Back
/ 22
Chapter 7

06 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" ගොම්බිලියා 🦍💨 "

මං මේ අර ගොම්බිලියගෙ නම්බර් එක සේව් කරගත්තා.. වෙන මොකටවත් නෙවෙයි අපෙ කරාතෙ ගෘප් එකට ඇඩ් කරන්න.. උටත් වෙන වැඩ නැද්ද දන්නෑ අපේ ගෘප් එක අස්සෙ රිංගන්න එන්න හදන්නෙ.. අනික ඌ කියල තිබ්බෙ මාසයක් වගේ තමයි අපිට ප්‍රැක්ටිස් කරවන්න ඌ එන්නෙ කියලා.. එහෙම එකේ මාසෙකට මොන මගුලකට මේකට ජොයින් වෙන්න ඕනි උනාද දන්නෑ.. පිස්සුනේ..!

කොහොමහරි මගේ මොකක්දෝ වාසනාවක් නිසා නම්බර් එක හම්බුනා..! සුභාෂයා මං ඌට දමල ගහපු නම්බර් එක අහුලන් ගිහින්.. ඌට තිස් සැරයක් මං කෝල් කරා.. පරයට කෝල් කරලා වැඩක් නෑ.. මූගේ බේසක ගතිය කොච්චරද කියනවනම්, මං අච්චර කෝල් කරලා තියෙද්දිත් මූ මැසේජ් එකක් දාලා තිබ්බා " ඒ උබ කෝල් ගත්තද බං..? " කියලා.. ළගපාතක හිටියනම් මං උගේ අහවල් එක කපලා ඌටම කවනවා..! ඒත් ඉතින් මං කේන්තියත් ඉවසන් උට සීන් එක කියලා ඇහුවා නම්බර් එක ගැන.. ඒ පාර ඌ කියනෝ ඌ දැනන් හිටියලු මං නම්බර් එක හොයනෝ කියලා.. පරයා..!!! ඌට අන්තිමේ තල බෝල පැකට් එකක් අරන් දෙන්නම් කියලා තමයි නම්බර් එක ඉල්ලගත්තෙ.. තල බෝලනෙ ඕන උබට.. ඉදාම්කෝ මං උබව රංජනී කලු දොදොල් එක ගාවටම ගිහින් දාන්නම්.. තල බෝලවලට අමතරව කලු දොදොල්නුත් කන්න පුළුවන් එතකොට ඌට..! එහෙම හොදයිනෙ නේ..? ඔව් ඔව් එහෙම හොදයි..!!

අරූගෙ නම්බර් එකත් සේව් කරන් මං අපේ කරාතේ ගෘප් එක පැත්තෙ ගියා.. මුන්ට කලින් දැනුම් දෙන්නෝන සීන් එක.. නැත්තන් මේ යක්කු ගොම්බිලියව මට එල්ලලා මගේ චරිතෙ ඝාතනය කරලා මල විනාසයක් කරොත්..! රෙද්දක් ඇදන් මට පාරෙ බැහැලා යන්න බැරි වෙයි.. ඒ නිසා මන් ගෘප් එකේ අනිත් ඇඩ්මින්ස්ලව අයින් කරලා ගෘප් එක ඇඩ්මින් ඔන්ලි දැම්මා.. දැන් මැසේජ් එක දැම්මනම් හරි..!

" ඒ අහපන්කෝ බං.. මං මේ මැසේජ් එක දැම්මට පස්සෙ එකෙක්වත් මේ ගෘප් එකේ චැට් කරන්න එපා..!

සෞම්‍ය අයියව ඇඩ් කරන්න හදන්නෙ.. ඒ අයියා නම්බර් එක දුන්නා අපෙ කරාතෙ ගෘප් එකට ඇඩ් කරන්න කියලා..

මේකෙ කවුරුත් අනවශ්‍ය දේවල් දාන්න එපා.. අපි වෙන ගෘප් එකක් හදාගමු.. මං ගෘප් එකක් හදන්නම්.. "

මං හෑලි ටයිප් මැසේජ් එකකුත් දාලා අලුත් ගෘප් එකක් හදලා පරණ කරාතෙ ගෘප් එකේ හිටිය උන්ව ඒකට ඇඩ් කරා.. කීපදෙනෙක්ට ඇඩ්මින් දුන්නා.. මං කිව්වනෙ කරාතෙ සෙට් එකේ අපේ වයසෙ කීපදෙනෙක්නුත් ඉන්නෝ කියලා..

දැන් ඉතින් අරූව ඇඩ් කරන්න එපැයි පරන ගෲප් එකට..! ඒත් මේකෙ ඇච්චො බැච්චො නෑනේ ඕයි.. දැන් ඉතින් උන්ගෙ නම්බර්ස්නුත් හොයන්න එපැයි.. මල මගුල..! හැබැයි ස්පෝට්ස් රූම් එකෙන් හොයාගන්න නම් පුලුවන් පොඩි උන්ගෙ පේරන්ට්ස්ලගෙ නම්බර්ස්.. මං ගාව නෑ ඉතින්.. අනේ කමක් නෑ.. ගොම්බිලියට ඕන්නම් ඇඩ් කරගනීනෙ.. මං ඒකෙ සෙටින්ග්ස් ආයෙත් වෙනස් කරලා අන්තිමටම ගොම්බිලියාව ඇඩ් කරලා ඌට ඇඩ්මින් දුන්නා..

ගොම්බිලියාව ඇඩ් කරලා අනිත් අලුතෙන් හදපු ගෲප් එක බලද්දී යකෝ ඒ විනාඩි දෙක තුනට මැසේජ් තිහක්..! මං ගෘප් එක ඕපන් කරා ඉතින් හිත හදාගෙන.. ලේ පුච්චගන්න හොද නෑ සහිරූ..! ඉවසපන්..! ඒත් තිබ්බ මුල්ම මැසේජ් එක නිසිනු බේසිකයගෙන්..

" සහිරුකීඊඊඊ..! ආදරේ සුන්දරතේ..!!? "

හෙන හතම ගහපන් තොට.. ඒකෙන් පස්සෙ ඉතින් ආයෙ මන් මැසේජ් කියවන්න ගියේ නෑ..! අනිත් උන් කොහොමත් ඔය නිසිනු පරයා කියවන සීන් ගැන දන්නෑ.. නිසිනු කෙලින්ම මුකුත් කියලත් නෑනේ.. එහෙම කියන්න තරම් ඌ මෝඩ නෑ ඉතින්.. හැබැයි අපේ සෙට් එකේ උන් ඉන්න ගෘප් එකේ ඊයෙ රෑ උන් මාව හනිමූනුත් යවල තිබ්බා අර අසහනකාර ගොම්බිලියා එක්ක..! අසමජ්ජාති යාලුවෝ..!! මුන්ව යාලුවෝ කරගත්ත මට පොල්ලක් අරන් ඔලුව ගැලවෙන්න ගහන්නෝන..!

ෆෝන් එක පැත්තට දාලා මං ගියා තේ එක හදාගන්න.. වතුර එක උණු වෙලා දැන් නිවිලත් ඇති දැන්නම්.. මං කුස්සියට යද්දි කුස්සියෙ මහ පගයා..! මේ ගෝතයා කොයිවෙලාවෙද යකෝ ආවෙ..!? ඒත් පොඩ්ඩක් ඉන්න..!

" අයියේ..!!!!! "

මං කෑගහගෙන යද්දි අරූ ඉක්මනටම අතේ තිබ්බ මගේ චීස් බට්න්ස් ටින් එක උගේ පිටිපස්සේ හංගගත්තා..

" දීපන් ඕක..!!! "

" උබ උදේ ඉදන් කෑවනෙ ඕයි.. ඔය ඇති කෑවා උබ..! මහත් වෙන්නද ඕන..!? "

අනේ පකක් කියවන්නෙපා..

" අයියෙ ඕක දීපන් හොදේ..! තමුසෙට මුකුත් උදව්වක් කරලා දෙන්නෑ ඕක දුන්නැත්තන්..!!! "

" හරි එහෙනම් මට තේ එකක් හදලා දීපන්.. "

යකෝ මූ බලාම්කෝ..! තොට තේත් හදන්න මේ මං ???

" බෑ..! "

" ආ එහෙනම් දෙන්නෑ..! "

මගුල..! කේන්තියි මේ පරයා එක්ක මට..!! මොකද කරන්නෙ දැන්.. ඔන්න එක්කො හදලා දෙනෝ මං ඌට.. මහ දේකුත් නෙවෙයිනෙ..

" හා හදලා දෙන්නම්.. දීපන් දැන්..! "

" හදලා ගෙනත් දියන්.. එතකොට දෙන්නම්..! "

ඌ එහෙම කියාගෙන චීස් බට්න්ස් ටින් එකත් අරගෙනම ගියා.. වොශ් එකක් දාන්න යනවා ඇත්තේ.. ඇරපු අතක් නෑ සෙහදු බේසිකයයි මූයි කපාපු පලු..! සැක්..!! ඇරපු කියද්දි වෙන වෙන හත්තිලව්වනුත් මතක් වෙනෝ යකෝ.. මනසම දූසනේ වෙලා ගන්න දෙයක් නෑ..! අම්මගෙ චූටි පුතා ඉස්සර බෝ පැලයක් දැන් මෙහෙම හිටියට.. වැඩක් නෑනේ ඉතින් දැන් ඕවා කතාකරලා..!!

වහින්නත් වගේද මන්දා.. වැහි කලුවකුත් තියෙනෝ.. එක්කො කෝපි එකක් බිව්වනම් මරු නේහ්.. මං ඉතින් ආයෙ හීටරේ ගහලා වතුර උණු උනාට පස්සෙ ටී ජග් එකට පිටියි සීනියි කෝපි කුඩුයි දාලා උණු වතුරත් දාලා coffee mixturer එකෙන් මික්ස් කරා.. හැන්ද නටව නටව ඉන්න බෑ මට.. කෝපි එක රෙඩී..!! ගැම්මක් තමයි ඉතින්.. ඊටපස්සෙ අර බකුසු ගෝතයාගෙ මග් එකටයි මගේ මග් එකටයි කෝපි වක්කරගෙන කෝපි හදපු ජග් එක හෝදලා දාලා කෝපි දෙකත් අරන් උඩට ගියා.. මහ පගයා ඇග හෝදනවද දන්නෑ..

" අයියේ..!!! "

" අවුලක් වෙන්නෑ බං.. ලොකු කේස් එකක් නෙවෙ- මං පස්සෙ ගන්නම්..! "

මං දොර ඇරන් එද්දිම මග පගයා කාත් එක්කද කෝල් එකක ඉදලා කෝල් එක කට් කරා.. මාත් වැඩිය ගනන් ගත්තේ නෑ ඉතින්.. කොහොමත් ඌ මං ඉන්න තැන සෙහදු බේසිකයා එක්කවත් කතා කරන්නෙ නෑනේ..

" ආ.. "

මං ඉතින් ඌ ලගට ගිහින් උගෙ මග් එක දික්කරා..

" Coffee ද..? "

" නෑ බං ප්ලේන්ටී හැදුවෙ..! "

මං එහෙම කිව්වාම ඌ මූනත් මොකක්ද කරන් මග් එක ගත්තා.. ඉතින් යකෝ ගොබ්බ ප්‍රශ්නනෙ අහන්නෙ මගුල..! කෝපි සුවද එනවා මූට දැනෙන්නෙ නැද්ද දන්නෑ.. ආ මගේ චීස් බට්න්ස් ටින් එක කෝ..?

" දැන් මගේ චීස් බට්න්ස් ටින් එක දෙනවාහ්..! "

ඌ කොෆි උගුරක් බිබීම ගිහින් උගේ මේසෙ උඩ තිබ්බ බිස්කට් ටින් එක අරන් ඇවිත් මං අතට දුන්නම මං ඌ දිහාත් ඔරවගෙන බලලා ඒකත් අරන් මගේ කාමරේට ගියා.. ගිහින් දොර වැහුවා විතරයි මගේ ෆෝන් එක රින්ග් වෙනවා.. කවුද ඒ පාර..! තේ එකයි බිස්කට් ටින් එකයි මේසෙ උඩින් තියාගෙන මං සුටුස් ගාලා ගියා ඇද ගාවට.. නිසිනු බේසිකයා කෝල් කරන්නෙ.. ඕකා එක්ක කේන්තියිත් එක්ක මට..! කමක් නෑ එක්කො ආන්ස්වර් කරලා බලනෝ..

" මොකෝ..!? "

" කොහෙද බල්ලො තෝ ගියේ..? "

" තේ හදන්න ගියා.. ඇයි..!? "

" අන්න උබලයි අයියා කාත් එක්කදෝ කෙලගෙන ඇලවේල්ල පාරෙ..! "

" මොකක්..? පිස්සුද ඕයි.. අපේ එකා ගෙදර ඉන්නෙ.. "

" සිරාවටම..? "

" හැබැයි ඌ ක්ලාස් ගිහින් දැන් ටිකකට කලින් ආවෙ.. ඉදාම් පොඩ්ඩක්.. මං ඌගෙන්ම අහගන්න..! "

මං කෝල් එක කට් කරලා පිම්මේ දිව්වා.. යකෝ මූ මොන මගුලක් කරගන්නවද මන්දා.. හැබැයි ඉතින් මේ දේවල් අලුත් දේවල් නෙවෙයි මටනම්.. අපේ මහ පගයා ඕලෙවල් කාලෙත් එක එකා එක්ක කෙලගෙන ගෙදර ඇවිත් තියෙනෝ..

" අයියෙ මේ දොර ඇරපන්..! "

දොරත් ලොක් කරගෙන ඒ ටිකට.. බම්ල්ලා..!!

" මොකද ඒපාර..!? "

ඌ එහෙම කියාගෙන දොර ඇරියෙ..! මං ඌවත් තල්ලු කරන්ම ඇතුලට ගියා.. ඌ තේ බොනෝ.. සොරි.. තේ නෙවෙයි කොෆි..! දෙයියනේ මගේ කොෆි එක නිවෙනවා ඇති.. අවුලක් නෑ ඉතින්.. ඊටවඩා රසවත් නෙ මේක..!

මං ගිහින් වාඩිවුනා උගේ ඇදෙන්.. මහ පගයගෙ පොත් බෑග්ගෙත් තාම ඇද උඩ..

" තවුසෙ ඇයි ඇලවේල්ල පාරෙ රණ්ඩු වුනේ..!? "

අරූ මග් එකත් පැත්තකට දාලා ෆෝන් එක කොටනෝ මේලෝකෙ සිහියෙන් නෙවෙයි ඉන්නෙ..

" අයියෙ කන් ඇහෙන්නැද්ද..? "

" මොකක්ද ඇහුවෙ..? ආ රණ්ඩු වුනේද..? ඒක එච්චර අවුලක් නෑ ඕයි..! "

ඌ ෆෝන් එකෙන් ඇස් අයින් කරන්නෙ නැතුවම එහෙම කිව්වෙ මගේ එහාපැත්තෙන් වාඩිවෙන ගමන්.. සිරාවටම මට මල කේන්තියි මාව ගනන් නොගන්නකොට..! අවදානය දීපන් යකෝ..!!

" ඉන්නවකො.. මං තාත්තට කියනෝ..! "

" පිස්සුද බං.. ඒක එච්චර දෙයක් නෙවේ.. "

යැයි යැයි තමයි.. අනික මූ ඉස්කෝලේ හෙඩා.. දැන් කීදෙනෙක් ඕක දන්නවද දන්නෑ.. විනය භාර සුනිල්කාරයා දැනගත්තොත් මලකෙලියයි වෙන්නෙ..!

" එච්චර දෙයක් නොවෙන්නෙ කොහොමද ඕයි..!? තවුසෙ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්නෙ..! අනික දැන් කීදෙනෙක් ඕක දන්නව ඇතිද.. තමුසෙටත් පිස්සුනෙ අයියේ.. "

" අනේ මේ.. රෙද්ද..! එහෙන් සෙහදු ඔලුව කන්න හදනෝ..! දැන් උබත් පටන්ගන්නෙපා..! කවුද තමුසෙට කේලම කිව්වෙ කියනවකො..? "

ඌ එහෙම කියන ගමන් ෆෝන් එක පැත්තකට දැම්මා..

" විශ්වාසවන්ත ආරංචිමාර්ග..! "

ගැම්මක් තමයි ඉතින් මගේ නිසී බබා..

" උබේ නිසී බබා වෙන්නැති එහෙනම්.. "

" අඩ්ඩෙහ්..! කොහොමද ඒයි හරියටම කිව්වෙ..? "

" ඌත් එකයි උගේ මිනිහත් එකයි..!"

මොකක්..! මොකක්ද ඒ හරුපෙ..!?

" මොකක්ද ඒ කිව්වෙ..? උගෙ මිනිහා කිව්වෙ..!? "

මං එහෙම ඇහුවම මහ පගයට කට කොනින් හිනාවකුත් ගියා..

" ආ... ඒ ඉතින්.. මේ උබනෙ.. "

අල්ලන්නෙම නෑ මට මූව.. මහ නෝන්ඩි හිනාවක් තියෙන්නේ මූනේ..ඒවා වැඩක් නෑ.. සීන් එක දැනගන්නෝනෙ යකෝව්..!

" තමුසෙ මොකටද ඉතින් රණ්ඩු වුනේ..? කියන්න බෑ කියන්නෙපා..! මං තාත්තට කියනෝ උබ කිව්වෙ නැතොත්..! "

පොර මං දිහා බැලුවේ ජරා සතෙක් දිහා බලනෝ වගේ.. කරන්න දෙයක් නෑ කොහොම බැලුවත්..

" තමුසෙටත් ඕන්නැති රෙද්දක් නෑනේ චූටි..! "

" ඉතින් මං ඔයාගෙ මල්ලිනෙ ඒයි.. කියනවකෝ.. "

මං කකුල් දෙකත් ඇද උඩට අරන් එරමිණියා ගොතන් වාඩිවුනා.. පහසු ඉරියව්වකින් ඉන්නෝනෙ වැදගත් කටයුතුවලදී.. ඕපදූප අහන එකත් වැදගත් කටයුත්තක් තමයි ඉතින්..

" අර බං මන් සෙට් වෙලා හිටියේ වැල්ලෙ බාලිකාවෙ කෙල්ලෙක් එක්ක.. "

" ආ ඔව් තවුසෙගෙ දැන් කෙල්ලනෙ.. "

" කෙල්ලෙක් නෑ යකෝ..! අද හවස් වෙනකන් හිටියා.. දැන් නෑ..!! "

හත්දෙයියනේ මූ..! මරන්න එපැයි යකෝ මේකා.. කීවෙනි එකද බං මේ..

" තමුසෙ මහ අමන යකෙක්නෙ බං අයියෙ..! ඇදුම් මාරු කරනවා වගේ කෙල්ලො මාරු කරන්නෙ..!? පිස්සුද ඕයි තමුසෙට..? ඉදපන් මං අම්මට කියනෝ ලොකූගෙ කෙරුවාව..!! "

" ඉතින් ඕයි.. ඒකිව මට සෙට් නෑ බං..! How can I love if I can't feel she..? "

" සෙට් වෙන්න කලින් හිතන්න තිබ්බ අයියෙ ඔයාට.. "

" ඔව් බං මං දන්නෝ මගේ වැරැද්දක් තියේ.. ඒත් මේක එහෙම ප්‍රශ්නයක් නෙවෙයි.."

" අනේ නිකන් ඉදාම් අයියේ.. මං දන්නැද්ද තමුසෙගෙ හැටි..! දැන් තවුසෙ රණ්ඩු උනේ ඇයි කියනවකෝ.. ඒක කිව්වෙ නෑනේ.. "

" සිනෙලිට මොකක් හරි අසනීපයක් තියෙනවා බං දැන් මාස දෙක තුනක විතර ඉදන්.. සෑහෙන්න කෙට්ටුත් වුනා.. කොන්ඩෙත් ගියා.. ඩොක්ටර්ස්ලත් කියන්නෙ ලෙඩේ අදුනගන්න බෑ කියලා.. ඔය සීන් එෆෙයා එක පටන් ගන්න කලින් ඉදන් තිබිලා තියෙන්නේ.. සෙට් උනාට පස්සෙ ඕවා දැනගත්තත් ඒකිට උදව් කරනවා ඇරෙන්න බ්‍රේකප් වෙන්න ඒදවස්වල උවමනාවක් තිබ්බෙ නෑ මට.. ඒකාලෙ මං දැනුවත්වම කීපසැරයක් ඒකි බෙහෙත්නුත් ගත්තා.. ඒවගෙන් දැන් ගොඩක්දුරට ඒකිට හොදයි.. "

" ඉතින්..? "

" මං ඒකි එක්ක සෙට් වෙලා ඕනිනම් මාසයක් විතරනෙ වෙන්නෙ.. මුලින් මං හිතුවා සීරියස් ලව් කරන්න.. ඒත් බැරි උනා බං.. ඒකි අසනීපෙනුත් ඉන්න අස්සෙ මට බ්‍රේකප් වෙමු කියන්න බෑනෙ බන්.. මං තිරිසනෙක් නෙවෙයි ඒතරම්.. "

" ඉතින් දැන් බ්‍රේකප් උනා නෙ.. එතකොට රණ්ඩු වුනේ මොන උලව්වකටද ඕයි..? "

" ඉදපන්කො කියනකන්..! ක්ලාස් ඇරිලා ඇලවේල්ල පාරෙ එද්දි පක්කු ටිකක් මහ හුකන කතාවක් කිව්වනෙ.. "

" ඒ මොකක්ද ? "

" දමයන්ති පණ්ඩිතාවෙ හෙඩාත් ලෙඩ ගෑනිට අහුවුනා එහෙනම් කිව්වා.. "

" යකෝහ්..! මොන ඉස්කෝලේ උන්ද ඒ..? "

" Perseverando Vinces..!!! "

" ආ තෝරොද..? "

" ඔව් ඕයි.. මට මලපැනල දීගෙන ගියා ශොට් දෙක තුනක්..! බලද්දි බං මං තමයි මෝඩයා වෙලා තියෙන්නේ.. සිනෙලි අරුන්ගෙ සෙට් එකේ එකෙක්වත් ලයින් කරලා ගිය සතියෙ..!! "

ඉදකින් මල ගෑනි..

" අඩේ මං හිතුවේ නෑ ඕයි සිරාවටම ඒකි එහෙමයි කියලා.. "

" ඉතින් ඕයි ඒකිත් එක්ක සෙට්වෙලා හිටිය මං දැනන් හිටියෙත් නෑනේ..! මෙහෙමයි ඉතින් මට හොයල බලන්න කියලා හිතුනෙත් නෑ බන්.. "

යකෝ ඒ ගෑනිව මරන්න එපැයි.. මූව හොද වැඩියි ඒකිට.. හැබැයි ඉතින් මේකා කන පිරෙන්න කියවලා එන්න ඇත්තෙ..

" දැන් ඒ ගෑනි මොකෝ කියන්නෙ..? "

" මොනව කියන්නද යකෝ.. ටැප් එක ඇරගෙන හිටියා.. අනේ විහස් අනේ විහස් කිය කිය..! "

" දැන් තමුසෙට වදයක් වීගෙන එයිද දන්නෑ මැසේජ් දදා.. "

" බ්ලොක්..! "

" ආ එහෙනම් අවුලක් නෑ.."

" චූටි මේහ්.. I think, I like someone.. "

" Seriously..!? Girl or boy..? "

" Boy..! "

" හෑ..කවුද ඒ..? නම මොකක්ද..!? "

අඩෝ මූ බැරිවෙලාවත් නිසී බබාට කැමතිවත්ද..? මූයි මුගේ යාලුවයි දෙන්නම කොහොමත් මට ශුවර් නෑ.. අඩෝ ඒ නිසිනු උනොත් මලහුට්ටප්පරයයි..

" උබ දන්න කෙනෙක්.. "

හරිනෙ අමාරුව.. මල ජංජාලයක් වෙන්නෙ.. අර සෙහදු බේසිකයත් අමුතුවටනෙ මගේ නිසී බබා දිහා බලන්නෙ..

" ඒ අපේ වයසෙද..? "

" තමුසෙට ඒවා වැඩක් නෑනේ.. පස්සෙ කියන්නම්..! "

හරි කමක් නෑ මං හොයාගන්නම්කො මහ පගයා කාටද කැමති කියලා..

"අඩෝ මේ.. ඊලගට තමුසෙ කාත් එක්ක හරි සෙට් වෙද්දී පොඩ්ඩක් හිතල බලාම් අයියෙ හොදේ..! "

" අනේ පලයන් යන්න පොඩි එකෝ..! තමුසෙ කියනකන් මාත් ඉදියෙ.. "

යැයි යැයි තමයි.. උබට වඩා නම් මට මොලේ තියෙනවා.. හරකා..!!

" ආ මේ දැන් අර සෙහදු අයියා මොකක්ද කියන්නෙ ? "

" උබට මොකටද ඒවා.. දැන් සීන් එක දන්නොනෙ පලයන්කො බං වද නොදී "

ඊව්ව් ගොන් බල්ලා..! මූ එක්ක එක විනාඩියක් හොදින් කතා කරොත් ඊලග විනාඩියේ ලේ පිච්චෙනෝනෙ..

" යනවා තමයි..! මන් මෙතන පැල් බදින්න ආවෙ නෑ..!"

" ඒ.. ඒ චූටී.. මේ මගේ මග් එකත් අරන් පලයන්කො.."

" අනේ මේ අයියෙ..! අත පය තියෙනෝනෙ තමුසෙට.. "

ගස්සගෙන ආවා මන්.. කෝප්පත් හෝදන්න..! යකෝ කෝපිත් හදලා දීලා උගේ මග් එකත් හෝදන්න මේ මං..!? මගේ බල්ලවත් හෝදන්නෑ.. හැබැයි මට බල්ලෙක් නෑනේ..

මං කාමරේට ඇවිත් මගේ සීතල වෙලා ගියපු කෝපි එකයි බිස්කට් ටින් එකයි අරන් ආයෙත් කිචන් එකට ගිහින් කෝපි එක සින්ක් එකට හැලුවා.. ඇල් කෝපි බොන්න පුළුවන්ද ඉතින්.. චීස් බට්න්ස් ටින් එකේ නම් බට්න්ස් දහයක්වත් නෑ..! අරූ කාලා.. ඔන්න ඕවට තමයි මට යකා නගින්නෙ..! දැන් ආයෙ තේ බොන්නත් කම්මැලියි.. බිස්කටුත් කන්න බෑ වගේ.. මෙහෙම සීන් එකක් තියෙනෝ.. චීස් බට්න්ස් උනත් එකදිගට කන්න බෑ.. නිකන් එපාවෙනො වගේ..

කම්මැලියිත් වගේ බන්.. මං ගිහින් ටීවී එක දාගත්තා.. කාටූන් එකක්වත් බලන්නෝන.. අඩෝ අද අම්මලා එන්නෙත් නෑ..! රෑට කන්නෙ මොනවතේ..!!

" අයියේ..!!!! "

මං පල්ලෙහා ඉදන්ම උට කතා කරා.. කෝ ඇහෙන්නෑනෙ මගුල..

" අඩෝ අයියේහ්.. "

" මොකද යකෝ "

ඇති යන්තන් ඇහුණා..

" රෑට කන්නෙ මොනවද !? "

උඩට බඩගාන්න ආයෙ කම්මැළියි අනේ.. මං පල්ලෙහා ඉදන්ම කෑ ගැහුවා.. උට ඇහුණෙ නැතොත් එන්නෙ නැතැයි පල්ලෙහාට.. ආ ඔය එන්නෙ කියනකොටම..

" කියන දෙයක් උඩට ඇවිත් කියපන්කො මගුල.. ඇහෙන්නෙත් නෑ කච කච ගානො.. "

" හරි හරි ඉතින්.. මේ රෑට කන්නෙ මොනවද අපි !? "

" උදේ අම්මා කිව්වා කපිල අංකල්ගෙ වයිෆ්ට කියන්නම් කියලා රෑට අපි දෙන්නට කෑම එකක් එවන්න කියලා.. ඒත් මං එපා කිව්වා.. "

අනේ යකෝ..! දැන් මූ කියන්නෙ අපි දෙන්නා උයමු කියලද

" අපි දෙන්නා මොනවහරි හදාගමු.. "

ඔය කිව්වෙ හිතපු ගමන්ම..!!

" තමුසෙ පොල් ගාලා දීපන් එහෙනම් "

මං එහෙම කිව්ව පාර මෑන්ගෙ මූණ ඇද උනා.. හහ් හිතන් ඇති මට කියලා පොල් ගාවගන්න.. දේවිකා ඇන්ටිගෙ රස බත් කටක් කන්න තිබ්බ එකනෙ ගොන් බල්ලා මැදින් ඇඩ් දාලා නැති කරල තියෙන්නෙ.. දැන් තෝ ගාපන් පොල්..!

" ඒහ් චූටි.. මේ අහනවකො බං.. පොල් ගෑවොත් පොල් මිරිකන්නත් වෙනෝ ඕයි.. ඒ නිසා අපි නූඩ්ල්ස් හදමුකො.. "

" මිරිකගන්න එක මං කරගන්නම්.. තමුසෙ පොල් ගාලා දීපන්..! "

පව් හැබැයි පොර.. ඌ මට බැන බැන පැන්ට්‍රියෙ යට කෑල්ලක දාල තිබ්බ පොල් හොයනො..

" අඩෝ චූටි පොල් බිදින්නෙ කොහොමද ? "

" බිදින්න බැරිනම් ගහපන්..! "

මං එහෙම කියලා සුදු හාල් දෙන්නෙක්ට ඇතිවෙන්න හෝදලා රයිස් කුකර් එකේ බත ගැහුවා.. අරූ පොල් ගෑවම පොල් සම්බෝලයක් හදනො.. සුදු බතුයි, පොල් සම්බෝලයි, බිත්තර ඔම්ලට්.. ම්ම්.. ඔය ඇති..

" ඒ ඒ කොහෙද යන්නෙ උබ ඔය !? "

මහ පගයා කුස්සියෙන් එළියට යන්න තිබ්බ දොර ඇරන් පොල් ගෙඩියකුත් අරන් එළියට ‍යද්දි මං ඇහුවෙ..

" පොල් ගහන්න "

" කාට !? "

" තොට !!! "

මූ යකෝ..! මං පටස් ගාලා දුවලා ගිහින් උගෙන් පොල් ගෙඩිය උදුරගත්තා..!

" පිස්සුද ඕයි..? ලැජ්ජාවෙ බෑ අයියෙ..! දැන් කොහොමද කියාම්කෝ උබ ගෑනියෙක් ගෙනාව දවසක ඒකිට පොල් බිදලා දෙන්නෙ..!? අහ්ම්.. මං කිව්වෙ ඉතින් ගෑනියෙක් හරි මිනිහෙක් හරි.. "

" ආ එතකොට පිටිකල පොල් ගේනෝ..! "

අනේ ගොනා..! කාගෙ දරුවෙක්ද බං මූ..

" පොල් සම්බෝලයක්වත් හදන්න පුළුවන්ද ඕයි පිටිකල පොල් වලින්..! "

" පොල් සම්බෝල නොකා ඉන්නෝ..! සරලයි සුන්දරයි..!! දැන් උබ මට කියන්නෙ.. උබට පුලුවන්ද..? පෙන්නපන් බලන්න බිදලා.. "

කෙලියයි..! මටත් බෑ යකෝ මන් කියෙව්වට..!

" හරි හරි ඉතින්.. විහිලුවක් කරේ අනේහ්.. ඒකවත් තේරෙන්නෑනෙ පිස්සු කොල්ලාහ්..!"

මං ශේප් එකේ එතනින් මාරු වෙලා ආවා පොල් ගෙඩියයි මහ පිහියයි අරන්.. කපිල අංකල් ඇවිල්ලද දන්නෑ.. හවස ගෙදර ගියානේ.. මං ඉස්සරහ දොර ඇරන් එලියට ගියා..

අනේව් සුදුමාත්තියා ඇවිල්ලා..! මං දූවගෙන ගිහින් අංකල්ට කියලා පොල් ගෙඩිය බිදගත්තා.. දෙයියනේ පොල් වතුර ටික මගේ..!!! ආආආආඅහ්..!! කමක් නෑ ඉතින් දැන් මොකක් කරන්නද.. කෝප්පයක් ගේන්න අමතක උනානෙ..

අංකල් කියනෝ කොල්ලෙක් පොල් බිදින්න දැනගන්න ඕනලු.. මං කිව්වා ඉතින් අපේ මහ පගයා පොල් ගෙඩිය උස්සන් පොල් ගහන්න ගිය සීන් එක.. ඒක කියලා මහ පගයගෙත් රෙදි ගලවලා තමයි මං පොල් බෑයවල් දෙක අරන් ගෙට ආවෙ..

මං එද්දි ඌ බිත්තර දෙකක් අරන් මගුලක් කරනො.. ඒකත් බිම ගහලා කඩන්නද දන්නෑ හදන්නෙ..

" ආ දැන් ගාපන් ! "

උට එක පොල් බෑයක් දික් කරලා මං කිව්වෙ.. අනිත් බෑය ෆ්‍රිජ් එකට දාන්නෝනි.. කොහොමහරි ඌ පොල් ගානකන් මං බිත්තර ඔම්ලට් එකක් දැම්මා.. ඔම්ලට් කිව්වට ඉතින් අර බිත්තර දෙක දාලා ලුණුයි, ගම්මිරිස් කුඩු චුට්ටකුයි දාලා ගත්තා.. ඔච්චර නටන්න බෑ අනේ..! කොහොම කෑවත් බඩටනෙ..

" අඩෝ පොල් බෑයම ගාන්නෙපා හොදේ..! "

කිව්වෙ නැත්නම් මේ යකා පෝල් බෑයම ගාවි.. ඒ තරමටම හරකා..

" තමුසෙ හිතුවද මට එච්චරවත් දෙයක් තේරෙන්නෑ කියලා.. "

" හරි හරි ඉතින් "

තරහ ගිහින් වගේ..! වැඩිය එල්ලෙන්න යන්න හොද නෑ.. පොල් බෑයෙන්ම දමල ගැහුවොත් දුවන්න පාරත් මදි.. ඌ පොල් ගාලා ඉවරවෙලා පොල් සම්බෝලෙ හදනකන් මං රයිස් කුකර් එක ස්විච් එකෙන් ඕෆ් කරලා පැන්ට්‍රිය උඩට වෙලා ඉතුරු පොල් ටිකක් කෑවා..

" කිරිපනුගායද ඕයි !? "

" ඇයි ? "

" පොල් කන්නෙ කිරිපනුගාය තියෙනකොටනෙ "

අනේ පිස්සු මුට..! සිරාවටම බිදපු ගමන් අලුත් පොල් වල පොල් රසයි.. කිරි තියෙනොනෙ.. මුට ඒකවත් තේරෙන්නෑ.. මං තව පොල් ටිකක් ගන්න පොල් ගාපු භාජනේට අත දාද්දිම මගෙ අතට ශොට් එකක් හම්බුණා..

" ආව්වා.. "

" යකෝ මං හද්ද අමාරුවෙන් පොල් ගෑවෙ තොට කකුල් දෙක වන වන පොල් කන්න නෙවෙයි..! "

" ඉතින් ඇයි අමාරුවෙන් පොල් ගෑවෙ..? පහසුවෙන් පොල් ගෑවනම් හරිනේ..! "

" මං කියන්නෑ තොට..!! "

ඌ තව අරව මේවා කියලා කෑගහද්දි මං සාලෙට ඇවිත් ආයෙ ටීවී එක දාගත්තා.. ඔන් කරපු ගමන්ම වැටුණෙ හිරු එක.. ම්ම්.. පැත්ත ගියත් ඇත්ත කියන හිරු නිව්ස්..! හිරු එකේ හතහමාරෙ නිව්ස් යනෝ.. හැබැයි මංනම් කියන්නෙ ඒක චුට්ටක් වෙනස් වෙන්න ඕනි පැත්ත ගියත් ඇත්ත කියන තට්ටම් හිරු කියලා.. ඇයි යකෝ අර ධනිෂ්ක ගුණතිලකගෙ සීන් එක හිරු එකෙන් රිපෝට් කරේ උන්ට පෙනි පෙනි ධනිෂ්ක අර සුද්දිගෙ පුපට ගැහුවා වගේනෙ.. අනික පව් අනේ එයා කිව්වලු හිමින් කරන්න කියලත්.. ධනිෂ්ක නෝටියාහ්..!!

ඕවා ඇහෙද්දි දකිද්දි ළමා මනස දූසනේ වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි ඉතින්.. අපි මල් වගේ ළමයිනෙ.. ආ නැද්ද..!?

අනේ ඒ මගුලෙ බලන්න දෙයක් නැති නිසා මං ටීවි එක ඕෆ් කරලා කිචන් එක පැත්තට ගියා.. දැනුත් අටට කාලක් වගේ.. රෑට කෑවනම් හරි..

" යකෝ මෙන්න මූ කනෝ..! "

මං යද්දි මහ පගයා පැන්ට්‍රිය උඩින් වාඩිවෙලා බත් පිගානකුත් බෙදන් හොදට ගිලිනො..

" උබ වගේ මට නාස්ති කරන්න වෙලාවක් නෑ "

මං ඌ දිහා මොකෙක්ද එකෙක් වගේ බලන් ඉන්නකොට ඌ එහෙම කිව්වා.. යකෝ මං අහන්නෙ නිකමටවත් කිව්වෙ නෑනේ මූ පොල්සම්බෝලෙ හදලා ඉවරයි කියලා..!

මං ඌටත් ඔරවගෙනම ගිහින් බත් බෙදාගත්තා.. මං බත් බෙදාගෙන වාඩි වෙද්දි අරූ කාලත් ඉවරයි.. මං බත් එකත් අරන් පැන්ට්‍රිය උඩින් ඉදගත්තා.. මගේ සුපුරුදු ආසනේ..! දැන් මහ පගයත් පුරුදු වෙලා ප්‍රැන්ට්‍රියට නගින්න..!!

" ඒ අර අයිස්ක්‍රීම් එක ඉවරද බං..? "

ඌ පිගානත් හෝදලා තියලා වතුරත් බීලා මගෙන් ඇහුවේ..

" නෑනේ.. තව තිබ්බා.. "

ඊට පස්සෙ ඌ ෆ්‍රිජ් එක ඇරලා ගත්තා පතරංග චොක්ලට් අයිස්ක්‍රීම් බාස්කට් එක.. ඒක ගිය සතියෙ ගෙනාවෙ.. තාම තියෙනෝ ඉතින්..

" තමුසෙටත් ඕනද..? "

" ඔව් ඔව්..!! "

මටත් ඕන යකෝ.. තනියම කන්න වෙන්නැති හැදුවෙ.. ඒවා කොහෙද මාත් එක්ක..!

කොහොමහරි මං බතුත් කාලා අයිස්ක්‍රීමුත් කාලා ඉවර වෙනකන්ම මහ පගයත් හිටියා තනියට.. බැන්නට ගැහුවට ඕකා ඉතින් මට ආදරෙයිනෙ.. මාත් ඔය ඌව හපන්නෙ ආදරේ වැඩි වෙලා..!

එහෙම කියලද හිතුවේ..? පිස්සුද ඕයි මට යස්සාරූඩ උනාම තමයි ඌව කන්නෙ.. ගොන් බල්ලා.. බෝතල් පත්තරකාරයෙක්ට විකුණලා අලුත් බේසමක් ගන්නෝනි..!

කාලා බීලා සේරම කරලා පල්ලෙහා ලයිට්ස්නුත් ඕෆ් කරන් අපි දෙන්නා උඩට ගියා.. අරූ උගේ රූම් එකට ගියා.. මං මගේ රූම් එකට ආවා.. දැන් ඉතින් හෙට ලිට් ක්ලාස් එකේ වැඩ ටික කරන්න ඕන.. හෙට පන්ති උදේ.. ගිය සතියෙ ක්ලාස් එකේ කරේ 'To the Nile' පොයම් එක.. එකේ analysis essay එකක් ලියන්න තියෙනෝ.. මං පොත් ටිකත් අරන් ඒ ටික මේස උඩින් තියන ගමන් පුටුවෙ ඉදගත්තා.. දැන් මේක කරන් ගියේ නැතොත් හෙට සර්කාරයා මැරෙන්න හදයි..! හැබැයි ඉතින් මේ පොයම් එකට නම් මං පට්ට ආසයි.. ඒකෙ තියෙන්නෙ ඕල්ඩ් ඉංග්ලිශ්නෙ.. ටිකක් තේරුම් ගන්නනම් අමාරුයි.. ඒත් ආසයි ඉතින්..

" Son of the old Moon-mountains African!

Chief of the Pyramid and Crocodile!

We call thee fruitful, and that very while

A desert fills our seeing's inward span: "

මං මුලින්ම පොයම් එකේ මුල් පේළි හතර කියවලා ඉදියා.. මේක සොනට් එකක්.. මං පාවිච්චි කරන්නෙ අපෙ මහ පගයගෙ ලිට් ටෙක්ස්ට් බුක් එකමයි.. මට කම්මැළියි හලෝ ඕවා හයිලයිට් කර කර තේරුම් ලිය ලිය ඉන්න.. ඌ නම් ගැම්මෙන් පොත හයිලයිට් කරලා, ස්ටිකී නෝට්ස් අලවලා අදහස් පැහැදිලි කරල එහෙම තියෙනො.. පොර ඉතින් මහා බුද්ධිමතානෙ..! ඌ නිසා මට ලේසියි ඉතින්.. මුලු නෝට් එකම එක පාට පෑනෙන් ලියන මට මොන සුකුරුත්තන්දනෙ.. ම්ම්.. බෙනිෆිට්ස් ඔෆ් හැවින්ග් අ පිළිවෙලට වැඩ කරන බ්‍රෝ..

" 'To the Nile' is a sonnet by John Keats in which the poet addresses the Nile River and questions whether or not its waters are truly worthy of praise. "

කොහොමහරි මං ඉන්ට්‍රඩක්ෂන් එක ලියලා quotation හතරක් එක්ක analysis essay එක ලියලා ඉවර කරා.. අපිට ලිට් ලොකු අවුලක් නෑ ඉතින් ඉංග්ලිශ් මීඩියම් නිසා.. මං දැකල තියෙනො සමහර ළමයි මේවා කටපාඩම් කරනො අකුරුවල ඉදන්ම.. සිරාවටම ඒකනම් මහ බොරු වැඩක්..! එහෙම කරල වැඩක් නෑ ඉතින්.. සුපිරියටම කටපාඩම් කරපු එකෙක්ට උනත් එක්සෑම් එකක් වෙලාවෙදි මේලෝකෙ දෙයක් අමතක වෙන්න පුලුවන් සම්බාවිතාව වැඩියිනෙ.. වැඩක් නෑ ඉතින් ඕවා කතා කරලා..

කොහොමහරි ඉතින් මං හෝම්වර්ක් ටික කරලා ඉවරකරලා ඇදට පැන්නා නිදාගන්න.. නිදාගන්න කිව්වට ඉතින් නිදාගන්නෙත් නෑ.. ෆෝන් එක ඔබනෝ පැය එකහමාරක් විතර.. හෙහේ.. එහෙම තමයි ඉතින්..

අඩේ වයිෆයි ඔන් කරා විතරයි ටාං ටාං ගගා මැසේජස් එනෝ හිටු කියලා.. පර බල්ලෝ සේනාව අදත් මගේ චරිතෙ ඝාතනය කරනෝ ඇති.. අර ගොම්බිලියා නම්බර් එක දුන්නු සීන් එක ඇදලා අරන්.. සුභාෂයා මං තෝව කනෝ..!!

වට්සැප් ගිහින් බලද්දී ගොම්බිලියගෙනුත් මැසේජ් එකක් තියෙනෝ..! හවස දාලා තියෙන්නේ.. මං දැන්නෙ ඔන්ලයින් ආවෙ..

" Sahirune me..? Kk saved.. "

මොන හත්තිලව්වක්ද ඕයි..! මං මේ උගෙ නම්බර් එකක් ඩිලිට් කරන්න හිතන් හිටියේ.. සේව් කරේ ඌව ගෲප් එකට ඇඩ් කරන්න ඕන නිසානෙ.. මොන මගුලටද මූ මාව සේව් කරන්නෙ.. ඕන ප#ක් වෙන්න කියලා ඌට මන් Thumbs up රිඇක්ට් එකක් දාලා නිසිනු පරයගෙ චැට් එක බැලුවා..

" අඩෝ මේ.. "

" හෙට ලිට් ක්ලාස් ඇරිලා මං උබලයි ගෙදර එනෝ හොදේ.. "

" අපේ අම්මලා ගෙදර නෑ හෙට.. "

මේ බේසිකයා බලහන්කෝ..! බේසික වැඩ කරලා කරලා මෙහෙත් එන්න හදන්නෙ.. මෙහේ ඇවිල්ලත් බේසික වැඩ කරයිද දන්නෑ..!!

ඌටත් Thumbs up ස්ටිකර් එකක් යැව්වා.. කතා කරන්නෑ මං ඌ එක්ක.. මං තරහයිනෙ..! හැබැයි හවස කෝල් එක ආන්ස්වර් කරේ නැත්තන් මට මහ පගයගෙ සීන් එක දැනගන්න හවස වෙන්නෙත් නෑ..!!

එක වෙලාවකට අපේ අයියව මට කාටවත් දෙන්න ලෝබයි.. අදත් අර ගෑනි එක්ක බ්‍රේකප් උනා කිව්වම මට හෙන කුරිරු සතුටක් ආවෙ ඉතින්.. ඒ උනාට මහ පගයා කැමති කෙනෙක් ඉන්නවලුනෙ.. කවදාහරි ඌ කැමති කාවහරි ඌ මැරි කරයි.. එතකොට ඒ වෙනම පවුලක්.. ඊට කාලෙකට පස්සෙ මාත් කාවහරි මැරි කරයි.. එතකොට මං වෙනම පවුලක්.. ඔය සේරටම කලින් අයියා යුනිවසිටි ගියාම මං තනි වෙනෝ.. රණ්ඩු කරන්න කවුරුත් මට නැති වෙනෝ.. ඕපදූප කියවන්න කෙනෙකුත් නැති වෙනෝ.. අනේ.. දුකයි වගේනෙ..

මං ඇදෙන් බැස්සා.. කොට්ටෙයි මගේ ෆෝන් එකයි අරන් ලයිට්ස්නුත් ඕෆ් කරන් රූම් එකෙන් එලියට ඇවිත් අයියගෙ රූම් එක ළගට ගිහින් දොරට ගැහුවා.. කෑ ගැහුවේ නෑ.. මට දුක හිතිලනෙ ඉන්නෙ..

" තමුසෙ මහ පුදුම කරදරයක්නෙ යකෝ..! "

ගොන් බල්ලා..! දුක හිතිලා ආවෙ.. අරූ කෑගහන් දොර ඇරියේ.. දුක කොහෙන් ගියාද දන්නෑ යකෝ..මං දූවගෙන ගිහින් උගේ ඇදට පැනලා කොට්ටෙ බදාගත්තා..

" චූටි..!!! මොන මගුලකටද මෙහේ ආවෙ..!? "

ඇහෙන්නෑ මට.. කොහොමත් මං යන්නෑ..!

" පලයන්කො ඕයි..! තමුසෙට ඇදක් තියෙනොනෙ.. ගිහින් ඒකෙ නිදියගනින් යකෝ..! "

" බෑ..! මන් අද මෙතන නිදාගන්නෙ.. "

" අනේ මේ..! යනවා චූටි..!! මට වැඩක් කරගන්න දීලා.. "

යන්නෑමයි..!! මං ලාවට වගේ දැක්කා විනාඩි දෙකක් විතර අරූ දොර ළගට වෙලා ඉනටත් අත් දෙක තියන් බලන් ඉන්නෝ.. මාත් සද්ද නෑනේ.. ඊටපස්සෙ ඌත් වෙන කරන්න දෙයක් නැති නිසාද කොහෙද දොර වහලා දාලා මේසෙ ළගට ඇවිත් වාඩිවෙලා ලිය ලිය හිටපු මොනවදෝ ආයෙ ලියන්න ගත්තා..

.

.

.

.

.

.

.

.

" ඒ චූටි නැගිටපන්..! උබට ක්ලාස් නේ අද..!? "

ගොන් බල්ලගෙ කටහඩට මට අවදි උනේ.. ආ මං ඊයෙ උගෙ රූම් එකේ නිදාගෙන තියෙන්නෙ.. යකෝ ඌ ක්ලාස් යන්න ඇදගෙනත් එක්ක.. දැන් කීයද දන්නෑ වෙලාව..

" ආ පොඩි මෑන් නැගිටින වෙලාවනෙ..! "

මං කටත් හෝදගෙන පඩිපෙළ බහිද්දි තාත්තා කිව්වෙ.. අද උදේම ඒ දෙන්නම ඇවිත්.. මං තාත්තාටත් 'ගුම්මෝනිං' කියාගෙන තාත්තගෙ උකුලට පැනලා උම්මියක් දුන්නා..

" ක්ලාස් නේද අද..? මොනාද සබ්ජෙක්ට් එක..? "

" ලිට්..! "

" මං ගිහින් දාන්නම් අද.. කීයටද දැන් ක්ලාස් තියෙන්නේ..? "

" නවයට.. "

මං තාත්තගෙ බෙල්ල අස්සෙ මූන හංගගෙන ඇස් පියාගෙන කිව්වෙ.. ඒත් එක්කම වැදුණා යකෝ චටාස් ගාලා පස්සට පාරක්..!

" ආව්වා..!! "

" අවුරුදු පහළවක ළමයෙක් හුරතල් වෙන හැටි..! "

ආයි රිදුනාහ්..! අම්මා එහෙම කිව්වම මං රැව්වා..

" ඔයාට ඉරිසියයිනෙ මං තාත්තගෙ ඔඩොක්කුවෙ ඉන්නකොට.. නේහ්..? "

මං රවාගෙනම එහෙම ඇහුවේ තාත්තා අම්මා ගහපු මගේ පස්ස අතගාද්දී..

" වැඩේමයි මට ඉරිසියා කරන්න.. තේ බීලා ලෑස්තිවෙන්න චූටි..! "

" කෝ කෝ.. ලෑස්ති වෙන්න ගිහින් මුරණ්ඩු කොල්ලා..! "

මං තාත්තගෙ ඔඩොක්කුවෙන් බැහැලා කිචන් එකට දුවලා තේ එකත් බීලා ලෑස්තිවෙන්න ගියා ඉතින්..! නැත්තන් ලෑස්ති වෙනකන් කෑ ගහනෝනෙ..

කිව්වත් වගේ තාත්තා අද මාව ක්ලාස් එක ළගට ගෙනත් දැම්මා.. මහ පගයා අද ෆුට් බයිසිකලෙන් ගිහින් තියෙන්නෙ.. උට අද බයෝ ක්ලාස් මං හිතන්නෙ.. උගෙ යාලුවෙක්ගෙ ගෙදර තියෙන්නෙ ඒක.. ගෘප් ක්ලාස් එකක්.. වැඩි දුරකුත් නැති නිසා බයිසිකලෙන් යන්නැති..

මං යද්දි නිසිනුවා ඇවිත් ක්ලාස් එකට.. මං ගිහින් උගේ ළගින් වාඩි වුණා.. ටිකකින් චාරුකයත් ආවා..

" ඉස හාර හුවා..

හම්බේ ප්යාර හුවා..

මුලා කාතකි හේ..

දඩි අබ ආයි ආයි ආයි ආයි.. "

" අනේ නිකන් ඉදපන්කො බං ! "

නිසිනු බල්ලා ඇගිල්ලෙන් ඇන ඇන මොකක්ද මගුලක් කියනො.. අර ගුලි මට සිංදුවද කොහෙද.. ඒක කොහොම ප්‍රනවුන්ස් කරනවද කියල අපි දන්නෑ.. අපි කියන්නෙ 'ගුලි මට' කියලා..

" හාල් ලිචී නී බ්ලැඩිකිහ මෝ..

මොහර වැෂ්කිකී ගත්..

පරෆ්හි හෝ..

යායි යායි යායි යායියා.. "

මේ අනිත් එකා..! චාරුකයත් අනිත් පැත්තෙන් ඇන ඇන අර මගුලෙ ලිරික්ස් වැරදියට කියනො.. මොන මගුලක්ද යකෝ මේ.. මුන් මේ අර ගොම්බිලි සීන් එකට හින්ට් ගහන්නෙ ඒ ගමන සිංදු කෑලි කියවලා..

විසාල කරදරයක් උනානෙ මේක..!!!

" Ok son.. Let's start the lesson.. Turn to the page number 16 'The Camel's Hump by Rudyard Kipling' "

වෙලාවට සර් ක්ලාස් එක පටන් ගත්තා.. ඒත් සර් අද පාඩමේ නම කිව්වා විතරයි අර නිසිනු පගයා හැක හැක ගාලා හිනාවෙන්න ගත්තා.. සර්තුත් බැලුවා යකෝ.. මුන් එක්ක බෑ කරන්න.. ඒ ගමන කවුරුත් අපේ දිහා බලන් ඉන්නෙ..

" අඩෝ ඔටුවගෙ හුත්ත කරන්නෙ අද..!! "

අනේ එපා යකෝ..! චාරුකයා කිව්ව එකට මං ඇහුන්නෑ වගේ ඉස්සරහ බලන් ඉදියා.. ඒත් හිනා යනෝ යකෝ.. මේ බේසිකයො ටික එක්ක ඉස්කෝලෙ තියා ක්ලාස් එකකවත් එකට ඉන්න බෑනෙ මගුල..

ඔය ඔටුවගෙ සීන් එක හෙන පුරාවෘත්තයක්..! අපි ඒ දවස්වල.. ඒ කියන්නෙ නවයෙ අන්තිම වගේ දහයෙ ටෙක්ස්ට් බුක්ස් දුන්නම ලිට් ටෙක්ස්ට් බුක් එක එහෙම හරවලා බැලුවා.. ඔය කට්ටිය සයන්ස් මුලින්ම බැලුවට අපි බැලුවෙ ලිට්..!! වෙන මොකටවත් නෙවෙයි ඉගෙන ගන්න..! හැබැයි ඉගෙන ගැනිල්ල දෝරෙ ගලලා ගියා සමහර පොයම්ස් නිසා..

ඉතින් අපේ සෙට් එකෙන් නිසිනුවයි, චාරුකයයි මායි විතරයිනෙ ලිට් කරන්නෙ.. මුන් දෙන්නා අපේ ගෙදර හිටපු වෙලාවක තමයි බැලුවෙ.. අපෙ අයියගෙ ඔය analysis essays ලියපු පොත් එහෙමත් හරව හරවා බැලුවා අපි.. ඌ ලියපු සමහර analysis essays වල වචන තේරෙන්නැති නිසා අපි ෆොටෝ එකක් ගහලා ගූගල් ට්‍රාන්ස්ලේට් කරා.. අපි වගේ නෙවෙයි අපෙ අයියට හෙන ලස්සන අදහස් එනෝ.. අපි නිකන් මොකක්ද එක වගේ ඕවා ලියන් ගියාට ඌ හෙන ලස්සන වචන දාලා ලියන්නෙ.. ඉතින් ඔය ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් අපිට Camel's Hump කියන එකට ආවෙ ඔටුවගෙ හුත්ත කියලා.. නිකන් හුත්තකුත් නෙවෙයි නිල් කලු එකක්..! මැරෙන්න හිනායි ඉතින්..

' The Camel's hump is an ugly lump

Which well you may see at the Zoo;

But uglier yet is the hump we get

From having too little to do

Kiddies and grown-ups too-oo-oo,

If we haven't enough to do-oo-oo,

We get the hump--Cameelious hump--

The hump that is black and blue! '

" අන්න හුත්ත කලුයි නිලුයිලු..! "

Rudyard Kipling ගෙ ඔටුවගෙ හුත්ත කරනකන්ම හිනාව කාගෙන ඉදියෙ.. කියන වචනයක් ගානෙ මුන් දෙන්නා දෙපැත්තෙන් අනිනො මට..

" අඩෝ අපිටත් කියල හිනා වෙයන්කො.. "

පිටිපස්සෙ පේළියේ එකෙක් මට ඇනලා කිව්වම මං ලාවට පිටිපස්ස හැරුනා..

" ඔටුවගෙ හු- "

කියන්න උනේ නෑ ආයෙ හිනා ගියා.. ඒ අස්සෙ හිනාවෙලා හිනාවෙලා හුස්ම ඉහලට ගනිද්දී ඌරෙක්ගෙ වගේ සද්දෙකුත් ආවා.. පේළි තුන හතරක්ම හැරිලා බැලුවා මං දිහා.. ඒත් මට හිනායි යකෝව්..!! මං දන්නො මගෙ දැන් මූණ රතු වෙලා ඇති හිනාවෙලාම.. එහෙන් ගිනිගන්නවා වගේ යකෝ..! නිසිනු පගයගෙ ඇස් වලින් කදුළුත් බේරෙනෝ හිනාවෙල වැඩිවෙලා.. චාරුකයා ඩෙස්ක් එකේ ඔලුව ගහන්.. සද්දෙ නැතුව එපැයි හිනාවෙන්න.. නැත්නම් සර් එලවාවි..!

කොහොමහරි පට්ටම ගේමක් ගහලා පැය දෙක ඉවසන් ඉදියෙ හයියෙන් හිනා නොවී.. සර්ට අද සම්පූර්ණයෙන්ම ඔටුවගෙ හුත්ත කරන්න උනේ නෑ.. ලබන සතියටත් හුත්තෙන් බාගයක් තිබ්බා..!

ක්ලාස් ඉවර උනාම චාරුකයා ගියා උන්ලයි තාත්තා ඇවිත්.. කපිල අංකල් ආවම අපි දෙන්නත් එයා එක්ක ගෙදර ආවා.. අද නිසිනුවත් අපේ ගෙදර එනෝ කිව්වනෙ.. ඔටුවගෙ හුත්තක් නිසා මට අන්තිමේදි නිසිනු පරයා එක්ක තරහ වෙලා වැඩි වෙලාවක් ඉන්නත් බැරි උනා මගුල..

" ඒ බං අපි සුභාෂයවත් ගෙන්න ගමුකො.. "

නිසිනු කිව්වාම තමයි මට ඌව මතක් උනේ.. අඩේ ඌ අපේ පාරෙනෙ..

" අඩෝ ඒ පැත්තේ රවුමක් දාලා ඌවත් එක්කන් එමු.. "

මං එහෙම කිව්වාම නිසිනුත් එකපයින්ම කැමති උනා.. ඔව් ඉතින් පරයට ගෙවල් ගානෙ යන්න තියෙනෝ නම් ආයෙ වෙන දෙයක් ඕනි නෑනෙ..

හැබැයි දැන් මහ පගයත් එන වෙලාව.. ඒ නිසා අපි ගෙදර දොරත් ලොක් කරන්නැතුව නිකන් වහගෙන කපිල අංකල්ටත් කියලා පොඩි ගේට් එකෙන් එලියට බැස්සා.. මුලින් එලියට බැස්සෙ මං.. යකෝ මං එලියට බැස්සා විතරයි මට පේනෝ ඈතින් ෆුට් බයිසිකල් දෙකක් මේ පැත්තට එනෝ.. හොදට බැලුවා මං.. එකක නම් මහ පගයා එන්නෙ.. අනිත් එකේ කවුද යකෝ..!

" එහාට පලයන් යකෝ මටත් එළියට එන්න..! "

මෙහෙන් නිසිනු කෑගහනෝ ඌට ගේට් එකෙන් එලියට එන්න බැරුව.. ඒ අස්සෙ බයිසිකල් දෙක එන්න එන්න ළං වෙනෝ මේ පැත්තට..

" අඩෝ සෙහදු බේසිකයා යකෝ..!! "

" මොකක්..!? "

" අපේ පගරයා එක්ක අන්න සෙහදු බේසිකයා එනෝ..!! "

මං එහෙම කිව්වා විතරයි නිසිනුවා රේස් එකේ දිව්වා ගෙට..! සොනික් පරාදයි යකෝ ඒ දිවිල්ලට..!!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

හායි 🌚 !

දිග එපියක් මේක :-)

මේ වැඩිය හිතන්න එපා හරිද අර වචන '#' වගේ මුකුත් නැතුව දාන නිසා.. මං කියන්නෙ අර අපි නරක වචන කියලා හදුන්වන ඒවා ගැන.. මැදින් අකුරු හලලා සිම්බල් එකක් එක්ක දැම්මත් කෙලින්ම වර්ඩ් එක දැම්මත් එකයිනෙ 🥲 !

ආ මේ තව දෙයක්, අර Camel's Hump පොයම් එකේ කතාව ඇත්ත 😂..

අපේ ටෙලිග්‍රෑම් ගෘප් එකක තිබිලා හද්ද අමාරුවෙන් හොයාගත්තෙ මේක 😂💔.. ඒ දවස්වල ස්ක්‍රීන්ශොට් ගහගත්ත එකක් !

ලිට් කියන්නෙ හරි ලස්සන විෂයක් හලෝ :-)

සිරාවටම තාමත් ආසයි 😂❤️ !

එනිවේ,

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter