Back
/ 22
Chapter 6

05 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

මං හිටියේ කරාතේ ප්‍රැක්ටිස් නැවතිලා.. බෑග් එකත් එල්ලන් මං ජිම් එක ඇතුලට ඇවිත් දොර වහලා දැම්මා.. ඒත් වෙනදා ප්‍රැක්ටිස් නැවතිලා ඉන්න එකෙක්වත් ජිම් එකේ නෑ..! මං ඒත් බැලුවා උන්ගෙ බෑග්වත් තියෙද කියලා.. ඒත් නෑ..! එකපාරටම...

එකපාරටම මට දැනුනා මගේ කොන්ඩෙ අස්සෙන් කවුරුහරි ඇගිලි යවලා ඔලුව අතගානවා..!! ගැස්සිලා මං පිටිපස්ස හැරුනේ.. ඒ වෙන කවුරුත් නෙවෙයි.. අසහනකාර ගොම්බිලියා..!! මං ඌට බනින්න හැදුවේ හොදවයින්.. ඒත් බැනගන්න උන්නෑ යකෝ මොකෙක්ද මන්දා ජිම් එකේ දොරට ගහනෝ එකදිගට..! කටහඩකුත් ඇහෙනෝ ඒ අස්සෙ..

" චූටී..!! චූටි නැගිටින්න දරුවෝ..!!"

අඩෝ අම්මා කොහෙද යකෝ ඉස්කෝලේ..? මන් ටක් ගාලා ගොම්බිලියගෙ පැත්ත හැරුනම දෙයියනේ ඌ නෑ යකෝ..!! මං රත් වෙලා ගියා.. යකෝ හොල්මනක්ද..!!!??

" චූටී..!!! "

ආයෙත් අර කටහඩ..! දැන් නම් ලගින් වගේ ඇහෙන නිසා මං දූවගෙන ගිහින් ජිම් එකේ දොර ඇරියා..

" චූටී..!!! නැගිටලා එන්න ළමයෝ මොකක්ද කරන්නෙ.. ක්ලාස් නේද අද..?"

දොර ඇරියා විතරයි මට මතක..! ඊටපස්සෙ මට ඇහැරුනා.. මොනෝත්තක්දෝයි මේ විකාරෙ..!! මොකක්ද මං ඒ දැක්ක මල සමයං හීනෙ..!!! ආආආආආආආහ්හ්හ්හ්හ්..!!!!!! ගොම්බිලියා..!!!!

" චූටී..!!!! "

ඒ අස්සෙ අම්මත් කෑගහනෝ..!

" මොන වදයක්ද අප්පාහ්..!! බෙරිහන් දෙන්න එපා.. මට ඇහෙනවා අනේ..!! "

" අනේ මං දන්නෑ මේ ළමයා කියන එකක් අහන්නෙත් නෑ.. "

ඇදේ ඉදන්ම මං බෙරිහන් දුන්නම මට ඇහුනා දොර ලග හිටපු අම්මා බැන බැනම යනවා..

ශික් අර ගොම්බිලි මූසලයා දවසත් එක්ක කෑවා.. රෙද්දෙ හීනෙකින් ඇවිත්.. බම්ල්ලා..! උගේ වැරැද්ද.. මට පිස්සු නෑ ඕකව හීනෙන් දකින්න.. අරූගෙ අසහනේ තමයි ඔය.. මගෙ හීන වලටත් බලපාලා..!

මං ඇසුත් පොඩි කර කර ඇදෙන් නැගිටලා කටත් හෝදගෙන පල්ලෙහාට ගියා.. අම්මා නම් ඉන්නෝ.. කෝ තාත්තා..

" අම්මේහ්.. "

" කෝ නැගිට්ටද.. තේ හදලා තියෙන්නේ චූටි.. පුළුවන් නේ වක්කරගන්න..? "

ඉතින් මං හාම් කියලා මගේ සුපිරිසිදු සුදුවන් ආ නෑ සුපිරිසිදු කලුවන් කෝප්පෙත් අරන් හෝදලා තේත් වක්කරගෙන පැන්ට්‍රියෙන් වාඩිවුනා.. ඔන්න මහ පගයත් එනෝ පේනෝ මේ පැත්තට.. මං ඌටත් රවාගෙන තේ එකෙන් උගුරක් බිව්වා..

" අම්මෙ බිස්කට් නෑ..? "

" අයියා උදේ චොක්ලට් බිස්කට් දෙකක් තිබිල කෑවා.. කබඩ් එකේ බලන්න බිස්කට් පැකට් තියෙද කියලා.. "

අම්මා එහෙම කිව්වම මං පැන්ට්‍රියෙන් බැහැලා ගිහින් කබඩ් එක ඇරලා බැලුවා බිස්කට් තියෙද කියලා.. ස්පයිසි ක්‍රැකර් එකක්නුයි චීස් බට්න්ස් ටින් එකකුයි තියෙනෝ.. දෝතින්ම ගත්තා චීස් බට්න්ස් ටින් එක.. මේක මගේ..! ඒකත් අරන් මන් ආයෙම පැන්ට්‍රියෙන් ඉදගත්තම මහ පගයත් පටස් ගාලා මට කිට්ටු වුනා.. පෙරේතයා..! දෙන්නෑ තොට එක බට්න් එකක්වත්..! මං ටින් එකත් තුරුල් කරන් තේ එක අතට ගත්තා.. දැන්ම කඩන්න හොද නෑ මේක..! පෙරේත බැල්ම වැටිලනෙ තියෙන්නේ..

" දැන් ඔය කට හෝදලාද තේ බොන්නෙ චූටී..!? "

" ඔව් ඔව් අනේ..! ඔයා මහ හොද නෑ අප්පාහ්.. කෑගහන්නෙපා.. චූටිගෙ හිත රිදෙනෝනෙ.. "

ඇයි අනේ මටමයි බනින්නෙ..! ඒ අස්සෙ පෙරේතයාත් හිනාවෙනෝ..

" කොහෙද දන්නෑ චූටි තමුසෙගෙ.. "

ඔය දැක්කනෙ..! ඔය දැක්කනෙ..! මූට තියෙන්නේ පුදුම අමාරුවක් අනුන්ගෙ දේවල් වලට හොට දාන්න..

" මගේ කොහෙවත් චූටි නෑ..! ඒ වුනාට අම්මට තාම මාව චූටීනෙ.. තමුසෙ ඉන්නව හැම එකටම හොට දාන්නැතුව..! "

" ඔව් ඔව් ඒක තමයි අර නිසිනු මල්ලිත් එක්ක තෝ මගුල් නටන්නෙ..! "

"ලොකූ කටවහගෙන ඉන්න පොඩි එකෙක් වගේ මල්ලි එක්ක එල්ලෙන්න යන්නැතුව..! "

හොඩෑඩේ පොලොස්කොට්ටෝරුවට..! දැන් සනීප ඇති.. ආවා මෙතන මමයි නිසී බබායි ගැන කියන්න.. ඉදපන්කො තොට කරන්න මන්..!

" අම්මෙ අයියට කෙල්ලෙක් ඉන්නෝ..!! "

මං මහ පගයා දිහා බලාගෙනම කියලා දැම්මා.. ඌට ඕකනෙ කරගන්න ඕන උනේ.. දැන් ඉන්නෝ ඇසුත් තඩිස්සි කරන් මාව මරන්න වගේ..!

" මූ ඒකි එක්ක මොන මගුලේ යනවද දන්නෑ අම්මෙ..! "

" ලොකූ..!? ඇත්තද මේ..!? "

" පිස්සුද අම්මේ.. මේ මුගේ බොරු..! "

මහ පගයා එහෙම කියාගෙන පටස් ගාලා කුස්සියෙන් චුත වෙලා ගියා.. දැක්කනෙ ඌගෙ තියෙන කපටිකම..!

" අම්මෙ අයියට මේ ලව් කරන වයසක්ද නේද.. ඉගෙනගන්න කාලෙ ඉගෙනගන්න ඕන නේද අම්මෙ.. බලන්නකො මූ හැදෙන හැටි අන්තිමයි.. වැඩක් නෑ ඉතින් ඕවා කතා කරලා.. නේ අම්මෙ..? "

" ඔව් බලමුකෝ ඉස්සරහට ඔය කියන කෙනත් හැදෙන හැටි.. "

අම්මා එහෙම කියන ගමන් මිරිස් කරලක් කටින් බෝඩ් එකේ තියලා කපාගෙන කපාගෙන ගියා චූටි චූටි කෑලි වලට.. මං හිතන්නෙ මං මෙතනින් ගියොත් හොදයි..! හොද වෙලාවට මහ පගයා සංසලා අක්කි ගැන දන්නැත්තෙ..! නැත්තන් මූ ඒක තමයි මුලින්ම කියන්නෙ.. කොහොමද අම්මගෙ චූටි පුතා ඉස්කෝලෙ මිස්ලා ලයින් කරනවා කිව්වම.. මල හත්තිලව්වක් වෙන්නෙ..!!

මං පැන්ට්‍රියෙන් බිමට පැනලා තේ එකත් බීගෙන බීගෙන ගිහින් කෝප්පෙ හෝදලා ශේප් එකේ එතනින් මාරුවෙලා ආවා චීස් බට්න්ස් ටින් එකත් අරන්.. සාලෙට එද්දි මහ පගයා ඉන්නෝ සෝෆා එකේ වාඩිවෙලා ෆෝන් එක කොට කොට.. මං ඌට ඉස්සරහින් වාඩි වෙලා කොෆි ටේබල් එක උඩ තිබ්බ ටීවී රිමෝට් එකේ පිටිපස්ස ගලවලා අරන් ඒකෙන් මහ පගයට පේන්නම බිස්කට් ටින් එකේ පියන ඇරලා ඊටපස්සෙ ඒකෙ තියෙන ඇලුමිනියම් තීරුව ඉරාගෙන ගියා.. කතුර තමයි මේ වැඩේට හරියන්නෙ.. ඒ වුනාට රිමෝට් එකේ පිටිපස්සෙ කෑල්ලත් සෙට්..! කොහොමත් කතුරු හොයන්න ආයෙ නැගිටලා යන්න කම්මැලියි.. මං ආයෙත් රිමෝට් එක හරියට සෙට් කරලා පැත්තකින් තියලා කකුල් දෙකත් උඩට අරන් එරමිණියා ගොතන් වාඩිවෙලා ටීවී එකත් ඔන් කරා.. නිකලෝඩියන් එකවත් බලන්නෝන.. සූටින් මාටින් යනෝනෙ.. හින්දියෙන් උනත් මොකෝ රූප වලින් කාටුන් එක තේරෙනවනම්..!

මං චීස් බට්න්ස් කකා කාටුන් බලද්දී ඇස් කොනින් දැක්කා අරූ බලන් ඉන්නෝ.. කවුද ඉතින් අපේ මහ පගයා.. බලන් හිටියට වැඩක් නෑ තොට එක චීස් බට්න් එකක්වත් දෙන්නෑ..! ගොන් බල්ලා..!!! ඌ අද රිබ් හයි නෙක් ටී ශර්ට් එකක් ඇදගෙන ඉන්නෙ.. මං උගෙ බෙල්ලට වැඩේ දුන්නනෙ ඊයෙ රෑ.. මේකයි උනේ.. ඊයෙ රෑ අරූ කිව්ව පඩත්තල කතාව මතකනෙ..? ඕක බදින්න වෙන්නෑ කිව්වා.. ඌ කියන්න ඕන්නෑ කොහොමත් මං නිසිනු පගයව බදින්නෑ.. ඒක වෙනම කතාවක්..ඒත් මූ මට ඊයෙ රෑ කින්ඩියනෙ දැම්මෙ.. මට මල පැන්නා.. කෑවා ඌගෙ බෙල්ල..! ඊටපස්සෙ ඌටත් මල පැනලා මාව ඇදන් ගිහින් පිට පැලෙන්න දෙකක් දීලා රූම් එකෙන් එලියට ඇදලා දැම්මා..!! අසික්කිත මිනිහා ඊටපස්සෙ, "තෝ වරෙන් බලන්න ආයෙ මගේ රූම් එක පැත්තේ.. හතර හංදි කඩනව උබේ..!!" කියලා මූනටම දඩාං ගාලා දොර වහලා දැම්මා.. ගොන් පරයා.. කොහොම උනත් ඌට හොදෑඩේ..!! කට හින්දා මාලුවා නහිනවා කියන්නෙ නිකන් නෙවෙයිනෙ.. මූ කට වහන් ඉදියනම් මං උගෙ බෙල්ල කන්නෑනෙ.. මං හපපු පාර ලේත් පැන්නද කොහෙද.. අවුලක් නෑ.. දැන් ඉතින් මහ දවාලෙත් බෙල්ල වහන් දාඩිය පෙරන් ඉදපන්..!

" ඕයි.. "

" ..... "

" චූටි !? "

" ..... "

" ඕයි චූටී.. මේ අහනවකො පොඩ්ඩක්.."

ගොන් බල්ලා ඔච්චර ආදරෙන් ඔය කතා කරන්නෙ මගෙ චීස් බට්න් ටින් එකට විදින්න.. ඒත් වැඩක් නෑ.. මං ඇහුන්නෑ වගේ ඉදියා.. තොට දෙන්න මං ගාව බට්න් නෑ..!

ඔන්න එනවා ඔන්න එනවා..! මං පටස් ගාලා බිස්කට් ටින් එක වහගෙන බදාගත්තා.. මූ මේක උදුරන් ගියොත්..! කියන්න බෑනේ ඉතින් නේද..

" තමුසෙ මල පෙරේතයිනෙ චූටී..! දෙනවකො ඕක..! "

" බෑ..!! "

මං ඔරවගෙන බැලුවා ඌ දිහා.. ඌ හිටගෙන.. මං වාඩිවෙලානෙ.. ඌට මාව පේනවා ඇති චීස් බට්න්ස් ටින් එක ආරක්ෂා කරන බහිරවයෙක් වගේ.. සැක්..! ආ කමක් නෑ..

" අම්මෙ මල්ලි බිස්කට් දෙන්නෑ..!!!! "

ඉදකින් මේකා..! දැන් ඕකාගෙ තියෙන කඩප්පුලි ගතියට මගෙන් බිස්කට් එක ගන්නම තමයි ට්‍රයි කරන්නෙ.. දෙන්නෑ තොට මං..!

" බිස්කට් නෙවෙයි ලොකූ.. බත් කන්න..! උයලා ඉවරයි.. "

අම්මා කුස්සියේ ඉදන් කෑගැහුවම අරූ පරල උනා..! ජෙයියනේ ජෙයියනේ අම්මනක්කැටේ..!

" හොද වැඩේ තොට..! "

" පස්සෙ බලාගමු "

" හා "

තව බලන් ඉන්නව..! මොනාද දන්නෑ බලන්නෙ.. පකද බලන්නෙ උබ ආ..? මූත් එකයි මුගෙ යාලුවා සෙහදු බේසිකයත් එකයි..!! දෙන්නම පක බලාගෙන ඉදපන් ඉතින්..

ඌ කුස්සියට ගියාම මං බිස්කට් අහුරක් කටේ දාන් ටීවී එක දිහාට හැරුනා.. චීස් බට්න්ස් කටේ දියවෙද්දි තමයි රස.. ශික්..! කාටූන් එකේ බාගයක් මිස් උනානෙ අර ගෝතයා නිසා..!

" චූටී..!! "

බුදාම්මෝ..!!!

" කෝ දෙනවා ඕක මෙහාට..! බදාගෙන උදේම බිස්කට් කන්නෙ.. වොශ් එකක් දාගෙන ඇවිත් බත් කාලා ලෑස්ති වෙන්න ලමයෝ.. ක්ලාස් නේද අද..! "

අම්මා බිස්කට් ටින් එක උදුරන් ගියානෙ..! අනේඑඒඒඒඑ..!!!! මගේ චීස් බට්න්ස් ටික.. අර උලං ගෝතයා තමයි උසිගන්වන්න ඇත්තෙ අම්මව.. ඔය එන්නෙ ඔය එන්නෙ බත් එකකුත් අරන් හිනාවෙවී.. මුගේ හොම්බට දෙකක් දෙන්න බෑනේ මට..! ආආආආඅ..!!! පරයා..! බේසික පරයා..!

තව මොකටද ඉතින් මෙතන ඉදලා..! අඩි හප්ප හප්ප මං ගියා වොශ් එකක් දාන්න..! හත හමාරයි දැන් වෙලාව..! අරූට අට හමාරට ක්ලාස් මං හිතන්නේ අද.. මට තියෙන්නේ නවයට..!

මං ඉතින් වොශ් දාලා තද නිල් ඩෙනිමට රතු පෝලො ටීශර්ට් එකකුත් ඇදන් හොරෙන් අයියගෙන් උස්සපු පර්ෆියුම් එකත් නාලා සුවද ගහහා ගියා පල්ලෙහාට.. අම්මත් ලෑස්තිවෙලා..

" චූටි බත් ටිකක් කවන්නද..? "

අම්න්නේ.. මං මේ කියන්න හැදුවා විතරයි..!

මම "හා" කිව්වම අම්ම ගිහින් බත් බෙදාගෙන ඇවිත් මට කැව්වා.. අද උදේම තාත්තා ගිහින්.. අම්මා බත් එකක් ඔතාගෙන මං හිතන්නේ තාත්තටත් එක්ක.. ඒ නිසා එයා කෑවෙ නෑ..

" බුදුසරණයි චූටි.. දොර වහන් පරිස්සමින් යන්න හොදේ.. පාරවල්වල යද්දී පරිස්සමින් යන්න වාහන අස්සෙන් බයිසිකලේ දාන්නැතුව.. "

" හරි අනේ.. "

අම්මා එලියට බහිද්දි මං එයාට වැන්දම එහෙම කිව්වෙ.. මොනා උනත් එයාට බයයි මං තනියම එහෙ මෙහෙ යද්දි.. මොකද අපේ මහ පගයා ඔහොම ගිහින් එකසැරයක් අන්ඩක් කඩන් හොස්පිට්ල් ඇඩ්මිට් කරලා හිටියා..

කොහොමහරි අම්මලා ගිහින් පැය බාගෙකට විතර පස්සෙ තමයි මන් එලියට බැස්සෙ.. මේත් වේලාසනින් වැඩියි ඉතින්.. අවුලක් නෑ අනිත් උන් මේවෙද්දි ඇවිල්ලා ඕපදූප කියවනෝත් එක්කනෙ.. ඒකට අපේ මහ පගයා..! ඌ ක්ලාස් යන්නෙ ක්ලාස් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දී.. අද තමයි කාලෙකට පස්සෙ වේලාසනින් ගියේ.. අම්මා එක්ක අද ගියේ පොර.. අම්මා ඌව ක්ලාස් එක ගාවින් හලන් යයි.. මූ ආයෙ එන්නෙත් හවසටනෙ.. ඌට පන්ති දෙකක් තියෙනෝ අද.. හවස එද්දි ඔය කාත් එක්ක හරි ඒවි.. නැත්නම් කපිල අංකල් යාවි එක්කන් එන්න..

මං දොරත් ලොක් කරලා යතුර බෑග් එකේ දාගෙන ආවෙ මගේ වන්ඩිය ලගට.. මගේ ෆුට් බයිසිකලේ.. මගේ වශ්ථුවෑ..!! මට ඉතින් කාර් බාර් නෑ.. මේ ඉන්නෙ මගේ සුදාම්මි.. සංසලා අක්කිටත් පිටිපස්සෙන් එල්ලිලා යන්න පුළුවන් විදියට හදාගන්න ඕනි පස්සෙ දවසක..!

මං මගේ සුදාම්මිගෙ පිට උඩ නැගලා රූං ගාලා ඉගිලුනා.. ගේට් එක වහයි කපිල අංකල්.. ආ කපිල අංකල් කිව්වෙ සිකියුරිටි අංකල්.. සිකියුරිටි අංකල් උනාට ඩ්‍රයිවින් වැඩෙත් කරනො සමහර වෙලාවට.. කොහොමහරි අපි දෙන්නා ඉතින් යාලුවෝ..!

සයන්ස් ක්ලාස් එක තියෙන්නෙ කුණු ඇළ බාලිකාවෙ පිටිපස්ස ගේට් එක පැත්තෙන් ගියාම.. ගෘප් ක්ලාස් එකක් ඉතින්.. සුභාෂ් ගියාද දන්නෙත් නෑ.. මට අහන්නත් අමතක උනා උගෙන්.. ඌ ඉතින් අපේ පාරෙ එකානේ..

මේ වෙලාවට ට්‍රැෆික් ඉතින් මේ ටිකේ.. සෙනසුරාදා නිසා ගොඩක් ක්ලාස් තියෙනො.. මං අස්සෙන් අස්සෙන් මගෙ සුදාම්මිව දාලා ක්ලාස් එකට ආවා.. තාම ළමයිනම් වැඩිය ඇවිත් නෑ.. නවයට පහක් විතර තියෙද්දි තමයි ලමයි එන්නෙ.. කොහොමත් ළමයි ඉන්නෙත් විස්සක් විතර මේකෙ.. මං ක්ලාස් එක ඇතුළට යද්දි අර නිසිනුවා ඉන්නො බිනුරයා එක්ක කැකිරි පල පල.. කෙල්ලොන්ගෙ අවදානෙ ගන්න තමයි ඔය සද්ද දාන්නෙ උන්.. බේසිකයො..!!!

" ආ බට්ටා පුතේ.. වරෙන් වරෙන්.. "

අනේ යකෝ..!!! ඔය හුකන නම මට කියන්නෙපා කිව්වට වැඩක් නෑ මුන්ට.. අර ඉස්සරහ පේළියෙ හිටිය කෙල්ලො දෙන්නත් හිනා උනා මගුල.. මං ඔරවගෙන ගිහින් බිනුරයගෙ එහාපැත්තෙන් වාඩි උනා.. මට අර නිසිනු පරයා එක්ක කතාවක් නෑ.. ගොන් බල්ලා මට කැලෑ පත්තර ගහලනෙ..!

" මොකෝ උබ කතා නැත්තෙ !? "

බිනුරයා මට ඇනලා කිව්වෙ.. අනේ වැඩක් නෑ කතා කරලා.. කතා කරන්න ගියොත් මුන් අර ගොම්බිලි මිනිහා ගැන ඇදල ගන්නො..

" සහිරුකීට හරි ගිහින් නිසා වෙන්නැති කතා නැත්තෙ.. ආ කමක් නෑ ඉතින්.. අපිටත් දවසක හරි යයිනෙ.. "

අනේ ඉතින් පකක් කියවනෝනෙ.. වැඩක් නෑ කතා කරලා.. මං ඇහුණෙ නෑ වගේ ඉදියා.. සුභාෂයත් තාම නෑනෙ මගුල..

" එහෙම තමයි ඉතින්.. අනික ලේසි පහසු ඉත්තක්දනෙ.. අනාගත ඉංජෙක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයිනෙ.. "

" අනේ උට්ටක් කතා නොකර ඉදපන් බං..!! "

නිසිනුවා කිව්ව එකට මං තරහ ගිහින් එහෙම කිව්වම උන් දෙන්නා හැක හැක ගාන්න ගත්තා.. හරි හිනා ඉතින්.. මටනම් හිනා යන්නෑ..

ටිකකින් සයන්ස් මිස් ක්ලාස් එකට ආවා.. මිස්ලයි ගෙදර පිටිපස්සෙන් ඒසී රූම් එකක තමයි ක්ලාස් තියෙන්නෙ.. සුභාෂයා තාම නෑනෙ.. ඌ එන්නෙ නැද්ද දන්නෑ අද.. මං එහෙම හිතුවා විතරයි යකෝ..

" Excuse me teacher..! "

කියාගෙන හති දාගෙන දුවන් ආව සුභාශ් අපේ පේළිය ගාව නැවතිලා දඩිබිඩියේ මාවත් තල්ලු කරන් කොනෙන් ඉදගත්තා.. යකෝ මේ එක ඩෙස්ක් එකක වාඩිවෙන්න පුළුවන් උපරිම තුන් දෙනාටයි.. දැන් අපේ එකේ හතරක් ඉන්නෝ..

" පුතා come here.. මේ පේලියේ ඉඩ තියෙනවා.. "

" Ah its okay ma'am.. මෙතන හොදයි.. "

සුභාෂ් විරිත්තලා එහෙම කිව්වම මිසුත් ආයෙ මුකුත් කියන්න ගියේ නෑ.. කොහොමත් ඉතින් එයා දන්නෝ අපිට කියලා වැඩක් නෑ කියලා.. අවුලකුත් නෑ හැබැයි සීතලට ගුලිවෙන්න ඕනත් නෑ.. කොහොමත් දැන් ගුලිවෙලා වගේනෙ..

" Okay children.. Today we have to talk about non-metals.. "

මිස් පාඩම පටන්ගන්නකොටම අපිත් පොත් පෙරලන් පෑන් අතට ගත්තා..

" What do you mean by non-metals ? "

බ්ලා බ්ලා බ්ලා..

So put a star mark and write.. "

කිව්වම ඊටපස්සෙ ඉතින් දිගටම අපි ලිව්වා..! ලියන අතරෙ නිසිනු බේසිකයා අත දික් කරලා පෑනෙන් ඇන්දා මගේ අතේ.. මං කිව්වෙ.. බේසික වැඩමයි කරන්නෙ..! තිබ්බ කේන්තියටම මාත් අත දිග කරලා ඌගෙ අතෙත් පෑනෙන් ඇදගෙන ඇදගෙන ගියා..! දැන් හරියයි අමාරුව.. පකයා..!

" දගලන්න එපා යකෝ..! කිරිපනුගාය ද උබලා දෙන්නට..!? "

ඒ අස්සෙ බිනුරයත් කෙදිරි ගානෝ රහසින්.. හිනත් යනෝ යකෝ.. ඌට රහසින් කතා කරන්න තේරෙන්නෑ.. මොකක් හරි අමාරුවකින් පෙළෙනෝ වගේ තමයි කටහඩ පිටවෙන්නෙ ඌ රහසින් කතා කරද්දි..

ඊටපස්සෙ ඉතින් සාමකාමී වාතාවරණයක මං ලාවට සුභාෂ්ට හේත්තුවකුත් දාගෙන නෝට් එක ලිව්වා.. නිදිත්මතයි ඒ අස්සෙ.. පැය තුනයි ක්ලාස් එක.. අනේ මන්ද ඕයි.. මට පේන්නම බැරි සබ්ජක්ට් එක තමයි මේ මල මගුල් විජ්ජාව රෙද්ද..!

සයන්ස් ක්ලාස් ඉවරවෙලා අපි රාහුල පාරෙන් දාලා එනගමන් එරමානිස් එකට ගියා.. අපි කිව්වෙ ඉතින් මායි, සුභාෂයයි.. උට CR පොතක් ගන්න ඕනි කියලා.. ගෙදරින් පොත් ගේන්නෑ.. උටත් මගට ආවමනෙ මතක් වෙන්නෙ මගුල..

එකට කොමස් ක්ලාසුත් තියෙනො.. ඒකට යන්නෙ අපි දෙන්නා විතරයි.. අනිත් උන් වෙන මගුල්නෙ කරන්නෙ.. ආ තරුල් කොමස් කරනො නිසා ඌ එනෝ.. එච්චරයි ඉතින්..

නිසිනුවලයි ගෙවල් තියෙන්නෙ ටැංකි බාලිකාව පැත්තෙනෙ.. මේ පාරෙන් තමයි ඌ යන්නෙ ඉතින්.. ඒ හින්දා ඒ පගයත් අපි එක්ක මෙතනට ඇවිත් ඌ ගෙදර ගියා..

මූත් එක්ක කරන්න බෑ.. මොකක් හරි CR පොතක් අරන් වරෙන්කො.. ඒකෙත් තෝරනෝ දමාගෙන පිටු පෙරල පෙරල.. අකුරු ලිව්වම අනිත් පැත්තෙන් මතුවෙනවද බලනවැති.. මහ පිස්සු පකෙක්..! සුභාෂයා CR පොත් තෝරද්දි මාත් අත පය තියන් ඉන්න බැරිකමට රාක්කවල පොත් බල බල ගියා.. මං පොත් පිස්සෙක් යාලුවනේ..!! සෙංකොට්ටං, මාණික්කාවත, අපොයියාව.. අඩෝහ් ගන්නත් හිතෙනෝ පොතක්.. ගිය සතියෙත් ගත්තා ඕයි මං මස්ඉඹුල සර්ගෙ පොතක්..! මේ සතියෙ ගන්න ඕන්නෑනේ..? ඔව් ඔව් ඕන්නෑ.. ඊළග සතියෙ ගමු..!

" ඒ සහිරූ.. වරෙන්..! "

ඇතියාන්තම් බූරුසේනට පොතක් සෙට් වෙලා.. මං යද්දී ඌ ඉන්නෝ කැශියර් එක ගාව.. ඒත් පොඩ්ඩක් හිටාම්..! සුභාෂයට ඉස්සරහ ඉන්නෙ..

ටෞකන්ඩ යකෝ ගොම්බිලියා..!!!

මොනෝත්තක්ද ඕයි මූ යන යන තැන නෙ..!! ශික්..! අර පිස්සු හත්වලාමටත් මේකෙ අස්සෙම රිංගන්න ඕන උනානෙ.. පර සුභාෂයා..!!

" ඒ සහිරු වරෙන් යකෝ.. තෝ පැලපදියන් වෙලාද ඔතන..!? "

මං ගැස්සිල ගියා සුභාෂ් බල්ලා කෑගහද්දි.. බලද්දි ඌ බිලත් ගෙවලා දොර ලගටත් ගිහින්..! මාත් හැදුවෙ ශේප් එකේ මාරුවෙන්න..

" සහිරු..!? "

ඉවරයි..! අරූ සහිරූ කියනෝ ඇහිලා ගොම්බිලියා මාව අදුරන්ද කොහෙද.. මං දන්නෑ..! මං දැක්කෙ නෑ..! මං මට නෙවෙයි වගේ එන්න හදද්දී මොකෙක්ද මන්දා මගේ වැලමිටෙන් අල්ලගත්තා.. මං ආස නෑ යකෝ මාව අල්ලනවට..! කරන්න දෙයක් නෑ ඉතින් දැන්.. හැරිලා බැලුවා මං..

" දැක්කෙ නෑ වගේ යන්නෙ මොකෝ..? "

ගොම්බිලියා හිනාවෙලා ඇහුවේ.. මාත් ඉතින් හිනානොවී බැරිකමට වගේ හිනාවක් දැම්මා..

" මං දැක්කෙ නෑ ඉතින් අයියා ඉන්නෝ.. පරක්කු වෙනෝ අයියෙ අපි යනෝ හොදේ.. "

මං එහෙම කිව්වම ගොම්බිලියා තප්පර දෙකතුනක් කල්පනා කරා..

" ආ ටිකක් ඉන්න..! රිශී කොල කෑල්ලක් තියෙනවනම් දෙන්නකො.. "

මට ටිකක් ඉන්න කියලා ගොම්බිලියා ඌට පිටිපස්සෙන් හිටිය කෙල්ලෙක් දිහාට හැරුනා.. අම්මටහුඩු යකෝ.. මේ අර ඊයෙ දැකපු කෙල්ලනෙ..!!! දෙයියනේ දෙයියනේ ගොම්බිලි කෑල්ල..

ඒ කෙල්ල අතේ තිබ්බ කොල රෝලෙන් අන්තිම කොලේ කොනක් ඉරලා ගොම්බිලියට දුන්නම ගොම්බිලියා කැශියර් එක ගාව තියලා තියෙන පෑනකින් මොන මොනාදෝ ලියලා මට දික්කරා..

" මගේ නම්බර් එක.. "

මොකක්..!!!? මොන මගුලටද මට..!!

" ඔයාලගෙ කරාතේ ගෘප් එකක් තියෙනවා නම් මාව ඇඩ් කරන්න.. නැතිවෙන්න විදියක් නම් නෑ ඉතින්.. නේද..? "

අනේ උට්ටෝ..!!! මොන මරාලයක්ද ඕයි මේ කඩාපාත්වුනේ මට.. අර "ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට.." වගේ සීන් එකක මං ඉන්නෙ දැන්..! හිත හිත ඉන්නත් බෑ.. වෙන කරන්න දෙයක් නැති නිසා මං දත් පූට්ටු කරන් දත් නොපෙනෙන්න හිනාවෙලා අරූ දික් කරන් ඉන්න නම්බර් එකත් අරන් ඒ ගැම්මෙන්ම දොර ළග අයිනකින් ඔය සේරම බලන් ඉදපු සුභාෂ්වත් ඇදන් බුක්ශොප් එකෙන් එලියට ආවා.

එච්චරයි වෙන්න ඕන උනේ.. දන්නවනෙ බේසික පර පෞකාර යාලුවෝ ඉන්නෙ මට..! හොදම උදාහරණය මගේ එහාපැත්තේ.. බුක්ශොප් එකෙන් එලියට ආවා විතරයි මූ කියවනෝ කියවනෝ ඉවරයක් නෑ.. අම්මපා මට මූව ළගපාත කාණුවකටවත් තල්ලු කරන්න හිතෙනෝ..!

" කොහොමහරි නම්බර් එකත් ගත්තා නේ සහිරුකීඊඊ..!! අම්මෝ අම්මෝ.. ඒ ආතරේට ඇස්වහක් නම් වදින්නෙපා..! "

කේන්තියි යකෝඕඕඕඕඕඕඕ..!!!!

" ආ තියාගනින් මේ ලබ්බ..!! මටෝන්නෑ මේ කෙහෙල්මල් ගොම්බිලි නම්බර්ස්..!! "

අතේ ගුලිකරන් හිටිය අර පුත්තලම් බූරුවගේ නම්බර් රෙද්දෙන් මං සුභාෂ්ට දමලා ගහලා වේගෙන් වේගෙන් ඇවිදන් ගියා..

" ඕයි ඔහොම හිටාම් සහිරුකීඊඊ.. "

සුභාෂ් දූවගෙන ඇවිත් මගේ කරට අත දාගත්තම මං අත ගසල දැම්මා.. වැඩක් නෑ මූත්..

" ඕන්නෑ.. පලයන්..! තෝත් ඕන්නෑ.. මට මොකුත් ඕන්නෑ..!! "

හෙ හේ.. මං එහෙම කිව්වට ඊට විනාඩි දහයකට පස්සෙ මං හිටියේ බ්‍රදර්ස් ටේස්ට් එකේ..! සුභාෂ්නුත් එක්ක.. මෙහෙමයි ඉතින් ඒ වෙලාවෙ කේන්ති ගියා.. ගොම්බිලියා එක්ක මට ඇයි යකෝ මෙච්චර කේන්ති..? ඔය ඒ කේන්තිය තමයි සුභාෂ්ගෙ පිටිනුත් ගියේ.. අනේ වැඩක් නෑ ඒවා කතාකරලා..

" ඒ මොනවද කන්නෙ !? "

සුභාෂ් බෑග්ගෙ තියලා මගෙන් අහද්දි මන් ටිකක් කල්පනා කරා..

" අද සෙනසුරාදනෙ.. Saturday Special වල දුන්තෙල් චිකන් ෆ්‍රයිඩ් රයිස් තියෙනම් ගනිම්.. "

" හා හා.. ඉන්න බලන්න.. "

ඌ ගියා ඕඩර් එක දාන්න.. මෙතන කෑම පට්ට රසයි.. කුළුබඩු පදමට දානො ඉතින්.. ගොඩක්ම ඔය ක්ලාස් යන ළමයිගෙන් තමයි මෙතන පිරෙන්නෙ.. අනික සෙනසුරාදට ස්පෙශලි දුන්තෙල් වලින් කෑම හදනො.. ඒවගෙ අමුතු රසක්නෙ තියෙන්නෙ..

" අඩෝ තියනෝලු.. "

තියෙනෝනම් ගන්න එපැයි පකෝ..!

" එහෙනම් ඉතින් චිකන් එකෙන් ගනිම්.. "

උට චිකන් එකෙන් ගන්න කියලා මාත් නැගිටලා කවුන්ටරේ ගාවට ආවා..

" ප්ලේට්ස් වලට දෙන්න කියපන්.. නැත්නම් පැකින් කරලා දේවි ගෙනියන්න.. "

" කිව්වා කිව්වා.. "

සුභාෂයා කෑම ඕඩරේ දාලා ගිහින් වාඩිවෙද්දි මං ගිහින් Blis එකේ ලයිම් ඩ්‍රින්ක් බොට්ල් දෙකක් ගත්තා.. ම්ම්.. මේක සෙට් ෆ්‍රයිඩ් රයිස් එක්ක..

කොහොමහරි බ්‍රදර්ස් ටේස්ට් එකෙන් සප්පායම් වෙලා අපි දෙන්නා ගියේ කොමස් ක්ලාස් එකට.. යද්දි තරුල් ඇවිත් ඉන්නො ඉඩකුත් අල්ලන්.. ඒත් වැඩක් නෑ.. ඒ ගොන් බල්ලත් මාව දැක්ක ගමන් අමුතුවට හිනා උනා.. මුන් ඔක්කොම එකයි යකෝ..!! ඔන්න දැන් මට ආයෙ තරහ යාගෙන එනෝ..

කාඩ් මාක් කරන තැන ඉදිය කුමුදු අංකල්ටත් හිනාවක් දීගෙන මං පංතිය ඇතුළට ගිහින් තරුල්ගෙ එහා පැත්තෙන් වාඩි උනාම සුභාෂයත් ඇවිත් මගෙ එහාපැත්තෙන් වාඩි උනා මාව මැදට දාලා.. මං දැන් ගිරයට අහු උනු පුවක් ගෙඩිය වගේ..! හැබැයි මුන් දෙන්නට වැඩිය මාව බයිට් එකට ගන්න උනේ නෑ සර් ක්ලාස් එක පටන් ගත්තා..

මගුලෙ ගිණුම් ගහ ගහ පැය දෙකක් කට්ට කෑවා ඉතින්.. සිරාවටම මං මේ වෙන කරන්න දෙයක් නැතිකමට මේ කොමස් කරන්නෙ.. ඉස්කෝලෙ අපිට ටැමිල් උගන්වන්න සෙට් උනු මිස් මට පේන්න බෑ..! ඒ ගෑනිගෙ කටහඩ අප්පිරියයි මට.. ඒ නිසා සති දෙකක් ටැමිල් කරලා කොමස් වලට මාරු උනා.. Civic, Geography කරන්න කම්මැළියි.. පාඩම් කරන්නෙපැයි ඒ මගුල්.. ඒ දවස්වල දහය වසර වෙනකන් ඉදියෙ ඔය Civic, Geography, Health සබ්ජෙක්ට්ස් තුන අතාරින්න.. ඒ නිසා ලොවෙත් ඔය මගුල්නම් කරන්නෑ.. ඉතින් අන්තිමට කොමස් තමයි කරන්න සෙට් උනේ.. ඒ මගුලත් එපා වෙනෝ වෙලාවකට.. එකේක උන්ගෙ ව්‍යාපාරවලට අපි ගිණුම් ගහන්න එපැයි.. මල එපාවෙන වැඩ..!

හැබැයි මම හෙන ව්‍යාපාර අයිතිකාරයෙක් කොමස් පීරියඩ් එකේ.. මොකද මං එකේක උන්ගෙ ව්‍යාපාරවලට ගිණුම් ගහන්න යන්නෑ.. ඒවටත් මගේ නම දාලා ගිණුම් ගහනො.. "සහිරුගේ ව්‍යාපාරය".. ගැම්මක් තමයි ඉතින්..!

කොමස් ක්ලාස් ඉවරවෙලා ගෙදර ඇවිත් මං වොශ් එකක් දාගෙන ආවෙ ඇදට.. මහ පගයත් තාම නෑ.. මං විතරයි ගෙදර.. ආ නෑ කපිල අංකල් එළියෙ ඇති.. බඩගින්නකුත් ලාවට වගේ සෙට් වෙනෝ.. බඩගින්නක් කිව්වට තිබහක් වගේ එකක්.. පල්ලෙහාට යන්නත් කම්මැළියි වගේ.. මං ටිකක් ඇදේ පෙරලි පෙරලි ඉදලා කිරි තේකක් හදාගන්න යන්න නැගිට්ටා.. උඩත් පොඩි කිචන් අයිලට් එකක් වගේ තියෙනො.. ඒත් ඒකෙ තියෙද දන්නෙත් නෑ පිටි, සීනි, තේකොළ.. උඩට ගිහින් තේකක් හදාගන්න මුකුත් නැති උනොත් ආයෙ පල්ලම් බහින්න කම්මැළියිනෙ.. ඒ නිසා මං පල්ලෙහාටම ගියා..

මෙහෙමයි අපේ ගෙදර තට්ටු තුනේ.. මැද එකේ තමයි අපේ වාසභවන.. අපේ කිව්වෙ ඉතින් අයියගෙයි මගෙයි තමයි.. අම්මයි තාත්තයි ලොකුවට ගෙදර ගැවසෙන්නෙ නෑනෙ.. උඩම තට්ටුවේ පූල් එකක් තියෙනො.. පොඩිම පොඩි එකක්.. ඒක තිබ්බට වැඩකුත් නෑ ඉතින්.. අපේ ගෙදර කට්ටිය රැදෙනො අඩුයිනෙ.. ඔය කවුරුත් ගෙදර හිටියොත් එළියට යනෝ ඇරෙන්න පූල් එකේ ස්විම් කරන්න තරම් වෙලාවක් නෑ.. මං තමයි ඉතින් ස්විම් කරේ නැතත් ඒකට බැහැල හරි ඉන්නෙ ඉදලා හිටලා.. ඒ හින්දා තාත්තා කියල තියෙන්නෙ පූල් එකේ වතුර ටික අයින් කරල දාලා පස් ටිකක් දාලා ගස් ටිකක් හිටවනෝ කියලා..

මං පල්ලෙහා කුස්සියට ඇවිත් හීටරේ වතුර එකක් ගහලා පැන්ට්‍රියෙන් වාඩිවෙලා උදේ අම්මා මගෙන් උදුරගත්තු චීස් බට්න් ටින් එක බදාගත්තා.. අනේව් මට ඔයාව මිස් උනු තරම්..!!! මගෙ චීස් බට්න් බබාලා.. බිස්කට් අහුරක්ම කටේ දාගෙන හප හප ඉදිද්දි මට මතක් උනේ මං ළගදි කියෙව්ව මස්ඉඹුල සර්ගෙ මැයි මාර ප්‍රසංගය පොත..! 1999 දි මස්ඉඹුල සර්ට හම්බුන සමිධ අයියා හදන අමුතු අපූරු තේ එක දන්නව ඇති පොත කියෙව්ව අය නම්.. "කරදමුංගු කරාබුනැටි තේ" මටත් ආසයි බොන්න.. ඒත් අවුල තියෙන්නේ මං කරදමුංගු වලටවත් කරාබුනැටි වලටවත් ආස නෑනේ.. අනික තේ නෙවෙයි මට දැන් ඕන දෙමෝදර ගිහින් සමිධ අයියගෙ රතු මැයි මාර ගහ බලන්න..! හ්ම්ම්.. පොත කියවන්න කියෙව්වෙ නෑ නම්.. මං අද එරමානිස් එකේදිත් දැක්කා ඒ පොත තියෙනො.. සිරාවටම මාරම ලස්සන පොතක්..!!

යකෝ එරමානිස් කියද්දී ඒ එක්කම මට ගොම්බිලියෙක්ගෙ මූණකුත් මතක් උනා.. අඩෝ යකෝ..!!!! ඒ මිනිහා අද මට උගෙ නම්බර් එක දුන්නනෙ අපෙ කරාතෙ ගෘප් එකට ඇඩ් කරන්න කියලා.. මං ඒක විසික් කරානෙ ඕයි.. මල හුට්ටප්පරයක් වෙන්නෙ දැන්.. ඌව ඇඩ් කරලා තිබ්බෙ නැතොත් ඒ මල යකා ලබන බ්‍රහස්පතින්දා මගෙ ඔලුව කාවි.. හත්තිලව්වේ මොන තේද යකෝ.. මං එහෙන්මම පැන්ට්‍රියෙන් බිමට පැනලා උඩට දිව්වා සුභාෂයට කෝල් එකක් ගන්න.. හදිස්සියට ෆෝන් එක හොයාගන්නත් නෑනේ යකෝව්..!!! ආ හම්බුනා..!!

" මේ පගයා ආන්ස්වර් කරන්නෑනෙ මගුල..!! "

දෙපාරක් කෝල් කරලත් සුභාෂ් කෝල්ස් ආන්ස්වර් කරේ නැති තැන මං උට ටෙක්ස්ට් එකක් තියලා ෆෝන් එක දිහා බලන් ආනාපානසතිය කරන්න ගත්තෙ ඌ රිප්ලයි කරනකන්.. ඌ රිප්ලයි කරේ නැතොත් මට උන්ලයි ගෙදරට තමයි යන්න වෙන්නෙ.. අපේ ගෙවල් තියෙන පාර අවසන් වෙලා සරානන්ද පාරට වැටෙන තැන තමයි උන්ලයි ගෙදර.. ලොකු දුරක්නම් නෑ ඉතින්..

අනේ ඔන්ලයින් වරෙන් උට්ටෝඕඕඕඕ...!!!!!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter