Back
Chapter 19

18 කොටස🤍✨

නිවාලන්න මා...

"තාලෙ අල්ලපං හරිදුවා"

"කවකටු පෙට්ටිය මෙතෙන්ට විසික් කරපංකො භල්ලො"

"අඩෝ! හිච්චි ජෝතිපාල!! පටන් ගනින්කො සිංදුවක්"

"රත්තරං පෙම් පුරාණේ.......සිතුවම් මකා.......

යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ලදේ......

මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්නනම්.......

දිලිදු මේ අන්ධ නෙත් වාසනාවන් ලදේ......"

"අඩෝ සසිදුවා! අඩන්න එපා බං.ඇඩුවා කියලා සදලි ආයෙ එන්නෙ නෑනෙ බං"

"මගෙ ඇස් දෙක අන්ධ වුණානම් හරි දෙවිනා....සදලිගෙ කුරිරු පිටුපෑම මට පේන්නෙ නෑනෙ එහෙනම්"

"ලොවක හිරු එලිය සද පහන දැකගන්න හෝ......

උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ......

කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ......

ඔබ නොවේ ළදුනි මා අතින් වරදක් වුනේ........"

"අනේ දෙවිනා පිලිගනින් බං.මූ මේ කියනව වගේ මම ඒකිට වරදක් කලේ බෑ බං.ඒකි තමා වටේ ගියේ"

"හරි හරි බං.අපි දන්නවා ඒක.උබ නාඩා ඉදපංකො.යකෝ වෙන උන් බිව්වමනෙ අඩන්නෙ.මූ නොබීම අඩනවනෙ"

"ලොව පෙනී............"

"අඩෝ අඩෝ....එයා එනවා! මන්දාරම් කතාවේ"

"හා හා හිච්චි ජෝතිපාල සිංදු කියද්දි සදුන් පෙරේරා වගේ එකෙක් මැද්දෙන් පැනලැ කෑගහන්නෙ ඇයි?"

11 වසර S2 පන්තියේ ඇතුලෙ දාගෙන හිටිය බජව්වට උදැල්ලක් දාන්න කිසිම ගුරුවරයෙක් නොහිටියේ අද දවල් 12 ඉඳලා ගුරු රැස්වීමක් පැවැත්වුණු නිසා.ඒ අතරෙම පාසලේ ශිෂ්‍ය නායකයන්ටත් රැස්වීමක් අරගෙන තිබ්බ නිසා මුලු ඉස්කෝලෙම හොඳ ඝෝෂාවක ගිලිලා තිබ්බා.11 වසර පන්ති ඔක්කොගෙම සංගීත සාජ්ජ පැවැත්වෙද්දී 11 S2 පන්තිය එහෙමත් නැත්නම් ආශවලගෙ පන්තියේ සංගීත සාජ්ජයට අමතරව දුක ඇහීමේ වැඩසටහනකුත් පැවැත්වෙන ගමන් තිබුනා.

පන්තියෙ හිච්චි ජෝතිපාලගෙ කටහඬ නිසා හැඟීම්බර වුණු ලඟදි තඩි බූටක් කාලා හිටිය සසිඳු අඬන්න ගද්දි සසිදුගෙ මේසෙ උඩ ඉඳගෙන හිටිය දෙවින් සසිදුව සනසන්න ගත්තා.

තට්ටු දෙකේ ගොඩනැගිල්ලක පහළ තට්ටුවේ කොනටම වෙන්න පිහිටලා තිබුණු ආශවලගෙ පන්ති කාමරය පැත්තට ඇවිදගෙන ඉන්න ඡායාවන් දෙකක් දැක්ක ගමන්ම පන්තිය හිටිය ලොකුම නහරකාරයා වුණු රධීන් තමන්ගෙ කට ඇරලා සිංදුවක කෑල්ලක් කිව්වා.රධීන්ගෙ ගොරහැඩි කටහඩේ සද්දෙ නිසා මෙච්චර වෙලා කිය කිය හිටපු සිංදුවත් නතර වෙද්දි හැමෝගෙම අවධානය ගියේ රධින්ගේ ඇස් දෙක තියෙන දිහාවට.

ගොඩනැගිල්ලෙ පහළ තට්ටුවේ පන්ති කාමර තියෙන පැත්තට බහින්න පුළුවන් පඩිපෙළ දිගේ බැස දිවාෂයි නේත්‍රයි දෙන්නා ආශවලාගේ පන්ති කාමර ඉස්සරහින් තියෙන ගල් අල්ලපු පාර දිගේ ඇවිදගෙන එන ගමන් හිටියා.සුදු පාට දිග කලිසමට සුදු කමිසය ඇඳගෙන අතේ තිබුණු ෆයිල් තුන හතරක් පපුවට තුරුල් කරගෙන සන්සුන්ව ඇවිදන් එන නේත්‍රත් එක්කම හතර වටේ ඉන්න කොල්ලන්ට තමන්ගෙ අත වන වන,කතා කර කර අනික් අතේ තියෙන බෝතලයකුත් කරකව කරකව එන දිවාෂව හැමෝගෙම ඇහැට පැහැදිලිවම පෙනුනා.

"ආ මල්ලේ.......ඇයි පුකද බලන්නේ?"

"කෝ උඹට නෑනේ"

ආශවලගෙ පන්තිය ඇතුල බල බල දෙවින්ටයි ආශවටයි දෙනෙත්ටයි අත වන වන ගිය දිවාෂ්ගෙන් රධීන් අහද්දී කිසිම පැකිලීමක් නැතුව රධීන්ට අනිත් පැත්තට උත්තර දුන්නු දිවාෂ නේත්‍රගේ කරට අතකුත් දාගෙන පන්තිය පහු කරගෙන ඇවිදගෙන ගියා.තමන්ගෙ පන්තියේ දිහා හොරෙන් බලලා බිම බලාගෙන ගිය නේත්‍රව දැක්ක ආශව ඉදගෙන හිටිය පුටුවත් පෙරළගෙන නැගිටලා පන්තියෙන් එලියට ඇවිදන් ගියේ දෙවින්ටවත් කතා නොකර.

"උඹේ වැඩේම අර දිවාෂව අවුස්සන එකමනෙ රධීන්.උබත් අනේ මන්දා"

"ඌනෙ ඉතින් ඇවිස්සෙන්නේ"

"ඇත්ත කියහන් රධීන්.උඹට මොකක්ද ඒ කොල්ලා එක ඔච්චර තියෙන ඇරියස් එක?"

රධීන් පන්තිය පිටිපස්සේ හිටිය කොල්ලෝ දෙතුන් දෙනෙක් ඇහුව ප්‍රශ්න වලට උත්තර නොදී ඉස්සරහ බලා බලාගත්තේ කට කොනේ තිබ්බ හිනාවකුත් එක්කමයි.හැමදාම ඔය ප්‍රශ්න ඉස්සරහ රධීන් නිහඬයි කියලා දැනං හිටියෙ පන්තියෙ කොල්ලො ටික ආපහු පාරක් බජව්ව පටන් ගත්තත් රධීන්ගේ ඇස් දෙක තවමත් කලින් තිබ්බ තැනම නතර වෙලා තියනවා දැක්ක දෙවින් හිටියේ රධීන් ගැන විමසිල්ලෙන්.

රධීන්ගෙ ඇස් වල තිබ්බ අමුතු දිස්නෙ එල්ල වෙන්නෙ ෆයිල් ටිකත් තුරුල් කරගෙන ආශව අහන මොනාටහරි උත්තර දෙන නේත්‍ර ලග කියලා දැනුනු දෙවින් කල්පනාකාරීව දෙනෙත් දිහා බලද්දි මෙච්චර වෙලා රධීන් ගැන විමසිල්ලෙන් හිටිය දෙනෙතුත් දෙවින් දිහා බලලා ඔළුව වැනුවා.

"කොහෙද යන්නෙ දැන්?"

"විවාද කණ්ඩායමේ වැඩකට බං අයියෙ"

"තමුන්ගෙන් නෙවෙයි ඇහුවෙ මම.මේ බටු ඇටේගෙන්.නේත්‍ර මොකටද ඒකෙ වැඩ වලට යන්නෙ?"

"ඉතින් නේත්‍රනෙ........"

"තමුසෙ ඉන්නවා මල්ලි කට වහගෙන.නේත්‍ර ඇයි දැන් උත්තර නොදෙන්නෙ?"

"න්....නෑ සුදු අයියෙ.......මමත් ඒකෙ ඉන්නවානේ."

"ඉන්නවා කියලා මම දන්නවා නේත්‍ර! මං අහන්නේ මේ වෙලාවේ යන්නෙ ඇයි කියල? මූවනෙ School Debating Team එකට අලුතෙන් තේරුණේ?'

"ඔව් සුදු අයියේ......ඒත් විවාද වලට ඕනි කරන කරුණු හොයලා දෙන්න ඉන්න අය අතරෙ මාත් ඉන්නවනෙ.මම යන්නෙ ඒකට"

"ආහ්...ඔව්නෙ....අද after school නේද?"

"ඔ...ඔව් සුදු අයියෙ"

"කීය වෙනකංද?"

"3.30 වෙනකං සුදු අයියෙ"

"හ්ම්ම්..යන්න එහෙනම් දැන්.පරක්කු වෙයිනෙ නැත්තං රැස්වීමට"

"යන්නං සුදු අයියේ මම......."

"හ්ම්ම්....පරිස්සමින් නේත්‍ර"

"මේ ඉස්කෝලෙ ඇතුලෙ මෙයාව උස්සන්න කවුරුත් නෑ ආසව!!"

"තමුසෙ! මම එක පාරකුත් කිව්වා කට වහගෙන ඉදපං කියලා කොටා"

"අනෙ අනේ මේ.විස්තර අහලා ඉවර නම් දැන්වත් අපිට යන්න දෙනවද ආශව උතුමාණෙනි"

ආශව දිහා බලලා අත් දෙකත් එකතු කරගෙන නැවුණු දිවාෂ නේත්‍රවත් ඇදගෙන ඉස්කෝලේ ප්‍රධාන ශාලාව තිබ්බ පැත්තට දුවන් ගියා.පොඩ්ඩා හතර දෙනෙක් විදිහට පාසලට ඇතුළත් වුණු ආශව,නේත්‍ර,දෙවින්,දිවාෂ හතර දෙනා මේ වෙද්දි නොදැනිම අවුරුදු හතරක් ගෙවලා දාලා තිබුණා.සාමාන්‍ය පෙල වලට තව මාස කිහිපයක් විතරක් ඉතිරි වෙලා තිබ්බ නිසා ආශව ඇතුලු පිරිස හිටියෙත් මද පීඩනේකින්.

තවම දහය වසරෙ ඉන්න නේත්‍රයි දිවාෂයි දෙන්නා මේ වෙද්දිනුත් ඉස්කෝලෙ ඇහැ ගැටුනු චරිත දෙකක් වෙද්දි ආශව,දෙවින් දෙන්නා ඉගෙනීමට අමතරව ක්‍රිකට් පැත්තෙන් තමන්ගෙ දක්ෂකම් පෙන්වමින් හිටියා.මේ වෙද්දිනුත් පාසලේ 17න් පහල ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයො දෙන්නෙක් වුණු ආශව දෙවින් දෙන්නත් ඉස්කෝලෙ කැපී පේන චරිත දෙකක් වෙන්න ප්‍රධානම හේතුව ආශව under 17 Cricket ටීම් එකේ කැප්ටන් වුනු එකත්,දෙවින් Vice කැප්ටන් වුණු එකත් වුණා.

ඊයෙ උනු ප්‍රශ්නයක් නිසා ඊයෙ හවස ඉදන් තමන්ව මග අරින නේත්‍ර එක්ක ආශව හිටියෙ ටිකක් තරහෙන්.ඊයෙ ඉස්කෝලෙ ඇරිලා යද්දි ආශවගෙ යාලුවෙක් තමන්ගෙ ඉස්කෝලෙ ලගම තියෙන කාන්තා පාසලේ ගෑනු ලමයෙක්ව අල්ලලා ආශවට කරපු විහිලුවත් එක්ක නේත්‍ර හවස ඉදන්ම ආශවව මගෑරියා.

වෙනදට ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවට පස්සෙ ඇග පත සෝදගෙන බත් ටික කන්න වලව්වට දුවගෙන ඇවිත් බත් කෑවට පස්සෙත් ආශවගෙ වටේ ඇතිල්ලි ඇතිල්ලි ඉන්න නේත්‍ර ඊයෙ බත් කාලා ආපහු පාරක් ගෙදර ගියා කියන එක ආශව නිර්මලාගෙන් දැනගත්තා.ඒ ගමන්ම නේත්‍රට කතා කරන්න යන්න හැදුව ආශවගෙ ගමන වැලකුණේ මහ මුදියන්සෙගෙන් ආව දුරකතන ඇමතුමක් නිසා.

අන්තිමේදි මහ මුදියන්සෙ කිව්ව ෆයිල් එකත් අරගෙන නුවර ඔෆිස් එකට ගිය ආශවට වලව්වට ආපහු එන්න පුළුවන් වුනේ රෑ වෙලා.උදේට ඉස්කෝලෙ යන වෙලාවට හරි කතා කරනවා කියලා හිතුවට උදේම තෙවින්ගෙ ප්‍රශ්නයක් ගැන තමන් එක්ක කතා කරන්න පටන් ගත්තු දෙවින්ව අතාරින්න ආශවට පුලුවන්කමක් තිබ්බෙ නෑ.ඉස්කෝලෙට ආවට පස්සෙත් තමන්ව හම්බ වුනු දෙපාරම නේත්‍ර තමන්ව මගෑරලා ගිය හැටි මතකෙ තිබ්බ ආශව හිටියෙ ඇත්තටම ඊයෙ තමන්ට විහිලු කරපු කොල්ලව මරන්න තරම් කේන්තියකින්.

"මොකෝ කියන්නෙ?"

"After school......."

"ම්ම්ම්ම්...තාම හරියට කතා නෑ නේහ්?"

"මම බලාගන්නම්කො ඒක.ඒ සෙල්ලම් බෑ එයාට මාත් එක්ක"

"ඕනි මගුලක් ආශව.පොඩි එකාව අඩවන්න එපා හැබැයි"

"හ්ම්ම් හ්ම්ම්"

පුංචි දේටත් කේන්ති අරං දගලම ඉරුගල්බණ්ඩාර පුංචි මහමුදියන්සේ ගැන හොදට දැනගෙන හිටිය දෙවින් කියද්දි ආශවත් ඔලුව උඩ පහල හෙලෙව්වා.කොහොමත් හැමතිස්සෙම කේන්ති ගන්න තමන් ලග නේත්‍ර අසරණ වෙනවා කියලා දැනගෙන හිටියත් සමහරවෙලාවට ඒ කේන්තිය පාලනේ කරගන්න එක ආශවට අමාරු වුනා.

විශේෂයෙන්ම නේත්‍ර සම්බන්ධ දේවල් වලදි.පුංචි කාලෙ ඉදලාම නේත්‍ර ගැන හිතේ ඇති වෙලා තිබ්බ ලෝභකම මේ වෙද්දි ඊට එහා ගිය ආත්මාර්ථෙකට,අයිතියකට පෙරලිලා තිබුනු නිසා මේ වෙද්දි ආශව නේත්‍ර සම්බන්ධයෙන් ලොකු අයිතිවාසිකමකට වග කියන්න අරං තිබුනා.

මේ වෙද්දි දෙවින් හිටියෙ ලෝක දෙකක.රධීන්ගෙ ඇහැ යන්නෙ කාටද කියන එක තේරුම් අරගෙන හිටියත් අද වෙනකං රධීන් නේත්‍රට වචනයක්වත් කියලා නොතිබ්බ නිසා දෙවින්ට ඒ සම්බන්ධයෙන් රධීන්ට මුකුත්ම වැරැද්දක් පටවන්න පුළුවන් වුනේ නැහැ.අනික් පැත්තෙන් ගත්තොත් මේ ගැන ආශවට කියලා ආයෙමත් රධීන්ගෙ අතක් පයක් කඩවන්න උවමනාවක් දෙවින්ට තිබ්බෙත් නැහැ.ඔව්! මොකද දෙවින්ට හොදටම මතක තිබ්බා ආශව හත වසරෙදි නේත්‍රව ඇල්ලුවා කියලා රධීන්ගෙ අත කඩලා දාපු සිද්ධිය!

.

.

.

.

.

"අප්පෝ දැන් අරූගෙ පඩ කයිය අහගෙන් ඉදපංකො"

"එපා වෙනවා නේද දිවාෂ"

"නැතුව.අනික දැන් විනාඩි පහක් පරක්කුයි.සභාපති පගයගෙන් අහගන්න වෙන්නෙ අපි දෙන්නට"

"අනේ නෑහුනා වගේ ඉමු අනේ.මොකද ඒ අයියා අපිට ගහනවයෑ"

"යැයි යැයි තමා.අර ආශව රාස්සයා නිසා තමා මේම උනේ"

"අනේ දිවාෂ! සුදු අයියට මුකුත් කියන්න එපා හරිද?"

"අනේ උබයි උබේ මහ ලොකු සුදු අයියයි! මෙන්න මෙහෙ එනවා යන්න"

නේත්‍රවත් ඇදගෙන මේන් හෝල් එකට ආව දිවාෂ හෙමින් සැරේ ඔලුව ඇතුලට දාලා බලද්දිම හෝල් එකම දෙවනත් වෙන්න ලස්සන සද්දයක් ඇහෙන්න ගත්තා.

"දොලහ මාර කියන්නෙ දොලහයි විසි පහවත්,දොලහයි තිස් පහවත් නෙවෙයි දිවාෂ,නේත්‍ර! දොලහමාර කියන්නෙ දොලහයි තිහ කියලා දන්නෙ නැද්ද?"

"දන්නෙ නෑනෙ.ගණන් බෑනෙ"

විවාද කණ්ඩායමේ සභාපතිගෙ දෝෂාරෝපණේට කුටු කුටු ගගා උත්තර දුන්නු දිවාෂ ඒ වචන සභාපතිට නෑහෙන විදියට කියන්න තරම් පරිස්සම් වුණා.මොකද දිවාෂට ඕනි වුනේ නැ තමන්ට වැඩකට ඇති මිනිහෙක්ගෙ කෝණෙන් නරක මනුස්සයෙක් වෙන්න.ඉතින් සභාපතිගෙන් සමාව ගත්තු නේත්‍රයි දිවාෂයි දෙන්නා පිලිවෙලට තියලා තිබ්බ පුටු දෙකකින් ඉදගත්තම සභාපතිතුමා ආපහු පාරක් කතාව පටන් ගත්තා.

"සති දෙකයි තියෙන්නෙ තව.හොදටම දන්නවනෙ අනික් ඉස්කෝලෙ ගැන.අපි අවුරුදු ගාණක් තිස්සෙ පලාත් තරග වලින් දිනලා සමස්ථ ලංකා ගියාට අපි ඒ ඉස්කෝලවල් වල ටීම්ස් ගැන underestimate කරලා බැහැ.මම හිතන්නෙ මම කියන එක ඔයාලට තේරෙනවා.මොකද කලින් අවුරුදු වල අයට වඩා අපේ ටීම් එකේ හිටිය අය දක්ෂ උනාට,මේ පාර අපිට වඩා අනික් ඉස්කෝලෙ අය දක්ෂ වෙන්න පුළුවන්.ඒ නිසා මහන්සි වෙන්න වෙනවා අපිට.දීලා තියෙන Title එක උනත් දෙපැත්තටම වාසි තියෙන එකක්නෙ.මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.අපිට පුළුවන් උපරිම අපි කරන්න ඕනි."

"එච්චරයි!!!"

"දිවාෂ කට වහගන්නකො.දුලිත් අයියට ඇහුනොත් එහෙම ආයෙ බැනුම් අහගන්න වෙන්නෙ අපිට"

"කාටහරි ප්‍රශ්න මොනාහරි තියෙනවද? යෝජනා?"

සංගමේ ලේකම් දීපු ෆයිල් එක අතට අරගෙන බලලා ඔලුව වනපු දුලිත් එහෙමත් නැත්තං සභාපතිතුමා තමන්ගෙ ඉස්සරහ පිලිවෙලට ඉදගෙන හිටිය සාමාජිකයන්ගෙන් අහද්දි හැමෝම කලේ ඔලුව දෙපැත්තට වනපු එක.

"හරි එහෙනම්! දැන් හැමෝටම යන්න පුළුවන්.ටීම් එකේ අය ඇරෙන්න.එතකොට.......Debate එකට ඕනි කරන විස්තර හොයන අයත් නතර වෙලා අනික් අයට යන්න පුළුවන්"

පුටු ටික පිලිවෙලට තිබ්බ සංගමේ සාමාජිකයො ටික පිටවෙලා යද්දි දුලිත් හැරුනෙ තවමත් ඉදගෙන හිටිය ටීම් එක දිහාවට.දුලිත්ගෙ මූණෙ තිබ්බෙ බැරෑරුම් පාටක්.ඔව්!අවුරුදු ගාණක් තිස්සෙම සමස්ථ ලංකා ගියේ තමන්ගෙ ඉස්කෝලෙ වෙද්දි මේ පාර ඒ දේ නැති කරගන්න දුලිත්ගෙ හිතේ කොහොමත් කැමැත්තක් තිබුනෙ නැහැ.

කණ්ඩායමේ සාමාජිකයො වගේම ඊට තොරතුරු හොයලා දෙන හැමෝම එක්ක දීර්ඝ කතා බහක යෙදුනු දුලිත් සංවාදෙ ඉවර කරද්දි පාසල අවසන් වෙන වෙලාවටත් කිට්ටු වෙලා තිබුනා.හැමෝටම පිට වෙන්න අවසර දුන්නු දුලිත් තමන්ට අදාල ෆයිල් කවර දෙකත් අරගෙන එලියට යන ගමන් තමන්ගෙ ටිකක් ඉස්සරහින් ගිය දිවාෂට කතා කලා.

"මල්ලි,දිවාෂ....."

දුලිත්ගෙ කටහඩත් එක්ක නැවතුනු නේත්‍ර දිවාෂ දෙන්නා පිටිපස්ස හැරිලා බලද්දි දිවාෂලා ලගට ආව දුලිත් දෙන්නම දිහා බලලා කතා කරන්න පටන් ගත්තා.

"දිවාෂ,මේක ඔයාගෙ දක්ෂකම් පෙන්නන්න තියෙන හොදම අවස්තාවක්.උපරිම ප්‍රයෝජන ගන්න ඒකෙන්.මට ඔයාගෙන් ලොකු අනාගතයක් පේනවා"

දිවාෂගෙ පිටට තට්ටුවක් දාපු දුලිත් නේත්‍රත් එක්කත් හිනා වෙලා එතනින් පිටවෙද්දි ඉස්කෝලෙ අවසන් වෙන සීනුව නාද වෙනවා ඇහුනු දිවාෂ නේත්‍රවත් ඇදගෙන දුවන්න ගත්තෙ ගාථා පටන් ගත්තට පස්සෙ මහ අව්වෙ හරි හිටගෙන ගාථා කියන්න වෙන බව දන්න නිසා.

...................................................................................................

"...........උපමා උපමේය භාවිතය සතරකන් මන්ත්‍රණය පාඩම ආශ්‍රෙන් පහදන්න.හොදයි.අපිට මොනාද ගන්න පුළුවන් මේ විචාරය සදහා උදාහරණ? දිවාෂ! මේසෙ යටින් අත එලියට අරගෙන මට උදාහරණයක් දෙන්න මේකට"

පාසලේ වාර විභාගත් කිට්ටු වෙලා තිබ්බ නිසා අද නේත්‍රලාගෙ පන්තියෙ ලමයින්ට සිංහල ගුරුතුමිය අමතර පන්ති යොදලා තිබුනා.1.30ට ඉස්කෝලෙ ඇරුනට පස්සෙ ඉස්කෝලෙ කැන්ටින් එකෙන් කිරිපැකට් දෙකකුයි,බිස්කට් පැකට් එකකුයි උස්සගෙන දුවගෙන පන්තියට ආව දිවාෂයි නේත්‍රයි දෙන්නා උනන්දුවෙන් පාඩමට ඇහුම්කන් දීගෙන හිටියා.කොච්චර උනන්දු උනත් බඩගින්න කියන දේ ඉස්මුදුනටම ගහලා හිටිය දිවාෂ හෙමින් සැරේ මේසේ අස්සට අත දදා හොරෙන් බිස්කට් කෑවත් ඒ දේ ගුරුතුමියට අහු වෙන්න ලොකු වෙලාවක් ගියේ නැහැ.

"සාල්ලෙක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ටයාගෙ.........."

"හරි දිවාෂ.ඉදගන්න.ඔය දරුවා හැම එකටම කියන උදාහරණෙ ඕකනෙ"

සිංහල ගුරුතුමී දිහා බලලා කුපාඩි විදියට හිනා වුනු දිවාෂ පාඩමේ ඉතුරු ටිකට හොදින් ඇහුම්කන් දෙන්න ගත්තා.මුල ඉදලම කෙටියෙන් පාඩම් ටික මතක් කරවගෙන යන එක විභාගෙට ලොකු උදව්වක් වෙන් බය දැනගෙන හිටිය නිසා ලමයිගෙන් හුගක් අය උනන්දුවෙන් පන්තියට සහභාගී වෙලා හිටියා.පැය දෙකකට පස්සෙ වැඩ ටික ඉවර කරපු ගුරුතුමිය ලමයිටත් සමුදීලා පන්තියෙන් එලියට යද්දි බෑග් එකට පොත් ඔබාගත්තු කොල්ලො ටිකත් එක පේලියට පන්තියෙන් එලියට පැන්නා.

"ඒ මේ විචාර නම් අජපල් නේත ඕයි"

"විචාරනම් නතින් බන්ග්"

"ඔව් ඉතින් උබට අහගන්න නේත්‍ර ඉන්නවනෙ.ඒ නේත්‍ර.හෙට මම උදේම ආවොත් මට විචාර ලියන හැටි කියලා දෙන්න පුලුවන්ද? මට ටිකක් අමාරුයි බං.ඒකයි"

"හරි ආර්ය.හෙට ටිකක් වේලාසනින් එන්නකො.මාත් එන්නම්"

කට්ටියටම සමු දීලා ඉස්කෝලෙ ගේට්ටුවෙන් එලියට ආව නේත්‍රගෙ ඇස් දෙක ලොකු උනා වගේම ඇස්දෙක කදුලු පටලෙකින් වැහිලා ගියා.ඉස්කෝලෙට ටිකක් එහාට වෙන්න තිබ්බ තාප්පයක් උඩට වෙලා ඉදගෙන හිටිය ආශව ඊට එහා පැත්තෙ හිටිය දෙවින්ට මොකක් හරි කිය කිය හිටියෙ තාම නේත්‍රලා ආව බවක් නොදැක.ඊයෙ ඉදලා තමන් තමන්ගෙ සුදු අයියව මගෑරියට මොකෝ මෙහෙම කට්ට කාගෙන සුදු අයියා තමන් වෙනුවෙන් නේද හිටියෙ කියලා දැනුනු නේත්‍රට හයියෙන් සුදු අයියව තුරුල් කරගන්න ඕනි වුනා.

ඉස්කෝලෙ ලමයිගෙන් ප්‍රශ්නයක් වෙයි,නේත්‍ර කොන් වෙයි කියන බයට ආශව විහින්ම ටිකෙක් ටික "සුදුබේබි" කියන ආමන්ත්‍රණය "සුදු අයියා" විදියට හරවලා තිබ්බත් මේ ඉන්නෙ වලව්වෙ පුංචි මහත්තයා කියන එක නේත්‍රට අමතක වෙලා තිබ්බෙ නෑ.ඉතින් කොච්චර ඕනි වුනත් තමන්ට ඒ පිරිමියව එහෙම හිතේ හැටියටකට වැලදගන්න තරම් අයිතියක්,සුදුසුකමක් නෑ කියලා තේරුම් අරං හිටි නේත්‍ර තමන්ගෙ හිත ඇතුලෙ තියෙන ආසාවල් හිත ඇතුලෙම වලලලා දැම්මා.

"අර එන්නෙ.ඉවරද කොහෙද?"

නේත්‍රයි දිවාෂයි එන දිහා දෙවින් පෙන්නද්දි ආශව තාප්පෙ උඩින් බිමට පැනලා අත් දෙකෙන් පස්ස පිහිදගත්තා.දෙවින්ව දැක්ක ගමන් නේත්‍රවත් දාලා දෙවින් ලගට දුවං ගිය දිවාෂ දෙවින්ගෙ බෑග් එක ඇදලා අරං ඒක අස්සට අත දාන්න ගත්තෙ සල්ලි කීයක් හරි හොයාගන්න.අනික් එක දිවාෂ දැනගෙන හිටියා ආශව ඉන්න තැනක නේත්‍ර එක්ක ඉන්නවට වඩා නේත්‍රගෙන් අයින් වෙලා ඉන්න එක ඇගට ගුණයි කියන එකත්.දිවාෂ නේත්‍රව දාලා ගියාට මොකෝ ආශවවත් පහු කරගෙන ආව නේත්‍ර දිවාෂගෙ පිටට ඇගිල්ලකින් අනින්න ගත්තෙ මෙතනින් ඉක්මනට යමු කියන්න වගේ.

"අනින්නෙ ඇයි?"

"යමුකො දිවාෂ"

"අරූ ඉද්දි මාත් එක්ක එන්නෙ ඇයි?"

"යමුකො"

"තමුසෙට ඕනි මාව අඩු වයසෙන් වලපල්ලට යවන්නත නේත්‍ර?"

තමන් තුන්දෙනාගෙ පිටිපස්සට වෙලා ගිනි පිඹින ආශව දිහා බලපු දිවාෂ කුටු කුටු ගාද්දි,ආශව දිහා බලලා අසරණ විදියට හිනා වුණු දෙවින් දිවාෂවත් ඇදගෙන ඉස්සරහට ඇවිදන් යන්න ගත්තා.මොකද දෙවින්ට ඕනි වුනේ නෑ තමන්ගෙ මල්ලි වගේ ඉන්න එකයි,තමන්ගෙ හොදම යාලුවයි පැටලෙනවා බලන්න.මොකද දෙවින්ට පැත්තක් ගන්න බැරුව එතකොට අසරණ වෙනවනෙ.

"නේත්‍ර ඔහොම නවතිනවා!"

හැමදාම වගේ....පුංචි කාලෙ තිබ්බ පුරුද්දක් එක්කම නේත්‍රගෙ කකුල් දෙක ගල් කරන්න ඒ වචන කීපෙට පුලුවන් වුණා.මුලින්ම තමන්ව යාලුවා කරගත්තු සුදුබේබිට වඩා සුදු අයියා ටිකක් දරුණුයි,හිතුවක්කාරයි කියන එක නේත්‍ර දැනගෙන හිටියා.කොච්චර උනත් ඉස්සර වැඩියෙ කේන්ති නොගත්ත හුරතල් ආශව දැන් ඉවසීම කියන දේ එහෙ මෙහෙ උනු ගමන් කේන්ති ගන්න කෙනෙක් කියලත් නේත්‍ර දැනන් හිටියා.ඒ ගැන නේත්‍ර පුදුම නොවුනෙ මහ මුදියන්සෙගෙ හැටිත් නේත්‍ර හොදටම දැනන් හිටි නිසා.මොකද ඉතින් ගහේ කටු උල් කරන්න ඕනි යෑ!

"දැන් ඔච්චර මාව මගාරින්න තරම් මොකද්ද උනේ?...යං....යමින් ගමන් මට උත්තර දෙන්න නේත්‍ර.නැත්තං නිර්මලා බය වෙයි ඔයා පරක්කු උනොත්"

බෑග් එකේ පටි දෙක රෝල් කරන ගමන් බිම බලන් ඉන්න නේත්‍රගෙ බෑග් එකේ පිටිපස්සෙන් අල්ලගෙන ඇවිදගෙන යන්න පටන් ගත්තු ආශව අහද්දි නේත්‍ර වචනයක්වත් නොකියා බිම බලාගෙන යන්න ගත්තා.තමන්ගෙ ඉස්කෝලෙට ලගට Girls School එකේ අක්කා කෙනෙක් ගැන කියලා තමන්ගෙ සුදු අයියට කරපු විහිලුව ගැන නේත්‍රට තාම මතක තිබ්බා.

ඒ අක්කයි,තමන්ගෙ සුදු අයියයි දෙන්නා කොච්චර නම් ගැලපෙනවද කියලා කිව්ව ඒ කතාවට හේතුවක් නොදැනුනත් නේත්‍රගෙ හිත රිදිලා තිබුනා.එ වෙලෙ තමන්ගෙ සුදු අයියටත් ගිය හිනාව දැක්ක නේත්‍ර තව තවත් තමන්ගෙ හිත පාරගත්තෙ කිසිම හේතුවක් නැතුව.එහෙම දුක් වෙන්න,හිත පාරගන්න තිබ්බ හේතුව මොකක්ද කියන එක නේත්‍රට තේරුනේ නැහැ.

ඊයෙ ඉස්කෝලෙ ගිහින් ආවට පස්සෙ හරි තමන්ව හොයාගෙන සුදු අයියා එයි කියලා නේත්‍ර බලාගෙන හිටියා.වෙනදා වගේම අරලිය ගහ යට බංකුව උඩට වෙලා ඒ ගැන කතා කරලා හිත නිදහස් කරගන්න නේත්‍ර බලාගෙන හිටියා.

හැමදාම වගේ ඒ පපුවට තුරුල් වෙලා සැනසෙන්න,ඒ කටින් එක සැනසිලිදායක වචනයක් හරි අහන්න නේත්‍ර බලාගෙන හිටියා.අන්තිමේදි වෙලා තිබ්බෙ නේත්‍රටත් නොදැනිම අරලිය ගහ යට බංකුව උඩ වකුටු වෙලා නේත්‍රට නින්ද ගිහින් තිබ්බ එක.වේලහිනින් වලව්වෙ වැඩ ඉවර කරලා ආව නිර්මලා නේත්‍රව ඇහැරුවට පස්සෙ ගේ ඇතුලට ගිය නේත්‍ර මහ රෑ හරි සුදු අයියා එනකං බලාගෙන හිටියා.අන්තිමේදි නාපුම තැන කාමරේ තමන්ගෙ පුංචි ඇද උඩ වකුටු වෙලා කදුළු හැලුව නේත්‍රට නින්ද ගියේ මොන වෙලේද කියලා නේත්‍ර දැනගෙන හිටියෙ නෑ.

එහෙම වෙලත් ඔලුවෙ කැක්කුමකුත් තියාන උදේ ලෑස්ති වෙලා ඉස්කෝලෙ යන්න ආවෙ එවෙලෙ හරි සුදු අයියා තමන් එක්ක කතා කරයි කියලා හිතාගෙන.ඒත් දෙවින් එක්ක කතා කර කර ගිය ආශවට නේත්‍ර එක්ක කතා කරන්න බැරි උනු නිසා නේත්‍ර ඒකෙනුත් හිත රිද්දගත්තා.ඉස්කෝලෙ ඉන්ටවල් එකටත් තමන්ව බලන්න ඇවිත් වැඩියෙ මුකුත් කතා නොකර ක්‍රිකට් කෝච් හම්බෙන්න දුවලා ගිය ආශව නිසා අද මුළු දවසෙම නේත්‍ර හිටියෙ හිත රිද්දගෙන.

"දෙයක් ඇහුවම උත්තර දෙන්න නේත්‍ර.ඔයාට බෑ මාව මෙහෙම මගාරින්න.ඒක ඔයා දන්නවා"

ඒ වෙලාවෙ ආශවගෙ කටහඩේ පොඩි බයාදු ගතියක් එක්ක වේදනාවකුත් මුසු වෙලා තිබ්බ බව නේත්‍රට දැනුනා.මුලු නුවරම මේ වෙලාව් වෙද්දි වහගෙන හිටිය බීරිම නිසා පරිසරේම මහ අමුතු ස්වරූපයක් අරගෙන තිබ්බා.තමන්ගෙ බෑග් එක අල්ලගෙන හිටපු අතින් ආශව තව ටිකක් තමන්ව ලං කරගන්නවා දැනුනු නේත්‍ර බෑග් එකේ පටිය තව ටිකක් මිරිකලා අල්ලගත්තා.

තමන්ට ඉස්සරහින් දෙවින්ගෙ බෑග් එකේ තිබ්බ බීම බෝතලයක් අරං ඒක බිබී යන දිවාෂයි,දිවාෂ එක්ක හිටිය දෙවිනුයි ඇරෙන්න මේ වෙලාවෙ ඉස්කෝලෙ පාරෙ කවුරුත් නෑ කියන එක නේත්‍රට පෙනුනා.

"නේත්‍ර......ඔහොම කරන්න එපා.ප්ලීස්....."

ආශව කෙදිරීමකින් වගේ තමන්ගෙ කන ලග මුමුණනව දැනුනු නේත්‍ර හෙමින් සැරේ තමන්ගෙ බෝල ඇස් දෙක උස්සලා ආශව දිහා බැලුවා.ආශවගෙ මූණම පිරිලා තිබ්බෙ ලොකු වේදනාවකින්.නේත්‍ර පැය ගාණකට තමන්ව මගැරපු එක ආශවට තදේටම දැනිලා තිබ්බා.ඉතින් එහෙම නොවී තියෙයිද? මේ ඉන්නෙ එයාගෙ තුරුලෙම ලොකු වුණු නේත්‍ර වෙනකොට?

"ස්...සුදු අයියෙ....මට....."

"මුකුත් කියන්න එපා නේත්‍ර.මගෙන් වරදක් උනානම් සමාව දෙන්න.ඒ ඇති"

නේත්‍රට ඒකට උත්තරයක් දීගන්න අවස්ථාවක් නොදීම අදාල බස් රථය තමන් ඉන්න පැත්තට ඇදීගෙන එනවා පෙනෙද්දි නේත්‍රගෙ අතින් අල්ලලා නේත්‍රව පස්සට කරපු ආශව බස් එකට අත දැම්මා.දිවාෂයි දෙවිනුයි ඉස්සරහ දොරෙන් නගිද්දි පරිස්සමින් නේත්‍රව පිටිපස්සෙ දොරෙන් බස් එකට නග්ගවපු ආශව නේත්‍රට පිටිපස්සෙන් බස් එකේ ඉදගත්තා.

"මෙහෙට එන්න"

පාසල් ඇරෙන වෙලාවත් සැහෙන්නම පහු වෙලා තිබ්බ නිසා මේ වෙලාවෙ බස් එකේ මිනිස්සු හිටියෙ දෙතුන් දෙනෙක් වෙනකොට මුළු බස් එක පුරාම ආසන ඉතුරු වෙලා තිබුනා.බස් එකට නැග්ග නේත්‍ර දිවාෂලා ඉදගෙන හිටිය ආසනෙ කිට්ටුවට යන්න හදද්දි නේත්‍රගෙ බෑග් එකෙන් ඇද්ද ආශව නේත්‍රට සන් කලේ පිටිපස්සෙම සීට් එකෙන් ඉදගන්න කියන එක කියලා.කවදත් ආශවගෙ වචනෙට කීකරු නේත්‍ර ගිහින් පිටිපස්සෙ සීට් එකෙන් ඉදගද්දි නේත්‍රව ජනේලේ කොණට තල්ලු කරලා ඉදගත්තු ආශව බහින තැන කියලා ටිකක් දෙකක් කඩවගත්තා.

"ආ"

නේත්‍ර ලගින් ඉදගත්ත ආශව කඩදාසි කවරයක් නේත්‍රගෙ උකුල උඩින් තියද්දි නේත්‍ර ඇස් දෙකත් ලොකු කරගෙන ආශව දිහා බැලුවා.ආශවගෙ ඇස් වල තියෙන බැල්ම තේරුම් ගත්තු නේත්‍ර කඩදාසි කවරෙ ඇතුල බලද්දි තිබ්බ දේත් එක්ක නේත්‍රගෙ බෝල ඇස් වලට කදුළු පිරුණෙ නිරායාසයෙන්.

"ඕක කකා යමු.ගෙදර යනකං මුකුත් නෑනෙ"

"සුදු අයියට?"

"මට බඩගිනි නෑ නේත්‍ර.මම කෑවා.ඔයා කන්නකො"

කවරෙ ඇතුලෙ තිබුනු මාළු බනිස් එක අරගෙන ආශවට දික් කලත් ආශවගෙ උත්තරෙත් එක්ක ඒක තමන්ගෙ කටට ලං කරගත්තු නේත්‍ර හෙමීට බනිස් ගෙඩිය කන්න ගත්තා.ආශව තමන් ගැන කොච්චර හිතනවද කියන එක අමුතුවෙන් හිතන්න නේත්‍රට ඕනි වුනේ නැහැ.

තමන්ගෙ පුංචි දේත් තේරුම් අරගෙන ඒ දේවල් වලට පිලියම් යොදන මේ පුංචි මහ එකා ගැන නේත්‍රගෙ මුලු හිතේම පිරිලා තිබ්බේ හරි දයාබර හැගීමක්.1.30ට ඉස්කෝලෙ ඇරුනට පස්සෙ ගෙදර යන්න පුලුවන්කම තියෙද්දිත් හරියකට කන්නෙ බොන්නෙත් නැතුව තමන් එනකං බලන් ඉද්දි,තමන්ට බඩගිනියි කියලා දැනිලා කන්න කෑම ටික පවා ලෑස්ති කරගෙන ඉද්දි නේත්‍රගෙ හිතේ ආශව ගැන පුංචි කාලෙ තිබ්බ ලෝභකම එන්න එන්නම වැඩි වෙන එක වරදක්ද?

"ඊයෙ උනු ප්‍රශ්නෙ නිසාද ඔය?"

නේත්‍රගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන මට්ටමට ඉදන් හිටි ආශව අහද්දි නේත්‍ර ඔලුව දෙපැත්තට වනලා ආපහු පාරක් ඔලුව උඩ පහල වැනුවා.නේත්‍රගෙ කට කොනක තිබ්බ අල කෑල්ල දැක්ක ආශව හෙමිහිට නේත්‍රගෙ කට කොන තමන්ගෙ ඇගිල්ලෙන් පිහදාද්දි ඇස් දෙකත් බෝල කරං ඔලුව දෙපැත්තට වැනුව නේත්‍ර තමන්ගෙ අතින්ම තමන්ගෙ කට වටේ පිහදාගත්තා.නේත්‍රගෙ මේ හුරතල් හැසිරීම දිහා බලන් හිටිය ආශව නේත්‍රගෙ සිනිදු කම්මුලක් හීන් සීරුවෙ අතගෑවා.

"මම දන්නවා ඒ කෙල්ල ලස්සන උනාට හොද නැති කෙනෙක් කියලා නේත්‍ර.නේත්‍ර බය වෙන්න එපා මම ඒ වගෙ කෙනෙක් එක්ක කවදාවත් යාලු වෙන්නෙ නෑ"

ජනේලෙන් වැදෙන හුලං පාරට අහු වෙලා පිටිපස්සට විසිරිලා යන සිනිදු කොණ්ඩෙ අතින් හදන ගමන් හුලං පාරට ඇස් දෙක හුරු කරගන්න වගේ හීනි කරගෙන ඉන්න නේත්‍ර දිහා බලලා ආශව මිමිණුවා.ආශව දිහා බැලුව නේත්‍ර හිනා වුනේ ඒ වචන වලින් නේත්‍රට ලොකු සතුටක් දැනුනු නිසා.

ඔව්! එයාගෙ සුදු අයියා ඒ කෙල්ල එක්ක යාලු වෙන්නෑ කිව්ව එකට නේත්‍රට සතුටු හිතුනා.පුංචි කාලෙ තමන්ගෙ අක්කටවත් දෙන්න බැරුව ලෝභකම් කල 'සුදුබේබි' වෙන කෙනෙක්ට කිට්ටු වෙනවා කියන එක නේත්‍රගෙ හිතට ලොකු වේදනාවක් ගෙනාවා.ආශව කියන මනුස්සයා ගැන හිත ඇතුලෙ මෝරන මේ හැගීමට තවමත් නමක් දෙන්න බැරි උනත් නේත්‍ර ඒ හැගීමට ආදරේ කලා.ඒත් ආශවගෙ වචන වලට සතුටින් හිටිය නේත්‍රව ගල් කරලා දාන්න ආශවගෙ ඊලග වචන කීපෙට පුළුවන් වුණා.

"මම හොද කෙනෙක් එක්ක යාලු වෙන්නම් නේත්‍ර.ඔයා බය වෙන්න එපා"

...................................................................................................

Words 2800+ 😪❤️

හායි බබාලා

ඔන්න මම ආවා🙈❤️

මට පොඩි කාලෙන් ලොකු කාලෙට move වෙන්න ටිකක් අමාරු වුනා.මම මේ චැප්ටර් එක ලියන්නෙ දැන් දවස් තුනක් තිස්සෙ💔 ඒත් මට මේක සෙට් නෑ වගේ.එත් මම ඉක්මනටම හුරු වෙන්නම් හොදද❤️ කලින් වගේම ඔයාලට ආසා හිතෙන විදියට ලියන්න🥺❤️ ඒ නිසා මේක කැත වුනාට ගනන් ගන්න එපා බබාලා❤️ ඊලග එක්ක හුගාක් ලස්සනට අරගෙන එන්නම් ඔයාලා ලගට❤️

එන්නකො මට හම්බුනු ලස්සන තෑගි ටික පෙන්නන්න🥺❤

seokruhi2 ගොඩාරියක් Thank you nanga මේ ලස්සනම ලස්සන වීඩියෝ එකට🥺❤️ ඒක හරි ආදරණීයයි❤️

imu____maya nango thank you ගොඩාරියක් මේ ලස්සන covers වලට🥺❤️

_Vntekoo_ තැන්කූ ගොඩාරියක් මගෙ බිබික්කම මේ ලස්සන කවර්ස් වලට🥺❤️

ඔයාලා මට දෙන වෝට්ස් කමෙන්ට්ස් මට හරි වටිනවා.මග ඉඩක් ලැබුනු ගමන්ම මම ඔයාලට රිප්ලයි කරනවා හොදද❤️ගියපාර චැප්ටර් එකට මට හම්බුනු සමහර කමෙන්ට්ස් මාව ඇඩෙව්වා🥺❤️ මම ආදරෙයි ඔයාලට❤️

ඉතින් අදත් අදහසක් කියාගෙන යන්න බබාලා🥺❤️

ඒක මට හුගක් වටිනවා❤️❤️

එහෙනම් මම ගිහින් එන්නම් බබාලා🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා❤️🏵️

Share This Chapter