Back
/ 22
Chapter 10

09 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි සතිය ඉවර වෙන්නත් ළගයි වගේ.. අද බ්‍රහස්පතින්දා.. ආෆ්ටර් ස්කූල් කරාතෙ ප්‍රැක්ටිස් දවස.. ඊව් අර ගොම්බිලියත් හම්බෙනෝ අද.. මහලොකුවට එදා ගෘප් එකට ඇඩ් උනාට උගෙන් ඊටපස්සෙ සද්දයක්වත් තිබ්බෙ නෑ.. පිස්සු යකෙක්..!

පහුගිය දවස්වල නම් විශේෂ දෙයක් උනේ නෑ.. අර එදා ඉතින් මං අපෙ මහ පගයා කැමති කියලා අර අයියලව උට ගලපන්න හැදුවත් සමහරවිට ඌ කැමති ඔය කාටවත් නෙවෙයි වෙන්නැති.. මටත් ඒක ගැන උගෙන් අහන්න බැරි උනා ඇයි අර කන්න වගේ බලන් හිටියෙ කියලා.. සමහරවිට වෙන උට්ටක් නිසා වෙන්නත් බැරි නෑනෙ.. සත්රූ අයියලා ඇවිත් මිහින් අයියලා එක්ක කතා කරලා ගියානෙ.. අනික සත්රූ අයියා ගැන මං එහෙමම දන්නෑ.. ඌව ඔය නමින් නම් දන්නෝ ක්‍රිකට් ටීම් එකේ කැපා නිසා.. අර අනිත් එකාව දැකලා තියෙනෝ.. අපෙ අයියලා නම් දන්නවා මං හිතන්නෙ.. ඒත් මට එහෙම උන් එක්ක සම්බන්ධතාවක් තිබිල නෑ දැන අදුනගන්න තරම්..

" A household water tank is completely filled with water.. 1/10 of the water in the tank is used to water the garden and 1/4 is used for bathing.. "

මේ අද සෙකන්ඩ් පීරියඩ් එක.. අද ඩබල් පීරියඩ්ස් මැත්ස්.. එපා වෙනෝ ඉතින්.. වෙලාව යන්නෙත් නෑනෙ මගුල.. මිස් ඉදියෙ අපිට ෆ්‍රැක්ෂන්ස් ලෙසන් එකෙන් පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් කරවන ගමන්..

" First part of the question

Find what fraction of the water in the tank is used to water the garden and for bathing.. "

" Excuse me ma'am.. Can I come in..? "

මිස් ගානෙ පළවෙනි කොටස කියලා ඉවර කරනවත් එක්කම දොර ඇරන් දඩිබිඩියේ කවීන් බොසා කඩාගෙන ආවා.. ඌ නිකන් ලෝකෙ පෙරලිලා වගේ ආවෙ.. පුදුම කලබලයක්නෙ යකෝ මේක..! අනික ඌ ඇතුලටත් ඇවිත් අහන්නෙ එන්නද කියලා..

ඒ අස්සෙ ඌ අහපු එකට පන්තියම හිනාවෙනෝ.. මේ මොකද යකෝ.. අම්මටහුඩු..!! දැන්නෙ මීටර් උනේ..! " කැන් අයි කම් ඉන්..? "

ඌ කන්ෆියුස් වෙලා වගේ ටිකක් වෙලා බලන් ඉදලා ඔලුව දෙපැත්තට ගසලා බෙල්ලත් අත ගගා මිස් දිහා බැලුවා.. ඊව්ව් පැණියා..! උට දැන් මං හිතන්නෙ ඇහුවෙ මොකක්ද කියලා නෝට් උනේ.. මිස්ටනම් මෙලෝ මගුලක් තේරුණේ නැද්ද කොහෙද..

" ඒ මල්ලි අර පොල් මලක් භාරගත්තෙ මේ ක්ලාස් එකේ ප්‍රිෆෙක්ට් කෙනෙක්ද..!? "

මිස් ළගට ගිහින් මොකක් හරි කියලා කවීන් අයියා එහෙම කිව්වෙ.. මේ යකාට පොල් මලෙන් තොර ලෝකයක් නැද්ද කොහෙද.. කොහොමහරි පොල් මල භාරගත්ත එකා නැගිට්ටා..

" අඩෝ මල්ලි උබව මුල් ක්ලාසස් අටේම පේළියට හොයාගෙන ආවා බං.. චුට්ටක් වරෙන්කො එළියට.. "

ඉතින් පොල් මල භාරගත්ත එකාවත් කතා කරගෙන කවීන් බොසා එළියට ගියාම මිස් නිවිහි සැනසිල්ලෙ ආයෙ අර මගුලෙ පාස් පේපර්ස් ප්‍රශ්න ටික ඩිස්කස් කරන්න ගත්තා.. පට්ට කම්මැළියි ඉතින්.. මං බිනුරයගෙ පැත්තට හේත්තුවකුත් දාගෙන ඒ ප්‍රශ්නෙ අන්තිම කොටසෙ කියල තිබ්බ ටෑන්ක් එකේ කැපෑසිටි එක ලීටර්ස් වලින් හොය හොය ඉදියෙ.. ඔලුවෙ කැක්කුමකුත් ලාවට සෙට් වෙනෝ වගේ..

" Excuse me..! "

නළල දෙපැත්ත මිරිකගෙන ඉදපු මං දොර දිහා බැලුවා.. ඊටපස්සෙ ඇවිත් තියෙන්නේ නිකිත අයියා.. හැබැයි උට කවීන් අයියා වගේ ඇතුළෙ කම් වෙන්න උවමනාවක් නැද්ද කොහෙද කෙලින්ම එක්ස්කියුස් කරලා ඇතුළට ආවා.. මිස්නම් බලන් ඉදියෙ ඒපාර මොකද අහන්න වගේ.. එළියෙ කවීන් අයියත් ඉන්නො පේනෝ පොතකුත් උස්සන්..

" ඉස්කෝලෙ ඡත්‍රාභිශේකෙ වැඩකට ගොක්කොළ ටිකක් හොයාගන්න ඕන.. හොයාගන්න පුලුවන් කෙනෙක් ඉක්මනට බාරගන්න.. "

නිකිත අයියා ක්ලාස් එකේ හැමෝම දිහා බලන ගමන් කිව්වත් එකෙක්වත් බාරගත්තෙ නෑ.. හැබැයි පොරගෙ බැල්ම දැක්ක පාර එක්කෙනෙක් දෙන්නෙක් නැගිටලා හොයලා බලන්නම් අයියේ කියලා කිව්වා.. ඒ පාර උන්ගෙ නම්තුත් ලියන් නිකිත අයියලා ගියාම මිස් ආයෙම ප්‍රශ්න ටික ඩිස්කස් කරන්න හදලත් ආයෙ අපි දිහා බැලුවා..

" කවුරුහරි අන්න අර දොර වහලා දාන්න.. පාඩුවේ වැඩක් කරගන්න නෑනෙ.. මං අද මේ ලෙසන් එකෙන් පාස් පේපර්ස් ප්‍රශ්න ඔක්කොම ඩිස්කස් කරන්න බලාගෙන ආවෙ.. තාම එක ප්‍රශ්නයයි කරල තියෙන්නෙ.. හැබැයි පීරියඩ් එකෙන් බාගෙකට වැඩිය ඉවරයි.. ඊලගට සිලබස් කවර් කරගන්න බැරි උනාම අපේ ඔලුවනම් කාවි.. "

යැයි යැයි තමා.. මිස්ට යකා නැගලද කොහෙද.. ඔය අපෙ මැත්ස් කරන මිස් ඉන්නවා නේද.. එයා කැමති නෑ උගන්වද්දි කවුරුවත් මැදින් ඩිස්ටර්බ් වෙනවට.. අනික කොච්චර ඉගැන්නුවත් එයාට මදි.. ඩබල් පීරියඩ්ස් තිබ්බත් ඊලග පීරියඩ් එකෙන් විනාඩි පහළවක්, විස්සක් අල්ලලම තමයි යන්නෙ.. ඕක ඔය මැත්ස් ගුරුවරුන්ගෙ හැටියක්ද කොහෙද.. මල එපාවෙනෝ ඉතින්..

" Okay.. Let's see the next question.. "

මිස් ආයෙ පොත අරන් එහෙම කිව්ව විතරයි දොරත් ඇරන් ආවෙ කවීන් අයියා.. අම්මෝ යකෝව්..!

" Excuse me ma'am.."

ඌ එක්ස්කියුස් කරලා හෙන මෝඩ බැල්මක් මිස්ට දැම්මෙ..

" මොකක්ද ළමයො මේ කරදරේ..!! එකපාරක් ආවම මදිද සැරින් සැරේ ඇවිල්ලා ළමයින්ව එක්කන් යන්නෙ.. දැන් කීසැරයක් ආවද බලන්න..! පුදුම වදයක්නෙ පාඩමක් කරගන්න දෙන්නෑනෙ.. ඔය ළමයින්ත්ත් වැඩ පාඩුකරගන්නෝ මෙයාලටත් වැඩක් කරන්න දෙන්නෑ.. "

" අයිම් රියලි සොරි මිස්.. ඒත් අපිට බාරදුන්න වැඩ තමයි අපි මේ කරන්නෙ.. ප්‍රිෆෙක්ට්ස්ලට මේවට සම්බන්ධ වෙන්නම වෙනවනෙ මිස්.. "

අඩෝ..! මිස් කියපුවට කවීන් අයියට මල පැන්නද කොහෙද.. මිසුත් ඉන්නෝ ඌ දිහා යකින්නියක් වගේ බලන්.. හැබැයි මිස්ට කියන්න දේකුත් නෑ.. ඉතින් කවීන් අයියා කිව්ව එකේ වැරැද්දක් නෑනෙ..

" මල්ලි මණ්ඩපේ වැඩ බාරදුන්න ප්‍රිෆෙක්ට්ස්ලා එන්න මාත් එක්ක.. "

කවීන් අයියා කේන්තියෙන් වගේ එහෙම කිව්වෙ.. ඌත් අපේ මහ පගයා වගේ.. මලපැන්නම යකා වෙනෝ..

කවීන් අයියා දිහා මිසුත් ඉන්නෝ රවාගෙන බලන්.. මොකක්ද කරන්නෙ මං යනවද නැද්ද.. මණ්ඩපේ මගුලට මාව දැම්මෙත් නෑ හැබැයි.. අනේ එක්කො මාත් යනෝ.. මිස්ගෙ ටකරං කට අහන් ඉන්නවට වඩා කවීන් අයියගෙ කටහඩ අහන් ඉන්න එක කොච්චර හොදද.. අනික ඔලුවත් රිදෙනෝ ඕයි.. කැන්ටින් එකේ හරි නින්දක් දාන්න ඕනි ගිහින්.. ඒ නිසා ඉතින් මාත් ශේප් එකේ බිනුරයටත් කියලා නැගිටලා ආවා අනිත් ප්‍රිෆෙක්ට්ස්ලා එක්කම..

" අර ගෑනි බලහන්කො බං.. අපිත් මේ නිකන් ඉන්න බැරිකමට කරන වැඩ නෙවෙයිනෙ.. අද බ්‍රහස්පතින්දා.. තව දවස් කීයද බලහන්කො තියෙන්නෙ අරකට.. තාම සමහර බඩු හොයාගන්න නෑ.. ඔලුවත් එක්ක ගිනි අරන් ඉන්නෙ අපේ.. අනික උබලට වගේ නෙවෙයි ඕයි අපිට තියෙන වැඩ.. ඒලෙවල් ක්ලාස්වල වැඩත් එහෙන් ගොඩගැහිලා වගේ මගුල.. එහෙන් මේ එකේක ගෑනුත් කියවගෙන ආවම තද වෙනෝ ඉතින්.. "

අපි එළියට ආවම කොරිඩෝව දිගේ යන ගමන් කවීන් අයියා හෙන ආවේගයකින් වගේ කතා කරේ.. සිරාවටම ඉතින් උන්ට තියෙන වැඩවලින් 10% ක්වත් අපිට නැතුවැති.. උන් මාරම විදියට මැනේජ් කරගන්නෙ මේවා.. තාම සියවසේ ප්‍රෝග්‍රෑම්ස් පටන් ගත්තා විතරයිනෙ.. ඉස්සරහට තව වැඩිවෙයි.. බිග් මැච්තුත් සති දෙකකින් වගේ සෙට් වෙනෝනෙ.. Executive board සිලෙක්ට් වෙනවා කියන්නෙ මාරම වගකීමක් කරට ගත්තා වගේ තමයි ඉතින්..

" මොකෝ යකෝ උනේ..!? "

පඩිපෙළ ළග ඉදිය නිකිත අයියා ඇහුවෙ..

" වැඩක් නෑ බං කතා කරලා.. අර මුන්ලයි ක්ලාස් එකේ ඉදිය තොරොම්බල් කරත්තෙ කියවගෙන ආවා.. මාත් කිව්වා ඉතින් මේවා අපිටත් බාරදුන්න වැඩ කියලා.. අර යකින්න වගේ බලාගෙන ඉදියෙ.. "

කවීන් අයියා කිව්ව එකට නිකිත අයියා හිනා උනා විතරයි.. මුකුත් කිව්වෙ නෑ.. ඌ කොහොමත් වැඩි කතාවක් නෑ වැඩිය සෙට් නැති උන් ළග ඉන්නකොට..

" ඒ මල්ලි උබලා සයන්ස් සෙක්ෂන් එක ඉස්සරහට පලයන්.. එතන අනිත් උන් ඇති.. "

" ඕයි සහිරු.. උබ පොඩ්ඩක් නැවතියන්..! "

නිකිත අයියා කිව්වම මාත් හැදුවෙ මුන් එක්ක ගිහින් කැන්ටින් එක පැත්තට යන්න.. ඒත් මට යන්න උනේ නෑ ඌ මාව නවත්ත ගත්තා.. ඉන්න බෑ ඔලුවත් කැක්කුමයි මගුල..

" උබ පීරියඩ් කට් කරනොනෙ.. ඉදපන් මං විහස්ට කියන්න.. "

" අනේ උබ නටපන් අයියේ..! මන් මේ වොශෘම් යන්න ආවෙ..! "

මං ඌට ගස්සගෙන ආවෙ කැන්ටින් එක පැත්තට.. මගුල.. ඕන්නැති හත්තිලව්වක් නෑ ඌටත්.. මං කලින් නිකිත අයියා හෙන හොදයි වගේ එකක් කිව්වෙ නෑනේ නේ..? එහෙම කිව්වනම් ඉල්ලා අස්කරගන්නෝ.. ඌ මහ කේලම් බම්ල්ලෙක්..! කවීන් අයියා තමයි හොදම..

කැන්ටින් එකට ඇවිත් මං වාඩිවෙලා ඔලුව තියාගත්තා ටේබල් එකක.. ඇගත් රිදෙනෝ වගේ.. ඔලුව පැලෙන්න කැක්කුමයි.. ඒත් මෙතන වැඩිවෙලාවක් ඉන්නත් බෑ.. ඊලගට යන එන හැම එකාටම ඔලුව ගහන් ඉන්න එකට හේතු කියන්න වෙනෝ.. විනාඩි පහළවක් විතර කැන්ටින් එකේ ඉදලා මං ස්පෝට්ස් රූම් එක පැත්තට ආවා.. එතන අවුලක් නෑනෙ.. ළමයි එහෙම එන්නෑනෙ වැඩිය..

මං යද්දී ස්පෝට්ස් රූම් එකේ දොර ඇරලා දාලා තිබ්බෙ.. මං ඉතින් ඇතුලට ගියා.. අර ඊයෙ සත්රූ අයියත් එක්ක හිටිය අනිත් පොර ඉන්නෝ ස්පෝට්ස් රූම් එකට වෙලා බෑග් එකක් අවුස්ස අවුස්ස.. මං දැක්කාම ඌ මාත් එක්ක හිනාවුනා.. මටත් ඉතින් ඔරවන්න බෑනේ මනුස්සයෙක් හිනා උනාම.. මාත් ඌට ලාවට හිනාවක් දාලා ගිහින් කොනේම තිබ්බ ඩෙස්ක් එකක් ගාවට ගිහින් පුටුවක් ඇදන් වාඩිවුනා..

" ඒ උබ වීබී ගෙ මල්ලි නේහ්..? "

අරූ අවුස්සපු බෑග් එකත් වහලා කරට දාගන්න ගමන් මගෙන් ඇහුවේ..

" ඔව්.. "

" නම මොකක්ද..? "

මොන උට්ටක්ද මේ..

" සහිරු.. "

" එල.. අපි ගියා එහෙනම්.. "

ඌ එහෙම කියාගෙන ස්පෝට්ස් රූම් එකෙන් එලියට ගියා.. මූ කොහොමද දන්නෙ මං වීබීගෙ මල්ලි කියලා.. යකෝ මං හිතන්නේ නෑ සත්රූ අයියවත් දන්නෝ ඇති කියලා.. ඌ අර වීබී කිව්වෙ අපේ අයියට.. මහ පගයගෙ නම විහස් භානුජ නෙ.. ඒක කෙටි කරලා ඔය වීබී කියන්නෙ.. ගොඩක්ම ඉස්කෝලේ උනුත් මුගේ නමින් දන්නෑ.. වීබී කිව්වම දන්නෝ.. පුදුම රෙද්දවල් මේවා.. මෙහෙමයි ඉතින් මටත්_ නෑ අපි ඒක ගැන කතා නොකර ඉමු නේත..!

ආයෙ ඉතින් මොකෙක්වත් ස්පෝට්ස් රූම් එක පැත්ත පලාතේ ආවෙ නෑ.. මං පීරියඩ් දෙකක්ම නිදාගත්තා.. ඉන්ටවල් එකේදි ඇහැරුනා ඉතින්.. ඒ වුනාට ඔලුවේ කැක්කුම නම් අඩුවක් නෑ.. ඇගත් ගිනිගන්නෝ වගේ.. මං ඊටපස්සෙ අමාරුවෙන් හරි නැගිටලා ක්ලාස් එකට ගියා..

" අඩෝ උබ කොහෙද ගියේ..? වරෙන් ඉක්මනට.. "

ක්ලාස් එකේ දොරෙන් ඇතුල් වෙද්දිම චාරුකයා කෑගැහුවෙ.. උන් බත් මුල් තියාගෙන කන්න ලෑස්තිවෙලා මං එනකන් ඉදලා..

" මට කන්න බෑ බං උබලා කාපන්.. "

මං මගේ බෑග් එකේ තිබ්බ කෑම එක චාරුකට දෙන ගමන් කිව්වම ඌ පුදුම වෙලා බැලුවේ..

" අඩෝ මොකෝ අවුල..? "

" ඇගට හරි නෑ බං ඔලුවත් රිදෙනෝ.. කන්නත් බෑ වගේ.. "

මං එහෙම කියලා පුටුවෙ වාඩිවෙලා ඔලුව ගහගත්තා ඩෙස්ක් එකේ.. ඒ අස්සෙ කෑම සුවද දැනෙද්දී මට වමනේ යන්න වගේ.. අඩෝ බඩගිනියි.. ඒත් කන්න බෑ..

" පෙනඩෝල් දෙකක් දෙන්නද උබට..? "

ඌ එහෙම ඇහුවාම මං ඔලුව වැනුවා.. ඊටපස්සෙ ඌ ගිහින් ෆස්ට් ඒයිඩ් බොක්ස් එකෙන් පෙනඩෝල් දෙකක් ගෙනත් දුන්නා මට..

" බත් කටක් හරි කාලා බීපන් බං.. "

මං පැනඩෝල් දෙක බඩගින්නෙම බොන්න හැදුවම තරුල් කිව්වෙ.. කන්න බෑ අප්පිරියයි.. බිනුරයා කවන්න ඇහුවත් මං එපා කියලා ඩෙස්ක් එකේ ඔලුව ගහගත්තා.. ටිකකින් කවුරුහරි ඔලුව අතගානො දැනුනත් ඔලුව උස්සලා ඒ කවුද කියලා බලන්න පනක් තිබ්බෙ නෑ.. අරුන් ටිකගෙන් කවුරුහරි වෙන්නැති.. කොහොමහරි ඉන්ටවල් එකෙන් පස්සෙ මං පීරියඩ් දෙකක් වගේ නිදාගෙන.. ආයෙ නැගිට්ටෙ තරුල් කතා කෙරුවම..

" තාම ඔලුව කැක්කුමද බං..!? "

" හ්ම්.. ඩබල් පීරියඩ්ස් නිදාගෙනනෙ.. මිස්ලා මුකුත් කිව්වෙ නැද්ද..? "

" සයන්ස් මිස් ඇහුවා ඇයි උබ ඔලුව ගහන් කියලා.. අපි කිව්වා ඔලුවෙ කැක්කුමක් හැදිලා කියලා.. ඊටපස්සෙ මුකුත් කිව්වෙ නෑ.. "

මං අහපු එකට උත්තර දුන්නෙ චාරුකයා.. මං එහෙන්මම ආයෙ මගෙ ළග ඉදිය බිනුරයගෙ උරහිසේ ඔලුව ගහගත්තා.. කෙලින් ඉන්නත් බෑ.. ඒත් නිදාගන්නත් බෑ.. දැන් මට ගෙදර යන්න ඕනි.. ඒත් ගෙදර කවුරුවත් නෑ අද.. ගියත් තනියම ඉන්න වෙන්නෙ.. ඊට වඩා හොදයි ඉස්කෝලෙ ඇරෙනකන් අල්ලන් ඉදලා අයියා එක්කම යනෝ..

වෙලාවට සෙවන්ත් පීරියඩ් එකේ ඉතිහාසය ස' ඇවිත් තිබ්බෙ නෑ.. රිලීෆ් වැටිල තිබ්බෙත් නෑ.. ඒ නිසා හොදයි ඉතින්.. නැත්නම් ඒ මනුස්සයා අරව මේවා කියන්න ගනීවි බොරු ලෙඩ අරක මේක කියලා.. මිස්ලා වගේ පාඩුවේ ඉන්නෑනෙ.. ලාස්ට් පීරියඩ් එකේ හැලපෙනම් ආවා.. ඒත් ඒ ගෑනි කවද්ද පංතිය දිහා හරියට බැලුවෙ.. ඇක්ටිවිටීස් ටිකක් කරන්න කියලා විනාඩි පහළවත් විතර ගුරු පුටුව රත් කරලා ගියා..

" අඩෝ සහිරු.. අද ඉක්මනට එළියට යමු.. නැත්නම් අර ගොම්බිලියගෙන් අහගන්න වෙනෝ පරක්කු උනොත්.. "

හැලපෙ ගිහින් විනාඩි පහකින් වගේ නිසිනුවා එහෙම කියාගෙන අපේ පංතියට එබුණා.. මං ඌ දිහා බැලුවාම ඌට වෙනසක් තේරෙන්න ඇති.. ඉක්මනටම ආවා මං හිටපු තැනට..

" ඒ මොකෝ උනේ..? "

" ඔලුව කැක්කුමලු.. මුගේ ඇගත් රස්නෙයි.. "

නිසිනු අහපු එකට තරුල් එහෙම කිව්වම නිසිනු මගේ නලලට අත තියල බලලා ඉස්සරහ පේලියේ කොනේ පුටුව ඇදගෙන වාඩිවුණා..

" අඩෝ අද ප්‍රැක්ටිස්..? "

" මට නවතින්න බෑ බං.. අයියා එක්ක ගෙදර යනෝ.. "

" ඔව් ඔව් කොහොමත් නවතින්න පිස්සුද බං.. ගෙදර පලයන්.. උබට කලින්ම යන්න තිබ්බෙ.. "

" අද ගෙදර කවුරුත් නෑ.. අම්මට කෝල් කරලා බය කරන්නත් බෑ බං.. එයත් වෝඩ් එකේ ඇත්තෙ.. "

ඇත්ත..! අම්මට එහෙම කෝල් කරලා ගෙන්නගන්න බෑ.. කෝල් කරලා කිව්වොත් එයා සේරම වැඩ ටික පැත්තකට දාලා දුවන් ඒවි රස්සාවට බම්බු ගහන්න කියලා.. ඒත් එහෙම හරියන්නෙ නෑ.. ඇත්තටම කිව්වොත් ඉතින් කිව්ව ගමන් දමල ගහලා එන්න පුලුවන් රස්සාවක් නෙවෙයිනෙ එයා කරන්නෙ.. එතන ලෙඩ්ඩු කීදෙනෙක්ද.. ඒ මිනිස්සුත් පව්නෙ..

ඉස්කෝලේ ඇරෙන ෆස්ට් බෙල් එක ගහලා සෙකන්ඩ් බෙල් එකත් ගැහුවා.. ඒ වෙනකන් නිසිනුවා අපේ පංතියේ ඉදලා කලබලේට ඩියුටි දිව්වෙ.. මං අද ඩියුටි ගියෙත් නෑ.. මට බෑ අප්පා හිටගෙන ඉන්නවත්.. මොන මගුලක්ද එපාවෙනො.. අනිත් ප්‍රිෆෙක්ට්ස්ලා සේරම ඩියුටි ගිහින්.. කමක් නෑ යන්න බැරි නිසානෙ නොගියෙ..

මං ගාථා කියලා ඉවර උනාම බෑග් එකත් අරන් පල්ලෙහා ටැප් එකකින් මූනත් හෝදගෙන ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා.. උදේ ප්‍රිෆෙක්ට්ලා සයින් කරන පොත මීඩියා යුනිට් එක ගාව තිබ්බෙ.. ඒක තාමත් එතන වෙන්නැති.. ඒ නිසා හොදයි.. නැත්නම් මෙතන ප්‍රිෆෙක්ට්ලා පිරෙන්න ගන්නවනෙ.. ඉතින් කවුරුවත් ඇවිත් නෑ තාම.. අයියා එද්දිත් දෙක විතර වෙනෝනෙ.. මං ඉතින් ෆෑන් එකත් දාගෙන පුටුවකින් බෑග් එක තියන් වාඩිවෙලා ඩෙස්ක් එකක ඔලුව ගහගත්තා.. වෙවුලන තරම් සීතලයි.. ගෙදර ගිහින් නිදාගන්න ඕන මට..

" අඩෝ උබට අඩු නැද්ද..? "

ප්‍රිෆෙක්ට් රූම් එකට ආවෙ නිසිනුවා.. ඌ බොටමයි ටීශර්ට් එකයි දාගෙනත් නෑ.. යකෝ ගොම්බිලියා මූව කන්න හදයි..!!

" උබ පලයන් යකෝ.. කාලා ලෑස්තිවෙයන්.. අරූ මැරෙන්න හදයි නැත්තන් පරක්කු උනා කියලා..! "

" හරි හරි බං.. උබ පෙනඩෝල් දෙකක් බිව්වද..? "

" ඔව්.. චාරුකයා දුන්නා ඉන්ටවල් එකේදි.. "

මං එහෙම කිව්වම ඌ මගේ නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවා..

" උබට උන බං.. රස්නෙයි.. "

" ගෙදර ගිහින් බෙහෙත් බොනෝ.. "

මං ආයෙම ඩෙස්ක් එකේ ඔලුව ගහගත්තම නිසිනුවා විනාඩි පහක් විතර ඉදලා ගියා.. ඌට කන්නවත් වෙලාව ඇති වෙයිද දන්නෑ..

" චූටි..!? "

මට නින්ද යාගෙන ආවා විතරයි අයියා කතා කරාම ගැස්සිලා ගියා.. මහ පගයා අද කලින්..

" තමුසෙට කරාතේ ප්‍රැක්ටිස් නේ..? "

ඌ එහෙම කියාගෙන මං ගාවට ඇවිත් ඩෙස්ක් එකේ ලොකර් එකේ තිබ්බ පොතක් ගත්තා අතට..

" මට ගෙදර යන්න ඕන.. "

" ඒ මොකෝ..? "

මහ පගයා නිකන් හෙන පුදුමෙන් වගේ බැලුවේ.. ඇයි ඉතින් මං ආසම දවසක්නෙ බ්‍රහස්පතින්දා.. කරාතේ ප්‍රැක්ටිස් නිසා..

" මගේ ඇග රිදෙනෝනෙ අයියේ.. "

මං එහෙම කිව්වම ඌ ඉක්මනටම මගේ නලලට අත තියලා බැලුවා..

" යකෝ..! ගිනි රස්නෙයිනෙ..! "

ඌ අතේ තිබ්බ පොතත් පැත්තකින් තියල කිව්වෙ..

" උබට උන චූටි..! "

" ගෙදර යන්න ඕන අනේ.. "

මං බෑග් එකත් අරන් තුරුල් කරන් ආයෙ ඩෙස්ක් එකේ ඔලුව තියාගත්තම මහ පගයා උගේ වොච් එකෙන් වෙලාව බැලුවා..

" මං අද නවතින්න බැලුවේ බං.. "

අනේඒඒඒ..!

" ඒ ඇයි..? "

" වැඩ ටිකක් තියෙනෝ.. කමක් නෑ වරෙන්කෝ මේන් හෝල් එක පැත්තේ යන්න.. සෙහදුවාට කියලා ගෙදර යමු.. "

අනේ මගුල..! හැම රෙද්දම ඌට කියන්න ඕනයැ.. මූටත් පිස්සුනෙ.. මං ඔරවන් නැගිට්ටා.. ඊටපස්සෙ මහ පගයා මගේ බෑග් එකත් අරන් කරට දාගෙන අර ඌ ගත්ත පොතත් අරන් ප්‍රිෆෙක්ට් රූම් එකෙන් එලියට ආවා.. මාත් ගියා ඉතින් ඌගෙ පස්සෙන්.. ඒ උනාට අඩිය තියවෙන්නෙත් රුවිතෙට වගේ යකෝ.. ඊටපස්සෙ මං අයියගෙ අත් ගොබයක් බදාගෙන ආවෙ.. විසිවෙලා වැටුණොත් එහෙම..

" ඔලුව රිදෙනෝ.. "

මගක් දුර එද්දි මං කිව්වම මහ පගයා නැවතිලා මං දිහා බැලුවා..

" පෙනඩෝල් දෙකක් බිව්වෙ නැද්ද..? "

" බිව්වා ඉන්ටවල් එකේදි.. "

මං එහෙම කියලා ඌගෙ ඇගට හේත්තුවක් දාලා පපුවෙ ඔලුව ගහගත්තා.. හිටන් ඉන්නත් බෑ අනෙ.. කොහෙහරි වාඩි වෙන්නමයි හිතෙන්නෙ..

" කෝ එහාට වෙයන් ඉතින් ඉක්මනට ගෙදර යන්න.. "

ඌ මගේ ඔලුවත් අතගාලා කිව්වම මං නලලත් මිරිකගෙනම එහාට උනා.. පුදුම මල කරුම ඔලුවෙ කැක්කුමක්නෙ මේක.. ඔලුව උස්සලා බලද්දි ඈතින් පේනෝ මොකෙක්ද එකෙක් මේ පැත්ත බලන් ඉන්නෝ..

අඩෝ..! ගොම්බිලියා..!!

අපේ පැත්ත බලාගෙන ඉදලා මං ඔලුව උස්සලා බැලුව ගමන් ඉක්මනට ගියේ වෙන කවුරුත් නෙවෙයි ගොම්බිලියා..! ඌ මොකටද දන්නෑ බලාගෙන ඉදියෙ.. කෝමත් ඕවා හිතන්න තරම් මානසිකත්වයක නෙවෙයි මං ඉන්නෙ.. මන් අයියගෙ අත බදාගෙන මේන් හෝල් එක ලගට ගියා.. ඌට අර සෙහදු බේසිකයා බැහැදකින්න ඕන කිව්වනෙ..

" අඩෝ මේ මොකද මේ..!? "

ආපෝ මේන් හෝල් එකට අඩිය තිබ්බා විතරයි ඔන්න එනෝ කේලම් බල්ලා.. වෙන කවුද ඉතින් නිකිත අයියා..!

" මෙයාට කරාතෙ ප්‍රැක්ටිස්නෙ අද.. යන්නෑ..? "

මුටත් ඕන්නැති රෙද්දක් නෑ..!

" මූට උන බං.. ගිනිකබල වගේ රස්නෙයි.. "

" සිරාවටම..? "

අයියා මට උන කිව්වාම නිකිත පගරයත් දඩිබිඩිගාලා ඇවිත් මගේ නලලට අත තියලා උන බැලුවා.. මොන රෙද්දක්ද යකෝ.. හැමෝම උන බලනවනෙ මගේ..!

" අඩේ ඔව්මයි.. මූ උදේ නම් පීරියඩ් කට් කර කර බං හිටියේ.. "

ඔන්න ඉතින්..! කටවහගෙන හිටපියකො.. සිරාවටම මං ලෙඩවෙලා හිටියෙ නැත්නම් මං ඕකව හපනවා..!!

" මං උදේ ඔලුව කැක්කුම නිසා ස්පෝට්ස් රූම් එකට ගිහින් නිදාගත්තා.. "

මං අපේ අයියා දිහා හෙන දුක හිතෙන මූනක් හදන් එහෙම කිව්වෙ.. ඉතින් ඇත්තනෙ මං කිව්වෙ කොහොමත්..

" ඒ මොකෝ කේස් එක..? "

ගීත් අයියත් එහෙම අහගෙන ආවෙ මේ පැත්තට..

" පොඩි එකාට උන.. "

" අඩේ කෝ බලන්න.. "

නිකිත අයියා උන කිව්වාම ගීත් අයියත් ඇවිත් මගේ නලලට අත තියල උන බැලුවා.. මොන මගුලක්ද මේ..!!!

" මොකෝ ඔය..? "

ඒ පාර කවීන් අයියා..!

" මල්ලිට උන බන්.. "

" හම්මටසිරි.. උදේ හොදට හිටියනෙ.."

ඌත් ඇවිත් නලලට අත තිබ්බා.. අනේ උට්ටෝඕඕඕඕඕ..!!!

" මොකක්ද අනේ..! වදයක් නෙ..!! මං ආස නෑ හරිතෙ මාව අල්ලන්න එනවට.. පලයන්කො මගුල.. නැත්තන් කියනවකො තව කාටද ඕන මගේ උන බලන්න..!? ඒයි මිහින් අයියේ.. උබටත් ඕනද උන බලන්න..!? වරෙන්.. ඉක්මනට ඇවිත් බලපන්..! "

එවෙලෙ මේන් හෝල් එකට ආව මිහින් අයියට මන් කෑගහලා කියද්දී ඌ බයවෙලා වගේ මන් දිහා බලලා වටපිටත් බැලුවා..

" මුගෙ කට යකෝ..! "

" උන හැදිලා හිටියට කටට නම් පන තියේ නේ..! "

මට කේන්තියි යකෝ මගුල..!!!!

" අයියෙ මට ගෙදර යන්න ඕන..! තමුසෙට එන්න බැරි නම් කියනවා.. මං තනියෙන් හරි යනෝ..!! "

මං අයියගෙ අතින් බෑග් එකත් උදුරගත්තා.. උදුරගත්ත පාර මාත් එක්ක විසිවුනා යකෝ.. මහ පගයා අල්ලගත්තෙ නැත්තන් බෑග් එකත් එක්ක මං බිම..

" ඇගට පනකුත් නෑ.. මුගෙ කටනම් තියෙනවා..!! "

අයියා බැන බැනම මගෙන් බෑග් එකත් ආයෙ අරගත්තම මාත් හිමින් සැරේ ඌට හේත්තුවක් දාගත්තා.. දැන් නම් ඉන්නම බෑ වගේ.. ඇසුත් කෙවෙනවා වගේ මට දැනෙන්නෙ..

" අඩෝ කෝ සන්ලයිට්..? "

" ඌ ග්‍රවුන්ඩ් එකේ.. ක්‍රිකට් ප්‍රැක්ටිස් නෙ.. ටීම් එකේ උන් ඇවිත් හිටියා.. "

අයියා අහපු එකට උත්තර දුන්නෙ මිහින් අයියා..

" මේ මට කෝල් එකක් ගන්න ඕන බං.. ෆෝන් එකක් හොයල දියන්.. ආෆ්ටර් ඕලෙවල් උන් ගාව ඇති නේ.. බලහන්කො බං පොඩ්ඩක් කවුද උන්ගෙන් ඉස්කෝලෙට ඇවිත් ඉන්නෙ කියලා.. "

" ඇයි මොකක්ද අවුල..? "

" මූට උන බං..! "

අයියා හේතුව කිව්වත් මිහින් අයියා නම් හැබැයි මගේ උන බලන්න ආවෙ නෑ.. හොද කොල්ලා..

ඊටපස්සෙ අපි සෙහදු බේසිකයා හොයන් ආවා ග්‍රවුන්ඩ් එක ගාවට.. පොර ඉන්නෝ පැත්තකට වෙලා හිටගෙන.. ඌ අව්ව තපිනවද කොහෙද..

" ඕයි සන්ලයිට්..! "

අයියා ඌට කතා කරාම ඌ අපි දිහා බැලුවා.. හැබැයි පොර පුදුම උනා.. ඇයි ඉතින් මං කරාතේ ප්‍රැක්ටිස් ගිහින් නෑනේ.. නිසිනු බේසිකයා මතක් වෙන්න ඇති ඌට..

" අද ප්‍රැක්ටිස් නැද්ද මුන්ට..? "

" තියෙනවා තියෙනවා.. මේ මූ උනක් හදාගෙන.. "

සෙහදු බේසිකයට අයියා එහෙම කිව්වම බේසිකයා මං දිහා හොදට බැලුවා..

" ඒ වීබී පොඩ්ඩක් වරෙන්කෝ.. "

මිහින් අයියා කතාකරේ මහ පගයට.. යකෝ මුන්ට මහ පගයා නැතුව බැරිද මන්දා රෙද්ද..! ඊටපස්සෙ ඉතින් මහ පගයා ගියා මිහින් අයියා ළගට මගේ බෑග් එක සෙහදු බේසිකයා අතට දීලා.. මාත් ඉතින් බේසිකයට කිට්ටු කරලා ඌගෙ ඇගට හේත්තුවක් දාගත්තා.. මූට මං බැන්නට ඉතින් මූ හොද එකා..

" අඩෝ සත්රූ මල්ලේහ්..! "

ඒ අස්සෙ ගීත් අයියා කෑගහනෝ ග්‍රවුන්ඩ් දෙකේ ඉදපු සත්රූ අයියට.. මං දැක්කා ඌ ඔලුවෙන් ඇයි කියලා අහනෝ..

" මෙහෙ වරෙන්..!! "

" ඉක්මනට කියහන් ඇයි කතා කරේ..!? "

ගීත් අයියා කතා කරාම සත්රූ අයියා එහෙම අහගෙන ආවෙ.. උන් හෙන කතාවක ඉදියෙ.. බිග් මැච් එක ගැන වෙන්නැති කතාව..

" මූ බලහන්කො බං.. "

" ඒකනෙ යකෝ.. "

කවීන් අයියයි නිකිත අයියයි ආතල් එකට එහෙම කිව්වම සත්රූ අයියා උන් දෙන්නටම රැව්වා..

" අනේ මේ මගුලක් නොකියා කතා කරේ ඇයි කියහන්.. වෙලාව යනෝ බං.. ප්‍රැක්ටිස් පටන් ගන්නත් ඕන.. "

" ආපෝ හිටහන් පොඩ්ඩක්.. මේ උබේලග ෆෝන් එකක් තියේනම් දීපන් කෝල් එකක් ගන්න.. "

කවීන් අයියා කිව්වම සත්රූ අයියා ඇස් හීනි කරන් ඌ දිහා බැලුවා..

" කාට..? "

" විහස්ලයි ගෙදර සිකියුරිටි අංකල්ට.. "

" ඒ මොකටෙයි..? "

" මොන_ තමුසෙ සීඅයිඩී එකෙන් වගේනෙ යකෝ.. දෙන්න බැරි නම් කෙලින්ම බෑ කියාම් රෙද්ද.. "

" හරි හරි ඕයි..! බෑ කිව්වෙ නෑනෙ.. "

නිකිත අයියා මැද්දෙන් පැනලා කෑගැහුවාම සත්රූ අයියා එහෙම කියාගෙනම ගියා බෑග් එක ගාවට.. ඊටපස්සෙ බෑග් එක ඇරලා ෆෝන් එක අරන් කවීන් අයියට දුන්නා..

" අඩෝ වීබී..! වරෙන් බඩු හම්බුනා.. "

සැක්.. කුඩු හම්බුනා වගේ ඇහුනේ.. ඊටපස්සෙ අපේ අයියා කපිල අංකල්ට කෝල් කරලා කිව්වා ඉස්කෝලේ ගාවට එන්න කියලා..

" අඩෝ තෑන්ක්ස් බන්.. "

" එනිටයිම් බ්‍රෝ.. "

අයියා කෝල් එක කට් කරලා ආපහු දුන්නා සත්රූ අයියට..

" අඩෝ සත්රූ මල්ලී නම්බර් එක එහෙම සේව් කරගන්න එපා හොදේ.. විහස්ගෙ නෙවෙයි නම්බර් එක.. "

නිකිත අයියා හෙන කොමල විදිහට කිව්වෙ.. ඊටපස්සෙ මං පටස් ගාලා බැලුවා අපේ අයියා දිහා.. ඌට මේලෝකෙ සිහියක් නෑ මිහින් අයියා එක්ක මොකක්ද පොතක් පෙරලගෙන බලනෝ ඒ තප්පරේට.. යකෝ මූ මාර යකෙක්නෙ..

" මං මොකටද ඕයි ඌගෙ නම්බර් එක සේව් කරන්නෙ..!? "

" නෑ ඉතින් හදිස්සියේවත් හිතුනොත් එහෙම.. නේ බං..? "

නිකිත අයියා කිව්ව කතාවට කවීන් අයියත් හිනා උනාම සත්රූ අයියා ඉන්නෝ මරිමොංගල් ඩයල් දෙකක් දිහා බලනෝ වගේ උන් දෙන්නා දිහා බලාගෙන.. සත්රූ අයියගෙ ඇක්ශන් තමයි හොදේ මරු.. ඌ ඉනටත් අත් දෙක ගහන් ඉන්නෙ.. මල පැනලද කොහෙද.. බේසිකයනම් සද්දයක් නෑ..

" අනේ මගුල..! මං යනෝ යන්න.. "

" පලයන් ඉතින්.. අපි අල්ලගත්තෙ නෑනෙ.. "

සත්රූ අයියට තරහ ගිහින් යනවා කියලා යන්න ගියාම ඒකටත් මුන් අරව මේවා කියන්න ගත්තා.. ඌ ගිහින් උන්ගෙ බැට් එකක් උස්සලා මොකක් හරි ඉඟි කරාම තමයි මුන් කටවහගත්තෙ.. මුන්ට ආතල්ද කොහෙද..!

" චූටී යමු.. "

අයියා බේසිකයගෙන් බෑග් එක ගත්තම මං බේසිකයගෙ ඇගෙන් එහාට උනා..

" අයියෙ මේහ්..! තවුසෙ මගේ ආදරේ උදුරගත්ත එක මට අමතක නෑ හොදේ.. මං සීනිගම ගිහින් පොල් ගහන එක හිතින් අයින් කරා.. මිරිස් ඇබරුවානම් හරි කියලා හිතුනා.. ඒ හින්දා පරිස්සමින් ඉන්නෝ..! "

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter