Back
Chapter 47

46 කොටස🤍✨

නිවාලන්න මා...

"සුදුබේබි.....අර බඩ්ඩ කියන්න බැරි උනානෙ"

"ආ....මටත් ඒක අමතක උනානෙ නේත්‍ර....මොකද්ද උනේ?"

"දෙනෙත් අයියා සුදුබේබි....."

"ඇයි මොකද්ද දෙනෙත්? මොකක් හරි කීවද ඔයාට? අද ඔයාගෙ කරිනුත් අත දාන් හිටියා නේත්‍ර! දෙන්න හිතිලා තිබ්බෙ මට දෙකක් දෙනෙත්ට"

"සුදුබේබි කලබල වෙන්නෙපා අනේ......මටත් බය හිතෙනවා එතෝට"

ආශව කියන්නත් කලින් ආශවගෙ උකුල උඩ ඉදගත්තු නේත්‍ර මුමුණද්දි නේත්‍රගෙ කාමරේ ඇද උඩ ඉදන් උන්නු සුදුබේබි හෙමීට නේත්‍රගෙ පිට අතගෑවා.ආශවගෙ පපුවට තුරුල් වෙලා ඒ පපුව උඩ නාහෙ ගාව ගාව හුරතල් උනු නේත්‍ර ඩිංගිත්තක් ආශවගෙන් ඈත් වෙලා ආශවගෙ මූණට එබෙද්දි ආශවගෙ ශක්තිමත් අත් දෙක නේත්‍රගෙ ඉණ වටේ හරි සැහැල්ලුවෙන් පැටලුනා.

"කියන්නකො බලන්න....මොකද්ද දෙනෙත් කිව්වෙ?"

"සුදුබේබි.....දෙනෙත් අයියා දෙවින් අයියට ආදරෙයිලු"

"ඕහ්හ්.....මට ඔහොම සැකයක්නම් තිබ්බා.....ඒත් දෙනෙත් කිව්වෙ නෑනෙ කෙලින්ම එහෙම එකක්"

"මට අද උදේ කිව්වෙ සුදුබේබි......දෙනෙත් අයියා පවු සුදුබේබි.....බලන්නකො දෙවින් අයියා වෙන කෙනෙක් එක්ක යාලු වෙලානෙ"

"ඒක තමා.....අහ්.....වහිනවා නේද?"

"ඉන්න සුදුබේබි මම ජනෙල් ටික වහලා එන්නම්"

"නේත්‍ර ඉන්න මෙතනට වෙලා....හිරිකිඩ වැදෙයි නේත්‍රට...මම දොරත් වහලම එන්නම්"

නේත්‍රව උකුලෙන් උස්සලා අරන් ඇද උඩින් තිබ්බ ආශව නේත්‍රගෙ පුංචි කාමරේ තිබ්බ ජනෙල් පියන් පලු දෙකත් වහලා දාලා කාමරෙන් එලියට ඇවිදගෙන ගියා.ඉස්සරහ දොර වැහෙන සද්දෙ ඇහෙනවත් එක්කම නේත්‍ර බලන් හිටියෙ ආශව ආපහු කාමරේට එනකං.කාමරේට ආව ආශව නේත්‍ර ලගින්ම ඉදගෙන නේත්‍රගෙ අතක් තමන්ගෙ අතක් එක්ක පටලගනිද්දි නේත්‍ර ආපහු පාරක් තමන්ගෙ හඩ අවධි කලා.

"සුදුබේබි දන්නවද? දෙනෙත් අයියා හොදටම දෙවින් අයියා ගැන බලාපොරොත්තුවෙන් උන්නෙ.ඒක දෙනෙත් අයියා නොකිව්වට දෙනෙත් අයියගෙ ඇස් වලින් මට පෙනුනා.පෞ සුදුබේබි....දෙවින් අයියගෙ උපන්දිනේ දවසෙ දෙනෙත් අයියා මේ ගැන එයාට කියන්න උන්නෙ....අනේ දෙනෙත් අයියගෙ පපුව පැලෙන්න වගේ වේදනා ඇති සුදුබේබි"

"මටත් හිතාගන්න බෑ ඇයි එහෙම දෙයක් දෙවින් කලේ කියලා....අඩුම ඌ මටවත් කිව්වෙ නෑ කෙල්ලෙක් එක්ක යාලුයි කි.....නේත්‍ර! දැන් ඇයි මේ ඔයා අඩන්නෙ?"

"න්...නේත්‍රට හරි දුකයි සුදුබේබි.....දෙනෙත් අයියට ඒක කොහොම දැනෙන්න ඇද්ද?"

"ශ්...ශ්....මගෙ මැණික නාඩා ඉන්නකො ඉතින්....ඔයා අඩද්දි මටත් වෙන කිසිම දෙයක් කල්පනා වෙන්නෑ මේකට කරන්න"

"හි...හිත...න්නකො....ස්...සුදුබේබි......සුදුබේබි වෙන කෙනෙක් එක්ක යාලු උනානම් එහෙම.....මට කොහොම දැනෙයිද? එ....ඒ ව...වගේ තමා දෙනෙත්.....අයිහ්....යටත් දැනෙනවා ඇත්තෙ.....සුදුබේබිට දවසක් අර අයියා කෙනෙක්....ගෑ...නු....ලමයෙක් ගැන....කිහ්....යහ්ලා....මගෙ පපුවත් පැලෙහ්...පැලෙන්න වගේ ආවා සුදුබේබි"

"නේත්‍ර කෝ.....දෙයියනේ ඔයාට හුස්ම ගන්න බැරි වෙයි දරුවො....කෝ මගෙ මැණික....කෝ සුදුබේබි දිහා බලන්න....මේ සුදුබේබි ලග ඉන්නවනෙ.......සුදුබේබි නේත්‍රගෙම උනානෙ....."

"ඉහි ඉහි......අහ්නේ සුදුබේබි....දෙනෙත් අය්....හ්යා පවු සුදුබේබි"

"අහන්න නේත්‍ර.....අහන්නකො මැණිකෙ......මේ ලෝකෙ හැමෝටම ආදරේ කියන දේ එහෙම තමන්ට ඕනි විදියටම ලැබෙන්නෙ නෑ....ඕනි කෙනාවම ලැබෙන්නෙත් නෑ.ඒකට ලැබීමක් තියෙන්න ඕනි.අපි ආදරේ කරන කෙනා අපිට ලැබුනෙ නෑ කියලා අපි ඒකට කේන්ති අරන්,දුක් වෙලා වැඩකුත් නෑ....මොකද ඒක ඒ කෙනාගෙ කැමැත්ත.ඒ කෙනාගෙ තීරණේ.අපි කරන්න ඕනි අපේ හිත හදාගන්න එක"

"දෙනෙත් අයියට එහෙම පුළුවන් වේවිද සුදුබේබි?"

"අපි එයාට උදව් කරමු...ඒත් මට දෙවින්ව සැකයි....ඌ මේ කරන්නෙ බොරුවක්ද කියලා හිතෙනවා"

"බොරුවක් උනොත් හොදයි සුදුබේබි.....අනේ දෙනෙත් අයියා පවු"

"ශ්..ශ්...කෝ දැන් මගෙ නේත්‍ර නාඩා ඉන්නකො....අපි දෙනෙත්ට උදව් කරමු හොදද? සුදුබේබිව විශ්වාසයි නේද?"

"හුම්ම්"

ඔලුව උඩ පහලට වැනුව නේත්‍ර අඩ අඩම ආශවට තුරුල් වෙද්දි ආශව නේත්‍රව නලවගන්න උත්සාහ දැරුවා.නේත්‍රට එල්ලවෙන හැම පීඩනයක්ම හරි උපේක්ෂාවෙන් විද දරාගන්න නේත්‍ර,තමන් ආදරේ කරන කෙනෙක්ගෙ ප්‍රශ්නෙකදි කොච්චර නම් සංවේදී වෙනවද කියලා ආශව කල්පනා කරන්න ගත්තා.තමන් ආදරේ කරන කෙනෙක්ගෙ දුකක් දරාගන්නම බැරි වුණු නේත්‍ර ඕනිම කෙනෙක්ගෙ දුකක් ඉස්සරහ උණු වෙන හදවතක් තිබ්බ කෙනෙක් උනා.ගැටපිච්ච මල් සුවද හමන නේත්‍රගෙ කම්මුලකින් හාදුවක් තිබ්බ ආශව නේත්‍රගෙ පිට දිගින් දිගටම අතගාන්න ගත්තෙ නේත්‍රව සන්සුන් කරන්න හිතාගෙන.

"කවුද නේත්‍ර මෙවෙලෙ? තවම හවස හත වගේ වෙලාවනෙ....නිර්මලා වෙන්නත් බෑ....ඔයා ඉන්න මම බලන්නම්"

නේත්‍රව තුරුලෙන් ඈත් කල ආශව කාමරෙන් එලියට යද්දි ආශවට මොන කරදරයක් උනත් ඒකට තමන් බිලිවෙනවා කියන ඒකායන පරමාර්ථෙන් හැමතිස්සෙම වැඩ කල නේත්‍ර ආශවගෙ පස්සෙන් ඇවිදගෙන ගියා.තමන් දිහාට හැරිලා ආශව රවනවා කියලා දැනුනු ගමන් නේත්‍ර දඩස් ගාලා බිම බලාගත්තෙ ඔය රැවිල්ලට තමන් සෑහෙන්න යටත් වෙන බව දන්න නිසා.තමන්ගෙ ආරක්ෂාවට ආශව රැව්වත් මෙවෙලෙ තමන් ආශව එක්ක ඉන්න ඕනි කියලා නේත්‍ර හිතාගෙනම හිටියා.නේත්‍රට මේ වගේ අවස්ථා වලදි තරවටු කරලා වැඩක් නෑ කියලා දැනන් හිටිය ආශව දොර ලගට ගිහින් කතා කලා.

"කවුද?"

"න්....නේත්‍ර පැටියො....මම....."

"දෙයියනේ දෙනෙත් අයියා!"

"දෙනෙත් මොකෝ මේ වෙලාවෙ?"

දොරට එපිටින් ඇහුනු හරි දුර්වල හඩට ඇහුම්කන් දුන්නු නේත්‍රයි ආශවයි ඉක්මනටම දොර ඇරලා දැම්මා.හොදටම තෙත බරියම් වෙලා හිටිය දෙනෙත්ගෙ මුළු ඇගම වෙවුලන ගමන් තිබ්බා.තමන්ගෙ ඉස්සරහ ඉන්න යාලුවො දෙන්නා දිහා බැලුව දෙනෙත් ලොකු සැනසීමක් ලැබුනා වගේ හීනි හිනාවක් දාන ගමන් එහෙම්මම ඇදගෙන වැටෙන්න ගියා.දෙනෙත් ඇදන් වැටෙන්න යනව තේරුනු ආශව ඉක්මනටම ඉස්සරහට පැනලා දෙනෙත්ව අල්ලගනිද්දි දෙනෙත්ව අනික් පැත්තෙන් අල්ලගත්තු නේත්‍ර දෙනෙත්ව තමන්ගෙ ගේ ඇතුලට අරන් යන්න උදව් කරන ගමන්ම දොර වහලා දැම්මා.

"මූ බීලා පයින්ම ඇවිල්ලද කොහෙද මේ මහ වැස්සෙ"

ආශව කිව්වෙ දෙනෙත්ගෙන් හමන මත් පැන් ගද දරාගන්නම බැරි තැන.ආශවට කොහොමත් ටිකක් බිව්වත් මත් වෙන සිද්ධියක් තිබ්බ නිසා ආශව මත්පැන් පානය කලේම නැහැ.එදා ආර්ය දුන්නෙ එයාලා විශේෂෙන්ම හැදුව පානයක් කිව්ව එකක් නිසයි එදා තෙවින්ගෙ හැසිරීම නිසයි ඒකෙන් පොඩි වීදුරු දෙකක් එක උගුරට බීලා දැම්මත් ඒකෙන් පවා තමන්ව මත් වෙන මට්ටමකට ආව බව දැනගත්තු ආශව උත්සවේට ගිය දාට පහු වෙනිදා මූණත් බෙරි කරන් හිටිය නේත්‍රගෙන් සමාව ඉල්ලලම නේත්‍රව තෙහෙට්ටු කලා.අනික් පැත්තෙන් ආශව ක්‍රීඩා අංශෙන් ඉදිරියට යන්න තිබ්බ උවමනාව නිසා මත් ද්‍රව්‍ය වලින් සෑහෙන්න වැලකිලා හිටියෙ තමන්ගෙ ශරීර සෞඛ්‍යට ඒක අහිතකරව බලපාන බව දැනන් හිටිය නිසා.

"ගදයි නේද සුදුබේබි? දෙනෙත් අයියගෙ ඇදුම් මාරු කරවන්න වෙයි නේද? මම කුස්සියට වෙලා ඉන්නම්"

"ඔව් ඔව්.....නේත්‍ර සාලෙට එන්න එපා....මූට අන්දන්න ඇදුමක්...."

"මගෙ එකක්....."

"නෑ නෑ! නේත්‍රගෙ සරම් එහෙම මම ඇන්දට වෙන කාටවත් එව්වා දෙන්නෙ එහෙම නෑ! බෙඩ් ශීට් එකක් ගන්නකො නේත්‍ර....තියේද වැඩිපුර එකක්?"

"ඕ සුදුබේබි....ඉන්නකො....මම වතුර එකකුත් අරන්ම එන්නම්....සුදුබේබි එතකං දෙනෙත් අයියගෙ ඔලුව පිහිදන්නකො"

බොහොම අමාරුවෙන් දෙනෙත්ව හරි සිහියට ගත්තු ආශව දෙනෙත්ව පුටුවකින් ඉන්දෝගෙන ඔලුව පිහිදවන්න ගත්තා.ටිකකින් නේත්‍ර පොඩි වතුර බේසමකුයි සර්වියට් එකකුයි අරන් ඇවිත් ඒක ආශවගෙ අතට දීලා ඇද ඇතිරිල්ල පුටුවක් උඩින් දාලා කුස්සියට ගියේ උණුවෙන් කෝපි එකක් හදන්න හිතාගෙන.දෙනෙත්ගෙ කලිසමයි ෂර්ටයයි ගලවලා දැම්ම ආශව දෙනෙත්ව පිරිසිදු වතුරෙන් පිහිදලා දැම්මා.ඊටපස්සෙ දෙනෙත්ව ටිකක් උස්සලා දෙනෙත්ගෙ ඇග වටෙන් ඇද ඇතිරිල්ල දවටනකංවත් දෙනෙත්ගෙන් කිසිම හාවක් හූවක් තිබ්බෙ නෑ.ඔහේ හිස් බැල්මෙන් ඉස්සරහ බලාගෙන හිටිය දෙනෙත්ගෙ ඇස් දෙකෙන් නොනවත්වාම කදුළු ගලාගෙන ගියා.

"සුදුබේබි.....හරිදෝ? මම එන්නද?"

"එන්න නේත්‍ර.....මම ඇදුම ඇන්දුවා"

කෝපි කෝප්පයක් හදන් ඇවිත් ආශවගෙ අතින් තිබ්බ නේත්‍ර ඉගි කෙරුව දේ තේරුම් ගත්තු ආශව නේත්‍ර ඇදලා දුන්නු පුටුවකින් ඉදගෙන කෝපි එක දෙනෙත්ගෙ කට ගාවට ලං කලා.මේ වගේ දේවල් ආශව ජීවිතේට කරලා නැති නිසා නේත්‍ර කියන දෙයක් කරනවා ඇරෙන්න මොකද්ද කරන්නෙ කියලා හිතලා කරන්න තරම් බුද්ධියක් ආශවට තිබ්බෙ නෑ.අනික නේත්‍ර උනත් ඔය දේ ආශවට කරන්න දීලා ලගට වෙලා හිටගෙන උන්නෙ දෙනෙත්ට තමන් කෝපි පොවන්න ගියොත් මේ අමාරුවෙන් ඉන්න එකාට ආයෙ එලියට බහින්න වෙනවා කියලා හොදටම දන්න නිසා!

"නිකට උස්සලා ටිකක් කෝප්පෙ ලං කරන්න සුදුබේබි"

"දෙනෙත් මේක බීපං බං...උබව වෙවුලනවා"

"න්....නේත්‍ර මල්ලි.....මගෙ දෙවින්....ආශවයා ඒ මගෙ දෙවින් බං!"

දෙනෙත්ගෙ කටහඩ හරි පුදුමාකාර විදියට වෙවුලද්දි ඒ ඇස් දෙකෙන් නොනවත්වාම කදුලු ගලාගෙන ගියා.ඒත් එක්කම තමන්ට හුගක් විශ්වාසයි කියලා දැනුනු පුංචි රූපෙ ලග හිටගෙන ඉන්නවා දැක්ක දෙනෙත් නේත්‍රගෙ ඉණ වටේ අත් දෙක පටලගෙන නේත්‍රගෙ බඩින් මූණ තියාගෙන අඩන්න පටන් ගත්තා.මෙච්චර වෙලා කෝපි කෝප්පෙ අතේ තියං උන්නු ආශව සද්දෙන් කෝපි කෝප්පෙ ලග තිබ්බ පුටුවක් උඩින් තියන ගමන් නැගිටිද්දි නේත්‍ර පවා ගැස්සිලා ගියා.

"දෙනෙත්!"

"සුදුබේබි.....එයා හිත් අමාරුවකින් ඉන්නෙ"

"උබේ යාලුවා මමනෙ දෙනෙත්! මාව තුරුල් කරගනින්"

නේත්‍රගෙ ඉණ වටින් දෙනෙත්ගෙ අත් දෙක ගලවගත්තු ආශව දෙනෙත්ගෙ ඔලුව තමන්ගෙ බඩට හේත්තු කරවගනිද්දි නේත්‍ර ලොකු හුස්මක් පහල දැම්මෙ මේ වගේ වෙලාවල් වලදිවත් ආශව ඉවසීමක් නැතුව වැඩ කරන හැටි කල්පනා කරන ගමන්.දෙනෙත් නම් හිටියෙ ඒ වගේ දේවල් ගැන හිතන්න පුළුවන් මට්ටමක නොවෙන කොට දෙනෙත් ආශවට තුරුල් වෙලා ඇති වෙන්න ඉකි ගැහුවා.මේ වෙලාවෙත් නේත්‍ර හිටියෙ ආයෙමත් සැරයක් පුදුම වෙන ගමන්.අච්චර කෙනෙක් ආශවට තුරුල් වෙලා වේදනාවෙන් ඉකි ගහද්දි පවා ආශවගෙ ඇස් වල වේදනාවකවත් අනුකම්පාවකවත් සේයාවක් තිබුනෙ නෑ.ආශව හිස් බැල්මෙන් දෙනෙත්ව තුරුල් කරගෙන හිටියා.

"අඩන එක නවත්‍තපං දෙනෙතා! හැම හු#තකටම අඩන්න තියාගත්තම හරිද?"

"සුදුබේබි.....ඔහොම කතා කලාම දුක වැඩි වෙනවා සුදුබේබි.....ඔහොම ඉන්නකො"

ආශවගෙ අතින් අල්ලලා කතාව නැවත්තුව නේත්‍ර හෙමින් සැරේ දෙනෙත් ගාවට ලං වුණා.

"දෙනෙත් අයියේ......"

"ම්...ම්හ්....කිහ්....කියන්න....පැටියො....."

"දෙනෙත් අයියා නාඩා ඉන්න උත්සාහ කරන්නකො.....මම දන්නවා දුකයි කියලා.....ඒත් ඒක ඇත්තක්නම් අපි හිත හදාගන්න එක නේද කරන්න ඕනි"

"ඔ....ඔව්....ඒත්.... ඒ.....පුංචි .... කාලෙ.... ඉදන්.... ආදරේ .... කල .....මනුස්සයනෙ ..... පැටියො ....."

"මට තේරෙනවා දෙනෙත් අයියේ...... අපි ඔයා එක්ක හැමතිස්සෙම ඉන්නවා......කෝ දැන් සන්සුන් වෙන්න බලන්නකො"

"ඇත්තට මූණ දීපං දෙනෙත්! දෙවිනට කොහෙවත් යන එකියක් ලොකු උනානම් උබට වඩා උබ ඇයි දුක් වෙන්නෙ?   උබට ඌව ඕනිනම් ෆයිට් කරපං! මෙහෙම බිබී කාලකණ්නි නොවී"

"ස්....සුදුබේබි?"

"මූව නලෝලා බෑ නේත්‍ර.....නැලෙව්වොත් ඊලග පාර මූ මීට වඩා දෙයක් කරගන්නවා"

"ම...ට....දෙවින්....ගෙයි.....නිදුකිගෙයි....මැද්දට පයින්න....ඕනි....නෑ.....ආශවයා.....මම....එයාගෙ සතුටට....ඉඩදීලා....පැත්තකට.....වෙන්නම්...."

දෙනෙත් කෑ ගහලා අඩන ගමන් ආශවව තව ටිකක් තද කරගනිද්දි නේත්‍ර ආශවගෙ අතක් අරන් දෙනෙත්ගෙ ඔලුව උඩින් තිබ්බා.නේත්‍ර දිහා බලලා ඔලුව වැනුව ආශව දෙනෙත්ගෙ ඔලුව හෙමින් හෙමින් පිරිමදිද්දි තමන්ව තනි නොකරන්න යාලුවො ඉන්නවා කියන හැගීම හිතට ආව දෙනෙත් නොනවත්වාම අඩන්න ගත්තෙ පීඩනේ ටිකක් හරි ඒ විදියට පිටකරන්න හිතාගෙන.ටික වෙලාවක් යද්දි ආශවගෙ උපදෙස් වලට අනුව නේත්‍ර හදන් ආව දෙහි වීදුරුවත් බිව්ව දෙනෙත්ට ටිකෙන් ටික නින්ද ගියේ පුංචි හරි සහනයක් දැනුනු නිසා වෙන්න ඇති.දෙනෙත්ව වාරු කරගත්තු ආශව නේත්‍රගෙ කාමරේ ඇදෙන් දෙනෙත්ව නිදිකරවලා එලියට එද්දි නේත්‍ර තව කෝපි කෝප්පයක් හදාගෙන ඇවිත් තිබ්බා.

"සුදුබේබි......."

"මගෙ ෆෝන් එක කෝ නේත්‍ර? කොහෙන්ද තිබ්බෙ"

"මම අරන් එන්නම්..... මේක බොන්නකො සුදුබේබි"

"නේත්‍රට?"

"අර කෝප්පෙ මේසෙ උඩ තියේ"

නේත්‍ර තමන්ගෙ කාමරේට ගිහින් ආශවගෙ දුරකථනෙ අරගෙන සාලෙට එද්දි ආශව පුටුවක් උඩ ඉදගෙන කෝපි එක තොල ගාන ගමන් හිටියා.තමන්ගෙ කෝපි කෝප්පෙ අතට ගත්තු නේත්‍ර ආශව ලගට ගිහින් දුරකථනෙ ආශව අතින් තියද්දි ආශවගෙ අතේ තිබ්බ කෝපි කෝප්පෙ බිමින් තිබ්බ ආශව නේත්‍රගෙ අතින් දුරකථනෙ අරගෙන අනික් අතින් නේත්‍රගෙ ඉණ ග්‍රහණය කරගෙන නේත්‍රව තමන් ලගට ඇදලා ගත්තා.නේත්‍රගෙ බඩ උඩින් ඔලුව තියාගත්‍තු ආශව එහෙම්මම ඇමතුමක් ගත්තෙ මෙවෙලෙ ගන්නම ඕනි පුද්ගලයට.

"හෙලෝ දෙවින්!"

.

.

.

.

.

"අයියෙ! මොකද්ද උඹ මේ නටන නාඩගම?"

දෙවින්ගෙ කාමරේට ආව තෙවින් අහද්දි දෙවින් වගේම දෙවින්ගෙ ඇද උඩට වෙලා හිටිය නිදුකිත් ගැස්සිලා ගිහින් තෙවින් දිහා බැලුවා.

"අනිකි උබ පොඩි එකී! උබ මොකද්ද මේ කරන්නෙ?"

"මම දන්නෑ චූටි අයියෙ..... ලොකු අයියා කෝල් කරලා මෙහෙම වැඩක් තියෙනවා,කරමුද ඇහුවා.....මාත් ඉතින් හා කිව්වා"

"අයියෙ! දෙනෙත්ව අවුස්සලා වචනෙ එලියට ගන්නද මේ නාඩගමක් නැටුවෙ?"

"හ්ම්ම්ම්"

දෙවින් ලොකු හුස්මක් පහලට දාද්දි නිදුකි මෙච්චර වෙලා බල බල හිටිය දෙනෙත්ගෙ පින්තූර තිබ්බ ලැප්ටොප් එක දෙවින්ගෙ මේසෙ උඩින් තියලා ඇද උඩට ගෙම්බා ගැහුවා වගේ පත බෑවුණා.

"නිදුකි ශ්වේතකී!!!.....තමුසෙ දැන් අර හිටිය පොඩි කෙල්ල නෙවෙයි! මෙහෙම කොල්ලො දෙන්නෙක් එක්ක කාමරේකට වෙලා ඔහොම බලියගෙන හිටියම හරි ශෝක්"

"ඈ ලොකු අයියෙ..... ඔක්කොටම කලින් චූටි අයියට වෙලා තියෙන්නෙ මොකද්ද කියලා කියනවකො....මූ කොලඹ ඉද්දි ඔහොම වැදගත්කම් ගැන හිතුවෙ නෑ"

"තමුසෙ ඉන්නවා නිදූ කට වහන්"

"මල්ලි! නිදූ! දෙන්නගම කට වහන්නයි කිව්වෙ"

දෙවින්ගෙ සද්දෙ එක්ක තෙවිනුයි නිදුකියි කට පියාගත්තා.ඇත්තටම නිදුකි කියන්නෙ තෙවින්ගෙයි දෙවින්ගෙයි අම්මගෙ පැත්තෙන් නෑදෑ වෙන ගෑනු ලමයෙක්.කොහොමත් සිංහවංශ පරම්පරාවෙන් දෙවින්ලගෙ අම්මා උනු නිරාශාව ඒ හැටි පිලිනොගත්ත නිසා නිරාශගෙ නෑදෑ හිතවතුන් එක්ක උනත් ලොකු ගැටීමක් තිබුනෙ නෑ.ඔය කරුණ නිසාම තමයි දෙනෙත් නිදුකිව නොදැන ඉන්න හේතු වුනේ.දෙවින් නුවර ආවත් තෙවින් කොලඹම දිගු කාලයක් හිටිය නිසා නිදුකිලා එක්ක හිතවත්කම් පවත්තන්න තෙවින්ට පුළුවන් උනා වගේම ඒ මාර්ගෙන් දෙවිනුත් නිදුකිලා එක්ක හිතවත් උනා.පොඩි කාලෙ ඉදන්ම ලොකු අයියයි චූටි අයියයි කියලා දෙවින් තෙවින් දෙන්නට කතා කරන්න හුරු උනු නිදුකිගෙ හිතේ මේ කොල්ලො දෙන්නා ගැන තිබ්බෙ දැඩි සහෝදරකමක්.

හදිස්සියේම මීට සතියකට විතර කලින් දෙවින් තමන්ට කතා කරලා කරන්න කිව්ව උදව්වට නිදුකි උනත් කැමති උනේ ඒකෙන් තමන්ගෙ ලොකු අයියට සතුටක් ලබාගන්න පුළුවන් වෙන නිසා.දෙවින්ට උනත් නිදුකි ගැන හරි පරිස්සම් සහගතව,වගකීමක් ඇතුව,ආදරෙන් ඉන්නවා වගේ රගපාන්න ඒ හැටි අමාරු නූනෙ ඇත්තටම නිදුකි එක්ක සෑහෙන්න බැදීමක් ඒ හිතෙත් තිබුනු නිසා.ඉතින් දෙවින් කිව්ව විදියටම කිව්ව තැනට ගිහින් දෙවින් කියලා දුන්නු ටොම් පච ටික හැමෝම ඉස්සරහ කෙලලා ඇරිය නිදුකි මුකුත් නොදන්න හිමිච්චා වගේ හොද රගපෑමක් කරලා තිබ්බා.

"උබලා දෙන්නා කරපු ගොංකම නිසා දෙනෙත්ට පට්ටෙට අවුල් ගියා.....පෞ ඕයි"

"අවුල් ගියා නේන්නම්.....ලොකූ මේ.....දෙනෙත් අයියා හෙන ලවුනෙ තමුසෙට"

"අනේ මේ! මම මේ බලන් ඉන්නෙ මොන වෙලේ හරි ඒකා කෝල් කරලා මට බයිනකං.....එතකොට වචනේ එලියට ගතෑකිනෙ....තවම කෝල් කලේ නෑනෙ ඒත්"

"නිදූ..... දැන් තමුසෙ ආයෙ කවද්ද කොලඹ යන්නෙ?"

"ඉරිදා යනවා චූටි අයියෙ..... මීට් එකේ වැඩ තියේ කරන්න"

"අයියෙ.....තමුසෙගෙ ෆෝන් එක නේද ඔය වයිබ්‍රේට් වෙන්නෙ?"

තෙවින්ගෙ හඩත් එක්කම ගැස්සිලා ගිය දෙවින් තමන්ගෙ දුරකථනෙ අතට අරගෙන ඇමතුමට සම්බන්ධ වුණා.ටිකකින් දෙවින්ගෙ මූණෙ වෙනස් වීමත් එක්ක හිනා වෙවී හිටිය නිදුකියි තෙවිනුයි දෙන්නත් බය වෙලා වගේ බලද්දි,දෙවින්ගෙ අතින් දුරකථනෙ අතෑරිලා ඇද උඩට වැටුනා.

"දෙනෙත්...... දෙනෙත් පිස්සුවක් කෙලලා බං!"

.

.

.

.

.

"ආශව!"

"උබ ආවද? දෙනෙත් ඇතුලෙ කාමරේ......උබ ගිහින් කතා කරපං......අපි එලියට වෙලා ඉන්නම්"

දෙනෙත් ගැන කියලා විනාඩි දහයක් යන්නත් කලින් නේත්‍රගෙ ගෙදර දොරකඩින් දෙවිනුයි තෙවිනුයි මතු වෙද්දි ආශවගෙ වචනත් එක්ක දෙවින් නේත්‍රගෙ කාමරේ ඇතුලට දුවගෙන යනවත් එක්කම ඒ දොර වැහුනා.නේත්‍ර එක්ක හිනා වුණු තෙවින් සාලෙ පුටුවකින් ඉදගනිද්දි ආශව බීලා හිස් වෙලා තිබ්බ කෝප්පෙ අතට ගත්තු නේත්‍රත් ආපිට තෙවින් එක්ක සුහදව හිනා වෙලා කුස්සිය පැත්තට ඇදුනා.පුටුවක ඉදගෙන දුරකථනෙට ඇස් දෙක යොමාගෙන ඉන්න ආශව දිහා බැලුව තෙවින් තමන්ගෙ උගුර පාදද්දි තෙවින් දිහා බැලුව ආශව ලාවට හිනා වුණා.

"දෙනෙත් කොයි වෙලේද ආවෙ ආශව?"

"ටිකක් හවස් වෙලා තෙවින්...... මිනිහා මෙහෙට එද්දි තනිකර පිස්සෙක් වගේ"

"දෙනෙත්ට බය හිතෙන්න ඇති අපේ අයියව ලැබෙන්නෙ නැති වෙයි කියලා"

"හ්ම්ම්....... දෙනෙත්ට දෙවින්ව ලැබුනු නිසා හොදයි.....දෙවිනුත් ගොං ආතල්නෙ ගන්නෙ"

"ඔව්..... නැත්තං දෙනෙතා පිස්සෙක් වෙලා තමා නවතින්නෙ"

"හ්ම්ම්ම්"

මෙච්චර වෙලා ඉස්සරහ බලාගෙන කතා කර කර උන්නු ආශව තෙවින් දිහාවට හැරෙන ගමන් කට කොනකට නගාගත්තෙ පුංචි හිනාවක්.ඒක සමච්චල් සහගත හිනාවක්ද,නිකම්ම නිකං හිනාවක්ද කියලා තෙවින්ට තේරුම් ගන්න ටිකක් අමාරු උනා.

"නොලැබෙන දේවල් පස්සෙ යන කාට කාටත් වෙන්නෙ අන්තිමේදි පිස්සො වෙන්න තමා.....ඒක ඔලුවෙ තියං ජීවත් වෙනවනම් ඔය මුකුත් ප්‍රශ්න නෑ"

"ම්ම්ම්.......ආශව වටෙන් ගොඩෙන් කියන දේ තේරෙන්නෑ මට"

"දෙයක් කෙලින්ම අතට අහු වුනොත් කියන්න ඕනි දේ කෙලින්ම කියන්න මම හොදටම දන්නවා තෙවින්! ඒත් සාක්කි කියන දේවල් වටින් ගොඩින් ලැබෙන තාක් මමත් අනතුරු අගවන්නෙ වටින් ගොඩින්! හැබැයි මම ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන දවසට......."

"තෙවින් අයියෙ කෝපි එකක් බොන්න"

ආශව කියන්න ගිය දේ සම්පූර්ණ කරන්න ඉඩ නොදුන්නු නේත්‍ර තෙවින්ට කෝපි එක පිලිගන්නලා ආශව ලගට ගිහින් ආශවගෙ ඔලුව හෙමීට අතගෑවෙ කෝපි එක අරන් එන ඩිංගට දෙන්නගෙ අතර ඇති වුනු කතා බහෙන් ටිකක්  නේත්‍රටත් ඇහුණු නිසා.උණු උණුවෙන්ම කෝපි උගුරක් කටට දාගත්තු තෙවින් පපුවම පිච්චිලා යන වේදනාව විදගන්න ගමන් ඒ කෝපි උගුර ගිලලා දැම්මෙ තමන්ට ඉස්සරහින් පේන දර්ශනෙන් ඊට වඩා වේදනාවක් දැනෙන හින්දා.

"තෙවින්ගෙ ඉස්කෝලෙ වැඩේ මොකෝ?"

ආශව කිසිම වෙනසක් නොපෙන්නා තෙවින්ගෙන් අහද්දි ආශවගෙ පය පාමුල ඉදගෙන ආශවගෙ දණහිසක් උඩ තමන්ගෙ කම්මුලක් තද කරන් උන්නු නේත්‍ර දිහා බලන ගමන් තෙවින් ආශවට උත්තර දෙන්න ගත්තා.නේත්‍ර දිහා දරන්න බැරි ලෝබකමකින් බලන් උන්නු තෙවින් ආශවට උත්තර දෙන්න ගත්තෙ නේත්‍ර කියන්නෙ වෙන කෙනෙක්ට අයිති මලක් බව දැනන් උන්නු නිසා.දැන් දැන් තෙවින් ඒක තමන්ගෙ හිතටම ඒත්තු ගන්නගන්න උත්සාහ දරමින් හිටියා.

"සදුදා ඉදලා එන්න පුළුවන් ආශව.....මේල් එක ආවෙ අද මට"

"ඕහ්හ්හ්......හොදයි"

ආශව නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් කියද්දි තෙවින් හෙමිහිට නැගිටලා නේත්‍රලාගෙ ගෙදර ඉස්තෝප්පුවට ගියා.තවම දෙවින්වත් දෙනෙත්වත් කාමරෙන් එලියට නාව නිසා සාලෙ මේසෙ උඩ තිබ්බ කඩදාසි දාලා තිබ්බ ෆයිල් එක අතට ගත්තු නේත්‍ර,ආශව නේත්‍රට පාඩම් කියලා දෙන්න ගෙනාව පොත් ගොඩ අස්සෙ තිබ්බ පෑනක් අතට අරගෙන පිලිවෙලකට තරග කාලසටහනට අනුව ලමයිගෙ නම් ගම් පෙලගස්සන්න ගත්තා.

අතේ තිබ්බ කෝපි කොප්පෙට පිඹින ගමන් ඒක නිවන්න උත්සාහ දැරුව තෙවින්ගෙ ඇස් වල තිබ්බ වේදනාකාරී හැගීම හංගන්න ඉස්තෝප්පුවෙ තිබ්බ මලාණික එලියක් විහිදුව බල්බෙට පුළුවන් වුණා.විටෙන් විටේ විදුලි එලි කෙටුවත් දැන් කලින් තරම් වැස්ස දරුණු නෑ කියලා දැනුනු තෙවින් ඉස්තෝප්පුවෙ අයිනටම ගියේ හිරිහිඩ ටිකක් වද්දගන්න තිබ්බ වුවමනාවට.කොලබ ඉද්දි හිටියට වඩා නුවර ආවම තෙවින් සොබාදහමෙන් සතුටු වෙන්න් උත්සාහ දරන ගමන් හිටියා.

හිරිකිඩ මූණට වදිද්දි උණු කෝපි උගුරෙන් උගුර බොන එක තෙවින්ට දැනුනෙ හරි පුදුමාකාර හැගීමක් විදියට.විටින් විටේ ගහන විදුලි එලි වලින් මුලු පලාතම එලිය වෙද්දි තෙවින් අදුරෙන් වැහිලා තිබ්බ තැන් ඒ ආලෝකෙ මාර්ගෙන් හොයාගන්න උත්සාහ දැරුවා.වැස්ස නිසාම නොනවත්වාම හුලං ගහද්දි නේත්‍රලාගෙ ගෙයි ඉස්සරහ තිබ්බ අරලිය ගහෙ කොලත් සර සර ගාලා හෙලවෙන ගමන් තිබ්බා.මේ හැමදේම තෙවින් වින්දෙ හරි ආසාවෙන්.

ගේ ඇතුලට වෙලා ඉන්න නේත්‍ර දිහා කෙලින් බලන්න තරම් තමන්ට අයිතියක් නැති වග දැනන් උන්නු තෙවින් අර විදුලි එලි කොටද්දි ඒ අස්සෙන් නේත්‍රගෙ මූණ මවාගන්න උත්සාහ කලා.තමන්ගෙ ජීවිතේ සතුටු වෙන්න තියෙන එකම අංගෙ නේත්‍ර කියලා හිතාගත්තු තෙවින් 'සතුට' කියන හැගීම හිතින් මවාගෙන ඇස් තද කරලා වහගෙන එකපාරටම ඇරියෙ ඊලග විදුලි එලිය කොටද්දි.ඒ එලි අස්සෙන් බලාපොරොත්තු උනු රූපෙ නේත්‍ර උනත් දිවාෂගෙ මූණ ඇදිලා මැකිලා ගියේ ඇයිද කියන එක තෙවින්ට තේරුම් ගන්න අමාරු වුණා.හැමවෙලේම දිවාෂ තමන් එක්කම ඉන්න නිසා එහෙම උනා කියලා හිතුව තෙවින් ඒ දේ එතනදිම අමතක කරලා දැම්මා.

වැස්ස නිසාම ටිකක් තද වෙලා තිබ්බ හුලගෙ මිශ්‍ර වෙලා ආව ගැටපිච්ච මල් සුවද නාහෙට දැනුනු තෙවින් ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තෙ ඒ සුවද විදින්න.ඒ සුවද කොච්චර මිහිරි උනත් ඒ තමන් ආදරේ කරන සුවද නෙවේ කියලා තේරුම් ගත්තු තෙවින් වටපිට බලන්න ගත්තෙ තමන්ගෙ වලව්වත්තෙ තියෙන ජාතියෙ පොකුරට පිපුණු පිච්ච මල් මේ වත්තෙත් තියෙනවද බලන්න. කියලා තේරුම් ගත්තු තෙවින් වටපිට බලන්න ගත්තෙ තමන්ගෙ වලව්වත්තෙ තියෙන ජාතියෙ පොකුරට පිපුණු පිච්ච මල් මේ වත්තෙත් තියෙනවද බලන්න.

"සුවදයි නේද තෙවින්?"

"අහ්.....ආ....ඔව් ආශව.....මොනාද ඒ මල්?සමන් පිච්චද?"

"නෑ තෙවින්.....ඔය ගැටපිච්ච මල්"

"ඔහ්හ්හ්.....මම ඒත් ආසම සමන්පිච්ච මල් සුවදට.....අපේ ගෙදර වත්තෙත් තියෙනවනෙ.....මම හරි ආසයි ඒ සුවදට"

"නෑ තෙවින්.....ඔයාලගෙ ගෙදර වත්තෙ තියෙන්නෙ පොකුරු පිච්ච"

"ආහ්? මම දන්නෑ ආශවයා එහෙම මල් වර්ග හරියටම"

"දැනගෙන ඉදපං තෙවින්.....නැත්තං උබ වැරදි මලට හරි මල කියලා රැවටෙන්න ඉඩකඩ තියෙනවා"

ආශව කිව්ව දේට හූමිටි තිබ්බ තෙවින් ඝන අන්ධකාරෙන් වැහිලා තියෙන ඉස්සරහ අවකාශෙ දිහා බලන් උන්නා.නේත්‍රව මතක් වෙන වාරයක් ගානෙ පපුව මහ අමුතු විදියට රිදුම් දුන්නත්,දිවාෂ කිව්ව විදියට මේක දිග දුර අරන් ගියොත් තමන් තනි වෙන බවත් තෙවින් දැනන් හිටියා.අනික් අතට නේත්‍රට පණ වගේ ආදරේ කරන ආදරවන්තයෙකුත් ඉදිද්දි තමන් එහෙම බාධා කරන එක වැරදියි කියලා තෙවින් තමන්ටම පහදගන්න ගමන් හිටියා.ටිකෙන් ටික හරි නේත්‍රව අමතක කරන්න ඕනි කියන එක තෙවින්ගෙ හිතේ තදින්ම කෙටිලා තිබුනා.

"ආශව......"

ගේ ඇතුලෙන් ඇහුනු දෙවින්ගෙ කටහඩට අවධානෙ දුන්නු  ආශවයි තෙවිනුයි දෙන්නම ගේ ඇතුලට එබෙද්දි කාමරෙන් ඔලුව එලියට දාන් උන්නු තෙවින්ගෙ මූණෙ ඇදිලා තිබ්බෙ ලස්සන හිනාවක්.ආශවයි තෙවිනුයි දිහා බලලා මාපටැගිල්ල උස්සලා සතුට ප්‍රකාශ කෙරුව දෙවින් නේත්‍රට ඇහැකුත් ගහගෙන කාමරේ දොර වහගත්තෙ 'තව ටිකක් ශේප් කරගෙනම එන්නම්' කියාගෙන.දෙවින් දිහා බලල අත්පුඩියකුත් ගහලා හිනා වුණු නේත්‍ර ආපහු පාරක් තමන්ගෙ වැඩේ කරන්න පටන් ගනිද්දි ආශවයි තෙවිනුයි දෙන්නා ඈත ආකාහෙට තමන්ගෙ ඇස් යොමාගෙන හිටියා.

"උබට මගෙන් මොනාහරි අහන්න තියේද තෙවින්?"

"හ්ම්ම්ම්......"

"ඕනි දෙයක් අහපං......මම මුකුත් හිතන්නෑ"

"අපි ආසා කරන හැම දෙයක්ම අපිට ලැබෙන්නෙ නැත්තෙ ඇයි ආශව?"

"ඒ සමහර දේවල් අපිට කැප නැති නිසා තෙවින්....සමහරවිට ඒ දේවල් ලබාගන්න තරම් අපි සුදුසු නැතුව ඇති....නැත්තං අපි සුදුසු වැඩි ඇති.....එහෙමත් නැත්තං අපිට ගැලපෙනම දේ ඒක නෙවෙයි වෙන්න ඇති"

"ආශව ඉස්සරට වඩා සතුටින්?"

"නේත්‍ර නිසා......"

"ආහ්හ්හ්?"

"නේත්‍ර තමා මගෙ සතුට.....එයා ලග ඉන්නකං මම සතුටින් ඉදියි තෙවින්"

"උබ වාසනාවන්තයි"

"මේ ලෝකෙ වැඩියෙන්ම වාසනාවන්ත මම තමයි"

"උබ නේත්‍රට පණ වගේ ආදරෙයි නේද?"

"ඔව්! පණටත් වඩා වැඩියෙන් ආදරෙයි......මගෙ ජීවිතේ අංක එක නේත්‍ර......නේත්‍රව රකින්න,නේත්‍රව මගෙ ලගම තියාගන්න මම ඕනිම දෙයක් කරනවා තෙවින්.....මට විරුද්ධ වෙන්නෙ කවුරු උනත් මම ඉවසන එකක් නෑ"

"නේත්‍රත් උඹට පණ ඇරලා ආදරෙයි ආශව......උබලා දෙන්නට කවදාවත් ඈත් වෙන්න වෙන්නෙ නෑ"

"නේත්‍ර තමන්ටත් වඩා ආදරේ කරන්නෙ මට.....නේත්‍රගෙ ජීවිතේ,හීන,බලාපොරොත්තු හැමදෙයක්ම බැදිලා තියෙන්නෙ මම එක්ක..... නේත්‍රගෙ ජීවිතේ මට තියෙන තැන නේත්‍රගෙ විදියටම කිව්වොත්....නේත්‍රයි මායි එක්කෙනෙක්.....දෙන්නෙක් නෙවේ"

"උබලා දෙන්නට වරදින්නෑ"

ආශවට උරහිස අල්ලලා මිරිකුව තෙවින් තමන්ගෙ හදවතින්ම එන හැගීම එලියට දැම්මා.ආදරේ කරනවා කියන්නෙ අයිතිකරගැනීමම නෙවෙයි කියන එක තෙවින් මේ වෙද්දිනුත් දිවාෂගෙන් ඉගෙන ගෙන තිබ්බා.ආදරේ කරන කෙනාගෙ සතුට තමන් නෙවෙයිනම්,එයාගෙ සතුට තියෙන තැන එයාට ඉන්න දෙන එක තමයි හරිම දේ කියලා තෙවින් දැනන් උන්නා.නේත්‍රගෙ එකම සතුට ආශව වෙනකොට තමන් නේත්‍රගෙ සතුටට ආශිර්වාද කරනවා තරම් වෙන උතුම් දෙයක් කොයින්ද?

ඝන අදුරෙ උනත් මොකක් හරි පුංචි සුදුපාට දෙයක් හුලගෙ ගහගෙන එනවා තෙවින් වගේම ආශවත් දැක්කා.කෝපි කෝප්පෙ ඉස්තෝප්පුවෙ බිමින් තිබ්බ තෙවින් හුලගෙ ගහන් එන ඒ සුදුපාට දේ අල්ලගන්න ඉස්සරහට පැන්නත් ඒක තෙවින්ගෙ අත් වලට අහු නොවී මගෑරිලා ගියා.ඒ දේ තමන්ගෙ අතින් මගෑරුනා කියලා දැන දැනත් තෙවින් දෙතුන් වතාවක් ඒ සුදුපාට ඡායාව දිහාට අතුත් දික් කරන් පැන්නත් ඒක තෙවින්ගෙ අතට අහු වුණේම නෑ.තෙවින් දගලන හැටි දැක්ක ආශවගෙ මූණෙ ලා හිනාවක් පහල උනේ පුංචි කාලෙ කොලබදි තමන් එක්ක එකටම කුපාඩිකම් කෙරුව පුංචි තෙවින්ව මතක් වෙලා.

ඒත් එක්කම තෙවින්ගෙ අත් වලට අහු නොවුණු සුදුපාට දේ තමන් දිහාවට පාවී එනවත් එක්කම ඒ දේ හදුනගත්තු ආශව ඒක අල්ලන්නවත් උත්සාහ නොකලෙ ඒක පැනල අල්ලගන්න හැදුවොත් ඒ දේ තැලිලා පොඩි වෙලා යන වග දැනගෙන උන්නු නිසා.ආශව හිටි විදියටම හුලගෙ ගහගෙන ආව ඒ සුදුපාට දේ දිහා බලාගෙන ඉද්දි ආශවගෙත් හිත තත්පර ගාණකට මහ අමුතුම හැගීඅකින් පුරවන ගමන්,

හුලගෙ ගහගෙන ආව ගැටපිච්ච මල ආශවගෙ පය පාමුල හරි පරිස්සමට තැන්පත් වෙලා තිබ්බා.

හෙමීට බිමට නැවුණු ආශව ගැටපිච්ච මලේ නටුවෙන් පරිස්සමට අල්ලලා මල අල්ල උඩින් තියාගෙන ලොකූ හුස්මක් උඩට අදින ගමන් ගැටපිච්ච මලේ සුවද ආසාවෙන් වින්දා.ඒත් එක්කම තමන් දිහා බලාගෙන ඉන්න තෙවින් දිහා බැලුව ආශව ඒත් එක්කම බැලුවෙ සාලෙ මැද්දට වෙලා ඇසුත් බෝල කරන් කොලේක දඩි බිඩි ගාලා මොනාදෝ කුරුටු ගාන තමන්ගෙ පිවිතුරු ආදරවන්තයා දිහා.

"තෙවින් දන්නවද? සමහර දේවල් තියෙනවා......මොන බාධකේ ආවත් තමන්ගෙ උරුමක්කාරයාවම හොයන් එන.....උරුමක්කාරයා ලග විතරක් සැනසෙන"

...................................................................................................

වචන 3200+😪❤️

අදනම් කොට නෑ හුහ්...කොටයි කිව්වොත් කපනවා මම😒❤️ උණ ගැනිලාතියෙද්දි මේ ලියලා දුන්නෙ හරිත😾❤️

කෝ බලම්න නිදුකිට බැන්න ලමයි😪💔😂

ඔන්න අපි යන් කතාවට හම්බුනු තෑගි ටික බලන්න🌚❤️

vnteggkiekie තැන්කූ නංගා මේකට🥺❤️ ඒක හරි ලස්සනයි 😭❤️

blossomtaevk නංගා ගොඩාක් ස්තූතියි මේ ඔක්කොටම😭❤️ එව්වා හරිම ලස්සනයි....මට එයාලගෙ චූටි කාලෙ මතක් උනා🥺❤️

SadhaTharu නංගා......මේක ශෝයි අප්පා😂❤️ ඒකටත් තැන්කූ🥺❤️

_Taekookie_Moon_ නංගා මේක ශෝයි අනේ😂❤️ ඒකටත් තැන්ක්‍යු🥺❤️

බබාලා,

දැන් කමෙන්ට්ස් ඒම වැටෙනවා අඩුයිනෙ😪💔 අරකාලෙ al නිසා කට්ටිය නෑ කියලා හිතලා හිත හදාගත්තට දැන්නම් දුක හිතෙනෝ හොදේ කැමීලියාට😪💔 ඔයාලගෙ ලස්සන කමෙන්ට්ස් වලිම් තමා මම මෝටිවේට් වෙන්මෙ හරිත😾❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමට🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter