Back
Chapter 39

38 කොටස🤍✨️

නිවාලන්න මා...

"ස්....සුදුබේබි?"

"එකම එක හාද්දක් විතරයි නේත්‍ර.....ඒත් මම බල කරන්නෙ නෑ.....නේත්‍ර කැමතිනම් විත....."

ආශව කියන්න ගිය දේ සම්පූර්ණ කරන්නත් කලින් ආශවගෙ තොල් උඩින් තමන්ගෙ තොල් තිබ්බ නේත්‍ර තත්පර දෙක තුනකින් ආශවගෙ තොල් වලින් ඈත් වුණා.නේත්‍ර ආශව වගේ සිපගන්න දැනන් හිටියෙ නැහැ.ඊටත් වඩා නේත්‍ර සෑහෙන්නම ලැජ්ජාකාරයෙක් වුණා.ඉතින් ආශවගෙ තොල් උඩින් තමන්ගෙ තොල් දෙක තද කරපු නේත්‍ර ඉක්මනටම ආශවගෙන් ඈත් වුණත් නේත්‍රගෙන් ඈත් වෙන්න ආශවටනම් උවමනාවක් තිබුනෙ නෑ.නේත්‍රගෙ ඉණ වටේ තිබ්බ අතින්ම නේත්‍රව තමන්ගෙ ලගට ලං කරගත්තු ආශව ආපහු පාරක් හෙමීට කොදුරන්න ගත්තා.

"නේත්‍ර,තව එකම එකක් දෙන්නකො.....හැබැයි ඔයිට වඩා ටික වෙලාවක් ඉන්න ඕනි"

"ස්....සුදුබේබි........"

"අනේ නේත්‍ර.....උපන්දින තෑග්...."

මේ පාර ආශවගෙ තොල් උඩින් තමන්ගෙ දෙතොල් තද කෙරුව නේත්‍ර විනාඩියක් විතරම ආශවට ඇලිලා හිටියා.නේත්‍ර විහින්ම තමන්ට දෙන පලවෙනි අහිංසක හාදුව හිතේ ගැඹුරින්ම රස විදින ගමන් හිටිය ආශව නිකමටවත් තොල් චලනය නොකලෙ,මේ හාදුවෙ තියෙන ඒ අහිංසක ගතිය නැති කරගන්න ඕනි නැති නිසා.වෙනදට චලනය වෙන,ආශවගෙ තොල් අතරට අහු වෙලා වේගයෙන් ඉරවෙන නේත්‍රගෙ තොල් එක්ක පැටලෙන හාදුවෙත් ආදරේ පිරිලා තිබුණට මේ වගෙ අහිංසකකමක් පිරිලා තිබුනෙ නැහැ.ඉතින් ආශවත් නොසෙල්වී හිටියෙ ඒ අහිංසකකම විදදරාගන්න ගමන්.

"නේත්‍ර......"

විනාඩියක් විතර ඉදලා තමන්ගෙ තොල් මතින් ඈත් වුණු නේත්‍රව තව ටිකක් ඇගට තද කරගත්තු ආශව තමන්ගෙ ගැඹුරු හඩ නේත්‍රගෙ කන් අසල දවටන්න ගත්තා.ඒත් එක්කම නේත්‍රගෙ වෙනසක් තේරුණු ආශව ඉක්මනටම නේත්‍ර දිහා බලද්දි ඒ මූණ පුරා දාඩිය මතු වෙලා රතුපාට වෙලා තිබ්බා.

"අනේ මට පණ නෑ වගේ සුදුබේබි......"

වෙවුලන කකුල් වලින් තමන්ගෙ ඇගට වාරු වුණ නේත්‍රව අල්ලගත්තු ආශව එහෙම්මම නේත්‍රව උස්සගෙන ගිහින් තමන්ගෙ ඇද උඩින් ඇල කරවද්දි ආශවගෙ කමිසෙ තමන්ගෙ පුංචි අත් අතරට ගුලි කරගත්තු නේත්‍ර ආශවගෙ ආදරේ පිරුණු ඇස් දෙක දිහා බලාගෙන හිටියා.ආශවගෙ ඇස් වල තමන් වෙනුවෙන්ම පූදින ආදරෙ තවත් දරන්න බැරි වුණු නේත්‍ර එහෙම්මම ඉස්සිලා ආශවගෙ නලලෙන් තමන්ගෙ තොල් දෙක තද කරද්දි ආශව ලස්සනට නේත්‍ර එක්ක හිනා වුණා.

"නේත්‍ර දන්නවද?"

"ම්ම්ම්ම් සුදුබේබි?"

"අද නේත්‍ර දුන්නු හාද්ද.....වෙනදා ඒවටත් වඩා මට දැනුනා"

ආශවගෙ වචනත් එක්ක ආපහු පාරක් රතු ගැහුණු නේත්‍ර ආශවගෙ හැගීම් උතුරන ඇස් දෙක දරන්නම බැරි තැන බිම බලාගනිද්දි,කාත් කවුරුත්ම නැති අඩ අදුරු කාමරේක තමන්ගෙ එකම ආදරේ එක්ක තනිවුණු ආශවගෙ හැගීම් ඇවිස්සෙද්දි ආශව නේත්‍රගෙ ඔලුව උඩින් අත තියන ගමන් ඒ දෙතොල් වලට නැඹුරු වුණා.ආශව තමන්ව ආයෙමත් සිපගන්න එන බව දැනුනු නේත්‍ර හයියෙන් ගැහෙන තමන්ගෙ පපුව උඩින් ආශවගෙ අතක් තියාගන්න ගමන්,තමන්ගෙ නිදහස් අතින් තමන්ගෙම කට වහගත්තා.

"ආයෙ බෑ........සිහි නැති වෙයි සුදුබේබි මට"

තමන්ගෙ කටත් අතින් වහගෙන ඇසුත් ලොකු කරන් මිමිණුව නේත්‍රගෙ පපුව ගැහෙන වේගෙට ඇහුම්කන් දුන්නු ආශව හිනා වෙන ගමන්,නේත්‍රගෙ දෙතොලට පාත් වුණු තමන්ගෙ තොල් එහෙම්මම නේත්‍රහෙ හිස් මුදුනට අරන් ගිහින් හාදු තැවරුවා.ඒත් එක්කම නේත්‍රගෙ අනික් පැත්තෙන් ඇලවුණු ආශව නේත්‍රව තුරුල් කරගෙන නේත්‍රගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගනිද්දි දැනෙන කිතිය පැත්තකට දාපු නේත්‍ර ආශවගෙ ඔලුව අතගාන්න ගත්තා.

"අද මට විශේෂ දවසක්නෙ නේත්‍ර.....උපන්දිනේනෙ"

"ඕ සුදුබේබි....මටත් විශේශයි.....සුදුබේබිගෙ උපන්දිනේනෙ"

"මම ඒක දන්නවා මැණිකෙ.....අද මට පොරොන්දුවක් වෙනවද?"

"කියන්න සුදුබේබි.....ඕනි දෙයක්"

"සතියක් ඇතුලත මාව කසාද බදින්න!!! ඉගෙනීම,පවුල,යාලුවො ඔක්කොමල්ලව අතෑරලා දාලා මාත් එක්ක මෙහෙන් පිට වෙමු"

"ස්....සුදුබේබි......"

"............................."

"හරි සුදුබේබි......මම පොරොන්දු වෙන්නම්.මම එන්නම් සුදුබේබි එක්ක යන්න"

"නේත්‍ර!!!! මගෙ රත්තරනේ!!!!"

ආශව නේත්‍රගෙ හුස්ම හිර වෙන්නම නේත්‍රව තද කරල බදාගත්තා.ඇත්තටම ආශව අහන්න ගියේ වෙන දෙයක් වෙද්දි ආශවට හිතුනා නේත්‍රව විහිලුවක් කරලා බය කරන්න.ඒත් ඒ විහිලුව ඇත්තක් විදියට ගත්තු නේත්‍ර,එයාගෙ හැමදේම අතෑරලා දාලා තමන් එක්ක යන්න එන්නම් කියලා කියද්දි ආශවගෙ පපුවෙ ගැඹුරුම හරිය හිර වුණා.වෙනදට ආදරේ සම්බන්ධයෙන් වචනයක් කියද්දිනුත් හෙමින්,පටලෝ පටලෝ ගොත ගගහා කියන නේත්‍ර අද හරි ස්ථීර විදියට තියුණු හඩකින් නේත්‍රගෙ තීරණේ කිව්ව හැටි මතක් වෙන වාරයක් ගාණෙ ආශවගෙ පපුව පුපුරන්න තරම් නේත්‍ර වෙනුවෙන් ආදරේ පිරුණා.

තමන්ගෙ ඉස්සරහ හැමවෙලේම හුරතල් වෙන,හාද්දක් ඉස්සරහදි නොසෑහෙන්න මුළු ගැන්නෙන අහිංසක නේත්‍රගෙ හිත තමන් වෙනුවෙන් මෙච්චර දරුණු තීරණ ගන්න තරම් ශක්තිමත් එකක් කියලා ආශව ඇත්තටම හිතුවෙ නෑ.නේත්‍ර තමන්ට පණ ඇරලා ආදරේ කරන බව දන්නවා උනත් මේ වගේ දරදඩු තීරණ ගන්න නේත්‍ර කෙනෙක්ව ආශව බලාපොරොත්තු උනේම නැහැ.නේත්‍රගෙ අහිංසකකම ඇතුලෙ ආශවගෙ ආදරේ වෙනුවෙන් පණ ගහන දරුණු ආදරවන්තයෙක් ඉන්නවා කියලා ආශව මේ වෙනකං ලොකුවට හිතුවෙ නෑ.අලු යට තියෙන ගිනි පුපුරු වගේ නේත්‍රගෙ අහිංසකකම අස්සෙ හැංගිලා තියෙන සුදුබේබි වෙනුවෙන් දරදඩු වෙන හිතුවක්කාර ආදරේ අවශ්‍ය වෙලාවල් වලදි එලියට පනින්න බලාගෙන හිටියා.

"මම කිව්වෙ ඇත්තටම සුදුබේබි.......මම ලෑස්තියි සුදුබේබි වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න"

"මැනිකෙ,මම විහිලුවක් කලෙ......මම කොහොමද මගෙ නේත්‍රව එහෙම අරගෙන යන්නෙ?

මගෙ නේත්‍රට හීන තියෙනවා,ආසාවල් තියෙනවා,ඉලක්ක තියෙනවා.ඒ හැමදේම නේත්‍ර හරියට ඉෂ්ට කරගන්න ඕනි.නේත්‍රට කියලා සමාජෙ ලොකු තැනක් හදාගන්න ඕනි.කිසි කෙනෙක් ඉස්සරහ මොනම හේතුවකටවත් නැවෙන්නෙ නැති මට්ටමකට මගෙ නේත්‍ර එන්න ඕනි.

අනික මම නේත්‍රව ගෙදරින් උදුරගෙන දුරකට එක්කන් යන්නෙත් නැහැ.ඒ හැමදේම මම පිලිවෙලට කරනවා....ගෙවල් දෙකේම කැමැත්ත එක්ක මම නේත්‍රව මගෙ කරගන්නවා.

මම දන්නවා ඔය ඇසුත් ලොකු කරන් හිතන්නෙ මොකද්ද කියලා.අප්පච්චි අකමැති උනත් මට කරන්න දෙයක් නෑ.මට අම්මෙක් නෑ.අම්මා හිටියනම් මාව තේරුම් ගනියි....ඒත්......ඒත් මට පුංචි අම්මා ගැන පොඩිම පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.මට එයාව කැමති කරවගන්න පුළුවන් වෙයි....නේත්‍ර,නේත්‍රගෙ ඉන්නෙත් අම්මා විතරයි.ඉතින් මගෙත් පුංචි අම්මා විතරක් කැමති උනාම ඇති.

නේත්‍ර දන්නවද? මම නේත්‍රව ඉල්ලගන්න නිර්මලාගෙ ඉස්සරහ දණ හරි ගහන්න කැමතියි නේත්‍ර"

"දෙයියෝ සුදුබේබි....ඔහොම පවු පිරෙන කතා කියන්න එපා."

"ඒක පවක් වෙන්නෙ කොහෙද නේත්‍ර...මගෙ ජීවිතේම ලස්සන කරන මේ පුංචි ගැටපිච්ච මල මේ ලෝකෙට බිහි කලේ නිර්මලා.නේත්‍ර සම්බන්ධයෙන් බැලුවම නිර්මලා කියන්නෙ මට ඉහල කෙනෙක් මිසක් වලව්වෙ වැඩකාරයෙක් නෙවේ නේත්‍ර....

හැමදේම හොදට වෙයි.අන්තිම වෙනකං විශ්වාස කරන්න සුදුබේබිව.මට පොරොන්දුව ගන්න ඕනි උනේ ඒකට"

"සුදු බේබි?"

"පොරොන්දු වෙන්න නේත්‍ර....මම එක්ක හැමදාම ඉන්නවා කියල.මොන ප්‍රශ්නයක් ආවත් අපි දෙන්නා ඒක කතා කරලා විසදගමු.මට ඔයාව නැති කරගන්න බෑ.නේත්‍රව නැති උනොත් සුදුබේබිගෙ ජීවිතේම කාලකන්නි වෙලා යයි."

"පොරොන්දු වෙනවා සුදුබේබි....මගෙ අන්තිම හුස්ම වෙනකං මම සුදුබේබි එක්ක ඉන්නවා.මොන ප්‍රශ්නයක් ආවත් මම සුදුබේබිගෙ ලගින්ම ඉන්නවා.සුදුබේබි බය වෙන්න එපා.නේත්‍ර සුදුබේබිගෙ අත කවදාවත් අතාරින්නෙ නෑ"

"මගෙ නේත්‍ර....."

නේත්‍රගෙ නලලෙන් තිබ්බ දීර්ඝ හාදුවකින් අනතුරුව ආශව ආපහු පාරක් නේත්‍රගෙ මූණට එබුනා.

"නේත්‍රගෙ ජීවිතේ තියෙන ලොකුම හීනෙ මොකද්ද?"

"ම්ම්ම්ම්......"

"ඔය ඉතින්,අගේ නොකර කියන්නකො නේත්‍ර"

"දවසක සුදුබේබි මුළු ලෝකෙම ඉස්සරහ නැශනල් ටීම් එකට ප්ලේ කරයි.මම පැවීලියන් එකේ ඉදන් සුදුබේබි දිහා බලාගෙන අත්පුඩි ගහන්න ඕනි"

"නේත්‍ර......"

"මගෙ ජීවිතේ තියෙන ලොකුම හීනෙ ඒක සුදුබේබි....මගෙ හැමදෙයක්ම බැදිලා තියෙන්නෙ සුදුබේබි එක්ක...."

"මගෙ හීනෙ දන්නවද?"

"සුදුබේබි?"

"නේත්‍ර......"

"ආහ්හ්හ්?"

"මගෙ හීනෙ,මගෙ ජීවිතේ හැමදේම නේත්‍ර.මගෙ අතීතෙ,වර්තමානෙ,අනාගතේ ඔක්කොම බැදිලා තියෙන්නෙ නේත්‍ර එක්ක."

නේත්‍රව තුරුල් කරගත්තු ආශව එහෙම්මම ඇස් පියාගත්තෙ අද උදේම පන්සල් යන්න ඕනි නිසා වගේම,අද දවසම හරි වෙහෙසකාරී දවසක් බව දැනගෙන හිටිය නිසා.නේත්‍රගෙ පපුව ලගින් ඔලුව තියාගත්තු ආශව නින්ද යනකංම එකේක දේවල් මුමුණලා අන්තිමට නින්දට වැටුණා.

"සැනසීමයි නේත්‍ර.....ඔයා ලග පුදුම තරම් සැනසීමයි"

ආශව නින්ද යන්න කලින් කිව්ව වචන ටික නිසා නේත්‍රගෙ ඇස් වල ලා කදුළු පටලයක් බැදිලා තිබ්බෙ ආශවගෙ ආදරේ දරාගන්නම බැරි වුණු තැන.තමන්ගෙ පපුවට තුරුල් වෙලා නිදාගෙන හිටිය ආශවගෙන් බර හුස්ම පිට වෙන්න ගනිද්දි ආශව ඉන්නෙ තද නින්දක කියලා තේරුම් ගත්තු නේත්‍ර හෙමීට ආශවව තුරුලෙන් ඈත් කරලා ඒ නලලෙන් දීර්ඝ හාදුවක් තියන ගමන් කාමරෙන් පිට වුණේ අද උදේ සුදුබේබිගෙ උපන්දිනේ වෙනුවෙන් කරන්න තියෙන වැඩ පලවලට උදව් කරන්න හිතාගෙන.

ඊට කලියෙන් පැයක් දෙකක් හරි ඇහිපියා ගන්න ඕනි නිසා නේත්‍ර ගියේ නිර්මලාව හොයාගෙන.වලව් පිලිකන්නට වෙලා චීත්ත රෙද්දකුත් පොරවගෙන ඉන්න නිර්මලා ලගට ගිය නේත්‍ර නිර්මලාගෙ හිස් මුදුනෙනුත් හාද්දක් තවරලා පිලිකන්නෙ සිමෙන්ති පොලව උඩම වැතිරුනේ නිර්මලාව තුරුල් කරගෙන.වලව්වෙ මහ තැන්ලා සුව පහසු මෙට්ට වල නිදියද්දි වලව්වෙ මහතැන්ලට ඔය තැන් වලට යන්න උදව් කරපු වලව්වට කඹුරන සේවකයන්ට අත් වුණේම මේ ඉරණම.

...................................................................................................

"සුදුපුතා......කෝ ඉක්මනට එන්න.......පරක්කු වෙයි"

"යං යං"

රාත්‍රියක් එලි වෙනකං පවත්තපු පිරිත් සජ්ජායනාව උදේ හයට ඉවර වෙද්දි නිර්මලාලා ඇතුලු සේවකයො පිරිස එක්කාසු වෙලා පන්සලට ගෙනියන හීල් දානෙ ලෑස්ති කරල තිබ්බා.ඉතින් වලව්වෙ ලොක්කො ටිකට තිබ්බෙ නා කියාගෙන පිරිසිදු වෙලා වාහනේට නගින්න විතරයි.දානෙ උයලා,භාජන වලටත් අඩුක් කරපු සේවකයො ටික භාජන ටික වාහනේටත් පටවලා තිබුනා.ඉරුගල්බණ්ඩාර වලව්වෙ කාර්ම තුනක් තියෙද්දි ඒවා පවුලෙ තුන් දෙනාට වෙන් වුණු ඒවා උනා.ඒත් ආශව තමන්ට වෙන් වුණු කාර් එක හරිම අඩුවෙන් භාවිතා කලා වගේම තමන්ගෙ බයික් එකනම් හරි හරියට පාවිච්චි කලා.ඒකට හේතුව වුණේ ආශව තමන්ගෙ බයික් එක ගත්තෙ තමන් එකතු කෙරුව සල්ලි වලින් වුණු එක.පාසලෙ වැඩවලට,සමහර ගමන් බිමන් යන්න ආශව අප්පච්චි අරං දුන්නු කාර් එක පාවිච්චි කලා විනා ආශවගෙ අතේ රැදුනෙම බයික් එක.

ආශව "යං යං" කියාගෙන ආවත් අත දිහා බලලා ආපහු පාරක් උඩට දිව්වෙ ඔරලෝසුව අමතක වෙලා කියලා ලොකු මැණිකෙට තේරුණා.ඒත් එක්කම ඉස්තෝප්පුවෙ තිබ්බ කණුවක් අස්සෙන් මොකක් හරි මතු වෙනවා දැක්ක ලොකු මැණිකෙගෙ ඇස් දෙක උඩ ගියේ ඒ මොකද්ද කියලා අදුනගත්තු නිසා.වාහනේ ඇතුලෙ හිටිය මහ මුදියන්සෙ දුරකථන ඇමතුමක උන්නු නිසා ලොකු මැණිකෙ තකහනියක් අර කණුව අස්සෙන් එබිකම් කරන පුංචි හොල්මන ගාවට ඇවිදගෙන ගියා.

"කොල්ලො!!!"

"ල්.....ලොකු මැණිකෙ"

කණුව අස්සෙ හිටිය නේත්‍ර තමන්ගෙ අත් දෙක පිටිපස්සට කරගෙන මොකක් හරි වහං කරගන්න හදද්දි නේත්‍ර දිහා බලාන උන්නු ලොකු මැණිකෙට මතක් වුණේම අවුරුදු ගාණකට කලින් උනු මේ වගේම සිද්ධියක්.අවුරුදු කීපෙකට කලිනුත් උපන්දිනේ දවසක ආශව මෙහෙම පිට වෙන්න යද්දි කණුවක් අස්සට වෙලා ආශවට ඉගි දුන්නු පුංචි පැටියව ලොකු මැණිකෙට මතක් වුණා.එදත් ඒක මහ මුදියන්සෙ නොදැක තමන් විතරක් දකිද්දි කණුව ලගට හිස් අතින් ගිය ආශව ආපහු කාර් එක ලගට ආවෙ ගැටපිච්ච මල් වලින් විතරක්ම පිරුණු පුංචි වේවැල් මල් වට්ටියක් අරගෙන.එදත් ඒක නිර්මලාගෙ අහිංසක කොලුවා තමන්ගෙ සුදුපුතාට දුන්නු අහිංසක තෑග්ගක් කියන එක ලොකු මැණිකෙට තේරුම් ගියා.

"මොකද්ද කොල්ලො හංගගන්නෙ?"

"ම්....මුකුත් නෑ ලොකු මැණිකෙ"

ලොකු මැණිකෙට අහුවෙයි කියලා නිකමටවත් හිතුවෙ නැති නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බා.සුදුබේබිට දෙන්න ආසාවෙන් ගෙනාව පුංචි තෑග්ගක් නේත්‍රගෙ හැංගුනු අත් අතර පොඩි වෙමින් තිබ්බා.බිම බලාගත්තු ඇස් වලින් වැටුණු කදුළු බිංදුවක් නේත්‍රගෙ කකුලෙ මාපටැගිල්ලට වැටෙද්දි ඒක දැක්ක ලොකු මැණිකෙ ඉක්මනටම නේත්‍රගෙ මූණ ලගට පාත් වුණා.

"අඩන්න දෙයක් කිව්වෙ නෑනෙ කොල්ලො මම.....අඩන්න එපා.....බලන්න,උදේම අඩන එක හොද නෑලු"

වලව්වෙ මාන්නාකාර ගෑනියෙක් වුණු ලොකු මැණිකෙ කුල හීන පුංචි එකෙක්ගෙ කදුළු වලට විස්සෝප වෙලා ඒකව නලවන්න හදන හැටි දැක්කනම් කෙනෙක් පුදුම උනත් වෙන්න තිබ්බා.ලොකු මැණිකෙගෙ සැනසිලිදායක වචන එක්ක ටිකක් සන්සුන් වුණු නේත්‍ර මැණිකෙට ඔලුව වනලා එතනින් පැනලා දුවන්න හැදුවත් ලොකු මැණිකෙ නේත්‍රගෙ උරහිසෙන් අල්ලලා නතර කරගත්තා.

"සුදුබේබිට තෑග්ගක් ගෙනාවද?"

"න්...නෑ ලොකු මැණිකෙ.....මම...."

"ඔය අත් පිටිපස්සෙ හංගන්න ඉන්න දේ මක්කා උනත් ඒක සුදුබේබිට ගෙනාව තැග්ගක් කියලා මම දන්නවා"

"ම්...මට.....නේත්‍රට සමාවෙන්න ලොකු මැණිකෙ....."

"සමාව ඉල්ලන්න තරම් වරදක්ද කොලුවා කලේ?"

"ලොකු මැණිකෙ???"

"ඕක මට දීපං....මම දෙන්නම් සුදුබේබිට.....මහ මුදියන්සෙ දැක්කොත් එහෙම උබට මේ උදේ පාන්දර ගුටි කන්න වෙන්නෙ"

"................."

"මොන අම්මද අකමැති තමන්ගෙ දරුවගෙ මූණෙ හිනාවක් දකින්න....කොලුවා කැමතිනම් ඕක මට දෙන්න"

"නේත්‍රට සමා වෙන්න ලොකු මැණිකෙ.......ආයෙ නේත්‍ර මෙහෙම නොකර ඉන්නම්.....මේක.....බුදු සාධුට පූජා කරන්න දෙනවද ලොකු මැණිකෙ සුදුබේබිට?"

ලොකු මැණිකෙගෙ ඇස් වල තමන්ගෙ අම්මගෙ ඇස් වල තියෙන බැල්මම දැක්ක නේත්‍ර දෙපාරක් නොහිතා ලොකු මැණිකෙව විශ්වාස කරන්න හිතාගත්තා.අත පිටිපස්සෙ හංගගෙන හිටිය පුංචි කොට්ට දෙකක් ලොකු මැණිකෙගෙ අතේ තිබ්බ නේත්‍ර බිම බලාගෙනම ඉද්දි නේත්‍ර එක්ක හිනා වුණු ලොකු මැණිකෙ එතනින් පිට වෙලා යන්න කලින් ආපහු පාරක් තමන්ගෙ හඩ අවධි කලා.

"උබ කරන දේවල් වලින් සුදුපුතාගෙ මූණට හිනාවක් එනවනම්,ඒවා නවත්තන එක වැරදි වැඩක් කොලුවො"

ලොකු මැණිකෙගෙ වචන එක්ක මූණට ලා හිනාවක් අරගත්තු නේත්‍ර අඩියට දෙකට එතනින් පැනලා දුවද්දි ලොකු මැණිකෙ තමන්ගෙ අතේ තිබ්බ පුංචි කොට්‍ට දෙක දිහා බැලුවා.වේලුණු සේපාලිකා මල් පුරවලා හදලා තිබ්බ පුංචි කොට්ට දෙක තමන්ගෙ ගමන් මල්ල ඇතුලට පරිස්සමින් දාගත්තු ලොකු මැණිකෙ වාහනේට නගිද්දිම වගේ ආශවත් එතනට ආවා.වාහනේ පිට වුණු වෙලේ ඉදන්මත් මහ මුදියන්සෙට එන දුරකතන ඇමතුම් වල අඩුවක් නොවුණු තැන ලොකු මැණිකෙ නිහඩවම තමන්ගෙ බෑගය ඇතුලෙ තිබ්බ කොට්ට දෙක අරගෙන ආශවගෙ උකුල උඩින් තියලා අහක බලාගත්තා.

වෙච්ච දේට එකපාරටම පුදුම උනු ආශව ඒ කොට්ටයක් අතට අරගෙන හුස්මක් ඉහලට අදිද්දි කොට්ටෙ ඇතුලෙන් එන වේලුණු සේපාලිකා මල් වල සුවද අදුනගත්තු ආශවට මේක කවුද දුන්නෙ කියලා හිතාගන්න එක අමාරු වුණේ නෑ.ආදරෙන් වගේම හරි ග්‍රද්ධාවෙන් ඒ කොට්ට දෙක දාලා තිබ්බ පිරිසිදු බෑගය අල්ලගත්තු ආශව හිනා වෙවීම ජනේලෙන් එලිය බලාගද්දි ලොකු මැණිකෙගෙ මූණෙත් කාටවත් නොපෙනුනු හිනාවක් ඇදිලා තිබ්බා.ජනේලෙන් එපිට බලාගෙන හිටිය ආශවගෙ හිනාව වැඩි වුණේ නේත්‍ර දැන් සෑහෙන දවසක් තිස්සෙම සේපාලිකා මල් වේලුව පැදුර මතක්වෙලා.

"එහෙනම් ඒ මම වෙනුවෙන්.........."

...................................................................................................

"නේත්‍ර.......ඉක්මනට කිරිබත් කෑල්ලක් දෙන්නකො"

"සුදුබේබි....දැන් මේසෙට අරින්නම් ඉක්මනට"

"ඇර ඇර ඉන්න වෙලාවක් නෑ නේත්‍ර....අනේ ඔය කොන් කෑල්ලක් හරි කටේ ගහන්නකො"

"සුදුබේබි......"

"බඩගිනියි නේත්‍ර.....කලන්තෙ වගේ.....තව ටිකකින් මැරෙයි හැබැ........"

ආශව කියන්න ගිය දේ සම්පූර්ණ කරන්න කලින් නේත්‍ර ඉක්මනටම කිරිබත් පොඩි කෑල්ලක් අරගෙන ආශවගෙ කට ඇතුලට දැම්මා.පන්සල් ගිහින් ආව වලව්වෙ වාහනේ නවත්තනවා ඇහිලා විනාඩි දෙකක් යන්නත් කලින් සුදුබේබි කුස්සියෙන් මතු වෙනවා දැක්ක නේත්‍රගෙ ඇස් දෙක උඩ ගියා.පිලිවෙලකට කැවුම් කිරිබත් කේක් කෙසෙල් අදාල භාජන වලට අතුරන ගමන් හිටිය නේත්‍රට අන්තිමට උනේ අර කිරිබත් කෑලි කපද්දි අයින් කරපු කොන් වලින් එකක් ආශවට කවන්න.

"නිර්මලා, කෑම ටික මේසෙට ඇරියනම් හරි....මහ මුදියන්සෙ පිටත් වෙන්න හදන්නෙ.....ඊට කලින් මහ මුදියන්සෙගෙ අතින් පලවෙනි කිරිබත් කෑල්ල සුදුපුතාට කවන්න එපායැ"

ලොකු මැණිකෙගෙ වචන ටිකත් එක්ක තමන්ගෙ ඇස් දෙක ලොකු කරගත්තු නේත්‍ර ආශව දිහා බලද්දි නේත්‍රට කියලා පලවෙනියටම කවෝගත්තු කටේ පොඩි වෙන කිරිබත් කෑල්ල ගිලලා දැම්ම ආශව නේත්‍රට ඇහැක් ගහන ගමන් තමන්ගෙ කාමරේට දිව්වා.ආශවගෙ තියෙන දඩබ්බරකම් නම් මේ කපේකට තමන්ට හදන්න වෙන්නෙ නැති බව තේරුම් ගත්තු නේත්‍ර තනියම හිනා වෙවී කෝප්ප ටික හෝදද්දි මේ ජෝඩුවගෙ රහස් සංඥා තේරුම් ගන්න බැරි වුණු නිර්මලා පිගන් ටික අරගෙන කෑම කාමරේට යන්න පිටත් වුණා.

* * * * *

"Happy Birthday To You

Happy Birthday To You

Happy Birthday Dear Ashawa

Happy Birthday To You "

වලව් වත්තෙ ගහලා තිබ්බ හට් ඔක්කොම මේ වෙද්දි ගලවලා තියෙද්දි වලව් වත්ත පුරාම පුටු තියලා තිබ්බෙ ආශවගෙ යාලුවො වෙනුවෙන්.ලමයි දහයක් පහලවක් විතර ආශවගෙ උපන්දිනේ වෙනුවෙන් ඇවිත් ඉද්දි යාලුවො හරි අතලොස්සක් ආශ්‍රේ කෙරුව ආශව ඔය යාලුවො ටිකව තෝරලා බේරලා ගත්තෙ හරි ලේසියෙන්.දෙවින්,දෙනෙත්,තෙවින්,දිවාෂ කියන හුරු පුරුදු යාලුවො ටික ඇරෙන්න ආශවගෙ ක්‍රිකට් ටීම් එකේ ඉන්න යාලුවො කීප දෙනෙක්,පන්තියෙ ඉන්න යාලුවො කීප දෙනෙක් වගේම ඉස්කෝලෙන් ඉවත් වෙලා ගියපු ආශවගෙ හිතවතුන් කිහිප දෙනෙකුත් ආශව වෙනුවෙන් වලව්වට ඇවිත් හිටියා.

"ෆැබ් එකෙන් නේත ආසව? අනේ ඕක ඉක්මනට කපලා ගනින්කො"

ආශව හැමෝටම කේක් කෑල්ලක් කවලා ඉවර උනාට පස්සෙ කේක් එකේ කොණකට ඇන්න දිවාෂ ඇගිල්ලෙ ගෑවුණු අයිසින් ටික ලෙවකාලා බලලා කෑ ගහද්දි සාලෙන් පිට වෙන්න තියෙන තැනක තිබ්බ කර්ට්න් එකක් අස්සට වෙලා බෙල්ල එලියට දාගෙන හිටිය නේත්‍රටත් හිනා ගියා.බෙල්ල හරව හරව නේත්‍රව හෙව්ව ආශවට කර්ට්න් එකක් අස්සෙන් ඒ පුංචි ඔලු ගෙඩිය පෙනෙද්දි නේත්‍රට එන්න කියලා සන් කෙරුව ආශව නේත්‍රගෙ අතට පිහිය දුන්නෙ කේක් එක කපන්න පුලුවන්ද අහන ගමන්.මොකද ආශව ඕක කැපුවනම් එක්කො කැපෙන්නෙ ගඩොල් බාග.නැත්තං පුවක් පෙති!!!

කේක් කපන්නත් කලින් මහ මුදියන්සෙ වලව්වෙන් පිට වෙලා යද්දි වලව්වෙ රැදිලා හිටියෙ ලොකු මැණිකෙ විතරයි.ආශව තමන්ට කේක් කෑල්ල කැව්ව ගමන් ලොකු මැණිකෙ අඩුපාඩු මොනාද බලන්න වලව් මුළුතැන්ගෙට ගිය නිසා ආශවට නිදහසේ හැසිරෙන්න පුළුවන් වුණා.ආශව ලගට ආව නේත්‍ර කේක් එක කපන්න ගනිද්දි එතන හිටිය කොල්ලො ටික නම් තොල් තද කරගෙන හිනාව නවත්තගෙන හිටියෙ ආශවගෙ මූණෙ තිබ්බ මනමාල පාට උන්ටත් දරාගන්න බැරි වුණු නිසා.

ඔව්......හොදට තෝරලා බේරලා යාලුවො හරිම අඩුවෙන් ආශ්‍රේ කරන ආශවට මේ යාලුවො කීප දෙනා හරිම හිතවත් අය වුණා.විශ්වාසවන්ත අය වුණා.අනික් එක අවුරුදු ගාණක් තිස්සෙ ආශවගෙ අඩෝ වැඩියාව අහගෙන හිටිය ඒ ඉලන්දාරි ටිකට ආශවගෙයි නේත්‍රගෙයි සම්බන්ධෙ අරුමයක් වුණේ නෑ.

"මම ප්ලේට්ස් වලට තියන්නද නේත්‍ර?"

"සුදුබේබි ඉන්නකො....මම තියන්නම්.සුදුබේබි දෙන්න ප්ලේට්ස් ටික කට්ටියට"

"තිදස්වර මල්ලි, ඔය පොඩි එකාට ඕක කපාගන්න දීලා මෙහෙට වරෙං....මොකද ඔතන ගහක් කපනවා නෙවේනෙ"

ක්‍රිකට් ටීම් එකේ කලින් කැප්ටන් වුණු සන්දීප් කෑ ගහද්දි ලැජ්ජා උණු නේත්‍ර දඩිබිඩි ගාලා කේක් ටික ප්ලේට්ස් වලට තියලා සාලෙන් පිට වෙලා දිව්වා.ප්ලේට්ස් ටික අතට අරගෙන සන්දීප්ට රවපු ආශව ඒ ටික බෙදන්න ගනිද්දි තමන්ගෙ අතට ලැබෙන්නත් කලින් ප්ලේට් එකක් ගත්තු දිවාෂනම් සෝෆා එක උඩට කකුල් දෙකත් අරගෙන කේක් කෑල්ලට වැඩේ දෙන්න ගත්තා.

"තෙවින්,උබට කේක් වැඩියි වගේනම් මට දීපම් ඈ"

"වැඩියක් නෑ මට.උබ උබේ කෑල්ල කාපං යුගාන්"

"අනේ පලයං හු#ත යන්න.....දෙවින් පණ ඔයාට වැඩියිනම් මට කේක් කෑල්ල දෙන්න හරිත?"

"ආ මේක ගන්නකො දිවාෂ මල්ලි....මම අතනින් කේක් කෑල්ලක් ගන්නම්.දෙනෙත්,ඔයාටත් ගේන්නද තව කෑල්ලක්"

"එපා දෙවින්.....ඔයා කන්නකො"

දිවාෂගෙ ප්ලේට් එක උඩින් තමන්ගෙ කේක් කෑල්ල තිබ්බ දෙවින් ගිහින් ඉතුරු වෙලා තිබ්බ කේක් කෑලි දෙක තුනෙන් එකක් ගද්දි ආශව නේත්‍රව හොයාගෙන වලව් මුළුතැන්ගෙයි පැත්තට ගියා.

"සුදු පුතා?"

"නේත්‍ර කොහෙද පුංචි අම්මෙ?"

"ඒ දරුවා කුස්සියෙ.මම කිව්වට එන එකක් නෑ.සුදුපුතා ගිහින් ඒ ලමයව ඉස්සරහට කතා කරගන්න......මොනා උනත් ඔය ඒකා ඉන්න ඉස්කෝලෙම ලමයිනෙ.නේත්‍ර කොල්ලව අපහසුතාවෙකට පත් කරන්න ඕන්නෑ ඒ නිසා.අප්පච්චි අද එන්නෙ නෑ.....සුදුපුතා නේත්‍ර කොල්ලවත් යාලුවො අතරට අඩගහගන්නකො"

ආශව කෙලින්ම ලොකු මැණිකෙගෙ ඇස් දෙක දිහා බලද්දි ලොකු මැණිකෙත් බය නැතුවම ආශව දිහා බැලුවා.ලොකු මැණිකෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ආශව තමන්ගෙ ඔලුව වනලා මුළුතැන්ගෙයි පැත්තට ගියේ නේත්‍රව උස්සගෙන හරි ඉස්සරහට යනවා කියලා හිතාගෙන.මුළුතැන්ගෙයි පැත්තට යද්දිනුත් නේත්‍ර කට්ටියටම බීම දාන්න කෝප්ප හෝදනවා.

"නේත්‍ර යං ඉස්සරහට......කතා ඕනි නෑ...බැහ් බැහ් නොගා ඉස්සරහට යං.අද අප්පච්චි නෑ"

ආශවගෙ තරවටු කටහඩ ඇහෙද්දි නිර්මලා දිහා බලලා බයාදු බැල්මක් නේත්‍ර දාද්දි "උබේ සුදුබේබිගෙ මගුල් උබම බලාගනින්" වගේ බැල්මක් නේත්‍රට පා කෙරුව නිර්මලා වීදුරු ටිකට බීම වත් කරන්න ගත්තා.අන්තිමේදි ආශවගෙ ලේ කෝප කරවන්න බැරි තැන නේත්‍ර බීම වීදුරු ටිකත් පිලිවෙලකට තසිමකට අහුර ගන්න ගමන්ම මුළුතැන්ගෙයින් පිට වුණා.

නේත්‍රට සාලෙට එන්න කර්ට්න් එක අයින් කරලා දුන්නු ආශවව දකිද්දි කොල්ලො ඔක්කොටම පෝලිමට කැස්ස හැදෙද්දි නේත්‍රගෙ පිටිපස්සෙන් මකරා වගේ පිඹින ආශවව දැක්ක ගමන්ම කට්ටියට කැස්ස යටපත් කරගත්තා.කට්ටියම එක්ක බීම වීදුරු ටිකත් අරගෙන එලියට ඇවිත් පුටු වල ඉදගනිද්දි නේත්‍ර වාඩි වෙන්න බැරිකමට එහෙ මෙහෙ බලලා ඇඹරෙද්දි නේත්‍රව තේරුම් ගත්තු ආශව බිම ඉදගත්තා.

"පුටුවලට වඩා බිම සැපයි බං.ඔව්වගෙ ඉදගෙන ඉද්දි ටිකකින් පස්ස රත් වෙන්න ගන්නවා"

ආශව කියද්දි තෙවිනුයි දෙවිනුයිත් බිම ඉදගත්තා.ඒත් එක්කම තමන්ගෙ එහා පැත්තට තට්ටු කෙරුව දෙවින් දෙනෙත්ව ඉන්දවගනිද්දි දිවාෂත් කොහෙදෝ ඉදලා එතනට දුවගෙන ආවා.

"තෙවින් මේ වීදුරුව ගනින්!!! දෙවින් පණ.....මම දැන් සිහි නැතුව වැටෙනවා හරිත.මාව අල්ලගන්නෝනි ඔයා"

ආශව කරපු දේ තේරුම් ගත්තු දිවාෂත් මහ හයියෙන් කෑගහගෙන දෙවින්ට හිතාගන්නවත් වෙලාවක් නොතියා ඒ ඇගට කඩා වැටෙද්දි අත්‍රෙ තිබ්බ වීදුරුවත් පැත්තකට දැම්ම දෙවින් දිවාෂව පැන්න ගමන් අල්ලගත්තා.මුකුත් නොවුණා වගේ දෙවින්ගෙ අත් උඩ සිහි නැතුව ඉන්න දිවාෂව උස්සලා අරගෙන දෙනෙත්ගෙ ඇගේ ගැහුව දෙවින් දිවාෂගෙ බීම වීදුරුව අරගෙන බොද්දි නම් සිහි නැතුව හිටිය දිවාෂ දඩි බිඩි ගාලා පැනලා ඇවිත් වීදුරුව උදුරලා ගත්තා.

"ඈ රකිතයා.....උබලා ඉස්කෝලෙ අනාගතේ දෙන්න යන්නෙ මූ වගේ එකෙක්ටද?"

බීම වීදුරුව ඇතුලට නහයත් ඔබාගෙන බල්ලෙක් වගේ බීම එක බොන දිවාෂ දිහා බලලා සෙනිත් අහද්දි පාසලේ යෝජිත ප්‍රධාන ශිෂ්‍යනායකයා වුණු රකිත තමන්ගෙ ඔලුව කහන්න ගත්තෙ ඇත්තටම තමන් ගැනම ඉපදුණු අනුකම්පාවෙන්.ඒත් එක්කම ආශවගෙ පැත්තකින් ඉදගෙන දිවාෂගෙ කමිසෙ තිබ්බ අයිසින් පිහින නේත්‍රව දැක්ක රකිත කතා කරන්න ගත්තා.

"ඕනිම මිනිහෙක්ට හරි තැනට යන්න උදව් කරන යාලුවෙක් ඉන්නවානම් ඒක ලොකුම ලොකු දෙයක්.තමන්ගෙ අතින් වෙන වැරදි හදලා ඉවසීමෙන් වැඩ කරලා තමන්ගෙ ගමනට හයියක් වෙන යාලුවෙක් කියන්නෙ පට්ටම හයියක්.දිවාෂට ඒ හයිය ඕනිවටත් වඩා තියෙනවා......ඉතින් දිවාෂට ඉස්සරහ වැඩ අමාරු වෙන එකක් නෑ"

"රකිතයා......ජනවාරි මීට් එක නේහ්? ඩේට් කිව්වද?"

"තාම නෑ ආශවයා.....කොහොමත් ෆස්ට් වීක් එක අග වගේ පටන් ගනියි.හවුස් මීටින් තියයි....."

"ම්ම්ම්ම්......."

කට්ටියම ඒ ගැන කතාව පටන් ගනිද්දි බීම වීදුරුවෙ තිබ්බ අන්තිම බින්දුවත් දිව එලියට දාලා වත් කරගත්තු දිවාෂ ගුඩුස් එකකුත් අරින ගමන් ඊලග ගොදුර වුණු දෙනෙත්ගෙ ඇග උඩට කඩාගෙන වැටුණා.දිවාෂගෙ වැඩ වලට හිනා වුණු දෙනෙත් දිවාෂගෙ ඔලුව අතගාලා දිවාෂව තුරුල් කරගනිද්දි සිහි නැතුව හිටිය දිවාෂ වැරදිමකින් තෙවින්ට පයින් ගැහුවා.ඇත්තටම වැරදීමකින්.මොකද සිහි නැති මිනිස්සුන්ට ඔව්වා කරන්න පුලුවනෑ!!!!

"නේත්‍ර මල්ලිගෙ හවුස් එක මොකද්ද?"

"**** හව්ස් එක අයියෙ"

"අඩෝ අඩෝ ආශවයා ඒකෙ නෙවෙ නේද? හොද වැඩේ උබට"

"පලයං යන්න රකිත......මට ඕනිනම් මම යනවා ******* එකට"

"****** හවුස් එකයි ***** එකයි මරාගන්නවා යකෝ.....උබ ගිහින් ඒකෙ රිංගුවම හරි ආතල්"

"හරි ඉතින් ගේම්ස් කැප්ටන්ට යන්න පුලුවන් ඕනි හවුස් එකකට"

"ඔන්න ඔන්න බලාගනින් රකිත මූ පට්ටම අවභාවිතා කරන්න යන්නෙ....."

"දිවාෂ මල්ලි මොකේද?"

තවමත් දෙනෙත්ගෙ ඇග උඩ සිහි නැතුව ඉන්න දිවාෂ දිහා බලලා රකිත අහද්දි දිවාෂ එක ඇහැක් ඇරලා බලලා ආපහු පාරක් සිහි නැති වුණා.

"අන්න අරූට කියපං මම ඉන්නෙ සිහි නැතුව කියලා දෙවින් පණ"

"එයාත් ***** එකේම තමා රකිත....මුන් දෙන්නා බද්ධ දරු උපතක් වගේ.කොහෙන් ගියත් එකටම තමා"

දෙවින් සිහි නැතුව ඉන්න දිවාෂගෙ නහය මිරිකලා කියද්දි සිහි නැතුව හිටිය දිවාෂට හැච්චිමක් ගියා.

"දෙවිනුත් **** හවුස්නේ? දෙනෙත් ***** නේද?"

"ඔව් විදූප.....මම *****"

"ම්ම්ම්ම්"

කතාව ඔහොමම ඇදිලා යද්දි සිහි නැතුව හිටිය දිවාෂ හෙමීට නැගිටලා ඉදගත්තෙ කතාවට හොම්බ දාන්න හිතාගෙන.කාපු ඒවගෙ අමාරුකම් ගිහින් තිබ්බ නිසා දිවාෂගෙ කඩප්පුලි කටත් ඇරෙද්දි ටික වෙලාවකින් එතන මහා ඝෝශාවක් වෙලා තිබ්බා.

"දැන් එතකොට අපේ කපල් එක හරි නේහ්.....ආසවයා ගොඩ ගියා ඒනම්"

රකිතගෙ කට හඩත් එක්ක නේත්‍ර රතු ගැහෙද්දි ඒ පුංචි ඇගිලි වලට අහු වුණු තනකොළ ගස් ටිකක් ගැලවිලා අතට ආවා.නේත්‍රගෙ රතු වුණු මූණ දිහා බැලුව ආශව මුකුත් කියන්න එපා කියලා ඉගි කරද්දි කොල්ලො ටික ශේප් එකේ කතාව මාරු කලේ නේත්‍ර නැත්තං ඒත් ඔතනින් නැගිටලා යයි කියලා හිතුනු නිසා.නේත්‍රගෙ ඒ මුළුගැන්නිච්ච බව ඒ කට්ටියම හොද හැටි දැනන් හිටියෙ දීර්ඝ කාලීන ආශ්‍රේ ප්‍රතිපලයක් විදියට.

එතන හිටිය කොල්ලො ඔක්කොම අලුත් පන්නෙට හැඩගැහුනු උදවිය උනා.රටේ ලෝකෙ වෙන හැමදෙයක් දිහාම තාර්කිකව බලන්න හුරු වුණු අය වුණා.හණමිටි අදහස් වලින් ඔලු පුරෝගත්තු අය නොවුණා.ඉහල පැලැන්ති වල මිනිස්සුන්ගෙ සමාජෙ එක්ක ගැටෙන අය වුණා.ඉතින් ඔය හැමදෙයක් එක්කම එතන හිටිය කිසිම කෙනෙක්ට නේත්‍රගෙයි ආශවගෙයි බැදීම ඒ සම්බන්ධෙ අරුමයක් වුණේ නෑ.දඩබ්බරයෙක් වුනු ආශව මෙහෙම හරි මෙල්ල වෙලා ඉන්න හේතුව වුණු නේත්‍රම ආශවගෙ අයිතිකාරයා වුණු නිසා කට්ටියම සතුටු වුණා.

"ඈ දිවාෂ මල්ලි.....උබේ හිතේ කවුරුත් නැද්ද?"

"හිටියා.කොහෙද ඉතින් හිටිය එකාව ආසවයා බිලි ගත්තනෙ"

"දිවාෂ!!!"

"ඇයි මොකත ආසව!!!"

සන්දීප් තමන් ඒ ප්‍රශ්නෙ අහලා කරගත්තු ගොං වැඩේ ගැන සියවෙනි පාරටත් කලකිරෙන්න ගත්තා.කොහොමත් ආශවයි දිවාෂයි එකාට එකා මරාගන්න බව දැන දැනත් ඒ ප්‍රශ්නෙ ඇහුවෙ අපරාදෙ කියලා සන්දීප්ට හිතුනා.ඒත් එකපාරටම ආශවගෙ මූණෙ ආව නියවිල්ල දැක්ක දිවාෂ හරි සැකසහිත බැල්මක් එක්ක ආශවට ලං වුණා.

"අරක කියන්නද මම?"

"මොකද්ද?උබේ හිනාවනම් මට සෙට් නෑ ආසව"

"අර පොඩි කාලෙ දවසක් පාරෙ එද්දි කෑගහලා කිව්වෙ?"

"මොකද්ද?"

"දවසක බදින්නෙ තෙවින්ව කියලා"

"ආසව මේ!!! මැරුම් කන්න එපා මගෙන්"

"ඉදපං මම කියන්න...උබටත් යන කලදසාවක් තියෙන්න ඕනිනෙ"

"හැබැයි ආසව මම කියනවා උබ නේත්‍ර නාන වෙලාවක හොරෙන් පොටෝ ගහලා දෙන්න කියලා මගෙන් ඉල්ලුවා කියලා"

"මොකක්!!!"

"ඔව්....බාතෲම් එකේ හොරෙන් කැමරාවක් අටවන්න කිව්වා කියලත් කියනවා"

"මම කවද්ද යකෝ එහෙම දෙයක් කිව්වෙ?"

"කිව්වෙ නෑ තමා.....ඒත් මම ඇත්තක් වගේ කියනවා"

"ඒ බලු වැඩ කරන්න එපා දිවාෂ"

"එහෙනම් උබත් කට පියාගෙන ඉදපං ආසව"

"තිරිසනෙක් මල්ලි උබනම්"

"උබ තමා තිරිසනා"

"මොකද්ද උබලා දෙන්නගෙ කුටු කුටුව???"

දෙන්නගෙ කුටු කුටුව දිහා බලාගෙන හිටිය දෙවින් කෑගහද්දි ආශවයි දිවාෂයි දෙන්නා බොරුවට හිනා වෙලා තුරුල් කරගත්තා.ටික වෙලාවකින් ලොකු මැණිකෙ ඇවිත් හැමෝටම කෑමට ආරාධනා කරද්දි ඔක්කොටම කලින් නැගිට්ට දිවාෂ වලව්ව ඇතුලට දුවලා ගියා.

කොල්ලො ටිකට නිදහසේ කන්න කිව්ව ලොකු මැණිකෙ කෑම මේසෙ ලගින් ඉවත් වෙලා යද්දි කොල්ලො ටිකගෙ හූස් හූස් සද්ද මැද්දෙ නේත්‍ර ආශවට කෑම එක බෙදලා අතටම ගෙනත් දුන්නා.තමන්ට කවුරුත් එහෙම බෙදලා දෙන්න නෑ කියලා විස්සෝප උනු දිවාෂට කෑම එක බෙදලා දෙන්න තෙවින් අහද්දි දිවාෂගෙන් අමු කුණුහරපයක් අහගත්ත තෙවින් තමන්ගෙ කෑම එක විතරක් පාඩුවෙ බෙදාගත්තා.පුරුදු විදියටම තමන්ට කෑම බෙදාගනිද්දිම දෙනෙත්ටත් කෑම එක බෙදුව දෙවිනුත් දෙනෙත් එක්කම ගිහින් සාලෙන් ඉදගනිද්දි ඔක්කොටම පස්සෙ කෑම එක බෙදාගත්තු නේත්‍ර සාලෙ කොනකට වෙලා කෑම එක කද්දි එතනට තමන්ගෙ පුටුව ඇදන් ගිය ආශව නේත්‍ර එක්කම කන්න ගත්තා.

කාලා බීලා ඉවර උනු කොල්ලො ටික,ටික වෙලාවක් යනකං කයිය ගගහා හිටියෙ කාපුවගෙ අමාරුකම් බහින්න.පැය බාගයක් විතර යද්දි බඩවල් බැස්ස නිසා කට්ටියත් එක්කම ආපහු පාරක් වලව් වත්තට ගොඩ වෙලා ඒ තනකොල බිස්ස උඩ පුරුදු විදියට ඉදගත්තා.කාමරේට දුවලා ගිය ආශව තමන්ගෙ ගිටාර් එකත් අරගෙනම කට්ටිය ලගින් ඉදගනිද්දි හැමෝගෙම ඉල්ලීමට අනුව ආශව ගිටාර් එක ගහන්න ගත්තා.

පෝය පහු වෙලා දවස් දෙකක් වගේ ගිහින් තිබ්බට හද තවමත් හොදට පායලා තිබ්බා.හද එලියෙන් වගේම වලව්වත්තෙ තැනින් තැන සවි කරලා තිබ්බ අලංකරණ විදුලි බල්බ වලින් නිකුත් වෙන ආලෝකෙන් වලව්වත්‍තම හරි ලස්සන කහ තැඹිලි පාටක් ගනිද්දි නේත්‍ර බලාගෙන හිටියෙ තමන් දිහා බලද්දි දිලිසෙන ආශවගෙ ඇස් දෙක දිහා.වත්තෙ තිබ්බ ගැටපිච්ච මල් වැල් ගොන්නෙන් එන ගැටපිච්ච මල් වල සුවද හුලගට මුහුවෙලා වත්ත පුරා පැතිරිලා යද්දි ලොකු හුස්මක් ඉහලට ඇද්ද ආශව ඒ හුස්ම පපුව පුරා විදින ගමන් නේත්‍ර දිහා එක එල්ලෙ බලාගෙන හිටියා.

ගිටාර් එකෙන් සංගීතය පිට වෙද්දි හරි රෝමාන්තික බවක් ගත්තු වටපිටාව දරාගන්නම බැරි තැනමද කොහෙද දෙනෙත් හෙමින් සැරේ දෙවින්ගෙ උරහිසකට පාත් වුණා.තවමත් එකිනෙකාට හැගීම් ප්‍රකාශ කරගෙන නොතිබ්බත් දෙනෙත්ගෙ හිතේ තමන් වෙනුවෙන් බුර බුරා නැගෙන ආදරේ අදුනගන්න ඒ ඇස් වල කිමිදෙන දෙවින්ට අමාරු වුණේ නෑ.ඒත් තවමත් පුංචි කාලෙ උනු පුංචි වචන වැරදිමක් අල්ලගෙන තමන්ට ලොකුකම් පෙන්නන ඒ අහිංසක ආඩම්බරකාරයගෙ ආඩම්බරකම් බස්සලා ඒ කටින්ම තමන් ගැන තියෙන ආදරේ එලියට ගන්න දෙවින් මේ දවස් වල පිඹුරු පත් සකසන ගමන් හිටියා.

ඒත් කිසිම රෝමාන්තික බවක් නැති දිවාෂ මේ වෙද්දි කොහෙ හරි අල්ලගත්ත කුරුමිණියෙක්ගෙ අඩු එක්ක ඔටු වෙවී ඉදලා ඒක එපා වුණු පාර අතේ හිටිය කුරුමිණියව තෙවින්ගෙ කටට දාන්න ලොකු උත්සාහයක් දරන ගමන් හිටියා."යුගාන් නවත්තපං,යුගාන් ඇති,යුගාන් මම උබව මරනවා" වගේ වචන ඒ හරියෙ හිටිය හැමෝටම ඇහුනත් ආශවගෙ සිංදුවෙ පලවෙනි වචනෙ එක්ක මුළු වලව්වත්තම නිහඩ වුණේ ඒ ගැඹුරු හඩ රස විදින්න තිබ්බ වුවමනාවට.

"පබසර රන් පබළු......මිණිමුතු කැන් ඔපලු.....

රජ කිරුලු...අගය නැතේ......

ඔබෙ හද මල් උයනේ

නැලවෙන මල් පවනේ

දිළිදු පැලේ.......එලිය ඇතේ

ගඟ බැස ඒ......සයුර බලා

හිරු හිනහේ.....නෙලුම නෙලා

නෙත සිත හා....එකතු වෙලා

ඔබ දැකුමෙන්....උමතු වෙලා

පබසර රන් පබලු......මිණිමුතු කැන් ඔපලු

රජ කිරුලු.....අගය නැතේ

ඔබෙ හද මල් උයනේ

නැලවෙන මල් පවනේ

දිළිදු පැලේ......එලිය ඇතේ

කළුවර රෑ......රළු අහසේ

තරු වැල හා.......අඩ සඳ සේ

නොපිරුණු මේ......හිතට මගේ

ඔබ ගෙන එයි......සතුට අගේ

පබසර රන් පබලු......මිණිමුතු කැන් ඔපලු

රජ කිරුලු.......අගය නැතේ

ඔබෙ හද මල් උයනේ

නැලවෙන මල් පවනේ

දිළිදු පැලේ......එලිය ඇතේ"

"ආව්ව්ව්ව් ආව්ව්ව්ව් නේත්‍ර මල්ලිව රතු වෙලා"

"යුගාන් කහින නවත්තන්න....ඔයාගෙ හුස්ම හිර වෙයි"

"ම්ම්ම්ම් නොපිරුණු මේ සිතට මගේ....ඔබ ගෙන එයි සතුට අගේ නේද?"

"යුගාන් කහින එක නවත්තපංකො....කෙල එකයි මගෙ ඇගේ"

"අම්මෝ ආශවයගෙ ඇස් දෙකයි හිනාවයි බලපංකො....මූට අපි ඉස්සරහ තමා මේම රොමෑන්ටික් වෙන්න බැරි"

"ඇයි ආසව උබ එක්ක රොමෑන්ටික් වෙලා උබට ලව් කරන්නත රකිත?"

"යුගාන්!!! කන ලග ඉදං කෑගහන්න එපා.මගෙ කන කිං කීං ගානවා"

"අනේ මේ තිදරු පියා!!! උබ කට වහගනින්"

ඔක්කොමල්ලා එකාට එකා කියවගනිද්දි ආශව නම් තමන් දිහා බලන් හිනා වෙන නේත්‍රගෙ ඇස් අස්සෙ ගිලිලා හිටියා.ඇත්තටම ඒ සිංදුව තමන්ටම ලියවුණු එකක් කියලා ආශවට දැනෙන්න ගත්තෙ අද.හැම පදයක්ම තමන්ට ගැලපෙනවා කියලා ආශව කල්පනා කලා.හැම අතින්ම හිස් වෙලා තිබ්බ තමන්ගෙ ජීවිතේ නේත්‍රගෙ පැමිණීමත් එක්ක ලස්සනට පිරෙන්න ගත්තු හැටි ආශවට මතක් වුණා.නේත්‍ර දිහා බලාගෙනම ඒ දේවල් හිතුව ආශව ගිටාර් එක රකිතගෙ අතට දීලා හෙමීට ඇවිත් නේත්‍රගෙ ඇගේ ගෑවිලා ඉදගනිද්දි නේත්‍ර ආශව දිහා හොරෙන් බලන ගමන් වචන ටිකක් මිමිණුවා.

"සුදුබේබි ලස්සනටම කිව්වා"

"ඒක ඔයා වෙනුවෙන් නේත්‍ර....."

"හරි ඊලගට කවුද?"

රකිත ගිටාර් එකත් අරගෙන වනද්දි නේත්‍රයි ආශවයි තමන්ගෙ ලෝකෙන් එලියට ඇවිත් රකිත දිහා බැලුවා.රකිතගෙ සද්දෙත් එක්කම කුපාඩි හිනාවක් දැම්ම දිවාෂ හයියෙන් කෑගැහුවා.

"මූ!!! තෙවින්!!! මුට ලස්සනට සිංදු කියන්න පුළුවන්"

"කෑගහන්නෙ නැතුව ඉදගන්න යුගාන්.....මට බෑ සිංදු කියන්න"

දිවාෂගෙ අතින් අල්ලලා ඉන්දෝගත්තු තෙවින් දිවාෂට කියද්දි දිවාෂ මහා නසරානි විදියට හිනා වීගෙන තෙවින්ගෙ කන ලගට කිට්ටු වුණා.

"ගිහින් කියපං තෙවින්"

"මට බෑ යුගාන්!!!"

"හැබැයි මම ඔක්කොටම කියනවා උබේ තට්ටමේ ලපේ තියෙන තැන"

"ඉතින් ඒක මෙයාලා දන්නෙ නෑනෙ"

"ඒක තමා මම කියන්නෙ!!! උබට උන්ට ඒක පෙන්නන්න වෙයි එතකොට!"

"යුගාන්!!!"

"කියනවද? කලිසම ගලෝලා පුක පෙන්නනවද?"

"මම ඔයා ගැන පස්සෙ බලාගන්නම් යුගාන්"

අන්තිමේදි පරාජය බාරගත්තු තෙවින් ගිහින් හැමෝගෙම ඉස්සරහින් තිබ්බ පුංචි ගල උඩ වාඩි වෙලා ගිටාර් එක අතට ගත්තා.හොද හුස්මක් අරගෙන ඇස් දෙක ඇරිය තෙවින්ගෙ ඇස් දෙකට තමන්ගෙ ඉස්සරහ ඉදගෙන ඉන්න නේත්‍රගෙ හුරතල් සුන්දර රූපෙ අහු වෙද්දි වටෙව් ඉන්න හැමෝවම අමතක කරලා දැම්ම තෙවින් තමන්ගෙ හඩ අවධි කලා.

"ලියවුනා ඔබ ගැන කවි පෙලක්

මැල වුනා රෑ තුන් යාමයක්

හද පලා යන දුක එක්කහු කරගෙන

ඉන්නවා මම මග බලන්

හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං

පුන්සඳක් පායන්නේ කොහොමත්

මාසෙකට සැරයක් නේ බං

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ

පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ

වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ

ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට

කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද"

නේත්‍රගෙ දිහාම බලාගෙන කිව්ව තෙවින්ගෙ ඇස් වල කදුළු කැට පිරෙන්න ගත්තා.තෙවින්ගෙ කට හඩට සම වැදුණු කොල්ලො ඔක්කොමල්ලා වගේ ඇස් පියාගෙනම ඒ හඩ එක්ක මුසු වෙලා එන ආධ්‍යාත්මයටම තට්ටු කරන ඒ විශිෂ්ට ගණයේ පද වැල් රස විදින ගමන් හිටියා.වචනෙන් වචනෙට හිත් වලටම කා වදින ඒ සිංදුව අවසානයේ තෙවින්ගෙ ඇස් වල තියෙන කදුළු එක්ක මුසු වුණු වේදනාව දැක්ක දිවාෂගෙ හිතේ කොණක් උනත් රිදුම් දෙන්න ගත්තෙ දිවාෂ ඇත්ත දැනගෙන හිටිය නිසා.

ඒත් නොහිතුව විදියට තෙවින්ගෙ ඇස් දෙකෙන් විහිදෙන ප්‍රේමණීය බැල්ම ආශවගෙ ඇස් දෙකට අහුවෙලා තිබ්බා.ඒ බැල්ම කෙලින්ම එල්ල වෙන්නෙ නේත්‍රගෙ පැත්තට කියන එක අදුනගත්තු ආශව දත්මිටි කාගෙන තමන්ගෙ කෝපය පාලනය කරගත්තෙ තෙවින් කියන්නෙ තමන්ගෙ ලගම යාලුවෙක්,දෙවින්ගෙ සහෝදරයා කියන කරුණු දෙක නිසා වගේම තවම තෙවින්ගෙන් නේත්‍රට වචනෙකවත් වරදක් වෙලා නැති නිසා.එත් ඒ ඉවසීම කොච්චර කාලෙකට වලංගු වෙයිද කියන එක ආශවටම විශ්වාස නැති වුණා.

තෙවින්ගෙ බැල්මෙ තිබ්බ අමුතු ගතිය දැනුනු නිසාමද මංදා නේත්‍ර හෙමින් සැරේ ආශවගෙ උරහිසකට කිට්ටු වුණා.තමන්ගෙ උරහිසකට ඔලුව තියාගත්තු නේත්‍රගෙ කර වටේ අත යවන ගමන් නේත්‍රව තමන්ගෙ පපුවටම තද කරගත්තු ආශව,තෙවින් දිහාවට දවා අලු කරන තරම් දරුණු බැල්මක් හෙලන ගමන් නේත්‍රගෙ අතක පිටි අල්ලෙන් හාද්දක් තැවරුවෙ ඇස් වල තියෙන වියරු බැල්ම පොඩ්ඩක්වත් අඩු කරගන්නෙ නැතුව.

"මගෙ නේත්‍ර......"

වියරු ඇස් වලින් තෙවින් දිහා බලන් හිටිය ආශව හෙමීට මිමිණුවා.

...................................................................................................

වචන 4400+ 😪🌚❤️

දිගයි ඈ😂😭

මට කියන්න දෙයක් තියේ බබාලා.....

මට වෙලාවකට හිතෙනවා ඔයාලා මම නේත්‍රගෙ චරිතෙ බොලද කරනවා වැඩියිද කියලා හිතනවද කියලා....මොකද fb එකේ එහෙම මම හරියට දකිනවා බොලද බොටම් කෙනෙක් ඉන්න කතා වලට හරියට දොස් නගනවා....එහෙම කොල්ලො නෑ කියනවා.....කොල්ලො එහෙම වෙන්න පුලුවන්ද අහනවා....ඇත්තටම එහෙම අය ඉන්නවා.නේත්‍ර කියන්නෙ තනිකරම මම මැව්ව චරිතයක්.ඒත් ඒ වගේ ගතිගුණ යම්තාක් තියෙන අය මම දන්නවා......මේ වගේ යාලුවෙක් මට ඉන්න නිසා මම බය නැතුව කියන්නෙ ඒක🥺❤️ ඇත්තටම ඒ කොල්ලො මල් වගේ.....තාඩන පීඩන දරන්න හරි අමාරුයි....ඉතින් සමාජෙ විහින්ම කොල්ලෙක් ඉන්න ඕනි මෙහෙමයි මෙහෙමයි කියලා රාමු හදද්දි ආ අහිංසකයො කොච්චර නම් තැලෙනවද💔 මට කියන්න ඕනි උනේ.....ඒ වගේ අහිංසක කොල්ලො ඉන්නව🥺❤️ එයාලගෙ චරිත විහිලුවක් නෙවේ🥺❤️

ඉතින් කැමීලියාගෙ පල් හෑල්ල අහගෙන හිටියට බොහොම ඉස්තූතියි🌚❤️

මම දාන සිංදු අහ අහ කියවන්න බබාලා🥺❤️

එතකොට ෆීල් වෙනවා වැඩියි🥺❤️

විශේෂෙන්ම කාරි නෑ සද.....

ලංකාවෙ මෙතෙක් බිහි වුණු විශිෂ්ටම නිර්මාණ වලින් එකක්....ඒ වගේ ඒවා බිහි කරන්න පුලුවනුත් ඔය ගායකයො අතලොස්සට විතරයි 🥺❤️

ඒත් ඒවගේ සිංදු වලට අර මල් සිංදු වලට තියෙන තැන නොලැබෙන නිසයි දුක💔

කාරි නෑ සද අහන වාරයක් ගානෙ......මගෙ පපුවත් රිදෙනවා....අහේතුකවම.....

අනික ඒ වගේම තියෙන්නෙ "කවිය"

ඒකත් එහෙමයි.අහලා ඉවර වෙද්දි මගෙ ඇස් වල කදුලු🥺

ඒ සිංදුව "අවාරෙක මල්" තුලින් බලාපොරොත්තු වෙන්න බබාලා😏❤️ #ඔයාලවඅවුස්සනකැමීලියා😂❤️

ඊලගට නත්තල් විසේසාංගෙ එක්ක එන්නම්❤️

ගිහින් එන්නම් බබාලා මම🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter