Back
/ 22
Chapter 9

08 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" ඒ සහිරු මල්ලි.. උබට ක්ලාස් ඩියුටි නෑනෙ.. ඒ නිසා අද බුදු මැදුර ගාව ඩියුටි පලයන්.. මොකක්හරි ක්ලාස් එකකට පූජාව තියෙනො මං හිතන්නෙ.. "

පැත්තෙ ගේට් එක හරියෙ හිටගෙන ඉදිය මට කවීන් අයියා ඇවිත් එහෙම කිව්වෙ.. බුදු මැදුර ගාව ඩියුටි ඉන්න උන් අද නැතුවැති එහෙනම්..

ඉතින් මං පැත්තේ ගේට් එක ගාව ඉදන් පැවිලියන් එක ඉස්සරහින් ගිහින් දකුණට හැරුනා.. ඊටපස්සෙ තියෙන්නේ ඒලෙවල් සයන්ස් සෙක්ශන් එක.. සයන්ස් සෙක්ෂන් එකේ පල්ලෙහා තියෙන්නෙ මැත්ස් ක්ලාසස්.. උඩ තමයි බයෝ ක්ලාසස් තියෙන්නෙ.. මහ පගයා ඉන්නවද දන්නෙත් නෑ.. මං උඩ තියෙන බයෝ ක්ලාසස් පැත්තටත් ඇන්ටනාව දාගෙන සයන්ස් සෙක්ශන් එක ඉස්සරහින් යද්දි අපේ මහ පගයා නෙවෙයි සන්ලයිට් බේසිකයනම් ඉන්නෝ දැක්කා කොරිඩෝවෙ.. ඌ මොකක්ද පොතකුත් අතේ තියන් හෙන බැරෑරුම් විදියට ඒක දිහා බලන් ඉන්නෝ..

" සන්ලයිට් පුක හෝදන සබන් කැටේ..

ගෑවෝතින් පුක දිලිසේ.. "

මං එතනින් යන ගමන් උඩ බලන් එහෙම කිව්වම ඌ පටස් ගාලා පල්ලෙහා බැලුවා.. ළමයි තාම වැඩිය ඇවිත් නැති නිසා හොදයි ඉතින්.. ඒත් පල්ලෙහා හිටපු මැත්ස් ක්ලාස් වල අයියලා ටිකකුත් අරූට නෝන්ඩියට හිනා උනා.. උගෙ මූන නම් බලන්න වටිනෝ.. පොර මට රවලා මැද ඇගිල්ල දික් කරලා පලයන් පොඩි එකා කිව්වා.. ඌ ඇගිල්ල දික් කරන්න විතරයි දන්නෙ.. බේසිකයා..!!! ඊයෙ කොහොමද දන්නෑ ගියේ ඕකා.. ආවර්තිතා වගුව කියන් පලයන් කිව්වම හතරවටේටම ඔරවලානෙ මූ එළියට බැස්සෙ.. ඌට තද උනේ අපේ මහ පගයත් හිනාව කාගෙන හිටියා කියලා තේරුනාම.. හොදෑඩේ ඕකට..! ආදරේ නිසා මූ කන කට්ටක්..!

බුදු මැදුර ළග පූජාව හදන තැනට එද්දි 11 ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක් එතන ඉදියා.. මං හිතන්නෙ අද පූජාව තියන ක්ලාස් එකේ ඩියුටි ඉන්න අයියද කොහෙද ඒ.. මං ඒ අයියටත් හිනාවක් දාගෙන ළමයි පූජාව හදන එකට ඔලුව දැම්මා..

" ඒ මල්ලි.. උබ මෙතන ඉන්නොනෙ මං මුන්ගෙ ක්ලාස් එක පැත්තෙ ගිහින් එන්නම්.. අතුගාවන්න ඕනිනෙ.. "

මට එහෙම කියලා ඒ අයියා යන්න ගියාම මාත් ඉතින් ඔලුව වනලා හා කිව්වා..

" මොකක්ද මල්ලි කරන්නෙ !? නැලවෙන්නැතුව පූජාව හදනෝකො "

මේ යක්කු එක්ක කරන්න බෑ අප්පා.. අද පූජාව 8 E එකට.. උන් නැලවෙනෝ ඉක්මනට පූජාව ලෑස්ති කරන්නෙ නැතුව.. කට්ටියනම් අද වෙනදාට වඩා වේලාසනින් ඇවිත් පූජාව ලෑස්තිකරනෝ.. මාත් මේ පැත්තකට වෙලා බලන් ඉන්නෝ වෙන කරන්න දේකුත් නෑනේ.. නිදිත් මතයි යකෝ.. ඊයෙ නිසිනුවා යද්දි රෑ දෙගොඩහරියක් වෙලා.. උන්ලයි අම්මලා එන්න පරක්කු උනානෙ.. අද මං ඉස්කෝලේ එන්නෙ නැතුව ඉන්න හැදුවෙ.. ඒත් ආයෙ ඕන එකක් කියලා ආවා.. අරූ ආවද දන්නෑ.. බලන්නත් බැරි උනා බේසික කෑල්ල ඇවිල්ලද කියලා.. ඉන්ට'වල් එකේදිවත් උන්ලයි පන්ති පැත්තේ රවුමක් දාන්නෝනෙ..

" මල්ලි පන්තියේ බුදු පහනත් තිබ්බද..? "

මං එහෙම ඇහුවෙ සෑහෙන්න වෙලාවක ඉදන් මල් හද හද ඉදපු එකෙක්ගෙන්..

" ඔව් අයියෙ.. "

ඌ රෝස මල් අරන් ඇවිත් ගැම්මෙන් පොඩි මල් වට්ටියකට මල් තියනෝ.. මං පන්තියේ බුදු පහන තිබ්බද කියල ඇහුවම ඌ ඔව් කියලා තව හෝදපු පොඩි මල් වට්ටියක් අරන් ඇවිත් ඒක මැද්දෙන් රෝස මල් තුනක් තියලා වටේට වතුසුදු මල් ටිකක් තිබ්බා..

" අයියෙ මේ පොල්පලා ටික.. "

ඒ අස්සෙ පොඩි එකෙක් පොල්පලා ටිකක් උස්සන් ඇවිත් මට දික් කරා..

" හෝදලාද ගෙනාවෙ..? "

" ඕ.. "

" එහෙනම් පීරිසියක් අරන් ඒ ටික තියන්න.. "

" අයියෙ හාතවාරිය තිබ්බ එකේම තියන්නද..? "

" එපා ඕයි වෙන එකක තියපන්.. "

ඌ පොල්පලා ටිකත් උස්සන් ඔලුව වනල ගියා වෙන පීරිසියක් ගේන්න.. ඊටපස්සෙ මෙන්න පන්තියේ මොනිටරයා පිබගෙන එනෝ බෝතල් වගයක් උස්සන්..

" අයියෙ මාර වැඩේනෙ.. "

" මොකෝ කේස් එක..? "

" අෂ්ටපාන ගේන්න බාරගත්ත එකෙක් තාම ඉස්කෝලේ ඇවිත් නෑනේ.. "

මං මොකක් කරන්නද ඕයි ඒකට.. ඌව ගෙදර ගිහින් එක්කන් එන්න කියලද මූ දැන් කියන්නෙ මට..!

" තව විනාඩි පහක් බලමු.. "

" ඒ අද අරූට එන්න වෙන්නෑ කියලලු බන්.. "

පන්තියේ වයිස් මොනිටරයා ඇවිත් අෂ්ටපාන උස්සන් ඉන්න එකාට එහෙම කිව්වම උන් දෙන්නම මං දිහා බැලුවේ දැන් මොකක්ද කරන්නෙ කියන්න වගේ..

" අයියෙ මොකක්ද කරන්නෙ දැන්..? අෂ්ටපාන වලින් එකක් අඩුයිනෙ.. කමක් නැද්ද..? "

" එහෙම බෑ බං.. වර්ග අටක් තියෙන්න ඕන.. "

මං එහෙම කිව්වම උන් දෙන්න ඉන්නො නිකන් මොකුන්ද වගේ මං දිහා බලන්.. පව් කියලත් හිතෙනෝ.. පූජාවෙ බඩු අඩුයි කියලා බෞද්ධ සංගමේ මිස් කෙනෙක් දැනගත්තොත් කන පිරෙන්න මුන්ට අහගන්න වේවි..

" කෝ ගන්නෝ බලන්න තියෙන ඒවා.. "

මං අරූගෙ අතේ තිබ්බ පොඩි බෝතල් ටික අරන් එකින් එක බැලුවා.. දොඩම් යුෂ, අඹ යුෂ, මිදි යුෂ, දෙලුම් යුෂ.. ඔය වගේ ඒවා තියෙන්නේ..

" අෂ්ටපාන දාන පොඩි කෝප්ප ටික අරන් වරෙන්කො ට්‍රේ එකත් එක්ක.. "

එකෙක් ඉක්මනටම ගිහින් හෝදලා තිබ්බ පොඩි කෝප්ප ටිකයි ට්‍රේ එකයි අරන් ආවා.. මං පූජාව හදන තැන තියන් කෝප්ප හතකට අරුන් ගෙනත් තියෙන පාන වර්ග ටික දාලා අටවෙනි එකට කලින් කෝප්ප වලට දාලා ඉතුරුවෙලා තිබ්බ යුෂ වර්ග සේරම දැම්මා.. ඒත් නිකන් අඩුයි වගේ..

ඊට පස්සෙ ඉතින් ගිලන්පස වලට කියලා වෙනම ගෙනත් තියෙන ඉතුරු වෙච්ච කැදයි, තේ කහටයි, කොත්තමල්ලියි සේරම දාලා කලවම් කරා හදුන්කූරු නට්ටකින්.. මංම ඉන්නෝන ඉතින් මොලේ ඇති වැඩක් කරන්න..! ගැම්මක් තමයි..

"දැන් හරි.. "

මං අති සාර්ථක විදිහට අට වෙනි පානෙ හදලා මොනිටර්ස්ලා දෙන්නා දිහා බලද්දි උන් දෙන්නා ඉන්නෝ නිකන් යක්කු ගහලා වගේ..

" අයියෙ ඔහොම කමක් නැද්ද..? "

මොන_! රෙද්දක් අහනෝනෙ මගුල..

" අවුලක් නෑ ඕයි.. මේ අති විශේෂ කසායක්ලු..! "

මං පැහැදිලි කරලා දුන්නා.. අනේ මන්දා ඒකවත් තේරෙන්නෑනෙ මුන්ට..

" දැන් ඉතින් මෙතන බලන් ඉන්නැතුව ඕක උඩින් අර වහන රෙද්දක් දාලා තියලා අනිත් ඒවා ඉක්මනට ලෑස්ති කරපන්..! තව ලතවෙවී ඉන්නෙපා ඕයි..!! බලහන්කො දැන් වෙලාව.. කීයටද පූජාව තියන්නෙ උබලා..? "

උන් දෙන්නා ක්ශනිකව අෂ්ටපාන ටික ට්‍රේ එකේ තියන් අරන් ගියා..

ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට තව එකෙක් කනේ කටරොලු මලක් ගහගෙන විකාරයක් කරනො..

" මොකක්ද ඕයි ඔය කරන්නෙ..!? මලෙන් උපන් සමනලීද උබ..? "

රෙද්ද කේන්තියිත් එක්ක..! මං ඌට කෑගැහුවාම ඌ කනේ ගහන් හිටපු මලත් අයින් කරලා දාලා මල් වට්ටියක් උස්සන් ඇවිත් ගෙනත් තිබ්බ නිල් කටරොලු මල් ටිකක් වට්ටියට දාලා නටු උඩට හැරවිච්ච ඒවා හරියට හැදුවා.. බලන බලන එකා මල් හදනෝනෙ යකෝ.. කෝ එතකොට පහන් පත්තු කරන්න එවුන්..?

" මල්ලි තෙල්, පහන්තිර, හදුන්කූරු අරන් දෙන්න තුන්දෙනෙක් එන්න මාත් එක්ක.. "

මං කිව්වම කීපදෙනෙක් ආවා හදුන්කූරු තෙල් බෝතල් එහෙම උස්සන්.. ඊටපස්සෙ උන් එක්ක ගිහින් පහන් වැටේ පහන් පත්තු කරලා, හදුන්කූරුත් පත්තු කරලා හදුන්කූරු ගහන්න තියෙන එකේ ඒ ටික ගැහුවා.. උන් තමයි ඕවා කරේ ඉතින් මං එහෙන් මෙහෙන් අත දැම්මට.. මාර සුවදයි යකෝ ඒ හදුන්කූරු.. සපු මල් සුවදයි.. හදුන්කූරු පැකට් එකේ ගහලා තියෙනෝ මං දැක්කා සපු මල් සුවද හදුන්කූරු කියලා..

" මල්ලි ක්ලාස් එකට ගිහින් ප්‍රිෆෙක්ට් අයියට කියපන් අතුගාන්න නැවතුණු අයව මේ පැත්තට එවන්න කියලා.. දැන් පූජාව පටන් ගන්න ඕනි.. "

මං පහන් පත්තු කරලා ඉවර උනාම ඒ කොල්ලෙක්ට එහෙම කිව්වෙ.. අර ප්‍රිෆෙක්ට් අයියට අමතක වෙලාද දන්නෑනෙ අතුගාන්න නැවතුණු කොල්ලො ටිකව එවන්න.. කොහොමහරි මුන් සේරම ලෑස්ති කරලා ඉවරවෙද්දි 7.15 යි වෙලාව.. ක්ලාස් එක අතුගාන්න නැවතුණු උනුත් අර අයියා එක්ක ආවට පස්සෙ කට්ටිය පේළියට අර ලෑස්ති කරපු පූජාවත් අරන් බුදු මැදුර ගාවට ආවා.. අද අපෙ පිනාත් ඇවිත් පූජාවට අතගහන්න.. සාමාන්‍යයෙන් පිනා හැමදාම උදේට පූජාවට අතගහන්න එනෝ.. ඒත් සමහර දවස්වලට එන්නෑ.. අද ඇවිත් ඉතින්.. පිනත් එක්ක නිකිත අයියයි, තව වයිස් පිනෙක් ඇවිත් ඉදියා.. ළමයි ටික ඒ කට්ටියටත් පූජාව අත ගස්සවගෙන බුදු මැදුරෙ පඩි දෙක තුනක් නැගලා අරන් ආවා ඒ ටික..

බුදු මැදුරට හැමෝටම යන්න දෙන්නෑ ඉතින් පූජාව තියන්න.. 8 E එකේ පන්තිභාර මිස් එක්ක බෞද්ධ සංගමේ මිස් කෙනෙක් සෙරෙප්පු ගලවලා බුදු මැදුරට ගියාම මාත්, අර අයියා එක්ක ඒ එක්කම ගියා.. ප්‍රිෆෙක්ට්ස්ලාට යන්න දෙනෝනෙ පූජාව අරන්.. කිරි ආහාර, ගිලන්පස, අෂ්ටපාන, මල්, පැන් කෙණ්ඩිය එහෙම අපි එකින් එක අරන් මිස්ලා දෙන්නා අතට දුන්නාම එයාලා පූජා කරා..

අපේ ඉස්කෝලෙ බුදු මැදුරට පඩි දෙක තුනක් නැගලා ආයෙ දෙපැත්තෙන් පඩි ටිකක් තියෙනො නගින්න.. ඊටපස්සෙ තමයි බුදු මැදුරෙ ඇතුළට යන්න තියෙන දොර අහුවෙන්නෙ.. ඉතින් කට්ටිය බුදු මැදුරු දොර ඉස්සරහ ටිකේ පේළි හැදිලා.. පිනා ඉන්න නිසා මුන් මාර විනීතයි.. නැත්තන් කට කැඩෙනකන් කියන්න ඕනි පේළි හැදියන් කියලා..

ඉතින් හතයි විස්සයි පූජාව පටන් ගනිද්දි.. මාත් නිකිත අයියටත් මල් හිනාවක් දාගෙන අර අයියා එක්ක උගෙ එහා පැත්තෙන් හිටගත්තා.. පූජාව දවසෙ ගාථා ගොඩක් කියනෝනෙ ඉතින්.. මල්, තෙල්, හදුන්කූරු, පැන් විතරක් නෙවෙයි ගිලන්පස, අෂ්ටපාන එහෙමත් පූජා කරානෙ.. අෂ්ටපාන පූජා කරන්න "..අධිවාසේතු නෝ භන්තේ, අස්ඨපානං පරිකප්පිතං.." කියද්දී මං දැක්කා මොනිටර්ස්ලා දෙන්නා බෙල්ල හරවන් මගේ දිහා බලනෝ.. මං සුටුස් ගාලා වෙන පැත්තක් බලාගත්තා.. හෙහේ.. එහෙම බලනවද මං අහන්නෙ..

පූජාව පූජ කරලා ඉවරවෙලා ඉස්කෝලෙ සාමාන්‍යයෙන් බුදුන් වදිද්දිත් වැදගෙනත් ඉදලා ඇසෙම්බ්ලි එක වෙලාවෙත් කට්ටිය මෙතන.. ඇයි ඉතින් ඇසෙම්බ්ලි පටන් ගත්ත නිසා දැන් කොහෙවත් යන්න බෑනෙ.. ඇවිත් ඉදිය පිනාලා, නිකිත අයියලා එහෙම ගිහින් ඒ වෙනකොට.. ඉතින් මං ඇසෙම්බ්ලි ඉවර වෙනකන් අර අයියා එක්ක මුන්ගෙ යුනිෆෝම් චෙක් කරා.. කරන්න වැඩකුත් තියෙන්න එපැයි මෙතන බකන්නිලන් ඉන්න එකේ.. හැබැයි ලේසි නෑ ඉතින් ළමයි පනහකගෙ විතර රෙද්ද අතගාන්න ගියාම..!

" මල්ලි දැන් පේළියක් හැදිලා පංතියට යන්න.. ඉන්ට'වල් එකේ ඉක්මනට කාලා මේ පූජාව අස් කරන්න එන්න හොදද.. "

ඇසෙම්බ්ලි මගුල ඉවර උනාම මං ක්ලාස් මොනිටර්ට එහෙම කියලා උන් ටිකව යැව්වා.. මිස්ලා දෙන්නත් ගිය නිසා මමයි අර අයියයි බුදු මැදුරෙ දොරත් වහලා අර දෙපැත්තෙන් තියන පඩිපෙළේ පොඩි ගේට් දෙකත් වහලා දැම්මා..

අර 11 අයියා මට යන්නම් කියලා පංති පැත්තට යන්න ගියාම මං එතන පඩියෙකින් වාඩිවෙලා හරියට සපත්තු දෙක දාගන්න හැදුවෙ.. බුදු මැදුරට ඇතුල් උනු නිසා සපත්තු ගැලෙව්වට ආයෙ බාගෙට දාගෙනනෙ ආවෙ.. සපත්තුවේ ලේස් එක ගැට ගහ ගහ ඉන්නකොට මං දැක්කා නිකිත අයියා මේ පැත්තට එනෝ.. පූජාව ඉවරවෙලා ළමයි ගියාද බලන්න එනවැති..

" ඒ අයියෙ අපේ අයියට අවුලක් ගියේ නෑනේ අර පෙරේදා කේස් එකට..? "

ලේස් එක ගැටගහන ගමන්ම මං ඇහුවෙ නිකිත අයියගෙන්.. මහ පගයා ඕන්නැති රෙද්දකට පැටලුනානෙ පෙරේදා..

" ආ නෑ නෑ.. ඒක ප්‍රශ්නයක් උන්නෑ.. "

ඌ හිනාවක් දාලා එහෙම කිව්වා.. ඌ කොහොමත් මාව දැක්කම මල් මල් හිනාවක් දානෝ..

" හා හා.. එහෙනම් අවුලක් නෑ.. මං හිතුවේ විනයභාර පොර කේස් අදියි කියලා.. "

මං එහෙම කිව්වාම ඌ මගේ කොන්ඩෙත් අවුස්සන් යන්න ගියා.. ගොම්බිලියවත් මතක් උනා ඒ අස්සෙ.. ආපෝ උදේම ඒ ගොම්බිලියා..!

ඊට පස්සෙ ඉතින් මං ක්ලාස් එකට එද්දි ෆස්ට් පීරියඩ් එකෙත් බාගයක්ම ඉවරයි.. අනිත් ප්‍රිෆෙක්ට්ස්ලා ක්ලාසස් වලට ගිහින්.. මං විතරයි පරක්කු.. ඔය පූජාවක් නිසා තමයි ඉතින්.. අද සබ්ජෙක්ට්ස් අටම වැඩ.. සුභාෂ්ලටනම් මං හිතන්නේ සිංහලයි, ඉතිහාසයයි දෙකේම අද මිස්ලා දෙන්නම ඇවිත් නෑ.. ඩබල් පීරියඩ්ස් ෆ්‍රී යකෝ..! ඉරිසියයි..!!

මං ඉන්ට'වල් එකේදි කාලා බීලා අට වසරෙ පැත්තෙ ගිහින් අර පොඩි පගයො ටිකට පූජාව අස් කරන්න කිව්වා.. කොහොමත් මං යන්න ඕනනෙ බුදු මැදුරෙ දොර ඇරලා පූජා බඩු ටික අරුන්ට ගෙනත් දෙන්න.. ඒ වැඩ ටික කරලා එද්දි ඉතින් පස්වෙනි පීරියඩ් එකත් පටන්ගෙන විනාඩි පහකුත් ගිහින්..

" ඒ ප්‍රිෆෙක්ට්ස්ලට බෝඩ් මීටින්ග් එකක්ලු බං ලාස්ට් පීරියඩ් එකේ.. "

හයවෙනි පීරියඩ් එක ඉවර උනාම සුභාෂ් ඇවිත් කියලා ගියා.. ඔව් ඉතින් ඊයෙ මහ පහයයි බේසිකයයි කිව්වනෙ මීටින්ග් එකක් ගන්නෝ කියලා.. හත්වෙනි පීරියඩ් එකේදි announcement එකකුත් දුන්නා ප්‍රිෆෙක්ට් රූම් එකට එන්න කියලා..

අපෙ ප්‍රිෆෙක්ට් බෝඩ් මීටින් එක තිබ්බෙ මේන් හෝල් එකේ.. ප්‍රිෆෙක්ට් රූම් එකේ තිබ්බොත් පැක් වෙලා එපැයි ඉන්න.. මෙතන සපාන් එකේ වාඩියක් දාගෙන ඉන්න පුලුවන් ඉතින්..

" මුලින්ම කියන්නම්, මේ මං කතා කරද්දි මැදින් ප්‍රශ්න අහලා ඇඩ් දාන්න ලෑස්ති වෙන්නෙපා කවුරුත්.. මං කතා කරල ඉවර උනාට පස්සෙ අහන දෙයක් අහපන්.. උබලා ගොඩදෙනෙක් මේ වෙස් තියන එක ගැන දන්නැතුවැති.. ඒ නිසා මං කියන එක අහන් ඉදලා අහන ප්‍රශ්නයක් පස්සෙ අහපන්.. "

බෝඩ් මීටින් එක පටන් ගද්දිම කවීන් අයියා එහෙම කියලා පටන් ගත්තෙ.. එහෙම කිව්ව එක හොදයි හැබැයි.. නැත්නම් මැදක් කතා කරන් යද්දි කට්ටිය " ඇයි එහෙම කරන්නෙ..!? , ඒ කවුද..!? , ඒක මොකටද..!? බ්ලා බ්ලා " ප්‍රශ්න අහන්න ගත්තම එපා වෙනෝනෙ.. කවීන් අයියා පට්ට පොර.. මං ඔය Executive board එකෙන් ආසම කවීන් අයියට.. ඊළගට නිකිත අයියට.. උන් දෙන්නා හරි හොදයි අප්පා.. ඒකට අර සෙහදු බේසිකයයි, අපෙ මහ පගයයි..!

" ඔය හිස් වෙස් තියන එක සාමාන්‍යයෙන් සිද්ධ කරන්නෙ පූජනීය භූමියකනෙ.. ඒකයි පන්සලක වගේ තියන්නෙ.. ඒ උනාට මේ පාර අපි අපේ ඉස්කෝලෙ ඒක තියන්න ප්ලෑන් කරල තියෙන්නෙ.. ඕක ඉතින් ඔය අපේ සියවස ප්‍රෝග්‍රෑම්වල පාර්ට් එකක්.. ඒ නිසා ලොකුවටම තියෙනො.. ඉතින් ඔය හිස වෙස් තියන හැම ආධුනික ශිල්පියෙක්ම ඊට කලින් දවසෙ බෝධි පූජා වගේ ඒවට සම්බන්ධ වෙලා, පිරිත් අහලා ආගමිකානුකූලව තමයි ඉන්න ඕනි.. ඒකට මේ ඉරිදා අපේ ඉස්කෝලෙන් පිරිත් සජ්ඣායනාවක් තියෙනො.. ඒකට ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ හැමෝම සහභාගී වෙන්න ඕනි.. නැෂනල් කිට් එක ඇදන් වරෙන් එදාට.. පිරිත් කියන වැඩේ ගැන බෞද්ධ සංගමෙන් බලාගනීවි..

අපි ඔය වෙස් මංගල්‍යය දවසට හිස වෙස් තියන ආධුනිකයන්ට නාන්න කලින් පේ කරන තැනක් හදන්න ඕනි.. දැන් අහන්නෙපා පේ කරනවා කියන්නෙ මොකක්ද කියලා මගුල..! පේ කරනවා කියන්නෙ පිරිසිදු කරනවා කියන එක.. ඉතින් ඒකට ගොක්කොළ හොයාගන්න ඕනි.. තව අර උන්ට ශිල්පීය දක්ෂතා පෙන්න්න්න ටිකක් ලොකුවට ස්ටේජ් එකක් වගේ මණ්ඩපයක් හදන්නත් ඕනි.. ඒක හදන වැඩේනම් කාටහරි භාරදීලා තිබ්බා.. හැබැයි පුතෝ ඔය සැරසිලි වැඩනම් අපිට තමයි බාර..!!

මණ්ඩපය සැරසිලි වැඩ කිව්වම මේ නිකන් වෙසක් කූඩුවක් අලවනෝ වගේ නෙවෙයි.. පොල් අතු වියලා හෙන නැටුමක් නටන්න ඕනි.. කිව්වට මේවා ලේසි වැඩ නෙවෙයි බං.. ඔය ගොක්කොළ, කෙසෙල් බඩ, පොල් මල් අරව මේවා හොයාගන්නත් ඕනි ඉතින්.. ඔය මේවා හොයාගන්න පුලුවන් උන් බාරගනිම් ගේන්න..

දැන් අහන ප්‍රශ්නයක් අහපන්..! "

එකදිගට කියාගෙන ගිහින් කවීන් අයියා නිකිත අයියගෙන් ඉල්ලන් වතුරත් බිව්වා.. පව් අනේ..! මහන්සි ඇති කොල්ලට.. සිරාවටම ඒ කියපු මෙලෝ පකක් මංනම් අහන් ඉදියෙ නෑ.. මං කවීන් අයියගෙ කට දිහා බලන් ඉදියෙ.. අඩෝ එක හුස්මයි වචන දාහයි.. නෑ ඊටත් වැඩිද මන්දා.. ලේසි පහසු වැඩක්ද මං අහන්නෙ.. අපෙ කවීන් බොසා වැඩ්ඩා..!!

අහන ප්‍රශ්නයක් අහපන් කිව්වට එකෙක්වත් ප්‍රශ්න ඇහුවෙ නෑ.. ප්‍රශ්නයක් තිබ්බත් අහන්න බයයිනෙ අර පක්කු ටිකගෙ මූණු දැක්කම.. හැබැයි ටිකකින් අපේ වයසෙ දෙන්න තුන්දෙනෙක් අරව මේවා ඇහුවා.. ඊටපස්සෙ කට්ටිය ඔය පොල් ඉති, කෙසෙල් බඩ අරව මේවා හොයාගන්න පුලුවන් තැන් ගැන කතා කර කර ඉදියා.. සුභාෂයා කෝමත් අපෙ පී.පී.එස්. නෙ.. ඒ නිසා ඌත් පැනගෙන ගියා ඒ කතාවට.. මං නිසිනුවගෙ ඇගට හේත්තුවක් දාගෙන ඉදියා ඉතින්.. ෆෑන්ස් යට ඉදලා නිදිත් මතයි වගේ අනේ.. ඒත් නිදාගන්නත් බෑනේ.. අරුන් ඔලුව කයි ඊටපස්සෙ..

වෙන කරන්න දෙයක් නැති නිසා මං පොඩ්ඩක් අපේ ගේම්ස් කැපා දිහා බලන් හිටියා.. මිහින් අයියා.. තලෙලුයි පොර.. ටිකක් රවාගෙන වගේත් ඉන්නෙ ඌ.. මූ නම් ඔය හැම ස්පෝට් එකක්ම කරනෝ.. ක්‍රිකට් ටීම් එකේ නම් නෑ හැබැයි.. ඌට එහාපැත්තේ වයිස් ගේම්ස් කැපා ගීත් අයියා.. ඌ නම් සුදුයි.. අඩෝ අපි විනාඩි පහක් අව්වෙ හිටියත් පොඩ්ඩක් හරි කලු වෙනෝ.. මූ පැය විසිහතරම අව්වෙ හිටවලා තිබ්බත් කලු වෙන්නෑනෙ.. සිරාවටම මොනාද දන්නෑ ගාන සබන් එක.. අහන්න ඕන වෙලාවක..

" හයියෝ උබලා මෙතනද අප්පාහ් හිටියේ..!!? "

එකපාරටම මේන් හෝල් එකේ දොර ඇරන් ඔලුව දාලා මොකෙක්ද එකෙක් කෑගැහුවම අපි හැමෝම බැලුවා ඒ පැත්ත.. හම්මට සත්රූ අයියා..!! පොර ස්කූල් ටී ශර්ට් එකට බොටමක් ගහන් ඇවිත් තියෙන්නෙ.. උන් ඔය මේ පාර ඕලෙවල් ලියපු උන්නෙ.. අපෙ මහ පගයලට වඩා අවුරුද්දක් බාල බැජ් එක.. ඉතින් තාම ඉස්කෝලෙ එන්නෑ උන්..

" උබ කොහෙද මෙහේ..? "

ගීත් අයියා එහෙම අහද්දී සත්රූ අයියා ආවා ඉනටත් අත් දෙක තියන්.. ඌත් එක්ක තව එකෙක් ඉන්නෝ.. මං අදුරන්නැ හැබැයි ඌව නම්.. පොර ක්‍රිකට් ටීම් එකේ එකෙක්.. ඔය සත්රූ අයියා තමයි ක්‍රිකට් ටීම් එකේ කැපා..

" වැඩක් නෑ උබලනම්..! හතරවටේම ඇවිද්දා උබලව හොයන්න.. ප්‍රිෆෙක්ට් රූම් එකත් ලොක් කරලනෙ.. නිකමට වගේ ඔලුව දාලා බැලුවේ මේන් හෝල් එකට.. "

" ඉතින් අපි කිව්වෙ නෑනේ අපිව හොයන්න කියලා.. "

මහ පගයා එහෙම කිව්වම සත්රූ අයියා ඌට රැව්වා.. මේ සත්රූ අයියා කතා කරන විදියට මං මාරම ආසයි.. ඌ මාරම ෆ්‍රෙන්ඩ්ලි කැරැක්ටර් එකක්..

" අනේ මේ.. උබව කවුද හෙව්වෙ.. අපි ආවෙ මේ මිහින් බොසාව හොයාගෙන.. "

හොදෑඩේ.. සත්රූ අයියා කිව්ව එකට මහ පගයා ඉන්නෝ ඊටපස්සෙ රවාගෙන.. සන්ලයිට් බේසිකයත් විචි විචි ගානෝ හොරෙන්..

" ඒ අයියෙ වරෙන්කෝ පොඩ්ඩක්.. මැච් එකේ වැඩකට ආවෙ මං.. "

ඊටපස්සෙ මිහින් අයියා නැගිටලා ගියා සත්රූ අයියා ගාවට.. උන් දෙන්නායි අර ආව අනිත් එකායි මොන මොනවදෝ කතාවෙලා ටිකකින් ගීත් අයියවත් කතා කරගෙන ආයෙ මොන මොනාදෝ කියෙව්වා.. ඇහුන්නෑ ඉතින් ඕවා.. බිග් මැච් එකේ මොකක් හරි වැඩකට තමයි ඔය.. බිග් මැච් ළගයිනෙ..

ඒ අස්සෙ කවීන් අයියා පොතකුත් උස්සන් පොල් මලක් ගැන කියවනෝ.. සුභාෂයා මැදින් ඇඩ් දානෝ පොල් මල් කපන එක හෙන පවක් ලු අරව මේවා කිය කිය.. ඌට ඕන්නැති හත්තිලව්වක් නෑනේ.. අපි වගේ පාඩුවේ ඉන්නෑනෙ මගුල.. මං ඊටපස්සෙ බැලුවා මහ පගයා දිහා.. ඌ අර සන්ලයිට් බේසිකයා එක්ක මොනවද කියව කියව සැරින් සැරේ දෙන්නා එක්කම මිහින් අයියයි ගීත් අයියයි අර අනිත් අයියල දෙන්නා එක්ක කතා කරන දිහා බලනෝ මහ අමුතු විදිහට.. අඩෝ මොකක්ද ඒ සීන් එක..!?

බැරිවෙලාවත් මහ පගයා අර කැමතියි කිව්වෙ මිහින් අයියටද..!? ආපෝ වෙන්න බෑ..! මුන් දෙන්නම යක්කු වගේ.. යක්කු දෙන්නෙක්ට එකට වසන්න බෑ..

එහෙනම් ගීත් අයියා..!? ඊව්ව් යකෝ උන් එකෙක්වත් මූට සෙට් නෑ.. නැත්නම් සත්රූ අයියා..!?

ඒත් නැත්නම් අර අදුරන්නැති එකා..!?

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

හායි 🌚 !

ඔන්න එහෙනම් බෝනස් එපිය දුන්නා :-)

Its guessing time

විහස් අයියා කැමති කාටතේ..?

1. මිහින්

2. ගීත්

3. සත්රූ

4. සත්රූ එක්ක ආව අනිත් එකා

හරියටම ගෙස් කරොත් තව එපියක් දෙනෝ..

හැබැයි පස්සෙ 😂

හරි එහෙනම්,

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter