියි හොදද.. "

බත් කටක් කවලා මගේ කට වටේ පිටඅල්ලෙන් පිහිදන ගමන් අම්මා කියද්දී මං එයාගෙ කොන්ඩ කෑල්ලක් අරන් කරකව කරකව හිටියේ.. එයාගෙ කොන්ඩෙ හරි ලස්සනයි.. කලර් කරලා තියෙන්නේ තදම තද දුබුරු පාටකින්.. අම්මට ගැලපෙනෝ ඒ පාට.. එයත් හෙන ලස්සනයිනෙ.. පිං පාටයි.. දෙයියනේ දෙයියනේ මාත් අම්මා වගේ නිසා මාත් පිං පාට ඇති..!

#පිංපාටසහිරු

ගැම්මක් තමයි ඉතින්..

" අම්මේ මං යනෝ..!! "

ඇපෝ..!!! මහ පගයා ඇවිත් කිචන් එකට බෑග් එකත් කරේ දාගෙන.. කොහෙන්හරි කඩන් පනිනෝනෙ මේ ගෝතයා..!

" ඉතින් පලකෝ..! "

" චූටි..!! "

" තමුසෙට නෙවෙයි කිව්වෙ.. මං අම්මට කිව්වෙ..! "

ඇම්මට කිව්වෙ යැයි යැයි.. මං ඔරවද්දි ඌ ඇවිත් අම්මට වැදලා හුරතල් වෙලා ගියා.. මගේ අම්මවනෙ මේ හොස්පිට්ල් එකේදි මාරු උන එකෙක් එක්ක බෙදාගන්න වෙලා තියෙන්නේ..!! වැඩක් නෑ කතාකරලා ඒ ගැන..!

මං අම්මටත් කීවෙනි සැරේටද මන්දා ගස්සගෙන බත් ටිකත් කාලා පැන්ට්‍රියෙන් බිමට බැහැලා වතුර බිව්වා.. එයා තමයි අරූව හුරතල් කරන්නෙ.. ඒකනෙ මහ පගයා හැදෙන විදිය දැන් අන්තිම වෙලා තියෙන්නේ..!

" චූටි එනකොට එන්නෙ අයියා එක්කනෙ..? "

කාලා බීලා සේරම කරලා අම්මා හෑන්ඩ් බෑග් එක‍යි බත් පාර්සල් දෙක දාපු බෑග් එකයි අරන් මාත් එක්කම එලියට බැහැලා දොර ලොක් කරන ගමන් එහෙම ඇහුවෙ..

" ඔව් ඔව්.. "

" හරි.. පරිස්සමින් යන්න හොදද.. "

මං අම්මට වැන්දම අම්මා මගේ ඔලුව අතගාලා කියලා යතුර අතට දුන්නා.. ඊට පස්සෙ ඉතින් මං ඒකත් බෑග් එකට දාගෙන මගේ දඩුමොනරෙ නැගලා පන්තියට පියෑඹුවා.. පන්තිය ගාවට එද්දි පේනෝ නිසිනුවත් බයිසිකලේ ඇවිත් ඉන්නෝ.. අඩේ ඌ අද පරක්කුයි.. වෙනදට කලින්ම එනෝනෙ පන්තියේ කෙල්ලොන්ට සූස් සූස් ගාන්න..

" අඩෝ මේ නලියන්නැතුව ඉදපන් හරිද.. මේ කලේ බිදෙයි යකෝ.. "

සුභාෂයා අද ටිකිරිලියා වගේ කලයකුත් උස්සන් ඇවිත්.. කවීන් අයියා ගේන්න කිව්වලු.. අනේ මං දන්නෑ.. මූ නිකන් නාග මාණික්‍ය ආරක්ෂා කරන ශිවන්‍යා වගේ.. ක්ලාස් එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඌ මැරෙන්න හදනො කලේ බිදෙයි කියලා.. ඇයි ඉතින් බේසික කෑල්ලට අසහනේනෙ.. උට එක විදියට පුප තියන් ඉන්න බෑ.. බබර චක්‍රෙ වගේ කැරකෙනෝ නලියනෝ විනාඩියෙන් විනාඩිය.. එහෙම නැත්නම් පොතක් හරි කුරුටු ගානො.. නැත්තන් ළග ඉන්න එකාව අල්ලන් විකාර කරනෝ.. දැන් මේ පිස්සුවෙන් වගේ බිනුරයගෙ අතේ මල් අදිනො පෑනෙන්.. මං නම් හිතන්නෙ සිරාවටම මොකක් හරි මානසික ආබාධයක්ද කොහෙද මූට.. සෙහදු බේසිකයට කියන්න ඕන මිහිහව අංගොඩ ගිහින් දාපන් කියලා..!

" අනේ හුත්තො මං පාරෙ යන්නෙ කොහොමද කියපන්කො.. "

ඒ අස්සෙ බිනුරයා කෑගහනෝ අත දිහා බල බල..

" කෑ නොගහා ඉදපන් පොඩ්ඩක්.. තව එක මලයි අදින්න තියෙන්නෙ.. "

" මොකක්ද ඕයි ඔය ඇදලා තියෙන්නේ..!!! ඇට දෙකක්ද..!? "

" නෑ නෑ ඕයි.. මේ රෝස මලක්..! "

" ආච්චිගෙ හැට්ටෙ රෝස මලක්නෙ යකෝ ඒ..! "

" අපේ ආච්චි හැට්ට අදින්නෑ ඕයි ගවුම් අදින්නෙ.. එක ගවුමක තිබ්බා මං හිතන්නේ සූරියකාන්ත මල්.. උබෙත් අදින්නද ඒකක්..? "

" අනේ මේ ඕයි.. රෙද්දක් කියවන්නැතුව පාඩුවේ ඉදපන්කො..! බලහන්කෝ දැන් මේක ඇට දෙකට නටු ඇවිත් වගේනෙ..!! "

බිනුරයා අත අබරවගෙන අත් ගොබේ දිහා බලන් එහෙම කියද්දි මාත් හොම්බ දාලා බැලුවා.. අඩෝ සිරාවටම යකෝ..! ඇට දෙකට නටු ඇවිත් වගේ.. ඒක දැකලා මට හිනාවෙලා මැරෙන්න වගේ..

" අඩෝ දගලන්න එපා යකෝ මේක බිදෙයි..! "

එහෙන් සුභාෂයා කෑ ගහනෝ කලෙත් තුරුල් කරන්.. මං දන්නො මොන වෙලාවක හරි සයන්ස් ක්ලාස් එකේ මිස්ගෙන් අපි අහගන්නො මේ නිසිනු බේසිකයා නිසා.. ඌ තමයි සේරටම මුල..! පුදුම අසහනයක් තියෙන්නෙ.. අර රෝස පාට තොප්පියක් දාගෙන යූටියුබ් උයන අපෙ අම්මට කතා හදන උන්ටවත් මෙච්චර අසහනයක් නැතුවැති..!! දෙයියනේ දෙයියනේ එතකොට මාත් අසහනකාරයෙක් වෙනෝනෙ.. මං ඒ කතාව ඉල්ලා අස්කරගන්නෝ.. අපේ අම්මගෙ උදාහරණෙ අමතක කරලා දාන්න..

කොහොමහරි පන්තිය ඉවරවෙලා අපි තුන්දෙනා ඉස්කෝලෙට ආවා.. තුන්දෙනා කිව්වෙ ඉතින් නිසිනුවයි, සුභාෂයයි, මායි.. බිනුරයා ගෙදර ගියා නිසිනුවට දෙහි කප කප.. ඇයි ඉතින් අරූ අතේ ඇට දෙකකට නටුවක් දාලා ඇදලනෙ..

" අඩෝ සහිරු.. බොලා ඔය ආතල් එකේ ඉන්නැතුව වියපන්කො බං පොල් ඉත්තක්.. "

අපේ වයසෙ හිරුජ කියලා එකෙක් කෑගහලා එහෙම කිව්වෙ.. මං මේ නිසිනුවා එක්ක පැත්තකට වෙලා කයියක් දාගෙන ඉදියෙ.. අර වෙස් මංගල්‍යයෙ වැඩ වලට ඉස්කෝලෙට ආවට අපිට කරන්න වැඩක් නෑ අනේ.. හැබැයි මෙහෙමයි.. වැඩ නැත්තෙ නෑ.. වැඩනම් හෙනට තියෙනො.. ඒත් අපෙ මහ පගයා කිව්වා නිසිනුවටයි මටයි පැත්තකට වෙලා ඉදපන් කියලා වැඩ එක දෙක කරන්නැතුව.. අපි ඉතින් මේ ඉස්කෝලෙ හෙඩාගෙ වචනෙ අකුරටම පිළිපදින ගමන් ඉන්නෙ.. ඒත් මේ වටේ http ලා මැදින් ඇඩ් දානොනෙ අරක කරපන් මේක කරපන් කියලා මගුල..

" අපි දන්නෑ ඕයි ඕවා වියන්න.. "

" ඉතින් යකෝ අපිත් දන්න පකක් නෑ.. මේ යූටියුබ් වීඩියෝ එකක් බලන් වියන්නෙ.. "

නිසිනුවා කිව්ව එකට අපේ වයසෙ වෙන එකෙක් කෑගහලා එහෙම කිව්වම මං චුට්ටක් ඉස්සිලා බැලුවා.. සිරාවටම උන් වීඩියෝ එකක් ප්ලේ කරගෙන තමයි වියන්නෙ.. ඒ උනාට ඉතින් තාම එක පොල් ඉත්තකින් කාලක්වත් වියල නෑ..

" අඩෝ මේ පොල් කොළ ටික උස්සලා අල්ලන් ඉදපන්කො බං මේක අස්සට දානකන්.. "

සැක් ඩබල් මීනින්..!!!!!!!!!! එකෙක් කිව්වම ඉතින් මං නැගිටලා ගිහින් ඌ කියන විදියට පොල් කොළ උස්සන් හිටියා ඌ අස්සෙන් දානකන්.. සමාවෙන්න අයියෙ ඔයාගෙ අණ ඒ විදියටම පිළිපදින්න බැරි උනාට..

" මොන හුයන්නක්ද යකෝ මේ..!? මට බෑ උට්ටො මේක කරන්න.. "

හිරුජයා පොල් ඉත්තක් එක්ක පොලවෙ ගහලා නැගිටලා ගිහින් පැවිලියන් එකේ පඩියකින් ඉදගත්තා.. සිරාවටම මේක හෙන එපා කරපු වැඩක් බං.. අරහෙන් මෙහෙන් කොළ දානො.. අර අවුරුදු උත්සවවල පොල් ඉති වියන තරගත් තියෙද කොහෙදනෙ.. මේ පාර අපේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙන් ඕගනයිස් කරන අවුරුදු උත්සවේටත් පොල් ඉති වියන තරගයක් දාන්න කියන්න ඕනි.. ආච්චම්මලාහ ගිහින් පොල් ඉත්තක් වියන්න පුරුදු වෙලා මං ඒ තරගෙන් ෆස්ට් ප්ලේස් ගන්නො.. ම්ම්.. මට මැවිලා පේනො මගෙ නම එනවුස් කරනො පොල් ඉති වියලා පළමු ස්ථානය කියලා.. ගැම්මක් තමයි සහිරු..!!

හැබැයි පොඩි කොස්සක් තියෙනො.. අර කවීන් බොසාටත් පොල් ඉති වියන්න පුලුවන් ඇති අනිවා.. ඌ ඉතින් පොල් පිස්සනෙ.. ජීවිතය සමානයි පොල් සීන් එකෙන් ඌ ඉන්නෙ.. එතකොට මට ඌ එක්ක තමයි තරගෙ තියෙන්නෙ.. අවුලක් නෑ.. උට පොල් මල් වලින් බොකේ එකක් හදලා දීලා ඒකත් අරන් පැත්තකට වෙලා ඉන්න කිව්වම හරි.. බිග් බ්‍රේන්..!

" අඩෝ සිරාවටම වියලා පොල් ඉති ගේන්න කිව්වනම් එකක් බං.. දැන් කොහොමද කියාම්කො මේ මගුල් ටික වියන්නෙ.. "

නිසිනුවා මගෙ කනපල්ලෙ වගේ ඉදගෙන කෑගැහුවම මං උඩ ගියා.. අවුරුදු උත්සවේ පොල් අතු වියලා පළමු ස්ථානෙ ගන්න බලන් හිටිය මගෙ හීනෙත් සී සී කඩ.. ගොන් බල්ලා..! කරොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමයි.. මං උගෙ පිටටත් එකක් ගහගෙන ගිහින් පැවිලියන් එකේ පඩියකින් ඉදගත්තා.. මට බෑ මගුල අර කොළ උස්සන් ඉන්න අරූ අස්සෙන් දානකන්..

" ඒ මේ අර ඇවිත් ඉන්න අයියලා දන්නවද දන්නෑනෙ පොල් ඉත්තක් වියන්න.. "

" මොන අයියලද බං..!? "

" අර ඉන්නෙ බං ස්ටේජ් එක ගහන තැන.. "

මාත් බැලුවා ඒ පැත්ත.. අයියලද අන්කල්ලද දන්නෑ.. කට්ටියක් ඉන්නොනම් තමයි ග්‍රවුන්ඩ් එක මැද වගේ.. අර ස්ටේජ් එක ගහන වැඩේට ආපු අයද කොහෙද.. OB එකේ උන්ටනෙ බාරදීලා තිබ්බෙ ඒ වැඩේ..

" අඩෝ පිස්සුද බං උන්ට කියන්න.. ඒ අයියලත් දන්නැතුවැති බං ඕවා.. "

අනික අදුරන උන්නුත් නෙවෙයි ඒ.. මූත් මහ ගොබ්බ කතාවක්මයි කිව්වොත් කියන්නෙ..!

" අනික පොල් ඉති ඕනි නෑ බං ලොකුවට.. කෙසෙල් කොළ අතරින් පතර ගොක්කොළ යවලා මොකක්ද මගුලක් කරනවා කිව්වෙ.. හරියටම දන්නෑ ඉතින්.. කවීන් අයියලගෙන් අහපන්කො බං.. "

හිරුජයා එහෙම කිව්වාම මං වටපිට බැලුවා කවීන් අයියව හොයාගන්න.. අඩේ අර ඉන්නෙ පොර.. ග්‍රවුන්ඩ් එකේ කොනක ඩෙස්ක් එකක් දාගෙන ඌ සුභාෂ් එක්ක මොකක්ද කතාවක්..

" අර ඉන්නෙ පොර.. ඉදාම් මං අහලා එන්නම්.. "

මං එහෙම කියලා නැගිටලා ගියා ඒ පැත්තට.. යද්දී ඇහෙනෝ කවීන් අයිය කියවනෝ..

" කල දෙකක් දෙපැත්තෙන් තියන්නෙ ඕයි.. බලහන්කෝ දැන් මේ හිච්චන් විතර කලෙන් මොකක්ද කරන්නෙ කියලා.. "

කවීන් අයියා එහෙම කියද්දි සුභාෂයා ඉන්නෝ අර ඌ නාග මාණික්‍ය වගේ ආරක්ෂා කර කලෙත් අරන්..

" ඉතින් අයියෙ උබ මට සයිස් එක කිව්වෙ නෑනේ..! "

මේ මොකතේ මේ.. මොනවද මට මේ ඇහෙන්නෙ.. සැක්..

" අනේ මේ ඕයි.. පලයන් යන්න පකක් කියවන්නැතුව.. "

කවීන් අයියට මල පැනලද කොහෙද.. අතත් දික් කරලා අරූට පලයන් කිව්වා..

" අඩෝ අයියෙ.."

මං කතා කරාම කවීන් බොසා මං දිහා හැරිලා බැලුවේ සාක්කුවෙන් ෆෝන් එකත් අතට ගන්න ගමන්..

" ආ සහිරු මල්ලේහ්.. මෙන්න මේ උබේ යාලුවවත් අරන් පලකෝ.. මට කේන්තියි මූත් එක්ක..! "

කවීන් බොසා මට සුභාෂයව පෙන්නලා කියලා ෆෝන් එක කනේ ගහගත්තා..

" හෙලෝ.. වීබී..! උබ ටවුන් එකේද..? මේ ඕයි ටිකක් ලොකු කල දෙකක් ගෙනෙන්කෝ කොහෙන්හරි.. "

අඩේ..! මහ පගයා ටවුන් ගිහින්ද.. ඒවා වැඩක් නෑ.. මං හිමීට සුභාෂයට කිට්ටු කරා.. මොකක්ද උනේ කියලා දැනගන්න එපැයි..

" මොකෝ කේස් එක..? "

" අඩෝ කවීන් පකයා_ "

" ඒ ඒ ඇහෙයි යකෝ..!! හිමින් කියපන්.. "

මූත් අම්මපා ගොන් අලයක්..

" අරූ බං පෙරේදා මගෙන් ඇහුවා කල දෙකක් හොයාගන්න පුළුවන්ද කියලා.. අපේ ගෙදර කිරි උතුරවන්න ගෙනාපු කලයක් තිබ්බා ඉතින්.. අලුත්ම එකක්.. මං කිව්වා ඒක ගේන්නම් කියලා.. ඉතින් බොලාගෙනුත් පරිස්සම් කරන් හෙන ගේමක් දීලා කලේ ගෙනාවට පස්සෙ ඌට ඒක පොඩියිලු.. මොන උට්ටක්ද මන්දා බං..! මැරෙන්න හදනෝ කලේ පොඩියි කියලා.. සිරාවටම ඌට අරින්න හිතෙනෝ මේකෙන්ම උට්ට..!! එක්කො ඌ සයිස් එක කියන්න ඕන.. "

අනේ යකෝ හිනත් යනෝ මට..

" මොකේ සයිස් එකද..? "

තොල් හපාගෙන මං ඇහුවාම සුභාෂයා මං දිහා රවලා බැලුවා..

" පයියෙ..! අනේ මේ තෝත් එක්ක බෑ ඕයි..!! "

සුභාෂයා බැන බැන ගියාට පස්සෙ මං ශේප් එකේ කවීන් අයියා ගාවට කිට්ටු උනා.. ඌ ෆෝන් එකටත් බනිනොද කොහෙද..

" ඒ බොසා මේ.. "

" කියපන්.. "

" පොල් ඉති වියන්න දන්නෑනෙ අපි.. "

මං එහෙම කිව්වම ඌ මගෙ දිහා කන්න වගේ බැලුවා.. යකෝ මට ඔරවන්නෙ මොකටද මූ..

" මේ ඔයාට පුළුවන් නම් වියන්නකො ඒයි.. "

මං ඌට දත් තිස් දෙකම දාලා විරිත්තලා කිව්වම ඌ මට ආයෙත් රැව්වා..!

" ඕයි වීබී..!! උබ මොකටද යකෝ මේ පොඩි පගයව එක්කන් ආවෙ සිරාවටම..? "

අම්මටසිරි ඌ තාම කෝල් එකේද ඉදලා තියෙන්නේ..! කොහොමහරි මහ පගයා කිව්ව එකකටද කොහෙද කවීන් අයියා මගෙ පිටටත් ගහලා හැක හැක ගාන්න ගත්තා.. මොකක්ද උට්ටො ගහන්නෙ..!!!!? අර ගොනා මොකක් හරි කට කැඩෙන කතාවක් කියන්නැති මගුල..

" යමන් යමන් බලන්න.. "

කවීන් අයියා මගෙ කරටත් අතට දාගෙන යන්න ගත්තම මං උගෙ අත එහාට කරා.. පිට මැදට ගහලා එනෝ මෙතන තව කරටත් අත දාන්න.. ගොන් පකයා..!

" අඩෝ තාම එකක්වත් වියල නෑනෙ ඕයි.. "

" නෑ තමයි ඉතින්.. ඒකනෙ මං ඇවිත් ඔයාගෙන් ඇහුවෙ.. "

මේලෝකෙ නෙවෙයිද දන්නෑ මූ ඉන්නෙ.. පිස්සු උට්ටා..!

" ඉතින් යකෝ මේ යූටියුබ් වීඩියෝ එකක් දාගෙන වියපන්කො.. කෝ එහාට වෙයල්ලා මං වියන්න.. "

අනේ පකක් කතා කරනො.. මුන් මෙච්චර වෙලා යූටියුබ් වීඩියෝස් ප්ලේ කරගෙන වියන්න ගිහින් තමයි දමල ගහලා ඉන්නෙ.. කවීන් අයියා අපිට බැන බැන උගෙ ගඩොල් බාගෙ අරන් පොල් අතු වියන යූටියුබ් වීඩියෝ එකක් ප්ලේ වෙන්න දැම්මා.. මූත් කියෙව්වට දන්නැද්ද කොහෙද.. ඒකනෙ මේ යූටියුබ් බලන්නෙ.. ම්ම්.. ඒ කියන්නෙ අවුරුදු උත්සවේ පොල් අතු වියලා කප් එක ගන්නෙ මං..!!!!!

" ඕයි ඕයි බොලා කොහෙද යන්නෙ..!? මෙන්න මේ පොල් කොළ ටික අල්ලන් ඉදපන්.. "

කවීන් අයියටම පොල් අතු ටික වියපන් කියලා අපේ එවුන් හැදුවෙ ශේප් එකේ මාරුවෙන්න.. කොහෙද මූ කෑගහනොනෙ.. ඊටපස්සෙ හිරුජට උනේ පෝල් කොළේ අල්ලන් ඉන්න.. අඩෝ මං හිතුව විදිය වැරදියි..!! මූ අර වීඩියෝ එක බලාගෙන වියනෝනෙ ඕයි අම්මටසිරි වෙන්නම.. මූට උගේ ආච්චි වැහිලවත්ද ඕයි.. අනික යකෝ මට මූත් එක්ක ගේමක් සෙට් වෙනෝ ලෙසටම.. සැක්.. පොල් අතු වියලා කප් එක ගන්න වෙන්නැතිවෙයි මෙහෙම ගියොත්.. ඉදපන්කො මං ගෙදර ගිහින් පුරුදු වෙනෝ..!! එක්කො මං පොල් ගෑමේ තරගෙට ගියානම් හරි නේ.. ඒක පුරුදු වෙන්න ලේසියිනෙ.. නැත්තන් පොල්කොළ වියන්න ඉගෙනගන්න ගමේ යනකන් ඉන්න වෙනෝනෙ..!

" ඒ අයියේ උබට පොල් ගාන්න පුලුවන්ද..? "

මං ශේප් එකේ නැමිලා කවීන් අයියගෙන් ඇහුවාම ඌ මං දිහා එකපාරක් බලලා ආයෙ පොල් අත්ත වියන්න ගත්තා..

" අඩෝ කියපන්කො අයියෙ..! "

" අනේ සුදු පුතේ.. උබ පොඩ්ඩක් කට පුප වහන් අන්න අරහෙන් වාඩිවෙලා ඉදපන්කො..! ලොකු උදව්වක්.. උබට මං සීනි මුරුක්කුවක් අරන් දෙන්නම්..!! "

ඊට විනාඩි දහයකට විතර පස්සෙ මං හිටියේ පැවිලියන් එකේ කොනක වාඩිවෙලා.. කතා කරන්නෑ අර බල්ලා එක්ක මං ආයෙ..! අරූ අරහෙම කිව්වම නිසිනුවත් හිනාවුනා.. නිසිනුනම් කමක් නෑ කියමු.. අර හිරුජ පකාත් හිනාවුනා.. ඉදපන්කො පොල් අතුත් වියලා පොලුත් ගාලා මං දෙකෙන්ම කප් එක ගන්නො කවීන් පරයට ඇඩෙන්නම..!!

" මොකෝ උබ ඔතන..? "

මං කවීන් පරයට දෙහි කපද්දි මහ පගයා ඇවිත් කතාකරේ..

" අන්න අර තමුසෙගෙ උරුලෑ යාලුවා මට ඒවා මේවා කිව්වා..!! "

මං කවීන් පරයා දිහාට අතත් දික් කරලා පෙන්නලාම කියද්දී මහ පගයත් බැලුවා ඒ පැත්ත..

" අඩෝහ්..! මෙන්න මූ ගොක් කොළත් වියනෝ..!! "

මග පගයාත් හෙන හයියෙන් හිනාවෙවීම එහෙම කියාගෙන ඒ පැත්තට යද්දී මාත් ගියා මහ පගයගෙ පස්සෙන්.. මහ පගයා ඉන්නෝනෙ දැන්..

" මේ මුන්ට බෑලු බං වියන්න.. පැය ගානක් තිස්සෙ අතගගා ඉදලා..! "

කවීන් පරයා විය වියම එහෙම කිව්වම මහ පහයා පටස් ගාලා උගේ ෆෝන් එක අරන් කවීන් පරයා පොල් අතු වියනෝ ෆොටෝ එකක් ගත්තා.. මාත් එබිලා බැලුවා ෆොටෝ එකට.. ලස්සනට වැදිලා හැබැයි.. පොල් අත්තක් උඩ බෙට්ටක් දානෝ වගේ..! හොදෑඩේ ඕකාට..!!!!! මෑන් දන්නෑ ෆොටෝ එකක් ගත්ත බව.. හොදම වැඩේ..!!

" ඒ උබ කල දෙක ගෙනාව නේ..? "

" ඔව් අන්න නිකිතට දුන්නා.. "

" හා හා.. මේ මුගේ යාලුවා මරු කලයක් ගෙනත් තිබ්බෙ පොල් මල් දාන්න..! "

අරූ ඉතින් සුභාෂයගෙ කලේ ගැන සේරම මහ පගයගෙ කනේ තිබ්බා.. හැබැයි මහ පගයනම් මුකුත් කිව්වෙ නෑ ඉතින්.. අනික පව් හැබැයි සුභාෂයා.. කවීන් පරයා සයිස් එක නොකියපු නිසානෙ මේ සේරම..!

" චූටි තමුසෙ කාලද ඉන්නෙ..? "

මහ පගයගෙ අතත් බදාගෙන උගේ අස්සෙ වෙලිලා හිටිය මගෙන් ඌ එහෙම ඇහුවාම මං ඔලුව දෙපැත්තට වැනුවා.. හොද වෙලාවට මේ අවට ඉන්න උන් දන්නෝ හෙඩාගෙ මල්ලි මං කියලා.. නොදන්න කෙනෙක් එහෙම හිටියනම් රැවටිලා හිතයි කපල් එකක් කියලා අපි.. සැක්..

" බොරු බං ඔය..! දැන් ටිකකට කලිනුත් මං දැක්කා මොනවද කකා ඉන්නෝ.. "

ඔන්න ඉතින් මට කේන්ති යනෝ උට්ට..!

" අනේ මේ කවීන් අයියෙ..!! කට පුප වහන් පැත්තකට වෙලා ඉන්නවකෝ..! ලොකු උදව්වක්.. අනික තමුසෙ පෙරේතයෙක් වගේ මන් කාපු බිස්කට් එකට කෙල හලන්න ඇති.. බලාගෙනනෙ ඉදලා තියෙන්නේ කන දිහා..! "

මං එහෙම කිව්වාම මෑන්ගෙ කටත් ඇරුනා..

" මූ යකෝ..! "

යැයි යැයි තමයි.. ආවා මෙතන පකක් කියාගෙන..! හපනවා මන් ඕකව කොයිවෙලාවක හරි.. ඉදපන්කො..

" කට්ටිය ගොක් කොළ වියනෝ වගේනේ.. "

" නෑ නෑ උබෙ ආච්චිට චීත්තයක් වියනො..!!! "

අහපු එකා මොකා උනත් මං එහෙම කියාගෙන හැරුණෙ.. මට තරහ ගිහින් ඉන්නෙ මගුල.. ඒත් ඒ_

ගොම්බිලියා යකෝඕඕඕව්..!!!!!!!!!!!!!!!!!!!!!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

ඔන්න දුන්නා 🌚 !

ආ මේකෙ අර කොරෝනා පීරියඩ් එකට කලින් ඉස්කෝලවල එක්සෑම්ස් තිබ්බ විදියට හරිද ලියන්නෙ.. අර විදියට එක්සෑම්ස් පහුකරලා ලියන්න ගියොත් සසරත් එපා වෙනෝ අනේ.. ගළපගන්නත් හෙන අමාරුයිනෙ.. ඉතින් ඔය සත්රූලා එහෙම ගිය අවුරුද්දෙ දෙසැම්බර් ඕලෙවල් ලියල තියෙන්නෙ.. එතකොට දැන් මේ අවුරුද්දෙ මුල වගේ.. ඉතින් උන්ට තාම ඉස්කෝල පටන් අරන් නෑ.. ඒ හින්දා වැඩිය හිතන්න එපා ඒක ගැන..

එනිවේ,

#ක්‍රිකට්නිසානෙමේසේරම 😂💔

Kk Bye,

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter