Back
Chapter 35

34 කොටස🤍✨

නිවාලන්න මා...

"ස්....සමාවෙන්න නේත්‍ර.......මට කන්ට්‍රෝල් නැති උනා"

ටික වෙලාවක් යනකං හිතේ හැටියට නේත්‍රව සිපගත්තු ආශව නේත්‍රගෙ ඇගේ ගැස්ම වැඩි වෙනවා දැනෙනවත් එක්කම ඒ තොල් වලින් ඈත් වෙද්දි නේත්‍රගෙ ඇස් වල පිරිලා තිබ්බ කදුළු දැකලා සෑහෙන්න කලබල වුණා.කලබල වුණු ආශවගෙ මූණ දෙපැත්තෙන් අල්ලගත්තු නේත්‍ර ඇගිලි තුඩු වලින් ඉස්සිලා ආශවගෙ නලලට හාදුවක් තියෙන ගමන් ලස්සනට හිනා වුණේ ආශවගෙ හිතේ තිබ්බ කලබලෙත් හෙමීට නැති වෙලා යද්දි.

"නේත්‍රගෙ ඇස් වල කදුළු......අකමැ......"

"අකමැත්තකට නෙවෙයි සුදු අයියෙ කදුළු ආවෙ.ඒක හරි අමුතුයි........කලින්ට වඩා.....සුදු අයියා කරන කිසි දේකට නේත්‍ර අකමැති වෙන්නෙ නෑනෙ"

නේත්‍රව පපුවට තුරුල් කරගත්තු ආශව එහෙම්මම නේත්‍රත් එක්කම නේත්‍රගෙ ඇදෙන් ඉදගත්තා.කොච්චර හිනාවෙලා හිටියත් නේත්‍රගෙ ඇග පව අප්‍රාණික වෙලා තියෙබ බව ආශවට දැනුනා.විටින් විටේ නේත්‍රගෙ ඔලුවට හාදු තිබ්බ ආශව හිතින් තමන්ටම බැනගත්තෙ නේත්‍ර ඉස්සරහ තමන්ගෙ පාලනය වීම මීට වඩා වැඩි කරගන්න ඕනි කියලා හිතන ගමන්මයි.අද තව ටික වෙලාවක් නේත්‍රගෙ බෙල්ල පුරා හාදු තිබ්බනම් එහෙම පාලනයෙන් පිට පනින තමන්ගෙ අතින් නේත්‍රගෙ බෙල්ල පුරා සලකුණු උනත් ඇති වෙන්න පුළුවන් කියලා ආශවට තේරුම් ගියා.දැන්මම නේත්‍රගෙ ශරීරෙ ඒ වගේ සලකුණු තියන්න ආශවට උවමනා වුණේ නැහැ.ඒවට තව කල් තියෙනවා.නේත්‍ර තවම හිතින් පුංචි වැඩියි! ආශව හැම තිස්සෙම හිතුවෙ ඒ දේ.

"සුදු අයියෙ....සුදු අයියට ඇහුනෙ නැද්ද ටිහකට කලින් මොකක් හරි පෙරලෙන සද්දයක්?"

"නෑනෙ නේත්‍ර? මට එවෙලෙ කොහොමත් සිහියක් තිබ්බෙත් නෑනෙ"

"අනේ සුදු අයියෙ"

ආශවගෙ පපුවට හෙමීට පාරක් ගැහුව නේත්‍ර මිමිණුවෙ රතු වුණු මූණ හංගගන්න උත්සාහ කරන ගමන්.කොච්චර ආශවගෙ පහසට නතු වෙලා හිටියත් නේත්‍රට ටික වෙලාවකට කලින් ගෙදර මිදුල පැත්තෙන් මොකක් හරි තද දෙයක් පොලවට ගැටෙන සද්දෙ ඇහිලා තිබුණා.ඒක අර හැම වෙලේම ගෙදරට ගාටන බලල් තඩියා කියලා හිතල ඒ වෙලාවෙ හිත හදාගත්තත් දැන් දැන්නම් නේත්‍රගෙ හිතට ලොකු බයක් එන ගමන් තිබ්බා.කවුරුහරි තමන් දෙන්නා ඒ විදියට එකට ඉන්න එක දැක්කනම්?

නේත්‍රගෙ ඇගම ගැහෙන්න ගත්තෙ හිතට ආව බය නිසාමයි.ආශව එක්ක තනි වෙද්දි,ආශව වගේම තමන්ගෙත් පාලනේ මිදෙනවා කියලා දැන දැනම ඒ වගේ දොරවල් ජනෙල් ඇරගෙන අවදානම් සහගතව හිටිය එක ගැන නේත්‍ර තමන්ටම දොස් නගාගත්තා.ඒ ආවෙ වලව්වෙ සේවකයෙක්නම්? ගමේ මනුස්සයෙක්නම්? නේත්‍රගෙ ඇගත් එක්කම ඒ හැගීම් එක්ක හීතල වෙලා යද්දි නේත්‍රගෙ වෙනස දැනුනු ආශව නේත්‍රව තව ටිකක් තුරුල් කරගත්තා.

"බය නැතුව ඉන්නකො මගෙ මැණිකෙ.....ඔයා හිතනවද මනුස්සයෙක් දැක්කනම් ඔහොම දුවයි කියලා? අපි දෙන්නවම එලියට අරගෙන එකම නාඩගමක් නටාවි"

"ඒත් සුදු අයියෙ"

"නෑ නේත්‍ර....මේ ගමේ මනුස්සයෙක් කොල්ලො දෙන්නෙක් ඉඹගන්නවා දැකලා සද්ද නැතුව පිට වෙලා යයි කියලා නේත්‍ර හිතනවද? නෑ නේත්‍ර.....ලංකාවෙ ඔය කොලඹ පැති වල ඉන්න මිනිස්සුන්ට පවා තවම මේ සම්බන්ධකම් අරුම වෙද්දි මේ වගේ ගම් ගැන කතා කරන්න උවමනා නෑනෙ?

නිකමට හරි අපි දෙන්නා හිටිය හැටි ඔය මනුස්සයෙක් දැක්කනම් එහෙම මෙතන එලියට වෙලා කෑ ගහනවා...ගමම රැස් කරගන්නවා....අන්තිමේ තොවිල් නටලා තමා නවතින්නෙ....."

"තොවිල්?"

"ඔව් නේත්‍ර.....අපේ දෙවින්ගෙ බාප්පගෙ යාලුවෙක් අරවින්ද කියලා.දෙවින්ලගෙ බාප්පා තමා අපිට ඕක කිව්වෙ පහුගිය කාලෙකදි....එයත් මේ නුවරමයි.එයා කැම්පස් ඉන්න කාලෙ බෝයි කෙනෙක් එක්ක තමා යාලු වුණේ.....ඒ අරවින්ද අන්කල්ට පුංචි කාලෙ ඉදන් ඔය තාඩන පීඩන සෑහෙන්නම තිබිලා එයාලගෙ අප්පච්චිගෙන් ,අම්මගෙන්,අක්කගෙන් හැමෝගෙන්ම.ඉතින් ආදරයක් ලැබිලම තිබිලා නෑ එයාට.

කොහොමහරි කැම්පස් ගිහින් ඔය අන්කල් සූසයිඩ් කරගන්න හදලා දවසක්.එයාට ටෙන්ෂන් එක දරන්නම බැරුව ඉදලා තියෙන්නෙ ඒ කාලෙ.යාලුවෙක්වත් ඉදලා නෑනෙ.එදා කොහොමහරි ඔය අරවින්ද අන්කල්ව බේරගෙන තියෙන්නෙ පහන් අන්කල්.එදායින් පස්සෙ පහන් අන්කල් අරවින්ද අන්කල් එක්කමයි ඉදලා තියෙන්නෙ.ඉතින් දෙන්නා ලවර්ස්ලා වෙලා.කොහොමහරි කැම්පස් එකේම හිටිය ගමේ කොල්ලෙක් ඕක දැනගෙන අරවින්ද අන්කල්ලගෙ අප්පච්චිලට කියලා.

දන්නවද? අරවින්ද අන්කල් එහෙම කොල්ලෙක් එක්ක යාලු වුනේ යක්ෂ දෝශෙකට කියලා එයාලගෙ ගෙදරින් තොවිලයක් නටලා."

"දෙයියනේ!!!! ඊට පස්සෙ?"

"පස්සෙ එයාව ගර්ල් කෙනෙක්ට ප්‍රපෝස් කරලා.ඔය තොවිල් නටවල තිබ්බෙ නිවාඩුවකට ගෙදර ආ වෙලේකනෙ.එදා ඉදන් කැම්පස් යන්න දීලා නෑ අරවින්ද අන්කල්ට.ඉතින් පහන් අන්කල් ගැන කිසිම තොරතුරක් නෑලු.ෆෝන් එකක්වත් දීල නෑ පාවිච්චි කරන්න අරවින්ද අන්කල්ගෙ ගෙදරින්.

පස්සෙ කොහොමහරි ප්‍රපෝස් කරපු ගර්ල්ව බලන්න අරවින්ද අන්කල්ව බලෙන් එක්කන් ගිහින් ඒ අප්පච්චිලා.එදා දෙන්නට තනියෙම කතා කරන්න චාන්ස් එක හම්බෙලා එලියට ගියාම තමා අරවින්ද අන්කල් දැනන් තියෙන්නෙ ඒ ගර්ල් ඩොක්ට කෙනෙක් කියලා.ඉතින් අරවින්ද අන්කල් එයාගෙ ලව් ස්ටෝරි එක ඒ ගර්ලට කියලා.ගර්ල්ව විශ්වාස කරලා.

ඒ ගර්ල් පෙන්නුවලු ෆෝන් එකෙන් ගත්තු ෆොටෝ එකක් මෙයාද පහන් කියලා.බලද්දි පහන් අන්කල් අරවින්ද අන්කල්ව හොයාගෙන එද්දි අරවින්ද අන්කල්ගෙ අප්පච්චි කට්ටිය දම්මලා පහන් අන්කල්ට මැරෙන්නම ගහලා.ඒත් වාසනාවකට පහන් අන්කල්ව මිනිස්සු වගයක් හොස්පිටල් අරගෙන ගිහින්.බේත් කරලා තියෙන්නෙ අරවින්ද අන්කල්ට ප්‍රපෝස් කරපු ගර්ල්.ඉතින් පහන් අන්කල් ඒ ඩොක්ටට එයාගෙ කතාවත් කියලා තිබිලා"

"අනේ පෞ සුදු අයියෙ....ඊට පස්සෙ?"

"ඊට පස්සෙ ඉතින් ඒ ඩොක්ට උදව් කරලා අරවින්ද අන්කල්ලට.පහන් අන්කල් හොද වුණු ගමන් අර ඩොක්ටගෙ උදව්වෙන් දෙන්නම ඇමරිකා ගිහින්.අපි දෙන්නව ගමේ මනුස්සයෙක් දැක්කොත් ඔය ටික තමා.ඔහොම නිශ්ශබ්දව පිට වෙලා යන්නෑ.මෙතන කෑ ගහලා එකම මගුලක් නටයි"

"සුදු අයියා මගෙන් ඈත් වෙයිද සුදු අයියෙ? මට හරි බයයි"

"එහෙම වෙන්නෙ නෑ නේත්‍ර....ඈත් වෙන්න වෙයි කියලා සැකයක් හරි හිතේ තිබ්බනම් මම නේත්‍රව මෙහෙම ලං කරගන්නෙත් නෑ"

ආශව නේත්‍රගෙ නලල් තලෙන් තමන්ගෙ තොල් දෙක තද කරගෙන විනාඩි දෙක් තුනක් විතරම ගත කරද්දි නේත්‍රත් ආශවගෙ හදවතේ ගැස්මට සවන් දෙන ගමන් හිටියෙ මුළු ලෝකෙම අමතක කරලා දාලා.ආශවට නේත්‍රගෙ තුරුලෙ ඉද්දි හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා වගේ නේත්‍රට ආශවගෙ තුරුලෙ ඉද්දි හැම දුකක්ම කරදරයක්ම අමතක වෙලා යනවා.

"දැන් අරවින්ද මහත්තේලා ඇමරිකා වලද ඉන්නෙ සුදු අයියෙ?"

"ඔව් නේත්‍ර.දැන් එහෙලු ඉන්නෙ.අපිට ඔය කතාව දෙවින්ලගෙ බාප්පා කියන කාලෙ වෙද්දි ඒ දෙන්නට බබාලා තුන් දෙනෙකුත් ඉන්නවලු.එහෙම හදාගන්න පුළුවන් නෙ ඒ රටවල් වල.ක්‍රම තියෙනවා"

"ශෝයි නේද සුදු අයියෙ"

"ශෝයි නේන්නම්......නේත්‍ර ආසා නෑහ්?"

"මොකටද සුදු අයියෙ?"

"බබෙක් හදන්න?"

"ආසා නැත්තෙ මොකද සුදු අයියෙ.හුගාක් ආසයි"

"මාත් ආසයි"

"බබාලට?"

"බබාලටත් ආසයි.හැබැයි බබාලා හදන ප්‍රොසෙස් එකට ඊට වඩා ආසයි"

"යන්න සුදු අයියෙ.....ඔයා දැන් නරක් වෙලා"

ආශවගෙ ග්‍රහණෙන් දගලා දගලලා ගැලවුණු නේත්‍ර බිම බලාගෙනම මුමුණද්දි ආශව නේත්‍රව ආපහු පාරක් ලගට ඇදලා ගත්තා.ඒත් එක්කම ආශව දිහා බැලුව නේත්‍ර හිතේ තිබ්බ ප්‍රශ්නයක් ආශවට යොමු කලා.

"ඒ අරවින්ද මහත්තයලෑ අප්පච්චිලා කවුද අයියෙ? පවුල එයාලගෙ කොහොම එකක්ද?"

"සාමාන්‍ය පවුලක් නේත්‍ර....තාත්තා ප්‍රයිවට් කම්පැනි එකකද කොහෙද වැඩ කරල තිබ්බෙ"

නේත්‍රව නැගිට්ටවපු ආශව බාගෙට නිවිලා තිබ්බ දේ දෙක අරගෙන නේත්‍රවත් ඉස්සර කරගෙන ඉස්තෝප්පුව පැත්තට ඇදුනෙ කවුරුහරි ආවා කියන නේත්‍රගෙ හිතේ සැකේ දුරු කරන්නත් එක්ක.ඒත් එක්කම ආශව නේත්‍රට නෑහෙන්න බර හුස්මක් පිට කරන ගමන් තමන්ට ඉස්සර වෙලා යන නේත්‍ර දිහා බලලා ආදරේ පිරුණු ඇස් වලින් හිනා වුණා.

"අරවින්ද අන්කල්ලා වලව්කාරයො කියලා මම ඔයාට කොහොම කියන්නද නේත්‍ර? ඔය මූණෙ තියෙන හිනාව ඩිංගක්වත් අඩු වෙනවට උබේ සුදු අයියා කැමති නෑ"

නේත්‍ර එක්කම ඉස්තෝප්පුවට ආව ආශව බාගෙට නිවිලා තිබ්බ තේ එක එක උගුරට ගහලා දාලා නේත්‍රව ඉස්තෝප්පුවෙන් තියලා මිදුලට බැස්සෙ මිදුල මැද මොකක් හරි තියෙනවා දැක්ක නිසා.මිදුල මැද්දට ගිය ආශව බිම වැටිලා තිබ්බ අඩේ අතට අරගෙන නේත්‍ර දිහාවට හැරුණෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්.ඒත් නේත්‍රගෙ ඇස් හැරවිලා තිබ්බ පැත්ත දැක්ක ආශව එතනට යද්දි නේත්‍ර හිටවලා තිබ්බ රෝස මල් පැල පාත්තියෙ පැල වගයක් පොඩි වෙලා ගිගින් තිබ්බෙ කවුරුහරි ආවා කියන එකට සාක්ෂි සපයන්න වගේ.ඒත් එක්කම ආශවගෙත් ඇස් දෙක ලොකු වෙලා ගිහින් තිබ්බා.

"නේත්‍ර!!!!"

නේත්‍ර ඉස්තෝප්පුවෙ තිබ්බ පුටුවකට වාරු වෙනවා දැක්ක ආශව දුවලා ගිහින් නේත්‍රව තමන්ගෙ අත් දෙක අතරට ගත්තා.ආශවගෙ තිබ්බ ශරීර ශක්තියෙ හැටියට නේත්‍රගෙ වර එච්චර නොදැනුනු නිසා නේත්‍රව උස්ස ගත්තු ආශව ඉස්සරහ දොර වහලා දාලා නේත්‍රගෙ කාමරේට ගිහින් නේත්‍රව ඇදෙන් ඇල කරලා කාමරේ ජනේලෙත් වහලා දැම්මා.

"මැණික......කෝ බලන්න"

වේගෙන් ගැහෙන නේත්‍රගෙ පපුව නිසා නේත්‍ර අමාරුවෙන් හුස්ම ගනිද්දි පුංචි කාලෙ ඉදන්ම නේත්‍රගෙ මේ දුර්වලකම ගැන දැනන් හිටි ආශව නේත්‍ර ලගින් ඇලවෙලා නේත්‍රව තමන්ගෙ තුරුලට අරගෙන නේත්‍රගෙ පපුව අතගාන්න ගත්තා.හයියෙන් හුස්ම ගන්න ගමන් හිටිය නේත්‍රගෙන් කැඩි කැඩී ඉකියක් පිට වෙන්න ගනිද්දි ආශවට පුළුවන් වුණේ නේත්‍රව සනසන ගමන් තුරුල් කරගෙන ඉන්න විතරමයි.

"රත්තරනේ.....සුදු අයියා එක්ක හුස්ම ගමු හෙමීට....කෝ වෙනදා වගේම.....උඩට පහලට"

හයියෙන් හුස්ම ඇද්ද නේත්‍ර ටිකෙන් ටික සන්සුන් වෙද්දි ආශවගෙ පපුවෙ තිබ්බ නේත්‍රගෙ පුංචි අත් දෙක ආශවගෙ ශක්තිමත් ඉණ වටේට තදින් බැදෙන්න ගත්තා.ආශවව පුළුවන් තරම් තමන්ගෙ ඇගට තද කරගත්තු නේත්‍ර හුස්ම උඩ පහල දාද්දි නේත්‍රව තේරුම් ගත්තු ආශව ආපිටට නේත්‍රව තුරුල් කරගෙන ඇගට තද කරගත්තා.ආශවගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්තු නේත්‍ර ආශවගෙන් එන ඒ ආශවටම උරුම පිරිමි සුවද විදින ගමන් සන්සුන් වෙද්දි ආශවගෙ දෙතොල් නේත්‍රගෙ හිසකෙස් මත රැදිලා තිබ්බා.

"ක්....කවුරු හරි....ඇවිත්.....සුදු අයියෙ.......මගෙ.....සුදු අයියව මට.....නැති වෙයිද.....මගෙ සුදු අයියෙ.....?"

"කෝ මේ බලන්න නේත්‍ර.....ඔයා අසනීප වෙයි දෙයියනේ ඔහොම හිතන්න ගියොත්.....මේ බලන්න සුදු අයියා දිහා...."

"..................."

"මගෙ නේත්‍රව මගෙන් ඈත් කරන්න කාටවත්ම බෑ.....තේරුණාද?"

"අහ්හ්හ්.........සුදු අයියෙ.....මහ්.....මට සුදු අයියව ඕනි.....කාටවත් දෙන්න බෑ....."

"ඉතින් දැන් කවුද කිව්වෙ එහෙම දෙන්න කියලා?ම්ම්ම්......මගෙ මැණික බොරුවටනෙ බය වෙලා ඉන්නෙ....කෝ සුදු අයියා දිහා බලන්න"

"................."

"හයියෝ.....බලන්නකො,චූටි මූණ රතු වෙලා ගිහින්නෙ.....මේ.....බෝල ඇස් වල කදුළු,චුට්ටං නාහෙ හොටු,ලස්සන තොල් තුවාල වෙන්නම හපාගෙන.....බලන්නකො මගෙ චූටි මැණික කරගන්න වැඩ"

"ස්....සුදු අයියා ඕනි......යන්න එපා....."

"දෙයියනේ......කවුද දැන් මේ ලමයට බොරු කිව්වෙ සුදු අයියා දාලා යනවා කියලා? බලන්න.....හරි නරක ලමයෙක්නෙ බොරු කියලා තියෙන්නෙ...සුදු අයියා එයාගෙ ලස්සන පුංචි කුමාරයව දාලා කොහෙ යන්නද?"

"සුදු අයියට......නේත්‍ර ආදරෙයිනෙ ගොඩක්....දාලා යන්න එපා නේත්‍රව"

"මේ බලන්න රත්තරනේ....."

නේත්‍ර සන්සුන් වෙලා හිටියත් නේත්‍රගෙ ඇඩිල්ල නම් තවම අඩුවෙලා තිබ්බෙ නෑ.හෙමීට ඇදෙන් නැගිට්ට ආශව නේත්‍රව තමන්ගෙ උකුලට උස්සලා ගනිද්දි ආශවගෙ උකුලෙන් ඉදගත්තු නේත්‍ර ආශවගෙ ඉණ වටේ අත් පටලගෙන ආශවගෙ පලල් පපුව අස්සෙ තමන්ගෙ ඔලුව ගහගත්තා.

"සුදු අයියගෙ ලෝකෙ අංක එක නේත්‍ර......ඒක දන්නවද?"

"හ්ම්ම්ම් සුදු අයියෙ"

"එහෙම එකේ නේත්‍ර හිතනවද කිසිම දෙයක් නිසා මම වෙනස් වෙයි කියලා"

"......................"

"ප්‍රශ්න එනව කියලා දැන දැනම තමා නේත්‍ර මම නේත්‍රව මට ලං කරගත්තෙ........නේත්‍රත් ලං වුණේ දැන දැනමනෙ?"

"ඔව් සුදු අයියෙ"

"ඉතින් අපි ඒක මුල ඉදන්ම දැනගෙන හිටිය එකක්නෙ නේත්‍ර.....ප්‍රශ්න වෙයි.ඒත් මම නේත්‍රව අතාරින්නෙ නෑ.නේත්‍රත් මාව අතාරින්නෙ නැතුව ඉන්න ඕනි.එච්චරයි!!!"

"සුදු අයියාව අතෑරලා මම ඉන්නෙ කොහොමද?"

තමන්ගෙ උකුල උඩ නිවී හැනහිල්ලෙ ඉන්න නේත්‍රගෙ ඔලුව අතගාපු ආශව නේත්‍රට ඇති වෙනකං හිටපු දෙන් කියලා නේත්‍රව තව ටිකක් තුරුල් කරගත්තෙ තමන්ගෙ හිරි වැටීගෙන එන කකුල් දෙක ගැනවත් නොහිතා.ටික වෙලාවකින් ආශව මිදුල මැද ඉදලා මොකක් හරි ගත්තා මතක් වුණු නේත්‍ර ආශවගෙන් ඒ ගැන අහන්න ගත්තෙත් තව ටිකක් ආශවට තුරුල් වෙලා.තමන්ගෙ තුරුලෙ ඉන්න හුරතලේගෙ වැඩ වලට හිනා වුණු ආශව නේත්‍රට උත්තර දෙන්න ගත්තා.

"අඩයක් තිබ්බෙ නේත්‍ර ඒ......මට හිතා......"

"අඩයක්???"

"ඔව් නේත්‍ර.ඇයි කලබල වුණේ?"

"එලියට එන්නකො සුදු අයියෙ....බඩ්ඩක් කියන්න තියේ.බැරි වෙලා හරි අම්මා ආවොත් හෙම අපි දොරවලුත් වහන් ඇතුලට වෙලා ඉන්නෙ ඇයි කියලා බලයි"

"අම්මට ඇත්ත කියමු"

"මොකද්ද සුදු අයියෙ?"

"බබෙක් හ......."

"අනේ නරක කතා කියන්න එපානෙ.....සුදු අයියා දැන් නරක ලමයෙක් වෙලා"

නේත්‍රව උකුලෙ තියාගෙන හිටිය ආශව ටික ටික නේත්‍රගෙ මූණට කිට්ටු වීගෙන හෙමින් මුමුණද්දි දගලලා දගලලා ආශවගෙ උකුලෙන් බැහැගත්තු නේත්‍ර හුරතලේට රවන ගමන් කියද්දි නේත්‍රගෙ ඔලුව අතගාලා හිනා වුණු ආශව නේත්‍රත් එක්ක කාමරෙන් පිට වුණා.දොර අගුලු ඇරිය ආශව නේත්‍ර එක්කම අරලිය ගහ යට බංකුවට ගිහින් ඉදගනිද්දි නේත්‍ර ආශව දිහා බලලා කතාව පටන් ගත්තා.

"ඔය අඩ අදක ඊයෙක ඉදන් හම්බෙන ඒවා නෙවේ සුදු අයියෙ"

"ඒ කිව්වෙ?"

"දැන් සතියක් විතර තිස්සෙ......උදේ හවස දෙකේදිම වගේ හම්බෙනවා ඔව්වා.කොහෙ හරි පේන තැනක තියලා ගිහින්"

"ම්ම්ම්ම්ම්"

"ඒ කිව්වෙ ජනේලේ ඇරලා තිබ්බොත් පොත් මේසෙ උඩින්....ජනෙල් කූරු අස්සෙන් අතක් දාන්න පුළුවන්නෙ....නැත්තං ඉස්තෝප්පුවෙ තියෙන පුටුවක් උඩින්.....ඒ වගේ"

"නේත්‍ර ඇයි මට ඕක නොකිව්වෙ?"

"මම හිතුවෙ ඒවා සුදු අයියා තියනවා කියලා......ඒ නිසයි මම නොකිව්වෙ"

"මගෙ හිත රිදෙයි කියල? මම ඒව තියන්නෙ කියලා නේත්‍ර හොයාගත්තා කියලා දැනගත්තම......"

"ඔව් සුදු අයියෙ.....මම ඒකයි නොඇහුවෙ"

"නේත්‍ර මේ අහන්නකො......"

නේත්‍රව ටිකක් ලං කරගත්තු ආශව නේත්‍රගෙ පුංචි අතක් තමන්ගෙ නහර පිරුණු අත් වලට මැදි කරගත්තා.නේත්‍රගෙ අත දිහා බැලුව ආශවට හිතුනෙම නේත්‍ර තමන්ට වඩා කොච්චර නම් චූටිද කියන එක.නේත්‍රට තවම සමාජෙ ගැනවත් ලොකු දැනුමක් නොතිබ්බ බව ආශව දැනගෙන හිටියා.වැව ලගදි උනත් අර ආව කොල්ලො කීප දෙනෙක්ගෙ ඇස් නේත්‍රට වැරදි විදියට යොමු වුණත් ඒකවත් නොතේරුනු තරමටම නේත්‍ර අහිංසකයෙක් වුණා.

නේත්‍ර සමාජෙ දිහා බැලුවෙ ඔක්කොම නේත්‍ර වගේ කියන මානසිකත්වෙන්.හැමෝම තමන් වගේ අහිංසකයයි,අවංකයි,කුහකකමක් නෑ,ආදරණීයයි.....නේත්‍ර හැම මනුස්සයෙක් ගැනම හිතුවෙ එහෙම.අදටවත් නේත්‍රගෙ හිතේ කිසිම මනුස්සයෙක් ගැන කේන්තියක් තිබ්බෙ නෑ.බය තිබ්බා.නේත්‍ර සමහර බය මිනිස්සුන්ට උනත් වෛර කලේ නෑ.නේත්‍ර හැමෝටම ලං වුණෙත් නෑ.නේත්‍ර ලං වුනේ හරි අඩු පිරිසකට විතරයි.ඒත් නේත්‍ර කිසිම මනුස්සයෙක් එක්ක තරහා ගත්තෙ නෑ.ඔය හේතු නිසාම නේත්‍රව පරිස්සම් කරන්න වුණේ ආශවට.ආශව ලග නැති හැමවෙලාවක දිවාෂ නේත්‍රගෙ පස්සෙන් හිටියා.ඔය දෙන්නා නොහිටින්න මේ වෙද්දි නේත්‍රට මොකක්ම හරි කරදරයක් වෙලා තියෙන්න පුළුවන්.

තමන්ගෙ අත් අතරට නේත්‍රගෙ අතක් මැදි කරගත්තු ආශව නේත්‍රගෙ ලා රතු වුණු මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.ආශව ඇල්ලුවත් නේත්‍රව රතු පාට වෙනවා.නිවාඩු කාලෙ නිසා ලාවට වැවිලා තිබ්බ නේත්‍රගෙ කොණ්ඩ කැරැල්ලක් නේත්‍රගෙ මූණට වැටෙද්දි තමන්ගෙ එක අතකින් ඒක හරියට පිටිපස්සට කරලා හැදුව ආශව ආපහු පාරක් නේත්‍රගෙ අත තද කරලා අල්ලගත්තා.

"මේ සමාජෙ ඉන්න හැම මනුස්සයම ඔයා වගේවත් මම වගේවත් නෙවෙයි නේත්‍ර.එක එක ජාති වල මිනිස්සු ඉන්නවා.මෙහෙම හිතන්නකො ඔයාට ඔය අඩ දුන්නෙ කවුරුහරි ඔයා එක්ක තරහක් තියෙන කෙනෙක්නම්? මොනාහරි වසක් දාලානම්?

ඔයා ගෙදර ඉන්නෙ තනියම හුගක් වෙලාවට....ඔයා ලස්සනයි නේත්‍ර....ඔයා නොහිතන තරම් ඔයා ලස්සනයි.කවුරුහරි ඕකට මත් වෙන දෙයක් දාලා නම් දුන්නෙ? ඔයා මත් වෙලා සිහිය නැති උනාට පස්සෙ මේ ගෙට රිංගගත්තොත්?

ඔයා නොහිතන පැති හුගාක් තියෙනවා නේත්‍ර.....අනික මම මොකටද නේත්‍රට හංගි හොරා තෑගි දෙන්නෙ? මට අඩ දෙන්න ඕනිනම් මම කෙලින්ම නේත්‍රට දෙනවා.මට ඕනිනම් මම නේත්‍රට අඩ කවනවා...ඔයාගෙ අයිතිය මට වෙද්දි මම මොකටද හැංගි හොරා ආදරේ කරන්නෙ නේත්‍ර?

අනික හිතට මොකක් හරි සැකයක් ආවත් ඒක මගෙන් නාහා ඉන්න එපා.හැමදේටම වඩා මට ඔයාව වටිනවා නේත්‍ර....ඔයා දන්නෑ.....සමහර දවස් වලට මට ඔයාව මගෙ ගෙදට නවත්තගන්න හිතෙනවා....සමහර දවස් වලට මම පාඩම් කරද්දි රෑට බල්ලො බුරන සද්දෙ ඇහෙනවා....මගෙ හිත කලබල වෙන තරම දන්නෙ මම විතරයි නේත්‍ර.....මහ රෑ දෙගොඩහරි ජාමෙට මම කෝල් ගද්දි නේත්‍රට කේන්ති යනවත් ඇති....ඒත් නේත්‍රට කරදරයක්ද කියලා හැමවෙලේම මගෙ හිතට බයයි.

දැන් කාලෙ කොල්ලෙක්ටවත් නිදහසක් ආරක්ෂාවක් නෑ නේත්‍ර මේ සමාජෙ.අනික නේත්‍ර වගේ කෙනෙක්ව පුදුම විදියට රකින්න ඕනි....ඔයාට නොතේරෙනවා ඇති.ඒත් සාමාන්‍යෙන් කෙල්ලෙක් දිහා හැරිලා බලනවටත් වඩා මිනිස්සු ඔයා දිහා හැරිලා බලනවා නේත්‍ර.ඔයාගෙ ඇස් හැමවෙලේම බිමට බර වෙලා තියෙන නිසා ඔයාට ඒවා පේන්නෑ...ඒත් මට පේනවා.ඔයාව කාටවත් නොපෙනෙන තැනක හංගන් ඉන්න හිතෙනවා.සාක්කුවෙ දාගෙන ගමන් අරන් යන්න හිතෙනවා.ඒත් ඒ එකක්වත් ප්‍රායෝගික නෑ නේත්‍ර.....මට ඕනි නේත්‍රට මේ දේවල් හෙමීට කියල දෙන්න.නේත්‍රට සමහරවිට මාව වදයක් වෙයි......"

"මට කවදාවත් සුදු අයියව වදයක් වෙන්නෑ"

"හ්ම්ම්....මම මේ හැමදේම කරන්නෙ මගෙ මේ පුංචි මලව පරිස්සම් කරන්න.ඔයා ලස්සනත් වැඩි සුවදත් වැඩි මලක් නේත්‍ර......ඉතින් සමනල්ලු බඹරු වහන්න හදනවා වැඩියි."

"මම දන්නවා....."

"මොකද්ද?"

"මම ඇග පත සෝදන නාන වෙලාවල් අහන්නෙ ඇයි කියලා"

"මො....මොකද්ද?"

"මම දන්නවා මම කතා කලොත්,කෑ ගැහුවොත් ඒ වෙලාවල් වලට ඇහෙන මානෙකට වෙලා සුදු අයියා ඉන්නවා කියලා"

නේත්‍රගෙ පිලිතුරත් එක්ක නිරුත්තර වුනු ආශව කන් දෙකත් රතු කරගෙන අහක බලාගත්තා.නේත්‍ර කිව්ව දේ ඇත්ත.නිර්මලා ගෙදර නැතිවෙලාවල් වලට නේත්‍ර නාන කරන වෙලාවල් ගැන ආශව හිටියෙ සෑහෙන හෝදිසියකින්.හුගක් වෙලාවට නිර්මලත් ගෙදර නැති,ආශවත් නේත්‍ර ලග නැති වෙලාවල් වලට දිවාෂ නේත්‍රලාගෙ ගෙදර ඉන්නවා වගේම එහෙම නැති උනොත් නේත්‍ර දිවාෂලාගෙ ගෙදර යනවා කියලත් ආශව් දැනගෙන හිටියා.

ඒත් එහෙම නැති දවසුත් තිබ්බා.ඒ වගේ දවස් වලට චාටුවෙන් නේත්‍ර නාන කියන වෙලාවල් අහගන්න ආශව නේත්‍රගෙ සද්දෙ ඇහෙන මානෙක ඉදලා නේත්‍ර ගෙට ඇවිල්ලා ඇදුමක් ඇදන් තමන්ට මැසේජ් එකක් දැම්මට පස්සෙ ආපහු පාරක් වලව්වට යනවා.ආශවගෙ කපටිකම් වලට මුල් දවස් වල නේත්‍ර අහු උනත් පස්සෙ පස්සෙ නේත්‍රට ආශවගෙ මේ හොරේ තේරුණා.

රතු වෙලා අහක බලාගෙන ඉන්න ආශව දිහා ආදරෙන් බලාගෙන හිටිය නේත්‍ර හෙමීට ආශවගෙ පපුවට තුරුල් වුණා.ආශවට දැනෙන නොදැනෙන ගාණට ආශවගෙ උරහිසෙන් සියුම් හාද්දක් තිබ්බ නේත්‍ර ඉක්මනටම ආශවගෙ උරහිස අස්සෙ තමන්ගෙ මූණ හංගගත්තෙ මුකුත් නොකල ගාණට.නේත්‍ර නොදන්නවා උනාට නේත්‍ර කරපු වැඩේ දැක්ක ආශව හිනා වෙලා නේත්‍රගෙ කරවටේ අතක් යවාගෙනම කල්පනා කරන්න ගත්තෙ අද ගෙදරට එන්න ඇත්තෙ කවුද කියන එක.

...................................................................................................

"නේත්‍ර!!! නේත්‍ර!!! නේත්‍ර!!!"

තෙවින් තමන්ගෙ කාමරේ තිබ්බ ලොකු මල්වාස් එකක් පොලවෙ ගහලා දැම්මා.

"ඇයි!!!!???"

තමන්ගෙ පොත් මේසෙ බිමට පෙරලලා දැම්ම තෙවින් හයියෙන් තමන්ගෙ කොණ්ඩෙ ඇදගත්තා.

"නේත්‍ර ඇයි!!!!???"

තෙවින් බිත්තිය දිගේ රූටලා බිමට ඇදගෙන වැටුනෙ පපුවත් අතින් මිරිකගන්න ගමන්.ආශව නේත්‍රව සිපගත්තු හැටි,නේත්‍ර ඒක හරි ආසාවෙන් වින්ද හැටි තෙවින්ගෙ ඔලුව වටේ කැරකෙන්න ගත්තා.තෙවින්ගෙ මුළු කාමරේම පිස්සන් කොටුවක් වෙලා තිබුණා.තැනින් තැන තිබුණු වීදුරු කෑලි,බිම වැටිලා බිදුණු මත්පැන් බෝතලයක්,බිම වැටිලා තිබ්බ ඇද ඇතිරිල්ල,විසිරිලා ගිහින් තිබුණු පොත් පත්,කෑලි කෑලි වෙලා තිබ්බ ලැප්ටොප් එක.....මේ හැමදේම එක්ක තෙවින් කාමරේ කොණකට වෙලා කෑගගහා අඩ අඩ හිටියා.

හවස තේ වේලෙන් පස්සෙ දෙනෙත්ව ඇරලවන්න දෙනෙත්ගෙ ගෙදරට දෙවින් ගිය නිසා ගෙදර මේ වෙලාව වෙද්දි හිටියෙ මහකුමාරිහාමි විතරයි.කොහොමත් ව්‍යාපාර කටයුතු නිසා නිශ්ශංක මහත්තයා හුගක් වෙලාවට වලව්වෙ නොරැදෙද්දි කන් හරියට නෑහෙන මහ කුමාරිහාමිත් මේ වෙද්දි නින්දෙ පහුවුණා.වලව්වෙ ඇතුලෙ වැඩ කරන සේවකයො දෙතුන් දෙනාට මේ බඩු පොලවෙ ගහන සද්දෙ ඇහුනත් ඒකට මැදිහත් වෙන්න තරම් තමන්ට හැකියාවක් නැති නිසා සේවකයොත් ඒවා නෑහුනා වගේ තම තමන්ගෙ වැඩ පාඩුවෙ කරන ගමන් හිටියා.

"ඇයි? ඇයි ඒ මම නොවුණේ!!!?"

බාගෙට ගැලවිලා තියෙන තමන්ගෙ කමිසෙ ගැනවත් නොහිතුව තෙවින් හයියෙන් කෑ ගහගෙන කණ්ණාඩි මේසෙ උඩ තිබ්බ වීදුරු බෝලයක් අරගෙන පොලවෙ ගැහුවා.ඒත් එක්කම තෙවින්ගෙ ඇස් දෙක යොමු වුණේ කණ්නාඩි මේසෙ ලොකර් එකට.ලොකර් එක ඇරිය තෙවින් කාලෙකට කලින් නේත්‍ර නිසාම භාවිතේ අයින් කරපු ඒ අයිතම එලියට අ‍රගෙන වියරුවෙන් වගේ හිනා වුණා.

"තෙවින්!!! තෙවින් අයියෙ!!! මේ දොර අරිනවා!!!"

තෙවින්ට පොලියානා පොත දීලා ටිකක් කතා කරන්න හිතාගෙන සිංහවංශ වලව්වට පය ගැහුව දිවාෂට උඩ තට්ටුවෙන් ඇහෙන කලබැගෑනිය නිසා උඩට දුවගෙන යන්න වුණා.මොනා උනත් තෙවින්ගෙ කාමරේ ඇතුලෙ වෙන දේ එච්චර හොද නෑ කියලා හිතුනු දිවාෂ හයියෙන් දොරට තට්ටු කලේ තෙවින්ව එලියට ගන්න උත්සාහ දරන ගමන්.

"උ.....ආහ්හ්හ්"

දොර ඇරුණු වේගෙටම දිවාෂට කතා කරන්නවත් අවස්තාව නොදී තෙවින්ගෙ දරදඩු අත් දිවාෂව කාමරේ ඇතුල් බිත්තියකට හිර කරගත්තා.තෙවින්ගෙ දරදඩු අත් දිවාෂගෙ බෙල්ල වටේ එතිලා තියෙද්දි එන්න එන්නම ග්‍රහණෙ වැඩි වෙන තෙවින්ගෙ අත් එක්ක හුස්ම ගන්න අමාරු වුණු දිවාෂ දගලද්දි තෙවින්ගෙ ඇස් වල තිබුනෙ වියරුවක් විතරයි.

"උබලා ඔක්කොම වගකියන්න ඕනි මේකට!!! නේත්‍රව මගෙන් ඈත් කලාට!!! මම උබලා එකෙක්වවත් තියන්නෑ"

තෙවින් කියන අමුතු කතා වලට දිවාෂගෙ ඇස් උඩ යද්දි දිවාෂගෙ හුස්මත් එන්න එන්න හිර වුණා.මේ ඉන්නෙ තමන්ව ටිකක් හරි තේරුම් අරන් කතා කෙරුව මනුස්සයා නේද කියලාවත් මතක් වෙන්න තරම් තෙවින්ගෙ සිහිය හොද මට්ටමක තිබුනෙ නැහැ.

"ඇයි ඇයි ඒ මම නොවුණෙ? ඇයි? ඇයි ආශව උනේ? ඇයි ඒ නේත්‍රම උනේ? ඇයි? මට ආදරේ ලබන්න අයිතියක් නැද්ද?"

"ත්....තෙහ්....තෙවින් අයියේ......මම යුගාන්......අතාරින්න"

තෙවින්ගෙ ග්‍රහණෙ අඩුවෙන්නෙ නෑ කියලා දැනුනු දිවාෂ බොහොම අමාරුවෙන් වචන ටිකක් එලියට දාද්දි ඇස් දෙක ලොකු කරගත්තු තෙවින් දිවාෂගෙ බෙල්ල අතෑරලා දිවාෂව කාමරෙන් එලියට තල්ලු කලා.

"මෙතනින් පලයං යුගාන්......මට උබට රිද්දන්න ඕනි නෑ....බලාගෙන ඉන්නෙ නැතුව පලයං!!!!!"

දිවාෂගෙ මූණටම කෑ ගැහුව තෙවින් දොර වහලා දාලා ලොක් කරගනිද්දි මුකුත් හිතාගන්න බැරි වෙලා හිටිය දිවාෂ තමන්ගෙ බෙල්ල අතගගා අමාරුවෙන් වලව්වෙන් එලියට දිව්වා.දිවාෂගෙ හිත කවදාවත් නැති විදියට කලබල වෙලා තිබ්බා.ඒ තමන්ගෙ හිතේ තිබ්බ සැකේ හරි ගිය නිසාද තෙවින්ගෙ තිබ්බ වියරු පෙනුම නිසාද කියලා නොතේරුණු දිවාෂ කාලෙකට පස්සෙ ඇස් වලින් ගලන කදුළු පිහිද පිහිද ගෙදරට දිව්වෙ අම්මව තුරුල් කරගන්න හිතාගෙන.

"ආර්හ්හ්හ්"

නේත්‍රගෙ හිනාව,නේත්‍රගෙ කතාව,නේත්‍රගෙ ඇස්,නේත්‍රගෙ හැසිරීම,නේත්‍රගෙ ලැජ්ජාව,නේත්‍රගෙ අහිංසකකම මතක් වුණු තෙවින් ආපහු පාරක් ඇදට පිට දීලා බිම ඉදගනිද්දි තෙවින්ගෙ ඇස් දෙක ඉස්සරහ පෙර කිව්ව භාණ්ඩ ටික පේන්න තිබ්බා.

"ඇයි නේත්‍ර එච්චර ඉක්මන් වුණේ? ඇයි ඒ අයිතිය වෙන කෙනෙක්ට දුන්නෙ? ඇයි.....බෑ නේත්‍ර......මට බෑ උබව අමතක කරන්න!!!

මම පිස්සෙක් වෙන්න ඇති.....ඔව් මම පිස්සෙක්...උබ නිසා පිස්සෙක් වුණු......ආශව එපා නේත්‍ර.....මම ඊටවඩා දෙගුණයක් උබට ආදරේ දෙන්නම්!!!

අනේ මම ලගට එන්නකො නේත්‍ර........"

මහ හයියෙන් ඉකි ගගහ ඇඩුව තෙවින්ගෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුම එද්දි,පපුව හිරි වැටිලා කැක්කුම් කරද්දි,ඔලුව ඇතුලට මිටියකින් ගහනවා වගේ දැනෙද්දි තෙවින් කන්නාඩි මේසෙ උඩ තිබ්බ බඩු ටික අතට ගත්තා.ඔලුව වටේම නේත්‍ර කැරකෙද්දි,ඒත් එක්කම ආශවත් ඒකට හවුල් වෙද්දි තෙවින්ට තමනුයි නේත්‍රයි විතරක් ඉන්න ලෝකෙක තනි වෙන්න ඕනි වුණා.

අතේ තිබ්බ පුංචි කුප්පිය හෙලෙව්ව තෙවින් සිරින්ජරය අහුරලා තිබ්බ ඇසුරුම කඩලා දාලා ඒ කට්ට හරියට සවි කරගෙන අර කුප්පිය ඇතුලෙ තිබ්බ දියරෙන් යම් ප්‍රමාණයක් සිරින්ජරය තුලට ඇදලා ගත්තා.එහෙම්මම තමන්ගෙ අතක නහරයක් හරි හුරුකාරයෙක් වගේ පාදගත්තු තෙවින් අර මත්ද්‍රව්‍ය මාත්‍රාව ශරීරෙට එන්නත් කරගෙන ඇද උඩට ඇදගෙන වැටුනා.

"මම ආදරෙයි නේත්‍ර......."

උන්මන්තකයෙක් ගාණට කාමරේ උඩ බලාගෙන මිමිණුව තෙවින්ගෙ ඇස් හෙමීට පියවිලා යද්දි ඇගට එන්නත් කරපු මත්ද්‍රව්‍ය ක්‍රියා කරන්න පටන් අරගෙන තිබුණා.තෙවින් තමන්ගෙම මනසින් හදාගත්ත ලස්සන ලෝකෙක නේත්‍ර එක්ක තනිවෙද්දි හැබෑ ලෝකෙ ඉන්න තෙවින්ගෙ ශරීරෙ හොදටම අඩපණ වෙලා තිබ්බා.තෙවින්ගෙ මනෝ ලෝකෙ ඇතුලෙ තෙවින් ආශවගෙ තැනට තමන්ව ආදේශ කරගෙන නේත්‍රගෙ ආදරේ විදිද්දි පලවෙනි දවසෙත් තෙවින් සමන්පිච්ච කියලා රැවටුණු පොකුරු පිච්ච මල් වල සුවද තෙවින්ගෙ නාස් පුඩු වල දැවටීගෙන ගියා.

.

.

.

.

.

"කවුද චමී මේ වෙලාවෙ?"

ජානකී නෝනා ආරියසිංහ මහත්තයෙගෙන් අහද්දි ආරියසිංහ මහත්තයත් රාත්‍රී ප්‍රවෘත්ති බලන එක නතර කරලා ජානකී දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ බැල්මකින්.මහ රෑ දහයත් පහු වෙලා තියෙද්දි තමන්ගෙ ගේට් එක ලග තියෙන බෙල් එක උඩ නැගගෙන වගේ ඉන්නෙ මොකෙක්ද කියලා ආරියසිංහ මහත්තයට හිතාගන්න බැරි උනේ මීටකලින් මේ වගේ දේවල් වෙලා නොතිබ්බ නිසා.

"මොන හු.....හුරුල්ලෙක්ද අප්පච්චි බෙල් එක කඩන්න හදන්නෙ?"

ඔලුවත් කහ කහ පඩිපෙල බැහැගෙන ආව දිවාෂ කියන්න ආව එක මගෙ නතර කරලා ඉක්මනට කටට ආව වචනයක් දාලා ආරියසිංහ මහත්තයගෙන් ඇහුවෙ නැත්තං බෙල් එක ගහන එකාව පැත්තකින් තියලා අප්පච්චි තමන්ට දෙසන බව දන්න නිසා.දිවාෂ දිහා බලලා උරහිස් හැකිලෙව්ව ආරියසිංහ මහත්තයා ජානකී නෝනට ගේ ඇතුලට වෙලා ඉන්න කියලා එහෙම්මම එලියට ගියේ දිවාෂවත් ගේ ඇතුලෙම රදවලා.

ඒත් දිවාෂ කියන්නෙ පුතෙක්.අප්පච්චි  මහ රෑ එලියට බහිද්දි පුතෙක් ගේ ඇතුලට වෙලා ඉදියිද? අම්මව ගේ ඇතුලෙන් තිබ්බ දිවාෂ ගෙදර දොරත් වහලා දාලා අප්පච්චිගෙ පස්සෙන්ම ඇදිලා ගියා."කවුද" කියලා ආරියසිංහ මහත්තයා තුන් හතර වතාවක්ම ඇහුවත් කවුද කියලා උත්තරයක් නොහම්බවුණත් ගේට්ටුවෙ තිබ්බ පුංචි කොටුවකින් එලිය බැලුව ආරියසිංහ මහත්තයා ඒ රූපෙ යම් හුරුවක් දැක්ක නිසා ගේට්ටුව ඇරියා.

ඒත් එක්කම කපාහෙලූ ගහක් වගේ ගේට්ටුවෙන් එලියෙ හිටිය මනුස්සයා ආරියසිංහ මහත්තයගෙ අතට කඩා වැටෙද්දි ඒ මනුස්සයව තද කරලා අල්ලගත්තු ආරියසිංහ මහත්තයා දිවාෂ දිහා බලලා ඒ මනුස්සයව ටිකක් කෙලින් කරලා අල්ලගත්තා.ඇගට පණක් නැතුව උන්නු මනුස්සයා දිහා බැලුව දිවාෂගෙ ඇස් දෙක ලොඩි ගෙඩි දෙකක් තරම් ලොකු වෙලා ගියා.

"තෙවින් අයියා!!!!"

...................................................................................................

වචන 3200+ 🙈❤️

කම්මැලිද දන්නෙත් නෑ අද කෑල්ල.......සීන් දෙකයිනෙ තිබ්බෙ😪💔 ඒත් කමන්නෑ අනේ....ඔන්නොහේ කියවන්න😂❤️

ඊලග එක මීට වඩා රසවත්ව දෙන්නම් කැමීලියා 🙈❤️

නේට්ටව කන ආසව😪🌚👉👈

ඉතින් අදත් අදහසක් කියාන යන්න🥺❤️

ඔයාලා අවාරෙක මල්  බැලුවත🙈❤️

නිවාලන්න මා ඉවර උනාම දෙන්නෙ ඒක හොදේ🥺❤️

නුවරින් හපුතලේට👉👈

ඒකට (අවාරෙක මල් එකට) ගැලපෙනම සිංදුව ඔලුවට ආවෙ අද🌚❤️

ඒක තමා ගැලපෙන්නෙ🌚❤️

එහෙනම් ගිහින් එන්නම් බබාලා මම🥺❤️

කැමිලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter