Back
Chapter 21

20 කොටස🤍✨

නිවාලන්න මා...

"ගුත්තිල වෙණ නද එකේදි මෙන්න මේ කවි පන්ති හතර හොදට පාඩම් කරගන්න ආර්ය.මේ කවි පන්ති හතර කරකවලා ඕනිම විචාරෙකට ලියන්න පුළුවන් ගුත්තිල පාඩමෙන් අහන.තේරුණාද?"

"ඕඕඕඕ නේත්‍ර.මම එතකොට මේ ටික පාඩම් කරගත්තම හරි නේද?"

"පාඩම් කරගෙන විතරක් මදි ආර්ය.මම කියලා දෙන විදියට ඒකෙන් ඕනිම විචාරෙකට ලියන්නත් පුරුදු වෙන්න.මේ බලන්නකො......ඉස්කෝලෙන් දුන්නු පාස් පේපර්ස් වල ගත්තත් ඒකෙන් අහලා තියෙන්නෙ එකම විදියෙ විචාර ටිකක්.ඒ කියන්නෙ අපිට ඒ පහුගිය ඒවට සමානම එකක් එනව මිසක් අලුතින් එකක් එන්නෑ.හොදට ඒක බැලුවාම තේරෙනවා"

"හා හා......ඔලුව ඈත් කරං බලනවා ආර්ය!!!"

ආශව පන්තියට ආවට පස්සෙ ලොකු හුස්මක් හෙලලා හිත සන්සුන් කරගන්න උත්සාහ කරපු නේත්‍ර හෙමින් හෙමින් ආර්යට පාඩම කියලා දෙද්දි ආශව ඇවිත් ඉදගෙන හිටියෙ නේත්‍රගෙ එහා පැත්තෙ පුටුවෙ.තාම ලමයි කවුරුත්ම ඇවිත් නොහිටි නිසා ආශවට නිදහසේ එහෙම ඉන්න පුළුවන් උනා වගේම ලමයි එහෙම ආවත් ඒක ලොකුවට ප්‍රශ්නයක් නොවුනෙ ආශව,දෙවින්,දෙනෙත් කියන තුන් දෙනා නේත්‍රලාගෙ පන්තියෙ ලමයින්ට හුරු පුරුදු චරිත තුනක් වුණු නිසා.

තමන්ගෙ දකුණු අතේ වැලමිට මේසෙ උඩින් තියාගෙන අතේ අල්ල උඩින් තමන්ගෙ කම්මුලක් තියාගත්තු ආශව ආර්යට පාඩම් කියලා දෙන නේත්‍ර දිහා එක දිගටම බලාගෙන හිටියා.කලින්දා තමන්ට ගැලපෙනම කෙනා හොයාගෙනත් ඉවරයි කියලා කිව්ව ආශව අද ඇහි පිල්ලමක්වත් නොගහා තමන් ලගින්ම ඉන්න නේත්‍ර දිහා බලාගෙන හිටියා!

තමන්ට ඇරෙන්න වෙන කෙනෙක්ට නේත්‍රගෙ හුලගක්වත් වදිනවට ඉරිසියා කරපු ආශව, නේත්‍ර ආර්යට පාඩම් කියලා දෙන එකට බාධා නොකර හිටියෙ ඒක ලමයෙක්ගෙ ඉගෙනීම සම්බන්ධ දෙයක් නිසා.ඒත් ආශව හිටියෙ ඉවසීම කියන දේ ප්‍රගුණ කරන ගමන්.මොකද සමහර වෙලාවට නේත්‍ර පොතේ තැන් පෙන්නද්දි ඒ ඇගිලි වල පොත උඩ තියෙන ආර්යගෙ ඇගිලි වදිනවත් ආශව දැකලා තිබ්බා.

ආර්යට පාඩම කියලා දුන්නු නේත්‍ර පාස් පේපර්ස් වල තිබ්බ ප්‍රශ්න ආර්යට පෙන්නද්දි නම් සුදුබේබිගෙ රතු කට්ට උඩ තිබ්බ සුදුබේබිගෙ ඉවසීම දෙපිටින් ගියා.මොකද නේත්‍රගෙ ඔලුව ලගටම ආර්යගෙ ඔලු ගෙඩියත් කිට්ටු වුණා වගේම ඒකෙන් දෙන්නගෙ මූණු දෙකත් සෑහෙන්නම ලං වුණා.ඉතින් මෙච්චර වෙලා ඉවසගෙන හිටිය ආශවගෙ කටින් ඉස්සෙල්ලා කිව්ව වචන ටික එලියට පැන්නත් එක්කම නේත්‍ර ගැස්සිලා ඉක්මනටම පිටිපස්සට වුණා.

ආශවගෙ ඇස් දෙක ලා රතකට හැරීගෙන එන ගමන් තිබුණා.තව ටික වෙලාවක් යද්දි මෙතන වෙන්න යන දේ එච්චර හොද දෙයක් නොවෙන බව තේරුම් ගත්තු නේත්‍ර කලින්දා ඇති වෙලා තිබ්බ හිතේ වේදනා ඔක්කොම පැත්තකට දාලා ආශවගෙ අතක් තමන්ගෙ අත් දෙකම අතරට මැදි කරගත්තා.ආශවගෙ මැදි කරගත්තු අත මේ වෙද්දිනුත් ලාවට වෙවුලමින් තියෙන බවක් නේත්‍රට තේරුම් ගිය නිසාම නේත්‍ර ආශවගෙ ඇස් දෙක දිහා බලාගෙනම ඒ අත හෙමීට පිරිමදින්න ගත්තා.

"හ්ම්ම්ම්"

දිග හුස්මක් පල්ලෙහාට දාපු ආශව තමන්ගෙ ඇස් දෙක නේත්‍රගෙ බෝල ඇස් වලින් ගලවගත්තු ආශව එහෙම්මම අහක බලාගත්තු තමන්ගෙ නිදහස් අතින් යටිතොල පිරිමදින ගමන්.ආශව සන්සුන් වුණා කියලා තේරුම් ගත්තු නේත්‍ර හෙමීට ආශවගෙ අත අතාරිද්දි අතෑරුනු අත දිහා බලලා නේත්‍ර දිහා බැලුව ආශව කට කොනකින් හිනා වෙලා ආර්ය දිහා බලලා පුටුවෙන් නැගිට්ටා.නැගිට්ටට මොකෝ ආපහු පාරක් ආයෙ මොකක් හරි මතක් වුණා වගේ ඉදගත්තු ආශව නේත්‍ර දිහා බැලුවෙ ඇහිබැමකුත් උඩට උස්සගෙන.

"පාඩම කියලා දෙන්නෑ?"

"ආ....ආහ්හ්හ්හ්.......ඕඕඕඕඕ"

මෙච්චර වෙලා ආශවගෙ ඇස් අස්සෙ අතරමං වෙලා උන්නු නේත්‍ර ආර්ය දිහා බලද්දි මෙච්චර වෙලා මෙතන වුනු සිද්ධිය තේරුම් ගන්න බැරුව හිටිය ආර්ය තමන්ගෙ ඔලුවට අතින් පාරක් ගහගෙන ආශව දිහා බලලා හෙන මෝඩපහේ හිනාවක් පෑවා.ආයෙමත් නේත්‍ර පාඩම කියලා දෙන්න පටන් ගත්තෙ මීටරේ පරතරේ ආර්ය එක්ක තියාගෙන.ඔව්! වැඩි ඇගෑලුම්කම් පාන්න ගියොත් එක්කො නේත්‍ර කනවා.නැත්තං ආර්ය කනවා.

"Good morning මගෙ සුදු පැටි.........අම්මට හුඩු මහ එකා! උබ ආවතේ?"

බෑග් එක තනි කරේ එල්ලගෙන පන්තිය ඇතුලට පිඹගෙන ආව දිවාෂ දත් වහල්ලම එලියට දාලා නේත්‍රට සුභ පතනවත් එක්කම ඒ මූණෙ හුලං බැස්සෙ නේත්‍රට එහා පැත්තට වෙලා බුම්මගෙන ඉන්න ආශවව දැකලා.ආශවගෙ මූඩ් එකත් එච්චර හොද නැති නිසා කෝකටත් කියලා එලියෙ ඉදලම පන්තිය ඇතුලට බෑග් එක විසික් කරපු දිවාෂ දොරකඩට වෙලා හිටියෙ ආශව ගහන්න ආවොත් දුවන්න කියලා හිතාගෙන.දිවාෂ මේ වෙලාවෙ ආශවට වරදක් කලේ නෑ තමයි.ඒත් දිවාෂ හැම වෙලාවකම සූදානම් ශරීරෙන් හිටියෙ සතුරු ආක්‍රමණ වලට මූණ දෙන්න!

"මම යනවා.ඉස්කෝලෙ ඉවර වෙලා පරිස්සමින් ගෙදර යන්න නේත්‍ර.අද මට ක්‍රිකට් ප්‍රැක්ටිස්"

"හ්...හරි සුදුඅයියෙ"

"හිතුවක්කාර වැඩ කරන්න එපා නේත්‍ර.මම කියන එක තේරෙනවනෙ.පරිස්සමට ගෙදර යන්න ඕනි.අර කොට එකත් ඉන්නවනෙ"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව නේත්‍ර ලගින් යද්දි තත්පර ගාණක් ආශව දිහා බලන් හිටිය නේත්‍ර එක පාරටම රතු වුනු මූණ බිමට හරවගෙන ආපහු පාරක් පාඩමට අවධානෙ දුන්නා.උදේ 7 විතර වෙලා තිබ්බ නිසාත් ලමයි රොත්ත පිටින් ඉස්කෝලෙට එන්න පටන් අරං තිබ්බ නිසාත් ඉක්මනටම පාඩම ඉවර කරන්න ඕනි කියලා නේත්‍ර හිතා ගත්තා.

"මන්මත් කරවන දන මුලු දෙරනා

රසවත් වන වෙන නද නද කරනා

සවනොත් සද පුරගන ලොබ දියුනා

නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා"

"මේකත් ආර්ය අපිට ගන්න පුලුවන්.........."

"දරුවන් ඇකයෙන් වැටුනත ආසව?"

"අනේ කුනුහරප නාහා ඉන්නවා මගෙන්!"

"ම්ම්ම්.....මම නාවනම් ආර්යව ඇකයෙන් වැටෙන්නත කොහෙද ඉදලා තියෙන්නෙ"

"මේ ඌ එක්ක වැඩි ඇයි හොදැයියක් තියාගන්න දෙන්න එපා නේත්‍රට"

"අනේ ආසව අහනවකො.මට දැන් ඇති වෙලා ඕයි මේ දෙපැත්ත කන වැඩේ.තමුසෙ එක්කො............"

"කයිය ගගහා ඉන්නෙ මල්ලි? අද අතුගාන්නෙ නැද්ද?"

නේත්‍රගෙ පන්තියෙන් එලියට ආව ආශව දිවාෂත් එක්ක කතා කර කර හිටියත් කතාව දුරදිග යන්න කලින් එතනට ආව ශිෂ්‍ය නායකයෙක් නිසා දෙන්නගෙ සංවාදෙ එතනින්ම නතර වෙලා ගියා.දිවාෂ දිහා බලලා ඔලුව වනපු ආශව එතනින් පිට වෙලා යද්දි ආශව දිහා බලන් හිටිය දිවාෂ තමන්ට රවාගෙන හිටිය ශිෂ්‍ය නායකයටත් ඇහැක් ගහලා පන්තිය ඇතුලට දුවලා කොස්ස අතට ගත්තෙ ආශවට හිතෙන් බනින ගමන්.

"මූ නිසා දවසක මගෙ ඔලුව කුරුවල් වෙනවා"

.

.

.

.

.

ආශව හිටියෙ විටින් විටේ තමන්ගෙ එහා පැත්තෙ ඉදන් ඉන්න දෙවින් දිහාවට තමන්ගෙ ඇස් ගෙනියන ගමන්.පල්ලෙහා තට්ටුවක පිහිටලා තිබ්බ පන්ති කාමරේ වටේට ගහලා තිබ්බ යකඩ දැලට ඔලුව තියාගත්තු දෙවින් අද මුළු දවසම හිටියෙ දාහට අරං සීයට දීලා වගේ.දෙනෙත් දිහා බැලුව ආශව දෙවින්ව පෙන්නලා ඇයි කියලා ඇහුවත් දන්නෙ නෑ කියලා ඔලුව වැනුව දෙනෙත් අහක බලාගද්දි ආශව තමන්ගෙ ඔලුව අස්සෙන් අත් දෙක ගහගත්තා.

පුංචි කාලෙ දෙවින් දෙනෙත් දෙන්නා අතර උනු හිත් රිදීමෙන් පස්සෙ අවුරුදු ගාණක් ගිහින් තිබ්බත් අදටත් ආශව එදා වගේම දෙන්නගෙ මැද්දෙන් ඉදන් හිටියා.කොච්චර දෙවින් එක්ක කතා බහ කලත් දෙනෙත් හිටියෙ ලොකු සීමාවක් දාගෙන කියන එක ආශව තේරුම් අරං හිටියා.ඒ කාලෙ දෙනෙත්ගෙ පුංචි හිතට දරන්න බැරි තරම් වේදනාවක් ගේන්න දෙවින්ගෙ වචන වලට පුළුවන් වෙන්න ඇති.

"දෙවින්?"

"පීරියඩ් එක ඉවර උනාම වොශෲම් පැත්තට යමන් ආශව.මගෙ ඔලුව පුපුරන්න වගේ"

තව කාලච්ඡේදෙ ඉවර වෙන්න තිබ්බෙ විනාඩි දහයක වගේ කාලයක් නිසා ආශව ඔලුව වනලා දෙවින්ගෙ කකුලකට තට්ටුවක් දැම්මා.හැමදේම ඉවසීමකින් කියන කරන දෙවින් මේ වෙලාවෙ ඉන්නෙ ලොකු පීඩනේක කියලා තේරුම් ගන්න ආශවට මහ වෙලාවක් ගියෙත් නැහැ.ගණන් මිස් ලමයි හැමෝටම ආයුබෝවන් කියලා පන්තියෙන් එලියට යද්දි පුටුවෙන් නැගිට්ට ආශව දෙවින්ට තට්ටුවක් දාගෙන පන්තියෙන් එලියට ගියේ ඩෙස් එකට ඔලුව තියං ඉන්න දෙනෙත්ටත් යනවා කියලා.

"මොකෝ කිහාංකො අවුල?"

පිරිමි ලමයින්ගෙ නාන කාමර හතක් විතරම පිහිටල තිබුනේ ලොකු ගොඩනැගිල්ලක් ඇතුලෙ.නාන කාමර ඒ ගොඩනැගිල්ල ඇතුලෙ කොනට වෙන්න පිහිටද්දි ඇතුල් වෙන තැනම හොද ඉඩකඩක් එක්ක බිත්තියට සවි කරලා තිබුනු කණ්ණාඩි කිහිපය එක්කම මූණ අත් හෝදගන්න සින්ක් කිහිපයකුත් සකසලා තිබුනා.මේ වෙලාව වෙද්ව්හි පිරිමි ලමයිගෙ නාන කාමර පේලියම හිස් වෙලා තිබුනා.ආශවත් එක්කම ගොඩනැගිල්ලට ඇතුල් වුණු දෙවින් එහෙම්මම වාරු වුනේ ඇතුල් බිත්තියක් මතට.

"මගෙ මල්ලි ආශව"

දෙවින්ගෙ ඇස් වල කදුළු කැට පිරිලා ගිහින් තිබුනා.තමන්ගෙ වෙවුලන අත් දෙක බොහොම අමාරුවෙන් එකට ලං කරගත්තු දෙවින් හයියෙන් අත් දෙක පටලගත්තෙ ඇගට මොකක්ම හරි හයියක් ගන්න හිතාගෙන.ආශව බලාගෙන හිටියෙත් දෙවින් දිහා ලොකු කම්පනේකින් වගේ.මොකද හැමදෙයක් ගැනම සාවධානව විමසලා බලලා කටයුතු කරන දෙවින් මෙහෙම කලබල වෙන එක හරි අසාමාන්‍ය එකක් වුණා.දෙවින් කියන්නෙ ආශවගෙ හොදම යාලුවා.ඉතින් ආශව ඇරෙන්න වෙන කවුරු මේ වෙලාවෙ දෙවින් එක්ක ඉන්නද?

"තෙවින්ට මොකෝ දෙවින්?"

"ඌ.......මගෙ මල්ලි.......ආශව කොලඹ මොනාහරි ලොකුවටම වෙනවා ආශව.මට තේරෙන්නෙත් නෑ මොනාද කියලා.අම්මා දැන් මාත් එක්ක කතා කරන්නෙත් නැහැ වැඩියෙ.ඊයෙ මල්ලිට මම කෝල් කලා.ඒ කතා කලේ මගෙ මල්ලි නෙවෙයි ආශව.වෙනස් වුණු මනුස්සයෙක්.මට ඒකගෙ පුංචි වෙනසකුත් තේරෙනවා.මහ ඝෝශාවක් එක්ක මල්ලි කතා කලේ.මම මෝඩයෙක් නෙවෙයි ආශව.ඒකා කොහෙ හරි ගුබ්බෑයම් අස්සෙ රිංගනවා කියලා නොතේරෙන්න තරම්......"

"Club?"

"ඔව්...මට හිතුනෙ එහෙම තමයි.හැමදාම මට "අයියෙ" කියලා කතා කරන මල්ලිට ඊයෙ මේ කෝල් කරන්නෙ තමන්ගෙ අයියා කියලා අදුරගන්න බැරි වෙන තරමටම මොකක් හරි වෙලා තිබ්බා."කියපං හු#තො" කියලා කිව්වෙ ආන්සර් කරපු ගමන්ම.උබලා අපි එහෙම කතා කරගන්න එක නෝමල්.ඒත් ඒ මගෙ මල්ලි බං.මගෙ නිවුන්නා......ඒකගෙ වෙනස මට තේරුම් ගන්න බැරි නෑ.මට බයයි ආශව.මමත් නැති අවුරුදු ගාණට මගෙ පොඩි එකා විනාස වෙලාද කියලා.මට බයයි.මගෙ පොඩි එකා ආශව ඒ.....මගෙ පණ ටික"

"තෙවින් එහෙම මෝඩ වැඩ කරගනියිද දෙවින්?"

"මට........මට තේරෙන්නෙ නෑ ආශව.එහෙන් බාප්පා! මට මගෙ යාලුවෙක් වගේ හිටිය එක මනුස්සයා ඒ.එයාටත් ලගකදි ඉදලා මොකක් හරි වෙලා.මට තේරෙන්නෑ ආශව.මට මුකුත් තේරෙන්නෙ නැහැ.මගෙ වටේ ඔක්කොම කැරකෙනවා වගේ මට"

"අඩපං දෙවින්.ඇති වෙනකං අඩපං"

දෙවින් එහෙම්මම වාරු වුණේ ආශවගෙ පපුවට.දෙවින්ව තුරුල් කරගත්තු ආශව එහෙම්මම ඉඩ දුන්නෙ දෙවින්ට හිතේ හැටියට අඩලා දුක පිට කරගන්න.මනුස්සයෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙලාවකදි "හිතන්න එපා,අඩන්න එපා,ඇඩුවා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ,ඔව්වා හිතුවට වැඩක් නෑනෙ" වගේ දේවල් කියන එක කිසිම තේරුමක් නැති වැඩක්.ප්‍රශ්නෙ තියෙන මනුස්සයා ඒ ගැන නොහිතා වෙන මොනා කරන්නද?

අන්තිමේදි එයාගෙ ප්‍රශ්නෙට අපි දෙන්නෙ ඒ වගේ පිලියමක් කියලා එයාට තේරුනහම ඒ මනුස්සයා මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න ගන්නවා.තමන්ගෙ ප්‍රශ්න වලට තනියම උත්තර හොයන්න ගන්නවා.තමන්ගෙ ප්‍රශ්න පිට කෙනෙක්ට කිව්වම ඒක ඒ අයට වදයක් වෙයි,තමන්ව විහිලුවක් වෙයි කියන මානසිකත්වෙන් මිදෙන්න බැරි වෙන නිසා ඔලුව විකාර වෙලා යනකං තනියම හිතන්න ගන්නවා.

අන්න ඒ නිසයි කියන්නෙ.ප්‍රශ්නයක් තියෙන මනුස්සයෙක් තමන්ට ප්‍රශ්නයක් කිව්වම ඒකට දෙන්න පිලියමක් තමන් ලග නැත්තං අඩුම නිහඩව ඉන්න ගමන් ඒ මනුස්සයට ඇහුම්කන් දෙන්න.ඒ මනුස්සයට ආදරණීය වැලදගැනීමක් ලබා දෙන්න.අඩන්න උරහිසක් දෙන්න.සමහර විට වචනෙකින් කරන්න බැරි උදව්වක්,සැනසීමක් ඒ දේවල් වලින් ඒ මනුස්සයට ලැබෙන්න පුළුවන්.ඒ මනුස්සයා අඩනවනම් එයා එක්කම පුලුවන්නම් අඩන්න.

ඒ මනුස්සයට දැනෙන්න දෙන්න....ඔයා තනි වෙලා නෑ,ඔයා එක්ක හැම වෙලේම ඉන්න එක්කෙනෙක් හරි ඉන්නවා,ඔයා එක්ක සතුටු වෙන්න දුක් වෙන්න මේ ලෝකෙ එක මනුස්සයෙක් හරි ඉන්නවා කියන එක.සමහර විට ඒ තමන් බේරගන්නෙ මනුස්සයෙක්ගෙ මානසික නිදහසටත් වඩා මනුස්සයෙක්ගෙ ජීවිතයක් වෙන්නත් පුළුවන්!

ඉතින් ආශව නිහඩවම අඩන දෙවින්ව තුරුල් කරගෙන තමන්ගෙ අතින් දෙවින්ගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.ඒ අතරෙදිම ආශව කල්පනා කරන්න ගත්තෙ මේ ප්‍රශ්නෙට ලබලා දෙන්න පුළුවන් විසදුමක් ගැන.තමන් තෙවින්ට කෝල් කලත් ඒකෙ තේරුමක් වෙන්නෙ නෑ කියලා ආශව තේරුම් ගත්තා.කොලඹ එහෙමට කියලා ලොකුවට යාලුවොත් නැති නිසා කරන්න ඕනි මේකයි කියලා හිතාගන්න ආශවට අමාරු වුණා.

අනික් පැත්තෙන් දෙවින්ගෙ බාප්පා.හිනා වෙද්දි වල ගැහෙන කම්මුල් තිබුණු දෙවින්ගෙ බාප්පා වලව් මාන්නෙ කියන එක ඩිංගක්වත් ඔලුවට අරගෙන හිටපු මනුස්සයෙක් නොවුණා.එයා දෙවින්ට,ආශවට,නේත්‍රට,දිවාෂට හැමෝටම සැලකුවෙ එකම විදියට.ලගකදි ඉදලා දෙවින්ගෙ බාප්පාගෙ ඉස්සර තිබ්බ ඒ සැහැල්ලුව නැති වෙලා ගිහින් කියන එක ආශවට පවා තේරිලා තිබුනා.හැමදාම කම්මුල් වල ගැහෙන්න හිනාවෙන ඒ හිනාව නොදැක දැන් සෑහෙන්න දවස් ගෙවිලා තිබුනා.

ඒ කොහොම උනත් O/L වලට තිබ්බෙ තව මාස කිහිපයක් නිසා දෙවින්ට වැටෙන්න දෙන්නෙ නැතුව අල්ලගෙන ඉන්න ඕනි කියන එක ආශව හිතාගත්තා.තමන් අනාගතේ මොන තැනකට ගියත් ඉගෙනීම කියන දේ වටිනවා.ඒක ආශව හොදටම දැනගෙන හිටියා.

"ආපෝ!!! මට ඔය සැකේ තිබ්බා තවුසෙලා දෙන්නා ගැන.අනේ මගේ නොයිදුල් දෑස් වලට මොන තරම් නම් පීඩනයක්ත මෙව්වා දෙයියනේ.මයෙ මැණිකෙ.....උබ ඇස් දෙක වහගනින් මයෙ අම්මා"

එකපාරටම වොශෲම් බිල්ඩින් එකේ දොර පැත්තෙන් ඇහුනු මහා විසාල සද්දෙත් එක්කම දෙවින් ආශවගෙ තුරුලෙන් ඈත් වෙලා ඒ පැත්ත බැලුවා.ඒත් එක්කම ආශවගෙයි දෙවින්ගෙයි ඇස් දෙක උඩ ගියෙ තමන් දෙන්නා දිහා ඇසුත් ලොකු කරගෙන බලන් ඉන්න නේත්‍රයි,ඇස් නරක් වෙනවා කිය කිය කෑ ගගහා ඇස් දෙක ඇරගෙන කන් දෙක අත් වලින් වහගෙන ඉන්න දිවාෂවයි.ආයෙ ඉතින් මාස ගාණක් යනකං දෙන්නව සවුත්තු කරන්න දිවාෂට මේක හොද තුරුම්පුවක් කියලා තේරුම් ගත්තු ආශව දෙවින් දෙන්නා එහෙම්මම බිල්ඩින් එකෙන් එලියට ගියේ පොඩි උන් දෙන්නා දිහා නිකමටවත් නොබලා.

"ඕකුන් දෙන්නගෙ මොකක් හරි ටොයින් ටොයින් එකක් තියෙනවා මට පේන විදියට"

කරගන්න ගිය ශරීර කෘත්‍යන් ටික කරගෙන කලිසමේ සිපර් එක උඩට ඇද ඇද එලියට ආව දිවාෂ කියද්දි මුකුත්ම නොකිව්ව නේත්‍ර තමන්ගෙ අත් දෙක හෝදගත්තා.එකපාරටම දෙයක් දැක්ක දිවාෂ තමන්ගෙ ඇස් දෙකත් ලොකු කරන් නේත්‍රගෙ උරහිසෙන් අල්ලලා තමන්ගෙ පැත්තට හරවගන්න හැදුවා.

"එපා දිවාෂ.අතාරින්නකො"

"ඒයි ඒය් මොකෝ මේ මූණ කළු වෙලා.මම ඒ විහිලුවක් කලේ නේත්‍ර.ඔයාට දුක හිතුනද?"

"ම්....මම මොකටද දුක හිතවගන්නෙ?"

"නෑ නෑ......මුකුත් නෑ.ඒත් මම කලේ විහිලුවක් ඈ.යං.ඔය මූණ හෝදගන්නවා.කැත වෙලා මූණ"

.

.

.

.

.

"ආ"

ඩෙස් එකට ඔලුව තියං හිටිය දෙවින් ඔලුව උස්සලා බැලුවෙ ඒ සද්දෙට.අද හවස තියෙන ප්‍රැක්ටිස් එකේ මොකක් හරි වැඩක් බලන්න ආශවත් ගිහින් හිටිය නිසා දෙවින් හිටියෙ මේසෙ උඩ ඔලුව තියාගෙන.තමන්ට කතා කරපු හඩ අදුරගත්තු දෙවින් ඔලුව උස්සලා බලද්දි දෙවින්ගෙ ඉස්සරහ හිටිය දෙනෙත් දෙවින් දිහාවට පැනඩෝල් දෙකක් දික් කරගෙන හිටියා.

"ම්ම්ම්ම්?"

"මේක බොන්න......කැමතිනම්!"

දෙවින්ගෙ ඇස් දෙක ඉස්සරහින් පෙනඩෝල් දෙක තිබ්බ දෙනෙත් තමන්ගෙ වතුර බෝතලෙ මූඩියත් ඇරලා දෙවින්ගෙ ඩෙස් එක උඩින් තියලා අහකට වුණා.පෙනඩෝල් දෙක බිව්ව දෙවින් දෙනෙත් දිහා බලද්දි පෙනඩෝල් එක දුන්නෙ තමන් වගේ නෙවෙයි විදියට හිටිය දෙනෙත් හිටියෙ පොතක් පෙරලගෙන පාඩම් කරබ ගමන්.දෙනෙත් දිහා බලලා දිග හුස්මක් පහලට දැම්ම දෙවින් ආපහු ඩෙස් එකට ඔලුව ගහගද්දි හොරෙන් දෙවින් දිහා බැලුව දෙනෙත්ගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බා.

...................................................................................................

"ප්‍රැක්ටිස් නොකලොත් ආශව ඔයාගෙ ඇග හොර වෙන්න ඉඩ තියෙනවා.ඒකමයි මම කිව්වෙ අද ප්‍රැක්ටිස් කරමු කියලා.සති කීයකට පස්සෙද මේ?"

"ඔව් කෝච්"

"ඕකේ.එහෙනම් පටන් ගමු.දැන් exam කිට්ටු නිසා මේ විදියට සතියකට එක දවසක් වගේ ප්‍රැක්ටිස් දාගත්තට ප්‍රශ්නයක් නෑ නේද?"

"මට ප්‍රශ්නය නැහැ කෝච්.අනික් අයට?"

"මම කතා කරලා බලන්නම් කට්ටිය එක්ක.හරි.ටීම් එක රෙඩි කරවන්න"

ආශවගෙ පිටට තට්ටුවක් දැම්ම කෝච් කියද්දි ග්‍රවුන්ඩ් එකේ තමන්ගෙ ටීම් එක හිටිය තැනට ආශව දිව්වෙ කැප් එකත් ඔලුවට දාගන්න ගමන්.තමන්ගෙ ටීම් එක ලගට ගිය ආශවගෙ කනට අනික් ටීම් එක පැත්තෙන් ඇහුනු වචන වගයක් නිසා කේන්ති ගියත් ආශව තමන්ව පාලනය කරගත්තා.මොකද ආශවට ඕනි වුනේ නෑ කේන්ති අරගෙන තමන්ගෙ තැන නැති කරගන්න.

"ඔය මහත්තයට නම් මොකෝ ඉතින්.ගෙදරට ගුරුවරු ඇවිල්ලනෙ උගන්නන්නෙ"

ඒ හඩේ අයිතිකාරයා රධීන් කියලා දැනගෙන හිටියත් ආශව මුකුත් කියන්න නොගියෙ පැවීලියන් එකේ පඩියක් උඩ ඉදන් හිටපු දෙවින්ගෙ සංඥාවක් නිසා.වෙනදට ටීම්ස් දෙකේ කැප්ටන්ලා වුණේ ආශව,දෙවින් දෙන්නා උනාට,අද දෙවින් ප්‍රැක්ටිස් නොකර ඉන්න තීරණය කරලා තිබ්බ නිසා ආශවගෙ ටීම් එකට විරුද්ධ ටීම් එකේ කැප්ටන් වෙලා හිටියෙ රධීන්.

රධීන් බලන්නෙ මොන විදියකින් හරි ආශවගෙ තැන ගන්න කියලා දැනගෙන හිටිය නිසාම දෙවින් හැමදාම රධීන් සම්බන්ධ දේවල් වලදි ආශවව පරිස්සම් කලා.ආශවගෙයි දෙවින්ගෙයි යාලුකම සෑහෙන ඝනකම් එකක් කියලා මුළු ඉස්කෝලෙම වගේ දැනගෙන හිටියා.

ටොස් එක වින් කලේ රධීන් ලා නිසා ඉස්සෙල්ලාම රධීන්ලා තෝරගත්තෙ ෆීල්ඩින් කරන්න.ටීම් එක ගිහින් අදාල ස්ථාන වල ස්ථානගත වෙද්දි ග්ලවුස් දෙක දාගත්තු රධීනුත් පස්ස පැත්තත් දික් කරගෙන විකට් එක පිටිපස්සෙන් හිටගත්තා.ස්කූල් ටීම් එකෙත් රධීන් තමා විකට් කීපර් වුණේ.ඕපන් බැට්ස්මන්ලා විදියට හැමදාම වගේ ආශව එක්ක කෞමාජ් පිට්ටනියට බහිද්දි පඩියක් උඩ ඉදන් හිටිය දෙවින් තනියම අත්පුඩි ගැහුවා.

"අරූ බෝල් ගාඩ් එක දාගෙන නේත යන්න ඇත්තෙ දෙවින් පණ?"

"තමුසෙලා දෙන්නා මොකෝ මෙතන කරන්නෙ? නේත්‍ර! අදත් හිතුවක්කාර වෙලානෙ ඉතින්!"

එකපාරටම දෙවින්ගෙ පිටිපස්සෙන් ඇහුනු සද්දෙට දෙවින් ගැස්සිලා යද්දි දෙවින්ගෙ දෙපැත්තෙන් ඉදගත්තෙ දිවාෂයි නේත්‍රයි දෙන්නා.නේත්‍ර දිහා බලලා සැර කෙරුව දෙවින් බිම බලාගෙන සපත්තුවෙන් සිමෙන්ති පඩිය පහුරු ගාන නේත්‍රට මෙව්වා කිව්වට වැඩක් නෑ කියලා දන්න නිසාම පිට්ටනියට තමන්ගෙ ඇස් දෙක ගෙනිච්චා.

ඔව්.ආශවගෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙන හැම දවසකම නේත්‍රත් ඉස්කෝලෙ නතර වුණා.ආශවලගෙ ටීම් එකට කෝච් ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් කෑම දුන්න නිසා එයාලට බඩගින්න ප්‍රශ්නයක් නොවුණත් නේත්‍ර මුල් කාලෙම හිටියෙ බඩගින්නෙ.නේත්‍ර නතර වෙන මුල් දවස් වල ආශව නේත්‍ර කෑවද අහද්දි නේත්‍ර ඔව් කිව්ව නිසා ඒ දේ ආශවත් වැඩිපුර නොහිතා හිටියත් දවසක් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර යද්දි නේත්‍රට වමනෙ ගිය සිද්ධියෙන් පස්සෙ ආශව ඇත්ත දැනගත්තා.

එදායින් පස්සෙත් ආශව කොච්චර සැර කලත් නේත්‍රගෙ මේ හවස නැවතීම නතර වුණේම නැති තැන ඉස්කෝලෙ ඇරිලා පිට්ටනියට එන්න කලින් ලග කඩෙන් ගත්තු බත් පාර්සලයක් ආශවගෙ බෑග් එක ඇතුලෙ තිබ්බා.ටීම් එකේ කොල්ලො ටික කෝච්ගෙන් හම්බෙන කෑම එක කද්දි පැවීලියන් එකේ පඩියක් උඩ ඉදන් ඉන්න නේත්‍ර ආශව අරං දුන්නු කෑම එක කෑවා.

සමහර දවස් වලට හවස පහ හය වෙද්දිනුත් ප්‍රැක්ටිස් ඉවර නොවෙන තැන ඒ පඩියක් උඩ ඉදගෙනම නේත්‍ර ඉස්කෝලෙන් දුන්නු home works කලා.ආශව ස්කූල් ටීම් තේරුනේ 9 වසරෙ විතර ඉද්දි.ඒ under 15 cricket team එකේ බැට්ස්මන් කෙනෙක් විදියට.ඒ කාලෙ ඉදන්ම නේත්‍ර ආශව එනකං පිට්ටනියෙ කොනකට වෙලා බලන් ඉන්න හුරු වුනා.

මේ වෙද්දි ආශව under 17 team එකේ captain වෙලා හිටියා වගේම all rounder කෙනෙක් උනා.ආශව එක්ක හැප්පෙන්න පුළුවන් කිසිම බැට්ස්මන් කෙනෙක් නුවර කිසිම පාසලක හිටියෙ නැහැ වගේම ලංකාවෙ ප්‍රධාන පෙලේ පාසල් වල සම වයස් ක්‍රිකට් කණ්ඩායම් අතරෙත් ආශව කියන නම සෑහෙන දුරකට පැතිරිලා තිබ්බා.

කණ්ඩායම වැටීගෙන එන වෙලාවකදි බෝලින් ලයින් එකට පවා හයියක් වෙලා ආශව විකට්ස් ගත්තු අවස්තාත් සෑහෙන්නම තිබුණා.කවුරු කොච්චර මොනවා කිව්වත් ඒ දියුණුව පිටිපස්සෙ හිටපු ප්‍රධානම කෙනා වුණෙත් නේත්‍ර.ඒක ආශවගෙ හිතේ තදින්ම තැන්පත් වෙලා තිබ්බ දෙයක් කියලා නේත්‍රවත් දැනගෙන හිටියෙ නැහැ.

කාලයක් යනකං තනියෙන් ආශව එනකං නේත්‍ර කල් මැරුවත් කාලයක් යද්දි නේත්‍ර එක්ක දිවාෂත් නැවතුනේ ඒ දවස් වලට තමන්ටයි නේත්‍රටයි ඉස්කෝලෙ අමතර පන්ති දාලා කියලා ගෙදරට පැහැදිලි කරලා දීලා.අන්තිමේදි හැමදාම ප්‍රැක්ටිස් දවසට දෙවින්ගෙ පර්ස් එකෙන් සෑහෙන ගාණක් දිවාෂට වෙන් කරන්න සිද්ධ වුණා.හරියට දෙවින් දිවාෂව බලෙන් නවත්තගත්තා වගේ!

අද උනත් ආශව නේත්‍රට සැර කලේ මෙහෙම ඉන්න එකෙන් නේත්‍රට දැනෙන තෙහෙට්ටුවයි,නේත්‍රගෙ වැඩ පාඩු වෙන එකයි ගැන හිතලා.ආශව කැමති වුණේ නැහැ තමන් නිසා නේත්‍ර කරදර වෙනවට.ඒත් ඒ නේත්‍ර! නේත්‍රට කවද්ද එයාගෙ සුදු අයියව කරදරයක් වුණේ?

"කියපංකො අයියෙ.අරූ බෝල ගාඩ් එක දාගෙනත ගියේ?"

"උබට මොකටද මල්ලි ඒක?"

"නෑ ඉතින්.අහක යන බෝලයක් හරි ඕකගෙ කිරි කැටියගෙ වැදුනොත් අනාගතේම අදුරු වෙනවනෙ.ඒකයි ඇහුවෙ"

"දිවාෂ!!!"

"කෑගහන්න එපා නේත්‍ර ඉතින්.මම ඇත්තනෙ කිව්වෙ.හුම්ම්ම්"

නේත්‍රගෙ සද්දෙත් එක්ක කට පියාගත්ත දිවාෂ අත් දෙකත් බැදන් පිට්ටනිය පැත්තට ඔලුව හරවද්දි නේත්‍රගෙ මූණ අහේතුවකට රතු පාට වෙලා තිබ්බා!

"දිවාෂ,දෙන්නත් එක්ක ගිහින් මොනාහරි කාලා එන්නකො.නැත්තං ආශවගෙන් මට හොදට අහගන්න වෙනවා"

"කීයක් හරි දියංකො ඉතින්"

"ආ ආ.....අරං යනවා"

"ම්ම්ම්ම්......කොළ පාට කොලයක් නේත? අමෝ අමෝ රදල පුත්තු"

"කට වහං යනවකො ඉතින් දැන්.නේත්‍ර මල්ලි,ඔයත් කාලා එන්න මොනාහරි.දැන් මම ඔයාට යන්න කිව්වට ඔයා යන්නෙ නෑනෙ"

"බඩගින්නක් නෑ දෙවින් අයියෙ.මට ඉන්න පුලුවන්"

"නේත්‍ර!!!"

උඩ පැනගෙන ඕපන් යන්න ගිය ආශව පිට්ටනිය මැද්දෙ මගක් දුර ගියාම පැවීලියන් එකේ ඉන්න තමන්ගෙ හුරුපුරුදු රූපෙ දැක්ක ගමන් කෝච්ට අතින් මොකක් හරි කියලා පිට්ටනියෙන් එලියට දුවලා ආවා.සාමාන්‍ය පුහුණු තරගයක් නිසා දැඩි නීති රීති කිසිම දෙයක් පනවලා නොතිබ්බ නිසා ආශවට අත උස්සලා යන්න කිව්ව කෝච් පිට්ටනියට ඇවිල්ලා ප්‍රැක්ටිස් ගැන අනික් ක්‍රීඩකයො එක්ක කතා කරද්දි නේත්‍ර ලගට ආව ආශව නේත්‍ර දිහා බැලුවෙ රවාගෙන.

"යන්න කියලා නේද කිව්වෙ?"

"සුදු අයියව තනියෙන් දාලා මම යන්නෙ කොහොමද?"

"ඔයා නම් හිතුවක්කාරයි නේත්‍ර"

".............."

"මම කියන දේවත් අහන්නෙ නැද්ද දැන්?"

"මේක විතරනෙ ඇහුවෙ නැත්තෙ සුදු අයියෙ ඉතින්"

නේත්‍ර බිම බලාගෙනම කියද්දි ආශවගෙ උනත් ඔක්කොම කේන්ති නැති වෙලා ගියා.නේත්‍ර දිහා බලලා හිනා වුණු ආශව නේත්‍රගෙ ඔලුව අතගාලා පඩිපෙල බැහැලා පිට්ටනියට අඩිය තියලා ආපහු පාරක් නේත්‍ර දිහා හැරිලා බැලුවා.

"බෑග් එකේ බත් එකක් ඇති.අරං කන්න"

"ස්....සුදු අයියෙ?"

"කිව්වට නාහා අද මෙතනට ඔයා එනවා කියලා මම දන්නවා නේත්‍ර.මම කෑම එකක් අරංමයි ආවෙ ඒ නිසා"

නේත්‍ර දිහා බලලා කිව්ව ආශව එහෙම්මම තමන්ගෙ හෙල්මට් එකත් දාගෙන පිට්ටනියට දුවගෙන යද්දි නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිලා තිබුනා.මෙච්චර තමන්ව තේරුම් ගත්තු තමන්ගෙ සුදු අයියා ගැන මේ හිතට එන හැගීම් නේත්‍ර කොහොම කියලා පාලනේ කරගන්නද?

දෙවින් කෑම කාලා හිටපු නිසා දිවාෂ එක්ක කෑම එක කාලා ඉවර කරපු නේත්‍ර බලාගෙන හිටියෙ තමන්ගෙ සුදු අයියා එල්ල කරන පාරවල් දිහා.බෝල 23 කින් ලකුණු 52ක් ගහලා ඉවර කරපු ආශව දැවිලා ගියේ Run out එකකින්.කෞමාජ් ගහපු පාරකට පිට්ටනියෙ මගකට වැටුණු බෝලෙ නොදැක්ක කෞමාජ් දුවන්න ගනිද්දි ආශවටත් උනේ පරාද වෙන බව දැන දැනම දුවන්න.ආශවගෙ ඇස් දෙකට පෙනි පෙනීම අතට ආව බෝලෙන් කඩුල්ලට පාරක් ගැහුව රධීන් රටක් ලෝකයක් ඇල්ලුවා වගේ කෑ ගහද්දි දිවාෂ හිටියෙ මලම පැනලා.

"අරූගෙ ආච්චිට හාල් ගරන්න දෙවින් අයියෙ මම......"

"ඌ වැඩියි තමා කොහොමත්"

"අපිට ඔව්වා වැඩක් නෑනෙ දිවාෂ.සුදු අයියා දක්ෂයි කියලා අපි දන්නවනෙ"

"යැව් යැව් තමා.ඕකගෙ හොද උබ දන්නෑනෙ නේත්‍ර"

"දිවාෂ මල්ලි"

දෙවින් තමන්ගෙ ඔලුව දෙපැත්තට හොලවනවත් එක්කම දිවාෂ කට පියාගත්තත් දිවාෂගෙ කේන්තිය පිරුණු ඇස් දෙකේ බැල්මනම් තාමත් පිට්ටනියෙ ඉන්න රධීන්ගෙ දිහාවට එල්ල වෙලා තිබුනා.

පැය කිහිපයකට පස්සෙ පුහුණුව ඉවර කරපු ආශව එක්ක නේත්‍ර දිවාෂ දෙවින් තුන්දෙනා පාසලෙන් පිටවෙන්න ලෑස්ති වුණා.

"කාලෙකට පස්සෙ ප්‍රැක්ටිස් කරපු නිසා අමාරුයි ඕයි.කකුල් නෑ වගේ.කෝ බෑග් එක.....මේක බර නෑනෙ බං.ඒ ඇයි.....මේ කෝ මේකෙ තිබ්බ පොත්?"

"මම දන්නවෑ"

තමන්ගෙ බෑග් එක ඇතුලෙ තිබ්බ පොත් කීපෙ නැති බව දැනුනු ආශව වටපිට බලද්දි දැක්ක මූණකින් මොකද්ද පොත් ටිකට වෙලා තියෙන්නෙ කියලා ආශවට තේරුම් ගියා.එහෙම්මම වේගෙන් වේගෙන් පිට්ටනියෙන් එලියට ඇදිලා යන නේත්‍රගෙ බෑග් එකෙන් ඇදල ගත්තු ආශව නේත්‍රගෙ කරටත් අතක් දාගෙන ඇවිදින්න ගත්තා.

"දැන් මොකෝ මගෙ පොත් ටික නේත්‍රගෙ බෑග් එකට දාගත්තෙ?"

"ස්....සුදු අයියට මහන්සියිනෙ"

"පොත් ටිකක් උස්සන් යන්න බැරි තරම් ඔයාගෙ සුදු අයියා දුර්වල නෑ නේත්‍ර"

"නේත්‍රත් දුර්වල නෑ තමා සුදු අයියගෙ පොත් අරං යන්න බැරි මට්ටමට"

"මගෙ හිතුවක්කාරයා......."

කාලෙකට පස්සෙ ආශවගෙ කටින් තමන්ට "මගෙ" කියලා පිටවෙනවත් එක්කම නේත්‍රගෙ මූණ රතු පාට වුණා.ඉස්සර හැමවෙලේම "මගෙ නේත්‍ර,මගෙ නේත්‍ර"ගගා පස්සෙන් හිටිය ආශවගෙ කටින් වයසින් මුහුකුරා යෑමත් එක්කම ඒ ආදරණීය ආමන්ත්‍රණ පිට වීම සීමිත වුණා.ඉතින් මේ නොහිතපු වෙලාවක පිටවුණු ඒ ආමන්ත්‍රණය නිසා නේත්‍රගෙ හිතට අමුතු හැගීමක් ආවත් ඒ හැගීම එක්ක නේත්‍රට වැඩි වෙලා ආල පාන්න බැරි වුණේ බස් එකක් ඇවිත් නතර කරපු නිසා.පුරුදු විදියටම දෙවින් දිවාෂ දෙන්නා බස් එකට නගිද්දි නේත්‍රව බස් එකට නග්ගවපු ආශවත් අමාරුවෙන්ම බස් එකට නැගගත්තා.

.

.

.

.

.

"සුදු අයියට අමාරුයි නේද?"

"ඔව් නේත්‍ර.කාලෙකට පස්සෙනෙ ප්‍රැක්ටිස් කලේ.ඇග හොර වෙලා වගේ.මේ ටිකේම පාඩම් කරන නිසා exercise කරන්නවත් ටයිම් තිබ්බෙ නෑනෙ"

"අනික බස් එකෙත් සෙනග උන්නනෙ සුදු අයියෙ"

"ඔව්.මිනිස්සු පහක් විතර මගෙ කර උඩ"

"සුදු අයියා වලව්වට ගිහින් ඇගපත සෝදගන්නකො.මම ඇදුමක් මාරු කරන් එන්නම්"

දෙවින් දිවාෂ දෙන්නට සමු දීපු නේත්‍ර ආශව දෙන්නා වලව්වට ඇදෙන්න ගත්තෙ හෙමින් හෙමින්.ආශවගෙ කකුල් දෙක ඇදුම් කන ගමන් තිබ්බෙ කාලෙකට පස්සෙ දැනුනු මහන්සිය නිසාමයි.ආශවව වලව්ව ලගටම ඇරලවපු නේත්‍ර එහෙම්මම පිලිකන්න පැත්තෙන් පල්ලම බැහැලා තමන්ගෙ ගෙදරට දුවගෙන ගියේ ඊලගට තමන්ට කරන්න ලොකු කටයුත්තක් තියෙන බව දැනන් හිටිය නිසා.

උඩ තට්ටුවෙ කාමරේට කෙදිරි ගගා ගිය ආශව එහෙම්මම නාන කාමරේට වැදිලා සීතල වතුරෙන් නාගත්තෙ ඔලුවෙ ඉදලම දාඩිය දාලා තිබ්බ නිසා.කොහොමත් තව ටික වෙලාවකින් තමන් නාගෙන ඉවර වෙලා කාමරේට ගියාට පස්සෙ නිර්මලා මැනුවෙල්ගෙ අතේ උණු තේ එකක් එවන බව දැනන් හිටි ආශව හිතුවෙ අද අමරුවත් එක්ක කිරි කෝපි එකක් තිබ්බනම් හොදයි කියල.ඒත් ඒක කියන්නවත් ආපහු පහලට යන්න අමාරු නිසා නාලා ශෝට් එකකුත් ඇදන් එලියට ආව ආශව එහෙම්මම ඇදෙන් ඇලවුනේ දෙන දෙයක් බොනවා කියලා හිතාගෙන.

ඇදෙන් ඇලවුණු ආශව පුරුදු විදියටම තමන් පල්ලෙහා ඉදලා එද්දි කඩන් ආව ගැටපිච්ච මල් දෙක තමන්ගෙ නහයට ලං කරගෙන සුවද බැලුවා.අවුරුදු ගාණක් තිස්සෙ තියෙන මේ ඇබ්බැහියෙන් ගැලවෙන්න ආශවට බැරි වුණා වගේම ආශවට ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න උවමනාවක් තිබුනෙත් නැහැ.ඉතින් ගැටපිච්ච මලේ සුවද බලන ගමන් හිටපු ආශව ඒ මලේ සුවද පරයාගෙන මල් ගොඩක සුවදක් එන්නෙ කොහොමද බලන්න ඇදෙන් ඔලුව උස්සලා බැලුවා.

"සුදු අයියේ.මේක උණුවෙන්ම බොන්නකො"

කාමරේ ඇතුලට ඇවිදගෙන එන නේත්‍ර ආශවගෙ අතට තේ කෝප්පෙ දීලා කියද්දි ආශව තමන්ගෙ ඔලුව වනලා තේ කොප්පෙ අතට ගත්තා.ආශව වෙන මුකුත් කියන්න කලින් පහලට දිව්ව නේත්‍ර දිහා බලලා ලස්සනට හිනා වුණු ආශව එහෙම්මම තේ එකට පිඹලා බොන්න පටන් ගත්තා.

"කිරි කෝපි!!!"

දිග හුස්මක් පහලට දැම්ම ආශව තේ එක රස බලන ගමන් හිටියෙ නේත්‍ර තමන්ට මෙච්චරම සමීප වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව.වචනෙන් නොකිව්වට,ක්‍රියාවෙන් නොකලට තමන්ගෙ හැමදේම තේරුම් ගන්න නේත්‍ර වගේ කෙනෙක් තමන්ගෙ ලග ඉන්න එක මොන තරම්නම් වාසනාවක්ද කියලා ආශව හිතන්න ගත්තා.

නේත්‍ර මෙච්චර හොදට තමන්ව කියවන්නෙ කොහොමද කියලා ආශවට හිතාගන්න බැරි වුණා.නේත්‍ර තරම් තමන්ව තේරුම් ගත්තු කෙනෙක් නැහැ කියලත්,නේත්‍ර ලගින් එන අමුතු උණුහුමට තමන් හරි ආසායි කියලත් ආශව දැනගෙන හිටියා.නේත්‍ර ලගින් එන ඒ අමුතු උණුහුමට එදා වගේම අදත් ආශව ලෝභකම් කලා.ආශව අදටත් හොයන ඒ අමුතු උණුහුම තියෙන්නෙ නේත්‍ර ලග විතරමයි!

ඒත් එක්කම ආශව මනෝලෝකෙන් එලියට ආවෙ ආපහු පාරක් තමන්ගෙ නහයට දැනෙන්න ගත්තු ගැටපිච්ච මල් සුවද නිසා.කාමරේ දොරකඩ ඉදන් ඇතුලට ඇවිදගෙන එන ගමන් හිටි නේත්‍රගෙ අතේ තිබ්බ දේ තේරුම් ගත්තු ආශවගෙ ඇස් දෙක කදුළින් බර වුණේ නේත්‍ර ගැන දැනුනු අසීමාන්තික දයාබරත්වයට.

"අනේ නේත්‍ර......."

...................................................................................................

හායිම්🙂❤️

Words 3500+ හරිත😾❤️

10 වසරෙ නේට්ටව දැකලා නෑ නේත? එන්නකො පෙන්නන්න🤭

(මේ ඉන්නෙ ඒකා🙈❤)

(ආශව🙈❤️)

ඉතින් බබාලා කතාවෙ මොකක්ම හරි අඩුපාඩුවක් තියේනම්,ඉස්සර තරම් ලස්සන නැත්ත,හිතට වදින්නැත්තං මට කියන්න ඕනි හරිද❤️ එතකොටම මට මගෙ වැරදි හදාගෙන හොද සාර්ථක ඕතර් කෙනෙක් වෙන්න පුලාම්❤️

මම එහෙම නපුරු උද්දච්ඡ කෙනෙක් නෙවේ වැරදි පිලි නොගෙන ඉන්න හරිද🙈මාත් එක්ක කතා කල අය දන්නවනෙ මම ඒම ලොකුසීන් තියෙන කෙනෙක් නෙවේ කියලා ❤️

ඉතින් බබාලා.......

හිතට එන දේවල් අකුරු කරන් යන්න❤️

නිවාලන්න මා එක ඊයෙ 10k වුණානෙ.ඕතරී සතුටට ඇඩුවත් එක්ක🥺❤️ ඉතින් නේට්ටයි සුදුබේබියි එක්ක ඉන්න ඔයාලට මම ආතරෙයි🥺❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter