Back
/ 22
Chapter 3

02 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

නිසිනුගෙ පැත්ත හැරිලා ප්‍රශ්නාර්ථ බැලමකින් බලන් ඉදපු මං ගැස්සුණේ ඒ සද්දෙට..! මූ කවුද යකෝ අපේ ඉස්කෝලෙට ඇවිත් අපේ ක්ලබ් එකේ එවුන්ට සද්දෙ දාන්න තරම් එකා.. ඕනි දෙයක් කියලා මමයි නිසිනුයි ගිහින් උගෙ පැත්තකින් හිට ගත්තා..

" කෝ මං කලින් අහපු එකට උබලයි කටවල් නැද්ද උත්තර දෙන්න..? "

මන් දන්නවද මිනිහෝ උබ අහපු දේ මොකක්ද කියලා.. නිසිනුවත් මූණ කුණ්ඩ හට්ටියක් වගේ කරන් අරූ දිහා බෙල්ල උස්සන් බලන් ඉන්නව.. මාත් ශේප් එකේ ගොම්බිලියගෙ මූන දිහා බැලුවා බෙල්ල උස්සල.. ටහිකෙන්න යකෝ ඌ මන් දිහා බලන් ඉන්නවා මාව මරන් කන්න වගේ.. මං නිකමට වටපිට බැලුවේ.. ප්‍රැක්ටිස් නතර වෙච්ච අනිත් උන් ටිකත් මං දිහා බලන් ඉන්නෙ..! මොකද යකෝව් මේ..

" උබද ක්ලබ් ප්‍රසිඩන්ට්..!? "

ඌ මන් දිහා බලන් එහෙම අහද්දී මං උඩ විසි උනා ඕයි.. පට්ට ගැබුරුයි මේ මිනිහගෙ කටහඩ.. අනික හෙන හයියෙන් ඌ බෙරිහන් දෙන්නෙ..! අනික මූ කවුද බන්.. අයියා කියන්නද සෙන්සෙ කියන්නද.. හැබැයි අපේ ඉස්කෝලෙ ගිය අවුරුද්දෙ වෝක් එකට ගහපු ටී ශර්ට් එක ඇදන් ඉන්නෙ..

" ඔව් අ..යියෙ නේ..? අයියෙක් නේ..? සෙන්සෙ මාරු උන්නෑ නේද..? "

මන් හෙන අපහසුතාවයෙන් ඇහුවේ.. ඉතින් හත්දෙයියනේ මන් දන්නවද මූ කවුද කියලා..!

" හහ්.. මරු ක්ලබ් ප්‍රසිඩන්ට්.. වෙන එවුන් නැතුවට හොදයි.. "

දැන් මූ මොකක්ද කියන්නෙ..!? ඔන්න දැන් මට තරහ යාගෙන එනෝ..

" මං කලිනුත් කිව්වා.. දැන් ආයෙම කියනවා , මං තමයි ටික දවසක් යනකන් උබලට කරාතෙ දවසට ඉන්නෙ..! සෙන්සෙත් ඒවි සමහර දවස්වලට.. ඒත් මං ටික දවසක් යනකන් ඉන්නවා සෙන්සෙගෙ ඉල්ලීමක් නිසා.. අනික මට සෙන්සෙ සෙන්සෙ ගාන්න ඕන නෑ..! අයියෙ කියපන්.. එහෙම බැරිනම් නිකන් ඉදපන්..! "

ගොම්බිලියා ඒ ටික කියන් ගිහින් මගේ දිහා බැලුවා.. මං ටග්ගාලා අහක බලාගත්තා.. ඔන්න මට දැන් මූව අරහන් වේගෙන එන්නෙ..

" අනිත් එක දෙකට ප්‍රැක්ටිස් පටන් ගන්නවා කියන්නෙ ඒක එකයි පනස් පහවත්, දෙකයි පහවත් නෙවෙයි.. වෙලාව නම් වෙලාව.. මුලින්ම වෙලාවට වැඩ කරන්න පුරුදු වෙයන්.. මට ඔය වෙලාවට වැඩ කරන්න බැරි එවුන්ව පේන්න බෑ..!! "

එහෙනම් ඇස් වහන් හිටපන්..! ඇයි යකෝ.. අනේ ඉතින් උට පේන්න බෑ කියලා අපිට පාන්ද.. නිසිනුවානම් හෙන අවදානෙම් ඔලුවත් නවන් අහන් ඉන්නෙ.. මං උට වැලමිටෙන් ඇන්නම ඌ මට රවලා ඉස්සරහ බලාගනිම් කිව්වා..

" දෙක වෙද්දි මෙතන වෙනදා ප්‍රැක්ටිස් වෙන විදියට පේළි හැදිලා ඉන්න ඕන..! මං ආවම පස්සෙනම් ඒවා කරන්න තියාගන්න හදන්න එපා..!!! අනික බලපන් මෙතන හත් අවුරුද්දකින් අතුගාලා නෑ වගේනෙ.. දැන් කොස්සක් හොයන් ඇවිත් අතුගාපන්.. මෙහෙම දූවිල්ලෙ කොහොමද ප්‍රැක්ටිස් පටන් ගන්නෙ.. ඒවා ඇගිල්ලෙන් ඇන ඇන කියන්න තියාගන්න එපා..! උබලට තේරෙනවනේ යමක් කමක්.. ජිම් එකට ආවම මෙතන ප්‍රැක්ටිස් පටන් ගන්න ඕන විදියට හදාගන්න එක උබලා කරන්න දැනගන්න ඕන..! "

ඉතින් මීක් නෑ එකෙක්වත්.. පොඩි එකෙක් දූවගෙන ගිහින් කොසු දෙකක් උස්සන් ඇවිත් අතුගාන්න හදනකොට අර ගොම්බිලියා කිසි කතාවක් නැතුව එක කොස්සක් අරන් දික් කරා මට..! අනේ හත්වලාමේ ඇයි මටම දික් කරන්නෙ..

" අතුගාපන්..! පරක්කු වෙලා ආව එකට දඩුවමක් මේ..! "

ඉතින් ඊලග විනාඩියේ මන් හිටියේ කොස්සත් අරන් අතුගගා.. නෑ බයට නෙවෙයි ප්‍රෙන්ස්.. පිස්සු උට්ටෙක් කඩාපාත් වෙලානෙ ජිම් එකට..! මගුල අතුගාන්නත් උනා ඉතින්.. හැබැයි එහෙමයි කියලා ඇති කුණකුත් නෑ බං.. පිස්සුනෙ මුට.. Amthophobia ද කොහෙද උට.. ඒත් මං එහෙමම කුණු නැතත් අතුගෑවා.. නැත්තන් මේ පිස්සු පකයා ගිහින් සෙන්සෙගෙ කනේ තිබ්බොත් ක්ලබ් ප්‍රසිඩන්ට් මෙහෙමයි අරමයි කියලා.. මගේ නමටනෙ හරි නැත්තෙ..! අන්න ඒකයි මන් මේ අතුගාන්නෙ.. පුරුදුත් නෑ යකෝ අතුගාලා.. හොරෙන් බැලුවා මං ගොම්බිලියා දිහා.. ඌ කන්න වගේ බලන් ඉන්නො මං දිහා..

" තමුසෙගෙ නම මොකක්ද..?"

මං කොස්සත් අල්ලන් හැරුනා ඌ පැත්ත..

" සහිරු..! සහිරු අගසස්..! "

මං නම කිව්වාම ඌ ඔලුව වැනුවා විතරයි.. හරකා.. ඒ ගැම්මෙන්ම ඊලගට අතුගාපිය කිව්වා..! අම්මපා සෙන්සෙටත් වෙන එකෙක් හිටියෙම නැද්ද දන්නෑ අඩගහගන්න..!

" අද දවසෙම උබලා අතුගාන්නද කල්පනාව..!? ඉක්මනට අතුගාපන් මගුල.."

අනේ යකෝ.. මට මුට කොහු මිටෙන්ම දෙන්න තියෙනම්..!!!!!

" ඒ මල්ලිලා.. නම් මාක් කරන් පලයන්.. "

" උබලා ඒකත් කරන්නෙ දැන්ද..!? "

ඔව් ඇයි ඇයි මොකද ආ.. නිසිනුවා ඇටෙන්ඩන්ස් බුක් එක අරන් ඇවිත් පොඩි උන් ටිකට නම් මාක් කරගන්න කිව්වම පැත්තක ඉදන් ගොම්බිලියෙක් කෑගහනො.. යකෝ මුට ඕනි නැති මගුලක් නෑනෙ..

" මල්ලි පේළි හැදෙන්න "

අර පොඩි එකා එක්ක ඉක්මනට අතුගාලා ඇවිත් මං පොඩි උන් ටිකට පේළි හැදෙන්න කියලා මායි නිසිනුවයි ඉස්සරහින් හිටගත්තා.. නැත්නම් ඕකටත් කෑගහාවි අර ගොම්බිලියා.. සාමාන්‍යයෙන් බෙල්ට්ස් පිළිවෙළට තමයි පේළි හැදෙන්නෙ.. එතකොට අපි ඉස්සරහ ඉතින්.. බ්ලැක් බෙල්ට් කාරයොනෙ.. ගැම්මක් තමයි..!

" Moksu "

ගොම්බිලියා කිව්වම අපි කකුල් පිටිපස්සට දාලා බිම අදාළ විදියට වාඩිවෙලා අත් දෙක කලවා උඩින් තියාගත්තා..

" Mewotojite (close your eyes) "

" Me o akete (open your eyes) "

ඇස් වහන් ඉදලා විනාඩි පහකින් විතර ගොම්බිලියා කිව්වම අපි ඇස් ඇරලා මෙඩිටේශන් එක ඉවර කරා.. ඊටපස්සෙ මූ මට අතින් සන් කරා නැගිටින්න කියලා.. ඊව්ව් ඒකටත් මං විතරද මුට පේන්නෙ..!? සාමාන්‍යයෙන් මෙඩිටේශන් එක ඉවර උනාම සෙන්සෙ ඉස්සරහින් ඉන්න බ්ලැක් බෙල්ට් කාරයෙක්ව නැගිට්ටවනවා.. එයා මුලින්ම සෙන්සෙට bow කරාම සෙන්සෙත් එයාට bow කරනවා.. ඊටපස්සෙ තමයි අනිත් අය නැගිටලා සෙන්සෙට bow කරන්නෙ.. වෙනදනම් සෙන්සෙ මාව හරි නිසිනුවා හරි තමයි එහෙම නැගිට්ටවන්නෙ.. ඒත් මූත් මොකද මාවම නැගිට්ටවන්නෙ..!? මෙතන තව ඕනිතරම් බ්ලැක් බෙල්ට්කාරයො ඉන්නොනෙ..

කොහොමහරි bow එකෙන් පස්සෙ stretching exercises..! ඕක තමයි යකෝ එපා වෙන්නෙම.. Stretching exercises හොදයි කකුළුවා යනෝ වගේ යන්න කියන්නෙ නැත්නම්..!! සිරාවටම ඒක stretching exercise එක පැහැදිලි කරන්න අපිට තේරෙන්නෙ නෑ.. ඉතින් අපි කියන්නෙ කකුළු ගමන කියලා.. ගොම්බිලියා ඒක අපිට කරන්න කිව්වෙ නැතොත් හොදයි.. නැත්නම් ඩිප්ස් පනහක් විතර ගස්සලා ඒක කරන්න කිව්වම කකුල් බල්ටි ඩාන්ස් දානො..!

" Half split stretch "

" Hurdles' stretch "

" Side splits "

" Pushups "

" Squats "

" Half squat switches "

" Squat to stand "

" Arm through gap "

" Pull-ups "

" V-ups "

" Jump knee taps "

ගොම්බිලියා කියනො අපි කරනො..! ක්ලාස් එකේ තරම් ඉස්කෝලෙනම් වැඩිය Stretching exercises කරවන්නෙ නෑ.. ඒත් මේ ටික කරාම හොද ගනන්..!! සිරාවටම කිව්වොත් Martial arts කරන එවුන් බොඩිය හදාගන්න කියලා ජිම් ගානෙ යන්න ඕනි නෑ.. මේ කරන ටිකම ඇති ඇගේ පැක්ස් හැදිලා අත්වල ගඩ්ස් එන්න.. කෙල්ලොන්ගෙ උනත් එහෙමයි ඉතින්.. කොහොමත් මාර්ෂල් ආර්ට්ස් කරන කෙල්ලොන්ගෙනම් අමුතුම ලුක් එකක් තියෙන්නෙ.. ම්ම්.. ටොම්බෝයිස්..!!

Stretching exercises ටික ඉවර උනාම Basic Movements..! සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් වලදි කාතා (Kata) පටන් ගන්න කලින් Basic Movements කරවනවා.. Basic Movements කියන්නෙ ඉතින් Shomen Zuki, Jodan Zuki, Yoko Zuki, Sonoba Zuki වගේම Choku Geri, Yoko Geri, Ushiro Geri, Mawashi Geri වගේ කික්ස්.. ඊටපස්සෙ තමයි ඉතින් කාතා පටන් ගන්නෙ.. කොච්චර මෙතන බ්ලැක් බෙල්ට්කාරයො ඉදියත් මුල්ම කාතා එකේ ඉදන් තමයි කරවන්නෙ..

" දැන් විනාඩි පහක බ්‍රේක් එකක් ගන්න "

අර ගොම්බිලියා එහෙම කියාගෙන ගිහින් ජිම් එකේ මුල්ලක තිබ්බ පුටුවකින් වාඩිවුනා.. අනේ පව්.. හරි මහන්සි ඇති මෑන්ට කෑගහලම..! මං ඌටත් ඔරවන් අනිත් උන් එක්ක ගිහින් ජිම් එකේ එක පැත්තකට වෙන්න වාඩිවෙන්න හදලා තියෙන බැම්මෙන් වාඩිවෙලා බෑග් එකෙන් බෝතලේ අරන් වතුර උගුරු දෙකක් බිව්වා.. ගොම්බිලියා ඉන්නව ෆෝන් එක ඔබ ඔබ.. හැටි විතරක්..! ලස්සන හින්දද දන්නෑ ඔච්චර පඩේ..!

" ඒ බන් උබ හෙටත් නවතිනවද..? "

දහය බී එකේ අදීශ මගේ උරහිසට තට්ටු කරලා අහද්දී මන් ගැස්සුනා.. සැක් යකෝ.. අරූ දිහාද මන් බලන් හිටියේ.. තූ විතරක්..!

" මොකක්ද..?"

" උබ හෙටත් නවතිනවද..?"

" මට නම් අවුලක් නෑ ඉතින්.. උබලා මොකෝ කරන්නෙ..? ඉන්නවද හෙට..? "

" අනේමන්ද බන්.. සෙන්සෙ නැතුව මොකක්ද වගේ.. "

අදීශයා කටත් මොකක්ද වගේ කරන් කියද්දී මාත් ඔලුව වැනුවා.. සෙන්සෙ අපි එක්ක ෆිට්.. ප්‍රැක්ටිස් වෙලාවෙදි නම් පොඩ්ඩක් සද්දෙ දානවා උනාට අපි දෙගොල්ලො හෙන එකතුයි.. ඒනිසා අර අලුත් ගෝතයාව අපිට දිරවන්නෑ.. මටත් නිකන් කම්මැලියි වගේ හෙට නවතින්නත්.. මෙහෙමනෙ, අපිට සතියකට දවස් දෙකක් කරාතෙ ප්‍රැක්ටිස්.. දෙකේම එන්න අවශ්‍යම නෑ.. ඒ උනාට මන් දවස් දෙකම නවතිනවා ගොඩක් වෙලාවට.. ගොඩක් වෙලාවට කියන්නෙ ඉතින් හැමදාම එහෙම තමයි.. ඔය ඉදලා හිටලා තමයි එන්නෙ නැතුව ඉන්නෙ..

ඔය සේරම මලමගුල් කල්පනා කරන අස්සෙ මට චූ බරයිත් එක්ක යකෝව්.. හරිනෙ ඉතින් කාලා බීලා සේරම කරාට ටොයිලට් ගියේ නෑනේ..

" ඒ චූ බරක් සෙට් වෙලා තියෙන්නේ යකෝ.. වරෙන්කෝ යන්න.. "

මං නිසිනුවට එහෙම කිව්වම ඌත් ඔලුව වනලා නැගිට්ටා.. ඕකාටත් යන්න ඕන ඇති.. ඌත් ගියේ නෑනේ.. මාත් ඉන්න තැනින් නැගිටලා නිසිනු එක්ක යන්න හදද්දිම ;

" බ්‍රේක් එක ඉවරයි..! ඉක්මනට ඇවිත් පේලි හැදෙන්න.. විනාඩියයි මන් දෙන්නෙ..! "

අනේ හුත්තෝඕඕඕඕඕ..!!!! ගොම්බිලියා තෝව මං පට්ට ගහලා කොට්ට මහනවා පරයා..!!!

" දැන් ඉතින් ඔතන තමයි උබට චූ දාන්න වෙන්නෙ.."

කියාගෙන නිසිනු ගියා පේලි හැදෙන්න.. අනේ චූ බරයි ඕයි මට.. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මාත් ගියා නිසිනු පස්සෙන්.. ශික්.. රෝල්ස් කන්න ගිහින් එද්දිම චූ දාන්නත් ගිහින් ආවනම් මේ මුකුත් බරවල් හැදෙන්නෙ නෑනේ.. ඉදපන්කෝ ගොම්බිලියො චූ බර තදවෙලා මගේ මුත්‍රාශය පුපුරලා ගියොත් මන් උබේ මුත්‍රාශය අරන් මට හයිකරගන්නව..!

" Heian Shodan "

" Heian Nidan "

" Heian Sandan "

" Heian Yodan "

" Heian Godan "

ඊටපස්සෙ ඉතින් එක දිගට හෙයිආන් කාතා ටික තමයි.. අඩි තියන සැරයක් ගානෙ චූ යන්න ඔන්න මෙන්න වගේ යකෝ..!

" කැද බීලා වගේ හැසිරෙන්න එපා යකෝ..!! පන ඇතුව කෑගහපන්..!! "

අනේ උබ නටපන් ගොම්බිලියා..!! යකෝ මේ චූ බර ඉවසන්න බැරුව මන් ඉන්නකොට මූ උට්ටක් කියවනෝ දමාගෙන..! සාමාන්‍යයෙන් කාතා වල සමහර ස්ටෙප්ස් වලදි අපේ පවර් එක පෙන්නන්න වගේ කෑගහන්න ඕනි.. හෙයිආන් ගෝදාන් එකේ අපේ සද්දෙ මදියි කියල තමයි අර පඩස්තර මිනිහා කෑගහන්නෙ.. ඉතින් දෙයියනේ කෑ ගැස්සවෙන්නෑ චූ බර එක්ක..!

" ආයෙ කරපන් Heian Godan එක ! "

ටහික්කෙන්න..! හෙනම ගහපන් මුට.. හරි උබට සද්දෙනෙ මදියි කිව්වෙ.. දෙන්නම්කො ඇටි හැලෙන්න සද්දෙ..!! මං මගෙ දෙපැත්තෙ හිටපු නිසිනුවටයි යසිරුවටයි ඇස් වලින් ඉගි කරලා ආයෙ Heian Godan එක කරන්න ඒ අදාළ විදියට හිට ගත්තා.. මං කිව්ව එක උන්ට තේරුණා මං හිතන්නෙ..

" Heian Godan..!!! "

අරූගෙ අමාරුව හරියන්නත් එක්ක අපි හෙයිආන් ගෝදාන් කියනෙක කිව්වෙ කන් අඩි පැලෙන සද්දෙන්.. ගොම්බිලියා ගැස්සිලා ගියා මන් දැක්කා.. දැන් හරි ඇති අමාරුව..! සද්දෙ මදියි කියලා මැරෙන්න හැදුවනෙ.. පිස්සු පකයා..! සාමාන්‍යයෙන් කාතා එකක් කරන්න කලින් ඒ කාතා එකේ නම කියන්න ඕනි.. අපි ඉතින් ජිම් එක දෙදරන්නම Heian Godan කිව්වා..

" ඉච්, නී, සන්, ශී, ගෝ "

ඊලගට ගොම්බිලියත් හෙන හයියෙන් ස්ටෙප්ස් තියන්න කවුන්ට් කරනවා..! දැන් මූ මේ අපි එක්ක ගේමටද එන්න හදන්නෙ..!?

" Kiai !!! "

අපි ආයෙත් 'ගෝ' එකේදි හෙන පවර් එකෙන් කෑගැහුවා.. එක අතකට පව් අර ගොම්බිලියා.. ඌ අපිට සද්දෙ මදියි කියලා කෑගහලා කරගත්තෙ හෙන මෝඩකමක්..! දැන් ඉතින් උලම් පැටියා වගේ බලන් ඉන්නො.. උබට හැරෙන්න බෑ ඕයි අපි එක්ක..!

කොහොම හරි හෙයිආන් ගෝදාන් ඉවර වෙලා bow කරාට පස්සෙ ආයෙ අරූ කියවන්න ගත්තා..

" බලහන්කො පහයිනෙ වෙලාව..! උබලා පටන් ගද්දිම පිස්සුවක් නැටුවෙ නැත්නම් අද කුමිතෙ මූව්මන්ට්ස් ටිකකුත් කරන්න තිබ්බා.. වැඩක් නෑ කතා කරලා.. "

අනේ යකෝ අපිද පටන් ගද්දිම පිස්සුවක් නැටුවෙ..!!! ඌ කරපුවා අපිට දාලා කියනො.. මූනම් සිරාවටම ගොම්බිලියෙක් තමයි..! ඔව් ඔව් වැඩක් නෑ තමයි කතා කරලා මේවා ගැනනම්..

" කමක් නෑ හෙටත් ප්‍රැක්ටිස් තියෙනොනෙ.. එහෙනම් අපි අදට නවත්තමු.. "

අර ගොම්බිලියා කියවද්දි මං හෙන උවමනාවකින් අහන් ඉන්නො වගේ ඉන්න ගමන් නිසිනුට වැලමිටෙන් ඇන ඇන අරූට දෙහි කැපුවා.. ගොම් බල්ලා..!

ආයෙ ඉතින් මුලදි පටන් ගත්තා විදියටම මෙඩිටේට් කරලා ඉවර වෙලා අරූට bow කරලා අපි එන්න හදද්දි අන්න යකෝ පොඩි උන් ගිහින් ගොම්බිලියට වදිනො..!! මුන්ට පිස්සුද බං අරූට වදින්න !? සැක් දැන් අපිත් වදින්න ඕනිද !?? ඕනි නෑනෙ !? ඔව් ඔව් ඕනි නෑ..

" මල්ලිලා ජිම් එක ලොක් කරලනෙ යන්නෙ..? "

පොඩි උන් වැදලා කියලා යනකන් පැත්තකට වෙලා බලන් හිටිය නිසිනුගෙනුයි මගෙනුයි අරූ ඇහුවේ ලාවට හිනාවෙලා.. මේ මොකද ඕයි මූට වෙලා තියෙන්නේ..

" ඔව් අයියේ.. ලොක් කරලා යතුර ගාඩ් රූම් එකෙන් තියල යනවා.. "

නිසිනු එහෙම කිව්වාම අරූ ඔලුව වැනුවා..

" හරි එහෙනම්.. හෙට වෙලාවට එන්න ඕන දෙන්නම.. පරක්කු වෙන්න බෑ.. රෝල්ස් කන්න යන්න ඕන්නම් ටිකක් වේලාසනින් ගිහින් කාලා එන්න.. මන් දැක්කා දෙන්නා නැලවි නැලවි පාර පනිනවා.. "

ගොම්බිලියා කතා කරේ පට්ටම නිවිච්ච කටහඩකින්.. යකෝ මේ මොන උට්ටක්ද..! මගේ මූන දැන් ඇති ලෝක පුදුම හත දැක්ක වගේ.. ඉතින් දෙයියනේ පුදුම නැද්ද මල යකා වගේ කෑගහපු එකා කාලගුණේ වගේ වෙනස් වෙලා ඉදිද්දි..!

" හරි මල්ලී මන් යනවා.. ජිම් එක ලොක් කරලා පරිස්සමින් යන්න දෙන්නම.. "

කියාගෙන ඌ ක්ශනිකව වාශ්ප උනා..

" ඒ මොකක්ද බං ඌට ඒ උනේ..?"

" අඩෝ උගෙ නිවුන් සහෝදරයෙක්වත් කොහෙහරි හැංගිලා හිටියද..? නෑ ඉතින් මූ යක්ශාරූඩ වෙලා නෙ බං හිටියේ ප්‍රැක්ටිස් කරවද්දි.. "

නිසිනුවාටත් අදහගන්න බෑ අරූගෙ හැසිරීම.. එක්කො මට පිස්සු නැත්තන් ගොම්බිලියට පිස්සු..!

උට මොකක්ද එකපාරටම උනේ කියලා කල්පනා කර කර අපි දෙන්නා ජිම් එක ලොක් කරලා ටොයිලට්ස් පැත්තෙත් ගිහින් බර නිදහස් කරගෙන යතුර ගාඩ් රූම් එකෙන් තියලා එළියට ආවා..

" අඩෝ මං ගියා එහෙනම්.. "

" හරි හරි පරිස්සමට පලයන් "

මට යනවා කියාගෙන නිසිනුවා බයිසිකලේ පාරට දැම්මා.. උන්ලයි ගෙවල් තියෙන්නෙ ටැංකි බාලිකාව පැත්තෙ දෙවෙනි පටුමගේ.. මං ඉතින් ඉසදින් එකේනෙ.. ලොකු දුරක්නම් නෑ.. මාත් උට පරිස්සමින් පලයන් කියලා එන්න ආවා..

ගෙදරට ඇවිත් කෙලින්ම කාමරේට ගිහින් මන් දොර වහලා බෑග් එක සෝෆා එකට විසිකරලා ඇදෙන් ඉදගෙන ටීශර්ට් එකත් ගලවලා ඒක හෝදන ඇදුම් දාන්න තියෙන බාස්කට් එකට විසිකරා.. ආ තව ස්කූල් යුනිෆෝම් එකත් තියේනෙ.. මන් ආයෙ සෝෆා එක ගාවට ගිහින් බෑග්ගෙ ඇරලා ගුලිකරලා දාගත්ත යුනිෆෝම් එකත් අරන් රෙදි බාස්කට් එකට විසිකරා.. මෙහෙමයි ඉතින්, යුනිෆෝම් එකට ගෞරව කරපිය කියලා අම්මත් කට කැඩෙනකන් කියනෝ.. ඒ උනාට ඕවා ඉතින් අනේ මන්දා.. මහන්සි වෙලා ආව දාට කවුද බන් මගුලෙ ගෞරවයක් මතක තියන් ඉන්නෙ..!? මට නම් දැන් ඕන වොශ් එකක් දාන් ඇවිත් හොදට දපලා නිදාගන්න..!

ඕවත් හිත හිත මන් වාඩිවෙලා කලු සපත්තු දෙකත් ගලවලා දාලා මේස් දෙකත් ගැලෙව්වා.. ඔන්න එතකොට තමයි මගේ කකුල් දෙක නිවන් ගියේ.. තැම්බිලා ගිහින් කකුල්.. විල්ලුද පුංචි දෙපා වලට මේ වේදනා දරාගන්න බෑ දෙයියනේ..!!

" චූටී උබ කොහෙද..! "

අපෝ පිස්සු හෝන්තුව.. මූ මහාම සාපයක් බන්.. කවුද ඉතින් මගේ එකකුස උපන් සහෝදරයා..

" චූටී..!! "

මොන..! දොර කඩන්න හදනව මූ..

" ඇයි ඇයි ඇයි !!? මොකද ආ..!! "

" ආ මොකද උබේ සද්දෙ..!!? ඉක්මනටම ඇවිත් මට රිමෝට් එක හොයල දියන්..! තමුසෙනෙ අන්තිමට ගත්තේ.. ඊයෙ රෑ දෙගොඩහරියක් වෙනකන් හොටු කදුලු පෙර පෙර ෆිල්ම් බලලා.. එකක් කියපන්.. රිමෝට් එක කෑවද උබ..? "

අනේ උට්ට..! යකෝ පුදුම මගුලක්නෙ මේක.. ඉදපන්කො දෙන්නෑ හොයලා..

" අනේ මේ අයියේ පලයන්කො යන්න..!! "

" ඇවිත් හොයල දියන් පරයා..! හොයල නොදුන්නොත් බලාගමු..! "

" ඇයි මොනාකරන්නද..!! "

" ඉදපන් මං උබ හෙලුවෙන් ඉන්න ෆොටෝ එක ස්ටේටස් දාන්නම්..! "

අන්න මං බ්‍රේක් ගහන තැන..! අනේ whottooo.. අඩි හප්ප හප්ප ගිහින් මං දොර ඇරියා.. මහා උරග දැවැන්තයා ඉන්නව රවාගෙන බලන්.. අපේ තාත්තා රවනෝ වගේ යකෝ.. අපරාදේ කියන්න බෑ මේ ගල් මූසලයා තනිකරම තාත්තමයි.. මං තමයි ඉතින් අම්ම වගේ ලස්සනට ඉන්නෙ.. ඒවා වැඩක් නෑ..

" අයියෙ මේ..! සද්දෙ දාන් එන්නෙපා හරිත.. උබේ සුදුදෝණි ගැන අම්මට කියනෝ මං.. රෑට රෑට කෝල් කර කර උම්ම දෙන්නෙ ෆෝන් එකේ ඇප් ටිකත් කටට ඇදිල එන්නම.. "

අඩේ අඩේ.. මූන දෙල් උනා මෑන්ගෙ..

" මොන දෝණියෙක්ද..! මගුලක් කියවන්නැතුව ඇවිත් රිමෝට් එක හොයල දීලා පලයන්..! "

පොර ලිස්සලා ගියා.. ඒ උනාට ඉතින් කියන්න බෑ මේකා අලුගුත්තේරු ඩයල් එක.. කෝකටත් හොදයිනෙ ඌත් එක්ක ශේප් එකේ ඉන්නෙක.. මන් ඉතින් ගිහින් ඒ උත්තමයා ළගට ටීවී එකේ රිමෝට් එකත් හොයලා වඩම්මලාම දුන්නා..

අපේ අයියා ගැන කිව්වොත්, ඌ මහා අමන යකෙක්..! එහෙමමත්ම නෑ හැබැයි.. වෙලාවකට හොදයි වෙලාවකට තමයි බෙල්ල මිරිකලා දාන්න තරම් හිතෙන්නෙ.. ඒකාට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ.. මගෙනුත් ඔය ගර්ල්ස් ස්කූල්වල නැට්ටිච්චියො අහනෝ මූ ගැන.. ඒ උනාට ඔය පරයට කෙල්ලෙක් ඉන්නෝ.. මුලින් මූ සීරියස් ලව් කරන සීන් එකේ හිටිය ඩයල් එකක් නෙවෙයි.. හැබැයි දැන් එකීටනම් පොරගෙ හිතේ මෙව්ව එකක් තියේ වගේ.. බලමුකො ඕකා ලව් කරන්න ගිහින් එක්සෑම් කෙලවගත්තොත්..! හේ හේ.. ඔය මන් මොනා කියෙව්වත් මූ අනිවා ඩොකෙක් වෙනෝ ඔන්න බලාම්කො.. මොලේ ඇග පුරාම.. ඒ කියලත් හැබැයි පොතේම ඉන්න එකෙකුත් නෙවෙයි අපේ අයියා.. ඌට උප්පත්තියෙන්ම බුද්ධි බලය වැඩියි.. ඕකා පෙනුමෙන් විතරක් නෙවෙයි තාත්තා වගේ වෙලා තියෙන්නේ බලන් ගියාම...!

මං වොශ් එකක් දාගෙන ඇවිල්ලා කෙලින්ම ඇද්ට වැටුනා.. අම්මා අනන්තවත් කියනෝ නාලා නිදාගන්න එපා ළමයෝඕඕඕඕඕ කියලා.. ඒ නිසා ඉතින් මං කොට්ටයක් ඇදේ හෙඩ්බෝඩ් එකට තියාගෙන හේත්තුවක් දාලා ෆෝන් එක අතට ගත්තා.. දැන් කියන්න එපා දහය වසරෙ පොඩි උන්ට මොන ෆෝන්ද අරකයි මේකයි.. මේ මගුල නැතුව බෑ බන් දැන්.. ඉස්කෝලෙනුත් වට්සැප් ගෲප්.. ක්ලාස් වලිනුත් වට්සැප් ගෲප් , ටෙලිග්‍රෑම් ගෲප්..! අනික අම්මා තාත්තගෙ ෆෝන් එක පාවිච්චි කරන්න බෑ අපේ ගෙදර.. එයාලා ගෙදර නෑ.. ගෙදර නෑ කිව්වෙ.. දෙන්නම උදේ ඉදන් රෑ එලිවෙනකන්ම වැඩ..! එයාලා ඩොක්ටර්ස්ලා.. ඉතින් එයාලට වෙලාවක් නෑ.. ඔන්න ඔය හේතු නිසා මට ෆෝන් එකක් අරන් දීලා තිබ්බෙ නවය වසරෙ ඉදන්..

ඉතින් ඩේටා ඔන් කරලා පොඩ්ඩක් වට්සැප් පැත්තේ රවුමක් දැම්මා..

වට්..!

යකෝ මෙච්චර මොනවද මුන් චැට් කරන්නෙ..!?

ඕයි අපේ කරාතේ ගෲප් එකේ මැසේජ් පන්සියගානක්..! ඔන්න ඔන්න තව ටයිපින්.. ටක් ගාලා මාත් හොම්බ දාලා බැලුවා.. නෑ ඉතින් වැදගත් දෙයක්ද දන්නෑනෙ.. යකෝ එහෙමනම් මන් එපැයි මුලින් දැනගන්න..!

" අඩෝ කවුද බං අර අලුත් මෑන්..? "

" ඒ හෙටත් ඌද බං ඉන්නෙ..? "

" වෙන්න ඇති බං.. අර කිව්වෙ ඌ.. "

" ඒ ඌ ඕල්ඩ් බෝයි කෙනෙක්ලු බන්..! "

" 20 ඒලෙවල් බැජ් එකේ.."

" වෙන්න ඇති බං.. ඕල්ඩ් බෝයි කෙනෙක් නෙවෙයිනම් ඌ උස්සලද බං ගිය අවුරුද්දෙ ඉස්කෝලෙ වෝක් එකේ ටී ශර්ට් එක ඇදන් ආවෙ "

" ඒකත් ඇත්ත හැබැයි.. කොහොම උනත් ඌ හපුගල ඉන්ජිනියරින් ෆැකල්ටියේලු.. "

" ඒ උනාට ඌ පට්ටම කරදරයක් වෙයි ඕයි ඉස්සරහට.. "

" නෑ හුත්තෝ රුහුණෙ..! "

" ඉතින් දෙකම එකයිනෙ බේසිකයො..!! "

" උගේ පඩ ලයින් තියෙන්නේ බං.. අද දැක්කනෙ හුත්තා කතාකරපු හැටි..! "

" අඩෝ මොනව ගැනද බං උබල කියවන්නෙ..? "

" හිමින් මැසේජ් කරාම් බල්ලනේ..!! "

" ඒ මොකක්ද බං උගේ නම..? "

" ස යන්නෙන් මොකක්ද නමක් කිව්වෙ.. "

" සෞම්‍ය ලු බන්.. "

" සෞම්‍ය ගංගාධර.. "

සෞම්‍ය.. ගොම්බිලියට හොද වැඩියි ඔය නම..! මං ෆෝන් එක පැත්තකට දැම්මා.. චැට් කරන්න කම්මැලි නිසා චැට් කරේත් නෑ.. ඒ ඇරත් අරූ ගැනනෙ මුන් කියවන්නෙ.. වැඩක් නෑ.. කොට්ටෙ හරියට හදාගෙන මන් හාන්සි වෙලා ඇස් පියාගත්තා.. නෑව නිසා සනීපයි..

නින්ද ගියේ කොයිවෙලාවෙද කියලා මතක නෑ.. කොහොමහරි ඇහැරෙද්දි නම් මුලු රූම් එකම අදුරේ ගිලිලා.. රාත්‍රිය පහන් වෙලා ප්‍රෙන්ස්..! ඒ කියන්නේ අඩුමතරමෙ මන් පැය දෙකක්වත් නිදාගන්න ඇති.. බලමු..

20:13.. ම්ම් මං කිව්වෙ.. ඈනුමක් යවන ගමන්ම මං ඇදෙන් පැන්නා.. ලයිට්ස්නුත් ඔන් කරගෙනම වොශෲම් එකට ගිහින් මූනයි කටයි හෝදන් මන් රූම් එකෙන් එලියට ආවා.. පිස්සු ගෝතයා මොනාද දන්නෑ කරන්නෙ..

" ලොකූ.. චූටිට ඇහැරවන්න.. අටත් පහුවෙලානෙ දැන්.. "

හනේඒඒඒඒඒ.. මගේ සුදුදෝණො නේතේඒඒ.. මන් පඩිපෙල බැස්සා නෙවෙයි පියෑඹුවා.. එයාට අද නයිට් ඩියුටි නෑ එහෙනම්..

" අම්මනක්කැටේ...!!! "

සොනික් වැහිලා වගේ මං දූවගෙන ඇවිත් මගේ දෝණිව බදාගත්තා.. බෝල ගෙඩිය වගේ අනේ..

" ආ ඇහැරියද..? කෝ කෝ එහාටවෙන්න චූටී.. මං මේ වැඩක් නෙ.."

" අනේ ඉතින්.. "

" ගිහින් කට හෝදගන්න හොද ලමයා වගේ.. "

" හෝදන් ආවෙ අනේ.. "

එයා එළවලු කපනවා.. රයිස්ත අද.. කැරට් කපලා..ම්ම්.. ලීක්ස් කපමින් පවතිනවා.. මන් කැරට් කෑල්ලකුත් කටේ ඔබන් පැන්ට්‍රිය උඩින් වාඩිවුනා..

" අද නයිට් ඩියුටි නෑ..? "

" අද නෑ.. "

" තාත්තා..? "

" එයාට අද එන්න වෙන්නෑ චූටී.. ඔන්න හෙට ගෙදර.. හෙට මාත් ගෙදර.. "

මරුනේ.. ඇත්තටම මන් හරි ආසයි ඒ දෙන්නා ගෙදර ඉන්නවනම්.. අපි හැමෝම ඉද්දී ගෙදර පිරිලා වගේ.. ඒ දෙන්නා නැතිව ගේ පාලුයි.. අයියයි මමයි විතරනෙ එතකොට.. ගේ අස්පස් කරන වැඩ වලට දෙන්නෙක් ඉන්නවා.. සතියකට දවස් දෙකක් ඇවිත් සේරම ක්ලීන් කරලා යනව එයාලා.. මොකද අපේ ගෙදර ගොඩක් ලොකුයි.. ඉන්නෙ හතර දෙනයි උනාට විස්සකට තිහකටවත් ඉන්න පුලුවන් ගෙදරක් තියෙන්නේ.. ඉතින් අම්මයි තාත්තයි නැති දවස්නෙ ගොඩක් තියෙන්නෙත්.. පාලුව ගොඩක් දැනෙනව.. ඒ නිසා මන් කැමතියි ඒ දෙන්නා සතියකට දවස් තුනක්වත් අපි එක්ක ඉන්නවනම්.. හැබැයි මෙහෙමයි, තාත්තායි අම්මයි මමයි අයියයි යාලුවෝ වගේ.. එයාලා ගෙදර රැදෙනවා අඩු උනාට අපි දුරස් නෑ.. එයාලට නිවාඩු දවස්වල අපි කොහේහරි ඇවිදින්න යනෝ.. ෆිල්ම් බලනෝ.. හොස්පිටල් එකේ දේවල් කිසිදවසක එයාලා ගෙදර කතා වෙන්නෙ නෑ.. අපි එක්ක ඉන්නෙ ටික වෙලාවද, ඒ වෙලාවෙන් එයාලා පුලුවන් තරම් අපි එක්ක ආතල් එකේ ඉන්න බලන්නෙ..

" අම්මේ හෙට කොහෙහරි යන්.. "

" ඕකේ.. "

අම්මා මං දිහා බලලා හිනාවෙලාම එහෙම කියලා රත් කරපු තාච්චියට බටර් දැම්මා.. ඊටපස්සෙ ඒක දියවුනාම බිත්තර තුනක් කඩල දාලා ලුණු දාලා කලවම් කරා.. අම්මගෙ කෑම රසයි.. කාලෙකින් හම්බෙන රජ බොජුන් වගේ.. වෙනදට නම් ඇන්ටි කෙනෙක් ඇවිත් අපිට උදේට උයලා දීලා යනවා.. දවල්ට නම් කොහොමත් ගෙදරින් කැවෙන්නෙ නෑ.. අයියත් ක්ලාස්.. මටත් එක්කො ක්ලාස් නැත්තන් ඉතින් ඉස්කෝලේ මොනාහරි දෙයක්..! රෑට නම් මොනාහරි හදාගන්න පුළුවන් අයියටයි මටයි.. ඒත් කම්මැලියි නම් අපි මොනාහරි ඕඩර් කරනෝ.. අම්ම ගෙදර නම, එයා රසට ඒවා මේවා හදලා දෙනෝ..

"අම්මෙ මේ.. දෙවෙනි ඉනිම ඉවරවෙලා හලෝ.. "

හොට් හොට් නිවුස් ප්‍රෙන්ස් මේ.. අපේ අම්මා ඕක යූටියුබ් එකේ බැලුවේ මුල් කාලෙ.. ඊටපස්සෙ එහෙම්ම අතෑරුනා.. මං නම් බැලුවේ නෑ ඉතින්.. ඊඊඊව්..

" ඉවර උනා ? මෙච්චර ඉක්මනට..? "

" ආ යූ කිඩින් මී..? මොන ඉක්මන්ද..!? ඒක පටන්ගත්තේ මං දනගාන කාලෙද මන්දා..!! "

හා නැද්ද..? දැන් අවුරුදු අටක්වත් වෙනව ඇති නේ..? මතකත් නෑ..

" මොකද වෙලා තියෙන්නේ අන්තිමටම..? මහීයි අසේනියි මැරි කරාද..? "

" අයියෝ අම්මේ..! ඒ සංගීතේ සුදු දෝණොයි සුදාප්පච්චියිනෙ..!! දෙවෙනි ඉනිමෙ හිටියේ අවන්ත සුදු අප්පච්චියි දෙව්මි සුදුදෝණියි..! "

අම්මා පටලවගෙන.. ඒකියන්නේ එහෙනම් මෙයා සංගීතෙත් බලලා..! මාත් ඉතින් ඔය නොබැලුවාට වටින් ගොඩින් දන්නවා..

" ආ තව අනුක්ශා කපල්ලෙකත් හිටියා නෙ.. ඇයි අර ලිහිණික්කයි රදීශයියයි.. "

" අන්තිම කොටස බලන්නෝනෙ එහෙනම්.. "

" වැඩක් නෑ.. සරලව කිව්වොත් ප්‍රධාන කපල් එක බැන්දා.. අනුක්ශා කුරුලු කූඩුව දෙදරලා ගිහින්ලු.. කෙල්ල මැරිලා.. "

" කවුද..? අනුක්ශාද මැරුනේ..? "

" නෑ අනේ.. මෙහෙමනේ.. දැන් ඔය සන්ධි කරලනෙ තියෙන්නේ අම්මෙ.. අනුහස් ප්ලස් ආක්ශා.. අනුක්ශා..! තේරුනාත ? ඉතින් ඔය මැරිලා තියෙන්නේ ආක්ශා..! "

" නෑ..?! "

" නෑ නෙවෙයි ඔව් අනේ.. "

පව් හැබැයි සමනලී.. කොහොම උනත් සමන් අයියා කරපු වැඩේ මහ whocana වැඩක්..! අර අනුහසා දැන් ආයෙ තනිකඩයිනෙ..

" පව් හැබැයි අනුහස් කොල්ලා.. "

" එකාතකට පව් තමයි.. ඌට කෙල්ලෝ හරියන්නේම නෑ.. එක්කො අම්මෙ උගේ අපලයක් වෙන්න බැරිද..? "

සිරාවටම එහෙම වෙන්නත් පුලුවන් නේ.. සැමන් පදිරිමුණිගෙත් තියෙන්නේ අමුතුම කැටයම්.. ඇයි ඉතින් යකෝ අරූට කෙල්ලෙක් සෙට් කරානම් හෙන ගහනවද මන් අහන්නෙ..!

" සීසන් ටූ එකකුත් තියේලු අම්මෙ.. ඒකෙත් මන්හිතන්නේ අනුහසාට අලුත් කෑල්ලක් එල්ලන්න හදන්නෙ.. ඌ නිකන් දැන් අපලයක් වගේ.. කොහොමද ආතල් එක ඒ කෙල්ලත් සෙත්තපෝච්චි උනොත්..! "

" උබටත් ඕන්නැති රෙද්දක් නෑ චූටි..! අනුන්ගේ ලව් ගැන හොයනව ඇරෙන්න වෙන වැඩක් නැද්ද..!? "

ඔන්න ආවා ගස් බල්ලා..! මූට පුදුම අමාරුවක් තියෙන්නේ අම්මගෙයි මගෙයි කතාවට හොට දාන්න.. ඒ ඇරත් දැක්කද ඌ කිව්ව එක.. ඌ වටින් ගොඩින් අදහස් කරනව ඇත්තෙ උගෙ ලව් එක ගැන වෙන්න ඇති..

" අනේ මේ ඕයි.. මං අනුන්ගෙ ඒවා නෙවෙයි හෙව්වෙ.. අනික දැන් තමුසෙ ඇයි කියනවකො අම්මගෙයි මගෙයි කතාවට හොට දාන්නෙ.. "

" මං අම්මගෙ ලොකූ නිසා.. තමුසෙ සීමාවෙ ඉදාම් හරී..!! "

ඔරවගෙන ගිහින් මෑන් අම්මගෙ ඇගේ වෙලෙනවා.. ඔන්න ඕවට තමයි මට යස්සයා වැහෙන්නෙ..

" අයියෙ මේ..!! අම්ම මගේ..!!! යනව එහාට..! "

" උබේ වෙන්නෙ කොහොමද ඕයි.. උබව මේ ළමා නිවාසෙකින් අරන් ඇවිත් තියෙන්නේ පොඩි කාලෙදිම.. "

ඉදකින් පරයා..!

" අනේ මේ පලයන් අයියෙ යන්න..!! ගිහින් පාඩම් කරපිය..! අම්මේ මේ අයියා පාඩම් කරේ නෑ.. ටීවී එක බල බල හිටියා හවස් වරුවම..! "

" අනේ පලයන් පොඩි එකෝ.. තෝ කොහොමද දන්නෙ මං පාඩම් කරාද නැද්ද කියලා.. උබ ආව වෙලේ ඉදන් නිදිනෙ..! "

" කට වහගන්නවල ළමයිනෙ !! චූටි මේහ්.. අයියා නම් එක්සෑම් ගොඩදාගනියි.. මටනම් බයම ඔයා ගැන ! ඇහුවොත් ඇත්නම් අම්මේ අද කරාතෙ ප්‍රැක්ටිස් යන්න ඕන ගාගත්ත ගමන්.. ඒ ගිහින් ඇවිත් ඇග පත රිදෙනො කියලා ඇදට වැටෙනො.. ඊයෙත් මට ඔයාගෙ මැත්ස් ටීචර් කෝල් කරල ඇහුවා සති දෙකක් ඇයි ක්ලාස් ආවෙ නැත්තෙ කියලා.. "

මං මූන දෙක කරගත්තා..

" අනේ අම්මාආආආහ්.. මන් කිව්වනෙ ඒ මැත්ස් ක්ලාස් එක සෙට් නෑ අප්පා.. මන් වෙනේකක් හොයාගන්නම්..! අනික කරාතේ වලට මුකුත් කියන්න එපා..! ඉතින් මෙයාත් ඕලෙවල් කාලෙ කොච්චර ස්පෝර්ට්ස් කරාද..! අනික මන් තාම දහයෙනෙ..! "

" අයියා ස්පෝර්ට්ස් කරා උනාට එයා පාඩම්නුත් කරා බබා..! ඔයා පාඩම් කරන්නෑනේ ළමයො.. ඔන්න ටිකක් හරි පාඩම් කරනවානම් මං මුකුත්ම කියන්නෑ ඔයාගෙ කරාතේ වලට.. "

යැයි යැයි යැයි තමයි.. මං පැන්ට්‍රියෙන් බිමට පැනලා සාලෙ පැත්තට එන්න ආවා..

" චූටි..! කොහෙද යන්නෙ.. මං මේ ඔයාට කියන්නෙ.. චූටි..! "

නෑ මට ඇහෙන්නැතෝ..

" අනේ මං දන්නෑ.. මේ ළමයා නම් හැදෙන විදිය අන්තිමයි..! "

ඔව් අම්මගෙ චූටි බබා හැදෙන විදිය අන්තිමයි තමයි.. මටත් තේරෙනෝ ඒක.. මං කියන ඒවා ඇහෙන්නෑ වගේ සාලෙට ඇවිත් ටීවී එකත් දාගෙනම සෝෆාවට පැන්නා.. බලන්න දේකුත් නෑ හත්වලාමේ.. අරූගෙ පෙන් එක කොහෙත දන්නෑ..

" අයියේ..!! අයියෙ තමුසෙගෙ පෙන් එක කෝ..?? "

කන් ඇහෙන්නැද්ද මුගෙ..

" අයියේඒඒඒ.. "

ගස් බල්ලා..! අපරාදේ කතාකරේ.. බීරි අලින්ට වීණා වයලත් වැඩක් නෑනේ..!

" චූටී.. බත් කන්න ගිහින්.. බෙදලා ගෙනත් දෙන්නද..? "

අම්මා සාලෙ මගක් දුර ඇවිත් එහෙම අහනකොට මන් බෙල්ල හරවලා හා කිව්වා.. කම්මැලියි ඒයි ආයෙ කුස්සියට යන්න.. අම්මා ආයෙ යනවත් එක්කම ගස් බල්ලා එනවා කොත ගහලා බත් එකක් බෙදාගෙන.. ඉදකින් පෙරේතයා..

" ඒහ් අයියෙ ඇහුන්නැද්ද මං පෙන් එක කෝ ඇහුවා..? "

" ඇහුනා..! "

" එහෙනම් ඕයි බීරීයි වගේ හිටියේ ඇයි..!! "

" තමුසෙට වැඩක් නෑනේ මගේ පෙන් එක..! "

කියාගෙන වාඩිවුනා පොර.. බත් එක අල්ලලා මූනෙ ගහන්න හිතයි මට..! පෙන් එකත් කාපන් උබ අයියේ.. මටෝන්නෑ උබේ පෙන්..!

මං ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා රෙස්ලින් චැනල් එකක් දාගත්ත.. නෑ හැබැයි මේකෙ අමුතුම ආතල් එකක් තියෙන්නේ.. එකෙක් මස් කුට්ටි හොල්ල හොල්ල ඇවිත් අනිත් එකාව උස්සලා පොලොවෙ ගහනෝ.. ඊටපස්සෙ අනිත් එකා ටික වෙලාවක් ඉදලා නැගිටලා පොරකාගෙන අරූගෙ ජංගියෙන් අල්ලලා උස්සන්න ට්‍රයි කරනෝ.. අඩෝ රෙස්ලින් ගැන නොදන්නව උනාට හිනාවෙන්න නම් කියාපු ගේම් එකක් තමයි මේ..!

ඒ අතරෙ අම්මා මටත් බත් බෙදන් ඇවිත් මගේ එහාපැත්තෙන් වාඩිවුනා මට බත් එකත් දීගෙනම.. අපේ කොහොමත් ඔය කෑම මේසේ වාඩිවෙලා කන පුරුද්දක් නෑ..

" අම්මේ මේහ්.. ඔයත් අපෙ අම්මා යූටියුබ් චැනල් එකෙන්ද උයන්න ඉගෙන ගත්තෙ..? "

" මොන..? "

" අර රෝසපාට තොප්පියක් දාන් ආච්චි කෙනෙක් උයන්නෙ.. ආයුබෝවන් ~ අපෙ අම්මා යූටියුබ් චැනල් එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා..........~ කියන්නෙ.. "

මං අපෙ අම්මා වීඩියෝ එක පටන්ගනිද්දී කියනවා වගේ තාලෙට කියල පෙන්නුවමත් අම්මාට මතක් වෙච්ච බවක් මූනෙන් පෙනුන්නෑ.. එහෙම කොහොමද..!

" අම්මට මතක නෑ..? ආ එහෙනම් අම්මට මේක මතකද කියන්නකො.. "

මං බත් පිගානත් එක අතකින් අල්ලගෙන රංගනයේ දායක උනේ අම්මා හිමින් සැරේ නැගිටලා ගිහින් වෙන පුටුවකින් වාඩි වෙද්දී..

" බිලිං කොහිල තක්කාලී

කතුරුමුරුංගා..

බිලිං කොහිල තක්කාලී..

කතුරුමුරුංගා..

පිපිඤ්ඤ බණ්ඩක්කා.. පුහුල්ද වට්ටක්කා..

පිපිඤ්ඤ බණ්ඩක්කා..පු_"

" චූටි..!! කට වහන් කනවනම් කාපන්.. නැත්තන් අම්මටයි මටයි කන්න දීලා පලයන්..! "

සැක්.. ගෝතයා කෑවනෙ අපෙ අම්මගෙ සින්දුව..! මාත් ඉතින් සද්ද නොකර ආයෙත් කන්න ගත්තා.. ඒත් එහෙම ඉන්න බෑ යකෝව්..

" අයියෙ මේ.. "

මං අයියා ගාවට කිට්ටු වෙලා හිමීට කතාකරාම ඌ නිකන් ඕනවට එපාවට වගේ බැල්මක් දැම්මෙ..

" අර ඔයාලයි ක්ලාස් එකේ සෙහදු බේසි_ අහ්ම්.. මං කිව්වෙ සෙහදු අයියා.. "

මූ යකෝව්..! සෙහදු කිව්ව විතරයි ක්ශනිකවම මගේ දිහා බැලුවා..

" ඉතින්..? "

" ඌ එන විදිය නම් මට අල්ලන්නෑ.. "

" ඇයි ? ඌ එන්නෙ උගෙ තාත්තා එක්ක.. මොකක්ද ඒකෙ අවුල..? "

අනේ උට්ටෝ..!

" අයියෙ ටිකක් සීරියස් වෙයන්කො මගුල..!! "

මං ඔරවන් එහෙම කිව්වාම ඌ රැව්වා මට..

" මන් කිව්වෙ.. ඌ නිසිනුට වද දෙනවා වැඩියි ඒයි.. මෙහෙමයි ඉතින් පොර අපිටත් බනිනවා තමයි.. ඒවුනාට නිසිනුට ඒවගේ දෙගුණයක් බනිනවා..! ඌට මානසික ලෙඩක්වත්ද හලෝ..? "

මේ මිනිහා නිකමටවත් මට අවදානෙ දෙන්නෑනෙ ගොං බල්ලා..

" අයියෙ මේ.. මොන මගුලක් උනත් කමක් නෑ.. තමුසෙගෙ ඩිපියුටියාට කියපන් මගේ සුදුමාත්තයාගෙන් ඈත්වෙලා ඉන්න කියලා..! සුදුමාත්තයා මගේ යකෝව්..! මගේ විතරයි..! ඌට බනිද්දි මටයි රිදෙන්නෙ..! "

හත්තිලව්වේ.. අපේ අයියා මං දිහා බැලුවේ යකෙක් ගහලා වගෙ.. ඇස් ගෙඩි දෙක පොල් ගෙඩි සයිස් වෙන්න ලොකු වෙලා..

" උ..උබේ..? "

" ඔව්..! මගේ..! "

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

හායි 🌚 !

කරාතෙ ගැන දන්නෙ නැති අය ඉන්නවනම් වැඩිය හිතන්න එපා හරිද ඔය බේසික් මූව්මන්ට්ස්, කාතා, කුමිතෙ අරව මේවා ගැන..

ඔය bow කරන හැටිනම් කරාතෙ, තයිකොන්ඩො වගේ මාර්ෂල් ආර්ට්ස් කරපු අය දන්නවා ඇතිනෙ.. ඒ නැතත් ඩ්‍රාමාස් වල දැකල ඇති ඕකනම්..

නිකන් දැනගන්න කිව්වොත් බේසික් මූව්මන්ට්ස් වලින් තමයි කාතා හැදෙන්නෙ.. කුමිතෙ උනත් එහෙමයි.. කුමිතෙ කියන්නෙ ෆයිටින් කියන එක හරිද !? ගොඩක් ඉතින් ජපන් වචන තමයි යූස් වෙන්නෙ මේවගෙ.. කවුන්ට් කරන්නෙත් ජපනීස් විදියට තමයි..

ආ අර උඩ bow කරන්න කලින් සෞම්‍ය 'Moksu' කියනොනෙ.. මොක්සු කියන්නෙ භාවනාවක් වගේ එකක් ඔය කොරියා, ජපන් වගේ රටවල් වල මාර්ෂල් ආර්ට්ස් පටන් ගන්න කලින් සහ පස්සෙ කරන.. කරාතෙ, තයිකොන්ඩො කරල තියෙන අයනම් දන්නවනෙ ඕවා..

තව අර සෙන්සෙ (sensei) කියන්නෙ ගුරුවරයා කියන එක ජපනීස් වලින්.. සාමාන්‍යයෙන් කරාතෙ සර්ට අපි කියන්නෙ සෙන්සෙ කියලා..

කියන්න ලොකු දෙයක්නම් නෑ.. ඔය කරාතෙ සම්බන්ධ සීන්වල තේරෙන්නෙ නැති තැන් තියෙනම් අහන්න.. ඒ නැතත් ඕවා වැඩක් නෑ.. අර කතාව ඕවට සම්බන්ධ නිසා තමයි ටිකක් ඉතින් කරාතෙ ගැන විස්තර කරන්නෙ..

කොහොමහරි කතාව ඉවර වෙද්දි කරාතෙ ගැන ඉගෙනගන්න 😂 !

එනිවේ,

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter