Back
/ 22
Chapter 22

21 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" අඩෝ මේ ඊයෙ අපෙ අක්කට මාට්ටු වුණා බං..! දැන් පලකො ඒකිට කඩේ මාසයක් විතර.. "

" වහුට්ටෝ..!!! සිරාවටමද කියන්නෙ..!? "

උදේ ඩියුටි යද්දි නිසිනුවා හම්බෙලා කිව්වෙ.. එහෙනම් ඒකයි මූ ඊයෙ රෑ ඔන්ලයින්වත් හිටියෙ නැත්තෙ.. ඒත් ඉතින් අක්කට ඒ අපියි කියලා එහෙම මාට්ටු වෙන්න විදියක් නෑනෙ.. මූගෙ කටින් පැන්නද දන්නෑ ඒක..

" ඔව් යකෝ..!!! මං උබලට කිව්වා ඔය වැඩේ හරියන්නෑ කියලා.. කොහෙද ඇහුවෙ නෑනෙ.. පට්ට ගේමක් ගහලා ඊයෙ ශේප් කරගත්තෙ හොදේ.. තව පොඩ්ඩෙන් තාත්තටත් කියලා මල කෙලියක් වෙන්නෙ.. "

නිසිනුවා ඔරවගෙන කිව්වම මං හෙන ගොන් විදියට හිනාවුණා.. වෙන මොකක් කරන්නද ඉතින්.. අවුලක් නෑ මූ අක්කන්ඩිව ශේප් කරලනෙ..

" හරි හරි ඉතින් එහෙම මගුලක් වුණේ නෑනෙ.. දැන් හරියටම කියපන්කො විස්තරේ..? "

" විස්තරේ තමයි_ ඕයි මල්ලි මොකක්ද කරන්නෙ බං..? කොස්සක් අරන් අතුගාපන්කො පංතිය.. "

විස්තරේ තමයි කියලා නිසිනුවා එකපාරටම අපි ඇවිත් නැවතුණු පංතියේ කියව කියව හිටිය එකෙක්ට කෑගහපු පාර මාත් වටපිට බැලුවෙ මූට මොකක්ද එකපාරටම වුණේ කියලා.. හරිනෙ.. ඔය ඈතින් එන්නෙ..!!

" බලහන්කො පොඩ්ඩක් වෙලාව.. උබලා ගාථ කිව්වට පස්සෙද අතුගාන්න ඉන්නෙ ආ..!? "

එයා එනවා..! මෙයා කෑගහනවා..!! වෙන මොකටද ඉතින්.. අවදානෙ ගන්න.. අවදානෙ ගන්න.. අනේද කියන්නෙ ඉතින්.. නිසිනුවගෙන් පස්සෙ විස්තරේ අහගන්න හිතන් මාත් ඔය කොරිඩෝවෙ දගලන එවුන්ට සැර කරා පංතිවලට පලයන් කියලා.. ඇයි යකෝ පුක කැඩිලා වගේ ලතෝනි තිය දගලනෝ.. දගලනෝ විතරක්නම් කමක් නෑ.. ඇවිත් අපිත් පෙරලන් යන්න හදනොනෙ..

" මේ මල්ලි දෙයක් කිව්වම එකපාරින් කරන්න පුරුදු වෙයන්කො.. අපි ඒකාලෙ මෙහෙම නෙවෙයිනෙ යකෝ.. ප්‍රිෆෙක්ට් අයියලා දෙයක් කියන පමාවට කරා.. තාමත් එහෙමයි බං.. අනික අපි ඒ දවස්වල හතයි විස්ස වෙද්දි අතුගාලා පහනත් තියලා ඉවරයි.. වැඩක් නෑ ඉතින් මේවා උබලට කියලා.. මගුල.. "

මේ මොකක්ද බං මූට වෙලා තියෙන්නෙ..? මට පුකෙනුත් හිනායන්න වගේ ආව නිසා මං කට පුක ඔක්කොම වහන් ඈතින් පේන ඇහැළ ගහ දිහා බලන් හිටියා.. පණුවො එහෙම ඉන්නවද දන්නෑ මේ ඇහැළ ගහේ.. නෑ ඉතින් සාමාන්‍යයෙන් ඇහැළ ගස්වල අම්බානෙකට පණුවොනෙ..

" මොකද සද්දෙ..!? "

" නෑ අයියෙ මුන්ට පංතිය අතුගාගන්න කිව්වම ඇහුන්නෑ වගේ ඉන්නො.. "

ඒ එක්කම අපෙ අයියගෙ සන්ලයිට් නැට්ටගෙ කටේ සද්දෙ ඇහුණම මේ ක්ලාස් එක කෙසේවෙතත් එහා ක්ලාස් එකේ එකෙක්නම් කොස්සකුත් අරන් දඩිබිඩි ගාලා කොරිඩෝවත් අතුගාන්න ගත්තා.. අනේ ඉතින් මුන්ටත්..! නෑ එක්කො ඕන්නෑ ඒවා..

" මං කොහෙන්ද නැවැත්තුවෙ බං..? "

අරූ කෑගහලා මේ සෙක්ෂන් එකේ සෙක්ෂනල් හෙඩ් ප්‍රිෆෙක්ට් හිටිය අයියටත් මොකක්ද කියාගෙන ගියාට පස්සෙ නිසිනුවා මගෙ ළගට ඇවිත් ඇහුවෙ.. මූ නම් අනේ මන්දා..

" ආ හරි මතක් වුණා.. අපෙ අක්කට නහුතෙටම තදවෙලා හොදේ මං ගෙදර යද්දි.. කාටද මන්දා කෝල් කරලා මොකක්ද නම්බරයක් ගැන කියලා විස්තර හොයලා දෙන්න කියනො ඇහුණා.. "

" අඩෝ..! "

" හොයාගත්තොත් කොහොමත් කන්න වෙන නිසා මං ඉතින් ශේප් එකේ කිව්වා විතරයි රීවී රිමෝට් එක නූලෙන් කන ගාවින් ගියේ බං..! "

හරි හිතාගන්න පුලුවන් ඉතින් ඊටපස්සෙ වෙච්ච දේ.. මැදැයි ඉදලා ඉදලා කෙල්ලෙක්නෙ කියලා නෙසාරා අක්කගෙන් ආතල් එකක් ගන්න ගියා.. අපරාදෙ ගොම්බිලියට කෝල් කරානම් ඔයිට හොදයි..

" මේ උබලට දැන් මොනවද තියෙන්නෙ..? සිංහල නෙවෙයිනම් මට සිංහල අච්චු පොතක් දියම්කො.. "

කොහොමහරි උදේ ඩියුටිත් ඉවරවෙලා මං අපෙ ක්ලාස් එකට යන්න හදනකොට නිසිනුවා කිව්වෙ..

" මං ගෙනාවෙත් නෑ බං.. පොඩ්ඩක් ඉදහන් කාගෙන් හරි ඉල්ලලා දෙන්න.. "

මං එහෙම කියන ගමන් ක්ලාස් එකට ගිහින් බැලුවා අපේ උන්ගෙන් පොත් ගෙනාපු උන් කවුද ඉන්නෙ කියලා.. යන්තම් කවදාවත් නැතුව තරුල් සිංහල අච්චු පොත අරන් ඇවිත්.. අඩේ පුදුමයිනෙ යකෝ..

" අඩො ආයෙ ගෙනත් දෙන්න කියපන් හොදේ.. අර මනුස්සයට හැමදාම මාවමනෙ පේන්නෙ අච්චු පොත ගෙනාපු නැති එකෙක්ට.. "

පොත දෙන ගමන් තරුල් එහෙම කිව්වම මං හා කියාගෙන පොතත් අරන් ආවා එලියට..

" අඩෝ තැන්ක්‍යූ හොදේ.. කාගෙන්ද ඉල්ලගත්තෙ..? "

" තරුල්ගෙන්.. ගෙනත් දීපිය ඉන්ටවල් එකේදි.. පස්වෙනි පීරියඩ් එකේ අපිට සිංහල.. "

" හරි හරි.. "

නිසියා මට අතත් වනාගෙන පොතත් අරන් යද්දී මං ආයෙම ක්ලාස් එකට ඇවිත් වාඩිවුණා.. උදෙන්ම ඉතිහාසය.. ඉතිහාසය නෙවෙයි ඉටිගෙඩිය..! මට පේන්නම බැරි සබ්ජෙක්ට් එකක් තමයි ඉතිහාසය කියන්නෙ.. තරුල්නම් හෙන ආසයි.. ඌත් ප්‍රාග් ඓතිහාසික මානවයෙක්ද දන්නෑ..

" අඩො අද හිස්ට්‍රි මිස් නැද්ද බං..? "

තරුල් හෙන උනන්දුවෙන් අච්චු පොතත් පෙරලන් ඇහුවෙ..

" ආවෙ නැතොත් හොදයි.. "

මං එහෙම කිව්වාම ඌ මටත් රවාගෙන පොත අස්සෙ මූන ඔබාගත්තා.. හැබැයි ඉතින් ඒ කියලා කටගන්න උනේ නෑ මිස් පන්තියේ..

" පොඩ්ඩක් පරක්කු උනා ළමයි.. පොත් ගන්න හැමෝම.. අන්තිමට අපි මොන කොටසද කරේ..? "

ඉස්සරහම පේලියේ බුද්ධි බලය වැඩි එකෙක්ගෙ පොතකට එබෙන ගමන් මිස් අහද්දි අපි හිටියා ගල් ගිලලා වගේ.. අවුලක් නෑ.. කොහොමත් අපිටත් හරියන්න ඉස්සරහ පේලියේ උන් උත්තර දෙනවා..

අපේ ඉතිහාසය මිස් පට්ට උසයි.. ගිය ආත්මෙ පුවක්ගස් පූජකරලද දන්නෑ මෙච්චර උස ගියේ.. නිසියට කියන්න ඕන මේ ආත්මෙවත් පුවක් ගහක් පූජකරපිය කියලා.. නැත්තන් ඊලග ආත්මෙත් සෙහදුවට වඩා ඌ කොට වෙලා ඉදියි..

" හරි ළමයි අපි අන්තිමට පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ගැන කතා කරලා ඉවර කරලා.. අද එහෙනම් මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ගැන කතා කරමු.. ලියන්න මාතෘකාව_ "

උදේ පාන්දරම පට්ට කම්මැලි සබ්ජෙක්ට් එකකින් දවස පටන් ගත්තම මහ එපාවෙන විදියට තමයි දවසෙ ඉතුරු ටිකත් ගෙවෙන්නෙ.. අනිත් උන්ට මං දන්නෑ.. හැබැයි මටනම් ඒවගේ.. ඔන්න උදේම බුද්ධාගම පීරියඩ් එක එහෙම තිබ්බනම් ඉතින් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.. නෑ ඉතින් මං කියන්නෙ උදේම ප්‍රියමනාප අක්කි බබෙක් දැක්කම දවසම සුබයිනෙ..

" අඩෝ මහේෂ් සර්වත් හිටියනම් ඉතිහාසය මෙච්චර එපා වෙන්නෑ බං.. "

බිනුරයා උගේ මූනත් මොකක්ද එකක් වගේ කරගෙන එහෙම කිව්වම මාත් ඔලුව වැනුවා.. අපිට නවයෙදි ඉතිහාසය ඉගැන්නුවේ මහේෂ් කියලා සර් කෙනෙක්.. හෙනම ආතල් ඒ සර්නම්.. උගන්නනවත් හොදයි.. ඒත් පොර මේ අවුරුද්දෙ අපේ ක්ලාස් එකට සෙට් වුනේ නෑ අපේ කරුමෙටමද කොහෙද.. ඒ වෙනුවට මේ වහන්තරාවක් ඇවිත් අච්චු පොතේ තියෙන එකම කියවලා ඒකම ආයෙ අකුරක් නෑර පොතෙත් ලියාගන්න දෙනෝ.. එහෙම ලියන්න ඕන්නම් මං අහන්නෙ මොන මගුලකටද අපිට අච්චු පොතක් දීලා තියෙන්නෙ.. වැඩක් නෑ ඉතින් කතාකරලා.. ඉතිහාසය එපාවෙන එක සාධාරණයි..

" අඩෝ මේ..! උබලට කරාතෙ කරන පොර අපේ ලොකු අයියගෙ යාලුවෙක්.. "

නිදිමරගාතෙ කම්මුලකට අතත් තියන් නෝට් එක කොපි කර කර හිටිය මට බිනුරයා ඇනලා කිව්වෙ..

" සිරාවටම..? "

" ඔව්.. උන් හැමෝම එක බැජ් එකේනෙ.. පොර ඉස්කෝලෙ කාලෙ ඉදන්ම පට්ට මීටරේලු බං.. ඒලෙවල් කාල අන්තිම අපේ අයියලයි උන් සෙට් එකයි එකට පාඩම් කරලා තියෙන්නෙ.. "

යැයි යැයි තමයි.. අනේ ඉතින් මට මොකටද නේද අනුන්ගෙ දේවල්.. මං ඉතින් හොයන්නෙත් නෑ මේවා.. ඒවුණාට වැදගත් වෙන්නත් පුළුවන් ඉස්සරහට.. මොකද ඌනෙ මැත්ස් ක්ලාස් කරන්නෙ..

" වෙන්නැති.. ඌ තමයි මට මැත්ස් ක්ලාස් කරන්නෙ.. "

" අම්මටසිරි එහෙමද..? ඌ_ "

" අඩෝ කටවල් වහගෙන පාඩම අහගනින්කො බං.. උබල නම් අනේමන්දන්නෑ.. අවදානෙත් බිදෙනවා කනපල්ලෙ ඉදන් කුටු කුටු ගානකොට.. "

බිනුරයා තව මොනාහරි කියන්න හදද්දීම තරුල් පැන්නා මැද්දෙන්.. මේ මොන විකාරයක්ද යකෝ..!

" අනේ බං මේ.. කුණුහරුප අහගන්නැතුව ඉදපං.. ඇයි යකෝ.. මොන මගුලක්ද මේ..! "

කේන්තියිත් එක්ක රෙද්ද..! පෞද්ගලික කතාවක්වත් නිදහසේ කරගන්න නෑ මේ පකයා නිසා.. බලපන්කො ඉතින් අරූ කියන්න හදපු එක අහගන්න උනෙත් නෑනේ..

" මොකක්ද උබ කියන්න හැදුවේ..? "

" මොකක්ද..? "

" අර මොකක්ද උබ අර අයියා ගැන කියන්න හැදුවෙ.. "

" ආ හරි.. මං කියන්න හැදුවෙ අපේ අයියලා ඒලෙවල් කාලෙ අන්තිම එකටනෙ පාඩම් කරේ.. ඒ දවස්වල පොර එන්නෙ උගෙ යාලුවෙක් එක්ක බයික් එකේලු.. මුන් මහ රෑ වෙනකන්ම කුප්පි දානවනෙ බං.. ගෙවල්වල යද්දි දොළහ එකවත් වෙනෝ.. සමහර දවස් වලට රෑ එළි වෙනකනුත් වැඩනෙ.. කොහොමහරි එක දවසක් උන්ගෙ බයික් එක ඇක්සිඩන්ට් වෙලා මූත් එක්ක ආව අනිත් කොල්ලා මැරුණලු.. "

" සිරාවටම..? "

" ඔව්.. අපේ අයියා කිව්වෙ.. යූටර්න් එකක් ගහන්න ගිහින් කන්ටේනරේක වැදිලා.. ඌට මහ ලොකු තුවාලයක් වෙලා නෑ.. ඌත් එක්ක ගිය අනිත් එකා මැරිලා.. ඊටපස්සෙ මූ මාස කීපයක්ම ඒ ශොක් එකෙන් ඉදලා ඒලෙවල් ලියලා යුනිවසිටි සිලෙක්ට් උනත් මොරටු යන්න බැරිවෙලා පොරට.. "

බිනුරයා ඒ ටික කියලා දඩිබිඩියේ නෝට් එක ලියන්න ගන්නකොට ඌ කිව්ව එක අහලා මට ගොම්බිලියා පව් කියලත් හිතුනා.. නෑ නෑ එක්කො ඌ පව් නෑ.. අර මැරුන එකා නම් පව්.. මූගෙ මොන පවක්ද.. කොයිවෙලේත් මොකාක්හරි කියලා මාව අවුස්ස ගන්න පොටක් පාදගන්නමයි ඌ මාන බලන්නෙ.. ඒ නිසා ඌ පව් නෑ එච්චරයි..! අනික මට ඒ යකාව පේන්න බෑ..! අසහනකාරී ගොම්බිලි පරානෙ..!! මං ගොම්බිලියා එක්ක තියෙන තරහටම නෝට් එක ලියාගෙන ලියාගෙන ගියා.. කොච්චර හොදට නෝට් එක ලිව්වද කිව්වොත් රූලෙ හතර වටේ අකුරු..! දැක්කනෙ දැක්කනෙ ඌ නිසා කොයිවෙලාවක හරි මගේ නහරයකුත් ගහලා යනෝ ශුවර්..!

කොහොමහරි හිස්ට්‍රි පීරියඩ් එක ඉවරවෙනවත් එක්කම මැත්ස් මිස් කඩාගෙන ආවම හිස්ට්‍රි මිස්ට සේරම අකුලගෙන එලියට බහින්න උනා.. ඊටපස්සෙ පට්ට කම්මැලිකමේ ඊලග පීරියඩ් දෙකම මැත්ස් මිස්ගෙ කිංකිනි නාදෙ අහන් ඉදලා එපාවෙලා හිටිය මං ලිට් පීරියඩ් එකේදි චාරුකයවත් ඇදන් කට්ටි පැන්නා.. කොහොමත් ලිට් මිස් ඇවිල්ලත් නැද්ද කොහෙද.. ආවත් ඉතින් වැඩක් නෑ ගොම බෙට්ට වගේ පුටුවටම ඇලිලා ජගන්ගෙ එකම රෙද්ද ගැන කියවන එකනෙ කරන්නෙ.. අනික ඒ මිස් පීරියඩ් එකට ඇවිත් වාඩිවුණාම ආයෙ බෙල් කරනකන්ම නැගිටින්නෑ පුටුවෙන්.. ඒ තරමටම කම්මැළිකම ඒ මිස්ගෙ.. එපා වෙනෝ ඉතින්.. හැබැයි කොච්චර එපා උනත් ලිට් පීරියඩ් එක කට් කරන එක ලේසි නෑ.. ඇයි ඉතින් සෙක්ෂන් හෙඩ් සර්ගෙ කනේ තියනොනෙ පංතියේ හිටියෙ නෑ කියලා..

" අඩෝ කැන්ටින් එක පැත්තෙත් ගිහින් රවුමක් දාලා ක්ලාස් එකට යමන්.. "

" උබට ශුවර් නේ ලිට් මිස් නෑ කියලා..? "

" ඔව් උදේ හිටියේ නෑ.. "

මං එහෙම කියලා සාක්කුවට අත දාලා සල්ලි අරගත්තා.. අපේ තාත්තා උදේ පොකට්මනි දුන්න නිසා හොදයි.. නැත්තන් අර මහ පගයට නොවදිනා වැදුම් වදින්න වෙනෝ රුපියල් පනහක් උනත් ඉල්ලගන්න..

" අඩෝ..! කොහෙද උබලා යන්නෙ..? "

කැන්ටින් එක පැත්තට හැරෙද්දිම නිසියගෙ කටහඬ වගේ ඇහිච්ච නිසා මං හැරිලා බැලුවේ.. මෙන්න යකෝ නිසිනු බේසික කෑල්ල ඉන්නෝ සෙහදු බේසිකයා එක්ක..! මුන් යකෝ..!! මං දහපාරක් විතර උන් දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලලා රැව්වම අර පර සන්ලයිට් බේසිකයා මට මහ කැත නෝන්ඩි හිනාවක් දැම්මා.. කේන්තියි යකෝ මට මුන් එක්ක..!

" උබලා කැන්ටින්ද යන්නෙ..? "

මං හිමීට නිසිය ලගට කිට්ටු වෙලා ඌට පිච්චිලා යන්නම රැව්වත් ඌට ඒත් ගානක් නැතුව හෙන ආතල් එකෙන් එහෙම ඇහුවම මං ඌගෙ ඉන කෙනිත්‍තුවා ඌට තරු පේන්න..

" මොන හුත්_ හත්තක්ද බං අර..? "

" මොන..? "

" අර ගහේ කදේ හත්තක් බං.. විස එකක් මං හිතන්නෙ.. ඕවා ඇගේ ගෑවුණත් පලු එනවා මං හිතන්නෙ.. උබලා ඉතින් ඕවා දන්නෙවත් නෑනෙ..? ඒකනෙ ඉතින්.. මං ම ඉන්න ඕන ඕවා පෙන්නලා කියාදෙන්න... නේද සහස්ර අයියේ..? මං කියන්නෙ උබලා අවට පරිසරය ගැන මීට වඩා අවධානෙන් ඉන්න ඕන බං.. කියලා වැඩක් නෑනේ උබලට.. මං දිහා බලලවත් හැදියන්.. නේද අයියෙ..? "

නිසියා ඉනත් අල්ලන් මටත් රවන ගමන් හෙන ගැම්මෙන් සෙහදුවට ඇන ඇන කියද්දී මේලෝකෙ මගුලක් හිතාගන්න බැරි වෙලා ඉන්න චාරුකයා හත්තක් හොයන්න වටපිට බලනෝ.. අනේ අම්මපා මූ වගේ හරක් පැටියෙක්..!

" කෝ කොහෙද බං හත්තක් තියෙන්නෙ..? අඩෝ ඒක නෙවෙයි කවුද බං සහස්ර කියන්නෙ..? "

චාරුකයා හත්ත හොයලා හොයලා හොයාගන්න බැරි තැන ඊටපස්සෙ ප්‍රශ්නාර්ථ බැල්මෙන් නිසිනුවා දිහා බලන් එහෙම ඇහුවම මට බකස් ගාලා හිනාවක් ගියා.. අනේ උට්ටෝ..!!

" පීරියඩ් කට් කරන්නැතුව ක්ලාසස්වලට පලයල්ලා..!! බබා..! තමුසෙත් යනවා ක්ලාස් එකට..! "

මගේ කුජීත හිනාවට සෙහදුවට මලපැනලද කොහෙද එහෙම කියාගෙන ගස්සගෙන ගියා.. ඉව්ව්.. මලකෝලන්.. ඒත් පොඩ්ඩක් ඉදාම්..! මොකක්ද ඌ කිව්වෙ..? බබා..? කවුද යකෝ බබා..? මං පටස් ගාලා නිසිනුවා දිහා බැලුවම ඌ දමාගෙන ඇඹරෙනෝ ඇඹරිල්ලක්..! මේ මොන මල සමයමක්ද දෙයියනේ..!! ඉදපන්කො උබට..!

" එහෙනම් බබා ක්ලාස් එකට පලයන්.. ඒ යමන් බං කැන්ටින්.. "

මං එහෙම කියාගෙන චාරුකයවත් ඇදන් එන්න ආවා.. ඒත් නෑ අරූත් එනෝ පස්සෙන් නැට්ට වගේ..

" අඩෝ ඉදපන්කො සහිරු.. සහස්ර අයියා කිව්ව එක හරි බං.. පීරියඩ් කට් කරන්න හොද නෑනේ.. අද උබලගෙ ලිට් මිස් නෑනේ..? ඒනිසා තමයි ඔන්න මාත් ආවෙ.. නැත්තන් එහෙම හොද නෑනේ බං පීරියඩ් කට් කරන්න.. "

" මූට මොකක්ද බං වෙලා තියෙන්නෙ..? අනික කවුද කියපන්කො සහස්ර..? අරූගෙ නම සෙහදුනෙ.. "

චාරුකයා ගිහින් කැන්ටින් එකේ ටේබල් එකක් ගාව නැවතිලා නිසිනුවා දිහාට අතත් දික්කරලා ඇහුවම නිසිනුවා කොමල උට්ටෙක් වගේ ගිහින් චාරුකයගෙ ඇගේ එල්ලුනා..

" ඌගෙ සම්පූර්ණ නම සෙහදු සහස්ර බං.. "

මං එහෙම කියන ගමන් උන් දෙන්නව දෙපැත්තට විසිවෙන්න ඇගේ හැප්පීගෙන ගිහින් පුටුවක වාඩිවුනා.. සෙහදු බේසිකයත් රැවටිලානෙ යකෝ මේ වගේ ගොන් වහන්සේ කෙනෙක්ට..! අනික කවද්ද ඕයි මුං ලව් කරන්න ගත්තෙ.. ඇයි මං දැනුවත් වෙලා හිටියේ නැත්තෙ මේ සම්බන්ධව..!? විශාල ප්‍රශ්නයක් උනානෙ මේක..!

" ඒ මොනවද ගන්නෙ..? පෑන්කේක්..? "

" පෑන්කේක් එපා..! "

චාරුකයා අහපු එකට පැනලා විරෝධය ප්‍රකාශ කරා බේසික කෑල්ලක්..

" නෑ නෑ පෑන්කේක් හොදයි බං.. ඒවා ගෙනෙන්.. කල් කිරිත් ගෙනෙන්.. "

මං චාරුකයාට සල්ලි දීලා එහෙම කිව්වම ඌ නිසිනුවට ඇද කරගෙන ගියා සල්ලිත් අරන්.. ඊටපස්සෙ ඉතින් කාලා බීලා ඉන්ටවල් බෙල් එක ගැහුවම තුන්දෙනත් එක්ක ක්ලාස්වලට ගිහින් ගෙදරින් ගෙනාපු බතුත් කාලා සිංහල පීරියඩ් එකේදි නිදි කිර කිර හිටියා.. නිසිනු බේසික කෑල්ල නම් මේවෙද්දි බුද්ධාගම ඉගෙන ගන්නවා ඇති මගේ සංසලා අක්කිගෙන්.. ශිට්..! මට නෑනේ එහෙම වාසනාවක්.. සිංහල උගන්නන මිස් බැරල් එකක් වගේ.. ඒවගේද මගේ සංසලා අක්කි.. ඉග සුග ගත හැකි මිටිනා..!

><

ලාස්ට් පීරියඩ් එකේ බෙල් එක ගහපු ගමන් මං සුභාෂයලයි පන්තියට හොම්බ දැම්මා කම්මැලිකම යන්නත් එක්ක.. අනික අන්තිම පීරියඩ් එක ඉන්ග්ලිශ්.. හැලපෙත් අද ඉන්නවා මං දැක්කා..

" අඩෝ උබ ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තෙ යනවද..? යනවනම් මෙන්න මේ නම් ලිස්ට් එක දීපන්කො නිකිත අයියට.. "

ඔන්න ඕකනෙ ඉතින් බැරි මේකා එක්ක..!

" මං දැන් යන්නෑ බං.. "

" මොනවද උබලට දැන්..? "

" ඉන්ග්ලිශ්.. "

" අඩෝ හැලපෙ අවුලක් නෑනේ.. ඒ ගිහින් දීපන්කො බං.. අපිට දැන් මැත්ස් තියෙන්නෙ.. මේ මගුල ලාස්ට් පීරියඩ් එකට කලින් ගෙනත් දෙන්නත් කිව්වා බං.. ගෙනිහින් දීපන්කො.. ඔන්න ගෙනිහින් දියන් හොදේ..! "

සුභාෂයා බලෙන්ම නම් ලිස්ට් එකක් ලියපු කොලේ මගේ ඇගේ ගහලා ක්ලාස් එකට රිංගුවා.. යකෝ මූ මං කවුරු කියලද හිතන් ඉන්නෙ..! නම් ලිස්ට් එකනම් debating competition එකේ නම් ලිස්ට් එකක්.. කමක් නෑ එක්කො ගිහින් දෙනෝ.. හොද වැඩේ මටත් පුක තියන් ඉන්න බැරි ගායට සුභෂයලයි ක්ලාස් එක අස්සෙ රිංගන්න ගියාට.. යකෝ ඉන්ටවල් එකේ ශෝක් එකට ඌට මේක ගිහින් දෙන්න තිබ්බනෙ අන්තිම පීරියඩ් එක වෙනකන් දගලන්නෙ නැතුව.. කියලා වැඩක් නෑ ඉතින්..

කොහොමහරි මං කොලෙත් අරන් ස්පෝර්ට්ස් රූම් එක පැත්තෙන් යද්දි හෙනම සද්දෙ ඒකෙ අස්සෙ.. ඊටපස්සෙ ඉතින් ඇතුලෙ මොකක්ද වෙන්නෙ කියලා කුතුහලේ නිසා ඔලුව දාලා බැලුවා.. බලද්දී ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එකම ඒකෙ අස්සෙ.. හැබැයි ආවින් බොසානම් පේන්න නෑ.. පුදුමයි හැබැයි ඌ ටීම් එකේ ස්කීපර් නෙ.. මං ඔලුව දානෝ දැක්ක නිසාද කොහෙද ටීම් එකේ පවිත් අයියා මට සැලියුට් එකකුත් ගහලා සංඥා භාශාවෙන් මොකෝ කියලා ඇහුවම මං ඌටත් මුකුත් නෑ කියලා සංඥා භාශාවෙන්ම කියලා දොර වහන් ආවා.. උන් ඔය ජය සමරන්න ඇවිත් වෙන්න ඇති.. මැච් එක දින්නනෙ..

මං මිහින් අයියා හරි ඉන්නවද කියලත් ඇන්ටනාව දාලා බැලුවා ඒකෙ අස්සෙ.. නෑ ඉතින් ඌ හිටියනම් කොලේ ඌ අතට දීලා යන්න පුළුවන්නෙ.. ඒත් ඌ ඒකෙ අස්සෙ නෑ.. දැන් ඉතින් ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තෙ යන්නම වෙනෝ මට.. උන් එකෙක්වත් ඒකෙ අස්සෙත් නැති උනොත් නම් සුභාෂයට බම්බු ගහගනින් කියලා මේක ආපහු ඌටම දෙනෝ මං.. පීරියඩ් එකත් කට් වෙනෝ මේ පගරයගෙ වැඩ නිසා.. වෙන එකෙක් අතට දෙන්නත් බෑනෙ.. හදිසියේවත් ඕවා උන්ට බාරදීලා නොතිබුණොත් එහෙම කුණුබැනුම් අහන්න වෙනෝනෙ..

" ආ පොඩි එකෝ.. මොකෝ මේපැත්තෙ..? "

ප්‍රිෆෙක්ට් රූම් එකේ දොර ඇරන් යද්දීම ගීත් අයියා කෑගහලා එහෙම ඇහුවෙ.. ඇතියාන්තම් ඉන්නව.. ඒත් ඉතින් උවමනාම එකා නෑ.. ගීත් අයියයි මිහින් අයියයි කවීන් පගරයයි ඉන්නෝ.. නිකිතයියයි මහ පගයයි සන්ලයිට් බේසිකයයි නෑ.. ආ තව සත්රූ අයියයි ආවින් බොසායිත් මේකෙ අස්සෙ.. මුන් මොකක්ද මෙතන කරන්නෙ..

" උබ පීරියඩ් කට් කරනවා නේ.. ඉදපන් මං විහස්ට කියන්න.. "

ඔන්න ඉතින් මට තරහ යනෝ මගුල..! මේ කවීන් පගරයටත් කට වහන් ඉන්න බැරි ලෙඩක් තියෙනෝ මාව දැක්කම..!

" අනේ මේ කවීන් අයියේ..! ඒ ගීත් අයියෙ නිකිත අයියා ආවම මේක දෙන්න හොදේ.. සුභාෂයා දුන්නෙ.. "

මං කොලේ දික්කරලා කිව්වම ගීත් අයියා ඒක අරන් බලලා උගේ ගාව තිබ්බ පොතක් අස්සට දාගත්තා..

" කෝ උබ ඕක දීලා යන්නද ආවෙ..? "

" ඔව්.. හල්පගේ මිස්ගෙ පීරියඩ් එක.. "

කවීන් පගරයා අහපු එකට උත්තර දීලා මං යන්න හදද්දි මූ මහ කැත විදියට මට හිනාවුණා.. යකෝ එහෙම ඉදලා හිටලා පීරියඩ් එකක් දෙකක් කට් කරාට හැමතිස්සෙම අපි එහෙම කරන්නෑ.. මුන් මහ වැරදි විදියටනෙ අපි ගැන හිතන් ඉන්නෙ..

" උබ දැන් කෙලින්ම ක්ලාස් එකටම යාවි කියලා තමයි බය.. අනෙ නිකන් ඉදපන් බං බොරුව නොදා.. "

" අනේ මේ කවීන් අයියෙ..! "

මේ පගරයා බලහන්කො..!! මං ඌටත් රවාගෙන එන්න ආවා.. ඕන්නැති රෙද්දක් නෑ මූටත්..

" ඒ ඒ පොඩි එකෝ..! සහිරු..!! "

මං එද්දි ගීත් අයියා පැනලා කෑගැහුවම මං හැරිලා ඇයි කියලා අහන්න වගේ බලන් හිටියා.. කට හොල්ලන්න කම්මැළියි..! අනික මට තරහ ගිහින් ඉන්නෙ දැන්..!!

" කරන්න වැඩක් තියෙනො..! "

" දැන් බෑ..! මට ක්ලාස් එකට යන්නෝනි.. "

" අනේ අනේ බොරු මරිසි එපා බං.. දැන් ලාස්ට් පීරියඩ් එකත් පටන් අරගෙන ටිකක් වෙලානෙ.. ඕකෙ මැදින් එක්ස්කියුස් කරලා උබ යනවනම් බැරියැ.. "

" නෑ අවුලක් නෑ.. මං යන්නම් කවීන් අයියෙ.. "

ඇත්තම කතාව කිව්වොත් මට දැන් කෙලින්ම ක්ලාස් එකට යන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මට මේ කවීන් කියන පරයට සෙකන්ඩ් වෙන්නත් බෑ.. ඇයි ඉතින් මූ හිතන් ඉන්නෙ මහ වැරදි විදියටනෙ මං ගැන..

" සහිරු එන්න.. "

මං ආයෙ එන්න හදනකොට මිහින් අයියා කතා කර නිසා මං ආයෙ ප්‍රිෆෙක්ට් රූම් එක ඇතුළට ආවා.. කවීන් පගරයට සෙකන්ඩ් වුණා නෙවෙයි මිහින් අයියා කතා කරපු නිසයි ආවෙ..!

" මේ කොලවල තියෙන නම් ලිස්ට්වල ඉස්සරහින් ටික්ස් දාපු නම් විතරක් වෙනම ලියන්න මේ කොලේ.. "

මිහින් අයියා කොල ටිකක් දික් කරලා කිව්වම මං ඔලුව වනලා ගත්තා ඒක.. යකෝ නම් පනහක විතර ඉස්සරහින් ටික්ස් දාලනෙ.. මං දැන් මේ ඔක්කොම ලියන්න ඕනිද..? නම් විතරක් නෙවෙයිනෙ තියෙන්නෙ තව විස්තර තියෙනවනෙ නමට ඉස්සරහින්..

" ඔය නමට ඉස්සරහින් තියෙන අනිත් විස්තරත් ලියන්න ඕනි හරිද.. "

මං මිහින් අයියගෙ එහාපැත්තෙන් වාඩිවෙලා ලොකර් එකේ තිබ්බ පොතක් අරන් ඒක උඩින් කොලයක් තියාගනිද්දි අර කවීන් පගරයා එබිලා කිව්වම මං ඌටත් රවාගෙන රූලක්වත් නැතුව ටේබල් එකක් ගැහුව විස්තර ටික ලියන්න..

" මේ උබලයි වයසෙ තෙවින් කියලා කවුරුහරි ප්‍රිෆෙක්ට් කෙනෙක් ඉන්නවද..? "

" ආ ඉන්නවද කොහෙද.. මට නෝට් නෑ ලොකුවට.. "

ගීත් අයියා අහපු එකට උත්තර දීලා මං වැඩේ කරගෙන ගියා.. තෙවින් කියන නම මට හොදට අහලා පුරුදුයි වගේ.. හැබැයි කවුද කියලා නෝට් නෑනෙ.. සුභාෂයලයි ක්ලාස් එකේද නැත්නම් නිසියලයි ක්ලාස් එකේද එහෙම එකෙක් හිටියෙ..?

" නෑ බං මල්ලි.. ඔය උබලයි වයසෙ බෝඩ් එකේ උන් වගයක් පීරියඩ් කට් කරලා අහුවුණාම කියලා බෝඩ් එකේ වැඩ වගයකට ගියා කියලා.. අර සමරෙ සර් ඇවිත් අපිට ඉන්ෆෝම් කරලා ගියා බං.. යකෝ අපි හැමතිස්සෙම එහෙම උබලට බෝඩ් මීටින් ගන්නෑනෙ.. බලහන්කො නිකන් අපි කතා අහගන්නවනෙ.. "

ගීත් අයියා කිව්වම මට කියන්න දෙයක් හිතාගන්න බැරි උනු නිසා හෙනම ගොන් විදියට ඔලුව වැනුවා.. දවසක් මාත් බෝඩ් එකේ වැඩක් කියලා ක්ලාස් එකෙන් පැන්නනෙ.. හැබැයි එකම එක දවසයි..!

" කෝ අපේ අයියා..? "

මං ශේප් එකේ කතාව වෙනස් කරන්න එහෙම ඇහුවා මිහින් අයියගෙන්.. පොර මොකක්ද පොතක් පෙරලන් ආනාපානාසතිය වඩන ගමන් හිටියේ..

" ඌ වැඩකට ගියා සන්ලයිට් එක්ක.. "

මිහින් අයියා කෙසේවෙතත් කවීන් පගරයා නම් පැනලා එහෙම කිව්වා.. මුගෙන් ඇහුවෙ කවුද..!

" ඕයි සත්රූ මල්ලේහ්.. ඔය වතුර බෝතලේ දියන්.. "

මගෙන් සද්දයක් නැති නිසාද කොහෙද කවීන් පගරයා පැත්තකට වෙලා ආවින් අයියට මොන මොනවදෝ කිය කිය හිටිය සත්රූ අයියට එහෙම කිව්වෙ..

" ඇවිත් ගනින්..! "

" මූ යකෝ..!! මේ ඔය කොල්ලට කනක් ඇහිලා ඉන්න දියම්කො එක විනාඩියක්.. උබ කොයිවෙලෙත් ඌගෙ කන අස්සෙනෙ මදුරුවෙක් වගේ.. "

" ඉතින් දැන් ඒක ඌට ප්‍රශ්නයක් නැත්නම් උබට තියෙන ප්‍රශ්නෙ මොකක්ද බං අයියෙ..? අනික මේ ෆුට්බෝල් මැච් එක ගැන කතාවුණේ.. "

අනේ මන්දා මේ කවීන් පගරයටත් කට තියන් ඉන්න බැරුවට නිකන් අහගන්නොනෙ.. හොදෑඩේ ඉතින්..!

" මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ බං.. හැබැයි වෙන එකෙක්ට ඒක හෙනම ප්‍රශ්නෙනෙ.. නේ බං මිහින්..? "

අඩෝ මොකක්ද ඒ කතාව..!??? කිසිම දෙයක් ගැන දැනුවත් නැති නිසා මං වැඩෙත් නවත්තලා බලන් ඉදිද්දි කවීන් පගරයා එහෙම කියලා මිහින් අයියා දිහා බැලුවා.. මිහින් අයියා හැබැයි ඒකට මුකුත් කියන්න ගියේ නම් නෑ.. ඒකට සත්රූ අයියා.. ඌ හෙන නෝන්ඩි හිනාවක් යකෝ දැම්මෙ කවීන් පගරයට..!

" අරුන්ටනම් මහ කැ*ම වැඩේ බං උනේ..

හොද වැඩේ හැබැයි ඕකුන්ට.. ක්‍රිකට් මැච් එක දවසෙ දැක්කනෙ උන් දාපු කින්ඩිය.. දැන් සනීප ඇති.. නේ ආවින්..?

උන් පැරදුන එකට අර කලු ඩයල් එක සද්දෙකුත් දාන් ඇවිත් තිබ්බනෙ.. උන්ලගෙ කෝච්නුත් උගේ පැත්තටම කතා කරලා.. නේ ආවින් එහෙමනෙ උනේ..? "

කලින් ටොපික් එක එහෙන්මම වෙනස් වෙලා සත්රූ අයියා එකදිගට ආවින් අයියටත් ඇන ඇන කියවගෙන යද්දි කවීන් පගරයා නිකටටත් අතගහන් බලන් හිටියා උන් දිහා.. යකෝ කෝච්චියක් වගේනෙ මූ..! ආවින් බොසාටත් මේලෝකෙ සිහියක් නෑ වගේ අරූ කියන කියන එකට ඔලුව වනනෝ ෆෝන් එක ඔබ ඔබ..

" දැන් උබ එතන හිටියද..? "

" කොතනද..? "

" කලු ඩයල් එක සද්දයක් දාන් අපු තැන.. "

" ආ මං හිටියේ නෑ.. ෆුට්බෝල් ටීම් එකේ එකෙක් කිව්වෙ.. ඒවුණාට එහෙම තමයි වෙලා තියෙන්නෙ.. නේ ආවින්.. එහෙමනෙ උනේ..? "

" ම්ම්.. "

සත්රූ අයියා එකපාරටම ආවින් බොසාගෙ මූනට එබෙන ගමන් අහද්දි මං දැක්කා කවීන් අයියගෙ මූන අපායෙ කැලැන්ඩරේ වගේ වෙලා තියෙනෝ.. ඒ අස්සෙ ගීත් අයියා පොතක් අනිත් පැත්තට තියන් කියවනෝ.. මිහින් අයියනම් පාඩුවේ ඌගෙ වැඩ.. ඌ හැසිරෙන්නෙ මේ මොකක්වත් ඇහෙන්නෑ වගේ.. ඔක්කොමත් හරි අපේ මහ පගයයි  කේලම් නිකිතයයි දොර ළගට වෙලා ඇස් කටේ දාන් මේ පැත්ත බලන් ඉන්නෝ.. සිරාවටම මටත් දැන් දෙලොවක් අතර තනිවෙලා වගේ දැනෙන්නෙ.. මොකක්ද හුත්තො මේ වෙන්නෙ..!!?

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

eistrella <3

Previous
Last

Share This Chapter