Back
/ 22
Chapter 21

20 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

ගල් පිළිමෙ වගේ හිටපු මාවත් පැත්තකට කරලා අම්මා අර ගොම්බිලි පරාණෙව ඇතුලට ගන්නකොට මං බලන් හිටියා පිස්සු යකෙක් වගේ.. මේ මොන විකාරයක්ද යකෝ..!?

" ‍යකෝ..! විහස් අයියත් මහ හු_ හුස්ම හිරවෙන වැඩනෙ ඕයි කරන්නෙ.. "

මං ඔරවලා බැලුවා නිසිනු දිහා.. මූට අච්චර පුළුවන්කමක් තිබ්බා සෙහදුවාගෙන් එන එකාගෙ නම අහගන්න..! දැන් එනෝ මෙතන පකක් කියවන්.. කේන්තියි යකෝ..!!!

" අඩෝ දැන් නෙ මීටර් වුණේ පොරව..! අර බුක්ශොප් එකේදි උබට නම්බර් එක දුන්න උබලයි කරාතෙ සෙන්සෙද කවුද එක්කෙනානෙ..!? එදා ඇලවේල්ල පාරෙදි මට මූව මතක් වුණේ නෑනේ.. මේහ්.. මේකා ලොකු අවුලකුත් නෑ වගේ බං.. "

සුභාෂ් හෙන උනන්දුවෙන් කියද්දී මං ඌ දිහා බැලුවා මරන් කන්න වගේ.. පස්සෙ දැක්කෙ නිසිනුවත් ඉන්නො ඔරවන්.. කොච්චර වුණත් ඌටත් ගොම්බිලියව අරහංනෙ..!

" අනේ මේ පක_ පව් පිරෙන කතා කියන්නැතුව හිටහං ඕයි..! ඔය යකා කරාතේ ප්‍රැක්ටිස් දවස්වලට අපිව මරවනෝ..! දැන් හරිනෙ ඉතින්..!!  "

නිසිනුවා ගොම්බිලියා දිහා බලන් සුභාෂයට කුටු කුටු ගාද්දි මාත් ඔලුව වැනුවා.. මොන කරුමයක්ද බං මේ..!? ආත්මීය වෛරක්කාරයෙක් වෙන්න බැරිද මූ..? නෑ ඉතින් මට ඔය ගෝතයව පේන්න බෑ.. ඌටත් මාව දිරවන්නැතුව ඇති.. ඒකනෙ මොකක් හරි හුකන කතාවක් කියලා කොයිවෙලෙත් මාව තරහ ගස්සවන්නෙ..

" මේ මොන මගුලක් කරලා හරි මූව යවාගන්න ක්‍රමයක් හිතපන්..!! "

" චූටි..! මොකද ඔතනට වෙලා කරන්නෙ..? කිසිම සූදානමක් නෑ ක්ලාස් එකට..! කියලා වැඩක් නෑ මේ ළමයටනම්..! ගහලා හරි කමක් නෑ පුතේ ක්ලාස් එක හරියට කරන්න.. මං නම් කිසි දෙයක් කියන්නෑ.. "

සුභාෂ්ලයි ආච්චිට හාල් ගරන්න..! ඔන්න ඉතින් මගුලක් කියවනෝනෙ අම්මත්..

" ඉක්මනට යමන් බං ඔය පොත් දෙක තුනත් අරගෙන.. ඇන්ටි සායම යවන්න හදන්නෙ උබේ..! "

සුභාෂයා එහෙම කියන ගමන් මාවත් ඇදන් ගියා කෑම මේසෙ ගාවට.. අපේ අම්මා ක්ලාස් එක කරන්න කෑම මේසෙ තමයි ලෑස්ති කරලා තියෙන්නෙ.. ඔය ඉන්නෙ..! ඔය ඉන්නෙ අර යකත් වැඩිවෙලා..

" අගසස්ව මං දන්නවා ඇන්ටි.. මං තමයි මේ දවස් ටිකේ ඉස්කෝලෙ මෙයාලට කරාතෙ කරන්නෙ.. "

ගොම්බිලියා මං දිහාත් බලන ගමන් මහ අමුතු හිනාවක් දාලා කියද්දී මං රවාගෙන අහක බලාගත්තා..

" ආ එහෙනම් ප්‍රශ්නයක් නෑනේ චූටි.. ඔයා දන්න කෙනෙක්නෙ මේ අයියා.. පුතාට මේ වෙලාව අවුලක් නෑ නේද..? අදම හපුගල යනවද..? "

ප්‍රශ්නයක් නෑ..!? රෙද්ද තමයි..! මූව තමයි මට ලොකුම ප්‍රශ්නෙ..!!

" නෑ ඇන්ටි.. හෙට උදෙන්ම යනවා..  බ්‍රහස්පතින්දා ආයෙ එන්න ඕන.. මෙයාලට කරාතේ ප්‍රැක්ටිස් දවස්නෙ බ්‍රහස්පතින්දා, සිකුරාදා.. "

යැයි යැයි තමයි.. එහෙම එන්න ඕන්නෑ..! උබ එහේම හිටියත් අපිට කමක් නෑ..!!

" මේ ළමයත් පැනගෙන ඉස්කෝලෙ යන්නෙ කරාතෙ ප්‍රැක්ටිස් දවසට තමයි.. "

අනේ අම්මේඒඒඒඒඒඒඒඒ..!!!

" ආ ඒක මං දන්නෑනෙ.. "

අම්මා කිව්ව එකට ගොම්බිලියා මහ කැත හිනාවක් දැම්මෙ මට.. මොන විලිලැජ්ජාවක්ද යකෝ මේ..!!!

" හරි එහෙනම් පුතා ක්ලාස් එක පටන්ගන්න.. "

එහෙම කියන ගමන් අම්මා එතනින් ගියාම අපි තුන්දෙනා වාඩි වුණා.. ඒකෙත් කරුමෙ කියන්නෙ ගොම්බිලියගෙ හරි කෙලින්ම ඉස්සරහින් මං..! වම් අත පැත්තෙ සුභාෂයා.. දකුණු අත පැත්තෙ නිසිනුවා.. සිරාවටම දැන්නම් මාව පිච්චෙනෝ වගේ..!!

" ඇත්තද අගසස් අම්මා කිව්වෙ..? "

" මොකක්ද..? "

ගොම්බිලියා නෝන්ඩියට වගේ එහෙම ඇහුවම මාත් මුකුත් දන්නෑ වගේ මොකක්ද කියලා ඇහුවෙ.. අම්මට කොහොම වුණත් එහෙම නොකියා ඉන්න තිබ්බා.. අරූ මොන කුණුහරපයක් හිතනවද දන්නෑ දැන්.. කොහොම වුණත් ආයෙ මුකුත් කියන්නෙ නැතුවම ගොම්බිලියා පාඩම පටන් ගත්තා..

" First lesson එකේ ඉදන්ම කරන්නම් කිව්වට මට හිතෙනවා ඒක කාලය අපතෙ යැවීමක් කියලා.. පොඩි පාඩම්නෙ තියෙන්නෙ මුල.. මොකද කියන්නෙ ඔය තුන්දෙනා..? "

ගොම්බිලියා මගේ දිහත් බලලා ඇහුවම මං මුකුත් නොකියා නිසිනුට ඇන්නා ඌට උත්තර දෙන්න කියලා.. කොහොමත් පළවෙනි පාඩම් තුන හතරම අවුලක් නෑ.. අනික ඒවා කලින් ක්ලාස් එකෙන් කෙරුණත් එක්ක.. ආයෙ ඒවා කරන එක තේරුමක් නෑනෙ..

" ඒකතමයි අයියෙ.. මුල් ටික අවුලක් නෑ.. අපි Congruency වලින් පටන් ගමුනෙ.. "

නිසිනු සුභාෂයයි මායි දිහයි බලලා කිව්වම අපි දෙන්නත් එහෙම කරන්න කියලා කියන්න ඔලුව වැනුවා..

" හරි එහෙනම් ටොපික් එක ලියන්න.. Congruence of Triangle "

ඊටපස්සෙ ඉතින් දිගටම පාඩම.. හැබැයි මෙහෙමයි , කොච්චර මට මූව සෙට් උනේ නැති වුණත් පොර උගන්නනෝ හොදයි.. එකම තියරිය කීපසැරයක්ම කියලා දෙනෝ ඔලුවට යනකන්ම.. ඊටපස්සෙ ගනන් හදවනෝ පාස්ට් පේපර්ස්වල ප්‍රශ්නත් එක්කම.. කම්මැලිකමකුත් දැනෙන්නෑ ඉතින් මූ අපි එක්ක කතා බහ කරන විදියෙන්.. ඉස්කෝලෙ මිස් වගේ ඝන්ඨාර ගගහා ඉන්නෙත් නෑනෙ..

" අද කරපු කොටසෙන් මුකුත් ප්‍රශ්න තියෙනවද තුන්දෙනාට..? "

ගොම්බිලියා ක්ලාස් ඉවර කරන්න ඔන්න මෙන්න තියලා තේ බිබී අපෙන් එහෙම ඇහුවෙ.. ඔව් ඔව් අපේ අම්මා ඌට තේත් හදලා දුන්නා.. තේම තමයි ගිල්ලවන්න ඕන මූට..!

" අයියෙ හෝම්වර්ක් දෙන්නෙ නැද්ද..? "

අනේ සුභාෂ් උට්ටෝඕඕඕඕඕ..!!!

" වෙලාවට මතක් කරේ.. ම්ම්.. එහෙනම් ටෙක්ස්ට් බුක් එකේ අද කරපු කොටසට අදාළ exercises ටික කරන්න.. "

හරිනෙ ඉතින්..! අරූටත් කට පුප වහගෙන ඉන්න බෑනෙ.. මං එහෙන්මම පොත පෙරලලා බැලුවෙ කොච්චරක් විතර කරන්න තියෙද කියලා.. අවුලක් නෑ වැඩිය නෑනෙ.. ඒ වුණාට අරූ කට වහන් හිටියනම් නිකන් ඉන්න තිබ්බ වෙලාවනෙ..

" හරි එහෙනම් අපි ක්ලාස් එක ඉවර කරමු.. "

එහෙම කියන ගමන් ගොම්බිලියා අතේ තිබ්බ තේ කෝප්පෙත් ට්‍රේ එකෙන් තියන ගමන් නැගිට්ටා.. අරූ නැගිට්ටා විතරයි දඩිබිඩියේ මගේ දෙපැත්තෙන් ඉදපු මුන් දෙන්නත් නැගිට්ටා.. දැන් මාත් නැගිටින්න ඕනද..?

" නැගිටහන් බල්ලො.. "

නිසිනුවා ඇනලා කියද්දී මාත් නැගිට්ටා ඉතින්.. සිරාවටම මොකටද නේද නැගිටින්නෙ මං අහන්නෙ..! බොරු වැඩ..! සර් කෙනෙක් නෙවෙයිනෙ මූ..

" අඩේ ක්ලාස් එක ඉවරද.. "

ගොම්බිලි පරාණෙ අම්මටත් යන්නම් කියාගෙන එළියට බහිද්දිම අපේ අයියා ගේට්ටුව ඇරගෙන ආවෙ.. ඌ දැන් එන්නෙ ඉස්කෝලෙට ගිහින්.. ඒ අනිත් එකා.. ඉදපන්කො උබටත් කරන්න මං..!

" ඔව් බං පැය තුනනෙ.. උබට ක්ලාස් තිබ්බද..? "

" උදේ තිබ්බෙ බං අයියෙ.. මේ හවස ඉස්කෝලෙට යන්න වුණා.. "

මහ පගයා එහෙම කිව්වම ගොම්බිලියා ආයෙ මොනවද කියලා මහ පගයව කතාවට අල්ල ගත්තා.. උන් කියවන මගුලක් මට තේරුන්නෑ.. ඒ අස්සෙ ක්‍රිකට් මැච් එක ගැනත් කතා වෙනෝ ඇහුනා.. අනේ ඉතින් මට වැඩක් නෑනෙ ඕවා.. මං සෝෆා එකෙන් වාඩි වෙලා ටීවී එක දාගත්තා.. කාටුන් ටික බලන්න ඕන..

" අඩෝ මේ ෆෝන් එක සෞම්‍ය අයියගෙනෙ.. පොරට කෝල් එකක්..! "

හම්මට..! ගොම්බිලියා ෆෝන් මේස උඩ දාලා ගිහින්..

" ඌ ගියේ නෑ බං තාම.. අපේ අයියා එක්ක කතාවක්.. කෝ දීපන් ඕක.. "

මං සුභාෂයා අතින් ෆෝන් එක අරන් මුලින්ම බැලුවේ මොකාද අරූට කෝල් කරන්නෙ කියලා.. Rishiiiii කියලා සේව් දාලා තිබ්බ නම්බර් එකක්.. එච්චර i අකුරු මොකටද යකෝ දාන්නෙ..? පිස්සුද මූට..!

" රිශී.. අඩෝ කෑල්ලද දන්නෑ.. "

නිසිනුවා එබිලා කිව්වම තමයි මට පරණ සීන් එකක් මීටර් උනේ.. සිරාවටම එදා මං දැක්කනෙ මූ කෙල්ලෙක් එක්ක ඉන්නො Dutchman's street එකේදි.. ඊට පස්සෙ අර බුක්ශොප් එකේදිත් හිටියේ.. එකාතකට මට මොකටද නේද අනුන්ගෙ පකවල්..!

" ඒ කට් උනා යකෝ..!! ඕක ගිහින් දීපන් අරූ යන්න කලින්..! "

නිසිනුවා කිව්වම මං ෆෝන් එකත් අරන් එළියට ආවා.. ගොම්බිලියා ඉන්නො අපේ අයියා එක්ක කතා කර කර..

" මේහ්.. ෆෝන් එක දාලා ඇවිත්.. "

මං ගොම්බිලියට ෆෝන් එක දික් කරාම ඌ ක්ශනිකවම ෆෝන් එක අරගත්තෙ මං උගෙ ෆෝන් එක හොරෙන් අරන් හිටියා වගේ.. අනේ මට වැඩේමයිනෙ..!

" කෝල් ආවද..? "

" ඇස් තියේනේ..? "

" චූටි..!! "

ගොම්බිලියාට එහෙම කිව්ව නිසාද කොහෙද මහ පගයට කේන්ති ගිහින්.. අමෝර් අමෝර්..! මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ..! ගොම්බිලියටවත් නැති අමාරුවක්නෙ මූට තියෙන්නෙ.. මං ඌට රවාගෙන හිටියා.. ඔය ගොන් පකයා නිසානෙ සේරම දේවල් වුණේ.. ඒ අස්සෙ ගොම්බිලියා අර රිශීද මොකීද එකීටද කොහෙද කෝල් කරනෝ..

" හෙලෝ.. කියන්න රිශී.. "

" ___ "

" නෑ මං ක්ලාස් එකක් කරන්න ආවා.. ඊයෙ ඔයාට කිව්වෙ.. "

" ___ "

" ඔව් දැන් ඉවරයි.. "

" ___ "

" මොකක්..!!? කොහෙද ඉන්නෙ දැන්..? "

" ___ "

" ඉන්න ඉන්න..! මං එන්නම්.. විනාඩි දහයකින් මං ඔතන.. "

ගොම්බිලියා හෙන කලබලෙන් කෝල් එක කට් කරලා ෆෝන් එකත් සාක්කුවේ දාන් බයික් එකට නැග්ගෙ මායි අයියයි මෙතන හිටියද කියලත් අමතක වුණා වගේ..

" ඒ මං යනවා බං පොඩි හදිස්සියක්..! "

" ආ හරි බං.. පරිස්සමින් පලයන්.. "

" අගසස් හෝම්වර්ක් ටික කරලා තියන්න හරිද..! "

මගේ දිහා බලලා ගොම්බිලි පරාණෙ එහෙම කියන ගමන් බයික් එක ගේට් එකෙන් එළියට දැම්මෙ මං ඌව ගනන් නොගෙන බලන් ඉදිද්දි.. දැක්කනෙ අර රිශීද ඉශීද කොහෙද කතා කරා විතරයි මූට කුලප්පුව හැදිලා වගේ හැසිරුන හැටි..! මහ ලොකු ගොම්බිලි කෑල්ල..

" ඌගෙ කෑල්ලද කොහෙදනේ ඒ කතා කරේ.. "

මං ශේප් එකේ මහ පගයගෙන් එහෙම ඇහුවාම ඌ මං දිහා මොකක්ද එකට වගේ බැලුවා..

" උබටත් ඕන්නැති ඕපදූපයක් නෑ.. "

ඉදකින් යකෝ..! වැඩක් නෑ මූත් එක්ක කතා කරලා..

" තමුසෙටත් කලින් කියන්න බැරි උනානෙ අරූ තමයි ක්ලාස් කරන්න කතාකරේ කියලා.. අනික වෙන උන් හිටියේ නැද්ද ඕයි..! ප්‍රෝඩාවනෙ අයියෙ තමුසෙගෙත්..! "

" මේක හරි වැඩක් උනානෙ යකෝ..!! හරි කියපන්කො ඌගෙ තියෙන අවුල මොකක්ද..!? ඌ කලින් ක්ලාස් කරලා තියේ කියලා මං දන්න නිසයි ඌට කිව්වෙ..! "

යැයි යැයි තමයි..! අනේ උබ නටපන් අයියේ..!!

" කියලා දෙන ඒවා තේරෙන්නෙත් නෑ.. ඌ හරියන්නෑ එච්චරයි..! "

මං එහෙම කියාගෙන ගෙට එද්දි මහ පගයත් ආවා මගේ පස්සෙන්..

" ඔව් ඇන්ටි.. සෞම්‍ය අයියා සුපිරියි.. තේරෙන්නැති ගාණක් උනත් අහගන්න පුළුවන්.. "

" ඒ ඔව් බං.. මං ගියපු කලින් ක්ලාස් එකෙත් ඔය පාඩම කරා.. හරියට තේරුන්නෑ.. මේ අයියා කීපසැරයක්ම තියරිය කියලා දීලානෙ ගනන් හදවන්නෙ.. එතකොට ලේසියි.. "

ගෙට එද්දිම ඇහෙනෝ සුභාෂ් පකයගෙයි නිසිනු හුත්තගෙයි කිංකිනි නාද..! අනේ මාව මරපන් යකෝඕඕඕඕ..! මුන් සාප ඕයි..!

" අර බලහන්කො උබට විතරයි තේරෙන්නැත්තෙ නේ.. අනේ නිකන් පලයන් චූටි..! අලි බොරුව තමුසෙගෙත්.. "

මහ පගයා මට කින්ඩියට වගේ එහෙම කියාගෙනම ගේ ඇතුලට ගියා.. කේන්තියි යකෝ මට..!!!

" අම්මේ තේකක්..!! "

තේම තමයි උබට දෙන්න වටින්නෙ..! පකයා..!!

" ආ ලොකූ.. තුන්දෙනාටම අර දරුවව අල්ලලා ගිහින් වගේ.. මං මේ විස්තර ඇහුවා.. "

අම්මා එහෙම කියාගෙන කුස්සියට ගියාම මහ පගයත් ගියා බෑග් එක තියලා අම්මගෙ පස්සෙන්..

" දැන් අර මල වාත ක්ලාස් එකට යන්න ඕන්නෑ.. අම්මෝ හොද වෙලාවට බං.. මැත්ස් ඇනුනොත් එහෙම මල මගුලක් තමයි වෙන්නෙ.. "

" ඒ සහිරු අපි අකමැති වුණාට සෞම්‍ය අයියා හොදට උගන්නනෝ බං.. මට නම් සිරාවටම සෙට් හොදේ.. "

මං මුකුත් කියන්නෑ..! ඕන්නෑ ඕකුන් එක්ක කතාවක්..! ද්‍රෝහියො..!

" ඒ මේ බං.. හෙට නිවාඩුවක් දාමුතේ..? අපේ අම්මලත් හෙට කොහෙද යනෝ කිව්වා.. ඉස්කෝලෙ ගිහින් ආවත් මට ගෙදර තනියමනෙ ඉන්න වෙන්නෙ.. කම්මැළියි.. "

සුභාෂයා එහෙම කිව්වාම මාත් පොඩ්ඩක් කතාවට කන දැම්මා..

" අවුලක් නෑ හැබැයි.. සහිරු උබ මොකෝ කියන්නෙ..? "

නිසිනුවා මගෙන් එහෙම ඇහුවේ මං ගියේ නෑ කියන්නෙ ඉතින් ඌ ගියේ නෑ වගේ තමයි.. ඇයි ඉතින් මගේ පිටින් දාලා නෙ ඌ ගෙදරින් අවසර ගන්නෙ..

" ඉදපන් මං අහලා එන්නම්.. "

මං එහෙම කියාගෙන කිචන් එක පැත්තට ගියාම මහ පගයා ඉන්නෝ පැන්ට්‍රියට නැගලා තේ බිබී.. මේක හරියන්නෑ යකෝ මූ දැන් නිතරම පැන්ට්‍රියට නගින්න පුරුදු වෙලානෙ..!

" ඔය මගේ තැන ඕයි..!! "

" උබේ නම ගහලා නෑනේ..! "

" අම්මේ..!! හෙට මං ඉස්කෝලෙ යන්නෑ හොදේ.. "

" ආ ඒ මොකද ඒ..!? "

" අරුන් දෙන්නා යන්නෑලු.. අපි බැලුවේ එකතුවෙලා ගණන් ටිකක්වත් හදන්න.. ඉස්කෝලෙ ගියත් ඉතින් ඔය එකේක ඒවට යන්න වෙනෝනෙ.. මේ මුන් බෝඩ් මීටින් කිය කිය අපිව ගෙන්න ගන්නෝ අම්මේ..! පංතියක ඉන්නත් නෑ ඉස්කෝලෙ ගියාට.. "

" අඩො බොරු කියන්න එපා..! "

මං වැඩියෙනුත් දාලා කියද්දී මහ පගයා කුලප්පු වෙලා..

" බොරු නෙවෙයි අම්මෙ..! මං හෙට යන්නෑ හොදේ.. "

මං එහෙම කියාගෙනම කිචන් එකෙන් එලියට ආවෙ අම්මා අවුලක් දැම්මෙ නැති නිසා.. කොහොමත් අම්මා දන්නෝ මේ දවස්වල අපේ අයියා ඉස්කෝලෙ වැඩ වලට නහින හැටි.. අනික මාත් එක දිගටම ඉස්කෝලෙ ගියානෙ පහුගිය දවස් ටිකේ..

කොහොමහරි අරුන් දෙන්නා අපේ ගෙදරින් තේත් බීලා ගියා හෙට අපෙ ගෙවල් පැත්තෙ එන්නම් කියාගෙනම..

><

" මේ කරනවා නම් වැඩක් තියෙනො.. "

නිසිනුවා කිව්වම මමයි සුභාෂයයි ඌගෙ දිහා බැලුවෙ ඒ මොකක්ද කියලා අහන්න වගේ.. ඌ ඉන්නවා සුභාෂයා එද්දි උස්සන් ආව උන්ලයි ආච්චිගෙ ෆෝන් එක දිහා බලාගෙන.. අපි මේ අද වැඩක් කරන්න කියලා ගෙදර නැවතුණානෙ.. අපේ ගෙදරට තමයි සෙට් වුණේ අරුන් දෙන්නත්.. ඉතින් සුභාෂයා එද්දි උන්ලයි ආච්චිගෙ ෆෝන් එකත් උස්සන් ඇවිත් ඒකට මොකක් හරි කරන්න හිතාගෙන..

" කාටහරි කෝල් කරලා ආතල් එකක් ගමු..? "

නිසිනුවා කියද්දි මූ අදහස් කරන්නෙ මොකක්ද කියලා මටනම් තේරුණා එකපාරින්ම.. ඒත් නිකන් මොකක්ද වගේ ඒ වගේ වැඩක් කරන්න..

" ඉතින් කාටද..? අනික මොකක් කියලද කෝල් එක ගන්නෙ..? "

" ෆ්ලවර්කාන්තිට ගමු බාරගත්ත දානෙ කෝ කියලා අහන්න.. "

අම්මටසිරි..! ෆ්ලවර්කාන්තිගෙන් නම් කමකුත් නෑ ඔහොම ආතල් එකක් ගත්තට.. එපා කරපු මිස් කෙනෙක් ඒ නම්.. නිසිනුලටත් ඉස්කෝලෙ සිංහල කරන්නෙ ඒ මිස් නිසා ඌටත් පේන්න බෑ ඒ මිස්ව.. පුදුම මල ඇණයක්..!

" ෆ්ලවර්කාන්තිගෙන් අපිනම් බේරුණා යන්තම්.. උබලට මේ අවුරුද්දෙත් අහුවුණානෙ.. "

" ඔව් යකෝ..!! මේ උබලයි ආච්චිගෙ ෆෝන් එකෙන් ගමුනෙ.. "

ආච්චිගෙ ෆෝන් එකෙන් කෝල් එක ගන්න එකට සුභාෂයගෙන් අකමැත්තක් නැති වුණාම නිසිනුවා ඉස්කෝලෙ වට්සැප් ගෘප් එකෙන් බලාගෙන ෆ්ලවර්කාන්ති මිස්ට ඩයල් කරා..

" හැලෝ.. මේ මල්කාන්ති ඉස්කෝලෙ හාමිනේ නේද..? "

" ___ "

අම්මෝ යකෝ මූ..! කෝල් එක ගත්ත ගමන් නිසිනුවා කටහඩත් අමුතු කරන් කතා කරේ.. සුභාෂයටයි මටයි පන යන්න හිනා ඌ ඒ කතා කරපු විදියට.. ඒ අස්සෙ ෆ්ලවර්කාන්ති කියන දෙයක් අපිට ඇහෙන්නෙ නැති නිසා මං කිව්වා ස්පීකර් ඔන් කරපන් කියලා.. මේ ෆෝන් එකේ ස්පීකර් ඔන් කරන්න නිසිනුවා දන්නැති නිසා ඒ පාර සුභාෂයා අරගෙන මොකක්ද ඔබලා ඉක්මනට නිසිනුවට ආයෙ ෆෝන් එක දුන්නා..

" හා ඉස්කෝලෙ හාමිනෙ.. මං මේ පන්සලේ ඇබිත්තයා අමතන්නෙ.. "

" එහෙම ඇබිත්තයෙක් මටනම් මතක නෑ පන්සලේ හිටියා කියලා.. "

අඩෝ..!! සැක හිතුණවත්ද..? මං එහෙන්මම නිසිනුවට තොල් මතුරලා කිව්වා මොකක් හරි කියපන් කියලා..

" නෑ ඉස්කෝලෙ හාමිනේ මං මේ පන්සලේමයි හිටියෙ.. ඔහෙට මතක නැතුවැති මාව බාගවෙලාවට.. මොකෝ මම චාල්ස් කුමාරයා නෙවේ නොවැ.. "

මට බෑ යකෝ..!!! මූ මරුවට ඇක්ට් කරනොනෙ..!

" ආ හරි මොකටද දන්නෑනෙ කෝල් එකක් ගත්තෙ..? "

" අන්න ඉතින් ඇමතුවක් ගත්ත කාරණාවත් ඒ ඩිංගට අමතක වුණානෙ.. මං මේ අපෙ ඉස්කෝලෙ හාමිනේගෙ නොම්බරේට විගහට ඇමතුවේ කෝ බාරගත්ත දානෙ කියලා අහන්ඩ.. "

" මොකක්ද කියන්නෙ..!? ඊයෙ උදේ දානෙනෙ අපිට තිබ්බෙ..! අපි ඒක දීලා ආවෙ ඊයෙ..! "

මල උට්ටයි යකෝ..!! වැඩේ wrong side යන්නයි හදන්නේ..!!

" වෙන්න බෑනෙ.. ඉස්කෝලෙ හාමිනේගෙ නමත් එක්ක ටෙලිපෝන් නොම්බරේ තමයි මේ දානෙ බාරගන්න පොතේ අද දිනේ දාලා ලියලා තියෙන්නෙ.. "

" කිසිසේත්ම වෙන්න බෑ..! අපිට ඊයෙයි දානෙ තිබ්බෙ.. එද්දි ලොකු හාමුදුරුවෝ එක්කත් කතා කරලත් එක්ක ආවෙ.. ඔය ඇත්තන්ට වැරදීමක් වෙලා.. "

" එහෙම වැරදීම් වෙන්නෙ නෑ ඉස්කෝලෙ හාමිනේ.. මේ පොතේ සදහන් වෙච්චි දේ නොවැ මං කිව්වෙ.. "

" හරි එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් මං ඒක ලොකු හාමුදුරුවෝ එක්ක කතා කරගන්නම්..! "

" දානෙ බාරගත්තා නම් මේ_ අඩො තිබ්බා යකෝ..! ගෑනි කෝල් එක කට් කරා..! "

" අඩෝ ෆ්ලවර්කාන්තිට තේරුනාද දන්නෑ.. "

මං එහෙම කිව්වම නිසිනුවා නෑ කියන්න ඔලුව වැනුවා..

" තේරුනත් මොකෝ බං.. අපි කියලා දන්නෑනෙ.. "

" නම්බර් එක චෙක් කරොත් තමයි.. "

" අවුලක් නෑ අපේ ආච්චිට ඔය සිම් එකත් කුරුණෑගල පුංචිලා අරන් දීපු එකක් බං.. "

අම්මෝ ඉතින්..

" අඩෝ මොනා වුණත් ආතල් වැඩේ බං.. ඊට පස්සෙ කාවද අන්දන්නෙ..? "

මං එහෙම ඇහුවාම නිසිනුවා උගෙ ෆෝන් එක අරන් කන්ටැක්ට් ලිස්ට් එක බැලුවා..

" අඩො සෞම්‍ය අයියට ගමුද..? "

" එපා එපා අයියලට ගන්නෙපා.. උන්ට වැඩේ අහුවෙනෝ බං.. අනික සෞම්‍ය අයියා කැම්පස් පොරක්.. ඌට මීට වඩා දේවල් කරලා අත්දැකීම් ඇති.. "

සුභාෂයා එහෙම කිව්වම මාත් ඔලුව වැනුවා.. අපරාදේ හැබැයි පර ගොම්බිලියගෙ ගොම්බිලි කෑල්ලගෙ නම්බර් එකවත් තිබ්බනම් ඒකිගෙන් ආතල් එකක් ගන්න තිබ්බා.. අක්කා කෙනෙක් වුණත් මොකෝ.. අඩේ අක්කා කියද්දී මතක් උනේ නිසිනුටත් ඉන්නෝනෙ අක්කෙක්..!

" අඩෝ මුන්ලයි අක්කට ගමු.. අද උබලයි අක්කා ගෙදර නෙ..? "

" ඒ අපේ අක්කානම් ලේසි පහසු නෑ බං.. අහුවුණොත්නම් මං ගෙදර ඉදලත් හමාරයි.. "

" නෑ නෑ බං.. අහුවෙන්නෑ එහෙම.. "

මං එහෙම කියලා නිසිනුවගෙ අතේ තියෙන සුභාෂ්ලයි ආච්චිගෙ ෆෝන් එක ගත්තා.. ගානට වැඩේ කරන්න ඕනි අහුවෙන්නැති වෙන්න.. අහුවුණොත්නම් නිසිනුවා කොහොමත් ඉවරයි.. අපිත් බාගෙට ඉවරයි වගේ තමයි..

" දැන් මොකක් කියලද අපෙ අක්කට ගන්නෙ..? "

" ඩිලිවරිකාරයෙක් වගේ ගමු.. "

මං එහෙන්මම නිසිනුවගෙන් උන්ලයි අක්කගෙ නම්බරේ ඉල්ලන් ඩයල් කරලා හක්කෙ ලේන්සුවකුත් නවලා ඔබාගත්තා.. ඇයි ඉතින් වොයිස් එක මීටර් වුණොත් මල කෙලියක්නෙ වෙන්නෙ..

" හෙලෝ..! "

" හෙලෝ මිස් මේ නිසදි නෙසාරා කියලා කෙනෙක් ඉන්නවද..? "

" ඔව් කියන්න..! "

යකෝ ගහගන්න වගේනෙ කතාව.. මං නිසිනුවගෙ දිහා බැලුවම ඌ තොල් මතුරලා ආයෙ කිව්වා අපෙ අක්කනම් ලේසි නෑ කියලා..

" මිස් ඩරාස් එකෙන් කතා කරන්නෙ.. මිස්ගෙ නමට කෑශ් ඔන් ඩිලිවරි ඕඩර් එකක් තියෙනවා.. මට පොඩ්ඩක් හරියටම එන්න ඕනි විදිය කියනවද..? "

" සමාවෙන්න වැරදීමක් වෙන්නැති.. මං මුකුත් ඕඩර් කරලා නෑ මිස්ටර්..! "

බීප්.. බීප්..

අන්න යකෝ තිබ්බා..!!

" ආ දැන් හරිද ආතල් එක..!? "

" නෑ ඉදහන්කො ආයෙ විනාඩි දහයකින් විතර කෝල් එකක් අරගමු.. "

නිසිනුවා නෝන්ඩියට ඇහුවම මං එහෙම කියලා සුභාෂයලයි ආච්චිගෙ ෆෝන් එකෙන් කලින් ෆ්ලවර්කාන්තතිට ගත්ත කෝල් එක ඩිලීට් කරා ඩයල්ඩ් නම්බර්ස් වලින්..

" ආයෙ කෝල් කරොත් අක්කා ආන්ස්වර් කරන එකක් නෑ බං.. "

" නෑ ආන්ස්වර් කරාවි බං.. අක්කගෙ නම දාලා මූ මොනවහරි ඕඩර් කරලා කියලා හිතලහරි.. "

" අඩෝ මං එහෙම වැඩ කරන්නෑ බං අක්කගෙ හැටි දන්න නිසා.. බුදාම්මෝ ඉන්න හම්බෙන්නෑ මට එහෙමනම්.. "

" හරි එහෙමනම් යාලුවෙක් හරි එහෙම කරා කියලා හිතලා ආන්ස්වර් කරාවි කෝල් එක.. ඔන්න බලහන්කො.. "

මං එහෙම කියලා එහෙන්මම ආයෙ අක්කගෙ නම්බර් එක ඩයල් කරා.. ම්ම්.. රින්ස් යනෝ..

" මිස් මං කොහොමහරි මිස්ලගෙ ගෙදර හොයාගත්තා.. දැන් ඉන්නෙ ගේට් එක ළග.. තරහ නැතුව ඇවිත් මේ පාර්සල් එක ගන්නවද..? "

අක්කා ආන්ස්වර් කරපු ගමන්ම මං කියාගෙන ගියා.. කොහොමහරි මං කියනකන් අහගෙන ඉදලා කෝල් එක කට් කරේ ආයෙ.. ඒ කියන්නෙ දැන් ගේට් එක ළගට ඒවිනෙ අක්කා..

" අඩෝ දැන් අක්කා ගේට් එක ළගට ඇවිත් හොයාවිනෙ.. "

" ඔව් ඉතින්.. බලන් ඉදලා යා_ හහ් හා..චින්..!! "

" අම්මටසිරි ගේට් එක ළගට ඇවිත් උබට හොදට දෙහි කපනො වගේ.. "

සුභාෂයා හිනාවෙවී කිව්වම මට ආයෙ හචිමක් ගියා.. අඩෝ සිරාවටම අක්කා බනිනවද දන්නෑ.. නහයත් දනෝ දනෝ වගේ..

" අඩෝ මෙන්න අක්කා ගන්නො..! ආන්ස්වර් කරනවද..? "

" ආන්ස්වර් කරමු.. නොකර හිටියොත් කේස් එක වෙන්නෙ.. "

නිසිනුවා කිව්වම මං අක්කගෙන් ආව කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියාගත්තා..

" කොහෙද මනුස්සයෝ පාර්සල් එක..? මං මේ ගේට් එක ළග ඉන්නෙ.. "

" මිස් මං හිතන්නෙ අපිට පාර වැරදිලා.. "

" මොකක්ද කියන්නෙ..!? "

" ඔව් මිස්.. ඉන්න මිස් මේ පාරෙ පාර්සල් එකක් තියෙනවා.. ඒකත් බෙදලම මිස්ලගෙ පාරට ඇවිත් කෝල් එකක් දෙන්නම්.. "

" එහෙනම් ගේට් එක ළග ඉන්නවා කිව්වෙ..?

" ඒක තමයි මිස් කියන්නෙ.. වැරදි පාරක ගිහින් වැරදි ගෙදරක ගේට් එක ළග ඉන්න ඇත්තෙ.. "

" හහ්.. මාර වැරදීම්නෙ ඒ..!! "

" සිදුවූ අපහසුතාවෙට සමාවෙන්න මිස්.. අපි මිස්ලගෙ පාරට ඇවිත් කෝල් එකක් ගන්නම් මිස්.. "

මං එහෙම කියලා ඉක්මනට කෝල් එක කට් කරලා නම්බර් එකත් බ්ලොක් කරා.. බුදාම්මෝ යකෝ..!!! අක්කා ලේසි පහසු නෑ තමයි.. ෆෝන් එකෙන් අත දාලා ගහන්න පුලුවන්නම් අක්කගෙන් හොද ශොට් එකක් කාලා මං..

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

කම්මැළියිනෙ කතාව ලියන්න..!

eistrella <3

Share This Chapter