Back
/ 22
Chapter 8

07 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" තමුසෙ මොකද මෙතන..!? "

නිසිනු දුවපු දිහා බැලුව ටිකට මග පගයයි උගේ බේසික යාලුවයි ඇවිල්ලා.. මූ මොන මගුලකටද මේ උරුලෑවව මෙහේ එක්කන් එන්නෙ..!

" ඇහෙන්නැද්ද..? තමුසෙ කොහෙද ඔය යන්න හැදුවෙ..? "

" ආච්චිට හාල් ගරන්න යන්න හැදුවෙ.. උබත් එන්නද අහන්නෙ..? "

ඕනි නැති පකක් නෑනෙ මුටත්.. මං එහෙම කිව්වම අර සෙහදු බේසිකයා කින්ඩියට හිනා උනා.. අනේ ඉතින් මට පකද..

" මගුලක් නොකියා එහාට පලයන් චූටි..! අපිට ඇතුළට යන්න.. "

" මූ මොකෝ මෙහේ ? "

මහ පගයා එහාට යන්න කිව්ව එක ඇහුණෙ නෑ වගේ මං ඇහුවෙ.. සිරාවටම අද මොකෝ දන්නෑ මේ සෙහදුවා අපේ ගෙදර ඇවිත්..

" ඇයි උට එන්න උබෙන් අවසර ගන්න ඕනද !? "

නෙදකින් විතරක් ගොන් බල්ලා..!! අර සෙහදුවත් හිනා උනා.. දෙන්න හිතෙනවා හොම්බ සමතලා වෙන්න..!

" එහාට වෙයන්.. "

අරූ මාව තල්ලු කරන් සෙහදු බේසිකයා එක්ක ගේට්ටුවෙන් ඇතුළට බයිසිකල් දෙක දැම්මා.. යකෝ මූ..!! මාව තල්ලු කරන්න..!? එහෙම කොහොමද මාව තල්ලු කරන්නෙ..! මං විදගෙන ගියා මහ පගයගෙයි බේසිකයගෙයි ඇගේ වැදීගෙන..

" මොන හු_! "

බේසිකයා විසිවෙලා ගියා.. කුණුහරුපෙකුත් කටින් පනින්නද කොහෙද හැදුවේ..

" චූටි..!! පිස්සු හැදිලද ඕයි..!? "

මහ පගයා කෑගහද්දි මං ආවා ඇහුන්නෑ වගේ.. මේක පුදුම මගුලක් උනානෙ..! මලිත්ට ගහද්දී ඇයි චංචලා අඩන්නෙ වගේ සීන් එකක් දැන් මේක..

මං බේසිකයගෙ ඇගේ හැප්පුනාම ඇයි මහ පගයා කෑ ගහන්නෙ..!?

මං ගේ ඇතුලට ඇවිත් බැලුවා අර පන කඩාගෙන දුවපු නිසිනු පගයා කෝ කියලා.. යකෝ ඌ පේනතෙක් මානෙක නෑ..! කොහේ ගිහින්ද බං මූ.. දැන් ඌව හොයන්නත් බෑ.. සෙහදු බේසිකයත් ඉන්නොනෙ..

" කෝ අද ඇන්‍ටිලා නැද්ද බන්..? "

බේසිකයා ගෙට ගොඩවෙද්දිම එහෙම අහන් ආවෙ..

" අපේ ගෙදර ඇන්ටි ලා නෑ අයියෙ.. එක ඇන්ටි කෙනයි ඉන්නෙ.. අනිත් කෙනා අංකල් කෙනෙක්..! "

ඇයි යකො..! ඇන්ටි ලා ලු..

" අම්මා හවස එන්නෙ බං.. "

මටත් රවන් අපේ ගොන් අලියා එහෙම කියාගෙනම අරූත් එක්ක ඇවිත් සෝෆා එකෙන් වාඩි උනා.. බේසිකයත් වාඩිවෙලා ඉන්නො මගේ දිහා බලන්.. මං රැව්වා ඌට.. ඌ වැඩක් නෑ.. සුභාෂයට මැසේජ් එකක් දාන්නත් ඕන.. ෆෝන් එක උඩ ඇත්තෙ..

" ඕයි.. ස්ස්.. "

මං ෆෝන් එක අරන් එන්න පඩිපෙළ පැත්තට යද්දිම මොකෙක් හරි ස්ස් ගාන්න ගත්තා.. බැලින්නම් යකෝ නිසිනුවා..!!? ඌ මොකාද එකා වගේ ලිවින් රූම් එකේ කොනක තියෙන ලොකු ජනෙල් දෙකේ කර්ට්න්ස් අස්සෙන් ඔලුව දාගෙන ඉන්නො.. මං ශේප් එකේ අරුන් දෙන්නා දිහත් බලලා එතනට ලං උනා.. මූට පිස්සු හැදීගෙනවත් එනවද දන්නෑ..

" මේ මොකද යකෝ..? "

" අරූ ආවද බං !? "

" ඔව් අර ඉන්නෙ.. "

සෝෆාව හරියට මෙතන ලොකුවට නෝට් නෑ.. ඒ නිසා හොදයි ඉතින්..

" දැන්ම යන එකක් නැද්ද ඕයි..? මට එළියට එන්නත් ඕනි.. චූ බරයි වගේ.. "

සිරාවටම මූ ඇයි දැන් මේ හැංගිලා ඉන්නෙ..!? ඉස්කෝලේ නෙවෙයි නෙ සෙහදුවා ඇවිත් සද්දෙ දාන්න..

" ඉතින් උබ මොකටද දැන් හැංගිලා ඉන්නෙ..? "

" පස්සෙ කියන්නම් පකෝ..! මට චූ බරයි..!! "

කකුල් දෙකත් අඹරගෙන ඌ.. හිනත් යනෝ ඒයි..

" ඉතින් ගිහිල්ලා දාපන්..! "

" බෑ ඕයි එලියට එන්න.."

" එළියට එන්න බැරිනම් ජනේලෙ ඇරලා ඔතනින් අල්ලපන්.. "

ඇයි යකෝ මගුල..!

" පිස්සුද යකෝ.. මෙතන දාන්න බෑ.. අරූ ඉදගෙනද ඉන්නෙ..? "

" කවුද..? "

" සෙහදු බේසිකයා..! "

" ආ ඔව් ඔව්.. "

" මේ එහෙනම් මං මෙතන ජනේලයක් ඇරගෙන එළියට යනෝ හොදද.. උබත් එළියෙන් වරෙන්.. අපි සුභාෂයලයි දිහා ගිහින් ටිකක් වෙලා ඉදලා එමු.. "

ඌ එහෙම කිව්වාම මං හා කියගෙන එළියට එන්න ආවා.. අවුලක් නෑ ඉතින් කොහොමත් සෙහදු බේසිකයව මටත් එච්චර අල්ලන්නෑ.. හැබැයි ඉස්සර අපි එකට සෙල්ලම් කරල තියෙනො.. ඔය සෙල්ලම් කිව්වෙ පාරෙ ක්‍රිකට් ගැහිලි තමයි ඉතින්.. ඌ ඉස්සරනම් මෙහේ හෙනට ආවා ගියා.. මාත් ගිහින් තියෙනො මහ පගයා එක්ක එහේ.. ඒක වෙනම කතාවක් ඉතින්..

මං ලිවින් රූම් එකට ඇවිත් බලද්දි සෝෆා එකේ කවුරුත් නෑ.. ! අඩෝ කොහෙද මුන් ගියේ..!? මහ පගයයි, සෙහදු බේසිකයයි පේනතෙක් මානෙක නෑ.. හැබැයි බෑග්ස් දෙකනම් තියෙනො.. මං ටිකක් ලිවින් රූම් එකේ කැරකි කැරකි ඉදලා එළියට ගියා.. යකෝ මුන් එලියේ නම් නිසිනුවා හොරෙන් එද්දි අතටම අහුවෙයිනෙ..! මං ගේ පැත්තෙන් එළියට ගිහින් අර ජනේලෙ ළගට යන්න හැරෙද්දිම හැප්පුනේ මහ පගයගෙ ඇගේ..

" කොහෙ බලන්ද ඕයි යන්නෙ..!? "

" උබත් හරියට බලන් ගියානම් ඉවරයිනෙ.. "

මහ පගයා උඩ බලාගෙන ඇවිත් මගෙ ඇගේ හැප්පිලා මට සද්දෙ දාන්න එනෝ.. හැබැයි මාත් ඉස්සරහ බලන් නෙවෙයි ගියේ.. ඌ අහපු එකට අනිත් පැත්තට කියලා මං හැදුවෙ ජනේලෙ ගාවට යන්න.. ඒත් අරූ මාව අල්ලගත්තා..

" මොන මගුලක්ද කරන්නෙ..!? විකාර නොකර අතෑරපන් අයියෙ..!!! "

" උබ කොහෙද යන්නෙ.. මෙහෙ වරෙන්කො පොඩි වැඩක් කියන්න.. "

" නෑ නෑ මට උබේ වැඩවල් අහන්න ඕනි නෑ.. අතෑරපන් එකපාරක් කිව්වම..!! "

මට අල්ලන්නෑ මූව.. අනිවා මොකක් හරි වෙනවැති.. අර සෙහදු බේසිකයට නිසියව අහුවෙලාද දන්නෙත් නෑ.. ඕනි මගුලක් වුණදෙන් කියලා මං මහ පගයගෙ වැලමිට ගාවින් හැපුවා.. කොහොමහරි කරලා අතෑරගන්න එපැයි මට අර පැත්තට යන්න..

" ආව්ව්..!!! තමුසෙනම් මහ පිස්සු බල්ලෙක් චූටි.. "

හැපුව පාර අරූ මාව අතෑරලා අත අල්ලගනිද්දි මං සොනික් වැහිලා වගේ ජනේලෙ පැත්තට දිව්වා.. ඒත් අර යකා හපපු අත පැත්තකට දාලා මගේ පස්සෙන් එනෝ මාව අල්ලගන්න.. පිම්මෙ දුවන් ආපු මං බ්‍රේක් ගැහුවෙ නිසිනුව බිත්තියට තද කරන් ඉන්න සෙහදු බේසිකයව දැකලා..! මොන හුයන්නක්ද යකෝ මේ..!!!!!!!!!!!

" උබ මාව මගාරිනවද පොඩි එකෝ !? "

මගෙ ළගින්ම හිටගත්තා මහ පගයා මාව ආයෙ ඇදන් යද්දි මට ඇහුණෙ එච්චරයි.. මොකක්ද ඒ මගාරින කතාව..!?

" පාඩුවේ ඉදපන්කො බං අනුන්ගෙ රෙද්දවල් වලට හොට දාන්නැතුව.. "

අනුන්ගෙ !? හහ්

" අනුන්ගෙ වෙන්නෙ කොහොමද නිසී බබා..! ඌ මගේ යකෝ..!! එහාට පලයන් අයියෙ මට ගිහින් අරූගෙ කනට දෙකක් ගහන්න.. "

" ඕයි..! දැන් ඇති බං ඔය සිඟිති ආතල්..! පිස්සු නටන්නැතුව වරෙන් ගෙට යන්න.."

එහෙම කොහොමද ගෙට යන්නෙ..!!

" අතෑරපන් අයියෙ..!!! "

මං ආයෙ මහ පගයව හපලා උගෙන් පනින්න බැලුවෙ.. ඒත් මේ පාර වැඩේ ලේසි නෑ වගේ.. මං හපයි කියලා හිතලා ඌ එක අතකින් මගෙ කනකුත් අල්ලන්..

" හපන්නද උබ බලන්නෙ..!? හපපන් බලන්න මං මේ කන ගලවලා උබේ අතට දෙනෝ..!!! "

අනේ මගුල.. මුගෙන් බේරෙන්න බැරි නිසා මං එහෙන්මම ඉදියා උගෙ අත් ලිහිල් උනු වෙලාවක පැනගන්න.. මූ මාව පිටිපස්සෙන් අත් දාලා අල්ලන් ඉන්න නිසා ලේසි නෑ පනින්න.. කකුලෙන් ගහන්නවත් බෑනෙ රෙද්ද..

ටිකක් වෙලා එහෙම ඉදිද්දි සෙහදු බේසිකයා එක්ක බේසික කෑල්ල ආවා..! වෙන කවුද ඉතින් අර පර නිසිනුවා තමයි.. ගොන් බල්ලා..!! ඌ රතුත් වෙලා.. මට කොළේ වහලා උන් හොදට නටලා මං හිතන්නෙ.. මං ඔරවගෙන ඉදියා.. මට කතාවක් නෑ දැන් ඔය ගොන් බල්ලො එක්ක..!!! ඌට පේන්නම ඔරවන්න හැදුවෙ මං.. කොහෙ ඔරවන්නද යකෝ.. ඌ කෙලින්ම විදගෙන ගියේ වොශෘම් එක පැත්තට.. බුදාම්මෝ ඌට චූ බර වෙලානෙ හිටියේ.. දෙයියනේ දෙයියනේ..!! ඌට පේන්න ඔරවන්න බැරි උන නිසා මන් සෙහදු බේසිකයට එරෙව්වා.. ඉදපන්කො උබට මං..!

" සෙහදු අයියෙ මේහ්.. තවුසෙ මගේ ආදරේ මගෙන් උදුර ගත්තනෙ.. මං සීනිගම ගිහින් පොල් ගහනව යකෝ උබේ අහවල් එක කුණුවෙලා වැටෙන්න..! බලන් හිටපන් උබට මං කරන දේ..!! "

මං ඌගේ මූනටම කරලා කෑගැහුවම ඌ බය වුනාදත් කොහෙද.. සැක්.. විහිලුවක් කරේ අයියෝහ්.. කමක් නෑ එක්කො බයකරලා තියාගන්න ඕන.. මට හිතුනා ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා.. මූ නරක එකෙකුත් නෙවෙයි ඉතින්.. නිසියට ගැලපෙන්නෙ නැත්තෙත් නෑ.. ඒ වුනාට මං අකමැති නැති බව පෙන්නන්න හොද නෑ.. ඉදපන්කො.. මං අපේ මහ පගයා දිහා බලන්නෙවත් නැතුව ගියා ගේ ඇතුළට.. ඌ එක්ක නම් ආයෙ සතියකටවත් කතා කරන්නෑ..!! මං ඌට හැමදේම කියනෝ.. ඌට ඕක කියන්න බැරි උනාද මට..

" චූටි..! මේ අහනවකො.. "

අනෙ පලයන් යන්න..! මට අහන්න ඕන්නෑ මුකුත්.. මං වචනයක්වත් නොකියා කෙලින්ම රූම් එකට ගිහින් දොර වහගත්තා.. ඊටපස්සෙ ෆෝන් එක අරන් සුභාෂ්ට ඩයල් කරා.. ඌ ගෙදර ඉන්නෝ ඇති.. කොහොමත් ඌට අද ක්ලාස් නෑනේ..

" සහිරුකීඊඊඊ..!! "

අපෝ කන..!

" හිමින් කතාකරාම් බල්ලොහ්.. "

" හරි හරි.. මොකෝ උබ කෝල් එකක් ගත්තෙ..? "

ඌගෙ කටහඩ අතරින් කවුද පින්වත් උපාසක උපාසිකාවනි, මේ උතුම් වූ පින්කම.. කියල කියනවත් ඇහෙනෝ.. මූ කොහෙහරි දානෙ ගෙදරකවත් ගිහින්ද..!?

" ඒ උබ දානෙ ගෙදරකවත් ගියාද..? "

" නෑ බං.. මේ අපේ ආච්චි ටීවී බලනෝ.. දවල් බෞද්ධයා චැනල් එක දාලා දීපිය කියලා මැරෙන්න හැදුවා..! අනික කන් ඇහෙන්නැති ප්‍රශ්නයක් තියෙනෝනෙ එයාට.. මහ හයියෙන් දාගෙන ඒ නිසා.. "

" අඩෝ මේ උබ අපේ ගෙවල් පැත්තේ වරෙන්.. නිසිනුවත් ඉන්නෝ.. මං ඒක කියන්න ගත්තේ.. "

" හම්මට එහෙමෙයි..? අඩෝ මං එන්නම් මට මේ එපාවෙලා ඉන්නෙ බණ අහලම.. "

" ඉක්මනට වරෙන් ඕපයක් තියෙනෝ ආවම කියන්නම්.. "

" අම්මටසිරි.. විනාඩි පහෙන් ඔතන..! "

ඌ කෝල් එක කට් කරා.. යකෝ මූට ඕපයක් තියෙනෝ කියලා කිව්වා විතරයි.. පගරයා..! හැබැයි හොද වෙලාවට උන්ලයි ගෙදර අද නොගියේ.. නැත්තන් නිසිනුටයි මටයිත් පැත්තකින් වාඩිවෙලා බණ අහන්න තමයි වෙන්නෙ.. ඔය උන්ලයි ආච්චි හතර පෝයටම සිලුත් ගන්නෝ.. පැය විසි හතරෙම රේඩියෝ එකත් දාන් ඉන්නෙ.. ඉහේ ඉදන් දෙපතුලට වෙනකන්ම ශ්‍රද්ධාව.. ඒ වුනාට පට්ටම දුෂ්ටයි..

මං රූම් එකේ දොර ඇරන් එලියට ඇවිත් පඩිපෙළ බැහැගෙන ගිහින් ලිවින් රූම් එක මැදින් ගෙදරින් එලියට ගියා.. ඔන්න ඔන්න නිසිනු පගයත් එනෝ පස්සෙන්.. දැන්ද දන්නෑ මතක් උනේ.. බේසික කෑල්ල..! හැබැයි ඌත් එක්ක තරහවෙලත් බෑ.. මට සීන් එක දැනගන්න ඕන..!

මං පොඩි ගේට් එක ඇරගෙන එලියට ගියා.. කපිල අංකල් ගෙදර ගිහින්.. දවල්ට කන්න එයා කොහොමත් යනෝ.. මං ඉතින් පාරට බැහැලා බැලුවා සුභාෂයා එනෝද කියලා.. ඒ අස්සෙ මට ඇස් කොනින් පේනෝ නිසිනු බේසිකයත් බලන් ඉන්නෝ.. පකද දන්නෑ බලන්නෙ.. මිනිහා වගේම පක බලන්න පුරුදු වෙයන් උබත්..!

" අඩෝ සහිරු මේ.. "

" පලයන් උබ.. බේසික කෑල්ල..! "

ඇනේ හුනේ ගාන්න ආවා මෙතන.. ඕකාව ඕන්නෑ.. පරයා..!

" ඒ අහපන්කො ඕයි.. සෙහදු බේසිකයා මොකක්ද රෙද්දක් කිව්ව බං මට මතක නෑනේ.. "

මොකක්..! ක්ශනිකව හැරුනා මං..

" මොකක්ද..!? "

" මට ඌ කියපුවා මතක නෑනේ.. "

" තමුසෙ මහ බූරුවෙක්නෙ ඕයි..!! "

" ඉතින් යකෝ.. මුත්‍රාශය පුපුරයි කියලා බයවෙලා හිටිය වෙලාවෙ අර බේසිකයෙක් කියවන මගුලක් අහන් ඉන්න මානසිකත්වයක් කොහෙන්ද..? මට මතක නෑ ඌ කියපුවා.. "

ඉදකින් මෝඩයා..! කාගෙ දරුවෙක්ද බං මූ..? හැබැයි මූ අර රතුවෙලා හිටියේ මොන මගුලක් නිසාද..!

" අනේ පලයන් යන්න බං.. උබ රතුවෙලා හිටියේ එහෙනම් අව්වෙ ගියපු නිසා වෙන්නැති..! අනික අර බේසිකයා උබ එක්ක පැටලෙන්න එන්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයිනෙ.. තෝ නිකමටවත් කිව්වෙ නෑ.. කොළේ වැහුවා මට.. ප්‍රෝඩාකාරයා..!! "

" ඌ ආවට මට පකද බං..! අනික මන් හිතුවේ උබට ලාවට හරි තේරෙන්න ඇති කියලා.. "

මං සද්ද නැතුව අහක බලන් හිටියා.. ඉදපන්කො මං ඕකෙ මුල හොයා ගන්නකන්.. මං ඌට රවලා ආයෙ සුභාෂ් එනවද කියලා පාර පැත්‍ත බලද්දී ඌ එනෝ ෆුට් බයිසිකලෙන් පියාඹගෙන වගේ..

" ඒ අන්න අරූ එනෝ.. "

" මට ඇස් පේනෝ..! තමුසෙ කියන්නෝන්නෑ.. "

සුභාෂයා අපි ගාවට ඇවිත් උගේ ෆුට් බයිසිකලේ නැවැත්තුවාම නිසිනු පගයනම් පැනගෙන ගියා ඌ ගාවට.. බේසික පරම්පරාවෙ සමාජිකයොනෙ මුන්..

" ආ බොම්ක්කේ.. මොකෝ විරෝපට්ටම් ගහන් ඉන්නෙ..? "

සුභාෂයා මගෙන් එහෙම ඇහුවම මං ඌටත් රැව්වා.. ඕකාටත් හොර ලව් එකක් එහෙම තියෙද දන්නෑ.. නෑ ඉතින් කියන්න බෑනේ මුන්..!

" මූට පිස්සු බං.. මාව කන්න හදනෝ.. "

නිසිනු ඉනටත් අත් දෙක තියාගෙන එහෙම කිව්වේ.. සුභාෂ්නුත් හැක හැක ගාන්න ගත්තා ඊටපස්සෙ.. මූට ඒක විතරයිනෙ පුළුවන්..!

" තවුසෙව කන්න මට අසහනේ කියලා හිතුවද..!? "

එහෙම කියලා මං නිසිනුට රවාගෙන හිටියා තප්පර කීපයක්.. ඒ අස්සෙ මොළේ ඇතුලෙන් කුහකම්මා, මොනතරම් අසහනයක්ද තියෙන්නේ.. ඔයගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි..! අවශ්‍යයි..! බෙහෙත් බොන්නත් අවශ්‍යයි..!! කියන එක මතක් වෙනෝ.. ආආආආආආආ මේ ගෑණි එක්ක බෑ යකෝව්.. සීරියස් වෙන්නෝන වෙලාවෙත් ආතල් දෙනෝ රෙද්ද...!!! වැඩක් නෑ..

" බයිසිකලේ ඇතුලට දාපන්.. "

ඊටපස්සෙ සුභාෂ් බයිසිකලේ ගේට්ටුවෙන් ඇතුලට දැම්මා..

" ඒ කවුද ඉන්නෙ තව..? "

අඩේ මූට කියන්න බැරි උනානෙ සෙහදු බේසිකයා මෙහේ කියලා..

" ඉස්කෝලේ හෙඩායි, ඩිපියුටියෙකුයි දෙන්නම ඔන්න ඉන්නෝ.. "

" අඩෝහ්.. සෙහදුවාද ? "

" ඕ.. "

නිසිනු ඌ අහපු එකට ඔව් කිව්වාම ඉතින් මං සුභාෂ්වයි නිසිනුවයිත් ඇදන් ගේ ඇතුලට ආවා.. මහ පගයයි සෙහදු බේසිකයයි මොනාද කතාවෙනෝ මංගල්‍යයක් ගැන.. ඇහුන්නෑ හරියට..

" ඒ උබල තුන්දෙනත් වරෙන්.. උබලටත් අදාළයි මේක.. "

අපි සාලෙ මැද්දෙන් යද්දී මහ පගයා ඒ කතාකරේ.. ඒ පාර මොන මරාලයක්ද දන්නෑ..

" මොකක්ද අයියෙ..? "

ඊව්ව් සුභාෂ් ගොන් බල්ලා..! ඇහුන්නෑ වගේ යන්නැතුව ඇඩ් දාන්න ගියානෙ..

" වරෙන්කො කියන්න ඉතින්.. "

මහ පගයා කිව්වම ඌ දිහා බලන්නැතුවම ඉතින් මං ගිහින් වාඩි වුණා අරුන් දෙන්නත් එක්ක..

" ඒ මල්ලි අපේ ඉස්කෝලෙ ඡත්‍රාභිෂේකෙ තියෙනො ලබන සදුදා.. ඉරිදා උන්ට පොඩි පිරිතකුත් තියෙනො.. "

" සිරාවට..? ඒ මොකක්ද ඒ අභිෂේකෙ !? "

" අර බං හිස වෙස් තියන්නෙ ඩාන්සින් උන්.. අන්න ඒක.. "

නිසිනුවා අහපු එකට උත්තර දුන්නෙ සෙහදු බේසිකයා.. හහ් ගොන් බල්ලා..! එකාතකට ඌ පව් කියලා හිතෙනො.. ඌ අපෙ නිසියව අල්ලන් කියපු එකවත් උට මතක නෑ..

" ඉතින් !? "

" ඉතින් කියන්නෙ ඕයි කොච්චර වැඩ තියෙද කරන්න.. අර වෙස් තියන උන්ට ඉරිදා හවස කියන පිරිතටත් ප්‍රිෆෙක්ට් බෝඩ් එක ඉන්න ඕනි.. තව අර ස්ටේජ් එක වගේ හදන මණ්ඩපයත් හදන වැඩ බලන්න ඕනි.. වෙස් තියන ළමයින්ගෙ දෙමව්පියො මේවට උදව් කරාවි.. ඒත් අපිට නිකන් ඉන්න බෑනෙ.. අපිත් ඔය වැඩ ගැන බලන්න ඕනි.. ඉස්කෝලෙ දෙයක්නෙ බං.. "

" ඔව් ඔව්.. හෙට ප්‍රිෆෙක්ට් බෝඩ් එකට මීටින් එකක් ගනීවි.. ඒකෙ කියාවි විස්තර ඉතින්.. ඕවා අපිට මතක නෑ බං.. අර කවීන් කියාවි සීන් එක.. ඌ වෙස් තිබ්බනෙ නවයෙදි.. "

අපෙ මහ පගයයි සෙහදු බේසිකයයි කියන ඒවට අපි තුන්දෙනා ඔලුව වන වන ඉදියා.. ඉස්කෝලෙදි ප්‍රිෆෙක්ට් බෝඩ් එකට මීටිමක් ගන්නවනම් මොන මගුලකට දැන් අපිට කියනවද දන්නෑ.. මට බඩත් ගිනියි වගේ දැන්..

" ඒ අයියෙ ඔය වෙස් තියන්නෙ පන්සලකනෙ සාමාන්‍යයෙන්..? "

අනේ මේ සුභාෂයටත් ඕන්නැති පකක් නෑනේ..

" පන්සලකනම් තමයි ඉතින් තියන්න ඕන.. ඒ වුනාට කිව්වෙනම් ඉස්කෝලේ තියෙනව කියලා.. නේ බං..? "

"මෙහෙමයි අපේ ඉස්කෝලෙ ඉතින් චෛත්‍යයකුයි, බෝධියකුයි, ධාතු තැන්පත් කරපු බුදු මැදුරකුයි තියෙනවනෙ.. පන්සලක් වගේ තමයි.. "

" අපි ඕවා ගැන හරියට දන්නෑ බං.. කවීන් කියයි හෙට උබලට.. "

උන්ට නටාගන්නෙයි කියලා මං නැගිටලා කිචන් එක පැත්තට ආවා.. ඉස්කෝලෙදි කියාවිනෙ ඕක ගැන.. දැන් බොරුවට මැරෙන්න හදනො..

" ඒ චූටි මේ අහනවකො බං.. "

මූ කොයි වෙලේද ආවෙ..!? මං මේ අම්මා උයලා ගියපු ඒවා රත් කරගන්න හැදුවෙ.. ඒත් කොහෙන්ද ආපු ගොන් බල්ලෙක් ඇගේ එල්ලෙන්න හැදුවා.. වැඩක් නෑ කතා කරලා.. මං ඌව දැක්කෙ ඇහුණෙ නැති ගානට අම්මා උයලා ගියපු ඒවා භාජන කිහිපයක දාලා මයික්‍රොවේව් අවන් එක ඇතුළෙන් තිබ්බා..

" ඔතනින් එහාට පලයන්.. හොද නෑ ඕයි මයික්‍රොවේව්ස් නිකුත් වෙන තැනක හිටගෙන ඉන්න.. "

ඉතින් යකෝ මං ඒක දන්නො..! මූ කියන්න ඕනි නෑ..

" Microwaves are non-ionizing radiation.. So they do not have the same risks as x-rays or other types of ionizing radiation.. "

මං එහෙම කියලා අහක බලාගත්තා.. X-rays වගේ අයනීකරණ වුණු විකිරණ වලින් වගේ ලොකු අවදානමක් නෑ ඉතින් microwaves වලින්.. ඒත් යම්කිසි අවදානමක් නැත්තෙත් නෑ.. ඒ උනාට මුට සෙකන්ඩ් වෙන්න බෑ..

" But, microwave radiation can heat body tissues the same way it heats food. Exposure to high levels of microwaves can cause skin burns or cataracts..!!!! "

අරූට තරහ ගිහින් වගේ..! මට කෑ ගහලා මාව එතනින් ඇදලා අයින් කරලා මයික්‍රොවේව් අවන් එකත් ඕෆ් කරා.. ඌ හරි තමයි.. ඒත් මේකෙන් මහා ලොකුවට මයික්‍රොවේව්ස් රිලීස් වෙන්නෑනෙ.. සැක් මට හෙන ලොකු නරක පුරුද්දක් තියෙනො ලේසියෙන් දෙයක් පිළිගන්න අකමැති.. අර ඉතින් පිළිගත්තත් ඒක කියන්නෑ.. සමහර වෙලාවට සෙකන්ඩ් වෙන්න බැරිකමට ඒකම හරියි කියනො.. ඒක අතෑරගන්න ඕනි කොහොමහරි.. ඒත් බෑ අනේ..!!!!

මං කලිනුත් කියල තියෙනො වගේ මුට තරහ ගියාම අපෙ තාත්තමයි මට පේන්නෙ.. මං ඒ නිසා කටවහන් පැත්තකට උනා.. කියන්න බෑනෙ අවන් එක උස්සලා පොළොවෙ ගැහුවොත්..! මං ගස්සගෙන ආවා සාලෙට.. ඌ ඕන මගුලක් කරගන්නෙ නැතැයි..

සාලෙට එද්දි සෙහදු බේසිකයා උගෙ බේසික කෑල්ල දිහා බලන් ආනාපානසතිය වඩනෝ.. අපෙ නිසිනුවට ගානක් නෑ.. ඌ සුභාෂ් එක්ක මොකක්ද වීඩියෝ එකක් බලනෝ ෆෝන් එකෙන් කකුල් දෙකත් උඩ තියන්.. මේලෝකෙ සිහියෙන් නෙවෙයි ඉන්නෙ.. මං ගිහින් හිටගත්තා සෙහදු බේසිකයට උගෙ බේසික කෑල්ල පේන්නැති වෙන්න..! මට නැති ලව් උන්ට මොකටද..!! නේද..?

" අඩෝ මේ කොටා වීඩියෝ එකක් දාලා.. "

සුභාෂයා කිව්වම මාත් හිටගෙනම එබුනා ෆෝන් එකට.. මුන් බාගයක් බලලා වීඩියෝ එකේ.. අනේ මං නම් මේවා බලන්නෙ ඉදලා හිටලා තමයි ඉතින්..

" ඒ සන්ලයිට් වරෙන්.. බත් කමු.. "

මහ පගයා ඇවිත් එහෙම කිව්වෙ සෙහදු බේසිකයට.. ඌත් කියන පමාව විතරයි පටගාලා නැගිටලා ගියා..! අඩෝ මට කියන්න බැරි උනානෙ.. සෙහදු අයියට සන්ලයිට් කියලා කියන්නෙ.. ඒක ඌට වැටිච්ච කාඩ් එකක් වගේ එකක්.. උට නවයෙදිද කොහෙද ඕක වැටුනෙ.. මුන්ව කන්නෙලියෙ එක්කන් ගිහින් ඉස්කෝලෙන්.. එදාට කලින් දවසෙ පංතිභාර මිස් කිව්වලු කූඩැල්ලො ඉන්න නිසා සිද්ධාලේප එහෙම ගේන්න කියලා.. සන්ලයිට් කැටයක් උනත් කමක් නෑ කිව්වලු.. සන්ලයිට්නුත් කූඩැල්ලොන්ට විසයිනෙ.. මෙන්න ඊටපස්සෙ සෙහදු බේසිකයා කිව්වලු මිස් සන්ලයිට් කිව්වෙ පුක හෝදන සබන් කැටේ නේද කියලා.. ඌ ඕක ආතල් එකට අහලා තියෙන්නේ.. කොහොමහරි ඕකෙන් උනේ හැමෝම මූට සන්ලයිට් කියලා කියන්න ගත්තා.. අනිත් ඉස්කෝල වල එවුන් පවා දන්නෝ ඕක.. සැක්.. එකසැරයක් බස්ටෑන්ඩ් එකේදි එකෙක් මුගෙන් " පුක හෝදනකොට ගාන්නෙ මොනවද බං..? " කියලා අහලා මූට යස්සාරූඩ වෙලා බැන බැන ගියාලු.. ඔන්න ඕකයි සන්ලයිට්ගෙ කතාව..! අඩෝ එතකොට නිසිනුවා සන්ලයිට් කෑල්ලතේ..? අවුලක් නෑ දෙන්නම එකතුවෙලා පුක හෝදයිනෙ..

" චූටි..!! ඔය ලමයි දෙන්නට කන්න දීපන්..! "

ඒ අස්සෙ මහ පගයා කෑගහන් ආවා සන්ලයිට් බේසිකයා එක්ක..

" තවුසෙ කියනකන් හිටියේ..! ඇයි කියන්න පරක්කු උනේ..!!? "

මං එහෙම අහන්ම අරුන් දෙන්නවත් ඇදන් කන්න ගියා.. මහ පහයා බිත්තරත් ඔම්ලට් දාලා ඒ ටිකට..

" අඩෝ පිඟන් වලට බෙදාගෙනද කන්නෙ..!? නැත්තන් අර ලොකු ඇලුමිනියම් තසිමක් තියෙනො.. ඒකට දාගෙන කමුද..? "

" පිගන් වලට බෙදන් කන්න බෑ ඕයි.. කෝ ඔය තසිම ගනින්.. "

මං කබඩ් එකක දාලා තිබ්බ ලොකු ඇලුමිනියම් තසිම අරගත්තම සුභාෂ් ඒක අරන් ගිහින් හෝදලා ගෙනාවා.. ඊටපස්සෙ ඉතින් නිසිනුවා ඒකට බත් බෙදද්දී මං ෆ්‍රිජ් එකේ තිබ්බ අයිස්ක්‍රීම් බාස්කට් එකත් එලියෙන් තිබ්බා.. නැත්තන් ගල් ගෙඩි වගේ හැන්දට ගන්නත් අමාරුයි අයිස්ක්‍රීම්..

" ඔම්ලට් තුනකුත් ඇති ගනින්.. "

මං එහෙම කිව්වම නිසිනුවා පටස් ගාලා ඔම්ලට් තුනත් බත් එක උඩින් තියාගෙන තඩි තසිම ගෙනත් තිබ්බා කිචන් ටේබල් එක උඩින්.. ඊටපස්සෙ ඉතින් අත් හෝදන් ඇවිත් තුන්දෙනාම කෑවෙ තසිමෙන්.. අපි ඉස්කෝලෙදිත් එක බත් පත බෙදන් කන උන්නෙ.. ඉතින් ඌරන්ට මොන සෞඛ්‍යයදනෙ..!

කොහොමහරි කාලා බීලා අයිස්ක්‍රීම් බාස්කට් එකටත් වැඩේ දීලා අපි තුන්දෙනා මගෙ රූම් එකට රිංගගත්තා.. කතා කරන්න ඕප ගොඩක් තියෙනො ඉතින්.. මුලින්ම බේසිකයගෙයි, බේසික කෑල්ලගෙයි කතාවෙන් පටන් ගන්න ඕනි.. ඉතින් මං හවස සීන් එක රස කර කර සුභාෂයට කිව්වා.. මැද්දෙන් පර නිසිනුවා ඇඩ්තුත් දැම්මා ඉතින්..

" අඩෝ මට ඕක හිතුණා බං.. "

ඔක්කොම කියල ඉවර උනාට පස්සෙ සුභාෂයා එහෙම කියලා හැක හැක ගාලා හිනාවෙන්න ගත්තා.. ඔව් ඉතින් උට හැම පකම කලින් හිතෙනොනෙ.. ඒ කතාවෙන් පස්සෙ උදේ ලිට් ක්ලාස් එකේ ඔටුවගෙ හුත්ත ගැන තමයි ඊළග ටොපික් එක.. ඔටුවගෙ හුත්තෙ සීන් එක සුභාෂයා දන්නො.. ඒත් ඌ ලිට් කරන්නෑනෙ.. ඉතින් මමයි, නිසිනුවයි ලිට් පොත අරන් ඒ පොයම් එක පෙරලගෙන ඔටුවගෙ කලු නිල් හුත්ත ගැන හෙන විස්තරයක් උට කරා.. සුභාෂයටනම් හරි හිනා..! ඔව් ඉතින් ඌ දන්නෙ හැම එකටම හැක හැක ගාලා හිනාවෙන්නනෙ..

පස්සෙ අපෙ අයියගෙ වලියයි, උගෙ කලින් කෑල්ල ගැනයි කතා කරල ඉවර වෙද්දි හතර පහු..! පච හලලා මහන්සි නිසා අපි තුන්දෙනා පල්ලෙහාට එන්න ආවා තේ හදන් බොන්න.. එද්දි මහ පගයගෙ රූම් එකටත් ඔලුව දාගෙන ආවෙ.. ඌ සන්ලයිට් එක්ක වැඩ වගේ..

" ඒ මල්ලි අපිටත් එක්ක තේ හදපන්කො.. "

අපි කිරි තේ හද හද ඉදියෙ.. අපි කිව්වට නිසිනුවා තමයි මුල් තැන අරගෙන හැදුවෙ.. ඉතින් ඌ වැඩ්ඩා වගේ කිරි තේ හද හද ඉදිද්දි මහ පගයයි, සන්ලයිට් බේසිකයයි කිචන් එකට ආවා.. බේසිකයා නිසිනුවගෙ ඔලුවට තට්ටුවක් දාලා එහෙම කියලා මහ පගයා වාඩිවෙලා ඉදිය පැන්ට්‍රිය උඩින් ඌත් වාඩි උනා.. ඔතන මගේ යකෝ..! මගෙ ආසනේ දැන් හැම එකාම පුප තියන්න පුරුදු වෙලා.. මාර මගුලක් උනානෙ මේක..

" බේසිකයට ආස ඇති බේසික කෑල්ලගෙන් කුක්කු පිටි බොන්න.. "

මං සුභාෂයා ළගට ගිහින් කනට කරලා කිව්වම ඌ නිසිනුවගෙ පිටටත් ගහලා මහා හයියෙන් හැක හැක ගාන්න ගත්තා.. පැන්ට්‍රිය උඩ ඉදන්න පක්කු දෙන්නත් බැලුවා..

" මොන හු_ අහ්ම්.. මොකක්ද අනේ කරන්නෙ..!? මේ තේකත් ඉහිරුණා.. "

යකෝ මූගෙ භාෂාවත් එක්ක වෙනස් වෙලා ඒ ටිකට..! අර සන්ලයිට් බේසිකයා ඉන්න නිසා වෙන්නැති.. පරයා..!! වෙන වෙලාවක නම් " මොකක්ද බල්ලො උබ කරේ.. බලපන් මේ තේකත් ඉහිරුණානෙ.. තොට අතපය තියන් ඉන්න බැරිද.. " කියලා පටන්ගන්නෙ මූ..

" සුභාෂ් පැත්තකට වෙලා ඉන්නකො අනේ මං තේ එක හදනකම්.. "

බුදාම්මෝ යකෝ..!! මේ මොකෙක්ද මේ.. නිසිනු පකා වෙන්න බෑ මේ ඉන්නෙ..

" තවුසෙ දැන්ම ඉදන් බේසික පුහුණුවද..? "

මං උගේ කනට කරලා එහෙම ඇහුවාම ඌ ඇස් වලින් මොකක්ද මගුලක් කිව්වා..

" මොකක්ද..? "

" ලුණු බෝතලේ ගනින් යකෝ..! "

අඩෝහ් මූ..! මං බැලුවා බෙල්ල හරවලා පගරයො දෙන්නා දිහා.. උන් දෙන්නා වෙන මොකක්ද කතාවක්.. ඉතින් මං ශේප් එකේ ලුණු බෝතලේ අරන් පියන ඇරලා නිසිනුවට දුන්නම ඌ පට ගාලා ලුනු හැන්දක් දැම්මා එක කෝප්පෙකට..

" ඕක අයින් කරාම් ඉක්මනට..! "

ඌ රහසින් කිව්වම මං ආයෙ ශේප් එකේ බෝතලේ වහලා පැත්තකට කරද්දි නිසිනුවා ලුණු දාපු තේ එකට සීනිත් දැම්මා ටිකක්.. නැත්තන් අරූට බඩ ගිහින් මල මගුලක් වෙනෝනෙ.. සුභාෂයා ඉන්නෝ හිනාව කාගෙන.. හොද වෙලාවට ඌට හිනාව කාගෙන ඉන්න මතක් වෙලා..! නැත්තන් ඕකා හැක හැක ගාන්න ගත්තම සේරම ඉවරයි..

" ආ අයියෙ තේ.. "

නිසිනුවා තේ කෝප්ප දෙක ගිහින් මහ පගයටයි බේසිකයටයි දෙද්දී බේසිකයනම් මල් මල් හිනාවක් දාලා ගත්තේ.. පොර බිව්වෙ එක උගුරයි.. මූන නිකන් තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ උනා මෑන්ගෙ.. ඌ ආයෙ තේ එක දිහාත් බැලුවා මේ තේමද කියලා ශුවර් කරගන්න වගේ..

" ඒ බං මල්ලි.. මේ තේ_ "

" රස නෑ කියලනම් කියන්න එපා අයියේ..! ආයෙ ජීවිතේට තේ එකක්නම් හදලා දෙන්නෑ..!! "

අරූට කියන්න හදපු එක කියාගන්න උන්නෑ නිසිනුවා මැද්දෙන් පැන්නනෙ..

" නෑ නෑ බං රසයි.. මං කියන්න හැදුවේ ඒක.. නේ බං විහස්.. මල්ලිගෙ තේ එක රසයිනෙ..!? "

" ඔව් ප්‍රශ්නයක් නෑ.. "

" ඒකනෙ මේක ඊට වඩා රසයි.. උබත් ඕන්නම් පොඩ්ඩක් බීලා බලාම්.. මට බොන්නත් ලෝබයි වගේ බං.. "

සුභාෂ්ට බිබී හිටපු තේ එකත් ඉස්මොලේ ගියා.. අනේ මට බෑ යකෝව්..!! නිසිනුවත් ඉන්නෝ ඌ මුකුත් කරේ නෑ වගේ තේ එක බිබී.. කොහොමහරි බේසිකයා තේ එක බිව්වෙ නෑ.. අරක බොන්න පුළුවන්ද ඉතින්.. අපි තේ බීලා කිචන් එකෙන් යද්දී මං දැක්කා ඌ තේ එක සින්ක් එකට හලනෝ..

ඊටපස්සෙ ඉතින් අපි එළියට ආවා.. අපේ ගෙදර එළියේ පොඩි ටේබල් එකකට පුටු හතරක් දාලා තියෙනෝ පාඩම් කරන්න එහෙම වැඩ වලට.. ගොඩක් වෙලාවට මහ පගයා මෙතන තමයි වැඩ කරන්නෙ.. අපි එතන වාඩිවෙලා කයියක් දැම්මා ආපහු.. මහ පගයයි බේසිකයයි නම් මොනව කරාද දන්නෑ..

කොහොමහරි පහමාරට විතර සුභාෂ් ගෙදර ගියා.. නිසිනුවානම් දැන්ම යන්නෑ ඉතින්.. ඌගෙ අම්මලා එද්දි රෑ වෙනෝ කිව්වනෙ.. අපේ අම්මා එද්දිත් හත විතර වෙලා.. බේසිකයත් යන්න ලෑස්තිවෙනෝ.. මූ මෙච්චර වෙලා මොන රෙද්දකට හිටියද දන්නෑ මගුල..!

" ඔහ්.. සෙහදු පුතත් ඇවිත්.. "

සෙහදු බේසිකයව දැක්ක ගමන් අපෙ අම්මා කටපුරා හිනා වෙලා කිව්වෙ.. අම්මා දන්නො නිසිනු පගයනම් අද එනෝ කියලා.. ඒත් බේසිකයා එකපාරටමනෙ කඩාපාත් උනේ..

" පුතා යන්නද මේ..? "

" ඔව් ඇන්ටි.. යන්න ඕන.. අම්මත් කෝල් කරා.. "

" තේ එකක් බීලා යන්න පුතේ.. මං තේ එකක් හදන්නම්..? "

අම්මා අහන පමාව විතරයි බේසිකයා හා කිව්වා.. ගොන් බල්ලා අපෙ අම්මගෙන් තේත් බොන්න..!? ඒත් පව් හැබැයි එකාතකට.. ඌට තේත් නෑනෙ හවස.. ලව් කරන්න ගිහින් ඌ කන කට්ටක්.. ආදරය ගින්දරක් කියන්නෙ නිකන් නෙවෙයිනෙ..

" නිසිනු පුතා තේ හදන්නෑ හොදේ ඔයාට.. බත් කන්න ඕනනෙ.. "

අම්මා කිචන් එකට යන ගමන් කිව්වෙ.. මහ පගයයි බේසිකයයිත් ගියා පස්සෙන්.. ඌ අම්මව කයියට අල්ලගන්න යන්නෙ ඔය.. යසයි යසයි බේසිකයා..!

ඊටපස්සෙ මන් සෝෆා එකෙන් වාඩිවෙලා ටීවී එක දාගත්තා.. ඔන්න විනාඩි පහකින් විතර පස්සෙ බේසිකයා එනෝ තේ එකකුත් උස්සන්.. අපේ අම්මා තේ හදලා දීලා ඌට..

" ඒ අයියෙ යන්නෑ..!? "

තේ එකත් උස්සන් ඇවිත් වාඩිවුන බේසිකයගෙන් නිසිනුවා පැනලා ඇහුවෙ..

" යන්න ඕනි බං.. උබ යන්නැද්ද ඉතින්..!? "

ආ එහෙනම් ඒකයි මේ බේසිකයා හැරි හැරී ඉන්නෙ.. දැන්නෙ තේරුණේ..! බේසික කෑල්ල යනකන් මූ මේ ඉන්නෙ..

" මගේ කකුල් වලින්ද ඉතින් අයියා යන්නෙ..? "

නිසිනුවා එහෙම ඇහුවා විතරයි අරූ ටග්ගාලා තේ එක බීලා කෝප්පෙ තියලා කෙලින්ම දොර ළග.. ඒත් යන්දෝ නොයම්දෝ සිතුණි මට වගේ හැරි හැරි ඉන්නො.. මහ පගයත් පේන්නෑ නෑ.. ඌ අම්මා එක්ක කිචන් එකේද කොහෙද..

" ඒ සෙහදු අයියා කලුවරට බයයි වගේ බං.. "

මං බේසිකයට ඇහෙන්නත් එක්කම නිසිනුවට ඇහැක් ගහලා කිව්වම බේසිකයා හැරිලා බැලුවා අපි දිහා.. ඒ එක්කම ඔන්න මහ පගයක් ආවා අපේ පැත්තට කිචන් එකේ ඉදන්..

" ඒක තමයි බං.. ඒ අයියෙ බයනම් ඉතිපිසෝ ගාථාව කියාගෙන යන්න.. "

නිසිනුවා එහෙම කිව්වාම මාත් හිනාවුනා.. පව් වැඩේ.. බේසිකයා ඉන්නෝ මං දිහා මාව මරන් කන්න වගේ බලන්..

" සන්ලයිට් උබ යනවද..? "

" එයා කරුවලට බයයිලු අනේ.. "

මහ පගයා බේසිකයගෙන් යනවද ඇහුවම මං කිව්වෙ.. අර බේසිකයා මට රවලා මැද ඇගිල්ලත් දික් කරා.. බල්ලාහ්..!

" ඉතින් ඉතිපිසෝ ගාථාව කියාගෙන පලයන්.. "

මහ පගයත් එහෙම කිව්වම බේසිකයා මොකක් හරි කියන්න ඌ දිහාවට හැරුණා..

" උබ දන්නොනෙ මං එහෙම ලොකුවට ආගම් මත්තෙ නැහෙන්නෑ කියලා.. "

අනේ උට්ටො..!!!

" එහෙනම් ආවර්තිතා වගුව කියාගෙන පල..! "

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

හායි 🌚 !

ටිකක් පරක්කුයිනෙ 🥲..

ඒකට බෝනස් එපියක් දෙන්නම් දවල් වෙන්න :-)

එහෙනම්,

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter