Back
/ 22
Chapter 18

17 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" ලොකූ අර මල්ලි කිව්ව කතාව ඇත්තද..? "

" මොන..? "

" අර ගෑනු ළමයෙක් ගැන මොකක්ද කිව්වෙ.. "

උදේ නැගිටලා මං කිචන් එක පැත්තට යද්දි ඇහුණෙ එහෙම.. මේ මොකද මේ..? මං කවද්ද අම්මට ගෑනු ළමයෙක් ගැන හරියටම කිව්වෙ..?

" ඌට පිස්සුනෙ..!! "

" මං දන්නෑ ඉතින් ඇත්ත නැත්ත.. අපි වැඩිය ගෙදර රැදුණෙ නැතාට මුකුත් නොදන්නවා කියලා හිතන්න එපා..! "

අම්මා මගේ දිහත් බලලා කිව්වෙ.. මේ මොකද මේ..? මං අහිංසකයිනෙ.!

" චූටි තේ බීලා ලෑස්ති වෙන්න ඉස්කෝලෙ යන්න.. "

අම්මා මගෙ අතට මග් එක දෙන ගමන් කිචන් එකෙන් එළියට ගියා.. මං එහෙන්මම පැන්ට්‍රිය උඩින් වාඩිවෙලා බැලුවෙ මහ පගයගෙ දිහා.. ඌගෙ මූනත් නිකන් අහක බලන් දාපු කිකිළි බිත්තරයක් වගේ වෙලා..

" ඒ අයියෙ මොකක්ද බං ඒ වුණේ..? "

" අනේ මන්දා බං.. ඇත්ත කියපන් උබ මොනවහරි අම්මට කිව්වද..? "

" පිස්සුදෝයි..!! මට වෙන වැඩ නෑ කියලා හිතුවද.. "

මං කිව්වම අයියා ටිකක් කල්පනා කරනො වගේ බලන් හිටියා.. සිරාවටම ඒ වගේ චීත්ත වැඩ කරනවට වඩා මට වැඩ තියෙනො..

" මේ චූටි..! "

" ඕ කියහන්.. "

" මේ සිරාවටම මං කෙල්ලෙක්ට නෙවෙයි කැමති කොල්ලෙක්ට කියලා දැනගත්තොත් මොකක් වෙයිද බං..? "

අයියා හෙන සීරියස් මූඩ් එකකින් ඇහුවාම මාත් ටිකක් කල්පනා කරා.. හැබැයි ඉතින් අනේ මන්දා.. ලොකු අවුලක් වෙන එකකුත් නෑ..

" අවුලක් වෙන එකක් නෑ.. ඕන්නම් ටිකක් බනියි.. උබව එලවන්නෑනෙ අයියේ.. එලෙව්වත් මොකෝ ඉතින්.. ඊලගට මටනෙ යකෝ මේ ඔක්කොම..!!!!! "

මං ඇහිබඹකුත් නටව නටව කියද්දි අරූ මට ගහන්න වගේ පැන්නා..

" සිරාවටම යකෝ මං අහන්නෙ..! "

" හරි ඉතින් තමුසෙ කොල්ලෙක් ගෙනෙන්.. මං කෙල්ලෙක් ගේන්නම්.. එතකොට ශේප් නෙ.. "

" කෙල්ලෙක්..? මේ උබ..? "

මහ පගයා නිකන් කින්ඩියට වගේ එහෙම ඇහුවේ..

" ඇයි මොකෝ උබ..!? "

" නෑ නෑ මුකුත් නෑ..! "

ඌ එහෙම කියාගෙන පැන්ට්‍රියෙන් බැහැලා මග් එක හෝදලා තියලා ආයෙ මගේ දිහා හැරුනා.. අර කින්ඩි හිනාව තාම තියෙනෝ.. මොන මගුලක් වෙලාද මූට..!

" අර සංසලා මිස්වද ගේන්නෙ..? "

යකෝ..!!

" මොකක්..!!? "

" මොකෝ බයවෙලා.. උබේ ක්‍රශ් එකනෙ.. "

" පි_පිස්සුද..!! "

" නෑ හැටි..! "

මං යකා ගහලා වගේ ඇසුත් තඩි කරන් බලන් ඉදිද්දී මහ පගයා එහෙම කියාගෙන කිචන් එකෙන් එලියට ගියා.. යකෝ ඌ කොහොමද දන්නෙ..!! නෑ නෑ කොහොමහරි දැනගන්නෝනෙ ඌ කොහොමද ඒ ගැන දන්නෙ කියලා..! මාත් ඊටපස්සෙ මග් එක පැන්ට්‍රියෙන් තියන ගමන් බිමට පැනලා මහ පගයගෙ පස්සෙන් ගිහින් උගෙ අතේ එල්ලුනා..

" මේ තමුසෙට කවුද ඔය බොරුව කිව්වෙ කියනවකො..! "

" විශ්වාසනීය ආරංචි මාර්ග..! "

අයියා කට කොනින් හිනාවීගෙන එහෙම කියලා ගියා.. කවුද යකෝ ඒ විශ්වාසනීය ආරංචි මාර්ගෙ..!?

ආආආආ..!!!!!

" ආ ආ මොකද මොකද ඔය..! "

හුටා..! මහ පගයා එක්ක තිබ්බ කේන්තියට කකුලෙන් සෝෆා එකට පාරක් ගහද්දිම තාත්තා ආවා..

" හිහී සුබෝදෑසනක්..! "

මං ඉතින් හොද ලමයා වගේ හිනාවක් දාලා තාත්තා සෝෆා එකෙන් වාඩිවෙච්ච ගමන්ම තාත්තගෙ ඇගට හේත්තුවක් දැම්මා..

" ගුඩ් මෝනින් පොඩි ඇට්ටරයා.. "

හහ් ගුඩ් මෝනින්..!?

" සුබෝදෑසනක් කියලා කිව්වෙ..! "

" ඉතින්..? "

" එතකොට ගුඩ් මෝනිම් කියන්නෙ නෑ.. සුබ උදෑසනක් කියලා කියන්න ඕන.. "

" චූටි..! හුරතල් වෙන්න නෙවෙයි ගිහින් ලෑස්ති වෙන්න.. "

තාත්තා එක්ක කතාව කන්ටිනිව් කරන්න වුණේ නෑ අම්මා ඇවිත් කෑගහගෙනම කිචන් එක පැත්තට ගියා..

" ගිහින් ලෑස්ති වෙන්න දරුවෝ..! අයියා එක්කම ගියාම හරිනෙ.. "

" තව වෙලා තියෙනෝ අනේ.. "

" මේ ළමයා නම් හැදෙන විදිය අන්තිමයි දේවක.. ඉස්කෝලෙ යන්නත් කම්මැලියි.. බ්‍රහස්පතින්දා සිකුරාදා නම් උඩ පැනගෙන යන්නෙ..! පොතක් අතින් අල්ලන්නෙවත් නෑ.. කොච්චරවත් කිව්වා මැත්ස් ක්ලාස් එකක් හොයාගන්න කියලා.. ඇයි ඉතින් යන යන මැත්ස් ක්ලාස් එකේ ඇදයක්නෙ මේ ළමයට.. ඒත් නට නට ඉන්නවා ගානක්වත් නෑ.. "

ඔන්න ඕකනෙ ඉතින් බැරි..! අම්මා තාත්තට තේ එක දෙන ගමන් කියෙව්වෙ මටත් රවාගෙන..

" ඇයි කලින් ගිය මැත්ස් ක්ලාස් එක හොද නැත්තෙ..? "

" ඒ මනුස්සයා එපා වෙනෝනෙ..! "

" එපා වෙනවා..!? එහෙමයි කියලා දැන් එපා වෙනෝ කියලා ගෙදර ඉදලා හරියන්නෙ නෑනේ චූටි.. වෙන ක්ලාස් එකක් හොයාගන්නවත් උවමනාවක් නැද්ද..!? "

තාත්තා තේ එකෙන් උගුරක් බීලා රවාගෙන වගේ මගෙන් ඇහුවාම මං සද්ද නොකර හිටියා..

" කියල වැඩක් නෑ දේවක.. උවමනාවක් නැති කම තමයි..! "

අම්මා තව පෝර දාද්දි මං අම්මටත් රැව්වා.. මෙයා එක්ක බෑ අනේ..

" මොකද රවන්නෙ..!? රවන්න නෙවෙයි ගිහින් ලෑස්ති වෙන්න..! "

" අම්මෙ මං අද එද්දි පහ හමාර විතර වෙයි.. පොඩි වැඩ වගයක් තියෙනවා.. "

පඩිපෙළ බැහැගෙන එන ගමන් මහ පගයා කිව්වෙ..  ඌ නිසා අම්මගෙ අවධානෙ වෙනස් වුණ ගමන්ම මං පටස් ගාලා උඩට දිව්වා.. ඇති යාන්තම්.. නැත්තන් අම්මගෙන් තව අහගන්න වෙනෝ මට.. මං විනාඩියට දෙකට ඇදගෙන පහලට එද්දි මහ බබාට අම්මා බත් කවනෝ.. මහ බබා ෆෝන් එක නලවනෝ.. යසයි..! මට වගේනම් කන වෙලාවටවත් ෆෝන් එක අල්ලන්නැතුව ඉන්න බැරිද චූටි කියලා කෑගහාවි.. කමක් නෑ ඉතින් හැමතැනින්ම කැපිල්ලනෙ..! ඉදපන්කො මං කතරගම ගිහින් බාරයක් වෙනෝ මේ අසාධාරණකම් වලට සාධාරණයක් ඉල්ලලා..!!

" ලොකූ.. පුතෙ ඔයා අදුරන කවුරුත් නැද්ද මැත්ස් ක්ලාස් එකක් කරන්න මේ ළමයට.. "

" ඒ මොකෝ..? නිසිනු මල්ලි ගියේ මෙයා ගියපු ක්ලාස් එකට නෙවේ නෙ..? ඒක හරියන්නෑලු ද..? "

ආයෙ පටන් අරගත්තා රෙද්ද..! මං ගස්සගෙන ගිහින් බෑග් එක පැත්තකට දාලා වාඩි වුණා..

" මං ක්ලාස් එකක් හොයාගන්නම් අනේ..! අනික නිසිනු යන ක්ලාස් එක කම්මැලියි ලු.. ඌත් ඒක නවත්තන කතාවක් කිව්වෙ.. "

" නෑ නෑ ඔයා හොයාගන්න ඕන්නෑ.. ලොකූ.. ඔය කැම්පස් ළමයෙක් හරි නැද්ද ඔයා අදුරන..? ඒ ළමයි කැපවීමෙන් කරනොනෙ.. "

අම්මා අරූට බත් කටක් කවන ගමන් ඇහුවාම ඌ ෆෝන් එක බෑග් එක අස්සෙ ඔබාගන්න ගමන් අම්මා දිහා බලලා මගේ දිහත් බැලුවා..

" ඉන්නව අදුරන අය.. මං අහලා බලන්නම්.. "

" අනේ බෑ..! මං හොයාගන්නම් ක්ලාස් එකක්..! "

" චූටි..! මෙච්චර දවස් කිව්වා ක්ලාස් එකක් හොයාගන්න කියලා.. කියන එකක් ඇහුවෙ නෑනෙ.. දැන් අපි හොයාදෙන ක්ලාස් එකකට යන්න.. අනික කැම්පස් ළමයෙක් කතා කරගත්තම ඒ ළමයි එහෙම කම්මැළි නෑනෙ.. උනන්දුවෙන් වැඩේ කරනොනෙ.. "

යැයි යැයි යැයි තමයි..! පුදුම මගුලක් උනානෙ මේක.. හිටපියකො මේ යකාට කියන්න ඕන හිමීට මං තනියම ක්ලාස් එකක් හොයාගන්නම් කියලා..

" අදුරන අයිය කෙනෙක් ඉන්නෝ ඌ ආෆ්ටර් ඒලෙවල් කාලෙ මැත්ස් ක්ලාස් කරාද කොහෙද.. හරියටම ශුවර් නෑ.. හැබැයි ඒවගේ මතකයි මට.. මං අහලා බලන්නම්.. සමහරවිට කැමති වෙයි.. "

" ඔයා අහලා බලන්නකො.. ඒ ළමයා ක්ලාස් කරන්න කැමති කිව්වොත් මාත් කතා කරලා බලන්නම්.. "

අම්මා එහෙම කියන ගමන් මහ පගයට බත් කවලා ඉවර වෙලා පිගානත් අරන් කිචන් එකට ගියා..

" මේ ඒයි.. මං හොයාගන්නම් ක්ලාස් එකක්.. තමුසෙ කරදර වෙන්න ඕන්නෑ.. "

මං පටස් ගාලා මහ පගයා ගාවට පැනලා එහෙම කිව්වෙ..

" නෑ නෑ.. අම්මා මට කිව්වෙ.."

මං කිව්ව එක ගානකටවත් නොගෙන ඌ එහෙම කියන ගමන් බෑග් එක අස්සට දාගත්තු උගෙ ෆෝන් එක ආයෙ අරන් කාටදෝ මැසේජ් එකක් දැම්මා.. හරි බලමුකො මූ මට ක්ලාස් හොයන විදිය.. නිසල් පකාට කියලා ගස්සවන්නෙ..! හිටපියකො ෆෝන් අරන් එනවා කියලත් විනයභාරට කම්ප්ලේන් කරන්න ඕන මූ ගැන.. ‍යකෝ ඉස්කෝලෙ හෙඩා උනේකෙන් මේ ගෝතයා දැන් අයුතු ප්‍රයෝජනත් ගන්න අරන්නෙ..!

" චූටි..! එන්න කවන්න.. "

අම්මා ආයෙ බත් බෙදන් ඇවිත් මට කවද්දිත් මං කරේ හතර පැත්තටම රවාගෙන හිටපු එක.. මේ වහල යට මට වෙන අසාධාරණකම් දිහා ඔය ඉන්න තිස්තුන්කෝටියක් දෙයියොන්ගෙන් එක දෙයියෙක්වත් දකින්නෑනෙ..! මේක හරියන්නෑ මේකට මොකක් හරි කරන්නම වෙනෝ..

><

කොහොමහරි ඉතින් මට ඉස්කෝලෙ ඉන්න උනා මහ පගයා ගෙදර එනකන්ම.. ඇයි ඉතින් උඩ පැනගෙන නැවතුනාට ඌත් එක්ක එපැයි එන්න..! අපෝ ආයෙනම් ඇදගෙන නාන්නෑ කියලා මං මේ හිතාගත්තෙ..!! පහ හමාර කිව්වට ඒ බල්ලා ගෙදර එද්දි හයටත් කිට්ටුයි.. යකෝ අම්මත් වේලාසනින් ගෙදර ඇවිත් අපි එනකොට..

" අන්න තමුසෙගෙ ක්ලාස් වැඩෙත් හරි..! අම්මේ..!! "

ගෙදර ඇවිල්ලා වොශ් දාලා ටීවී බල බල හිටිය මටත් එහෙම කියාගෙන මහ පහයා කිචන් එක පැත්තට ගියා අම්මව හොයන්.. පොඩ්ඩක් හිටාම්..! මොකක්ද ඌ ඒ කිව්වෙ..!?

" අම්මේ..!!!!! මේ මට බෑ හොදේ..! මං හොයාගන්නම් කිව්වනෙ ක්ලාස් එකක්..!! "

වදයක්නෙ අනේ..! කීසැරයක් කිව්වද මං..

" අම්මේ..!! "

" කෑගහන්න එපා චූටි..! ලොකූ ඒ ළමයගෙ නම්බර් එක දෙන්න මට.. මාත් කතා කරන්නම්.. "

මං කිචන් එකට දුවන් ඇවිත් අම්මට කතා කරාමත් අම්මා මාව සත පහකට ගනන් නොගෙන මහ පගයා එක්ක කතාව..! ඒ අස්සෙ මහ පගයා පැන්ට්‍රියට නැගලා..! පුදුම මගුලක් උනානෙ මේක..

" වීකෙන්ඩ් දවස් දෙකේ ඌට පුළුවන් කිව්වෙ අම්මෙ.. කොහොමත් මෙයාට ඉරිදා හවස පුළුවන්නෙ.. මං කිව්වා ඉරිදා අවුලක් නෑ කියලා.. "

මොන උට්ටක්ද..!!!??

" හා හා ඒක හොදයි.. ඒ ළමයා මොනවා කරන කෙනෙක්ද ලොකූ..? "

අම්මනම් කියයි.. මං එපැයි යකෝ දවසම නැහෙන්න..!

" ඉංජිනියරින් අම්මෙ.. සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්.. "

රෙද්ද තමයි..! හරි බලමුකො ඔය කියන එකා ආවම.. මොකක් හරි ඇදයක් හොයාගන්න ඕන..!! අනික මට බෑ තනියම නම්.. නිසිනුවත් අඩගහගන්න ඕන.. ඒ නැතත් අපේ අම්මා දැනටමත් කියලද දන්නෑ නිසිනුලයි අම්මට..

" මං නිසිනු පුතාලයි අම්මටත් කිව්වා.. "

අන්න දැක්කනෙ.. මං කිව්වෙ..!

" ඒ අක්කත් කියන්නෙ ගෲප් ක්ලාස් එකක් කරන එක හොදයි කියලා.. නිසිනුත් එයි චූටි.. ඔයාට තනිත් නෑනේ එතකොට යාලුවෙක් ඉන්න නිසා.. තව ඔයාගෙ අනිත් යාලුවෝත් කැමති නම් කතා කරගන්න.. "

යැයි යැයි තමයි..!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

වැඩිය පරක්කු නෑනෙ 🌚..!?

eistrella <3

Share This Chapter