Back
Chapter 32

31 කොටස🤍✨️

නිවාලන්න මා...

"මම නම් කියන්නෙ උපාලිගෙයි ජින්නගෙයි මොකක්ම හරි සම්බන්ධයක් තිබ්බා දෙවින් පණ"

"ඔව් ඔව්"

"නැත්තං මගුලටයෑ උපාලි අර සර්ප විමානෙට යද්දි ජින්නත් පස්සෙන් ගියේ?"

"ඔව් ඔව්"

"බලන්නකො නේද ඒකත්....ඊට පස්සෙ හේන් කොටාගෙන,ගල් ගුහාවක බුදියගෙන දෙන්නා ලස්සනට ජීවිතේ ගෙව්වනෙ?"

"ඔව් ඔව්"

"අනික ජින්නට නයා ගැහුව වෙලේ උපාලි කොයි තරම්නම් කලබල උනාද?"

"ඔව් ඔව්"

"අනික් එක උපාලි කොතනකවත් කෙල්ලෙක් ගැන කියලත් නෑනෙ හැගීමක් ආවා කියලා"

"ඔව් ඔව්"

"එ කියන්නෙ උපාලි ගේ වෙන්න පුලාම්......ජින්නා එක්කමනෙ හිටියෙ...එතකොට උපාලියි ජින්නයි තමා කපල් එක"

"ඔව් ඔව්"

"උපාලි ජින්නට නැවක් හදමුත දෙවින් පණ? ම්ම්ම්ම්......."උන්නා" ඒක හොදයි නේත?"

"ඔව් ඔව්"

"අයියෙ උඹ මොකටද මේ යුගාන් කියන ඔක්කොම බයිලා වලට හූමිටි තියන්නෙ? කුමාරතුංග මුනිදාස මහත්තයා දැනගත්තොත් වහ කයි!!!"

"අනේ උබ පලයං තෙවින්!!! කුමාරතුංග මහත්තයා වහ කන්නෙ ලබ්බටද?"

"ඇයි? පොතේ අන්තර්ගතේ විකෘති කලා කියලා?"

"අනේ හිපාටුවො!!! මඩොල් දූව ලිව්වෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා!!! තෝ ඒකවත් නොදැනද මට මේ කියවගෙන ආවෙ!!!! ඈ!!!!!"

"කෑ ගහන්න එපා යුගාන්....මගෙ කන කීං කීං ගානවා"

"අනේ ප# තමා"

"මොකද බං මේ කෑගහන්නෙ? අප්පෝ!!! නේත්‍ර බය වෙලා ඇහැරුනේ"

සරම අතින් හද හද එලියට ආව ආශවගෙ දිහා බැලුව දිවාෂගෙ මූණෙනම් ඇදුනෙ මහා කුපාඩි හිනාවක්.ඊයෙ රෑ ආශව නේත්‍රලාගෙ ගෙදර නැවතුනු බව දැනගත්තු දිවාෂ දෙවිනුත් එක්කම උදේ නේත්‍රලාගෙ ගෙදරට ගෑටුවෙ උදේ කෑමත් කට්ටියටම ඇති වෙන්න හදාගෙන.

ඒත් ගෙනියන්න තියෙන භාජන උස්සන්න දිවාෂට කම්මැලි හිතුනු නිසා දිවාෂ තෙවින්ටත් මේ ගමන එන්න අවසර දුන්නා.ඉතින් ආරියසිංහ මහත්තයලගෙ පුංචි මහත්තයා,සිංහවංශ වලව්වෙ ලොකු බේබිටයි පුංචි බේබිටයි කියලා භාජන අද්දෝගන්න හැටි උදේ පාන්දරම පාරට බැස්සනම් ගමේ මිනිස්සුන්ට බලාගන්න තිබ්බා.දිවාෂ කෝට්ටකුත් වන වන ඉස්සර වෙලා යද්දි ඒ පිටිපස්සෙන් භාජන අත් දෙකෙන්ම උස්සගත්තු දෙවින් තෙවින් දෙන්නා ඇදිලා ගියා.

ඒ උදේ යද්දි නැගිටලා හිටියෙ ආශව විතරක් වෙනකොට කුස්සියෙන් භාජන ටික දෙවින් තෙවින් දෙන්නට තියන්න අණ කරපු දිවාෂ ගිහින් රජ්ජුරුවෝ වගේ අරලිය ගහ යට ලී බංකුවෙන් ඉදගත්තා.ටිකකින් පුටු දෙකකුත් උස්සගෙන ආව දෙවින් තෙවින් දෙන්නත් දිවාෂ ලගින් ඉදගනිද්දි ඊයෙ රෑ ඉදලා දිවාෂගෙ හිතට වද දුන්නු ප්‍රශ්නෙ ගැන දිවාෂ කතා කරන්න ගත්තා.ඒ කතාව දුර දිග ගිහින් තෙවින් දිවාෂ දෙන්නා ඇවිලෙද්දි නේත්‍රත් ඇහැරුණු නිසා නේත්‍රව මූණ කට සෝදගන්න යැව්ව ආශව එතනින් මෙහාට ආවෙ නේත්‍ර ලැජ්ජාකාරයා කියලා දැනන් හිටි නිසා.

"නේත්‍ර ඇහැරුණාද?"

ආශවගෙ වචනෙත් එක්ක බංකුවෙන් පිටට පැන්න දිවාෂ ගේ පිටිපස්සට දුවද්දි දිවාෂ දිහා බලන් හිටිය තෙවින්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා.කොච්චර කේන්ති ගත්තත් දිවාෂ හරි හුරතල්! තෙවින්ට ඒ දේනම් පිලිගන්නම උනා.දිවාෂනම් දුවලා ගියේ වෙන වැඩකට.දිවාෂ ගියේ නේත්‍රව පරික්ෂා කරලා බලන්න! මොනාහරි අනවශ්‍ය සලකුණු එහෙම ඇගේ තියෙනවද බලන්න! නේත්‍රහා හද්ද අහිංසකයා වගේම ඊයෙ රෑ නේත්‍ර ලග නතරවුණු මිනිහව දිවාෂට විශ්වාස නොවෙද්දි දිවාෂ තාලෙට ගෙයිටිපස්සට දිව්වෙ ඉන්දියන් කතාවල නැන්දම්මලාගෙ චරිත ඇගට ආරෝපණේ කරගෙන වගේ!

වේගෙන් දුවලා ගිහින් නේත්‍රලාගෙ ලිද ලගට දුවගෙන ගියාට මොකෝ දිවාෂව දැක්ක ගමන් කමිසෙත් ගලවගෙන කිහිලි දෙක අතුල්ල අතුල්ල හිටි නේත්‍ර ලගම තිබ්බ තුවාය අරගෙන තමන්ගෙ උඩුකය වහගත්තා.ඒත් එක්කම නේත්‍රට මෙහෙම කෙනෙක් එන එක අපහසුයි නේද කියලා මතක් වුණු දිවාෂ ආව වැඩේ පැත්තක දාලා තමන්ටම හිතින් බැනගෙන අහක බලාගෙනම එතන තිබ්බ ගලක් උඩ වාඩි වෙද්දි දිවාෂ ආයෙ තමන් දිහා බලන්නෙ නෑ කියලා තේරුම් ගත්තු නේත්‍ර තුවාය අහක් කරලා කර කර හිටපු වැඩේ කරන්න ගත්තා.

"දැන් අඩුයිද නේත්‍ර?"

"ඔව් දිවාෂ.ඒම බරපලත උණක් නෙවේ ගැනුනෙ.නිකං ඇග රත් වුණා විතරයි මගෙ හිතේ.පස්පංගුව එක බිව්වට පස්සෙ හොදයි දැන්"

"උණ නේද ඊයෙ? මේ උදේ හීතල වතුරෙන් ඇග සෝදන්නෙ?"

"හීතල වතුර නෙවේනෙ දිවාෂ.....සුදු අයියා වතුර මුට්ටියක් රත් කරල මම නැගිටිද්දි!!"

"මේ ආසවයා?"

"ඔව්නෙ දිවාෂ.ඇගිල්ලකුත් පුච්චගෙන ඒ මදිවට.බලන්නකො.මට බැරුවයෑ ඉතින් නැගිට්ටම ඕක රත් කරගන්න"

"ඌ තමුසෙට පැලෙන්න ආදරෙයි නේත්‍ර! ඒකයි ඔය"

"ම්ම්ම්ම්.......ම....මම දන්නව ඒක.සුදු අයියා ඊයෙ.....ඊයෙ කිව්වා මට"

"මොකක්! තමුසෙට ඒකද යකෝ උණ ගත්තෙ! මට හිතුනා හැබැයි ඊයෙ ආශවයා කෝල් කරලා කියද්දි....ඇඥ්ඥේ නේට්ටව බලපංඥෝ ගිහින් කියලා"

දිවාෂ මුකුත් දන්නෙ නැති මිනිහා වගේ රගපෑවෙ නේත්‍රට අපහසුවක් නොවෙන්න.මොකද ඒ වෙද්දිනුත් දිවාෂයි දෙවිනුයි දෙන්නම දැනගෙන හිටියා ඊයෙ උනු සිද්ධිය ගැන.ඒත් ඒක තමන් දන්නවා කියලා නොකියා නේත්‍ර කියන දේට හූමිටි තියන එක නේත්‍රට පහසුවක්,සැනසීමක් වෙයි කියලා හිතුව දිවාෂ මේ උදේ පාන්දරත් හොද රංගනයක් දුන්නා.

"නේත්‍ර!!! පපුව එහෙම තෙමාගෙන අහුවෙන්න එපා මට!!! තව විනාඩි පහයි දෙන්නෙ!!! ඇති වතුරෙ හිටියා!!!!"

"හ්....හරි සුදු අයියෙ මම එන්නම්"

මිදුලෙ ඉදන් ගේ පිටිපස්සට වෙන්නම කෑ ගැහුව ආශවට උත්තර දුන්නු නේත්‍ර දිවාෂට එහෙම්මම ඉන්න කියලා වැසිකිලියට රිංගුවෙ එලියට වෙලා හෝදගන්න බැරි කෑලි ටිකත් හෝදගෙන එන්න කියලා හිතාගෙන.මොකද එයාගෙ සුදුඅයියා එයාට දුන්නෙ විනාඩි පහයි.හයවෙනි විනාඩියෙදි අනිවාර්යයෙන්ම සුදු අයියා බාගෙට හරි හෝදගෙන ඉන්න තමන්ව ගේ ඇතුලට ඇදගෙන යන වග නේත්‍ර දැනන් හිටියා!

.

.

.

.

.

"ම්ම්ම් ජානකී ආන්ටිගෙ කෑම කොහොමත් සුවදයි.රසයි"

දිවාෂගෙ අම්මා එව්ව එක භාජනේක පියනක් අරින ගමන් ඒකෙ තිබ්බ කිරිමාලු එකේ සුවද බැලුව දෙවින් තලු මර මර කිව්වා.පිගන් ටික හෝදලා ගෙනාව දිවාෂ ඒකෙන් එක පිගානක් අරගෙන ඉදිආප්ප වගයක් ඒකට අඩුක් කරලා,නේත්‍රලාගෙ ගෙදර තිබ්බ පුංචි දීසි දෙකකුයි,පීරිසියකුයි අරගෙන කිරි මාලු හොදියි,මිරිස් හොදියි,සම්බෝලයි වෙන් කරලා ඒ ටික වහලා තට්ටුවක් උඩින් තියලා ඒ දිහා බලන් උන්නු නේත්‍ර එක්ක හිනා වුණා.

"නිර්මලා නැන්දට"

ඒත් එක්කම කෑම කන්න අනික් අයට ඉඩ දුන්නු දිවාෂ පැත්තටක වෙද්දි ඔක්කොටම ඉක්මන් වුණු දෙවිනුයි තෙවිනුයි දෙන්නා තම තමන්ගෙ පිගන් වලට කෑම බෙදාගන්න ගත්තා.වෙනදට ඔක්කොමල්ලාව පෙරලගෙන කෑම බෙදාගන්න දිවාෂ අද පැත්තටක වෙලා ඉන්න එක ගැන නේත්‍රට පුදුම හිතුනත් ඒ ගැන වැඩියෙ නොහිතපු නේත්‍ර පිගානක් අරගෙන ආශවට කෑම බෙදන්න ගත්තා.

පිගාන ගත්තු නේත්‍ර,ආශව ආසම විදියට කිරි මාලු හොදි ටිකක් ඉදිආප්ප උඩට දාලා මිරිස් හොදි ටිකක් වැඩිපුර දැම්මා.මොකද ආශව සැර කෑම කන්න කොහොමත් හරි කැමති බව නේත්‍ර දැනන් උන්නා.සම්බෝල තලියකුත් අරගෙන පිගානෙන් තිබ්බ නේත්‍ර ඒ පිගාන ගිහින් අත් දෙකෙන්ම ආශවට දෙද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව පිගාන අතට අරගෙන "ඔයත් බෙදාගෙන එන්න" කියලා නේත්‍රට කිව්වා.

ඒත් එක්කම තමන්ගෙ දුරකතනෙ නාදවෙනවා ඇහුණු නේත්‍ර පිම්මෙ කාමරේට දුවගෙන ගියේ දිවාෂටත් කෑම බෙදාගන්න කියලා කියන ගමන්මයි.දුරකථනෙ කනේ තියාගත්ත දිවාෂ ඇමතුමට උත්තර දෙන ගමන්ම හෙමින් හෙමින් කුස්සිය පැත්තට ඇදෙන්න ගත්තා.

"කෑම ටික හම්බුනා නේද පුතේ?"

"ඔව් නැන්දෙ.හම්බුනා.අනේ ගොඩක් පින් නැන්දට"

"පින් මොකටද දරුවො ඔය පොඩි දේට? කෑම ඇති උනාද කට්ටියටම?"

"වැඩිත් එක්ක නැන්දෙ.කට්ටිය රස කර කර කනවා"

"පුතේ,මම මේ දෙයක් කියන්න ගත්තෙ.හැබැයි පුතා මේක දන්නවා කියලා සිගිතිටනම් අගවන්න එපා"

"නෑ නැන්දෙ කියන්න"

"අද කෑම ටික හැදුවෙ සිගිති"

"මොකක්!!!"

"ඔව් පුතේ.උදේ පාන්දර ඉදන් නැගිටගෙන ඔයාලා ආසයි කියලා තනියම හැදුවෙ.මම ඉදිආප්ප ටික තම්බන්න උදව් කලා විතරයි.හොදි පිනි ඔක්කොම හැදුවෙ සිගිති."

"දිවාෂ කිව්වෙවත් නෑනෙ"

"කොහෙ කියන්නද? මිනිහා කැමති නෑ ඔව්වා කවුරුත් දැනගන්නවට.ලැජ්ජාකාරයානෙ ඔය වගේ දේවල් වලදි......එයා බොලදයි කියලා හිතයිලු කට්ටිය"

"අනේ නැන්දෙ......දිවාෂ හුගක් මහන්සි වෙලා.එයාට ස්තූති කරන්නෙවත් කොහොමද ඉතින්"

"පුතා කෑම ටික රස කර කර කන්නකො.ඒක ඇති වෙයි අපේ එකාට.එහෙනම් මම තියන්නම් පුතේ.මම ඒක කියන්න ගත්තෙ"

"අනේ හරි නැන්දෙ.බුදු සරණයි"

"බුදු සරණයි පුතේ"

නේත්‍ර එහෙම්මම කුස්සියට යද්දිත් දිවාෂ කට්ටියට වද දිදී තව කෑම බෙදනවා.කොල්ලො ටිකත් මුකුත් නෑ කෑම ටිකට රහ වැටිලා වගේ රස කර කර කන හැටි දිහා බලන් උන්නු දිවාෂගෙ ඇස් වල තිබ්බ දිලිසීම නේත්‍ර හොදටම දැක්කා.ඉතින් මුකුත් නොවුණු ගානට කුස්සියට ගිය නේත්‍ර ආශව එක්ක හිනා වුණේ ආශව කන්න කලින් නේත්‍රට කෑම එකක් බෙදලා තියෙන හැටි දැකලා.එහෙම්මම ආශවගෙ එහා පැත්තෙන් ඉදගන්න තැනක් නැති නිසා කුස්සියෙ තට්ටුව උඩට පැනලා ඉදගත්තු නේත්‍ර බල කරලම දිවාෂවත් කෑම කන්න ඇදලා ගත්තා.

ටික වෙලාවක් යද්දි කෑම ටික කට්ටිය කාලා ඉවර කලේ කෑම ටිකට ගුණ වය වය.ඇත්තටම දිවාෂගෙ කෑම හරිම රසවත් ඒවා උනා.කවදාවත් දිවාෂට මෙච්චර රසට උයන්න පුළුවන් කියලා දැනගෙන නොහිටිය නේත්‍රත් පුදුම විදියට සතුටු වෙන ගමන් ඒ කෑම ටික අගය කලේ දිවාෂටවත් අනික් අයටවත් සැකයක් නොහිතෙන්න.කෑම කාපු කොල්ලො හතර දෙනා එහෙම්මම වත්තට ගිහින් අරලිය ගහ යටට රැස් වෙද්දි බිමින් ඉදගන්න හැදුව නේත්‍රය සැර කරපු ආශව එහෙම්මම නේත්‍රගෙ අත් යටින් තමන්ගෙ අත් දාලා උස්සලා බංකුවෙ තමන් ලගින් ඉන්දෝගත්තා.

"අම්මටසිරි! අද දෙනෙත් එනවා කිව්වනෙ!"

"දෙනෙත්? අපේ මාමගෙ?"

"ඕ එයා තමා.දැන් එනවත් ඇති.මේ මම ගෙදර යන්නද ඉක්මනට?"

"ඉන්න එහෙනම් ඉතින් මමත් එන්නම්.යුගානුත් එනවද?"

"යං.මට තනියෙම යන්න වෙන්නෙ නැත්තං.හවස පන්සල් යන්න එන්නම් මම නේත්‍ර"

"නේත්‍ර තනියෙමනෙ යුගාන්?"

"නේත්‍රට තනියක් නෑ තෙවින්.මම ඉන්නවා නිර්මලා එනකං"

ආශවගෙ තීරණාත්මක හඩෙන් පස්සෙ නේත්‍ර දිහා එකපාරක් බැලුව තෙවින්,දෙවින් දිවාෂ දෙන්නා එක්කම පිටත් වුණා.නිර්මලා එන මුවාවෙන් නේත්‍ර එක්ක තනි වුණු ආශවගෙ මූණෙ ඇදුනු හිනාව එච්චර සුභ එකක් නොවුණු බව දැක්ක නේත්‍ර එහෙම්මම තමන්ගෙ අතින් කට වහගෙන ගේ ඇතුලට දුවද්දි,නේත්‍ර කල වැඩෙන් හිනා ගිය ආශවත් ඔලුව දෙපැත්තට වන වන නේත්‍රගෙ පස්සෙන් ඇදුනා.

...................................................................................................

ගෙයි පිටිපස්සෙ තිබ්බ හබරල ගාලෙන් පොඩි හබරල කොලයක් කඩාගෙන ඒක හොදට සෝදලා පිරිසිදු කල නේත්‍ර හබරල කොලෙන් ගොට්ටක් හදාගෙනම ගෙයි මිදුලට ආවෙ පන්සල් යන්න මල් කඩන්න කියලා හිතාගෙන.තැඹිලි පාට කරලා තිබ්බ අහස දිහා බැලුව නේත්‍ර තනියම හිනා වුණේ ආශවව මතක් වුණු නිසාමයි.ආශව අද උදේ වරුව තිස්සේම තමන්ගෙ පස්සෙන් වැටිලා දීපු දස වද මතක් වෙද්දි උනත් නේත්‍රගෙ මූණෙ ඇදුනෙ ලස්සන හිනාවක්.උදේ වරුව පුරාම නේත්‍ර කිව්ව හැම දේටම ආශවගෙ තිබ්බෙ එකම එක උත්තරයක්.

"ටිකක් එහාට වෙලා ඉන්නකො සුදුඅයියෙ.තේ කොල ටිකත් ගොට්ටෙන් අහකට හැලුනනෙ"

"අවුරුදු ගාණක් හිටියනෙ.දැන් බෑ ඉතින්"

"එහාට වෙලා අතනින් ඉදගන්න සුදුඅයියෙ.ගිනි පුපුරු විසික්කා වෙයි මූණට ඔයාගෙ"

""අවුරුදු ගාණක් හිටියනෙ.දැන් බෑ ඉතින්"

"ඇද ඇතිරිල්ලවත් නවන්න දෙන්නකො දෙයියෝ...මගෙ පිටකොන්ද නෑ වගේ සුදුඅයියව උදේ ඉදන් එල්ලගෙන ඉදලම"

""අවුරුදු ගාණක් හිටියනෙ.දැන් බෑ ඉතින්"

"අර අම්මා එනවා සුදුඅයියෙ.කෝ මාව අහකට කරන්නකො ඔයාගෙ ඔක්කෙන්"

""අවුරුදු ගාණක් හිටියනෙ.ආයෙ බෑ ඉතින්"

තොල් දෙකත් නොපිටට පෙරලගෙන තමන්ගෙ පිටිපස්සෙ එල්ලිලා ගේ හැමතැනම ඇවිද ඇවිද වද දුන්නු ආශව පුංචි එකෙක් වගේ කියලා නේත්‍රට හිතුනා.ආශව තමන්ගෙ අස්සෙ දැවටි දැවටි මොකක්ම හරි උණුහුමක් හොයනවා කියලා නේත්‍රට දැනුනත් ඒ මොකද්ද කියලා හිතාගන්න නේත්‍රට බැරි වුණා.

ආශව තමන්ව කොච්චර පරිස්සම් කලත්,තමන්ගෙ ඉස්සරහ වැඩිහිටියෙක් වගේ හැසිරුනත් හුගක් වෙලාවට තමන්ගෙ උණුහුම ඉස්සරහ ආශව පුංචි දරුවෙක් වගේ වෙන හැටි නේත්‍ර කල්පනා කලා.පුංචි කාලෙ ආශව තමන්ට කියලා බත් කවාගන්න කොච්චර නම් ආසද කියන එකත් නේත්‍රට එවෙලෙ මතක් වෙද්දි තමන්ගෙ සුදු අයියා තමන්ගෙන් බලාපොරොත්තු වෙන ඒ උනුහුම කොහොමහරි දෙනවා කියලා පුංචි නේත්‍ර හිතාගත්තා.

"බොහ්!!!"

"දෙයියෝ!!!! සුදු අයියෙ!!!"

වත්තෙ පල්ලම බැහැගෙන එන ආශව ඈත තියාම වතුසුදු ගහ ගාවට වෙලා මුකුලු කර කර ඉන්න නේත්‍රව දැක්කත් වෙන සිහියක හිටි නේත්‍ර තමන්ව නොදැක්ක බව ආශව තේරුම් ගත්තා.ඒ නිසාම පොඩ්ඩක් නේත්‍රව බය කරන්න හිතාගෙන නේත්‍රට නෑහෙන විදියට කඩුල්ල පැන්න ආශව කෑ ගහ ගමන් ගිහින් නේත්‍රව පිටිපස්සෙන් වැලදගත්තා.

"අහකට වෙන්න සුදු අයියෙ.....කවුරුහරි දකීවි"

"අවුරුදු ගාණක් හිටියනෙ.ආයෙ බෑ ඉතින්"

"අනේ සුදු අයියෙ....හිතුවක්කාර වෙන්න එපානෙ ඉතින්"

"මේ වෙලාවෙ කවුරු දකින්නද නේත්‍ර? ඔයාම දන්නවනෙ....මේ හරියෙ මෙලෝ මිනිහෙක්ට වැඩක් නෑ කියලා.දැක්කොත් ඉතින් නිර්මලා තමා"

"ඒකම නෙවේ සුදුඅයියෙ.සුදු අයියා ඕම ඉද්දි මට මල් කඩන්න බෑනෙ"

"ඒ මොකෝ?"

"අනේ මගෙ කකුල් වෙවුලනවා වගේ වෙනවා....සුදු අයියා ඉස්සර මාව තුරුල් කරගද්දි එහෙම උනේ නෑ"

"හැගීම් නේත්‍ර.....ඉස්සර ඔයා මාව දැක්කෙ යාලුවෙක් හෝ අයියෙක් විදියට...ඒ නැතත් ඔයාගෙ හිතේ වෙන දෙයක් තිබ්බත්,ඒකට හරි හමන් නමක් ඔයා දීලා තිබ්බෙ නෑ.මම දීලා තිබ්බෙත් නෑ.ඉතින් අමුත්තක් නොදැනෙන විදියට අපි දෙන්නට දෙන්නා හිටියා.

ඒත් දැන් වෙනස්.ඔයා මට වගේම මම ඔයාට ආදරේ කරනවා කියලා අපි දන්නවා....ආදරවන්තයො විදියට.දැන් මම ඇල්ලුවත් ඔයාට දැනෙන්නෙ වෙනස් විදියට.ඒක සාමාන්‍ය වෙන්න ටික කාලයක් යයි.එතකං ඕම ඉන්න.මම වද දෙන එක නම් නවත්තන්නෑ!!! මෙහෙම වද දීලා හරි ඔයාව මම පුරුදු කරගන්න එපායැ හහ්හ්!!"

හුරතලේට තොලුත් නොපිට පෙරලගෙන කකුල් පොලවෙ ගහන ගමන් කෑ ගහන ආශව දිහා නේත්‍ර බලාගෙන හිටියෙ ඇසුත් ලොකු කරගෙන.මේක තමන්ගෙ ඉස්කෝලෙ කවුරුමහරි කෙනෙක් දැක්කනම් ලෝක පුදුමයක් විදියට උනත් සලකන්න පුළුවන් කියලා නේත්‍ර දැනගෙන හිටියා.ඉස්කෝලෙ චණ්ඩියෙක් වගේ ඉන්න ආඩම්බරකාර ආශව මෙහෙම පුංචි කොල්ලෙක් ඉස්සරහ හුරතල් වෙද්දි? කල්පනා පිටම නේත්‍රට නොදැනිම නේත්‍ර ආශවගෙ කම්මුලක් හෙමීට මිරිකෙව්වා.

ජීවිතේ පලවෙනි වතාවට ආශවගෙ මූණ ලා රතක් ගන්න හැටි නේත්‍ර දැක්කා.කලින් ආශව තමන්ට කිව්ව හැගීම් වල වෙනස ආශවටත් වෙනස් නිසා ඒම වෙනවා ඇති කියලා නේත්‍ර හිතුවා.පුංචි කාලෙ සුදු අයියා තමන්ට කොච්චර නම් හාදු දීලා තියේද? ඒත් ඒ කිසිම වෙලාවක තමන්ට දැන් දැනෙන හැගීම නොදැනුනු බවනම් නේත්‍රට විශ්වාසයි.දැන් ආශවගෙ අතක් නේත්‍රගෙ අතේ වැදුනත් ඇග දිගේ හිරියක් ගියාට ඒ කාලෙ තමන් ආශවගෙන් හාදු ගන්න බොරු රගපෑම් පවා කලා නේද කියලා නේත්‍රට මතක් වුණා.

"කඩමු එහෙනම් දෙන්නම මල්"

නේත්‍ර තමන් මෙහෙම නේත්‍රගෙ කරේ එල්ලිලා ඉන්න එකෙන් අපහසුවට පත් වෙනවා කියලා තේරුම් ගත්තු ආශව හෙමීට නේත්‍රගෙන් අයින් උනා.නේත්‍ර අපහසුවට පත් වෙන්නෙ තමන්ගෙ ස්පර්ශෙන් නොවන බවත්,මෙහෙම ඉන්නවා කවුරුහරි දැක්කොත් කියන බයට කියන එකත් ආශව තේරුම් ගත්තා.ලා රෝස පාට වෙලා තියෙන නේත්‍රගෙ බොත්‍තම් නහයට පුංචි හාද්දක් දුන්නු ආශව එහෙම්මම මල් කඩ කඩ ගොට්ටට දාන්න ගත්තෙ උනු දේ තේරුම් ගන්න බැරි වුණු නේත්‍ර කටත් ඇරන් ආශව දිහා බලාගෙන ඉද්දි.

"කඩන්න,මගෙ මූණ දිහා බලන් ඉන්න නෙවේ"

නේත්‍රට හිනා වෙවී කිව්ව ආශව වතුසුදු මල් කඩ කඩ ගොට්ටට දාද්දි නේත්‍රත් හිනා වෙලා මල් කඩන්න පටන් ගත්තා.ගොට්ට පිරෙන්න මල් කැඩුව ඉලන්දාරියො දෙනාගෙන් ලොකු එකාගෙ අතට ගොට්ට දුන්නු පොඩි එකා පන්සල් යන්න ඇදුමක් මාරු කරන් එන්නම් කියලා ගේ ඇතුලට දිව්වා.නේත්‍ර දිව්ව දිහා බලන් හිටිය ආශව හෙමීට ඇදුනෙ ගැටපිච්ච මල් වැල් තිබ්බ දිහාවට.තවම හොදටම හවස් වෙලා නොතිබ්බ නිසා ගැටපිච්ච වැලේ තිබ්බෙ පොහොට්ටු විතරයි.ගැටපිච්ච මල් පිපෙන්නෙ හොදටම ගොම්මන් වැටුනම රාත්‍රියට කිට්ටු කරලා බව දන්න ආශව ගැටපිච්ච මල් පොහොට්ටු ටික කඩලා ගොට්ටට දාගත්තෙ ඒවා වැලේම නොතියා නෙලලා ඉවතට ගත්තත් පිපෙන බව දැනුවත් නිසා.

"මේ ගැටපිච්ච මල් නම් පූජා කරන්න පුළුවන් බුදු හාමුදුරුවනේ.....ඒත් මගෙ ගැටපිච්ච මල නම් පූජා කරන්න බැහැ"

"සුදු අයියෙ....යං"

ආශව හිත හිතම ගැටපිච්ච පොහොට්ටු ටික කඩලා ගොට්ටට දාගනිද්දි පිටිපස්සෙන් ඇහුනු සද්දෙ නිසා හැරිලා බැලුවා.සුදු දිග කලිසමකට සුදු පාටම ටී ෂර්ටයක් ඇදන් හිටි නේත්‍රට ඒ ඇදුමට සංවර බව වැඩි වෙලා තිබ්බා වගේම මොකක්දෝ මංදා පින්වන්ත බවකුත් ඇවිත් තිබුනා.කොයි වෙලෙත් කොට කලිසමක් ඇදන් එහෙ මෙහෙ ජවුසන් දාන හුරතල් නේත්‍රට වඩා මේ විදියෙ ඇදුමකින් ඉන්න තැන්පත් නේත්‍රගෙ වෙනසක් ආශව දැක්කා.

"යං.මම හදුන්කූරුයි,තෙලුයි ගෙනාවා"

ආශව තමන් වලවේ ඉදලා එද්දි ගෙනාව පොඩි මල්ල නේත්‍රට පෙන්නද්දි හිනා වුණු නේත්‍ර තමන්ගෙ අතේ තිබ්බ තෙල් බෝතලෙයි,පහන්තිරයි ටික ආශවට පෙන්නුවා.නේත්‍රගෙ අතින් තෙල් බෝතලෙයි පහන්තිර ටිකයි ගත්තු ආශව ඒ ටිකත් තමන්ගෙ පුංචි මල්ලට ඔබාගෙන හබරල ගොට්ට නේත්‍රගෙ අතට දීලා නේත්‍රගෙ අතින් අල්ලගෙන කන්ද නගින්න ගත්තා.

ලා කහපාට දිග කලිසමට අත් දිග සුදු කමිසෙ වැලමිට වෙනකං නවාගෙන උන්නු ආශවගෙ නහර පිරුණු අත තමන්ගෙ අතේ එතිලා තියෙන විදිය බලපු නේත්‍ර තනියම හිනා වුණා.තමන්ගෙ එහා පැත්තෙන් ඉස්සරහ බලාගෙන ඇවිදන් යන ආශවගෙ මූණ දිහා හොරෙන් හොරෙන් බල බල ගිය නේත්‍රගෙ මුළු හිතම උණුසුම් හැගීමකින් පිරිලා ගිහින් තිබ්බා.

"කොච්චර බැලුවත් ඔච්චර තමා නේත්‍ර.....නහය තියෙන තැනම තමා නහය තියෙන්නෙ"

ආශවගෙ වචනත් එක්ක රතු වෙලා ගිය නේත්‍ර එහෙම්මම බිම බලාගත්තා.නේත්‍රගෙ පුංචි අතැගිලි තමන්ගෙ අත මිරිකනවා දැනුනු ආශව තනියම හිනා වුණේ නේත්‍රට ලැජ්ජා හිතිලා බව තේරුණු නිසා.පාරට ගියාට පස්සෙ තමන් දිහා දෙතුන් වතාවක් බැලුව නේත්‍රගෙ හිත තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ අත අතෑරලා නේත්‍රව පාර අයිනෙන් මෙහාට කරවගෙන පරිස්සමට පන්සල තිබ්බ දිහාවට ඇවිදගෙන ගියා.

"නේත්‍ර මල්ලියා"

පන්සලේ ඇතුල් වීම ලග හිටපු දෙනෙත් දුවගෙන ඇවිත් නේත්‍රව තුරුල් කරගනිද්දි නේත්‍රත් දෙනෙත් එක්ක හිනා වෙලා දෙනෙත්ට තුරුල් වුණා.ඒ තුරුල් වීම දිහා විනාඩියක්වත් බලාගෙන ඉන්න බැරි වුණු ආශව නේත්‍රව තමන්ගෙ පැත්තට ඇදලා ගනිද්දි ආශව ගැන දැනන් හිට් දෙනෙත් තමන්ගෙ ඇස් දෙක රෝල් කලා.තුන් දෙනත් එක්ක හිනා වෙවී පන්සල ඇතුලට ඇවිදගෙන යද්දි ඇතුල්වීම ලග උන්නු දෙවින්,දිවාෂ,තෙවින් තුන් දෙනත් ඒකට එකතු වුණා.

ඔක්කොටම කලින් සෙරෙප්පු දෙක ගැලෙව්ව නේත්‍ර හබරල කොල ගොට්ටත් අරගෙන පන්සල් මළුවෙ ඇවිදගෙන යන්න පටන් ගත්තා.මල් ගොට්ටත් අරගෙන පන්සල් මළුව දිගේ ඇවිදින නේත්‍රගෙ පිටිපස්සෙන්ම ඇදිලා ගිය ආශව නේත්‍ර දිහාම බලාගෙන හිටියා.මළුවෙ තියෙන හීන් වැලි කැට වලටවත් නොදැනෙන ගාණට සන්සුන් අඩි තිය තිය යන නේත්‍ර දිහා බලාගෙන හිටි ආශවගෙ කටින් පිටවුණේ එක දෙයයි.

"හරි සැහැල්ලුයි"

හෙමින් අඩි තිය තිය බිම බලාගෙන පන්සල් මළුවෙ ඇවිද්ද නේත්‍ර මොකක් හරි එකපාරටම මතක් වුණා වගේ හැරිලා ආශව දිහා බලද්දි ඉක්මන් අඩි තියලා නේත්‍ර ලගට කිට්ටු වුණු ආශව නේත්‍රත් එක්කම මල් වට්ටි,පැන් කල අඩුක් කරලා තියෙන පැත්තට ගියේ මල් හදන්න කියලා හිතාගෙන.ඒත් එක්කම නේත්‍ර දිහාම බලාගෙන ඇවිදගෙන ආව තෙවින් හිටි තැනම නැවතිලා බිම බලාගෙන ලොකු හුස්මක් පහල දැම්මා.

"ඇත්තටම ආශව ඔයාගෙ කවුද නේත්‍ර?"

තමන්ගෙන්ම අහගත්තු තෙවින් නේත්‍රයි ආශවයි ගිය පැත්තට ඇවිදගෙන යද්දිනුත් දෙවින්,දිවාෂ දෙන්නා මල් වට්‍ටියක් හදන්නත් පටන් අරගෙන තිබ්බා.නේත්‍රත් එක්ක හිනා වෙවී මල් වට්ටිය හදන ආශවව දැක්ක තෙවින්ට එතනට යන්න ඕනි උනත් තනියම මල් වට්ටිය හද හදා හිටිය දෙනෙත් තෙවින්ට කතා කරද්දි ඒක තෙවින්ට නොසලකා හරින්න බැරි වුණා.

"නේත්‍ර, නේත්‍ර අද වෙනදටත් වඩා ලස්සනයි"

"මල් හදද්දි කතා කරන්න හොද නෑ සුදු අයියෙ, කෙල විසික්කා වෙනවනෙ"

ආශව කිව්ව දේට රතු වුණු කම්මුල් හංගගන්න උත්සාහ දැරුව නේත්‍ර උත්තර දෙද්දි නේත්‍ර දිහා දිලිසෙන ඇස් වලින් බලාගෙන හිටපු ආශව හිනා වෙවීම මල් එක හදන්න ගත්තා.මල් වට්ටිය හදලා ඉවර කරලා දෙන්නා එක්ක පහන් පත්තු කරන්න යන්න කලින් අනික් අයට කතා කලත් ඒ කිසිම කෙනෙක් තවම මල් හදලා ඉවර කරලා නොතිබ්බ නිසා ආශව නේත්‍ර දෙන්නා තනියම පහන් වැට පැත්තට ඇවිදගෙන ගියා.

"සුදු අයියා දන්නවද අපි මල් පූජා කරන්නෙ ඇයි කියලා?"

"පින් සිද්ධ වෙන නිසා නේද නේත්‍ර?"

"ඒකත් එක හේතුවක්නම් තමා.ඒත් ප්‍රධානම හේතුවනම් ඒක නෙවේ සුදුඅයියෙ"

"එහෙනම්?"

"අපි පූජා කරන මල් ටික අපි ගාථා කියලා ඉවර වෙලා බලද්දි කලින් තිබ්බ නැවුම් ගතිය අඩු වෙලා.තව ටික වෙලාවකින් බලද්දි මැලැන්සි වෙලා ගිහින්.හෙට උදේ බලද්දි මල් ටික පරම වෙලා ගිහින්නේ සුදු අයියෙ.ඉතින් ඒකෙන් කියවෙන්නෙ අපේ ජීවිත වලත් තියෙන අනිත්‍ය බව"

"මම ඕක අහලා තියෙනවා නේත්‍ර.ඒත් එහෙම ලොකුවට ඒ ගැන දන්නෙ නෑ"

"එතකොට පහන් වලින් වගේම හදුන්කූරු වලින් කියවෙන්නෙත් ඒ දේමයි"

"ඒ කිව්වෙ?"

"ඒ කියන්නෙ,අපි දැන් පත්තු කරන පහන දැල්වෙන්නෙ කොච්චර නම් පොඩි වෙලාවද? තෙල් ඉවර වෙලා යද්දි,පහන්තිරේ දැවිලා යද්දි පහනත් නිවෙනවා.ඒවගේමයි හදුන්කූරුත්.පත්තු කලාට පස්සෙ කොච්චර නම් වේගෙන් ඒක දැවිලා යනවද? අන්තිමේ අර පොඩි කූර විතරයි ඉතුරු වෙන්නෙ.

අපේ ජීවිතත් ඒ වගේ සුදු අයියෙ.මොන වෙලේක ඉවර වෙයිද දන්නෙ නෑ.පහන දැල්වෙන පුංචි වෙලාවට හරි ආලෝකෙ දෙනවා.හදුන්කූරු,මල් තියෙන පුංචි වෙලාවට හරි සුවද,ලස්සන දෙනවා.ඉතින් අපිට කරන්න තියෙන්නෙත් ඒකම තමයි.ඉන්න කාලෙදි ලස්සනට,සුවද දිදී ජීවත් වෙන්න ඕනි.බුදු දහමෙ මූලිකම හරය අනිත්‍යබව.අපි ඒක අවබෝධ කරගන්න ඕනි"

"මම ඔච්චර දෙයක් දැනන් හිටියෙ නෑ නේත්‍ර"

"ඒකනෙ මම කියලා දුන්නෙ සුදු අයියට"

"නේත්‍ර......"

"ම්ම්ම්ම්"

"මම ආදරෙයි....මට නොලැබුනු හැමදේම ඔයා එක්ක ඉද්දි ආපහු ලැබෙනවා වගේ"

"මම ඊටත් වඩා ආදරෙයි සුදුඅයියෙ.එන්නකො.අපි පහන් පත්තු කරන්න යමු"

කොහොමත් අනික් මිනිස්සු ඉස්සරහ ගොලු පූජාව පවත්වන නේත්‍ර ආශව ඉස්සරහ ඇති තරම් දොඩමලු වුණා.ඒ බව දැනගෙන හිටපු ආශව උනත් නේත්‍රට තමන් ලගදි උපරිම නිදහස,සැනසීම දුන්නා.ඒත් වැඩියෙ කතා නොකරන නේත්‍ර මේ වගේ වෙලාවල් වලදි වැඩිපුර කතා කලාට පස්සෙ මූණත් රතු කරගෙන තොල කට තෙමාගන්න විදියත් ආශවට අරුමයක් උනේ නැහැ.නේත්‍ර අමුතුවට හැදුනු අහිංසකයෙක්.තලන්න පෙලන්න හරිම ලේසි මලක්.නේත්‍රව බලාගන්න,රකින්නනම් ආශව වගේ දයාබර දරදඩු ආදරවන්තයෙක් ඕනිමයි.නේත්‍රට දරදඩු නොවෙන නේත්‍රට හිරිහැරයක් වෙන අයට දරදඩු වෙන!

"නේත්‍ර මටත් පහනක් පත්තු කරන්න දෙනවද?"

පහන් වලට තෙල් වත් කර කර හිටිය ආශවයි නේත්‍රයි දෙන්නා හැරිලා බැලුවෙ තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණු කටහඩ නිසා.ඇදන් හිටි ලා දුඹුරු පාට කොට කලිසමට අත් දෙක දාගෙන උන්නු තෙවින්ගෙ මූණෙ ලොකු හිනාවක් තිබුණා.නේත්‍ර ලගට ඇවිදගෙන ඇවිත් අත දික් කරපු තෙවින්ගෙ අත උඩින් තෙල් බෝතලේ තිබ්බ නේත්‍ර හිනා වෙලා ඉඩ දුන්නෙ තෙවින්ටත් පහන් පත්තු කරන්න.නේත්‍ර තෙල් දැම්ම දිහා කලින් බලාගෙන හිටපු තෙවින් ඒ විදියටම හෙමීට හෙමීට පහන් හතරකට විතර තෙල් දාලා ඉවර උනාට පස්සෙ ආශව තෙවින්ට තමන්ගෙ අතේ තිබ්බ පහන්තිර ටික දුන්නා.

"සුදු අයියා තෙල් දැම්ම පහන් නවයම තනියෙම පත්තු කරන්න.භාරෙ උනේ මම එහෙම"

නේත්‍ර ආශවට කියද්දි හිනා වුණු ආශව තමන් තෙල් දැම්ම පහන් ටික පත්තු කරද්දි පපුවට දැනුනු අමුතු වේදනාව දරාගන්න උත්සාහ දරමින් හිටපු තෙවින් තමන්ගෙ පහන් හතර පත්තු කරන්න පටන් ගත්තා.ඒත් එක්කම නේත්‍ර තෙල් දාලා තිබ්බ පහනක් වැරදීමකින් පත්තු කරන්න ගිය එක දැක්ක නේත්‍ර හිනා වෙලා තෙවින්ට අවසර දුන්නෙ ඒ පහන් වලින් කීපෙකුත් පත්තු කරන්න.අන්තිමේදි ආශව පත්තු කරපු පහන් වල ආලෝකෙයි,තෙවින් පත්තු කල පහන් වල ආලෝකෙයි නේත්‍රගෙ මූණ දෙපැත්තට වැටෙද්දි  පහලට නැවුණු නේත්‍ර එතන ඉතිරි වෙලා තිබ්බ පහන් දෙක තුන පත්තු කරලා ඉවර කරලා කෙලින් වෙලා එහෙම්මම හැරුණෙ ආශවගෙ පැත්තට.

පුරුදු විදියටම පහනකින් ගත්තු තෙල් ඩිංගිත්තක් ආශවගෙ ඉස්මුදුනෙ තැවරුව නේත්‍ර නිහඩවම ආශවට හිතින් ආශිර්වාද කරන ගමන් ආශවගෙ නලලට සියුම් සුසුම් පොදක් පා කරද්දි ඇස් දෙක පියාගෙන උන්නු ආශව තමන්ගෙ ඇස් දෙක විවර කලා.ඒ දේ දැක්ක තෙවින් තමන්ගෙ වේදනා දෙන පපුව ටිකක් හයියෙන් තද කරගෙන අහක බලාගද්දි තෙවින්ගෙ ඇස් වල ලා කදුළු පටලයක් මතු වෙමින් තිබ්බා.ඒත් එක්කම නේත්‍ර වැදගෙන ඇස් පියාගත්තෙ පහන් ටික හිතින් පූජා කරන්න.

නේත්‍රගෙ දෙපැත්තෙ හිටගෙන හිටිය ආශව තෙවින් දෙන්නා පහන් එලිය වැටිලා දිලිසෙන නේත්‍රගෙ මූණෙ තමන්ට පේන කොටස දිහා බලාගෙන හිටියෙ හරි ආදරණීය හැගීමකින්.හැමවෙලේම ලොකු වෙලා කරකෝ කරකෝ ඉන්න බෝල ඇස් දෙක මේ වෙලාවෙ පියවිලා ගිහින් තිබ්බ එකෙන් නේත්‍රගෙ හුරතල් ගතිය පරයා අර කලින් කිව්ව සන්සුන් කම මතු වෙලා තිබුණා.

ටිකකින් එතනට ආව අනික් තුන් කට්ටුව නිසා පියවි සිහියට ආව ආශවයි තෙවිනුයි දෙන්නා නේත්‍ර එක්කම පැත්තකට වෙලා හිටියෙ කට්ටිය පහන් පත්තු කරලා ඉවර වෙනකං.පහන් පත්තු කරලා ඉවර වුණු ඉලන්දාරි හය දෙනාම හදපු මල් වට්ටි ටික අරගෙන ගිහින් චෛත්‍යටයි,බෝධියටයි,බුදු පිලිම වහන්සේටයි පූජා කරලා බෝ මලුවෙ ඉදගත්තා.නේත්‍රගෙ එක පැත්තකින් ආශවයි අනික් පැත්තෙන් තෙවිනුයි ඉදගනිද්දි මෙච්චර වෙලා තෙවින්ට ඇහැ ගහගෙන හිටිය දිවාෂ ඇවිල්ලා පස්ස එහෙට එහෙට කරල ඉඩ අරගෙන නේත්‍රගෙයි තෙවින්ගෙයි මැදින් ඉදගත්තා.

"සාධු සාධු සාධු!!!"

පන්සිල් අරගෙන ඉවර උනු කොල්ලො හය දෙනා ඊලගට ගියේ බෝධින් වහන්සේ ලගින් තියලා තිබුනු පැන් පුරවපු කල ටික අතට ගන්න.කල ටික අතට ගත්තු කොලු පැටව් ටික නේත්‍රගෙ පස්සෙන් පෙල ගැහෙද්දි බෝධින් වහන්සේගෙ ඉස්සරහින් හිටගෙන ඔලුව නවලා අවසර ගත්තු නේත්‍ර පැන් කලෙත් අරගෙන දක්ෂිණාවර්තව තමන්ගෙ ගමන ආරම්භ කලා.

"අනුත්තර පුරිසාදි ගුණයෙන්

පුද ලැබූ දෙව් බඹු විසින්

සුගත මුණි සිරිපා කමල් යුග

අනද හිමි නැහැවූ ලෙසින්

දොහොත් මුදුනේ තමා නහවමි

සුවද පැන් ඉස සිසිලසින්

අපිත් නහවමු අපේ සිරිමා

බෝ රජාණන් සන්තොසින්

මැද්ද දේසේ ඍද්ධියෙන් වැඩි

සිද්ධ සිරිමා බෝධි සාමිනි

අනුරපුර නුවරටත් වැඩලා

ගුවන් සක්මන් කලයි සාමිනි

පොලව මිහිකත දිවැස් බලලා

රනින් පලසක් මවා පාමිනි

නොදැන කල පවු ගෙවා වදිනට

ආමි සිරිමා බෝධි සාමිනි

පිරූ සමතිස් පෙරුම් බලයෙන්

එදා වසවතු පරදමින්

දස මරුන් බිද ජය ලබා දුන්

ලොවම කම්පා කරවමින්

ලොවේ ලොව් තුරු බුදු පදවි ලැබ

දයාවේ ගුණ කියවමින්

විදුරදුන් හා බෝ රජුන් මම

වදිමි පහනක් දල්වමින්"

දක්ෂිණාවර්ථව වට තුනක් ගිය නේත්‍ර තමන්ගෙ පැන් කලෙත් උස්සගෙන මොනවදෝ කියලා ආශවගෙ පැත්තට අත දික් කරද්දි නේත්‍රව තේරුම් ගත්තු ආශව ඉක්මනට නේත්‍රගෙ මට්ටමට නැවුණා.ආශවගෙ ඔලුව උඩින් අත තියාගෙන මුණු මුණු ගගා ආශිර්වාද කරපු නේත්‍ර එහෙම්මම ආශවවත් එක්කන් ගිහින් බෝධිය නාවන්න ගත්තා.ඒත් එක්කම පිටිපස්සෙන් ආව අනික් කට්ටියත් පැන් වත් කරලා බෝධින් වහන්සේ නාවල ඉවර කරලා වැද පුදාගෙන බෝ මළුවෙන්  එහාට ගියා.

වැද පුදාගෙන ඉවර උනාට මොකෝ තවම හවස පහ මාරට වගේ වෙලා තියෙද්දි කාටවත්ම පන්සලෙන් පිට වෙන්න හිත දුන්නෙ නෑ.ඔය හේතුව නිසාම ඉලන්දාරි ටික ගිහින් පන්සල් මළුවෙ කොණකින් ඉදගනිද්දි පන්සල් ඇවිත් හිටි සමහර ගැටිස්සියො කීපදෙනෙක්ගෙ අවධානෙ පවා කොළු පරාණ ටිකට මදි නොකියන්න හම්බුනා.ඒත් කිසිම කෙනෙක් ආසාවට කතා කරන්නවත් ලගට නාවෙ කොල්ලො පස් දෙනෙක්ගෙ පිටිපස්සෙට වෙලා නහයෙන් පිඹ පිඹ ඉන්න මකර පැටියව දැක්ක නිසා.

බෝ ගහේ කොල තමන්ගෙ ඇගේ පැටලි පැටලි හමන මද සුලග නිසා හෙල වෙද්දි ඒ හුලග එක්කම මුහු වුණු හදුන්කූරු දුම පන්සල් වත්ත පුරාම පැතිරිලා ගියා.හරි නිස්කලංකෙට තිබ්බ පන්සල් බිමේ දැනෙන අමුතු සන්සුන් ගතියත් එක්කම තමන් ලගින්ම දැනෙන ගැටපිච්ච මල් සුවද වින්ද ආශව හෙමීට නේත්‍රගෙ අතක් තමන්ගෙ අතක පටලගත්තා.

ඒ බව දැක්ක දිවාෂ අනික් අයවත් එක්කගෙන ඩිංගිත්තක් එහාට වුනේ කෝඩුකාර පෙම්වත්තු දෙන්නට පන්සල් භූමියෙදි උනත් දේවල් කතාකරන්න ඇති කියලා හිතුනු නිසා.ඒත් කට්ටියටම ඒ ලගපාත රැදුණෙ කිසිම කෙනෙක්ට සැකයක් නොහිතෙන්න ඕනි නිසා.මොකෙක්ට හරි සැකයක් හිතුනොත් හෙට එලිවෙන්න කලින් ඒක මහමුදියන්සේගෙ කනේ තියේවි.

"නේත්‍රට මතකද? නේත්‍ර ඉස්සර මට පිරිත් නූල් උස්සන් දුවගෙන එනවා?"

"මතකයි සුදුඅයියෙ.සුදු අයියා වෙනුවෙන් මට එදා වගේම අදත් දෙන්න තියෙන්නෙ ඒ වගේ පුංචි දේවල් විතරමයි"

"දන්නවද නේත්‍ර? පුංචි කාලෙ උනත් නේත්‍ර ඒ කල දේවල් මට මහ මෙරක් උනා කියලා? තනිවෙලා වගේ හිටි මට,පාළුවක් නොදැනෙන්න,මම තනි වෙලා නෑ කියලා පෙන්නන්න නේත්‍ර නොදැනුවත්ව හරි ඒ කාලෙ මහන්සි උණා"

"ස්...සුදු අයියෙ........."

"ඔව් නේත්‍ර.ඔයා එදත් දුන්නෙ අදත් දෙන්නෙ ඔයාට පුළුවන් පුංචි දේවල්නම් නෙවෙයි....ඔයා දෙන්නෙ ඔයාට පුළුවන් උපරිම දේවල්.ඔයා හිතනවද ඔය හිතේ මේ සුදු අයියා වෙනුවෙන් තියෙන ආදරේ වෙන කිසි කෙනෙක්ට දෙන්න පුළුවන් වෙයි කියලා? නේත්‍ර මට ආදරේ කරනව වගේ කිසි කෙනෙක් මට ආදරේ කරයි කියල?"

"............................"

"ඊයෙ හරි පෙරේදා හරි මට ඉන්ස්‍ට මැසේජ් එකක් ආවා.මම ගැන ලොකු විස්තරයක් දාලා.....මම ගැන හොයනවා කියලා.මගෙ ෆොටෝස් එකතු කරලා එයාගෙ ගෙදර වෙනම කලෙක්ෂන් එකක් තියෙනවා කියල.මාව දැකලා මීට් වෙලා කතා කරන්න ආසයි කියලා"

"ක්...කවුද ඒ?"

"කවුරුහරි නිකං කෙල්ලෙක්.අඩුම ඒ නමවත් මට මතක තියාගන්න උවමනාවක් වුනේ නෑ නේත්‍ර.දන්නවද ඒ හැමෝම ආදරේ කරන්නෙ එක්කො සාගර මුදලාලිගෙ පුතාට.....එහෙමත් නැත්තං ක්‍රිකට් ගහන ආශවට.......කිසිම කෙනෙක් හරි මට ආදරේ කරන්නෙ නෑ ඔයා ඇරෙන්න"

"සුදුඅයියෙ අනේ........."

"දන්නවද? එයා මගෙ ෆොටෝස් අරගෙන ඔය හදාගෙන ඉන්නව කිව්ව කලෙක්ෂන් එකට වඩා පත්තර වල එහෙම ඔය ස්කූල් මැචස් ගැන ගිය පත්තර කොල කෑලි එක්කහු කරගෙන අර පොතක් අස්සෙ දාන් ඉන්න නේත්‍රගෙ කලෙක්ෂන් එක මට වටිනව කියල?"

"ස්....සුදු අයියා කොහොමද ඒක දැක්කෙ?"

"ඔයා කොහොම මගෙන් දේවල් හංගන්නද මැණිකෙ? ඊයෙ උණ ගැනුනු වෙලේ ඔයාගෙ කබඩ් එකෙන් ඇදුමක් හොයද්දි ඒක අස්සෙ තිබිලා පොතක් වැටුනා.එවෙලෙ තමා දැක්කෙ මම පත්තර කෑලි ටික"

"................."

"ඔයා කරන ඒ පුංචි දෙයිනුත් මට මහා ආදරයක් දැනෙනවා නේත්‍ර....ඔය මට කැමතියි කියන අය,ආදරෙයි කියන අය මම එදා මැච් එක ප්ලේ කරන වෙලේ මොනාද කරන්න ඇත්තෙ? අනිවාර්යයෙන්ම fb live හරි ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා හරි බලන්න ඇති.ඒත් ඔයා පැය ගාණක් මෙතන වැදගෙන"

"සුදු අයියා මගේනෙ ඉතින්"

"ඒක තමා මගෙ ඉරිසියාකාරයො මම මේ කියන්නෙ....බලන්න කන් දෙකත් රතුවෙලා....හැබැයි ඊලගට මම ගහන මැච් වලදි අඩුම විශේෂම මැච් වලදි ඔයා පැවීලියන් එකේ ඉන්නෝනි නේත්‍ර! මම වෙනුවෙන් චියර් කරන්නෝනි! ප්‍රාර්ථනා කරන්න,ආශිර්වාද කරන්න පන්සලේම ඉන්න ඕනි නෑනෙ.එතන ඉදනුත් පුළුවන්"

"හ්.....හා සුදු අයියෙ"

"මට ඔයාව දකින්න ඕනි නේත්‍ර.....ඔයා නොදන්නවා උනාට ඔයා මගෙ ඇස් මානෙ ඉද්දි ඒක මගෙ හිතට හරි හයියක්.මට මේ ලෝකෙ මගෙ කියලා ඉන්න එකම මනුස්සයා මගෙ ඉස්සරහම ඉන්නවා දකින එක තරම් සතුටක් වෙන තියෙන්නෙ කොහෙද?"

"මම හැමදාම සුදු අයියා එක්ක ඉන්නවා.....අන්තිම වෙනකංම"

තමන්ගෙ අතේ පැටලිලා තිබුණු ආශවගෙ අතේ මතු වෙලා තිබ්බ නහරයක් දිගෙ තමන්ගෙ මාපටැගිල්ල ගෙනියන ගමන් නේත්‍ර මිමිණුවා.ඒත් එක්කම නේත්‍රගෙ පැත්තට නැවිලා ඒ හිස් මුදුනින් තොල් තද කරපු ආශව ආපහු නේත්‍ර එක්ක කතාවකට මුල පිරුවෙ හිනා වෙන ගමන්මයි.

"ආහ්හ්හ්හ්හ්හ්"

ආශවයි නේත්‍රයි දිහා නොබලා ඉන්න පුළුවන් තරම් උත්සාහ කල තෙවින්ගෙ ඇස් දෙක තදට පියවිලා තිබුණා.නේත්‍රව දැක්ක දවසෙ ඉදලා එ මූණෙ තමන් වෙනුවෙන් හිනාවක් එනව බලන්න කොච්චර ආසා උනත් ඒ මූණෙ හිනාව හැමදාම ආශවට වෙන් වෙද්දි තෙවින්ගෙ පිරිමි පපුව පුදුම විදියට ඇදුම් කෑවා.ජීවිතේ මේ වගේ දුකක් කවදාවත් දැනිලා නැති කොට තෙවින්ට මේ වෙලාවෙ පන්සල් වත්තම දෙදරලා යන තරමට කෑගහන්න ඕනිතරමට පීඩනයක් දැනුනා.

හැමදාම තමන් ආසා කරන ආදරේ කරන දේවල් තමන්ගෙන් ඈත් වුණු හැටි දහස් වෙනි වතාවටත් තෙවින් කල්පනා කලා.ඉස්සෙල්ලාම තමන්ගෙ අනික් පලුව උනු අයියා,ඒත් එක්කම අප්පච්චි.පුංචි කාලෙ ඉදන් තනියම හැදුනු තෙවින්ගෙ තනිය මකන්නවත් අම්මා ලග නොහිටිද්දි තෙවින්ට තේරීගෙන එන වයසට එද්දිම තමන්ගෙම ඉස්කෝලෙ උසස්පෙල කරන්න ආව අයියා කෙනෙක් තමන්ගෙ ගෙදර නවාතැන් ගත්තා.අයියා නැති පාළුව ඩිංගිත්තක් හරි ගෙදර නවාතැන් ගත්තු අභිෂේක් අයියගෙන් මැකෙද්දි තෙවින් එයාට සෑහෙන්න කිට්ටු වුණා.

තෙවින්ගෙම වාසනාවට කොළඹම විශ්වවිද්‍යාලයකට තේරුනු අභිෂේක් දිගටම තෙවින්ලගෙ ගෙදර නවාතැන් ගනිද්දි තෙවින් සෑහෙන්න සතුටු වුණා.ඒත් කාලෙත් එක්ක අභිෂේක් උනත් තමන්ගෙ අධ්‍යාපන කටයුතු එක්ක කාර්‍යබහුල වෙද්දි අභිෂේක්ගෙ අතින් උනත් තෙවින්ව මගෑරුනා.ඒ කාල සීමාවෙදි තෙවින්ගෙ වයසයි,තෙවින්ගෙ මානසික මට්ටමයි එක්ක තෙවින් නොගැලපෙන මිතුරු ආශ්‍රෙකට වැටුනත් ඒකෙන් තෙවින්ව ගලවගන්න කෙනෙක් හිටියෙ නැහැ.කාලෙත් එක්ක තෙවින් සෑහෙන්නම විනාස උණු චරිතයක් වුණා.

ඒත් නුවරට පය ගැහුව දවසෙම එක අහිංසක රූපයක් තමන්ගෙ හිත හොල්ලද්දි ඒ අහිංසකයට නොරිදෙන දේවල් විතරක් තමන්ගෙ අතින් වෙන්න ඕනි කියලා තනියම තේරුම් ගත්තු තෙවින් තමන් ඇබ්බැහි වෙලා හිටිය සමහර දේවල් පවා තමන්ගෙන් ඈත් කරන්න ගත්තා.කොලබ ඉන්නකං වල්ගත වෙලා තිබ්බ සිතුවිලි වලින් නේත්‍රට හානියක් වෙන්න බැරි නිසා තෙවින් තමන්ගෙම හිත පාලනය කරගත්තා.ඒ හැමදේම කී කාලෙකට වලංගු වෙයිද කියලා තෙවින් උනත් නොදන්න කොට පුළුවන් කාලෙකට හරි ඒ දේවල් තෙවින් පාලනේ කරගත්තා.

ඒත් තමන්ගෙ ඇස් පනාපිටම ආපහු පාරක් තමන් ආදරේ කරපු දෙයක් තමන්ගෙන් ඈත් වෙනව වගෙ දැනෙනකොට තෙවින්ට ඒ දේ දරාගන්න අමාරු වුණා.ආශව නේත්‍රව ලං කරගෙන ඉන්න හැම වාරෙකම තෙවින්ට ආශවගෙ තැනට යන්න වුවමනා වුණා.ආශව එක්ක නේත්‍ර ආදරෙන් හිනා වෙන හැම වාරයක් ගානෙම තෙවින්ගෙ හිත පුපුරල යනව වගේ හැගීමක් තෙවින්ට දැනෙන්න ගත්තා.ආයෙ පාරක් තමන් තනි වෙන්න එන්නෙ,තවත් විනාස වෙන්න යන්නෙ වගේ හැගීම් තමන්ගෙ වටේ කැරකෙන බව තෙවින්ට තේරුම් ගියා.

ඒ හැමදේත් එක්කම තමන්ගෙ වටේ බැදිගෙන එන ඒ භයානක මකුළු දැලට බය වුණු තෙවින් ජීවිතේ කවදාවත් නොකෙරුව විදියට ඇස් දෙක පියාගෙන බුදු හාමුදුරුවෝ ගැන,උන් වහන්සේගෙ ගුණ ගැන හිතන්න පටන් ගත්තා.ඒත් එක්කම අද නේත්‍ර ආශවට ආශිර්වාද කරද්දි තෙවින්ට ඇහුණු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට තෙවින් හිතින් ආයාචනා කරන්න ගත්තා.

"මට නැතිවුණු ඒ සැනසීම,සතුට කොහොමහරි ලබා දෙන්න දෙවියනේ"

ඇස් දෙක පියාගෙනම හිතුව තෙවින්ගෙ ඒ දැහැන බිදිලා ගියේ තමන්ගෙ කකුලෙ මොකක් හරි පැටලුනා දැනෙනවත් එක්ක.ප්‍රාර්ථනාව කරල ඉවර වුණු ගමන්ම සන්සුන් වෙන්නවත් නොදී තමන්ගෙ බාධා කෙරුව කෙනා කවුද බලන්න කේන්තියෙන් ඇස් ඇරිය තෙවින් දැක්කෙ දත් වහල්ලම එලියෙ දාගෙන බෝ කොලේකුත් අතේ තියාගෙන තමන් දිහා බලාගෙන ඉන්න දිවාෂව.

"යුගාන්?"

"රස කෑමක් හම්බුනා දෙන්නත?"

දිවාෂගෙ කුපාඩිකම් ගැන හොද හැටි දැනන් උන්නු තෙවින් පිටිපස්සට වෙන්න හැදුවත් ඊට කලින් දිවාෂ ඉක්මන් වුණා.බෝ කොලේ උඩින් පරිස්සමට තියාගෙන ආව ගොලුබෙලි පැටියව තෙවින්ගෙ කට ලගට ලං කෙරුව දිවාෂ තෙවින්ගෙ බිරාන්ත වුණු මූණ දැකලා වේලුනු බෝ කොලේ අහකට අරගෙන ඒක ගෙනිහින් ඒ ලග තිබ්බ ආරක්ෂිත හරියකින් තියලා ආවා.

"යුගාන් සත්තුන්ට හුගක් ආදරෙයි වගේ?"

"අප්පෝ නෑ.වෙනදට ගොළුබෙල්ලෙක් දැක්කම පයින් ගහගෙන යන්නෙ.අද පන්සලේනෙ හිටියෙ.ඉතින් සද්ධාව වැඩි වුණා."

දිවාෂගෙ කියවිල්ල දැක්ක තෙවින් මීට විනාඩි ගාණකට කලින් වුණු දේවල් අමතක කරලා දාලා දිවාෂ එක්ක හිනා වුණා.ඒත් එක්කම එතන තිබ්බ කෝට්ටක් අරගත්තු දිවාෂ ඒකෙන් බිම පහුරු ගාන ගමන් තෙවින් එකක් කතාව පටන් ගත්තෙ ආශව එක්ක කුටු කුටු ගාන නේත්‍රයි,දෙවින් එක්ක කුටු කුටු ගාන දෙනෙතුයි දිහා බලාගෙන.අදනම් දිවාෂට එයාල එක්ක කතාවට වැටෙන්නෙ වෙන්නෙ නැති පාටයි.ඒත් එහෙමයි කියලා දිවාෂ පහු බහිනවද? නෑ නෑ....දිවාෂ තෙවින් එක්ක කතාව පටන් ගත්තා.

"බෝධිය දිහා බලන් ඉදලා ඇස් වහගෙන මොනාද හිතුවෙ?"

"යුගාන් මම දිහා බලාගෙන ඉදලා?"

"ඔව් ඉතින්.සසරම එපා වුණු මිනිහෙක් වගේ බකන් නිලාගෙන ඉද්දි ඕනි එකෙක්ට බැලවෙනවා තමා"

දිවාෂගෙ කතාවට හිනා වුණු තෙවින් දිවාෂගෙ කොන්ඩෙ අවුල් කලා.ඒත් එක්කම තෙවින්ගෙ කකුලට අතේ තිබ්බ කෝට්ටෙන් පාරක් දුන්නු දිවාෂ "අල්ලන්න එපා හරිත?" කියලා තෙවින්ට කරපු තර්ජනෙත් එක්ක තෙවින් ආපහු කතාව පටන් ගත්තා.

"හැමදේම නැති වුනාට පස්සෙත්.....මම මොනා කියලා ඉල්ලන්නද යුගාන්?"

"හැමදේම නැති වෙලානම් ඔයා මෙහෙම ඉන්නෙ නෑ අද.ඔයාට කියලා මේ ලෝකෙ මොකක්ම හරි දෙයක් ඉතුරු වෙලා ඇත්තෙ.හැමදේම එක තත්පරේකට හරි නැති වුණා කියලා ඇත්තටම හිතෙන මිනිස්සු තමා අර සූසයිඩ් එහෙම කරගන්නෙ.ඒත් ඔයා එහෙම ගොං වැඩක් කලේ නෑනෙ?"

"තවම නෑ"

"තවම නෑ නෙවෙයි ගෝතයො!!! ඒ වගේ වැඩ කරන්නත් එපා.සූසයිඩ් කියන්නෙ හරි මෝඩ පිලියමක්.හිතන්නකො මෙහෙම.ol results අඩු වුනා කියලා,දැන් ඉගෙන ගත්තා ඇති මෙතනින් එහාට ජීවිතයක් නැතය කියලා හිතලා සමහර ලමයි බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා.ඒත් එයාලා බැරි වෙලා හරි ආයෙ මිනිස්සු වෙලා ඉපදුනොත්? එයාලට ආයෙ එක වසරෙ ඉදලා ඉස්කෝලෙ යන්න වෙනවනෙ?"

"යුගාන් කියන දෙයි ඇත්තක් තියේ තමා"

"ඒත් බුදු බණේ තියෙන විදියට,සූසයිඩ් කරගන්න මිනිස්සුන්ට නැවත මනුස්ස ආත්මයක් ලැබෙන්නෙ නැහැ.මොකද ඒක පර පණ නැසීමක්?"

"පර පණ වෙන්නෙ කොහොමද යුගාන්? අපේ නෙ ජීවිතේ?"

"ඔතන තමා හුගක් අය වරද්දගන්නෙ.....මේ ශරීරෙ මේ ජීවිතේ අපේනම්,හැමදාම අපිට ඕනි විදියටම තියෙන්න එපායෑ.බලන්න අපි ලෙඩ වෙනවා,වයසට යද්දි කොන්ඩෙ හැලෙනවා,හම රැළි වැටෙනවා.ඉතින් මේ ශරීරෙ අපේනම් එහෙම නොවී හැමදාම මේ වගේ තරුණ විදියට ඉන්න එපායෑ? අන්න ඒකයි සූසයිඩ් පර පණ නැසීමක් වෙන්නෙ"

"යුගාන් පුංචි හාමුදුරුවො!!!"

"උබට කිව්වට වැඩක් නෑනෙ පගයා....මම යනවා යන්න හුත්!!!!"

"කෑගහන්න එපා යුගාන්.පන්සලනෙ මේ"

"................."

"මම විහිලුවක් කලේ යුගාන්.ඔයා කතා කරද්දි අහන් ඉන්න ආසයි"

"බටර් එපා හරිත!! දැන් ඔක්කොම එපා වෙලා හැමදේම නැති වෙලා කිව්වෙ මොකෝ?"

"ඒක දිග කතාවක් යුගාන්.....කිව්වොත් ඔයාට බෝරින් වෙයි....."

"තමුසෙට හිතුනු දවසක කියනවකො මට.මම අහගෙන ඉන්නම්"

"හ්ම්ම්ම්ම්"

"කවුරුත්ම නෑ කියලා හිතන්න එපා.සමහර විට තමුසෙට ආදරේ කරන මිනිස්සු මේ ලෝකෙ ඇති"

"සමහරවිටනෙ යුගාන්"

"ඇස් පනාපිටම දෙවින් අයියා ඉන්නවා.ඒකම මදිද? දන්නවද සමහර මිනිස්සු ඉන්නවා කිසිම කෙනෙක්ගෙ ආදරයක් ඇල්මක් නොලැබෙන"

"................"

"පොලියානා පොත කියවල  තියෙද?"

"නැහැනෙ.මොකද්ද ඒ?"

"පුංචි දෙයිනුත් සතුට හොයන ගෑනු ලමයෙක් ගැන තියෙන්නෙ.මම ඒක ගෙනත් දෙන්නම් වෙලාවක.පොඩි ලමයිගෙ පොතක්නෙ කියලා අතෑරලා දාන්න එපා.....ඒක වැඩිහිටියෙක්ට උනත් සුදුසු පොතක් කියවන්න"

"කියන්න බැරිද ඒ කතාවෙන් ටිකක් හරි?"

"වෙන වෙලාවක කියන්නම්.දැන් යන්නත් ඕනිනෙ"

"හ්ම්ම්ම්........."

"ඇස් වහගෙන බෝධියෙන් මොනාහරි ඉල්ලුවද?"

"හැමෝගෙන්ම ඉල්ලුවා.දෙවියන්ගෙනුත් ඉල්ලුවා"

"දෙවියන්ගෙන් ඉල්ලන දේවල් ගැනනම් මම දන්නෑ.ඒත් බෝධියෙන් මොකුත් ඉල්ලන්න එපා"

"ඇයි ඒ?"

"බුදු හාමුදුරුවෝ හැමදේම අතෑරියෙ බෝධි පාමුල වෙද්දි,අපි දේවල් ඒ බෝ පාමුල ඉදන් ඉල්ලන එක හරිද?"

දිවාෂ ඇහුව දේට දෙන්න උත්තරේ තෙවින් කල්පනා කරද්දි ආශව ඇවිල්ලා කට්ටියට යමු කිව්වෙ ගොම්මන් වැටීගෙන එන නිසා.නේත්‍රට කලින් දා උණ තිබ්බ නිසා පින්න වැටෙන්න කලින් ගෙදර යන්න ඕනි කියලා ආශව කියපු නිසා කට්ටියම දඩි බිඩි ගාලා හිටි තැන් වලින් නැගිටිද්දි ඉක්මනට නැගිට්ට දිවාෂ බිම ඉදගෙන හිටිය තෙවින්ට අත දික් කරල තෙවින්ව නැගිට්ටෙව්වා.

ආශව නේත්‍රගෙ ඔලුව උඩින් තමන්ගෙ ලොකු අතක් තියාගෙන ඉක්මන් ගමනින් නේත්‍රව ගෙදර එක්කන් යද්දි,මොකක් හරි බරපතල දෙයක් දෙනෙත්ට පැහැදිලි කරන්න උත්සාහ ගනිමින් හිටි දෙවින් ඊට පිටිපස්සෙන් ඇදුනා.දෙවින්ගෙයි ආශවගෙයි පස්ස පැත්තවල් ඉලක්ක කරලා පාරෙ තියෙන ගල් අහුල අහුල ගහන දිවාෂ ඊටත් පිටිපස්සෙන් ඇදෙද්දි හැමෝටම පිටිපස්සෙන් බිම බලාගෙන ආව තෙවින්ගෙ හිතේ ලොකු දෙයක් වැඩ කරන ගමන් තිබ්බා.

තෙවින්ගෙ හිතේ දිවාෂගෙ වචන දෝංකාර දෙන ගමන් තිබ්බා.

...................................................................................................

වචන 5000+ දෙයියනේ😭😂❤️

ලියන්න ඕනි ඔක්කොම ලියද්දි බර වචන ගානක් වෙලා😪 ආයෙනම් මෙච්චර ලියන්න හොද නෑ😪😂❤️

කම්මැලියි වගේද අද චැප් එක😪❤️

කම්මැලි වෙලා බෑ හරිත? බෞද්ධයෙක් විදියට මම කියලා දෙන දේවල් ඔය ලමයිනුත් අහන්න ඕනි හරිය😾❤️

ඔන්න දෙනෙත් එන්ටර් වුනා කතාවට❤️

දෙවින් තෙවින් දෙන්නගෙයි අනික් අයගෙයි අලුත් පොටෝ වගයක් හම්බුනා👉👈

තෙවින්😾❤️

දෙවින්❤️😾

ආශව😾❤️

දිවාෂ😂❤️

දෙනෙත්😌❤️

නේට්ට🥺😂❤️

ඉතින් අනිවාර්යයෙන්ම අදත් අදහසක් කියාගෙන යන්න❤️

වෝට් කරලා,ලස්සනම ලස්සන කමෙන්ට්ස් දාලා මගෙ මුලු දවසම ලස්සන කරන ඔයාලට ගොඩාක් ආදරෙයි කැමීලියා🥺❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter