Back
Chapter 33

32 කොටස🤍✨

නිවාලන්න මා...

"අපේ මහත්තයා මොකෝ මම කීව දේ ගැන හිතන්නෙ?"

"මැණිකෙ ඔය කිව්වට,අන්තිමේදි උන් අපේ කරේ යන්න එයිද කියලයි මට බය"

"නේත්‍ර කොල්ලා එහෙම එකෙක් නෙවෙයි අපේ මහත්තයා.ඒකා හරි අහිංසකයෙක්නෙ"

"අහිංසකලා තමා මැණිකෙ අංගුලිමාලලා උනේ......පේනවනෙ අපේ සුදු පුතත්.කොයි වෙලේ බැලුවත් ඒකව අස්සට කරගත්තු ගමන්මනෙ"

"සුදු පුතා පුංචි කාලෙ ඉදලා හැදුනෙ වැඩුනෙ ඔය කොල්ලා එක්කනෙ.හිතුවක්කාරයා උනු සුදු පුතා විනාස නොවුනෙම නේත්‍රගෙ ආස්‍රෙට වැටුනු නිසා කියලා මට හිතෙන්නෙ අපේ මහත්තයා..... නසරාණියෙක් එක්ක ආස්‍රෙට වැටුනනම් අපිට සුදු පුතෙක් නෑ මෙලහකට"

"ඒත් ඒකගෙ නාහෙට නාහන ගති නම් අඩු වෙලා නෑ"

"ඒවනම් ලේ වලින්ම එන ගතිනෙ අපේ මහත්තයා"

"මොකද්ද මොකද්ද මැණිකෙ කියන්නෙ?"

මහ මුදියන්සෙගෙ කලබල වුණු මූණ දැක්ක ලොකු මැණිකෙට හයියෙන් හිනා ගියා.ඔසරි පොටෙන් මූණ වහගෙන හිනා වෙන මැණිකෙව දැක්ක මහ මුදියන්සෙගෙ හිතේ තිබ්බ කේන්තිය කලබලේ මොහොතකට හරි අමතක වුණු නිසා මහ මුදියන්සෙත් මැණිකෙත් එක්කම හිනා වෙන්න ගත්තා.

හිනාව අස්සෙන්ම මහ මුදියන්සෙ කල්පනා කලේ මැණිකෙ කිව්ව දේ ගැන.තමන්ගෙ දරුවා උසස්පෙලට තියරි රිවිෂන් පේපර් ක්ලාස් කිය කිය පන්ති දාහකට විතර ගියාට නේත්‍ර ඒ මුකුත්ම නැතිව ගෙදෙට්ට වෙලා ඉන්න වග මහ මුදියන්සෙ දැනගත්තෙ මැණිකෙ කිව්වම.මැණිකෙ නොකිව්වට සුදුපුතා තියරි පන්තියක් නේත්‍ර කොල්ලට කරන වග මහ මුදියන්සෙ දැනන් හිටියෙ දවසක් නේත්‍රට වලව් ඉස්තෝප්පුවෙ තියාන ආශව උගන්න උගන්න හිටිය එක මහ මුදියන්සෙගෙ අතටම අහු වුනු එකෙන්.

නේත්‍ර වැඩකාරයෙක්ගෙ දරුවෙක් උනාට ඉගෙන ගත්තට කමක් නෑ කියන මානසික මට්ටම මහ මුදියන්සෙගෙ හැදිලා තිබ්බා.අතිතෙ ඉදන්ම වලව්වල  වැඩකාරයගෙ පුතා වැඩකාරයමයි කියන සම්මතේ මහ මුදියන්සෙ නේත්‍රගෙ කරට පැටෙව්වෙ නැත්තෙ ඒකා ඉගෙන ගන්න දක්ෂයෙක් බව දැනන් හිටි නිසා.ඉගෙන නොගන්න එකෙක්ව වැඩකාරකමට ගත්තට ඉගෙන ගන්න එකෙක්ගෙ ඇස් පාදගන්න නොදී ඒකවත් අර නරා වලටම තල්ලු කරන්න තරම් මහ මුදියන්සෙ දරුණු වුණේ නැහැ.

ඔය හේතු කරුණු නිසා මහ මුදියන්සෙ නේත්‍රට ඉදලා හිටලා වැඩක් පැවරුවා විනා නේත්‍රව වලව්වට කඹුරන තවත් එකෙක් කරගන්න වෙර දැරුවෙ නැහැ.හැබැයි වලව් මාන්නෙ කියන එක මහ මුදියන්සෙ අමතක කලෙත් නැහැ.තමන්ගෙ උසස් මට්ටම මතක තියාගෙනම කරන උදව්වක් නේත්‍රට කරන්න කියලා ලොකු මැණිකෙට අවසර දුන්නත් නේත්‍ර කියන්නෙ වැඩකාරියෙක්ගෙ ලමයෙක් කියන එක මහ මුදියන්සෙට අමතක කරන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැහැ.

ඉතින් අද උදේම මැණිකෙ නේත්‍රගෙ ඉගෙනීම ගැන කතාවක් ඇදලා අරගෙන නිර්මලාගෙ පඩි වැඩි කරමු කියලා කිව්වෙ නේත්‍රවත් අමතර පන්ති යවන්න උපකාරයක් කරන්න හිතේ තියාන.මහ මුදියන්සෙ මුලදි ඒකට අදිමදි කලත් රිවිෂන් පන්තිවත් යවාගන්න තිබ්බනම් නේත්‍රට උසස්පෙල විභාගෙ කරගන්න ලේසි වෙනවා කියන එක මැණිකෙ මහ මුදියන්සෙට පැහැදිලි කලා.උන්ට මොන විශ්වවිද්‍යාලයද කියලා අහන්න හිතුනත්,මහ මුදියන්සෙ ඒ පහත් සිතිවිල්ල යටපත් කරගත්තෙ කොලඹ මිනිස්සු ගැන හිතලා.

මහ මුදියන්සෙ හැප්පෙන කොළඹ සමාජෙ ගොඩක් දෙනා අතර ඔය කුල මල ප්‍රශ්න තිබුනෙ නැහැ.තමන්ට වඩා දුප්පත් ලමයෙක් කැම්පස් නොයා යුතුයි කියන අදහස කොලඹ බොහොමයක් මිනිස්සුන්ගෙ නොතිබුණා.අර කොතනත් යක්කු ඉන්නවා කියන්නැහේ ඒ අතරින් පතරත් කුහක යක්කු නොහිටියම නෙවෙයි.තමන්ගෙ යටතෙ වැඩ කරන සමහර සේවකයන්ගෙ දරුවො හරි දක්ෂයි කියලා දැනගත්තු ගමන් ඒ සේවකයන්ව රස්සාවෙන් දොට්ට දාලා අර ලමයගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න උත්සාද දරපු,දරන මිනිස්සුත් ඕනිම තරම් හිටියා.

ඔය හේතු කරුණු නිසා මහ මුදියන්සෙ නේත්‍රගෙ ඉගෙනීම ගැන වරදක් නොදකින්න හිත හදාගත්තා.ඒකෙන් කොහෙත්ම කියවෙන්නෙ නැහැ මහ මුදියන්සෙ නේත්‍රව එයාලගෙ මට්ටමට පිලිගත්තා කියන එක.ඒත් අඩුම තරමේ ඒ අහිංසකයගෙ අධ්‍යාපනේට අකුල් නොහෙලා ඉන්න මහ මුදියන්සෙ තීරණේ කලා.හැමවෙලේම මහ මුදියන්සෙගෙ ඔලුවෙ වැඩ කලේ එකම එක දෙයයි.ඒ "නේත්‍ර කවදාහරි තමන්ගෙ සුදු පුතාට හොද,විශ්වාසවන්ත,අවංක සේවකයෙක් වෙයි" කියන එක.

"එහෙනම් මැණිකෙ බලලා නිර්මලාගෙ පඩිය ටිකක් වැඩි කරන්නකො."

"මම අපේ මහත්තයට ගණන් හිලව් කියන්නම්"

"නෑ ඒක ඕනි නැහැ......ම්ම්ම්ම්........ඒක මැණිකෙ කරගන්න පිනක් කියලා හිතාන හැම මාසෙකම පඩියට මැණිකෙ කැමති ගාණක් දාන්නකො.ගණන් හිලව් ඕනි නැහැ මට.මොකද වලව්වට ආදායම එන්නෙ මගෙ ඉඩ කඩම් වලින් විතරක් නෙවෙයිනෙ.....මැණිකෙගෙ දේවලුත් තියෙනවා.ඉතින් මැණිකෙටත් ඒවැයින් කැමති දෙයක් කරගන්න අයිතිය තියෙනවනෙ"

"හොදමයි අපේ මහත්තයා.බොහොම ස්තූතියි"

"මම යනවා මැනිකෙ කාමරේට.නාගෙන කරගෙන කොළබ යන්නෝනි අදත්.දවස් දෙක තුනක් ඉන්න වෙයි එහෙ"

"අපේ මහත්තයා සුදුපුතාගෙ උපන්දිනේ?"

"ඒකත් මැණිකෙම කැමති විදියට ප්ලෑන් කරන්නකො.මමත් එනවා කොහොමත් ඊට කලින්.කොරෝනා ප්‍රශ්න එක්ක 18 හරියට ගන්නත් බැරි උනු එකේ මේක ගමු ලොකුවට"

"හොදයි අපේ මහත්තයා.මහත්තය එහෙනම් නාගෙන එන්නකො.මම යන්න කලින් අපේ මහත්තයට බීලා යන්න තේ එකක් හදාන එන්නම්"

"හොදයි මැණිකෙ"

මහ මුදියන්සෙ වලව්ව ඇතුලට යන දිහා බලන් උන්නු ලොකු මැණිකෙගෙ මූණෙ ඇදුනෙ හරි සැහැල්ලු හිනාවක්.තමන්ගෙම දරුවා නූනත් ආශවට කිසිම අඩුවක් පාඩුවක් නොකල ලොකු මැනිකෙ ආශවව හැදුවෙ තමන්ගෙම දරුවෙක් වගේ.ආශවට තියෙන ආදරේ නිසාම තමන්ගෙ කියලා දරුවෙක්වත් නොහදපු ලොකු මැණිකෙ ආශව මත්තෙම නැහුනෙ තව දරුවෙක් හැදුවොත් ආශවට තමන්ගෙ ආදරෙ බෙදිලා යයි කියලා බය වෙලා.

අම්මා නැතිබව වගේම,වංශෙන් ආව කුපිත දඩබ්බර කම එක්ක ආශව හිතුවක්කාරයෙක් වෙද්දි මැණිකෙ උනත් හිටියෙ කරකියාගන්න දෙයක් නැතිව.තමන්ව දූවිල්ලකටවත් ගණන් නොගන්න තමන්ගෙ පුංචි සුදුපුතා දිහා බලාගෙන ලොකු මැණිකෙ ඉස්සර පුදුම තරම් ඇඩුවා.ඒත් ඒ ඇඩිල්ල ලොකු මැණිකෙ හැමෝගෙන්ම වහං කලා.විශේශෙන්ම මහ මුදියන්සෙගෙන්.අන්තිමේදි තමන්ගෙ ඇඩිල්ලටත් ආශවට ගුටි කන්න වෙයි කියන බයට ලොකු මැනිකෙ හැම දුකක්ම තනියම දරාගත්තා.

කාලෙත් එක්ක ගමට ආව ආශව ගමේදි හම්බුනු පුංචි එකෙක් නිසා ටික ටික වෙනස් වෙන හැටි ලොකු මැණිකෙ බලාන හිටියා.තමන්ව ගනන්වත් නොගත්ත සුදු පුතා තමන්ට ටිකෙන් ටික පුංචි අම්මෙ කියන්න හුරු වුණු හැටි මතක් වෙද්දිත් ලොකු මැණිකෙගෙ ඇස් කදුලු වලින් තෙත් වුණා.හිතුවක්කාර දඩබ්බර කොල්ලෙක් උනු ආශව අඩුම තරමෙ තමන්ගෙ වටේ ඉන්න මිනිස්සුන්ට හරි ආදරණීය මනුස්සයෙක් වුණු හැටි ලොකු මැණිකෙ හැමදාම බලාගෙන හිටියා.

ඒ හැමදේටම මුල අර පුංචි කොල්ලා වෙද්දි ලොකු මැණිකෙ කවදාවත්ම ඒකව ආශවගෙන් වෙන් කරන්න කැමති වුනේ නැහැ.ආශවගෙ කේන්තිය පාලනේ කරන්න,ආශවගෙ කදුළු පාලනේ කරන්න,ආශවගෙ මූණට හිනාවක් ගේන්න පුළුවන් එකම කෙනා නේත්‍ර වෙද්දි ලොකු මැනිකෙ පුලුවන් තරන් නේත්‍රව ආශවට කිට්ටුවෙන්ම තියන්න උත්සාහ ගත්තා.වලව්වෙ තිබ්බ පරම්පරාගත මාන්නෙට වඩා තමන්ගෙ සුදු පුතාගෙ ජීවිතේ,සැනසීම ලොකු මැණිකෙට වැදගත් වුණා.

ඔය කරුණු නිසාමයි ලොකු මැණිකෙ මුල ඉදන්ම පිලිවෙලකට වැඩ කරන්න ගත්තෙ.නේත්‍රවත් කොහොමහරි ආශව යන ඉස්කෝලෙටම ඇතුල් කරපු ලොකු මැණිකෙ නේත්‍රව ආශවව පාසල් වලින් එකම මට්ටමේ තිබ්බා.ඊලගට විශ්වවිද්‍යාල ඇතුල්වීම.ආශව කොහොමත් උසස්පෙල හොදට සමත් වෙන බව දැනන් උන්නු ලොකු මැණිකෙට කොහොමහරි නේත්‍රවත් ඒ වගේම සමත් කරවන්න ඕනි කමක් තිබුණා.මොකද විශ්වවිද්‍යාල අවුරුදු හතරෙ පහේ උනත් නේත්‍ර ආශව ලගින් ඉන්නවනම් ආශව විනාස නොවෙන බව ලොකු මැණිකෙ තේරුම් අරගෙන හිටියා.

කුලෑටියෙක් වුණු නේත්‍රටත් ආරක්ෂාව තියෙන්නෙ ආශව එක්ක ඉද්දි කියන එකත් ලොකු මැනිකෙ වටහාගෙන තිබ්බා.ආශවගෙ අනාගත හීන තියෙන්නෙ ගම් මට්ටමෙන් නෙවෙයි කියන එකත් ඒක රාජ්‍ය,ජාත්‍යන්තර මට්ටමෙන් කියන එකත් දැනන් හිටිය ලොකු මැණිකෙට ආශවගෙ පිටිපස්සෙන් ආශවගෙ ශක්තිය උනු නේත්‍රව රදවන්න ඕනි වුනා.නේත්‍ර ඉන්න තාක් ආශවවත්,ආශව ඉන්න තාක් නේත්‍රවත් නොවැටෙන බව දැනන් හිටිය ලොකු මැණිකෙ ඉලන්දාරි දෙන්නගෙ ඒ බැදීමට නමක් නොදී හිටියෙ අනාගතේ මොකක් උනත් භාරගන්නවා කියන දැඩි තීරණේ එක්ක.උගත් කාලීන දැනුමක් තියෙන ගෑනියෙක් වුණු ලොකු මැණිකෙ තමන්ගෙ සුදුපුතා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පසුබට වෙන එකක් නැහැ!!!

.

.

.

.

.

සිංහවංශ වලව්වෙ හිටිය ඉලන්දාරියො දෙන්නෙක් අතරෙ මේ වෙලාවෙ තිබ්බෙත් සීතල යුද්ධයක්.ඊයෙ රෑ ඉදන් පටන් ගත්ත අඩව්ව තවමත් ඉවරයක් නැති කොට ඒ යුද්දෙ දිහා බලාන හිටිය තෙවින්ගෙ ඔලුවනම් මේ වෙද්දි විකාරම වෙලා ගිහින් තිබ්බා.මේ උදේ පාන්දරත් ගේ අස් කරන මුවාවෙන් දෙනෙත් හිටිය කාමරේට ගිය දෙවින් පස්සත් අත ගගා එලියට එද්දි තෙවින් නම් බලාගෙන හිටියෙ සසරම කලකිරුණු ස්වභාවෙකින්.ජීවිතේට කොස්සක් අල්ලලා නොතිබ්බ දෙවින්,උදේම කුසුමා අම්මා වලව්ව අතුගෑව එකත් අමතක කරගෙන දෙනෙත්ගෙ කාමරේට රිංගලා තිබ්බා!!!

ඉතින් මේ වෙලාවෙත් තෙවින් කම්මුලකටත් අත තියාගෙන බලාගෙන ඉන්නෙ සිංහවංශ පවුලෙ අනාගත සාඩම්බර උරුම දෙකෙන් වැඩිමල් උරුමෙ බණ්ඩාර පෙලපතේ කොල්ලෙක් ඉස්සර පීචං වෙන හැටි.තවම එක පාන් කෑල්ලක්වත් නොකා හිටිය දෙවින් බටර් ගගා පාන් පෙති දෙනෙත්ට පුදන ගමන් හිටියා.දෙනෙතුත් වගේ වගක් නැතිව ඒවා කද්දි තවත් උද්දාමෙට පත් වුණු දෙවින් තව තව පාන් පෙති පිරෙව්වා.

"මට ඇති.ඔයා කන්න දැන්"

බලාගෙන ඉන්න බැරිම තැන දෙනෙත් දෙවින්ට කියද්දි දෙනෙත් දිහා බලාගෙන දත් වහල්ලම පෑව දෙවින් ඔලුවත් ටිකක් පාත් කරගෙන දෙනෙත්ට උත්තර දුන්නා.

"කන්න අනේ තව ටිකක්.ඔය චුට්ටක් මහත් වුණා කියලා මොකුත් වෙන්නෑ"

"ඔව් එතකොට පුලුවන්නෙ අර "හේයි හැන්ඩ්සම්" එක්ක මගුල් නටන්න.කෝ අහකට වෙනවා දෙවින්.මම යනවා එලියට.තෙවින් ඔයා කාලා එනවද එලියට? මට ටිකක් ගමේ ඇවිදින්න ඕනි"

"ඕකේ"

දෙවින්ව පස්ස පැත්තෙන් යන පඩේකටවත් ගනන් නොගත්තු දෙනෙත් තෙවින්ට කතා කරල කෑම මේසෙන් නැගිටලා යද්දි ඇස් දෙක ලොකු කරගත්තු තෙවින් දෙවින් දිහා බැලුවෙ අර දෙනෙත් කිව්ව අමුතු කතාව මොකද්ද කියලා දැනගන්න තිබ්බ උවමනාවට.දෙනෙත්ගෙ පිගානෙ තිබ්බ බටර් ගාපු පාන් පෙති ටික ගත්තු දෙවින් ඒ ටික යකා නැගලා වගේ කටේ ඔබාගනිද්දි තෙවින් පාඩුවෙ කන්න ගත්ත්‍ර් තව ටිකකින් දෙවින් කතා කරනවා කියලා දන්න නිසා.

"බාබයිගා යකින්න වගේනෙ මූ බලන් ගියාම.....පන්න පන්න කන්නෙ"

"කවුද? දෙනෙත්ද?"

"හැව්....ජෙනෙච් චමා"

"අයියා යුගාන් එක්ක ඉදලම ඒ විදියට කතා කරන්න අරගෙනද කොහෙද?"

තෙවින් ඕපදූප ඇහිල්ල පැත්තක තියලා හිනා වෙද්දි දෙවින් හයියෙන් හුස්ම උඩ පහල දාන ගමන් සන්සුන් වෙන්න උත්සාහ කලා.

"මොකද්ද උනේ අයියෙ? මොකද්ද අර ගෑනු ලමයගෙ කතාව?"

"දෙනෙත් මාත් එක්ක ගොඩක් කාලෙක ඉදන් එච්චර හිත හොදකින් නෙවේ ඉන්නෙ"

"ඒ? දෙනෙත් එහෙම කොල්ලෙක් නෙවෙනෙ? පුංචි කාලෙත් තමුසෙගෙන් බැනුම් අහ අහ පස්සෙ වැටීගෙනමනෙ හිටියෙ?"

"මගෙන් වැරැද්දක් උනා දෙනෙත්‍ට.....එදායින් පස්සෙ කතා කලත් ඉස්සර වගේ නැහැ ඒකා"

"වරදක් උනා කිව්වෙ? දෙයියනේ අයියෙ!!!!"

තමන්ගෙ පපුවට අත තියාගත්තු තෙවින් ඇසුත් ලොකු කරගෙන හයියෙන් හුස්ම උඩ පහල දාද්දි තෙවින්ගෙ රගපෑම දිහා ටික වෙලාවක් බලාන උන්නු දෙවින් තමන්ගෙ ඇස් දෙක රෝල් කරන ගමන් පාන් පෙත්තකින් තෙවින්ට දමලා ගැහුවා.ඒත් එක්කම දෙවින් පුංචි කාලෙ එයාගෙ අතින් දෙනෙත්ට උනු හිත් රිදවීම ගැන කියද්දි තෙවින් ඒක සාවධානෙන් අහගෙන හිටියා.

"තමුසෙ ඊට පස්සෙ දෙනෙත් එක්ක කතා කලේම නැද්ද?"

"කලා.....ඒත් දෙනෙත් අද වෙනකංවත් මට අවස්ථාවක් දුන්නෙ නැහැ ඒකට එයාගෙන් සමාව ගන්න......"

"එතකොට මොකද්ද අර කෙල්ලෙක්ගෙ සීන් එක?"

"අයියෝ අර කරුම පත්තු වෙද්දි පන්න පන්න පලදෙනවා වගේ ඊයෙ රෑ මම දෙනෙත් එක්ක හොදින් කතාවක් පවත්තගෙන ගියා"

"ඉතින්?"

"ඉන්ස්‍ට එකේ ඊයෙ ස්ටෝරියක් දැම්මනෙ මම පන්සල් ගිය එක....ඒකට එකියක් එව්ව රිප්ලයි එක තමා ඔය.කරුමෙටම දෙනෙත් ඒ ලගම තිබ්බ මගෙ ෆෝන් එක ඔන් කලා වෙලාව බලන්න.එතකොට නොටිෆියක් ඇවිත්"

"අයියෝ බං......කවුද කෙල්ල?"

"දන්නෑ ඕයි.කීයක්නම් කියලා එනවද?"

"තමුසෙ ගිහින් ටිකක් කතා කරනවකො බලන්න දෙනෙත් එක්ක දැන්.......මම මෙහෙන් ඉන්නම්"

තෙවින්ගෙ උපදෙසත් එක්ක දෙවින් හෙමීට වලව්වෙන් එලියට ඇදෙද්දිත් දෙනෙත් වලව්වෙ කොනකට වෙන්න හදලා තිබ්බ ඔංචිල්ලාව උඩට වෙලා පැද්දි පැද්දි හිටියා.දෙනෙත්ගෙ මූණෙ තිබ්බෙ හරි හිස් හැගීමක්.පුංචි කාලෙ තමන්ගෙ පස්සෙන් වද දිදී එන කොල්ලට හාත්පසින්ම වෙනස් චරිතයක් දැන් දෙනෙත්ගෙන් පේන්න තියෙද්දි ඒ වෙනසට හේතුව තමන් කියලා දෙවින් හැමතිස්සෙම තමන්ටම දොස් නගාගත්තා.හෙමීට දෙනෙත්ගෙ පිටිපස්සට කිට්ටු වුණු දෙවින් දෙනෙත්ගෙ උරහිසෙන් අත තියද්දි දෙනෙත් ගැස්සිලා වගේ පිටිපස්ස බැලුවත් ඒ ඇවිත් ඉන්නෙ දෙවින් කියලා දැක්කට පස්සෙ ආපහු පාරක් ඉස්සරහට හැරුණා.

"දෙනෙත් තරහද මාත් එක්ක?"

"තරහා වෙන්න තරම් හොද යාලුකමකුත් අපේ අතරෙ තිබ්බෙ නෑනෙ දෙවින් නේද?"

"අහ්හ්හ්.......මේහ්,ඊයෙ අර ආව මැසේජ් එක......."

"ප්ලීස් දෙවින්,ඒ ගර්ල් ඔයාගෙ කවුරු උනත් මට ප්‍රශ්නයක් නැහැ.ඔයාගෙ ලයිෆ් එක,ඔයාගෙ තීරණ.ඒවට අත දාන්න මට අයිතියක් නෑනෙ"

"දෙනෙත් ලිස්න්ට්......."

"ප්ලීස් දෙවින්.....ප්ලීස්"

"මට ඒත් දෙනෙත්ගෙන් අහන්න දෙයක් තියෙනවා"

"ම්හ්?"

"දෙනෙත්ට බැරිද මට ආයෙමත් 'මගෙ මනමාලයා' කියලා කතා කරන්න?"

"වදයක් වෙන්න එපා දෙවින්"

දෙනෙත් අපූරුවට දෙවින්ගෙ කනට අතින් පාරක් නොගහා වචන වලින් පාරක් ගහලා එතනින් යද්දි දෙවින් එකපාරක්වත් දෙනෙත් දිහා නොබලා ඉස්සරහ බලාගෙන හිටියා.පුංචි කාලෙ තමන් කිව්ව වචන ටික ආපිටම දෙනෙත්ගෙ කටින් පිටවෙද්දි දෙවින්ට දැනෙන්න ගත්තෙ එදා තමන් කරලා තිබ්බ වැරැද්දෙ බරපතලකම.දෙවින්ගෙ ඇස් වලින් කදුළු කැට වැටෙන්න පොර කද්දි ඒවා වැටෙන්න නොදී දරාගත්තු දෙවින් හිත හයිය කරගත්තෙ කොහොමහරි තමන් දෙනෙත්ව ආපහු පරණ මට්ටමට ගෙන්න ගන්නවා කියන අධිෂ්ඨානයත් එක්ක.සමහරවිට දෙවින් නොකිව්වට දෙවින්ගෙ හිතේ විශේශ ඉඩක් දෙනෙත් වෙනුවෙන් වෙන් වෙලා ඇති.

...................................................................................................

"කෝ සුදු අයියේ......අනේ කිචි මට......මේ හොද්ද හැලෙයි දෙයියනේ"

"හොද්ද හැලුනු දෙන් අනේ.....ඒ වගේද මගෙ වැඩේ"

"අහ්හ්.....අනේහ්....සුදු අයියෙ.....අනේ කෝ......අනේ කිචි සුදු අයියෙ"

නේත්‍ර හිටියෙ තමන්ව පිටිපස්සෙන් තුරුල් කරගෙන තමන්ගෙ බෙල්ලෙ නහය ගාව ගාව හුරතල් වෙන ආශවව ආම්බාන් කරන ගමන්.දවාලත් පහු වෙලා හවස් වෙන්න කිට්ටු වෙලාවක නේත්‍රව හොයාන ගෙදෙට්ට දුවගෙන ආව ආශවට අවේලාවෙ ලොකු බඩගින්නක් හැදිලා තිබ්බා.තේ බොන වෙලාවත් කිට්ටු උනාට නේත්‍ර දවසක් හදලා දුන්නු අමුතු ජාතියෙ හොද්දක් එක්ක බත් කන්න ඕනි වෙලා තිබ්බ ආශව තමන්ගෙ ආසාව කිව්ව ගමන්ම ක්‍රියාත්මක උනු නේත්‍ර දඩිබිඩි ගාලා ඒ කෑම එක හදන්න ගත්තා.

ජීවිතේට පොල් ටිකක් ගාලා නොතිබ්බ ආශව ජීවිතේ පලවෙනි වතාවට නේත්‍රගෙන් අහගෙන පොල් ගාන්න ගත්තෙ නේත්‍රට උදව් කරන්න තිබ්බ උවමනාවට.නේත්‍ර කොච්චර එපා කිව්වත් ඒ දේවල් නාහපු හිතුවක්කාර ආශව හැමදාම වගේ අදත් තමන්ට ඕනි දේ කරද්දි පැත්තකට වෙලා හාල්මැස්සො හෝද හෝද හිටි නේත්‍ර ආශව දිහා බලාගෙන හිටියෙ හරි ආදරෙන්.

"මේ බලන්නකො නේත්‍ර.මම පොල් ගාලත් ඉවරයි"

"අනේ....සුදු අයියා ශෝක් එකට පොල් ටික ගාලනෙ"

විනාඩි පහෙන් නේත්‍රට ගාගන්න තිබ්බ පොල් ටික පැය කාලක් විතර අරගෙන ගෑව ආශවගෙ දක්ෂකම කොච්චරද කියනවනම් අපූරුවට පොල් බෑයෙ වටේ පොල් ටික ඉතුරු වෙලා තියෙද්දි මැද්දෙ ටික විතරක් ගෑවිලා මැටි කෝප්පෙ ඇතුලට වැටිලා තිබ්බා.ඒත් ඒකට මුකුත්ම නොකිව්ව නේත්‍ර ලස්සනට හිනා වෙලා ආශවව හොදට පැසසවලා පොල් ටික අතට ගද්දි ආශව කුස්සියෙ තට්ටුව උඩින් ඉදගත්තෙ හරි උජාරුවෙන්.

හාල් මැස්සො ටික හෝදලා අත් සබන් දාලා හෝදගත්තු නේත්‍ර ඒ ටික මැටි ඇතිලියකට දැම්මා.ඒත් එක්කම නේත්‍රට කෑගැස්සුනේ ආශව කරන්න හැදුව දේ දැකලා.

"දෙයියෝ!!! සුදු අයියෙ කෝ ඕක පැත්තකින් තියන්නකො.අනේ කැපෙයි දෙයියනේ සුදුඅයියව"

අඹ ගෙඩියක් අතට අරන් හිටපු ආශව අඹ ගෙඩියට පිහිය අමෝරගෙන හිටිය හැටි දැක්ක නේත්‍ර ඉක්මනටම ආශව ලගට ගිහින් ආශවගෙ අතින් පිහිය ගත්තා.ඕක ආශව කලානම් එහෙම අද මෙතන කපාගෙන,බේත් දාගෙන එකම ජවුසමක් නටන්න වෙන බව නේත්‍ර හොදටම දැනගෙන හිටියා.අතට පයට හැමදේම කරලා දෙන්න සේවකයො ඉන්න ආශව කොහොම කියලා මේ වගේ දේවල් කරන්නද? නේත්‍රට උදව් කරන්න උවමනාව තිබ්බ නිසා උදව් කරන්න හැදුවට ඇත්තටම ආශව කුස්සියෙ කිසිම වැඩක් දැනගෙන හිටියෙ නැහැ.

ආශවගෙ අතින් අඹ ගෙඩියයි පිහියයි ගත්තු නේත්‍ර දඩි බිඩි ගාලා අඹ ගෙඩිය සුද්ද කරලා ඒක සාමාන්‍ය ප්‍රමානෙ තීරු වලට කපලා වෙනම භාජනේකට දාලා එලියට ගියේ කොච්චි කරලක් දෙකක් කඩාගෙන එන්න කියලා හිතාගෙන.ඒ එද්දිත් ලුණු බෝතලේ උකුලෙ තියන් හිටි ආශව අර සුද්ධ කරපු අඹ ටික කන්න පටන් අරගෙන.ආශව දිහා බලලා හිනා වුණු නේත්‍ර මුකුත්ම නොකියා ගෙදර එලවලු තියෙන කූඩෙ තිබ්බ තව අඹ ගෙඩියක් අරගෙන සුද්ධ කරලා කෑලි කපන්න ගත්තෙ ආශවව බලාගැනිල්ල පොඩි ලමයෙක්ව බලාගන්නවා වගේනෙ කියලා හිතන ගමන්.

ලිප ගිනි මොලවපු නේත්‍ර අර කපපු අඹ ටිකයි,හාල්මැස්සො ටිකයි එකම ඇතිලියකට දාලා මිරිකපු දිය කිරි වලින් ඩිංගිත්තකුත් දාලා ඒක ලිපේ තිබ්බා.ලිපේ තිබ්බට පස්සෙ කපාගත්තු ලූණු ටිහකුයි,මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලුණු කුඩු ටිහකුයි ඒකට එකතු කරලා බලාගෙන හිටියෙ අඹ හාල්මැස්සො ටික තැම්බෙනකං.

විනාඩි කීපයක් ගත වෙද්දි අඹ ටික කාලා ඉවර කෙරුව ආශව එහෙමම්ම ඇවිල්ලා නේත්‍රව පිටිපස්සෙන් තුරුල් කරන් නේත්‍රගෙ උරහිසකට ඔලුව බර කර ගනිද්දි ආශවගෙ ඔලුව අතගෑව නේත්‍ර අර තැම්බිලා ඇති කියලා හිතුනු අඹ හාල්මැස්සො ටිකට ඉතිරි දිය කිරි ටික එක්කාසු කලා.පොල් කටු හැන්දෙන් හැදිගාලා හොදි බිදක් අල්ලට අරගෙන රස බැලුව නේත්‍ර ආශවවත් කරේ එල්ලගෙන කුස්සියෙ සින්ක් එක ලගට ගිහින් අත හෝදගෙන ඇවිත් ආපහු පාරක් හොද්දට මදි පාඩු එක්කලා.

හොද්ද නටාගෙන එද්දි මිටි කිරි ටිකයි,මිටිකිරි එකටම එකතු කරලා හොදට පොඩි කරලා තිබ්බ රතු ළූනු ටිකයි කරපිංචා ටිකයි ඇතිලියට දැම්ම නේත්‍ර පලලා තිබ්බ කොච්චි කරල් තුන හතරත් හොද්දට එකතු කලා.හොද්ද නටාගෙන එන නිසා ඒක කැටි නොගැහෙන විදියට හැදිගාන්න ගනිද්දි ආශව ආශවගෙ නාහෙ නේත්‍රගෙ බෙල්ලෙ ගාව ගාව හුරතල් වෙන්න ගත්තු නිසා නේත්‍රට එක විදියකට හොද්ද හැදි ගාගන්නවත් බැරි උනා.

අන්තිමේ ලොකු පරිශ්‍රමයක් දරලා හොද්ද හදලා ඉවර වෙද්දි කලින් ඉදන්ම ලිපේ ඉදුණු බත් ටිකත් හරි ගානට හැදිලා අවසන් වෙලා තිබ්බා.පිගානකට බත් ටිකයි අර හොද්දයි බෙදාගත්තු නේත්‍ර ඒක සතුටින් ආශවට දුන්නත් ආශව හරිම කපටි විදියට කට අරිද්දි ආශවට හිනා වුණු නේත්‍ර අත හෝදගෙන එන්න ගියේ පිගානත් ආශවට දීලා.

අරලිය ගහ යට බංකුවෙ ඉදගත්තු ආශව තමන් ලගට ආව නේත්‍රට බත් පිගාන දීලා කට ඇරලා හිනා වුණා.හොදි යහමින් දාලා බත් කටවල් ඇනුව නේත්‍ර ඒවා ආශවට කවද්දි කෑම එක රහ කර කර කෑව ආශවගෙ ඇස් දෙක හරි සතුටින් දිලිසුණා.

"රසයිද සුදු අයියෙ?"

"මාරම රහයි නේත්‍ර....ම්ම්ම්ම්......මම කෑව රහම කෑම හදන්න පුළුවන් ඔයාට"

"අනේ"

"ම්ම්ම්......බත් මරන්න පුළුවන් මේක එක්ක.කෝ නේත්‍රත් කටක් කන්න"

"අවේලාවෙ කාලා හුරු නෑ සුදු අයියෙ.දවල්ට කෑවයින් පස්සෙ ආයෙ රෑටම තමා කන්න පුළුවන්"

"ම්ම්ම්ම්.......තව බත් කතහැකි"

"තව බත් ඩිංගක් බෙදාන එන්නද සුදු අයියෙ?"

"හා.......අර ගොල්ලොත් ඒව්නෙ ටිකකින් පහලට යන්න.දෙනෙතුත් ඉන්න නිසා අනිවාර්යයෙන්ම එයි"

ආශවට පිගානෙ තිබ්බ අන්තිම බත් කටත් කැව්ව නේත්‍ර කුස්සියට දුවලා ගියේ මුට්ටියෙ තිබ්බ අනික් බත් ටිකත් බෙදන් එන්න.මොකද තව ටිකකින් කට්ටිය එක්ක පහලට යන්න ඕනි නිසා ඉක්මනටම බත් ටික කවලා ඉවර කරන්න ඕනි කියලා නේත්‍ර තීරණේ කලා.නැත්තං යන්න පරක්කු වෙනවනෙ.

.

.

.

.

.

"එතකොට තෙවින් කරන්නෙ ආට්?"

"ඔව් දෙනෙත්.මට මියුසික් පැත්තෙන් ඉස්සරහට යන්න ඕනි.ඒ නිසා ආට් කරනවා"

"බඩකිනි නැත්ත අනේ ඔයාලට? මට ඉන්න බෑ බඩකිනියි"

වත්ත පහලට රැස් වුණු ඉලන්දාරි ටික කයිවාරු ගගහා ඉද්දි ලොකූ ඈනුමක් ඇරිය දිවාෂ කියද්දි අනික් අය හිනා වුණා.දිවාෂගෙ අතට සල්ලි දුන්නු ආශව කට්ටියටම කන්න මොනා හරි ගේන්න කියලා කියද්දි උඩ පැන්න දිවාෂ හැරුණෙ තෙවින්ගෙ පැත්තට.

"තවුසෙත් එනවා මා එක්ක යන්න"

දිවාෂ කියද්දි හිනා වුණු තෙවින් ඉදගෙන හිටි තැනින් නැගිට්ටත් දිවාෂගෙ ඔලුවෙ වැඩ කල දේ තෙවින් දැනන් හිටියෙ නැහැ.මෙතනට ආව වෙලේ ඉදන්ම තෙවින්ගෙ ඇස් කැරකෙන්නෙ නේත්‍රගෙ පැත්තට කියලා දැක්ක දිවාෂට ඕනි වුණේ ටික වෙලාවකට හරි තෙවින්ව මෙතනින් එක්කගෙන යන්න.ආශව නේත්‍රගෙ කනේ මලක් ගහන සිහියෙන් හිටිය නිසා තෙවින් ගැන අවධානයක් නොවුණත් දිවාෂනම් හිටියෙ හොද අවධානෙන්.තෙවින් මේ කරන්න යන දේ ගැන දිවාෂගෙ හිතේ නම් තිබ්බෙ ලොකු අවුලක්.

ආශව කියන්නෙ ආශව ආශ්‍රේ කරන යාලුවො කීපදෙනාට ඇත්තටම ආදරේ කරන චරිතයක් කියලා දිවාෂ දැනගෙන හිටියා.ආශවගෙ වටේට ආශව රැස් කරගන්න පිරිස සෑහෙන්න අඩු වෙද්දි හුගක් අය හිතුවෙ ආශව කියන්නෙ දැඩි ආඩම්බරකාරයෙක් කියන එක.ඒත් ආශව තමන්ට සුවපහසුවක් සලසන මිනිස්සුන්ව විතරක් ලං කරගන්න කෙනෙක් කියලා දැනගෙන හිටියෙත් ආශවගෙ යාලුවො කීප දෙනා විතරයි.ඒ හැමදේමත් එක්ක තෙවිනුත් ආශවගෙ යාලුවෙක් වෙද්දි තෙවින්ගෙ මේ වැඩත් එක්ක ඒ යාලුකම් වලට මොනා වෙයිද කියලා දිවාෂට හිතාගන්න එක අමාරු වුණා.

ආශවට යාලුවො කොච්චර නම් වටිනවා උනත් නේත්‍ර කියන චරිතෙ එක්ක ඒ හැමෝමවම දෙවනි තැනට දාන්න ආශව පසුබට වෙන්නෙ නෑ කියලත් දිවාෂ දැනන් හිටියා.ඒකට හේතුව වෙන මුකුත්ම නෙවෙයි.ආශව පුංචි කාලෙ දෙවින් තෙවින් එක්ක ජීවත් වුණත් ඒ කිසිම කෙනෙක්ට ආශවව තේරුම් ගන්න ටිකක් අමාරු වුණා.යාලුවො විදියට ආශ්‍රේ කලා මිසක් ඒ කිසි කෙනෙක්ට නේත්‍ර කලා වගේ ආශවට බලපෑම් කරන්න,ආශවව වෙනස් මිනිහෙක් කරන්න පුළුවන් වුණේ නැහැ.

පලවෙනි දවසෙ තමන්ව තල්ලු කරලා දාපු දුෂ්ඨ ආශව ටිකෙන් ටික වෙනස් වෙන හැටි දිවාෂ සියැසින්ම දැක්කා.මිනිහෙක්ගෙ කදුලක් ගැනවත් ගානක් නොවුණු ආශව නේත්‍රගෙ ඇහෙන් කදුලක් නොවැටෙන විදියට වැඩ කල හැටි දිවාෂ දැක්කා.දෙවින් කිව්ව විදියට කොලඹ ඉද්දි කොල්ලන්ට ලේ පෙරෙන්න ගැහුව ආශව නේත්‍රගෙ ඇගිල්ලෙන් ආව ලේ බින්දුවකට බය වුණු හැටි දිවාෂ දැක්කා.කිසිම කෙනෙක් කියන දෙයක් නාහන ආශව නේත්‍ර කියන දේවල් පිලිපැද්ද හැටි දිවාෂ දැක්කා.එදා නේත්‍රගෙ ඔලුව පැලිලා තුවාල වුණු දවසෙ මහ රෑ තමන් ගැනවත් නොහිතලා නේත්‍රව ඒ අත් දෙකෙන් උස්සගෙන වලව්වට ආව ආශව ගැන දෙවින් කිව්ව දේවල් දිවාෂට මතක් වුණා.

ඒ හැමදේමත් එක්ක තනි කළු පාට වෙලා තිබ්බ ආශවගෙ ජීවිතේ පාට පාටින් පාට කලේ නේත්‍ර කියන එකත් දිවාෂ දැනන් හිටියා.ඉස්සර ආසාවකටවත් හිනා නොවුණු ආශව නේත්‍රව හම්බුනු දවසෙ ඉදලා ලස්සනට හිනා වෙන බව දෙවින් කිව්ව හැටි දිවාෂට මතක් වුණා.ඒත් දිවාෂ ඒ හිනාව මුල ඉදන්ම ආශවගෙන් දැක්කා.මොකද දිවාෂට ආශවව හම්බෙද්දිත් ආශව නේත්‍රව ලං කරගෙන ඉවර වෙලා තිබුණා.

නේත්‍රගෙ එක බැල්මකිනුත් නිවෙන ආශවගෙ එකම හයියත් නේත්‍ර කියන එක දිවාෂ දැනන් හිටියා.ආශව නේත්‍රට ආදරේ කරන තරමටම නේත්‍රත් ආශවට ආදරේ කරනවා කියන එකෙත් දිවාෂට සැකයක් තිබුනෙ නැහැ.දෙන්නට දෙන්නා තරම් වටින කිසිම කෙනෙක් නෑ කියලත් දිවාෂ තේරුම් අරගෙන හිටියා.ආශවගෙ පණ නේත්‍ර වෙද්දි නේත්‍රගෙ පණත් ආශව වුණා.

ඔය හේතුත් එක්ක තෙවින්ගෙ හිතේ නේත්‍ර ගැන තමන් සැක කරනව වගේම අදහසක් තියෙනවනම් ඒවා කොහෙන් කෙලවර වෙයිද කියලා දිවාෂට හිතාගන්න බැරි වුණා.එක පැත්තකින් දෙවින් තෙවින්ගෙ අයියා වෙද්දි අනික් පැත්තෙන් දෙවින් ආශවගෙ පණ වගේ ඉන්න යාලුවා වුණා.නේත්‍ර ගැන තෙවින්ගෙ හිතෙත් කැමැත්තක් තියෙනවනම් ආශව මොනා කරයිද කියලා දිවාෂට තේරුනේ නැහැ.මුලින්ම තෙවින්ට අවවාද කරයි.නුමුත් තෙවින් ඒ ගැන නෑහුවොත්?

දිවාෂට ඒ ගැන හිතන්නවත් වුවමනාවක් තිබුනෙ නෑ.මොකද දිවාෂට මතක් වුණේම රධීන් තුවාල වෙන්නම ආශවගෙන් ගුටි කෑව හැටි.ol නිවාඩුවෙදි මහීල්ගෙ අතක් කැඩිලා තිබ්බ හැටි.මහීල්ගෙ අත කැඩෙන්න කලින් දවසෙ හවස ආශව මහීල්ගෙ ගෙදර තියෙන තැන ආර්යගෙන් අහගත්තා කියලා ආර්ය කිව්ව එක මතක් වෙලා දිවාෂගෙ ඇගත් එක්ක කිලිපොලා ගියා.මොකක් උනත් මේ ගැන තමන් ඇහැ ගහගෙන ඉන්න ඕනි කියලා තීරණේ කෙරුව දිවාෂ තෙවින් එක්ක කඩේට යන්න පිටත් වෙලා ආපහු හැරිලා ආවා.

"දෙවින් පණ,මට මොනාහරි ගන්න කීයක් හරි දෙනවකො"

"ඇයි දැන් මම දුන්නු ටික මදිද දිවාෂ? ඉන්න මම දෙන්නම්"

"උබෙන් එපා ආසව.දෙවින් පණගෙන් තමා ඕනි.මට ලැජ්ජාවක් නැතුව ඕනි ඕනි දේවල් ගන්න පුලාම් දෙවින් පණගෙ සල්ලි වලින් තමා"

දිවාෂගෙ වැඩ වලට හැමෝටම හිනා යද්දි දෙවින් දිවාෂගෙ අතට සල්ලි ටිකක් දුන්නා.දිවාෂගෙ ඔලුව අතගෑව දෙනෙතුත් කීයක් හරි දෙන්න ඇහුවත් එපා කිව්ව දිවාෂ තෙවින් එක්ක උඩහට දුවන්න ගත්තා.

"තවුසෙ මොනාද කන්න ආසා තෙවින්?"

"මේ කෑම වලින් මම දන්නෙ ලැවරියා විතරයිනෙ යුගාන්? මම ලැවරියා කන්නත් එච්චරටම ආසා නෑ.ඔයාලා ආසා මොනාටද?"

"මටයි නේත්‍රටයි අඩ ගන්නවා.දෙවින් පණටයි ආසවටයි මොනාත ගන්නේ? ආ......උන් දෙන්නට උළුදු වඩේ ගන්නවා.දෙනෙත් අයියටත් අඩ ගන්නම්.තවුසෙට?"

"මෙහෙම කරන්නකො යුගාන්.අඩයි උළුදු වඩෙයි ජාති දෙකෙන්ම දෙක දෙක ගමු.කිරි පැකට් ටිකකුත් ගමු.මම මදි පාඩු දෙන්නම්"

තෙවින් කිව්ව විදියටම කෑම ටික ගත්තු දිවාෂ කෑම ටික තෙවින්ගෙ අත් දෙකේ එල්ලලා මුදලාලි දිහා බලද්දි මුදලාලි හිනා වුණා.

"සීනි බෝලයි,මඤ්ඤොක්කා පෙති බයිටුයි නේද පුංචි මහත්තයා?"

"ඔව් මාමෙ"

දෙවින් දුන්නු සල්ලි වලින් කඩචෝරු ටික ගත්තු දිවාෂ තෙවින් එක්ක කියව කියව ආපහු පාරක් ලාවුළු ගහ යටට එද්දිනුත් කට්ටියගෙ කයිවාරුව නැවතිලා තිබ්බෙ නෑ.ගෙනාව කෑම බීම ටික කට්ටිය අතරෙ බෙදිලා යද්දි අඩේ අත් දෙකෙන්ම අල්ලගත්තු නේත්‍ර ඒකෙ වටේ තියෙන වාටිය මීයෙක් වගේ කාගෙන කාගෙන යද්දි ආශව නේත්‍ර දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා.

"නේත්‍ර අඩ කන්න හුගක් ආසයි නේද?"

කිරි පැකට් එක බිබී හිටිය නේත්‍රගෙන් ආශව අහද්දි නේත්‍ර ඇසුත් ලොකු කරගෙන ඔලුව වැනුවා.නේත්‍රගෙ කම්මුලක් මිරිකුව ආශව තමන්ගෙ අඩේ ඉතිරි වෙලා තිබ්බ බාගෙත් නේත්‍රට දික් කරද්දි ආශව දිහා ඇසුත් බෝල කරන් බලාගෙන හිටිය නේත්‍ර තමන්ගෙ දත් ටිකත් දික් කරගෙන හිනා වෙලා ආශවගෙ අඩේ ඉතිරි බාගෙ කන්න ගත්තෙ තමන් ලග තිබ්බ උළුදු වඩේ කෑල්ල ආශවට දෙන ගමන්.

ඉලන්දාරියො දෙන්නගෙ කෝලම් දිහා බලාගෙන හිටිය දෙවිනුයි දිවාෂයි තමන්ගෙ හිනාව පාලනේ කරගන්න උත්සාහ කරද්දි,දෙනෙත් ඒ දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා.ඒ හැමදේමත් එක්ක බිම බලාගෙන හිටිය තෙවින්ගෙ අතේ නේත්‍රට දික් කලාට නේත්‍ර නොදැක්ක අඩ කෑල්ල තදින් මිරිකෙන ගමන් තිබ්බා.

...................................................................................................

වචන 3200+ 🙈❤️

අද කෑල්ල බෝරින් ඇති ......

ඒත් කතාවක් ඉස්සරහට අරගෙන යන්න මේ වගේ නෝමල් දවසුත් ඕනි වෙනව බබාලා🥺❤️

මම හිතනවා ඔයාල තේරුම් ගනියි කියලා ❤️

උඩ කිව්ව හොද්ද ඇත්තටම මම හදන එකක්🤤 ඒක මාරම රසයි....ඇඹුල් වලට සාමාන්‍යයෙන් ආසා අයට ආසාවෙන් කන්න පුළුවන් කෑමක්🤤❤️

මට දෙයක් අහන්න තියේ❤️

මම හිතුවා නත්තල් දවසට special episode එකක් විදියට මේ කතාවෙ එපියක් දෙන්න.කතාවට අදාල වෙනවා ඒක.ඒත් පොඩි වෙනසක් එක්ක.

මම ඒක දෙන්න හැදුවෙ "දිවාෂගෙ pov" එකෙන්🙈❤️

මට දිවාෂගෙ pov එකෙන් ලියන්න ලේසියි🙈 ඒකට හේතුව මම පස්සෙ වෙලාවක කියන්නම්කො🙈❤️

බබාලා කැමතිද ඒ වැඩේට?

නත්තලට මගෙන් පුංචි තෑග්ගක් ඒ දෙන්නෙ🙈

කැමතිනම් කියන්න

එහෙම නැත්තං,ඔයාලා ආසා කෙනෙක්ගෙ pov එකක් කියන්න මම ලියන්නම්❤️

Third pov නැතිව ඒක දෙන්න බැලුවෙ.අදහසක් කියන්නකො❤️

ඒක විතරයි

එතනින් එහාට ආයෙමත් මේ වගේම තමා ලියවෙන්නෙ❤️

දෙවිනුයි තෙවිනුයි දෙන්නා🙈❤️

ඉතින් බබාලා අදත් වචනයක් කියන් යන්න❤️

කැමීලියා එහෙනම් ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter