Back
Chapter 36

35 කොටස🤍✨

නිවාලන්න මා...

"තෙවින් අයියා!!!!"

"කවුද සිගිති? ඔයා දන්නවද මේ ලමයව?"

"ඔව් අප්පච්චි.....මේ දෙවින් අයියගෙ මල්ලි"

"සිංහවංශ මහත්තයලගෙ?"

"ඕ අප්පච්චි"

"කෝ ඔය දොර හොදට අරින්න සිගිති....මේ ලමයව එලියෙන් තියන්නයෑ අපි"

තෙවින්ව වාරු කරගත්තු සිංහවංශ මහත්තයා ගේ ඇතුලට ඇවිදගෙන එද්දි දිවාෂ දඩි බිඩි ගාලා දුවලා ගිහින් ගෙදර දොර හොදට ඇරියා.ඇගම පණ නැතිව වගේ ඉදපු තෙවින්ව බොහොම අමාරුවෙන් වත්තම් කරගත්තු ආරියසිංහ මහත්තයා ගේ ඇතුලට එද්දි කුස්සියට දුවගෙන ගිය ජානකී නෝනා වතුර වීදුරුවකුත් අරගෙන දුවගෙන සාලෙට ආවා.තෙවින්ව පරිස්සමින් සෝෆාවෙන් හාන්සි කෙරුව ආරියසිංහ මහත්තයා ජානකී නෝනා අරන් ආව වතුර වීදුරුවෙන් තෙවින්ගෙ මූණට වතුර ටිකක් ඉස්සා.

"ය්....යු.....යුගාන්........"

"සිගිති,ඔයාට නේද මේ කතා කරන්නෙ? පොඩ්ඩක් ඔයා ලං වෙලා කතා කරන්න බලන්න.මේ ලමයා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නෙ"

ආරියසිංහ මහත්තයා එහෙම කියන ගමන් තෙවින් ලගින් ඈත් වෙද්දි දිවාෂ ගිහින් තෙවින් ලගින් ඉදගත්තා.තෙවින්ගෙ මූණෙ තිබ්බෙ පුදුමාකාර තෙහෙට්ටු පාටක්.ඒ ඇස් යට කලු වෙලා ගිහින් තිබ්බා වගේම මූණෙ පැත්තක තැල්මකුත් තිබ්බෙ කොහෙ හරි වැදිලා වගේ.දිවාෂ කිට්ටු වෙලා හෙමීට තෙවින්ගෙ ඔලුවට අතක් තිබ්බා.දිවාෂගෙ ස්පර්ශෙත් එක්ක තෙවින්ගෙ පියවිලා තියෙන ඇහැකින් කදුලක් වැටෙද්දි දිවාෂ දිගින් දිගටම තෙවින්ගෙ ඔලුව අතගෑවා.

"තෙවින් අයියේ........"

නේත්‍ර ලගදි ඇරෙන්න ජීවිතේ පලවෙනි වතාවට දිවාෂගෙ කටහඩ වෙන මනුස්සයෙක් වෙනුවෙන් ආදරණීය උනා.දිවාෂට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තෙවින්ගෙ රූපෙ.තමන්ගෙම අයියා වගේ ඉන්න දෙවින්ගෙ රූපෙම තෙවින්ටත් පිහිටලා තියෙද්දි ඒ රූපෙ මෙහෙම දුක් විදින් හැටි දිවාෂට බලාගෙන ඉන්න බැරි වුණා.තමන්ගෙ ඔලුව අතගාන දිවාෂගෙ අත උඩින් තමන්ගෙ අත තිබ්බ තෙවින් හයියෙන් අඩන්න ගත්තා.

තෙවින්ගෙ සිහිය මේ වෙද්දි ඇත්තටම හොද මට්ටමක තිබුනෙ නෑ.අඩුම මෙතන පිට ගෙදරක්,වැඩිහිටියො දෙන්නෙක් ඉන්නවා කියන එක තේරෙන්න තරම් තෙවින්ගෙ ඔලුව හොද මට්ටමක තිබුනෙ නෑ.තෙවින්ට ඕනි වුණෙ දිවාෂට එයාගෙ හැම දුකක්ම කියලා අඩන්න විතරයි.එදා පන්සලේදි කරපු කතා බහෙන් පස්සෙ දිවාෂ කියන්නෙ තමන්ව තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් කියලා තෙවින්ගෙ හිතේ විශ්වාසයක් ගොඩ නැගිලා තිබ්බා.

"මේ අඩන්නෙ ඇයි අයියෙ? කෝ ඔලුව උස්සලා නැගිටින්නකො."

"අනේ යුගාන්!!!!"

තෙවින් ඉන්න විදියටම දිවාෂගෙ ඉණ වටේ අත් දෙක පටලගෙන අඩන්න ගද්දිනම් දිවාෂට අනුකම්පාව පරයා සෑහෙන්න ලොකු ලැජ්ජාවක් දැනෙන්න ගත්තා.වතුර වීදුරුව අතේ තියන් උන්නු ජානකී නෝනගෙයි ඒ ලගම හිටගෙන උන්නු ආරියසිංහ මහත්තයගෙයි කටවල් බාගෙට ඇරිලා තිබ්බෙ දිවාෂ ගැන නෙවෙයි.තෙවින් ගැන ඇති වුණු පුදුමෙන්.මොකද මොලයක් ඇති මනුස්සයෙක්නම් තමන්ගෙ පුතා වගේ කෙනෙක් එක්ක දුකක් බෙදාගන්න එන්නෙ නෑනෙ!!!

"අනේ මේ තෙවින්!!! ප.......පාණ්ඩුවෙක්.....ඔව් පාණ්ඩුවෙක් නොවී නැගිටපංකො.කියන මගුලක් ඊට පස්සෙ කියපං"

තමන්ගෙ ඔලුව අත් දෙකෙන් අල්ලගෙන කෑගහපු දිවාෂගෙ සද්දෙ ඇහුනු තෙවින් හෙමීට හෙමීට සෝෆා එකේ කෙලින් වුණා.ඒ දරුව ඉන්නෙ මොකක්ම හරි ප්‍රශ්නෙක කියලා තේරුම් ගත්තු ආරියසිංහ මහත්තයා ජානකී නෝනටත් එතනින් අයින් වෙන්න සන් කරන ගමන් දිවාෂට කතා කලා.

"සිගිති පුතේ,ඔය දරුවව ඔයාගෙ කාමරේට අරගෙන යන්න.ගිහින් නිවී හැනහිල්ලෙ කතා කරන්නකො.මොකක් හරි ප්‍රශ්නයක් ඇතිනෙ.මොකක් හරි වුවමනා වුනොත් අප්පච්චිට හරි අම්මට හරි කතා කරන්න."

දිවාෂගෙ ඔලුව අතගෑව ආරියසිංහ මහත්තයා තෙවින් එක්කත් හිනා වෙලා එතනින් පිට වෙද්දි යක්සාරූඪයක් ආවා වගේ කෙලින් වුණු දිවාෂ තෙවින්වත් ඇදගෙන තමන්ගෙ කාමරේට රිංගුවා.දිවාෂගෙ ඇද උඩ ඉදගන්න හැදුවත් තෙවින්ව බිම ඉන්දපු දිවාෂ තෙවින්ට මර හඩ තලලා කෑගහන්න ගත්තා.

"ඇද උඩ ඉදගන්න බෑ උබර්ට.දණ ගහගනින් බිම"

"මොකද්ද?"

"බිම!!! දණ ගහගනින්!!!"

"යුගාන්,මම ඔයා හිතනව වගේ කෙනෙක් නෙවේ"

"මොකද්ද?"

"දණ ගහගන්න කිව්......."

"අනේ එහෙම හුත්තකට නෙවෙයි මිනිහො කිව්වෙ.තෝත් එක්ක මෙතන එහෙම ලබ්බක් කරන්න මට ඇම්ම කියලා හිතුවද?"

"ස්....සොරි"

"ඉට්ස් ඕකේ හරිත? ඒත් තෝ මෙතන ගදයෙක් වගේ ඇවිත් මගෙ ඇද උඩ ලගින්න බෑ.ගිහින් නා ගනින් ඉස්සෙල්ලාම......මට ප්‍රශ්න කතා කරන්න පුළුවන් මනුස්සයෙක් එක්ක මිසක් හඩ්ඩෙක් එක්ක නෙවෙයි"

"මේ රෑ නාන්නෙ කොහොමද යුගාන්?"

"කොහොමහරි නාපං!!! කිව්වම අහලා යනවද නැත්තං!!!!!!!!!"

"කෑගහන්න එපා යුගාන්.මගෙ කන කීං කීං ගානවා"

තෙවින්ව ඇදගෙන ගිහින් බාතෲම් එකට තල්ලු කෙරුව දිවාෂ තමන්ගෙ අල්මාරිය ඇරලා ඇදුමක් හොයන්න ගත්තා.තෙවින් තමන්ට වඩා සෑහෙන්න ඇග පතින් ලොකු මනුස්සයෙක් නිසා දිවාෂ අන්තිමේ තමන් එච්චර දවස් ඇන්දෙත් නැති බැගී ටීෂර්ට් එකක් ගත්තෙ තෙවින්ට දෙස් දෙවොල් තියන ගමන්.එහෙම්මම තමන් කාලයක් ඇදලා ඉලස්ටික් එක ඇදුනු ශෝර්ට් එකකුත් අතට ගත්තු දිවාෂ හැට්ට කටු දෙකකුත් ඒක උඩින් තියලා බාතෲම් එකේ දොරට තට්ටු කලා.

"තෙවින් මේක ඇරපං"

"අනේ යුගාන් ඇයි?"

"ඇයි අහන්නෙ?"

"මම ඇදුම් නැතුව ඉන්නෙ"

"ඉතින් ඇරපං.තට්ටමේ තියෙන ලපේ බලාගන්නත් පුළුවන් මට අද"

"යුගාන්!!!!"

"ඕක බලන්නෑ ඕයි.මේ ඇදුම් ටික ගනින් ඇදගෙන එලියට එන්න"

බාතෲම් එකේ දොර ඇරිය තෙවින් දිවාෂ දික් කරගෙන ඉන්න ඇදුම් ටික ඇතුලට ඇදලා අරගෙන දඩස් ගාලා දොර වහලා දැම්මා.

"යුගාන් මේ කලිසම බහිනවනෙ"

"ඔව් ඒකෙ ඉලාස්ටික් එක ඇදිලා.නැත්තං මගෙ ඉණේ සයිස් එක උබට හරියනවයෑ"

"ඉතින් අදින්න බෑනෙ යුගාන්.කලිසම හැලෙනවා"

"ඒක තමා උබට හැට්ට කටු දෙකක් එව්වෙ ඕක එක්ක"

ටික වෙලාවක් යද්දි බාතෲම් එකේ දොර ඇරිලා තෙවින් එලියට එද්දි දිවාෂගෙ ඇස් දෙක ලොකු වෙලා ගියත් ඒත් එක්කම දිවාෂ මහ වලත්ත හිනාවක් දාගෙන තෙවින් ලගට හෙමීට ඇවිදගෙන යන්න ගත්තා.

දිවාෂගෙ ටී ෂර්ට් එක තෙවින්ගෙ ඇගේ ගාණටම තිබ්බත් දිවාෂ දුන්නු කලිසමනම් සෑහෙන්න කොට එකක් වුණා.දිවාෂට වඩා හුගක් උස තෙවින්ගෙ කකුල් වල හැටියට ඒ කලිසම ටීෂර්ට් එකෙන් පොඩ්ඩක් පහලට වගේ වෙන්න තිබ්බ නිසා තෙවින්ගෙ කකුල් සම්පූර්ණෙන් නිරාවරණෙ වෙලා තිබ්බා.

දිවාෂ වනචර හිනාවක් දාගෙන ගියාට දිවාෂව පඩේකට ගණන් නොගත්තු තෙවින් ටවල් එක දිවාෂගෙ කාමරේ තිබ්බ පුටු බාපතකින් දාලා කකුල් දෙකත් ඈත් කරගෙන ඇදේ ඉදගත්තා.කරන්න ගිය වැඩේ හරි නොගිය නිසා මූණත් බෙරි කරගත්තු දිවාෂ එහෙම්මම ඇවිත් තෙවින් ලගින් ඉදගනිද්දි තෙවින් ලොකු හුස්මක් පහල දැම්මා.

"මොකද්ද උනේ කියන්නකො"

"මොනාද වෙලා නැත්තෙ යුගාන් මට?"

"ම්ම්ම්ම්.........තමුසෙ නේත්‍රට කැමතියි නේද?"

"ය්.....යු....යුගාන්"

"ය් ය් යුගාන් නෙවේ ඕයි.මට ඇත්ත කියනවා.තමුසෙට මාව විශ්වාස කරන්න පුළුවන්"

"කැමති නෑ යුගාන්"

"තමුසෙ මට බොරුව දාගෙන එන්න එපා ඕයි! මෙතන...."

"කැමති නෑ.මම ආදරෙයි"

මුළු කාමරේ පුරාම ගලාගෙන ගියේ දැඩි නිහඩබවක්.රාත්‍රී කාලෙ නිසත් ගම්මානෙම මිනිස්සු මේ ඇදට යන වෙලාව නිසත් රැහැයියො බකමූණ්ණු කෑ ගහන සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් ගම්මානෙ පුරා පැතිරිලා තිබුණෙ නෑ.දිවාෂ ලොකු හුස්මක් පහලට දාන ගමන් තෙවින්ගෙ උරහිසකින් අත තිබ්බෙ තීරණාත්මක කතාවකට මුල පුරන්න හිතාගෙන.

"ආශවයි නේත්‍රයි ආදරේ කරනවා තෙවින් අයියෙ"

"ම්....ම....මම දන්නවා යුගාන්.මම දැක්කා අද......"

"මොකද්ද?"

"එදා හවස අපි කට්ටිය කෑම කෑවෙ එකටම.අන්න එදා හවසනෙ මම දැනගත්තෙ නේත්‍ර කන්න ආසා දේවල්.මම දන්නෑ.....මම මෙහෙම බොලද වෙලා නෑ මීට කලින්.ඒත් මට...මට නේත්‍ර වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න ඕනි වුණා.මම හැමදාම හවසට,උදේට අඩ අරගෙන නේත්‍රලාගෙ ගෙදර ගියා.ගෙනිහින් නේත්‍රට පේන තැනකින් තියලා දුවගෙන ඇවිත් පලවෙනි දවස දෙක හැංගිලා බලාගෙන හිටියා.නේත්‍ර ඒවා හිනා වෙලා අතට ගද්දි මට දැනුනෙ පුදුම සතුටක් යුගාන්.මීට කලින් එහෙම හැගීම් මට දැනිලම නෑ.

අදත් මම පුරුදු විදියට හවස යද්දි මට පොඩි සද්දයක් ආවා.....මම-මම.....මම හිතේ සැකේට ගිහින් ජනේලෙන් එබුනෙ යුගාන්......මට.....මට මතක් වෙද්දි ඉන්න බෑ යුගාන්.පපුව කකියනවා.....දරන්න බෑ මට"

එහෙම්මම දිවාෂගෙ ඇගට හේත්තු වුණු තෙවින් ඉකි ගගහා අඩන්න ගනිද්දි තෙවින්ගෙ කර වටින් තමන්ගෙ අතක් යැව්ව දිවාෂ තෙවින්ව තුරුල් කරගත්තෙ සහනයක් වෙන්න හිතාගෙන.විටින් විටේ තෙවින්ගෙ උරහිසට තට්ටු දැම්ම දිවාෂ තමන්ගෙ අනික් අතින් තෙවින්ගෙ ඔලුව අතගෑවා.

"දන්නවද යුගාන්......."

"කියන්න.මම අහගෙන ඉන්නම්."

"මම හුගාක් පුංචියි අපේ අම්මායි අප්පච්චියි ඩිවෝස් වෙද්දි.මටයි අයියටයිත් විත්ති කූඩුවට නගින්න වුණා යුගාන්.අපි දෙන්නව අම්මටයි අප්පච්චිටයි බෙදාගන්න කිව්වා.අපි දෙන්නටම ඒක තේරුනේ නෑ එවෙලෙ.මට මතකයි විත්ති කූඩුව උඩත් අයියයි මායි අත් දෙක පද්ද පද්ද හිනා වෙවී හිටියෙ.ඇයි ඉතින් අපි ඒ වගේ තැනකට කලින් ගිහින් නෑනෙ.....

එදා ගෙදර ආවට පස්සෙ අම්මයි අප්පච්චියි ආයෙ රණ්ඩු වුණා.අම්මා මාව තුරුල් කරගනිද්දි අප්පච්චි අයියව වඩාගෙන එලියට ගියා.මම හිතුවෙ එන්න රෑ වුණු නිසා ඩිනර් එකට මොනාහරි ගේන්න අප්පච්චි ගියා කියල.මම රෑ වෙනකං බලාගෙන හිටියා.අයියා ආවෙ නෑ.එදා මම නොකාම බඩගින්නෙ නිදාගත්තා.පස්සෙ දන්නෙ එදා අයියව අප්පච්චි අප්පච්චිගෙ වෙන ගෙදරකට එක්කන් ගිහින් තියෙන්නෙ.අප්පච්චිට කුලියට දීපු ගෙවල් කීපයක්ම කොලබ තිබ්බා.

ඊට දවස් කීපෙකට පස්සෙ ආයෙ අපි කට්ටියම උසාවි ගියා.ගිහින් ගෙදර එද්දිනුත් අපේ ගෙදර හිටිය මේඩ් ලොකු බෑග්ස් දෙකක් ලෑස්ති කරලා ලිවින් රූම් එකෙන් තියල තිබ්බා.එදා අප්පච්චි මාව බදාගෙන අඩද්දි අම්මා අයියව බදාගෙන ඇඩුවා.මායි අයියයිත් ඇඩුවා.මුකුත් හිතාගන්න බැරි උනත්,අම්මයි අප්පච්චියි අඩද්දි අපි දෙන්නත් ඇඩුවා.

යුගාන් අහගෙන නේද ඉන්නෙ?"

"ඔව් තෙවින් අයියෙ.....ඔයා කියන්න මම අහගෙන ඉන්නෙ"

"පස්සෙ තමා මට තේරුනේ අයියා මාව දාලා යන්න යන්නෙ කියලා.මම කෑගැහුවා....අයියව බදාගත්තා.....අයියාත් කෑගැහුවා මල්ලිව දාලා යන්න බෑ කියල.ඒත් අම්මා මාව හයියෙන් අල්ලගනිද්දි අප්පච්චි අයියව වඩාගෙන එලියට ගියා.....අයියා මගෙන් ඈත් වුණා යුගාන්.මගෙ ජිවිතේ ලොකුම හිස්තැනක් ඇති කරන ගමන් අයියා මගෙන් ඈත් වුණා......

මම අසනීප වුණා.ඉස්කෝලෙ යන්න බෑ කිව්වා.හැමදාම හැමදේම එකම වගේ කෙරුව මමයි අයියයි දෙන්නා වෙන් උනාට පස්සෙ ඒක කොහොමද කියලා ඔයාට හිතාගන්න පුළුවන් ද යුගාන්? එකම වගේ ඇදුම් නවලා දාලා තිබ්බ අල්මාරියෙ එක පැත්තක් හිස් වෙද්දි,එකට බෙදාගෙන නිදියෑව ඇදේ එක පැත්තක් හිස් වෙද්දි,ස්කූල් එකේ මට එහා පැත්තෙ ඩෙස් එක හිස් වෙද්දි,අයියට තුරුල් වෙලා හිනා වුණු,ඇඩුව මට තුරුල් වෙන්න පපුවක් නැති වෙද්දි......ඒ හැගීම හරි භයානකයි යුගාන්.....

මම එන්න එන්න ලොකු වුණා.අම්මගෙයි අප්පච්චිගෙයි තිබ්බ විරසක නිසා මට අයියවවත්,අයියට මාවවත් මුණ ගැහෙන්න බැරි වුණා.කෝල් ගන්න විතරයි පුළුවන් වුනේ.ඒත් අයියා ලග නෑනෙ යුගාන්.මම ජීවිතේ ගෙවන්නන් වාලෙ ගෙව්වා.

ඔයා දන්නවද? අන්තිමේදි මම කණ්ණාඩිය එක්ක කතා කරන්න ගත්තා.අයියයි මායි එකම වගේ නිසා මම කණ්නාඩියෙන් පේන ප්‍රතිබිම්බෙ අයියා කියලා හිතාගෙන කතා කරන්න ගත්තා.රිදුණු වෙලාවට මම කණ්ණාඩිය ඉස්සරහට වෙලා මාවම තුරුල් කරගත්තා.හිනා වෙන වෙලාවට කණ්නාඩිය දිහා බලන් හිනා වුණා.

මට යාලුවො කවුරුත් හිටියෙත් නෑ යුගාන්.අයියා හැමවෙලේම ආශව ගැන,දිවාෂ ගැන කියද්දි මට අයියට කියන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ.මම තනියම හිටියා.අභිෂේක් කියලා අයියෙක් ආවා අපේ ගෙදර බෝඩ් වෙන්න.එයා අපේ ස්කූල් එකේමයි.හැබැයි ලොකු අයියෙක්.එයා හරි හොදයි.මට පුංචි හරි සහනෙකට හිටියෙ ඒ අයියා විතරයි.

ඒත් මම ඕලෙවල් කරද්දි ඒ අයියා කැම්පස් යනවා.එයා ඒ වැඩ එක්ක බිසී වෙද්දි මම ආයෙ තනි වුණා.ඒ අතරෙ තමා ඕලෙවල් කාලෙ මට යාලුවො වගයක් එකතු වුණේ.කාත් කවුරුත් නැතුව හිටිය මට උන්ව හොදයි වගේ පෙනුනා.මම විනාස වුණු තැන එතන යුගාන්.මම විනාසම වුණා.

මම ඔයාට මෙව්වා කියන්න ලැජ්ජා වෙන්නෙ නෑ.මම ඒ කාලෙදිම ඩ්‍රග්ස් යූස් කලා.ගර්ල්ස්ලාව ඩේට් කලා.ක්ලබ් වල රිංගුවා.සෑහෙන්නම විනාස වුණා.මට ඉගෙන ගන්න උනන්දුවක් තිබ්බෙ නෑ.ඒත් ඕලෙවල් ශේප් එකේ පාස් වුණා.ඒ කාලෙ හම්බුනු නිවාඩු නිසා මට නිදහස උපරිම හම්බුනා.මම විනෝද වුණා කියලා හිතාගෙන කලේම විනාස වුණු එක.

මම ඒ ලෙවල් වලට ආට්ස් තෝරගත්තෙ මම ඒකට ආසා නිසා.මියුසික් පැත්තෙන් ඉස්සරහට යන්න ඕනි නිසා.ඒ අතරෙදි තමා අම්මා රට යනවා කිව්වෙ.ග්‍රැනීලා ලගට.මට ඇත්තටම ඒකෙන් ආවෙ දුකක් නෙවේ.සතුටක්.අයියා ලගට යන්න පුළුවන් කියලා මතක් වුණා මට.

යුගාන් නිදිද?"

"නෑ නෑ.....යකෝ සද්ද නැතුව කතාව අහගෙන ඉද්දි මෙතන......"

"හරි හරි කෑගහන්න එපා යුගාන්.මම නිකං ඇහුවෙ"

"ඊට පස්සෙ?"

"එහෙම තමා මම මෙහෙ ආවෙ.මට අයියා ලගට එන්න පුදුම වුවමනාවක් තිබ්බා.අයියත් හිටියෙ පුදුම සතුටකින්.ගෙදර එද්දි එකෙක් කරපු වැඩක් නිසා කනතු ගානෙ ලගින්නත් උනා මට"

"සොරි ඕයි"

"නෑ යුගාන්.පලවෙනි පාර දැක්ක වෙලේ ඉදන් මම ඔයාගෙ අමුත්තක් දැක්කා.පස්සෙ ආස්‍රේ කරද්දි ඒක වැඩි උනා.ඒක නිකං ලගම මනුස්සයෙක් ගැන දැනෙන දෙයක්.තමන් එක්ක කෙනෙක් ඉන්නවා වගේ දැනෙන දෙයක්.ඔයා මාත් එක්ක කොච්චර රණ්ඩු වුණත් මාව පාච්චල් කරලා නෑ.මට ඒක දැනුනා.

ඒත් නේත්‍ර ගැන දැනුනෙ ඊට වඩා සෑහෙන්න වෙනස් ෆීලින් එකක්.නේත්‍රව දැක්ක වෙලේම මගෙ පපුව මහ අමුතු වුණා.නේත්‍ර පුදුම ලස්සනයි යුගාන්.මම ඒ වගේ අහිංසක ලස්සනක් තිබ්බ කෙනෙක්ව දැකලම නෑ.ගර්ල්ස්ලා සෑහෙන්න ඩේට් කලත් මට නේත්‍ර ගැන ආව ෆීලින් එක ඒ කිසිම කෙනෙක් ගැන ඇති වෙලා නෑ.

ඒක නිකං පරිස්සමින් බලාගන්න ඕනි වගේ එකක්.කිසිම කෙනෙක්ට නොදී.ආදරෙන්.....ඒක මහ අමුතුයි යුගාන්.

මම නේත්‍රට ආදරේ කරන්න ගත්තා කියලා මට තේරුණා.මහ රෑට පැය ගණන් බිබී.......මම මෙහෙ ආවට පස්සෙ හොරෙන් සිගරැට් බියර් ගෙනත් තියාගත්තා.අයියගෙයි මගෙයි කාමර දෙකේම පුංචි ෆ්‍රීසස් දෙකක් තියෙනවා.ඒනිසා අහු වෙන්නෙත් නෑනෙ.

මම පැය ගණන් නේත්‍ර ගැන හීන මැව්වා.මගෙ නරක පුරුදු තිබ්බා.මම ඒ හැමදේම නේත්‍ර වෙනුවෙන් නැවැත්තුවා.මට ඕනි වුණේ නේත්‍ර ඉස්සරහ පර්ෆෙක්ට් මනුස්සයෙක් වෙන්න.ඒත් බලද්දි නේත්‍ර වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි.මට ඒක දරාගන්න බෑ යුගාන්.මට නේත්‍රව අමතක කරන්නත් බෑ යුගාන්......එච්චරයි......."

තෙවිනුයි දිවාෂයි දෙන්නම කවුලුවෙන් එපිට පායන හද දිහා බලාගෙන හිටියා.දිවාෂට හැමදේම කිව්වට පස්සෙ තෙවින්ගෙ හිත සෑහෙන්න සැහැල්ලු වුණා වගේම දිවාෂගෙ හිත සෑහෙන්න බර වුණා.දිවාෂට තෙවින්ව තේරුම් ගන්න පුළුවන් වුණත්,එයා හිර වුණා.ආශව නේත්‍ර කියන්නෙ පුංචි කාලෙ ඉදන් බැදුණු හිත් දෙකක අයිතිකාරයො.ඉතින් කොහොමද දිවාෂ තෙවින්ට උදව් කරන්නෙ?

"තෙවින් අයියෙ......."

"ම්ම්ම්ම්?"

"ඔයා නැවතිලා ඉන්නෙ ඔයාට අයිතියක් නැති තැනක."

"ඒත් යුගාන්......"

"ශ් ශ්....මම ඔයා කිව්ව දේ අහන් හිටියා වගේම දැන් ඔයා මම කියන දේ අහගෙන ඉන්න"

"හරි යුගාන්."

"දන්නවද ආශව අයියයි නේත්‍රයි දෙන්නා හම්බුනේ හුගක් පොඩි කාලෙ.ඒ කාලෙ නේත්‍රට අවුරුදු දහයයි.ආශව අයියට එකොලහයි.ආශව අයියා මෙහෙ ආව දවස් වල යකා වගේ.ඕකා මාවත් පලවෙනි දවසෙම තල්ලු කලා.පගයා...ඒත් ඌ නේත්‍රට මාර විදියට බැදුනා අයියෙ....ඒක මාර බැදීමක්.

නේත්‍රයා ඉස්සර මගෙ මක්ක කනවා....මම ඕවට රණ්ඩු වෙනවා.පුංචියිනෙ අපි"

"ඇයි ඒ මකන කන්නෙ?"

"මම ලග තිබ්බෙ අර පලතුරු සුවද මකන.නේත්‍රට ඒවා ගන්න සල්ලි නෑනෙ.එයා ආසාවට කනවා.මම ඒ කාලෙ රණ්ඩුමයි.ඕක දැනගෙන ආශව අයියා නේත්‍රට ඒ මකන පෙට්ටියක්ම ගෙනත් දීලා තිබ්බා.හැඩ දොලහක් තිබ්බා.මට හොදට මතකයි.නේත්‍ර හරි ආසාවෙන් ඒක මට පෙන්නුවෙ නෑ.හැබැයි නේත්‍ර ඒ මකන කෑවෙත් නෑ.

දවසක් මම සෙල්ලම් කරද්දි වැටිලා ලෙලි යන්න තුවාල වුණා.ලේ එකයි.දෙවින් පණ තමා මගෙ තුවාලෙ හෝදලා පිරිසිදු කලේ.එදා නේත්‍ර තුවාලෙට තියන්න නිදිකුම්බා වගයක් කඩන්න ගිහින් නේත්‍රගෙ ඇගිල්ල හීරුණා.ලේ බින්දුවයි ආවෙ.ආශවයා පුදුම විදියට කලබල වුණා.නේත්‍රගෙ අතක් කැපිලා වැටුණා වගේ නැටුවෙ.

පුංචි කාලෙ ඉදන්ම මට ඌ අපිට සලකන විදියෙයි නේත්‍රට සලකන විදියෙයි වෙනසක් පෙනුනා.ඒක සෑහෙන්න ලොකු වෙනසක්.අනික් අය ගාව නපුරු උනාට ආඩම්බර වුණාට,ආශව නේත්‍ර ලගදි සෑහෙන්න නිවෙනවා.ඌ නේත්‍ර එක්ක කේන්ති අරන් තියෙන ජීවිතේටම එක පාරයි මම දැනුවත්ව....එදා අණ්ඩත් කපාගෙන හිටියා....ආහ් ඊට පහු වෙනිදද කොහෙද ඔයා ආවෙ ගමේ....

ඌ නේත්‍රගෙ අතින් වෙන අතපසු වීමකටවත් සැර කරන්නෙ නෑ....එහෙම කරනවා මාරම අඩුයි.පුංචි දේටත් ඕකා අපේ ඇගට කඩා පැන්නට නේත්‍රගෙ ඉස්සරහ බබා වගේ.දෙවින් පණ විහිලුත් කරනවා...මැරයා වගේ ඉන්න එකා බබෙක් වෙද්දි හරි විනෝදජනකයි කිය කිය.

සතෙක් වෙන්න හිටිය ආශව අයිය මනුස්සයෙක් වුණෙ නේත්‍ර නිසා.කොලඹින් ගමට ආව ආශව මේ වෙද්දි සම්පූර්ණයෙන්ම වෙනස්.නිකන් කණපිට ගහලා වගේ.ඔයාම දන්නවා ඇති කොළබ හිටිය ආශව අයියව.දැන් ඉන්න එකා කොච්චර නම් වෙනස්ද? අම්මෙක්වත් නැතුව හැදුනු ආශව අයියට ඒ නැති වුණු ආදරේ දුන්නෙ නේත්‍ර...ආශවව ආදරේ පිරුණු මනුස්සයෙක් කලේ නේත්‍ර.ඉස්සර ආශව ලොකු මැණිකෙට ඔයා මෙයා කියලා කතා කරලා තියෙන්නෙ.දැන් පුංචි අම්මෙ කියලා කතා කරනවා.වැඩට ඉන්න මිනිස්සු එක්ක හිතවත්ව කතා කරනවා.

නිදිද දැන් උබ!!!!???"

"නෑ යුගාන්....එහෙම හෙමීට කතා කර කර ඉදලා එක පාරට කෑ ගහන්න එපා.මගෙ....."

"කන කීං කීං ගානවද? දෙන්නෙ උබට හොම්බ තැලෙන්න"

"කතාව කියන්නකො"

"ආශව ස්කූල් ක්‍රිකට් කැප්ටන්...ඒකට ආශව වගේම අනික් පැත්තෙන් නේත්‍රත් සෑහෙන්න මහන්සි වුණා.ආශව ආෆ්ටර් ස්කූල් ඉද්දි නේත්‍රත් පිට්ටනියෙ කොනකට වෙලා වාඩි වෙලා හිටියා.මුල් දවස් වල ආශව දන්නෙත් නේත්‍ර එහෙම හිටියා කියලා ප්‍රැක්ටිස් ඉවර උනාට පස්සෙ.චූටියි අයියෙ එතකොට නේත්‍ර.....හතේ අටේ විතර.....අන්තිමේදි ප්‍රැක්ටිස් දවස් වලට ආශව බත් එකකුත් අරගෙනමයි පිට්ටනියට යන්නෙ.නේත්‍ර ගාථා කිව්ව ගමන් ග්‍රවුන්ඩ් එකට දුවනවා.පැවීලියන් එකේ පඩියකට වෙලා හවස් වෙනකං ඉන්නවා.හෝම් වර්ක් කර කර එහෙම ඉන්නවලු.සමහර දවස් වල පඩිය උඩම නින්ද ගිහින්ලු.

ඔයාම හිතන්න තෙවින් අයියෙ ඒ දෙන්නගෙ බැදීම.ඒක ලේසි පහසු බැදීමක් නෙවෙයි.ඒක අවුරුදු ගාණක් තිස්සෙ ගොඩ නැගුණු දෙයක්.ආශව අයියා නේත්‍රව හැදුවෙ එයාගෙම තුරුලෙ තියාගෙන.දවසක් ඉස්කෝලෙ කොල්ලෙක් නේත්‍රව ඇල්ලුව කියලා ඒ කොල්ලගෙ අත කැඩුවා ආසවයා.එතකොට ඌ හත වසරෙ.නේත්‍ර ලොකු වුණේ ආශවගෙ තුරුලෙ.වයසින් මුහුකුරා යද්දි ආශවට වෙන කෙනෙක් ගැන නොහිතෙන තරමට නේත්‍රව හිතට දැනිලා තිබ්බා.නේත්‍ර විහිලුවකටවත් ආශවගෙ වචනෙකට පිටින් ගියේ නෑ.

ඒකෙන් කියවෙන්නෑ ආශව නේත්‍රව පාලනය කලා කියලා.ආශව නේත්‍රට මහ හුගක් ආදරේ දුන්නා.තවම දෙනවා.නේත්‍ර ඒ ආදරේට ආදරෙයි.ඌ පණ ඇරලා ආශවට.ආශව වෙනුවෙන් ඒ අහිංසකයා ඕනිම දෙයක් කරයි.ඒ දෙන්නගෙ ලෝකෙ අංක දෙක ඒ දෙන්නා.ආශවට වෙන බැදීම් නෑ.ඌ මහ මුදියන්සෙට,ලොකු මැණිකෙට වඩා ආදරේ කරන්නෙ නේත්‍රට.මොකද ඌට පුංචි කාලෙ ඉදන් ආදරේ දැනුනෙ නේත්‍රගෙන්.

ඔයාම හිතලා බලන්න තෙවින් අයියෙ,මේ කරන දේ හරිද කියලා.මම කියන්නෑ ඔයාට නේත්‍ර ගැන හැගීමක් ඇති වුණු එක වැරදියි,ඔයා ආදරේ කරන්න ගත්තු එක වැරදියි කියල.ඒත් ඔයා ඒක මෙතනින් එහාට කරගෙන යන එකයි වැරදි.නේත්‍ර වෙන කෙනෙක්ගෙ කියලා දැන දැන නේත්‍රව බලාපොරොත්තු වෙන එකයි වැරදි.ආශවට ඔයා ද්‍රෝහී වෙන්න හිතන එකයි වැරදි.ඔයා ඔය හැගීම තවත් ඇදගෙන යන එකෙන් ඔයා තනිවෙයි තෙවින් අයියෙ.හිතන්න,ආශව කියන්නෙ ඔයාගෙ අයියගෙ හොදම යාලුවා.ඔයාගෙ අයියා මේකෙ කොච්චර අසරණ වෙයිද? එයාට පුංචි කාලෙ ඉදන් පණ වගේ හිටපු යාලුවයි,එයාගෙ එකම මල්ලියි අතරෙන් කෙනෙක් හොයාගන්න උනාම?

මම හිතනවා ඔයා තේරුම් ගනියි කියලා.නිවි හැනහිල්ලෙ හිතන්න.ඔයා මේ කරන දේ වැරදිද කියලා.මම හිතන්නෑ නේත්‍රගෙ හිතේ ආශව ඇරෙන්න වෙන කිසිම පිරිමි රූපයක් මැවෙයි කියලා.හීනෙන්වත්.මම මේ විහිලුවක් නෙවේ කියන්නෙ.නේත්‍ර හීනෙනුත් "සුදු බේබි සුදු බේබි" ගානවා.ඒකගෙ පුංචි කාලෙ කටේම තිබ්බෙ "සුදු බේබි" දැන් "සුදු අයියෙ"......ඒත් මූ හීනෙනුත් "සුදුබේබි" කියන්නෙ ඇයි කියන එකනම් මට ප්‍රශ්නයක්.....ඒවා වැඩක් නෑ.....ඒකගෙ ජීවිතේම තියෙන්නෙ ඔය ආශව මත්තෙ."

"මට මුකුත් හිතාගන්න බෑ යුගාන්"

"දැන් හිතෙන්නෙ නැතිවෙයි.ඒත් හිතන්න. ඔහොම ඉන්නකො"

තෙවින්ව ටිකක් එහාට කරපු දිවාෂ නැගිටලා ගිහින් තමන්ගෙ පොත් මේසෙ තිබ්බ ෆයිල් එකක් අස්සෙන් කොලයක් අතට අරගෙන් ආපහු තෙවින් ලගට ආවා.

"පේනවද මේ කොලේ?"

"ඕ....."

"ඒක ලස්සනයි.පිලිවෙලයි?"

"ඔව් යුගාන්"

"හරි,දැන් ඕක පොඩි කරන්නකො"

දිවාෂගෙ අතෙන් කොලේ ගත්තු තෙවින් ඒක හොදට නවලා පොඩි කලා.පොඩි වුණු කොල ගුලිය ආපහු තමන්ගෙ අතට ගත්තු දිවාෂ ඒක පරිස්සමට දිග ඇරියා.

"මේ කලින් තිබ්බ කොලේමයි.මම ඒක දැන් දිගෑරියා දැන් මොකද වෙලා තියෙන්නෙ?"

"ඒක පොඩි වෙලා ගිහින්.පිලිවෙල නැති වෙලා"

"තෙවින් අයියෙ,මනුස්ස හිත් කියන්නෙත් එහෙම දෙයක්.හරියට මේ කොලේ වගේ.ඒකක් එක පාරක් රිදුනොත්,පොඩි උනොත් ඒ නැවුම් පාරවල්,පොඩි වුණු පාරවල් ආයෙ හදන්න හරි අමාරුයි.ඒක පුංචි වචනයක් වෙන්න පුළුවන්.හැසිරීමෙන් උනු දෙයක් වෙන්න පුළුවන්.වැරදි වැටහීමක් වෙන්න පුළුවන්.ඔයා බැරි වෙලා හරි නේත්‍ර ගැන තියෙන අදහස තවත් ඉදිරියට අරන් ගියොත් වෙන්නෙ මේ දේ.ආශව අයියගෙ හිතට,දෙවින් අයියගෙ හිතට,නේත්‍රගෙ හිතට වගේම මගෙ හිතට.අයන් කරලවත් මේ කොලේ පොඩි වුණු පාරවල් සම්පූරණයෙන්ම අරින්න බෑ තෙවින් අයියෙ.ඒ නිසා දෙයක් කරන්න කලින් සියපාරක් හිතන්න.මම හිතනවා ඔයා මාව තේරුම් ගනියි කියලා."

"මම කල්පනා කරන්නම් යුගාන්.මගෙ ඔලුවම විකාර වෙලා වගේ."

"ඔයාට තව මොනවාහරිම කියන්න තියෙනවද මට? හිත නිදහස් කරගන්න?"

"නෑ යුගාන්.කාලෙකට පස්සෙ මට ලොකු සහනයක් දැනෙනවා"

"හ්ම්ම්......තමුසෙ ගෙදරට කියලද ආවෙ මෙහෙ එනවා කියල?"

"නෑ යුගාන්.ගෙදර කවුරුත් හිටියෙ නෑ.අයියත් දෙනෙත්ලගෙ ගෙදර අද ඉන්නවා කියලා දාලා තිබ්බා මැසේජ් එකක්.අප්පච්චි නම් එන වෙලාවල් අපි දන්නෙ නෑ.එයා අපි ඉන්නවද හොයන්නෙත් නෑනෙ.අත්තම්මට ගාණක් නෑ එහෙම ලොකුවට."

"කන් ඇහෙන්නෙත් නෑ නේද?"

"ඔව් යුගාන්....ඇ....ඇයි හිනාවෙන්නෙ?"

"පස්සෙ දවසක කියන්නම්කො.දැන් නිදාගන්න"

"හා යුගාන්.ඔයා කොහෙද නිදාගන්නෙ?"

"ඇදේ.ඇයි?"

"මම?"

"ඇදේ"

"දෙන්නම?"

"උබයි මායි කෙල්ලෙකුයි කොල්ලෙකුයි නෙවෙයිනෙ.නිදාගනින් ලබ්බ.මෙතන ආවා ලබ්බක් අහන්න"

"කෑගහන්න එපා යුගාන්.ඇත්තටම කන නෑ වගේ දැන්නම්"

"අනේ මේ.නිදාගනින්.මම ලයිට් ඕෆ් කරලා එන්නම්"

"මේ යුගාන්"

"ඕහ්හ්හ්"

"ඔයා කලින් අමුතුවට හිනා වීගෙන ආවට මට ලැජ්ජා හිතුනෙ නෑ"

"ඇ....ඇයි ඒ?"

"මම ටොප් කෙනෙක් යුගාන්.ඔයානම් බොටම් වයිබ් එකක් පෙන්නන්නෙ"

"තෙවින් විහන්ස සිංහවංශ!!!!! මම තෝව මෙතන බොටම් කරන්න කලින් කට පුක පියාන නිදාගනින්"

"කෑගහන්න එපා යුගාන්.....ඇත්තටම කන කීං කීං ගානවා"

...................................................................................................

"වැඩ කටයුතු හරිද මැණිකෙ?"

"ඔව් අපේ මහත්තයා.දහනවයනෙ මේ......ඉතින් ටිකක් ලොකුවට පිංකම කරන්න හිතාගත්තෙ"

"ඒක හොදයි මැණිකෙ.....එතකොට දිවා රාත්‍රී පිරිත් සජ්ජායනාවක්? ලොකු හාමුදුරුවො මොකද කිව්වෙ?"

"ලොකු හාමුදුරුවො අවසර දුන්නා අපේ මහත්තයා....18 වෙනිදා එහා ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලා මෙහෙ පන්සලට වැඩම කරනව කිව්වා.උන්නාන්සෙලාගෙන් පහලොස් නමයි,අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ හතර නමයි 19 වෙනිදා හවස් යාමෙ වලව්වට වැඩම කරාවි.

20 වෙනිදා ලැබෙද්දිනුත් එතකොට පිරිත් සජ්ජායනාව පැවැත්තෙනවනෙ.එතකොට උපන්දිනේ ආරම්භ වෙන්නෙම පිරිත් මැද්දෙ.එහෙම හොදයි නේද අපේ මහත්තයා....සාදයක් දානවනම් හවසට දාන්න පුළුවන්නෙ."

"ඔව් අපේ මැණිකෙ....පොඩියට සාදයක් ගමු.සුදු පුතා කැමති යාලුවන්ට එන්න කියලා.මතකනෙ දාහත්වෙනි උපන්දිනේ නෑයොන්ට එහෙම කියලා සුදු පුතා නටපු නාඩගම.ඒ නිසා මැනිකෙ සුදු පුතාගෙන්ම අහලා කැමති අයව ගෙන්නගන්න"

"හොදයි අපේ මහත්තයා"

මහ මුදියන්සෙ මැණිකෙගෙ ඔලුවත් අතගාලා ගේ ඇතුලට ගියා.අද සෙනසුරාදා දවසක් නිසා ආශව අමතර පන්ති ගිහින් හිටිය නිසා මැණිකෙ ආශව එනකං මග බලාගෙන උන්නා.එන්න වෙලාව දැන් දැන් ලං වෙන නිසා මැණිකෙ කුස්සියෙ හිටිය නිර්මලාට වතුර එකක් ලිපේ තියන්න කියලා කියන ගමන් ආපහු පාරක් ඉස්තෝප්පුවට ඇවිත් පොතක් කියවන්න ගත්තා.

* * * * *

ලාවට අදුර වැටීගෙන එන ගොම්මන් වෙලාවෙදි ආශව දෙවින් එක්ක වෙල් යාය පහු කරන ගමන් හිටියා.පාර අයිනෙ තිබ්බ නිදිකුම්බා පැලයක් පාගලා දැම්ම ආශව කිරි පැකට් එකක් බිබී හිටිය දෙවින්ගෙ ඔලුවට හයියෙන් පාරක් ගැහුවා.ආශව සාමාන්‍යෙන් එහෙම විහිලු තහලු කරලා හැසිරෙන කෙනෙක් නොවුණු නිසා දෙවින් දැනගත්තා ආශව මේ ගහන්නෙ කේන්තියට කියලා.දිවාෂ වගේ අය විහිලුවට ගැහුවට ආශව වගේ අය ගහන්නෙ නම් කේන්තියට!

"ගහන්නෙ?"

"මට අරක හරි ප්‍රශ්නයක් බං"

"අඩේ?"

"හ්ම්ම්ම්"

"අඩේට පල්ල තියන්න තමා වෙන්නෙ"

"මොකද්ද?"

"නෑ නෑ මුකුත් නෑ"

ආශව රවලා අහද්දි බීලා ඉවර කිරි පැකට් එක පොඩි කරපු දෙවින් ඒක තමන්ගෙ බෑග් එකේ හරස් සාක්කුවට ඔබාගත්තා.කිරි පැකට් එකට මුල් තැන දීගෙන වගේ හිටියට දෙවින්ගෙ ඔලුවෙ වැඩ කලෙත් ආශව තමන්ගෙන් ඇහුව කාරණේම තමා.ඇත්තටම ඒක ඉලන්දාරියො දෙන්නටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා.එහෙම දෙයක් කලේ කවුරු වෙන්න පුළුවන් ද? දෙන්නගෙම ඔලුවෙ වැඩ කලේ ඒ දේ විතරමයි.

"දැන් ඔය සිද්ධිය වෙලා දවසක්ම ගියා දෙවින්.ගමේ කෙනෙක්නම් දැක්කෙ මේ වෙද්දිනුත් අප්පච්චිට කියලා තියෙන්න ඕනි.ඒත් එහෙම උනේ නෑ"

"ඒක ඇත්ත.එහෙනම් මේ වෙද්දි නටන්න තියෙන දහ අට සන්නි ඔක්කොම නටලා.හවස උබ කෝල් කරද්දිනුත් නේත්‍ර හොදට හිටියනෙ?"

"ඔව් දෙවින්.නේත්‍රට කිසිම ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ නෑ."

"අනික ඔය ඇවිල්ලා තියෙන්නෙ නේත්‍රට අඩ තියෙන කෙනානෙ.එතකොට එයාට ඔයාලව පාවලා දෙන්න ඕනිත් නෑ.....කවුරුහරි නේත්‍රට ආදරේ කරනවද?"

"හහ්!!!!"

ආශවගෙ කටින් පිටවුණු වියරු හඩට දෙවින්ගෙ උනත් හිත ගැස්සුණා.දෙවින් හොදටම දැනගෙන හිටියා ආශව නේත්‍රට කොච්චර ආදරෙයිද කියන එක වගේම නේත්‍ර ගැන තියෙන්නෙ කොච්චර ආත්මාර්ථකාමී හැගීමක්ද කියන එක.වැඩියෙ ඕනි නෑ පුංචි කාලෙ දිවාෂ එක්ක පවා ආශවගෙ හිතේ තිබුණු ඉරිසියාව ගැන දෙවින්ට හොදට මතක තිබ්බා.ඒ කාලෙ තමන් කොච්චර නම් ආශවගෙයි දිවාෂගෙයි රණ්ඩු බේරුවද කියලා දෙවින්ට හොදටම මතක තිබ්බා.ඉතින් දැන් එහෙව් ආශව නේත්‍රට වෙන කෙනෙක් ආදරේ කරනවා කියලා අහු වුණොත් මොන තරම් වියරු වෙයිද කියලා දෙවින්ට හිතාගන්න බැරි වුණා.

"නේත්‍රට මම විතරක් ආදරේ කරයි දෙවින්!!! මම විතරක්!!!"

"මම ඒක දන්නවා ආශව....ඒත් ටිකක් හිතපං.ඒ දුන්නු කෑම වල කිසිම අවුලක් තිබුනෙත් නෑ.ඒ ආව මනුස්සයගෙ හිතේ ඒ කියන්නෙ නේත්‍රට කරදරයක් කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබිලත් නෑ.එතකොට උබලා දෙන්නව දැක්කත් තවම සද්දෙකුත් නෑ.හිතපං......"

"හ්ම්ම්ම්"

බිම බලාගෙන කල්පනාකාරීව යන ආශවව දැක්ක දෙවින්ගෙ හිතේ තිබ්බ බය තව ටිකක් වැඩි වුණා.සද්ද බද්ද නැතුව ඉන්න ආශවගෙ හිතේ මොන වගේ දෙයක් වැඩ කරනවද කියලා හැමදාම දැනගෙන හිටියෙ ආශවයි උඩ ඉන්න දෙයියොයි විතරයි.අනික් මිනිස්සු ඒ දේ දැනගත්තෙ ආශව හිතේ තියෙන දේ ක්‍රියාත්මක කලාට පස්සෙ.

දවසක් තමන්ගෙ පාසල තියෙන ප්‍රදේශයේම තියෙන වෙනත් ප්‍රධාන පාසලක ක්‍රිකට් ටීම් එකත් එක්ක තමන්ගෙ කණ්ඩායමට මැච් එකක් තිබ්බ ඒ දවස දෙවින්ට මතක් වුණා.එදා මැච් එක ඉවර වෙලා හවස ගෙදර යන්න කට්ටිය පිටත් වෙද්දි අනික් පාසලේ ටීම් එකේ හිටිය කොල්ලෙක් විහිලුවට නේත්‍රගෙ පස්සට බෝලෙකින් ගහලා හිනා වුණු හැටි දෙවින්ට මතක් වුණා.එදත් ආශවගෙ හැසිරීම මේ වගේමයි.සද්ද බද්ද නැතුව කල්පනා පිට නේත්‍ර එක්ක ගෙදර ගිය ආශව ආයෙ ඒ ගැන කිසිම වෙලාවක කතා කලෙත් නෑ.ඒත් දවස් තුනක් යන්නත් කලින් ඒ කොල්ලගෙ අතක් කැඩෙන්නම අනතුරක් වෙලා කියලා විතරක් දෙවින්ලට දැනගන්න ලැබුනා.කට්ටියම ඒ ගැන කතා වෙද්දි ආශව විතරක් සද්ද නැතුව පැත්තකට වෙලා හිටිය හැටි දෙවින්ට මතක් වුණා.ඒ පාඩුවෙ ඉන්න එක ආශවගෙ පුරුද්දක් උනත් එවෙලෙ ආශවගෙ ඇස් තෘප්තිමත්ව දිලිසෙමින් තිබුණු හැටි දැක්ක දෙවින්ට වෙලා තියෙන්නෙ මොකද්ද කියන එක අමුතුවෙන් හිතාගන්න වුවමනා වුණේ නෑ.ඉතින් දෙවින් හැමදාම නේත්‍ර සම්බන්ධ ප්‍රශ්නෙකදි ආශවගෙ නිහඩ බවට බය වුණා.

"කරන දෙයක් මට කියලා කරපං ආශව.උබ පුක කැඩිච්ච කඩියා වගේ මොනාහරි ලබ්බක් කරලා කෙලවගන්න එහෙම එපා.හිතපං.ඉස්කෝලෙන් අයින් වෙන්න තියෙන්නෙ තව ටික කාලයයි.ඊට පස්සෙ අපිට ක්ලබ් එකකට බැදෙන්න පුළුවන්.උබව ගන්න ක්ලබ් කීයක් බලන් ඉන්නවා කියලද හිතන්නෙ උබ?

නේත්‍ර විතරක් නෙවෙයි.අනාගත හීන ගැනත් හිතපං ආශව.එව්වා උබේ විතරක් නෙවෙයි නේත්‍රගෙත් හීන.එව්වා කඩාකප්පල් කරගන්න යන්න එපා.උබටම මතකනෙ උබ ස්කූල් ටීම් එකට තේරෙන්න කරපු කැපකිරීමෙ බාගෙක ක්‍රෙඩිට් එක නේත්‍රටත් යන්න ඕනි කියලා"

"හ්ම්ම්......ඒත් මට මේ කෙනාව හොයාගන්න ඕනි දෙවින්! මම නැති වෙලාවක මහ රෑක නේත්‍රට කරදරයක්වත් වුණොත්?"

"ඔව් ඒක ඇත්ත.උදේ හවස දෙකේම අඩ......පොඩ්ඩක් ඉදපං ආශව"

"ඇයි දෙවින්.....ඔයාට මොකක් හරි මතක් වුණාද?"

"න්....නෑ නෑ බං.ඒ ෆිල්ම් එකක වුණු සීන් එකක්නෙ"

දෙවින්ට එකපාරටම මතක් වුණේ දැන් දවස් ගාණක් තිස්සෙ උදේටයි හවසටයි ගෙදරින් අතුරුදන් වෙන තමන්ගෙ මල්ලිව.ගෙදරින් අතුරුදන් වෙලා ටික වෙලාවකින් හරි සතුටින් හිනා වෙවී ගෙදරට එන තමන්ගෙ මල්ලිව.ඒත් දෙවින්ට ඒ ඔස්සේ එක දිගටම හිතන්න කිසිම වුවමනාවක් තිබුනෙ නෑ.තමන්ගෙ මල්ලි ඒ දේ කලේ කියලා හිතන්න කොහෙත්ම වුවමනාවක් දෙවින්ට තිබ්බෙ නෑ.ඊයෙ මල්ලිගෙ කාමරේ විනාස වෙලා තිබුනේ මේ සිද්ධිය දැක්ක නිසා කියලා හිතන්න කිසිම වුවමනාවක් දෙවින්ට තිබ්බෙ නෑ.ඊයෙ මල්ලි රෑ දිවාෂලාගෙ ගෙදර ගිය හේතුව මේක කියලා හිතන්න දෙවින්ට කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ.තමන්ගෙ එකම මල්ලියි,පණ වගේ ඉන්න යාලුවයි අතරෙ හිර වෙන්න දෙවින්ට ඕනි වුණේ නෑ.ගැහෙන පපුව සන්සුන් කරගත්තු දෙවින් ලොකු හුස්මක් පහල දැම්මා.නෑ! ඒක කලෙ තමන්ගෙ මල්ලි නෙවෙයි!

දෙවින් තමන්ගෙ වලව්ව ලගින් ආශවට සමුදෙද්දි තමන්ගෙ දුරකථන තිරයෙ තිබ්බ නේත්‍රගෙ ඡායාරූපයක් දිහා බලලා හිනා වුණු ආශව දුරකථනෙ සාක්කුවට දාගත්තා.ඒක ආශවගෙ පුරුද්දක්.විනාඩි දහයකට සැරයක්වත් ආශව තමන්ගෙ දුරකථනෙ තිරය දිහා බලලා හිනා වෙනවා.නේත්‍ර ලග නැති වෙලාවට විතරයි ඒ.

ඉරුගල්බණ්ඩාර වලව් වත්තෙ මහා විසාල ගේට්ටුව ලග මුරට හිටිය මැදි වයසෙ මනුස්සයෙක් වුණු සමරෙ ඉක්කන්ට ආශවව දැකලා ගේට්ටුව අරිද්දි සමරෙට පුංචි හිනාවකින් සංග්‍රහ කෙරුව ආශව වලව්වට පය නැගුවා.ඈතින්ම තමන්ගෙ පුංචි අම්මා මග බල බල ඉස්තෝප්පුවට වෙලා ඉන්න හැටි දැක්ක ආශවගෙ මූණට පුංචි හිනාවක් ආවත් ඒක යටපත් කරගත්තු ආශව පුරුදු ආඩම්බරතාලෙටම වලව්වට පය ගැහුවා.

"කොහෙද සුදු පුතා යන්නෙ?"

"පේපර්ස් වගයක් ෆොටෝකොපි ගහන් ආවා පුංචි අම්මෙ.නේත්‍රට දීලා එන්නම්"

"දැන් අදුරු වැටිලනෙ සුදු පුතා....හෙට ගිහින් දුන්නොත් නරකද? නැත්තං නිර්මලා අතේ යවමු"

"මම උදේ යද්දි කියලා ගියේ පුංචි අම්මෙ නේත්‍රට මේ යුනිට්ස් ටික බලාගන්න කියලා.දැන් එයා ඒ ටික බලාගෙන ඇති.නිර්මලාගෙ අතේ යැව්වොත් ටයිම් මදිනෙ කරන්න.මම මේ ටික දීලා එන්නම්"

"හරි සුදු පුතා ඉක්මනට එන්න"

ආශව බෑග් එක ඉස්තෝප්පුවෙ තිබ්බ පුටුවක් උඩින් දාලා බෑග් එකේ තිබ්බ ප්‍රශ්න පත්‍ර දෙක රෝල් කරගෙන වත්තෙ පල්ලම් බහින තැනට වේගෙන් ඇවිදලා යද්දි පොතයි ආශවගෙ බෑග් එකයි අතට ගත්තු ලොකු මැණිකෙ හෙමින් සීරුවෙ වලව් මුළුතැන්ගේ පැත්තට ඇදුනා.

"නිර්මලා වතුර ඩිංගක් වැඩිපුර රත් වෙන්න තියපං"

"ලොකු මැණිකෙ?"

"සුදුපුතා ආං නේත්‍ර කොල්ලට ප්‍රශ්නපත්‍ර වගයක් දෙන්න ගියා.තනියෙන් ගියාට සුදුපුතා එන්නෙ නේත්‍ර කොල්ලවත් ඇදගෙනමනෙ"

ලොකු මැණිකෙ සැහැල්ලුවෙන් කියද්දි හරි අහිංසක විදියට හිනා වුණු නිර්මලා වතුර කේතලේ පියන ඇරලා තව වතුර ඩිංගිත්තක් කේතලේට දාලා කෝප්ප ටික හෝදලා ලෑස්ති කලා.මොනා නැතත් සුදු බේබිට පින් සිද්ධ වෙන්න තමන්ගෙ පොඩි එකාට ගොඩක් දවස් වල හවහට පිටිකිරි එකක් ලැබෙන එක ගැන නිර්මලා හිටියෙ හරි හිතේ සතුටකින්.තමන්ගෙ පුංචි එකාගෙ සතුට එහෙම හරි බලන එක නේන්නම් අම්මෙක්ගෙ සැනසීම.

"නේත්‍ර"

"සුදු අයියෙ! බලාගෙන!ඔය පැදුර පාගන්න එපා"

ආශව කෑ ගහගෙන නේත්‍රලාගෙ ගෙදර ඉස්තෝප්පුවට ගොඩ වෙද්දි නේත්‍ර ගේ ඇතුලෙ ඉදල හයියෙන් කතා කලා.පුංචි පැදුරක දාලා තිබ්බ සේපාලිකා මල් ටික මේ වෙලාවට එන මද පවනෙ වේලෙන්න ඉඩ ඇරලා තිබ්බ නේත්‍ර ගොම්මන් වැටිලත් ඉවර නිසා පෙට්ටියකුත් අරං ආවෙ මල් ටික අඩුක් කරගන්න.

"සේපාලිකා මල් වේලන්නෙ මොකටද නේත්‍ර?"

"පොඩි වැඩකට සුදු අයියෙ.....මම පස්සෙ කියන්නම්"

නේත්‍ර කිව්වට පස්සෙ ආශව බලකරලා අහන්න ගියේ නැහැ.දෙයක් පස්සෙ කියන්නම් කියන්නෙ ඒ දේ කියන්නෙ පහු වෙලා කියන එක නේත්‍ර වගේම ආශවත් තේරුම් අරන් හිටියා.ඉතින් ඒ නිසා ඒ දේවල් හාර හාර අහන පුරුද්දක් නේත්‍රගෙවත් ආශවගෙවත් තිබුනෙ නැහැ.ආශවගෙ මහන්සි මූණ දිහා බැලුව නේත්‍ර ඉක්මනටම දුවලා ගිහින් කුස්සියෙන් වතුර වීදුරුවක් අරන් ඇවිත් ආශවට දුන්නා.

වතුර වීදුරුව එක හුස්මට බීලා ඉවර කෙරුව ආශව නේත්‍රගෙ ඔලුව අතගාලා හිනා වෙද්දි නේත්‍රත් ආපිට ආශව එක්ක හිනා වුණා.ආශවගෙ අතින් වතුර වීදුරුව ගත්තු නේත්‍ර කුස්සියට දුවලා යන්න හැදුවත් නේත්‍රගෙ අතින් අල්ලලා නවත්තගත්තු ආශව නේත්‍රගෙ අතින් අල්ලලා ලගට අරගෙන තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා.

"මහන්සියි නේත්‍ර......ටික වෙලාවක් මෙහෙම ඉන්නම් මම"

"මහන්සියිද සුදු අයියට?"

"ඔව් නේත්‍ර"

තමන්ව තුරුල් කරන් තමන්ගෙ උරහිසකට ඔලුව තියාගෙන ඉන්න ආශවට තව ටිකක් තුරුල් වුණු නේත්‍ර හෙමීට ආශවගෙ පිට දිගේ අතගෑවා.ටික වෙලාවකින් නේත්‍රගෙන් ඈත් වුණු ආශව නේත්‍රගෙ සිනිදු නලල් තලෙන් ආදරේ පිරුණු හාදුවක් තවරද්දි රතු පාට වුණු නේත්‍ර තමන්ගෙ මාපටැගිල්ලෙන් බිම පහුරු ගෑවා.

"මම ආවෙ මේ පේපර්ස් ටික දෙන්න නේත්‍ර.ඒත් දොරවල් ජනෙල් වහලා යං මාත් එක්ක.මගෙ රූම් එකට වෙලා පේපර් එක කරන්න පුලුවන්නෙ.නිර්මලා වැඩ ඉවර වෙද්දිනුත් රෑ වෙයි"

ආශව කිව්ව දේට ඉක්මනට ඔලුව වැනුව නේත්‍ර දූවලා ගිහින් වීදුරුව හෝදලා තට්ටුව උඩින් නවලා තියලා ගෙදර ජනෙල් දොරවල් ටික වහලා දාලා එලියට බහිද්දි ආශව හිටියෙ වත්ත අයිනෙ තිබ්බ ගැටපිච්ච මල් වැල ගාව.ගැටපිච්ච මල් පොහොට්ටු දෙක තුනක් කඩලා පරිස්සමට වම් අතේ ගුලි කරගත්තු ආශව,ප්‍රශ්න පත්‍ර දෙක නේත්‍රගෙ අතට දීලා තමන්ගෙ දකුණතින් නේත්‍රව අල්ලගෙන වලව්ව පැත්තට ඇදෙන්න ගත්තා.

...................................................................................................

වචන 4200+🙂

දිවාෂගෙ ස්පෙශල් චැප්ටර් එක ලියන්න ගනිද්දි තමා මතක් වුනේ ආසවගෙ උපන්දිනේ තිබ්බෙ දෙන්නගෙ නිවාඩු කාලෙක නේද කියලා.පස්සෙ බලද්දි මතක් වුනේ ඒ දෙසැම්බර් නේද කියලා 🙂💔 හරිම අපූරුයි මගෙ මතක සක්තිය👍

කියන්න ලොකු දේවල් නෑ,

පටන් ගත්තු දේ ඉවර කරන්නම් මම❤️

කතාව හොදනම්,දැනුනනම් අදහසක් කියාගෙන යන්න❤️

වැරැද්දක් තිබුනොත් පෙන්නලා දෙන්න❤️

කැමීලියා ගිහින් එන්නම්❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter