Back
/ 22
Chapter 19

18 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" අඩෝ අපෙ අයියලා තාම නැද්ද කොහෙද..? "

" එනේකක් නෑ බං.. සෙහදු අයියනම් එන්නෑ කියලා කියනො ඇහුණා.. "

නිසිනුවා කිව්වම මං දඩාස් ගාලා ඌගෙ දිහා බැලුවා.. බුදාම්මෝ බේසිකයා කියලා බනින එකාව මුට දැන් අයියත් වෙලා..! නරකම නෑ වෙනස..!! අනික සෙහදුවා එන්නෑ කියනො අපිට ඇහුන්නැත්තෙ ඇයි..? බලහන් ඉතින් එතනත් අපිට කොනනෙ.. මහ කැරි සමාජයක් මේක..!!!

" මොකෝ උබ ඔහොම බලන්නෙ..? යකෝ වැඩිමල් නිසා ගරු කරලා කතා කරේ.. "

" හා හා කරගෙන පලයන්කො..! "

වැඩිමල් උන්ට ගරු කරලම කතා කරන එකෙක් කිව්වනම් දුක නෑ.. ඒත් මූ..!? කමක් නෑ ඉතින් අපිට තේරෙන්නෙ නෑනෙ ඕවා..

" දැන් මොකක්ද උබ කියන්නෙ..!? "

" අපිටත් යමක් කමක් තේරෙනෝ කියලා..! "

මං කිව්වම නිසිනුවා මට ඔරවලා ඉස්සරහා බලාගත්තා..

" අනෙ හුකපන් බං..! "

" මෙතන කමක් නැද්ද..? "

නිසිනුවා එහාපැත්තෙ තිබ්බ ඇලුමිනියම් බෝතලෙන් දමල ගැහුවම මං ඒක ගානට අල්ල ගත්තා.. වැදුණනම් එහෙම ඉවරයිනෙ.. පිස්සුද මන්දා මුට..

" ඕයි බල්ලො අහපන්කො..!! "

මොකක්ද එක වගේ මෙතන ඉන්න බැරි නිසා මං ටිකකින් ආයෙ නිසිනුවට කතා කරේ.. කරන්න බෑනෙ ඉතින් ඌ නැට්ට පාගගෙන.. අපි මේ ක්‍රිකට් ටූනමන්ට් එක බලන්න ආවා උයන්වත්තට.. අපි කියන්නෙ මේ මගෙ එහා පැත්තෙ ඉන්න එකා තමයි මාවත් ඇදගෙන ආවෙ.. සුභාෂයා එන්නෑ කිව්වා ඌට මියුසික් ක්ලාස් කියලා.. අපෙ අනිත් එවුන් එනවා කිව්වට එක පකෙක්වත් තාම නෑ මගුල.. අපෙ අයියලවත් තාම නැද්ද කොහෙද.. සත්රූ අයියලයි සෙට් එකනම් ඉන්නො.. උන් වටවෙලා මොකක් හරි කතාවක්..

" ගුඩ් ලක්..! "

අම්මටසිරි විහස් බොසා ඇවිත්..!! දැක්කෙවත් නෑ එනෝ.. සත්රූ අයියා අපෙ අයියට අමුතුවට හිනාවෙලා ඌගෙ හෙල්මට් එකත් දාගෙන ග්‍රවුන්ඩ් එකට බැස්සා.. අනිත් එවුන් ග්‍රවුන්ඩ් එකටත් ගිහින්.. ඌයි, නිසලෙයි තමයි හැරි හැරි ඉන්නෙ.. නිසලෙ අපෙ අයියට තම්ප්ස් අප් එකක් දීගෙන ගියා.. එතකොට කාටද යකෝ ගුඩ් ලක් කිව්වෙ..!? කිව්වෙනම් අපෙ අයියා වෙන්නෝනි.. ඌගෙ කටහඩනෙ ඇහුණෙ.. ඒත් කාටද..!? අනෙ එක්කො කාට උනත් මට මොකෝ.. අදාළ නෑනෙ..!!!

" මේ උබ කවීන්ව දැක්කද..? "

අපෙ අයියා ඇහුවම මං නෑ කියන්න ඔලුව වැනුවම ඌ කෙලගෙන ගියා.. පොර සන්ලයිට් නැට්ට නැති පාලුවට වෙන නැට්ටක් හොයනො වගේ..

" උබ කොහෙද ඔය යන්නෙ..? ඕයි නිසිනු..!! "

" අරහෙට ගිහින් එන්නම්.. "

" ඉදහන් මාත් එනෝ..! "

මාත් අරූගෙ පස්සෙන් යන්න හැදුවෙ.. ඒත් මොකෙක්ද පරයෙක් හරස් වුණු එකෙන් මට අර බල්ලව මගෑරුණ නිසා ආයෙ ඉතින් හිටපු තැනින්ම වාඩි වුණා.. මේ මගුල පටන් ගන්නෙත් නෑනෙ.. දැන්නම් ක්‍රිකට් පිස්සොන්ගෙ පිරිලා ග්‍රවුන්ඩ් එකම.. ඔක්කෝටම වඩා ටූනමන්ට් එකේ ඉන්වයිට් ස්කූල්වල උන්ගෙන් පිරිලා..

" ආ අගසස්..! තනියම මොකෝ..? "

" අදාළ නෑනෙ..!! "

යන යන තැන මේ ගොම්බිලි පරාණෙ සෙට් වෙනෝනෙ.. පුදුම වදයක් දැන්නම්..! අනික ඌ පොට්ටද දන්නෑ.. මෙච්චර සෙනග ඉන්න එකේ මං තනියම ඉන්නො වගේ පේන්න.. පිස්සු පකයා..!!!

" උබේ ලයින් වැඩියි පොඩි එකෝ..! "

" හා..!! "

මං ගනන් ගන්නැතුව කිව්වම අර ගොම්බිලි පරාණෙ ටිකක් වෙලා මගෙ පැත්ත බලන් ඉදලා අමුතුවට හිනාවෙලා ඉස්සරහා බලාගත්තා.. මේ මොන විකාරයක්ද යකෝ..!?

" උබ සිරාවටම විහස්ගෙ මල්ලිද බන්.. මට සැකයි වගේ.. බලහන්කො උබලා දෙන්නගෙ එක ගති ගුණයක්වත් සමාන නෑනේ.. "

උට්ටක් කියනොනෙ..!!!

" නෑ මං ළමා නිවාසෙකින් අරන් ඇවිත් තියෙන්නෙ..! අනේ මේ මගුලක් කියවන්නැතුව ඉදපන් අයියෙ..! "

" මට ඒත් හිතුනා හැබැයි.. "

මූට පිස්සුද අයිසෙ..! චීත්ත වැඩ කරලා තව එනවා සිරික්කිය දාන්න..!!

" තමුසෙ මහ පට්ට බලුයි අයියෙ..! "

" මොකක්ද දැන් උබ කියන්නෙ..? "

මං කිව්වම අරූ හිනාව නවත්තලා මගේ දිහා බැලුවා.. සිරාවටම මාව යන්තම් ගැස්සිලා ගියා ඌ බලපු විදියට..

" උබනෙ එදා අර ඇලවේල්ල පාරෙදි ෆොටෝස් ගහලා යැව්වෙ.. බලු වැඩ කරන්නෙපා අයියෙ..!! "

මං කිව්වම අර යකා ඔරවගෙන වගේ ඉදලා හොද හුස්මක් ගත්තා.. තරහ ගියාවත්ද මූට..!? ඒත් ඉතින් ඇත්තනෙ කිව්වෙ..!

" මේ අගසස්..!!! "

එකපාරටම මූ මගෙ නම කියලා කෑගහපු විදියට මං උඩ ගියා.. මොන මගුලක්ද මේ..!

" පළවෙනිම දේ වැඩිහිටියෙක්ට හරියට කතා කරන්න පුරුදු වෙයන්..! මට නෙවෙයි වෙන ඕනම එකෙක්ට කතා කරද්දි ඒ ගරුසරුව දීලා කතා කරපන්.. පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො උබ ඔය කතා කරන විදිය..!! උබෙන් කතා අහන්නයි උබේ ඔය ලොකු ලයින් බලන්නයිද අනිත් මිනිස්සු ඉන්න ඕන..!!? උබේ තියෙන්නෙම පකේ ලොකුකමයි වාචාල කටයි..! තව එක සැරයක් හරි ආයෙ උබ ඔය විදියට කතා කරලා තිබ්බොත් අම්මපා කාගෙ කවුද නොබලා කට කඩනවා මං..!! "

සෞම්‍ය අයියා මගේ දිහාවට ඇගිල්ලත් දික්කරලා බැනලා තවත් ඉන්නෙ නැතුව නැගිටලා ගියා.. මට කරකියාගන්න දෙයක් නැති වුණා.. මොකක්ද ඒ වුණේ කියලවත් මට හිතන්න අමතකයි.. මුගෙ කටේ සද්දෙට අපිට ඉස්සරහ ඉදිය කොල්ලො දෙන්නෙකුත් හැරිලා බැලුවා.. ශිට්..! මොන හුයන්නක්ද යකෝ.. අරූව මරන්න තරම් කේන්තියි..! දුකයි..! කියන මගුලක් ඌට හිමින් කියන්න බැරි උනාද..! අනික මං ඌට අන්තිම සවුත්තු විදියට කතාකරෙත් නෑනේ බනින්න තරම්..! මොන මගුලක්ද යකෝ මට දුක හිතෙන්නෙ අදාළම නැති එකෙක් කිව්ව ඒවට..!?

" ඒ කෝ සෞම්‍ය අයියා ගියාද..? "

මේ අනිත් මගුල..! ගියපු තැනකට මාවත් එක්කන් යන්නැතුව දැන් එනෝ රෙද්දක් අහන්..!!

" ආ උබට.. "

ඌ කොහෙන්දෝ මන්දා මයිලෝ ගෙනත් එකක් මට දික්කරා.. ඒත් මං උගේ පැත්ත හැරුණෙ නෑ.. හැරුණොත් මූ දකිනො මගෙ මූන කොරහක් වෙලා තියෙනො.. ඊලගට හේතු කියන්න එපැයි..

" ආ.. ගනින් ඉතින්.. අඩෝ යකෝ මොකෝ මූන අවුල්..? "

" ‍ඉන්න බෑ රස්නෙයි බං..! "

" එච්චර රස්නෙයක් නෑනෙ ඕයි.. මේ ඉර බහින වෙලාවෙ..? "

ඔන්න ඉතින් මගුලක් කියනොනෙ..!!

" ඒ තොටනෙ..!!!! ඒත් මට රස්නෙයි..!!! "

" හරි හරි ඉතින් කෑගහන්නෙ.. "

" ඒ මට ගෙදර යන්න ඕන බං.. "

මං එහෙම කියන ගමන් මයිලෝ එක අරන් හෙන ගේමක් දීලා ඒකෙ අස්සට පේපර් ස්ට්‍රෝ එක නැවෙන්නෙ නැතුව දාගෙන කටේ ගහගත්තා..

" මොකක්..!? යකෝ මේ ඇවිත් වැඩි වෙලාවක් නෑනෙ.. උබ මාර ඩයල් එකක්නෙ ඕයි..! "

නිසිනුවා මූන කුන්ඩහට්ටියක් වගේ කරන් ඇහුවේ..

" ඔන්න ඔහොම ඉදපන් බං.. මගුලක් කියවනෝ.. අපරාදෙ තෝව එක්ක ආවෙ.. "

" මං කිව්වද තමුසෙට මාව එක්කන් එන්න කියලා.. උබ එක්කන් එන්නෝන නෑ මංමයි ආවෙ.. "

නිසිනුටත් ඔරවගෙන මං එහෙම කිව්වෙ වටපිට බලන ගමන්.. අර පර ගොම්බිලියා කොහෙද දන්නෑ.. ඉදපන්කො තොට..! කොයිවෙලාවක හරි මං උබට රිටර්න් එකක් දෙන්නම්..

" මේහ්.. "

මං නිසිනුවට ඇනලා කතා කරාම ඌ මං දිහා බැලුවා මොකද අහන්න වගේ.. පගරයට මයිලෝ කොහෙන්ද දන්නෑ..

" උබ කොහෙන්ද මයිලෝ ගෙනාවෙ..? "

" ආහ්.. සහස්ර අයියා දුන්නෙ.. "

" පුහ්..කැහැ..! "

මට මයිලෝ එකත් පිට උගුරෙ ගියා..! මූ දන්න මං නොදන්න සහස්ර අයියා කවුද..!?

" මොකා කියලද කිව්වෙ..? "

" සහස්ර බං සහස්ර.. සෙහදු අයියා.. "

අම්මටසිරි බේසිකයා.!

" යකෝ තොපි..! නෑ තොපි නෙමෙයි උබ..! උබ ඌ එක්ක සෙට්ද දැන්..!? "

මං ඇසුත් ලොකු කරන් ඇහුවේ.. බේසිකයා බේසිකයා කිය කිය බැනපු එකා නේද මේ..! සෙහදු අයියා දැන් සහස්ර අයියා වෙලා..! මූ කවද ඉදන්ද යකෝ බේසිකයට උගෙ නමේ අනිත් කෑල්ලෙන් කතා කරන්න ගත්තෙ..! අනික යකෝ මූ කිව්ව නේද කලින් සෙහදු අයියා එන්නෑ කිව්වා කියලා.. එතකොට මයිලෝ දීලා තියෙන්නෙ ඌගෙ අවතාරෙද..!?

" පිස්සුද උට්ටො..! එහෙම පකක් නෑ.. "

" එහෙනම් කොහොම පකක්ද දැන් උබට ඌ එක්ක තියෙන්නෙ..? "

" ඒක ඇවිල්ලා වෙනම පකක් බං..! උබට ඒවා තේරෙන්නෑ.. "

නිසිනුවා එහෙම කියලා ආයෙම බටේ කටේ ගහන් ඉස්සරහ බලාගත්තා.. ඒ අස්සෙ ඈතින් සෙහදු බේසිකයත් ඉන්නෝ පේනෝ මේපැත්ත බලාගෙන.. නිසිනුවා කියපු මෙලෝ රෙද්දක් මට තේරුන්නෑ.. හැබැයි ඔව් මට පෙනී යනවා බේසිකයාට මල්සරා අම්මටසිරි වෙන්නම විදලා කියලනම්..

" උබ කිව්වනෙ සෙහදු අයියා අද එන්නෑ කියලා.. අර ඇවිත් තියෙන්නෙ..! "

" ඌට හිතුනලු "

නිසිනුවා සෙහදු අයියා ඉන්න පැත්ත බලලා මල් මල් හිනාවක් දාන ගමන් කියද්දී මං ආයෙ මුකුත් කියන්න ගියේ නෑ.. අනික ඕකාගෙන් ඔයිට වඩා දෙයක් මේ වෙලාවෙ දැනගන්නත් බෑ.. ඉදපන්කො මං ඔය සේරම හොයාගන්නකම්..

" මේ කොහෙහරි යමන්කො බං.. "

අපෙ අයියට මං යනවා කියලා මැසේජ් එකක් දානගමන්ම මං නිසිනුවට කිව්වා..

" තව ටිකක් වෙලා ඉදහන්කො ඕයි.. "

" උබට ඕන්නම් ඉදපන්.. මං යන්නම්.. "

මං එහෙම කියලා පැවිලියන් එකෙන් නැගිටලා එන්න ආවා.. ගොඩක්ම මට යන්න උවමනාව අර ගොම්බිලියා නිසා.. ඒ යකා  ඇවිත් මගෙ මූඩ් එකම කාලා ගියානෙ.. ගොන් බල්ලා.. මතක් වෙත්දිත් තරහයි දැන්නම්..

" හිමින් පලයන් යකෝ.. මාත් එනෝ.. "

" අන්න අරූට ගිහින් කියලා වරෙන්.. ඌ මාව කන්න වගේ ඊට පස්සෙ බලන් ඉන්නෙ.. "

මං ආයෙම හැරිලා එහෙම නිසිනුවට කිව්වෙ සෙහදු බේසිකයව පෙන්නන ගමන්.. නිසිනු මාත් එක්ක යන්න හදනෝ දැකලා අරූ මාව මරන් කන්න වගේ මේපැත්ත බලන්නෙ.. යකෝ මාර මගුලක් උනානෙ මේක.. බේසික කෑල්ල හැරුනත් බේසික මිනිහට හෙන අමාරුව..! මටත් මේවා බලන්න වෙනවනෙ යකෝ..! හිටපියකො මාත් කෑල්ලක් දාගෙන පෙන්නන්නම්..

" යමං.. "

නිසිනුවා දුවන් ඇවිත් මාත් එක්කම එලියට ආවා.. බේසිකයා අවසර දෙන්න ඇති බේසික කෑල්ලට..! මල කෝලං බෝල සබන්..! එළියට එද්දිම අර පර ගොම්බිලියා ඉන්නො පැත්තකට වෙලා ෆෝන් එකත් කනේ ගහන්.. මොකී එක්කද දන්නෑ මල් කඩන්නෙ.. එක්කො මට මොකෝ මොකෙක් එක්ක ඌ මල් කැඩුවත්.. කොහොමත් ඔය බල්ලා එක්ක ආයෙ මට කිසි කතාවක් නෑ..!! මං ඌව දැක්කත් නොදැක්ක ගානට මගෑරලා එන්න එද්දි ඇස් කොනෙන් ලාවට වගේ පෙනුනා පොර මාව දැකලා කෝල් එකත් කට් කරලා හෙන උවමනාවෙන්ම මගේ දිහා බලන් ඉන්නෝ.. ඌ මොනාහරි කියාගෙන මේපැත්තට එන්න හදනෝ වගේ දැක්ක පාර මං ඉක්මනින් නිසිනුව ඇදගෙන ගියා..

" මේ දැන් කොහෙද උබ ඔය යන්නෙ..? "

" උබලයි ගෙදර.. "

නිසිනුවා ඇහුවම මං ඌට උත්තර දීලා බයිසිකලේ අරන් හරවගත්තා.. මේ හරියෙ ඉදන් උන්ලයි ගෙවල් පාරට හෙන ළගයිනෙ.. ඒ හින්දා එහේ ගිහින් රෑ වෙන්න ගෙදර යනෝ..

><

" අඩෝ හරියට විස්තරේ කියපන්කො එකෙක් හරි.. "

පෙරේදද කොහෙද අපෙ සුභාෂයා කෙල්ලෙක් ටෝක් කරලා.. මුන් ඒක ඊයෙ දැනගෙන තියෙන්නෙ.. මං ඇර මුන් ඔක්කොම ඊයෙ ගියානෙ මැච් එක බලන්න.. අන්න එතකොට දැනගෙන අද මේ මැරෙන්න හදනො.. හරියට විස්තරේ දන්නැති නිසා ඉදලා ඉදලා මං ඇහුවෙ ඒක ගැන.. මොකක්ද දන්නෑනෙ හරියටම වුණේ..

" අර බං මූ එදා අපිත් එක්ක මැච් එක බලන්න එන්නැතුව උඩ දාගෙන ගියේ මියුසික් ක්ලාස් කියලා.. මියුසික් ක්ලාස් නෙවෙයි දෝණි බලන්න ගිහින් තියෙන්නෙ.. "

" අනෙ පලයන් යකෝ බොරු නොකියා.. "

නිසිනුවා කිව්ව එකට සුභාෂයා එහෙම කෑගැහුවෙ.. ඇයි මේ නිසිනුවා ෆෝම් වෙලා මැරෙන්න හදන්නෙ සුභාෂයා කෙල්ලෙක් ටෝක් කරපු එකට..!?

" බොරු නෙවෙයි නම්බරෙත් දීලා උට්ටො.. "

චාරුකයා කිව්වම මං සුභාෂයා දිහා බැලුවෙ ඇත්තද අහන්න වගේ.. මෙන්න මූ ඔලුව වනනො.. යසෛ බේසික පුතා..!

" ඒකි ගත්තද ඉතින්..? "

" දෙනකන් බලන් හිටියා වගේ ගත්තෙ බං.. "

" යකෝ මට නම් ඒ හෝන්තුවව පේන්න බෑ..! තොගෙ ඔලුව කොහේහරි වැදුනද උට්ටො..! පිස්සු පකා.. "

ඔය ඉතින් මූත් එක්ක බෑනෙ.. මැදින් ඇඩ් දානෝනෙ..!

" යකෝ මොකෙක් හරි එකෙක් මට කියපන්කො හරියටම මොකක්ද උනේ කියලා..! කවුද ඔය කෙල්ල..!? "

" අපේ මියුසික් ක්ලාස් එකේ කෙල්ලෙක් බන්.. "

සුභාෂයා ඔලුවත් කහ කහ කිව්වෙ නිකන් ලැජ්ජාවෙන් වගේ.. මූට නම්බර්ස් දෙන්න ලැජ්ජ නෑ.. අපි අහද්දි කියන්න තමයි ලැජ්ජ.. මුගෙත් තියෙන්නෙ මහ පකේ කැටයම් තමයි..!

" මියුසික් ක්ලාස් එකේ කියලා දන්නවා යකෝ..! උබම දැන් ඕක කී සැරයක් කිව්වද..! මං අහන්නෙ මොකීද ඕකි..? "

" අර බං.. උබලට මතකද දන්නෑ හැබැයි.. "

මතක් වෙන්නත් කියලා ඉදපන්කො.. එහෙම නෑ වටේ යනෝ..! ඔක්කෝම ඒකයි..!!!

" නෑ නෑ ඔක්කෝටම කලින් කියහන්කො ඒකි කොහෙ එකියක්ද කියලා.. "

මං කිව්වම මූ ටිකක් කල්පනා කරා.. ඔච්චර කල්පනා කරන්න දෙයක් තියෙද ඒකෙ.. උඩ දාගෙන ගිහින් නම්බර්ස් දීලා මගුලක් කරගත්තට ඒකිගෙ ඉස්කෝලෙවත් දන්නැද්ද මූ..?

" ගෙවල් කොහෙද කියලා මතක නෑ බං.. නෑ නෑ මං ඒක ඇහුවෙ නැද්ද කොහෙද.. "

ඔය කිව්වෙ බල්ලා..!!!

" උට්ටො ඉස්කෝලෙ ඇහුවෙ යකෝ..! ඉස්කෝලෙ උබ දන්නොනෙ බං.. අර පාසල කියන්නෙ.. අන්න ඒක මොකක්ද කියලා ඇහුවෙ.. "

ඇයි යකෝ..!!! කියන එකක් තේරෙන්නෑනෙ මූට..

" හරියට අහපන්කො ඉතින්..! උබ ඇහුවෙ ඒකි කොහෙද කියලනෙ.. "

" හරි හරි.. දැන් කියහන්කො ඒ දැරිවිගෙ පාසල මොකක්ද කියලා.. "

" දැරිවි නෙවෙයි යකෝ ඇරිවි..! "

බෑනෙ කරන්න ඉතින්.. මොකෙක් හරි ඇඩ් දානො මූ කියන්න යද්දිම.. මුන් විස්තරේ දැනගත්තට මං දන්නෑනෙ.. උන් මට ඒක ගැන කියන්නෙත් නෑ.. මූට නිදහසේ කියන්න දෙන්නෙත් නෑ..!

" තෝ කටවහන් හිටියෙ නැතොත් මං දැන් තොට මෙතන අරිනො..! "

මං නිසි බල්ලට කෑගහලා ආයෙ හැරුනා සුභාෂයාගෙ පැත්ත..

" උබ මගේ යාලුවෙක් නිසා මං හිතන ඉස්කෝලෙ මං හිතන එකී නම් නෙමෙයි කියාපන් සුදු පුතේ.. "

" මෙහෙමයි ඉතින්.. මං ඒක ඒතරම් හිතුවෙ නෑ බං.. "

කවුරුහරි මට සවලක් දීපන්..! මූවත් වළ දාලා මටත් වැළලෙන්න ඕනි..!

" අනේ උබ මොකක්ද කියපන්කො හිතලා කරේ.. "

" අඩෝ ඉතින් නම්බර් එක දීලා පොඩ්ඩක් ෆෝම් කරල ගත්තට සෙට් කරගන්නෙ නෑනේ බං.. ආතල් එකටනෙ.. "

" අනේ පලයන් යන්න..! උබත් කුණු ඇළටම පැනපන් ඒකිත් එක්ක..! මෙන්න මෙහෙ වරෙන් බං යන්න.. "

මං සුභාෂයාට බැනලා නිසිනුවයි චාරුකයයි ඇදන් එන්න ආවා.. උන් දෙන්නා විතරක් නෙවෙයි ඉතින් අර ගොන් බල්ලත් එනෝ අපිත් එක්කම.. මට නම් කේන්තියි යකෝ.. මුන් එකෙක්ටත් ඔලුවක් කියලා එකක් නැති හැටි..!

" යකෝ මටත් යන කලදසාවක් තියෙන්න එපැයි.. නේද බං චාරුවො.. "

කලදසාව.. කියන්නෑ මං කලදසාව..! ලැජ්ජ නෑ පකයට.. නෑ මං අහන්නෙ_ නෑ එක්කො ඕන්නෑ.. නිකන් මොකටද ලේ කෝප කරගන්නෙ..

" කොහෙද දැන් ඔය උබලා යන්නෙ..? "

" උබට වැඩක් නෑනෙ.. එනවනම් වරෙන් නැත්නම් හැරිලා පලයන්.. "

චාරුකයා එහෙම කියලා ඉස්සර වුණා.. ඔය යන්නෙ කොහොමත් ආර්ට් රූම් එක පැත්තෙ තමයි.. දැන් ජපනීස් කරාට නවයට එනකන් මූ චිත්‍ර කරේ.. ආර්ට් එක්සිබිශන් එකේ වැඩ වලට මූට එන්න කියලා පණිවිඩයක් ඇවිත් තිබ්බා.. ඒකට වෙන්නෝනි මූ මේ යන්නෙ.. අපිටත් වෙසක් සතිය වගේ නිසා අපිත් ඌ එක්කම ඒ පැත්තෙ ගියා.. සුභාෂයත් එනෝ අපිත් එක්ක නිකන් දාහට අරන් සීයට දුන්නා වගේ මූණත් තහඩුවක් මොකක්ද කරන්..

ආර්ට් රූම් එකේ චිත්‍ර කාරයෝ පිරිලා.. ෆැබ්‍රික් පේන්ට් වල සුවද එහෙම දැනෙනෝ ආර්ට් රූම් එක ලගින් ගියත්.. ඒවගෙ හෙන අමුතු සුවදක්නෙ තියෙන්නෙ.. කොහොමහරි අපිත් ගිහින් කරන්න පුළුවන් උදව්වක් කරා.. චාරුකයවනම් ආපු ගමන්ම වැඩ වලට ඇදලා ගත්තා.. දැන් ඉතින් ඌට නම් ඔතනින් ගැලවෙන්න බෑ.. මාත් ඉතින් ඔය පින්සලක් අරන් මල් මෝස්තරේක අවුට්ලයින් එකක් ඇන්දා.. සමහර උන් පාට මික්ස් කරලා මල් වල එහෙම පෙති පාට කරනෝ.. අනේ එච්චර දේවල් කරන්න බෑ මට.. අනික මං ඕවා පාට කරන්න ගිහින් අපේ අයියා කියනො වගේ සේරම විනාස වෙලා යයිද දන්නෑනෙ.. ඊටවඩා හොදයි බැරි වැඩ නොකර පුළුවන් දෙයක් කරන එක..

ඒ අස්සෙ ආවින් බොසාත් ඉන්නෝ පේනෝ.. ඌ හෙන උවමනාවෙන් එකෙක්ට පාට කරන්න ඕන විදිය කියල දෙනවද කොහෙද.. යකෝ එක එක තැන්වලට පාට කරන්න එක එක ජාතියේ පින්සල්.. ආවින් බොසා පින්සලේ අංක ටිකත් කියලා අරූට උපදෙස් දීලා හැරෙද්දිම මං බලන් ඉන්නො දැකලද කොහෙද හිනා නොවුණා ගානට හිනා වෙලා ආර්ට් රූම් එකෙන් ගියා.. සිරාවටම ඌ හිනාවෙනවද කියලත් හොයන්න බෑ ඉතින්..

" කෝ ආවින්..!? "

මොන මගුලක්ද යකෝ..!! මොකෙක් හරි එකපාරටම ඇවිත් කෑගහපු පාර මගෙ අතින් පින්සලත් ලිස්සලා ගිහින් මල් මෝස්තරේ තැනක කලු තිතක් වැදුණා.. දැන් අහපන්කො ඉතින් කන් අඩි පැලෙන්න..! මං ඒ කෑගහපු එකාටත් හිතින් බනින ගමන් ඔලුව උස්සද්දි සත්රූ අයියා.. ඌ නිකන් මලයකා වගේ..! එකෙක් ආවින් අයියා ගියා කිව්වම පෙරලගෙන වගේ ගියේ.. ඌට මොකක් වෙලාද..!?

" අර මොකද බං..? "

මටත් දැනගන්න ඕනි ප්‍රශ්නයක් එකෙක් ඇහුවම මාත් අර මෝස්තරේ වැදුණු කලු තිත ශේප් එකේ වහන ගමන්ම කන දුන්නා.. වැදගත් දේවල් මේ..!

" ක්‍රිකට් ටූනමන්ට් එකෙන් අපි අවුට් වුණානෙ බං.. ඔය ඒක නිසා මං හිතන්නෙ.. "

" ඔව් ඔව් ඒක නිසා තමයි.. අද හොදයි ඔය.. ඊයෙ ග්‍රවුන්ඩ් එකේදි සත්රූ අයියා හෙනට මූඩ් ගහලා වගේ හිටියෙ.. "

ආ ඒකයි එහෙනම්.. යකෝ තරගයක් කියන්නෙ එහෙම තමයි.. දිනනවා පරදිනවා.. නෑ ඉතින් මං අපි පැරදුන නිසා කියනවා නෙවෙයි.. ඒ වුණාට_

" යකෝ උබ මොකක්ද ඔය කරලා තියෙන්නෙ..!! "

" මොනෝත්තක්දෝයි.. හිමින් කෑගහපන්කො..! "

චාරුකයා කන අස්සෙ ඉදන් කෑගහපුවාම මං උඩ විසිවුණා.. ඌ අර කලු තිත දැකලා.. පොඩි තිතක් වැදුනා උනාට මං ඒක වහන්න ගිහින් දැන් ඒක ටිකක් ලොකු තිතක් වෙලා..

" යකෝ මේ මල් පෙත්තෙ කොනක් දලඹුවො කාලා වගේ දැන්..!! "

චාරුකයා එහෙම කියන ගමන් මාවත් එහාට කරලා දාලා මල් මෝස්තරේ කලු තිත වැදිච්ච තැන රතු තීන්ත වලට කහ තින්ත මිශ්‍ර කරලා වැහුවා.. ඌට ඉතින් ඕවා හොදට පුළුවන් නෙ..

" ඔය පින්සල මහත වැඩියි බන්.. මෙන්න මේක ගනින්කො.. "

ඊට පස්සෙ ඌ මට වෙන පින්සලකුත් දීලා ගියා.. යකෝ ඉතින් මේ පින්සල් දෙකේ ලොකු වෙනසකුත් නෑ.. එකක කෙදි සුදු පාටයි අනිත් එකේ කෙදි දුඹුරු පාටයි.. පින්සල් මිටේ අංක ගහලා තියෙනෝ.. ඒක වෙන්න ඇති එහෙනම් ආවින් බොසා අර කොල්ලට අංක වගයක් කිව්වෙ.. මං ඉතින් මෙලෝදෙයක් මේ සම්බන්ධව දන්නෙ නැති නිසා අරූ දුන්න පින්සලෙන් අවුට්ලයින් එක ඇදලා ඉවර කරා.. ඒකත් හරි..!

" මේ කවීන් අයියා ආවෙ නැද්ද බං..? "

මං මට එහාපැත්තෙ ඉදපු අපේ වයසෙ කොල්ලෙක්ගෙන් එහෙම ඇහුවෙ..

" නෑනේ.. ඒ මොකෝ..? "

" ඌටත් චිත්‍ර අදින්න පුළුවන්නෙ.. "

" සිරාවටම..? "

මං ඔලුව වනලා පින්සලත් හෝදලා පැත්තකින් තියලා ආර්ට් රූම් එකෙන් එලියට ආවා.. කවීන් අයියව එක්කන් ආව නම් ඌ එක්ක චිත්‍රයක් හරි පාට කරන්න තිබ්බා.. මං ඔය බැන්නට පොර ඉතින් හොද එකානෙ..

" උබ නහින්නැතුව ඉදපන් සත්රූ..! "

" උබලා කියාවි.. ඒ වුණාට හැමඑකාම මටනෙ කියවන් එන්නෙ.. "

" ආ දැන් කවුද උබට කියවන් ආවෙ..? "

" කෝච්ගෙනුත් පලුයන්න අහගෙන ඕයි ඉන්නෙ.. අර හවිදු උට්ටා අවුට් වුණු එකට මං මොකක් කරන්නද කියහන්කො.. ඒකටත් මං තමයි අහගත්තෙ.. ඔක්කෝටම වඩා අන්න අර පකයො ටික කප් එක ගත්තම අපිට දාපු කින්ඩිය උබලා දැක්කද..? මට මරන්න තරම් කේන්තියි යකෝ..! "

මං කවීන් අයියව හොයාගෙන ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තෙ යනකොට එතන වෙනම සංගමයක්..! සංගමයක් කියන්නෙ සත්රූ අයියා පුපුරන්න ඔන්න මෙන්න වගේ කේන්තියෙන් කියවනෝ.. ගීත් අයියා ඌව ශේප් කරන්න බලනො.. මොකක් වුණත් ඊයෙ හෙන සීන් එකක් ගිහින් වගේ.. ෆයිට් එකක්වත් ගියාද දන්නෑ.. හැබැයි ෆයිට් එකක් ගියානම් මුන් මෙහෙම කෙලින් කටින් ඉන්නනම් බෑ.. කොහෙද ඉතින් මං අප්ඩේට් නෑනෙ මේවා ගැන..

මං එහෙන්මම ඔලුව හරවලා බැලුවෙ කවීන් අයියා ඉන්නවද කියලා.. උන් එකෙක්වත් නෑ මේක ඇතුළෙ.. අපෙ අයියනම් ඉන්නො.. පොර හෙන සාමකාමී විදියට බලාගෙන ඉන්නෙ වෙන දේ දිහා.. අපෙ අයියට එහාපැත්තෙ නිසල් අයියා.. පොඩ්ඩක් ඉන්න.. ඌ මොකක්ද අපෙ අයියගෙ එහාපැත්තෙ කරන්නෙ..!? මං ආපු බව දැකපු නිසල් අයියා අපේ අයියට තට්ටු කරලා මාව පෙන්නුවා.. යකෝ මූ..!

" මොකෝ උබ..? "

අපේ අයියා එහෙම අහපු පාර ගීත් අයියයි සත්රූ අයියයිත් මගේ දිහා බැලුවා.. ගීත් අයියා නම් කටපුරා හිනාවුණා මාව දැකලා.. සත්රූ අයියා යකෝ ඒ අස්සෙ මට රවනෝ.. මං මොන මගුලක් කරාටද යකෝ මට රවන්නෙ..!

" ආ මේ.. කවීන් අයියා නෑ..? "

" මොකටද ඌව හොයන්නෙ..? "

" උබට වැඩක් නෑනේ ඒක.. කොහෙද කියනවකො කවීන් අයියා.. "

මහ පගයට රවලා මං ඇහුවෙ..

" ඌ මේන් හෝල් එක පැත්තෙ බලපන්කො පොඩ්ඩක්.. "

ගීත් අයියා කියද්දී මං ඔලුව වනලා මේන් හෝල් එක පැත්තට එන්න ආවා.. සන්ලයිට් බේසිකයත් දැක්කෙ නෑනේ අද.. සාමාන්‍යයෙන් ඌ ඉන්නෙම අපේ අයියා එක්කනෙ.. අපෙ අයියා එක්ක කියන්නෙ අපෙ අයියගෙ නැට්ටනෙ යකෝ ඒ.. නැට්ට හැලිලා අද..! ඒ වෙනුවට නිසලෙ සෙට් වෙලා..! ඌ නම් සිරාවටම දැන් ඕනවට වඩා වැඩියි..!!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

මාස එකහමාරකට පසු 🥲 !

eistrella <3

Share This Chapter