Back
/ 22
Chapter 2

01 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" මල්ලි ටීචර්ස් මීටින් එක ඉවරයි මං හිතන්නෙ.. අනිත් ජූනියර්ස්ලත් කතා කරගෙන ඔයාලා ක්ලාස් වලට යන්න දැන් "

සෙහදු අයියා ඇවිත් කියද්දි මං මේ හරියෙ ඉදිය අපේ එවුන් ටිකටත් කියාගෙන එන්න ආවා.. සෙහදු අයියා තමයි මේ පාර අපේ CEO වගේම DHP ලා තුන් දෙනාගෙන් එක්කෙනෙක්.. පොර හොදඑකා.. හැබැයි හොදඑකා මලයකා වෙන්න විනාඩියක් යන්නෑ.. පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ මුට.. ඕත් එකට ප්‍රැක්ටිස් දවස් වලනම් අපි මදි නොකියන්න කටු කෑවා පොරගෙන්.. අපෙ ගෙදර ඉන්න මහ පගයටවත් එච්චර අමාරුවක් තිබ්බෙ නෑ.. නෑ ඉතින් මේ පාර හෙඩා අපේ ගෙදරනෙ..

මං එහෙන්මම අටේ සෙක්ෂන් එක පල්ලෙහා තියෙන ටැප් පේළිය ගාවට ආවා.. බඩත් ගිනියි යකෝ..! ස්පෝට් රූම් එක පැත්තෙ යන්නත් ඕනි.. අද ආෆ්ටර් ස්කූල් කරාතෙ ප්‍රැක්ටිස් දවසනෙ.. ඇටෙන්ඩන්ස් බුක් එක ගන්නෝනි ලාස්ට් බෙල් එක වදින්න කලින්.. වැඩ වැඩි මහන්සි දවසක් අද.. ඒත් ආසමත් අද තමයි..!!

" ආ සහිරු බොසා "

ස්පෝට් රූම් එකට ඇතුල් වෙද්දිම ඇහුණෙ කුළු මීහරක් හඩක්.. හයියෝ බැලින්නම් මේ අපෙ නිසියනෙ.. නිසියා කිව්වට උගෙ නම නිසිනු.. ආදරේට කියන්නෙ නිසී මිසී කියලා.. 9 ට එනකන් එකට අහු උනු එකෙක්.. 10 දි ඌ G එකට වැටුණෙ.. අපි ඉතින් I නෙ..

" බොම්කේ.. මොකෝ මේක අස්සෙ "

" නිකන් නිකන්.. ඇටෙන්ඩන්ස් බුක් එක ගන්නද උබ ආවෙ ? "

" ඔව් ඔව්.. උබ අද නවතිනෝනෙ හවස ? "

ඒකට නිසිනු ඔලුව වැනුවා විතරයි.. මුට අද මේ මොකක් වෙලාද මන්දා.. නැත්නම් මූ එහෙම සයිලන්ට් කැරැක්ටර් එකක්නම් නෙවෙයි.. එකට දාහක් කියන එකෙක්.. පොඩ්ඩක් ඉන්න.. මූ මල්වර වෙලාද දන්නෑ මේක අස්සෙ ඉන්නෙ..

" ඒ බං.. උබ ලොකු ලමේක් වෙලාද ? "

වටපිට බලලා මං උගෙ කනට ලං වෙලා ඇහුවා.. වෙලාවට කවුරුත් නෑ මේකෙ.. සැක් ලැජ්ජයිත් එක්ක අනේ..

" මොකක්ද..? "

" ලොකු ලමේක් උනාද කියලා ඇහුවෙ අනේහ් "

මං ඌ ලගට පුටුවක් ලං කරන් වාඩිවුනේ ඇස් නටව නටව.. ඌ ඉන්නව නිකන් මොකෙක්ද එකෙක් වගේ මං දිහා බලන්..

" තමුසෙට පිස්සුද ඕයි "

" ලැජ්ජ වෙන්නෙපා කොල්ලොහ්.. අපි හිමීට පාටියක් ගමුකො ඉතින් හොදේ.."

මං ඌගෙ පිටටත් තට්ටු කරලා කියද්දි ඌ මගේ අතත් ගසල දැම්මා.. ගස් බල්ලාහ්.. ලැජ්ජ හිතිලද කොහෙද අනේ

" පලයන් බං විකාර කියවන්නැතුව.. ආවෙ ඇටෙන්ඩන්ස් බුක් එක ගන්නනෙ.. ඉදා අරගනින්.. දැන් පලයන්කො හුත්ත ! "

අම්මෝහ් නිසිනු බබාට තරහ ගිහින්ද කොහෙද.. අත දික් කරලා ඇටෙන්ඩන්ස් බුක් එක අරන් මගේ ඇගේ ගහලා තල්ලුත් කරා..

" හරි හරි ඕයි.. විහිලුවක්නෙ කරේ.."

පව්නෙ ඉතින්.. තව මඩවන්න හිත දුන්නෑ.. මං උගේ කරටත් අතක් දාන් එහෙම කිව්වෙ ඌ අහක බලාගනිද්දි..

" කියපන් ඉතින් මොකෝ අවුල..? "

" මුකුත් නෑ ඕයි.. අර බල්ලා අදත් මාත් එක්ක වලියක් ඇල්ලුවා "

" කවුද ? පර සෙහදුවා ? "

" ඔව් බන් ඒ බල්ලා තමයි.. අම්මපා මට ඕකගෙ රන්දිකව මිරිකලා මරන්න කේන්තියි යකෝ..!! "

සෙහදු අයියයි අපේ නිසීයි පොඩ්ඩක් වලි.. එක හේතුවක් කියලත් නෑ අනේමන්ද.. මූ අතින් පොඩ්ඩ බැරිවෙන්න බෑ අරූ යස්සාරූඩ වෙනෝ.. අපිටත් එහෙම තමයි ඉතින් ඌ.. ඒත් මූට ටිකක් වැඩියි වgay.. මන් නම් හිතන්නෙ ඌට මානසික ප්‍රශ්නයක්ද කොහෙද..

" උබත් මොකක් හරි කියවන් යන්නැති.. නැත්නම් උට අහවල් එකේ අමාරුවද බං පාඩුවේ ඉන්න එකෙක් එක්ක වලියට එන්න තරම් "

" අනේ උබට කියල වැඩක් නෑ ! උබට මේවා තේරෙන්නෑ ! වරෙන් යන්න ක්ලාස් එකට "

බෑනෙ ඉතින් කරන්න.. අපේ අදහස් ප්‍රකාශ කරන්න බෑ නැට්ට පාග ගන්නොනෙ මගුල..

" දැන් මොනවද උබලට ? "

මං දන්නො දැන් මූ ඒ කතාව කන්ටිවිව් කරන්න කැමති නෑ.. ඒ නිසා ටොපික් එක වෙනස් කරන්නත් එක්ක මං ඇහුවෙ..

" Buddhism "

සැක් BDSM වගේ ඇහුණෙ.. ඔව් දැන් මට තේරෙනෝ අම්මගෙ චූටි පුතා හැදෙන විදිය අන්තිමයි කියලා..

" දෙයියනේ දෙයියනේ මගෙ සංසලා අක්කි බබා නේත උබලට Buddhism කරන්නෙ ? "

" ඊයා ඕයි මට පේන්න බෑ ඒ ගෑනිවනම්.. සමහර දවස් වලට බුරියත් පේනො බං සාරිය අස්සෙන් "

" දෝණිට මොනවත් කියන්නෑ හරිතෙ..! කොටනවා සෙනිකව !! ඒ බුරිය තමයි යකෝ හොදට හිටිය මාව පිස්සෙක් කරේ "

මං පපුවටත් අත තියන් නාට්‍යානුසාරයෙන් කියද්දි අපේ නිසී මිසී මගෙ දිහා බලන් ඉදියෙ කුණු මාළු කෑල්ලක් දිහා බලනො වගේ.. මොකද හුත්තො ඔහොම බලන්නෙ..! සංසලා මගෙ.. එච්චරයි කතාව..!!

" උබලට මොනවද ? "

ස්පෝට්ස් රූම් එකෙන් එළියට යන්න දොර වහන ගමන් නිසිනුවා ඇහුවෙ.. මේවා වහල කියලා යන්නෝනි.. නැත්නම් බෑ පොඩි උන් රිංගනෝ..

" English "

" හැලපෙ නෑ අද "

" අඩෝ සිරාවටම..? "

" ඔව් හිටියෙ නෑ උදේ "

හැලපෙ කියන්නෙ අපිට ඉන්න ඉංග්‍රීසි මිස්.. කියල වැඩක් නෑ හැලපයක්ම තමයි.. හිමින් හිමින් වන වන එනෝ පංතියට.. පොත් ටික ඩෙස් එකට අතාරිනො.. අපි විශ් කරත් එකයි නැතත් එකයි කියලා විශ් කරලා අර කිලෝ තුනේ වට්ටක්කා ගෙඩි දෙක තියාගන්නො ගුරු පුටුවෙන්.. කෝ පුතාලා ටේක් අවුට් යුව' ඉංග්ලිශ් ටෙක්ස්ට් බූක්ස් ඇන්ඩ් ටර්න් ටු ද පේජ් නම්බර් බ්ලා බ්ලා ඇන්ඩ් ලුක් ඇට් දිස් බ්ලා බ්ලා ඇක්ටිවිටි.. යූ ගයිස් කැන් ඩූ ඉට්.. සෝ ටර්න් ටු ද නෙක්ස්ට් පේජ්.. ඔහ් සච් අ ඊසි ඇක්ටිවිටි නෝ'.. ඩූ ඉට් ටූ ගගා පිටු පහ හයක ඇක්ටිවිටීස් කරන්න කියලා හැලපෙ ෆෝන්පොජ්ජ කොටනො.. අනේද කියන්නෙ ඉතින්.. අපි ඉතින් වීකෙන්ඩ් එකේ වගේ යුනිට් දෙක තුනක ඇක්ටිවිටීස් එකපාර කරල දාලා ඉංග්ලිශ් පීරියඩ් එකේ ආතල් එකේ ඉන්නො.. මේවා ඉංග්ලිශ් මීඩියම් ක්ලාස් නිසා ඕකේ.. ඒත් අර සිංහල මීඩියම් ක්ලාස් එකකට හැලපෙ අහු උනොත් උන්ට සොරි ඩොට් කොම් තමයි.. වැඩක්ම නෑ ඒ ගෑනි ගැන නම්..!!

ඉතින් අපි දෙන්නා අපේ සෙක්ෂන් එකට යන්න පඩිපෙළ නගිද්දි ඇහෙනවා කන පුපුරන්න සද්දෙ.. ඉන්ටවල් එකෙන් පස්සෙ ඩබල් පීරියඩ්ස් ටීචර්ස් මීටින් එකක් තිබිලා ඊලග පීරියඩ් එකේ අදාළ ගුරුවරයා නැති උනාම දැනෙන හැගීම සල්ලි වලටවත් ගන්න බෑ බං.. මුන් දැන්මම බජව් දාලා වගේ..

" යමන් අපේ ක්ලාස් එකට "

නිසිනු 10 ජී එක ගාවින් නවතින්න හදද්දි මං ඌව 10 අයි එකට කතා කරා.. දැන් කෝමත් ආයෙ උගන්වන්නෑ..

ඌත් ඉතින් හාම් කියලා ආවා මන් එක්ක..

යකෝ පන්තියේ දොරෙන් ඇතුල් වෙද්දි මගේ ඇස් උඩ ගියා..!

" ඇතුගල වෙහෙර මලුවෙ මන්න්න්න්න්න්....

හැඩුවෙමි දුකට රත්තරන්න්න්න්...

ඇතුගල වෙහෙර මලුවෙ මන්න්න්න්න්..

හැඩුවෙමි දුකට රත්තරන්න්න්න්න්න්... "

බුදු කිරි සන්තෝ..!

" උට්ටෝ බැහැපිය බිමට..!!! "

අපේ පන්තියේ උනුයි අනිත් පන්තිවල උනුයි ඩෙස් උඩ නැගන් ඇතුගල වෙහෙර කියනෝ.. චාමර වීරසිංහ කියලද දන්නෑ හිතන් ඉන්නෙ මුන්..! මගේ කටේ සද්දෙට බජව්ව නැවතිලා උන් සේරම මන් දිහා බැලුවා..

" ආ උබනේ.. වරෙන් වරෙන්.."

ඩෙස්ක් එක උඩ නැගන් හිටිය බිනුරයා අතත් වනලා කතාකරද්දි මට බිම පෙරලි පෙරලි අඩන්න හිතුනා..!! ඉදකින්.. මාව ගනන් ගනිල්ලා යකුනේ.. මන් ප්‍රිෆෙක්ට් කෙනෙක්..! සෝචනීයයි..!

" යකෝ බැහැපල්ලා බිමට..! සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් ආවොත් තොපිලා සේරම ඉවරයි..! "

නිසිනු එහෙම කිව්වම අරුන් කටත් ඇද කරන් නිකන් මල වදේ වගේ බැල්මක් දැම්මෙ..

" ආතල් එකක් ගන්නත් නෑනේ බන් උබල එක්ක "

චාරුකයා හුටු හුටු ගගා ඩෙස්ක් එකෙන් බිමට පැනල පුටුවක ඉදගත්තා..

" ඉතින් යකෝ අර පහලටත් ඇහෙනව සද්දෙ "

මන් එහෙම කියාගෙනම ගියා මගේ බෑග්ගෙ ගාවට.. බඩගිනියි බං දැන්නම් හොදටම..

" ඒ නිසිනු උබ කාලද ඉන්නෙ ? "

" ඔව් බන් "

ඌ චාරුකයා එක්ක කයියක්.. මන් බෑග්ගෙ අරන් පුටුවකින් ඉදගෙන කෑම එක ගන්න බෑග්ගෙ අස්සට අත දැම්මා..

පොඩ්ඩක් ඉදාම්..

කෝ යකෝ මගේ කෑම එක..?

" ඒ උබ හිටියෙ නැති නිසා අපි උබේ බත් එක කෑවා හොදේ.. "

මොකක්..? ඩෙස් එකක් උඩ වාඩිවෙලා ඉදපු තරුල් විරිත්තලා එහෙම කිව්වම මට අසූහාරදාහට නැග්ගා..

" මට බඩගිනියි හුත්තෝ..!!!!! "

" ආපෝ.. ඉදපන් ටිකක්.. හරියටම කිව්වොත් තව පැයකින් බෙල් එක ගහනවනෙ..! "

ඌ ඔරලෝසුව දිහාත් බලලා කියද්දී මට උගේ බෙල්ල කන්න හිතුනා..! මුන් මහ අපත යාලුවෝ.. පර බල්ලා..

" කෝ මගෙ වතුර බෝතලේ "

ඒකත් නෑ හොයාගන්න.. මගුල.. සිරාවටම මට බඩගිනියි යකුනෙ !

" හෙහේ තරහ ගන්නෙපා මයෙ අම්මා "

ඩෙස්ක් එකක් උඩ ඉදිය බිනුරයගෙ අතේ තිබ්බ මගෙ බෝතලේ අරන් මට දෙන ගමන් තරුල් කිව්වෙ.. ආ මයික්‍රෆෝන් එක මගෙ බෝතලේද..!? යසෛ යසෛ පගයො ටික.. මට ඇති තරහක් නෑ බං..! බඩගිනි නිසානෙ මේ හැමදේම..

" වතුර පුරවන් එන්නම් "

තරුල්ගෙ අතින් බෝතලෙන් අරන් මං ආයෙ පල්ලම් බහින්න යද්දි මට පේනො පේනො වගේ එෆ් එකේ බත් එකක් දිගැරන් ඉන්නො කට්ටියක්.. මං ඔලුවත් දාලා බැලුවෙ අදුරන ඩයල් එකක් ඉන්නවද කියලා.. ආ එච් එකේ සුභාෂ් ඉන්නො.. ඌ අපේ පාරෙ.. ඒ එක්කම වගේ ඌ මට අත වැනුවෙ මං ඒ පැත්තට යද්දි..

" උබලයි අම්මගෙ කෑම රසයි ඕයි "

" මොන ? "

සුභාෂ් කිව්වෙ මට යම්කිසි දෙයක් තේරී තේරී යද්දි.. ඔව් දැන් මට තේරෙනෝ මේකාත් මගෙ බත් එකට විදලා කියලා.. ගස් බල්ලා..

" උබේ බත් එක බං.. මාත් කටක් කාලා ආවෙ.. "

මන් ඌ දිහා රවාගෙන බැලුවාම ඌ නිකන් අර තට්ට මෑන්ගෙ හෙ හේ ස්ටිකරේ වගේ බැල්මක් දැම්මෙ..

" හරි හරි ඕයි.. අරුන් කකා හිටියා.. මාත් ඉතින් පොඩ්ඩක් එබුනා ගිහින්.. මේහ් බත් කටක් කවන්නෙයි උබට..?"

අම්න්නේ.. ආයෙ ඉතින් මොනාද.. බෝතලෙත් තුරුල් කරන්ම අරූගෙ එහාපැත්තේ වාඩිවෙලා බත් එකෙන් බාගයක්ම කවාගත්තා..! රතු බත් තිබ්බෙ.. ආසත් නෑ අනේ.. ඒත් බඩගින්නට මොනාඋනත් මොකද.. හැබැයි උගේ පරිප්පුව නම් පට්ට..

උගෙන් කාලා පල්ලෙහාට ඇවිත් වතුරත් පුරවන් මං ආයෙ අපෙ ක්ලාස් එක පැත්තට ගියා.. යකෝ තාම සද්දෙ..! එක්කො දොර වහන් කෑගහපන්කො.. අර සෙහදුවා වගේ කඩා පාත් උනොත් අපෙත් එක්ක බෙල්ල ගහල යනෝ.. වෙලාවට අපේ මහ පගයා අද ඉස්කෝලෙ ආවෙ නෑ.. නැත්තන් ගෙදර ගිහිනුත් ඉවරයි..!

" මදහස පානා බසයේ රියදුරු මහතා

කොන්දොස්තර මාමා පාරේ හඩ පානා

රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා

දෙල්කද නංගා මගදී බසයට නැංගා

කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය... "

ක්ලාස් එක ඇතුළට ඇවිත් මං දොර වැහුවා.. අපේ ක්ලාසස් වීදුරු වලින් වට උනු ඒවා.. අර කොට තාප්පෙ එක්ක යකඩ දැල් ගහපු පංති නෑ මේ බිල්ඩින් එකේ.. ඒ නිසා දොර වැහුවම සාමාන්‍යයෙන් ඇතුළෙ සද්දෙ එළියට ඇහෙනො අඩුයි..

" මා පුතා වරෙන් තාලයක් අල්ලන්න.."

බිනුරයා එහෙම කිව්වෙ ඌ තට්ටු කර කර හිටපු ඩෙස්ක් එකේ කොනකින් මං වාඩිවෙලා තරුල්ගේ කරට අත දාගත්තම..

" සදමාලිගෙන් පටන්ගනිම්.."

සුදු අත් දිග ශර්ට් එක ආයෙ හරියට වැලමිට ගාවට නවන ගමන් මන් කිව්වෙ.. හෙ හේ.. මං ප්‍රිෆෙක්ට් කෙනෙක් කියලා අපි ටිකකට අමතක කරමු..!

" මලකට මැස්ස මං..

රොන් බිබි තිස්සෙම..

ඉද්දි මගහැරී ගියා වස්සානෙ..

කලකට ඉස්සර දෙවගන වෙස්වලා..

මං ලගට බැස්ස මෙ යක්ශනී..

කුනුගොඩෙ මැස්ස මං..

තේරුම් ගත්තෙ පස්සෙ මං..

ඒත් මම පනපිටින් සදමාලී...

සිදියන සන්තකෙ සැලරි නිවන් දකී

අනේ අනිච්චං සංසාරේ... "

රැප් එක හරියට අපි කාටවත් කියන්න බෑ.. ඒවුනාට අපි සැලෙනවද බං..! කටට එන වචන කිව්වෙ.. කුණුහරුපත් කියවෙන්නැති ඉතින්.. අවුලක් ඤෑහ්..

කොහොමහරි සදමාලිගෙන් පටන්ගත්ත සිංදුව ඉවර උනේ මන්දාකිනීගෙන්..! ඒකත් තව ඇදෙන්න තිබ්බා ඉස්කෝලෙ අරින්න දෙවෙනි බෙල් එකත් ගැහුවෙ නැත්නම්..

හුටා ඩියුටි යන්නත් ඕනි.. මං එහෙන්මම ඩෙස්ක් එකෙන් පැනලා නිසිනුවත් ඇදන් ඩියුටි ගියා.. වෙලාවට අපිට ක්ලාස් වල වැටිලා නෑ ඩියුටි.. නැත්නම් ලෙසටම අහගන්න වෙනෝ.. අපෙ මහ පගයා හෙඩා උනා කියලා අපිට එහෙම සැලකිලි නෑ බං..!

" ඕයි මල්ලේහ්.. පේළියට පේළියට..! "

හතේ, අටේ පොඩි උන් ගාල කඩාගත්ත හරක් වගේ යකෝ.. විදගෙන යනෝ පිස්සුවෙන් වගේ.. මං ඇදේට ගියපු පොඩි එකෙක්ව හරියට පේලියට තල්ලු කරන ගමන් එහෙම කියද්දී ඌ ටික දුරක් ගිහින් මෙන්න යකෝ ආයෙ ඇදේට යනවා..!

" සිංහල තේරෙන්නැද්ද යකෝ පේලියට පලයන්කො.."

කේන්තියිත් එක්ක මගුල..!

" ඇදේට යන්නෙ මොකද ඔය..? උබ කකුලුවෙක්ද..? "

එහාපැත්තේ ඉදන් ගවිදුත් කෑගහනෝ..

" මල්ලි කෙලින්..! කෙලින්..! "

" අපි කොහොමත් කෙලින් තමයි අයියෙහ්.."

මුන් යකෝව්..!!

" තොගෙ කට වැඩියි මල්ලි..! "

මං ඒ පොඩි එකා දිහා රවලා බලාගෙන එහෙම කියද්දී ඌ ගියා මාව පඩේකටවත් ගනන් ගන්නැතුව.. වයසෙ හැටියටද යකෝ මුන්.. අහ්ම්.. හරි ඉතින් අපිත් ඉස්සර ඔහොම තමයි.. ඒවුනාට එහෙමයි කියලා උනුත් ඒ වගේ ඉන්න ඕනි නෑනෙ.. දැන් කාලෙ පොඩි උන් හැදෙන විදිය අන්තිමයි..!

" දෙන්නා දෙන්නා පලයන් යකෝ.. කීසැරයක් කියන්නද..!! "

" අයියෙහ් අත් අල්ලගන්නත් ඕනද..? "

නෑ පයියෙන් අල්ලන් පලයන් ! කියන්න හිතුණා ඒත් කිව්වෙ නෑ..

" ඇයි උබ හිතුවද මේ පේරාදෙණිය මල් වත්ත කියලා ? "

අඩෝ සෙහදු අයියා යකෝ.. කනත් එක්ක කීං ගාලා ගියා.. හොද වැඩේ අර පොඩි පකයොන්ට.. දැන් කට්ටිය සද්ද නැතුව පේළියට යනෝ.. පුපෙනුත් හිනා යනෝ ඒයි..

ළමයි ටිකක් අඩු වෙනකන් ඉදලා මං නිසිනුවත් ඇදන් ආවෙ ප්‍රිෆෙක්ට් රූම් එකට.. ඉක්මනට සයින් කරන්නෝනි.. සෙන්සෙ දෙක වෙද්දි එනෝනෙ.. අපි එතකොට චේන්ජ් කරන් කාලා බීලා ජිම් එකේ ඉන්න ඕනි.. සාමාන්‍යයෙන් අපෙ ඉස්කෝලෙ ඡත්ත මානවක ගාථාව ප්ලේ වෙන්නෙ එකයි විස්ස විසිපහට වගේ.. නැත්නම් ළගපාත තව ඉස්කෝල තියෙන නිසා බෑ කරන්න.. ඊලගට පාරෙ පට්ටම ට්‍රැෆික් එක.. අනික මේ මේන් රෝඩ්නෙ.. ඉස්කෝලෙ එකයි තිහ වෙන්න කලින් අරින නිසා හොදයි ඉතින්.. ආෆ්ටර් ස්කූල් මොකක් හරි එකකට ඉදියත් ඒ අදාළ වෙලාව වෙනකොට කාලා බීලා ඔක්කොම කරගන්න ටයිම් තියෙනොනෙ..

කට්ටිය ගොඩේ කොහොමහරි පොත අරන් සයින් කරලා නිසිනුටත් එක්ක බොරු සයිනක් දැම්මා.. නැත්නම් බෑ.. මේකා අකුරු බෝල කර කර ලියද්දි හරි ඉතින්.. මූ තමයි ඉතින් මගෙ තනියටවත් ඉන්නෙ කරාතෙ වලදි.. අනිත් එවුන් ටිකෙන් බිනුරයා ක්‍රිකට් ටීම් එකේ ඉන්නො.. තරුල් සොකර් ටීම් එකේ ඉන්නො.. චාරුකයා ඉස්සර හොකී ගැහුවා.. දැන් ඒක අතෑරලද කොහෙද.. සුභාෂ් ස්විමින් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් ! බුදාම්මෝ උට වතුර පේන්න බෑ.. ඔච්චරයි ඉතින් අපේ එවුන් ඉන්නෙ.. තව ඉන්නො දන්න කියන අය කරාතෙ කරන අය.. ඒත් උන් ෆිට් නෑ ලොකුවට..

" ඒ උබ කෑවෙ නෑනෙ දවල්ට.. ජිම් එකට ගිහින් බොටම් ටී ශර්ට්ස් දාගෙන යමු එළියට.. "

ප්‍රිෆෙක්ට් රූම් එකෙන් එළියට බැහැල එන ගමන් නිසිනු ඇහුවේ.. මට දැන් පේනො පේනො වගේ ප්‍රිෆෙක්ට් රූම් එක ඉස්සරහ ඉදපු සෙහදු පගයා වෙන පැත්තක් බලාගන්නො.. අපි ඌව පාස් කරන් එනකොට මං නිසිනුට උත්තර දෙන ගමන් ශේප් එකේ පිටිපස්ස බැලුවා..

" සුභාෂ්ගෙන් කෑවා බං.. බඩගිනි නෑ ඒ නිසා.. හැබැයි දැන් මට රෝල්සක් කන්න ඕනි ඕනි වගේ..! "

ඔව් දැන් මට පේනො අපිව දැකලා අහක බලාගත්ත සෙහදුවා අපි පාස් වෙනකන් ඉදලා අපේ පැත්ත බලනො.. ගොන් බල්ලා..! මොකටද දන්නෑ එන්නෙ..

" සුභාෂ්ගෙන් !? ඒ මොන වෙලාවෙද ? "

" වතුර පුරව ගන්න බෝතලෙත් අරන් ගිය වෙලේ.. ඌ එෆ් එකට වෙලා ගිල ගිල ඉදියා.. මාත් කාලා ආවා ඉතින් "

ජිම් එකේ දොර අරින ගමන් මං කිව්වෙ.. දැනටම පොඩි උන් ඇවිත් ඇදුම් මාරු කරන් කනවත් එක්ක..

මායි අරූයිත් බෑග් දෙකත් පැත්තකින් තියලා ඇදුම් ටික අරන් ගිහින් ඇදුම් මාරුකරගත්තා.. ගලවපු යුනිෆෝම් එකත් ගුලියක් ගහලා බෑග් එකට දාලා පර්ස් එකෙන් සල්ලි අරගත්තෙ රෝල්ස් කන්න යන්න..

ඉස්කෝලේ ඉස්සරහ ලංකා රෝල්ස් එක.. රෝල්ස් නම් ඉතින් ලංකා රෝල්ස් තමයි..! ගේට් එක ගාව හිටිය අදුරන කීපදෙනෙක්ට අතත් වනාගෙනම අපි දෙන්නා ලංකා රෝල්ස් එකට යන්න පාර පැන්නා..

ස්කූල් අරින ටයිම් එකට මෙතන ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ.. ඒත් දැන් නම් ටිකක් සෙනග අඩුයි.. නිසිනු ගිහින් එග් රෝල්ස් දෙකක් ගත්තාම මං ෆිශ් රෝල්ස් දෙකක් ගත්තා.. එකක් කෑවම තව එකක් කන්න ඕන වෙනවා බන්.. උණු උණු රෝල්ස්නෙ.. ඒ නිසාමයි මං තව දෙකක් ගත්තෙ.. ම්ම්ම්.. ටොමෑටෝ ඇන්ඩ් චිලි සෝස් එක්ක උණු උණු රෝල්ස්..!

" ඒ බොන්න මොනවද ගන්නෙ..?"

" කූල් මොනවාහරි ගනින්.."

නිසියට එහෙම කියාගෙන මං ගිහින් ටේබල් එකක් අල්ලන් වාඩිවුනා.. නැත්තන් වාඩිවෙන්න තැනක් නැති වෙනෝ.. උණු රෝල්ස් එක්ක ප්ලේන්ටියක්, කිරිකෝපි එකක්, නෙස්කැෆේ එකක් තමයි සෙට් වෙන්නෙ.. ඒ උනාට මට බෑ බං.. මොකද මං ඇල් වතුරත් නිවල බොන්නෙ.. ඒ නිසා ඔය උණුවට මුකුත් බෑ.. ඊලගට රෝල්ස් එක නිවෙනකන් ඉන්නවට අමතරව බොන්න ගත්ත එකත් නිවෙනකන් බලන් ඉන්න වෙනෝ..

" උබටත් මයිලෝම ගත්තා හොදේ.. "

කියාගෙන නිසිනු ඇවිත් වාඩි උනා.. ඉතින් කුණු ඇළ බාලිකාවෙ එවුන් වගයක් පුපේ ටෙස්ට් ටියුබ් ගහගත්ත සීන් එකෙන් පටන් අරන් පාරෙ යන මනුස්සයින්ගෙ ඇදත් හොය හොය අපි දෙන්නා සප්පායම් වෙලා ගියා ඉස්කෝලෙට.. රෝල්ස් දෙකක් බඩට වැටුන නිසා හුම්ම ගන්නත් බෑ වගේ යකෝ.. මං බතුත් කාලනෙ හිටියේ..

" අඩෝ දෙකයි බං වෙලාව "

" යමන් එහෙනම් ඉක්මනට "

අපි ඉස්කෝලෙට ඇතුල් වෙලා ජිම් එක ගාවට එද්දි ඕනිනම් තව විනාඩි එකහමාරක් විතර යන්න ඇති.. ඒ ගිහින් ජිම් එකේ දොර අරින්න හදද්දී මට ඇහෙනෝ ජිම් එක ඇතුලේ මොකෙක්ද කෑගහන සද්දයක්..! කවුද යකෝ සද්දෙ දාන්නෙ..

" මොකාද ඕයි සද්දෙ දාන්නෙ..!"

කියාගෙනම මන් දොර ඇරන් ඇතුලට ගියේ.. නිසිනුත් ඉන්නෝ මගේ පස්සෙන්.. මුලින්ම මගෙ දර්ශන පථයට අහු උනේ ජිම් එක ඇතුලේ ඉදපු පොඩි උන් සේරෝම එහා කොනේ පේළියට ඔලුවත් පහත් කරන් ඉන්නෝ.. මං පොඩි උන්ගෙන් ඇස් වලින් මොකක්ද උනේ කියලා අහද්දි උන්ට ඉස්සරහින් හිටන් ඉදපු උස පොරක් ක්ශනිකවම අපේ පැත්ත හැරුනා රකුසු මූනකුත් එක්ක..!

" තමුසෙලාගෙ ඔරලෝසුවල කටු කැරකෙන්නෙ නැද්ද අයිසෙ..!!? බලපන් වෙලාව.. දෙක නම් දෙක..! විනාඩියක් පරක්කු වෙන්න බෑ..! "

ඌ රවාගෙන මහා හයියෙන් අපි දෙන්නට කෑගැහුවා.. සිරාවටම මට තාම හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා.. කෝ අපේ සෙන්සෙ..?

" වරෙන් යකෝ..! ඔතන බලන් ඉන්නෙ බුලත් දෙනකන්ද..!!!? "

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

ඊළග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter