Back
/ 22
Chapter 4

03 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" ඒ අද ඇසෙම්බ්ලි ලු බං.. "

මං අපේ පන්තියේ හිටිය අනිත් ප්‍රිෆෙක්ට්ස්ලාට එහෙම කියන ගමන් පන්තියට ඇවිත් බෑග් එක ඩෙස්ක් එක උඩින් තිබ්බෙ නවය වසරෙ ඩියුටි යන්න..

" අද..? අද කොහෙද බන් ඇසෙම්බ්ලි..? "

" අද ඉන්ග්ලිශ් ඩේ නෙ.. විහස් අයියා කිව්ව අද ඇසෙම්බ්ලි කියලා.. අට වසර පැත්ත බලාම්.. "

මනුලයා අහපු එකට මං එහෙම කියන්ම පටස් ගාලා පන්තියෙන් එලියට ගියා.. විහස් කිව්වෙ අපේ අයියා.. විහස් භානුජ..! ඉස්කෝලේ හෙඩා ඌ.. මං කිව්වෙ මේ පාර හෙඩා අපේ ගෙදර..! මං හෙඩාගෙ මල්ලි කියලා ගොඩක් උන් දන්නෑ.. සමහර ප්‍රිෆෙක්ට්ස්ලා පවා දන්නෑ.. හේතුව ඉතින් එහෙම හරි නෑනෙ නේද.. දන්නවනෙ ඉතින් සමහරු ඉන්නවනෙ කැපිල්ල දාන.. අනික මේ මං ඉස්කෝලේ හෙඩාගෙ මල්ලි උනාට හෙඩා වෙච්ච අපේ ගොන් බූරුවා සත පහකට මාව ගනන් ගන්නෑ..!

" අඩෝහ් ගුඩ්මෝනිම් පණහ්..! "

මං පඩිපෙළ බහින්න හැරෙද්දී සුභාෂ්නුත් පඩිපෙළ බහිනෝ.. මං වේගෙන් පඩි බැහැලා අරූගෙ පිටට දුන්නා ඩෝං ගාලා එකක්..

" මොන හු_ ආ උබනෙ..! යකෝ අතපය තියන් ඉදපන්කො රෙද්ද..! "

ඌ අත කරකවලා පිට අතගාගන්න ගමන් මට රැව්වා..

" ගුඩ් මෝනිම් කියපන් බං..! "

" ගුම්මෝනිං ගුම්මෝනිං.. "

සැක් කිව්ව කැත..! මං ඌගෙ කරටත් අත දාගන්න ගමන් අද ඇසෙම්බ්ලි තියෙනවා කිව්වා.. පණිවිඩේ දෙන්න එපැයි ඉතින් ඉස්කෝලෙ වටේටම.. අද සාමාන්‍යයෙන් රැස්වීමක් තියෙන දවසක් නෙවෙයිනෙ.. ඒකයි..

" ඔව් මං දන්නෝ.. "

යකෝ මූ කොහොමද ඒක දන්නෙ..?

" ඒ කොහොමද උබ දන්නෙ..? "

" විහස් අයියා කිව්වෙ එද්දී.. "

ආ.. පගරයා කියලා.. සුභාෂ් දන්නෝ විහස් කියන්නෙ මගේ අයියා කියලා.. අපි ඉතින් ප්‍රයිමරියෙ ඉදන් දන්න කියන එවුන්නෙ.. අනික මුන්ලයි අම්මා අපෙ අම්මගෙ යාලුවෙක්.. අපෙ අම්මා කිව්වෙ අර යූටියුබ් උයන රෝස පාට තොප්පියක් දාගත්ත ආච්චි නෙවෙයි හොදද.. සැක් ඒ හෝන්තුවමයි මතක් වෙන්නෙ..!!

" අඩෝ අද නිසිනු නැද්ද බං..? ඌව දැක්කෙ නෑ මං.. "

" ඌ එන්නෑ කියලා මැසේජ් එකක් දාලා තිබ්බා උදේ.. ඌට ඔලුවෙ කැක්කුමක් හැදිලා..! "

" අඩෝ සිරාවටම..? යකෝ අද කරාතෙ ප්‍රැක්ටිස්.. "

" ආ ඌ ඒකට එනෝ කිව්වා.. "

නවය වසරෙ ක්ලාස් පැත්තට යන ගමන් සුභාෂ් කියද්දී මං කල්පනා උනේ ඊයෙ සීන් එක..! ඊයෙ අපේ අයියත් එක්ක සෙහදු බේසිකයා ගැන කතාවෙදි මං නිසිනු මගේ කිව්වම අපේ එකා අම්බානෙකට බය උනා.. ඒ ඇයි කියලා නම් මට හිතාගන්න බෑ.. ඊට පස්සෙ අපේ අයියා බත් එකත් කාගෙන කාගෙන ගිහින් ටග්ගාලා නැගිටල ගිහින් පිගානත් හෝදල ටීවී එක ගාව චාර්ජ් වෙන්න දාලා තිබ්බ උගෙ ඇපලෙත් අරන් කාමරේට රිංගන් දොරත් වහගත්තා.. අද උදේ තමයි මං ඌව ආයෙ දැක්කෙ..! ඒත් වැඩි කතාවක් නෑ මාත් එක්ක ඌ.. උදේ අම්මා තමයි මාවයි අයියවයි දෙන්නවම ඉස්කෝලෙට ගෙනත් දැම්මෙ.. අද ඇසෙම්බ්ලි කියලා කිව්ව ටික ඇරුනම වෙන වචනයක්වත් මල ගෝතයා කතා කරේ නෑ..

" මුන්ගෙ සද්දෙ යකෝව්..! "

මං පියවි සිහියට ආවෙ සුභාෂ්ගෙ කටහඩට.. අඩෝහ් නවය ඒ ක්ලාස් එක ලගටත් ඇවිත් මන් දන්නෙත් නෑ.. සුභාෂ් මට ඒ, බී, සී ක්ලාස් තුන බලන්න කියලා අනිත් ක්ලාස් බලන්න ගියා.. අපිට ක්ලාස් ඩියුටි නෑ.. එළියෙ අතු ගාන අරව මේවා බලන්න තමයි තියෙන්නෙ.. ඒත් අද නවය සෙක්ෂන් එක පැත්තෙ ආවා නිකන්.. සාමාන්‍යයෙන් නවය වසරෙ ඩියුටි වැටෙන්නෙ 11 උන්ට.. කොහොමහරි පන්තිවල ළමයි ගොඩක්ම හිටියෙත් නෑ.. තාම හතයිනෙ වෙලාව.. මං ඒ ක්ලාස් එකට යද්දී ළමයි දෙන්නෙක් ගුරු මේසෙ උඩ මල් වට්ටිය තියන් මල් හදනෝ.. තව එකෙක් අතු ගාලා ඉවරවෙලා කුණු එකතු කරනෝ..

" මල්ලි අද ඇසෙම්බ්ලි.. කොඩි කණු ගාවට ගිහින් පේළි හැදෙන්න..! "

මං කෑගැහුවේ පන්ති තුනටම ඇහෙන සද්දෙන්.. කොහොමත් අපේ කට සද්දයි.. කරාතේ ප්‍රැක්ටිස් කරද්දි කෑගහනෝනෙ..

" පහන තියන්න විතරක් දෙන්නෙක් ඉදලා අනිත් අය යන්න.. ඔය කුණු එකතු කරන මල්ලි ඕක ඉක්මනට කරලා යන්න.."

මං ඒ ක්ලාස් එකේ කුණු එකතු කරන මල්ලිටත් එහෙම කියාගෙන බී ක්ලාස් එකට ගියා.. බී එකේ උන් එක්ක ටිකක් මං ෆිට්.. නෑ උන් මාත් එක්ක ෆිට්.. යකෝ නවට ඒ ක්ලාස් එක හොදයි මුන්ට වඩා..

" මල්ලි ඇසෙම්බ්ලි යන්න..! "

මං දොරෙන් එබිලා එහෙම කිව්වාම ඉස්සර පේලියේ හිටිය එකෙක් මං දිහා බලලා කට හැදුවා..

" අද කොහෙද අයියෙ ඇසෙම්බ්ලි.. "

" යකෝ අද ඉන්ග්ලිශ් ඩේ.. පලයන්කො බං කිව්වම අහලා.. "

කේන්තියිත් එක්ක යකෝ.. ඒ උනාට බනින්න හිතෙන්නෙත් නෑ මගුල..!

" අයියෙ අතුගාන්න තියෙනෝ බං.. "

" ඇසෙම්බ්ලි ඉවරවෙලා අතුගාපන්.. දැන් පලයන් බං.. හෙඩා ආවොත් උබලට මෙහෙම නෙවෙයි කියන්නෙ.. "

" ඒ හෙඩා ආවද අද..? "

නවය බී ක්ලාස් එකේ මොනිටර් කොස්සත් අරන් ඇවිත් මූන දෙල් කරන් එහෙම අහද්දී මට හිනත් යන්න වගේ.. ඇයි ඉතින් මුන් දන්නෑනෙ හෙඩාගෙ මලයා මං කියලා..! මං ඉතින් හිනාව කාගෙන ඉදියා..

" ඔව් ඔව් පොර ආවා අද.. "

මං කිව්වම මොනිටර් ආපෝ ගාගෙන ගිහින් කොස්සත් තියලා පන්තියේ උන්වත් එකතු කරන් ඇසෙම්බ්ලි ගියා.. මං ඒත් එක්කම නවය සී එකටත් පණිවිඩේ දීලා ආයෙ ඒ ක්ලාස් එකට ආවා..

" මල්ලි ඔය දෙන්නත් යන්න.. අද ඇසෙම්බ්ලි.. "

මං බෑග් එල්ලන් එවෙලෙ නවය ඒ ක්ලාස් එකට ආව මල්ලිලා දෙන්නට එහෙම කියාගෙනම පඩිපෙළ නැගන් උඩ තට්ටුවට ගියා.. නවය වසර පන්ති සේරම තියෙන්නේ මේ බිල්ඩින් එකේ..

" සිංහල තේරෙන්නෙ නැද්ද උබලට..!? ඉක්මනටම පලයන්.. ප්‍රිෆෙක්ට් කෙනෙක් දෙයක් කිව්වම අහන්න පුරුදු වෙයන් කට ගහගෙන එන්නෙ නැතුව..!! "

යකෝ.. මේ මොකද..! අපේ අයියගෙ කටේ සද්දෙ මන් පඩිපෙළ නගිද්දි ඇහුනම මං ඉතුරු පඩි ටික නැග්ග නෙවෙයි පියෑඹුවා..

" අඩෝ අයියේ මොකෝ උනේ..? "

පඩිපෙළ ගාවම ක්ලාස් එක ඉස්සරහ හිටපු එකොලහේ ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙන් මං එහෙම ඇහුවේ අපේ එකා අර යස්සාරූඩ වෙලා ඉන්න හේතුව දැනගන්න..

" නවය ඊ එකේ උන් අපේ එකෙක් ඇසෙම්බ්ලි යන්න කිව්වම ගනන් ගත්තේ නෑ.. විහස් අයියා ආවා ඒවෙලාවෙම මේ පැත්තේ.. අරුන් මාට්ටු.. කන පිරෙන්න අහන් ඉන්නෙ ක්ලාස් එකම.. "

ජෙයියනේ ජෙයියනේ.. හොදෑඩේ පොඩි පකයො ටිකට..! නවය ඊ එකේ උන් මීක් නෑ.. පෝලිමක් හැදිලම යනෝ දැන් අනිත් ක්ලාස්වල උනුත් එක්ක.. පව් වැඩේ හැබැයි.. කොහොමත් මුන් හෙඩාට බයයි.. ඉතින් හත්තිලව්වේ දහතුනේ උනුත් සැලෙන්ඩර්නෙ මුගේ රැස් වලට..!

" ඒ පල්ලෙහා ක්ලාස් වල උන් ගියාද..? "

සුභාෂ් මාව දැකලා ඇවිත් අහද්දි මං ඔලුව වැනුවා..

" උබලත් පලයන් දැන්.. හතයි කාලයි වෙලාව..! "

අපේ අයියා ඇවිත් එහෙම කිව්වම මං ඌ දිහා බැලුවා නිකමට.. මේ පිස්සු මගුලට මොකක් වෙලාද යකෝ ඊයෙ ඉදන්..? හෙන බැරෑරුම් මූනක් හදන් ඉන්නෙත් මූ.. මං නිසිනු මගේ කිව්වමනෙ මූට ඕක උනේ.. කොච්චර උනත් කතාවක් නැති උනාමත් අවුල් මට.. මූ විතරයිනෙ ඉන්නෙ රණ්ඩුවක් අල්ලන්න කියලත්..

නවයෙ සෙක්ෂන් එකේ ඉදපු ප්‍රිෆෙක්ට්ලා ටිකත් ටික ටික යනකන් ඉදලා යන්න ගියපු අයියගෙ මං වැලමිට ලගින් අල්ලගත්තා.. මේක ඉස්කෝලෙදිම විසදගන්න ඕනි.. ගෙදර ගිහින් විසදගන්නවා කියන්නෙ හෙන බොරු වැඩක්.. මොකද මූ ගෙදරට අඩිය තිබ්බ ගමන් මොකාද එකා වගේ උගෙ ගුහාව අස්සට රිංග ගන්නො ආයෙ ඉතින් දුම්මල ගහල තමයි එළියට ගන්නෝනි..!

" මොකෝ ඕයි !? "

" තමුසෙට මොකක්ද වෙලා තියෙන්නෙ කියනවකො.. "

" මට මොනා වෙන්නද..!? අහකට පලයන් බං විකාර නොකර.. "

හහ්.. උබ කියන්නෑනෙ මොකද කියලා.. ඉදපන් උබට කරන්න හොද වැඩක්.. මං පැනපු ගමන් උගෙ කම්මුල ඇල්ලුවා මගෙ ඉස්සරහ දත් වලින්..!

" චූටීඊඊඊඊඊඊඊඊ..!!!!!!!!! "

වෙලාවට මොකෙක්වත් නෑ මෙතන.. මූත් එක්ක ආව අනිත් ඩිපියුටියා කවීන් අයියා සුභාෂ්නුත් එක්ක කතාවක්.. උන් ස්විමින් කරපු උන්නෙ.. කතා කරන්න දේවල්ද නැත්තෙ උන්ට.. හැබැයි මුගෙ සද්දෙට උන් දෙන්නත් ගැස්සිලා බැලුවා..! අවුලක් නෑ.. උන් දන්න උන්නෙ..

" තමුසෙ ගැන බලාගන්නම් මං ගෙදරදි..!! "

" හා හා "

මහ පගයගෙ කම්මුල රතුවෙලා හපපු පාර.. පව් හැබැයි.. ඒත් මට මොකෝ.. මුගෙන් මෙහෙම අවස්ථාවක පලිගන්නො ඇරෙන්න ගෙදරදිනම් ලේසි නෑනෙ.. දැන් ඉතින් කවුරුත් සැලැන්ඩර් ඉස්කෝලෙ හෙඩා එක කම්මුලකුත් රතු කරන් කාටත් සද්දෙ දදා යනෝ මට මැවිලා පේනො..!

උගෙ මූණ දිහා බලන් හිනාව කාගෙන ඉන්න කවින් අයියට හිනාවක් දාලා මං සුභාෂ්ව ඇදන් ආවෙ අරූ මගදිගට මට දෙහි කපද්දි .. පව් හැබැයි.. කොහොම උනත් මන් ආතරෙයි පොඩ්ඩම පොඩ්ඩක් විතර අපෙ මහ පගයට..!

සුභාෂ්නුත් එක්ක කොඩි කණු ගාවට එද්දි අපේ පතියේ උනුත් ඇවිත් ඉන්නෝ මන් දැක්කා.. හැබැයි පේලියක්නම් නෑ මුන්ගෙ..! පේලියේ මුල විතරයි හරියාකාරව 'පේළියට' ඉන්නෙ.. ඊටපස්සෙ නයි ගිහින් වගේ යකෝ..

" මල්ලිලා හරියට පේළි හැදෙන්න..! "

මං කොනේම හිටිය හත අට පන්තිවල අන්තිමට හිටිය උන්ට රවාගෙන එහෙම කිව්වාම උනුත් කච කච ගගා ටිකක් එහෙමෙහෙ වෙලා හරියට පේලියේ හිටගත්තා.. ඒත් නෑ සමහරු..! පිටිපස්ස හැරිලත් මුන් කතාව.. යකෝ ගෑනු පරාදයිනෙ මුන්..

" මල්ලි උබ පස්ස පැත්තෙන්ද බලන්නෙ..? ඉස්සරහ හැරියන්..! "

මං එහෙම කිව්වාම එකෙක් මටත් ඔරවන් ඉස්සරහ හැරුනා..

" අතේ දුර අරන් පේළි හැදෙන්න..! ඇලිල ඉන්නෙපා ඕයි.. උබලට සීතලද ගුලිවෙලා ඉන්නෙ..!? ඈත්වෙලා පේළි හැදියන්.. "

කවීන් අයියත් අපේ වයසෙ උන්ට කෑගහනෝ.. හෙඩා, ඩිපියුටිලා, සුපර් සීනියර්ස්ලා වචනයයි කියන්න ඕනි මුන් හෙන කීකරුයි.. යකෝ අපිවනෙ බං මේ පොඩි පකයො ගනන් ගන්නෙවත් නැත්තේ.. වටපිට බලද්දී මං දැක්කා අපේ අයියයි සෙහදු බේසිකයවයි.. අපේ අයියා මගේ පැත්තත් බල බල සෙහදු බේසිකයට මොනාදෝ කියනෝ.. සෙහදු බේසිකයත් හෙන කලකිරීමෙන් වගේ අපේ මග පගයා කියනේවා අහන් ඉන්නෝ.. ඒ අස්සෙ සැරින් සැරේ මේ පැත්තත් බලනෝ හෙන දුක මූනකින්.. මං රැව්වා ඌට.. පකද බලන්නෙ උබ..

එකොලහ ජී එකේ පේලියෙ පිටිපස්සෙන්ම බිනුරයි චාරුකයි.. මං ශේප් එකේ බිනුරල හිටිය තැනට ගියා.. උන් මොකක් හරි ඕපයක් කියවනෝද කොහෙද.. හත් ගවුවක් දුරටත් ඇහෙනෝ මුන්ගෙ කටවල්..! බිනුරයා කිව්ව මොකක්දෝ එකකට චාරුක මහ හයියෙන් කට ඇරියා..

" අඩෝ සිරාවට..? "

මං ගිහින් ඌගෙ ඉන කෙනිත්තුවම ඌ කොනිත්තපු තැනත් අත ගගා හැරිලා මන් දිහා බලලා ඔන්න ආයෙ මොකක් හරි කියන්න කට ඇරියා..

" ඕයි කොහෙද බන් උබ අතුරුදහන් උනේ.. උබේ බෑග්ගෙ නම් තිබ්බා.. "

" නවය වසර ඩියුටි බන්.. උබලගෙ කටවල්වල සද්දේ අරහෙටත් ඇහෙනෝ යකෝ.. පේළි හැදියන් හරියට..! "

" අඩෝ මේ උබේ ප්‍රිෆෙක්ට් සීන් අපිට දාන්නෙපා හරිතේ..! "

බිනුරයා පැනලා කියාපි..! අනේ බල්ලනේ..

" අඩෝ මාව ගනන් ගනිල්ලා බං මං ප්‍රිෆෙක්ට් කෙනෙක්..! "

" ඉතින් අපිට පුපද බන්.. "

මුන්ට කියලා වැඩක් නෑ.. සත්තු වත්තම මතක් වෙනෝ මට..!

" ඒ විහස් අයියගෙ මූන බලාම්කො.. මොකක්ද බං ඒ වෙලා තියෙන්නේ.. "

තරුල් මට තට්ටු කරලා අපේ අයියව පෙන්නුවාම මාත් ඒ පැත්ත බැලුව ආයෙ.. යකෝ අයියව නෙවෙයි මුලින්ම මට පෙනුනෙ සෙහදු බේසිකයව..! මොන උලව්වක්ද මේ..! ඌ මං දිහා බලන් ඉදලා ටක් ගාලා අහක බලාගත්තා.. අනික බලන් හිටියෙත් හරියට මං ඌට බූට් තියලා වගේ..

" අඩෝ මූන පැත්තක් රතුත් වෙලා බං.. ඌට කම්මුල්ගායද සහිරු..? "

උට තියෙන ගාය මං කියන්නෑ ඉතින්.. ගොං බල්ලා..!!!

" උගේ කෑල්ල හපලා බං ඒ.. "

" සිරාවටමද..? "

මං ආතල් එකට එහෙම කිව්වම තරුල් හෙන සීරියස් මූඩ් එකකින් සිරාවටමද කියලා ඇහුවේ.. ආපෝ මුන් වගේ මෝඩ යක්කු..!

" අනේ උට්ටො..! මම තමයි උගේ මූන දත් වලින් අල්ලලා ආවෙ.. "

" උබ කුණු කනව කියලා දැනන් හිටියා බන්.. ඒත් මිනීමසුත් කනව කියලා දැනගත්තෙ අද..! "

" ඒ අර සෙහදු අයියා ඇයි බං මේ පැත්ත බලන්නෙ සැරින් සැරේ..? "

චාරුකයා එහෙම කිව්වාම මායි, චාරුකයි, තරුල්නුයි, බිනුරයි හතරදෙනාම එකපාරටම සෙහදු බේසිකයා දිහා බැලුවා.. හැබැයි එහෙම බලද්දි මාව කැපිලා පේන්න ඇති.. මොකද මන් රවාගෙනනෙ බැලුවේ.. පරයා ටක් ගාලා හිටිය තැනින් වාශ්ප වෙලා ගියා අපි ඌ දිහා දිගටම බලන් ඉදියම..

" අඩෝ අර දැක්කද ඌ ඉක්මනටම ගියේ ඌට නෝට් උනා අපි ඌ දිහා බැලුවේ කියලා.! "

" ඔව් ඔව්.. මොකාටද දන්නෑ එන්න හදන්නෙ ඕකා.! "

මොනව කියන්නද.. මාත් හ්ම්ම් හ්ම්ම් ගගා හිටියා.. ඉදපන්කො ගෙදර ගිහින් මහ පගයව අල්ලන් අහන්නෝන මොකක්ද මේ නරිනාඩගම කියලා..!

හත හමාරට ඇසෙම්බ්ලි පටන් ගත්තා.. වෙනදානම් මලක් විකසිත වෙන මගුලක් කියලනෙ පටන්ගන්නෙ.. යස්සාරූඩ වෙනෝ ඉතින් එතකොට නම්.. ඒත් අද ඒ මගුල් නෑ.. ඉන්ග්ලිශ් ඩේ නේ.. මහා වෙලාවක් තියන්නෑ ඇසෙම්බ්ලි.. මුලින්ම ඉතින් අර එපාම කරපු ඉංග්ලිශ් ඩේ සෝන්ග් එක කියනො.. පස්සෙ හැම සෙක්ෂන් එකකින්ම වගේ මොකක් හරි අටමගුලක් කරනො.. ඔය ටික ඉවර වෙද්දි ඕනිනම් පැය එකහමාරක් දෙකක් වගේ යනෝ.. අන්තිමට හෙඩ්බෝඩ් එකේ එකෙක් කතාවකුත් කරලා ඉවරකරන්නෙ.. අදත් මහ පගයා තමයි කතාව කරේ.. යකෝ මූට වචන කොහෙන් ගලන් එනවද දන්නෑ.. අනික ඉංග්ලිශ් වලින් කතාව කරෙත්.. පෙර සූදානමක් තිබ්බෙත් නෑ හැබැයි.. ඒකට මං.. නෑ අපි මං ගැන කතා නොකර ඉමු..!

කොහොමහරි ඇසෙම්බ්ලි ඉවර වෙලා ළමයි පන්තිවලට යවද්දි 9.15 යි.. මං යද්දී ඉතින් 9.30 යි.. 9.50 ඉදන් උගන්නයි දැන්.. තුන්වෙනි පීරියඩ් එක නෙ යන්නෙ මේ.. දැන් ඉතින් මිස් එන්නෑ.. ආවත් වැඩක් නෑ.. ඉන්ග්ලිශ් නෙ.. හැලපෙ හැබැයි හිටියා අද..

මං තරුල්ගෙ එහාපැත්තේ වාඩිවෙලා බෑග් එකත් පුටුවෙ එල්ලුවා එක අන්ඩෙන්.. නිසිනුවා නැතුව පාලුයිත් වගේ.. වෙනදා ඌත් එක්ක එකතුවෙලා සෙහදු බේසිකයට බනිනෝනෙ පලු යන්න.. ඌ වෙන පන්තියක උනත් ඉතින් ඕපදූප කතාකරන්න ඌ හත් ගව්වක් දුර ඉදන් හරි එනෝ..

" ඒ ඊළගට මොනවද බං තියෙන්නේ..? "

" ඊළගට මගේ චූටි මැණිකෙ එන්නෙ බල්ලොහ්.. "

තරුල් අහපු එකට මන් එහෙම කිව්වාම ඌ මං දිහා කටත් ඇද කරන් බැලුවා.. දෙයියනේ ඊලගට එන්නෙ මගේ සංසලා අක්කි බබා..!! කමක් නෑ වැඩිමල් උනාට.. මන් සංසලා අක්කි එක්ක රෑ පානෙ පැනල යන්නත් ප්ලෑන් කරල තියෙන්නේ.. අක්කි බබාගෙ වචනෙ විතරයි ඕනෙ..

" අඩෝ සහිරු බොසා.. උබේ බුද්ධාගම මිස් එක්ක අර පෑන්ටිනී කතා කර කර හිටියා ඕයි.. ඒකිටත් බෝ කරයිද දන්නෑ ලෙඩේ.. "

ඉස්සරහ පේලියේ කොනේ ඉදපු ගවිදු හැරිලා එහෙම කිව්වම චාරුකත් බක බක ගාලා හිනාවෙන්න ගත්තා.. මොකක්ද කියන්නෙ ආ..!?

" මගේ සංසලා අක්කි එහෙම නෑ..! "

" අනේ පලයන් යකෝ.. තොගේ සංසලා අක්කිටත් හෙනම අමාරුවක් තියෙනෝ.. බුරියත් පේන්නනෙ සාරි අදින්නෙ.. වැනිල්ල බලපන්කෝ අනික..! "

" සිරාවටම බං.. තව ටික දවසකින් ඒකිත් පෑන්ටිනී ඩුප්ලිකේට් වෙයි.. ඔන්න බලාම්කෝ.. "

මං ගස්සලා අහක බලාගත්තා.. මට කේන්තියි සංසලා අක්කිට ඒවා මේවා කියද්දි..! ඔය පෑන්ටිනී ගෑනිගෙ පෑන්ටිය මං ඔලුවෙන් ගලවනෝ ඒකිගෙ අමාරුව මගේ අක්කි බබාට බෝකරලා තිබ්බොත්..!

පැන්ටිනී කියන්නෙ අපේ ඉස්කෝලේ ඉංග්ලිශ් බාර මිස්..! මට පෙන්නන්නම බෑ ඔය වහන්තරාවව.. පට්ට පොශ්.. නෑ ඒ මනුස්සයා හිතන් ඉන්නෙ පොශ් කියලා.. හැබැයි පට්ට ගොං..!!! සාරියක් ඇන්දොත් මාල වලලු, කරාබු, හීල්ස් දෙක, වොච් එක, කොන්ඩ කට්ට, බෑග් එක සේරම සාරියේ පාට..! මගුලේ පාට ගැලපිල්ලක් ඒක..! ජංගියත් ඒ පාටම වෙන්න තියෙන සම්බාවිතාව වැඩියි ඉතින්.. කොල්ලො ඒ හේතුව නිසාම ඒකිට කියන්නෙ පෑන්ටිනී කියලා.. ඔය ගෑනි මගෙ සංසලා එක්ක දැන් ඉන්නො වැඩියි..! මට බයයි මගෙ එකී නොමග ගියොත්..!!!

හතරවෙනි පීරියඩ් එකට බෙල් එක ගැහුවම සංසලා අක්කි බබා පවන්සලාගෙන ආවා.. ඇවිත් ඉතින් මට බුරියත් පෙන්නලා, මට පේන්න පස්සත් වනලා, මට පේන්න කොන්ඩෙත් ගසලා, මට පේන්න මල් මල් හිනාවකුත් දාලා මගේ කුලුදුල් ප්‍රේමෙත් අරන් ගියා..! සේරම කරේ මට පේන්න හරිත..!

සංසලා අක්කි උගන්නද්දි විතරයි මං අවදානෙන් ඉන්නෙ..! පාඩම ගැන නෙවෙයි.. අක්කි ගැන..!

මං ආසම බුද්ධාගම විෂයටයි අක්කිටයි..! එච්චරයි කතාව..!

ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ්ස් ටික ඉක්මනටම ගියාද මන්දා.. අද බුද්ධාගම පීරියඩ් එකත් ඉක්මනටම ගියා.. යකෝ ගනන්, විද්‍යාව වගේ පීරියඩ්ස් තමයි විනාඩි හතලිහක් උනත් පැය ගානක් වගේ දැනෙන්නෙ..! අද අන්තිම පීරියඩ්ස් හතරත් ලිට් ඩබල් පීරියඩ්ස්නුය, සිංහලයි, ඉතිහාසෙයි තිබ්බෙ.. අන්තිම පීරියඩ් එක ඉතිහාසය.. මන් එකයි විස්සට ඩියුටිත් ගිහින් කරාතේ ප්‍රැක්ටිස් නවතින්න ලෑස්ති උනා.. නිසිනුවා ශුවර් එකටම ආවොත් හොදයි.. නැත්නම් කම්මැළියි යකෝ තනියම ඉන්න..

මං ඉක්මනට බොටමයි ටී ශර්ට් එකයි දාගෙන ජිම් එකේ පැත්තක කාලා ඉවරවෙලා ඉදපු පොඩි උන් ටිකකට අතුගාන්න කිව්වා කොස්සක් හොයන්.. නැත්නම් අර මගුල ඇවිත් ශබ්ද දූෂණය කරන්න පටන් ගනීයි.. උට බයකට එහෙම නෙවෙයි මේ මං ඌ කියපුවා කරන්නෙ.. අර නිකන් කෑගස්සවන්න ඕනි නෑනෙ.. අනික පරිසර දූෂණය ශබ්ද දූෂණයෙන් උනත් සිද්ධ වෙන්න පුලුවන්.. මං පරිසරයට ආදරෙයිනෙ.. ඒකයි මේ..

" සහිරුකීඊඊඊඊඊඊඊ "

" දෙයියනේ සුදුමාත්තියා මගෙ..! මං හිතුවෙ එන එකක් නෑ කියලා "

නිසිනුවා කෑගහගෙන ඇවිත් මගෙ බෙල්ලෙ එල්ලුණා.. මාත් අනිත් පැත්තට හෙන ඇක්ට් එකක් දාලා පිස්සුවක් නැටුවා.. සිරාවටම මං හිතුවෙ නෑ ඌ ඒවි කියලා එනව කිව්වට.. මට දැන් පේනො ජිම් එක ඇතුළෙ හිටපු පොඩි එවුන් බයවෙලා වගේ අපි දිහා බලන් ඉන්නො.. අපේ වයසෙ උන්ට නම් ගානක් නෑ.. මන් ඉතින් කොහොමත් මරිමොංගල් ඩයල් එකක් කියලා උන් දන්නෝ.. මන් නිසිනුවත් ඇදන් ගිහින් පැත්තකින් වාඩිඋනාම ඌ බෑග්ගෙ අවුස්සලා මොනාද හෙව්වා..

" ආ ගනිම්.. "

මගෙ අතට බොක්ස් එකක් දික් කරලා නිසිනු කිව්වෙ.. ම්ම්.. ලන්ච් බොක්ස් එකක්.. අනේ රත්තරනේ.. මූ මට කන්න අරන් ඇවිත් උන්ගෙ ගෙදරින්..

" උබ කෑවෙ නෑනෙ තාම !? ඕක කාපන්.. "

" උබද ඉව්වෙ..? මගේ මැණිකේ මහත්තයට ඉව්වද..? ඔය සුදු අත් දෙකේ දැලි ගාගන්ට එපා කියලා මන් උබට කියලා තියෙනව නොවැ අපෙ මැණිකේ.. "

මං ලන්ච් බොක්ස් එකත් අතට ගන්න ගමන් කටහඩත් අමුතු කරලා එහෙම කිව්වම නිසිනු මගේ දිහා බැලුවා කෑම එකෙන්ම දීලා අරින්න වගේ..

" හරි හරි මන් විහිලුවක් කරේ.. "

උගේ බැල්ම හොද නැති නිසා මන් විරිත්තලා එහෙම කිව්වා ලන්ච් බොක්ස් එක අරින ගමන්.. අඩෝහ් ෆ්‍රයිඩ් රයිස්..!! දෙයියනේ දෙයියනේ..

" අනේ මට මගේ මැණිකේ රයිස් ගෙනල්ලා..!! මේ මට ඇඩෙනවා බං.. මේ බලහන් සතුටු කදුලු..! "

" ඕක උබේ ඔලුවේ හලාගන්න ආස නෑ නම් පාඩුවේ කාපන් මගුලක් නොකර..! "

බැන්නා ප්‍රෙන්ස්.. අරූ බැන්නා මට.. මං උගෙන් රයිස් කටක් කවන්නද කියලා අහන්න හිටියේ.. ඒ උනාට ඇහුවෙ නෑ මං.. ඌ මට බැන්නනෙ.. ඒකයි ඇහුවෙ නැත්තෙ..! අන්තිම බත් ඇටේට වෙනකන්ම මන් තනියෙන් ගිල්ලා.. ගිලලා වතුරත් බීලා මං නැගිට්ටා.. පොඩි චූ බරකුත් එනවා.. දැන්ම යන්නෝන.. අර ගොම්බිලියා එන්න කලින්.. නැත්තන් ඊයෙ වගේ වෙයි..

" අඩෝ.. මට චූ බරයි.. "

" දැන් මට දම්මවන්න කියලද කියන්නෙ..!? "

" අනේ බං වරෙන්කො යන්න.. "

නිසිනුවත් බලෙන්ම ඇදගෙනම මං ටොයිලට්ස් පැත්තට ගියා.. කොහොමහරි බරත් නිදහස් කරගෙන අපි දෙන්නා ආයෙ ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තෙන් දාලා ආවෙ..

" අඩෝ අන්න පර සෙහදුවා "

ප්‍රිෆෙක්ට් රූම් එකේ ඉදන් බෑග් එකත් එල්ලන් එළියට ආව සෙහදු බේසිකයව පෙන්නලා නිසිනු කිව්වෙ.. ආ ඔය ඉන්නෙ අපෙ මහ පගයත්.. මං ටග්ගාලා මගෙ එහාපැත්තෙ ඉදපු නිසිනුවගෙ අත ඇදල අරන් මගෙ අතේ පටලවගත්තා.. පස්සෙ මගෙ නිදහස් අතින් උගෙ නළලට අත තිබ්බා..

" දෙයියනේ දැන් යන්තම් රස්නෙ අඩුයි.. මං කිව්වා බබා ඔයාට අද කරාතෙ ප්‍රැක්ටිස් එන්න ඕනි නෑ කියලා.. කොහෙද ඉතින් අහන්නෑනෙ කියන එකක්.. "

" මොකක්ද උට්ටො කරන්නෙ !? "

" නලියන්නැතුව ඉදපන් ඕයි "

මූත් එක්ක බෑ කරන්න.. මං නිසිනුවට නලියන්නැතුව ඉදපන් කියලා ඇක්ට් එක තව ඉස්සරහට කරන් ගියා.. දැන් මට පේනො සෙහදු බේසිකයයි, අපෙ මහ පගයයි ඇස් නළලෙ තියන් මේ පැත්ත බලන් ඉන්නො.. මදි පාඩුවට කවීන් අයියයි, නිකිත අයියයිත් ප්‍රිෆෙක්ට් රූම් එකෙන් එළියට ඔලුව දැම්මා.. මුලු Executive board එකම මෙතනද යකෝ..! දැන්නම් ටිකක් ලැජ්ජැයිත් වගේ.. ඒත් මං අරුන් හතරදෙනාම දැක්කෙ නෑ වගේ ඇක්ට් එක කරන් ඇවිත් උන්ව දැන් දැක්කා වගේ ප්‍රිෆෙක්ට් රූම් එක ඉස්සරහ නැවතුණා.. නිසිනුවත් ගොනා වගේ මං කරන එකක් බලන් ඉන්න නිසා හොදයි ඉතින්..

" ආ අයියේ.. බලන්නකො අනේ මෙයාට උන හැදිලා උදේ ඉස්කෝලෙ ආවෙත් නෑ.. ඒත් මේ මං තනියම කියලා කරාතෙ ප්‍රැක්ටිස් ඇවිත්නෙ.. "

මං ඒක කිව්ව විදියට කවින් අයියට හිනාවක් පැන්නා.. නිකිත අයියා අහක බලන් ඉන්නො.. උට ලැජ්ජ හිතිලා මං හිතන්නෙ.. අපෙ මහ පගයා තාම හොල්මනක් දැක්කා වගේ ඉන්නකොට සෙහදු බේසිකයා ඇහිබඹක් උස්සන් නිසිනු දිහා බලන් ඉන්නො.. මොකක්ද දන්නෑ බලන්නෙ..!? ගොන් බල්ලගෙ යාලු ගොන් බල්ලා..!!!

" අයියෙ ඔයාට අද ක්ලාස් නෑනේ..? "

මං නිසිනුගේ අතින් අල්ලන්ම අපේ අයිය ගාවට ගිහින් එහෙම ඇහුවම ඌ හීනෙන් වගේ ඔලුව දෙපැත්තට වැනුවා.. අනේහ් පව් අසරණයා..!

" හරි අපි යනෝ හොදේ අයියලා.. නිසී අපි යමු.. ඔයාට ඇගට අමාරුයි වගේ නම් මට කියන්න බබා හොදද.. "

මං අරුන්ට යනෝ කියලා නිසිනුවත් එක්ක හැරිලා එන ගමන් උන්ට ඇහෙන්නම ආයෙම ලව්ලි කපල් රගපෑවා.. ජෙයියනේ නිසී මිසී ඔලුවත් වනනො මං කරන කියන හැමදේටම.. ම්ම්.. මගේ නිසී බබා..! ඊටපස්සෙ කෙලින්ම ජිම් එකට..! දෙකට දෙකක් වගේ තියෙන්නේ.. අරූ ඇවිත්ද දන්නෑ යකෝ..

" අඩෝ අන්න අරූ..! "

අපි ජිම් එක ළගට එද්දි ගොම්බිලියා ජිම් එකේ දොර ලග..! මන් දිව්වා දිවිල්ලක් නිසිනුවත් ඇදන් ගොම්බිලියවත් පෙරලගෙන.. නැත්තන් මූ මුලින් ගිහින් ඊටපස්සෙ කෑගහන්න ගනියි පරක්කු වෙලා ආවා.. ජෙක නම් ජෙක කියලා..!

ජිම් එක ඇතුළට ගිහින් ආයෙ හැරිලා බලද්දි ගොම්බිලියා ඉන්නො බයවෙලා වගේ අපි දිහා බලන්.. උට තාම උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුවැති.. මට දැන් හෙන ගෝනිබිලි වයිබ් එකක් එනෝ එනෝ වගේ.. අද දවසට කී දෙනෙක්නම් බය කරාද..! ගැම්මක් තමයි.. ගෝනිබිලි සහිරු..!!!

" අහ්ම්.. අද ජිම් එක අතුගාලා වගේ.. හොදයිනෙ.. "

තප්පර පහකින් විතර උගුරත් පාදලා මුකුත් නොවුන ගානට ගොම්බිලියා ඇවිත් එහෙම කිව්වෙ ඇස් කොනින් වගේ මං දිහාත් බලලා.. මාත් බලන් හිටියා ඉතින්.. මං වැරැද්දක් කරේ නෑනේ..? ඔව් ඔව් මං වැරැද්දක් කරේ නෑ..!

අදත් වෙනදා වගේම Stretching exercises ටික කරා.. ඒ මගුල් ටික කරාම නැති හන්දිපත් අමාරුවක් එනෝ.. හැබැයි අද කාතා වැඩිය කරේ නෑ.. කුමිතෙ කරන්න ඕනි නිසා වෙන්නැති..

" මහන්සි නිසා දැන් බ්‍රේක් එකක් ගන්න.. හැබැයි විනාඩි පහයි දෙන්නෙ..! "

ගොම්බිලියා එහෙම කියලා ගිහින් ජිම් එකේ අර වාඩිවෙන්න හදල තියෙන බැම්මෙ කොනෙන් වගේ වාඩි උනා.. අර පුටුවකින් වාඩිවෙන්න බැරිද දන්නෑ මගුල.. බැම්ම පුරා පොඩි උන් වාඩිවෙලා ඉඩක් ඇත්තෙත් නෑ.. ඉඩ තියෙන්නේ ගොම්බිලියගෙ එහාපැත්තේ.. මගුල මටමයි වෙන්නෙ..! කරන්න දෙයක් නෑනේ ඉතින්.. කකුල් කැඩිලා යන්න වගේ කැක්කුමයිත් එක්ක.. හිටගෙන ඉන්නද..! ගිහින් වාඩිවුනා ශේප් එකේ.. දැන් , ගොම්බිලියා කොනේම.. ඊටපස්සෙ ඌට මෙහායින් මන්.. මගේ ඇගට ඇලිලම වගේ නිසිනු..! මන් වාඩිවෙලා නිසිනුගෙන් වතුර බෝතලෙ ඉල්ලන් වතුරත් බිව්වා.. මගේ බෝතලේ වතුර නෑ.. ආයෙ පුරවගන්නත් බැරි උනා.. වතුර බොනගමන් පොඩ්ඩක් ඇස් කොනෙන් දැක්කා ගොම්බිලියා ෆෝන් එකට කොටනෝ.. නෑ මන් බැලුවේ නෑ..! ඇස් කොනෙන් නිකමට වගේ දැක්කෙ හරිත..!

කොහොමහරි විනාඩි පහකට පස්සෙ අරූ ආයෙම ප්‍රැක්ටිස් පටන්ගන්න පේලි හැදෙන්න කිව්වා.. මගුල ඕයි..! සෙන්සෙ නැති අඩුව නම් අම්බානෙට දැනෙනෝ මේවෙලාවට.. මූ මහ අමන යකෙක්නෙ..! පකයා..!

" අගසස් !! "

කවුරුහරි මගෙ දෙවැනි නම කියනො ඇහිලා මං බැලුවෙ.. මං හිටියේ පේලි හැදිලා හිතින් ගොම්බිලියට බැන බැන.. ඒ අස්සෙ ගොම්බිලියා මට කතාකරලා තියෙන්නෙ..! ඌ කොහොමද මගෙ නම දන්නෙ..!? ආ ඊයෙ නම ඇහුවනෙ මගෙන්.. ඒත් මූ ඒක මතක තියාගෙනද එවෙලෙම.. දැන් මං යන්නෝනද ඌ කතාකරාම..? ආආආහ්හ්හ්..!!!

" ඇයි..!? "

මං ගිහින් ගොම්බිලියගෙ ඉස්සරහින් හිටගෙන ඇහුවම ඌ මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉදියා..

" පස්ල් මැට් ශීට්ස් ටික බිමට සෙට් කරන්න.. අද කුමිතෙ කරන්න ඕන.. "

ඇජ කුමිචෙ කරැන්නැ ඕනැ යැයි යැයි යැයි තමා..!! මොන උලව්වක්ද..! මාව විතරයි පේන්නෙ මූටත්.. දැන් අර ටික උස්සන් එන්න එපැයි.. පිස්සු පකා..! මං ඌටත් ඔරවගෙන ජිම් එකේ කොනේම ස්පෝර්ට්ස් බඩු දාලා තියෙන රූම් එකට ගියා.. මේ මගුල් දැන් උස්සන්නෙ කොහොමද යකෝව්..! පස්ල් මැට් ශීට්ස් හෙන බරයි.. තනියම උස්සන්න අමාරුයි.. මං නිසිනුටත් අඩගැහුවා ඉතින්.. නැත්තන් ඕයි මං කොහොමද තනියම මේවා ගෙනියන්නෙ..! අරූට ඕක තේරුම්ගන්නවත් මොලයක් නැද්ද..!

ඌටත් හිතින් බැන බැනම මායි නිසිනුයි පස්ල් මැට් ශීට්ස් උස්සන් ආවා.. ඒත් බෑ යකෝ.. වැනෙනෝ අපිවත් ඕවා උස්සද්දී..

" මොකද ඕයි ඔය..!!? ඕකක් උස්සගන්නවත් පන නැද්ද..?!! "

අපි අමාරුවෙන් පස්ල් මැට් ශීට්ස් උස්සන් එද්දි අර ගොම්බිලියා කෑගහගෙන ආවා ජිම් එකම දෙදරන්න..! ඒ ඇවිත්,

" කෝ එහාට වෙයන්..!! "

කියලා මාවත් එහාට තල්ලුකරලා ඌ පස්ල් ශීට් එක එක උස්සන් ගියා..! මාත් නිසිනු එක්ක කීපයක් උස්සන් ආවා ඉතින්.. අරූ කියනෝ වැදෑරෙනවලු අපි.. අනේ පලයන් යන්න පරයා..! ගොං මීමින්නා..! ඌ අපිට වඩා කොච්චර වැඩිමල්ද..! ඌට යෝධ බල යෝධ ශක්තිය තිබ්බ කියලා අපි මොකක් කරන්නද..! පිස්සු මගුල..!

සාමාන්‍යයෙන් පස්ල් මැට් ශීට්ස් බිමට දාන්නෙ මාර්ෂල් ආර්ට්ස් ග්‍රේඩින්, ටූනමන්ට්ස් වලදි වගේ.. ඒත් කරාතෙ කුමිතෙ කරද්දිනම් අනිවා මේ පස්ල් මැට් ශීට්ස් බිමට දානො ඉතින්.. අනික කරාතෙ, තයිකොන්ඩො වලදි Tatami කියන පස්ල් මැට් ශීට්ස් තමයි පාවිච්චි කරන්නෙ.. මේවා දැම්මෙ නැත්තන් ඔය් කුමිතෙ වලදි කික් එකක්, පන්ච් එකක් එහෙම වැදිලා බිම වැටුනොත් කෙලින්ම ඔලුව පොළොවෙ වදින්න තියෙන සම්බාවිතාව වැඩියිනෙ.. එහෙම අනතුරු වෙන්න පුළුවන් නිසා තමයි මේ පස්ල් මැට් ශීට්ස් දාන්නෙ..

කොහොමහරි කුමිතෙ කරන අය විතරක් නවතිද්දි කාතා විතරක් කරන අය ගෙදර ගියා.. සමහරු කරාතෙ වල කාතා විතරයිනෙ කරන්නෙ.. අපි ඉතින් කාතා කුමිතෙ දෙකම කරන නිසා කුමිතෙ කිට් එකත් දාගෙන නැවතුණා.. දැන් තුනයි තිහට විතර ඇති.. ඊටපස්සෙ ඉතින් පැය එකහමාරක් විතර කුමිතෙ ප්‍රැක්ටිස් එකදිගටම.. පහටනෙ ඉවරවෙන්නෙ..

.

.

" අදට ඇති එහෙනම්.. පහයි කාලයිනෙ වෙලාව.. "

අම්මෝ ඇති යන්තම්..! මූ කොයිවෙලේ ප්‍රැක්ටිස් ඉවර කරයිද කියල අපි බල බල ඉදියෙ.. උදේ ඉස්කෝලෙත් ඇවිත් ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් නවතිනවා කියන්නෙ හොද ගනන් ඉතින්.. පටන් ගද්දිම වගේ අර ඉවර කරද්දි කරන්න ඕනි ටික කරලා පොඩි උනුත් ගියාට පස්සෙ මායි නිසිනුයි එකතු වෙලා ආයෙ පස්ල් මැට් ශීට්ස් ටික එකතු කරන ගමන් ඉදියෙ.. ගොම්බිලියත් උදව් උනා ඉතින්..

සේරම අස් කරලා වෙනද වගේම නිසිනුයි මායි නැවතුනා ජිම් එක ලොක් කරන්න.. ගොම්බිලියා එලියට එනකන් ඉන්න එපැයි ඉතින්..! කොහොමත් ඌට අමුතුවෙන් අරන් යන්න දෙයකුත් නෑ අත වන වනනෙ එන්නෙ.. මායි නිසිනුයි දොර ලග නැවතුනාම අපේ පස්සෙන්ම ගොම්බිලියා ඇවිල්ලා අපි ඉස්සරහ හිටගෙන මං දිහා බලන් මොකක්හරි අහන්න කට ඇරියා..

" ඔයාලා කීය වසරෙද මල්ලි..? "

මොන උට්ටක්ද.. මගෙන්ම අහන්නෙ ඇයි යකෝ.. අනික මට අර පුරුද්දකට වගේ නිසිනු දිහාත් බැලුනා.. ඉතින් යකෝ ඒ පුරුද්ද මට අතෑරගන්න බෑ..! මොකෙක් හරි ප්‍රශ්නයක් අහපුවාම එහාපැත්තේ එකා දිහා මට ඉබේම බැලෙනවා..

" දහයෙ..! "

කොහොමහරි උත්තර දුන්නෙ මං නෙවෙයි නිසිනු.. අපි දෙන්නගෙන්මනෙ අහන්න ඇත්තෙ නේත..? ඉතින් කවුරු උත්තර දුන්නම මොකෝ වෙන්නෙ..!

" තාම පොඩි උන්නේ..! පරිස්සමින් යන්න එහෙනම්.. "

නිසිනු අපි දහයේ කිව්වම ගොම්බිලියා හිනාවෙලා එහෙම කියලා මගේ කොන්ඩෙ ඇවිස්සුවා..!!!!!!!! ආආආආආආඅ...!!! මං ආස නෑ යකෝ මාව දන්නැති උන් අල්ලනවට..!!!!! මූ වලත්තයෙක්..! වලත්තයා.. මාව අනවශ්‍ය විදිහට ඇල්ලුවා..! වලත්ත ගොම්බිලියා..!!

ඌ ජිම් එකෙන් එලියට යනකන්ම මං හිටියේ බකන් නිලන් ඉන්න ගල් පිලිමයක් වගේ..! අනික ඔය රෙද්ද වෙච්ච වෙලාවෙ ඉදලා ජිම් එක ලොක් කරලා ගේට් එක ළගට එනකන්ම නිසිනු පරයාට අසාමාන්‍ය කැස්සකුත් හැදිලා..! කේන්තියි යකෝ..!!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

ඊලග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter