Back
/ 22
Chapter 15

14 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" ඒ දගලන්නැතුව ඉදපන් නිසල්..! "

" රිදෙනවා හුත්තො..!!! "

" ආවින්..! යකෙක් ගහලා වගේ ඉන්නැතුව ඔය ලේන්සුවක්වත් ගනිම් යකෝ මූගෙ අත බදින්න.. "

" අඩෝ මූ මැරෙයිද බං..? "

" ජලභීතිකාව හැදෙන එකක් නෑනෙ..? "

" ඕයි නිසල් ඇණේ මලකඩ තිබ්බෙ නෑනෙ..? "

අපි එතනට යද්දි එකම යුද්ධයයි.. නිසල් අයියා පුටුවක වාඩිවෙලා අත සත්රූ අයියා දිහාවට දික් කරන් ඉන්නො.. ඌ නිසල් අයියගෙ අත බදාගෙන ආවින් අයියට කෑගහනො අත ඔතන්න මොකක් හරි ගනිම් කියලා.. ආවින් අයියා යකා ගැහුවා වගේ බලන් ඉන්නෙ.. එහෙන් තව උන් වගයක් වටවෙලා වෙන මගුල් කියවනෝ.. අනික ඇණයක් ඇනුනා කියලා මෙච්චර ලේ යනවද ඕයි..!? නිසල් අයියගෙ ඇණයක් ඇනුනා කියන අල්ලෙන් එකයි ලේ..!!

" මට ඇනුනු ඇණයක් නෑ යකුනේ..!!! "

ඒ නිසල් අයියා.. අඩෝ එතකොට ඇණයක් නෙවෙයිද ඇනිලා තියෙන්නෙ..? අර කවුද පකෙක් කිව්වෙ ඇණයක් ඇනිලා කියලනෙ..

" අඩෝ එහෙනම් මොකක්ද වුනේ..? "

" අර වක් පිහියෙ උල වැදුණෙ බං.. "

සත්රූ අයියා පිහියක් පෙන්නලා කිව්වම මං ටක් ගාලා ඒ පැත්ත බැලුවා.. ඒ පිහියෙ සයිස් එකට බෙල්ලක ගෑවුණත් ඇති බෙල්ල ගහල යන්න.. සිරාවටම මොනව කපන්නද දන්නෑ මේ වගේ පිහියක් උස්සන් ආවෙ..?

" අඩෝ එතකොට කවුද අර ඇණයක් ඇනගත්තා කියලා කිව්ව එකා..? "

" ඉතින් යකෝ උබ මේක අරන් මොකක්ද කරන්න ගියේ..? "

" නිසල් උබ අර පිහිය අරන් ඇනගත්තෙ එහෙම නෑනෙ..? "

" දැන් නවත්තපන් බං ඕක..! මූගෙ අතට මොකක්ද කරන්නෙ කියාම්කො.. "

ඇත්ත..! ඊලගට කරන්න ඕනි දේ නෙවෙයි මුන්ට ප්‍රශ්නෙ ඒක වුණේ කොහොමද කියන එක.. පිස්සු පක්කු..!!

" තෝත් ඔතන කෑගහගහ ඉන්නෙ මූව අරන් වරෙන් යන්න ෆස්ටේඩ් රූම් එකට..!! මං යතුර අරන් එන්නම්.. "

අපේ අයියා මෙච්චර වෙලා සද්දයක් නැතුව ඉදලා සත්රූ අයියට කෑගැහුවම හැමෝම නිශ්ශබ්ද උනා.. සත්රූ අයියනම් හැබැයි මහ පගයා දිහා බැලුවා යකා වගේ.. ඌට මලපැන්නද කොහෙද.. හැබැයි මුකුත් නොකියම නිසල් අයියවත් එක්කන් ඌ ගියා.. මාත් ගියා ඉතින් පස්සෙන් කරන්න වැඩකුත් නෑනෙ..

" අඩෝ උබ කොහෙද බං හිටියෙ..? "

බේසික කෑල්ල මාව දැකලා විදගෙන ඇවිත් ඇහුවාම මං ඌට රැව්වා.. බල්ලා..!

" කතා කරන්න එපා මාත් එක්ක..! "

මං ගස්සගෙන යද්දි ඌත් එනෝ පස්සෙන්..

" කතා කරන්නෙපා නෙවෙයි යන දේවාලෙක කියලා පලයන් උට්ටො..!! කෝල්ස් ආන්ස්වර් කරෙත් නෑ.. බය වෙන්නැද්ද කියාම්කො.. ඒ පාර හවස මං විහස් අයියට කතා කරාම කිව්වෙ උබ ගෙදර කියලා.. ගොන් පකයා..! "

මට කෑගහලා පිටටත් එකක් ගහලා ඌ ගියා යන්න.. අනේ රෙද්ද..! මට කේන්තියි යකෝ මේ බේසික කෑල්ල එක්ක..!! අනික ඌ මොකටද අපේ අයියට කෝල් කරන්නෙ..! සෙහදු බේසිකයට කියන්න ඕන බේසික කෑල්ල වටේ යනව කියලා..! ඉදපන්කො ඔය පවුල කඩනවා මං..!

මං ඌටත් පුප්පගෙන බැලුවා සුභාෂ් බල්ලා කෝ කියලා.. ඌ පේන්න නෑනේ ඕයි.. සිරාවටම කොහෙ ගිහින්ද ඌ..

" කෝ එහාට වෙයන්..! "

ෆස්ටේඩ් රූම් එක ගාවට ගිහින් දොර අරිනකන් හිටිය අයව එහාට කරන් මහ පගයා එහෙම කියාගෙන ඇවිත් දොර ඇරියා.. ඊටපස්සෙ සත්රූ අයියා නිසල් අයියව ඇදගෙන වගේ ගිහින් ඉන්දුවේ.. ඇයි ඉතින් ඌ නලියනෝනෙ රිදෙනවා ගගා..

" ඒ අයියෙ සර්ජිකල් ඕන්නෑ යකෝ..!! "

මහ පගයා අරූට බෙහෙත් දාන්න සර්ජිකල් බෝතලේ ගත්තා විතරයි මෙහෙන් නිසල් පකයා බෙරිහන් දෙන්න ගත්තා.! සිකේ.. ඌ බයද කොහෙද..

" අනේ බං මේ බබා වෙන්න එපා..! ගනින් අත..!! "

සත්රූ අයියා බලෙන්ම වගේ නිසල් පකාගෙ අත අරන් අපේ මහ පගයා දිහාට දික් කරාම මහ පගයත් පුලුන් කෑල්ලක් සර්ජිකල් වල පොගවලා අරන් අරූගෙ තුවාලෙ පිහින්න ගත්තා.. ඌ දගලනෝ එහාට මෙහාට.. දැවිල්ල ඇති හැබැයි.. ඒ වුනාට ඉතින් ජ'ම්ස් අයින් වෙන්න එපැයි බෙහෙත් දාන්න..

" රිදෙනවා හුත්තෝ..!! "

" ඉදපන් පොඩ්ඩක් දගලන්නෙ නැතුව..! "

ඌගෙ මූණත් එක්ක රතු වෙලා.. කාගෙන වගේ හිටියෙ.. පව් වැඩේ හැබැයි.. තුවාලෙ උඩින් පෙන වගෙත් ආවා.. ජ'ම්ස් තිබිලා වගේ.. ඊටපස්සෙ මහ පගයා තුවාලෙ සුද්ද කරලා බෙහෙත් දාද්දි නම් නිසල් පකා දගලන්නෙ නැතුව හිටියා.. ඒත්_

ඒත් ඇයි යකෝ ඌ අමුතු විදියට අපෙ අයියා දිහා බලන්නෙ..! පොඩ්ඩක් ඉදාම්.. ඌගෙ ඇස් අපෙ අයියගෙ මූන පුරා ගියා.. නිකන් බලන බැල්මක් නෙවෙයි ඒ.. හරියට අයියව ගිලින්න වගේ ඌ බලන් ඉන්නෙ.. මොන උට්ටක්ද මේ..!!!!

හැබැයි මෙහෙමයි, අපේ අයියාගෙ අමුතු ලයිනක් තියෙනො.. ආෆ්ටර් ඕලෙවල් කාලෙ ඌ කොන්ඩෙ වවලා කට් එකක් ගහලා හිටියේ.. සිරාවටම අමුතු ලුක් එකක් තිබ්බෙ ඒ කාලෙ උගෙ.. දැන්නම් ඉතින් කොටටම කොන්ඩෙ කපලනෙ.. ඒත් ඌ ලයින්.. කොල්ලෙක් ලේසියෙන් තවත් කොල්ලෙක් අගයන්නෑ තමයි.. ඒත් යකෝ සිරාම කියන්න එපැයි රැගිලි නැතුව.. මහ පගයා ගතියි.. එච්චරයි කතාව..!! අනික කෙල්ලො මූට පිස්සු වැටිලා ඉන්නෙ.. එහෙමයි කියලා නිසල් පකා ඇයි යකෝ අයියව කන්න වගේ බලන්නෙ..

යම්කිසි දෙයක් සිද්ධ වෙනවවත්ද..!? එතකොට සත්රූ අයියා..?? අනේ හුත්ත මට තේරෙන්නෑ යකෝ..!!!!!! විසාල කරදරයක් උනානෙ මේක..!

" මේ ලේන්සුව.. "

ෆස්ටේඩ් රූම් එකට මොකෙක් හරි විදගෙන ආව පාර මං බැලුවෙ.. අම්මටසිරි ආවින් බොසා..! ඌ දැන් තමයි ලේන්සුවක් උස්සන් එන්නෙ අර යකාගෙ අත බදින්න.. දැන් ඉතින් ඕක පුපේ ගහගන්න තමයි වෙන්නෙ.. පිස්සුද දන්නෑ මූට ඔක්කොම උනාට පස්සෙ ලේන්සුවක් උස්සන් එන්න..!!

මං දැක්කා සත්රූ අයියා ඔරවනෝ ඌට.. ඊටපස්සෙ මැදගිල්ල දික් කරා.. හැබැයි ආවින් අයියා නම් මොකක්වත් කිව්වෙ නැතුව බිත්තියකට ජැක් එකක් ගහගත්තා.. මං කලිනුත් කියලා තියෙනො වගේ ඌ කොහොමත් වැඩි කතාවක්, හිනාවක් නැති එකෙක්නෙ.. පකේ ලයින්..!! හැබැයි නිසලයනම් මොකාද එකා වගේ බලන් ඉන්නො.. උට මොකක් හරි චූන් එකක් ගිහින් වගේ..! අපෙ අයියා ඌගෙ අතට බෙහෙත් දාලා දැන් අත අල්ලගෙන ගෝස් වලින් ඔතන නිසාද දන්නෑ.. මං හොයාගන්නම්කො ඔතන සිද්ධ වෙන දේ කොහොමහරි..!

" ක්හැම්.. ක්හැම්.. "

ඒ ගමන මොකාද දන්නෑ.. ෆස්ටේඩ් රූම් එකේ ඩෝ' එක ළග ඉදන් මැරෙන්න වගේ කහින එකා කවුද කියලා මං බැලුවෙ.. වෙන කවුද ඉතින් අර කවීන් පරයයි, කේලම් නිකිතයයි..

" අපි ආවට කමක් නැද්ද දන්නෑනෙ.. "

කවීන් අයියා ඇතුළට ඇවිත් මගෙ කරට අතදාගන්න ගමන් කිව්වෙ.. ඔන්න ඉතින් මට යකා නගිනො..

" මොකෝ උබ..? පොඩි පගයොන්ව ගනන් ගන්නෑ..! "

අනේ රෙද්ද..!!! අපිටත් ලොකු නෑ ඉතින් උන් ඒලෙවල් කරා කියලා.. මං උගෙ අත ගැසුව පාර ඌ එහෙම කියලා ආයෙ කරට අත දාගත්තා.. ගොන් පකයා..!

" වීබී..! උබ විතරයිද යකෝ අත ඔතන්න ඉන්නෙ..? ඒක උන් කරගනියි.. වරෙන් යන්න.. වැඩ තියෙනො ඕයි..

උබටත් හෙන ආසැතිනෙ අරූ ඔතනකන් දීගෙන ඉන්නෙ.. "

කවීන් අයියා කියවගෙන යද්දි අපෙ අයියට මල පැන්නද කොහෙද.. ඔරවලා බැලුවා ඌ දිහා.. ඇරපු අතක් නෑ අපෙ තාත්තමයි යකෝ..! හැබැයි කවීන් අයියා ඒක ගනන් ගත්ත පාටක් නෑ.. ඌ එකේක රෙද්දවල් කිය කිය හින්ට් පාස් කරා.. නිකිතයා කින්ඩියට හිනාවෙනෝ.. සත්රූ අයියටනම් ආයෙ පනින්න මලක් නෑ.. ඌට මල් කිනිති පිටින් පන්නගෙනනෙ හිටියෙ කොහොමත්.. ආවින් බොසාට නම් මේ කිසි දෙයක් ගානක් නෑ වගේ ඌ ෆෝන් එක ඔබනො.. නිසල් අයියත් උට නෙවෙයි වගේ ඉන්නෙ.. සිරාවටම මට තේරෙන්නෑ යකෝ මෙතන වෙන දේ.. ආවින් අයියව අයින් කරාම අර අනිත් උන් දෙන්නා එක්ක අපෙ අයියට මොකක් හරි මගුලක් තියෙනො කියලා දැන්නම් ඩෙඩ් ශුවර්..

" උබටත් හෙන ආතල්නෙ මෙතනට වෙලා ඩ්‍රාමා බල බල ඉන්න.. "

නිකිත අයියා මගෙ ඔලුවට තට්ටුවක් දාලා කිව්වම මං ඌට එරෙව්වා.. මොන මගුලක්ද යකෝ මේ තට්ටු දාන්න එන්නෙ..!

" අපි එන්න කලින් මෙතන මොකක් හරි උනාද බං..? "

කවීන් අයියා ඇහුවම මං උරහිස් ගස්සලා එන්න ආවා.. විකාරයක් අහනො ඌ.. අහන්න තරම් දෙයක් වුණේ නෑ ඉතින්.. අපෙ අයියා අර යකාගෙ අතට බෙහෙත් දැම්මා විතරයිනෙ.. ඒ වුණාට දැන් එකක් හොදටම ශුවර්.. කොහොමහරි හොයාගන්න ඕනි ඒ සත්රූ අයියද නැත්නම් නිසල් අයියද කියලා.. ගෙස් කරන්නවත් පුලුවන් මගුක්ද යකෝ මේ..!?

මං එහෙන්මම අර හදලා තිබ්බ ස්ටේජ් එක පැත්තට ආවා මොකක් හරි වැඩක් බලන්න.. නිකන් ඉන්න ගියොත් ඊලගට නිකන් කුණු කතානෙ පස්සෙ අහගන්න වෙන්නෙ.. ගොම්බිලියත් පේන්න නෑ.. ඌ අද එන්නෙ නැතුවැති සමහරවිට.. විලි ලැජ්ජාවෙ මැරිලැති පකයා..!

අද හැබැයි ඔක්කොම හදන කියන වැඩනම් ඉවරයි වගේ.. දැන් ඉතින් ඒ වෙන වෙනම හදපුවගෙන් ස්ටේජ් එක ඩෙකරේට් කරන්න තමයි තියෙන්නෙ.. අර ඊයෙ ගොම්බිලියා එක්ක හදපු උණ පතුරු වැටවල් ගොඩක් ගහල කොළවල සෙට් කරලා හෙන ගැම්මට මොකක්ද එකක් හදල තියෙනො.. ඒක හෙන ලස්සනයි.. ඈතින් බලද්දි පේන්නෙ ගහල කොළවල මැදින් පන් වලින් වියලා වගේ..

" වතුරද ඔය..? "

" නෑ තව මොනවහරි කවලම් මං හිතන්නෙ.. "

එතන ඉදන් ඔය හදපුවා වේලෙනවට මොනහරි ස්ප්‍රේ කර කර හිටිය අයියා කෙනෙක්ගෙන් මං ගිහින් ඇහුවෙ.. කොහොමත් වතුර විතරක් ස්ප්‍රේ කරලා වේලෙන්නැතුව තියාගන්න හෙන අමාරුයිනෙ.. එහෙනම් වතුර භාජනේක ඔබලා තියන්න ඕනි.. එහෙම කරන්න බෑනෙ මේ වගේ වැඩවලදි.. ඔය මොකක් හරි ෆ්ලෝරල් ප්‍රිස'ව් එකක් වෙන්නැති.. ඒවා මල් වලට විතරක් නෙවෙයිනෙ ස්ප්‍රේ කරන්නෙ නම අරම වුණාට..

" මල්ලි වැඩක් නැත්නම් මේ අකුරු ටික කපන්න උදව් කරපන්කො.. "

අර ස්ප්‍රේ කරන දිහා බලාගෙන හිටිය මට 11 ද කොහෙද අයියා කෙනෙක් කතා කරාම මං ගියා.. ලොකු Styrofoam sheets දෙකක විතර ### ඡත්‍රාභිශේක 20## කියලා ලියලා.. දැන් Styrofoam කියලා කිව්වට පොඩිම කාලෙ Rigid Foams කියලනෙ කිව්වෙ මේවට.. දැන් ඉතින් එහෙම කියවෙනෝ හෙන අඩුයි.. ඇයි ඉතින් ඔය සයන්ස් ප්‍රැක්ටිකල්ස්වල එහෙම අහුවෙන්නෙ Styrofoam එහෙම නැත්නම් Polystyrene foam කියලනෙ.. දැන් ඒක පුරුදුවෙලා අපිට කියවෙන්නෙත් එහෙම.. සමහරු සෘජුෆෝම් කියලනෙ කියන්නෙ.. සිරාවටම සෘජුෆෝම් කියලා එකක් නෑ ඉතින්.. Rigid foam කියන එකනෙ ඔය සෘජුෆෝම් වෙලා තියෙන්නෙ ලේසියට සෘජුෆෝම් කියලා කිව්වට.. හැබැයි දන්න එකෙක්ට කිව්වොත් හෙන චාටර් එක 'මල්ලි මොනවද සෘජු-ෆෝම් ?' කියලා අහලා.. ඇයි ඉතින් 'සෘජු' මීන්ස් කෙලින් නෙ..

ඒවගෙන් වැඩක් නෑ.. මේක ටිකක් ඝන බෝඩ් එකක්.. ඕක කපන්න ගියාම තමයි තරු පේන්නෙ දැන්.. ඇයි ඉතින් ඇද කරන්නැතුව කපන්නත් එපැයි.. අනික මොකක්ද එක වගේ අර චූටි බෝල හැලෙන්න ගත්තම මැදින් අකුරෙ ආවාට වගේ වෙනෝ.. හැමදේම බැලැන්ස් කරගන්නත් එපැයි.. එපා කරපු වැඩ ඕවා.. ඒත් කරන්න කිව්වම බෑ කියන්න ගියොත් ඊලගට අහගන්න වෙනෝ අම්බානෙට.. ඒ නිසා මං ගිහින් 20## ලියලා තිබ්බ ඉලක්කම් ටික ඒ Styrofoam sheet එකෙන් වෙන් කරලා ගත්තා.. අකුරු කපනවට වඩා ඉලක්කම් කපන එක ලේසියි..

" ඔය ටික අරගෙන මේන් හෝල් එක ගාව කොරිඩෝවට ගියානම් හරිනෙ.. බිම තියාගෙන කපන්න ලේසියි.. "

අපෙ අයියලයි වයසෙද කොහෙද අයියා කෙනෙක් ඇවිත් කිව්වම මං අර 11 අයියලා දෙන්නෙක් එක්ක Styrofoam sheets ටිකයි, පේපර් කටර්ස් අරව මේවත් අරගෙන එතනට ආවා.. අපේ වයසෙ දෙන්නෙකුත් ඉන්නො.. එහෙම ලොකුවට අදුරන්නෑ ඉතින්..

කොහොමහරි අපි පේපර් කටර්ස් වලින් අකුරු කැපුවා.. අකුරු කිව්වට මං ඉතින් ඉලක්කම් හතර කැපුවෙ.. හැබැයි මේ Styrofoam sheets කපද්දි එහෙම ලොකුවට අර බෝල හැලුණෙ නෑ.. අර තදට බයින්ඩ් වුණු Styrofoam වර්ගෙද කොහෙද..

" ඒ උබ මෙතනද හිටියෙ සහිරුකී..!! "

සුභාෂයා කොහෙදෝ ඉදන් දුවගෙන ඇවිත් මගෙ පිටටත් එකක් දීගෙනම මං ළගින් වාඩිවුණා.. මං ඌට අවදානයක් නොදීම බිංදුවේ ඉලක්කම පේපර් කටර් එකෙන් ගානට කපාගෙන ගියා.. මට මූත් එක්කනම් තරහක් නෑ.. අර නිසිනුවා එක්ක තමයි තරහ තිබ්බෙ.. ඒකත් දැන් හේදිලා දියවෙලා ගිහින් තියෙන්නෙ.. ඒ වුණාට එහෙම බෑනෙ කතා කළ පලියට කතා කරන්න.. ටිකක් ගනන් උස්සන්න එපැයි..

" අම්මටසිරි මූ මෙතන කෙලින් ෆෝම් කපනොනෙ.. "

කියන්නෑ මං ඉතින් කපන එක..! උට්ටා..! ඇහුන්නෑ වගේ හිටියා මං.. මූත් එකයි අරූත් එකයි.. මටෝන්නෑ එක පකයෙක්වත්..!!

" ඕයි සහිරුකී..! මොකෝ උබ නිකන් දාහට අරන් සීයට දීලා වගේ ඉන්නෙ..!? "

සුභාෂයා මගේ උරහිසටත් පාරක් ගහලා ඇහුවම මං ඌට රැව්වා.. ගහන්න එන්නෙ ඌ මගේ අප්පද රෙද්ද..!

" අඩේ කොහෙද බං බොලා සංක්‍රමණය වෙන්නෙ සැරින් සැරේ..? "

ඔන්න ආවා අනිත් මගුලත්..! පුදුම මලකරදරයක්නෙ යකෝ මේ පාපමිත්‍රයන්ගෙන් තියෙන්නෙ..!!

සුභාෂයගෙයි මගෙයි පිටට දඩාංගාලා පාරවල් දෙකක්ම ගහන් නිසිනුවා වාඩිවුනා මට ඇලිලා.. අම්මපා සෙහදු බේසිකයම දැකපන් මේවා..!!

" උබ කොහෙද ඕයි ගියේ..? "

" අඩෝ මේ ඒවා වැඩක් නෑ දැන්.. අහපන්කො හොදම සීන් එක.. "

ඕපයක්ද කොහෙද.. මාත් දැම්මා ඉතින් කන ඒ පැත්තට..

" මොකක්තේ..? "

ඉදකින් මූටත් ඕපයක් නම් අනිත්වා ඕන්නෑ.. නෑ ඉතින් බලන්න මං එහෙම නෑනේ.. මං දිහා බලන්වත් හැදෙන්නෑ මුන්..!

" ඒ විහස් අයියට කාත් එක්ක හරි හුටපටයක් තියේද බං සහිරු..? "

මේ මොකද මේ.. මං පටස්ගාලා නිසිනු පැත්ත හැරුනා..

" කාත් එක්කද..!? "

" ඒක තමයි යකෝ මාත් අහන්නෙ.. උබට දන්නෙ නැද්ද මුකුත්..? "

නිසිනුවා ඇහුවම මං නෑ කියන්න ඔලුව වැනුවා..

" නෑ බං සම්වන් අයියට ඇහැ දානො නෝට් වුණානෙ මට.. "

අම්මටසිරි..! ඒ කවුද දන්නෑ.. මං ප්‍රශ්නාර්ථ බැල්මක් දාගෙන නිසිනුවා දිහා බලාගෙන හිටියා..

" අල්ලලා දාපන් බං.. හරියට දන්නෑනෙ ඉතින් අපි.. "

" යකෝ එහෙම කොහොමද ඒයි අල්ලලා දාන්නෙ.. ඒ කවුද කියහන්කො බල්ලෙක් නොවී.. "

මං කිව්වම ඌ පස්සෙ කියන්නම් කියලා නැගිටලා ගියා.. මොන මගුලක්ද යකෝ.. දැන් මට කුතුහලේනෙ.. ගොන් බල්ලා..! එක්කො නොකිය ඉන්න ඕනි.. ඇවිල්ලා පොඩ්ඩක් කියලා පස්සෙ කියන්නම් කියන උන්ව පේන්න බෑ මට.. බේසිකයටම හරියන බේසික කෑල්ල..!!

අඩෝ ඔය නිසල් පකා ගැනද දන්නෑ කියන්නෙ..! මාර මගුලක් වුණානෙ මේ උට්ටා..! ඌව තමයි දැන් මට අංක එකටම සැක.. හදිසියේවත් ඌ ගැනද දන්නෑ අපේ අයියා එදා කිව්වෙ.. අඩෝ එහෙම උනොත් ඌ මගේ මස්සිනාද යකෝ..!! නෑ..!!! අඩෝ ඒක නම් වෙන්න දෙන්නෑ මං ජීවත්වෙලා ඉන්නකල්..!

" අඩෝ බල්ලො ඔය ඇදේට කපන්න එපා..!! "

මල හුට්ටප්පරයයි..! දෙකේ ඉලක්කම හත්තිලව්වට ගහපු මොකක්ද එකක් වගේ කපලා තියෙන්නෙ මං.. අවුලක් නෑ යන්තම් දෙපැත්තෙන් අඩු කරාම ශේප්.. වෙලාවට සුභාෂයා ඇරෙන්න මොකෙක්වත් දැක්කෙ නෑ.. දැක්කනම් එහෙම මෙතන කියවන් එනෝනෙ එක වැඩක්වත් හරියට කරන්න බැරිද අරක මේක කියලා..

මන් ඉතින් ශේප් එකේ සුභාෂයටත් ඔරවලා දෙකේ ඉලක්කම ගානට දෙපැත්තෙන් අඩු කරා.. දැන් හරි..

" මේ උබ දැන්ම ගෙදර යනවද බං..? "

මං කපපු අකුරු ටිකත් අරන් නැගිටිද්දී සුභාෂ්නුත් දඩිබිඩියේ නැගිට්ටා..

" ඔව්.. "

වැඩිය බජනෙට යන්න ඕන්නෑ මූ එක්කත්..! පගරයා.. උදේ ඉදන් කාපු කටු දන්නෙ මමනෙ..! සුභාෂයගෙ මූන දෙල් වෙලා.. කමක් නෑ.. හොදෑඩේ ඕකට.. කොහොමහරි මං කපපු අකුරු ටිකත් දීගෙනම අපේ අයියව හොයන් ගියා.. ඕකට කියලා යන්නෝන.. මැරෙන්න හදයි නැත්නම් ඊයෙ වගේ..

අයියව හොයාගෙන ඌටත් යනවා කියාගෙන මං ගෙදර ආවා.. මහ පගයට දැන්ම ගෙදර එන්න බෑ කිව්වා.. ඌට සෑහෙන්න වැඩ එතන.. අනේ නටාගන්නෙයි කියලා මං ආවා ඉතින්.. මට බෑ යකෝ හවස් වෙනකන් ඉන්න.. කටු කාලම මහන්සියි මගුල.. අවුලක් නෑ කොහොමහරි මං ටිකක් හරි වැඩ කරානෙ.. නැත්තන් ඉතින් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලත් මේවට සම්බන්ධ වුනේ නෑ කියලා කේස් නෙ..

ගෙදර ගිහින් ඉතින් මුලින් වොශ් එකක් දාන් ඇවිත් හොදට කෑවා.. කපිල අංකල් කෑම එකක් ගෙනත් මට.. හනේ ඇන්ටිගෙ දෑතට පිං මේ අහිංසකයා ගැන හිතුවට.. අහිංසක ළමයා බඩගින්නෙ කියලා ඇන්ටිට මතක් වෙලා.. එහෙමද හිතුවෙ..? නෑ යකෝ නෑ..! මං හොද ෆ්‍රයිඩ් රයිස් එකක් ගහන්න හිතන් හිටියේ.. අපේ මහ පගයා තමයි කපිල අංකල්ට කියලා තියෙන්නෙ මට කෑම එකක් ගෙනත් දෙන්න කියලා.. ආආආ..!!! මං ඕකව කනවා කොයිවෙලාවක හරි..! ඌ නිසා තමයි සේරම..! පිස්සු උට්ටා..!! හැබැයි මේකත් අවුලක් නෑ.. ඇන්ටි රසට උයනෝනෙ ඉතින්.. කාලා ඉවරවෙලා කෑම කොලේත් බින් එකට දාලා අතත් හෝදන් මං කිරිපිටි ටිකකුත් අල්ලට හලාගෙන පැන්ට්‍රියෙන් වාඩිවෙලා ෆෝන් එක අතට ගත්තා.. මැසේජස් බැලුවේ නෑනේ..

අඩෝ මේ මොකද යකෝ..! වයිෆයි ඔන් කරා විතරයි රෙද්ද ලෝඩ් වෙනෝනෙ.. ඇති කෑල්ලකුත් නෑ.. ඒත් මට එන තරම් මැසේජස් කෑලි ඉන්න උන්ටවත් නැතුවැති.. ඒ අස්සෙ ගොම්බිලියත් මොකක්ද දාලා..

" Mn dngena hitiye nane eka "

දැනගෙන හිටියේ නෑ යැයි යැයි තමයි..! දැන් මට පකද මූ කියන්නෙ.. මං මැසේජ් එක සීන් කරලා පාඩුවේ ඉන්න හැදුවෙ මෙන්න යකෝ මූ මට වොයිස් කෝල් එකක් ගන්නො..මොන හුයන්නක්ද ඒයි මේ..? ආන්ස්වර් නොකර ඉන්නත් හදලා එකදිගට ගන්න නිසාම මං ආන්ස්වර් කරා.. වැදගත් කාරණයක්ද දන්නෑනෙ..

" හෙලෝ..! "

" ආ ආන්සර් කරා නේ.. මං හිතුවෙ නෑ හැබැයි.. "

අනේ මගුල..!

" ආන්සර් කරේ නැත්නම් කතා කරන්න බෑනෙ..! "

" කට වැඩියි පොඩි එකෝ.. "

" ඒක කියන්නද කෝල් කරේ.. හරි තැන්ක්‍යූ බායි..! "

මං හැදුවෙ කෝල් එක කට් කරන්න.. ඇයි යකෝ ගොම්බිලියගෙන් කට වැඩියි කියලා අහගන්න මං කවුද උගෙ.. තරහ යනෝ රෙද්ද මට.. ඒත් කෝල් එක කට් කරොත් බලාගන්නම් කිව්ව නිසා මං ලයින් එකේ හිටියා ඉතින් කියන දෙයක් අහගෙන.. නෑ නෑ බයට නෙවෙයි මේ අර වැඩිහිටියන්ට ගරු කරන්න එපැයි.. අන්න ඒක නිසා..

" මං ඇත්තටම දන්නෑ විහස්ගෙ මල්ලි උබ කියලා.. "

" හා "

‍යකෝ ඒක කියන්නද මූ මේ කෝල් කරල තියෙන්නෙ.. පිස්සුද නැත්නම් හැටිද මේ මනුස්සයට..!? මං ඉතින් හා කියලා කෝල් එක කට් කරන්න හැදුවෙ.. හැබැයි පොරට තද වුණාද කොහෙද මං ඌව ගනන් නොගත්ත නිසා..

" කියන්න දෙයක් නැද්ද..? "

" නෑ.. මං තියන්නම්.. බායි..! "

කියන්න දේවල් නැද්ද අහන්නෙ මොකක් කියන්නද ඒයි.. මූ හිතුවද දන්නෑ මං අර මොකක්ද එක වගේ 'අනේ අයියෙ කමක් නෑ.. අයියා දැනගෙන හිටියෙ නෑනෙ ඉතින් ' කියාවි කියලා.. හහ් පිස්සු නැත්නම් හොදයි එහෙම කියන්න..

මං පැන්ට්‍රියෙන් බිමට බැහැලා රූම් එකට ආවා.. නිදි මතකුත් ලාවට සෙට් වෙනෝ වගේ නිසා ඇදට පැනලා කොට්ටයකුත් බදාගෙන මං කල්පනා කරේ අර ගොම්බිලියා ගැන.. පුදුම මගුලක් වුණානෙ ඌ.. මං විතරක් ඉස්කෝලෙටම කරාතෙ කරනො වගේනෙ ඌ මගේ පස්සෙන් විතරක් පන්නන්නෙ.. මට තරහත් යනෝ මගුල..

" ඒ චූටි..! නැගිටහන්.. යන්නැද්ද ඉස්කෝලෙට..? "

අයියා ඇවිත් කකුලෙන් අදිද්දි මට නැගිටුණේ.. නින්ද ගිහින්නෙ.. හොදටම හවස් වෙලත් එක්ක.. පල්ලෙහායි ඇහෙන සද්ද අනුව අම්මලත් ඇවිත් මං හිතන්නෙ..

" ඒ චූටි උබේ කිට් එකත් ගෙනත් දියම් මේ ගමන්ම අයන් කරන්න.. "

මහ පගයා මගෙ රූම් එකට ආයෙත් එබිලා කියද්දි මං හිටියෙ මොකාද එකා වගේ තාම ඇදේ වැටිලා.. අර හෙට වෙස් තියන උන්ට සෙත් පතලා පොඩි පිරිතක් තියෙනොනෙ අද්.. අන්න ඒකට ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ උනුත් සහභාගී වෙන්නෙපැයි.. අනේ ඒ වුණාට මට දැන් කම්මැළියි වගේ යන්න.. අනික ඇදන් යන්නත් ඕනි නැෂනල් කිට් එක.. ඕවා කාලෙකින් ඇන්දෙ නැති නිසා හුරුත් නෑ මගුල.. සරම කඩන් වැටුණම තමයි ආතල් එක වෙන්නෙ..!

" මට බෑ වගේ යන්න.. "

මං කිව්වම ඌ හරි එහෙනම් කියලා ආයෙ ගියා.. බලන්න ඉතින් කොච්චර හොද අයියෙක්ද මට ඉන්නෙ කියලා.. ඇදුම් අයන් කරලා දෙන්නත් අහනො.. අනේ එහෙම පකක් නෙවෙයි..! ඌ ඔය ඇදුම් අයන් කරලා දෙන්න අහන්නෙ මං යනවනම් ඊලගට පැයක් විතර අරන් ඇදුම් අයන් කරලා ඇදගනිද්දි ඌට පරක්කු වෙන නිසා.. ඇයි ඉතින් දෙන්නම එකට එපැයි යන්න..

මං එහෙන්මම ෆෝන් එක අරන් ආයෙ වට්සැප් පැත්තෙ ගියා.. හවස අර ගොම්බිලියා එක්ක තරහට මං ගෘප් චැට් මුකුත් නොබලා ඕෆ්ලයින් ගියානෙ.. අපේ හුකන සංගමෙන් නම් හෝ ගාලා මැසේජස් ලෝඩ් වෙනෝ.. හුකන සංගමේ කිව්වෙ අපේ එවුන් විතරක් ඉන්න #FVCK ගෘප් එක.. ඒකෙ තාම මකුළුදැල් බැදිලා නෑ.. ඒ නිසා හැමතිස්සෙම ඒකෙ මොකක් හරි පකක් ගැන කියවෙනෝ.. ඉතින් මං ඒ මැසේජස් ටික පස්සෙ බලන්න තියලා මගෙ සිස්ස නායක පරයො දෙන්නගෙ චැට් දෙක ඕපන් කරා..

" ඒ උබ එනෝනෙ..? "

" වරෙන් හොදේ.. "

වැඩි දෙයක් නෑ ඉතින්.. එන්න කියලා තිබ්බෙ.. මං අන්තිමට තිබ්බ මැසේජ් එකට ' බලමු ' කියලා රිප්ලයි කරලා ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ජූනියර්ස්ලා සෙට් එක ඉන්න ගෘප් එකට ඔලුව දැම්මා..

" සරමට යටින් පෑන්ටියක් හරි ඇදලා වරෙන් හරිතෙ..!! "

" අඩෝ හොල්ල හොල්ල එන්නෙපා හොදද.. "

" යක්කු ගහයි හුත්තො..!!!!! "

මුන් යකෝ..! යසෛ යසෛ හැදෙන විදියනම්..! බයවෙනෝ යකෝ කෙල්ලෙක් එහෙම බැලුවනම් මේ ගෘප් චැට්.. මොකටවත් රිප්ලයි කරන්න කම්මැළියි වගේ නිසා මං නිකන් ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කර කර හිටියා..

" චූටි පුතා..! කෝ ලෑස්ති වුණේ නැද්ද තාම..? "

අම්මා රූම් එකට එබිලා ඇහුවම මං පටස් ගාලා ෆෝන් එක පැත්තකට දැම්මා..

" ෆෝන් එක ඔබ ඔබ ඉන්නෙ.. ගිහින් ලෑස්ති වෙන්න.. අන්න මං ඇදුම් අයන් කරා.. "

" අනේ මං යන්නෑ.. "

මං ඇදේ එරමිනියා ගොතාගෙන වාඩිවෙලා කිව්වෙ..

" ඒ මොකද..? නෑ නෑ ලෑස්ති වෙන්න..! "

අනේ බෑ..!!!

" ඔලුවත් කැක්කුමයි අම්මේ.. මං ඉන්නම්කෝ.."

" ආ ඒක ටිකකින් හරියාවි.. යන්න යන්න ලෑස්ති වෙන්න.. ගෙදර හිටියා කියලා පොතක්වත් බලනවනම් කමක් නෑ.. එහෙමවත් නෑනෙ.. "

" ඒකනෙ අම්මෙ.. "

ඔන්න ඉතින් මට තරහ යනෝ.. මූට නිකන් ඉන්න බැරි හැටියක්.. මගුල මැදින් ඇඩ් දාන්න එන්නෙ මොකටද..

" මොකද සද්දෙ..? "

තාත්තගෙ කටහඩ ඇහුණා විතරයි මං සුටුස් ගාලා ඇදෙන් පැන්නා.. දැන්නම් ඉතින් අනිවා යන්න වෙනෝ.. සිරාවටම ඇයි දන්නෑනෙ තාත්තට මෙච්චර බය අපි..? බයටත් වඩා අම්මා කියන දෙයක් දෙයක් නොකෙරුවට තාත්තා දෙයක් කිව්ව ගමන් ඒක කරන්න ඉබේ පෙළඹෙනෝ..

" හරි හරි මං ලෑස්ති වෙන්නම්.. "

මහ පගයටත් රවාගෙන මං බාතෘම් එකට පැන්නා.. බෑනෙ කරන්න ඉතින්.. අවුලක් නෑ එක්කො.. ගෙදර හිටියත් තේරුමක් නෑනෙ.. ආආආ..!!! එපාවෙනෝ උට්ට..

කොහොමහරි ඉතින් ඉක්මනින් ලෑස්තිවෙලා මාත් ගියා මහ පගයා එක්ක.. මේ සරම් කෑල්ල ඇදන් ඉන්න බෑ යකෝ.. හැලෙයි කියලා බයයි මට.. හැබැයි තාත්තා ඇන්දුවේ.. අනේ මගුල.. මං අහන්නෙ මොකට මේ සරම් කෑලි අදිනවද මන්දා.. නෑ ඉතින් ට්‍රවුසර් එකල් ගහන් එන්න කිව්වනම් මොකක්ද වෙන්නෙ කියපන්කො.. වැඩිය ඕනි නෑ ස්කූල් යුනිෆෝම් එක වුණත් කමක් නෑනෙ.. ඒවා වැඩක් නෑ කොහොමහරි අන්තිමට මට පිරිතුත් අහන්න සෙට් වුණා.. එහෙමද හිතුවෙ..?  නෑ එහෙම නෑ.. පිරිත් අහන කෙනෙක්ට අහන්න බැරිනම් බම්බු ගහගන්න කියලා අපි පැත්තකට වෙලා කතාවක් දාගෙන හිටියා.. මොන කම්මැළි වැඩක්ද කියපන්කො පිරිත් අහන එක..!

" ඒ මේක කැඩෙයිද බං..? "

ඒ අස්සෙ නිසිනුවා සරම අරහෙට මෙහෙට ඇද ඇද දගලනෝ.. ඌට බයයිලු සරම කැඩෙයි කියලා..

" තෝ දැන් කැඩෙයිද කියලා අහලම ඕක කැඩෙනෝ ඔන්න බලාම්කෝ..! "

ඊව් යකෝ ඩබල් මීනින්ග්..!!!

" කටවහන් හිටපිය පරයා..! තොගේ තමයි කැඩෙන්නෙ.. "

" කැඩුනත් ප්‍රශ්නයක් නෑ ඕයි.. මේං..! "

ටහිකෙ යකෝ මූ..!! සුභාෂයා සරම ඇදන් ඇවිත් තියෙන්නෙ සුදු ට්‍රවුසර් එකක් යටින් ඇදලා.. පර බල්ලා..! හවස හැමෝටම සරමට යටින් ශෝටක් ඇදන් වරෙන් කියලා ඌ ට්‍රවුසර් එකක් ඇදන් ඇවිත්..

" තෝ බල්ලා..! කෝ බොල ශෝට..!!? "

නිසිනුවා සරමත් ගසලා දාලා සුභාෂයා දිහා බැලුවා මරන් කන්න වගේ.. ඌට මලේ මලද කොහෙද.. ඇයි ඉතින් පොර ඇදන් ඇවිත් තියෙන්නෙ නවය වසරෙදි ඇදපු සුදු පොඩි කොට කලිසමනෙ.. හිනාවෙලා පන නෑ යකෝ.. දැන් උස ගිහින් නිසා උගෙ කලව වලින් බාගයක්ම එලියෙ..

" හරි හරි යකෝ.. ශෝටක් හොයාගන්න බැරි උනා කලබලේට.. "

සුභාෂයා මෝඩපහේ හිනාවක් දාලා කිව්වෙ.. අනේ ඉතින් මං කියන්නෑ උගේ කලබලේ..

" ඔව් ඉතින් උබ දැන් එහෙමවත් කියපන්..! "

මං එහෙම කියලා අහක බලාගත්තා.. ඇයි යකෝ මාත් ශෝටක්නෙ ගහන් ආවෙ.. මූට පොඩ්ඩක් කියන්න බැරි උනාද කියහන්කො.. එහෙම උනානන් මාත් ට්‍රවුසර් එකක් ඇදන් එනෝනෙ..

" ටහිකෙ..! ගැලවුනා යකෝ..!! "

අම්මටසිරි නිසිනුවා සරම ගලවගෙන..! මූටත් එක විදියකට ඉන්න බෑනෙ.. පණු ගාය වගේ නලියන්නෙ..!

" අඩෝ සරම ඇදගනින් බල්ලො මොකක්ද කරන්නෙ..!!? වටේ පිටේ උනුත් බලනෝ..!! "

සුභාෂයා ඒ අස්සෙ නිසිනුවගෙ සරම අල්ලන් කෑ ගහනෝ..

" මං අදින්න දන්නෑ යකෝ..! "

" කෝ ඉදපන් බලන්න.. "

මාත් ඉතින් උගේ සරම අරන් ඌට අන්දන්න ට්‍රයි එකක් දුන්නා.. නෑ ඉතින් මං දන්නෙත් නෑ.. එහෙමයි කියලා මූව ශෝට පිටින් තියන්න පුලුවන්ද..!

" මොකක්ද මෙතන වෙන්නෙ..!!? "

මොකාද ඒපාර..! ඔය ඉන්නෙ මදි පාඩුව..! බේසික මිනිහා විතරයි අඩුවෙලා හිටියේ..

" මේ නිසිනු සරම ගලවන්නෙ අයියෙ.. "

සුභාෂයා පැනලා බේසිකයට උත්තර දුන්නම බේසිකයත් පටස්ගාලා ඇවිත් බැලුවා.. හැබැයි උගෙ ඇස් දෙක තඩි උනා නිසිනුවගෙ කොට ශෝට දැකලා..

" කෝ එහාට වෙයන්..! "

ඊටපස්සෙ බේසිකයා එහෙම කියලා සුභාෂයවයි මාවයිත් පැත්තකට තල්ලු කරලා සරමත් ගත්තේ උදුරලා වගේ.. පුදුම උට්ටෙක්නෙ යකෝ මූ..! බේසික පරයා..! පුළුවන් තරම් රැව්වා මං.. හැබැයි ඌ දැක්කෙ නෑ.. ආ කමක් නෑ..

" උබට ඔයිට වඩා දිග කලිසමක් තිබ්බෙම නැද්ද ඇදන් එන්න..!!? එක විදියකට ඉන්නත් බෑ දගර පණුවා වගේ නලියනෝ..!! අහුවෙයන්කො මට ආයෙ ඇබරිලා..! ඇදගෙන ගිහින් පිරිත් අහන්න වාඩි කරවනවා ඉස්සරහින්ම..!! "

සෙහදු බේසිකයා පුප්ප පුප්ප නිසිනුවාට සරම අන්දද්දී නිසිනුවත් ඉන්නො කට පුක වහන්.. යකෝ අපි මොනාහරි කිව්වොත් තමයි මූගෙ කට බලන්න ඕන.. සෙහදුවා කෑගහද්දි හූම් සද්දයක්වත් නෑ..! කොහොමහරි පොර හෙන ගේමක් ගහලා නිසිනුවට සරම ඇන්දුවා.. බඩත් තදවෙලා හුස්මත් හිරවුනාද කොහෙද උගෙ.. හොදෑඩේ ඕකට..

" හරි දැන්..! දගලන්නෙ නැතුව හිටපන්..! කිරි පණුගායද උබට..? නෑනේ..? "

සරමත් අන්දලා සෙහදු බේසිකයා එහෙම කියාගෙන ගියා..

" උගේ ලයින් බලපන්කො..! "

" අනේ මේ..! උබට ඌ කියවද්දි කට නෑ.. අපි වචනයක් කියන්න බෑ වක්කඩ කැඩුවා වගේ.. "

ගස් බල්ලා..! බලහන්කො මුගෙ ප්‍රෝඩාව..! කාවද ඉතින් මේ රවට්ටන්නෙ.. බේසිකයයි උගේ මිනිහයි දෙකම එකයි..!!

" මගේ දිව අග තිබ්බෙ ඌට දෙකක් කියන්න.. කොහෙද වෙලාවක් තිබ්බෙ නෑනේ.. "

" අනේ පලයන් බං බොරුව නොදා.. උබ බයයි ඌට..! "

" බයයි..? මේ මං..? පුප තමයි.. "

බුදාම්මෝ යකෝ..!!! නිසිනුවා කට ඇද කර කර ඌ සෙහදු බේසිකයට බය නෑ කියලා පස්සත් දික් කරලා කියද්දි ආයෙ මොකක් හරි කියන්නද කොහෙද ආපු බේසිකයා ඇසුත් ලොකු කරන් උගෙ පිටිපස්සෙ.. ඌ තාම දැක්කෙ නෑ බේසිකයා උගේ පිටිපස්සට වෙලා බලන් ඉන්නො කියලා.. මං සුභාෂයටත් වැලමිටෙන් ඇනලා පෙන්නුවම බලන් ඉන්න බේසිකයව පෙන්නුවම ඌත් මොකක් හරි කියන්න ගිහින් කට වහගත්තා.. නිසිනුවානම් හිටු කියලා පුප දික්කරන් තව කියවනෝ.. කියවනවා කියන්නෙ බේසිකයට බනිනො ඇටි හැලෙන්න..

" ඒ සහිරුකී.. උබ මොකෝ බං ඔය අර ට්‍රැෆික් ලයිට්වල ඉන්න පොලිස්කාරයා වගේ අතක් උස්සන් නලියන්නෙ..? "

අනේ යකෝ..!!!!! මං ඇතින් සංඥා කරලා නිසිනුවට කටවහපන් කිව්වත් ඌට ගානක් නෑ.. ඕනි මගුලක් නටාගනිම් කියලා මං රවලා අහක බලාගත්තා.. සෙහදුවා තාම බලාගෙන ඉන්නො ගල් පිළිමෙ වගේ.. ඌ අරූගෙ ලෑටි පුපට වසී වෙලාද කොහෙද..

" උබට මං දැන් එකපාරක් කිව්වා නේද නලියන්නැතුව ඉදපන් කියලා.. මොකක්ද දැන් ඔය දික් කරන් කරන්නෙ පණුවා වගේ..? "

සෙහදුවා පිටිපස්සෙන් ඇවිත් එකපාරටම ඇහිබඹකුත් උස්සන් කිව්වම නිසිනුවා බය වුණා වගේ වුණා.. පව් හැබැයි.. බේසිකයත් හිනාවෙන්න බැරිකමට ඔරවන් ඉන්නො වගේ මූණ දැක්කම පේන්නෙ.. හිනත් යනෝ ඒයි නිසිනුවගෙ මූණ දැක්කම..

" මේ. මේ. සරම තදයි වගේනෙ.. "

" මොන තදක්ද..! ඔය ගානට තියෙන්නෙ..!"

නිසිනුවා බොරුවක් දමලා ඇරියම සෙහදු බේසිකයා ඔරවන් එහෙම කියද්දී අපිට හිනාව හිරකරන් ඉදලම ඉන්න බෑ වගේ.. අඩෝ පව් යකෝ ඌ..

" තදයි තමයි..! අයියා නෙවෙයිනෙ සරම ඇන්දෙ මමනෙ..! "

" කෝ වරෙන් බලන්න..! "

සෙහදු අයියා ආයෙම නිසිනුවව ඇදලා අරන් සරම තදද බලනෝ ඒපාර.. අනේ මුන්ගෙත් මල විකාර.. මටත් පෞකාරකමට බලන්න උනානෙ මේවා..!

මේ ඇස් මක්කටද..!!! මේක හරියන්නෑ සංසලා අක්කිව ඉක්මනින් සෙට් කරගන්න ඕන..!

" මීට වඩා බුරුල් කරලා ආයෙ සරම ගලවගෙන හතර වටේටම ගල පෙන්නන්නද උබට ඕන..!!? "

හත්තික්කෙ ඔතොක්කෙ..!! නිසිනුවා එතනින්ම කොර නෙ..

" එහෙම නෙවෙයි ඉතින්_ "

" ආයෙ සරම ගලවන් එහෙම තිබ්බොත් මල්ලී ලණු කෑල්ලක් ගෙනත් ඉනේ බදිනවා මං..! "

සෙහදු බේසිකයා එහෙම කියලා යනකන්ම මූන දෙක කරන් ඉදපු නිසිනුවා සෙහදු බේසිකයට ඇද කරා හොදම එකෙන්..

" ඌ හිතන් ඉන්නෙ රනිල් කියලද දන්නෑ..! ඌ රනිල් නම් මන් සජිත් යකෝ..!! "

" එහෙම කොහොමද වෙන්නෙ..? ඌ රනිල් නම් උබ සාගල වෙන්නෙපැයි.. "

මං කිව්වම නිසිනුවා ඇහිබඹක් උස්සන් මගේ පැත්ත බැලුවා.. ඌට පොයින්ට් එක ක්ලික් වුණේ නැද්ද කොහෙද..

" හා හා ඒවගෙන් වැඩක් නෑ.. දැන් කියහන්කො ඉතින්.. හරි දැන් උබ සජිත්නම්..? "

" මං සජිත් නම්, රෑට රෑට උබලව බලන්න ඇවිත්_ "

" ආ ඇති ඇති..! උබ එන්න ඕන්නෑ.. අපිට පුළුවන් අපි ගැන බලාගන්න.."

" නෑ නෑ අහගනිම්කො පොඩ්_ "

" ඒ අන්න ආයෙ සෙහදු අයියා එනෝ මේ පැත්තට.. "

මං එහෙම කිව්වපාර නිසිනුවා ඉක්මනට කටවහගත්තා.. අන්න පොයින්ට් එක..! සෙහදු කිව්වත් ඇති මූ කට පුප වහගන්නො.. ඒ වුණාට මේ පැත්තට ආපු සෙහදුවෙක්නම් නෑ.. අපෙ අයියනම් කෙලගෙන එනෝ පේනො.. මං ඒක මුගෙ කටවහන්න ඕනි නිසා කිව්වෙ.. නැත්නම් මූට එකවිදියකට ඉන්න බැරි නිසා මූත් එක්ක අපිටත් ගිහින් ඉස්සරහින්ම වාඩිවෙලා පිරිත් අහන්න වෙනෝ..

" උබලට වැඩක් නෑනෙ.. මෙහෙ වරෙන් අර ආපු මිනිස්සුන්ට තේ අල්ලන්න.. "

පොර ඒක කිව්වා විතරයි සුභාෂයා හා අයියෙ කියලා ගිහිල්ලත් ඉවරයි.. ඌට කොහොමත් පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ පැන පැන සර්විස් දෙන්න.. එපා වෙන වැඩක් වුණත් මාත් නිසිනුවත් ඇදගෙන ගියා ඉතින් සුභාෂයා පස්සෙන්.. පිරිත් ඉවරවෙන්න ළග ඇති.. ඒකනෙ තේ අල්ලන්න ලෑස්ති කරන්නෙ..

කොහොමහරි ඉතින් ඔය තිබ්බ වැඩ ටිකකුත් කරලා අපි නවයහමාරට විතර ගෙදර ආවා.. ඔය හිස වෙස් තියන අයනම් එළිවෙනකන් ඉන්නවා මං හිතන්නෙ.. අර චාරිත්‍ර අරව මේවා තියෙනොනෙ කරන්න.. නැකැත්වලටද කොහෙද ඒවා කරන්නෙ.. අනේ මං දන්නෑ හරියට.. මට අදාළ නෑනෙ.. ඒවා කරන විදියකට කරාවිනෙ.. අපිට තියෙන්නෙ හෙට සාමාන්‍ය විදියට ඉස්කෝලෙ යන්න..

" චූටී හෙට උදෙන්ම නැගිටපන් හොදේ..! අඩබෙර ගහන්න බෑ උබව ඇහැරවන්න.. "

" යැයි යැයි තමයි..! "

මං නිදාගන්න යද්දී මහ පගයා දොරෙන් එබිලා කිව්ව එකට මං ඌට ඇද කරලා ඔලුවෙ ඉදන් පොරවගත්තා.. දහවෙනි වතාවට විතර ඔය ඕකා කිව්වෙ උදෙන් යන්න ඕන කියලා.. ඌට හෙට උදේ හයටවත් ඉන්න ඕනලු ඉස්කෝලෙ.. මල මගුල..!! අපරාදේ ඇදුම් ටිකත් අරන් ගිහින් ඌට ඉස්කෝලෙ නිදාගන්න තිබ්බෙ..! බූරුවා..!

><

" ඒ සහිරු වරෙන් යන්න අර පැත්තට.. "

බෝඩ් එකේ එකෙක් කතා කරාම මාත් ගියා ඌ එක්ක.. හෙන ගේමක් දීලා උදෙන් නැගිටලා හයවෙද්දී මං ආවෙ මහ පගයා එක්ක.. පාන්දරින් ආවට මටනම් මෙලෝවැඩක් තිබ්බෙත් නෑ යකෝ.. පැත්තකට වෙලා උඩබලියන් හිටියා විතරයි.. අරූ නම් අරහෙට මෙහෙට දුව දුව ඉන්නෙ ආපු වෙලාවෙ ඉදන්.. අනික අද ළමයි හෙනට අඩුයි ඉස්කෝලෙ.. කොහොමත් ඉතින් අද ආවත් උගන්වන්නෑනෙ වෙස් මංගල්‍යය නිසා.. ඒත් අර බල්ලා නිසා කලින්ම ඇවිත් මං මේ එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්නො.. මල වදේ..! අපි එද්දිත් හිස වෙස් තියලා මං හිතන්නෙ කට්ටියගෙ.. දැන් මොනවද මන්දා වගයක් කරනො.. අර චාරිත්‍ර වෙන්නැති.. ඉස්කෝලෙ ළමයිනුත් බලන් ඉන්න නිසා අපිත් ආවා බලන්න.. කරන්න වැඩකුත් නෑනෙ අද.. මං එනකොට අර ඩබලත් එතන ඉන්නො..

" ඒ උබ කොහෙද හිටියෙ..? "

නිසිනුවා ඇහුවම මං මුකුත් නොකියා අර කරන දේවල් දිහා බලන් හිටියා.. කොහෙද හිටියෙ කියලා අහන්නෙ ඉස්කෝලෙනෙ හිටියෙ.. බඩගින්නකුත් ලෝඩ් වෙලා ඉන්න වෙලාවෙ රෙද්දක් අහනො ඌත්..

" අඩෝ උබේ කනේ වංගුද..? "

" කට වහන් අරක බලාම්කො..! "

මං නිසිනුගෙ පිටට එකක් ගහලා එහෙම කිව්වම ඌත් බැලුවා මං බලන්න කිව්ව පැත්ත.. දැන් මේ වෙස් තියන කට්ටියව මුතුකුඩ යටින් අරන් එනෝ කලයකුත් අරගෙන.. සුදු රෙද්දකින් මූණත් වහලා.. යකෝ මේ මොකක්ද වෙන්නෙ..? ඇයි අර මූණ හංගන් එන්නෙ..

" ඒ කොටහලුවක් වගේනෙ බං.. "

නිසිනුවා කිව්ව එකට මට හිනායන්න ආවත් හෙන ගේමක් ගහලා හිනාව නවත්තගත්තා මේ මිනිස්සු ඉන්න නිසා..

" යකෝ පොල් ගණන් ඕයි මේ දවස්වල.. "

චාරිත්‍රයක් විදියටද මන්දා දිගට හරහට පොල් බිදින්න ගත්තම සුභාෂයා මට ඇනලා කිව්වා.. හැබැයි ඌගෙ සද්දෙ වැඩි වුණාද කොහෙද වටේ අයත් මොකක්ද එකට වගේ අපේ පැත්ත බැලුවා.. මං ඉතින් වටේටම ගොන් හිනාවක් දාලා සුභාෂයට එරෙව්වා.. මගුල ගම කනෝනෙ මුන්..

ඊටපස්සෙ තව මොනවද ටිකක් කරලා අර කළේ බින්දා.. යකෝ කොටහලුවක්ම නේන්නම් මේ..

" ඒ ඒ අර මූණ බලනො වතුරෙන්..! "

" අඩෝ ඇයි බං ඒ..? "

" මං දන්නෙ කොහොමද ඕයි..!! "

යකෝ මගෙන් අහන්නෙ මං දන්නවද කියාම්කො ඕවා.. මාත් මේ ජීවිතේ පළවෙනි වතාවට වෙස් මංගල්‍යයක් දැකලා කන්ෆියුස් වෙලා ඉන්නෙ.. සිරාවටම මාර චාරිත්‍රනෙ තියෙන්නෙ..

" ඒ බං අහපන්කො.. මට දැන් මතක් වුණේ.. අපෙ අක්කා කෙනෙකුත් ලොකු ළමයෙක් වෙලා ඔහොම සුදු රෙද්දකින් වහන් ආවනෙ.. මං ඒ දවස්වල හිතුවෙ ඒ අක්කා නාන්නැති නිසා යකෙක් ගහපු හින්දා තමයි නාවලා කළයකුත් බිදලා සුදු රෙද්දකින් වහලා ගෙට ගත්තෙ කියලා.. පස්සෙනෙ ඉතින් සීන් එක දන්නෙ.. අනික බං ඒකාලෙ මං ග්‍රේඩ් ෆෝ'වල වගේ.. මාව මුලා කලානෙ අපෙ අම්මා ශිෂ්‍යත්වෙ පාස් වුණොත් ඒ විදියටම පාටියක් ගමු කියලා.. "

" මොකක්..!? "

" අර බං ඔහොම නාවලා ගෙට අරන් පාටි ෆ්‍රොක් එකක් ඇදන් හෙන ලොකුවට පාටියක් ගන්නෝනෙ.. මං හිතුවෙ ඉතින් යකා ගහලා නිසා නාවලා ගෙට අරන් ඒකි ශිෂ්‍යත්වෙත් පාස් වුණු නිසා ඒකට පාටියක් ගත්තා කියලා..! "

" අම්මෝ යකෝ..!! "

" හිනාවෙන්න එපා බල්ලො..! පාටියක් ගන්න ඕන නිසාම ඒකාලෙ මං දමාගෙන පේපර්ස්නුත් කරා ගොඩක්.. ශිෂ්‍යත්වෙ නම් පාස් වුණා.. කොහෙද ඉතින් පාටියක් ගත්තේ නෑනේ..!! කොහොමහරි ඔය සීන් එකට මං ගෙදර අය එක්ක තරහ වෙලත් හිටියද කොහෙද.. "

මාර එකෙක්නෙ යකෝ මූ..! නිසිනුවටයි මටයි පන යනකන් හිනායි..! වටේ උනුත් හැරිලා බලනෝ එහෙන්..!! අම්මෝ ඒයි..

" සංවරව හැසිරියන් යකෝ..! ප්‍රින්සිපල් දැක්කොත් එහෙම..! "

ඒ අස්සෙ නිසිනු හිනාවෙන ගමන් එහෙමත් කියනෝ..!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

කිව්ව දවසෙ දෙන්න බැරි වුණාට සොරි '

eistrella <3

Share This Chapter