Chapter 11: xi ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 24038

" ඉතින් මම දන්නෑනේ බබා ඔයා ගවුම් අදින්න ඔච්චර ආසයි කියලා.

" බබා බබා ගාන්න එපා.. අක්කට ඇහුනොත් ඕක tv එකේ breaking news වලට දැම්මා වගේ තියෙයි.

" මොනාද දෙන්නා හොරෙන් කුටු කුටු ගාන්නේ.

" නෑ අක්කේ මම මේ බැලුවේ තේමියව එක්කන් ගිහින් ගවුම් ටිකක් අරන් දෙන්න.

" අන්න මරු idea එක මල්ලී.

තේමියට තමන්ට මේ වෙන අවනම්බු වලට යක්ශාරූඪ වෙලා ඒ දෙන්නා දිහා බල බල රවනවා. නතාශටත් ගින්දරට පිදුරු දාන්න හරියනම මනුස්සයව හම්බුන නිසා දැන් දෙන්නම එකතු වෙලා අම්මගෙ චූටි පුතාව අවුස්සනවා.

" හිටහල්ලකො දෙන්නටම දානවා අපහස නඩුවක්.

ඒ එක්කම නතාශට ආව දුරකථන ඇමතුමක් නිසා නතාශා එලියට ගියා.

ඒත් අභිශේක් නම් තාමත් තේමිය දිහා බලාගෙන හිනා වෙනවා.

" මොකද ? මෝඩයා.

" මොකෝ මගෙ කෙලි පැටික්කිට තරහා ගියාද ? බලාගෙන පුපුරයි.

" මොකක්ද කිව්වේ හිටහන්කො කරනවා හොද වැඩක්.

" ඇයි බබා මට මොනා කරන්නද.

අභිශේක්ට මරන තර්ජන කරන ගමන් තේමිය එයාගෙ ඇගට පැන්නේ එයාට හොද වැඩක් කරන්න හිතාගෙන උනත් එතනට නතාශා ආව එකෙන් එයා ඉක්මනට අභිශේක් ගෙ ඇග උඩින් අයින් උනා.

" ඒ චූටි මේ

'' මොකෝ අලුත් කෝප්පයක්ද ?

" මොන කෝප්පයක්ද බන්. අයියලා එනවලු ලබන සතියෙ.

" සිරාවටම ? . අක්කයි බබයිත් එනවද ?

" ඔව් ඒ තුන් දෙනාම එනවා.

" එහෙනම් ඔයාටත් අවුරුදු වගේ ඇතිනේ. ආදිත්‍යා අක්කා ඔයාගෙ බටකොල සහෝදරීනේ. ඉස්සර දෙන්නා සෙට් උනාම කටර් දෙකක් වගේ.

" හ්ම්ම්

නතාශා මැලවිලා ගිය මූනෙන් හ්ම්ම් කියන උත්තරේ විතරක් දීලා කුස්සියට ගියා . තේමිය ඒ ඇයි කියලා නොදැන හිටියත් එයාට නතාශගෙ මූනෙන් තේරුනා එයා ඉන්නෙ හොදින් නෙවේ කියලා.

" ඔයාගෙ අක්කා අවුලෙන්ද ?.

මෙච්චර වෙලා අක්කා යන දිහා බලන් හිටිය තේමිය අභිශේක් දිහාවට හැරුනේ ඒ ප්‍රශ්නෙත් එක්ක.

" ඔයාටත් ඒක තේරුනාද ?

" ඒක එයාගෙ මූන බැලුවම පේනවා.

" අනේ මන්දා. ඇයි දන්නෑ. අපේ අයියා අවුරුදු තුනකට පස්සේ ලංකාවට එන්නේ. අයියා ආදිත්‍යා අක්කව marry කරාට පස්සේ ඕස්ට්‍රේලියා ගියා. දැන් එයා එහෙ doctor කෙනෙක්.

" එහෙමද

" හ්ම්ම්. ඒක නෙවේ අර කෙල්ලව ඉක්මනට හොයාගන්න ඕනා.

" මට හිතෙන්නේ භානුක මැරුනා කියලා දැනගත්තට පස්සේ ඒ කෙල්ල බයට කොහෙහරි හැංගිලා ඉන්නවා ඇති කියලා.

" එතකොට ඒ කෙල්ලගෙත් මේකට සම්බන්දයක් තියෙන්නෙ පුළුවන් ද ?.

" සමහරවිට.

" අනිරා මේ වෙද්දිත් ඒ කෙල්ලට මොනහරි කරලා තිබුනොත්. මට ඇත්තටම තේරෙන්නෙ නෑ භානුක මොන එකකටද අර අහිංසක ගෑනුලමයින්ව මරලා දැම්මේ කියලා. මෙතන අපි හිතනවට වඩා ලොකු දෙයක් තියනවා. ඒ මදිවට චමින්දටත් ඇප ලැබෙයි වගේ. මේ කේස් එකට මිනිහ සම්බන්දයි කියලා සාක්ශි ලැබුනෙ නැහැනෙ. අනිත් එක විපක්ශෙ ඇමතිලා ගොඩක් උන් මිනිහට සපෝට්.

" ඔය කවුරු හිටියත් මිනිහට ගැලවිල්ලක් හම්බෙන්නෑ.

" ඔයාට ඕක ඔච්චරටම sure ද.

" නැතුව.

" මේ ඔයා.... අනිරා වයි චමින්දවයි අදුරනවද ?

" ඇයි ඔයා එහෙම අහන්නේ.

" නැහැ මට හිතාගන්න බැරි එදා කාලි අම්මා වැහිලා වගේ නැටුව අනිරා ඔයාව දැක්කම බය උනේ කොහොමද කියලා. චමින්දත් එදා පොලීසියේ ඔක්කොටම පාට් එක දාලත් ඔයාව දැක්ක ගමන් මිනිහා හ්ම්ම් නෑ. ඇයි ඒ ?

ඒක ඇහුව අභිශේක් ආයෙමත් තේමියව සීතල කරවන හිනාවත් එක්ක එයාට ලං උනේ තේමියගෙ හිත පිස්සු වට්ටන ගමන්.

" අනිරයි චමින්දයි විතරද මට බය ? ම්ම්ම් ?. එතකොට මගෙ පූස් පැටියා ?

තේමිය අභිශේක් ව තල්ලු කරන්න හැදුවත් අභිශේක් තේමියගෙ අත් දෙකම එයාගෙ එක අතකින් අල්ලගෙන ටිකෙන් ටිකෙ තේමියගෙ බෙල්ල පාමුලට ලං වෙද්දී තේමිය එයාගෙ ඇස් දෙක තද කරලා පියාගත්තා. ඒත් අභිශේක් තේමියගෙන් ඈත් වෙලා බයවෙලා ඉන්න තේමියගෙ නහයට තට්ටුවක් දාලා එයා දිහා බල බල හිනා උනා. ඉතින් තේමිය හිමීට ඇස් ඇරලා බැලුවත් තමන්ට එල්ල වෙලා තියන බැල්මෙන් ඒ හිත ගැස්සිලා ගියා. ඉතින් දැන් කටින් පිටවෙන වචන ගොත ගැහෙන එක අරුමයක් නෙවේ.

" අ..ම්..අ.හ් මේ අපේ... අම්මා කතාකරනව..ද කො..හෙද.ම..ම බලලා එන්නම්.

ලැජ්ජාවෙන් තොල් හපාගත්ත තේමිය කුස්සියට දුවලා ගියේ අභිශේක් ලගදි හිරවෙන්න ආව හුස්මත් තද කරගෙන. දැන් ඒ හදවත ආයෙමත් ගැහෙනවා . පිස්සුවෙන් වගේ ගැහෙනවා.

දෙවියනෙ මේ හාට්ටුව කොයිවෙලේ හරි ගැලවෙනවා. අර පිස්සා කරන වැඩ වලට පපුවෙ අමාරුව හැදිලා මැරෙන්නේ. ඒ යකා ලගට ආවත් හරි පුරුශ ධෛර්යය ලෙෆ්ට්. කාට කියන්නද ලැජ්ජාවෙ සන්තෝසේ බෑ.

කුස්සියට යන ගමන් තමන්ගෙ හයියෙන් ගැහෙන පපුවටත් ගගහා කුස්සියට

ඒ කුස්සියට ගියත් ඒකෙන් උනේ තේමියව කබලෙන් ලිපට වැටුන එක. මොකද දැන් අම්මයි අක්කයි දෙන්නම එයා දිහා බයවෙලා වගේ බලන් හිටියා.

" මොකද චූටි ඔය. තමුසෙව රතු වෙලා.

" ඈහ් ?.

" චූටි පුතා මොකක් හරි අසනීපයක්වත්ද ?

" මම නම් දන්නවා අසනීපෙ මොකක්ද කියලා.

ඒ ඇහිච්ච ගමන් හෙනයක් ගැහුවා වගේ තේමීය බැලුවේ නතාශා දිහා.

" මේ රස්නෙ නිසා වෙන්න ඇති . මම මේ මොකක් හරි ගන්න ආවේ මේ මොකක්ද කියලා මතක නෑ.

" ඔව් ඔව් ඔය රස්නෙ වැඩි වෙලා රතු වෙන එක ඉක්මනට අමතක වෙන එක, මම දන්නවා ලෙඩේ මොකක්ද කියලා.

නතාශා නෝන්ඩියට හිනාවෙවී කියද්දී තේමිය දැන් පොලිස් කාරයෙක්ට අහුවුන හොරෙක් වගේ.

" මොන ලෙඩක්ද ? පිස්සුද ? මම යනවා මේ.

" චූටි පුතා අර දරුවා කෝ.

" එයා සාලෙ අම්මා.

" එයාවත් එක්කන් එන්න කෑම කන්න. මම උයලා ඉවරයි.

" අහ් හා.

තමන්ගෙ පුරුශ ධෛර්යයෙයි ලොකු කමෙයි කෑලිත් හොයාගන්න නැතිවෙද්දී තේමිය ඔලුවත් කස කස සාලෙට ගියේ අභිශේක් ගෙ මූනවත් බලන්න බැරි තරම් ලැජ්ජාවකින්. දැන් එයාගෙ ලොකු සීන් අභිශේක් ඉස්සරහා දූවිල්ලක් වගේ.

ඒ ආවත් අභිශේක් සාලේ පේන්න හිටියෙ නැති නිසා එයා ඉස්තෝප්පුවට ඔලුව දාලා බැලුවා. අභිශේක් හිටියේ කාත් එක්ක හරි ඇමතුමක. තේමිය දොර පිටිපස්සට වෙලා අභිශේක් දිහා හොරෙන් බලන් හිටියේ එයාට අභිශේක් කාත් එක්කද ඒ කතා කරන්නෙ කියලා දැනගන්න තිබුන කුතුහලේ එක්ක. අභිශේක් තමන්ට දෙන හිනාවෙන් වෙන කෙනෙක් එක්ක කතා කරද්දී එයාගෙ හිතේ යටගැහිලා තිබුන ඉරිසියාව ටිකෙන් ටික මතු වෙන්න ගත්තා. එයාට තරහයි. එයාට අභිශේක් ගෙන් එයා ඒ කාත් එක්කද කතා කරන්නේ කියලා දැනගන්න ඕන උනත් අනිත් පැත්තට එයාම කල්පනා කරේ මොකක්ද ඒකට එයාට තියන අයිතිය කියලා. එයාලා අතර හිත් ගැස්සෙන දේවල් උනත් එයාලා අතර තියන බැදීමට නමක් දෙන්න පුළුවන් ද ? . දෙන්න පුළුවන් එකම නම යාලුකම විතරයි. ඉතින් යාලුකම කියන බැදීමේ එල්ලිලා අනිත් කෙනාගෙ පෞද්ගලික ජීවිතේට ඇගිලි ගහන්න පුළුවන් ද ?. තේමිය ලේසියෙන් කිසිම කෙනෙක්ව මගෙ කියලා ලේබල් ගහන මනුස්සයෙක් නෙවේ. ඒ නිසා බැදීම් ඇති උනත් නැති උනත් ඒකෙන් එයාට ලොකු බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. ඉතින් එයාට ඉරිසියාව කියන දේ බැදීම් වලදි දැනෙන්නෙ හරි අඩුවෙන්. හැබැයි එයාට ඒ දේ එයාගෙ කියලා දැනුනොත් ලේසියෙන් අත අරින මනුස්සයෙක් නෙවේ. එයාගෙ මතය උනේ කෙනෙක් එයාගෙ උනොත් එයාගෙම විතරයි කියලා. ඒකට වෙන අයිතිකාරයොවත් හවුල්කාරයොවත් ඉන්න බැහැ. එයාගෙ ලොකුම ප්‍රශ්නෙ උනේ අභිශේක්. අභිශේක් වෙන කෙනෙක් එක්ක කතා කෙරුවමත් එයාට දැනුනේ පුදුම ඉරිසියාවක්. එයා කැමති උනේ නෑ අභිශේක් ගෙ අවධානය එයාගෙන් ගිලිහිලා යනවට. මොන දේ හිතුවත් තමන්ටම මොන මොන දේවල් පැහැදිලිකරත් හිත බරයි.

තේමිය අභිශේක් දකින්න කලින් කාමරේට දුවලා ගියේ එයත් එක්කම එයාට තිබුන තරහට. එයාට තරහයි එයාගෙ හිත අභිශේක් ඉස්සරහා එයාව අසරන කරද්දී . එයාගෙ හිතට මොකක්ද වෙලා තියෙන්නේ , ඇයි එයාට ඉරිසියා හිතෙන්නේ. උත්තර නෑ . අභිශේක් ව තමන්ට යාලුවෙක් විතරයි කියලා තමන්ටම කියාගත්ත තේමිය සාමාන්‍ය විදිහට පහලට ආවා. ඒ වෙද්දී අර දුරකථන ඇමතුම වෙනුවට අභිශේක් හිටියේ තේමියගෙ අම්මත් එක්ක ලොකු සාකච්ඡාවක. ඉතින් දැන් තේමියටත් මැදින් ඇඩ් එකක් නොදා කට කසනවා.

" ඔයාලා මොනාද කතා කරන්නේ ?

" චූටි පුතා ඔයා කොහෙද ගියේ. මම මේ මේසෙට කෑම ඇරලා ඔයාලා එනකම් බලන් ඉන්නවා . නැති හින්දයි මම ඉස්සරහට ආවෙ.

" නෑ අම්මා මම කාමරේට ගියා.

" ලමිස්සි ගෙට වෙලාද ?.

" මට ලමිස්සි ලමිස්සි ගාන්නෙ ඇයි මීට කලින් ලමිස්සියො දැකලා නැද්ද ?.

" දැකල තියෙනවා හැබැයි මෙච්චර ලස්සන ලමිස්සියෙක් දැකලා නෑ.

අභිශේක් ගෙ කතාවට තේමිය ඇස් දෙක ඔලුව උඩ තියන් එයා දිහා බලන් හිටියෙ අම්මා ඉස්සරහම ඇගට පතට නොදැනී ඒ කිව්ව කතාවට. තේමියගෙ අම්මත් අභිශේක් ගෙ කතාවට හොදටම හිනාවෙද්දී තේමිය තමන්ට රවන්න පුළුවන් උපරිමෙන් අභිශේක් ට රැව්වා.

'' හරි හරි . අභිශේක් පුතා මේ ලමිස්සිවත් එක්කන් එන්නකො කෑම කන්න.

" වාව් නැන්දා ගොඩක් ජාති හදලනෙ.

අභිශේක් ඒ කියාගෙන තේමියත් එක්ක කෑම මේසෙන් වාඩි උනේ නතාශයි තේමියගෙ අම්මයිත් ඇවිත් වාඩිවෙද්දි.

" මම පුතා ආස කෑම මොනාද කියලා දන්නෑනේ ඔතන ගොඩක් තියෙන්නේ තේමිය ආස කෑම.

" අහ් එහෙනම් මම ආස කෑම තමා.

අභිශේක් තේමියට ඇහැක් ගහලා කියද්දී

තේමිය මේසෙ යටින් අභිශේක් ගෙ කකුලට පයින් ගහලා බලන් හිටියේ මොන මගුලක්ද මිනිහො කියවන්නේ වගේ.

" පුතාලා මේ ලග පාතමද

" ඔව් නැන්දේ.

" අහ් එහෙනම් දවසක අම්මවයි තාත්තවයිත් එක්කන් එන්නකො.

ඒ කතාවෙන් අභිශේක් ගෙ ඇස් වල ඇදිලා ගිය වේදනාව තේමිය එයාගෙ ඇස් පනා පිටම දැක්කා.

" එයාලා

" අම්මා එයාලා ලංකාවෙ නෙවේ ඉන්නේ.

" එතකොට පුතා

" අම්මා මේ බටකොල ආච්චී ඔයාට කිව්වද ලබන සතියෙ අයියලා එනවා. ඔන්න එතකොට මුනුබුරාගෙ වගකීම ඔයාට තමා.

තේමිය යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් එතනට ඇදලා ගත්තේ එයා අභිශේක්ගෙ පවුල ගැන කිසිදෙයක් නොදන්නවා උනත් ඒ ගැන කතාකරන එක අභිශේක්ට වේදනාවක් කියලා දැනුන නිසා.

" ඔව් චූටි පුතා. මෙච්චර කල් කොලු පැටියව දැක්කේ photos වලින් විතරයි නෙ.

" ඒකනේ මුනුබුරා ආවට පස්සේ අපි කැලේ.

" ඉතින් තමුසෙව කොහොමත් අරන් ආවෙ කැලෙන්නේ.

" රෝස කැලෙන් වෙන්න ඇති.

ඒ කියලා තේමිය පුටුවෙ නට නට නතාශට විරිත්තද්දී අභිශේකටත් හිනා.

" නෑ සිංහරාජ වනාන්තරෙන්.

" ඒ ඔහේවනෙ.

" අනේ ඔයාලා දෙන්නවම මම අරන් ආවෙ සත්තු වත්තෙන්. කොයිවෙලේ බැලුවත් නයයි මුගටියයි වගේ වලි.

" ඒ අභිශේක් මල්ලි අපේ මල්ලිව දෙන්නද හදාගන්න.

තේමිය ඩිම් වෙලා නතාශ දිහා බැලුවේ ඔය ප්‍රශ්නෙම අභිශේක් අද උදේ එයාගෙනුත් ඇහුව නිසා. දැන් ආයෙමත් අර තේමියව සීතල කරවන හිනාව. කකා හිටිය බත් කටත් හිරවෙයි කියන බයට වතුර වීදුරුවම බීලා ඉවර කෙරුව තේමිය අභිශේක් දිහා හොරෙන් බැලුවේ මොකක්ද ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ වගේ.

" දෙන්නකො මම ගිහින් සත්තු වත්තට බාර දීලා එන්නම්

" සත්තු වත්තෙන්වත් බාරගත්තොත් තමා පුදුමෙ මල්ලි මේ වගේ වදුරු පැටවුන්ව.

ආයෙ වරෙන්කො බබා බබා ගාගෙන නැලවෙන්න බූරුවා. දෙනවා හොම්බ රිවට් වෙන්න.

තේමිය හිතින් බැන බැන ආයෙත් අභිශේක් ට පයින් ගහන්න ගියත් මේ පාර එයාගෙ වැඩේ වැරදුනා. අභිශේක් තේමියගෙ කකුල මේසෙ යටින් තද කරලා අල්ලගත්තේ තේමියට කෑමත් හිරකරලා.

තේමිය කක්කල් කැස්ස හැදිලා වගේ කහිනවා.

" චූටි පුතා පරිස්සමට කන්නකො ලමයො තාම පොඩි එකෙක් වගේනේ.

" ඒකනෙ චූටි පුතා ඕන්නැති වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා.

ඒ කියල අන්තිමට අභිශේක් හිනා වෙවීම තේමියට වතුරත් පෙව්වා. මේ දෙන්නගෙ කෝලම් බලන නතාශටත් දැන් ඔලිම්පික් පදක්කමක් ගත්තා වගේ. තමන්ගෙ නැව නැගලා යන සතුට එයාට මෙහෙමයි කියලා කියන්න බැරි උනා.

හවස අභිශේක් එයාට දැන් වැඩක් වැටිලා කියලා යන්න හැදුවම තේමිය පොඩි එකෙක් වගේ මූන එල්ල ගත්තා. වචනෙන් නොකිව්වට තේමියගෙ මූන වෙනස් වෙන හැටි අභිශේක් එක තප්පරෙන් තේරුනා.

" ම්ම් හ්ම්ම්. බායී.

" මොකද බන් ඔය මූන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ.

" අනේ මේ මොට්ටයා. හ්ම්ම් හ්ම්ම් යන්න යන්න ඉතින් ඔයාට හරියට වැඩනෙ. ටානියා එක්කද දන්නෑ.

තේමිය ගේට්ටුව ලග හිටගෙන වාහනේට යන්න ගිය අභිශේක් ට අඩපාලි කියකිය හිටියා. ඉතින් ආයෙ තේමිය ලගට ආව අභිශේක් එයාව බදාගත්තේ තේමියගෙ මූනට හිනාවක් ගේන ගමන්.

------------------------------------------------------------

ලමායී... මෙයාලගෙ නැවට නමක් හිතලා කියන්නකෝ.... 🥲❤️‍🩹