Back
Chapter 3

02 කොටස 🤍✨️

නිවාලන්න මා...

"ආව්ව්"

ලඳු කැලෑවේ ඉන්නවා යැයි කියාගෙන හිතින් මවාගත්තු යක්කුන්ට බය වෙලා උන්නු වලව්වේ සුදු බේබි තමන්ගේ පිටිපස්සෙන් ඇහුනු හීනි කට හඬට බය උනා.දිව දිග කට ලොකු යකා තමන්ට නස්නාරං දීලා රවට්ටගෙන කැලෑවට අරන් ගිහින් ලේ බොන්න හදන්නෙ කියලා නිගමනයකට ආපු සුදු බේබි ඇස් දෙකත් වහගෙන පිටිපස්ස හැරිලා තමන්ට පුළුවන් උපරිම වීදිය යොදවලා යකාව තල්ලු කරලා දැම්මා.ඒත් එක්කම ගල් බැම්ම උඩින් බිමට පැන්න සුදු බේබි ඔක්කොම දමල ගහල වලව්වට දුවන්න හැදුවත් ඒ ගමන නවත්තගත්තේ යකාගේ පැත්තෙන් ඇහුනු කෙඳිරිලි සද්දෙ නිසා.

"ආව්ව්ව්"

හයියෙන් කෑ ගහන යකාගෙ සද්දෙ වෙනුවට ඉකි බිදින දෙන සද්දයක් ඇහුන නිසා සුදුබේබි ඉක්මනට ඒ පැත්ත හැරිලා බැලුවා.

ජීවිතේ පලවෙනි වතාවට ඒ තියුණු සිහින් දිගු දෙනෙත් කඳුළු වලින් පිරිලා ලොකු වුණු රවුම් බෝල ඇස් එක්ක පැටලෙද්දි අවුරුදු 11ක පුංචි සුදු බේබිටවත් අවුරුදු 10ක නස්නාරං පෙරේතයෙක්ටවත් ඒ ඇස් වල එකිනෙකා වෙනුවෙන් ලියවිලා තිබුණු ආත්මීය බැඳීම ගැන තේරුමක් දැනුනෙ නැහැ.ඒ පුංචි උන් දෙන්නා ඒ බව තේරුම් ගන්න තරම් මෝරලා හිටියෙත් නැහැ.ඒ කොහොම වුණත් මේ පුංචි භූතයා තමන්ව බය කරපු එක ගැන සුදු බේබිගෙ හිතේවත්,අලුත් යාලුවා තමන්ව තල්ලු කරලා බිම වට්ටපු එක ගැන නස්නාරං පෙරේතයගෙ හිතේවත් තරහක් ඇති වුණේ නැහැ.හැමදේටම මහා මුහන්දිරම් වගේම නැට්ට පාගන් දඟලන,කෑගහන බනින වලව්වේ සුදු බේබි මේ වෙලාවෙ බිම වැටිල අඬන පුංචි භූතයා ළඟට දුවගෙන ගියා.

"අයියෝ අඬන්න එපා"

"ආආආආආ......................."

පුංචි භූතයා ගාව දණින් නැවුනු සුදුබේබි ඒකව නලවන්න වචන කියද්දි පුංචි භූතයා මරහඬ තලන්න ගත්තෙ කලින්ටත් වඩා හයියෙන් විලාප තියෙන ගමන්.

"ඔයාට රිදුනද? ඒකද අඩන්නෙ?"

හරි පුදුමයි.ඉස්කෝලෙ ලමයිට රිදෙනවද කියලවත් නොබලා තුවාල වෙන්නම ගහපු සුදුබේබි තමන්ගෙ ඉස්සර මූණත් රතු කරන් අඩන පුංචි භූතයගෙන් රිදුනද අහනවා.

"ඔ...ඔව්...."

මහා ඇඩිල්ල ටිකකට නවත්තලා උත්තර දුන්නු පුංචි භූතයා ආපහු අඩන්න ගත්තා.

"අයියෝ"

පොඩි එකාගෙ ඇඩිල්ල නැවතෙන්නෙම නැති තැන සුදුබේබි එයාට හොදයි කියලා හිතුනු හොදම දේ කලා.පුංචි භූතයගෙ පිටිපස්සට ගිහින් දණ නවාගත්තු සුදුබේබි තමන්ගෙ පුංචි උනත් ශක්තිමක් අතකින් පුංචි භූතයගෙ කට තද කරලා අල්ලගෙන වැහුවා.

"කෑගැහුවොත් මරනවා"

කොහෙන් හරි ඉගෙන ගත්තු වීරකමක් ගැන සුදුබේබි පුංචි භූතයගෙ කනට කරලා මුමුණද්දි පුංචි භූතයගෙ ඇඩිල්ල ඉබේටම අඩු වෙලා ගියා.කවුද කැමති අඩු වයසින් මැරුම් කන්න?

පුංචි භූතයගෙ සද්දෙ නැවතුනා කියලා දැනුනු සුදු බේබි හෙමීට තමන්ගෙ අත් අර පුංචි කට උඩින් අයින් කරගෙන ආයෙමත් පුංචි භූතයා ඉස්සරහ තිබුනු ගල් බැම්ම උඩ වාඩි වුණා.ගල් බැම්ම උඩ ඉදගත්තට මොකෝ වලව්වෙ සුදුබේබිගෙ ඇස් දෙකනම් තිබ්බෙ බිම ඉදන් තාමත් ඇස් පොඩි කරන පුංචි භූතයා ලග.ටික වේලාවක් ඒ පොඩි එකා දිහා බලන් හිටපු ආශව හෙමින් සැරේ අඩලම රතු වෙලා තිබ්බ ඒ මූණෙන් තමන්ගෙ ඇස් අහක් කරගෙන ආපහු ඈත පේන කන්ද දිහා බලන්න ගත්තා.

"නස් නාරං කනවැයි?"

අර පුංචි හඩ ආයෙ තමන්ගෙ පිටිපස්සෙන් ඇහෙද්දි සුදුබේබිගෙ මූණට ලා හිනාවක් ආවෙ තමන් රිද්දපු එකවත් ගනන් නොගෙන පුංචි භූතයා තමන්ගෙ යාලුවෙක් වෙන්න හදනවා කියලා තේරුනු නිසා.පුංචි උන්ගෙ හිත්වල මොන කහටක්ද? සුදුබේබිත් අනික් පැත්ත හැරිලා තමන්ගෙ දත් වහල්ලම එලියට දාලා පුංචි භූතයාට අත පෑවා.

ලෙලි ගහපු නස්නාරං ගෙඩියක් සුදුබේබිගෙ අතේ තිබ්බ පුංචි භූතයා තමන්ගෙ අතේ තිබ්බ අන්තිම නාරං බිකත් ගාණක් නැතුව කාලා දාන හැට් සුදුබේබි බලන් හිටියෙ ඇගම හිරිවැටිල යද්දි.මොකද ඕකෙ තියෙන රහ ගැන සුදුබේබිත් දැනන් හිටියා.

"ඔයාගෙ නම මොකද්ද?"

"නේට්ට"

කට ඇතුලෙ තිබ්බ නාරං බික හපන ගමන් පුංචි භූතයා උත්තර දෙද්දි සුදුබේබිට හිනා ගියා.නගරෙ හිටපු නසරාණි යාලුවො දෙන්නටත් වඩා මේ අහිංසක යාලුවා හරි අපූරුයි වගේ හැගීමක් සුදුබේබිගෙ හිතට දැනෙමින් තිබ්බා.තමන්ගෙ නපුරුකම් දරාගෙන හිටපු එක ඒ හිතුවිල්ලට ප්‍රධානම හේතුවක් වෙද්දි සුදුබේබි තීරණේ කලා නේට්ට ව එයාගෙ යාලුවෙක් කරගන්නවා කියලා.

"ආඅ.....නේට්ට නේද?"

"නෑ නෑ......නේත්‍ර"

"එහෙනම් ඉස්සෙල්ලා නේට්ට කිව්වෙ?"

"එවෙලෙ මගෙ කට අස්සෙ නාරං බිකක් තිබ්බනෙ"

නේත්‍ර තමන්ගෙ පුංචි තොල් දෙකත් උල් කරගෙන කම්මුලක් පුම්බගෙන කියවද්දි සුදුබේබි තමන්ගෙ අත් දෙකේ ඇගිලි හොදට දිගෑරලා නේත්‍රගෙ කම්මුල් දෙක මිරිකුවා.කදුළු එන එක නැවතිලා තිබුණු ඒ බෝල ඇස් වල ආපහු කදුළු පිරෙන්න ගත්තෙ හරි ඉක්මනට.පුංචි උනත් ශක්තිමත් සුදුබ්බේබිගෙ අත් වලින් නේත්‍රගෙ සිනිදු කම්මුල් මිරිකෙද්දි නේත්‍රට ඇත්තටම රිදුනා.ඒ කදුළු පිරුණු ඇස් දිහා බලපු සුදුබේබි ආපහු කලබල වෙන්න ගත්තා.

"අයියෝ අඩන බබා.......මම කිව්වනෙ.අඩන එක නැවැත්තුවෙ නැත්තං මම ඔයාව මරනවා"

සුදුබේබිටත් වඩා පොඩි එකෙක් උනු නේත්‍ර ඒ තර්ජනෙන් බය වෙලා ඇඩිල්ල නතර කරගද්දි සුදුබේබි ආඩම්බරකාරී හිනාවක් පෑවා.

"ඔයාගෙ නම මොකද්ද?"

නහයත් උඩට ඇද ඇද නේත්‍ර අහද්දි ගල්බැම්ම උඩ හරි බරු ගැහිලා ඉදගත්තු සුදුබේබි උත්තර දෙන්න පටන් ගත්තා.

"මම ආශව තිදස්වර.මාව බලෙන් මෙහෙට අරන් ආවෙ.මගෙ යාලුවන්ගෙන් ඈත් කරලා.මම මෙහෙන් පැනලා යන්න ඉන්නෙ.හැමෝටම ගහලා බිම දාලා මම මෙහෙන් පැනලා යනවා"

සුදුබේබි තමන්ගෙ රහසිගත සැලැස්ම බිදක්වත් අඩු නොකර නේත්‍රට හෙලිකරද්දි නේත්‍ර තමන්ගෙ බෝල ඇස් තවත් ලොකු කරගත්තා.

"ඒත් මහ මුදියන්සෙ ඔයාව අල්ලලා බැදලා දායි.පස්සෙ අර අස්සෙ කාමරේක ඉන්න ලොකු බල්ලන්ට කන්න දායි"

නේත්‍ර රහසින් කියද්දි ටිකක් බය වුනු සුදුබේබි ඒ බය නොපෙන්වා ආයෙමත් කතා කරන්න ගත්තා.

"මම කොලඹ ඉද්දි ඊටවඩා ලොකු බල්ලන් එක්ක සෙල්ලමුත් කරලා තියේ.ඒ නිසා මම වලව්වෙ බල්ලන්ට බය නෑ"

පුංචිකමට උනත් ලොකු තේරුමක් තියෙන කතාවක් නොදැනුවත්වම ඒ කටින් පිටවෙද්දි නේත්‍රගෙ ඇස් තව ලොකු උනේ ඒ තේරුම දැනගෙනනම් නෙවෙයි.

"කොලඹ කියන්නෙ කොහෙද ආශව යාලුවෙ?"

"කොලඹ කියන්නේ........."

"සුදු පුතා......කෑම ලෑස්තියි"

කොලබ ගැන ලොකු විස්තරයක් කියන්න සුදු බේබි ලෑස්ති වුණත් ඒත් එක්කම තමන්ගේ කුඩම්මා කතාකරපු එකේ සද්දෙ නිසා බඩගින්නෙ හිටියේ සුදු බේබි ගල්බැම්මෙන් බිමට පැන්නා.තමන්ගෙ කකුල් දෙක ලග ඇණ තියං ඉඳපු චූටි නේත්‍රට අත දික් කරපු සුදුබේබි ඒත් එක්කම පුදුම වුනේ නේත්‍රගෙ මුහුණ දැකලා.ඒ මූණ පුදුමයෙන්,බයෙන් පිරිලා ගිහින් තිබ්බා.

"ඇයි මේ?"

සුදුබේබි නේත්‍රගෙන් ඇහුවෙ එයා වෙත පාපු අත අහකට නොගෙනමයි.සුදු බේබිගෙ අත නොදැක්කා වගේ දඩිබිඩි ගාලා තණ බිස්සෙන් නැගිට්ට නේත්‍ර තමන්ගෙ චූටි අත් දෙක ඇඳන් හිටපු කොට කලිසමෙන් පිහිදගත්තා.බිම බලාගෙනම නේත්‍ර ටිකක් පස්සට වුණේ සුදු බේබිගෙ මූණ දිහාවත් නොබලා.මෙච්චර වෙලා තමන් එක්ක කියව කියව හිටපු මේ පුංචි යාළුවගේ එකපාරටම උනු වෙනස ගැන පුදුම වෙලා හිටපු සුදු බේබිගෙ හිතේ කොනකට පුංචි කේන්තියකුත් ගලන් එන්න පටන් අරන් තිබ්බා.මොනා උනත් ඒ ඇඟේ දුවන්නේ ඉරුගල්බණ්ඩාර පෙලපතේ ලේ නේ.

"නේත්‍ර ඇයි මේ?"

සුදුබේබ්ගෙ කටහඩ ටිකක් වේගවත් උනු එකෙන් උනේ අර ඇස් වලට ආපහු කදුළු පිරිච්ච එක.ඒත් ඉතින් සුදුබේබිගෙ තර්ජනේ මතකෙ තිබ්බ නිසා නේත්‍ර තමන්ගෙ ඇඩිල්ල පාලනේ කරන් උත්තර දුන්නා.

"සුදු බේබිද මේ? මම දැනන් උන්නෙ නෑනෙ.අනේ සමාවෙන්න සුදුබේබි"

විනාඩි ගාණකට කලින් ආශව යාලුවා තත්පර කීපෙකට පස්සෙ සුදුබේබි වෙලා තිබ්බා.කිසිම හේතුවක් නැතුව නේත්‍ර සුදුබේබිගෙන් සමාව ගද්දි සුදු බේබිට මේ කිසි දෙයක් හිතාගන්න බැරුව බලන් හිටියා.

"සමාව?"

"මම හිතුවෙ සුදුබේබිව යාලුවෙක් කරගන්න.ඒත් සමාවෙන්න සුදු බේබි"

තමන්ගෙ අම්මයි අත්තම්මයි ඉදලා හිටලා කතාවෙන සුදු බේබි මේ ආශව කියලා දැනන් නොහිටපු නිසා මිසක් දැනන් උන්නනම් නේත්‍ර නිකමටවත් සුදුබේබි එක්ක කතා කරන්නෙ නෑ.මොකද ඒ පුංචි හිතට උපන් දා ඉදලම උස් පහත් පව,කුලවත් කුලහීන බව කියන විස ඒ ගම්මානෙ මිනිස්සුන්ම යම්තාක් දුරකට පොවලා තිබ්බා.ගෙදරින් උනත් ඊට වඩා ලොකු වෙනසක් නොවෙද්දි කවදාවත් දැකලා නොතිබ්බ සුදුබේබි ගැනත් පුංචි නේත්‍රගේ හිතේ ඇති වුනේ මහ මුදියන්සේ ගැන වගේම ලොකු මැණිකෙ ගැන වගේම බය මිශ්‍ර වුනු ගරුත්වයක්.

කිසි දෙයක් ගැන නොහිතා නොබලා එක පාරටම දැක්ක කෙනෙක්ව යාලුවෙක් කරගන්න උත්සහ කරපු එක ගැන නේත්‍රගෙ හිත හරි හරියට නේත්‍රට දොස් කිව්වා.මේ හැමදේත් එක්කම නේත්‍රට වලව් වත්තෙන් එපිට තියෙන තමන්ගෙ චූටි ගෙදරට දුවගෙන ගිහින් තමන්ගෙ ඇද රෙද්ද අස්සෙ හැංගෙන්න ඕනි වුනා.ඒත් මොකක් හරි හේතුවකට නේත්‍රගෙ කකුල් එක තැන ගල් ගැහිලා තිබ්බා.බයේ ගැහි ගැහි හිටපු නේත්‍ර ආපහු පියවි සිහියට ආවෙ තමන්ගෙ චූටි අතකට දැනුනු ස්පර්ශෙකින්.

"ඉතින් දැන් මම කිව්වෙ නෑනෙ නේත්‍රව මගෙ යාලුවෙක් කරගන්න බෑ කියලා.මට යාලුවො නෑ නේත්‍ර මෙහෙ.ඔයාට පුළුවන් මගෙ යාලුවා වෙන්න"

නේත්‍රගෙ චූටි අතක් තමන්ගෙ අතකට හිරකරගත්තු සුදුබේබි කියද්දි නේත්‍රගෙ චූටි මූණ දිලිසුනේ දැනුනු සතුටට.ඇයි ඉතින් එයාට දැන් යාලුවෙක් ඉන්නවනෙ.පුංචි එකෙක් උනු නේත්‍රගෙ හිතේ උස් පහත් කම් ගැන විස දරුණුවටම පිරිලා නොතිබිච්ච නිසා සුදුබේබි එයාගෙ යාලුවා වෙන්නම් කිව්ව එක නේත්‍රට ප්‍රමාණවත් වුනා.සතුටු හිතුනු පාර තමන්ගෙ අත අල්ලන් හිටපු සුදුබේබිගෙ අත ටිකක් තද කරපු නේත්‍ර සුදුබේබි එක්ක ලස්සනට හිනා වුනා.

"කන්න යමු"

සුදු බේබි තමන්ගෙ අතිනුත් ඇදගෙන වලව්වෙ ඉස්සරහ දොරෙන් ඇතුල් වෙන්න හදද්දි නේත්‍ර සුදුබේබිගෙ අත ගසලා දාලා පස්සට වුනා.

"සුදු බේබි ඔහෙන් යන්ට.මම පිටිපස්සෙන් එන්නම්"

සුදුබේබි එක්ක හිනා වෙලා කිව්ව නේත්‍ර එතනින් පැනලා දිව්වෙ කවදාවත් තමන්ට ඒ ඉස්සරහ දොර පෑහෙන්නෙ නැති බව දැනන් ඉදපු නිසා.දැනට අවුරුදු කීපෙකට කලින් තමන්ගෙ අම්මව හොයාගෙන වලව්වට හදිසියෙ දුවං ආපු නේත්‍ර වලව්වෙ ඉස්සරහ දොරින් ඇතුල් වෙන්න හදපු එක කෙලවර වුනේ මහ මුදියන්සෙගෙ වේවැල් පාරවල් කීපෙකින් කියන එක නේත්‍රගෙ මතකයෙ හොදට රැදිලා තිබ්බා.

"තොපි වගේ හැතිකරේ මේ දොරටුවෙන් ඇතුල් වෙනවනම් යකෝ අපිට යන කලදසාව මොකද්ද? හොදට මතක තියාගනින්.තොට මේ දොර පෑහෙන්නෑ.තොපිට හරියන්නෙ අර පිටිපස්සෙ දොරයි පිලිකන්නයි විතරයි"

මහ මුදියන්සෙගෙ වචන වලටයි,වේවැල් පාරවල් වල සැරටයි තමන් අඩද්දි එදා තමන්ගෙ අම්මයි ආත්තම්මයි මහ මුදියන්සෙගෙ දෙපතුල ලග වැද වැටිලා කෑගහපු හැටි නේත්‍රට අමතක වුනේම නැහැ.එ සිද්ධියෙන් පස්සෙ නේත්‍ර කවදාවත් ඒ ඉස්සහර දොර පැත්තටවත් නොගියෙ යකා වගේ එදා හැසිරුනු මහ මුදියන්සෙවයි,ඔහේ තමන් දිහා බලන් උන්නු ලොකු මැණිකෙගෙයි මූණු දෙක ඒ පුංචි මනසෙ හොදට ඇදිලා තිබ්බ නිසා.ආයෙ වේවැල් පාරවල් කන්නවත්,තමන්ගෙ අම්මවයි ආත්තම්මවයි අඩවන්නවත් උවමනාවක් නොතිබ්බ නිසා හෙමීට වලව්වෙ පිටිපස්සෙ දොරට ගෑටුව නේත්‍රගෙ කනට සුදුබේබිගෙ කටහඩ ඇහුනා.

"ඔව් මට අලුත් යාලුවෙක් හම්බුනා.නිර්මලාට මම පෙන්නන්නම්කො වෙලාවක"

තමන් ගැන සුදුබේබි පම්පෝරි ගහන්නෙ කාත් එක්කද කියලා දැක්ක නේත්‍රගෙ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන්න ගත්තු නිසා අනික් පැත්ත හැරිලා දුවන්න හැදුවත් කරුමෙට වගේ සුදුබේබි නේත්‍රව දැක්කා.

"ආ ඔය එන්නෙ නිර්මලා මම කියනකොටම"

වලව් කුස්සියෙ දොරින් අත එලියට දාපු සුදුබේබි නේත්‍රව කුස්සියට එක්කන් යද්දි නිර්මලා නේත්‍රගෙ ඔලුවෙ ඉදන් පාදාන්තෙ දක්වාම බැල්මක් හෙලුවා.

"සුදු බේබි කිව්වෙ මූ ගැනද?"

නිර්මලා අහද්දි නේත්‍ර බිම පහුරු ගගා හිටියත් සුදු බේබි හරි සතුටින් ඔලුව වැනුවා.

"අනේ සුදු බේබි හොද යාලුවෙක්වනෙ හොයාගෙන තියෙන්නෙ.මූ එක්ක විසුවොත්නම් සුදු බේබිට යන කලක් නැති වෙනවා.උදේ ඉදන් හවහා වෙනකං රස්තියාදු ගගහා ඉදලා ගස් ගෙඩි කාලා බඩේ කැක්කුම් හදාගෙන රෑට ගෙට බඩගාන හාදයෙක්වනෙ සුදු බේබි යාලුවෙක් කරන් ඉන්නෙ.මේකා එක්ක නම් යාලුමිත්‍රකම් පවත්වන්න යන්න එපා සුදු බේබි"

කියලා එකදිගට කියාගෙන ගිය නිර්මලා සුදුබේබිගෙ එහා පැත්තට වෙලා කකුලෙ මාපටැගිල්ලෙන් පොලව කුරුටුගගා හිටිය නේත්‍රව ඇදලා අරං අතපුරෝලා ඒ පස්සට පාරක් දුන්නා.

"උබට පයිත්තියන්ද සුදුබේබි වගේ කෙනෙක්ව උබේ යාලුවෙක් කරගත්තෙ?"

"නිර්මලා!!!"

සුදුබේබිගෙ කෝපකාරී හඩට ගැස්සුනු නිර්මලා නේත්‍රව අතෑරලා සුදුබේබි දිහා බැලුවෙ බයෙන්.පුංචි උනත් වැඩිමලෙක්ව උනත් මෙල්ල කරන්න පුලුවන් හයියක් ඒ කටහඩේ තිබ්බා.

"සුදු බේබි මම මූ........"

"එයාට ගහන්න එපා"

සුදුබේබිගෙ හඩේ තිබ්බ තීරණාත්මක ගතිය නිසා නිර්මලා කරබාගෙන උන්නත් නිර්මලාගෙ ඇස් වලින් නේත්‍රට එල්ලවෙලා තිබ්බ තරවටු බැල්මෙනම් අඩුවකුනේ නෑ.පස්සට ගහපු පාර රිදුනෙ නෑ වගේ හිටපු නේත්‍රගෙ ඇස් දෙකත් තාම පොලවට එල්ලවෙලා තිබ්බා.

"නිර්මලාට බැහැ එහෙම නේත්‍රට ගහන්න"

"නිර්මලා කියන්නෙ ඔය කොල්ලගෙ අම්මා සුදුපුතා"

වතුර වීදුරුවක් අරං ඇවිත් ඒක කුස්සියෙ වීදුරු තට්ටුව උඩ තියන ගමන් ලොකු මැණිකෙ කියද්දි නේත්‍ර ඉක්මනටම නිර්මලාගෙ චීත්ත රෙද්ද පිටිපස්සෙ වහං උනා.මහ මුදියන්සෙව හරි,ලොකු මැණිකෙව හරි දැක්ක දුටු තැන කොහෙට හරි වහං වෙන එක නේත්‍රගෙ පුරුද්දක් වුණා.

"ලොකු මැණිකෙ,කෑම ටික මේසෙට ඇරියා"

"හරි නිර්මලා.උණු වතුර වීදුරුවක් අරන් එන්න.මහ මුදියන්සෙට පීනස් ගතියක් වගේ ඇවිල්ලා"

යටහත් පහත්ව තමන්ට පිලිතුරු දීපු නිර්මලාට උපදෙස් දුන්නු ලොකු මැණිකෙ එහෙම්මම හැරුණෙ නේත්‍රට පොඩ්ඩක් එහාට වෙන්න හිටන් හිටපු සුදුබේබිගෙ පැත්තට.

"සුදුපුතා,එන්න කන්න යමු"

"මම නේත්‍ර එක්ක එන්නම්"

ලොකු මැණිකෙට උත්තර දුන්නු සුදුබේබි තමන්ගෙ ඇගිලිතුඩු වලින් ඉස්සිලා අත්දෙක හෝදගත්තා.ඒත් තාමත් තමන්ගෙ කුඩම්මා තමන් දිහා බලන් ඉන්නවා දැක්ක සුදුබේබි තමන්ගෙ මූණ හතරැස් කරගත්තෙ කේන්තියෙන්.

"නේත්‍ර කුස්සියට වෙලා කයි සුදුපුතා.අපි යමු කෑම කාමරේට"

"බැහැ....මම නේත්‍ර එක්කමයි කන්නෙ"

සුදුබේබි අද හම්බුනු යාලුවෙක් වෙනුවෙන් හරි හරියට ලොකු මැණිකෙ එක්ක කටගහන් යනවා.ඊලගට මොන ගිනිවිජ්ජුම්බරයක් වෙයිද කියලා බයෙන් උන්නු නිර්මලා තමන්ගෙ පිටිපස්සෙ හැංගිලා උන්නු නේත්‍රව තව ටිකක් පස්සට කරලා හංගගත්තා.ඇයි ඉතින් වලව්වෙ ලොකු ඇත්තො එහෙමනෙ.ලොකු මිනිහා කල මොන වැඩේට උනත් ගහන්නෙ බනින්නෙ පොඩි මිනිහට.

"සුදු පුතා අප්පච්චිගෙ කේන්ති අවුස්සන්නෙ නැතිව ආවොත් හොදයි.නේත්‍රට පුරුදු තැන මෙතන.හැමදාම නේත්‍ර කන්නෙ මෙතන.නේද කොලුවො?"

ලොකු මැණිකෙ නිර්මලාගෙ පිටිපස්සෙන් පේන චූට්ටං අත් කෑල්ලක් දිහා බලන් කතා කරද්දි නිර්මලාගෙ පිටිපස්සෙන් චූටි ඔලුගෙඩියක් මතු වුනා.

"ඔව් ලොකු මැණිකෙ.සුදුබේබි ගිහින් කන්න"

නේත්‍ර දිහා ටික වෙලාවක් බලන් හිටපු සුදුබේබි කුස්සියෙන් පිටවෙලා කෑම කාමරේ ලී මේසෙ වටේ තිබුනු පුටුවකින් ඉදගත්තා.හැබැයි සුදුබේබි ඉදන් හිටපු පුටුවට කුස්සියෙ කෑල්ලක් යස අගේට පේන්න තිබ්බා.පුංචි බංකුවක් තියලා ඒක උඩට නැග්ග නේත්‍ර උස් කරාමෙන් තමන්ගෙ අත් දෙක හෝදන් බිමට බැහැලා හිරමණ තලේ සවිකරලා තිබුනු ලී බංකුව උස්සගෙන ඇවිත් ඒක තියලා ඉදගත්තෙ වාසනාවට වගේ සුදුබේබිගෙ දර්ශන පතයට අහුවෙන සීමාවෙමයි.ඒ ලී බංකුව උඩට වෙලා කකුල් දෙකත් හොල්ල හොල්ල ඉන්න පුංචි නේත්‍ර දිහා බලන් උන්නු සුදුබේබිගෙ අවධානය බිදුනෙ ලොකු මැණිකෙගෙ හඩින්.

"සුදු පුතා කන්න.ඉදිආප්පන් එක්ක කිරිමාළු හොදි හදලා තියෙන්නෙ"

බුම්මගෙන ඉන්න මහ මුදියන්සෙගෙ පිගානට ඉදිආප්පන් එක්ක හොදි බෙදුව ලොකු මැණිකෙ ඊලගට සුදුබේබිට කෑම බෙදන ගමන් කතා කලා.කෑම වල සුවද දැනුනු සුදු බේබි ලොකු මැණිකෙ තමන්ගෙ වීදුරු පිගානට කෑම ටික බෙදපු ගමන්ම ඒ ටික කන්න ගත්තෙ කුස්සියෙ ඉන්න නේත්‍ර දිහා විඩින් විඩේ බලන ගමන්.කකුල් දෙකත් හොල්ල හොල්ල උන්නු නේත්‍රගෙ අත් දෙක උඩ බෙලෙක් පිගානක් තිබ්බා.නිර්මලා බෙදලා දුන්නු කෑම එක එක හුස්මට කාගෙන යන දිහා බලන් හිටපු සුදුබේබි ආයෙකත් තමන්ගෙ පණ්ඩිත කට ඇරියා.

"ඇයි නේත්‍ර එතන කන්නෙ? අපිට පුලුවන්නෙ එයාවත් මෙතනට ගන්න"

"කවුද මැණිකෙ නේත්‍ර කියන්නෙ"

"අර නිර්මලාගෙ පොඩි කොලුවා අපේ මහත්තයා"

සුදුබේබිගෙ කතාවත් එක්කම කකා හිටපු කෑමත් නවත්තපු මහ මුදියන්සෙ ලොකු මැණිකෙගෙන් ප්‍රශ්න කරද්දි ලොකු මණිකෙත් ඒකට උත්තර දුන්නා.

"සුදු පුතා.ඒ තැන තමා ඒ කොල්ලට සුදුසු තැන"

"සුදුසුයි කිව්වෙ අප්පච්ච්? දෙවින් තෙවින් දෙන්නත් කොලබ ඉද්දි මාත් එක්ක එකම මේසෙ ඉදන් කෑවනෙ?"

"දෙවින් තෙවින් වගේ නෙවෙයි සුදුපුතා ඔය මිනිස්සු.ඔය මිනිස්සුත් එක්ක මොන දේත් සීමාවක් තියාගෙන කරන්න ඕනි.මෙව්වා තව ටිකක් කල් ගියාම සුදුපුතාට තේරෙයි"

"ඒත් අප්පච්චි නේත්‍ර මගෙ යාලුවනෙ"

"යාලුකම උනත් සීමාවක් තියාගන්න ඕනි සුදුපුතා.අපි පෑහෙන්න ඕනි අපිට ගැලපෙන මිනිස්සු එක්ක.මෙව්වා සුදුපුතාම තේරුම් ගනියි වයසින් මුහුකුරා යද්දි"

"ඒත් අප්පච්ච්"

"සුදු පුතා!!!!"

සුදුබේබිගෙ ඔක්කොම ප්‍රශ්න වලට ඉවසීමෙන් උත්තර බැන්ද මහ මුදියන්සෙගෙ මාරයා ආවේස උනේ ඒ ප්‍රශ්න වල කෙලවරක් නැති නිසා.තමන්ගෙ අප්පච්චිගෙ කේන්ති ගිය මූණ දැක්කම සුදුබේබිත් සද්ද බද්ද නැතුව කන්න පටන් ගත්තා.ටික වෙලාවක් යද්දි මේසෙ උඩ තිබ්බ බදුනකින් අත සෝදගත්තු ලොකු මැණිකෙ කෑම මේසෙන් නැගිටිද්දි මහ මුදියන්සෙ තමන්ගෙ හඩ අවධි කලා.

"නිර්මලාගෙ කොලුවා කාලා ඉවරනම් අර ඊයෙ ඔය හරියෙ ගස් කීපෙන් කඩලා බිමට බාපු පොල් ටික ගොඩගහන්න කියන්න මැණිකෙ"

.

.

.

.

.

කෑම කාලා ඉවර වෙලා අත සෝදගත්තු සුදුබේබි නේත්‍රව හෙව්වත් හොයාගන්න බැරි වුනු තැන කුස්සිය පිටිපස්සෙ වලන් වගයක් මදින ගමන් උන්නු නිර්මලා ලගට දුවන් ගියා.

"කෝ නිර්මලා නේත්‍ර?"

"ඔය පොල් වාගයක් අහුලන්න කියලා ගියේ සුදුබේබි"

"මාත් යනවා එහෙනම්"

"සුදුබේබි........"

එතනින් පැනලා දුවන්න හදපු සුදුබේබි නැවතුනේ නිර්මලාගෙ බැගෑපත් හඩට.

"අනේ සුදුබේබි.කොල්ලට ඔය වැඩේ තනියෙම කරගන්න දීලා සුදුබේබි මෙහට්ට වෙලා හිටියනම්.සුදුබේබි ඔව්වෑ වැඩපලට ගියොත් ඒකෙනුත් දෝසෙ අපේ එකාටමයි.අනේ සුදුබේබි වලව්වට ගිහින් ඉන්නකො"

නිර්මලා කියන කිසි දෙයක් නොතේරුනත් ඒ බැගෑපත් හඩටයි,තමන් ගියොත් නේත්‍රට දෝසයක් එනවා කිව්ව එකයි නිසා සුදුබේබි එහෙම්මම තමන්ගෙ කාමරේට ඇවිදන් ගියා.

කවුරුත් නැති නිසයි,කම්මැලි නිසයි ඉස්කෝලෙ ගෙනියන්න ගත්තු අලුත්ම පොතක් ගත්තු සුදුබේබි ඒ පොතේ මුල් පිටුව පෙරලුවා.

"අද මට හමුවූවා පුංචි යාලුවෙක්......

බෝල ඇසුයි චූටි අතුයි තියෙන පුංචි යාලුවෙක්.....

චූටි කටයි හීනි හඩයි තියෙන පුංචි යාලුවෙක්.....

මට හරියට ආදරේ හිතෙන පුංචි යාලුවෙක්......."

සමහරවිට ඒ අවුරුදු ගාණකට පස්සෙ ලංකාවෙම ප්‍රසිද්ධ වෙන්න නියමිත වෙලා තිබුනු නිසදැස් පොතක මුල් බීජෙ වෙන්න ඇති.

...................................................................................................

වචන 2255යි😪❤️

කතාවෙ ඉදිරිය ගැන බඩ්ඩක්:- ඕතරී ක්‍රිකට් පිස්සියක් බව අමතක නොකරන්න.

මම මේ චැප්ටර් එකෙන් පස්සෙ ආයෙ ටික කාලයක් යනකන් චැප්ටර්ස් දාන්නෙ නැති වෙයි.මොකද කිව්වොත්,

1.මම තව කතා කීපයක්ම ලියනවා.

2.මම තාම ඉගෙන ගන්නවා.

3.මට මේ කතාව නිදහසේ ලස්සනට ලියන්න ඕනි.ඒ නිසා අර කතාවලින් එකක් ඉවර කරගමු.ඉවර කරනොගත්තත් ඒවගෙ මැද හරියක් යනකන් හරි මේක නොලියා ඉන්නවා මම.මොකද මේක ලස්සනටම ලියන්න ඕනි.

4. මට මේකට තව රීඩර්ල්සා එකතු කරගන්න ඕනි.එතකොටනෙ comments එහෙම ගොඩක් එද්දි ආසාවෙන් ලියන්න පුළුවන් වෙන්නෙ.

5.මට මේ කතා කිසිම එකක් ගැන ඔයාලා ඇරෙන්න අදහස් ගන්න කෙනෙක් නෑ.යාලුවො උනත් bl ලියනවා කිව්ව ගමන් ආපෝ කියනවා.ගෙදරින් උනත් මම ලියන කතා මම බලෙන් පෙන්නුවොත් මිසක් කියවන්නෑ.(ටෙලිග්‍රෑම් ලිව්ව කතා ගැන මම කියන්නෙ.bl ලියනවා කියලා ගෙදරින් දන්නෑ). සමහරවිට කතා කැත ඇති.ඉතින් ඔයාලගෙ අදහස් ඕනි මට මේකෙ ඉදිරිය ලියන්න.

6.මට අදහස් දෙන්න ඔයාලටත් කල් ඕනිනෙ.මොකද ඔයාලත් දහසකුත් වැඩ තියන්නෙ මේවාකියවන්න එන්නෙ.ඉතින් ඒකටත් කල් ඕනි.

ඔන්න ඔය හේතු නිසා මම මේක තව ටික කාලෙකින් ලියන්න ගන්නවා.ඒත් ඔයාලගෙ අදහස් එක්ක සමහරවිට මේක ලියන එක ඉක්මන් වෙයි.මොකද මගෙ ongoing යන කතා තුනෙන් එකක් මම දැනටමත් onhold දාන්න හිතන් ඉන්නෙ.ඒකට කමෙන්ට්ස් එන්නෙම නැති තරම්.ඒක කැත ඇති.ඒකයි.😁

එහෙම උනොත් මේක ඉක්කන්ට දෙන්න පුළුවන් වෙයි.(ඔයාලගෙ අදහස් අනුව හොදේ....)

ඉතින් අදත් කියන්නෙ,

අදහසක් කියන් යන්න🥺❤️

මොකද මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ❤️

වැරදි අඩුපාඩු කියලා දෙන්න.මටඕනි ඒවා හදාගෙන හොද ගමනක් යන්න🥺❤️

මෙතන බැරිනම් inbox හරි.මට මැසේජ් දාන අය දන්නෝ මම රිප්ලයි කරනවා කියලා 😁❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter