Back
/ 22
Chapter 11

10 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

කොහොමහරි අයියගෙ පැත්තට වෙලා මං සන්ලයිට් බේසිකයට එහෙම කිව්වම පොර මට මැදැගිල්ල දික් කරා.. ඔව් ඉතින් ඌ දන්නෙ එච්චරයිනෙ.. සිරාවටම මං මේ නිසිනුවා එක්ක එකතු වෙලා සෙහදු අයියට කියන කතා වලට වෙන එකෙක්නම් අපි ඉවරයි මෙලහකට.. මූ හැබැයි හොද එකා කොහොම උනත්.. එක වචනයක් කියන්නෑනෙ අපිට.. වැඩිම උනොත් මැදගිල්ල දික් කරලා පාඩුවේ ඉදීවි..

" අඩෝ අඩෝ මොකක්ද ඒ අපි නොදන්න පොල් ගහන සීන් එක..!? "

මහ පගයා එක්ක උගෙ අහවල් මණ්ඩලේ උන් ටිකට යනවා කියාගෙන එද්දි මට ඇහුණෙ කවීන් අයියගෙ කටහඩ.. සන්ලයිට් බේසිකයා උන්ට කියලා නෑ එහෙනම් මං උගෙ අරක කුණුවෙලා වැටෙන්න පොල් ගහනවා කිව්ව සීන් එක.. සැක්.. පවු හැබැයි..

අම්මෝ ඊටපස්සෙ අපි ගෙදර ආවා කපිල අංකල් එක්ක.. ගෙදර ඇවිත් ඉතින් කෙලින්ම රූම් එකට ගියා..

" චූටී ලාවට හරි වොශ් එකක් දාගමු නේද..!? "

මාත් එක්කම රූම් එකට ආව අයියා කිව්වම මං ඔලුව වැනුවා.. ඉස්කෝලෙ ගිහින් ආව නිසා දඩිය ගදයිත් එක්ක.. එහෙන් උන.. වොශ් දාගන්නත් ඕනි.. ඒත් සීතලයිත් වගේ.. පුදුම කරුමයක් උනානෙ මේක..!

" ඉදපන් මන් එන්නම්.."

ඌ ආයෙත් ගියා.. සපත්තු ගලවලා එන්න වෙන්නැති.. ඒත් ඌ එනකන් මට ඉන්න බෑ.. ඒ නිසා මං වැනි වැනි බාතෘම් එකට ගිහින් දොර වහගත්තා.. ගිහින් ඇරියා ශවර් එක..

" චූටී..!! මේ දොර ඇරපන්..! "

" මං ඇග හෝදනෝ..!!!! "

මං කෑගහලා කිව්වා අයියට.. ඇහුනද දන්නෑ හැබැයි.. හඩ පිටවෙන්නෙත් හිමීටනෙ..

" චූටී..!!?"

" මං ඇග සෝදනෝ අනේ..!!!!! "

" ඇල් වතුර වක්කරගෙන එහෙම අහුවෙන්න එපා චූටි හොදේ..! තමුසෙ මගෙන් මැරුම් කනෝ..!! "

හුටා..! මහ පගයා කියද්දිත් මං ශවර් එකට ඇග අල්ලන්.. වෙව්ලනොත් වගේ හැබැයි.. කමක් නෑ මැරෙන එකක් නෑනෙ.. මං එහෙන්මම ශවර් එක වහලා හොට් වෝටර් දාගත්තා.. නැත්නම් අරූගෙන් අම්බානෙකට අහගන්න වෙනෝ.. ටිකක් වෙලා ඉදලා මං ටවල් එකත් ඇදන් බාතෘම් එකෙන් එළියට ගියා.. මගෙ ඇස්තුත් රතු වෙලා මං හිතන්නෙ.. ඔලුවත් කරකැවෙනො වගේ.. යද්දි මහ පගයා ඉන්නො මලයකා වගේ අත් දෙකත් බැදගෙන..

" තමුසෙ නෑවද..!!? "

අපෝ මූ නම් මහ එපාවෙනො නෙ.. කඩාපනින්නමයි බලන් ඉන්නෙ..

" නෑ නෑ අනේ..! "

මං එහෙම කියාගෙන ගිහින් ඇදුමක් දාගත්තා.. අරූ එක්ක බෑ රෙද්ද..!

" නැත්නම් කොහොමද මේ ඔලුව පිටිපස්ස තෙමිලා තියෙන්නෙ.. "

" වතුර ඉහෙන්නැති.. "

මං එහෙම කියලා ශේප් එකේ ඇදට නගින්න හැදුවෙ.. ඒත් මූ එක්ක බෑ මගුල..

" සීතල වතුර..!? තමුසෙට කියන එකක් අහන්නම බෑනෙ.. මං කියලත් හොට් වෝටර් වලින් නෙවෙයිනෙ සේදුවෙ.. "

අරූ බැන බැන ටවල් එකක් අරන් ඇවිත් ඔලුවෙ පිටිපස්ස පිහිදැම්මා.. මං මට නෙවෙයි වගේ ඉදියා මගුල.. ටිකකින් ඌ ටවල් එකත් වනාගෙනම පල්ලෙහාට ගියා.. මං බෙඩ් ශීට් එක යට ගුලිවෙලා ඇස් පියාගෙන ඉදියා ඉතින්.. ලාවට රස්සනයක් තියෙන්නෙ.. ඇග සේදුව නිසා සනීපයි..ඒත් සීතලයිත් වගේ..

" චූටි බත් ටිකක් කාලා ඉමු නේ.. කපිල අංකල්ට කියලා ගෙන්නගත්තා මං.."

ටිකකින් අයියා බත් එකක් බෙදන් ඇවිත් කිව්වම මගේ මූන ඇබුල් වෙන්න ඇති.. අරූ මට රැව්වා..

" කන්න බෑ කියන්න එහෙම එපා චූටි..! කාලා බෙහෙත් ටික බීලා ටිකක් නිදාගනින්.. "

ඉතින් තව මොනව කියන්නද.. ඌම අනලා කැව්වා මට.. කවලා අතට බෙහෙත්නුත් දුන්නා වතුර වීදුරුවක් එක්ක..

" මේ මං මේවා බීලා මැරෙන එකක් නෑනේ නේ..? තමුසෙ හරි බෙහෙත් නෙ මට දුන්නෙ..? "

මං ඇහුවම මහ පගයා රකුසු වෙස් ගත්තා.. හැබැයි බැන්නෙ නෑ.. බනින්න ඕනත් නෑ හැබැයි ඌ පිච්චිලා යන්න වගේ බලන් හිටියේ.. මට මතකත් නෑ බෙහෙත් ටික බිව්වද කියලත්.. ඊලග විනාඩියේ මං හිටියේ ඔලුවේ ඉදන් පොරවගෙන හාන්සිවෙලා..

පස්සෙ මං ලා නින්දෙන් දැක්කා මහ පගයා ඒසී එකත් ඕෆ් කරලා ගිහින් ටේබල් ෆෑන් එකක් අරන් ඇවිත් දානෝ.. ආයෙ ටිකකින් ඔලුව අතගානෝ වගේත් දැනුනා..

ඊටපස්සෙ මොකක්ද උනේ කියලා මතක නෑ.. මැරුනා වගේ නින්ද ගියා..

" චූටි.. පුතේ.. "

" ම්ම්හ්.. "

" පුතේ ඇහැරින්නකො.. "

මට ලාවට වගේ ඇහුනේ කවුද කතාකරනවා..

" බෙහෙත් බොන්න ඕනනේ පුතේ.. නැගිටින්නකො ඉතින්.. "

ආ අම්මා කතාකරලා තියෙන්නේ.. එයා හවස එන්න ඇති එහෙනම්.. මං ඇස් ඇරලා බැලුවා මූනත් මොකක්ද කරන්..

" උණ නම් බැහැලා හැබැයි දැන්.. "

අම්මා කිව්වම මන් බෙල්ල හරවලා ඔරලෝසුව දිහා බැලුවා.. 8.15 යි වෙලාව..

" චූටී.. ටී එකක් හදලා දෙන්නද..? "

" ම්හු.. බොන්න බෑ අනේ.. "

තේ බොන්න බෑ.. වමනේ යන්න වගේ තේ එක මතක් වෙද්දී.. උනේ හැටිද කොහෙද මේ..

" උණුවෙන් බත් ටිකක් කමු එහෙනම්.. "

අම්මා එහෙම ඇහුවාම මන් ඔලුව වැනුවා.. බත් නම් කන්න පුළුවන් වෙයි.. අනික උණුවෙන් නෙ.. හැබැයි ඉතින් නිවලා නේද මං කන්නෙ කියලා මතක් උනාම සැක් කියලා හිතුනා.. ආ අවුලක් නෑ.. ඊටපස්සෙ අම්මා බත් බෙදන් ඇවිත් මට කවලා බෙහෙත් දුන්නාම මං ආයෙ නිදාගත්තා.. මං නිකන් දැන් ස්ලීපින් බියුටි වගේ..

.

.

.

.

.

උදේ ඇහැරිද්දී නම් සෑහෙන්න හොදයි මට.. උනත් බැහැලා දාඩිය දාලා තිබ්බෙ.. ඇග පත රිදිල්ල නම් තියෙනෝ තාම.. කොහොමත් උනක් හැදුනාම පැය ගානකින් අඩුවෙන්නෑනෙ..

" චූටි නැගිට්ටද..!? ටී ඕනි නෑ මං කැද ටිකක් හැදුවා.. වොශ් එකක් දාගෙන ඇවිත් බොන්න.. "

අම්මා රූම් එකට එබිලා කිව්වෙ.. ඊටපස්සෙ මං දත් මැදලා ලාවට වොශ් එකකුත් දාගත්තා.. මට නිකන් දාඩියේ ඉන්න බෑ වගේ සීන් එකක් තියෙනෝනෙ..

" දැන් කොහොමද ඇගට..? අඩුවක් දැනෙනවද චූටී..? "

මන් ඇදුමක් දාන් කිචන් එකට ගියාම අම්මා කැද කෝප්පෙ දෙනගමන් ඇහුවේ..

" ඕ.. අම්මා හවසනෙ යන්නේ..? "

මං කැද කෝප්පෙ අරන් පැන්ට්‍රියෙන් වාඩිවෙන ගමන් ඇහුවා.. අම්මා පොල් කිරි කැද හදලා මට..

" නෑ චූටි.. එකොළහට විතර මං යන්න ඕන.. වැඩ වගයකුත් තියෙනවා කරගන්න.. තාත්තට බත් එක දෙන්නත් ඕනිනෙ.."

" හා හා.. අයියා අද හවස ඉස්කෝලේ නවතිනෝ කිව්වද..? "

" ඔව් ඔව්.. අයියා එද්දි හවස් වෙයි.. හවස තාත්තා එයි හොදද.. මං එද්දි රෑවෙයි සමහරවිට අද.. "

ඊට පස්සෙ මං කැදත් බීලා බෙහෙත්නුත් බීලා රූම් එකට ගිහින් ඇදට පැන්නා.. ආයෙ නිදාගන්න බෑ.. ඒත් පොඩ්ඩක් අර මහන්සි ගතියක් දැනෙනෝ ඇගට.. කම්මැලියි කරන්න දේකුත් නෑනේ ඒ නිසා ෆෝන් එක ගත්තා මං.. ඊයෙ උදේ ඉදන් ඇල්ලුවේවත් නෑ මේක.. වයිෆයි ඔන් කරා විතරයි ටීන් ටීන් ගගා මැසේජස් ලෝඩ් වෙනෝ.. ගොම්බිලියගෙනුත් මැසේජස් තියෙනෝ යකෝව්..!

" Practice enne nathnm kalin danuwth krnna danne nadda..!?

Club Presidentne..

Get used to working responsibly..!!!! "

මුගෙ අප්පට යකෝව්..! මාරයා ආවේස වෙනෝ ඉතින් රෙද්ද.. උලං නරියා..!! මට හිතුනෙම මුට මිඩ්ල් ෆින්ගර් ඉමෝජියක් යවන්න.. ඒත් ඒක හරි නෑනෙ කොච්චර උනත්.. අනික මූ හෙන වැඩිමල්නෙ අපිට වඩා.. ඒ නිසා මං 'Ha' කියලා යැව්වා තම්බ්ස් අප් ඉමෝජිය එක්ක.. ඕනි නෑ වැඩි කතාවක් ඌ එක්ක..

මං රිප්ලයි එකක් යවලා එක විනාඩියක් ගියේ නෑ මං යවපු මැසේජ් එක ඩිලිවර් වෙලා බ්ලූ ටික්ස් වැටුණා.. යකෝ මූ ඔන්ලයින්.. පස්සෙ උඩින් ටයිපින් කියලා වැටෙද්දි මං ඉක්මනට උගෙ චැට් එක ක්ලෝස් කරලා දැම්මා.. මොන උට්ටක්ද මන්දා..

" Scl gye na ? "

මාර මගුලක් උනානෙ මේක.. ඌ මොකටද මගෙන් ඉස්කෝලෙ ගියේ නැද්ද කියලා අහන්නෙ.. ගියේ නැති නිසානෙ යකෝ මැසේජ් සීන් කරලා රිප්ලයි කරේ.. ඒකවත් තේරෙන්නෙ නැද්ද දන්නෑ.. සිරාවටම ගොම්බිලියෙක්ම තමයි මූ..!

උගෙ චැට් එකෙන් එක්සිට් උනු නිසා උඩින් නොටිෆියක් විදියට ඒ මැසේජ් එක පෙනුණෙ.. මං මැසේජ් එක සීන් නොකර උඩින් බලලා නිකන් ඉදියා.. පුදපි ගමක් කාපි යකා කියලා රිප්ලයි කරන්න මට එච්චර අමාරුවක් නෑ.. ඉතින් විනාඩි දහයක් වගේ ඉදලා මං රිප්ලයි කරා..

" Na.. Scl giya nm online inn widiyk nane.. "

පිස්සු උට්ටා..! යකෝ පරක්කු වෙලා රිප්ලයි කරත් ඒ රිප්ලයි කරන තප්පරෙන්ම අරූ සීන් කරනොනෙ මගුල..!!

" E moko e..? "

" Mokkd ? "

" Scl giye natte moko..? "

අනේ යකෝඕඕඕඕ..!!!! මුට ඕන්නැති පකක් නෑනෙ රෙද්ද..

" Nikn.. "

" Habai mt oyge yaluwa nm kiwwe una hadila kylne.. "

දන්නවනම් මොන පකකටද යකෝ ඇහුවේ..!!?

" Aa ehenm ehema wenna athi.. "

කේන්තියි මගුල.. පුදුම රෙද්දක් උනානෙ මූ..

" Dn hodaid..? "

" Ow.. "

" Mn nm hithuwe iyema hoda wenna athi kyl.. welila hitiyane.. "

" Mokk ? "

වැලි..? මොන මගුලක් කියවනවද දන්නෑ.. ඌට බම්බුගහගන්න කියලා මං චැට් එකෙන් එක්සිට් වෙලා වයිෆයිතුත් ඕෆ් කරලා ෆෝන් එකත් පැත්තකට දැම්මා..

" අන්න අපේ එක්කෙනා ඊයෙ උනක් හදාගෙනනෙ..

ඔව්නේ ඇන්ටි.. මං දන්නෑනෙ ඒ සීන් එක.. ඊයෙ කවීන් අයියගෙ පොල් මල් හොයන වැඩේට ගියා දවසෙම.. කෝ ඉතින් සහිරු..?

රූම් එකේ පුතේ.. දැන් ටිකකට කලින් බෙහෙත් බීලා උඩට ගියේ.. "

මොකාද එකා වගේ සිවිලිම දිහා බලාගෙන ඉදිද්දි මට පල්ලෙහා තට්ටුවෙන් කතාවක් ඇහුණා.. සුභාෂයා ඇවිත් වගේ.. ඌ අද ඉස්කෝලෙ ගිහින් නැද්ද එතකොට..!? කවුරුහරි රූම් එකට එනෝ වගේ නිසා මං ඉක්මනට බෙඩ් ශීට් යටට ගිහින් මැරිලා වගේ ඉදියා.. අරූ මාව බලන්න එනවැති.. වැඩක් නෑ ගොන් බල්ලා..! ඊයෙ අච්චර අමාරුවෙලා හිටියා පේන්නවත් ඉදියෙ නෑනෙ..

ටිකකින් මට ඇහුනා මොකෙක්ද එනෝ මගේ රූම් එකට.. ඊටපස්සෙ ඒ ආපු පුත්තලම් බූරුවා මගේ ඇහි පියන් ඉස්සුවා..!!

" මොන උට්ටක්ද යකෝ කරන්නෙ..!? "

පර සුභාශයා තමයි..! ඌට මොංගල්..

" උබ සිරාවටම නිදිද කියලා බැලුවෙ.. "

මං කෑ ගැහුවම ඌ එහෙම කියලා හැක හැක ගාන්න ගත්තා.. කොහොමත් ඌට ඒක විතරනෙ පුළුවන්..

" උනක් සෙට් උනාලුනෙ.. සිරාවටම මං දන්නෑ ඕයි.. ඊයෙ රෑ ගෘප් චැට් එකේ අරුන් කිව්වම දන්නෙ.. "

අරූ ඇදේ අනිප්පැත්තෙන් ගිහින් ඇදට පැනලා කිව්වෙ.. යැයි යැයි තමා.. පකයා..!!

" දැන් ඉතින් උබ එහෙමවත් කියපන්.. "

" ඉතින් ඕයි මැරිලා නෑනෙ.. "

ඊව් ගොන් බල්ලා..! මං මැරිලද කියලා බලන්නද මූ ඇවිත් තියෙන්නෙ.. මං සුභාෂයා දිහා රවලා බැලුවම ඌ ගොන් හිනාවක් දැම්මා..

" සැක්..! රේලන්ඩ් එකෙන් වැඩේ කරගන්නත් කතා කරගත්තා.. "

හෙනම ගහපන්..!!!!!!! ෆ්ලෝරිස්ට් හවුසස්තුත් බලලා මුන්.. වැඩක් නෑ කතා කරලා.. මං කතා කරන්නා ඔය එකෙක් එක්කවත්.. බේසික පුත්තු..!

" පරයා..!! "

" ආ ආ මොකද උබ..? සිරාවටම කියන්නෙ අපරාදේ බං චොක්ලට් බිස්කට් කාලා නෙස්කැෆේ එකක් ගහන්න තිබ්බ චාන්ස් එක.. මං හීනත් මැව්වා නෙස්කැෆේ මැශින් එක ගාව ඉන්න.. "

ඉදකින් මුන්..! තොට දෙයි මං චොක්ලට් බිස්කට්.. මැරුනත් දෙන්නෑ යකෝ.. හෙන හතම ගහන්නෝන තොට.. කතාකරන්නෑ මං..!!

එහෙම හිතුවට ටිකකින් ටිකකින් අපි දෙන්නා පල්ලෙහා ටීවී එක ළග.. මට එහෙම පුප්පන් ඉන්න බෑනෙ ගොඩක් වෙලා.. හැබැයි මූ ආපු එකත් හොදයි අද.. නැත්නම් කම්මැළිකමෙන් ඉන්න වෙන්නෙ.. මහ පගයත් උදේ ඉස්කෝලෙ ගියානෙ.. අම්මත් උයලා තියලා ගියානෙ වැඩ වගයක් කරගන්නත් තියෙනො කියලා..

" අඩෝ විහස් අයියා ෆිල්ම් පිස්සෙක්ද බං..!? මේ බලහන්කො තියෙන ඒවා.. "

සුභාෂයා කෑ ගැහුවෙ මහ පගයගෙ පෙන් එකක් ටීවී එකට කනෙක්ට් කරලා ෆෝල්ඩර්ස් චෙක් කරන ගමන්.. අපි ඉස්සුවා ඉතින් උගෙ පෙන් එක..

" එහෙමමත් නෑ බං.. ඌ ඇඩික්ට් වෙලා නෑ ෆිල්ම්ස් වලට.. අර ඌ ආස කැටගරි එකක එකක් ආවොත් ඒක බලනො.. "

" අඩෝ සුපිරි ටිකක් තියෙනො බං.. විහස් අයියගෙන් ඉල්ලගන්න ඕනි වෙලාවක මේ ටික.. "

සිරාවටම අපෙ අයියගෙ චොයිසස් නම් පට්ට.. ඌ ගාව සුපිරි ෆිල්ම් කලෙක්ෂන් එකක් තියෙනො.. හැබැයි ඒ ටිකෙන් බාගයක්වත් මං බලලා නැතුවැති.. Thriller, Sci-fi, Mystery, Horror, Adventure වගේ ඒවා තමයිනෙ මහ පගයා බලන්නෙ.. හැබැයි Supernatural, Documentary ටයිප් ඒවත් බලනො ඉදලා හිටලා වගේ..

" අඩෝ Conjuring universe එකේ දැනට රිලීස් උනු ඔක්කොම ඒවා වගේ තියෙනො.. Nun 2 විතරයි නැත්තෙ.. ඒක කෝමත් මේ අවුරුද්දෙනෙ රිලීස් උනේ.. "

" ඔව් ඔව් ඕකා දෙපාරක් තුන්පාරක් විතර බලලා ඇති ඔය ටික.. "

සුභාෂයා කිව්ව එකට මං කිව්වෙ.. සිරාවටම මහ පගයට ගානක්වත් නෑ මේ horror ටයිප් ෆිල්ම්ස් බැලුවට.. අපිට තමයි_ අපි ඒ ගැන කතා නොකර ඉමු ඉතින්..

" ඒ 'The Curse of La Llorona' දානො හොදද.. මං ඒක බලලා නෑ.. "

අරූ කිව්වම මාත් හා කිව්වා ඉතින්.. අවුලක් නෑ.. හැබැයි නැත්තෙමත් නෑ.. ඕවා බලද්දි ගානක් නැති උනාට බලලා ඉවරවෙලා ටික ටික කලුවර වැටෙද්දි තමයි හීක් ගෑවෙන්නෙ.. ගෙදර තනියෙන් ඉන්නවනම් ප්‍රතිඵල වැඩි වෙන්නත් පුලුවන්..

ඊට පස්සෙ සුභාශයා ෆිල්ම් එක ප්ලේ කරන්න කලින් ගිහින් කර්ට්න්ස්නුත් වැහුවා.. අපේ ගෙදර ලිවින් රූම් එකේ තියෙන්නේ තඩි උස ජනේල.. ඒවත් දොරවල් වගේ.. ඒවට දාලා තියෙන කර්ට්න්ස්නුත් අලුයි කලුයි සුදුයි ඒවා.. ඉතින් වැහුවාම ගේ ඇතුල අදුරුයි.. ඉතින් අර පකයා සේරම වැහුවාම වටපිටවෙන් නිකන් හොල්මන් ෆීලින් එකක් එනෝ වගේ..

" සේරම වහන්න එපා හුත්තෝ..! "

" යකෝ කරුවලේ ෆිල්ම් එක බලද්දී තමයි සුපිරි.. "

ඌ එහෙම කියාගෙන ඇවිත් වාඩිවුනේ.. මාත් ඉතින් රූම් එකෙන් ගෙනාව කොට්ටෙත් බදාගෙන බෙඩ්ශීට් එකකුත් පෙරවගත්තා අරූ ෆිල්ම් එක ප්ලේ කරද්දි.. උන දෙපිටින් යයිද දන්නෑ ඕක බලලා..

ඔය සුභෂයත් ගැම්මෙන් ෆිල්ම් එක බලන්න ගත්තට පැය බාගයක් විතර යද්දී ඌ මගේ අස්සෙ.. මටත් බයයි යකෝ.. ෆිල්ම් එකේ වගේ පිටිපස්සෙන් මොකෙක් හරි ඇවිත් කොන්ඩෙ අස්සෙන් ඇගිලි යැව්වාම මුත්‍රාශෙත් පැලිලා චූ යයි මට..

ටිකක් වෙලා යද්දී ෆිල්ම් එකේ අර පොඩි කෙල්ල පූල් එකට වැටුණ කුඩේ ගත්තම ඒ කුඩේ පිටිපස්සෙන් Llorona මතුවුන සීන් එකට බයවෙලා සුභාෂයා කොෆි ටේබල් එකේ කකුලත් වද්දගත්තා.. ඒ අස්සෙ මට හාට්ඇටෑක් වගේ..!!!! අවුලක් නෑ ගෙදර Cardiologist කෙනෙක් ඉන්න නිසා ශේප්..!!

" හරිද පුකේ අමාරුව...!? "

මං ඇහුවාම සුභාෂයා මටත් රවලා කකුල් දෙකත් උඩට ගත්තා.. මට බලන්න බෑ යකෝඕඕ මේක..!! මං තනියෙන් නිදාගන්නත් ඕන රෑට..! කරන්න දෙයක් නෑ මහ පගයගෙ ඇදට යන්නෝනෙ අදත්..

කොහොමහරි ෆිල්ම් එකෙන් බාගයක් යද්දි සුභාෂයයි මායි ගැරඩි වගේ.. වෙලිලා හතර අතින්.. කොට්ට කැලේ..

" අඩෝ බෞද්ධයා චැනල් එක දාපන්..! "

ටිකකින් සුභාෂයා කිව්වම මං පටස්ගාලා රිමෝට් එක අරන් බෞද්ධයා චැනල් එක දැම්මා.. "මේ කරගත්තා වූ කුසල කර්මයෙන්.." කියලා හෙන හෑල්ලක් යන්නෙ ඒකෙ.. අනේ උට්ට..!!!

" ඕක වැඩක් නෑ වෙන එකක් දාපන් බල්ලෝ.. "

ඒ අස්සෙ සුභාෂයා මගේ අතින් රිමෝට් එක උදුරන් ශ්‍රද්ධා චැනල් එක දැම්මා.. ඒකෙ නම් මොකක්ද බණක් යන්නෙ.. මොකක්ද ඒ බණ කියලා දන්නෑ.. මොකක් හරි බණක්නෙ.. අපි දෙන්නත් වැදගෙන හිටියා ටීවී එකට.. තොල කටත් වේලිලා යකෝ.. කිචන් එකට යන්නත් බයයි..

කොහොමහරි ටිකක් වෙලා යනකන් අපි දෙන්නා බණ ඇහුවා.. සිරාවටම මේලෝකෙ දෙයක් තේරුණේනම් නෑ.. ඒත් අපි අහන් ඉදියා.. පිරිත් සද්දෙට මොන යකාත් බයයිලුනෙ..

ඔහොම බණ අහගෙන ඉන්න අතරෙ මට දැනෙනෝ මගේ පිටිපස්සෙන් මොකක් හරි තියෙනෝ වගේ.. එකපාරටම මගේ උරහිස ගාවින් කාගෙදෝ අතක් මතුවුනා..!

" සහි_"

" ආආආආආආආආආආආආආආආආආ..!!!!!!!!!!!!!! "

" ආආආආආආආආආආආආආආ...!!!!!!!!!!!! "

" බුදාම්මෝඕඕඕඕඕඕඕඕඕඕඕ..!!!!!!! "

පළවෙනියටම කෑගැහුවෙ මං.. දෙවෙනියට සුභාෂයා.. අපි දෙන්නගෙ කෑගැහිල්ලට බයවෙලා කෑගහපු බුදාම්මෝ එක අර මගේ උරහිසෙන් අල්ලපු එකාගෙ..!!

" භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ..

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ..

භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ..

නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා

පරිත්තස්සානුභාවේන හන්තු තුය්හං උපද්දවේ.. "

ඒ අස්සෙ සුභාෂයා ජය මංගල ගාථා කියනො.. මුට පිස්සුද යකෝ මේ වෙලාවෙ ඒවා කියන්න.. වාතාවරණය ටිකක් සාමකාමී වෙනකන් ඉදලා මං ශේප් එකේ පිටිපස්ස බැලුවා.. අඩෝ නිසිනුවා..!! මේ http මොන වෙලේද ආවෙ..!? ඌ බිමත් වැටිලා..

" උබ මොන වෙලේද ආවෙ..!? "

මං උගෙන් ඇහුවම ඌ නැගිටලා ඇවිත් සෝෆාවෙන්ම වාඩි වුණා.. සුභාෂයගෙ ජය මංගල ගාථා කියවිල්ලත් නතර වෙලා එතකොට..

" පිස්සුද හුත්තො බෙල්ල මිරිකුවා වගේ කෑගහන්න.. "

ඌ එහෙම කිව්වම මං ගොන් හිනාවක් දැම්මා.. කවුද ඉතින් දන්නෙ ඒ මූ කියලා.. සිරාවටම මං හිතුවෙ Llorona කියලා.. ඇයි ඉතින් තනි සුදු ස්කූල් යුනිෆෝම් එකනෙ මූ ඇදගෙන ඉදියෙත්..

" අනික ඇයි අරූ අර ජය මංගල ගාථා කිව්වෙ..!? "

මට ඔරවලා නිසිනුවා එහෙම ඇහුවෙ සුභාෂයගෙන්..

" අම්මටසිරි ඒ ජය මංගල ගාථාද ඕයි..? කවුද යකෝ ඕවා දන්නෙ.. මූ කෑගහපු විදියට මං හිතුවෙ Llorona ඇවිත් කියලා අපි දෙන්නව බිලිගන්න.. මට මතකෙට ආපු ගාථා ටික කිව්වා ඉතින්.. "

සුභාෂයත් හෙන මරි මොංගල් හිනාවක් දාලා කිව්වෙ.. නිසිනුවා ඉන්නො ඔරවගෙන.. සිරාවටම මූ එනව ඇහුනෙත් නෑනේ යකෝ.. අඩුම තරමෙ දොර අරිනවවත්..

" උබ ආවෙ කොහොමද ඕයි ඇතුලට..? "

" ආවෙ කොහොමද අහන්නෙ..? දොර ඇරන් ආවෙ..! අම්මෝ පපුවත් රිදෙනෝ යකෝ.. ආ ගනින්.. "

ඌ පපුවත් අතගගා බිමට වැටිල තිබ්බ ඌ එද්දි අරන් ආව පොඩි ශොපින් බෑග් එක අරගෙන මට දික්කරා..

" මොනාද..? "

මං ඒක ගන්න ගමන් ඇහුවේ..

" ලෙඩ්ඩු බලන්න එද්දි නිකන් අත් හොලව හොලව එන්න බෑනේ ශුඩ්ඩාහ්.. "

මට ඌගෙ බැල්ම නම් ඇල්ලුවේ නෑ හැබැයි.. ඒත් මං කවරෙට ඔලුව දාලා බැලුවා..

" බ්‍රෑන් ක්‍රැකර්..!!!? තමුසෙ හිතුවද ඕයි මං වයසට ගිහින් දත් හැලිලා හොට බිම ඇනිච්ච එකෙක් කියලා..!? "

මං ඒකෙන්ම දමලා ගැහුවා ඌට..! පර බල්ලාහ්..!! හිනත් වෙනෝ තව.. සුභාෂයටත් හෙන ආතල්.. හැක හැක ගගා ඌ හිනාවෙනෝ..

" ඉතින් බං බලාම්කෝ උබලා බල බල හිටියෙත් බණ.. හොදයි හොදයි ඊලග ආත්මෙට පින් රැස් කරගන්න එක.. ඒ ගමන්ම බ්‍රෑන් ක්‍රැකර්නුත් කාපන්.. "

ඌ හිනාවෙවී කියවද්දී මං ඌගෙ කන් දෙකෙන් අල්ලන් හොලවගෙන හොලවගෙන ගියා.. බේසික මිනිහගෙ බේසික කෑල්ල..!!!

" ආව් යකෝ අතෑරපන්..!! සහිරුකීඊඊඊ..!!!! "

ඌ මගේ අත් ගසලා දැම්මා.. සැක්.. ඇගට එච්චර පනකුත් නෑනේ.. නැත්තන් මං ඕකව බාවනවා.. පරයා..!

" ආව් යකෝ.. ඉදපන් විහස් අයියට කියනෝ..! "

" ඇයි ඌද උබේ මිනිහා..!? එතකොට බේසිකයා මොකාද..? "

සුභාෂ් හිනාවෙවී අහන ගමන් වාඩි වුණාම මං උන් දෙන්නගෙ මැදට පැන්නා.. දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්නකොට අවුලක් නෑ.. හොල්මනක් ආවත් මුලින්ම ඇදගෙන යන්නෙ කොනේ එකෙක්වනෙ..

" අනේ මං කියන්නෑ තොට..! අඩෝ මේ සහිරුකී.. ඊයෙ මරු සීන් එකක් උනානෙ.. "

නිසිනුවා කිව්වම මං උගෙ පැත්තට හැරිලා ඒ මොකක්ද කියලා ඇහුවා.. ම්ම්.. ඕපයක් වගේ..

" උබේ අර ගොම්බිලියා_ "

" අනේ මේ ඌ කවද්ද යකෝ මගේ උනේ..!!!!! "

නිසිනුවා කියන්න පටන් ගද්දිම මං කෑ ගැහුවා.. මොන මගුලක්ද මන්දා.. කොහෙවත් නැති කැස්බීරියන් ඔටුවෙක් මට අල්ලන්නෙ.. මොකෙකුට හරි ඇහුණොත් වෙන පකක්නෙ හිතන්නෙ මගුල..

" හරි හරි ඉතින්.. අහගනිම්කො පොඩ්ඩක්.. "

මං ඔරවගෙනම ඉදියා..

" ඊයෙ බං මං උබවත් බලලනෙ ප්‍රැක්ටිස් ගියේ.. "

" ඉතින්..? "

" සෞම්‍ය අයියා ඇවිත් හිටියේ නෑ හොදේ.. ඒ නිසා පට ගාලා මං බොටමයි ටී එකයි දාගෙන කාලා බීලා යද්දි හරියටම දෙකයි හොදේ.. මං හිතුවේ අරූගෙන් බැනුම් අහන්න වෙයි කියලා.. අඩෝ ඌ ඇවිත් හිටියේ නෑ.. ඌ එද්දී දෙකයි පහ විතර උනා.. "

" පුහ්.. පුදුමයි.. "

" අඩෝ ඇවිල්ලත් ඌ හෙන නිකන් කල්පනාවක වගේ හිටියේ අනේ මන්දා.. බ්‍රේක් එකක් දුන්නු වෙලේ මගෙන් ඇහුවා උබ කෝ කියලා.. "

" ආ එහෙනම් උබ ත_ නෑ මං කිව්වෙ උබ පැනලා කියන්න ඇති මට උන කියලා.. බල්ලා..!! "

සැක්.. තව චුට්ටෙන් කියවෙනෝ ගොම්බිලියා මැසේජ් කරපු රෙද්ද ගැන..!

" හරි ඉතින් බං මං කිව්වා.. අනික ඒක අවුලක් නෑනේ කිව්වට.. මොකෝ උබ මල්වර වෙලා නෙවෙයිනෙ උට්ට.. "

යැයි යැයි තමයි..! එරෙව්වා මං.. සුභාෂයාත් හිනාවෙනෝ.. ඌ දන්න පකකුත් නෑ හිනාවෙන්න නම් දන්නෝ හැම මගුලටම..

" ඉතින් කියහන් ඉතුරු ටික..! "

" ඊට පස්සෙ මං උබට උන කියලා කිව්වම ඌ ආ එහෙමද කියලා අහලා ආයෙ ප්‍රැක්ටිස් පටන් ගත්තා.. කොහොමහරි ඉතින් පොර විනාඩි පහළවක් කලින් ප්‍රැක්ටිස් නැවැත්තුවා.. බලහන් අද ප්‍රැක්ටිස්නුත් නෑනේ.. හවස නවතින්න එපා කියලා ගෲප් එකේ දාලා තිබ්බා.. දැක්කද උබ..? "

" අඩෝ සිරාවටම..? මං හිතුවේ මේ උබ මං නැති නිසා ප්‍රැක්ටිස් නැවතිලා නෑ කියලා..! "

ගොම්බිලියා අද ප්‍රැක්ටිස් නෑ කියලා දාල තිබ්බා කිව්වම පුදුමයි හැබැයි උට තිබ්බ කැසිල්ලෙ හැටියට.. එක්කො මොකක් හරි වැඩක් සෙට් උනාද දන්නෑනෙ..

" සිරාවටම තමයි බං.. මේ ඒක නෙවෙයි ඇදුමක් දීපන් මට වොශ් එකක් දාගන්න.. "

" හා හා ගනිම් ඉතින්.. "

වෙනදා අහලා ගන්නෝ වගේ නිකන්.. අනේ මුන්ගෙත් කැටයම්..!! අරූ තනියෙන් ගියා උඩ මගේ රූම් එකට.. මං නම් ගියේ නෑ.. බුදාම්මෝ මට බෑ.. ඌ වොශ් කරන්න බැරිනම් ඕන ලබ්බක් කරන් එයිනෙ..

විනාඩි පහළවකින් විතර නිසිනුවා වොශ් කරන් ආවම අපි තුන්දෙනාම කෑවා දවල්ට.. කාලා බීලා ඉවරවෙලා භාජනත් හෝදලා දැම්මා..

" ඒ සුදුලූනු බයිට් ගේමු..? "

කිචන් එකෙන් එලියට එද්දිම සුභාෂයා ඇහුවේ.. ඊට පස්සෙ තුන්දෙනා එක්කම දොරවල් වහලා එලියට බැස්සා බයිට් ගේන්න යන්න.. ලග කඩේට යන්නෙ ඉතින්.. මහ වෙලාවක් යන්නෑ ගිහින් එන්න..

" අඩෝ මේ සිරාවටම උබලා මොකද බං අර බණක් දාගෙන ඉදියෙ මං එද්දි.. "

කඩේට යන ගමන් නිසිනු ඇහුවාම මං පාරෙ තිබ්බ ගල් කැටේකට පයින් ගැහුවා.. දැන් බයවුනා කිව්වොත් නම් මූ හිනාවෙයි..

" ආ අපි දෙන්නා Conjuring universe එකේ ෆිල්ම් එකක් බැලුවනෙ.. ෆිල්ම් එකක් කිව්වට බාගයක් වගේ බැලුවෙ.. "

ඉදකින් රිලවා..! කොහෙද ඉතින් සුභාෂයාට කටවහන් ඉන්න බෑනේ.. ඌ එහෙම කිව්වට පස්සෙ අරූ නෝන්ඩියට හිනා වෙන්න ගත්තා..

" අඩෝ ලැජ්ජැයි යකෝ උබලනම්..!! මේ ෆිල්ම් එකකට බය වෙලාද බණත් ඇහුවෙ.. අම්මෝ යකෝ මට බෑහ් ඕයි.. "

අනේ උට්ට..!!!!!!!!!! ෆිල්ම් එක බැලුවනම් මූ අඩලා මෙලහකට.. ෆිල්ම් එකවත් නොබලා එනවා මෙතන පකේ ලයින් දෙන්න..

" තොපිලා නැලවි නැලවි වරෙන්..! මං යනෝ..!! "

මං උන් දෙන්නව දාලා වේගෙන් වේගෙන් ඇවිදන් ගියා.. ඊට පස්සෙ මෙන්න එනෝ ඒ හිමින් පලයන් කිය කිය..!

කොහොමහරි අපි සුදුලූනු බයිටුත් අරන් ඉතිපිසෝ ගාථාව කිය කිය තමයි ගෙදර ආවෙ.. නෑ ඉතින් කොයිදේටත් පෙර සූදානම හොදයිනෙ නේද..

" ඒ කෝ දාපන් අරකෙ ඉතුරු කොටස බලන්න..! "

ගෙදර ආවම නිසිනුවා වැඩ්ඩා වගේ සෝෆා එකට පැනලා කිව්වෙ බයිට් මල්ලත් අරන්..

" අනේ මේ මට බෑ.. "

මං ගිහින් උගේ එහාපැත්තේ වාඩිවුනා බයිට් අහුරක් කටේ දාගෙනම..

" ඒ සුභා දාපන්කෝ.. "

මූට පුදුම අමාරුවක්නෙ තියෙන්නේ හොල්මනව බලන්න.. මං ඌට රැව්වා..

" ඒ සහිරු ඉතුරු ටික බලමු.. දැන් මූත් ඉන්නෝනෙ.. "

සුභාෂයා එහෙම කියලා ආයෙ ෆිල්ම් එක ප්ලේ

කරලා මගේ එහාපැත්තේ වාඩිවුනා.. දැන් මං මැද මුන් දෙන්නා දෙපැත්තේ.. අවුලක් නෑ හොල්මන ආවොත් මුලින්ම උස්සන් යන්නෙ එක්කො නිසිනු එහෙමත් නැත්තන් සුභාෂ්වනෙ..

හැබැයි උපරිම විනාඩි පහළවක් ඉන්න ඇති.. මුලින් නිසිනු පරයා මගේ උකුලෙ.. ඊටපස්සෙ මාව තල්ලු කරලා සුභාෂ්ගෙයි මගෙයි මැද.. ආයෙ ටිකකින් කකුල් දෙකත් කරේ..

" අතෑරපන් හුත්තෝ..!!! මගේ පොල්ල අතෑරපාආආආන්..!! "

එකපාරටම සුභාශයා කෑගහන්න ගත්තාම මං උඩවිසිවුනා.. බලද්දී නිසිනුවා ඌගෙ ජුන්ඩාව මිරිකගෙන..

" අඩෝ සොරි පොක්කහ්.. හිතලා මිරිකුවේ නෑ සත්තයි.. "

" පල බේසිකයා..!! සහිරුකී වරෙන්කෝ මෙතනට.. මේ උට්ටා මට අතවර කරන්න ආවා.. "

ඌට රිදිලද කොහෙද කදුලුත් පැනලා.. නිසිනුවා ඉන්නෝ මොංගල් වගේ බලන්.. ඊට පස්සෙ මං නිසිනුව ආයෙ කොනට තල්ලු කරලා මැදට ආවා..

කොහොමහරි ෆිල්ම් එක ඉවර උනු ගමන්ම නිසිනුවා පැනගෙන ගියා කලුවර වැටුණොත් උට යන්න බෑ කියලා.. එතකොටත් වෙලාව පහ විතර වෙලා.. ඌ දුන්න ලයින් කෝමද.. බලන් යද්දි අපි කාටත් වඩා ඌ බයයි.. ගොන් පකයා..!!

නිසිනුවා කඩන් ගියාට සුභාෂයා හිටියා ඉතින් තාත්තලා එනකන්.. නැත්නම් මං තනියමනෙ.. ඌ කෝමත් අපේ පාරෙ නිසා අවුලක් නෑනෙ.. තාත්තා එද්දි පහ හමාර විතර වෙලා.. අඩෝ මහ පගයත් එක්ක ආවෙ.. මූව කොහෙන්ද දන්නෑ අහුලගත්තෙ.. සුභාෂයත් ඒත් එක්කම මටත් යනෝ කියාගෙන තාත්තටත් අත වනලා ගියා.. ඌ පයින්නෙ ඇවිත් තියෙන්නේ..

" චූටි.. උන හොදද දැන් නට නට ඉන්නෙ..? "

තාත්තා වාහනෙන් බැහැලා එද්දි මං ගිහින් ඇගේ එල්ලුනා.. බෙහෙත් ගදයි හැබැයි ඇදුම්වල..

" බෙහෙත් ගද ඇති කොල්ලො.. කෝ එහාට වෙන්න.. "

මගේ ඔලුවත් අත ගාලා තාත්තා එහෙම කිව්වම මාත් එහාට උනා ඉතින්.. මහන්සි ඇති එයාටත්.. වොශ් දාලා එයිනෙ.. එතකොට අල්ලගන්නෝන.. තාත්තා වොශ් දාන්න ගිහින් විනාඩි විස්සකට විතර පස්සෙ අම්මා ආවෙ.. මං අම්මගෙ ඇගෙත් එල්ලිලා මං කොච්චර හුරතල්ද කියලා පෙන්නන ගමන් හිටියෙ.. ඒත් අර මහ පගයා කොහෙන්ද මතුවෙලා අම්මව කතාවට අල්ල ගත්තා.. ගොන් බල්ලා..!!! උට ඔය තියෙන්නෙ පැහැදිලි ඊරිසියාව.. ඌට රැව්වා මං එකසියගානට.. ඒත් ගානක් නෑ පරයට.. පොල් මලක් ගැන කියවනෝ ඌ අම්මා එක්ක.. කවීන් අයියගෙ පොල් මල.. ඊට පස්සෙ නිකිත අයියගෙ ගොක් කොල ගැනත් කියෙව්වා.. වැඩක් නෑ මාව ගනන් ගන්නෙම නෑනේ.. මං ආවා තාත්තා ගාවට..

" ඔයාගෙ ලොකු පුතා හැදෙන විදිය අන්තිමයි..! "

මං එහෙම කියාගෙනම තාත්‍තගෙ උකුලට පැන්නා.. එයා නිවුස් බලනෝ.. මාත් තාත්තාට හේත්තුවෙලා ටීවී එකේ මිනිස්සුන්ගෙ කටවල් දිහා බලන් හිටියා.. නිවුස් කියන ඇන්ටිගෙ නම් අමුතු ලයිනක් තියෙනෝ.. සැක්.. මං හදවතින්ම සංසලා අක්කිගෙනෙ.. අහක යන ගෑනු වැඩක් නෑ මට..

තාත්තා එක්ක නිවුස් බලලා තාත්තාට කියලා බතුත් කවාගෙන අම්මා දීපු බෙහෙත්නුත් බීලා මං මහ පගයගෙ ඇගේ එල්ලීගෙන රූම් එකට ආවා.. තනියම යන්න බෑ යකෝ..! Llorona මතක් වෙනෝ.. ඒ නිසා ඉක්මනටම දූවලා ගිහින් මගේ රූම් එකෙන් කොට්ටෙයි බෙඩ්ශීට් එකයි ෆෝන් එකයි අරන් මහ පගයගෙ අවසරයක් නැතුවම උගේ රූම් එකට කඩන් පැන්නා..

" චූටි..!!! මේ මොකද මේ..!? පලයන්..!! "

අරූ මැරෙන්න හදනෝ ඉතින් උගේ ඇදේ නිදියනෝ කියලා.. එක දවසක් හිටියා කියලා මොකක්ද වෙන්නෙ.. මගේ හොරි නෑනේ යකෝ.. රෙද්ද..!

" අනේ අදට විතරයි හොදේ.. ඔයා සුදුයිනෙ.. "

බටර් පාරක් ගෑවා ඉතින් ඌට.. මාත් වැඩේ ලේසියෙන් අතාරින්න එකෙක් නෙවෙයි නෙ.. ඌට ඊට පස්සෙ කෝල් එකක් ආවා කවීන් අයියගෙන්ද කොහෙද.. ශුවර් එකටම පොල් මලක් ගැන අහන්න වෙන්නැති.. ඌගෙ මුලු ලෝකෙම පොල් මල්නෙ.. මං දන්නො දැන් වෙස් මංගල්‍යයෙට පොල් මල් වැඩිවෙලා අන්තිමට උට පොල් මල් ඔලුව උඩ තියන් තමයි වාඩිවෙන්න වෙන්නෙ..

අරූගෙන් සද්දයකුත් නැති නිසා මං එහෙන්මම ෆෝන් එක අරන් වයිෆයි ඔන් කරා.. යකෝ ඔන්ලයින් ගිය ගමන්ම ගොම්බිලියගෙන් මැසේජ් එකක්..! ආ නෑ ඒක උදේ 10.50 ට ආපු එකක්.. මං ඕෆ්ලයින් ගියානෙ අර වෙලානෙ..

" Mukuth na.. "

උගෙන් ඇවිත් තිබ්බ මැසේජ් එකේ තිබ්බෙ එහෙම.. මොකක්ද දන්නෑ මුකුත් නැත්තෙ.. මට මතකත් නෑ දැන් චැට් එකවත්.. මං උඩින් වැටුණු නොටිෆියෙන්නෙ මැසේජ් එක කියෙව්වෙ.. අනේ ඕන ලබ්බක්.. මං ගෘපෙ මැසේජස් විතරක් සීන් කරලා ෆෝන් එක ඕෆ් කරලා දාලා නිදාගත්තා..

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

හායි 🌚 !

' The Curse of La Llorona '

සිරාවටම ඒක ලොකු බයක් නෑ මටනම්.. මෙහෙමයි ටිකක් විතර බයයි.. ඔය බ්‍රයිඩ් කෙනෙක් විදියට ඇදගත්ත ගෑනු කෙනෙක්නෙ ශාප කරන්නෙ.. හැබැයි ' The Nun ' තරම් බය නෑ.. දැනට Conjuring universe එකේ රිලීස් උනු මූවීස් වලින් බයම ' The Nun 2 ' ලු.. ඒක මේ අවුරුද්දෙනෙ රිලීස් උනේ.. තාම බලන්න බැරි උනා ඉතින්..

Movies of ' The Conjuring Universe '

The Conjuring (2013)

Annabelle (2014)

The Conjuring 2 (2016)

Annabelle: Creation (2017)

The Nun (2018)

The Curse of La Llorona (2019)

Annabelle Comes Home (2019)

The Conjuring: The Devil Made Me Do It (2021)

The Nun 2 (2023)

බලලා නැති අය ඔක්කොම බලන්න ඉතින්.. ඊට පස්සෙ ඔය බෞද්ධයා, ශ්‍රද්ධා වගේ චැනල් බලන්න ඕනි නෑ කෙලින්ම ආවර්තිතා වගුව කිව්වම ඇති 😂🔥..

හරි එහෙනම්,

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter