Back
Chapter 23

22 කොටස🤍✨

නිවාලන්න මා...

"එතකොට ඊයෙ මම කිව්වා අද ප්‍රජනක පද්ධතීන් ගැන ප්‍රශ්න අහනවා කියලා.සූ.....ස් ගාන්නෙ ඇයි දැන්?විභාගෙ කට උඩ.දැනුත් පාඩම් කරලා නැත්තං ඉතින් විභාගෙ ෆේල් වෙන්න තමයි වෙන්නෙ ඔයාලට ලමයිනේ!!!!"

තමන්ගෙ විද්‍යාව උගන්නන ගුරුතුමී කියන දේවල් අහගෙන හිටිය ආශව දෙවින්ට ඇගිල්ලකින් ඇන්නෙ දෙවින් නිදි කිරා වැටෙන ගමන් හිටිය නිසා.ආශවගෙ ප්‍රහාරෙත් එක්ක හරි සිහියට ආව දෙවින් තමන්ගෙ කම්මුලක් හයියෙන් කොනිත්තගෙන ඇස් දෙක ඇරගෙන ඉන්න උත්සාහ කලා.දෙනෙත් නම් හිටියෙ හොදට පාඩම් අහගෙන.ඒත් එක්කම විද්‍යාව මිස්ගෙ අවධානෙ ගියේ පන්තියෙ කොනක ඉදගෙන කම්මුල් වලට මහ හයියෙන් පහර දීගන්න දෙවින්ට.

"දෙවින්......නැගිටලා කියන්න බලන්න වෘෂණ කෝෂ වල තියෙන වැදගත්කම"

දෙවින්ගෙ ඔලුව උඩ හෙන හතරක් පහක් පිපිරුවා වගේ හැගීමක් ආවෙ නොහිතපු වෙලාවක තමන්ව ඉලක්ක කරලා විද්‍යාව මිස් ප්‍රශ්නයක් එල්ල කරපු නිසා.නම ගම පිටින් කිව්ව නිසා දැන් නැගිටින්නෙ නැතුවත් බැරි හින්දා පුටුවෙන් නැගිට්ට දෙවින් තමන්ගෙ කමිසෙ හොදට කලිසමට යට කරගත්තා.

"හැඩ වෙන්න නෙවෙයි කිව්වෙ.මම ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන්න දෙවින්"

ගුරුතුමී කෑගහද්දි දෙවින්ගෙ අසරණ ඇස් යොමු වුණේ තමන් දිහා නෝණ්ඩියට බලාගෙන ඉන්න ආශව දිහාවට.

"වෘෂණ කෝෂ කියලා කියන්නෙ මොනාටද බං?"

"ඇට වලට"

වෘෂණ කෝෂ කියන්නෙ මොනාද කියලවත් හරියට මතක නොතිබ්බ දෙවින් ආශවගෙන් අහද්දි ආශව ඒකට උත්තර දුන්නෙ දෙවින්ට ඒ අවයවේ හරියටම මතක් වෙන විදියට.මේ දෙන්නගෙ රහස් භාෂා භාවිතය ගුරුතුමී නොදැක්කෙ ගුරුතුමී පෙලපොත පෙරලන්න අවධානෙ දීගෙන හිටිය නිසා.

"ඉතින් ඇට වල කාර්යය කියපංකො මිනිහො"

"උබ ඒකවත් දන්නෙ නැද්ද?"

"නෑ මම හිතුවෙ ඒවා නිකං ලස්සනට තියෙනවා කියලා"

"අනේ මිනිහො!!!!"

"කියපියකො"

"ශුක්‍රාණු ගබඩා කර තබා ගැනීම දෙවින්"

"මොකද්ද ඔතන කුසු කුසුව? ඕකවත් දන්නෙ නැත්තං හරි අපූරුයි දෙවින්!!!! මම ඔන්න වෙන ප්‍රජනක පද්ධතියක් ගැන ඇහුවනම් කමක් නැහැ.මොකද්ද උත්තරේ?"

"ශුක්‍රාණු ගබඩා කර තබා ගැනීම මිස්"

"හරි ඉදගන්නවා ඉදගන්නවා"

ආශවයි දෙවිනුයි තැන නොතැන නොබලා ඇවිලෙද්දි දෙනෙත් දෙවින්ට ඇහෙන්න උත්තරේ කිව්වෙ නැත්තං ඊලගට දෙවින්ට විද්‍යාව මිස්ගෙන් ගුටියක් කන්න වෙනවා කියල දැනන් හිටිය නිසා.දෙවින් දෙනෙත්ට කොහොම සැලකුවත් දෙනෙත් කැමති වුනේ නැහැ දෙවින් කිසිම මනුස්සයෙක්ගෙන් බාල්දු වෙනවට.ඉතින් ඒ තමයි දෙනෙත්.......කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැරි කමට,හැමෝටම තමන්ව විහිලුවක් වෙයි කියන බයට තමන්ගෙ හිත ඇතුලෙ තියෙන හැම හැගීමක්ම ගිලගෙන ඉන්න දෙනෙත්!

"මේ අහංකො පොඩි අවුලක්.දෙනෙත් ඔයත් ඉන්නකො.ඔයත් මට හුගක් කිට්ටු යාලුවෙක්නෙ"

විද්‍යාව මිස් පන්තියෙන් පිට වෙනවත් එක්කම ආශව දිහාවට හැරුණු දෙවින් ලොකු කතාවක් කියන්න ලැස්ති වෙනවත් එක්කම ඒ කතාවට තමන්ගෙ අදාලත්වයක් නැහැයි කියලා හිතුව දෙනෙත් නැගිටලා එතනින් යන්න හැදුවා.ඒත් එක්කම ඒ බව තේරුම් ගත්තු දෙවින් දෙනෙත්ට ඉදගන්න කියද්දි දෙවින් දිහත් බලලා ආශව දිහත් බැලුව දෙනෙත් ආපහු පාරක් තමන්ගෙ පුටුවෙන් ඉදගත්තා.

"මොකෝ අවුල දෙවිනා"

"හ්ම්ම්.......අපේ අම්මා රට යන කතාවක් ඊයෙ කිව්වා මට තෙවින්"

"මොකක්?"

"ඔව් ආශව..........කවදා යයිද කියන්න දන්නෙ නෑලු මල්ලිවත්.ඒත් ලගදිම යයිලු"

"ඒ.....ඒත් ඇයි දෙවින් ඒ?"

"ඒක මට තේරෙන්නෙත් නෑ දෙනෙත්.මෙච්චර කල් අම්මගෙ වරදක්වත් කිව්වෙ නෑ තෙවින් මට"

දෙවින්ගෙ කතාවත් එක්කම ආශවයි දෙනෙතුයි දෙන්නා සෑහෙන්න පුදුම වුණා.අම්මගෙයි තාත්තගෙයි දැඩි ආදරයක් මැද්දෙ හැදෙන දෙනෙත්ට වගේම,මතක ඇති කාලෙක ඉදන් අම්මගෙ උණුහුමක් නැති ආශවටත් දෙවින්ව තේරුම් ගන්න පුලුවන් වුණා.හයක් හතරක් නොතේරෙන කාලෙම අම්මගෙ අප්පගෙ වැරදි නිසා තමන්ගෙම නිවුන්නගෙන් ඈත් වෙලා දුර පැත්තක පදිංචියට ආව දෙවින් ගෙව්වෙ ලේසි පහසු ජීවිතයක් නෙවෙයි කියන එක දෙනෙත් වැඩියෙ නොදැන හිටියත් ආශව හොදටම දැනගෙන හිටියා.

තෙවින්ගෙන් ඈත් වුණු එකේ ප්‍රතිඵලයක් විදියට දෙවින් ඒ කාලෙ මානසිකව වගේම ශාරීරිකවත් ඇද වැටෙද්දි දෙවින්ගෙ හයියට ඔය සිංහවංශ වලව්වෙ මහ කුමාරිහාමිවත්,සිංහවංශ වලව්වෙ ඊලග උරුමක්කාරයා වුණු නිශ්ශංක සිංහවංශවත් නොහිටි බවත් ආශව දැනගෙන හිටියා.දෙවින්ගෙ හිත ටිකෙන් ටික සුවපත් වුණු එකෙ ගරුත්වෙ හම්බවෙන්න ඕනි දිවාෂට කියන එක ආශව වුණත් අවිවාදාත්මකවම පිලිගත්තා.

ඒ කාලෙ දිවාෂ හැම තිස්සෙම මොකක් හරි හේතුවක් හොයාගෙන සිංහවංශ වලව්වට රිංගන එකයි,දෙවින් ආරියසිංහ ගෙදරට රිංගන එකයි ඒ ගෙවල් වල මිනිස්සුන්ටත් සාමාන්‍ය දෙයක් වෙලා තිබුනා.වලව් කාරයෙක් නොවුණත් උසස් කියලා වලව් කාරයො බලන කෝණෙන් ඉහල මට්ටමක උන්නු ආරියසිංහ මහත්තයගෙ පුතා එක්ක ඇයි හොදැයිකම් පවත්වනවට සිංහවංශ වලව්වෙ මහ උදවිය උනත් අකුල් හෙලුවෙ නැහැ.

ඒ කාලෙ එක දවසක් දෙවින් තෙවින් ගැන කියලා අඩලම වමනෙ කරපු සිද්ධියකුත් දිවාෂ නේත්‍රට කියලා තිබ්බා.හැමදාම හවසට අරලිය ගහ යට බංකුවෙ තමන් එක්ක හුරතල් වෙවී දවසෙම විස්තර එකක් නෑර තමන්ට කියන නේත්‍ර ඒ සිද්ධිය ගැනත් ආශවගෙ කනේ තිබ්බා කියන එක ආශවට මතක තිබුනා.

දෙවින්ව හිනස්සවන්න,දෙවින්ට ලෙඩ නොවී තිබ්බවන්න දිවාෂ වගේම තමනුයි නේත්‍රයි දෙන්නත් කොච්චර නම් මහන්සි වුණාද? සෑහෙන මහන්සියකින් පස්සෙ දෙවින්ගෙ ජීවිතේ හිටි මට්ටමටම ගෙනාවට පස්සෙ ආපහු පාරක් දෙවින් මෙහෙම දුකින් ඉන්න එක ආශවට දරන්න බැරි වුණා.

"බාප්පට කිව්වෙ නැද්ද උබ?"

"කිව්වා ආශව.......ඒත් බාප්පත් මේ ටිකේ ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක.ඒ අස්සෙ බාප්පත් ඊයෙ කොලඹ ගිහින්.තෙවින්ව හම්බවෙලා කතා කරලා......සෑහෙන වෙලාවක් තුරුල් කරගෙන ඉදලා ඇවිල්ලා.මේ ටිකේ බාප්පා හුගක් වෙනස්.මාව ලගට කරං ඉස්සරහට ඉන්න ඕනි විදිය,ජීවිතේට මූණ දෙන්න ඕනි විදියවල් ගැන කියලා දෙනවා.මට හරි බයයි බං.......හැමෝම මගෙන් ඈතට දුවනවා වගේ"

ආශව අතේ තිබ්බ පෑන මිරිකලා අල්ලගද්දි දෙනෙත් තමන්ගෙ ඇස් වලට ආව කදුළු හොර රහසෙම පිහිදලා දැම්මා.දෙවින්ගෙ ඔලුව අතගෑව දෙනෙත් "හැමදේම හොදින් විසදෙයි.අපි ඉන්නවනෙ" කියද්දි දෙවින්ගෙ මලානික ඇස් අස්සෙම කොණක බලාපොරොත්තුවෙ එලියක් දැල්වුණා.

.

.

.

.

.

"ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්........

ආ.......ආ........

ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්...........

මේ සුනිමල මගෙ දික්තල

මේ සුනිමල මගෙ දික්තල

ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්..........

අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා

අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා

ගත් ලදුන් මගේ,

ඇගෙ රූපෙ බෝ අගේ

ගත් ලදුන් මගේ,

ඇගෙ රූපෙ බෝ අගේ

ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්......................."

නාට්‍ය හා රංගකලාව උගන්වන නාට්‍ය කුටියේ ඇතුලත හිටිය හැම ශිෂ්‍යයෙක්ම උන්නෙ බිම ඉදගෙන.තමන්ගෙ කටින් පනින්න යන හිනාව තද කරගෙන හිටිය නේත්‍ර බොහොම අමාරුවෙන් බලාගෙන හිටියෙ දිවාෂගෙ තාත්වික රංගන කුසලතාවෙ දිහා.ඇත්තටම දිවාෂ සුදු නොවී කළු වෙලා තව ටිකක් මහත් උනානම් ඇත්තම කාලගෝලයා වෙන්න තිබ්බා කියලත් නේත්‍රට හිනා ගියා.

අද නාට්‍ය හා රංගකලාව වල ප්‍රැක්ටිකල් ගන්න දවස.වාර විභාගෙ ලකුණු හැදෙන්නෙ ලියන පේපර් එකෙන් බාගයයි ප්‍රැක්ටිකල් එකෙන් බාගයයි එකතු වෙලා නිසා හැම ලමයෙක්ම ප්‍රැක්ටිකල් එකට වැඩි අවධානයක් යොමු කලා.මොකද ලියන පේපර් එකෙන් ලකුණු ටිකක් අඩු වුණත් ප්‍රැක්ටිකල් එකෙන් ඒ ටික ගොඩදාගන්න පුළුවන් නිසා.

"නියමයි දිවාෂ.ඔයාලා උනත් මේ විදියට සබකෝලය කියන දේ පැත්තකට දාලා ප්‍රැක්ටිකල් එක දෙන්න ඕනි.හරි දිවාෂ,ඊලගට ක්ෂණික නිරූපණය.

ම්ම්ම්........හරි,ඔයා නැටුමක් කරන්න ඉන්නවා උත්සවේකට.දැන් ඊලගට තියෙන්නෙ ඔයාගෙ අයිටම් එක.ඒත් ඔයාගෙ නැටුමට බෙර ගහන්න ඉන්න පිරිමි ලමයට එකපාරටම ෆිට් එක හැදෙනවා වගේ වෙනවා.හරි,විනාඩි දෙකක් දෙන්නම්.ලෑස්ති වෙලා එන්න.ඊලගට ඔය දරුවා,එන්න එතකං ඔයාගෙ නාට්‍ය ගීතය ගමු"

විනාඩි දෙකකින් විතර පස්සෙ නාට්‍ය කාමරේ පිරිලා ගියේ දිවාෂ තිබ්බ විලාපෙකින්.දිවාෂ හොදට තමන්ගෙ චරිතෙ කරන ගමන් හිටියා.දිවාෂගෙන් නාට්‍ය දෙබසත් අරගත්තු නාට්‍ය මිස් ඊලගට හැරුණෙ නේත්‍රගෙ පැත්ත.

"නේත්‍ර එන්න.ඇවිල්ලා ක්ෂණික නිරූපණය දෙන්න"

දිවාෂගෙන් දෙබස ගන්නකං නේත්‍ර ක්ෂණික නිරූපණයට සූදානම් වුණා.නේත්‍රට ලැබුණු මාතෘකාව වුණේ පොලට ගිහින් බඩු ගන්න අවස්ථාවක තමන්ගෙ පර්ස් එක හොරෙක් උදුරගෙන දුවන සිද්ධියක්.ඉතින් ලැජ්ජාව බය ඔක්කොම පැත්තකට දැම්ම නේත්‍ර නාට්‍ය කාමරේ මැද්දෙ හිටගද්දි බිම ඉදගෙන හිටිය අනික් ලමයි ටිකත් කටවල් බලියගෙන බලාගෙන හිටියා.මොකද නේත්‍ර,දිවාෂ දෙන්නාම කරට කර රගපාන්න හැකියාව තිබුණු දෙන්නෙක් නිසා නාට්‍ය ගුරුතුමිය වගේම නාට්‍ය කරන ලමයිනුත් කැමති වුණා ඒ දෙන්නගෙ රංගන අවස්ථා රසවිදින්න.

"ඔව් අක්කෙ.අල දෙසිය පණහක් දෙන්නකො.රට අල නේද මේ? ආහ් හරි,ගාණ කීයද? එකසිය විස්සයි? ආහ්හ්....ඉන්න,මේ.........දෙවියනේ මගෙ පර්ස් එක!!!! මෙන්න හොරෙක්.........හොරෙක්!!!!!!"

නේත්‍ර තමන්ගෙ රංගනය ආරම්භ කරද්දිම වගේ නාට්‍ය කාමරේ තිබුනු පැත්තෙන් මතු වුණේ ආශවයි,දෙවිනුයි,දෙනෙතුයි තුන් දෙනා.මොකද පිරිමි ලමයිට යන්න පුළුවන් එක නාන කාමරයක් පිහිටලා තිබුනෙ ඒ හරියෙ.

ආශවලගෙ පන්ති ලගම නාන කාමරයක් තිබුණත් මේ වෙලාව වෙද්දි නේත්‍රලාගෙ ඩ්‍රාමා පීරියඩ් එක බව දැනන් හිටි ආශව දෙවින් දෙනෙත් දෙන්නවත් ඇදගෙන ඒ පැත්තට යන්න ගත්තා.හැබැයි ආශව දැනන් හිටියෙ නෑ අද නේත්‍රලාගෙ ප්‍රැක්ටිකල් ගන්න වගක්නම්!

"ඒ බං.....ඒ නේත්‍රගෙ කටහඩනෙ?"

කොයි විදියකට නේත්‍ර කතා කලත් නේත්‍රගෙ හඩ අදුනගන්න පුළුවන් හැකියාවක් තිබ්බ ආශව තමන්ගෙ යාලුවො දෙන්නට කියද්දි ඒ ඩබලත් ඔලුව උඩ පහල වැනුවා.කටහඩ එන්නෙ ඩ්‍රාමා රූම් එක පැත්තෙන් කියලා තේරුම් ගත්තු මේ තුන් කට්ටුව හෙමින් සැරේ එතනට කිට්ටු වෙලා විවෘත වෙලා තිබ්බ ජනේලෙකින් ඔලු ගෙඩි ටික විතරක් පේන විදියට නාට්‍ය කාමරේ ඇතුලට තමන්ගෙ ඇස් හය දැම්මා.

"යකෝ!!! ඔහොම ඉදපං මිනිහො!!! මගෙ පඩිය ඔය තියෙන්නෙ!!! උබ ගස් බල්ලා!!!! ඔහොම ඉදපාංං!!!! අනේ අයියේ!!!! ඔය දුවං එන මිනිහව අල්ලගන්නකෝ.....ඕකා මගෙ පර්ස් එක අරගෙන දුවන්නෙ!!!!!"

මේ වෙද්දි නම් ආශවගෙ කටත් බාගෙට ඇරිලා තිබ්බා.තමන් ඉස්සරහ හයියෙන් වචනයක් කතා නොකරන නේත්‍ර මෙහෙම යටි ගිරියෙන් කෑගගහා ජීවිතේට නොකියන වචන කියද්දි ආශවගෙ ඇස් දෙකත් ලොඩි ගෙඩි දෙක වගේ ලොකු වෙලා තිබ්බා.එහෙව් මනුස්සයගෙ ඒ පීඩනේ තව ටිකක් වැඩි කරන්න නේත්‍රට ගියේ තත්පර ගාණයි.

"උබ උබ!!! තිරිසනා!!! මගෙ පර්ස් එක අරං යන්න.හිතන්න ඇති හොරකම් කරලා බේරෙන්න පුළුවන් කියලා.ඉදා ඉදා උබට!!!!!"

නේත්‍ර බිම වැටිලා හිටි මනුස්සයෙක්ව මවාගෙන අභිරූපණ මාර්ගෙන් ඒ මනුස්සයට පහර දෙන විදිය රගපාද්දිනම් ආශවගෙ නලලෙන් දාඩිය බින්දු දෙක තුනකුත් මතු වුණා.දෙවින්ගෙයි දෙනෙත්ගෙයි තත්වෙ එච්චර දරුණු නොවුණත් ඒ මිනිස්සු දෙන්නත් සෑහෙන්නම දුරකට පුදුම වෙලා හිටියා.කවුද හිතන්නෙ බබා වගේ ඉන්න නේත්‍රට මෙහෙම රගපාන්න පුළුවන් කියලා!

"මචං ආශව"

"හ්ම්ම්ම්ම්"

"ඒ නේත්‍රයමද බං?"

"හ්ම්ම්ම්ම්"

"මේ නේත්‍ර සන්හිත?"

"හ්ම්ම්ම්ම්"

"අර නස් නාරං කන නේත්‍ර?"

"හ්ම්ම්ම්ම්"

"නිර්මලා ආන්ටිගෙ පුතා?"

"හ්ම්ම්ම්ම්"

"මේ අපේ නේත්‍ර"

"අපේ නෙවෙයි මගෙ නේත්‍ර!!!"

දෙවින් මුලින් ඇහුව ප්‍රශ්න ටිකට හූමිටි දිදී හිටිය ආශවව පියවි සිහියට ගෙන්නන්න දෙවින්ගෙ අන්තිම ප්‍රශ්නෙ සමත් වුණා.ඒ අතරෙ තමන්ගෙ ක්ෂණික නිරූපණය කරලා අවසන් කරපු නේත්‍ර එක පාරටම අර චරිතෙන් මිදිලා බිම බලාගෙන සන්සුන් ගමනින් ඇවිත් ඉදගත්තෙ ඇත්තම නේත්‍රට ආරෝපණය වෙන ගමන්.ඒ දිහා බලන් හිටි ආශව තමන්ගෙ ඔලුවටත් පාරක් ගහගෙන දෙවින්වයි දෙනෙත්වයිත් ඇදගෙන එතනින් පිට වුණේ ඔතන ජනේලේ කොල්ලො තුනක් එල්ලිලා ඉන්නවා මිස් දැක්කොත් විසුමක් වෙන්නෙ නැති බව දැනන් හිටි නිසා.

...................................................................................................

"දිවාෂ කොහෙ හරි ගියාද?"

"ඕ......ඌ මේන් හෝල් එකට ගියා කියලා කියන්න කිව්වා නේත්‍ර ආවම"

හදිසියෙම ගුරුවරයෙක්ගෙන් ලැබුණු කැදවීමකට ගිහින් හිටි නේත්‍ර ආපහු පාරක් පන්තියට එද්දි දිවාෂ පන්තියෙ හිටියෙ නැහැ.අන්තිමේදි දිවාෂගෙ පණිවිඩේ ආර්යගෙන් අහගත්තු නේත්‍ර කාටවත් නොකියා හෙමින් සැරේ ඔඩිටෝරියම් එක පැත්තට ඇවිදගෙන යන්න ගත්තෙ රතු වෙන්න දගකන මූණත් බිමට නවාගෙන.මේ වෙලාව වෙද්දි මේන් හෝල් එකේ 11 වසරට අදාල සෙමිනා එකක් පැවැත්වෙන බව නේත්‍ර දැනන් උන්නා.ඒත් හැබැයි නේත්‍ර ගියේ දිවාෂව හොයාගන්න විතරයිලු!

11 ශ්‍රේණියෙ පන්ති කාමර පහු කරගෙන මේන් හෝල් එක පැත්තට ඇදුනු නේත්‍ර එක පාරටම දරදඩු අතක ග්‍රහණෙකට අහු වෙනවත් එක්කම හිස් වෙලා තිබුනු පන්තියක් ඇතුලට ඇදිලා ගියා.ඒ ස්පර්ශෙ කොහොමත් තමන්ට හුරු එකක් නොවන බව දැනගෙන හිටි නේත්‍රගෙ පපුව මහ වේගෙන් ගැහෙන්න ගත්තෙ එකපාරටම ඇති වුණු තිගැස්මට.

තමන්ගෙ පිට කාගෙ හරි පපුවකට තද වෙනවා දැනෙනවත් එක්කම ඒ කවුද කියලවත් නොබැලුව නේත්‍ර තමන්ට පුළුවන් උපරිම වීරිය යොදලා ඒ මනුස්සයව තල්ලු කරලා දැම්මා.ඒත් නොහිතුව විදියට තත්පර ගාණක් ඇතුලත ආපහු පාරක් ඒ ග්‍රහණෙට අහුවුණු නේත්‍ර එහෙම්මම පන්තියෙ බිත්තියකට හිර වෙනවත් එක්කම තමන්ගෙ ඇස් දෙක උස්සලා ඉස්සරහ බැලුවා.

"රධීන්?"

"චූටි බබා කොහොමද ඉතින්?"

අවුරුදු තුන හතරකට පස්සෙ ඒ කටින් පිට වුණු වචන ටික නේත්‍රට මතක් කලේ ඒ සිද්ධිය.එදා තමන්ගෙ සුදු අයියට මහ මුදියන්සෙගෙන් තුවාල වෙනකං ගුටි කන්න වුණේ මේ මනුස්සයා නිසා නේද කියලා මතක් වුණු නේත්‍රගෙ ඇස් දෙක පිරුණෙ කේන්තියකින්.ඔව්! නේත්‍රට කේන්තිත් යනවා! හැබැයි ඒ ඇස් දෙක අස්සෙ හැංගිලා තිබ්බ බය රධීන් දැක්කෙ නැහැ.

"අතාරිනවා මාව!!!"

කවදාවත් නාහපු විධානාත්මක හඩකින් නේත්‍රගෙ කටින් වචන පිට වෙද්දි රධීන් උනත් ටිකක් ගැස්සිලා ගියා.මොකද නේත්‍ර කියන්නෙ එහෙම කිසි කෙනෙක්ට සැර නොකරන,වැඩියෙ කාත් එක්කවත් කතාවට යන්නෙ නැති ලමයෙක්.එහෙව් එකා මෙහෙම කතා කරද්දි රධීන්ගෙ උනත් ඇස් දෙක ලොකු වුණා.

"සද්දෙ දාන්නත් දන්නවා නේද?"

නේත්‍රගෙ අත් දෙකම තනි අතකින් අල්ලගත්තු රධීන් හෙමින් සැරේ නේත්‍රගෙ මූණට ලං වෙලා අහද්දි නේත්‍ර පිලිකුලෙන් අහක බලාගෙන දැගලුවෙ රධීන්ගෙ ග්‍රහණෙන් ගැලවෙන්න.ආශවගෙ ග්‍රහණෙට ඇරෙන්න වෙන කිසිම පිරිමියෙක්ගෙ ග්‍රහණයක් මේ විදියෙ හැගීමකින් තමන්ට ලං වෙනවට නේත්‍ර කැමති වුණේ නැහැ.නේත්‍ර ඒ දේ පිලිකුල් කලා.කොච්චර කේන්ති ගන්න හැදුවත් නේත්‍ර කියන්නෙ උප්පත්තියෙන්ම හද්ද අහිංසකයෙක් විදියට ඉපදුණු කොල්ලෙක්.ඉතින් නේත්‍රට තවත් වෙලා තමන්ගෙ කේන්තිය පවත්වාගෙන යන එක අසීරු වුණා.

"අහ්.....ත.....අරිහ්.....න්න මාව......"

අවුරුදු ගාණකට කලින් සේනාධිනායක මුදලිගෙ ග්‍රහණෙට අහු වුණු දවසෙදි වුණා වගේම අදත් නේත්‍ර රධීන්ගෙ අත් අස්සෙදි දුර්වල වුණා.නේත්‍රගෙ පපුව මහ වේගෙන් ගැහෙන්න ගත්තේ තමන්ට දැනුනු අපහසුවටමයි.ඒ හැගීම කොහෙත්ම ආශව නේත්‍රට ලං වෙන මොහොතවල් වල නේත්‍රට දැනුනු හැගීමක් නෙවෙයි.

නේත්‍රගෙ කකුල් පවා පණ නැති වෙලා යාගෙන ආවත් ඇගේ ඉතිරි වෙලා තිබ්බ ශක්තියෙන් නේත්‍ර දැගලුවෙ රධීන්ගෙන් ගැලවෙන්න.සියුමැලි ශරීරයක් තිබ්බ නේත්‍ර,දවසෙන් වැඩි වෙලාවක් එක්සයිස් කරලා යකඩ කදන් උස්සලා ක්‍රිකට් ගහන්න හදාගත්තු ශක්තිමත් ඇගක් එක්ක කොහෙ හැප්පෙන්නද?

"අතෑරපං මිනිහො!!!"

නේත්‍රගෙ ගෙල පෙදෙසට හෙමි හෙමින් නැඹුරු වෙන ගමන් හිටි රධීන් ගැස්සිලා ගියේ පන්තියෙ දොරකඩින් ඇහුණු සද්දෙට.ඒත් නේත්‍රව අත් නොහැරිය රධීන් තමන්ගෙ මූණ විතරක් නේත්‍ර ලගින් අහකට අරගෙන දොර දිහාවට තමන්ගෙ ඇස් දෙක යොමු කලා.බැට් එකකුත් අතේ තියාගෙන හිටිය දිවාෂ දොරකඩ හිටගෙන හිටියෙ ගිනි පිට වෙන ඇස් දෙකකින්.

"අත අරින්නෙ නෑ! පුලුවන් දෙයක් කරපං"

කකුල් දෙකට පණ ගන්න වගේ බිත්තියට වාරු වෙලා හිටි නේත්‍රගෙ අත් දෙක තව ටිකක් තදින් අල්ලගෙන බිත්තියට තියලා තද කරපු රධීන් සමච්චල් විදියට දිවාෂට හිනාවක් පා කරලා හෙමි හෙමින් පාත් වුණේ නේත්‍රගෙ තොල් වෙතට.තමන්ගෙ තොල් දෙක කිටි කිටියෙ තද කරගෙන දැගලුව නේත්‍ර නිසා එහෙට මෙහෙට වැනෙන්න්ව් ගත්තු රධීන් තමන්ගෙ හයිය අතකින් නේත්‍රගෙ කට දෙපැත්ත තද කරලා අල්ලගත්තෙත්,දිවාෂ මහ හයියෙන් කුනුහපරයක් කිව්වෙත්,රධීන්ව නේත්‍රගෙන් පැත්තකට ඇදිලා ගියෙත් එකම මොහොතක.

"අද මම මරනවා තෝව සක්කිලියා!!!"

පණ නැති කකුල් දෙක නිසා බිත්තිය දිගේ බිමට රූටපු නේත්‍ර බලාගෙන හිටියෙ වියරුවෙන් වගේ රධීන්ට පහර දෙන තමන්ගෙ සුදු අයියා දිහා.ආශවගෙ නැවතීමක් තිබුණෙ නැහැ.ඒත් ආශවට දිග දුර යන්න දෙන්න බැහැ.මේක ඉස්කෝලයක්.ඒ නිසාම ආශවව නතර කරන්න හැදුව නේත්‍ර එහෙම්මම ආපහු පාරක් පල්ලෙහාට වැටුනෙ පපුවෙන් එන වේදනාව දරාගන්න බැරුව.නේත්‍රගෙ පපුව වේගෙන් ගැහෙන ගමන් තිබුනා.අවුරුදු ගාණකට කලින් වගේම.

"නේත්‍ර!!!"

"ආශවයා ඕක නවත්තපං"

නේත්‍රගෙ අපහසුව තේරුම් ගත්තු දිවාෂ නේත්‍ර ලගට දුවගෙන එද්දිම ආශව ලගට ගිය දෙවින්,දෙනෙත් දෙන්නා ආශවව රධීන්ගෙන් ගලවගන්න උත්සාහ කලත් ඒක සෑහෙන්නම අපහසු වුණා.ආශවගෙ මුළු ඇගම ගලක් වගේ හයිය වෙලා තිබුණා.ආශවගෙ දෙපැත්තෙන් අල්ලගත්ත දෙවින් දෙනෙත් දෙන්නත් ආශවගෙ තාලෙට එහෙට මෙහෙට පැද්දුනා විනා ආශවව නතර කරන්න සමත් වුණේ නැහැ.

"උඹට මම කිව්වා! මම අවුරුදු ගාණකට කලින් කිව්වා උඹට! අත තියන්න එපා කියලා! යකෝ!!! ඒකට වෙන පොන්නයො අතගහනකං බලන් ඉන්න පිම්පියෙක් වගේ කියලා හිතුවද තෝ මාව?

"ඕක නවත්තපං ආශව අයියෙ!!!මේකාගෙ පපුව ගැහෙනවා වේගෙන්!!! උඹේ නේත්‍ර ඉන්නෙ අමාරුවෙන්!!!"

ආශව නැවතුනා.ඔව් දිවාෂගෙ ඒ වචන ටිකට පුළුවන් වුණා ආවේගෙන් හිටිය ආශවව හරි සිහියට ගන්න.රධීන් ආශවගෙන් ගැලවුණු පාර තමන්ගෙ තොල් පැලිලා එන ලේ පිහිද පිහිද අද්දුවං වෙච්ච සරීරෙන් එහෙම්මම පන්තියෙන් එලියට දුවද්දි ආශව නේත්‍ර ලග දණගහගත්තා.

"නේත්‍ර......"

ආශවගෙ කටහඩ ඇහෙද්දි දිවාෂගෙ අතකට ඔලුව තියාගෙන වාරු වෙලා හිටි නේත්‍ර හෙමීට තමන්ගෙ ඇස් දෙක ආශවට යොමු කලා.එහෙම්මම දිවාෂගෙන් නේත්‍රව ගලවගත්තු ආශව නේත්‍රව තමන්ගෙ පපුවට ගුලි කරගෙන හෙමීට ඒ පපුව තමන්ගෙ අතින් අතගාන්න පටන් ගත්තා.ආශවගෙ පපුවට තුරුල් වෙලා හයියෙන් හුස්ම ගත්තු නේත්‍ර ටිකෙන් ටික ඒ තුරුලෙ සැනසෙන ගමන් හිටියා.

මීට ටිකකට කලින් මේන් හෝල් එකෙන් පිටත් වුණු දිවාෂ දෙවින්ගෙ පන්තියට රිංගලා දෙවින්ගෙ බැට් එක ඉස්සුවෙ ඒක තියාගෙන දෙවින්ගෙන් කීයක් හරි කඩාගන්න පුළුවන් වෙයි කියලා හිතන ගමන්.ඒත් එක්කම ලගම පන්තියකින් ඇහෙන හීන් සද්දෙ නිසා එතනට ගිය දිවාෂ කලින් වුණු සිද්ධියට සාංගාං වෙද්දි මේන් හෝල් එකේ සෙමිනා එකක් අස්සෙ ගිලිලා හිටි ආශව එක පාරටම හිතට ආව නුහුරු හැගීමත් එක්ක දඩි බිඩි ගාලා නැගිටල සෙමිනා එක කර කර හිටිය සර්ගෙන් වොෂෲම් යන්න අවසර අරගෙන එලියට ආවත් ඒ කකුල් දෙක ඇද්දුනේ තමන්ගෙ පන්ති පැත්තට.ආශවගෙ වෙනස තේරුනු දෙවින් දෙනෙත් දෙන්නත් ඒ විදියට එතනට එද්දි නේත්‍ර හිටියෙ රධීන්ගෙ අත් අස්සට හිර වෙලා.

"හ්ම්ම්ම්......සුදු අයියා ඉන්නවා මගෙ නේත්‍ර ලග.ඇස් පියාගෙන හුස්ම ගන්න හෙමීට"

නේත්‍රව තමන්ගෙ පපුවට තද කරගෙන ඒ පපුව අතගගා ආශව සනසද්දි තමන්ට සැනසීම දැනෙන එකම පිරිමි පපුවට ගුලි වුණු නේත්‍ර,තමන්ගෙ සුවදායී හැගීම් දැනෙන එකම පිරිමි ස්පර්ශෙ විදගන්න ගමන් ඇස් පියාගෙන හුස්ම ගත්තා.

...................................................................................................

වචන 2300+❤️

මම දන්නවා මේ කෑල්ල හරි නෑ.කිසි රසයක් නෑ කියල.ඒ ගැන මම සමාව ඉල්ලනවා බබාලා❤️

මට තවම පහු ගිය දවසෙ වුණු සිද්ධිය ගැන හිතට වද දෙනවා💔 මම හිත හදාගන්නමයි මේක ලිව්වෙත්.......ඒක නිසාම වෙන්න ඇති මේක නිකං මොකද්ද එක වගේ උනේ🥺💔

එදා දුක හිතිලා කතාවෙන් ටික කාලෙකට අයින් වෙනවා කියලා කිව්ව එකට සමාවෙන්න🥺 මට හිතාගන්න බැරි වුනා ඔයාලා මෙච්චර නේට්ටට,සුදුබේබිට ආදරෙයිද කියලා 🥺❤️

මට දැනුනා මේක ඔයාලට නිකංම නිකං කතාවක් නෙවෙයි කියලා 🥺❤️

කැමීලියාට සමාවෙන්න හොදද❤️

එදා වචනෙකින් හරි මයෙ හිත හැදුව බබාලට හුගාක් ආදරෙයි මම🥺❤️

"තව එක කොටසකින් පස්සෙ වසන්තය එලඹෙන්න ගන්නවා සත්තයි🌚👉👈"

ඊලග කොටස හා ඊට පස්සෙ කොටස ටයිම් ස්කිප් එකක් වෙයි දෙකේම❤️

"සෑම වසන්තයක් පිටුපසම කටුක ගිම්හානයක් තියෙනවා කියලා මතක තියාගන්න ඈ😂😭❤️"

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter