Back
/ 22
Chapter 16

15 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

එදා වෙස් මංගල්‍යයෙන් පස්සෙ සතියක් විතර ගෙවුණා.. යන්තම් මේ සතියෙ සැනසිල්ලෙ හිටියා අමතර වැඩ මුකුත් සෙට් වුණෙත් නැති නිසා.. හැබැයි ක්ලාස් එකෙන් හෙල්ලිලි නෑ.. ප්‍රිෆෙක්ට්ස්ලට වුණත් ඩියුටි ටයිම් ඇරෙන්න ඊට එහා ඉස්කෝලෙ රවුම් ගැහිලි තහනම්.. මොකද මිස්ලා යක්ෂාවේසෙන් කෑගහන්නෙ මේ දවස් ටිකේවත් ක්ලාස් එකේ ඉන්න කියලා.. ඇයි ඉතින් ඊලගට හෙන වෙසක් සීසන් එකක් සෙට් වෙනෝනෙ අපිට.. හැබැයි හෙනට මැරෙන්න වෙනෝ.. මං කියන්නෙ අපේ සියවස ප්‍රෝග්‍රෑම්ස් ගැන..

කොහොමහරි අද සිකුරාදා.. ගිය සතියෙ බ්‍රහස්පතින්දා විතරයි කරාතෙ ප්‍රැක්ටිස් තිබ්බෙ.. ඒකත් ගීත් අයියා නැවතිලා තමයි වැඩේ කරේ.. ඇයි ඉතින් ගොම්බිලියා ට්‍රිපක් ගිහින්ලුනෙ.. ඌට ටික දවසකට වුණත් වගකීමක් බාර ගත්තනම් ඒක හරියට කරන්න බැරිද දන්නෑ.. එක්කො සෙන්සෙට කෙලින්ම කියලා මේ වැඩේ කරන්න බෑ කියලා අයින් වෙන්නෝනි.. එහෙමත් නෑනෙ මගුල..

ඒවගෙන් වැඩක් නෑ.. ගීත් අයියා ගැන කිව්වොත් පොර දැන් වැඩිය කරාතෙ ප්‍රැක්ටිස් පැත්තෙ එන්නෙ නැති වුණාට ඕල් අයිලන්ඩ්තුත් ගියපු බ්ලැක් බෙල්ට් කාරයෙක්.. ඔව් ඉතින් ඌ ඩිපියුටි ගේම්ස් කැපානෙ.. සිකුරාදා ප්‍රැක්ටිස් තිබුණෙ නෑ.. ගීත් අයියටත් එන්න විදියක් නෑ කියලා තිබ්බා ක්ලාස් නිසා..

හැබැයි මේ සතියෙනම් ඔන්න ගොම්බිලියා එනවා කියලා පෙරේදා ගෘප් එකට මැසේජ් එකක් දාලා තිබ්බා.. ඒත් මං ඊයෙ හවස ප්‍රැක්ටිස් වලට නැවතුණේ නෑ.. නිසිනුවටත් නවතින්න වෙන්නෑ කිව්ව නිසා.. අපි හවස නැවතුණේ නැති නිසා අරූ හැච හැච ගාලා කඩප්පුලි කතාවක් කියලා මැසේජ් එකක් නම් දාලා තිබ්බා මට.. ඌට එන්නැතුව ඉන්න හොදයි.. අපි එන්නැතුව හිටියම තමයි අමාරුව.. යකාගෙ තියරි තමයි මේවා..!

" මේ උබ පලයන් ජිම් එකට.. මං අපෙ අයියව හොයන් සල්ලි කීයක් හරි ඉල්ලන් එන්නම්.. "

මං නිසිනුවට එහෙම කියාගෙන මහ පගයව හොයාගෙන දිව්වා.. අතේ තිබ්බ සල්ලි වලින් ඉස්කෝලෙ ඉවර වුණාම ගිහින් කාලා ආවනෙ.. දැන් අතේ සතේ නෑ ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර යන ගමන් Bake N' Take එකෙන් කන්න.. මට අද ඒකෙන් මොනවහරි කන්න ඕනිමයි වගේ..

" ඒ ඒ අයියෙ.. සල්ලි කීයක් හරි දියම්කො.. "

" ඇයි උබ දවල්ට කෑවෙ නැද්ද..? "

ප්‍රිෆෙක්ට් රූම් එක හරියෙ හිටපු මහ පගයව අල්ලගෙන මං කිව්වෙ.. ඒත් බෑනෙ කරන්න හරස් ප්‍රශ්න අහනොනෙ මගුල..

" දවල්ට කෑවා.. මේ හවසට කන්න.. "

" හවසට ගෙදර ඇවිත් කාපන්.. "

මොන..!!? ඌ එහෙම කියලා මාව ගනන් නොගෙන යන්න හැදුවෙ.. ඔන්න ඉතින් මට තරහ යාගෙන එනෝ..

" අනේ මේ අයියෙ..! "

" මොකද උබ සද්දෙ ආ..!? "

" අම්මට කියනො හොදේ මං උබ මට කන්න සල්ලි දුන්නෑ කියලා.. "

" සල්ලි කන්න උබ කාවෙක් නෙවෙයිනෙ ඉතින්.. "

අනේ මූත් එක්ක බෑ මගුල..!!! ඌ හම්බ කරපු සල්ලියක් ඉල්ලුවා වගේනෙ මුගෙ ලයින්..

" මේ හොද හිතින් කීයක් හරි දියම් හරිද.. නැත්නම් මං අම්මට කියනො.. "

" අම්මට කියන්න නෙවෙයි අන්න උබලයි සෙන්සෙද කවුද එනෝ.. පලයන් ජිම් එකට.. "

මහ පගයා අත දික්කරලා මගේ පිටිපස්සෙ පෙන්නද්දී මාත් බෙල්ල කරකවලා බැලුවා.. අඩෝ ගොම්බිලියා එනෝ කඩාගෙන මේපැත්තට..

" මේ ඉක්මනට දෙනෝකෝ අයියේ..! "

" බෑ බෑ පලයන්..! "

අනේ උට්ටො..!!

" ආ මේ මොකද..! දෙකට පහයි වෙලාව සහිරු..! "

අරූ මට එහෙම කියාගෙනම ඇවිත් අපේ අයියටත් හිනාවක් දැම්මා.. පරයා.. ලැජ්ජ නැතුව කතාකරන්නත් එනහැටි..! නොහොබිනා කතා හදලා..!

" උබ පරක්කුයි අයියේ..! විනාඩි දහයකට කලින් ආවනම් බලාගන්න තිබ්බා.. "

අපේ අයියා හිනාවෙන ගමන් ගොම්බිලියට එහෙම කිව්වම ගොම්බිලියා කොන්ඩෙ හදන ගමන් මහ කුජීත හිනාවක් දැම්මෙ..

" දැන් වැඩක් නෑ ඕයි.. ඕවා පරණ කතා.. "

මොකක්ද..! මොකක්ද යකෝ සීන් එක..!! මටත් කියහල්ලා..!!!

" පරණ නෑ ඕයි.. උබෙන් පස්සෙ කවුරුත් සෙට් වෙලාත් නෑ.. "

මොන මගුලක් ගැනද යකෝ මුන් මේ කියන්නෙ..!!

" උබ දන්න තරම තමයි.. මං හොයලා බැලුවනේ.. "

ගොම්බිලියාත් හෙන උනන්දුවෙන් කිව්වෙ..

" සිරාවටම..? අහ්ම්.. මේ චූටි..! උබ පලයන්කො ප්‍රැක්ටිස්.. "

" බෑ..!! "

මං ගත් කටටම බෑ කිව්වා.. යකෝ ඔය මාව යවාගන්න හදන්නෙ මොනාහරි දෙයක් ගැන හොර රහසේ මුන් දෙන්නා කතාවෙන්න..! ඒවා කොහෙද යකෝ මාත් එක්ක..!

" දෙකයි බං වෙලාව.. මං පස්සෙ කියන්නම්කො උබට සීන් එක.. "

ගොම්බිලියා අපේ මහ පගයට ඇස්වලින් මාවත් පෙන්නන ගමන් එහෙම කිව්වෙ.. මුන් යකෝ..!!

" හරි හරි.. ! "

ඉතින් එච්චරයි..! මට සල්ලිත් නෑ මුකුත් නෑ..! එහෙනම් චූටි උබත් සෞම්‍ය අයියා එක්කම පලයන් කියලා අර බල්ලා මාවත් යැව්වා ගොම්බිලියා එක්ක..!! ඉදකින්..!

කොහොමහරි ඉතින් ඌත් කතා නෑ මාත් කතා නෑ ජිම් එක ළගට එනකන්ම.. කොහොමත් මට හැමෝමත් එක්කම මල පැනලා ඉන්නෙ.. එහෙන් අරූ මට සල්ලි දුන්නෑ.. මෙහෙන් මූයි අරූයි කතා කරපු එක මං දන්නෙත් නෑ..

" සල්ලි මොකටද..? "

ඉදලා ඉදලා ගොම්බිලියට කටවහන් ඉන්න බැරිකමටද කොහෙද එහෙම ඇහුවාම මට නහුතෙට තදවුනා..! අහපු කැත ඌ..!

" පඹුරණ පේමන්ට් එකෙන් මල් මල් ජංගියක් ගන්න..! දෙනවද ඉතින් කීයක් හරි..? "

ඇයි යකෝ ඕන්නැති මගුලක් නෑනෙ වදේ.. මං එහෙම කිව්වම ගොම්බිලියට බකස් ගාලා හිනාවක් පැන්නා..

" මල් මල් එකක්මද ඕන..? "

නෑ කොල කොල එකක්..! මං කියන්නෑ ඉතින්..! පරයා..!!

" හරි දැන් කීයක්ද ඕන..? "

හිනාවෙවීම ඌ එහෙම ඇහුවම මං ඔරවගෙන ජිම් එක ඇතුළට ගියා දොරත් ඇරගෙන.. අනේ මට ඌගෙ සල්ලියක් ඕන්නෑ.. මගුල..! අර උට්ටා ගැනත් මං බලාගන්නම්කො ගෙදර ගිහින්..! කිසි උදව්වක් කරලා දෙන්නෑ ඌට..! ඔච්චර මොකක්ද ඌට සල්ලි දෙන්න බැරි..? මුන් ඔක්කොම එකයි බලන් යද්දි..

" ඒ සල්ලි ඉල්ල ගත්තයි..? "

නිසිනුවා දුවගෙන ඇවිත් ඇහුවම මං ඌටත් ඔලුව දෙපැත්තට වනලා පේළියට හිටගත්තා.. ඇයි ඉතින් අර යකා ආවනෙ ඇතුළට.. එතනින් පස්සෙ ඉතින් සුපුරුදු පරිදි ප්‍රැක්ටිස්.. පළවෙනි බ්‍රේක් එකේදි ගොම්බිලියා මොකක් හරි කියන්න ආවත් මං ඌව මගෑරලා නිසිනුවා එක්කා කතාවක් දාගෙන හිටියා.. ඒකෙන් කොහොමහරි ගොම්බිලියව මගැරුණත් ප්‍රැක්ටිස් ඉවර වුණාමනම් ඒක කරන්න වුණේ නෑ.. ළමයි ඔක්කොම ගියාට පස්සෙ මායි නිසිනුවයි නැවතිලා ජිම් එක පොඩ්ඩක් අස් කරලා පස්ල් ශීට්ස් ටිකත් කබඩ්ස් වලට දාලා එනකන් ගොම්බිලියත් හිටියා අපි එක්ක.. ඌට ගෙදර යන්න බැරිද දන්නෑ..

" අපි මේ කී එක ඔෆිස් එකේ කී බෝඩ් එකෙන් එල්ලලා යන්නම්.. අයියත් යන්න දැන්.. "

ජිම් එකේ දොර ලොක් කරන ගමන් නිසිනු එහෙම කිව්වෙ.. අම්මෝ දැන්වත් ගියොත් ඇති..

" ඉතින් දෙන්නෙක් යන්_ "

" නිසිනුවා ගිය සතියෙනෙ ලොකු ළමයෙක් වුණේ අයියේ.. ඒ නිසා තනියෙන් යවන්න බෑ.. "

ගොම්බිලියා මොකක් හරි කියන්න හදනකොටම මං මැදින් පැනලා එහෙම කියලා නිසියවත් ඇදගෙන ආවා ඌ බලන් ඉදිද්දිම.. පුදුම මගුලක් වුණානෙ මේක.. දැන්නම් මූ හොදටම ඕනිවට වැඩියි.. බලමුකො අපි..

අපි ආයෙ එද්දිනම් ගොම්බිලියා හිටියෙ නෑ.. ඌ යන්නැති කියලා අපි ඉස්කෝලෙන් එළියට ආවත් පොර ගිහින් නෑ.. ඉස්කෝලෙ තාප්පෙ අයිනෙ ඉන්නො කාත් එක්කද කතා කර කර.. ගොම්බිලියා අපිව දැක්කත් මං ඌව දැක්කෙ නෑ වගේ නිසියටත් යනවා කියාගෙන මගෙ සංකැටේව පාරට දාලා එන්න හදනකොට ඇස් කොනින් පෙනුණා ගොම්බිලියා ඌ කතා කර කර ඉදපු එකාට මොනාහරි කුටු කුටු ගාලා කියනො.. ඒ පාර ඒ මනුස්සය හිමීට බෙල්ල කරකවලා මගේ පැත්ත බලලා බක බක ගාලා හිනාවුණා.. ගොම්බිලියත් ඉන්නො ලාවට බෙල්ල හරවගෙන හිනාවෙලා.. මගුලද යකෝ බලලා හිනාවෙන්න එන්නෙ..! උන්ට මාරාන්තිකව රවලා මං ආවා එන්න රෙද්ද..! පුදුම උට්ටක් උනානෙ මේ යකා..

ගෙදර එන ගමනුත් මගෙ ඔලුවෙ කැරකෙන්නෙ අර ගොම්බිලි පරාණෙ ගැන.. එහෙම මගුලක් නෙවෙයි.. මට ඌව පුදුම වදයක් වෙලා තියෙන්නෙ දැන්.. ඇයි යකෝ මගේ පස්සෙම පන්නන්නෙ ඒ යකා.. අර අච්චර ළමයි ඉන්නො කරාතෙ කරන.. ඌට මාව විතරයිද මන්දා පේන්නෙ.. මාත් එක්ක ඉන්න නිසිනුවවත් අඩුම ඌට පේන්නෑනෙ.. හැමඑකටම මාවමනෙ අල්ලගන්නෙ.. ඌගෙ ආතල් එක මං වෙලානෙ මගුල.. කමක් නෑ ඌ ගැන පස්සෙ බලාගන්න පුලුවන් දැන් අර අයියයි කියන එකා ගැන බලන්නෝනි.. ඒ බල්ලා මට සල්ලි දුන්නෙත් නෑනෙ.. මං ඕවා හිත හිතම ගෙදර ගේට්ටුවෙන් ඇතුලට බයිසිකලේ දාලා පාක් කරලා ගෙට ආවා.. ඒ එද්දි අරූ ඉන්නො සෝෆාවෙ කකුලුත් උඩ තියාගෙන ගිරිපුර ඇත්තෝ බල බල.. යසයි මේකා පාඩම් කරන විදිය..!! මං එනවා ඇහිලද කොහෙද යන්තම් දොර පැත්ත බලලා ආයෙ ටීවී එක දිහාට හැරුණා.. මට දැන් මේකා එක්ක පට්ට කේන්තියක් එන්නෙ.. සල්ලි දුන්නෙත් නෑනෙ.. අනික ගොම්බිලියා ඉස්සරහ මං නිකන් පල් වුණා..

" ඉදා බොට..! "

මං කකුලෙ තිබ්බ සපත්තුවක් ගලවලා අරන් ඌ දිහාට විසිකරාම පොර ඔලුව නවලා ප්‍රහාරයෙන් බේරුණා..

" මොකද යකෝ වෙලා තියෙන්නෙ..!! මට පාඩුවේ මේක බලන්න දීපිය.. "

ඌ එහෙම කිව්වෙ මං ඌට දමලා ගැහුව සපත්තුවත් අහුලන් ආයෙ මගේ පැත්තට විසික්කරලා දාලා..

" කතා කරන්නෙපා තමුසෙ..! "

මං ඌට රවාගෙන ගිහින් එලියට විසිවුණ සපත්තුවත් අරන් ඇවින් ශූ රැක් එකේ තියලා බෑග් එක සෝෆා එක උඩට දාන ගමන් වාඩිවුණා..

" මොකෝ ඕයි..? "

ඌ එහෙම ඇහුවෙ රිමෝට් එක අරන් ටීවී එක ඕෆ් කරලා දාලා.. ඔව් ඉතින් ගිරිපුර ඇත්තෝ ඉවරයිනෙ.. ඌ ඒක විතරයි බලන්නෙ..

" සල්ලි දුන්නෙත් නෑ..! "

" තොට දෙන්න මං ළග සල්ලි නෑ..! "

" තමුසෙ හම්බ කරලා වගේනෙ හරියට..! ඉන්නවකෝ තාත්තා එනකන්..! "

සිරාවටම මේ වගේ අයියලා හොදයි පොල් පිත්තකින් කපාගන්න..! මං ඌටත් බැනගෙන උඩට එන්න හදලා දෙයක් මතක් වුණු නිසා නැවතුණා..

" මේ ඒක නෙවෙයි අයියෙ.. අර උබ කැමතියි කිව්ව එකා එක්ක දැන් මගුල ජයටම නැගල යනවැතිනෙ.. "

" ඔව් ඔව් නැගලම යනෝ.. "

" සිරාවටම..? "

ඌ එහෙම කියලා කිචන් එක පැත්තට ගියාම මාත් උගෙ පස්සෙන්ම ගියා..

" කියපන්කො ඒයි.. "

" තමුසෙට වැඩක් නෑනේ ඒවා.. පාඩුවේ ඉදහන්..! "

එතනින් එහාට උගේ කටින් ඒක ගැන වචනයක්වත් අහගන්න හම්බුණේ නෑ මට.. ඌ නොකිව්වට මොකෝ මං හොයාගන්නම්කො ඕක කොහොමහරි.. මාත් ඌට ඇස් හීනිකරලා රවලා ආවා වොශ් එකක් දාගන්න.. ඌත් ගිහින් උගෙ ගුහාවට රිංගගත්තා.. ආයෙ ඉතින් ඕකා ගුහාවෙන් එලියට එන්නෙ අම්මයි තාත්තයි ආවම තමයි.. මාත් ඉතින් අම්මලා එනකන් වොශ් එකක් දාන් හෙට ක්ලාස් වල හෝම්වර්ක් දීපුවා කරලා දැම්මා.. නැත්තන් ඉතින් එදා ලිට් ක්ලාස් එකේදි වගේ චාටර් වෙන්න වෙනෝනෙ.. ශික් යකෝ ලැජ්ජාවෙ බෑ මගුල..!

කොහොමහරි අම්මා එද්දි හත විතර උනා.. තාත්තා ඉතින් තව පරක්කු වෙයි කියලා කෝල් එකක් දීලා කිව්වද කොහෙද.. අම්මා කොහොමත් කලින් එනෝනෙ.. එයා ඉතින් ආව ගමන්ම කරන්නෙ වොශ් එකක් දාගෙන ඇවිත් මහන්සිය පැත්තකින් තියලා උයන එකනෙ.. මාත් ඉතින් පැන්ට්‍රිය උඩින් වාඩිවෙලා අම්ම එක්ක කයියක් දාගත්තා අම්මා උයලා ඉවරවෙනකන්.. මහ පගයනම් පලාතෙ ආවෙ නෑ.. ඌ මැරිලද දන්නෙත් නෑ ගුහාව අස්සෙ..! නෑ ඉතින් කියන්න බෑනෙ නේද..! හැබැයි ඉතින් ඇත්තටම ඕකා ඔය ඌට පහුගිය දවස්වල මගෑරුනු ඉස්කෝලෙ නෝට්ස් කෙසේවෙතත් ක්ලාස්වල නෝට්ස් සම්පූර්ණ කරගන්නෝ ඇති..

" චූටි බත් බෙදලා දෙන්නද..? "

උයලා ඉවරවෙලා බත් එක පොල්කටු හැන්දෙ මිටෙන් කූරුගාන ගමන් අම්මා ඇහුවාම මං ඔලුව දෙපැත්තට වැනුවා..

" ඇයි ඒ බඩගිනි නැද්ද..? කවන්නද..? "

" තාත්තා ආවම කනෝ.. "

මං එහෙම කිව්වා විතරයි තාත්තගෙ වාහනේ වත්තට දාන්න ගේට් එක ඇරෙන සද්දෙ ඇහුණා.. මං දඩබඩගාලා පැන්ට්‍රියෙන් බිමට පැනලා සාලෙට දුවන් ගිහින් දොර ඇරියා තාත්තට එන්න.. බලන්න නේද මං කොච්චර හොදද කියල.. ගෙදරකටත් වාසනාවක් මං වගේ ළමයි.. තාත්තා වාහනෙ ලොක් කරගෙනම ගෙට ගොඩවෙද්දී මං දත් තිස් දෙකම දාලා හිනාවුනේ හරිම සිරියාවන්ත විදියට..

" ඇයි මේ..!? "

තාත්තා ටිකක් වෙලා මගේ දිහා ප්‍රශ්නාර්ථ බැල්මක් දාගෙන බලන් ඉදලා මගෙ කොණ්ඩෙත් අවුස්සන් ගෙට ආවා.. බලන්න ඉතින් හිනාවුණත් හරි ප්‍රශ්නෙ මෙයාලට..

" කෝ අයියා..? "

" ඔයාගෙ ලොකු ළමයා මට අද කන්න සල්ලි දුන්නෑනෙ..! "

තාත්තගෙ පස්සෙන් යන ගමන් මාත් කේලම එයාගෙ කනේ තිබ්බා..

" ඇයි මං ඔයාටත් සල්ලි දුන්නනෙ.. "

" ඒකෙන් කැන්ටින් කාලා ඉතුරු සල්ලි වලින් දවල් රෝල්ස් කෑවා එළියෙන්.. ඉතින් සල්ලි තිබ්බෙ නෑ මං ළග එද්දි මොනාහරි ගන්න.. "

" ආ කමක් නෑ.. අයියා සල්ලි දුන්නෙ නැති එක හොදයි.. කඩචෝරු කන එකේ සීමාවක් නෑනේ.. "

තාත්තා එහෙම කියන ගමන් කුස්සිය පැත්තට ගියාම මං මූන දෙක කරගත්තා.. අනේ යකෝ මං හිතුවෙ මහ පගයට දෙකක් කියයි කියලා පොඩි එකාට සල්ලි දුන්නෑ කියලා.. ශිට්..! හොද වෙලාවට අරූ ළගපාතක හිටියෙ නැත්තෙ.. හිටියනම් පුපෙනුත් හිනාවෙයි මට..

><

" අඩෝ අන්න අර කෙල්ල බලපන්කො.. අර රතු එක බං.. "

" යකෝ ඒ අක්කලා ඕයි.. "

අපිට හවස ක්ලාස්තුත් නැති එකේ නිසිනුවට කෑලි බලන්න ඕනි කියලා අපි මේ ඇලවේල්ල පාරෙ රවුම් ගහන්න ආවා.. සෙහදු බේසිකයව බලාගන්න ඕනි මූ මේ කරන වැඩ.. අනිත් එක මේ ඒලෙවල් ක්ලාස් තමයි වැඩිපුරම මේ දිගට තියෙන්නෙ.. බැලුවත් බලන්න ඉන්නෙ අක්කලා තමයි.. ඒකෙත් අවුලක් නෑ ඉතින්..

" සිරාවටම..? අක්කි බබෙක් වුණත් කමක් නෑ හැබැයි.. "

" අනේ මන්දා උබලනම්..!!! "

කොහොමහරි විනාඩි පහළවක් විස්සක් විතර අපි මේ ටිකේ කැරකි කැරකි ඉදලා කාලෙකින් ගියේ නැති නිසා නිසිනුවලයි ගෙවල් පැත්තෙ රවුමක් දාන්න හැදුවෙ.. හැබැයි,

" අඩෝ අර කවුද බං මේ පැත්තට එන කෑලි ටික..? "

බිනුරයා කිව්වම මං පිටිපස්ස හැරිලා බැලුවෙ.. කවුද දන්නෑ කෙල්ලො තුන්දෙනෙක් එනෝ පේනො.. එන විදියටනම් අපේ පැත්තට තමයි එන්නෙ.. ඒ මේ මොකද මේ..!?

" යකෝ ඔය බයිසිකල් ටික හරවගෙන යමන්.. ගහන්න වගේ ඕයි එන්නෙ.. "

" ඉතින් යකෝ අපි කවුරුවත් ටෝක් කරන්න ගියේ නෑනෙ.. පොඩ්ඩක් ඉදහන්කො මොකටද දන්නෑනෙ එන්නෙ.. "

අර ආපු කෙල්ලො තුන්දෙනාගෙන් දෙන්නෙක් මගින් නැවතිලා එක්කෙනෙක් විතරක් අපි ළගටම ආවා.. අපේ වයසෙනම් වෙන්න විදියක් නෑ කීයටවත්.. අනිවා අක්කලා වෙන්නෝනි.. අඩෝ ඒත් මේ මොකද මේ..

" මල්ලි ඔයා විහස්ගෙ මල්ලි නේ..? "

මං ගල් ගිලලා වගේ බලන් ඉදිද්දී අර ආව කෙල්ල එහෙම ඇහුවේ.. මොකා ගැනද මේකි මේ අහන්නෙ..?

" ආ ඔව් අක්කෙ.. මූ විහස්ගෙ මල්ලි තමයි.. "

බිනුරයා පැනලා කිව්වම තමයි මං හරි සිහියට ආවෙ.. අඩෝ සිරාවටම විහස් අපේ අයියනෙ.. මේ ගෑනි මොකටද මේ මාව හොයන්නෙ..!

" මල්ලි මේක විහස්ට දෙන්න පුළුවන්ද..? ප්ලීස්.. "

ඒ ගෑනි පටස් ගාලා බෑග් එකේ පැත්තෙ පොකට් එක අවුස්සලා තුනට හතරට නවපු කොලයක් අරන් මට දික්කරලා එහෙම කිව්වම මං කොල කෑල්ල දිහයි ඒකි දිහයි මාරුවෙන් මාරුවට බැලුවා.. කොලේ නවලා ස්ටෙප්ලර් කටුත් ගහලා යකෝ..!

" මොකක්ද මේ..? "

මං ඒ කොලේ අතට ගන්නැතුව රවාගෙන වගේ එහෙම ඇහුවෙ..

" තොට පේන්නැද්ද බල්ලො ලව් ලෙටර් එකක්ද කොහෙද ඒ.. "

මගේ ඔලුවට එකක් ඇනලා සුභාෂයා රහසින් වගේ එහෙම කිව්වාම මං ඇස් හීනිකරලා අර ගෑනි දිහා හොදට බැලුවා.. ඒකි දමාගෙන ඇඹරෙනෝ ඇඹරිල්ලක්.. මලවිකාර..!

" ඇයි ඉතින් මං මේක අපෙ අයියට දෙන්න ඕනි..!? "

මං වැඩිය ඒකිව ගනන් ගන්නැතුව එහෙම ඇහුව පාර ඒකිගෙ මූන අවුල් ගියා.. හිතන් ඇති මාත් පැනලා අර ගනීවි කියලා එහෙම පෙම් හසුනක් දික් කරපු පලියට.. අනික යකෝ මං මොකෙක් වගේද දන්නෑ පේන්නෙ ලියුම් කෑලි මාරු කරන්න අහන්නෙ..

" අපි මේ වගේ වැඩ කරන්න එහෙම වැඩිය කැමති නෑ අක්කියො.. හැබැයි ඉතින් අක්කි බබා කියන නිසාම අපි මේක විහස් අයියට දෙන්නම්කො.. නේද සහිරු..? "

" අනේ තැන්ක්‍යූ මල්ලියො.. "

මං ඒ කොල කෑල්ල ගත්තෙ නැති නිසාද කොහෙද නිසිනුවා මැදින් පැනලා අරම කියලා ඒක ගත්තා.. හහ්.. බලන්න එපැයි අරකිගෙ මූනෙ හිනාව.. පුදුම සමයමක් තමයි..!

" මල්ලිලා.. චුට්ටක් ඉන්නවද..? මං ටක්ගාලා එන්නම්.. "

අපි හා කියන්නත් කලින් ඒකි කොහෙදෝ ගියා.. මොන මගුලකටද දන්නෑ චුට්ටක් ඉන්නෝනි..

" මේ අපි යමන් බං.. "

" අර අක්කි බබා ඉන්න කිව්වනෙ.. ඒ මොකටද කියලත් බලලම යමු.. "

මං දැන් යමු කිව්වම නිසිනුවා එහෙම කිව්වෙ.. ඌටත් ගවුමක්නම් ඕනි එකක්..

" අඩෝ මේ ඒකිට බයක් සැකක්වත් නැද්ද බං එහෙම කොල්ලො ටිකක්ව හම්බෙන්න ආවෙ.. පුදුම එකියක් තමයි.. "

සුභාෂයා කිව්වම මං උරහිස් හැකිලුවා 'කවුද දන්නෙ' කියන්න වගේ.. ඌ කියපු කතාවෙත් ඇත්තක් තියෙනො.. අපි ඒකිට වඩා බාල වුණත් කොල්ලොනෙ.. එහෙමත් කෙල්ලෙක් එනවද මං අහන්නෙ.. හෙන අවුල් ඉතින්..

" ඒ අන්න එනෝ.. "

ඒකි ගිහින් විනාඩි පහකින් වගේ නිසිනුවා මට ඇනලා කිව්වම මාත් බැලුවෙ..  ඔය එන්නෙ කලු ශොපින් කවරෙකුත් එල්ලගෙන..

" මේක ගන්න මල්ලී.. තැන්ක්‍යූ හොදේ උදව්වට.. "

එහෙම කියන ගමන් ඒකි මගේ පැත්තට අර කවරෙ දික්කරාම මාත් ඇහැ දාලා බැලුවා මොනවද කියලා.. අඩෝ වොන්ඩර් බාර්..! මේකි යකෝ..! අවුලක් නෑ හැබැයි ලව් ලෙටර් එක දෙනවට පගාවක් හැටියට අයිස්ක්‍රීම්.. මාත් ඉතින් හිනාවක් දාගෙන ශොපින් කවරෙ ගන්න හැදුවෙ.. කොහෙ ගන්නද ඉතින් ගන්න හදද්දිම මගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණා..

" චුට්ටක් ඉන්න හොදේ.. "

මං එහෙම කියන ගමන් ෆෝන් එක සාක්කුවෙන් අරන් බැලුවා මොකාද කතාකරන්නෙ කියලා.. ටහුඩු යකෝ..! අපේ අයියා කතාකරන්නෙ..!! දැන් මේකට ආන්සර් කරලත් බෑ නොකරත් බෑ.. නැත්තන් මැරෙන්න හදනොනෙ.. ඕන උට්ටක් කියලා මං චුට්ටක් එහාට ගිහින් කෝල් එක ආන්සර් කරා.. අරකි ඉස්සරහ ආන්සර් කරන්නත් බෑනෙ..

" හෙ_ "

" උබ මගෙන් මැරුම් කන්නෙ නැතුව ඔතනින් පලයන් චූටි..!!! "

මට හෙලෝ කියන්නවත් උන්නෑ.. එහා පැත්තෙන් මල යකා වැහිලා වගේ ඌ බෙරිහන් දුන්නා.. මොනෝත්තක්දෝයි ඒ පාර..

" මොකද වෙලා තියෙන්නෙ..!? "

" වෙලා තියෙන්නෙ..!? වෙලා තියෙන දේ දැනගන්න පොඩ්ඩක් ඉස්සරහ බලපන්කො තමුසෙ..!! "

මල හුට්ටප්පරයයි යකෝව්..!!! අයියා මරන් කන්න වගේ මේ පැත්ත බලන් ඉන්නෝ ඈත ඉදන්.. ඌ විතරක් නෙවෙයි සෙහදු බේසිකයයි ගොම්බිලයයිත් එතන.. ගොම්බිලියා මොකද යකෝ මෙතන කරන්නෙ..! ඒ උට්ටවල් කල්පනා කරන්න බෑ දැන්..

" අයියෙ අහනවකෝ මට_ "

" මං ඇවිත් උබේ කනට දෙකක් ගහලා ඇදන් යන්න කලින් පලයන් ඔතනින්..!! "

ඌ එහෙම කියලා කෝල් එක කට් කරා.. රෙද්දක්නෙ වෙන්නෙ.. ශිට්..! මටමයි වෙන්නෙ යකෝ..! කරන්න දෙයක් නෑනේ ඉතින් දැන්.. අයියව කේන්ති ගස්සගෙනත් බෑ තව.. ඌ අනිවාර්යයෙන්ම දැන් හිතන් ඇත්තෙ ක්ලාස් කට් කරලා මං රස්තියාදුවේ ආවා කියලා..

" ඒ අපි යමු..! අපි යනෝ අක්කෙ හොදේ.. "

මං ටක් ගාලා අරුන්ට එහෙම කියලා අර අක්කටත් යනෝ කියාගෙන බයිසිකලෙත් අරන් යන්න හදද්දී සුභාෂයා පැනලා මාව අල්ලගත්තා..

" මොකද වුණේ..!? "

" ඉක්මනින් වරෙන් යකෝ යන්න..! නැත්තන් මගේ මලගෙදර තමයි උබලට ඊලගට එන්න වෙන්නෙ..! "

මං එහෙම කියද්දී අර අක්කත් ඇසුත් තඩි කරන් මං දිහා බලන් හිටියා නිකන් මූට මොකක්ද එකපාරටම වුණේ කියලා අහන්න වගේ.. අයිස්ක්‍රීම් ටික ගත්තෙත් නෑ යකෝ මං.. ඕක ගන්න ගිහින් තව අහගන්න වෙයි අරූගෙන් ඊටපස්සෙ..

" මල්ලි මේක..? "

" අහ්ම් මේ.. තැන්ක්‍යූ ඉතින්.. මෙහෙමයි අපි එහෙම කවුරුත් දෙන දේවල්නම් ගන්නෑ.. හැබැයි මේ අක්කි බබා දෙන නිසාමයි ගන්නෙ හොදේ.. "

මං අරුන්ට ඕන මගුලක් කරගන්නෙයි කියලා එන්න එද්දි මට ඇහුනා අර පර නිසිනු බේසික කෑල්ල පැණිය දාලා අයිස්ක්‍රීම් මල්ල ගන්නෝ.. ඌ ඔහොන්මමයි..! මං එපැයි යකෝ බැනුම් අහන්න..!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

අලුත් කතාවක් දැම්මා දැක්කද..?

' අලු ඇස් '

eistrella <3

Share This Chapter