Back
Chapter 20

19 කොටස🤍✨

නිවාලන්න මා...

"නේත්‍ර මල් කඩලා ඉවරද?"

"ස්......සුදු බේබි!!!මං බය වුනා දෙයියෝ!!!"

මුළු නුවර අහසම තැඹිලි පාට වෙලා තිබ්බේ හවස් යාමෙ එලඹිලා කියන පණිවිඩය හැමෝටම ඒත්තු ගන්නන්න හිතාගෙන වගේ.පුරුදු විදියටම හවස් යාමේ එලඹීගෙන එද්දිම ගම්මානෙ පුරා පැතිරිලා යන කජු ලෙලි පුච්චන සුවඳ නාහෙට දැනුනු ගමන් පාසලෙන් දීපු ගෙදර වැඩ ගොඩ අස්සෙ ගිලිලා හිටිය නේත්‍ර බුදුන්ට පහන තියන්න මල් පූජා කරන මල් වට්ටියත් අරගෙන ගෙයින් එළියට බැස්සේ ගොම්මන ලැබෙන්න කලින් මල් ටික කඩාන ගෙට යන්න ඕනි නිසා.මොකද එක හිතුවක්කාරයෙක් කාලෙකට කලින් තමන්ට කරපු තරවටුවක් නේත්‍රගෙ මනසේ හොඳට තැන්පත් වෙලා තිබුනා.

"ගොම්මන වැටුණට පස්සේ එළියට බහින්නේ එපා නේත්‍ර!අඬු කඩනවා මම හැබැයි එහෙම කරලා අහු වුනොත්"

කාලෙකට කලින් ආශව කරපු තරවටුව මතක් වුණු නේත්‍රගේ මූණෙ ඇදුනෙ ලස්සන හිනා පොදක්.ඒක ලස්සනටත් වඩා ආදරණීය හිනාවක් වුණ.මීට මාස හය හතකට කලින් හවස් යාමෙක වෙල අයිනේ සරුවට වැවිලා තිබුනු ගොටුකොළ වගයක් කඩා ගන්න ගිය ගමේ මනුස්සයෙක්ට නයෙක් ගහපු දවසේ හවසම තමන්ව මුණගැහෙන්න ආව ආශව තමන්ට මේ නීතිය දැම්ම වග නේත්‍රට සිහිවුණා.

ගම්මානෙන් පිට ගිහාම, දෙන්නා තනි උනහම සුදු අයියා වෙන,ඉස්කෝලෙ යාලුවො ඉස්සරහ නිකම් අයියා වෙන,ගම්මානය ඇතුලේ වලව්ව ඇතුලේ ගමේ උදවිය ඉස්සරහ සුදු බේබි වෙන ආශව ගැන හිතන ගමන්ම නේත්‍ර වතුසුදු මල් එකින් එක කඩන්න ගත්තා.නේත්‍රට සීමාවක් නැතුවම හිතන්න පුළුවන් වුණු දෙයක් තිබ්බනං ඒ ආශව විතරක්ම වුණා.

හැඟීම් කියන දේවල් මෝරන,හැඟීම් කියන දේවල් තේරුම් ගන්න පුළුවන් වයසට ටිකෙන් ටික පිය නගන ගමන් හිටිය නේත්‍ර තමන්ගේ හිතේ තමන්ගේ සුදු අයියගේ නමට පුංචි කාලේ ඉඳන් ලියවිලා තිබ්බ හැඟීමට නමක් දෙන්න උත්සාහ කරන ගමන් හිටියා.

දිවාෂ ගැන,දෙවින් අයියා ගැන,ආර්ය ගැන,කොටින්ම කිව්වොත් තමන්ගේ අක්කා වුණු අරුන්දතී ගැන පවා ඇති වෙනවාට වඩා හාත්පසින්ම වෙනස් හැඟීමක් සුදු අයිය ගැන ඇති වෙන බව තේරුනත් ඒ හැඟීමට දෙන්න ඕනි නම් මොකක්ද කියලා නේත්‍රට තාම තේරිලා තිබුනේ නැහැ.

මලින් මල කැඩිලා වට්ටියට වැටෙද්දි පවා නේත්‍ර ගිලිලා හිටියේ ආශවගෙ මතක ගොඩක් අස්සෙ.ඉස්සර වලව්වෙවත් බුදු පහණ නොතියෙන පුංචි ආශවට බල කරලම තමන් එක්ක මල් කඩන්න,බුදු පහන තියන්න පුරුදු කරපු හැටි නේත්‍රට මතක් උනා.ඒ මුල් කාලේ මල් කඩන තමන් ළඟට වෙලා තමන්ව හුරතල් කර කර මල් වට්ටිය අල්ලගෙන හිටියා විනා වෙන කිසිම දෙයක්,අඩුම තරමෙ මලක් කැඩුව එකවත් ආශව නොකරපු වග නේත්‍රට හොඳට මතක තිබ්බා.

එහෙම පටන් ගත්තු ආශව ටිකෙන් ටික වලව්වේ පහණ කෙසේ වෙතත් තමන්ගෙ ගෙදර පහන තියන්න පවා උද පදව් වෙන මට්ටමට ගෙන්න ගන්න නේත්‍රට පුළුවන් වුණා.නේත්‍රලගෙ ගෙදර පහන තියලා වලව්වට යන ආශව වලව්වෙ බුදු පහන ඉස්සරහ ගාථා කියනවා කියලත් නේත්‍රය කියලා තිබ්බා. ආශාවගෙ සිහියෙන් හිටිය නේත්‍ර එකපාරටම ගැස්සිලා ගියේ තමන්ගේ පිටිපස්සෙන් ඇහුන ආශවගෙ කටහඬ නිසා.

"නේත්‍ර,මොකෝ මේ රතු වෙලා හොඳටම?එච්චරටම බය උනාද?"

"ඔ....ඔව් සුදු බේබි බය උනා"

මෙච්චර වෙලා තමන්ගේ ඔළුව ඇතුලෙ සක්මන් කර කර හිටිය මනුස්සයා එකපාරටම තමන්ගේ පිටිපස්සෙන් මතු උනාම නේත්‍රගෙ හිතට දැනුනේ ලොකු වරදක් කරලා අහු වුණා වගේ හැඟීමක්.ඒ හැඟීමෙන් ආව ලැජ්ජාව නිසාම නේත්‍රගේ මූණ තද රතුපාට හැරිලා තිබ්බා.තමන් ඇහුව ප්‍රශ්නෙට තමන්ගෙ තියුණු ඇස් මග අරින ගමන් උත්තර දුන්නු නේත්‍ර දිහා බලපු ආශව තමන්ගෙ ඇහිබැම එකට පූට්ටු කරගෙනම නේත්‍රට කතා කලා.

"සුදු බේබි? මෙතන කවුරුත් නෑනෙ නේත්‍ර..... ඇයි අර විදියටම කතා කරන්න බැරි?"

"ස්....සමාවෙන්න සුදු අයියේ.බයවුනු පාරට......."

"ඒක හරි නේත්‍ර.කෝ මල්වට්ටිය මට දෙන්න.මං හදන්නම්"

නේත්‍රගෙ අතින් මල්වට්ටිය තමන්ගේ අතට ගත්තු ආශව එහෙම්මම වත්තෙ කොනකට ඇවිදගෙන ගියේ තමන් ආසම කරන මල් පොහොට්ටුවක් නෙලාගන්න.හවස් යාමෙ නිසා ගැටපිච්ච වැලේ මල් පොහොට්ටු හුලගට හෙල වෙන ගමන් හිටියා.ගැටපිච්ච මල් පොහොට්ටුවක් දෙකක් පරෙස්සමට නෙලා ගත්තු ආශව ඒ පොහොට්ටු දෙකත් මල් වට්ටියට දාගත්තෙ නෙලාගත්තත් ගැටපිච්ච මල් පිපෙන වග දැනගෙන හිටිය නිසා.

මල් වට්ටියත් අතට ගත්තු ආශව පුරුදු කාරයෙක් වගේ නේත්‍රගෙ ගේ ඇතුලට යද්දී ලොකු හුස්මක් පිට කරපු නේත්‍රත් ආශව එක්කම ගේ ඇතුළට ඇවිදන් ගියා. ආශාව ගැන තමන්ගේ හිතට දැනෙමින් තිබ්බ හැඟීම නේත්‍රව මේ වෙද්දි සෑහෙන්නම නොසන්සුන් කලා.

ඉස්සර වගේ නෙවෙයි දැන් ආශවගේ හුස්මක් වැදුනත් නොසන්සුන් වෙන මට්ටමට නේත්‍ර පත්වෙලා ඉවර වෙලා තිබුණා.ආශවගෙ පස්සෙන් ගෙට ගිය නේත්‍ර සාල කෑල්ලෙ තිබ්බ පුංචි පුටුවක් උඩ ඉදගෙන උකුල උඩ තියෙන මල් වට්ටිය හදන ගමන් හිටි ආශව දිහා බලන ගමන්ම බුදුපහන තියන්න ඕනි ඉතුරු අඩු පාඩු ටික ලෑස්ති කරන්න පටන් ගත්තා.

"නිවේදයාමි සම්බුද්ධං

වීතරාගං මහාමුනින්

නිමන්තයාමී සුගතං

ලෝක ජෙඨ්ඨං නරාසභං........."

බුදු පහන තියලා බුදු පිලිමෙ පාමුල දෝත නලලෙ තියාගෙන වැදගෙන ඉන්න තරුණ ගැටව් දෙන්නාගෙ දර්ශනේ එක දිගට බලාගෙන ඉන්න පුළුවන් එකක් වුණා.මේ වයසක පිරිමි ලමයි දෙන්නෙක්ගෙන් මේ වගේ ගුණයක් බලාපොරොත්තු වෙන්න බැරි වුනත් නේත්‍ර ඒ ගුණවත් බව ආශවටත් බෝ කරලා තිබ්බා.කොච්චර හිතුවක්කාරයෙක් උනත් නේත්‍ර ලගදි සන්සුන් වෙන ආශව නේත්‍ර කියන හුගක් දේවල් පිලිගත්තා.ඒවා පිලිපැද්දා.

නේත්‍රත් එක්කම තාලෙට ගාථා කියලා ඉවර කරපු ආශව පුරුදු විදියටම බලාගෙන හිටියෙ ඊලගට නේත්‍ර කරන දේ වෙනුවෙන්.බුදු පහන තියෙන තට්ටුව ලගට ඉස්සුනු නේත්‍ර මැටි පහනෙ තිබ්බ තෙල් ටිකක් තමන්ගෙ ඇගිලි දෙකක තවරගෙන ආශව දිහාවට හැරුනා.පුරුදු විදියටම ආශව තමන්ගෙ ඔලුව නේත්‍රගෙ ඉස්සරහ පාත් කරද්දි නේත්‍ර, තමන්ගෙ හීනි ඇගිලි තුඩු වල තිබ්බ තෙල් බින්දු දෙක තුන ආශවගෙ හිස් මුදුනෙ තැවරුවා.හිස් මුදුනෙ තවරන ගමන් ඇස් දෙකත් පියාන තමන්ගෙ සුදු අයියට නිහඩව ආශිර්වාද කරපු නේත්‍ර පුරුදු විදියට සියුම් සුසුම් පොදක් ආශවගෙ හිස් මුදුනට පා කරද්දි ඇස් දෙක ඇරිය ආශව කෙලින් වෙලා හිට ගත්තා.

"එලියට එන්න නේත්‍ර.මට ටිකක් කතා කරන්න ඕනි"

නේත්‍රගෙ උරහිසට අත තියලා කතා කල ආශව තමන්ගෙ කොට කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් බස්සගෙන අරලිය ගහ යටට ඇදෙද්දි නේත්‍රත් ඒ පිටිපස්සෙන්ම ගෑටුවා.අරලිය ගහ යට බංකුවට වෙලා ඉදගෙන හිටිය ආශවව දැක්කම නේත්‍රට මතක් වුනේ පුංචි කාලෙ ඕක උඩින් ඉදගන්න සුදුබේබිව.ඒ කාලෙ කකුල් දෙකවත් පොලවෙ ගෑවෙන්න නොතිබ්බට මොකෝ දැන්නම් පොලවෙ ගෑවෙන කකුල් දෙක තව ඩිංගක් දිග ඇරගෙනත් එක්ක තමා ආශවට ඉන්න වෙලා තිබ්බෙ.කාලෙ වෙනස් වෙන ඉක්මන!

ආශව බලාගෙන හිටියෙ ගෙදර ඇතුලෙ ඉදන් අරලිය ගහ ලගට ඇවිදන් එන නේත්‍ර දිහා.නේත්‍රගෙ ගමන හුගක් සන්සුන්.ආශව ලගට ඇවිදන් ගිය නේත්‍ර හෙමින් සැරේ බංකුවෙ ඉදගත්තා.ආශව බලාගෙන හිටියෙ නේත්‍රගෙ මේ සන්සුන් හැසිරීම දිහා.

කොයි වෙලෙත් ගිනි අරං වගේ දගලන තමන් එක්ක බලද්දි නේත්‍ර කොච්චර නම් සන්සුන්ද කියන එක ආශවට හුගක් පැහැදිලි වුණා.ආශව ඒ සන්සුන් කමට හුගක් ආසා කලා.ආදරේ කලා.කෙනෙක්ව සනසන්න,නිවන්න පුළුවන් නේත්‍රගෙ ගතිගුණ වලට ආශව ආදරේ කරන්න අරන් තිබුනෙ අදක ඊයෙක ඉදන්නම් නෙවෙයි.

"ස්...සුදු අයියෙ?"

නේත්‍රගෙ හඩේ තිබ්බෙ පැහැදිලි ප්‍රශ්නාර්ථයක්.වෙනදට හුගක් දවස් වලට තමන්ගෙ ගෙදරට ඇවිත් බුදුපහන තියන ආශව ඊලගට තමන්ගෙ අතින්ම හදන තේ කහට එකක් හකුරු කෑල්ලක් එක්ක බොනවා මිසක් මෙහෙම විශේෂෙන් කතාවකට තමන්ව ඈදගන්නෙ නෑ කියලා නේත්‍ර දැනන් හිටියා.මොකක්ම හරි විශේෂයක් නිසා මිසක් මෙහෙම ආශව හැසිරෙන්නෙ නෑ කියලත් නේත්‍ර දැනගෙන හිටියා.

"තාම තරහද?"

නේත්‍රගෙ කරවටින් තමන්ගෙ අත දාගත්තු ආශව එහෙම්මම නේත්‍රව තමන්ගෙ ලගට කිට්ටු කරගන්න ගමන් අහද්දි නේත්‍ර පිලිතුරක් නොදීම බිම බලාගෙන හිටියා.නේත්‍රගෙ ඒ හැසිරීමට හේතුව ආශව එක්ක තියෙන තරහා නෙවෙයි මෙහෙම ආශවගෙ ස්පර්ශ නිසා දැනෙන අමුතු හැගීම කියන එක තේරුම් ගන්න බැරි වුණු ආශව නේත්‍රගෙ අතින් තද කරල අල්ලලා තමන් ලගට ඇදලා ගත්තා.

"නේත්‍ර! නේත්‍රට බෑ ඔහොම මාව මගාරින්න! නේත්‍රට බැහැ මාව දෙවනි තැනට දාලා වෙන අයව පලවෙනි තැනට ගන්න!"

"සුදු අයියා මොනාද මේ කියන්නෙ? මම කවද්ද සුදු අයියව දෙවනි තැනට දැම්මෙ?"

ආශවගේ අදුරු පාට වුණු ඇස් දෙක දිහා බලපු නේත්‍ර වචන ගැටගහන්න උත්සාහ කලා.තමන්ගෙ සුදු අයියා කේන්ති ගියාට පස්සෙ සෑහෙන්නම වෙනස් මනුස්සයෙක් වෙන බව නේත්‍ර අත්දැකීමෙන්ම දැනන් හිටියා.ආශවගෙ වියරුවෙ තරම නේත්‍ර පලවෙනියටම දැක්කෙ මීට අවුරුදු ගාණකට කලින් රධීන්ගෙ අත කඩපු දවසෙ උනා.එදා ආශවගෙ අත් අතරට අහු වුණු තමන් පවා රිදෙන තරමට මිරිකිලා හිටි බව නේත්‍රට හොදට මතක තිබ්බා.

එදා ආශවගෙ ඇගේ ගැස්ම එන්න එන්නම අසාමාන්‍ය වෙද්දි,ආශවගෙ තොල් පවා වෙවුලද්දි නේත්‍ර කලේ පුංචි කමට උනත් ආශවගෙ පපුව අතගාපු එක වුණා.තමන් සේනාධිනායක මුදිලිට බය වුණු දවසෙ ආශව තමන්ගෙ පපුව අතගෑව හැටි මතක් වුණු නේත්‍ර ආශවගෙ පපුව අතගාපු එකේ ප්‍රතිඵලයක් විදියට එදා ආශව විනාඩි ගාණක් ඇතුලත සන්සුන් වුණා.

එදාට පස්සෙ ආශවගෙ ඒ වගේ දරුණු වියරුවක් නොදැක්කත් එදා වුණු දේ නේත්‍රට අදටවත් අමතක කරන්න බැරි වුණා.ඒ නිසාමයි ආශව දරුණු වීගෙන එන බව දැනුනු ගමන්ම නේත්‍ර ආශවව සන්සුන් කරන්න උත්සාහ කලේ.අද වෙනකන් නේත්‍ර සාර්ථක වුණා.ඒත් අනාගතේ ගැන කාටවත් අනාවැකි කියන්න බෑ.දවසක් ආවොත් නේත්‍රටවත් ඒ වියරුව නතර කරන්න අමාරු වෙන?

"දිවාෂ කමක් නෑ.....ආර්ය ඇයි? ඇයි එච්චර කිට්ටු වෙන්නෙ? අද ඉන්ටවල් එකේදි නේත්‍ර ආර්ය එක්ක යද්දි මන් දිහා නොබලපු එක මට කොච්චර රිදුනද කියලා නේත්‍ර දන්නවද ආහ්හ්හ්හ්?"

එන්න එන්නම ආශවගෙ අතේ ග්‍රහණෙ වැඩි වෙද්දි නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බා.ඊයෙ උනු ප්‍රශ්නෙ නිසා ආශවව මගෑරියා මිසක ඒ දෙයින් තමන්ට දැනුනු වේදනාව දැනන් උන්නෙ නේත්‍ර විතරමයි.තනියෙන් විදෙව්ව නේත්‍රට ආශව මෙහෙම චෝදනා කරද්දි ඒක දරාගෙන ඉන්න පුලුවන්කමක් නේත්‍රට තිබුනෙ නෑ.ඒත් නේත්‍ර අසීරුවෙන් උනත් ඒක දරාගත්තා.මොකද නේත්‍රට ඕනි වුනෙ නෑ ආශව වගේ ඇවිලෙන්න.ගින්නකින් තවත් ගින්නක් නිවන්න බැරි බව නේත්‍ර දැනන් උන්නා.ඒ නිසාම තමා ආශව කියන ගින්නට මූණ දෙන්න නේත්‍ර සිසිල් ජල පහරක් වුණේ.

"රිදෙනවා සුදු අයියෙ මට"

ඔව්.නේත්‍රගෙ ඒ එක වචනෙ ඇති වුණා ආශවගෙ ඔක්කොම කේන්ති දිය කරලා දාන්න.නේත්‍රගෙ බෝල ඇස් වල පිරුණු කදුළු දැක්ක ගමන්ම ආශව කේන්තියට හේදිලා ගියා.විනාඩි ගාණකට කලින් තමන් තදින් අල්ලගෙන හිටිය නේත්‍රගෙ අත තමන්ගෙ අත් දෙක අතරට මැදි කරගත්තු ආශව හෙමීට ඒ අත අත ගාන්න ගත්තා.

නේත්‍රට රිද්දවන එක ආශව පුංචි කාලෙ ඉදලම අකමැති දෙයක් වුණත් යෞවන අවධියට එන්න එන්නම තමන්ගෙ ඇගෙන්ම එන ඉක්මන් කෝපය නිසා නේත්‍රට තමන්ගෙ අතින් රිදවෙන ප්‍රවණතාවෙ දැන් වැඩි වෙලා කියලා ආශව දැනගෙන හිටියා.ආශව් තමන්ගෙ ඉක්මන් කෝපයට වෛර කලා.ඊටත් වඩා තමන්ගෙ අතින් නේත්‍රට රිදෙන එකට වෛර කලා.

"මට....මට සමාවෙන්න නේත්‍ර.....සුදු අයියා හිතලා නෙවෙයි දෙයියනේ කේන්ති ගත්තෙ"

විනාඩි ගාණකට කලින් නේත්‍රගෙ ඉස්සරහ කළු කුමාරයා වැහිලා වගේ රගපෑව මනුස්සයා දැන් නේත්‍රව නලවන ගමන් හිටියා.ආශව දිහා ටික වෙලාවක් එක එල්ලෙ බලාගෙන හිටිය නේත්‍ර එකපාරටම ආශවගෙ පපුවට ගුලි වෙලා කෑ ගහලා අඩන්න ගත්තා.හිතේ තැන්පත් වෙලා තියෙන දුක හේදිලා යනකං නේත්‍ර අඩන්න ගත්තා.තමන්ට සැනසීමක් තියෙන එකම පිරිමි පපුව උඩ ඒ දුක නැත්තටම නැති වෙලා යනකං නේත්‍ර අඩන්න ගත්තා.

"ඇයි දැන් අඩන්නෙ ම්ම්ම්ම්? හ්ම්ම් හ්ම්ම්....අඩලා ඉවර වෙලාම සුදු අයියට කියන්නකො ඇයි කියලා"

නේත්‍රගෙ හිස් මුදුනෙන් සියුම් සිපුමක් තවරන ගමන් කිව්ව ආශව එහෙම්මම නේත්‍රගෙ ඉණ වටේ අත දාලා නේත්‍රව තව ටිකක් තමන්ගෙ පපුව අස්සට ගුලි කරගත්තා.මොකක් උනත් කලින් දා තමන් කිව්ව හැම දෙයක්ම ඕනිවට වඩා නේත්‍ර හිතට අරගෙන වැඩියි කියන එකනම් ආශවට තේරුණා.ඒ දේවල් එහෙම නොකිව්වනම් හොදයි කියලා ආශවට දැන් හිතුනත් ආශව පරක්කු වැඩි වෙලා තිබ්බා.නේත්‍රගෙ මහ ඇඩිල්ල හීන් ඉකියක් වෙනකංම ආශව නේත්‍රව පපුවට තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගාන ගමන් හිටියා.

"දැන් ඇයි කියනවද ම්ම්ම්ම්?"

"සුදු අයියා හොද අක්කා කෙනෙක් එක්ක යාලු වෙන්න සුදු අයියෙ.මම තරහා වෙන්නෑ.මම....මම....."

"නේත්‍රට බයද නේත්‍රගෙ සුදු අයියා නේත්‍රගෙන් ඈත් වෙයි කියලා? නේත්‍රව මල්ලි වගේ බලාගන්න එක අතෑරලා දායි කියලා?"

නේත්‍ර හීනෙකින්වත් නොහිතපු වචන ටිකක් ආශවගෙන් එලියට එද්දි නේත්‍රගෙ ඉකිය පවා ගිලිලා ගියා.තමන්ගෙ හිතේ ආශව ගැන තියෙන හැගීම සහෝදරකම කියන කුලකෙටවත්,යාලුකමක් කියන කුලකෙටවත් අයිති වෙන්නෙ නෑ කියන එක නේත්‍ර දැනගෙන හිටියා වගේම ඒක දාන්න ඕනි ඉතුරු වෙන කුලකෙට කියලත්,ඒ කුලකෙ මොකද්ද කියලත් නේත්‍ර දැනන් උන්නට නේත්‍ර ඒ පියවර තියන්න බය වුණා.

ඒකට එක හේතුවක් විදියට ආශව කියන්නෙ වලව්වෙ මහ මුදියන්සෙගෙ පුතා වුණු එක වෙද්දි අනික් පැත්තෙන් ආශව කියන්නෙත් තමන් වගේම පිරිමි ලමයෙක් වුණු එක වුණා.මෙච්චර දවසක් නොහිතා හිටියට අද ආශවගෙ වචනත් එක්ක එහෙම හැගීමක් එන්නෙ තමන්ට විතරයි කියලත්,තමන් අසාමාන්‍ය කෙනෙක් කියන එකත් නේත්‍රට දැනෙන්න ගත්තා.

"මම....මම යන්නම් සුදුබේබි! ගෙදර වැඩ වගයක් තියෙනවා"

තමන්ගෙ හිතේ තියෙන අමුතු හැගීමුත් එක්කම මෙහෙම තමන් තමන්ගෙ සුදු අයියට තුරුල් වෙලා ඉන්න එක පෞකාර වැඩක් කියලා හිතුනු නේත්‍ර ඉක්මනටම ආශවගෙ පපුවෙන් ඈත් වුනා.නේත්‍රගෙ හැසිරීමත් එක්කම අළු යට තිබ්බ ගිනි පුපුරු වගේ වුණු ආශවගෙ කේන්තිය ආපහු පාරක් උඩට මතු වෙන්න ගත්තා.

"මම නේත්‍රට යන්න කිව්වෙ නැහැ! ඔහොම ඉන්න"

තමන්ගෙන් ඈත් වුණු නේත්‍රව ආපහු පාරක් බලෙන්ම තුරුල් කරගත්තු ආශව මුමුණන්න පටන් ගත්තා.ආශවගෙ හිතේ නේත්‍ර ගැන තියෙන්නෙ සහෝදරයෙක් ගැන හැගීමක් විතරයි නම් ඇයි මේ විදියෙ හැසිරීමක්? දෙවින්ට දෙනෙත්ට දෙන්නට වඩා වෙනස් සැලකීමක්? තමන්ගෙන් ඈත් වෙන්න හැදුවත් බලෙන් රදවගන්න තරම් වියරුවක්? ඇත්තටම ආශවට නේත්‍රව සහෝදරයෙක් විතරමද? නැත්තං ආශව තවම ආශවගෙ හැගීම් තේරුම් අරන් නැද්ද? එහෙමත් නැත්තං ආශව කරන්නෙ රගපෑමක්ද?

"නේත්‍රව මම එහෙම අතාරින්නෙ නැහැ.මම දවසක ආදරේ කරන කෙනාට ආදරෙයි කිව්ව දවසට ඉස්සෙල්ලාම ඒක ඇවිල්ලා කියන්නෙ නේත්‍රට"

"ඒ කියන්නෙ? ස්....සුදු අයියට.....?"

"ඔව් නේත්‍ර.මට ගැලපෙනම කෙනාව මට හම්බෙලා ඉවරයි.දැනටමත්!"

කී වෙනි වතාවටද දන්නෙ නැහැ.නේත්‍රගෙ පපුව හිරි වැටීගෙන යන්න ගත්තා.ඔලුව උඩ හෙන දෙක තුනක් පිපිරුව බවක් නේත්‍රට හැගෙන්න ගත්තා.මතකද? පුංචි කාලෙම නේත්‍රගෙ පුංචි හිතට ආශව ගැන දැනුනු ලෝභකම? තමන්ගෙ අක්කා එක්ක බෙදාගන්නවත් බැරි තරමටම දැනුනු ලෝභ කම? එහෙව් තමන්ගෙ සුදු අයියව ලගදිම වෙන කෙනෙක් එක්ක බෙදාගන්න නෙවෙයි.....සම්පූර්ණයෙන්ම භාරදෙන්න වෙනවා කියලා දැනුනම නේත්‍රගෙ ලාමක හිතට ආව හැගීම ගැන හිතන්න පුලුවන්ද?

ආශවගෙන් හෙමීට ඈත් වුණු නේත්‍ර තමන්ගෙ ඇස් වලින් එලියට පනින්න හදන කදුළු කැට වලට තරවටු කරන්න ගත්තා.ඔව්! සුදු අයියා ලගදිම වෙන කෙනෙක්ගෙ වෙනවා තමා.....ඒත් එහෙමයි කියලා ඔයාට අඩන්න බෑ නේත්‍ර.ඔයාට කොහෙ තියන අයිතියක්ද? නේත්‍ර තනියම හිතන්න ගත්තෙ තමන්ගෙ ඇගිලි තුඩු අත්ලට තද කරගෙනමයි.

"ස්...සුදු අයියා ඒක මට කියන්න ඕනි නෑ සුදු අයියෙ.මම සුදු අයියගෙ කවුද එහෙම කියන්න තරම්?"

නේත්‍ර හිතන්නත් කලින් නේත්‍රගෙ කටින් වචන එලියට පැන්නා.ආශවගෙ හිත රිදුනත් දැන් තමන්ට කරන්න දෙයක් නෑ නේද කියලා නේත්‍ර පසුතැවෙන්න ගත්තා.තමන් ඒ වචන නොකියා ඉන්න තිබුනා කියලා හිතන්න ගත්තා.ඒ තමයි නේත්‍ර! වචනෙකින්වත් ආශවගෙ හිත රිද්දන්න අකමැති.

"නේත්‍ර මගෙ කවුද නේද? අද නෙවෙයි.මම පස්සෙ දවසක ඒක කියන්නම් නේත්‍රට.....අනික මම මගෙ වචනෙ වෙනස් කරන්නෑ.මම අර දේ ඉස්සෙල්ලාම ඇවිත් කියන්නෙ නේත්‍රට තමයි"

ආශවගෙ වචන වලට විරුද්ධව නේත්‍රට මුකුත්ම කියන්න බැරි වුණු තැන නේත්‍රට පුළුවන් වුනේ දිග හුස්මක් හෙලන්න විතරයි.බංකුවෙන් නැගිට්ට ආශව නේත්‍ර දිහා බැලුවා.

"ගෙට ගිහින් දොර වහගන්න නේත්‍ර.මම දැන් වලව්වට යන්නෝනි.පාඩම් කරන්නත් තියෙනවනෙ.ol කට ලගනෙ"

නේත්‍ර තමන්ගෙ එක වචනෙට කීකරු වෙලා නැගිටලා ගෙට යන දිහා ආශව ආදරෙන් බලාගෙන හිටියා.ගේ දොරකඩට ගිය නේත්‍ර අඩවල් කරපු දොරෙන් ඔලුව එලියට දාලා "බුදු සරණයි සුදු අයියෙ.පරිස්සමින් යන්න" කියලා දොර වහගත්තා.

"හෙමීට හෙමීට හරි ඔයා වුණත් දැනගන්න ඕනි නේත්‍ර ඔයා ඉන්න මට්ටම!"

වත්ත අයිනෙ තිබ්බ ගැටපිච්ච වැලෙන් පිපීගෙන එන පොහොට්ටුවක් නෙලාගෙන තමන්ගෙ අතට ගත්තු ආශව ඒ පොහොට්ටුවෙ සුවද විදින ගමන් මලට මිමිණුවා.ගැටපිච්ච පොහොට්ටුව පරිස්සමට කලිසම් සාක්කුව ඇතුලට දාගත්තු ආශව වලව්වට යන කන්ද නගින්න ගත්තා.

...................................................................................................

"කියන්නවත් බෑ නේහ්? ඔව් ඉතින් ආර්යට පාඩම් කියලා දෙන්නනෙ යන්නෙ! සුදු අයියා කවුද ආර්ය එක්ක නේහ්? ඈ නේත්‍ර? කෝ? ඇයි කට වැහිලා?"

ඊයෙ හවස උණු ප්‍රශ්නෙත් එක්කම අද වේලාසනින් ඉස්කෝලෙ යනවා කියන එක් ආශවට කියන්න බැරි වුණු නේත්‍ර මහ පාන්දර පාරෙ මගක් දුර ඉදන්ම ඔය වචන ටික අහගෙන හෙම්බත් වෙලා හිටියා.තමන් නොකිව්වට මොකෝ කොහෙන් හරි අද තමන් වේලාසනින් ඉස්කෝලෙ යන බව හොයාගෙන හිටි ආශව නිර්මලා එක්ක පාන්දර ටවුමට යන ගමන් හිටි නේත්‍රගෙ බෙල්ල මුලින්ම අල්ලගත්තා.මැනුවෙල් එක්කම හති දාගෙන දුවං ඇවිත් හිටි ආශව නිර්මලාවත් ගෙදරට පිටත් කරලා මැනුවෙල්ව පෙරටු කරගෙන නේත්‍රත් එක්ක ටවුමට ගාටන්න ගත්තා.

ඒ වෙලාවෙ ඉදලා,බස් එකට නැග්ග වෙලේ ඉදං,බස් එකෙන් බැස්ස වෙලේ ඉදන්,ඉස්කෝලෙට එනකංම ආශවගෙ ඔය වාග් මාලාවට ලක් වෙන්න නේත්‍රට සිද්ධ වුණා.ඒත් ඒ දෙයින් වෙනදා වගේ සතුටක් නොදැනුනු නේත්‍රගෙ හිතම මහ වේදනාවකින් පිරිලා තිබ්බා.වෙනදට ඔහොම ප්‍රශ්න අහද්දි ඒවට අහිංසක උත්තර දෙන නේත්‍ර අද මුකුත්ම නොකියා කට වහගෙන යද්දි ආශවගෙ උනත් හිත රිදුනා.ඒත් ආශව ඉවසුවා! හේතුවක් නිසා ආශව ඉවසුවා.

නේත්‍රව නේත්‍රගෙ පන්තියටම ඇරලවපු ආශව තමන්ගෙ පන්තියට ගියේ කිසිම සද්දයක් නොකර.මෙච්චර වෙලා අර විදියට හරි කියව කියව හිටපු ආශවගෙ ඒ නිහඩ බව නේත්‍රට වේදනාවක් වුණත් නේත්‍ර ඉවසුවා.මොකද මීට ඉස්සරහට මීටත් වඩා දරුණු වේදනාවලට තමන්ට මූණ දෙන්න වෙන බව නේත්‍ර දැනගෙන හිටියා.

"Good morning නේත්‍ර.මම නේත්‍ර එනකම්මයි හිටියෙ"

"Good morning ආර්ය.අපි පාඩම බලමු එහෙනම්"

හිතේ කොච්චර පීඩනයක් තියන් හිටියත් කවදාවත් එක මනුස්සයෙක්ගෙ ඉස්සරහ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඉස්සරහ ඒ දේවල් ලේසියෙන් නොපෙන්වන නේත්‍ර ආර්ය මුව පුරා හිනාවෙන ගමන් සුභ පැතුවා.ටික වෙලාවක් යද්දි සාහිත්‍ය පොත පෙරලගෙන ආර්යට පාඩම පැහැදිලි කරන්න ගත්තු නේත්‍රට නිදහසේ ඒ දේ කරගෙන යන්න පුළුවන් උනේ ටික වෙලාවයි.

"අම්මටසිරි ආශව අයියා.Good morning"

"අ....අයියෙ?"

"මමත් ඉන්න තැනම මෙයාට පාඩම කියලා දෙන්න නේත්‍ර"

...................................................................................................

හායිම්

Words 2300+🙈❤️

අද හරි සතුටු දවසක් diehard ටේකුකර් කෙනෙක් විදියට නේත🙈💚💜️

මම අද එපියක් දෙන්න නෙවේ හිටියෙ.....

ඒත් අමාරුවෙන් හරි මේක ටයිප් කරගත්තෙ ඒ සතුට නිසා.......

ඒත් දැන් මහන්සියි......

කැමීලියාට උණ ගැනීගෙන වගේ එන්නෙ.ඇගම තලලා දාලා වගේ.ඔලුව පැලෙන්න එනවා වගේ......

ඔයාලා බලන් ඉන්න නිසා තමා මේ දුවගෙන ආවෙ🥺❤️ එපිය කැතයි වගේනම් තරහා වෙන්න එපා❤️

ඒවා වැඩක් නෑ අද දවසනම් ශෝයි😭❤️

(දෙන්නා එකටමයි😭💜️💚)

හනේ😂🙈💜️💚

Awwww🥺💜️💚

අද දවසනම් අපිට සප්‍රයිස් ගොඩායි😭💜️💚

(මම toxic ටේකුකර් කෙනෙක් කියලා බයින්න එපා😪 මොකත මම ඇත්තටම මේ දෙන්නා සම්න්ධයෙන් toxic තමා😌😂💜️💚)

මම අමුතුවෙන් කියන්නෑ මගෙ මහන්සියට සාධාරණයක් කරන්න කියලා ❤️

මොකද මම දන්නවා බබාලා ඒ දේ කරනවා කියලා 🥺❤️

කලින් එපිය වෙනකංම ඔයාලා ඒ දේ කල නිසා මට ඒක විශ්වාසයි🥺❤️

මම ගිහින් එන්නම් බබාලා එහෙනම්🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter