Back
Chapter 12

11 කොටස🤍✨

නිවාලන්න මා...

"කෝ මුකුත් පේන්නෙ නෑනෙ අප්පා"

"තමුන් කොටෙක් දිවාෂ.....මට ඒක මතක් කරලම එපා වෙලා"

"අනේ නිකා ඉන්න ආශව අයියෙ"

"සුදුබේබි අනේ මටත් මුකුත්ම පේන්නෙ නෑනෙ"

"මම වඩා ගන්නම්ද නේත්‍රව? පෙනෙයිද එතෝට?"

"ආශව බලාගෙන,නේත්‍ර මල්ලිව වැටෙයි"

"මම එහෙම වැටෙන්න දෙන්නෑ නේත්‍රට"

නේත්‍රලාගේ ගෙදරට ටිකක් උඩහට වෙන්න වැවිලා තියෙන පදුරු ගොල්ල අස්සට වෙලා හිටපු සිගිති පාතාලයො හතර දෙනා මේ එබිකම් කර කර උන්නෙ අරුන්දතී එලියට එනකං."අද අක්කව නාවන නිසා මම පණිවිඩයක් එව්වාම ගෙදරට වරෙං මැණිකෙ.ඒ නිසා හෙට උදෙන්ම නැගිටපං" කියලා නිර්මලා කිව්ව කාරණේ නිසා නේත්‍ර විතරක් එන්න ඕනි ගමනට තව තුනකුත් එකතු වෙලා තිබ්බා.

සිංහවංශ වලව්වෙ මහ කුමාරිහාමි ඇහැරෙන්නත් කලින් නැගිට්ටලා වලව්වෙන් පැනගත්ත සිංහවංශ වලව්වෙ ලොකු බේබියි,ආරියසිංහ මහත්තයගෙ පුතණ්ඩියා වුනු දිවාෂ පුංචි මහත්තයයි කලින් කතා කරගත්තු විදියට ඉරුගල්බණ්ඩාර වලව්වෙ වත්ත පහල සෙල්ලම් කරන තැනට එද්දිත් සුදුබේබියි,නේත්‍රයි එතනට ඇවිල්ලා තිබ්බා.

නේත්‍රව තනියම එවන්න බෑ කියල පණ්ඩිතකමට නේත්‍ර එක්කම ඇහැරිලා හිටිය සුදුබේබි ඒ වෙද්දිනුත් ලාවුළු ගහ යට ඉදං උන්නු නේත්‍රගෙ උකුල උඩ ඔලුව තියාගෙන නිදාගෙන හිටියා.සුදුබේබිවත් පරිස්සමට ඇහැරවගත්තු නේත්‍ර,දෙවිනුයි දිවාෂයි එක්කම ගස් අස්සට මුවාවෙවී ගියේ මේ වෙද්දි රැදිලා උන්නු පදුරු ගාල අස්සට.මොකද පණ්ඩිතකමට නිර්මලා පණිවිඩේ එවන්නත් කලින් ආවට මොකෝ ඕක අහු උනොත් ගුටි කන්න වෙනවා කියලා දැනන් උන්නු නේත්‍ර බය වෙලා හිටියා.

"ඇත්තටම අරුන්දතී කොච්චර ලොකු වෙලාද දන්නෑ නේද?"

නේත්‍රව පරිස්සමට උස්සලා වඩාගන්න ගමන් සුදුබේබි අහද්දි දිවාෂ කලේ ගඩොල් කැට දෙකක්වත් හොයාගන්න වටපිට බැලුව එක.ගඩොලකටවත් කකුල් දෙක තියාගෙන ඉස්සිල බලනවා ඇරෙන්න දිවාෂට කොයින්ද වඩාගෙන පෙන්නන්න තරම් සුදුබේබි වගේ යාලුවෙක්? දිවාෂට හැමතැනින්ම වෙනස්කම්.

"කොට නිසානෙ මේ ඔක්කොම.....හුහ්"

ගඩොල් කැට කෑල්ලක් හොයාගෙන එක කකුලක් විතරක් ඒක උඩ තියාගෙන යාන්තමට සමබර වෙවී නේත්‍රලෑ ගේ දිහාවට එබිකම් කර කර උන්නු දිවාෂ ලොකු හුස්මක් පල්ලෙහාට දාන ගමන් මිමිණුවා.

"පේනවද නේත්‍ර?"

නේත්‍රව වඩාගෙන උන්නු සුදුබේබි නේත්‍රගෙන් අහද්දි නේත්‍ර කලේ සතුටින් ඔලුව උඩ පහල වනපු එක.වයසටත් වඩා ශක්තිමත් ශරීරයක් තිබ්බ සුදුබේබිට නේත්‍රගෙ වගේ පුංචි ශරීරයක් තිබ්බ කෙනෙක්ව උස්සන් ඉන්න එක මහ අමාරු දෙයක් උනේ නැහැ.

"අර අර......"

එකපාරටම දෙවින්ගෙ සද්දෙත් එක්ක සුදුබේබිගෙ අත් දෙක උඩ හුරතල් වෙන නේත්‍රයි,නේත්‍රව හුරතල් කරන සුදුබේබියි,තනි කකුලෙන් ඉන්න අමාරු නිසා කළු ගල් කෑල්ලක් හරි උස්සන් එන්න ටිකක් එහාට ගිහින් හිටිය දිවාෂයි තුන් දෙනාම පියවි සිහියට ආවා.හතර දෙනත් එක්ක හරි උනන්දුවෙන් බලන් හිටියෙ එලියට වෙලා කතා කරන සුමනා දිහා.

"ලොක්කිව ගෙනාවනම් කෙල්ලෙ......දැන් නැකත හරි"

සුමනගෙ සද්දෙත් එක්කම මොට්ටැක්කිලියෙන් වහගෙන් උන්නු අරුන්දතීවත් වත්තං කරගත්තු නිර්මලා ගෙයින් එලියට බැහැලා ඇවිදන් ආවෙ ගෙයි පැත්තකට වෙන්න හදලා තිබ්බ අතුකොටුව දිහාවට.වියාපු පොල් අතු වලින් ආවරණය කරලා තිබුනු අතුකොටුව ඇතුලට නිර්මලා අරුන්දතීව එක්කං ගිය හැටි බලන් උන්නු පොඩ්ඩො හතර දෙනාගෙ කටවල් බාගෙට ඇරිලා තිබ්බා.

"ඇයි ඒ අරුන්දතීව වහගෙන ගියේ?"

"අරුන්දතී අක්කා භූතයෙක් වගේනේ?"

"අනේ අපේ අක්කා අම්මා වගේ ලොකු වෙලා නිසාද දන්නෑ සුදුබේබි?"

"එතකොට බිග් ගර්ල් කියන්නෙයි කොටහළුව කියන්නෙයි එකක්ද?"

හතර දෙනා ප්‍රශ්න හතරක් අහද්දි එකකවත් හරි උත්තර දීගන්න බැරි උනු නිසා කට්ටියම කටවල් පියාගෙන ආපහු පාරක් නේත්‍රලෑ ගෙවල් දිහාවට ඇහැ යෙදෙව්වා.

"නාවන්න ගනින් මයෙ අම්මා ලොක්කිව......දෙයියෝ බුදුන් සිහි කරගෙනම පලවෙනි වතුර බින්දුව ඔළුවට දාපං"

සුමනගෙ සද්දෙත් එක්කම දෙවිනුයි,දිවාෂ,සුදුබේබියි ඉක්මනටම නේත්‍රලෑ ගෙදරට පිටුපාලා හිටගද්දි සුදුබේබිගෙ අතේ උන්නු නේත්‍රත් ඒ විදියටම කැරකුණා.

"අනේ ඇයි සුදුබේබි? දැන් මුකුත් පේන්නෙ නෑනෙ"

"ගෑනු ලමයි නාන දිහා බලන්න හොද නෑ නේත්‍ර"

"ඒත් ඒ මගෙ අක්කනෙ......අනේ...."

"ඔයාගෙ අක්කා උනාට අපේ අක්කා නෙවේනෙ නේත්‍ර මල්ලි.එහෙම බලන්න හොද නෑ"

"ඔව් නේත්‍ර.අපේ අම්මත් කියලා දීලා තියේ"

අතුකොටුව ඇතුලෙ හිටිය අරුන්දතීගෙ ඡායාවක්වත් එලියට නොපෙනුනත් ඒක ඇතුලෙ අරුන්දතීව නාවන බව දැනන් උන්නු පොඩ්ඩො තුන්දෙනා ගෑනු දැරිවියක් නාන දිහා බලන් ඉන්න එක නරකයි කියලා දැනන් උන්නු නිසා අනික් පැත්තට හැරිලා තිබ්බා.තමන්ගෙ අක්කා උනු නිසා නේත්‍රට ඒ දේ වරදක් නොපෙනුනත්,ගෑනු සහෝදරියක් නැති අනික් තුන්දෙනාටම එයින් දැනුනෙ වරදකාරී හැගීමක්.දෙවින් දිවාෂ තුන්දෙනා පිටුපාලා උන්නු විදියටම එතනම ඇණ තියාගනිද්දි,සුදුබේබිට තමන්ව බර ඇති කියලා හිතුව නේත්‍රත් දගලලා සුදුබේබිගෙ අත් දෙකෙන් බැහැලා සුදුබේබි එක්කම බිමින් ඉදගත්තා.

මේ අතරෙ අතුකොටුව ඇතුලෙ හිටිය මල්වර වුනු අරුන්දතීව බංකුවක් උඩින් ඉන්දෝපු නිර්මලා මල් වර්ග හතක් යොදවලා සකසලා තිබුනු වතුර කළේ අරුණලු නැගීගෙන එන අහස් කුස දිහාවට ඔසවලා ආශිර්වාද කරන්න ගත්තා.නැගෙනහිරට මුහුණලා ඉන්දවලා හිටපු අරුන්දතී දිහා බලපු නිර්මලා දෙයියෝ බුදුන් සිහිකරගෙනම වතුර කළේ අරුන්දතීගේ හිසට වත්කරන්න ගත්තෙ අම්මෙක් විදියට මහා බරක් හිතට ඇතුල් වෙද්දි.

මල්වර දැරියක් කියන්නෙ අම්මෙක්ට අප්පෙක්ට හරි ලොකු වගකීමක්.අප්පෙකුත් නැති දරුවො දෙන්නගෙ අම්මා අප්පා කියන භූමිකා දෙකම නිර්මලා හසුරුවද්දි ඊටම හරියන විදියෙ උපකාර සුමනගෙන් ලැබුනා.පුරාණ චාරිත්‍ර වල විදියට මල්වර දැරියව නාවන්න ඕනි රෙදි නැන්දෙක් උනාට,නිර්මලා ඒ කටයුත්ත කරන්න ගත්තෙ දරුවෙක්ට අම්මා වගේ ආශිර්වාද කරන වෙන කිසිම කෙනෙක් මේ ලෝකෙ නැහැ කියලා දැනන් උන්නු නිසා.

සීතල වතුර දාරාව තමන්ගෙ හිසට වැටෙද්දි අරුන්දතී ඇස් දෙකත් පියාගෙන ඒ සිසිල වින්දා.වෙනදා නාද්දි දැනෙනවට වඩා අද මේ දැනෙන හැගීම හරි වෙනස් එකක් කියලා අරුන්දතීට දැනුනා.වතුර කලෙන් වැටෙන සුදු,කහ,තැඹිලි පාට මල් තමන්ගෙ ඔලුවෙ ඉදන් පය පාමුලට වැටෙද්දි අරුන්දතී ඒ දිහා බලලා හිනා වුණා.හෙමින් සැරේ ඇස් ඇරලා අහස දිහා බැලුව අරුන්දතීගෙ හිතේ එකපාරටම සුදුබේබිගෙ රූපෙ ඇදිලා මැකිලා ගියේ ඇයි කියන එක අරුන්දතීටම තේරුනේ නැහැ.

"දැන් උබ නාගනින් මයෙ අම්මා.....රත් කරපු වතුර ටික අත්තම්මා ගෙනෙයි"

නිර්මලාගෙ හඩත් එක්කම පියවි සිහියට ආපු අරුන්දතී හරි ලස්සන හිනාවක් පෑවා.සුමනායි,නිර්මලාගෙ නංගි වුනු පද්මිණියි දෙන්නයි අතුකොටුවට ඇදලා දුන්නු උණු වතුර එකට ගානට මිම්මට ඇල් වතුර එක්කාසු කරපු නිර්මලා අතුකොටුවෙ දොරකඩට වෙලා අහක බලාන උන්නෙ මල්වර දැරිවියට හිතේ හැටියට නා කියා ගන්න ඉඩ දීලා.

"අම්මා,මම හරි"

අරුන්දතීගෙ හඩත් එක්කම ඒ පැත්ත බැලුව නිර්මලා සුදුපාට ගවුමක් අරුන්දතීට දික් කලේ ඒක ඇදගෙනම එලියට යමු කියලා සන් කරන ගමන්.

"කෙල්ලව අරං වරෙං නිර්මලෝ නැගෙනහිරට මූණලාගෙනම"

සුමනාගෙ සද්දෙත් ඇහුනු පොඩ්ඩො හතර දෙනා ආයෙමත් ඉක්මනටම නේත්‍රලාගෙ ගෙවල් දිහාවට හැරුනෙ අරුන්දතී නාලා ඉවරයි කියලා තේරුනු නිසා.ආපහු පාරක් නේත්‍රව වඩාගත්තු සුදුබේබි නේත්‍රත් එක්කම ඉස්සි ඉස්සි ගෙයි මිදුල දිහා බලද්දි,දෙවිනුයි දිවාෂයි දෙන්නත් කලින් වගේම ඒ වැඩේට බැහැලා තිබුනා.

"අනේ අක්කව ආයෙමත් වහගෙනනෙ සුදුබේබි"

නේත්‍ර කුනු කුනු ගාද්දි නේත්‍රගෙ බණ්ඩියෙ තමන්ගෙ නාහෙ ඇතිල්ලෙව්ව සුදුබේබි නේත්‍රව හිනාගැස්සුවෙ නේත්‍රගෙ හිතේ තියෙන දෙගිඩියාව අමතක කරවන්න හිතාගෙන.හිතුවත් වගේම දැනුනු කිතියට නේත්‍රට හිනා යද්දි ඒ දිහා බලාගෙන උන්නු දිවාෂගෙ ඔලුවට දෙවින්ගෙන් හම්බුනේ පොල් ටොක්කක්.

මේ අතරෙ මොට්ටැක්කිලියෙන් ආවරණය කරගෙන උන්නු අරුන්දතීව නිර්මලා පරෙස්සමට එක්කගෙන ආවෙ ගෙයි පුංචි ඉස්තෝප්පුවෙ කොනකට වෙන්න තියලා තිබ්බ වතුර බේසම ලගට.සමන්පිච්ච මල් දාලා සරසලා තිබුනු පුංචි වතුර බේසම ලගට ගිය නිර්මලා අරුන්දතීගෙ මොට්ටැක්කිලිය ටිකක් උඩට ඉස්සුවෙ වතුර භාජනේ පේන විදියට.

"මල් ටික අතින් එහෙ මෙහෙ කරලා මූණ බලපං දෙයියො"

නිර්මලාගෙ වචන වලට අවනත වුණු අරුන්දතී තමන්ගෙ අත් වලින් සමන්පිච්ච මල් එහෙට මෙහෙට කරලා මතු කරගත්තු පැහැදිලි වතුර ටික කැලතිලා ඉවර වෙනකං බලාගෙන හිටියා.තත්පර ගාණක් යද්දි වතුර වල කැලතීම නැති වුනහම අරුන්දතී ඒ පැහැදිලි ජලයෙන් පේන තමන්ගෙ මූණ දිහා විනාඩි ගාණක් බලාගෙන උන්නා.

"මෙතනට ගෙනෙන් දැන්"

සුමනගෙ සද්දෙත් එක්කම ආපහු පාරක් මොට්ටැක්කිලියෙන් අරුන්දතීව වහගත්තු නිර්මලා ඉස්තෝප්පුවෙම තියලා තිබ්බ පොල් ගෙඩියයි මන්නෙයි ලගට අරුන්දතීව එක්කං ගියා.

"මන්නෙන් පොල් ගෙඩිය බිදපං ලොක්කියෙ."

සුමනගෙ විධානෙත් එක්කම මොට්ටැක්කිලියෙන් ඔලුව පොඩ්ඩක් එලියට දාගත්තු අරුන්දතී මන්නෙ උස්සලා පොල් ගෙඩියට පාරක් ගැහුවා.ඒත් එක්කම පොල් ගෙඩිය නොබිදී පැත්තකට විසික් වෙලා යද්දි නිර්මලාගෙ වගේම සුමනගෙත් මූණු වෙනස් වෙලා මොකක් හරි කියන්න ගියත්,ඊට ඉඩක් නොදුන්නු පද්මිණී ආපහු පාරක් පොල් ගෙඩිය ගෙනත් අරුන්දතී ලගින් තියලා ඒක බිදින්න කියල සන් කලේ හිනා මුසු මුහුණෙන්.

දෙවනිපාර අරුන්දතීගෙ ඉලක්කෙ ටක්කෙටම හරියද්දි නිර්මලාගෙයි සුමනගෙයි කළු වලාවකින් වැහිලා තිබුනු මූණු දෙක ලස්සන එලියකින් බැබලුනා.ගාණට දෙකට බිදිලා තිබ්බ පොල් ගෙඩිය පහු කරගෙන නිර්මලායි අරුන්දතීයි දෙන්නා දකුණු කකුල ඉස්සරහට තියලා ගෙට ඇතුල් වුනේ සුමනගෙයි,පද්මිණීගෙයි ආශිර්වාද මැද්දෙ.

"නංගියෙ.....වලව්වට ගියානම් පණිවිඩේ කියන්න.....පොඩ්ඩව මෙහෙ එක්කන් එන්න වෙලාව හරි"

නිර්මලාගෙ හඩට අවනත වුණු පද්මිණී ගෙට දුවං ගියේ කොන්ඩෙ පිලිවෙලකට පීරගෙන වලව්වට යන්න හිතාගෙන.මේ අතරෙ අරුන්දතී එක්ක ගෙට ආපු නිර්මලා ලස්සනට සරසලා තිබුනු සාල කෑල්ලෙ පැදුර උඩ තිබ්බ පුන්කලස් ලගට ඇවිත් අරුන්දතිට කතා කලා.

"මැණිකෙ,මම මොට්ටැක්කිලිය උස්සගෙන ඉන්නම්.මයෙ අම්මා වටේට ඇවිදින ගමන් ඔය පුන්කලස් උඩ තියලා තියෙන පහන් ටික අත්පුඩි ගහලා නිවපං."

(පැදුර හදල තිබ්බෙ මේ වගේ කියලා හිතාගන්න හොදත? ටයිල් පොලව අමතක කරලා සිමෙන්ති පොලවක් මවාගෙන කියවන්න බබාලා❤️ ඔය ඕතරයා බිග් ගර්ල් කෙනෙක් උනු වෙලේ ගෙදර හැදුව පැදුර🙈❤️)

අරුන්දතී පැදුර වටේ යන ගමන් පහන් ටික අත්පුඩි ගහලා නිවද්දි සුමනා තමන්ගෙ ඇස් වලට පිරුණු කදුළු හෙමීට පිහිදගත්තා.පහන් ඔක්කොම නිව්ව අරුන්දතී ලගට ආව නිර්මලා මොටැක්කිලිය සම්පූර්ණයෙන්ම අහක් කරන ගමන්,අරුන්දතීගෙ අතට පොඩි කණ්ණාඩියක් එක්ක පනාව දෙද්දි නිර්මලා එක්ක හිනා වුනු අරුන්දතී කණ්ණාඩියෙන් පේන තමන්ගෙ මූණ දිහා ආසාවෙන් බලන ගමන් අලුත් පනාවෙන් කොන්ඩෙ පීරගත්තා.මොකද ගෙයි හිටිය දවස් ටිකේම තමන්ගෙ ප්‍රතිබිම්බෙ බලන එක නිර්මලා විසින් අරුන්දතීට තහනම් කරලයි තිබ්බෙ.

"කෙල්ලව ඇතුලට එක්ක පලයං,ලෑස්ති කරවන්න එපායැ දැන්.....පද්මිණියා හිච්චි එකාව අරගෙන එයිනෙ"

සුමනාට ඔලුව වැනුව නිර්මලා අරුන්දතී එක්ක අරුන්දතීයි සුමනායි දෙන්නා උන්නු කාමරේට ගියා.

* * * * *

"අර පුංචි අම්මා නේද?"

සුදුබේබිගෙ අතේ උන්නු නේත්‍ර ඇහුවෙ තමන්ගෙ ගෙයින් එලියට බහින පද්මිණී දිහා බලාගෙන.ඒත් එක්කම පද්මිණී උඩහට වේගෙන් එනවා දැක්ක නේත්‍ර දගලලා දගලලා සුදුබේබිගෙ අතින් බිමට බැස්සා.

"මම හිතන්නෙ දැන් ඔය නේත්‍ර මල්ලිව එක්කං යන්න එනවා ඇත්තෙ එයා.අපි මොකෝ කරන්නෙ? අපිව අහුවෙයිද දන්නෑ"

දෙවින් දෙගිඩියාවෙන් අහද්දි නේත්‍ර කලේ සුදුබේබිගෙ අත් බාහුවක් තදින් අල්ලගෙන සුදුබේබිට ලං වුනු එක.නිර්මලා පස්සට දෙන පාරෙ සැර මතක් වෙච්චි නේත්‍ර බය වෙලා උන්නෙ!

"මම කියන්නම්,අපි මෙහෙම්මම ටිකක් උඩහට වේගෙන් දුවං ගිහින් පහලට බහිමු....ඔය නැන්දට කියමු අපි එමින් ගමන් උන්නෙ කියලා"

කුපාඩිකම උප්පත්තියෙන්ම අරං ආව දිවාෂ වෙලාවෙ හැටියට කිව්ව උප්පරවැට්ටිය අපූරුයි කියලා තේරුම් ගත්තු පොඩ්ඩො හතර දෙනා නැවීගෙනම උඩහට දුවගෙන ගිහින් වත්ත පහලට එන අඩිපාරට පැන්නෙ හරි ඉක්මනට.පොඩි කුපාඩියො හතර දෙනා අඩිපාර දිගේ පහලට ගාට ගාට ආවෙ ඇත්තටම ඒ වෙලාවෙ වලව්වෙ ඉදන් එන ගමන් කියලා ඕනිම කෙනෙක් හිතන විදියට.

"ආ පොඩ්ඩො,මම ඒ එක්කන් එන්න කියලා යන ගමන් උන්නෙ"

නේත්‍රලාව මූණටම හම්බුනු පද්මිණී එහෙම කියද්දි නේත්‍රත් තමන්ගෙ දත් වහල්ලම එලියට දාල හිනාවෙලා පද්මිණීගෙ තුරුලට පැන්නා.තමන්ගෙ ඇගේ එල්ලුණූ නේත්‍රවත් හුරතල් කර කර පහලට බහින්න ගත්තු පද්මිණී අනික් පොඩ්ඩො තුන්දෙනාටත් එන්න කියලා ආරාධනා කරන්න අමතක කලේ නැහැ.

"ඇයි නේත්‍රට බැරි මාත් එක්කම යන්න?"

තනියම හිතුව සුදුබේබි ඇස් දෙක රෝල් කරලා අහක බලාගන්න ගමන් දෙවින් දිවාෂ දෙන්නත් එක්ක පල්ලම බහින්න ගත්තා.

* * * * *

"මේ ගවුම ඇදගනින් මැණිකෙ....මමමයි මැහැව්වෙ"

"අනේ ඒක ලස්සනයි අම්මා"

නිර්මලා තමන්ගෙ අතට දුන්නු චීත්ත ගවුම දිහා බැලුව අරුන්දතී තමන්ගෙ අම්මට ආදරණීය හිනාවක් පාලා ඒක අතට අරගෙන ඇදගන්න ගත්තා.ගවුම ඇදගෙන නිර්මලා ඉස්සරහ හිටගත්තු අරුන්දතී දිහා බැලුව නිර්මලා අහිංසක හිනාවක් පාන ගමන් කාමරේ ඇද උඩ තිබ්බ පුංචි පෙට්ටිය අතට ගත්තා.අවුරුදු ගාණක් තිස්සෙ තමන්ට ලැබුනු සොච්චම් පඩියෙන් ඩිංග ඩිංග ඉතිරි කරල ගත්තු ලස්සන රත්තරන් කරාඹු දෙක නිර්මලා හරි ආසාවෙන් අරුන්දතීගෙ කණට දාද්දි අරුන්දතීත් තමන්ගෙ මූණ පේන පුංචි කණ්ණාඩිය දිහා බලන් උන්නෙ හරි ආසාවෙන්.

"කෙල්ලෙ,මේ මැනුවෙලා අරං ආවෙ.....ලොකු මැණිකෙගෙ තෑග්ග"

සුමනා හරි ආසාවෙන් කාමරේට ඇවිත් පුංචි මල්ලක් අරුන්දතීගෙ අතෙන් තියද්දි කුතුහලේ වැඩි කමට අරුන්දතී ඒ මල්ල දිගෑරලා බැලුවා.

"මේ මොකද්ද?"

රතුපාට පැතලි හතරැස් පෙට්ටිට දිහා බලන ගමන් අරුන්දතී අහද්දි නිර්මලාත් අරුන්දතී දිහා බලාන උන්නෙ හරි කුතුහලෙන්.

"සීවරං දෙයියනේ!!!!"

නිර්මලාගෙ වගේම සුමනගෙත් කටින් පුදුමය පිටවෙද්දි අරුන්දතීත් තමන් විවර කරපු පෙට්ටිය දිහා බලාන උන්නෙ පුදුමෙන් වගේම සතුටින් දිලිසෙන ඇස් දෙකකින්.

ලොකුමැණිකෙ රත්තරං හීනි චේන් පොටක් අරුන්දතීට තෑග්ග විදියට එවලා තිබ්බා වගේම ඒ වගේ දෙයක් හිතන්නවත් බැරුව උන්නු අරුන්දතීලගෙ පවුල්‍ර් හැමෝම ඒ දේට සතුටු වුනා.

"ලොකු මැණිකෙට පින් සිද්ධ වෙන්න අද කෙල්ලගෙ කර පාළු නෑ"

නිර්මලා සතුටින් මුමුණලා අරුන්දතීග්‍ර් නලල සිපගනිද්දි අරුන්දතීත් තමන්ගෙ කරේ පාළු මකන චේන් පොට දිහා බලලා හිනා වුනා.

"ලොක්කියෙ....ඉස්සෙල්ලාම උඹේ ඇහැ ගැටෙන්න ඕනි පිරිමි පරාණෙ කවුද?"

සුමනා උත්තරේ දැන දැනම අරුන්දතීගෙන් අහද්දි තත්පරයක්වත් අපතෙ නොයැව්ව අරුන්දතී තමන්ගෙ හදවතින්ම උත්තර දුන්නා.

"මල්ලිව"

අරුන්දතී කියද්දි හිනා වුනු සුමනා,

"මේ බුලත් අත අරං අම්මට වැදපංකො....ඊලගට මල්ලිව ඇන්න එන්නම්"

සුමනගෙ අවවාදෙත් එක්කම අරුන්දතී බුලත් අත අරං නිර්මලාට වැදල ඊලගට සුමනට වැන්දා.අරුන්දතීව තද කරල බදාගත්ත නිර්මලා මහ හයියෙන් අඩලා සතුටු කදුළු පිටකරද්දි සුමනත් තමන්ගෙ ඇස් වලට උනපු කදුළු චීත්ත රෙද්දෙන් පිහිදගත්තා.

"පද්මිණියෝ......හිච්චි එකාව ඇන්න වරෙං"

සුමනගෙ සද්දෙ ඇහුනු පද්මිණී නේත්‍රව ගෙට අරගෙන ගියේ අරුන්දතීට පෙන්නන්න.

"මල්ලි!"

"අක්කේ!"

නේත්‍රව දැක්ක ගමන් නේත්‍ර ලගට දුවං ගිය අරුන්දතී නේත්‍රව තද කරලා බදාගද්දි නේත්‍රත් අරුන්දතීව බදාගත්තා.දෙන්නගෙම ඇස් වල සතුටු කදුළු පිරිලා තිබුනෙ දවස් ගාණක් තිස්සෙම දෙන්නට දෙන්නා නොදැක හිටපු නිසා.තමන් දැන් ලොකුයි,තමන් මල්ලිව බලාගන්න ඕනි කියන වගකීමෙන් අරුන්දතීගෙ හිත බරවෙද්දි,වගකීමක් නොතේරෙන වයසක උන්නු නේත්‍රගෙ හිතට උනත් අක්කව බලාගන්න ඕනි කියන දේ දැනුනා.

"පොඩ්ඩො ඇග සෝදගෙන නේද ආවෙ? ආ....මේක ඇදගනින්කො"

නිර්මලා නේත්‍රගෙ අතට තමන් මැහුව අලුත්ම ඇදුම දෙද්දි සතුටින් උඩ පැන්න නේත්‍ර කිසි ගාණක් නැතුව අර ගෑනු පිරිස ඉස්සරහම තමන්ගෙ ඇදුම් ටික උනලා දාලා අලුත් ඇදුම ඇදගත්තා.

"දැන් යමල්ලා කට්ටියම එලියට.....සුදුබේබිලත් ඇවිල්ලා"

සුදුබේබි කියන වචනෙ ඇහුනු ගමන් අරුන්දතීගෙ රෝස කම්මුල් රතු පාට වුනු එක කිසිම කෙනෙක්ට නොතේරෙද්දි  කට්ටියත් එක්ක හෙමින් සැරේ කාමරෙන් එලියට ආවා.

සාලකෑල්ලෙ තිබුනු පුටු වලින් තුනක ඉදන් උන්නු සුදුබේබි,දිවාෂ,දෙවින් තුන්දෙනාගෙම ඇස් කාමරෙන් එලියට ආව පිරිස දිහාවට හැරෙද්දි අරුන්දතීගෙ ඇස් දෙක එල්ලවෙලා තිබ්බෙ සුදුබේබිගෙ දිහාවට.ඉණ ගාවටම දිග කොණ්ඩෙ කඩලා දාලා සුදු මල් වැටුනු කහපාට චීත්ත ගවුමක් ඇදන් උන්නු අරුන්දතී දිහාවට දෙවින්ගෙ ඇස් යොමු වුනත්,සුදුබේබිගෙ ඇස් දෙකනම් යොමු වෙලා තිබ්බෙ අරුන්දතීට එහා පැත්තෙන් එන එයාගෙ පුංචි ගැටපිච්ච මල දිහාවට.

තනිකරම කහපාට කමිසෙකට කහ පාටම කොට කලිසමක් ඇදන් උන්නු නේත්‍රගෙන් උදේ දැක්කට වඩා ලස්සනක් සුදුබේබිට පෙනෙද්දි,දිවාෂනම් හිටියෙ මේ කිසිම දේකට අවධානෙ නොදී කෑම මේසෙට තමන්ගෙ අවධානෙ යොමු කරගෙන.ඊයෙ හවස ඉදං ඉව අල්ලපු කැවුම් කොකිස් කනකන් දිවාෂට කැසිල්ල වගේ හැදිලා තිබ්බා.

"ඒයි දිවාෂ මල්ලි,කොටහළු කියන්නෙයි බිග් ගර්ල් කියන්නෙයි දෙකක් තමා.ආශවයා කිව්ව දේ හරි.අරුන්දතී හිටපු ගානමනෙ"

"අතිරසද රස ඇත්තෙ වැඩියෙම? කොණ්ඩ කැවුම්ද?"

දෙවින් අහපු දේට වෙන ලෝකෙක උන්නු දිවාෂ වෙනස්ම උත්තරයක් දෙද්දි සුදුබේබි දිහාවට හැරුනු දෙවින් තමන්ගෙ ප්‍රශ්නෙ සුදුබේබි එක්ක කතා කරලා විසදගත්තා.

පද්මිණීටත් බුලත් අත දීලා වැන්ද අරුන්දතී කෑම මේසෙට මෙහායින් ඉදගත්තෙ සුදුබේබි දිහා හොරෙන් බලන ගමන්.

ටික වෙලාවක් යද්දි කැවිලි මේසෙ තිබුනු කැවුම්,කිරිබත්,කොකිස්,ආස්මී,කෙසෙල් වලින් බඩපුරෝගත්තු පොඩ්ඩො හතර දෙනා අරලිය ගහ යට බංකුවට වෙලා ඉදගෙන උන්නෙ දවල් කෑමටත් ඉන්න කියලා නිර්මලාගෙන් ලැබුනු ආරාධනාව නිසා.ඒත් එකපාරටම වලව්වට දුවං ගිය සුදුබේබි ටික වෙලාවකට පස්සෙ තමන්ගෙ කැමරාවත් උස්සගෙන ආපහු නේත්‍රලෑ ගෙදරට දුවගෙන එද්දි ගෙයි ජනේලෙකින් සුදුබේබිගෙ විගඩම් දිහා බලාන උන්නු අරුන්දතීගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා.

"නේත්‍ර එන්න"

ඉතින් පුරුදු විදියටම නේත්‍රව ඇදං ගිහින් අතන මෙතන හිට්ටෝලා පොටෝ ගත්තු සුදුබේබි අන්තිමටම ගැටපිච්ච මලක් නේත්‍රගෙ කනේ රදවලත් පොටෝ දෙකතුනක් ගන්න අමතක කලේ නැහැ.

ඔය විදියට කාලෙ ගෙවිලා දවල් කෑමට ගමේ ඈයො රොත්ත පිටින් නේත්‍රලෑ ගෙදරට එද්දි,ඒ වගේ ආව ආරියසිංහ නෝනගෙ ඇස් දෙක උඩ ගියේ තමන්ගෙ පුත්ණ්ඩියා ගෙදරට අදින ඇදුමකුත් ඇදගෙන උත්සවේ තිබ්බ ගෙදර කොනකට වෙලා තඩි බත් පිගාණක් දෙසා බාන හැටි දැකලා.අම්මව දැකලා බය වුනු දිවාෂ තමන්ට එහා පැත්තෙ ඉදං උන්නු දෙවින්ගෙ පිගානෙ තිබ්බ කට්ලට් එකක් කටේ ඔබාගද්දි ආරියසිංහ නෝනා ඇස් වලින් තරවටු කලේ "ගෙදර ගියාම අල්ලගන්නම්කො" කියන්නා වගේ.

"අනේ මගෙ කොටහළු උත්සවේ කවදා තියෙයිද දන්නෑ නේද සුදුබේබි?"

නේත්‍ර තමන්ගෙ තොල් දෙකත් නොපිටට පෙරලගෙන අහද්දි කෑම කාලා ඉවර වෙලා සෙල්ලම් කරන තැනට වෙලා ඉදන් උන්නු සුදුබේබි කලේ නේත්‍රගෙ ඔලුව අතගාපු එක.

"ඉක්මනටම ගනියි නේත්‍ර....ඇයි එහෙම ඇහුවෙ?"

"අක්කට තෑගි ගොඩාරියක් හම්බුනානෙ"

පුංචි එකෙක් උනු නේත්‍රත් තෑගි බෝග වලට හරියට ආසා වෙද්දි ඒ හැගීම තේරුනු සුදුබේබි කලේ නේත්‍රව සනසන්න හදපු එක.

"නේත්‍රගෙ කොටහළු උත්සවේ මම ගන්නෙ.මම තමා ඒක කරවන්නෙ.එදාට නේත්‍රටත් ගොඩාරියක් තෑගි හම්බෙයි...හොදද?"

තමන්ගෙ ඉස්සරහ ඉදගෙන උන්නු නේත්‍රගෙ කම්මුල් දෙක මිරිකපු සුදුබේබි අහද්දි,කම්මුල් දෙක රිදුනා උනත් හිනා වුනු නේත්‍ර සතුටින් ඔලුව උඩ පහල වැනුවා.

"එතකං නේත්‍රට......ආ ඉන්නකො"

ටික වෙලාවක් කල්පනා කල සුදුබේබි තමන්ගෙ ටී ෂර්ටය ඇතුලට අතදාලා එලියට ගත්තෙ තමන්ගෙ කරේ තිබුනු රත්තරං මාලෙ.ඔලුව නවාගෙන ඒක ගලවගත්ත සුදුබේබි තමන්ගෙ රත්තරං මාලෙ නේත්‍රට දාන්න හැදුවත් බයෙන් බිරාන්ත වුනු නේත්‍ර කලේ ඒ දේ එපා කියන්න ඔලුව හොල්ලපු එක.

"අනේ එපා සුදුබේබි....."

"කෝ මෙහෙ එන්නකො නේත්‍ර....මමනෙ දෙන්නෙ මේක"

"අනේ එපා සුදුබේබි....ඔය වගේ ලොකු තෑගි එපා මට"

"මෙහෙ එන්නකො කිව්වම අහලා"

"අනේ සුදුබේබි,මහමුදියන්සේ මට ගහයි ඕක මම ගත්තොත්"

සුදුබේබිගෙන් බේරිල්ලක් නැති තැන නේත්‍ර තමන්ගෙ දාන්න තිබ්බ හොදම තුරුම්පුව දාද්දි ඒකට අහුවුනු සුදුබේබි කලේ ආයෙමත් පාරක් තමන්ගෙ මාලෙ තමන්ගෙ කරට දාගත්තු එක.

"හැබැයි මම දවසක නේත්‍රට මගෙ සල්ලි වලින් මාලයක් අරගෙන දෙනවා.එදාට බෑ කියන්න බැහැ"

සුදුබේබි කියද්දි ඒකට හිනා වෙලා එකග වුනු නේත්‍ර සුදුබේබිගෙ උරහිසකට තමන්ගෙ ඔළුව බරකරගත්තා.

...................................................................................................

මැදියම් රැයට කිට්ටු වෙලා තිබුනත් ගම්මානෙ කොනේ ගලාගෙන යන දොල පාර සද්ද කලේ තමන් තුලට වැටුනු ගල් කැටයක් හේතුවෙන්.මිනිස්සුන් තුන්කට්ටුවක් වටපිට බල බල දොල පාරට එහායින් තිබ්බ ගල් පොත්තට කිට්ටු වුනේ හොරෙන් හොරෙන් වටපිට බලන ගමන්.

"කවුරුත් දැක්කෙ නැතුව ඇති නේද?"

"මේ මහ දෙගොඩහරි ජාමෙ කොහෙ දකින්නද මුදලිතුමා?"

"මේකද එතකොට තැන?"

"ඔව්....අක්ෂර කොටලා තියෙන්නෙ ගලේ එහා පැත්තෙ වමට වගේ වෙන්නයි මුදලිතුමෝ..."

"රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ගෙ පෙට්ටගමක් කියලා කියන්නෙ මුදලි තුමා"

"කොහොමහරි....වැඩේ විශ්වාසයිනෙ උබලට? නැකැත් කොහොමද?"

"ඉන් අනිද්දා තමා නියම දවස.කෙම්මුර දවසක්නෙ.අපිට ඒකෙ වාසියත් තියෙනවා"

"ඉන් අනිද්දා නේද? ඕහ්.....එදාට වලව්වෙ උත්සවයක් තියෙනවා.....මහමුදියන්සෙ ව්‍යාපාර උලෙලක සම්මානෙකට නිර්දේශ වෙලානෙ....එදාට කොහොමත් ඔය වැඩකාරයො ඔක්කොමත් ඉන්නෙ වලව්වෙනෙ.මහ රෑ වෙනකංම...අපිට අපේ වැඩේ පාඩුවෙ කරගන්න පුළුවන් වෙයි."

"උන් දැනගද්දි වෙන්න තියෙන දේවල් වෙලා තියෙයි නේද මුදලි තුමා"

සේනාධිනායක මුදලි වියරුවෙන් වගේ අනික් උන් දෙන්නත් එක්කම හිනාවෙද්දි,ගල්පොත්තට එන පාරෙ තිබුනු ගැටපිච්ච මල් වැලක් තැලිලා පොඩි වෙලා ගිහින් තිබ්බා.

...................................................................................................

ඔයාලගෙ වීරයා ආවා🙈❤️

වචන 2600යි හරිත😾❤️

ඉතින් අද මක්කැයි හිතුනෙ ඔයැයිලට?

ගියපාර චැප අවුල් වගේ හිතුනු නිසයි මම මේක ඉක්කන්ටම දුන්නෙ😪❤️

අතුකොටුව:- අතු කොටුව කියලා කියන්නෙ වියපු පොල් අතු වලින් ආවරණය ජරන වහලයක් නැති පුංචි මඩුවක් වගේ එකක්

මොට්ටැක්කිලිය:- ඒ කියන්නෙ අර ලොකු ලමයි උනාම එයාලගෙ ඔළුවෙ ඉදන් පොරවගෙන යන සුදු රෙද්ද තියෙන්නෙ.අන්න ඒකට

නොදන්න බබෙක් ඉන්නෝනම් කියලා ඔන්න කියලා දුන්නෙ🙈❤️

ඉතින් බබාලා අදත් කියන්නෙ,

අදහසක් කියාගෙන යන්න🥺❤️

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

ඒනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආතරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter