Back
/ 22
Chapter 14

13 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" ලොකූ නැගිටින්න.. චූටි ඔයත්.. දෙන්නත් එක්කම හොදට නිදිනෙ.. "

අඩ නින්දෙ වගේ හිටපු මං නැගිට්ටෙ දොර ගාවින් ඇහුණ අම්මගෙ කටහඩට.. සැක් උදෙත් වෙලාද..!? යන්තම් එක ඇහැක් ඇරන් මං වටපිට බැලුවා.. අඩෝ මහ පගයා මං ගාවනෙ ඊයෙ නිදාගත්තේ.. ඉතින් නින්දෙන් මං ඌ අස්සෙ ගිහින්ද ඌ මගෙ අස්සෙ ඇවිත්ද දන්නෑ කොහොමහරි අපි හතර අතින් වෙලාගෙන.. සැක් අර ගොම්බිලියා එහෙම මේවා දැක්කනම් බෝයිපෙන්ලා නෙවෙයි හස්බන්ඩ්ස්ලා කියලයි හිතන්නෙ..!

ඒවගෙන් වැඩක් නෑ මං මහ පගයා එක්ක තරහයිනෙ.. දැන්නම් මගෙ තරහ ටිකක් හේදිලා වගේ ගිහින්.. ඒ උනාට එහෙම හොදක් පෙන්නන්න හොද නෑ.. ඌ ඊයෙ මට ගැහුවනෙ.. මං ඒක ආයෙ මතක් කරගෙන ඌ ගාවින් එහාට ගියා..

" අසහනේද ආ ඇගේ ඇලෙන්න එන්නෙ..!? අම්මේ..!!! මෙන්න මූ අතවර කරන්න ආවා..!!! "

මං හයියෙන් කෑගැහුවම ඌ දඩිබිඩියේ හීනෙන් වගේ නැගිටලා වටපිට බැලුවා..

" මොකද මොකද..!? මොකක්ද උනේ..? කවුද කෑගහන්නෙ..? "

පොරට එකපාරටම මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි වෙලාද කොහෙද..

" යනව යන්න..! තමුසෙ මගේ ඇගේ වෙලුනා.. මං අම්මට කියනවා.. "

මං මහ ලද වගේ අතත් ගසලා කිව්වම ඌ මං දිහා බලන් හිටියා නිකන් මොකක්ද එකක් දිහා බලනෝ වගේ..

" අනේ පලයන් බං යන්න..! වෙලාව කීයද දැන්..? ආ හතයි නේ.. ඒ තව ටිකක් නිදාගමු.. "

මෙන්න යකෝ ඌ වෙලාව බලලා ආයෙ නිදි..! ඉදපන්කො උබට..!!

" අයියෙ පලයන් යන්න.. "

මං හැදුවෙ උට පයින් ගහන්න.. ඒත් එතකොටම අම්මා ආවා රූම් එක ඇතුළට.. මං ඉතින් ශේප් එකේ පයින් ගහන්න දික් කරපු කකුල ආයෙ අරගෙන අම්මට හිනාවක් දුන්නා.. හනේව් උදේ පාන්දර මගෙ හිනාව දැකලා දවස පටන් ගන්න මේ ගෙදර මිනිස්සු කොච්චර වාසනාවන්තදනෙ..!!!! කෝ ඉතින් කිසි අගයක් නෑනෙ කාටවත් මං ගැන..

" චූටි මට ඔය හිනාවනම් අල්ලන්නෑ පුතේ..! "

අර බලන්න ඉතින් මේ අහිංසකකමේ උල්පත වගේ ඉන්න මට කියන කතා..!!!!!!!! මේ එහා පැත්තෙ නිදන් ඉන්න එකා තමයි ඔක්කෝටම මුල.. ඌ හින්දා තමයි අම්මත් මාව දැන් වැඩිය ගනන් ගන්නැත්තෙ.. ආපු ක්ශනික සිතුවිල්ලට මං ඌට කික් එකක් දීගෙනම ඇදෙන් පැන්නා..

" මොන මගුලක්ද ඕයි කරන්නෙ..!? "

මහ පගයා ඇදෙන් බිම..!!!!! එහෙම තමයි ඉතින් කරාතෙ ගැම්ම..!! ඌ කොට්ටයක් අරන් මට ගැහුවම මං ඒකෙන් බේරිලා ඌට දිවත් ඇදන් ගිහින් අම්මව බදාගත්තා.. මගෙ අම්මනක්කැටේනෙ මේ..!

" චූටි පාඩුවේ ඉන්න අයියට කරදර නොකර.. ලොකූත් පාඩුවේ ඉන්න.. මල්ලි පොඩියිනෙ.. "

" කොහෙද දන්නෑ මුගෙ පොඩි..!? මං ඊයෙත් කිව්වනෙ අම්මා තමයි මේකව හුරතල් කරන්නෙ.. "

මගෙ ඔලුවටත් එකක් දීගෙන මහ පගයා එහෙම කියාගෙන ගියා.. ඌට ඊරිසියා ඇති.. අනේ ඉතින් මට පාන්දනෙ.. අම්මා මුකුත් නොකියා හිනාවීගෙන මගෙ ඔලුවත් අතගාගෙනම ඌ පස්සෙන් ඌගෙ රූම් එකට ගියා.. මාත් ඉතින් ඔලුව දැම්මා..

" ලොකූ අද කීයට විතරද ඉස්කෝලෙට යන්නෙ..? "

අම්මා ගිහින් මහ පගයගෙ ඇදෙන් වාඩිවෙලා ඇහුවම මාත් ගිහින් ඌගෙ ඇදෙන් වාඩියක් දැම්මා.. ඌ දමාගෙන මොනවද හොයනො ලාච්චුවක් අස්සෙ..

" නවයටවත් යන්න ඕනි.. ක්ලාස් යන්න වෙන්නෑ ඉතින් අද.. "

" බයෝ ක්ලාස්නෙ අද.. "

" ඔව් ඔව්.. ලොකු අවුලක් නෑ රිසෝස් බුක් එක තියෙන නිසා.. "

ඌ කිව්වම අම්මා ඔලුව වැනුවා මිසක් මුකුත් කිව්වෙ නෑ ඉතින්.. මූ මොන මගුලට කාලෙ වැය කරත් ඇකඩමික් පැත්ත අනාගන්නෙ නැතුව ගානට ඔක්කොම මැනේජ් කරගෙන කරන් යන නිසා ගෙදරින් කිසිම සද්දයක් නෑ.. මට වගේනම් මෙතන හෙන ජවුසමක් නටලා.. ඒකෙත් හැටි නේද..!?

" ඒක නෙවෙයි චූටිත් ඉස්කෝලෙට යනවද අද..? "

" යන්_ "

අම්මා මගෙ පැත්ත හැරිලා ඇහුවම මං හැදුවෙ ගත් කටටම යන්නෑ කියන්න.. ඒත් කොහෙද යන කැස්බීරියන් ඔටුවෙක් මැද්දෙන් ඇඩ් එකක් දැම්මනෙ..

" නෑ නෑ.. මෙයාට ක්ලාස් යන්න කියන්න අම්මෙ.. මූ හිටියත් මල ඇණේ.. ක්ලාස් ඉවරවෙලා ඉස්කෝලෙට ආවම ඇති.. "

මොනෞත්තක්ද යකෝ..!!!!!!! මං ක්ලාස් හෝම්වර්ක් කරෙත් නෑ.. අනේ මේ උට නටාගන්න කියලා මං ඉස්කෝලෙට යනෝ.. එහෙම කොහොමද පාසල් ශිෂ්‍ය නායකයෙක් විදියට වගකීම් පැහැර හරින්නෙ..!? ඒක කොච්චර උනත් හරි නෑනෙ.. නැද්ද මං අහන්නෙ..???

" එහෙනම් චූටි ඇදගන්න ක්ලාස් යන්න.. "

අම්මා අරූගෙ ඇදෙන් නැගිටලා යන ගමන් කිව්වෙ.. මං ක්ශනිකවම බැලුවා ගස් බල්ලා දිහා යක්ශ පෙනුමකින්..

" මොකද උබ..? "

" තමුසෙට හෙන හතම ගහන්න ඕන..! "

රණ්ඩු වෙන්න වෙලාවක් නෑ.. මං ඌට එහෙම කියාගෙන පට ගාලා දිව්වා අම්මව අල්ලගන්න..

" අම්මෙ අහන්නකෝ.. "

මං ගිහින් හෙනම හුරතල් පුතා වගේ අම්මගෙ අතකුත් බදාගත්තා..

" ගිහින් ලෑස්තිවෙන්න චූටී.. පරක්කු වෙයි නැත්තන්.. "

" අනේ මං අද අයියා එක්ක ඉස්කෝලෙට යන්නම්කෝ.. එහෙම වගකීම් පැහැර හරින්න බෑනෙ.. "

මං හුරතල් විදියට ඇහුවෙ..

" නෑ නෑ.. ඔයා ක්ලාස් ගිහින් ඊට පස්සෙ යන්න.. ලිට් ක්ලාස්නෙ ළමයො තියෙන්නෙත්.. "

" අනේ මොකක්ද අප්පා.. අද නොයා ඉන්නම්කො.. ලිට් ගේමක් නෑනෙ.. "

මං එහෙම කිව්වට අම්මා ගනන් ගත්ත බවක්නම් පේන්න තිබ්බෙ නෑ.. ඉතින් මං ආයෙ ශේපක් දාගන්න බලද්දිම ඔන්න එයා ඒ පාර මගෙ පැත්ත හැරුණා මොකක් හරි කියන්න වගේ..

" ඊඊ.. කට හේදුවෙ නෑනේ..? ගිහින් කටහෝදන් එන්න චූටී.. ගදේ බෑ.. "

අනේ රෙද්ද..! මං හුරතල්කම පැත්තකින් තියලා එරෙව්වා ඊට පස්සෙ.. අර ටීවී සීරිස් වල, ෆික්ෂන් වල එහෙම එකපාරක් බලලා අන්දවගන්නෙ කොහොමද බං..!? අපි එහෙම හුරතල් විදියට බැලුවොත් අපිට ඇන්දෙන්නෑනෙ බල්ලෙක් පූසෙක්වත්.. මගුල තමයි.. හැමතැනම ප්‍රෝඩාව..!!!!!

" මොකද කියන්නෙ පොඩි ඇට්ටරයා..? "

පල්ලෙහා සෝෆා එකට වෙලා ටීවී බල බල ඉදපු තාත්තා අම්මගෙන් ඇහුවේ මගේ දිහත් බලාගෙන..

" මේ ක්ලාස් යන්න බෑලු.. "

" නෑ නෑ චූටි.. ගිහින් ඇදගන්න.. මං ගිහින් දාන්නම් ක්ලාස් එකට.. "

අනේ..!!!!!!!!!!!!!!!! තාත්තා අන්තිම වචනෙ දුන්නම ඒක ඇහුවෙ නැතොත් හොද කෑමක් තමයි සෙට් වෙන්නෙ.. ඒ නිසා මං කාටත් ගස්සගෙන උඩට ආවා.. දැන් මොකක්ද යකෝ මං කරන්නෙ..!? හෝම්වර්ක් කරේ නෑනෙ.. Lit analysis essay එකක් ලියන්න වෙලාවක් ඇත්තෙක් නෑ දැන්.. අර බල්ලටනම් හෙන හතම ගැහුවත් මදි..!!

මං අරූට දෙහි කප කප බිම වාඩිවෙලා උගේම ඉස්සර ලිට් පොත් වගයක් හෙව්වා බුක් රැක් එක අස්සෙ.. ඌ ඕලෙවල් ඉවර උනාම පොත් ටික තියාගත්තනෙ කාටවත් නොදී.. ඒවා දැන් මගෙ බුක් රැක් එක අස්සෙ ඉතින්.. ඌ ඒ දවස්වල එකේක ලිට් Essey questions වලට ලියපු Answers sheets වගයක් මං ගාව තිබ්බා.. කරුමෙට දැන් ඒ ටිකවත් හොයාගන්න නෑනෙ රෙද්ද..! මෙහෙමයි අපේ ලිට් ක්ලාස් එකේ හැම සතියෙම පොයට්‍රි, ප්‍රෝස්, ඩ්‍රාමා ඇන්ඩ් නවල් කියන කැටගරි හතරෙන් එකකින් Analysis essay එකක් ලියන් යන්නෝනි.. අර ඉතින් ඒක කරන්න කියලා Sir හැමතිස්සෙම මතක් කරන්නෙ නෑ.. අපි ඉතින් ඒක කරන්න දැනගන්නෝනි..

" උබ මොකක්ද ඔය බිම කරන්නෙ..!? ක්ලාස් යන්න ඇදගනිම් ඕයි.. පරක්කු වෙනෝනෙ..

මහ පගයා මගෙ රූම් එකට එබිලා කිව්වම මං ඒක ඇහුණෙ නෑ වගේ අර ලිට් පොත් ටික අවුස්ස අවුස්ස හිටියා.. ඌ නිසානෙ මේ හැම වදයක්ම.. තව ලැජ්ජ නැතුව එනෝ ඇදගන්න කියන්නත්..

" මොකෝ උබ සද්ද නැත්තෙ..? "

" උබට වැඩක් නෑනෙ.. පලයන්කො වදයක් නොවී.. "

මං එහෙම කිව්වම ඌ තව මොනවහරි කියාගෙන යන්න ගියා.. කොහොමහරි ඌ ලියපු ' I Know Why the Caged Bird Sings ' පොයම් එකේ Analysis essay එකක් හම්බෙලා මං ඒක කියෙව්වා.. ඌ සුපිරියටම ලියලා තියෙනො ඒකනම්.. ඔන්න ඒ ප්‍රශ්නෙටම මාත් ලියනො ඌගෙ එකෙන් ටිකක් උස්සලා.. හැබැයි අර සර්කාරයා මේක බලලා " සහිරුට මෙච්චර අදහස් කොහෙන්ද..? " කියලා ඇහුවොත් තමයි වැඩේ වෙන්නෙ.. අවුලක් නෑ ඒක එතකොටනෙ..

" The poem ' I Know Why the Caged Bird Sings ' by Maya Angelou uses symbolism and visual imagery effectively to bring out the social injustices. Do you agree ? Discuss your answer referring to the poem. "

මං CR page එකක් අරගෙන මුලින්ම ප්‍රශ්නෙ ලියලා හිටියා.. තාම හතහමාරයි වගේ වෙලාව.. බාගයක්වත් ඉක්මනට ලියාගත්තොත් ඉතුරු ටික ඉක්මනට ක්ලාස් එකට ගිහින් ලියන්න පුලුවන්නෙ..

" ' I Know Why the Caged Bird Sings ' is a poem about social disparity and injustice. Maya Angelou uses the metaphor of birds to represent her contemporary society wherein discrimination was widely prevalent. The African-American community was marginalised by the White Americans. She juxtaposes between the bird in captivity and the free bird soaring and claiming the sky. The free bird is free to do whatever it wants and soars in the free sky while the caged bird can only imagine doing so. "

මං අරූ ලියපු Answer sheet එකේ තිබ්බ introduction එකම කොපි කරගත්තා.. ඌ ගැම්මට ලියලා තියෙද්දි අහක බලාගෙන වෙන ඒවා ලියන්න බෑනෙ අනේ.. අනික දැන් හිත හිත ලියන්න වෙලාවකුත් නෑ.. කොහොමහරි මං introduction එකෙන් පස්සෙ එක quotation එකකුත් ලියලා ඒකත් විස්තර කරා.. තව quotation තුනක්වත් ලියන්න ඕනි.. සාමාන්‍යයෙන් ඉතින් අඩුම quotation හතරක්වත් ලියන්න එපැයි Analysis essay එකක් ලියද්දි..

" චූටි මොකක්ද ඔය කරන්නෙ..? දැන්ද ඔය හෝම්වර්ක්ස් කරන්නෙ ආ..!? තාම ඇදගෙනවත් නෑනෙ මේ ළමයා.. "

අම්මගෙ කටහඩ දොර ගාවින් ඇහෙද්දි මං ඉක්මනට පෙරලන් හිටපු ලිට් ටෙක්ස්ට් බුක් එක වහලා අරූගෙ Answer sheet එකත් එක්කම මං ලිය ලිය හිටපු answer sheet එකත් නවලා ඒක අස්සටම දැම්මා.. බුදාම්මෝ අම්මා දැක්කොත් දැන් තමයි හෝම්වර්ක්ස් කරන්නෙ කියලා උදේම කන පිරෙන්න අහගන්න වෙන්නෙ..

" නෑ නෑ මේ වෙන වැඩක්.. වෙලාව කීයද අනේ..? "

" අටයි..! "

ටහික්කෙන්න..!!!!!!!! නවයට ක්ලාස්.. මං තාම ඇදගෙනවත් නෑ.. අම්මගෙ අතේ බත් පිගානක් තියෙනො.. එයා කවන්නද කොහෙද ඇවිත් ඉන්නෙ..

" ලොකූ ඔයත් එන්න මේ ගමන්ම කවන්න.. "

මට කවන්න බත් අනන ගමන් අම්මා අරූටත් කතා කරා.. ඔන්න ඔන්න ඌ එනෝ විදගෙන.. මුල්ම කට මගේ යකෝ..!!

" මුල් කට මගේ..!! "

මං කෑගහලා පැනපු ගමන් අම්මා දික්කරපු බත් කට ඔබාගත්තා කටේ.. ඔන්න අරූ ඉන්නො ඒ පාර දාහට අරන් සීයට දීලා වගේ.. හොද වැඩේ ඕකාට..!

" අම්මා මට වෙනස්කම් කරනෝ නේ මේ ළමා නිවාසෙකින් ගෙනාව එකෙක් නිසා.. "

අරූ එහෙම කියාගෙන ඇවිත් අම්මා ඊලගට අනපු බත් කටත් කාලා පිගානෙ තිබ්බ බිත්තර ඔම්ලට් එකෙනුත් කෑල්ලක් කඩාගෙන කටේ ඔබාගත්තා.. මට ළමා නිවාසෙකින් ගෙනාව එකා කිව්වට කමක් නෑ.. ඒත් යකෝ බිත්තර ඔම්ලට් එක ඌ කද්දී කොහොමද මං බලාගෙන ඉන්නෙ..!!!

" අයියෙ..!! තමුසෙට ඊලග බත් කටේ බිත්තර නෑ..! "

" අනේ පලයන් පොඩි එකා.. "

" රණ්ඩු වෙන්න එපා ළමයි..! "

අම්මා සැර කරාම මං අරූට එරෙව්වා.. කාපන්කො ආයෙ වැඩියෙන් බිත්තර..!

" තමුසෙ නම් පෙරේතයෙක් චූටි..! "

" ඔව් ඉතින් තමුසෙගෙ මල්ලිනෙ..!! "

" අපෝ නෑ.. කවුද කිව්වෙ..? අමතකද මං කිව්වා තමුසෙව ළමා නිවාසෙකින් ගෙනත් තියෙන්නේ කියලා.. "

" ලොකූ කටවහන් කන්න ළමයෝ මේ පොඩි එකාව අවුස්සන්නෙ නැතුව..! "

අම්මා මගේ කටට බත් කටක් ඔබන ගමන් මහ පගයාට කිව්වම මං ඌට කින්ඩියට හිනාවුනා..

" කටවහන් කන්නෙ කොහොමද අම්මෙ..? අනික මූව අවුස්සන්න මූ කුණු ගොඩක්ද..? "

" මං කුණු ගොඩක්නම් තමුසෙ කුණු කන්දක්..! "

" මොකද දෙන්නා..? රණ්ඩු වෙනවද..!? "

තාත්තා කාමරේට එබිලා එකපාරටම ඇහුවම තමයි අපි දෙන්නා කටවල් වහගත්තෙ.. සිරාවටම ඇයි යකෝ අම්මට කටගහන් ගියත් තාත්තා හප් කිව්වත් අපි බයවෙන්නෙ..!? ඕවට ඉතින් බීලාවත් උත්තර හොයාගන්න බෑ..!

මං ඉතින් ඉක්මනට බත් කාලා ගිහින් වොශ් එකකුත් දාන් ලෑස්ති වුනා ක්ලාස් යන්න..

" චූටි ඉන්න මං එනකන්.. "

" නෑ නෑ මං තනියෙන් යන්නම්.. ක්ලාස් ඉවරවෙලා ඉස්කෝලෙට යන්න ඕනිනෙ එහෙන්මම.. "

මං ඇදගෙන පල්ලෙහාට ආවම සෝෆාවෙන් නැගිටින ගමන් තාත්තා කිව්වම මං ඒකට උත්තර දීලා ඒ දෙන්නට වැදලා ටක් ගාලා එළියට පැන්නා..

" ඉතින් චූටි මං එන්නම් ක්ලාස් ඉවරවෙන වෙලාවට ගන්න.. "

" ඕනි නෑ අනේ.. මං යන්නම්.. අනික ඔයාගෙ වෙහිකල් එක පාරෙ හිර උනාම යන්න වෙන්නෑ නවය පහුවෙනකන්.. "

ඒ කියලා මං ඉක්මනට මගෙ වන්ඩිය ගාවට ආවා.. අටයි හතළිහයිද කොහෙද වෙලාව.. පියඹාලා යමු මගෙ වස්ථුවේඒඒඒඒඒඒඒ..!!!!!!!!!

" චූටි එහෙනම් අයියා එක්කම යන්න.. අයියා ස්කූල් එක ගාවට වෙනකන් යනවනෙ.. "

" මට බෑ ඌ එක්ක යන්න..! "

අම්මා වැරෙන්ඩා එකට දුවන් ඇවිත් කිව්වම මං බෑ කියලා ගේට් එකෙන් එළියට මගෙ වන්ඩිය දැම්මා.. මේ ගෙදර මිනිස්සු එක්ක කරන්න බෑ අප්පා..!! පුදුම බයයි මං තනියෙන් යනවා කිව්වම.. දැන් ක්ලාස් එක ගාවට ගිහින් මැසේජ් එකක් දාන්න ඕනි ක්ලාස් එක ළග ඉන්නෙ කියලා.. නැත්නම් මැරෙන්න හදනවනෙ..

කොහොමහරි මං අස්සෙන් අස්සෙන් දාලා ක්ලාස් එක ළගට ඇවිත් අම්මට මැසේජ් එකකුත් දැම්මා.. අර බේසික කෑල්ලගෙ බයිසිකල් එක පේන්න නෑ.. අනිවා ඌ ඉස්කෝලෙට යන්නැති..

" අඩෝ උබ ස්කූල් ගියේ නැද්ද..!? "

මං කාඩ් එකත් මාක් කරන් ක්ලාස් එක ඇතුළට ගිහින් චාරුකයා ළගින් වාඩි උනාම ඌ එහෙම කිව්වෙ..

" ක්ලාස් ඉවරවෙලා යනෝ.. "

" හා හා.. නිසිනුවා ස්කූල් යන්නැතිනෙ.. අහන්නත් බැරි උනා උගෙන්.. "

" ඌ යන්නැති.. අඩෝ මේ ඒක නෙවෙයි මට අද analysis essay එකේ තව බාගෙකට වැඩිය ලියන්න තියෙනො.. "

" එහෙනම් ඉක්මනට ලියපන් යකෝ ඉතුරු ටිකත්.. සර්ගෙන් චාටර් වෙන්න වෙන්නෙ නැත්නම්.. "

මං ඉක්මනට පොත් ටික ඇදගෙන ලියන්න ගත්තා ඉතින්.. හැබැයි හිතලා ලියනවට වඩා කරේ අරූගෙ answer sheet එකෙන් කොපි කරගත්ත එක.. නවය වෙන්න තව විනාඩි පහක් වගේ ඇත්තෙ.. කොහොමහරි sir කඩාපාත් උනු නිසා මට සම්පූර්ණයෙන්ම ලියාගන්න බැරි උනා analysis essay එක.. ඒ මනුස්සයා හරියටම නවයට එනෝනෙ මගුල.. නැත්නම් ශෝක් එකට ලියාගන්න තිබ්බා සම්පූර්ණයෙන්ම ඒක.. ඒත් sir ඉස්සරහ උන්ගෙ answer sheets එකතු කරනකන් මං ලිව්වා අරක.. දැන් තියෙන්නෙ අවසානෙට Conclusion එක වගේ එක ලියලා අවසන් කරන්න විතරයි..

" කෝ ඉලන්දාරියා ගමු බලන්න answer sheet එක.. "

අපිට ඉස්සරහ පේළියේ එකෙක්ට සර් කිව්වම මං ටක් ගාලා ලිය ලිය ඉදපු එක නවත්තලා අරූගෙ answer sheet එකත් හංග ගත්තා.. වැඩ කරේ නෑ කියලා නෝන්ඩි උනත් මෙතන ඉදන් වැඩ කරනො නෝට් වෙලා වැඩේ දෙල් කරගන්න බෑනෙ..

" සහිරු.. කෝ බලන්න මේ සතියෙ analysis essay එක.. "

Sir අපේ පේළිය ළගට ඇවිත් මට කතා කරාම මං ඔලුව උස්සලා සර් දිහා බලලා ලස්සනට හිනා වුණා.. වෙන මොකටවත් නෙවෙයි හෝම්වර්ක් කරේ නෑ කියන්න කලින් මගෙ පිං පාට හිනාව පෙන්නලා ඉන්න එක හොදයිනෙ.. වශී උනොත් එහෙම..

" කෝ.. ඉක්මන් කරන්න..! "

සර් මගේ හිනාව බල්ලට දාලා අත දික්කරන් ඉන්නෝ මං answer sheet එක දෙනකන්.. අනේ whotto..!!

" මේ.. කරන්න බැරි උනානෙ..  "

" ඊලග එක්කෙනා ගන්න answer sheet එක..! "

මං හෝම්වර්ක් කරන්න බැරි උනා කිව්වම සර් තප්පරයක්වත් නාස්තිකරන්නැතුව චාරුකගෙ answer sheet එක ගත්තා..

" මං දැනගත්තා දත් ටිකත් දාගෙන ඉන්නකොට..! ගෙදර හරියට වැඩනෙ නේද සහිරු..? ළමයින්ව ඉස්කෝලේ ගෙනියන්නයි කුඹුරු කොටන්නයි, ළමයිගෙයි ගෑනිගෙයි රෙදි හෝදන්නයි, කඩේ යන්නයි ඕවා එක්ක කොහොමද නේද මේ වැඩත් කරන්නෙ..? "

අනේ යකෝව්..! ළමයි සේරම හිනාවුනා..!!!

" ඉස්සර අයියා නම් කිසිම වැරැද්දක් නොකියන්නම හරියටම වැඩ ටික කරා.. ඒකට උගෙ මල්ලි..! විහස්ව හම්බුන වෙලාවක කියන්න ඕන..! කෝ ඔය කොනේ ළමයා ගන්න හෝම්වර්ක් එක.. "

සර් එහෙම කියාගෙන කොනේ මුල්ලෙ හිටිය එකාගෙ පොතත් අරන් බලන්න ගත්තා.. විහැස්ට කියැන්න යැයි යැයි තමයි..! ඌට බැරි නම් ඕන එකෙක්ට ගිහින් කියපම්..!!

" සහිරු පුතේ.. ගෑනිට උයන්න පොල් එහෙමත් ගාලා දෙනව ඇති නේ බං..? "

ගාලා දෙනෝ පකක්..! මොන උට්ටක්ද යකෝව් මේ..!!!!! කෙල්ලොත් හැක හැක ගාලා හිනාවෙනෝ මගේ දිහා බල බල.. මට බෑ හත්තිලව්වෙ..!! සර්කාරයගෙ දවසේ ආතල් එක මංද කොහෙද මගුල..! එකාතකට බැන්නනම් එකක් ඔහොම කින්ඩි නොදා.. චාරුකයත් අරව මේවා කිය කිය අතින් අනිනො.. ඌත් අර බේසික කෑල්ලගෙන් පුරුදු වෙලා දැන් ඔය උට්ටවල් කියලා මඩවන්න ගනීවි ඉස්කෝලෙදි..

මං ක්ලාස් ඉවර වුණු ගමන් ඉක්මනට එළියට පැනගත්තා.. මට පේනො දැන් කෙල්ලො ටිකක් මගෙ දිහා බල බල හිකි හිකි ගානො.. මාර කරුමයක් උනානෙ මේක.. ඔච්චර හිනාවෙන්න දෙයක් තියෙද යකෝ..!! අර ගොං බූරුවා නිසා තමයි සේරම..! ඌ නිසානෙ ක්ලාස් එන්නත් උනෙත්.. ශිට්..! විලිලැජ්ජාව කෙසේවෙතත් කේන්තියි යකෝ රෙද්ද.. ඉදපන්කො අද ගෙදර ගිහින් ඌව කනවා මං..!

තිබ්බ තරහට මං ඉස්කෝලෙ පැත්තට නොයා බීච් එක පැත්තට ආවා බයිසිකල් එකෙන්.. අම්මා දැනගත්තොත් හොදට අහගන්න වෙනෝ.. ස්ටෑන්ඩ් එක ළග නිසා හෙනට ට්‍රැෆික්නෙ.. ඒත් කරන්න දෙයක් නෑ මට හෙනට තරහ ගිහින් ඉන්නෙ දැන්..

මං මහ පගයට බැන බැන බීච් එකේ ඇවිදගෙන ගියා.. හැබැයි ඉතින් කොච්චර තරහ තිබ්බත් ඌ මගේ අයියනෙ.. එහෙම කියලා කොහොමද යකෝ..! අද ගෙදර ගියාම ඌ ඉවරයි..!! එච්චරයි.. මං කරේ දාගෙන හිටිය බෑග් එකේ පටි දෙක අත් දෙකට තද කරන් වේගෙන් වේගෙන් ඇවිද්දා.. ඒ අස්සෙ මට ඉස්සරහින් මොකෙක්ද දෙන්නෙක් මේ පැත්තට දුවන් එනෝ කැමරාවකුයි මයික් එකකුයි උස්සන්.. මොන මගුලක්ද යකෝ මේ..!?

" එක්ස්කියුස් මී මල්ලි.. කතාකරන්න පුළුවන්ද කොල්ලො..? "

අර මයික් එක අරන් කෙලගෙන ආපු එකා මට මයික් එක දික් කරලා එහෙම ඇහුවෙ.. කැමරාමන් ඉන්නෝ ටිකක් එහාට වෙන්න ඉදන් අපේ පැත්තට කැමර් එක දික්කරන්.. මොකක්ද බං මේ වෙන්නෙ..

" මං ගොලු නෑ අයියෙ.. අවුරුදු දෙකේ ඉදන් වගේ පුළුවන්.. "

මාත් කියලා දැම්මා ඉතින්.. ආධාර කරන අයද දන්නෑනෙ.. මං හිගන්නෙක් වගේවත් පේන්නෑනෙ නේ..? හැබැයි මං කතාකරන්න පුළුවන් කිව්වාම මයික් එක අල්ලන් ඉදපු එකාගෙ මූන දෙල් උනා..

" ඈ..? අහ්ම්.. නෑ මං ඇහුවෙ.. මල්ලිගෙ වටිනා කාලෙන් විනාඩි දෙක තුනක් අපේ යූටියුබ් චැනල් එක වෙනුවෙන් යොදවන්න පුළුවන්ද.. "

හම්මටසිරි යකෝ..! එතකොට තමයි මට ඌ ඇදන් ඉදපු කලු පාට ටීශර්ට් එක දිහා බැලුනේ.. මොකක්ද යූටියුබ් චැනල් එකක නමක් ගහපු ටීශර්ට් එකක්.. අඩෝ මේ මොකක් හරි චැනල් එකකින් නෙ.. මලමගුලයි..! ඉස්කෝලේට යන්න ඕන කියලා ඉක්මනටම පැනගන්න ඕන.. ඔක්කෝටම වඩා මං ඇදන් ඉන්නෙත් ඉස්කෝලෙ ටී ශර්ට් එකක්..!!!

" මට ඉ_ "

" හරි මල්ලි කැමතියි..! එහෙනම් අපි මෙයාගෙනුත් අහලා බලමු.. "

ඌ පටස් ගාලා කැමර් එක පැත්තට හැරිලා එහෙම කිව්වෙ.. අනේ වහුට්ටෝ..!!!!!!!!

" අයියෙ ම_ "

" හරි මල්ලි මුලින් කියන්න බලන්න_ "

" මං කිව්වෙ ම_ "

" මල්ලිගෙ නම මොකක්ද..? "

මොන උට්ටක්ද යකෝ මේ.. ඌ මට යන්න දෙන්නෙත් නෑ කතාකරන්න දෙන්නෙත් නෑ..! මාර මගුලක්නෙ මට උනේ.. දැන් කරන්න දෙයක් නෑ ඉතින්.. කමක් නෑ මොනාහරි අහන මගුලකට උත්තර දීලා පැනගන්න ඕන..

" සහිරු.. "

" හරි සහිරු.. ඔයාට ඉන්නවද අක්ක කෙනෙක් හෝ අයියා කෙනෙක්..? එහෙමත් නැත්තන් නංගි කෙනෙක් හෝ මල්ලි කෙනෙක්..? "

" අයියෙක් ඉන්නෙ.. "

" අයියෙක් නේ.. හරි ඔයා කවදාහරි.. මං කිව්වෙ ළගකදි එයාට කියලා තියෙනවද අයියේ මං ඔයාට ආදරෙයි කියලා..? එහෙම කිව්ව දවසක් මතකද..? "

" නෑ ඉතින්.. "

" ඇයි කියලා නැත්තේ..? "

කියලා නැත්තෙ මට ඕන නිසා..! අනේ යකෝ මට කේන්තියි රෙද්ද..! මං රවද්දිත් ඌ ඉන්නො මගේ මූනට මයික් එක දික් කරන් විරිත්තගෙන..

" එහෙම කිය කිය ඉන්න ඕන මොකටද..? ඒක දැනෙනවනම්.. "

මං කේන්තියෙන් වගේ කිව්වෙ.. ඒ වුනාට අර මිනිහට ගානක් නෑ.. ඌ කැමර් එක දිහාට හැරුනා..

" ඔව් ඒක ඇත්ත.. ඒවුනාට ඒක කටින්ම කියන්න ඕන නේද එක සැරයක් හරි..? "

ඌ මුල් ටික කැමරාවට කියලා අග ටික කිව්වෙ මට..

" ඒ නිසා දැන් ගන්න අයියට කෝල් එකක්.. අරන් කියන්න අයියෙ මං ඔයාට ආදරෙයි කියලා.. "

මොකක්..!!!

" ඒ මට බෑ..! "

මං පටස් ගාලා කියලා දැම්මා..

" එහෙම බෑ.. කෝ ඉක්මනටම ගන්න කෝල් එකක්.. අරන් කියන්න අයියේ මං ඔයාට ආදරෙයි කියලා.. "

අඩෝ මොන හුයන්නක්ද මේ..!!

" මහ ප_ අහ්ම් මං කිව්වෙ අපේ අයියට වැඩ ඇති.. "

සැක්.. තව පොඩ්ඩෙන් කියවෙනෝ මහ පගයා කියලා..

" කොච්චර වැඩ උනත් මල්ලි වෙනුවෙන් විනාඩියක් කැප කරන්න පුළුවන්.. ඒ නිසා අපි අරන් බලමු.. "

අනේ යකෝඕඕ..!!!! මොන මරාලයක්ද ඕයි මට කඩාපාත්වුනේ..!? අර මිනිහා බලන් ඉන්නො මයික් එකත් තියාගෙන මං කෝල් කරනකන්.. කමක් නෑ ඔන්න ඔහේ කෝල් එකක් දානෝ.. සමහරවිට ඌ ආන්සර් කරන එකක් නෑ.. ඌට හෙනට වැඩ ඇති..

මං සාක්කුවෙන් ෆෝන් එක අරන් මහ පගයට ඩයල් කරා..

" ස්පීකර් දාන්න.. "

අනේ උට්ට.. මං ඌටත් රවන් ස්පීකර් ඔන් කරා.. රින්ග්ස් යනෝ.. අනේ ආන්සර් කරන්නෙපා.. ඒස්වාහ් පුහ්..!!!

" ඕයි චූටි..! කොහෙද උබ ඉන්නෙ..? "

මලහත්තිලවයි.. ආන්සර් කරා..!

" අයියෙ.. මං මේ එනගමන් ඒයි.. "

" මෙච්චර වෙලා මොකක්ද කරේ..!? බලහන් දැන් වෙලාව..!! "

අනේ whotto.. මගේ සායම යවන්න එපා..

" හරි හරි ඉක්මනට එන්නම්.. මේ අයියෙ අහනවකෝ.. "

" ඒ ගීත් ඉදහන් මං එනකන්.. ඉක්මනට කියහන්..! "

මහ පගයා ගීත් අයියා එක්ක වැඩක්ද කොහෙද.. ඒකනෙ අර කිව්වෙ.. ඒ ඕපදූප වැඩක් නෑ.. කොහොමද යකෝ මං අරක කියන්නෙ..? එකපාරටම කියලා දාන්න ඕන..

" චූටි..!? "

" මං ඔයාට ආදරෙයි..! "

මං ඇස් තදකරලා පියාගෙන කියලා දැම්මා.. ලැජ්ජයි යකෝ රෙද්ද..! හැබැයි අනිප්පැත්තෙන් සද්දයක් නෑ.. ඌ කෝල් එක කට් කරලද..!? නෑ කට් කරලත් නෑ..

" හෙලෝ අහගෙන නේද ඉන්නෙ..? "

" මොකක්ද කිව්වෙ..!? ඇහුන්නෑ.. "

අනේ උට්ටො..!!

" මං ඔයාට ආදරෙයි හොදේ.. "

මං ඉතින් ආයෙත් දත් මිටි කාගෙන කියල දැම්මා..

" අනේ මේ ඕයි..! මට කියලා කුණුහරුප අහගන්නැතුව තියපන් ෆෝන් එක..!! මේ වැඩ අස්සෙ තෝ ආතල් ගන්නවද යකෝ..? වරෙන් ඉක්මනට.. රෙද්දක් කියවනෝ මහ දවාලෙ.. "

ඌ බැනලා කෝල් එක කට් කරා..! මොන විලිලැජ්ජ නැති වැඩක්ද ඕයි මට ඒ උනේ.. කේන්තියි යකෝ.. මට බැනලා ඌ කෝල් එක කට් කරන්න..!? එහෙම කොහොමද..! ඉදපන්කො..! මං ආයෙත් ඌට ඩයල් කරා.. ආන්සර් කරන්නෑ උට්ටා..

" මල්ලි වැඩේ අවුල් ගියා නේද..? "

ඒ අස්සෙ අර මයික් එක දික් කරන් ඉන්න පොල් බූරුවා මූනත් මොකක්ද කරන් එහෙම ඇහුවා..

" අවුල් ගියා..? අවුල් ගියා නෙවෙයි ඕයි.. තමුසෙ නිසා තමයි සේරම..! බලහන් ගීත් අයියත් හිටියා අර බල්ලා මට කෑගහද්දී..!! ඔය අස්සෙ කේලම් නිකිතයත් හිටියද දන්නෑ යකෝ..!!! මං තොට කිව්වා මට බෑ කියලා මූට කෝල් කරන්න.. හොදක් වෙන්නෑ තොට..! "

මං ඌටත් අතපය දික් කර කර බැනලා ආපස්සට හැරිලා වේගෙන් ඇවිදගෙන ගියා.. පොඩ්ඩක් හිටපන්..! යකෝ අර ගෝතයා වීඩියෝ කරගෙන මේක යූටියුබ් දැම්මොත්..!!!? දෙයියනේ මට ගලක් බෙල්ලෙ බැදන් මුහුදෙ පනින්න වෙන්නෙ..!!! හැරුනා මං ආයෙම.. අරූ තාම ඉන්නො මයික් එක තියන් බලාගෙන.. ඌ නිකන් කරකවලා අතෑරලා වගේ.. මං ගියා අඩියට දෙකට ඌ ගාවට..

" මේ ඕයි..!! තමුසෙ ඔය වීඩියෝ එක යූටියුබේ හරි_ "

" නෑ නෑ මල්ලි දාන්නෑ..! "

" පොඩ්ඩක් ඉදහන් කියනකන්..!! යු_ "

" මල්ලි කියන්න මල්ලි.. "

" ඉදපන් යකෝ පනින්නැතුව..! තමුසෙ ඕක යූටියුබේ හරි මොන ටියුබේ හරි කොහේහරි ශෙයා කරලා තිබ්බොත් තෝගෙයි අර කැමර් එක තියන් ඉන්න එකාගෙයි අහවල් එක කුණු වෙලා පණුවො ගහන්න කියලා මං සීනිගම ගිහින් මිරිස් අඹරනෝ..!!! "

මං ඇස් ලොකු කරන් හිටිය ඌට ආයෙම බැනලා තර්ජනය කරලා හැරිලා ආවා.. කේන්තියි යකෝ..! මට මුන් හැමෝම එක්කම කේන්තියි..!!

ඊට පස්සෙ ඉතින් මං ආයෙ කොහෙවත් රස්තියාදු වෙන්නෙ නැතුව ඉස්කෝලෙට ආවා.. මට සිරාවටම ලොකු කැමැත්තක් තිබ්බෙ නෑ ඊයෙ වෙච්ච දේ එක්ක ඉස්කෝලේ එන්න.. ඒ වුනාට ප්‍රිෆෙක්ට් කෙනෙක් නිසා මට නොයා ඉන්න බෑනේ.. අනිත් උන් මොනවා හිතයිද..! උන් මහන්සි වෙලා වැඩ කරද්දි මං නෑවිත් ඉන්නකොට.. අනික අද පිනාත් ඇති..

" ආ බොසා..! "

සයිඩ් ගෙට් එකෙන් ඇතුලට ගිහින් මගේ බයිසිකලේ අයිනකින් දාලා බැස්සා විතර කවුරුහරි කතා කරා.. හැරිලා බැලුවාම අපේ වයසෙ කවිදු.. මං ඌට හිනාවක් දැම්මා..

" උබව දැක්කෙත් නෑනේ.. ඊයෙ ආවෙ නෑ..? "

" ආවා ඒයි.. මාව දකින්න තරම් උබේ ඇස් පින් කරලා නෑ.. ඒකයි.. "

මං එහෙම කියලා උගෙ කරට අතක් දාගත්තම ඌ මං කිව්ව එක ඇහුන්නෑ වගේ ඌ අතේ තිබ්බ මල්ල මට දික් කරා..

" අඩෝ මේ.. මේ ලණු ටික විහස් අයියට දීපන්කෝ.. මං පටස් ගාලා කඩේට දුවලා එන්නම්.. "

" ලණු මොකටද..? "

" දන්නෑ බං.. මට ගේන්න කිව්වා.. මං ගෙනාවා.. "

" හා හා මං දෙන්නම්.. "

" ඒ මේ ඌ එක්ක කටගහන් යන්න එහෙම එපා.. පොරට මල් පොකුරු පිටින් පැනල ඉන්නෙ.. "

අනේ ඌගෙ මල්..! මට පාන්ද ඌට මල පැන්නා කියලා..! මං ඉතින් කවිදුටත් ලාවට හිනාවක් දාන් ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා.. කවිදුවා දන්නෑ මං හිතන්නේ මහලොකු හෙඩා මේ පින්පාට සහිරුගෙ අයියා කියලා..! ඉදපන්කො ඔය මහලොකු හෙඩාගෙ මල් වල් ගස් පිටින්ම මං ගලවලා අයින් කරන්න..!! පර බල්ලා..!!! කීතැනකින් ඌ නිසා මං ලැජ්ජ උනාද..

මං ඌට හිතින් බැන බැන සයන්ස් එක පැත්තට ඇවිදන් ගියා.. කොනේ ක්ලාස් එකේ විතරයි දොර ඇරලා තියෙන්නේ.. නිකමට වගේ මං ගිහින් හොරාට එබුනාම ඒකෙ ඉන්නෝ සෙහදු බේසිකයයි මහ පගයයි කවීන් පගරයයි..! මුන් නිකන්නෙ යකෝ ඉන්නෙ.. මං හිතුවේ දමාගෙන වැඩ ඇති කියලා..

" ඒ හිතන්නෙපා බං.. අපි තව පොඩ්ඩක් හොයල බලමු..! "

" කොච්චර හෙව්වත් ඔච්චර තමයි.. ඇයි යකෝ මං ඌටම කැමති උනේ..!!? "

මේ මොකද මේ..!? මොකක්ද ඒ සීන් එක.. සෙහදු බේසිකයා කිව්ව එකට තමයි මහපගයා අරම කෑගැහුවේ..

" මේ අහපන්කො බං.. උන් යාලුවෝනෙ.. අනික ශුවර් නෑනේ අපි හිතන විදියෙ දෙයක්_ "

" නවත්‍තපන් කවීන්.. දැන් ඇති ඕක..! අනික_ ආ උබ ආවද..? "

අපේ අයියා කවීන් අයියට මොනාහරි කියන්න ගියත් මාව දැකපු නිසා ඒ කතාව නැවතුනා.. ඒත් මොන මගුලක්ද උන් ඒ කියෙව්වෙ..? කොහොමහරි එක දෙයක් තේරුනා.. ඒ අපේ අයියා හොදින් නෙවෙයි කියනෙක..! බලමුකො.. අහන්න ඕන උගෙන්.. ඒවා වැඩක් නෑ.. ඊට කලින් මට ඌ එක්ක තරහ තාම නිවුනෙ නෑනේ..!!

" කතා කරන්න එපා මාත් එක්ක තමුසෙ..! "

මං ක්ලාස් එක ඇතුලට ගිහින් අතේ තිබ්බ ලණු බෑග් එක උන් හිටිය තැන ඩෙස්ක් එකට අතෑරලා ආපහු ආවා එන්න.. පැවිලියන් එක පැත්තේ ඇති අර බේසික කෑල්ලයි සුභාෂ් බල්ලයි..

" මේ චූටි..! ඉන්නවකො පොඩ්ඩක්.. "

මට පැවිලියන් එක පැත්තට යන්න උනේවත් නෑ මහපගයා ඇවිත් මාව අල්ලගත්තා.. මොකද දන්නෑ ඒ පාර.. ලැජ්ජයිත් එක්ක යකෝ..!!!

" ඇයි..!? "

" මොකද උබේ සද්දෙ..!? කට තලාගන්න ආසද..? "

" තලනවකො බලන්න..! තාත්තට කියනව මං.. "

මං ඌට රැව්වාම ඌත් මට රවාගෙන හිටියා.. දෙන්න හිතෙනවා මූනට රොටියක් වෙන්න..!

" වීබී ලණු ටික කෝ..? "

ඒ අස්සෙ කේලම් නිකිතයා ඇවිත් ලණු ඉල්ලනෝ.. අඩෝ මගේ මූන මොකක්ද වෙලා යන්න ඇති.. මට සිරාවටම හෙන අපහසුවක් දැනුනා.. ඊයෙ උන සීන් එක නිසා.. අයියා මට ඕනි තරම් ගහලා ඇති.. මං ඌ එක්ක තරහ වෙලත් ඇති.. ඒත් ඒ ඌ මට පිට උන් ඉස්සරහ ගහපු පළවෙනි වතාව..

" ලණු ටික කවීන්ට දුන්නා.. "

මහ පගයා මගේ මූන දිහා බලන්ම එහෙම කිව්වා නිකිත අයියට..

" අඩේ සහිරු බබා.. කොහොමත ඉතිං..? "

ඊට පස්සෙ ගීත් අයියා..! ඌ කොහේ ඉදන්ද යකෝ කෑගහන්නෙ..!? ඔලුව කරකවලා බලද්දි ඌ සයන්ස් එකේ උඩ බයෝ ක්ලාස්වල කොරිඩෝවෙ බැල්කෙනිය වගේ එකේ ඉදන් කෑගහලා තියෙන්නේ..!

" විහස් ඕක කියලා දාපන් බං.. බබා ආසාවෙන්නෙ උබට ආදරෙයි කිව්වෙ.. "

අනේ උට්ටෝඕඕඕඕ..!!!!!!! මොන මගුලක්ද මේ.. අනික කවද්ද යකෝ ගීත් පරයට මං බබා උනේ..!? කේලම් නිකිතයත් හැක හැක ගාලා හිනාවෙනෝ.. මහ පගයත් ඉන්නෝ කට තද කරන් හිනාවෙන්න බැරුව.. මං ආයෙත් ඔලුව උස්සලා ගීත් අයියා දිහා බලද්දි උගේ එහා පැත්තෙන් මිහින් අයියත් ඉන්නෝ හිනාවීගෙන..! හරි එහෙනම් උබත් එහෙමනෙ..!!

" මිහින් අයියෙ තමුසෙත් මට ද්‍රෝහි වුනා එහෙනම්..!? "

මං මිහින් බල්ලා දිහාට ඇගිල්ලත් දික් කරන් කියද්දී ඌ ටක්ගාලා හිනාව නවත්තගත්තා.. ආවා මෙතන සිරික්කිය දාන්න.. දහයට ගනින්න බෑ වගේ ඉන්නෙ..! ගස්සන් ආවා මං.. ඔව් මට පේනෝ මහ පගයත් එනෝ පස්සෙන්.. මොකටද දන්නෑ එන්නෙ.. මං ඌව දැක්කෙ නෑ දන්නෑ වගේ ගිහින් පැවිලියන් එකේ කොනකින් වාඩි වුනා.. මහ පගයත් ඇවිත් වාඩිවුනා මං ගාවින්ම.. මං නිකමටවත් ඌ දිහා නොබලා ග්‍රවුන්ඩ් එක දිහා බැලුවා.. ස්ටේජ් එක ගාව ඉන්නො බේසික කෑල්ලයි සුභාෂ් බල්ලයි.. ගොම්බිලියත් ඉන්නවද දන්නෑ ඔය අස්සක.. පේන්න නම් නෑ හැබැයි.. අනේ මට වැඩක් නෑ ඔය එක බල්ලෙක්වත්..! ඕන්නෑ ඕකුන්ව මට..!!

" මේ සිරාවටම උබට මොකක්ද බං උනේ..? මට හදිස්සියට කොට්න් බඩ්වත් හොයන්නත් බැරුව හිටියේ.. "

මහ පහයා එකපාරටම මට ලං වෙලා කිව්වම මං ඌ දිහා රවාගෙන බැලුවා..

" ඒ මොකටද කොට්න් බඩ්..!!? "

" කන සුද්ද කරගන්න.. "

" අනේ මේ අයියෙ..! "

කේන්තියි යකෝ මට..

" නෑ සිරාවටම බං.. මං හිතුවේ මගේ කනේ අවුලක් කියලා.. "

ඌ ඊට පස්සෙ එහෙම කියලා හිනාවෙන්න ගත්තා.. මොන රෙද්දක්ද..! මං නැගිට්ටා එතනින්..

" ඕයි ඉදපන් ඉදපන්..! "

මහ පගයා හිනාව නවත්තන් ආයෙම මාව ඉන්දුවා..

" තාම තරහද බන්..? "

" ඔව්..! "

ඌ අත් දෙකත් පපුවට තියන් බැදගෙන ඇහුවාම මාත් ඔව් කියලා ඌට රවලා අහක බලාගත්තා..

" තමුසෙව ඊයෙ පේන්න නැති උනාම හැමතැනම හෙව්වා යකෝ..! බොරුනම් සෙහදුගෙන් අහපන්.. උබට කෝල් ගත්තට ආන්සර් කරෙත් නෑ.. සේරම වැඩ ටික පැත්තකට දාලා ගෙදර ආවෙ.. ඒ එද්දි උබට කිසි ගානක් නැතුව ඉන්නකොට කේන්ති ගියා.. ඉන්නෙ කවුද කාත් එක්කද මං ආවෙ කියලා මටවත් මතක් උන්නෑ.. ඒකයි අරුන් දෙන්නා ඉස්සරහ උබට ගැහුවෙ.. මට කියලා මල්ලිලා මහ ගොඩක් නෑනේ බං.. ඉන්නෙ උබ විතරයි.. උබට ආදරෙයි..

එහෙමද හිතුවෙ උබ..!? නෑ එහෙම නෑ බං.. "

" මැරියන්..!!! "

මං ඌට කෑගැහුවම ඌ ' රොබින් ' කියාගෙන යන්න නැගිට්ටා.. මැදැයි මාත් ඇස් දෙකට කදුළු උනාගෙන ඉමෝෂනල් වෙන්න බලන් හිටියා.. නිකන් හෙන නෙවෙයි කළු හෙන ගහන්න ඕනි ඌට..! හැබැයි ඕකා ඔය බොරුව දාන්නෙ.. මං දන්නොනෙ ඉතින්..

" ඔතන පුප්පන් ඉන්නැතුව වරෙන් යන්න.. "

ඌ එහෙම කියාගෙන යන්න ලෑස්ති වුනේ.. ඒත් ආයෙම මොකක් හරි මතක් වෙලා වගේ මං දිහාවට හැරුණා..

" ආ මේ.. උබ යූටියුබ් කාරයෙක්ට අහු වුණාද බං..? "

හුටා..! දැන් මොකක්ද කියන්නෙ..!? ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ.. ඔව් කිව්වොත් ඒ කොහෙදිද අරව මේවා අහන්න ගනීවි.. ඊලගට බීච් එක පැත්තෙ ගියා කියලා දැනගත්තොත් ලෙසටම අහගන්න වෙනෝ.. ඔක්කෝටම වඩා මූ තාත්තට කිව්වොත් ඉවරෙටම ඉවරයි.. ඒ නිසා මං මුකුත් නොකියා වටේ බල බල හිටියා.. කවුද එකෙක් මේ පැත්තට කඩාගෙන එනොත් පේනො.. අදුරන්නෙ නම් නෑ.. මුන්ගෙ වයසෙ එකෙක්ද කොහෙද..

" අඩෝ විහස්..! අන්න නිසල් මල්ලි ඇණයක් ඇනගෙන.. ඒ ලේ යනෝ යකෝ අම්බානෙට.. වරෙන්කො ඉක්මනට.. "

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

පරක්කු උනාට සොරි 🥲 !!!

ඒකට හරියන්න මේ කොටස ටිකක් දිගයි හැබැයි..

ආ මේ අර ලිට් පොයම් එක ග්‍රේඩ් 10 වලටද නැත්නම් 11 වලටද තියෙන්නෙ කියලා හරියටම මතක නෑ හැබැයි.. පොයම් එකක් මතක් කරද්දි ' I Know Why the Caged Bird Sings ' මතක් වුනු නිසා ඒක දැම්මෙ..

ඊලග එකෙන් හම්බෙමු !

eistrella <3

Share This Chapter