Back
Chapter 13

12 කොටස🤍✨

නිවාලන්න මා...

"Congratulations Mr.Sagara"

"Thank you.....Thank you Mr.Thissa"

"ඔහෝ සුභපැතුම් මහ මුදියන්සේ....කොහොමහරි සම්මානෙ ලැබුනා නේද?"

"ස්තූතියි ඩග්ලස්.ඒවා ඉතින් උත්සාහය හා කැපවීම තමයි"

"සුභ පැතුම් සාගර මහත්තයා"

"ඕහ්හ්......බොහොම ස්තූතියි! Mr.තිස්ස,මේ ඉන්නෙ මගෙ හොද මිතුරෙක් නිශ්ශංක"

"Oh....Nice to............."

ඉරුගල්බණ්ඩාර වලව්ව විවිධාකාරයේ විදුලි බුබුළු වලින් ආලෝකමත් වෙලා තිබ්බා වගේම මුළු වලව් වත්තම පිරිලා තිබ්බෙ නානාවිධ ඇදුම් ආයිත්තම් වලින් සැරසීගත්තු මිනිස්සු.මහ මුදියන්සෙගෙ ව්‍යාපාර ජාලයට ලැබුනු සම්මානයක් හේතුවෙන් මේ උත්සවය සංවිධානය කරලා තිබුණා.

අවුරුදු ගාණක මහන්සිය,උත්සාහය,කැපවීම ඒ හැමදේටම ලැබුණු ඉහලම ප්‍රශංසාවක් විදියට මේ සම්මානය ලැබුනා කියලා විශ්වාස කල මහමුදියන්සේ ඒ සතුට පවුලෙ නෑදෑයින්,තමන්ගෙ හිතවතුන් එක්ක බෙදාහදා ගන්නත් අමතක කලේ නැහැ.අන්න ඒ දේ ප්‍රතිඵලයක් විදියට මේ උත්සවේ පැවැත්වුනා වගේම උත්සවේ හැම අතින්ම සරුසාර විදියට සංවිධානය කරන්නත් මහ මුදියන්සෙ අමතක කලේ නැහැ.

"ආශව තව ටිකක් නැවිලා ගන්න"

දෙවින්ගෙ උපදෙස් වලට අනුව මේ වෙද්දි සුදු බේබි හිටියෙ එයාගෙ කැමරාවෙන් ෆොටෝ ගහන ගමන්.හැරෙන හැරෙන පැත්තට ෆොටෝ ගගහ හිටපු සුදුබේබි,දෙවින් කියන කෙනෙක් කෝණ වලට නැවි නැවී හිටපු හැටි දිවාෂ නම් බලන් උන්නෙ හිනාව කාගෙන.

"නේත්‍ර මල්ලි කෝ ආශව?"

"නේත්‍ර මේ වගේ වෙලාවල් වලදි පිළිකන්න පැත්තේ ඉන්නවා ඇරෙන්න මේ පැත්තකටවත් එන්නේ නෑ දෙවින්. අප්පච්චි බනිනවා නේත්‍රට"

ආශාව බිම බලාගෙන කියද්දී දෙවින් කළේ ආශවගෙ පිටට තට්ටු කරපු එක.මේ වෙලාවේ නේත්‍රව මතක් කරපු එකත් වරදක්ද කියලා දෙවින්ට හිතුනා.ඒ අස්සෙ තමන්ගෙ පස්සේ කැරකි කැරකි උන්නු දිවාෂ අතුරුදන් වෙලා කියන එක දැනුනු දෙවින් වටපිට බලන්න ගත්තත් මේ ලොකු මිනිස්සු ගොඩේ කොටෙක් උනු දිවාෂව හොයන එක අමාරු වැඩක් කියලා තේරුම් ගත්තු දෙවින් ඒ ගැන සුදුබේබිට කියන්න තීරණය කළා.

"ආශව දිවාෂ නෑනෙ?"

"ඔය කොහෙහරි වැටිලවත් ඇති දෙවින්.පොඩ්ඩක් බලන්න.පේන්නෙ නැති නිසා කාටහරි පෑගෙනවද දන්නෙත් නෑ"

සමච්චලේට කිව්ව සුදුබේබි ආපහු පාරක් කැමරාව අතට ගනිද්දි දෙවින් ආපහු පාරක් උඩ ගියේ තමන්ගෙ උරහිස උඩින් දැනුනු ස්පර්ශයක් නිසා.

"පුතේ අපේ එක්කෙනාව දැක්කද?"

"දිවාෂද ආන්ටි?"

දිවාෂගෙ අම්මා ඇවිල්ලා දෙවින්ගෙන් අහද්දි දෙවින්ටත් දීගන්න උත්තර නැති උනේ දිවාෂ අතුරුදන් උනේ කොහෙද කියලා නොදැන හිටපු නිසා.

"ඔව් පුතේ.මෙයා කොහෙ......ආහ්හ්හ්.......හරි හරි......කෑම තියෙන්නෙ කොහෙද කියලා පුතා දන්නවද?"

දිවාෂ ගැන අ යන්නෙ ඉදලා ෆ යන්න වෙනකං දන්න ආරියසිංහ නෝනා ගාණට මිම්මට දිවාෂ ඉන්න තැන ගැන අනුමාන කරද්දි දෙවින් ඇගිල්ල දික් කරලා වලව් මුළුතැන්ගෙයි පැත්ත පෙන්නුවා.දෙවින්ගෙ ඔලුව අතගෑව ආරියසිංහ නෝනා වලව් මුළුතැන්ගෙයි පැත්තට ඇදෙද්දි හිතුවත් වගේම පිලිකන්න පැත්තෙන් තමන්ගෙ පුතණ්ඩියගෙ කටහඩ ඇහෙන්න ගත්තා.

"මොනාද නේත්‍ර කන්න තියෙන්නෙ?"

"දන්නෑ දිවාෂ.අම්මලා නෙවේ උයන්නෙ.හෝටලෙන් කෑම ගේනවලු"

"අපේ අම්මගෙ කෑම රස නෑන නේත්‍ර.ඒකයි මම ආසා පිටින් කන්න"

"ඇත්තද පුතේ? එහෙනම් අද ඉදලා පිටින්ම කන එකයි ඇත්තෙ"

දිවාෂගෙයි නේත්‍රගෙයි සංවාදෙ ඇහුණු ආරියසිංහ නෝනා දිවාෂගෙ පිටිපස්සෙ ඉදලා කතා කරද්දි දිවාෂගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියා.ඒත් එක්කම පිටිපස්ස  නොබලා දුවන්න හදපු දිවාෂගෙ කමිසෙ කොලරෙන් අල්ලගත්තු ආරියසිංහ නෝනා දිවාෂව අල්ලගත්තෙ එතන හිටපු නේත්‍ර එක්ක හිනාවෙන ගමන්මයි.

තමන් දිවාෂ එක්ක මේ වගේ වෙලාවක කතා කර කර උන්නු එක වැරදියිදෝ කියලා බයක් පුංචි නේත්‍රගෙ හිතට ආවෙ මහමුදියන්සේ මේ වගේ වෙලාවට වලව්වෙ ඉස්සරහ පැත්ත පලාතකවත් එන්න තමන්ට තහනම් කරලා තිබ්බ නිසා.යමක් කමක් තිබ්බ පවුලක දරුවෙක් උනු දිවාෂගෙයි නේත්‍රගෙයි ආස්‍රෙට අද වෙනකංවත් ආරියසිංහ දෙමහල්ලො මොකුත්ම නොකිව්වත් උත්සව අවස්ථාවකදි දිවාෂ එක්ක පිලිකන්නට වෙලා කතා කර කර උන්නු එකට මොකක් හරි කියලා බනියි කියලා නේත්‍ර බය වුනා.

"දුවන්නෙ කොහෙද? හරි ශෝක්.....යාලුවවත් දාලා දුවනවා නේද? මම කෝ කියලා බලන්නයි ආවෙ.මොකද ඉතින් ආයෙ නැති උනොත් හොයන්න කියලයෑ.....නේත්‍ර පුතේ,එහෙනම් මේකත් එක්ක ඉන්නවද? මම ඉස්සරහට වෙලා ඉන්නම්"

නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් ආරියසිංහ නෝනා කියද්දි නේත්‍රගෙ බෝල ඇස් වල කදුළු පිරිලා තිබ්බා.නිතර දෙවේලේ ඉහල පෙලේ මිනිස්සුන්ගෙ දෝෂදර්ශනේට ලක් වෙන නේත්‍ර වගේ මිනිස්සුන්ට ඒ ඉහල පෙලේම ඉන්න සමහර මනුස්සකම් තියෙන මිනිස්සු ජීවත් වෙන්න ආසාවක් ඇති කලා.ලෝකෙ හැමෝම නේත්‍රලාව පහලට හෙලන්නෙ නෑ කියන එක මතක් කරලා දුන්නා.

නේත්‍රගෙ ඔලුව අතගාලා ආරියසිංහ නෝනා එතනින් සමුගත්තෙ දිවාෂට හොද පොල් ටොක්කකුත් ඇනගෙන.දවසක දිවාෂගෙ මොනා පොඩි උනත් ඔලුවනම් සෑහෙන්නම ලොකුවෙයි.ඇයි ඉතින් ඒකා හැම තිස්සෙම හැමෝගෙන්ම ඉල්ල ඉල්ල පොල් ටොකු ඇනගන්නවනෙ.

"ඈ බං නිර්මලෝ.......කෙල්ලව නාවලා දවස් කීයද බං? අද ඒකි ඔය තනිපංගලමෙද?"

"නෑ අයියෙ.අපේ නගණ්ඩි ඉන්නවනෙ ඇවිල්ලා.ඒකි එක්ක ලොක්කිව තියලා ආවෙ."

මැනුවෙල් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නු නිර්මලා කෑම පිගන් පිහිද පිහිද මේසෙ උඩින් ගොඩගහන්න ගත්තෙ දැන් කෑම දෙන වෙලාව ලගයි කියලා දැනගත්තු නිසා.උත්සවේට ඇවිල්ලා හිටිය පොඩි උන් කෑම ගැන වගේ වගක්වත් නැතුව සෙල්ලමට වැටිලා හිටියත්,එකතැනම ඉදගෙන වල්පල් දොඩව දොඩව ලොකුකම් මහන්තත්තකම් කියව කියව උන්නු මහ මිනිස්සුන්ටනම් දැන් බඩගින්න දැනිලා තිබ්බා.හැබැයි මතක තියාගන්න.....සමහර ලමයිනුත් ඉන්නවා කන්න විතරක්ම හොයන!!!

"ප්ස් ප්ස්.....ප්ස්...ප්ස්....."

පිලිකන්නෙ තිබ්බ කොට බිත්තිය උඩට වෙලා කතා කර කර උන්නු නේත්‍රටයි දිවාෂටයි එකපාරටම ඇහුනු සද්දෙ නිසා දෙන්නම කලබල උනේ පිලිකන්නෙ තිබුනු විදුලි බුබුලෙ එලිය උනත් වටපිටාව හොදටම පේන විදියට ප්‍රමාණවත් මදි නිසා.ඒත් එක්කම දිවාෂ තමන්ගෙ කකුල් දෙක උඩට උස්සගනිද්දි නේත්‍ර කලේ බය වෙලා වගේ දිවාෂ දිහා බලා හිටපු එක.

"නයෙක්ද මංදා නේත්‍ර? මේ වගේ වෙලාවට නයි ඇදෙනවනෙ"

දිවාෂ කිව්ව දේට හොදටම බිරාන්ත උනු නේත්‍රත් කලේ කොට බිත්තිය උඩ ඉදන්ම තමන්ගෙ කකුල් දෙක උස්සගත්තු එක.

"ප්ස්ස්ස්....ප්ස්ස්ස්ස්ස්"

"ඔය ඔය.....නයා ලග වගේ නේත්‍ර"

"ප්ස්ස්.....ප්ස්ස්ස්....නේත්‍ර....නේත්‍ර....."

"නයා මට නෙවේ කතා කරන්නෙ ඔයාට නේත්‍ර!!!! දෙවියනේ....මෙතනින් පැනලා දුවන්න වෙන්නෙ අපි දෙන්නට"

"ප්ස්ස්....නේත්‍ර"

"අර අර.....පොඩ්ඩක් ඉන්න......නයින්ට කතා කරන්න බෑනෙ නේත්‍ර නේද? ඔය.....ඔය කොහෙද යන්නෙ?"

දිවාෂ සම්ප්‍රප්ඵලාප කියවගෙන කියවගෙන යද්දි නේත්‍ර කොට බිත්තියෙන් පහලට පැනලා හඩ ඇහුනු දිහාවට ඇවිදන් ගියේ ඒ කටහඩේ අයිතිකාරයව තමන් දැනගෙන උන්නු නිසා.නේත්‍ර යන පැත්තට දිවාෂත් ඇවිදගෙන ගියේ ඕනි දෙයක් කියලා හිතාගෙන.

"සුදුබේබි!"

නේත්‍ර කටහඩ පහත් කරලා කතා කලත් ඒ හඩේ ගැබ් වෙලා තිබ්බ පුදුමෙ දිවාෂට හොදට තේරුනා.දඩිබිඩි ගාලා ඉස්සරහට දුවගෙන ගිය දිවාෂ දැක්කෙ වලව් වත්තෙ පිලිකන්න හරියෙ තිබුනු කජු ගහ යටට වෙලා ඉන්න සුදුබේබිවයි,නේත්‍රවයි.

"ගන්නකො නේත්‍ර"

"අනේ ඔව්වා ඕන්නෑ සුදුබේබි,මම කෑම කන වෙලාවට හම්බෙන දෙයක් කන්නම්කො"

"නේත්‍ර කිව්වම අහලා මේක අරගෙන ඔහෙට වෙලා කන්නකො"

"ඕන්නෑ සුදුබේබි.මට බඩගින්නකුත් නෑ තාම"

"නේත්‍ර! දැන් නවයත් පහු වෙලා.නේත්‍රට බැයිද මම කියන දේ අහන්න? ආහ්හ්හ්?"

සුදුබේබිගෙ කටහඩ එකපාරටම කෝපකාරී වුනු එකට බය වුනු ගහේ හෙවනැලි අස්සෙ හැංගිලා උන්නු දිවාෂ ඉක්මනටම නේත්‍ර ලගට ආවෙ නේත්‍රගෙ ආරක්ෂාව ගැන හිතලා.බැරි වෙලා හරි දෙවින් දවසක් දිවාෂට කිව්ව විදියට අර කොලබ ලමයෙක්ව උස්සලා පොලවෙ ගැහුවා වගේ නේත්‍රටත් ගැහුවොත් එහෙම?දිවාෂට ගහගන්න බෑ තමා සුදුබේබි එක්ක.හැබැයි දිවාෂට අඩුම සුදුබේබිට කකුල් මාට්ටුවක් හරි දාන්න පුලුවන්නෙ!

"එහෙම....නෙවේ....සුදුබේබි....මට....මට"

නේත්‍රගෙ හඩේ තිබ්බ වෙවුලන ගතියත් එක්ක සුදුබේබිට තේරුම් ගියේ නේත්‍ර අඩන්න ලගයි කියන එක.ඒ දේ නිසාම අතේ තියං උන්නු පුංචි පීරිසිය වමතේ රදවගත්තු සුදුබේබි තමන්ගෙ දකුණතින් නේත්‍රව ඇදලා තුරුල් කරගත්තු නිසා නේත්‍රගෙ මහ ඇඩිල්ලක් වෙන්න ගිය එක ඉකියක් වෙනකං අඩු කරගන්න සුදුබේබිට පුළුවන් උනා.සුදුබේබිගෙ පපුව අස්සට වෙලා ඉකි ගගහ අඩන පුංචි නේත්‍රගෙ සිනිදු කෙස් උඩින් හාද්දක් තැවරුව සුදුබේබි තමන්ගෙ නිදහස් අතින් නේත්‍රගෙ පිට අතගගා නේත්‍රව සනසන්න උත්සාහ කලා.

"අඩන්න එපා නේත්‍ර"

"අනේ මට සැර කරන්න එපා සුදුබේබි"

"සැර කලා නෙවේනේ නේත්‍ර.මෙහෙම දේවල් ඔයාට හැමනිතරම කන්න හම්බෙන්නෑ කියලා මම දන්න නිසානෙ අප්පච්චිලටත් හොරෙන් මම මේක උස්සගෙන ආවෙ.ඒ උනාට නේත්‍ර එපා කියද්දි මට දුක හිතුනා"

"එහෙනම් දෙන්නකො ඕක සුදුබේබි.මට එවෙලෙ බය හිතුනු හන්දයි එපා කිව්වෙ.නැතුව සුදුබේබි කියන දේ නාහන කමකට නෙවී"

සුදුබේබිගෙ අස්සටම වෙලා මුමුණන නේත්‍රගෙ හිස් මුදුනේ ආපහු පාරක් හාද්දක් තැවරුව සුදුබේබි වීදුරු පීරිසිය නේත්‍රගෙ අත උඩින් තියලා ලස්සනට හිනා වුනත් ඒ හිනාව නැති වෙලා ගියේ පිටිපස්සෙ ඉදන් මෙතන උනු සම්පූර්ණම දර්ශනේ දිහා බලාගෙන උන්නු දිවාෂව දැකලා.නේත්‍ර එක්ක මෙච්චර වෙලා දිවාෂ ඉදලා කියන එක දැනෙද්දි පුංචි ඉරිසියාවක් හිතට ආවත් සුදුබේබි ඒක පිට නොකර උන්නෙ දිවාෂවත් නොහිටියනම් නේත්‍ර මේ වගේ වෙලාවල් වලදි තනි වෙනවා කියලා තේරුම් අරං හිටපු නිසා.

"අරයා එක්ක බෙදාගෙන කන්න"

නේත්‍රගෙ ඔලුව අතගෑව සුදුබේබි දිවාෂගෙ මූණ දිහාවත් නොබලා එතනින් පිට වෙලා යද්දි නේත්‍රගෙ අතේ තිබ්බ චිකන් ඩෙවල් එක දිහා බලාන උන්නු දිවාෂගෙ කටේ කොනකින් කෙල බේරෙන්න පටන් අරං තිබ්බා.

...................................................................................................

ඉරුගල්බණ්ඩාර වලව්ව උත්සවාකාරයෙන් සැරසෙද්දි ගම්මානෙ කොනට වෙන්න තිබ්බ ගල්පොත්ත ලග තිබ්බ වාතාවරණෙ සෑහෙන්නම වෙනස් එකක් උනා.අද ගම්මානෙ පෝසත් කුලවත්තු ටික ඉරුගල්බණ්ඩාර වලව්වෙ උත්සවේට සහභාගී වෙද්දි ගම්මානෙ ඉතිරි වෙච්ච උදවියගෙන් සෑහෙන්න හරියක් ගම්මානෙ පන්සලේ තිබ්බ සතිපිරිත් සජ්ජායනාවෙ අවසන් දවසට කලින් දවස අද හින්දා ඒකට සහභාගී වෙලා උන්නා.කොහොමත් ඒ මිනිස්සු ගෙවල් වලට එද්දි දෙගොඩහරි ජාමෙ පහු වෙනවා හෝ උදේ එලි වෙනවා කියලා කියන එක දැනන් උන්නු කරූ දුන්නු විස්තර වලට අනුව සේනාධිනායක මුදල් අද දවසෙ එයාගෙ විසාල රාජකාරියට යොදවගෙන තිබ්බා.

ගල්පොත්ත ආසන්නෙන්ම ගලාගෙන ගිය දොල පාර ලාවට ආලෝකමත් වෙලා තිබ්බෙ ගල්පොත්ත උඩ දැල්විලා තිබ්බ පන්දම් එලියට.මේ වෙලාවට මේ පැත්තෙ හක්කලං කරන්න මොකෙක්වත් නේන බව දැනන් උන්නු මේ පිරිස බයක් සැකක් නැතුව තම තමන්ගෙ රාජකාරි වලට බැහැලා උන්නා.ගල්පොත්ත උඩ පිලිවෙලට සකසලා තිබ්බ මල් පැලට පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බ කිරිකලේ උඩට උස්සල මොන මොනවාදෝ ජප කරපු කට්ටඩියා හෙමින් සැරේ ඇස් දෙක ඇරලා බැලුවෙ තමන්ට ටිකක් එහාට වෙන්න දොහොත් මුදුන් දීගෙන වැදගෙන උන්නු සේනාධිනායක මුදලියි,කරුයි,කරූගෙ අත් උදව්කාරයයි දිහා.

"බිල්ල අරං වරෙල්ලා!!!"

...................................................................................................

"නේත්‍ර කොලුවො,නේත්‍ර කොලුවො,අන්න උබලෑ අක්කා උබට පුළුවන් විගහට එන්න කියලා කිව්වා"

රාත්‍රී එකොලහත් පහු වෙලා තිබ්බ වෙලාවක නේත්‍ර ලගට ආව කරූ වටපිට බලන ගමන් කිව්වෙ එවෙලෙ පිලිකන්න පැත්තෙ උන්නෙ නේත්‍ර විතරයි කියලා දැනන් උන්නු නිසා.හෙට උදේම කොහෙද යන්න ඕනි නිසා දිවාෂවත් එක්කගෙන ආරියසිංහ නෝනා ගෙදර ගිය නිසා පොල් කොලේකුත් වන වන හිටපු නේත්‍ර බලාන උන්නෙ වැඩපල ඉවර කරලා අම්මා එනකං.තවමත් නේත්‍රගෙ අතේ සුදුබේබි දීපු මස් පීරිසිය තිබ්බෙ අම්මගෙ කොටස ඒකෙ ඉතිරි කරගෙන තිබ්බ නිසා.අක්කට තාම මස් මාළු කන්න හොද නෑ කියලා අම්මා තමන්ට කියලා තිබ්බ දේ නේත්‍රට අමතක වෙලා තිබ්බෙ නෑ.

තාමත් වලව්වෙ සේවක පිරිස කඩියො ටික වගෙ වැඩවල නිරත වෙලා උන්නෙ තවමත් සාදෙ ඉවර නැති නිසා.පුංචි නේත්‍රට බඩගින්නත් හොදටම දැනිලා තිබ්බෙ සුදුබේබි කෑවද කියලා නොදන්න නිසාත්,තමන්ගෙ අම්මා තවම නොකාපු නිසාත් දිවාෂ කන වෙලාවෙ එයත් එක්කම කෑම ගන්න කිව්වට තමන් කෑම කන එකත් ප්‍රතික්ෂේප කරලා තිබ්බ නිසා.සුදුබේබි කාලා ඇති කියලා දිවාෂ කොච්චර කිව්වත් නේත්‍ර කෑම නොකා උන්නෙ ඒදේ තමන් හරියට නොදන්න නිසායි,තමන්ගෙ අම්මත් බඩගින්නෙ වැඩපල වල නිරත වෙලා උන්නු නිසයි.ඉතින් පිලිකන්නට වෙලා තනිපංගලමෙ උන්නු නේත්‍රව රවට්ටගෙන වලව්වෙන් එලියට ගන්න එක කරූට අමාරු වුනේ නැහැ.

"අම්මට කියලා එන්නම් කරූ මාමෙ මම"

"එපා එපා......උබලෑ අක්කට මොකක් හරි ලොකු උවමනාවක්.උබ දැන් ඕක අම්මට කිය කිය ඉන්න ගියොත් පරක්කු වෙන එකනෙ වෙන්නෙ"

"හරි මාමෙ මම යන්නම්"

සමාජෙ තියෙන විසකුරු බව ගැන කිසිම දැනුවත් කමක් නොතිබ්බ ඒ පුංචි සිගිත්තා වලව්වත්තෙන් පල්ලම් බහිද්දි පොඩි එකා දිහාවටත් ඊට පිටිපස්සෙන් ඇදිලා යන කරූ දිහාවටත් තව ඇස් දෙකක් යොමු වෙලා තිබ්බා.

"අර පොඩි එකා කොහෙද මේ වෙලාවෙ යන්නෙ?"

...................................................................................................

"දෙවින් ඔයා කන්න ගන්නකො.මම නේත්‍රව බලලා එන්නම්"

රෑ දෙගොඩහරියක් වෙනකං දගලපු දෙවින් සුදුබේබි දෙන්නා කන්න ඉදගනිද්දි සුදුබේබි එතනින් නැගිට්ටෙ නේත්‍රව බලන්න යන්න.මොකද කොහොමත් උත්සවයක් වෙලාවකදි ඉස්සරහ අමුත්තන්ට පිලිගන්වන කෑම වලින් බාගෙකටත් වඩා අඩුවෙන් පිටිපස්සෙ ඉන්න සේවක මඩුල්ලට ලැබෙන බව සුදුබේබි දැනන් හිටියා.කොහොමත් තමන්ට කන්න තියෙන දේවල් නේත්‍රට දෙන්න පුළුවන් තරම් උත්සාහ කරන සුදුබේබි වැඩිපුරත් එක්ක බෙදාගත්තු කෑම එකත් අරගෙන පිළිකන්න පැත්තට ඇවිදන් ගියේ නේත්‍රටත් ඒ කෑම ජාති වලින් බාගයක් දෙන්න හිතාගෙන.

පිළිකන්නට ආව සුදුබේබි වටපිට බැලුවත්,මුළුතැන්ගෙයි බැලුවත් නේත්‍රව හොයාගන්න බැරි වුනු තැන නිකමට වගේ සුදුබේබි පිගාන පිළිකන්නෙන් තියලා ගියේ වත්ත පල්ලෙහාට බහින තැන ලගට.ඈත තියාම මොකක්ද දැක්ක නිසා බෙල්ලෙ එල්ලි එල්ලි තිබ්බ කැමරාව හයියෙන් අල්ලගත්තු සුදුබේබි එතනට දුවං යද්දි දැක්කෙ තමන් නේත්‍රට දීපු චිකන් ඩෙවල් පීරිසිය ගල් බැම්ම උඩ තියෙනවා.

කොහොමත් සුදුබේබිගෙ හිතට මොකක්ද මංදා අමුත්තක් දැනෙන්න ගත්තෙ දැන් ටික වෙලාවකට කලින් ඉදලා.රට බීම වලින් ටිකක් සප්පායම් වෙලා උන්නු මහමුදියන්සේ සුදුබේබිවත් අල්ලගෙන තමන්ගෙ යාලුවන්ට සුදුබේබිගෙ ගුණ වර්ණනා කරන්න ගත්තු නිසා සුදුබේබිට නේත්‍රව බලන්න මෙච්චර වෙලා එන්න බැරි වෙලා තිබුනා.මොකක්ම හරි අනතුරක් ඉව වැටුනු සුදුබේබි කලේ කාටවත් කියන්නෙ නැතුව ඒ ගමන්ම වත්ත පහලට දුවගෙන ගිය එක.

කැමරාව හයියෙන් අල්ලගත්තු සුදුබේබි පල්ලම දිගේ වේගෙන් පහලට දුවලා යද්දි වටේම ඝන අන්ධකාරෙන් පිරිලා තිබ්බෙ කියන එකවත්,දැන් මධ්‍යම රාත්‍රියටත් කිට්ටුයි කියන එකවත්,සත්තු සරපයි මෙවෙලෙට එලිබහිනවා කියන එකවත්,තමන්ට කරදරයක් වෙන්න පුළුවන් කියන එකවත් සුදුබේබිගෙ හිතේවත් මනසෙවත් තිබුනෙ නෑ.

සුදුබේබිගෙ මනසෙ හදවතේ දෙකේම වැඩ කල එකම දේ උනේ නේත්‍රට කරදරයක්ද කියන එක විතරයි.මොන හේතුවකට හරි සුදුබේබිගෙ හදවත අමුතු තාලෙකට ගැහෙන්න පටන් අරගෙන තිබ්බා.කෙලින්ම නේත්‍රගෙ ගෙදර ඇතුලට දුවගෙන යන්න හැදුවත් කලින් දවසක අරුන්දතීගේ චාරිත්‍ර ටික හොරෙන් බලාගෙන උන්න පදුරු ගොල්ල අස්සෙ සුදුබේබි හැංගුනේ නේත්‍රලාගෙ ගෙයි මිදුලෙන් ඇහුනු සද්දයක් නිසා.පදුරු ගාලට මුවා වුනු සුදුබේබි විමසිල්ලෙන් මිදුලෙන් ඇහෙන කටහඩවල් වලට අවධානෙ දුන්නෙ රාත්‍රියෙ තිබ්බ නිස්කලංක බවට පින් දෙන ගමන්.

"වැඩේ හරිද?"

"ඔව්....සුදු රෙද්දත් අන්දවලා ඉවරයි.කිරි කලෙන් නෑව්වට පස්සෙ වැඩ පටන් ගනීවි"

"උබලට වැඩේ අමාරු වුනේ නෑනෙ"

"නෑ මුදලි මහත්තයා.....මොන අමාරුවක්ද? මහ එකී කුස්සියෙ උය උය උන්නෙ.ගෑනිගෙ පිටිපස්සෙන් ගිහින් රෙදිකඩ මූණට ලං කරනකංවත් ගෑනි මුකුත් දන්නෙ නෑ"

"මගෙ හිතට හරි නෑ ඒ උනාට අද උනු වැඩේ......එක බිල්ලක් විතරක් ඇති වෙයිද?"

"ඒක එසේ මෙසේ තනි බිල්ලක් නෙවෙයිනෙ මුදලි තුමෝ.....ඒකි තුන් කුළුදුල් දරුවෙක්.අනික තාම නැවුම් කෙලි පැටික්කි.පිරිසිදුකම උනත් තියෙන දැරිවියක්නෙ.පිලී  කාලා නැතුව ඇති දැන් සති දෙක තුනක් තිස්සෙම.ඒකිව ප්‍රමාණවත් වැඩේට"

"කොහොමත් අපි මුල ඉදන්ම දෙන්නවම අරං යන්නනෙ කතා වුනේ.කොහෙද ඉතින් මූ මස් කාලා කියලා කරූ කිව්වෙ?"

"ඔව් මුදලිතුමා.මම වලව්වට යද්දිනුත් මූ මස් පීරිසිය ලග තියාන උන්නෙ.ඒත් කොල්ලගෙත් උපන්වෙලාවයි,ලග්නෙයි අනුව උගෙ වෙලාව බලලා කෙරුමා ගුරුන්නාන්සෙ කිව්වෙ තුන් කුළුදුල් එකීටත් වඩා මුගෙ වෙලාව බලවත් කියලා.ඒ නිසා මසක් මාලුවක් කෑවට මුට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කිව්වා.ඒත් කොහෙද මූ කල වැඩේ එක්ක.........."

"ලේ වහනයක් උනානෙ කොල්ලගෙන්.දැන් ඉතින් ඌව කොහොමත් ඇන්න යන්න බෑනෙ ඔතනට.අපිත් දැන් යමු කරුවො.වෙලාව කිට්ටුයිනෙ.මහ ගෑනිට සිහිය ඇවිත්ද බලන්නනෙ ආවෙ.ඒකිට හෙට එලි වෙනකං සිහිය එන එකක් නෑ."

"මුදලි තුමා ඒත් කොල්ලා? උගෙ ලේ යන එක නතර වෙලා නෑ.මම සිහි නැති කරවන්න හදද්දි මූ තදේටම දැගලුවනෙ.ඒ පාර තමා ඇද විට්ටමේ නලල වැදුනෙ.තවම ලේ ගලනවා"

"උගෙ ආයෙ මක්කද? එක්කො සිහිය එයි.නැත්තං මැරිලා යයි.අපි සුනංගු වෙලා බැහැ.අපි යමු ගල්පොත්තට"

"මේ රෙදි කෑලි ටික මුදලිතුමා?"

"ඔව්වා තැන් දෙපොලක විතර දාපං.ගල්පොත්ත පාමුල ටිකක් ලොකු කෑල්ලක් වට්ටපං.එතකොට උදේට කෙල්ලගෙ මිනිය හම්බෙන උන් හිතාවි ඒකිව දූසනේ කරලා මරලා දාලා කියලා"

ඒ රතු පාට පසුබිමේ කහ මල් වැටිච්ච ගවුම සුදුබේබිට යමක් මතක් කලා.සේනාධිනායක මුදලි වියරුවෙන් හිනා වෙලා කිව්වම කරුත් ඒකටම අත් උදව් අල්ලන්න ගද්දි සුදුබේබිගෙ අත මිට මෙලවිලා තිබ්බා.කතා කරපු හැමදෙයින්ම සුදුබේබිගෙ ඔලුව ඇතුලෙ කරකැවෙමින් තිබ්බෙ "කොල්ලගෙ නලලෙන් ලේ ගලනවා" කියන එක විතරයි.ලේ හුගක් ගලද්දි ශරීරෙ දුර්වල වෙනවා කියලා සුදුබේබිට තේරිලා තිබ්බා.නේත්‍රව බේරගන්න උවමනා උනත් මෙතනින් තමන් දිව්වොත් හරි,වීරකමට නේත්‍රගෙ ගේ ඉස්සරහට ගියොත් හරි මෙවෙලෙ නේත්‍රව කොහොමත් බේරගන්න වෙන්නෙ නෑ කියන එක සුදුබේබිට තේරුනා.

නේත්‍රව බේරගන්නනම් තව ටික වෙලාවක් ඉවසන්න වෙනවා කියලා දැනුනු සුදුබේබි කරූ රෙදි කෑලි දික් කරලා කතා කරද්දි තමන්ගෙ කැමරාව උස්සලා පොටෝ දෙක තුනක් ගහගත්තෙ හිතට ආපු ක්ෂණික අදහසකට.නේත්‍රගෙ ගෙයි සාලෙන් ගලාන ආපු ලා විදුලි බල්බයේ එලියෙනුයි,පායලා තිබුනු හදේ එලියෙනුයි සුදුබේබිට ඒ රූප දෙක පැහැදිලිව පෙනුනා වගේම ඒ කවුද කියන එකත් සුදුබේබි අදුරගත්තා.තමන්ගෙ නේත්‍රව මැරුනත් කමක් නෑ කිව්ව සේනාධිනායක මුදලි ගැන ඒ පුංචි හිත ඇතුලෙ විශාල වෛරයක් පැල පදියම් වෙන්න ගත්තා.

සේනාධිනායක මුදලි වගේම කරූ එතනින් පිටවෙලා ගිහිල්ලත් විනාඩි පහක් විතර යනකං සුදුබේබි හිටපු තැනින් හෙල්ලෙන්නවත් උත්සාහ කලේ නැහැ.ටික වෙලාවක් ගියාට පස්සෙ පරිස්සමින් පදුරු ගාල අස්සෙන් නැගිට්ට සුදුබේබි නේත්‍රලාගෙ ගෙදරට පුරුදු පාරෙන්ම යන්න හැදුවත් ඒ දේ අනතුරුදායකයි කියලා තේරුනු නිසා දවසක් දිවාෂ පෙන්නුව හොර පාරෙන් ගෙට ඇතුල් වෙන්න තීරණෙ කලා.පදුරු ගාලෙන් ටිකක් එහාට ගියාම හම්බෙන පොඩි පල්ලමකින් පස්සෙ නේත්‍රලාගෙ ගෙදර කුස්සිය පැත්තට යාගන්න පුලුවන් බව සුදුබේබිට මතක් වුනා.

විනාඩියක් දෙකක් ඇතුලත කුස්සිය පැත්තෙන් ගෙට ගොඩ වුනු සුදුබේබිට ඉස්සෙල්ලාම දකින්න හම්බුනේ සිහියක් නැතුව කුස්සිය ඇතුලෙ වැටිලා උන්නු පද්මිණීව.ඒ ගැන නොසලකා හැරපු සුදුබේබි දුවගෙන ගියේ නේත්‍රගෙ කාමරේට.ඒ කාමරෙත් නේත්‍ර නොහිටපු නිසා අරුන්දතීගෙ කාමරේට දුවන් ගිය සුදුබේබි දැක්ක දර්ශනෙත් එක්ක සුදුබේබිගෙ කකුල් පණ නැති වෙලා ඇදගෙන වැටුනා.

හවස පන්සල් ගිහින් තමන්ටත් එක්ක පිරිත් නූලක් උස්සගෙන ආව පුංචි නේත්‍ර එවෙලෙ ඇදගෙන උන්නු සුදු කමිසෙ පිටින්ම උත්සවේටත් හිටියෙ ආයෙ ගෙදර යන්න තිබ්බ කම්මැලිකම නිසා කියලා සුදුබේබි දැනගෙන හිටියා.නේත්‍රගෙ ඒ පුංචි කමිසෙ දකුණු පැත්ත මේ වෙද්දි රතු පාට වෙලා තියෙනවා දැක්කම සුදුබේබිට සිහි එලවා ගන්නවත් බැරි වුනා.

නේත්‍රගෙ කිසිම චලනයක් නෑ කියලා තේරුනු සුදුබේබි තමන්ගෙ හිතට පුළුවන් තරම් ධෛර්යය අරගෙන නැගිට්ටෙ අද නේත්‍රව බේරගන්න වෙන්නෙ තමන්ට කියලා තේරුම් ගත්තු නිසා.ඒ පුංචි සන්සුන් මූණ රතුපාට ලේ වලින් වැහිලා ගිහින් කියලා දැක්ක සුදුබේබිට හයියෙන් ඉකි ගැහුනත් සුදුබේබි උපරිම වීරිය හිතට නංවගෙන නේත්‍රව තමන්ගෙ දෝතට අරගත්‍තා.

පද්මිණී දිහත් බැලුව සුදුබේබි ආපු පාරෙන්ම වලව්වෙ කන්ද නගින්න ගත්තෙ හරි අමාරුවකින්.නේත්‍රගෙ චලනයක්වත් නැති පුංචි සරීරෙ නිසා සුදුබේබිගෙ මුළු හිතම බර වෙලා තියෙද්දි,ඒ දේ නිසා බිදුනු මානසිකත්වෙ බලපෑම එල්ල වුනු ශරීරෙත් එන්න එන්නම දුර්වල වෙලා තිබ්බා.පය පැකිලිලා දෙතුන් වතාවක් ඇද වැටෙන්න ගියත් පස්ස බල බල සුදුබේබි කන්ද නගින්න ගත්තෙ නේත්‍රව පරිස්සම් කරගන්න ඕනි වුනු නිසා.

"බය වෙන්න එපා මගෙ නේත්‍ර.මම ඔයාට මුකුත්ම වෙන්න දෙන්නෙ නෑ"

අවුරුදු 12කට කිට්ටු වුනු සුදුබේබි අවුරුදු 10 පන්නලා තිබ්බ සිහියක් නැති පුංචි එකාට මුමුණ මුමුණ කන්ද නගින්න ගත්තෙ පපුව පුපුරන්න වගේ එන වේදනාව ගැන නොහිතන ගමන්.හිතන්න! නිදිකුම්බා කට්ටකට නේත්‍රගෙ ඇගිල්ල හීරුණු එකේ පලිය ගන්න දකින දකින නිදිකුම්බා පැලේ පාග පාග පොඩි කරන සුදුබේබි,අද තමන් මලක් වගේ පරිස්සම් කරන්න හදන නේත්‍රට වෙලා තියෙන විපත්තිය දැක්කම?

...................................................................................................

"මැණිකෙ කොහෙවත් නැද්ද?"

"නෑ අපේ මහත්තයා.....සුදුපුතා කොහෙවත් නෑ දෙයියනේ......දෙවින් පුතේ....සුදුපුතා කොහෙද ගියේ කියලා දන්නවද?"

"දන්නෙ නෑ ලොකුමැණිකෙ ආන්ටි.පොඩ්ඩක් පිටිපස්සට ගිහින් එන්නම් කියලයි ගියේ"

සුදුබේබි කෑවද කියලා හොයන්න ආව ලොකුමැණිකෙගෙ ඇස් වලට සුදුබේබි එක්ක උන්නු දෙවින්ව විතරක් අහුවෙද්දි ලොකු මැණිකෙ කලේ සුදුබේබිව හොයපු එක.හොයල හොයලා බැරිම තැන ඒ ගැන මහමුදියන්සේට කිව්වම මහ මුදියන්සෙත් ඒ වැඩේට සාංගාං වුණා.ටික වෙලාවක් යද්දි වලව්වම ගිනිබත් වුනේ සුදුබේබි මේ දෙගොඩහරි ජාමෙ අතුරුදන් වෙලා කියලා තේරුනු නිසා.

"මැනුවෙල්,බලපං පොඩ්ඩක් නේත්‍ර කොල්ලා ඉන්නවද කියලා"

දෙවින්ගෙ කතාවත් එක්කම හිතට ආපු අදහස නිසා ලොකු මැණිකෙ කියද්දි මැනුවෙල් වලව් මුළුතැන්ගෙයි පැත්තට දුවගෙන ගියා.

"අනේ මගෙ දරුවා නෑනෙ අම්මෙ"

වලව්වෙ ඇතුලෙ ගිනි අරගෙන වගේ සුදුබේබිව හොයද්දි හැමෝටම අමතක වුනු තමන්ට මතක තිබ්බ තමන්ගෙ දරුවව නිර්මලා පිලිකන්න පැත්තෙයි වලව්වෙ වත්ත පුරායි ඇවිද ඇවිද හොයලා තිබ්බා.

"මේ දරුවො දෙන්නා කොහෙ ගියාද?"

වලව් පිලිකන්න පැත්තට ආපු සෙනග ඉස්සරහින් හිටගත්තු ලොකු මැණිකෙ මුමුණද්දි මහ මුදියන්සෙගෙ මූණ නම් කෝපයකින් පිරිලා තිබ්බෙ.තමන්ගෙ දරුවා අර දුප්පත් එකාව ආස්‍රේ කරන නිසයි මේ ප්‍රශ්න කියලා හිතුව මහ මුදියන්සෙ සුදුබේබිව හම්බුනාට පස්සෙ ඔය යාලුකම් තහනම් කරනවා කියලා තීරණය කලා.

"ලොකු මැණිකෙ.....අනේ මට දැන් මතක් වුනේ.....මීට හෝරාවකට විතර කලින් නේත්‍ර කොලුවා ඔය පල්ලම බැහැගෙන ගියා මම දැක්කා.මට දැන් ඒක මතක් වුනේ"

නේත්‍ර වලව්වෙන් පිට වෙන එක දැක්ක කරෝලිස් ලොකු මැණිකෙ ලගට ඇවිල්ලා මුමුණද්දි ඔසරිය ටිකක් උස්සගත්තු ලොකු මැණිකෙ වත්ත පහලට දුවන්න ගිය පිම්ම අඩාල වුනේ වලව්වත්තට ගොඩ වෙන තැන් මතු වුනු පුංචි රූපයක් නිසා.

"සුදුපුතා!"

"සුදුපුතා!"

"සුදුබේබි!"

"ආශව!"

"අර අතේ මොකද්ද?"

"දෙවියනේ මගෙ දරුවා!!!!මගෙ අම්මට මේ මක්කා වෙලාද දෙයියෝ"

සුදුබේබිගෙ අත් අතරෙ ගුලි ගැහිලා ඉන්නෙ තමන්ගෙ දරුවා කියලා අදුරගත්තු නිර්මලා විලාප තියාගෙන හැමෝවම පරයා ඉස්සරහට දුවගෙන ගියේ ගැහෙන පපුව අල්ලගෙන.සුදුබේබිගෙ අත් අතරෙ ගුලි වෙලා ඉන්න නේත්‍රව තමන්ගෙ අත් දෙකට ගත්තු නිර්මලා එතනම දණින් වැටුනෙ තමන්ගෙ දරුවට වෙලා තිබ්බ වින්නැහිය දැකලා.

"අනේ මයේ අම්මේ......මගෙ දෙයියට මක් වෙලාද මේ?"

නිර්මලා මහ හයියෙන් අඩද්දි සුදුබේබි කලේ ලොකු මැණිකෙ ගාවට දුවං ගිය එක.

"පු....පුංචි...පුංචි අම්මෙ.....අනේ නේට්ටට අමාරුයි පුංචි අම්මෙ.....එයාව බේරගන්නකො කොහොමහරි"

ලොකු මැණිකෙගෙ ඉස්සරහ දණින් වැටුනු සුදුබේබි අඩා වැටෙද්දි සුදුබේබිව උස්සලා තුරුල් කරගත්තු ලොකු මැණිකෙ බැලුවෙ මහ මුදියන්සෙ දිහා.නේත්‍ර දිහා බලාගෙන හිටපු ඒ ඇස් දෙකෙන් යාන්තමට වේදනාව ගෑවුනු පටලයක් තියෙනවා දැක්ක ලොකු මැණිකෙ මහ මුදියන්සෙට කතා කරන්න හැදුවෙ නේත්‍රව ඉස්පිරිතාලෙ අරං යන්න කියලා කියන්න හිතාගෙන.

"මැනුවෙල්,ඩ්‍රැයිවර්ට කියපං කාර් එක ගන්න කියලා එලියට.නිර්මලා පොඩි එකාව අරං වරෙං ඉක්කන්ට.මැනුවෙල් උබත් පලයං උන්ගෙ උදව්වට"

ජීවිතේට තමන්ගෙ පවුලෙ උදවිය ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව නග්ගගන්නෙ නැති මහ මුදියන්සෙගෙ මෝටර් රථය අද දෙපාරක් නොහිතා මහ මුදියන්සේ නේත්‍රව එක්කන් යන්න ලබලා දුන්නා.තමන්ගෙන් බැනුම් ඇහුවත් කොයි වෙලෙත් වත්තු වටෙ දුව දුව දගලන ඒ පුංචි එකා මේ විදියට ඉන්නව දකින එක මහ මුදියන්සෙගෙ හිතට උනත් යම් වේදනාවක් අරගෙන එන්න සමත් වුනා.

නිර්මලාගෙ ශක්තිය එන්න එන්න හීන වෙනවා කියලා තේරුම් ගත්තු මහමුදියන්සේ කරපු ඉගිය තේරුම් ගත්තු මැනුවෙල් ලේ වලින් පෙගිච්ච නේත්‍රව තමන්ගෙ අත් දෙකට අරගෙන දුවද්දි නිර්මලා කලේ පිස්සියෙක් වගේ අඩ අඩ ඒ පිටිපස්සෙන් දිව්ව එක.නේත්‍රව අරගෙන යන මෝටර් රථේ වලව්වෙන් පිටවෙනවත් එක්කම සුදුබේබිගෙ ඇගම පණ නැති වෙලා වගේ ලොකු මැණිකෙගෙ ඇගට කඩා වැටුනා.නොනවත්වාම ඉකිගැහුව සුදුබේබි එක පාරටම මහ හයියෙන් කෑගැහුවෙ ලොකු මැණිකෙගෙ ඇස් වලට කදුළු පුරවන ගමන්.

"අනේ මගෙ නේත්‍රට මුකුත් වෙන්න දෙන්න එපා බුදුසාධු!!"

සුදුබේබි කෑගහලා කියද්දි හවස් වරුවෙත් වතුර දාලා සාත්තු කරපු ගැටපිච්ච මල් පදුරෙ තිබ්බ මල් පොහොට්ටු ටික පිපිලා සුවද හමන ගමන් තිබ්බා.

...................................................................................................

ඔන්න ඔයාලගෙ වීරයා ආවා😂❤️

වචන 3000+ හොදත😾❤️

ඉතින් අද මොකෝ හිතුනෙ?😪

අරුන්දතීට මොකක් වෙලාද දන්නෑ අරහෙ🥺💔

තමන්ගෙ ලගම කෙනෙක්ට මොකක් හරි අනතුරක් වෙද්දි ඒක තමන්ට දැනෙනවා කියන එක ඇත්තක්.හැමෝටම ඒම වෙන්නෑ.ඒත් සමහරුන්ට එහෙම වෙනවා.

ඕතරයා ඒක අත් දැකල තියේ.

ගිය බදාදත් ඕතරයට නිකං පොඩි අවුලක් දැනිලා තිබ්බා.ඒක අර වගේ ලොකුවට නෙවේ පොඩියට....ඊට කලින්දා පොඩි අවුලක් උනු නිසා ඒකෙ බලපෑම් කියලා මම හිතාගෙන හිටියට අප්පච්චි කෝල් කරලා කිව්වා අම්මට දවල් උදේ අප්පච්චිව වැඩ කරන තැන බාතෲම් එකේ ලිස්සලා වැටුනා කියලා 🥺💔

මම හිතන්නෙ මම ආදරේ කරන අයට පුංචි කරදරයක් උනත් මට ඒක දැනෙනවා ඇති🥺 ඉතින් අද සුදුබේබිට උනෙත් ඒක🥺❤️

හරි බබාලා ඒවා පැත්තක.........

එන්නකො ඔයාලට බඩ්ඩක් පෙන්නන්න.......

නේට්ට පැටියා🥺❤️

-Honey_Quinn- තැන්කූ සනී අක්කෙ......සනී අක්කා එයාගෙ කතාවට මහන්සියෙන් හදාගත්තු මේ පොටෝ එක මම ඉල්ලුවාම මට දුන්නා🥺❤️ මම ආදරෙයි අක්කා❤️

සුදුබේබි🥺❤️

Jeon_Kim_Navo අනේ මම ආදරෙයි ඔයාට ඒයි🥺❤️ එයා මහන්සි වෙලා මම වෙනුවෙන්ම මේ සුදුබේබිව ලස්සනට හදලා මට එව්වා🥺❤️ මේක මට ලැබුනු හොදම තෑග්ගක් නවෝ🥺❤️ මම ආදරෙයි ඔයාට🥺❤️

මම දැක්කා fb එක ඔස්සේ කතාවට අලුත් බබාලා ටිකක් ජොයින් වෙලා ඉන්නවා....ඉතින් ඔයාලටත් ගොඩක් ස්තූතියි❤️

ඉතින් බබාලා අදත් කියන්නෙ අදහසක් කියාගෙන යන්න🥺❤️

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

ඔයාලා මට ඒ වටිනාකම දෙනවා ඒක මම දන්නවා😭❤️

අනේ මට චැප්ටර්ස් දෙකක කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න තියෙනවා😭❤️ මම අදම ඒ ටිකට රිප්ලයි කරනවා මගෙ බබාලා......පරක්කු උනාට සමාවෙන්න කැමීලියාට හරිත🥺

එහෙනම් බබාලා.......මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter