Back
/ 22
Chapter 20

19 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" නෑ නෑ ආයෙ කතා ඕනි නෑ ඒක ගැන.. ඒ අයියා අද එනවා කිව්වනෙ.. "

" මොන වදයක්ද අනේ..!!! "

" වදයක්..!? ඔව් දැන් අපි තමයි වදයක් වෙලා තියෙන්නෙ.. චූටි මේක හොදට අහගන්න.. ඔයාට දැන් අපි මෙච්චරකල් ඕනි ඕනි විදියට නටන්න දුන්නනෙ.. දැන්වත් අපි කියන දේ අහන්න පුරුදු වෙන්න..! තරහකට නෙවෙයිනෙ කියන්නෙ.. මං ආයෙ මතක් කරන්නෑ ලිට් ක්ලාස් ඉවර වුණු ගමන්ම ගෙදර එන්න ඕනි අද..!! අරහෙ මෙහේ රවුම් ගහලා අහුවෙන්නෑ..! "

අම්මා කෑගහද්දිම මං ආවා සාලෙට.. එපා වෙනවනෙ මගුල..! පොඩ්ඩක්වත් මට ඇහුම්කන් දෙන්නෑනෙ.. මං අහන්නෙ දැන් ඔය මං අකමැත්තෙන් ක්ලාස් එකක් කරන්න ගන්න එක වැඩක් තියෙද..!? නෑනෙ නෑනෙ.. ඒක තේරුම් ගන්නෑනෙ මේ මිනිස්සු.. දැන් කරන්න තියෙන්නෙ ඔය එන එකාට වදයක් වෙලා ඌටම එපා වෙලා නවතින තැනට වැඩ කරන එක.. වෙන කරන්න දෙයක් නෑනෙ ඉතින්..

" නෑ නෑ උදේ යන්න පිස්සුද බං..! බයෝ නෙ.. ක්ලාස් එකෙන් පස්සෙ යමන්.. කවීන්ලා එහෙම ඉන්නවනෙ.. "

සාලෙට එද්දි මහ පගයා කාත් එක්කද කෝල් එකක්.. ෆෝන් එකත් කනේ ගහන් බත් කනෝ.. ඔය ඕකා අද ක්ලාස් ඉවරවෙලා ඉස්කෝලෙට යන්න ඉන්නෙ.. අර මොකෙක්ද හත්වලාමක් අද එන්නැත්තන් මාත් යනවනෙ යකෝ ඉස්කෝලෙට.. වැඩක් නෑ කතාකරලා..!

මං ඌටත් රවාගෙනම බෑග් එකත් අරගෙන එළියට ආවා.. උදේ පාන්දරම අර කොහෙවත් යන උට්ටෙක් හින්දා මගේ ලේත් කෝප වෙලා තියෙන්නෙ..! ආවදෙන්කො අද ඕකා.. ගෙදර බල්ලෙක්වත් නෑනේ රෙද්ද.. හිටියනම් ඌව ලිහලා තියන්න තිබ්බා කාපිය කියලා..!

" චූටි ඔය කොහෙද යන්නෙ කන්නෙ නැතුව..? "

අම්මා කෑගහද්දිම මං බයිසිකලේ අරන් හරව ගත්තා.. කන්නම තමයි පුලුවන්..!

" චූටි කියන එකක් ඇහෙන්නැද්ද ආ..? පුතේ මං මේ හොදින් කියන්නෙ කරුණාකරලා ඇවිත් කාලා යන්න මාව තරහ ගස්සවන්නැතුව..!!! "

" මට ඕන්නෑ කන්න..! "

අම්මා එළියටම බත් පිගානක් බෙදන් ඇවිත් කටක් ළං කරාම මං කිව්වෙ.. මට දැන් කවුරුත් එක්කම තරහ ගිහින් ඉන්නෙ..!

" ඔච්චර හිතුවක්කාර වෙන්නෙපා ළමයො..! මං තාත්තට කියනවා හරිද..!! කෝ අරිනවා කට..! හොදින් කිව්වට තේරෙන්නෑනෙ.. "

අම්මා බලෙන්ම බත් කවද්දිත් මං හිටියෙ ඔරවගෙන.. මෙහෙමයි ඉතින් බත් එක දැක්කම නොකාත් බැරි උනා.. පොලොසුයි , බිත්තර තම්බලා , පරිප්පුයි , අල තෙල්දාලයි , බෝංචියි සුදු බතුයි.. අපේ ගෙදර කොහොමත් උදේට උයද්දී දවල්ටත් එක්කම තමයි උයන්නෙ ගොඩක් වෙලාවට දවල්ට අම්මා ගෙදර නැති නිසා..

" කෝ කාල ඉවරද..? කටවල් දහයක්වත් කෑවෙ නෑනේ දරුවො..! "

" ඇති මට..! "

" වතුර තියෙනවනෙ ළග.. හරි එහෙනම් පරිස්සමින් යන්න.. හිතුවක්කාර වෙන්නෙපා චූටි..! ඔයාගෙ හොදටනෙ මේ.. මතකයිනෙ අර දරුවා දෙකට එනවා.. මට අද වැඩ වගයක් තියෙනවා.. මට එන්න බැරි වුණොත් දොර එහෙම වහලා තියලා ගෙදර කවුරුත් නෑ වගේ හැසිරෙන්න එහෙම හිතන්නවත් එපා..! තේරුනානෙ..!? අද අයියත් ගෙදර නැති නිසයි කියන්නෙ.. මොන පිස්සුවක් නටන්න හිතන් ඉන්නවද දන්නෑනෙ.. "

" එකම එක කියවන්නෙපා අනේ..! "

" එකම එක කියන්න වෙලා තියෙන්නෙ ඔයාව ශුවර් නැති නිසානෙ.. "

අනේ මගුල..! මං අම්මටත් වැදලා ඔරවගෙනම මගේ බයිසිකලේ ගේට් එකෙන් එළියට දැම්මා.. ඔව් ඉතින් මාව එදා ඉදන්ම ශුවර් නෑනෙ.. අර බල්ලනෙ ඔලුව උඩ තියන් ඉන්නෙ..

" අඩෝ නිසිනුවා එන්නෑ කිව්වෙ නෑනේ නේ..? "

මං ක්ලාස් එකට ගිහින් වාඩිවුණත් එක්කම චාරුකයා ඇහුවේ.. නිසිනු තාම ඇවිත් නෑ.. උන්ලයි ගෙවල් වලටත් කිට්ටුයි ක්ලාස් එක අපේ ගෙවල් වලට වඩා.. අර ගෙවල් ළග එකා කියනොනෙ අන්තිමටම එන්නෙ.. අන්තිම මොහොතෙ පිඹගෙන ඒවි ඌ..

" නෑ නෑ.. ඌ එනවා කිව්වා.. "

" මොකෝ නිකන් උබ දාහට අරන් සීයට දීලා වගේ ඉන්නෙ..? "

" අනෙ වැඩක් නෑ බං කතා කරලා.. මං මේ උදේ අම්මත් එක්කත් රණ්ඩුවක් අල්ලලා ඉන්නෙ.. දැන් හෙන ගිල්ටි..! "

චාරුකයට උත්තර දීලා මං එහෙන්මම ඔලුව ගහගත්තා ඩෙස්ක් එකේ.. සිරාවටම මට දැන් හෙන අවුල් වගේ මං හැසිරුණු විදිය මතක් වෙද්දි..

" අඩෝ මොකක්ද වුණේ කියහන්.. "

" නෑ නෑ බං ලොකු දෙයක් නෙවෙයි.. මේ මං බෑ කියද්දිම මැත්ස් ක්ලාස් එකක් කරන්න හදනො ගෙදර.. "

මං ඔලුව ගහගෙනම චාරුකයට උත්තර දුන්නෙ..

" සිරාවට..? කවුද සර්..? "

" දන්නෑ යකෝ.. කවුද පරයෙක්..! අයියා කෙනෙක් ලු.. අපේ අයියා තමයි ඔය හොයාගෙන තියෙන්නෙ..! "

මං ආයෙ ඔලුව උස්සලා ඉස්සරහ බලන ගමන් කියද්දී මං දැක්කා එහා පැත්තෙ කෙල්ලොන්ගෙ පේළියක කෙල්ලෙක් අපේ පැත්ත බලන් ඉදලා ඒකිගෙ යාලුවට මොකක් හරි කියලා ඉක්මනට ඉස්සරහ බලාගන්නෝ.. අම්මටසිරි කවුද යකෝ ඒ..!? ටිකක් දැකලත් පුරුදුයි වගේ..

" අන්න අරූ එනෝ.. "

චාරුක මට ඇනලා කියද්දිම වගේ නිසිනුවා කඩාගෙන ඇවිත් මාවත් එහාට තල්ලු කරලා වාඩි වුණා..

" මොකෝ පරක්කු..? "

" නැගිටිනකොට පරක්කු වුණා.. ගෙදරින් එළියට බහිද්දි තමයි මතක් උනේ මැත්ස් ක්ලාස් එකටත් පොත් ගෙනියන්න ඕන කියලා.. "

මූ එතකොට කැමැත්තෙන්ද මැත්ස් ක්ලාස් එකට එන්න හදන්නෙ..!? මැදැයි මූත් එක්ක එකතුවෙලා එන එකාට මොකක් හරි කරන්න හිටියා..

" ඕයි සහිරු මේ අහපන්කො.. අපි අද බලමු බං ඔය එන අයියා කොහොමද කියලා.. සමහරවිට ඌ හොද වෙන්නත් පුලුවන්නෙ.. කොහොමද ආ අපිටම සෙට් වෙන එකෙක් වුණොත්.. "

අනේ ඉතින් පකක් කතා කරනොනෙ.. මටනම් කිසිම සුභවාදී සිතුවිල්ලක් නෑ ඔය එන එකා දන්නෙ නැති වුණත්.. ඒකනෙ මං මේ ඌ එන එක වළක්වන්න මෙච්චර නහින්නෙ..

" අනික බං සහස්ර අයියත් කිව්වා ඔය එන අයියා හොදයි කියලා.. උන් අදුරනෝ මං හිතන්නෙ.. "

මුගෙ අප්පට යකෝව්..!!!

" දැන් එතකොට උබේ ඔය සහස්ර අයියා ඔය එන උන් අදුරන අයියගෙ නම එහෙම කිව්වෙ නැද්ද උබට..!? "

" මං ඒවා අහන්න ගියේ නෑ ඉතින්.. නම මොකටද බං ඉගෙනගන්න.. "

අම්මපා මූට දමල අරින්න එකක් නැති හැටි..!!! ඉගෙනගන්න නම වැඩක් නෑ තමයි.. ඒ වුණාට නම දන්නවනම් අපිටත් පොඩ්ඩක් හොයන්න තිබ්බනෙ ඌ කවුද කියලවත්.. මේ උට්ටට ඒකවත් තේරෙන්නෑ.. අපරාදෙ ශෝක් එකට සෙහදුවගෙන් නම අහගන්න තිබ්බා.. දැන් ඉතින් මොකක් කරන්නද..

" Okay students.. Take out your literary text and turn to the page 31.. The Lumber Room by Saki.. First of all this is the first prose you guys have to learn in English Literature syllabus & __ "

සර් ක්ලාස් එක පටන් ගත්තම මාත් ඉතින් පොතට ඔලුව නවන් අහන් හිටියා.. ලම්බර් රූම් නෙවෙයි මං මේ කල්පනා කරේ ඒ කාලෙ අපෙ අයියට කීයක්නම් පාට පාට හයිලයිටර්ස් තිබිලද කියලා.. මේ මං ගාව තියෙන්නෙ අපෙ අයියා පාවිච්චි කරපු ලිට් ටෙක්ස්ට් එකමයිනෙ.. ඌ හතර අතින් ඉරි ගහලා, ඊතල එහෙම දාලා අවශ්‍ය කරුණු ලියලා, හයිලයිට් කරලා එහෙම තියෙන්නෙ.. මං දන්නෑ එක පාටවල් පහ හයකින් විතර හයිලයිටර්ස් ඌ ගාව තිබිලා.. දිලිසෙන හයිලයිටර්ස්තුත් තිබිලා යකෝ..! බලහන් මං ගාව ආසාවට කියලා තියෙන්නෙත් කහ පාට හයිලයිටර් එකක් විතරමයි.. ඒකත් මොන කාලෙ ඉදන් තියෙනවද කියලා මතක නෑ.. ඉවරවෙන්නෙත් නෑනෙ..ඉවර වෙන්න පාවිච්චි කරන්න එපැයි.. මං හයිලයිටර්ස් පාවිච්චි කරන්නෙ කවුරුහරි ගුරුවරයෙක් ඕක හයිලයිට් කරලා යටිනුත් ඉරක් ගහලා තියාගනිම් කියලා තර්ජනාත්මකව කිව්වොත් විතරමයි.. ඒකට මූ..! වෙසක් එකට ගෙදර ගේට් එකේ ඌගෙ ඕලෙවල් කාලෙ සිංහල සාහිත්‍ය පොත, ලිට් පොත එහෙම එල්ලන්න තියෙන්නෙ බල්බ් වැලක් එහෙම දාලා.. ආයෙ තොරණ් පරාදයිනෙ යකෝ මේවට..!

" අඩෝ අර කහ පාට ගවුම.. "

" මොන ගවුමද යකෝ..? "

චාරුකයා එකපාරටම මට ඇනලා කහ ගවුමක් ගැන කිව්වා.. මොන ගවුමක් ගැනද මූ මේ කියන්නෙ..

" අර බං කෙල්ලොන්ගෙ පැත්ත බලාම්කො.. යකෝ ඔහොම කිව්ව ගමන් බලන්නෙපා හුත්තො..! පොඩ්ඩක් කියනකන් ඉදලා හිමීට බලපන්.. "

" හරි කියහන් ඉතින්.. "

මං කිව්වෙ කෙල්ලොන්ගෙ පැත්තට හොට දාන්න ගිය නිසිනුවට එකක් ගහන ගමන්.. අරූ කියන්නත් කලින් ඒ උට්ටා ඇන්ටනාව දාලා ඉවරයි..

" කෙල්ලොන්ගෙ පැත්තෙ අපේ පේළියට කෙලින්ම තියෙන පේළියට ඉස්සරහා පේළියෙ කහ ගවුම..  අඩෝ බලන්නෙපා හුත්තනේ..!!! කියන එකක් තේරෙන්නැද්ද බොලාට.. "

" ආ බං ඒ අර අපේ පාරෙ එකීනෙ.. නම මතක නෑනෙ හරියටම.. ඉතින් කියහන්නෙ ඒකි මොකක්ද..!? "

නිසිනුවා අංශක එකසිය අසූවක්ම විතර හැරිලා බලලා කිව්වෙ.. මාත් ඉතින් අංශක හැටක් විතර හැරුණා.. මූ කිව්වමනෙ මතක් වුණේ.. මුන්ලයි පාරෙ එකී තමයි ඒ.. ඒකිම තමයි අර ඉස්සෙල්ලත් අපේ පැත්ත බැලුවෙ..

" මට බෑ කියන්න..! බොලාට බලන්න එපා කියද්දි බැලුවනෙ.. දැන් නිකන් ඉදහන්.. "

" අඩෝ මේ මගුලක් නොකර කියහන් ඒකි මොකක්ද කියලා.. "

මං එහෙම කියද්දි චාරුකයා ඉස්සරහ බලන් ඉදලා එකපාරටම පොත දිහා බලාගත්තා.. මූ මොකද මේ..!?

" පොත දිහා බලපන් යකෝව්..! වැඩේ දෙල් වෙලා තියෙන්නෙ..!! "

චාරුකයා ඔලුව නවාගෙන පොත අස්සෙ මූනත් ඔබන් කට තද කරන් මුමුණද්දි මං උඩ බිම බැලුවා.. මොකද යකෝ මූට වුණේ..! මාත් ඕන උට්ටක් කියලා පොත දිහා බලන්න හදලා නිකමට වගේ සර් ඉන්න පැත්ත බලද්දී තමයි හික් ගෑවුනේ.. සර් කාරයා අපේ පැත්ත බලන් ඉන්නෙ.. හැබැයි මං දිහානම් නෙවෙයි වගේ..

" ඕයි..! හුත්තො..! "

සර්ගෙ රාක්ශ බැල්ම වැටිලා තිබ්බෙ නිසිනුවට..! මං ඒක දැක්ක ගමන් තාම බෙල්ල කරකවලා හතර වටේ ඇන්ටනාව දාන නිසිනුවට කකුලෙන් අනිනවත් එක්කම සර්නුත් පොත වහලා තියලා අපේ පැත්තට ආවා.. හරිනෙ පුකේ අමාරුව..!

" කොල්ලො බෙල්ලෙ පොට යාවි..! "

අපේ පේළිය ගාවට ආව සර් නිසිනු දිහා බලන් කියද්දී නිසිනුවා මරි මොංගල් හිනාවක් දැම්මා.. විලිලැජ්ජාවෙ බෑ යකෝ මුලු පන්තියම දැන් අපි දිහා බලන් ඉන්නෙ..! මූත් එක්ක ඉන්න අපිට පොල්ලක් අරන් පේළියට තියලා ගහන්න ඕන..

" හරිද දැන්..? බලලා ඉවරද..? "

සර් ඇහුවෙ නිසිනු දිහා බලන් අත් දෙකත් බැදගෙන..

" මොනවද සර්..? "

" උබ බැලුවේ දැන් බෙල්ලත් කරකව කව.. ඒ බලපු කෙල්ලව බලලා ඉවරද..? ඉවර නැත්තන් ආයෙ බලපන්කො.. උබ බලලා ඉවර වුණාම මං පාඩම පටන් ගන්නම්.. "

යසයි..! පන්තියෙන්ම දවසේ විහිලුවත් වුණා කොහොමහරි..!

" සහිරු..! දැන් පොත දිහා බලන් හිටියට මං දැක්කා තමුනුත් බෙල්ල කරකවනෝ.. මං මේ විහස්ව හම්බෙනකන් ඉන්නෙ.. ඒ නැතත් මට ඩොක්ට දේවකවත් හම්බුන්නෑ ළගකදි.. පුතන්ඩියා ගැන කියන්න.. ඔය එහා පැත්තෙ ඉන්න එකාටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි.. තුන්දෙනාම එකයි..! "

අනේ උට්ටො..! මොන නවනිංගිරාවක්ද මේ වුණේ..! සර් අපි තුන්දෙනාටම තර්ජනාත්මක බැල්මක් දාලා ගිහින් පාඩම පටන් ගන්නකන්ම මංනම් ඔලුව ඉස්සුවෙ නෑ.. ශික්..! මේ උට්ටො දෙන්නා නිසා මාත් ලැජ්ජ වෙන එකේ සීමාවක් නෑ.. අනිකා අර සුභාෂ් පරයා.. ඌත් එකයි මුන් දෙන්නත් එකයි.. සේරම එකයි..!!

" ඒ උබ මොකක්ද අර කෙල්ල ගැන කියන්න ගියේ..? "

ක්ලාස් ඉවරවෙලා එළියට ආවම නිසිනුවා ඇහුවෙ.. සිරාවටම මූට ලැජ්ජාවක් නැති හැටි.. ඒ හුත්තක් නිසානෙ නිකන් චාටර් වෙන්නෙත් වුණේ..

" මං යනෝ..! උබ එනවනම් වරෙන් නිසිනු.. "

" යන්න නෙවෙයි ඕයි මේක වැදගත්..! අර මං කිව්ව කෙල්ල උබේ දිහා වෙන්නෝනි දෙපාරක් විතර බලනො දැක්කා.. "

චාරුකයා කිව්වම මං බැලුවෙ ගෙදරින් එක්කන් යන්න එනකන් ගේට් එක ගාව යාලුවෙක් එක්ක ඉන්න ඒ කෙල්ල දිහා.. බොරු කියන්න ඕනි නෑනෙ ලස්සන ගවුම..!

" අන්න බලහන් ආයෙ බල_ මොකද යකෝ ඒකි රැව්වෙ ඒ..!? "

" මං දන්නො හේතුව..! "

එහෙම කියලා මං ඒ කෙල්ල හිටපු තැනට ටිකක් එහාට වෙන්න අරුන් දෙන්නත් එක්කම ගිහින් හිටගත්තා.. නරකම නෑ වගේ ඒකි..

" දැන් උබ මොකක්ද ඔය කරන්න හදන්නෙ..? "

චාරුකයා මට ළංවෙලා ඇහුවාම මං ඌට කටකොනින් හිනාවෙලා ආයෙම කෙල්ල දිහා බැලුවා.. කෙල්ල ඒකිගෙ යාලුවා එක්ක කතාවක්.. කොයිවෙලාවක හරි බලයිනෙ..

" ඔන්න බලනෝ..! "

කොයිවෙලාවක හරි කිව්වට විනාඩි දෙකකට වඩා ගියේ නෑ කෙල්ල මගේ පැත්ත බැලුවා.. ඒ ක්ශනිකවම මං කෙල්ලට හිනාවෙලා ඇහැක් ගැහුවාම ඒකි ඇස් ලොකු කරන් බලන් ඉදලා ඉස්සරහ බලාගත්තා.. වැඩේ හරි..!

" අඩෝ ඒකි උබට ලයින්ද කොහෙද.. "

නිසිනුවා කියද්දී චාරුකයත් ඔලුව වැනුවේ ඒක ඇත්ත කියන්න වගේ..

" මේ බං නිසිනු.. උබට ඒකිගෙ නම අමතක නම් හොයලා හරි කියපන්කො.. "

මං එහෙම කිව්වාම නිසිනු මං දිහා බැලුවේ මොකෙක්ද එකෙක් දිහා බලනෝ වගේ..

" මොකද උබ..!? "

" නෑ නෑ මුකුත් නෑ.. යමං..! "

" ටිකක් හිටපන් යකෝ..! අරයා තාම ගියේ නෑනේ.. "

" මේ එහෙනම් උබලා කෙල්ලොන්ට තනි රැකලා ගෙදර පලයන්.. මට පරක්කු වෙනෝ.. මං ගියා..! "

චාරුකයා එහෙම කියලා ෆුට් බයිසිකලේ අරන් යන්න යද්දී බෑ කිය කිය හරි නිසිනුවා හිටියා මාත් එක්ක අර කෙල්ලගෙ ගෙදරින් ඇවිත් ඒකිව එක්කන් යනකන්ම..

" මේ..! දැන්වත් යමන්..! "

" කෙලින්ම ගෙදර යන්න බෑ ඕයි.. අනික දෙක වෙන්න තව පැය දෙකහමාරකටත් වැඩිය තියෙනෝ.. කොහෙහරි රවුමක් දාලා යමු.. අපේ අම්මත් ගෙදර නෑ අද.. "

මං එහෙම කියලා ෆුට් බයිසිකලේ අරන් හරවගත්තම නිසිනුවත් ඔලුව වනලා බයිසිකලේට නැග්ගා.. ඊටපස්සෙ ඉතින් වට වන්දනාව තමයි.. අපි කවද්ද කියන එකම අකුරටම කරේ..

" ඒ මෙහෙන් දාලා සුභාෂයලයි ගෙවල් පැත්තෙත් ගිහින් එමු.. "

නිසිනුවා කිව්වම මාත් ඔලුව වැනුවා.. මේ අපේ ඉස්කෝලෙ ප්‍රයිමරිය තියෙන පැත්ත.. මෙහෙන් ගියාමත් ඉසදින් එකට යන්න පුළුවන්නෙ.. මේ පැත්තෙන් ගියාම සුභාෂයලයි ගෙවල් පාස් කරලා තමයි අපේ ගෙදරට යන්න ඕනි..

" අරූ ගෙදර ඉන්නවද දන්නෑ.. "

සුභාෂ්ලයි ගෙදර ගාව බයිසිකලේ නවත්තලා නිසිනු කිව්වෙ උන්ලයි ඉස්සරහා බැල්කනිය දිහා බලන්..

" ඇති ඇති යකෝ.. ඌට අද ක්ලාස්තුත් නෑ.. "

මං එහෙම කිව්වම නිසිනුවා බයිසිකලේ තාප්පෙට හේත්තු කරලා ගේට් එක ගාව හයිකරලා තිබ්බ බෙල් එක ගැහුවා..

"ඕයි සුභාෂ්..!!! වරෙන් එළියට..! "

" කෑ ගහන්නෙපා යකෝ..! තව ගෙවල් තියෙනෝ අහළ පහළ..! "

පිස්සු යකෙක් වගේ කෑගහපු නිසිනුවට බැනපු මං බයිසිකලෙන් බැහැලා බයිසිකලේත් තල්ලු කරන් ගේට් එක ගාවට ගිහින් ආයෙ පාරක් බෙල් එක ගැහුවා..

" සුදු පුතේ..!!! කවුද බලන්න බෙල් කරන්නෙ..! "

එළියටත් ඇහෙනෝ ගේ ඇතුළෙ සද්දෙ.. ඔය සුදු පුතා කියන්නෙ සුභාෂ්ට..! අනේ අම්මේ කොහෙද දන්නෑ ඕකගෙ සුදු..! සමහරවිට පුක සුදු ඇති අපි දැකල නැතාට..!

" කවුද යකෝ බෙල් එක උඩ පුක තියන් ඉන්න එකා..!! හිටපිය මේ එන ගමන්..! "

අරූට සුදු පුතා කියනෝ ඇහුණම නිසිනුවා එකදිගට බෙල් එක ගහගෙන ගිහින් සුදු පුතා ගේට් එක ඇරපු ගමන් මහ කැත විදියට හිනාවුණා.. මේ යකාට ට්‍රැක්..! එච්චරයි කතාව..!

" ආ උබලද..! මොකද බල්ලනේ බෙල් එක කඩන්න හදන්නෙ..!

ගේට් එකෙන් ඔලුව දාලා සුභාෂයා එහෙම කිව්වම නිසිනුවා සේරටම කලින් බයිසිකලෙත් අරන් ඌවත් තල්ලු කරන් ඇතුළට ගියා..

" මට ඒත් හිතුණා හැබැයි.. මොළේ අමාරුකාරයෙක් වගේ බෙල් කරද්දි.. "

ඔව් ඔව් ඌට හැමදේම හිතෙනෝනෙ.. ඌට හිතෙන්නෙ නැති දෙයක් නෑ බලන් ගියාම..

" මොකද උබලා මේ පැත්තේ..? "

" ඇයි මොකෝ අපිට එන්න හොද නැද්ද..!? කෝ ඇන්ටි..? ඇන්ටී..!!! මං ආවා..!! "

නිසිනුවා කෑගහගෙන ගේ ඇතුළට යද්දී සුභාෂයා ඉනටත් අත් දෙක ගහන් බලන් ඉදලා මගේ පැත්ත හැරුනා..

" අරූ බලහන්කො..! "

" ආ මේ සහිරු පුතත් ඇවිත් නෙ..! සුදු පුතා..! යාලුවොන්ට ඉදගන්න කියන්න මං බොන්න මොනවහරි හදනකම්.. "

සුභාෂයලයි අම්මා එහෙම කියාගෙන ඇවිත් මගේ ඔලුවත් අතගාගෙනම කිචන් එක පැත්තට ගියා..

" අනේ ඇන්ටි වැඩිය කරදර වෙන්න ඕනි නෑ.. නේද බං සහිරු..! චොක්ලට් මිල්ක්ශේක් එකක් වගේ පොඩි දෙයක් එක්ක චොකලට් කේක් කෑල්ලක් තිබ්බම හොදටම ඇති.. "

මූ යකෝ..!

" නෑ නෑ අම්මෙ මිල්ක්ශේක් එපා..! කහට එක්ක හකුරු කෑල්ලක් ගේන්න.. ඒ ඇති..! "

" කැ_ මං කිව්වෙ.. කැත වැඩ කරන්න එපා තුරු සුනකයො..! මේ ගිනි කාශ්ටකේ උණු වතුර ගිල්ලන්න හදන්නෙ..! "

" ඇයි මොකෝ නැවැත්තුවෙ..? උබට දැන් කුණුහරුප කියවෙනෝ හොරයිද..? "

මං ඇහුවම නිසිනුවා හෙන ඇක්ට් එකක් දැම්මා කොමල විදියට..

" එහෙම නෙවෙයි අනේ.. සහස්ර අයියා කියලා තියෙන්නෙ බෑඩ් වර්ඩ්ස් කියන්න එපා කියලා..! "

" මට නිකන් පිස්සු හැදෙන්න වගේ බං..! මෙන්න මූත් එක්ක ගිහින් වාඩිවෙයන්කො මං එනකම්.."

නිසිනුවාගෙ මලවිකාර බලලා මටත් මොලේ කැරකෙන්න වගේ එද්දි මං ඌව ඇදන් ගිහින් වාඩි උනා.. වාඩි වුණා විතරයි සුභාෂ්ලගෙ ආච්චි කොහෙදෝ ඉදන් ඇවිත් මට පොඩි බට්න් ෆෝන් එකක් දික් කරේ මං උඩ බිම බලද්දී.. ඒ පාර මොන හෙන ගෙඩියක්ද යකුනේ මේ..!

" අනේ ළමයො.. මේන් මේක බලාපල්ලකො පොඩ්ඩක්..! එළිවෙන ජාමෙ ඉදන් ඕන් ඕකෙන් ටැලිපෝන් කෝල් ගන්න බෑ.. මේ ගෙදර එකෙක්වත් මං කියන එකක් කනකටවත් ගන්නෙ නෑනේ.. කොච්චරවාත් කිව්වා හදලා දීපල්ලා කියලා.. ඉන්දාරියෙක් ඉන්නවා මට කිසි උදව්වක් කරන්නෑ..! "

ආච්චි එහෙම කිව්වම මට හිනායන්නත් ආව.. ඉලන්දාරියා සුභාෂයා වෙන්නැති..! අනේ උගේ පකේ ඉලන්දාරිකම..

" කවුද ආච්චි අපේ සුභාෂය ද..? "

නිසිනුවා පැනලා අහද්දි මං අර පොඩි ෆෝන් එක අරන් බැලුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. Insert Sim කියලා වැටිලා තියෙන්නෙ.. යකෝ සිම් එක නැතුව කෝල් ගන්න කොහොමත් බෑ තමයි..! කෝකටත් කියලා මං බැට්‍රිය ගලවලා බැලුවා සිම් එකක් තියෙද කියලා.. බලද්දී සිම් එක තියෙනවා.. හැබැයි අනිත් පැත්තට දාලා තියෙන්නෙ..

" මොකක්ද කොලුවො කිව්වෙ..? "

" ආ මේ මං ඇහුවෙ ඉලන්දාරියා සුදු පුතාද කියලා..! "

මං ආයෙ සිම් එක ගලවලා හරියට දැම්මා.. ඒ අස්සෙ නිසිනුවා මහ හයියෙන් කෑගහනෝ.. ඔය සුභාෂයලයි ආච්චිට කන් ඇහෙනෝ අඩුයි.. බණක් ඇහුවත් ගමටම ඇහෙන්න දාන්නෙ..

" ආන් ඒ කොලුවා තමයි.. "

" මෙන්න ආච්චි..!! ෆෝන් එක හැදුවා..!! පොඩි සයිබර් කේස් එකක් තිබ්බෙ..!! ආච්චි දන්නවනෙ ඉතින් මට ඕවා හෙන සිම්පල් කේස්..! "

මං ගැම්මෙන් එහෙම කියන ගමන් ආච්චිට ෆෝන් එක දෙද්දී නිසිනුවා කුණු ලොරියක් දිහා බලනො වගේ මං දිහා බැලුවේ..

" දැන් කාලෙ ඉන්න ළමයි නොදන්න දෙයක් නෑ නොවැ.. ඒකට අපේ කාලෙ_ "

" අන්න ආච්චි අර ඇතාවැටුණවැවේ රතනජෝති හාමුදුරුවොන්ගෙ බණක් යනෝ ශ්‍රද්ධා එකේ.. "

ආච්චිට දිගටම ආච්චිලයි කාලෙ ගැන කතාව කියන්න වුණේ නෑ මිල්ක් ශේක් දෙකත් එක්ක චොක්ලට් බිස්කට් වගයක් අරන් ආව සුභාෂයා බණක් ගැන කියලා ආච්චිව යැව්වා..

" කේක් නෑ.. බිස්කට් කාපිය..! මේ මොකෝ කියන්නෙ අපෙ ආච්චි..? "

" ආ නෑ බං මේ ආච්චිගෙ ෆෝන් එකේ පොඩි සයිබර් කේස් එකක් තිබිලා ඒක හදවගත්තා මට කියලා.. කෝ ඉතින් බොලා හිටියට එහෙම දෙයක්වත් හොයලා බලලා කරන්නෑනෙ.. අපිම ඉන්නෝනි ඒවා කරන්න.. "

මං ඉතින් නිසිනුවා දාන වගේ ඇක්ට් එකකුත් දාලා එහෙම කිව්වම  සුභාෂයා මගෙ දිහා බලන් හිටියෙ ඇසුත් ලොකු කරන්..

" මොකද ඕයි..? "

" උබ කියන්නෙ අපෙ අච්චිගෙ ෆෝන් එකේ පැත්ත මාරුකරලා දාල තිබ්බ සිම් එක උබ හරියට දාල දුන්නා කියලද..? "

සුභාෂයා කෑගහලා ඇහුවම මං හෙන මොංගල් හිනාවක් දාගෙන ඔලුව වැනුවා.. හෙහේ මේවත් සයිබර් කේස් තමයි ..

" මොනවද යකෝ උබ කරන්නෙ..!? දැන් ඉතින් හරි..!!! "

" ඇයි බං..? "

සුභාෂයා ඔලුවටත් අතගහගෙන සෝෆාවට වැටුණම මං ඌගෙ දිහා බලන් හිටියෙ යන්තම් යන්තම් වැඩේ තේරෙද්දි.. එතකොට සුදු පුතා ද ආච්චිගෙ ෆෝන් එකේ සිම් එක පැත්ත මාරු කරලා දැම්මෙ..!?

" ඔය කිල්ලෝටෙ දවසෙම කනේ බං..! බණත් දාගෙන ඒකත් කනේ ගහගෙන ඉන්නෙ.. හරි ඒක කමක් නෑ කියමුකො.. දන්නෙවත් නැති නෑදෑ පරපුරට කෝල් කර කර ඒ කෝල් ගෙන්නලා මගෙ කනෙත් ගහනො මටත් කතා කරන්න කියලා.. බැරිම තැන තමයි මං සිම් එකේ පැත්ත මාරු කරේ.. එපා වෙනෝ හුත්තො..! දැන් මොකක්ද කියහන්කො කරන්නෙ මං..!? අනික_ "

" මේ ටැලිපෝන් එකේ මොකක්දෝ පුරශ්නයක්ලු.. ආන් අර සුදු පුතාගෙ ඉස්කෝලෙ යාලු ඉලන්දාරියෙක් හදලා දුන්නෙ.. මොකක්ද..!? ආ ඔව් ඔව් ඉන්නවා මේන්.. කොලුවො..! සුදු පුතේ..! මේ මැදවච්චියේ සෙනෙහෙලතා ආච්චිට උබ එක්ක දොඩන්න ඕනලු..! මේන් ගනින්.. කතා කරපන් ඉතින්..! උබලට වයසක මනුස්සයො එක්ක තමා කතා කොරන්න බැරි..! අනේ අම්මපල්ලා_ "

" හරි හරි ආච්ච් මං මේ කතා කරනවා..!!!  හෙලෝ සෙනෙහෙවතී ආච්චි..! "

" ඔහෙප්පලයන්..! සෙනෙහෙලතා බොල..! කොහෙ සෙනෙහෙවතියකටද උබ ඔය දොඩන්නෙ..!? "

" ආ ඔව් ඔව්.. සෙනෙහෙව_ ලතා ආච්චි..! ආ නෑ ඉන්නව.. ඔව් ඔව්.. ආ දරුවො නෑ ආච්චි..! යකෝ ආච්චි මට තාම අවුරුදු පහළවයි..!!!! "

සුභාෂයා මහ හයියෙන් බෙරිහන් දුන්නම නිසිනුවා පුටු ඇන්ද හපාගෙන හිනා වුණා.. තිරිසන්නු වගේ අනේ..!! මොන දුකක්ද මේ මූ විදින්නෙ..!

" උබ කතාකරලා ටෙලිපෝන් එක ගෙනත් දීපන් එහෙනම්.. ශෝක් බණක් යන්නෙ ටෙලිවිශොන් එකේ.. මං මේ ඒකත් දමලා ආවෙ සෙනෙහෙලතා අක්කා කතා කෙරුවම.. "

ආච්චි එහෙම කියන ගමන් යද්දී සුභාෂයා කෝල් එක කට් කරලා දාලා අපි දිහා බැලුවේ සසරම කලකිරිලා වගේ..

" මේ බං උබ වරෙන් අද අපේගෙදර මැත්ස් ක්ලාස් එකට.. ගෙදර හිටියොතින් පුතෝ උබට ඊලග කෝල් එක එන්නෙ ඔකපතනෙන්..! "

මං උගේ පිටට තට්ටු කරලා කියද්දී නිසිනුවා බක බක ගාලා හිනාවෙන්න ගත්තා..

" ඇත්ත හැබැයි.. ඉදපන්කො මං අම්මගෙන් අහලා එන්නම්.. "

සුභාෂයා ආච්චිගෙ ෆෝන් එකත් අරන්ම කිචන් එක පැත්තට ගියාම මං මිල්ක් ශේක් එකේ ඉතුරු ටිකත් බීලා ග්ලාස් එක ට්‍රේ එකෙන් තියද්දී නිසිනුවා පස්වෙනි බිස්කට් එකද කොහෙද කටේ දාගත්තා.. මූව නම් අර සෙහදු බේසිකයට මකවලාවත් හදාගන්න බෑ..!

කොහොමහරි ඉතින් අන්තිමේ සුභාෂයාත් මැත්ස් ක්ලාස් එකට එන්න සෙට් උනා.. ඇන්ටි වුණත් ඒ ගැන අහපු ගමන්ම හා කිව්වා.. කොහොමත් උන්ලයි අම්මා මට හෙන කැමතියි.. පොඩි කාලෙ ඉදන්ම ඒවගේ තමයි.. අපි ඉතින් පොඩිම කාලෙ ඉදන්ම අදුරනෝනෙ..

" යකෝ උබට මනමාලියෙක් බලන්න නෙවෙයි යන්නෙ ඕයි..! ඉක්මනට වරෙන්කො.. "

" හරි හරි යමු..! අම්මේ මං යනෝ..!! "

සුභාෂයා හැඩ වෙනකන් ඉදලා ඌත් එක්කම එන්න එද්දි ඉතින් එක පහුවෙලා.. අවුලක් නෑ ඉතින් දෙකටනෙ අර යකා එනවා කියලා තිබ්බෙ..

" ඒ අන්න අයානා ඉන්නො.. "

සුභාෂයා ආවින් අයියලයි ගෙදර පහුවෙද්දි එහෙම කිව්වාම මාත් ඉස්සිලා බැලුවා..

" අඩෝ ඒ ආවින් අයියලයි ගෙදරනෙ.. ඒකි මොකක්ද එහේ කරන්නෙ..? "

" යකෝ අයානගෙත් ගෙදර.. ආවින් අයියගෙ නංගිනෙ බං ඒකි.. අර ඉන්නෙ බල්ලත් එක්කම.. අද කෙල්ලයි බල්ලයි දෙන්නම එළියෙ.. "

මං නිසිනුවට එහෙම කියන ගමන් අපේ පැත්ත බලපු කෙල්ලට අත වැනුවාම ඒකිත් අත වැනුවා.. අපි ඉතින් හොද යාලුවො ඉස්සර ඉදන්ම.. පොඩි කාලෙ එකට සෙල්ලම් බත් උයන්නෙ.. කාලයක් තිබ්බා ඒකි මාවත් අල්ලන් චංගුමීද මොකක්ද මගුලක් රගපාපු.. නෑ එක්කො ඒවා කියන්න ඕන්නෑ.. ලැජ්ජයි උට්ටො..!

" අඩෝ මං අද කියහන්කො ඒක දන්නෙ.. ඒක නෙවෙයි අර බල්ලා බලහන්කො.. ඌගෙ පෙනුමනම් අල්ලන්නෑ මට.. "

නිසිනුවා එහෙම කිව්වාම සුභාෂයා ඌට දැම්මෙ මහ කැත හිනාවක්..

" ඕකා මිනීමස් කන බල්ලෙක් යකෝ.. කෙලින්ම අල්ලන්නෙ පස්සෙන්.. "

සුභාෂයා එහෙම කිව්වම නිසිනුවා බයවෙලා වගේ බලන් හිටියෙ.. ඌ කොහොමත් බල්ලොන්ට බයයිනෙ..!

" අඩෝ අපේ අම්මා ගෙදර ඇවිත්.. "

අපේ ගෙදර ගේට් එක අරිනකොට අම්මගෙ වෙහිකල් එක දැකලා මං කිව්වෙ.. එයාට වැඩ වගයක් තියෙනවා කිව්වනෙ..

" ආ ළමයා ක්ලාස් ඉවරවුණු ගමන්ම ආපු හැටිනෙ..! "

ගෙට ඇතුල්වෙද්දි අම්මා බිත්ති ඔරලෝසුව දිහා බලලා කිව්වෙ.. දෙකට කලින් ආපු එකම මැදෑ..

" අම්මට වැඩ වගයක් තියෙනො කිව්වනෙ..!? "

" ඒ ටිකත් ඉක්මනට කරගෙන ආවෙ ඔයාව ඒ තරමටම ශුවර් නිසා චූටි..!  "

අම්මා එහෙම කියාගෙන කිචන් එකට ගියේ මුන් දෙන්නත් මොකක්ද එකට හිනාවෙන්න ගනිද්දි.. එපා වෙනෝනෙ..!

" කෝ තුන්දෙනා එක්කම ඉක්මනට එන්න කන්න..! "

" කන්න බෑ ඇන්ටි මුන්ලයි ගෙදරින් මිල්ක්ශේක් එකක් බිව්වා.. "

" මොනවා බිව්වත් කමක් නෑ කන්නැතුව ක්ලාස් එකට වාඩිවෙන්න බෑ..! "

අම්මා කිචන් එකේ ඉදන්ම කෑගහලා කිව්වම නිසිනුවා මගෙ දිහා බලලා කන්න ඉඩක් නෑ කිව්වා.. කන්න ඉඩක් නැති වුණත් කන්න වෙනවා.. එහෙම තමයි අම්මා ගෙදර ඉන්න දවස්වලට.. කොහොමහරි අපි කාලා බීලා සෝෆා එකේ වැටිලා හිටියෙ අර යකා එනකන්.. ඌට එන්න අමතක වුණොත් හොදයි..!

" චූටි අන්න අර දරුවා ඇවිත්ද කොහෙද.. මං එනකන් ගිහින් දොර ඇරලා කතා කරන්නකො.. "

හපෝ ඇවිත්ද කොහෙද..!!! ගෙදර බෙල් එක වදින සද්දෙට අම්මා මට දොර අරින්න කියලා කෑගැහුවා.. ඒකත් මංද යකෝ කරන්නෝනි..?

" අනේ මට බෑ..! "

" කියන එක කරනවා චූටි..! හොදින් කිව්වම කිසි දෙයක් තේරෙන්නෑ.. "

මොන වදයක්ද මන්දා..!!! මං ක්ලාස් කරන්න කතා කරගත්ත එකෙක් නෙවෙයිනෙ එන්නෙ.. එයාලම කතා කරගත්ත අයනෙ.. ඇයි ඉතින් බැරි දොර ඇරලා පිළිගන්න..

" පලයන් බං ඇන්ටිව තරහා ගස්සන්නැතුව.. "

නිසිනුවා අපෙ අම්මටත් ඇහෙන්න එක්ක කිව්වම මං ඌට මැදගිල්ල උස්සලා ආවා ඉස්සරහා දොර ළගට.. ඔය ඌ අපෙ අම්මගෙන් ලකුණු දාගන්න.. සුභාෂලයි අම්මගෙනුත් ඇතිවෙන්න ලකුණු දාගෙනනෙ ආවෙ..

" කෝ චූටි තාම දොර ඇරියෙ නැද්ද..!? "

" පොඩ්ඩක් ඉන්න අනේ කෑගහන්නෙ නැතුව.. "

ඔක්කෝටම මං දොරේ තියෙන මිනි පීප් හෝල් එකෙන් බැලුවා ආපු එකා මොකක්ද කියලා.. ඒ යකා දොරට පස්ස හරවන් කෝල් කරනො කාටද.. ඒ එක්කම අපෙ අම්මගෙ ෆෝන් එක ඇතුළෙන් රින්ග් වුණාම මං ආයෙ බලන්නැතුව දඩාස් ගාලා දොර ඇරියා..

" ත_තමුන්..!!? "

මං දොර ඇරපු ගමන් පිටිපස්ස හැරිලා හිටපු එකා හැරුණා.. ඒ ගොම්බිලියා යකෝ..! මේ මොන විකාරයක්ද..! එහෙම කොහොමද වෙන්නෙ..!? නෑ නෑ මූ නෙවෙයි වෙන්නැති ක්ලාස් කරන්න කතා කරගත්තෙ.. සමහරවිට මූ අපෙ අයියා හම්බෙන්න ආවද දන්නෑනෙ..

" මේ.. අපෙ අයියා ගෙදර නෑනෙ.. "

" විහස් මල්ලිට ඕලෙවල් මැත්ස් ක්ලාස් එකක් කරන්න නෙවෙයිනෙ මට කතා කරේ..? "

මො_ එතකොට මූද යකෝ ඒ..!? අනේ මේ මං දැන් යනෝ එළියට බැහැලා.. අපෙ අයියටත් වෙන එකෙක් හිටියෙම නැද්ද යකෝ.. මට තාම හිතාගන්න බෑ ඒ මූම වුණේ කොහොමද කියලා..

" චූටි..! මොකද ළමයො එළිය දිහා බලන් කරන්නෙ..!? ආ එන්න පුතේ ඇතුළට.. "

අම්මගෙ සද්දෙට මං මේලෝකෙට ආවෙ.. මං තාම මුකුත් හිතාගන්න බැරුව බලාගෙන ඉන්නෙ.. අනේ යකෝ මට බෑ දෙයියනේ..!!

" ඔතනින් එහාට වෙන්න ළමයො මේ අයියට ඇතුළට එන්න..! "

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

වැඩිය පරක්කු නොකර දුන්නා ඔන්න 🌚 !

eistrella <3

Share This Chapter