Back
Chapter 29

28 කොටස🤍✨

නිවාලන්න මා...

"බ්‍රෙක්ෆස්ට් එක අරගෙන පිටත් වෙනවා kandy වලට. ඔයාලට මෙහෙන් ගන්න මොනාහරි තියෙයි නම් අරගෙන එන්න පුළුවන්.ම්ම්ම්.........මම පැයක් දෙන්නම්"

"අම්ම්ම්......සර්,මට ගුණසේන එකට යන්න ඕනි"

"Ok ආශව.අපි යද්දි අහු වෙනවනෙ ගුණසේන එකක්.එතනින් නවත්වන්නම්."

"Thank you කෝච්!"

"Its ok පුතා...ok boys! එහෙනම් රෙඩි වෙන්න"

ආශවගෙ පිටට තට්ටුවක් දාපු කෝච් එතනින් පිටත් වෙද්දි කොල්ලො ටික තම තමන්ගෙ රූම්ස් වලට රිංගගත්තෙ ගමන් මලු ලෑස්ති කරන්න හිතාගෙන.කොහොමත් තනියෙන් වැඩක්පලක් කරගෙන හුරු නැති ආශව ඇදුම් ඔක්කොම ගුලි කරලා බෑග් එකට ඔබාගෙන ඒක වහගන්න බැරුව දගලද්දි ආශවට දෙකක් ඇන්න දෙවින් ඔක්කොම ඇදුම් ටික බිමට හලලා එකින් එක පිලිවෙලට අඩුක් කරන්න ගත්තෙ ආශවට දෙස් දෙවොල් තියන්නත් අමතක නොකරමයි.තමන්ගෙ ඇදුම් ටිකවත් අස් කරගන්නෙ නැතුව ආශවගෙ ඇදුම් ටික අස් කරලා දාපු දෙවින් ආශවට පයින් පාරකුත් දුන්නෙ තිබ්බ කේන්තිය නිසාමයි.

"ගහන්නෙ?"

"ආ ගහන්න නෙවෙයි.මරන්න වටින්නෙ තෝව! පගයා"

"පලයන්"

"යනවා තමා.නැත්තං තෝ එකක් බුදිය ගන්න ආවා කියලා හිතුවද මම?"

"ආසයිද?"

"නෙද්දකින් විතරක්.අර අහිංසකයා ඉන්න නිසාම හොදයි.බලපං එද්දි බෑග් එක අස් කරලා තිබ්බ පිලිවෙල.තෝ වගේ තුවායයි ජොකයි එකට ඔබාගන්න එකෙක් එක්ක අර වගේ පිලිවෙල ලමයෙක් කොහොම වසයිද මංදා"

"එහෙම තමා ගැලපෙන්නෙ මචං.බලපං කොච්චර සොදුරු ගැලපීමක්ද කියලා"

"හරි අපූරු ගැලපීම.පාතාලකාරයෙක් ආරණ්‍යවාසී හාමුදුරුනමක් එක්ක යාලු උනා වගේ තමා"

"මේහ්! සනී ඕතර්ගෙ පොත් කියෝලා තියේද?"

"කවුද? ආහ්හ්හ්......දිවාෂ හැමවෙලේම කියවන එක්කෙන්නා නේද?"

"ඕ.ලගදි එයාගෙ කතාවක් කියෙව්වා.කතා ලියන්න අරං සෑහෙන කල් වුනාට දැන් තමයිලු පොත් ගහලා දාන්නෙ"

"පොත තියේද? උබ ලග?"

"දිවාෂ හදලා එව්ව pdf එකක් බැලුවෙ.පලවෙනි පාරින්ම හිත ගියා."

"සනීටද?"

"නෑ හුත්......කතාවට පගෝ.අනික එයා අපිට අක්කෙක් වෙන්නෙ"

"ඒ උනාට මචන්........."

"ක....ට...පි...යාගනින්! ඒ ඕතර් වචන වලින් පපුවටම කතා කරනවා.මම හිතන්නෙ award එකකටත් නොමිනේට් වෙලා ඉන්නෙ.....එයාට ඒක හම්බෙයි කියලා කියනවා ගොඩක් අය.හම්බෙන්නත් ඕනි අනික.එච්චරටම ටැලන්ටඩ්"

"සිරාවටම?ඒක නෙවේ.....දැන් ඇයි උබ එකපාරටම ඕක කිව්වෙ? ඒයි ඒයි ආශව.....කියලා පලයන් මිනිහෝ!!!"

දෙවින් දිහා බලලා විරිත්තුව ආශව බාතෲම් එකට රිංගලා දොර වහගනිද්දි කුතුහලයෙන් පිරිලා හිටිය දෙවින් රූම් එකේ ඉදලා මරහඩ තලලා කෑ ගැහුවා.

...................................................................................................

"සුදු අයියට ෆෝන් එක බලන්නවත් බැරුව ඇති"

අතේ තිබ්බ දුරකතනෙ දිහා සියවෙනි වතාවටත් බලලා දිග හුස්මක් පහල දැම්ම නේත්‍ර තොල් දෙකත් නොපිටට පෙරලගෙන ගෙයි ඉස්තෝප්පුවෙ ඉදගත්තා.උදේ ඉදන්ම ආශවගෙන් දුරකථන ඇමතුමක්වත්,කෙටි පණිවිඩයක්වත් නැති තැන බොහොම අමාරුවෙන් හිත හදාගත්තු නේත්‍ර "සුදු අයියා අද එනවා නේද?" කියලා පණිවිඩයක් ආශවට යැව්වා.ඒ කෙටි පණිවිඩයක් යවන්න උනත් නේත්‍ර සෑහෙන්නම හිතුවෙ ඒක ආශවට වදයක් වෙයිද? තමන් සීමාවන් ඉක්මවනවද? එහෙම තමන්ට අයිතියක් තියේද? වගේ බහුබූත වලින් ඒ පුංචි ඔලුගෙඩිය පිරිලා තිබුණු නිසා.

කෙටි පණිවිඩේ ඉස්සරහින් හරි ලකුණු දෙකක් වැටිලත් ඒවා තවම නිල් පාට නොවුණු එක ගැන නේත්‍ර උන්නෙ කනස්සල්ලෙන්.බස් එකේ සිංදු කිය කිය එන වීඩියෝ කෑල්ලක් මීට විනාඩි දෙකකට කලින් දෙවින් ස්ටේටස් නොදැම්මනම් ආශවට කරදරයක්වත්ද කියලා නේත්‍ර කලබල වෙන්නත් ඉඩ තිබ්බා.ඒත් තෙවින්ගෙ වීඩියෝ එකේ හිනාවෙවී අත්පුඩි ගහන ආශව නිසා නේත්‍රගෙ හිතට ආව බය නැති වෙලා ගිහින් තිබ්බා.

අද ආශව එන හින්දා දිවාෂලාගෙ ගෙදර නොයිද තමන්ගෙ පුංචි ගෙදෙට්ට රිංගගත්තු නේත්‍ර දඩි බිඩි ගාලා හාල් ඩිංගිත්තක් බැදලා,කුඩු කරලා යහමට පැණි දාලා අග්ගලා ටිකකුත් හැදුවෙ ඒවට තමන්ගෙ සුදු අයියා හුගක් ආසා බව දැනන් හිටි නිසා.

එක පාරටම තමන්ගෙ දුරකථනෙ නාද වෙනවත් එක්කම ඒ ආශව කියලා හිතලා හිනා කටක් පුරෝගෙන ඉක්මනටම දුරකථනෙ අතට ගත්තත් ඒ හිනාව ඩිංගක් අඩු වුණේ ඒ ඇමතුම ආශවගෙන් නොවුණු නිසා.

"හෙලෝ දිවාෂ"

"නේත්‍ර......නිර්මලා නැන්දා ගෙදරද?"

"නෑනෙ දිවාෂ.අම්මා වලව්වෙනෙ.ඇයි?"

"නෑ නෑ නිකං.හවසට අම්මා ගෙදරද?"

"ම්හු......නෑනෙ අනේ....මල ගෙදර උදව්වට යනවනෙ"

"කවුරුහරි ගෙදෙට්ට ආවද දැන්?"

"නෑනෙ දිවාෂ.ඇයි?"

"ම්ම්ම්ම්.......තමුසෙට බෑද ඉක්කන්ට වලව්වට දුවන්න?"

"දැන්ද? ඇයි ඒ?"

"කියන දේ අහනවකො"

"හා ඉන්න මම යන්නම් එහෙනම්........"

"හරි එහෙනම්"

"දිවාෂ!"

"ඇයි? මොකෝ? මොකද්ද උනේ? නේත්‍ර!"

"නෑ නෑ......තෙවින් අයියා මේ දිහාට එනවනෙ? අපේ දිහෑද දන්නෑ එන්නෙ? වලව්වට දුවන එක හරි නෑ නේද?"

"මේ අහනවකො! එලියෙ තියෙන පුටුවකින් ඉදගන්න දෙන්න තෙවින්ට....ඇතුලට ගන්නෙපා හරිද? ඔයත් එලියට වෙලාම ඉන්න.තේරුණාද?"

"ඇයි ඒ? තේ එකක්වත් නොදී පුලුවන්ද එහෙම? සුදු අයියගෙ යාලුවෙක්නෙ දිවාෂ මේ අයියත්"

"කියන දේ අහන්නකො නේත්‍ර! ආශව අයියට කේන්ති යයි හැබැයි එහෙම වෙන කොල්ලොන්ව ගේ ඇතුලට ගත්තා කියලා.ඊට පස්සෙ තරහ වුනොත් මම දන්නෑ"

"එ.....එහෙමද? අනේ මම එහෙනම් ඇතුලට ගන්නෙ නෑ"

"ඔව්....තේ එකක් හදන්නවත් ඇතුලට යන්නෙපා.ඌ ඉල්ලුවත් යන්නෙපා හරිද? මම තව විනාඩි පහකින් එනවා ඔහෙ.ඊට පස්සෙ කට්ටියම එකටම තේ බොමු හරිද"

"ආආඅ.......ඒක තමා එහෙනම් මේ.....අනේ පෙරේත දිවාෂ"

"හිකි හිකිය නවත්තලා එලියට වෙලා ඉන්නවා මොට්ටයා.මම එනකං.මටත් උනානෙ මේ බබ්බු බලාගන්න"

"හරි දිවාෂ.බුදු සරණයි"

"උම්මා චූචි පැච්චො"

"හිනා වෙවීම ඇමතුම විසන්ධි කල නේත්‍ර එහෙම්මම බැලුවෙ කඩුල්ලෙන් එපිට නතර වෙලා හිටි තෙවින් දිහා.කඩුල්ලෙන් මෙපිටට පයින්න උස්සපු පය එහෙම්මම තියාගෙන තෙවින් බලාගෙන හිටියෙ නේත්‍රගෙ මූණ දිහා.ඒ පුංචි හුරතල් මූණෙ තිබ්බ සුන්දරත්වෙ නේත්‍රගෙ මූණ පුරා පැතිරිලා ගිහින් තිබ්බ හිනාව නිසා තවත් වැඩි වෙලා පෙනුනා.කවදාවත් නැති විදියට තමන්ගෙ පපුව අමුතු විදියකට ගැහෙද්දි තෙවින් තමන්ගෙ පය කඩුල්ලෙන් මෙපිටට තිබ්බා.

"එන්න තෙවින් අයියෙ"

ඉස්තෝප්පු කෑල්ලෙ ඉදන් මිදුලට බැස්ස නේත්‍ර,තෙවින්ට එන්න කියලා කියද්දි නේත්‍ර එක්ක ලස්සනට හිනා වුණු තෙවින් නේත්‍රලාගෙ ගෙට ගොඩ වුණා.ඉස්තෝප්පුවෙ තිබුණු ලී පුටු දෙක පෙන්නලා "ඉදගන්න" කියලා නේත්‍ර කියද්දි හිනා වුණු තෙවින් එතන තිබුණු එක ලී පුටුවක් උඩින් ඉදගත්තා.

තෙවින් ලී පුටුව උඩින් ඉදගනිද්දි ඉස්තෝප්පුවෙ පඩියකින් ඉදගත්තු නේත්‍ර කඩුල්ලෙන් එපිට පේන අවකාශෙ දිහා බලන් හිටියෙ තෙවින් කතාවකට මුල පුරනකං.කොහොමත් ආශව ලගදි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ලගදි නේත්‍ර වැඩිපුර කතා බහට රුචි වුණේ නෑ.

"නේත්‍ර තනියෙමද හිටියෙ?"

"ඔව් තෙවින් අයියෙ.අම්මා වලව්වෙනෙ මේ වෙලාවෙ"

"ආහ්හ්හ්........."

තෙවින් බලාගෙන හිටියෙ ඉස්තෝප්පුවෙ පඩිය කිට්ටුව මිදුලෙ තියෙන චූටි ගල් කැට අරගෙන කඩුල්ල පැත්තට විසි කරන නේත්‍ර දිහා.පැත්තට පේන නේත්‍රගෙ ලා රෝස පාට කම්මුල් දෙක වගේම ගල් කැට ඈතට ඉලක්ක කරද්දි ටිකක් ඉදිරියට උල් වෙන නේත්‍රගෙ හීනි තොල් දෙකත් එක්ක තෙවින්ට නේත්‍රගෙ රූපෙ හුගාක් ලස්සනට පෙනුනා.

කොහොමත් ඇගට වඩා ලොකු ඇදුම් අදින නේත්‍ර දැන් උනත් ඇදන් උන්නු ලා නිල් පාට කමිසෙ නේත්‍රව ගිලගෙන වගේ ඉන්නවා පෙනුන තෙවින් තනියෙම හිනා වුණේ කොල්ලෙක්ට මෙච්චර හුරතල් වෙන්න පුලුවන්ද කියලා හිතන ගමන්.ඒත් තෙවින් දැනන් හිටියෙ නෑ නේත්‍ර ඔච්චර ආසාවෙන් ඇදගෙන ඉන්න ඒ කමිසෙ මීට අවුරුද්දකට විතර කලින් ආශව නේත්‍රට දුන්න ඇදුම් ගොඩක තිබ්බ එකක් කියන්න!

"මේ ඉඩම කෙලවර වෙන්නෙ කොහෙන්ද නේත්‍ර?"

"මේකෙ කෙලවර තියෙන්නෙ ගල්පොත්තක් තෙවින් අයියෙ.......එතනින් මේ ඉඩම ඉවර වෙනවා"

"එතකොට මේ ඔක්කොම ආශවගෙද?"

"සුදුබේබිගෙ නෙවේ තෙවින් අයියෙ.....සුදු බේබිගෙ අප්පච්චිගෙ මෙව්වා"

"එතකොට ගල්පොත්තට කිට්ටුවම තියෙන කුඹුරු යාය?"

"ගල්පොත්ත එක්කම තියෙන කුඹුරු යායත් මහ මුදියන්සෙගෙ තමා.....ගමේ හුගක් ඉඩම් මහ මුදියන්සෙගෙලු.මම දන්නෙත් නෑ එහෙම හරියකට ඕවා"

"ම්ම්ම්ම්ම්........"

තෙවින් තවමත් නේත්‍රට ආගන්තුකයෙක් උනු නිසා නේත්‍ර තෙවින්ගෙ ඉස්සරහ තමන්ගෙයි ආශවගෙයි ඇගෑලුම්කම හෙලි කරන්න ටිකක් පසුබට වුණා.මොකද තෙවින් දෙවින්ගෙ නිවුන්නා වුනත් තෙවිනුත් වලව් මාන්නෙ ඔලුවට ගත්තු,කුල මල ගැන හිතන කෙනෙක්නම් ආශවගෙයි තමන්ගෙයි ඇගෑලුම්කමට ප්‍රශ්නයක් ඇති කරයි කියලා නේත්‍රට බය හිතුනා.ඒ ඔක්කොටමත් වඩා ඒකෙන් ආශවට ප්‍රශ්නයක් වෙයි කියන එක නේත්‍රගෙ ඔලුවෙ වැඩ කලා.

"ඩෝංං"

ඒත් එක්කම නේත්‍රලාගෙ ගෙදර පැත්තකට වෙන්න තිබ්බ වතුසුදු මල් ගාල උඩට එතනම තිබ්බ පොල් ගහේ වේලුණු අත්තක් කඩන් වැටුනු සද්දෙට තෙවිනුයි නේත්‍රයි දෙන්නම ගැස්සිලා ගියා.හිතුවෙ නැති වෙලාවක උනු දෙයක් වෙද්දි ගැස්සිලා ඇස් දෙකත් ලොකු කරගෙන කෙල ගිලින නේත්‍ර දිහා බලන් හිටි තෙවින් තමන්ගෙ පපුවට කීප පාරක්ම ගහගත්තෙ ඒ හුරතල් හැසිරීම දරාගන්න බැරි වුණු තැන.

"වතුර ටිකක් බොන්න පුලුවන්ද නේත්‍ර?"

තෙවින් නේත්‍රගෙන් අහද්දි නේත්‍ර හෙමින් සැරේ ඔලුව හරවලා තෙවින් දිහා බැලුවෙ දිවාෂගෙ තර්ජනේ මතක් වුණු නිසා.එතකොටත් තෙවින් හිටියෙ තමන්ගෙ කකුලෙ වලලුකරේ කැරකුණු කූඹියෙක්ට අතින් අනින ගමන් නිසා තෙවින් නේත්‍රගෙ ඒ හොර බැල්ම දැක්කෙ නැහැ.

"එලියෙ ටැප් එකක් තියේද නේත්‍ර? මම ඒකෙන් වතුර බොන්නම්.කවුරුත් නැති වෙලේක ගේ ඇතුලට යන එක එච්චර හොද වැඩක් නෙවේනෙ"

ඔලුව උස්සලා නේත්‍ර දිහා බැලුව තෙවින් කියද්දි නේත්‍ර ඔලුව වැනුවා.මොනා උනත් ආගන්තුක සත්කාර හරි අපූරුවට පිලිපදින ගම්මානෙක උන්නු නේත්‍රට තෙවින්ට මෙහෙම සලකන එක හරි අපහසුවක් වුණා.ඒත් දිවාෂ දෙයක් කියන්නෙ හේතුවක් නිසා කියන එක දන්න නිසා නේත්‍ර ඒ විදියටම උන්නත් නේත්‍රගෙ හිතට ඒ වැඩේ හරි ගියේම නැහැ.තෙවින් වතුර ටිකක් ඉල්ලුවාමත් ඒක ප්‍රතික්ෂේප කරන්නෙ කොහොමද කියන එක හිතාගන්න බැරි වුණු නේත්‍රව ලොකු සහනෙකට පත් කරන ගමන් තෙවින්ම ඒකට පිලියමක් යොදද්දි නේත්‍ර සැනසුම් සුසුමක් හෙලුවා.

"ඇයි මම එහෙම කලේ?"

නේත්‍රලාගෙ ගෙයි වතුසුදු ගාල හරියෙ තිබ්බ ටැප් එකෙන් වතුර දෝතට අරං පිපාසාව සන්සිදවගත්තු තෙවින් තමන්ගෙන්ම ප්‍රශ්න කලා.කොළබ හිටි කාලෙ අවේලාවල් වල පවා තමන් ආස්‍රේ කරපු සමහර ගෑනු ලමයිගෙ ගෙවල් වලට ගිය හැටි තෙවින් මතක් කලා.ඒ වගේ වෙලාවකදිවත් තමන් මෙහෙම හිතුවෙ නැහැනෙ කියන එක මතක් වුණු තෙවින්ට තමන් ගැන පුදුම හිතුනා.

මහ දවාලක වුණත් තමන් නේත්‍ර එක්ක ගේ ඇතුලට ගියානම් අහම්බෙන් හරි ඒක දැක්ක මනුස්සයෙක් නේත්‍රට නරක පදයක් හදයි කියලා තෙවින් බය වුණා.ඔව්වා හිතන ගමන්ම ආපහු පාරක් ඇවිත් ලී පුටුවෙන් ඉදගත්තු තෙවින් ආපහු පාරක් කතා කලා.

"මම මේ අහන්නමයි හිටියෙ.නේත්‍ර මොකෝ මාව පුටුවක ඉන්දෝලා බිම ඉදගත්තෙ?"

"ඒකට කමක් නෑ තෙවින් අයියෙ.මට බිම හොදා"

තෙවින් දිහා බලලා ඔලුව හරවලා හිනා වුණු නේත්‍ර කියද්දි පුටුවෙන් නැගිට්ට තෙවින් නේත්‍ර ලගින්ම ඉදගනිද්දි නේත්‍රගෙ ඇස් දෙකත් එක්ක ලොකු වුණා.

"තෙවින් අයියෙ! කවුරුහරි දැක්කොත් මට විසුමක් වෙන්නෑ.සිංහවංශ මහත්තයලෑ බේබිලව බිම ඉන්දෙව්වා කියලා"

"ඉතින් ආශවත් ඉන්නෙ ඔයා එක්ක මෙහෙම? එයා මහ මුදියන්සෙගෙම පුතානෙ?"

"සුදුබේබි වෙනයි තෙවින් අයියෙ"

"මොක....."

"අම්මටසිරි! මෙන්න සුද්දො කල එලි බැහැලා වගේ"

රෝස පාට ඉරි ඉරි ශෝට් එකකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇදගෙන මලකුත් අතේ තියාගෙන ආව දිවාෂ කෑ ගහගෙනම කඩුල්ලෙන් මෙපිටට පැනලා නේත්‍ර ඉස්සරහ වටයක් කැරකිලා දණ ගහලා නේත්‍රට අර අතේ තිබ්බ කැලෑ මල දික් කලේ හරි නාට්‍යානුසාරී විදියට.

දිවාෂගෙ මේ වැඩ නේත්‍රට හරි හුරු පුරුදු එකක් උනත් මේ ගැන මුකුත් නොදැන හිටිය තෙවින්ගෙ ඇස් දෙකේනම් තිබ්බෙ පුදුමයක්.තෙවින්ගෙ ඇස් දෙකේ තිබ්බ පුදුමෙ නිසාම නේත්‍රගෙ කම්මුලකට හාද්දක් තියලා තෙවින්ගෙ පුදුමෙ දෙගුණ තෙගුණ කරන්න දිවාෂට හිතුනත් දිවාෂ ඒ භයානක ක්‍රියාව නොකර හිටියෙ නිකමට ගැන ඕක තෙවින් ආශවට කිව්වොත් එහෙම තමන්ට මොනාගෙන් මොනා වෙලා නවතියිද කියලා හිතාගන්න බැරි නිසා.

"යුගාන් මල්ලි නේත්‍රව බලන්න ආවද?"

"ඕ.......මේ ටිකේම කළු කුමාරයා මේ වටේ පිටේ සැරිසරනවලු.මම මේ නේත්‍රගෙ ආරක්ෂාව ගැන හිතලා ආවෙ"

"කළු කුමාර කිව්වෙ කවුද යුගාන්?"

"කුමාර කියලා අන්කල් කෙනෙක්.මිනිහා කලුයි.ඉතින් ඌට කියන්නෙ කලු කුමාර කියලා"

"ඕ ඕ"

තෙවින් අති සාර්ථක විදියට දිවාෂ දැන් දීපු ලණුවත් කද්දි නේත්‍රනම් හිටියෙ හිනාව තද කරගෙන.අතින් කටත් වහගෙන හිනා වෙවී හිටි නේත්‍ර දිහා බැලුව දිවාෂ නේත්‍රට කතා කලා.

"හිකි හිකිය නවත්තලා ගිහින් තේ ටිකක් හදන් එනවකො.බඩගිනියි හලෝ"

"මේ හවස 2ට 3ට මොන බඩගිනිද යුගාන්? මොකෝ දවල්ට කෑවෙ නැද්ද?"

"උබර්ට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනෙ තෙවින්"

දිවාෂගෙයි තෙවින්ගෙයි රණ්ඩුව ගජරාමෙට ඇදිලා යද්දි නේත්‍ර හිනා වෙවීම කුස්සිය පැත්තට ඇදුනා.ඒත් එක්කම නේත්‍රට ඇහුනෙ "තඩස්" ගාන සද්දෙකුයි තෙවින්ගෙ ලතෝනියකුයි.අනිවාර්යයෙන්ම දිවාෂ තෙවින්ට ගහන්න ඇති කියලා හිතුනු නේත්‍ර දිවාෂගෙ වැඩ ගැන හිත හිත හිනා වුණා.

"නේත්‍ර!!!! ඔය කන්න හදලා තියෙන දේකින් මටත් ගේනවා ඈ!!! මම දන්නවා අද උබර් අර නල්ලමලේ සුදු බේබිට මොනා හරි හදලා ලෑස්ති කරලා තියෙන්නෙ කියලා"

"කෑ ගහන්න එපා යුගාන්....මගෙ කන කීං කීං ගානවා"

හවස දෙක හමාර වගේ වෙලා තිබ්බත් දිවාෂගෙ කන් කෙදිරිය අහන්නම බැරි තැන නේත්‍ර ඉගුරු දාපු තේ වතුර කෝප්ප දෙකකට හදාන ආවෙ ඉස්තෝප්පුවට.කොහොමත් දෙසැම්බරේ තියෙන හීතලයි,නුවර හීතලයි,අද දවසෙ තියෙන බීරිමයි නිසා දවල් උනාට ගම්මානෙම හවසක අසිරිය ඉසිලුවා.

ඒ නිසාම මේ වෙලාවට තේ එකක් බොන එකේ වරදක් කොලු ගැටයො තුන් දෙනාම දැක්කෙ නෑ.ආශවට හැදුව ගම්මිරිස් යසටම දැම්ම අග්ගලා එක්කම හැදුව ගම්මිරිස් ටිකක් දැම්ම සැර අඩු අග්ගලා වලින් පහ හයක් පීරිසියක තියන් ආව නේත්‍ර ඒවත් තෙවින්ටයි දිවාෂටයි පිලිගැන්නුවා.

"ශාහ්හ්හ්හ්......මේවා මරුනෙ"

නේත්‍ර හැදුව අග්ගලාවකින් කෑල්ලක් කාලා තේ එකෙන් උගුරක් බිව්ව තෙවින් ඇස් දෙකත් පියාගෙන ඒක වර්ණනා කරද්දි නේත්‍ර සතුටින් හිනා වුණා.කොළඹ හිටිය කාලෙ තමන් ආශ්‍රේ කරපු ගෑනු ලමයි කිසිම කෙනෙක්ට මේ වගේ අත් ගුණයක් තිබ්බෙ නෑ කියන එක තෙවින්ට මතක් වුණා.

තේ එකක් හදන්න ගියත් "අනේ මට හදන්න පුලුවන්.ඒත් බොන්න පුලුවන් වෙයිද දන්නෑ?" කියලා ලොකුකම් අටෝන සමහර කෙල්ලො අතරෙ නේත්‍ර කොයි තරම් නම් ඉහලින් ඉන්නවද කියලා තෙවින් කල්පනා කලා.

"සෝයා මීට් හදන්න විතරයි දන්නෙ,බිත්තර බදින්න විතරයි දන්නෙ" කියලා හරි උජාරුවට කියවන කෙල්ලොන්ව එදා හරි හුරතලේට දැක්කත් ඒ කෙල්ලො මොන තරම් නම් පහල මට්ටමක ඉන්න අයද කියලා තෙවින් කල්පනා කලේ නේත්‍ර එක්ක සසදන ගමන්.කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මාලුවක් පින්නක් උයාගන්න පුළුවන් විදියට හැදෙන්න ඕනි කියලා සමහර මිනිස්සු කියන දේ ගත යුත්තක් තියෙනවා කියලා තෙවින් හිතුවා.

උයන්න පිහන්න බෑ කියලා උඩගු විදියට කියවන එක විශේෂයෙන්ම කෙල්ලෙක්ට ගැලපෙන දෙයක් නෙවෙයි වගේම අමාරුවෙන් හරි ඉගෙන ගෙන බතක් මාලුවක් උයාගන්න එක තමා ආඩම්බරේට කාරණාව කියන එකත් තෙවින් කල්පනා කලා.මෙච්චර රසට අග්ගලාවක් හදන්න පුළුවන් නේත්‍රට තව හුගක් කෑම ජාතිත් හදන්න පුලුවන් විත්තිය තෙවින්ට අමුතුවෙන් හිතන්න ඕනි වුණේ නැහැ.

"යුගානුත් පුරුදු වෙන්න කෑම හදන්න"

"උබට මොකද්ද තියෙන ඇම්ම මගෙ ඉවීම පිහීම ගැන?"

"දිවාෂටත් රසට කෑම හදන්න පුලුවන් තෙවින් අයියෙ....මෙයා නොකිව්වට"

තේ කෝප්පෙත් කටේ ගහගෙන තෙවින්ට රැව්ව දිවාෂ නේත්‍රටත් විරිත්තලා තව අග්ගලා ගුලියක් අරගෙන කටේ ගහගත්තා.නිකමට වගේ තෙවින් දිහා බැලුව දිවාෂ දැක්කෙ අතේ තියෙන තේ කෝප්පෙට උඩින් නේත්‍ර දිහාම බලාගෙන ඉන්න තෙවින්ගෙ ඇස් දෙක.ඒත් එක්කම දිවාෂට මතක් වුණේ දැන් ටිකකට කලින් වුනු සිද්ධිය.දවල්ට වේලාසනින් කාලම නාන්න ගත්තු දිවාෂ සබන් පිටින්ම බාතෲම් එකෙන් එලියට දුවගෙන ආවෙ වතුර ඉවර වෙලා නිසා මෝටරේ දාන්න හිතාගෙන.

ඔලුවෙයි ඇගෙයි සබන් පෙනත් එක්ක භූතයා වගේ එලියට ඇවිල්ලා මෝටරේ දැම්ම දිවාෂ දැක්කෙ අත් දෙකත් සාක්කුවෙ ඔබාගෙන නිවි හැනහිල්ලෙ තමන්ගෙ ගේ ඉස්සරහින් ඇවිදගෙන යන තෙවින්ව.ඒ ඇදෙන්නෙ වලව්ව පැත්තට කියලා තේරුම් ගත්තු දිවාෂ කල්පනා කලේ ආශවත් නැති වෙලාවක තෙවින් වලව්ව දිහාට ඇදෙන්නෙ මොකටද කියලා.

ඒත් එක්කම නේත්‍රව මතකෙට ආව දිවාෂ මේ වෙලාවෙ තමන් ඉන්න මට්ටම නිසා එලියකට බැහැගන්නත් බැරි හින්දා කලේ නේත්‍රට කෝල් එක අරගෙන තර්ජනේ කරලා ඉක්මනටම නාලා ඉවර වෙලා අතට අහු උනු ඇදුමකුත් ඇදගෙන නේත්‍රලාගෙ ගෙදෙට්ට දිව්ව එක.

"නේත්‍ර මොනාද AL s වලට කරන්නෙ?"

"කොමස් කරන්නෙ අයියෙ"

"ඕහ්හ්හ්හ්......එතකොට යුගාන්?"

"කොමස්ම තමා"

"ම්ම්ම්ම්ම්........"

ඒත් එක්කම හැමෝගෙම අතට පැතිරිලා ගියේ ලොකු නිහැඩියාවක්.ආශව කීයට එයිද දන්නෑ කියලා හිත හිත උන්නු නේත්‍රගෙ ඇස් හැම වෙලාවෙම තමන්ගෙ එහා පැත්තෙ තිබ්බ දුරකථනෙ දිහාට දුවද්දි තෙවින්ගෙ ඇස් නැවතිලා තිබ්බෙ නේත්‍රගෙ බෝල ඇස් වල.තෙවින් ගැන හිතට ආව සැකේ ගැන ආයෙ අමුතුවෙන් හිතන්න ඕනි නොවුණු දිවාෂ හිටියෙ ඒ ගැනම කල්පනාවක ගිලිලා.

බීරිං ගතියත් එක්කම හමාගෙන එන ලා හුලග ඉස්තෝප්පුවෙ ඉදන් උන්නු තුන් දෙනාගෙම ඇගවල් වල වැදීගෙන යද්දි,කවදාවත් නැතුව හීතල සුවද පිරිසිදු හුලගක ස්පර්ශෙ වින්ද තෙවින් හිටියෙනම් හරි සතුටින්.හුලං පාරට නිසා දග කරන නේත්‍රගෙ සිනිදු කොණ්ඩෙ මූණෙ හැම තැනම දුවන එක නවත්තගන්න නේත්‍ර තමන්ගෙ ඇගිලි වලින් වෙහෙසෙද්දි තමන්ට එහා පැත්තෙ ඉදන් ඉන්න මේ දෙවියො අඹපු රූපෙ තෙවින් නිහඩවම රස වින්දා.

"මලක සුවදිත් හිමිදිරීය ඈ නැවුම් කෙරුවා......

සුළඟ අතරින් ඒ සුවද මා සිහිල් කෙරුවා........

නෙත පුරවනා හාදු තවරණා......

නුඹ දෙවගනා හිතම කලබනා......

නෙත පුරවනා හාදු තවරණා......

නුඹ දෙවගනා හිතම කලබනා......

රැයේ අදුරත් ලොවම මොහොතින් නිහඩ කෙරුවා.....

ඔබ ඒ එළියෙන් සඳේ එළියත් එළිය කෙරුවා.......

නෙත පුරවනා හාදු තවරණා......

නුඹ දෙවගනා හිතම කලබනා.....

නෙත පුරවනා හාදු තවරණා.....

නුඹ දෙවගනා හිතම කලබනා......."

හීතල හුලං පාරත් එක්කම ඇදීගෙන ආව තෙවින්ගෙ ගැඹුරු ලස්සන හඩට ආසාවෙන් ඇහුම්කන් දුන්නෙ නේත්‍ර සිංදුව ලස්සනයි කියලා කියන්න තෙවින්ගෙ පැත්තට හැරුනා.ඒත් එක්කම තෙවින්ගෙ කළු හීනි ඇස් දෙක නේත්‍රගෙ බෝල කළු ඇස් දෙක අස්සෙ එකපාරටම ගිලෙද්දි ගැස්සිලා ගිය නේත්‍ර අහක බලාගත්තා.තෙවින්ගෙ ඇස් වල තිබ්බ ඒ ආගන්තුක බැල්ම නිසා නේත්‍රට ලොකු අපහසුතාවයක් දැනෙද්දි හෙමින් සැරේ එතනින් නැගිට්ට නේත්‍ර කට්ටියගෙ තේ කෝප්ප ටිකයි ඉතුරු උනු අග්ගලා ටිකයි අරගෙන ගේ ඇතුලට ගියා.

ටික වෙලාවක් යනකං නේත්‍ර එක්ක කතා බහේ නිරත වුණු තෙවිනුයි දිවාෂයි දෙන්නා නේත්‍රලාගෙ ගෙදරින් පිට වෙද්දි නේත්‍ර මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටිය ඒ රූපෙ වලව්වට කිට්ටු කරලා හිටියා.

.

.

.

.

.

"නේත්‍ර........."

"සුදු අයියෙ"

දවස් තුනක් තිස්සෙ නොදැක්ක ඒ රූපෙ තමන්ගෙ වත්තට පය ගහනවත් එක්කම අරලිය ගහ යට බංකුවෙ ඉදන් හිටි නේත්‍ර විදුලි වේගෙන් දුවගෙන ඇවිල්ලා ආශවගෙ තුරුලට පැන්නා.හිතුවෙ නැති වෙලාවක උනු දේ නිසා ආශව ටිකක් පිටිපස්සට විසික් වෙලා ගියත් තමන්ගෙ අතේ තිබ්බ කවරෙ හයියෙන් අල්ලගත්තු ආශව නේත්‍රව ආපිට තුරුල් කරගෙන ඒ සිනිදු හිසකේ උඩින් තමන්ගෙ තොල් තද කලා.

"පාළුවෙන්ද හිටියෙ?"

"හ්ම්ම්ම්........."

"දැන් හරිද?"

"හ්ම්ම්ම්.......සුදුඅයියා ආවනෙ"

ආශවගෙ තුරුලෙන් ටිකක් ඈත් වුණු නේත්‍ර එහෙම කියලා කුස්සියට දුවන්න හැදුවෙ තේ ටිකක් හදාගෙන එන්න.හවස හතරත් පහු වෙලා තිබ්බ නිසා ආශව ඇත්තෙ බඩගින්නෙ කියලා නේත්‍රගෙ හිත කිව්වා.ගේ ඇතුලට දුවන්න හැදුව නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව නේත්‍රව නවත්තද්දි ආශවගෙ අතේ උණුහුම දැනුනු නේත්‍ර හෙමීට ආශවගෙ මූණ දිහා බැලුවා.

"තේ එකක් හදාන එන්නම් සුදු අයියෙ"

"එපා නේත්‍ර.......මට පොඩි හදිස්සියක් තියේ"

"ස්....සුදු අයියා ආව ගමන්ම යන්නද ඔය ලෑස්තිය?"

"කෝ ඉතින්,ඔය ඇස් වල කදුළු පුරවගන්න එපා නේත්‍ර.....මම ආසා නෑනෙ"

"...................."

"මේක පොඩි තෑග්ගක්.මේක කියවන්න.......මුල ඉදන් පිලිවෙලට හැබැයි......මම දන්නවා නේත්‍ර මම කියන දේ අහනවා කියලා.....ඒ නිසා මේක මුල ඉදන් කියවන්න,අගට පෙරලන්නෙ නැතුව මුලින්ම.....පිටු එකසිය ගාණයි පොත......නේත්‍ර පොත කියවලා එනවද පහල ලාවුළු ගහ ගාවට? අපේ චූටි කාලෙ පිට්ටනියට?"

"ස්........සු.......සුදුඅයියෙ?"

"මුකුත් අහන්න එපා නේත්‍ර.මම යනවා........එන්න එහෙනම්.......මම බලන් ඉන්නවා"

කඩුල්ලෙන් එපිට පැනලා වලව්ව පැත්තට වේගෙන් යන ආශව දිහා බලන් හිටි නේත්‍ර කිසිම දෙයක් හිතාගන්න බැරුව අතේ තිබ්බ කවරෙ දිහා බලාගෙනම ගේ ඇතුලට ගියා.තමන්ගෙ කාමරේ තිබ්බ පුංචි පොත් මේසෙ ලගින් ඉදගත්තු නේත්‍ර ආශව දුන්නු කවරෙ ඒක උඩින් තිබ්බා.කවරෙ ලස්සනට ගැටගහලා තිබ්බ සුදුපාට රිබන් එක හෙමීට ලෙහුව නේත්‍ර පිලිවෙලකට තිබ්බ කවරෙ හෙමි හෙමින් දිගෑරලා කවරෙ ඇතුලෙ තිබ්බ පොත මතු කරගත්තා.

(අ) ස්ථාවර

සනී

පොතේ පිටකවරෙ තිබ්බ කලු සුදු මිශ්‍ර අලුපාට ඇතුලෙ ලාවට ඇදිලා තිබ්බ වර්ණවත් පාට කවරෙ දිහා හොදට බැලුව නේත්‍රට හොයාගන්න පුළුවන් වුණා.පිටකවරෙ යට හරියෙ රැලි හැපෙන වෙරලක දර්ශනෙත්,පේන නොපෙනෙන විදියට මතුවෙලා තිබ්බ ගිටාරෙක රූපෙත් එක්කම නේත්‍රගෙ ඇස් දෙක හරි ආසාවෙන් පොතට ඇදිලා ගියා.

"ජීවත් වෙනවා කියන්නෙම පන පිටින් ඉන්න එකයි හුස්ම ගන්න එකයි විතරක්ම නම්‚ මම කැමතියි ජීවත් වෙන්න..ඒත් !! ඒ විතරක්ම ඇතිද ?"

ඉතින් නේත්‍ර පොත කියවන්න පටන් ගත්තා.අග පිටුවට පෙරලලා බලන්න කියලා හිත කොච්චර කෑ ගැහුවත්,අග පිටුවෙ මොකක් හරි රැදිලා තියෙන බව අතට දැනෙද්දි ඒ පිටුව පෙරලන්න කියලා කොච්චර යටි හිත කෑ ගැහුවත් ආශව කියන දේ අකුරටම පිලිපදින නේත්‍රට ඒ වචන වලට විරුද්ධ වෙලා වැඩ කරන්න හිතුනෙම නැහැ.

පොත කියවගෙන යද්දි අකිලගෙ,විසල්ගෙ චරිත වලට නේත්‍ර කිමිදෙද්දි,කතාවෙ මුල මැද තියෙන අලුපාට නේත්‍රගෙ වටේට කැරකෙනවා තේරෙද්දි,විසල් බැස්ස හැගීම් වල වංකගිරිය නේත්‍රව ගිලගන්නවා දැනෙද්දි පෙරවදනෙ කියලා තිබ්බ මැයි මාර පාට හොයාගන්න තිබ්බ උවමනාවටම නේත්‍ර එක හුස්මට පොත කියවන්න ගත්තා.හවස් යාමෙට පැතිරෙන කජු ලෙලි පුච්චන සුවද නාහෙට දැනෙන්න අරගෙන හුගක් වෙලා උනාට,ගාලු මුවදොර පිටියෙ ඉස්සො වගේ සුවද එක්ක ගැටිලා එන ලවණ මිශ්‍රිත මූදු හුලගෙ සුවද හොයාගෙන නේත්‍ර පොත අස්සට කිමිදුනා.

මැයි මල් පොකුරයි,බෝනික්කයි ගැන කියවද්දි නේත්‍රගෙ ඇස් වලට කදුළු පිරුණා.පේරාදෙණි කැම්පස් එකේ ගහලා තිබ්බ බැනර් එක ගැන කියවද්දි නේත්‍රගෙ හුස්ම හිර වුණා.ඒ හැම දෙයක්ම අවසානෙදි පෙරවදනෙ කිව්ව විදියටම මැයි මාර පාට තමන්ගෙ වටේ කැරකෙන්න ගනිද්දි නේත්‍ර සැනසුම් සුසුමක් හෙලුවා.අලු පාට ටිකෙන් ටික නැති වෙලා අකිලවයි,විසල්වයි මැයි මාර පාටින් වහගනිද්දි නේත්‍ර හරි ලස්සනට හිනා වුණා.විසල්ටයි සුවිසල්‍ටයි හම්බුනු "එයාලට කැප" අවසානෙ එක්ක නේත්‍ර තමන්ගෙ සතුටු කදුළු පිහගත්තා.

කතාවටම කිමිදුණු නිසා මොකක් හරි මගෑරුනා වගේ දැනෙද්දි නේත්‍ර අවසාන පිටුවට නොපෙරලා ආපහු පාරක් පොතේ මුල පෙරලුවා.පිටුවෙන් පිටුව පෙරලද්දි නේත්‍රගෙ අත් දෙක වෙවුලන්න පටන් ගත්තා.නුවරම හීතල කරන්න හමාගෙන යන නුවර හුලගෙ වෙනදා නොතිබ්බ හීතලක් නේත්‍රට දැනෙන්න ගත්තා.තැඹිලි පාට කරලා තිබ්බ නුවර අහසෙ වෙනදා නොතිබ්බ රත්තරන් පාටක් නේත්‍රට පේන්න ගත්තා.

කතාවෙ මුල ඉදලම "ආදරෙයි,ආදරය" වගේ තිබ්බ හැම වචනයක්ම හයිලයිට් වෙලා තිබ්බා.නෑ! ආශව ඒ හැම වචනයක්ම හයිලයිට් කරලා තිබ්බා! පිටුවෙන් පිටුව පෙරලද්දි ආශව කියන්න හදන දේ හිමීට හිමීට නේත්‍රගෙ පුංචි ඔලුගෙඩියට තේරීගෙන එද්දි නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිලා ඒ අත් දෙක වෙවුලමින් තිබ්බා.වේගෙන් ගැහෙන ඒ විශාල හදවත උඩින් තමන්ගෙ පුංචි අත තද කරගත්තු නේත්‍ර තමන්ගෙ වෙවුලන නිදහස් අතින් පොතේ අන්තිම පිටුව පෙරලුවා.

සුදු පාට හිස් පිටුවෙ නිල් පාටින් ලියවිලා තිබ්බ ආශවගෙ අත් අකුරු එක්කම ඒ පිටුවෙ ගැටපිච්ච මල් හතරක් පහක් රැදිලා තිබුණා.කවදත් පිලිවෙලත් නැති ආශවගෙ අත් අකුරු අද වෙනදට වඩා පිලිවෙලකට ලියවිලා තියෙද්දි,පිටුවෙ රදවලා තිබ්බ ගැටපිච්ච මල් වලින් සුවද හමද්දි වෙවුලන තොල් පට දත් අතරට හිර කරගත්තු නේත්‍ර,බොද වුණු තමන්ගෙ ඇස් දෙක පිහදාලා ආශව ලියලා තිබ්බ දේ කියවන්න ගත්තා.

"ඉතින් මගේ ආදරණීය ගැටපිච්ච මල,

පිපියන් ලස්සනට සුවද දෙන්න.......

ඉතින් උබ මනාපද?

ඔය සුවදෙ අයිතිය සින්නක්කරේටම උබේ සුදු අයියට විතරක්ම පවරන්න?"

...................................................................................................

හරියටම වචන 3000යි😾😹❤️

ඔව් ඔයාලා පුල පුලා බලාසිටි අවස්ථාව එලඹුනා😾❤️ සතුටුත දැන්?

අඩු කැඩුව ඇත්තො ඇත්තියො ටිකම ආවනම් මාව ඉස්පිරිතාලෙන් එක්කන් යන්න😒❤️ උම්මා ඒම දුන්නට පාඩු නෑ හුම්ම්ම්.

seokruhi2 මම ආදරෙයි බබෝ ඒතෑග්ගට🥺❤️ මට ඒක ඔයාලා එක්ක බෙදාගන්න බෑනෙ මේකේ......නැත්තං දාන්න තිබ්බා....ඒක හරි ලස්සන,ආදරණීය තෑග්ගක් බබාලා😭❤️

මම අර උඩ උයන එක ගැන කියලා තිබ්බ දෙයින් මම ගැන වැරදි අදහසක් ගන්න එපා බබාලා❤️ ඒත් මම ඒ කිව්වෙ ඇත්ත❤️

ගෑනු අපි කුස්සියටම අයිතියි කියන වචනෙ මම උනත් එක හෙලා පිලිකුල් කරනවා....අපිට කියලා අයිතිවාසිකම් තියෙනවා.අනික දැන් ඇත්තටම හැම ක්ෂේත්‍රයකම ඉදිරියෙන් ඉන්නෙත් කාන්තාවො❤️ දේශපානයටත් දැන් ඉන්න අය වගේ ගැහැනු නැතුව උගත් බුද්ධිමත් කාන්තාවො ටිකක් බැස්සනම් ජනාධිපති,අගමැතිකම් උනත් කාන්තාවන්ට ලබාගන්න පුළුවන්❤️ සිරිමාවෝ මැතිනිය වගේ අය හිටිය රටක් මේක❤️

මම කියන්නෙ ඒක නෙවේ.

ගෑනු ලමයෙක් උනාම බතක් මාලුවක් පිලිවෙලකට උයාගන්න දැන ගන්නම ඕනි.ඒකත් අර කාන්තාවකට උරුම වෙන හරි ලස්සන දෙයක්❤️ මාත් කොලඹ දිස්ත්‍රික්කෙ ඉන්න කෙනෙක්.උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක්.ඔයාලට මම හරි ආඩම්බරෙන් කියනවා,මට උයන්න බැරි දෙයක් නෑ❤️ පිලිගන්නවද ඒක🤭❤️

බත් මාලු පිනි ඉවිල්ලේ ඉදන් කේක්,බනිස්,පීට්සා දක්වා හදන්න පුලුවන්,හදපු,හදන කෙනෙක් මම🙈❤️ ඔයාලා කියන්නෙ බබාලා ඒක හරි ආඩම්බරයක්🥺❤️ තැනකට ගියත් හරි ගැම්මෙන් ඉන්නවා.උයන්න දුන්නත් උයන්න පුලුවන්නෙ🌚 අනික මම හදන කෑම අනික් අය රස කර කර කද්දි.....ඒක හරි වෙනස් සතුටක්❤️

මම උනත් නොදන්න රෙසිපීස් බලාගන්නෙ youtube එකෙන්.ඒකෙන් බලන් තමා වැඩිහරියක් පලවෙනි වතාවට උයන කෑම හදන්නෙ❤️ ඉතින් මගෙ මැණිකෙලත් එහෙම පුරුදු වෙන්න❤️ ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෙවේ....ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්.....තේරුනාද😘❤️

හරි මගෙ ඒ හෑල්ල ඉවරයි😂❤️

අද ඔයාලා වගේම මාත් බලාන හිටි දවසක්නෙ...මේ සිද්ධිය වෙනකංනෙ බලාන උන්නෙ🥺❤️ ඉතින් මම පොඩි වැඩක් කරන්න හිතුනා.

මම secret msg link එක මගෙ about එකේ දාලා තියෙනෝ...........මම announcement එහෙකුත් දාන්නම්❤️ ඔයාලා මගෙන් කැමති ඕනිම පස්නයක් අහන්න🥺❤️ මගෙ ඇත්ත නමයි,ඉස්කෝලෙයි ඇරෙන්න ඕනිම දෙයක්❤️ පෞද්ගලික දෙයක් උනත් කමක් නෑ.එවන අයව මම නොදන්න නිසා අවුලක් වෙන්නෑනෙ❤️ මම ඊලග චැප් එකේදි ඒ ඔක්කොටම උත්තර දෙන්නම් බබාලා❤️ කැමතිනම් විතරක් ඒ වැඩේ කරමු🥺❤️

දැන් ටිකක් කමෙන්ට්ස් අඩු නිසා මට අවුල් කතාවෙ ලස්සනට ලියවෙන්නෙ නෑ වගේ සීන් එකක් නිසාද ඒ කියලත්?

ඒනම් කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🥺❤️

Share This Chapter