Back
Chapter 17

16 කොටස🤍✨

නිවාලන්න මා...

"කෝ සුදුපුතා?"

"ඒකනෙ අපේ මහත්තයා!!! මම මේ වතුර වීදුරුවත් ලෑස්ති කරගෙන ඉස්සරහට වෙලා බලන් ඉදලා බැරිම තැන ඇතුලට ආවෙ"

මහ මුදියන්සෙට ලොකු මැණිකෙ කියද්දි ඉහේ අත ගහගත්තු මහ මුදියන්සේ මැනුවෙල්ට අණ කලේ සුදුබේබිව හොයන්න කියලා.හා හා පුරා කියලා අද ඉස්කෝලෙට පලවෙනියටම යන දවස නිසා හොද නැකතකුත් බලවගෙන ආව ලොකු මැණිකෙ නැකැත් වෙලාව කිට්ටු වෙනවත් එක්කම සුදුබේබිට එලියට බහින්න කියලා එලියට ගියේ වතුසුදු මල් දාලා හදාගත්තු වතුර වීදුරුවත් අරගෙන.

එලියට ගිහින් විනාඩි දහයක් විතර ගියත් සුදුබේබි නැති තැන මැණිකෙ වලව්ව ඇතුලට යන ගමන් මහ මුදියන්සෙට ඒ ගැන කියද්දි පුතණ්ඩියගෙ හිතුවක්කාරකම් ගැන දැනගෙන හිටිය මහ මුදියන්සෙ දෙලොව රත් වුණා වගේ සුදුබේබිව ඒ විසාල වලව්ව ඇතුලෙ හොයන්න ගත්තෙ වෙලාවට ඉස්කෝලෙට යාගන්න බැරි වෙයි කියන බයට.

පාසල් ගමන සුභ වෙන්නනම් නැකතට එලියට බහින්න ඕනි කියලා තමන්ගෙ පුංචි අම්මා කිව්ව දේ ඇහුණු සුදුබේබි හැමෝගෙම ඇස් වලට වැලි ගහලා වලව්වත්තෙ පල්ලම බහින්න ගත්තෙ සුදුබේබිගෙ හදවතට දැනෙන සුභ මුහුර්ථය හොයාගෙන.නේත්‍රලගෙ ගෙවල් වලට ලං වෙද්දිම ඇහුණු නිර්මලාගෙ කටහඩ නිසා සුදුබේබි තමන්ගෙ ගමන ඉක්මන් කලා.

"පොඩ්ඩෝ........දැන් එන්න එලියට.නැකත හරි"

"හෝව් හෝව් හෝව්.......මාත් එනෝ"

තමන්ට පිටිපස්සෙන් ඇහුණු කටහඩ නිසා නිර්මලා ගැස්සිලා ගියත් වතුර වීදුරුව නොවැටී අල්ලගන්න මට්ටමට සන්සුන් වෙන්න නිර්මලාට පුළුවන් උනා.මොනා නැතත් ඉරුගල්බණ්ඩාර පරම්පරාවෙ කටවල් නම් සෑහෙන්න සද්දයි!

දොරකඩ නැවතිලා තමන් දිහාවට දුවං එන සුදුබේබි දිහා බලාගෙන උන්නු නේත්‍ර ලගට දුවගෙන ගිය සුදුබේබි නේත්‍රට එහා පැත්තෙන් හිටගත්තා.සුදුබේබි කරන්න යන දේ ගැන කිසිම තේරුමක් නොතිබ්බත් නිර්මලා ඒ ගැන අහන්න නොගියෙ නිකං අහක යන ප්‍රශ්න අහගෙන සුදුබේබිගෙ රැවුම් ගෙරවුම් වලට ලක් වෙන්න තිබ්බ ඕනෑ නැති කමට.නේත්‍ර ලගින් හිටගත්තු සුදුබේබි නේත්‍ර දිහා බැලුවා.

"අපි යං"

නේත්‍රට කිව්ව සුදුබේබි නේත්‍රත් එක්කම දොරකඩින් එලියට බැහැලා එද්දි නිර්මලාගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.සුදුබේබි මේ ඇවිල්ලා තියෙන්නෙ ඉස්කෝලෙ යන සුභ නැකත තමන්ගෙ දරුවා එක්ක ගත කරන්න කියන එක තේරුම් ගන්න නිර්මලාට වැඩි වෙලාවක් ගියේ නැහැ.වැරදිලා හරි වලව්වෙ සේවකයෙක් හරි මේ දේ දැක්කොත් තමන්ට වලව්වෙ මහ මුදියන්සෙගෙනුයි,ලොකු මැණිකෙගෙනුයි විසුමක් වෙන්නෙ නෑ කියලත් නිර්මලා දැනන් හිටියා.

අනෙක් පැත්තෙන් සුදුබේබි පුංචි කාලෙ මෙහෙම තමන්ගෙ පොඩි එකාට හොදටෝම කිට්ටු වෙලා වයසින් මුහුකුරා යද්දි වලව් සිරිතටම හැඩ ගැහුණට පස්සෙ මේ යාලුකම් නතර කරලා දැම්මොත් ඒකෙන් තමන්ගෙ පුංචි එකාට විදවන්න වෙන තරම ගැන හිතලාත් නිර්මලා දුක් වුණා.මොකද නේත්‍රගෙ හදවත අරුන්දතීගෙ හදවතටත් වඩා සියුම් කියන එක නේත්‍රගෙ අම්මා වුනු නිර්මලා දැනගෙන හිටියා.

ඔය හැමදේම මොහොතකට අමතක කරලා දාලා මේ මොහොතෙ ජීවත් වෙන්න හිතුව නිර්මලා මූණට ලස්සන හිනාවක් නගාගෙන වතුසුදු මල් පිරුණු වතුර වීදුරුවත් අරගෙන දරුවො දෙන්නා ඉස්සරහට ගියේ අද දෙන්නගෙම අලුත් ඉස්කෝලෙ ගන ගමන සුභ එකක් කරන්න ඕනි කියලා දැනන් හිටිය නිසා.

"ආ සුදුබේබි බොන්න"

නිර්මලා තමන්ගෙ දරුවටත් කලින් සුදුබේබිට වතුර වීදුරුව දික් කලේ ඒ හිතේ සුදුබේබිලා ගැන තිබ්බ ගරුත්වය නිසා.ඒත් නිර්මලා දිහා බලලා ඔලුව වැනුව සුදුබේබි ඇස් වලින් පෙන්නුවෙ නේත්‍රව.

"නේත්‍රට පොවන්න!"

සුදුබේබිගෙ අවසරෙත් එක්කම නේත්‍ර ලගට පාත් වුණු නිර්මලා නේත්‍රගෙ චූට්ටං කට ලගට වතුර වීදුරුව ලං කරද්දි නිර්මලාගෙ අත් දෙක උඩම තමන්ගෙ පුංචි අත් දෙක තිබ්බ නේත්‍ර ඒ වතුර වීදුරුවෙන් උගුරු දෙක තුනක් බිව්වා.පුරුදු විදියටම ඒ කට කොනින් වැටෙන වතුර බින්දු දෙක තුන නිර්මලාගෙ ඉස්සරහදිම සුදුබේබි තමන්ගෙ මාපටැගිල්ලෙන් පිහිදාද්දි නිර්මලා වීදුරුව හයියෙන් අල්ලගත්තෙ මේ දේවල් නිසා දැනෙන බය හින්දම වීදුරුව වට්ටගන්න ඕනි නැති නිසා.

"බුදු සරණයි මගෙ මැණිකට!!!..........සුදුබේබිත් බොන්න"

"නිර්මලා වීදුරුව නේත්‍රට දෙන්න.මම නේත්‍රගෙන් ඉල්ලගෙන බොන්නම්"

නෑ! නිර්මලාට තව කිසි දෙයක් හිතන්න ඕනි වුනේ නැහැ.මේ බැදිම අනාගතේදි වෙනස් උනත් පුංචි කාලෙ හරි දෙන්නා ඕනි විදියකට ඉදපුදෙන් කියලා හිතුව නිර්මලා නේත්‍රගෙ අතට වතුර වීදුරුව දීලා ගේ ඇතුලට ගියේ තවත් මෙව්වා ගැන හිතුවොත් තමන්ගෙ ඔලුව විකාර වෙනවා කියලා දැනගෙන උන්නු නිසා.නිර්මලා ගිය දිහා බලාගෙන හිටිය සුදුබේබි හෙමින් සැරේ නේත්‍ර දිහාවට හැරුනා.

"පොවන්නෙ නෑ?"

සුදුබේබි නේත්‍රගෙ බෝල ඇස් දෙක දිහා බලාගෙන අහද්දි සුදුබේබි එක්ක හිනා වුනු නේත්‍ර සපත්තුවෙ ඉස්සරහට බර දීලා ඒ තුඩෙන් හිටගෙන සුදුබේබිගෙ කට ලගට වතුර වීදුරුව ලං කරද්දි නේත්‍රගෙ පුංචි අත් දෙක උඩින් ඊට වඩා චුට්ටක් ලොකු තමන්ගෙ අත් දෙක තියාගත්තු සුදුබේබි වතුර වීදුරුවෙන් වතුර උගුරු දෙක තුනක් බිව්වා.

"බුදු සරණයි මගෙ සුදුබේබිට"

නේත්‍ර පණ්ඩිතයෙක් වගේ සුදුබේබිට ආශිර්වාද කරද්දි නේත්‍ර දිහාවට නැවුනු සුදුබේබි නේත්‍රගෙ කම්මුලකින් සියුම් හාදුවක් තැවරුවා.ඒ හාද්ද නිසා සතුටු හිතුනු නේත්‍ර සුදුබේබි දිහා බලලා හිනා වෙද්දි නේත්‍රගෙ චුට්ටං තොල් දෙක ගාවට තමන්ගෙ කම්මුල පාත් කරපු සුදුබේබි නේත්‍ර දිහා බලලා හිනා වුණා.

වටපිට බලලා තමන්ගෙ අම්මා ලගක නෑ කියලා සැකහැරලා දැනගත්තු නේත්‍ර තමන්ගෙ චුට්ටං තොල් උල් කරලා සුදුබේබිගෙ කම්මුලකට හාදුවක් දෙද්දි සුදුබේබිගෙ මූණෙ ඇදුනෙනම් අමුතු හිනාවක්.නේත්‍රටම උරුම නේත්‍ර ලගින් එන ගැටපිච්ච මල් සුවද හෙමින් සැරේ විදගන්න ගමන්ම සුදුබේබි හරි ලස්සන අමුතු හිනාවකින් හිනා වුනා.

නිර්මලා ලග පාතක හිටියනම් වලව්වෙ ඇත්තො එක්ක එකට පෑහෙන්න යනවා කියලා තමන්ට ගුටි කන්න වෙනවා කියලා දැනන් හිටිය නේත්‍ර තමන්ගෙ හාදුව නිර්මලාට නොපෙන්වා ඉන්න තරම් සූක්ෂම උනා.නේත්‍ර දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය සුදුබේබි කොණ්ඩෙ කපලා නිසා වෙනදා වගේ කෙස් කැරළි වැටිලා තිබුනෙ නැති නේත්‍රගෙ නලල් තලයට තමන්ගෙ තොල් දෙක තියලා තදකරලා වලව්ව පැත්තට දුවන්න ගත්තෙ නේත්‍රට තමන්ගෙ ආශිර්වාදෙත් දෙන්න අමතක නොකරමයි.

"බුදු සරණයි මගෙ නේත්‍රටත්!!!"

...................................................................................................

"අනේ මංදා නෝනා මහත්තයලට කරදර කරනවද මංදා අපි"

"අනේ මොන කරදරයක්ද අක්කෙ? අනිත් එක....අක්කා අමාරුවෙන් හරි කමක් නෑ මට නම කියලා හරි,නංගි කියලා හරි කතා කරන්න අක්කෙ මෙතනින් එහාට.මොකද අක්කා ඔහොම නම්බු නාම දීලා මට කතා කරන්න ගියොත් ඔය පොඩි එකාගෙ නම්බුවට මොකද වෙන්නෙ?"

"ඒත් නෝනා මම........"

"ඒත් මේත් එපා අක්කෙ.අක්කා නේත්‍ර පුතා ගැන හිතන්නකො.ගම වගේ නෙවෙයිනෙ ඉස්කෝලෙ.ඉස්කෝලෙ මොකක් හරි රැස්වීමකට ගිය වෙලාවක අක්කා නේත්‍රගෙ හොදම යාලුවාගෙ අම්මට නෝනා කියලා කිව්වොත්? නේත්‍ර පුතාටමනෙ හොද නැත්තෙ අක්කෙ.....අනික මට අක්කා එහෙම නංගි කියලා කතා කරන එකට අකමැත්තක් නැති නිසානෙ මම මෙච්චර කියන්නෙ........"

"මට තේරෙනවා නෝ.......නංගියෙ"

"ආ ඔන්න ඔහොම කතා කරන්න අක්කෙ.දැන් යමු.......අර දෙන්නා දැන්මම නැගලා වාහනේට.අක්කා එන්න.ඉස්සරහින් නගින්න"

ආරියසිංහ නෝනා,එහෙමත් නැත්තම් ජානකී ආරියසිංහ නිර්මලාට පුංචි තරවටුවක් එක්කලා නීති රීති කිහිපයක් දැම්මා.නිර්මලා ගමේදි කතා කරන විදියටම ඉස්කෝලෙදි,නේත්‍රගෙ ගුරුවරු ඉස්සරහ,පන්තියෙ ලමයි ඉස්සරහර,දෙමාපියො ඉස්සරහ කතා කරන්න ගත්තොත් ඒකෙන් අවනම්බුවක් වෙන්නෙ නේත්‍රටමයි කියලා ජානකී දැනගෙන හිටියා.

ගමේ මායිමෙන් එහාට නොගිය ළිංමැඩියෙක් වගේ උන්නු නිර්මලාට අනික් මිනිස්සුන්ට හැමවෙලේම ගරු නම්බු දීලා කතා කල එකේ වරදක් නොපෙනුනත් සමාජෙ ගැන සෑහෙන්න දැනගෙන හිටිය ජානකීටනම් ඒ දෙයින් වෙන හානිය ගැන හොද දැනුමක් තිබ්බා.නිර්මලාගෙ ඒ බයාදු කතා විලාසෙ,හැසිරීම නේත්‍රගෙ පාසලේදිත් ඒ වගේම සිද්ධ කලොත් නේත්‍රට අනික් ලමයින්ගෙ කෙනෙහෙලිකම් වලට පවා මූණ පාන්න වෙනවා කියන එක ජානකීට තේරුනා.

දරුවො නරක නැති වුනත්,දරුවන්ගෙ ඔලු ඇතුලෙ විස නැති වුනත් ඒ ඔලු ඇතුලට විස පුරවන්න වැඩිහිටියන්ට යන්නෙ තත්පර ගාණයි කියලා ජානකී දැනන් හිටියා.නිර්මලාගෙ හැසිරීම වෙනස් කිරීම පටන් ගන්න ඕනි තමන්ගෙන්මයි කියලා හිතුව ජානකී අද නිර්මලාට පෙර කියපු අවවාද දීලා ඉවර වෙලා කාර් එකේ ඉස්සරහට නගින්න කියලත් කිව්වෙ ඒකයි.ඉතින් ජානකී වැරදිද?

නුවර තියෙන ප්‍රසිද්ධම වගේම ඉහලම ප්‍රමුඛම පෙළේ පාසලක් වුනු නේත්‍රලා යන ඉස්කෝලෙට එන හැම ලමයම වගේ සල්ලිකාරයො කියන එක නොරහසක්.ශිෂ්‍යත්වෙන් සමත් වෙලා එන නේත්‍ර වගේ ලමයි අතරින් පතර හිටියත් ඉස්කෝලෙ වැඩි හරියක් ඉන්නෙ මධ්‍යම පාන්තික පවුල් වල ලමයි හා ධනකුවේරයො කියන එක නුවරම පැතිරිලා තිබ්බ ප්‍රසිද්ධ කාරණාවක්.

ඉතින් පාසලේ අලුත් ශ්‍රේණියට දරුවො භාර දෙන අද වගේ දවසක ඔය හැම අම්මා තාත්තම එන්නෙ තම තමන්ගෙ වාහන වලින් කියලා දැනන් හිටිය ජානකී කලින් දා ඉදලම නිර්මලාලව ලෑස්ති කරවගත්තෙ තමන්ගෙ වාහනේ අරගෙන යන්න.මොකද "හොද,කරුණාවන්ත,උගත්" ගැහැණියෙක් වුනු ජානකීට නේත්‍ර හා නිර්මලා දෙන්නා අපහසුවට පත් වෙනවා බලාගෙන ඉන්න ඕනි වුනේ නැහැ.

අද වගේ දවසකත් දාඩිය පෙරාගෙන බස් එකෙන් බහින අම්මෙකුයි පුතෙකුයි දිහා ඔතන ඉන්න දෙමව්පියන්ගෙන් සීයට අනූවක්ම බලන්නෙ වපර ඇහෙන් කියන එක ජානකීට අමුතුවෙන් හිතන්න ඕනි වුනේ නැහැ.ඒ වගේම ඒ දෙමව්පියන්ගෙ කතා බහ ඇහුවට පස්සෙ නේත්‍රට වෙන අකටයුතුකම් වලට ඉඩ දෙන්නත් ජානකීට උවමනාවක් තිබුනෙ නෑ.

ඉතින් ඕකයි සමාජෙ හැටි.සමාජෙ ඉන්න මිනිස්සුන්ගෙන් සීයට හැත්තෑපහකට වැඩියෙම ඉන්නෙ තමන්ට වඩා අඩියක් හරි පහල ඉන්න එකාව පාගලා දාන්න මාන බලන මිනිස්සු.ඒ ඇරුනාම අර ඉතිරි සීයට විසිපහ ඇතුලෙ හිටියෙ ජානකී ආරියසිංහ වගේ මිනිස්සු.තමන්ට තියෙන දේ නැති එකා එක්ක බෙදාහදා ගන්න ලෝභ නැති මිනිස්සු.පහල පඩියෙ ඉන්න එකාව තමන්ගෙ පඩියට ගන්න වෙර දරන මිනිස්සු.

වාහනේ ඉස්සරහට නගින්න අදිමදි කෙරුව නිර්මලාව අමාරුවෙන් වාහනේට නග්ගගත්තු ජානකී තමන්ට දෙන අවවාද අනුශාසනා ඔක්කොම හරි උවමනාවෙන් අහගෙන හිටිය නිර්මලාට තමන් තමන්ගෙ දරුවා වෙනුවෙන් හරි ඒ විදියට හැඩගැහෙන්න ඕනි කියලා දැනිලා තිබුනා.නිර්මලා ජානකී දෙන්නා ඒ විදියට ගමන යද්දි කාර් එකේ පිටිපස්සෙ ඉදගෙන උන්නු නේත්‍ර නම් හිටියෙ කාර් එකේ එලියෙන් පේන දර්ශනේ දිහා බලාගෙන.

අම්මා එක්ක බස් එකේ කීප වතාවක්ම ගමන් බිමන් ගිහින් තිබ්බට කාර් එකේ යද්දි දැනෙන සනීප ගතිය එක්ක මැවෙන අවට වටපිටාවෙ අමුතු ලස්සන නේත්‍ර මීට කලින් විදලා තිබුනෙ නැහැ.ඉතින් ජනේලෙට තමන්ගෙ නාහෙත් තද කරගෙන වටපිට දිහා ආසාවෙන් බලාගෙන යන නේත්‍ර දිහා දිවාෂ බලාගෙන හිටියෙත් හරි සන්තෝසෙන්.තමන්ට වඩා හුගාක් අහිංසක මේ යාලුවට කරදරයක් වෙන්න නොදී බලාගන්නවා කියලා දිවාෂ හිතටම අරගෙන හිටියා.නේත්‍රත් තමන්ගෙම පන්තියට වැටිලා තිබුනු නිසා තමන්ගෙ අම්මත් කිව්ව විදියට ඉස්කෝලෙ ගමන අවසන් වෙනකංම නේත්‍ර එක්ක එකටම ඉන්න දිවාෂ ආසාවෙන් හිටියා.

"අක්කෙ පොඩි දෙන්නත් එක්ක මෙතනින් බහින්න.මම කා එක පාක් කරලා එන්නම්"

"හොදයි නංගි"

ජානකීගෙන් සමුගත්තු නිර්මලා හරි හෙමිහිට කාර් එකෙන් බැහැලා නේත්‍රවයි දිවාෂවයි අල්ලගෙන ඉස්කෝලෙ ප්‍රධාන ගේට්ටුවට ටිකක් මෙහාට වෙන්න හිටියෙ ජානකී එනකං.නිර්මලාගෙ අත් දෙකේ එල්ලිලා හිටිය නේත්‍රයි දිවාෂයි දෙන්නා තමන්ගෙ ඉස්සරහින් ඉස්කෝලෙ ඇතුලට යන තද නිල් කොට කලිසමයි,සුදු කමිසෙයි ඇදන් උන්නු පිරිමි ලමයි දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා.වෛවාරණ වාහන වලින් ඇවිත් බහින හරි ප්‍රතාපවත් ගෑනු මිනිස්සු දැක්ක නිර්මලාගෙ හිත ඒ මිනිස්සු එක්ක තමන් වගේ අය කොහොම පෑහෙන්නද කියලා බයෙන් ගැහෙන්න ගත්තත් ජානකීගෙ වචන මතක් කරගෙන සන්සුන් වෙන්න ගත්තා.

"අපිට නොලැබුණු තැන අපි අපේ දරුවන්ට අරං දෙන්න ඕනි අක්කෙ.අපිට යන්න බැරි වුනු තැනට අපි කොහොම හරි අපේ දරුවන්ව අරන් යන්න ඕනෙ"

ජානකී මීට මොහොතකට කලින් තමන්ට කිව්ව වචන ටික හිතට නගාගත්තු නිර්මලා තමන්ගෙ හිත දැඩි කරගත්තා.පරම්පරා ගාණක් තිස්සෙ ඉරුගල්බණ්ඩාර වලව්වෙ දාසයො උනු තමන්ගෙ පරම්පරාවෙ ඒ ගමන තමන්ගෙන් නවත්තන්න ඕනි කියන එක නිර්මලා තදේටම හිතට ගත්තා.තමන්ගෙ දරුවො දෙන්නා දවසක හොද තැනකට යයි.දාසයො නොවෙයි.නිර්මලා මොන දුකක් විදලා හරි ඒ දේ කරනවා කියලා තමන්ටම පොරොන්දු වුනා.

"අක්කෙ යමු"

නිර්මලා ලගට ආව ජානකී කියද්දි ඔලුව වනපු නිර්මලා තමන් ඇදන් හිටිය ඔසරිය ටිකක් හදාගෙන නේත්‍රගෙ අතිනුත් අල්ලගෙන පාසලේ විශාල ගේට්ටුව ඉස්සරහට ඇවිදන් ගියා.අනික් දෙමව්පියො දිහා බලද්දි තමන් ආව හැටි හොද මදිද කියලාත් නිර්මලාට හිතුනත් නිර්මලා ඒ ගැන අමතක කරන්න හැදුවා.ඒත් නිර්මලා නොදැන උන්නු දෙයක් තිබ්බා.ගම්මානෙ මිනිහෙක් "අරකි වලව්වෙ වැඩකාරියෙක්" කියලා නොකිව්වොත් ඇරෙන්න අද ඔසරියකින් හැඩ වෙලා හිටිය නිර්මලාගෙන් කුල හීන,දුප්පත් පෙනුමක් එලියට විහිදුනේ නැහැ.

ජානකී නිර්මලාගෙ හැසිරීම විතරක් හදාගන්න උපදෙස් දෙන්න හේතුව උනෙත් ඒක කියලා තේරුම් ගන්න තරම් මනසක් නිර්මලාට තිබුනෙ නැහැ.ඇත්තටම නිර්මලාගෙ බයාදු හැසිරීම හරියට හදාගත්තනම් නිර්මලාවත් තමන් වගේම මට්ටමට ගේන්න පුළුවන් කියන එක ජානකී දැනගෙන හිටියා.නිර්මලා කියන්නෙ ඇත්තටම හරි හැඩ ගැහැනියෙක්.අරුන්දතී වගේම නේත්‍රත් ඔච්චර ලස්සන වෙන්න හේතු උනේ ඒක වෙන්න පුළුවන්.

"මයෙ අම්මා.දකුණු කකුල ඉස්සරහට තියලා යමු පුතේ"

පාසලේ විශාල ගේට්ටුව ඉස්සරහට වෙලා හිටගත්තු නිර්මලා හෙමින් සැරේ නේත්‍රගෙ කණට කිට්ටු කරලා කියද්දි නිර්මලා දිහා බලලා සතුටින් හිනා වුනු නේත්‍ර නිර්මලා එක්කම ඒ පොලවට පය ගැහුවා.දුප්පත්,සමාජෙ ගොඩ දෙනෙක් තලලා පෙලලා පාගන්න හදන එක අම්මෙකුයි පුතෙකුයි තමන්ගෙ දෛවයන් වෙනස් කරගන්න ගමන ඒ විදියට තමන්ගෙ දකුණු කකුල් ඉදිරියට තියලා හා හා පුරා කියලා ආරම්භ කලා.

"අම්මෝ මේකෙ ලොකු"

නේත්‍රට තමන්ගෙ ඉස්සරහින් ගිය දිවාෂගෙ සද්දෙ ඇහෙද්දි නේත්‍රත් ඔලුව උස්සලා බැලුවෙ තමන්ගෙ ඉස්සරහ තිබුනු ගොඩනැගිල්ල දිහා. දුඹුරු සුදු මිශ්‍රිත විදියට වර්ණ ගන්වලා තිබුනු ඒ ගොඩනැගිල්ල දිහා නේත්‍රයි දිවාෂයි දෙන්නම බලාගෙන හිටියෙ කටවල් ඇරගෙන.මුළු පාසලේම සිසුන් ඇවිදින මාර්ගය කාපට් කරලා පිලිවෙලකට තිබුනා වගේම පාසලේ තිබුනු ගොඩනැගිලි,පාසලේ ගුරුවරුන්,සිසුන් මේ හැමදේකින්ම පාසලේ අභිමානය,ප්‍රතාපවත් භාවය මොනවට පෙන්නුම් කරලා තිබුණා.

මෙච්චර වෙලා පාසලේ "ප්‍රධාන ශාලාව" ඉදිරියෙ හිටගෙන හිටපු දිවාෂ නේත්‍ර දෙන්නත් තමන්ගෙ අම්මලා එක්කම ඇතුලට ගියේ පාසලට ඇතුල් කරගන්න ලමයින්ව පිලිගැනීමේ රැස්වීම තියෙන්නෙ ඒකෙ කියලා දැනුවත් කරලා තිබුනු නිසා.හිස් වෙලා තිබුනු මැද පෙල අසුන් වල ඉදගත්තු හතර දෙනා බලාගෙන හිටියෙ රැස්වීම ආරම්භ කරනකං.

...................................................................................................

"අපි දැන් යන්න ඕනිනෙ පුතේ,ඔයාලා එහෙනම් අර අයියලා එක්ක පන්ති වලට යන්න"

"අයියලා ඕනිත් නෑ.අපිට හොයාගෙන උනත් යන්න පුළුවන්"

"අනේ අම්මෙ යනවද?"

නිර්මලා කිව්ව දේට දිවාෂ පණ්ඩිත උත්තරයක් දෙද්දි මේ වගේ ලොකු තැන් වල තනි වෙලා නැති නේත්‍ර නම් අම්මගෙ ඔසරි පොටේ එල්ලුනා.ගමේ ඉස්කෝලෙට ගිහින් තිබ්බ,ජීවිතේට ලොකු තැන් වලට ගිහින් නොතිබ්බ නේත්‍රට ඉස්කෝලෙ දිහා බලද්දි ඔලුව කැරකෙනවා වගේ ගතියක් ඇවිත් තිබුණා.ඒත් මෙලෝ මගුලකට බය නැති චණ්ඩි දිවාෂනම් මේ වෙද්දිනුත් තමන් දිහා "අප්පෝ පොඩි උන්" කියලා හිනාවෙවී බල බල ගිය අයියල දෙන්නෙක්ට රවලත් තිබුනා!!! දිවාෂ එක්කනම් කාට උනත් ලේසි වෙන එකක් නැහැ.

"බය වෙන්න එපා මැණිකෙ.දිවාෂ පුතාත් ඉන්නවනෙ"

නිර්මලා ජීවිතේ පලවෙනි වතාවට තමන්ට පුතා කියලා කතා කල එකේ සතුටට දිවාෂ පැනලා නිර්මලාව බදාගත්තා.

"මම බලාගන්නම් නැන්දෙ නේත්‍රව......නේත්‍ර බය වෙන්න එපා.අනික සුදුබේබිත් ඉන්නවනෙ"

හරි! නේත්‍රගෙ බය නැත්තටම නැති කරලා දාන්න ඒ වචන ටිකට පුළුවන් වුනා.තමන්ට කවුරුහරි ගැහුවොත්,බැන්නොත් දුවලා ගිහින් හැංගෙන්න පුළුවන් ඒ තුරුල තමන්ගෙ අවටම තියෙනවා කියන එක නේත්‍රට මතක් වුණා.සුදුබේබි ඉන්න තැන තමන්ට බයක් වෙන්න ඕනි නෑ කියලා දැනගෙන හිටපු නේත්‍රත් හිනා වෙලා තමන්ගෙ අම්මටයි ජානකීටයි සමුදුන්නෙ දණ ගහලා වැදලා.

"පෝලිමක් ගැහෙන්න ලමයි ! සෙත්,ගවිෂ්,රන්දිල් ඔය තුන්දෙනා නම් ටික මාක් කරලා ක්ලාසස් වල ඉන්න පිලිවෙලට බෙදාගන්න කට්ටියව.පොඩි අයනෙ......වැඩිපුර සැරවැර කරන්න එපා"

සුදු දිග කලිසමට සුදු කමිසය ඇදලා ඉස්කෝලෙ ටයි එකට පින් එකකුයි,පුංචි දම්වැල් පහක් එල්ලලා තියෙන පාසලේ සලකුණ තියෙන බැජ් එකකුයි ගහගෙන හිටපු හරි වැදගත්,ප්‍රතාපවත් පෙනුමක් තිබුනු අයියා කෙනෙක් එතන හිටිය අනික් අයියලාට කියලා ගිය හැටි බලාගෙන හිටිය නේත්‍රගෙයි දිවාෂගෙයි ඇස් දෙක ලොකු වෙලා තිබ්බා වගේම,ඒ බැජ් එක දිහා බලාගෙන හිටිය දිවාෂගෙ ඇස් දෙක දිලිසෙන ගමන් තිබුනා.

...................................................................................................

"කොළබ ඉස්කෝලෙටත් වඩා හපන් නේ ආශව මේකෙ ඇවිදින්න ගියාම"

"ඔව් දෙවින්.....අර අයියා නැත්තං අපි දෙන්නා අතරමං වෙනවා"

සුදුබේබි කිව්වෙ තමන් දෙන්නට ඉස්සරහින් ඇවිදගෙන යන පිරිමි ලමයෙක්ව පෙන්නලා.

* * * * *

උදේම නේත්‍රගෙන් හාද්දකුත් අරගෙන උඩ පැන පැන වලව්වට ආව සුදුබේබි ලොකු මැණිකෙටයි,මහමුදියන්සේටයි තමන් නස් නාරමක් කඩාගන්න් පහලට ගියා කියලා තඩි පචයක් කෙලියෙ ඇත්ත කියන්න බැරි නිසා.මහ මුදියන්සෙ අලුතෙන්ම වලව්වට ගෙනාව සුදුපාට බෙන්ස් රථයේ නැගුණු සුදුබේබි, මහමුදියන්සෙයි ලොකු මැණිකෙයි එක්කම ගෙදරින් පිට වුනේ හරි සතුටින්.අද ඉදන් එයයි නේත්‍රයි දෙන්නා එකම ඉස්කෝලෙට යනවා!

සුදුබේබිගෙ ඒ සතුට දෙපිටින් ගියේ දිවාෂලාගෙ ගේ ඉස්සරහ නවත්තලා තිබ්බ වාහනේ ලගට වෙලා ජානකි එක්ක කතා කර කර හිටිය නිර්මලාව දැක්කම.ඔසරියකුත් ඇදගෙන ජානකීගෙ වාහනේට නගින නිර්මලාව දැක්කම ඔය කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ දිවාෂ එක්ක අනිවාර්‍යෙන්ම නේත්‍ර ඇති කියලා අනුමාන කරපු සුදුබේබිගෙ මූණ කලු වෙලා ගියා.

"පෙනේද මැණිකෙ? නිර්මලා කාර් වල ගමන දැන්.ඔය ආරියසිංහලා වගේ උන් නිසා තමා අඩු කුලේ හැතිකරේ උඩ යන්නෙ"

"අපිට මොකටද අපේ මහත්තයා ඕවා.අපේ වාහන වල එක්කන් යන්නෙ නැහැනෙ"

මහ මුදියන්සෙගෙ සමච්චල් සහගත කතාවට හෙමින් සැරේ උත්තර දීපු ලොකු මැණිකෙ ඒ කතාව එතනින්ම නතර කරලා දාන්න හැදුවෙ නිකං තමන්ගෙ සුදුපුතාගෙ ඉස්කෝලෙ යන පලවෙනි දවස නරක් කරන්න ඕනි නැති නිසා.

නේත්‍රට තමන්ගෙ සුදුපුතා තියෙන ඇගෑලුම්කම ගැන හොදට දැනගෙන උන්නු ලොකු මැණිකෙ නේත්‍රට බනින්නෙ මහ මුදියන්සේ උනත් ඊට විරුද්ධව කතා කරන්න තරම් ශක්තියක් සුදුපුතාට තියෙනව කියලා දැනගෙන හිටියා.ඒ නිසාම කාගෙවත් හිත් නොරිදෙන විදියට කතාව වෙනස් කෙරුව ලොකු මැණිකෙ ඉස්කෝලෙ ගැන මහ මුදියන්සෙත් එක්ක කතාව පටන් ගද්දි පිටිපස්සෙ ආසනේට වෙලා අත් දෙක මිට මොලවගෙන හිටිය සුදුබේබි හිටියෙ බර කල්පනාවක.

"ඒත් නේත්‍ර මට හාදු දුන්නට දිවාෂට දෙන්නෙ නෑනෙ.ඒ නිසා කමක් නෑ"

"හෙට ඉදන් අපි කට්ටියම යන්නෙ බස් එකේනෙ.එතකොට බලාගමුකො ඔය කොටා මගෙ නේත්‍ර ලගින් යන හැටි.හුහ්...ඒවා කොහෙද මාත්තෙක්ක"

* * * * *

"කොයි බිල්ඩින් එකද අයියෙ?"

"අර ඉස්සර තියෙන තට්ටු දෙකේ එක මල්ලි"

සුදුබේබියි දෙවිනුයි දෙන්නා හත වසරෙදි ඉස්කෝලෙට ඇතුලත් වෙන නිසා ඒ දෙන්නට පිලිගැනීමේ උත්සව වලට සහභාගී වීම අනවශ්‍ය වුණා.විදුහල්පතිතුමා එක්ක කරපු කෙටි පිලිසදරකට පස්සෙ කාර්යාල කාමරෙන් එලියට ආව මහ මුදියන්සෙ,ලොකු මැණිකෙ,සිංහවංශ මහත්තයා තුන්දෙනාම සුදුබේබිටයි දෙවින්ටයි ආශිර්වාද කරලා සමුදුන්නා.පොඩ්ඩො දෙන්නට පන්ති කාමරය තියෙන තැන පෙන්නන්න කාර්යාලයේ හිටි ගුරුවරයෙක් හොයලා දුන්නු අයියගෙ පස්සෙන් දෙවිනුයි සුදුබේබියි දෙන්නා වැටිලා හිටියා.

වටපිට බල බල ගිය සුදුබේබිගෙ ඇස් හතරවටේ කැරකුනේ නේත්‍රගෙ ඡායාවක් හරි පේනවද කියලා හොයාගන්න.නේත්‍රගෙ ඡායාවක්වත් නැති තැන දුක හිතුනත් සුදුබේබි හිතාගත්තෙ විවේක කාලෙ වෙලාවෙදි හරි ඒ පන්තිය හොයාගන්නවා කියලා.ඒත් නේත්‍ර ගැන එක දිගට හිතට එන එක දරාගන්න බැරි උනු තැන ඉස්සරහ යන අයියට නෑහෙන්න සුදුබේබි දෙවින්ට රහසින් කතා කරද්දි දෙවිනුත් රහසින්ම උත්තර දුන්නා.

"මේහ්හ්....නේත්‍රලා ආවද දන්නෑ ඉස්කෝලෙට?"

"එන්න ඇති එන්න ඇති"

"පංතියට ගියාද දන්නෑ?"

"දන්නෑ දන්නෑ"

"නේත්‍රයි දිවාෂ කොටයි එකම පන්තියෙ කිව්වා නේද?"

"ඔව් ඔව්"

"ඒ පන්තිය තියෙන්නෙ කොහෙද දන්නෑ"

"දන්නෑ දන්නෑ"

"නේත්‍රට ප්‍රශ්නයක් නැතුව ඇති නේද?"

"දන්නෑ දන්නෑ"

"අපේ පන්තිය නේත්‍රගෙ පන්තිය ලගද දන්නෑ තියෙන්නෙ?"

"දන්නෑ දන්නෑ"

"දන්නෑ ගාන්නෙ ඇයි අනේ හැම එකටම?"

"ඔය ඔක්කොටම උත්තර මම දැනගන්න ආශව හිතුවද මම අර ෆිල්ම් වල පෙන්නන ඇට මාලයක් අතේ දාගත්තු සෘෂිවරයෙක් කියලා"

"හැව් හැව් මෝඩයා"

දෙන්නා එක්ක රණ්ඩු කර කර හිටපු එක නැවතුනේ තමන්ගෙ ඉස්සරහා හිටි අයියා එකපාරටම නතර වුණා කියලා දැනුනු නිසා.

"මල්ලි මේක තමයි Class එක ඔය දෙන්නගෙ.ඔහොම ඉන්න මම මිස්ට කියලා එන්නම්"

සුදුබේබිටයි දෙවින්ටයි කියලා පන්තිය ඇතුලට අවසර අරගෙන ගිය අයියා පන්තිය ඇතුලෙ හිටිය ගුරුතුමියට මොකක් හරි කියන හැටිත් ඊටපස්සෙ හිනාවෙලා සමු අරගෙන තමන් ලගට එන හැටිත් පන්තියෙ දොරකඩ හිටිය පොඩ්ඩො දෙන්නා බලාගෙන හිටියා.

"යන්න මල්ලි.හොදට ඉගෙන ගන්න.Gook Luck!!!"

දෙවින්ගෙයි සුදුබේබිගෙයි පිටට තට්ටු කරපු අයියා පිට වෙලා යනවත් එක්කම පන්තිය ඇතුලෙ හිටිය ගුරුතුමී දෙන්නටම පන්තිය ඇතුලට එන්න ආරාධනා කලා.

"ලමයි මේ ඉන්නෙ ඔයාලට අද අලුතින් එකතු වෙන යාලුවො දෙන්නා.ඒ දෙන්නා එක්ක ඔයාලා හොදට ඉන්න ඕනි තේරුනාද?"

"ඔව් මැඩම්"

පන්තියෙ එක ලමයෙක් ඇරෙන්න අනික් ඔක්කොමල්ලා සුදුබේබිටයි දෙවින්ටයි අවධානෙ දීලා ඔව් කියද්දි ඊයෙ දුන්නු ගෙදර වැඩේ කරගෙන එන්නෙ නැතුව ලග උන්නු ලමයෙක්ගෙ පොතකින් කොපියක් ගගහා හිටිය එක ලමයෙක් මෙයාලට අවධානෙ නොදී තමන්ගෙ වැඩේ කර කරම "ඔව්ව්ව්ව්ව්" ගෑවා.

"ඔය දෙන්නා හදුන්වලා දෙන්නකො ඔයාලා දෙන්නව මේ යාලුවන්ට"

ගුරුතුමියගෙ ආරාධනාව එක්කම සුදුබේබිගෙ තමන්ගෙ හඩ අවධි කලා.

"මගෙ නම ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාර.ඔයාලව හමු වීම සතුටක්"

"ඕහ්හ්හ්හ්"

"හොදයි....අනික් පුතා?"

පුංචි වයසක හිටියා උනත් සුදුබේබිගෙ හඩේ තිබ්බ ඒ අමුතු දැඩි ගතිය නිසා පන්තියෙ හැම ලමයෙක්ටම සුදුබේබි ගැන හරි අපූරු ආකර්ශනයක් ඇති වෙද්දි අවුරුදු ගාණක් තිස්සෙ ලමයි එක්ක වැඩ කරලා පල පුරුද්දක් තිබූ ගුරුතුමියට උනත් සුදුබේබිගෙන් හරි දීප්තිමත් අනාගතයක් පෙනුනා.හැමෝම සුදුබේබිට ආකර්ශනේ උනත් තාම ඔලුව උස්සලා නොබැලුව එකම එකා පාඩුවෙ ගෙදර වැඩ ටික කොපි කර කර හිටියා.

"මගෙ නම දෙවින් දිහන්ස සිංහවංශ.ඔයාලව හමුවීම සතුටක්"

දෙවින්ගෙ හදුන්වාදීමත් එක්කම අර කොපි ගගහා හිටිය එක්කෙනාගෙ අතේ තිබ්බ පෑන අතෑරුනා.කට ඇරුනා.ඇස් දෙක ලොකුවුනා.

"මගෙ මනමාලයා!!!!"

"දෙවියනේ මෙයා ඉන්නෙත් මේකෙද?"

පන්තිය දෙදරන්න ඇහුනු සද්දෙත් එක්ක ඔලුව උස්සලා බැලුව දෙවින්ගෙ කටින් අසරණ විදියට වචන ටිකක් පිට වුණා.

...................................................................................................

වචන 2700+ 🙈❤️

අන්තිම හරියෙදි සකබුම් උනා නේත😂❤️

මම ඒ සකබුම් වීම බලාපොරොත්තුවෙන් උන්නෙ😌❤️

එකම එක දෙයක් කියන්න තියේ මට....

"දිවාෂ කියන්නෙ මේ කතාව ඇතුලෙ ඉන්න ලොකුම ලොකු චරිතයක්.එයාට මේ කතාව ඇතුලෙ හුගක් දේවල් කරන්න තියෙනවා"

එච්චරයි🙈❤️

ඉතින් බබාලා මේ යන්නෙ මෙයාලගෙ පුංචි කාලෙ අන්තිම කොටස දෙක🥺❤️

සුදුබේබි නේට්ටට කොණ්ඩෙ කපන්න දෙන්නෙ නැතුව නාහෙන් ඇඩුව හේතුව🥺❤

Jeon_Kim_Navo තැන්කූ මගෙ මැණිකෙ මේකට🥺❤️

අලුත් කවර් එක

_Vntekoo_ නංගි බබා🥺❤️ තැන්කූ මගෙ පැටියො මේකට🥺❤️

-Honey_Quinn- අක්කි තැන්කූ මේකට ලස්සන වදනක් හදලා දුන්නට🥺❤️

ඉතින් බබාලා.........

ඔයාලා ගිය පාර කමෙන්ට්ස් දාලාතිබ්බා ගොඩාරියක් 🥺❤️

අනේ මට එතකොට හරි සතුටුයි🥺❤️

ඔයාලට ගොඩාක් ස්තූතියි🥺❤️

මාත් එක්ක දිගටම ඉන්න🥺❤️

ඉතින් බබාලා අදත් කියන්න තියෙන්නෙ,

අදහසක් කියාගෙන යන්න❤️

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter