Back
/ 22
Chapter 5

04 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

අම්මා ඊයෙ කිව්වා වගේ අපි මේ අද එලියට යන්න හදන්නෙ.. මං ආෆ්ටර් ස්කූල් කරාතෙ ප්‍රැක්ටිස් ඉදලා ඇවිල්ලත් ඉක්මනට ලෑස්ති උනා.. ඒත් මෙයාලා තාම ලෑස්තියක් නෑනෙ..

" ඉක්මන් කරන්නකෝ අනේහ්..! "

එපාවෙනො අප්පාහ්.. මගුල් ගේක යන්න වගේ ලෑස්ති වෙනෝනෙ රෙද්ද.. මං විතරයි වෙලාවට කලාවට වැඩ කරන එකෙක්ට ඉන්නෙ..! ගෙදර මිනිස්සුන්ට හිතින් බැන බැනම මං සෝෆාවට වැටිලා අම්මගෙ ෆෝන් එක ගත්තා.. හැබැයි මේ මගුල අරන් ඔබනවට වෙනම ගානක් දෙන්නෝනෙ.. අම්මගෙ ෆෝන් එකේ අඩුමතරමෙ අර නයා ඇදෙන ගේම් එකක්වත් නෑ..! ගැලරිය ඕපන් කරත් සම්පූර්ණයෙන්ම තියෙන්නේ වැඩකට නැති හත්වලාමවල්.. ඔය එක්ස්රේ වල ෆොටෝස්නුයි බෙහෙත් රිසිට්නුයි.. මං හිතන්නෙ වට්සැප් වලින් කට්ටිය එවපු ඒවාත් මේ ගැලරියට සේව් වෙලා.. මං එහෙම්ම ඇපල් ස්ටෝර් වලට ගිහින් පියානෝ ටයිල්ස් ගේම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.. අම්මගෙ චූටි පුතා මිනීමරන ගේම් ගහන්නෑ..! ඒකට අපේ මහ පගයා.. පබ්ජි පබ්ජි කටේම පබ්ජි නැත්තන් ෆ්‍රීෆයර්.. හැබැයි ඌ ඕලෙවල් වලින් පස්සෙ ගේම් ගහන එක නැවැත්තුවා.. පොරට ඒලෙවල් ඌෂ්ණෙ ගැහුවා ලෙසටම.. තව ඉතින් ඉස්කෝලේ පට්ටමකුත් හම්බුනානෙ..

Calling ~

Unknown Number

මොන මගුලක්ද..! අතේ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තම මං මුල්ම කෝල් එක කට් කරා.. යකෝ මුන්ට දැන්මම ගන්නෝන උනානෙ රෙද්ද.. මගේ පියානෝ ටයිල්ස්නුත් ඩවුන්ලෝඩ් වෙන ගමන්.. ඩේටා ස්ලෝ අප්පාහ්..

Calling ~

Unknown Number

අනේ උට්ට..!

" අම්මේ.... කෝල් එකාආආආආක්..!!! "

කෑගහගෙන් මං නැගිටලා උසේන් බෝල්ට් වැහිලා වගේ අම්ම හොයන් දිව්වා.. හදිස්සියේවත් හොස්පිටල් එකෙන්ද දන්නෑනෙ.. මල හුයන්නක් වෙන්නෙ ඉස්සෙල්ලා කෝල් එක කට් උනා කියලා දැනගත්තොත්.. මං කාමරේට දුවද්දී අම්ම ඔලුව පීරනෝ..

" කවුද චූටි..? "

" Unknown Number එකක් "

කියන ගමන් මං ෆෝන් එක දෙන්න හද්දිම රෙද්ද කට් උනා යකෝ.. කෝල් එක කට් වෙලා ඊලගට ස්ක්‍රීන් එකේ වැටුනේ ගේම් එක ඩවුන්ලෝඩ් වෙලා කියලා.. අම්මා ෆෝන් එක අතේ තියන්ම මං දිහා බැලුවම මං ක්ශනිකවම එතනින් චුත වෙලා ආවා..

" තව ගේම් ගගහම ඉන්න චූටි..! මගේ ෆෝන් එකටත් ගේම් දාගෙන..! පොතක් පතක් බලන්නෑ.. ගේම් ගහනෝ කනෝ බොනෝ ටීවි බලනෝ නිදාගන්නෝ..! ආසාවටවත් පොතක් බලනවද මන් අහන්නෙ..!! අඩුමතරමෙ අයිය දිහා බලලවත් හැදෙන්නෑනෙ මේ ළමයා..!

හෙලෝ.. ආ ඔව් නිරෝශි කියන්න.. "

යැයි යැයි යැයි තමයි..! පඩිපෙළ බහිද්දිත් ඇහෙනෝ අම්මා බනිනෝ.. ඒ අස්සෙ පඩිපෙළ ගාව බිත්තියේ හූනෙකුත් චික් චික් ගෑවා.. ඌටත් ආතල් ඇති මට බනිද්දි.. ඉදාම්කෝ උබට..! මන් පැන්න ගමන් තදකරා හූනගෙ නැට්ට.. ආවා මෙතන මට කින්ඩියට චික් චික් ගාන්න..

" දෙයි හාමුදුරුවනේ විහිලුවක් කරේ යකෝව්..! අඩෝ මේක අරන් පලකො බං.. ඕයි හූනෝඕඕඕඕ..! "

අඩෝ අරූගෙ නැට්ට තදකරා විතරයි ඌ නැට්ට දමලා බිත්තිය දිගේ දිව්වා උඩට.. කැරි හූනා..! අඩෝ හිරිකිතයි බං.. මං ටක් ගාලා අත ගත්තම නැට්ට බිම වැටිලා දගලන්න ගත්තා..

" අයියේ..!!!! අනේ අයියෙ එන්නකෝ..!! "

මං බයයි ඕයි.. බය නෙවෙයි මට අප්පිරියයි..

" මොකද යකෝ කෑගහන්නෙ..!! "

" අනේ ඕයි අර.. "

කාමරෙන් එලියට ආව අයිය ගාවට දුවපු මං ඌවත් ඇදන් ආයෙ පඩි පෙළේ හූනු නැට්ට තියෙන තැනට ඇවිත් ඌට නැට්ට පෙන්නුවා ඒත් උට කිසි ගානක් නෑ..

" තමුසෙ ඕකටද ඕයි කෑගැහුවේ..!? "

අනේ යකෝ.. පොඩ්ඩක් කන්ෆියුස්වත් වෙයන්කො.. ගොන් බල්ලා.. මං රැව්වා උට..

" අනේ මන්දා බං උබයි නිසිනු මල්ලිගෙයි අනාගතේ ගැන මට නිකන් පිස්සු වගේ..! "

හත්තිලව්වේ ඒ මොකක්ද ඒ කිව්ව හරුපෙ.. මං ඇහි බැමක් උස්සන් උගෙ දිගා බැලුවම ඌ අල්ලලා දාපන් කියන්න වගේ උරහිස් ගස්සලා අර හූනු නැට්ට ඇගිලි දෙකෙන් අල්ලන් එළියට ගියා.. ඊයා යකෝව්..!

" චූටි ලෑස්තිනම් යමු.. "

" ලෑස්තිනම් යමු කියන්නෙ මං කොයි වෙලාවෙ ඉදන්ද අනේ දැන් ලෑස්තිවෙලා ඉන්නෙ..!!! "

" හරි හරි ඉතින්.. දැන් යමුකො.. "

පඩිපෙළ බැහැල බැහැල එන ගමන් අම්මා කිව්වම මං මූණත් නොරොක් කරන් අම්මගෙ අතේ එල්ලුණා.. ඔන්න දැන් මට පේනො එළිය ගිය මහ පගයත් කෙලගෙන මේ පැත්තට එනෝ.. උට හරි අමාරුයි මං අම්මා එක්ක ඉන්නො දැක්කම..

" අම්මා කියුට්.. "

හහ්.. ඔව් ඔව් අම්මා කියුට් තමයි.. ඒක මූ වෙනම කියන්න ඕනි නෑ..

" ඒක තමුසෙ කියන්න ඕනි නෑනෙ..! අහකට වෙලා ඉදපන් හරිද මගෙ අම්මගෙ අස්සෙ වෙලෙන්න එන්නෙ.. "

අරූ අම්මගෙ අතින් අල්ලන්න එනකොට මං ටග්ගාලා අම්මව මගේ පැත්තට ඇදල අරන් කිව්වෙ.. එනෝ මෙතන අම්මව අල්ලන්න.. ගොං බල්ලා..!

" චූටි.. ඔහොමද අයියට කතා කරන්නෙ ආ !? "

තාත්තා මන් දිහා බලන් එහෙම ඇහුවේ ලාවට රවන්..

" ඉතින් ඌත් එහෙමනෙ කතා කරන්නෙ.. "

තාත්තට උත්තර දීලා මං අම්මගෙ බෙල්ලෙ මූණ හංග ගත්තා.. සිරාවටම තාත්තට බයයි මං.. ඒත් ඉතින් කටවහන් ඉන්නත් බෑනෙ මට.. අනික මේ ගෙදර මාව විතරයි හැමඑකටම පේන්නෙ.. අරූ කරන කියන ඒවා පේන්නෑ.. මගුල.. තාත්තා සැර උනාට මන් තාත්තට ලව්..! තාත්තා මට ලව්..! අපි දෙන්නම අපි දෙන්නට ලව්..! ඒ නිසා ප්‍රශ්නයක් නෑ.. තාත්තා මට පොඩ්ඩක් කෑගැහුවමත් මං කදුලු පුරෝගන්නකොට තාත්තගෙ හිත උනු වෙනෝ.. ඊටපස්සෙ ඉතින් ඔඩොක්කුවටත් අරන් නලවන්නෙ.. තාත්තගෙ චූටි පුතා මංනෙ ඉතින්..

" හරි හරි අපි යමුකො දැන්.. ලොකූ දොර ලොක් කරන්න පුතේ.."

අම්මා එහෙම කියලා ඉස්සර වෙලා තාත්තා එක්ක ගියාම මං අපෙ මහ පගයටත් රවන් ගිහින් කාර් එකට නැග්ගා.. මේ තාත්තගෙ කාර් එක.. ම්ම්.. Crossover SUV එකක්.. අම්මගෙ civic වණ්ඩිය වගේ නෙවෙයි මේක.. ඇමති වාහනේක යනෝ වගේ ෆීලින් එකක් එනෝ..!

" දැන් කොහෙද යන්න ඕනි..!? "

කාර් එක ස්ටාර්ට් කරලා පාරට දාන ගමන් තාත්තා ඇහුවම මන් කල්පනා කරා.. KFC බෑ.. කම්මැළියි වගේ..! සිරාවටම පොඩි කාලෙනම් හෙන ආසයි ඉතින්.. ඇයි අර පැත්තකින් මගුලක් හදල තියෙනොනෙ පොඩි උන්ට සෙල්ලම් කරන්න.. එතන ශෝයි අප්පා.. නිසිනුලා අපි සෙට් එක ළගදිත් දවසක KFC ගිහින් ඒක අස්සෙ සෙල්ලම් කරන්න ගිහිල්ලා ඇතුළෙ මනුස්සයෙක් කෙලගෙන ආවා..! කාලා බීලා ඉදිය නිසා අපි ඉක්මනට එළියට පැන්නා.. නැත්නම් බැනුමක් අහන්න වෙනෝනෙ මේවා අවුරුදු 10 අඩු ළමයින්ට තියෙන්නෙ යැයි යැයි කියලා..

Pizza Hut නුත් කම්මැළියි වගේ.. ස්ටේටස් දාලා රගන්න නම් පීසා හට් හොදයි.. පීසා හට් එකේ වොශෘම් එකේ මිරර් එකනම් පට්ට මිරර් සෙල්ෆීස් වලට.. ම්ම්.. වෙන යන්න තැනක්..

" Dominos යමු.. "

මූත් එක්ක බැහැ කරන්න..

" ඒකෙ රහ නෑ බං.. "

" ඒ උබටනෙ.. මට රසයි.. තාත්තෙ Dominos' එකට යමු.. "

ඊව්ව්ව්ව්ව්.. මට එන කේන්තියක්..

" අනේ ඕයි උබට ඩොමිනොස් එකට යන්න ඕනිනම් මං ෆුට් බයිසිකලේ ගිහිල්ලා මොනවහරි අරන් එනෝනෙ.. දැන් අහවල් මගුලකටද ඇදලා කියලා එළියට බැස්සෙ.. "

මං කාර් එක දෙවනත් වෙන්න කෑගැහුවෙ තාත්තත් ෆ්‍රොන්ට් මිරර් එකෙන් පිටිපස්ස බලද්දි.. ඇත්තටම ඩොමිනොස් එකේ පීසා මටනම් රස නෑ පීසා හට් එකේ තරම්.. අනික මෙහේ ඩොමිනො එක තියෙන්නෙ අපේ ඉස්කෝලෙ කිට්ටුව.. මහ ලොකු දුරකුත් නෑ.. ඉස්කෝලෙ ඇරල එන ගමනුත් ඔනිනම් යන්න පුලුවන්..

" චූටි කෑගහන්න එපා..! හරියටම කොහෙද යන්න ඕනි කියන්නකො දෙන්නම කතා කරගෙන.. "

අනේ වැඩක් නෑ.. මං අහක බලාගෙන ඉදියා ඇහුන්නෑ වගේ.. මට තරහ ගිහින් ඉන්නෙ දැන්..

" Dutchman's Street !? "

මං අහක බලන් ඔරවන් ඉදපු නිසා අරූ මට තට්ටු කරලා ඇහුවෙ.. තට්ටු දාන්න එන්නෙපා මන් ආස නෑ..! ඒත් ඌ කිව්වෙක නරකම නෑ.. ම්ම්.. Dutchman's street.. ඇයි මට මතක් උනේ නැත්තෙ කලින්.. ඒ උනාට පැනපු ගමන් කැමති වෙන්න බැරි නිසා මං ඇහුන්නෑ වගේ ඉදියා..

" චූටි එහෙත් යන්න බැරිනම් වෙන යන්න කැමති තැනක් කියන්නකො "

අම්මත් පිටිපස්සට ඔලුව දාලා කිව්වෙ මං හෙනටම වටපිටාව ගැන අවධානයෙන් බලද්දි.. දැන් මට පේනො පේනො වගේ තාත්තත් ෆ්‍රොන්ට් මිරර් එකෙන් මගේ දිහා බලන් ඉන්නො.. අරුත් අනිවා මගේ දිහා බලන් ඇත්තෙ.. මට දැන් නිකන් ලැජ්ජැයි ලැජ්ජැයි වගේ..! Dutchman's Street යන්නත් ඕනි ඒත් පොඩ්ඩක් ගනන් උස්සන්නත් ඕනි.. අනේ යකෝඕඕඕව් මට බෑහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..!!!!

ලොකු සීන් පැත්තකට දාලා මං අයියගෙ ඇගට හේත්තුවක් දාගෙන අහක බලාගත්තා..

" හා එහෙනම් Dutchman's Street යමු.. "

මං කිව්වා විතරයි ඔන්න ඉතින් ඊටපස්සෙ ප්‍රධාන විහිලුව මම..!! මෙහෙන් මූ විචි විචි ගානෝ.. අරහෙන් අම්මයි තාත්තයි ඉස්සරහ බලන් මට අරව මේවා කිය කිය හිනාවෙනෝ.. බුම්මන් ආවා මං..! වයසින් පොඩි නිසානෙ මේ සේරම..! හහ්..!

කොහොමහරි කාගෙනුත් විහිලු මැද්දෙ මං දවසේ විහිලුවත් වෙලා Dutchman's Street ආවා..

සිරාවටම මෙතන තියෙන්නෙ වෙනම වයිබ් එකක් බං.. ඒක කියන්න තේරෙන්නෙ නෑ.. ඇවිල්ලම බලනො ඇරෙන්න තව කෙනෙක්ට ඒක පැහැදිලි කරන්න අමාරුයි.. වෙනම කන්සෙප්ට් එකකට තමයි හැමදේම ඩිසයින් කරල තියෙන්නෙ.. Restaurant එක ඇතුළෙ උනත් එහෙමයි.. දැන් ඔය වෙන තැන් වල වගේ වාඩිවෙන පුටු, මේස අරව මේවා ඔක්කොම එකවිදිය නෑ මෙතන.. එකකට එකක් වෙනස්.. එකම ටේබල් එකට විවිධ වර්ගයේ පුටු තියෙනො.. කියද්දි ඒ මොන විකාරයක් කියලා හිතුණට ඇත්තටම ආවොත් එහෙම හිතෙන්නෙ නෑ.. මෙතන Menu එක උනත් වෙනස්.. අර නිකන් පරණ පත්තරයක් වගේ ඩිසයින් කරල තියෙන්නෙ.. අනික මෙතන රෑ වෙන්න තමයි පට්ටම ලස්සන.. කොටුව ඇතුළෙ බීච් සයිඩ් එකේ Restaurant එකක් නිසා මුහුදු රළවල සද්දෙත් එක්ක මාරම හැගීමක් දැනෙන්නෙ.. රෑ වෙන්න තනිකරම Fairy lights දානවා තැන් තැන්වල.. එතකොට තව ලස්සනයි.. පිස්සු හැදෙනො ඉතින්..

" චූටි..!!!! "

" මොකද අනේ කෑගහන්නෙ !? "

මගෙ අතට වැදුණු පාරෙන් මං මේලෝකේ සිහියට ආවෙ.. සැක් මං කටත් ඇරන් මෙතන බෙල්ල කරකවනො..! වෙලාවට අදුරන එකෙක් ළගපාත නෑ.. නැත්නම් ලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ.. හරි ඉතින් මේ පළවෙනි වතාවට ආපු තැනක් නෙවෙයි.. ඒත් රෑ වෙලාවක මං ආවමයිද කොහෙද..

" චූටි කැමති දෙයක් බලන්නකො "

මගෙ අතට Menu එක දෙනගමන් අම්මා කිව්වෙ.. කන්න දෙයක් සිලෙක්ට් කරන එක පැත්තක තියලා මං පරණ පත්තරයක් වගේ තියෙන Menu එක හරව හරව බැලුවා.. අර මං කලින් කිව්වා වගේ මෙතන හැමදේම වෙනස්..!

කොහොමහරි හැට පැයක් හිතල හිතලා මං මට කැමති දේවල් ඕඩර් කරා.. මහ පගයා ඕඩර් කරේ මන් ඕඩර් කරපුවා නෙවෙයි.. ඉතින් කාලා බීලා ඉවරවෙලා මං අයියවත් ඇදන් ගිහින් ෆොටෝස් ගත්තා එක එක ආකාරයට.. යකෝ ආපු එකත් අපරාදේ ෆොටෝස් අරන් නොගියොත්..! අපේ අයියට හොද ඇහැක් තියේ.. ඌ ෆොටෝස් ගහනෝ මරු.. ගැම්මක් තමයි ඉතින්.. මගේ ෆොටෝස් පනහක් විතර අරගත්තට පස්සෙ මාත් ඌගෙ ෆොටෝස් දහයක් විතර අරන් දුන්නා.. පව්නෙ ඉතින් මොනා උනත් අයියනෙ මගේ..

අපි මෙතනින් එලියට එද්දි මං සෙල්ෆියක් ගන්න පොඩ්ඩක් නැවතුනා.. අම්මයි තාත්තයි ඉස්සරහින් ගියේ.. අයියත් ෆෝන් එකට කොට කොට අම්මලගෙ පස්සෙන් ගියා.. ඌ ෆොටෝ එක එඩිට් කරනවද කොහෙද.. දැන් තව ටික වෙලාවකින් ඕක වැටෙනෝ ඌගෙ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකේ අලුත් පෝස්ට් එකක් විදියට..! ඊටපස්සෙ මූව ෆලෝ කරලා ඉන්න කෙල්ලො මුගෙ ෆොටෝ එකේ ස්ක්‍රීන්ශොට්ස් ගහන් මැරෙන්න හදයි.. මං ඌ දැක්කෙ නැතත් ඌටත් ඇද කරලා ෆෝන් එක උස්සලා Dutchman's Street කියන බෝඩ් එකත් මගේ පිටිපස්සෙන් පේන විදියට සෙල්ෆියක් ගත්තා.. ඒ අරන් තප්පර පහක් යන්න උන්නෑ මාව පාස් කරන් ගියා දැකලා හුරු මූනක්..! මං ක්ශනිකව හැරිලා බැලුවා..

යකෝව්..! අර ගොම්බිලියා..!!

කවුද කෙල්ලෙක් ඌගෙ අතකුත් බදාගෙන..!?

මං එන ගමනුත් කල්පනා කරේ ඒක.. ගොම්බිලියගෙ ගල් පෙන් වෙන්නැති ඒ.. හැබැයි ලස්සන කෑල්ල ඒකි..! ඒ උනාට මං කියන්නෙ ගොම්බිලියට ඔයිට වඩා හොද එකියක් සෙට් කරගන්න තිබ්බා.. අනේ ඕන මගුලක්.. සිරාවටම මට වැඩක් නෑනෙ ගොම්බිලියා අර රෝස පාට තොප්පියක් දාගෙන යූටියුබ් උයන කුහකම්මා සෙට් කරගත්තත්..!

නිසිනුවට කියන්න ඕනි ගොම්බිලියා උගෙ ගල් පෙන් එක්ක ඉන්නො දැක්කා කියලා.. මං එහෙන්මම ෆෝන් එක අරන් වයිෆයි ඔන් කරා වට්සැප් පැත්තෙ යන්න.. මං මේ ඊයෙ රෑ වට්සැප් පැත්තෙ ගියාට පස්සෙ දැන් තමයි ආයෙ මේ වට්සැප් පැත්තෙ යන්නෙ..

යකෝ !?

වයිෆයි ඔන් කරා විතරයි පොප් පොප් ගගා වට්සැප් මැසේජස් ලෝඩ් වෙනෝ.. දැනටම අපෙ #FUVK ගෘප් එකේ මැසේජස් අටසිය ගානක්..!! නෑ නෑ තව ලෝඩ් වෙනෝ.. මොන මගුලක්ද යකෝ මේ..!? ඔච්චර මොකක්ද මුන්ට කතා කරන්න තියෙන්නෙ..?? මාත් පොඩ්ඩක් ගෘප් චැට් එක ඕපන් කරන් ඒකෙ මුලටම ගියා මුන් මෙච්චර චැට් කරන ටොපික් එක හොයාගන්න..

" අඩෝ බල්ලනේ.. "

" ඕහ්.. "

" ඕයි උබ අද ඉස්කෝලේ ආවෙ නෑනේ..? "

" අඩෝ ඕවා වැඩක් නෑ.. හොදම සීන් එක අහපම්කො.. "

" කියාම් ඉතින්.. "

" අපේ බට්ටා පුතා දිහත් ඔන්න සිකුරු බැලුවා..!! "

" අඩෝ සිරාවට..!!? "

" අඩෝ අඩෝ මේ අපෙ සහිරුකී දිහා !? "

" කවුද යකෝව් ඒ අවාසනාවන්තිය..? හැබැයි මූ ශුගර් ඩැඩී වගේ නිසා අවුලකුත් නෑනේහ්.. "

" අම්මපා සිරාවටම !? "

" අඩෝ කවුද ඒකි "

" ඒකි නෙවෙයි ඌ බං "

" අඩෝහ් කොල්ලෙක්ද..?! "

" ඒ කවුද කියපන්කො !? මොකක්ද සීන් එක "

" අඩෝ උබලට කිව්වෙ නෑනේ.. අපිට කරාතෙ ප්‍රැක්ටිස් කරන්න අලුත් එකෙක් ඉන්නෙ දැන්.. අන්න ඌ බං "

" අඩෝ සීනිතාත්තෙක් ද ? "

" නෑ යකෝ පිස්සුද උට ඕනිනම් අවුරුදු 22 ක් 23 ක් විතර ඇති.. ෆස්ට් ඉයර් කැම්පස් පොරක්.. "

" දෙයියනේ දෙයියනේ සහිරුකීඊඊඊ..! "

" කොල්ලට ආසතේ සහිරුකී..?? "

" සීන් එක පැහැදිලිව කියපන් හුත්තො !? "

අනේ යකුනේඒඒඒඒඒඒ...!!!!!!! මොන මගුලක්ද යකෝ මේ..!? අර ගොම්බිලි මිනිහා මගෙ කොණ්ඩෙ අවුස්සපු එකට තමයි අනිවා අර නිසිනු බල්ලා මේ කැරි කතා හදනව ඇත්තෙ.. පර නිසිනුවා..!! තොට සෙහදු බේසිකයවම සෙට් වේවා මේ කරන බේසික වැඩවලට ! එතකොට දෙන්නත් එක්කම බේසික වැඩ කර කර ඉන්න බැරියැ.. හොද වෙලාවට මේ ගෲප් එකේ චීත්ත නෑ.. ඉන්නෙ සේරම අපේ සෙට් එකේ උන්.. නැත්තන් මල විනාසයක් වෙන්නෙ..

දැන් කෝමත් අර බල්ලට කියල වැඩක් නෑ ගොම්බිලියා උගෙ ගල් පෙන් එක්ක ඉන්නො දැක්කා කියලා.. ඊලගට ඌ ඒකටත් මොකක් හරි කුණු කතාවක් කියාවි මාව අල්ලලා.. මං එහෙන්මම ඕෆ්ලයින් ගිහින් ෆෝන් එක පැත්තකින් තිබ්බා.. වොශ් එකක් දාගන්නත් ඕනි.. එළියට ගිහින් ඇවිත් තාම මේ ඒ ඇදුම පිටින් මං ඇදේ පෙරලිලා.. හෙට සයන්ස් ක්ලාස් එකෙත් වැඩ වගයකුත් තිබ්බා කරන්න..

මං වොශ් එකකුත් දාගෙන ඇවිත් මුලින්ම ක්ලාස් එකේ හෝම්වර්ක්ස් ටික කරා.. නැත්තන් ඒ ගෑනි මරන් කන්න හදනෝනෙ.. අනික මහා ලොකු වැඩක් තිබ්බෙත් නෑ.. වැඩ ටික කරලා පොත් ටිකත් පැත්තකට දාලා මං ලැප් එකත් අරන් ඇදට ආවා.. ඇදටත් නැගලා ලැප් එක ඔන් කරාම ස්ක්‍රීන් එකේ මමයි අපේ මහ පගයයි..! අඩෝ තව ටිකෙන් අමතකවෙනෝ මහ පගයව අද මන් අල්ලගන්නනෙ හිටියේ.. දෙයියනේ දෙයියනේ සෙහදු බේසිකයගෙ සීන් එක අහගන්නෝන උගෙන්.. ලැප් එකත් ඔන් එකේම තියෙද්දි මං ඇදෙන් පැන්නා.. තාම දහයහමාරයි වෙලාව.. මහ පගයා පාඩම් කරනවද දන්නෑ.. කෙලින්ම මං පිබගෙන ගියා උගේ රූම් එක ගාවට.. මහ දුරක් නෑ ඉතින්.. මගේ රූම් එකට ටිකක් එහායින් උගේ රූම් එක..

" අයියේ..! අයියෙ තමුසෙ ඇහැරිලාද..!? "

යකෝ මූ නිදිද..

" ඕයි අයියේ.. අ_ "

" මොකෝ..? "

ආ ඇහැරිලා පගයා..

" අයියෙ මේ දොර අරිනෝකෝ.. "

මං දොරෙන් එලියේ ඉදන් ඌට කෑ ගැහුවම මට ඇහුනා ඌ පුටුවත් තල්ලු කරන් නැගිටලා එනෝ.. වැඩ කර කර ඉන්නැත්තෙ..

" ඇයි..? ඒ ඒ ඔය කොහෙද යන්නෙ..!!! "

ඌ දොර ඇරන් ඇයි කියලා අහපු ගමන්ම මං කඩාගෙන බිදගෙන ඇතුලට ගියා.. නැත්තන් මූ හේතුව අහලා දොර වැහුවොත් එහෙම..

" චූටී..!! යනවා තමුසෙගෙ රූම් එකට..! "

" බෑහ්..! අයියෙ මේ අහනවකෝ.. මං මගේ අනාගතේ ගැන කතාකරන්න ආවෙ.. මගෙයි නිසී බබාගෙයි.. "

මං උගෙ ඇදෙනුත් වාඩිවෙලා එහෙම කිව්වාම පොර ටිකක් වෙලා මං දිහා බලන් ඉදලා දොර වැහුවා..

" තමුසෙගෙ අනාගතේ ගැන මට මොකටද ඕයි..!? "

" තමුසෙගෙ අර සෙහදු බේ_ මං කිව්වෙ සෙහදු අයියා අද උදේ ඉදලා මං දිහා බලන් ඉදියා.. "

මං කකුල් දෙකත් ඇද උඩට අරන් හරියට ඉදගෙනම එහෙම කිව්වම අපේ අයියා ආයෙ ගිහින් උගෙ පුටුවෙන් වාඩිවෙලා මගේ පැත්තට කැරකුනා.. මුකුත් කිව්වෙත් නෑ මං අහපු එකට.. බූරුවා..!

" අයියෙ මං හෙට තාත්තට කියනෝ තමුසෙගෙ යාලුවා මං දිහා වැරදි විදියට බලනෝ කියලා..! "

" පිස්සුද ඕයි උබට..? ඌට මොළේ අමාරුවක් නෑ උබ වගේ ගොං හත්තිලව්වක් දිහා බලන්න.. "

මූ යකෝ..! තුවක්කුවක් නෑනේ මූට වෙඩි තියල දාන්න..!

" අනේ මේ අයියෙ..! කට වහන් ඉන්නවා.. මං කට මහනවා උබේ..! "

" කට වහන් කොහොමද ඕයි කතා කරන්නෙ..? බලපන් ඉතින් එතනත් තමුසෙ ගොන්කමනෙ ප්‍රදර්ශනය කරේ.. "

එහෙම කියලා මහ පගයා හැක හැක ගාලා හිනාවෙන්න ගත්තා..! මොන මගුලක්ද යකෝ මේ..!

" අයියේ..!!!! මං තමුසෙව හපනවා ඔතනට ආවොත්..! "

" ඔව් ඔව් තමුසෙ ඒක විතරයිනෙ දන්නෙ.. අනේ මේ චූටි.. යනව යන්න.. මට වැඩක් කරගන්න දීලා..! "

ඌ මාව ගනන් නොගෙන මේසෙ පැත්තට හැරිලා පෑන අතට ගත්තා.. එහෙම කොහොමද..!

" අයියෙ මේ අහනවකෝ.. සෙහදු අයියා මට හරි නිසිනුට හරි කැමතියි නම්.. මං කිව්වෙ එහෙම කැමැත්තක් තියේ නම්.. ඒවා වෙන්නෑ කියපන් හොදේ.. නිසී බබා මගේ.. මං නිසී බබාගෙ.. මං වත් මගේ නිසීවත් කැමති නෑ අයියෙ තුන්වෙනි පාර්ශවයක් අපි අතරට එනවට..! ඒක බාධාවක්නෙ.. නේ..? ඔයාට තේරෙනවනෙ නේද..? පොඩ්ඩක් ඒක කියලා තියන්න සෙහදු අයියට.. "

මං එහෙම කිව්වේ හෙන සීරියස් විදිහට.. ඇක්ටින් කින්ග් නම් සහිරු තමයි..! මහ පගයා මොකක්දෝ මන්දා ලිය ලිය ඉදලා ආයෙ පෑන පැත්තකින් තියලා මගේ දිහාට හැරුනා..

" චූටී.. මල්ලි මේ.. එනෝකො පොඩ්ඩක් මෙහෙට.. "

" ඇයි..? "

" එන්නකො බං.. "

මූ මොකද ඒ පාර.. අනික කතා කරෙත් කලකිරිලා වගේ.. මං ඇද උඩින්ම දනගාගෙන ගිහින් එහාපැත්තෙන් බැහැලා උගේ මේසෙ ගාවට ගියා..

" මොකත ආ..? "

" ඕක බදින්න වෙන්නෑ බං..! "

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

හායි 🌚 !

කලින් අප්ඩේට් එකක් දුන්නා ඔන්න..

Dutchman's Street 👇

සිරාවටම වෙනම වයිබ් එකක් තියෙන ප්ලේස් එකක් 😫❤️ !

එනිවේ, මේ මීම් පෝස්ට් එක 👇😂

ඕකේ බායි එහෙනම් :-)

ඊළග එපියෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter