Back
Chapter 54

53 කොටස🤍✨

නිවාලන්න මා...

"අදත් දින්නා නේද කොහොමහරි"

"හුම්ම්ම්ම්"

"හුම්ම් හුම්ම් තමා....මේ පාර කප් එක ගනියි වගේ බට්ටො ටික"

"සුදුබේබි ඔය කිව්වට අද චියර් කලේ අපේ ටීම් එකටනෙ..... හයියෝ..... සුදුබේබි හයියෙන් කෑ ගැහුවත් එක්ක"

නේත්‍ර තමන්ගෙ අතින් කටත් වහන් හිනා වෙද්දි ආශව නේත්‍රගෙ උරහිස වටෙන් අත යවලා නේත්‍රව තමන්ගෙ ලගට ඇදලා ගත්තා.නේත්‍රගෙ කම්මුලක තමන්ගෙ නහය ගෑව්ව ආශව හිනා වෙන නේත්‍රගෙ කම්මුලක් ලාවට අතගෑවා.තමන්ගෙ කම්මුල උඩ තිබ්බ ආශවගෙ අත අල්ලගත්තු නේත්‍ර ඒ අත තමන්ගෙ චූටි අත් දෙකට මැදි කරගෙන ඉස්සරහ බලාගනිද්දි ආශවත් ටිකක් විතර නේත්‍රගෙන් ඈත් වෙලා ඉදගත්තෙ නිර්මලාගෙ සිද්ධිය හොදට මතකෙ තිබුනු නිසා.අරලිය ගහ යට බංකුව උඩට වෙලා ඉදන් උන්නු ආශව නේත්‍ර දිහා බැලුවෙ මොකක් හරි කියන්න හිතාගෙන.

"නේත්‍ර,තවම පහටවත් නෑනෙ....."

"ඕ සුදුබේබි....ඇයි?"

"අපි දෙන්නා වෙල පැත්තට යමු? අව්වත් අඩුයිනෙ?"

"හ්....හා සුදුබේබි යං.....ඉන්න මම සෙරෙප්පු දෙක දාන් එන්නම්"

ටික වෙලාවකින් නේත්‍රගෙ අතක් තදින් අල්ලගත්තු නේත්‍ර වත්ත පහල බෑවුම බහින ගමන් හිටියා.නේත්‍රලාගෙ ගෙවල් වලට පිටිපස්සෙ තියෙන පොඩි අතුරු පාරෙන් එහාට ගොඩ වුණු ගමන් තියෙන ලදු වතු කෑල්ලට ගොඩ වුනු ආශවයි නේත්‍රයි දෙන්නා වත්ත මැද්දෙන් තියෙන අඩිපාර දිගේ ඇවිදන් ගියේ දෙපැත්තෙ තියෙන බුලත් කොටු දිහා බලන ගමන්.හිතේ එකපාරටම ආව ආසාවට ආශව බුලත් කොලයක් කඩාගන්න ගියත් නේත්‍ර ආශවගෙ අතින් අල්ලලා නැවැත්තුවා.

"ඇයි නේත්‍ර?"

"බුලත් වැලෙන් බුලත් කඩන්න පුළුවන් ඒක හිටවලා සාත්තු කරන කෙනාට විතරයි සුදුබේබි....නැත්තං බුලත් වැල මැරිලා යනවා"

"සීරියස්ලි?"

"හුම්ම්.....අපේ අත්තම්මා තමා කියලා දුන්නෙ.අර අපේ වත්ත පිටිපස්සෙ තියෙන බුලත් වැලට කලින් ඔතන එකක් තිබ්බා අත්තම්මා හිටෙව්ව.අත්තම්මා අක්කා එක්ක ගියාට පස්සෙ අම්මා ඕකෙන් කොල කැඩුවා.සතියක් වගේ ඇතුලත බුලත් වැල මැරිලම ගියා සුදුබේබි"

"එහෙමත් එකක්ද? අක්කා කිව්වම මතක් වුණේ.... අරුන්දතී එන්නෙ නැද්ද ලගකදි?"

"මේ සති අන්තෙ ඒවි සුදුබේබි..... එන කතාවක් කිව්වා"

"ම්ම්ම්.....සති අන්තෙ නේත්‍රට මාත් එක්ක ඉන්න තියෙන කාලෙ අඩුයි ඒ කියන්නෙ?"

"ඊරිසියා කරන්න එපානෙ සුදුබේබි ඕම.....ඒ නේත්‍රගෙ අක්කනෙ ඉතින්"

"අක්කා නිසා තමා ඉවසන්නෙ....වෙන කෙල්ලෙක් වගේනම් මම....."

"දෙයියෝ! සුදුබේබිගෙ මූණ රතු වෙලා කේන්තියට"

නේත්‍ර දිහා බැලුව ආශව නේත්‍රගෙ අතත් අතෑරලා ඉස්සරහට ගියේ ලැජ්ජාවටමයි.ආශවට කොච්චර උනත් නේත්‍ර නේත්‍රගෙ පවුලෙ අය එක්ක උනත් වැඩිපුර ඉන්න එකට ඉරිසියා හිතෙන එක තවම නවත්තගන්න බැරි වුණා.වේගෙන් ඉස්සරහට ඇදෙන ආශව දිහා හිනාවෙවී බලන් උන්නු නේත්‍ර වේගෙන් දූවලා ගිහින් ආශවගෙ අතේ සුලැගිල්ලෙන් අල්ලගත්තා.

"කේන්ති ගන්න එපානෙ සුදුබේබි....."

ආශවගෙ සුලැගිල්ල මිරිකුව නේත්‍ර තොලුත් උල් කරගෙන ආශවට කියද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව හිනා වුණා.හැමදාම වගේ නේත්‍රගෙ පුංචි ස්පර්ශෙකින් ආශව නිවිලා හිටියා.උඩ පැන පැන තමන් එක්ක ඇවිදන් එන නේත්‍ර දිහා බලන් හිටිය ආශවට මතක් වුනේ අවුරුදු ගාණකට කලින් හිටිය පුංචි නේත්‍රව.එදා කකුල් දෙකටත් වඩා ලොකු සෙරෙප්පු දෙකකුත් දාන් තමන් එක්ක ඇවිල්ලා සෙරෙප්පු පැටලෙන නිසා වැටෙන්න ගිහින් මූණ බෙරි කරගත්තු පුංචි නේත්‍රව ආශවට මතක් වුණා.ඒ ඇස් වල කදුලු දකින්න අකමැති වුණු තමන් ලොක්‍ය් සෙරෙප්පු දෙක නේත්‍රගෙ අතට ගන්න කියලා නේත්‍රව කරේ තියං වෙල පැත්තට ගිය හැටි ආශවට මතක් වුණා.ඒ කාලෙ පුදුම තරම් සුන්දරයි.ඒ නේත්‍රම ලොකු වෙලා තමන්ගෙ ලගින් ඉන්න එක ඊටත් වඩා සුන්දරයි.ආශව තනියම හිනා වෙවී කල්පනා කරන ගමන් නේත්‍ර එක්ක ඉදිරියට ඇදුනා.

"නේත්‍ර,කෝ එන්න"

වෙලට ගොඩ වෙන්න කලින් හම්බෙන ඇලට බැස්ස ආශව නේත්‍රට තමන්ගෙ අත දික් කරද්දි ආශවගෙ අත අල්ලගත්තු නේත්‍ර හෙමීට වතුරට බැස්සා.නේත්‍රගෙ සන්සුන් කම බලන් උන්නු ආශව කල්පනා කලේ ඉස්සර ඈත ඉදන් දූවගෙන ඇවිල්ලා මේ ඇලට පයින පුංචි නේත්‍රව.ලොකු වෙන්න ලොකු වෙන්න දගකාර කම පැත්තකින් තියලා සෑහෙන්න තැන්පත් වුණු නේත්‍රට ආශව පුදුම විදියට ඇලුම් කලා.දඩබ්බරයෙක් වුණ ආශව හරි අපූරුවට අර සන්සුන් ආත්මෙ ගාව මෙල්ල වෙද්දි ආශවගෙ යටිහිත වුණත් ඒ මෙල්ල වීමට හරි ආසා වුණා.

ආශවගෙ අතින් අල්ලගත්තු නේත්‍ර හෙමීට ඇලෙන් ගොඩ වෙලා වෙලට පය ගහද්දි ආශව වටපිට බැලුවෙ ඒ හරියෙ කවුරුවත් ඉන්නවද බලන්න.කවුරුත් පේන්න නොහිටි නිසා නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව ඒ ලගම තිබ්බ ගල්පොත්ත ලගට නේත්‍රව අරං ගියේ නේත්‍රගෙ ගැහෙන කකුල් වලට හයියක් වෙන ගමන්.ගල් පොත්තට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න පුරුදු විදියටම නේත්‍රගෙ කකුල් ගැහෙන්න ගනිද්දි ආශවගෙ උණුහුම වගේම ශක්තිමත් වචන නේත්‍රට හයියක් වුණා.

"බය වෙන්න එපා නේත්‍ර..... ඒක වෙලා ඉවරයි.අනික ආයෙ කවදාවත් එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නෑ සුදුබේබි"

පුංචි කාලෙ මේ ගල් පොත්ත එක්ක එච්චර හොද මතකයක් නේත්‍රට නොවෙද්දි නිධන් හාරන්න හැදුව සේනාධිනායක මුදලිගෙ ප්‍රශ්නෙ වුණු මුල් කාලෙ නේත්‍ර මේ වෙල් යායටවත් ගොඩ වෙන්න අකමැති වුණා.නේත්‍ර හීනෙන් කෑ ගහලා ඇඩුවා.නිර්මලාගෙ උණුහුමටවත් පුංචි නේත්‍රව පාලනය කරගන්න බැරි වුණා.නේත්‍රයි නිර්මලායි නිදි වර්ජිතව රැයවල් පහන් කල අවස්ථා එමටව තිබුනෙත් නේත්‍රගෙ ඒ කම්පන තත්වෙ නිසා.කොච්චර නේත්‍රගෙන් ඇහුවත් නේත්‍ර වචනයක්වත් නොකියා අඩන නිසා නේත්‍රව කොහොම සනසන්න්ද කියන එක නිර්මලාටවත් නොතේරුනා.

ඒත් දවසක් පුංචි නේත්‍ර වලව්වෙ මහ මුදියන්සෙගෙ උපන්දිනේ දවසෙ පිලිකන්නට වෙලා නිදියගෙන ඉද්දිත් අර දවසෙ රෑ වුණු අමිහිරි මතක වද දෙන්න අරං මහ හයියෙන් කෑගහලා අඩන්න ගත්තා.සංගීත ශබ්දෙන් වලව්වම දෙදරුම් කමින් තිබ්බ නිසා ඉදිරිපස උන්නු කිසිම කෙනෙක්ට ඒ සද්දෙ නෑහුනත්,කොයි වෙලේ හරි නේත්‍රව අල්ලන් උඩ තට්ටුවට යන්න මාන බල බල උන්නු පුංචි සුදුබේබිට නේත්‍රගෙ ඒ ඇඩිල්ල ඇහුනා.නේත්‍රගෙ ඇඩිල්ලට හිත කලබල වුණු සුදුබේබි නේත්‍රට දෙන්න හංගන් උන්නු මහ මුදියන්සෙගෙ මිල අධික හරි රහ කේක් කෑල්ල ලග තිබ්බ පිගානක් උඩින් තියන ගමන් පිලිකන්නට දුවගෙන ගියා.

යද්දිනුත් නිර්මලා නේත්‍රව පරක් කරන්න හදන ගමන් උන්නත් පුංචි නේත්‍ර බෙල්ලෙ නහරත් උලුප්පගෙන මහ හයියෙන් අඩන ගමන් උන්නා.නේත්‍රව දැක්ක ගමන් වට වෙලා ඉන්න සේවක පිරිසව නොසලකා හැරිය සුදුබේබි නේත්‍ර ලගට ගිහින් නේත්‍රගෙ අතින් අල්ලගනිද්දි මෙච්චර වෙලා ඇස් තද කරන් අඩමින් උන්නු පුංචි එකා ඇස් ඇරලා සුදුබේබි දිහා බැලුවා.නේත්‍රව තේරුම් ගත්තු සුදුබේබි නිර්මලාට අහකට වෙන්න කියලා හෙමීට නේත්‍රව තුරුල් කරගනිද්දි නේත්‍රත් හයියෙන් සුදුබේබිව තුරුල් කරන් කෑ ගහන්න ගත්තා.

"නේට්ටට බයයි සුදුබේබි......නේට්ටට බයයි"

"ශ්....ශ්....සුදුබේබි ඉන්නවා.....ආයෙ නේත්‍ර තනි වෙන්නෑ..... නේත්‍ර ලගම සුදුබේබි ඉන්නවා ..... ශ්... ශ්.... නේත්‍රට ආයෙ කිසිම කරදරයක් වෙන්නෑ..... සුදුබේබි මගෙ නේත්‍ර ලගින්ම ඉන්නවා"

ආශව නේත්‍රගෙ කනට කරලා මුමුණන දේවල් වටපිටේ මිනිස්සුන්ට නොතේරුනත් පුංචි නේත්‍රගෙ ඇඩිල්ල හෙමීට ඉකියක් වෙනකං අඩු වෙන හැටි ඒ සේවක පිරිස වුණත් දැක්කා.හෙමීට නේත්‍රගෙ පපුව අතගාන්න ගත්තු ආශව නේත්‍රගෙ වේගෙන් උඩ පහල වෙන හුස්ම සන්සුන් කරද්දි වලව් මුළුතැන්ගෙට ආව මැනුවෙල් කෑම ලෑස්ති කරන්න කියන පණිවිඩේ දෙද්දි සේවක පිරිස විසිරිලා ගියේ මේ පුංචි දෙන්නගෙ බැදීම ගැන හිතන ගමන්.පුංචි නේත්‍රට ටිකෙන් ටික ආශවගෙ අත් අතරෙම නින්ද යද්දි වටපිට බලලා සේවකයො නැති විනාඩි ගාණකට ආශව නේත්‍රවත් වඩාගෙන කාමරේට දිව්වෙ මුළුතැන්ගෙයි උන්නු නිර්මලාට ඒ ගැන කියන ගමන්.

කාමරේ ඇදෙන් නේත්‍රව තිබ්බ සුදුබේබි හෙමීට නේත්‍රගෙ පිට පිරිමදින ගමන් නේත්‍රව තමන්ගෙ තුරුලට ගත්තා.හිච්චි සුදුබේබි අස්සෙ ගුලි වෙලා ඉන්න පුංචිත්තන් නේත්‍රගෙ නලලෙන් හාදුවක් තිබ්බ සුදුබේබි මහ මිනිහෙක් වගේ නේත්‍රගෙ පිටට තට්ටු දාන්න ගත්තා.

"ම්හ්හ් ම්හ්හ්...."

"ශ්....ශ්....දොයියන්න මගෙ නේත්‍ර..... සුදුබේබි නේත්‍ර ලගම ඉන්නවා.කොහෙවත් යන්නෑ"

දවස් ගාණකට පස්සෙ එදා නේත්‍රට හොද නින්දක් ලැබෙද්දි සුදුබේබිත් නේත්‍රව ගුලි කරන් හොදට නිදාගත්තු හැටි ආශව මතක් කලා.පුංචි කාලෙ නේත්‍රව උස්සගෙන යන තමන්ටවත් නිර්මලා විරුද්ධ නොවුණත්,දැන් නේත්‍ර තමන් ලගින් රැදෙන එකට පවා නිර්මලා විරුද්ධ වීගෙන යන වගක් ආශවට දැනිලා තිබ්බා.නේත්‍රගෙ අතින් අල්ලගෙන ගල්පොත්ත පාමුලින් ආශව ඉදගනිද්දි ගල් පොත්තෙ හෙවණ එතැනට වැටිලා තිබ්බ එක වගේම දෙන්නව හොදට ආවරණය වුණු එක ඉලන්දාරි දෙන්නට ලොකු සහනයක් වුණා.

"නේත්‍ර හිනාවෙන්නෙ මොකෝ?"

"සුදුබේබිට මතකද දවසක් ඉපනැල්ලෙ සෙල්ලම් කරන්න ඇවිල්ලා දිවාෂ කරපු වැඩේ?"

"හම්මෝ ඔව්.....එදා තව ටිකක් එහා මෙහා වුණානම් අපිට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වෙන්නෙ"

නේත්‍රයි ආශවයි හිනා වෙන ගමන් හෙමීට ඇදිලා ගියේ ඒ අතීතෙට.

*  *  *  *  *

"නේත්‍ර හෙමින් දුවන්න!"

"දිවාෂ මල්ලි බලාගෙන!"

"සුදුබේබි දිග කලිසමක් ඇදන් ආවට කමක් නෑ පරිස්සමින්.....ඉපනැල්ලට කකුල් කසන්න ගනියි සුදුබේබිගෙ"

"පුම්චි සිතේ පුම්චි සිනා වෙල් ඉපනැල්ලේඒඒඒඒඒඒඒඒඒඒ!!!!!"

පොඩ්ඩො හතර දෙනා ඉපනැල්ලෙ දුව පයින ගමන් සෙල්ලම පටන් ගනිද්දි දුවන්න කොහොමත් දක්ෂ නේත්‍රවයි දිවාෂවයි අල්ලගන්න එක සුදුබේබිටයි දෙවින්ටයි සෑහෙන්නම අමාරු වුණා.ගොයම් කපලා තිබුණු නිසා හවස් ඉර එලියට ඉපනැල්ල තැඹිලි පාට්න් දිස්නෙ දෙමින් තිබුනා.කොට කලිසමක් ඇදගත්තු නේත්‍රනම් වගේ වගක් නැතුව ඉපනැල්ලෙ දැගලුවත් සුදුබේබිටයි දෙවින්ටයිනම් ඒක යම්තාක් දුරකට සංකීර්ණ වුනේ නුහුරුව නිසා.ඒත් ටිකක් වෙලා යනකං ඉපනැල්ලෙ නැටුව පොඩ්ඩො හතර දෙනා ඊලගට දුවං ගියේ ඒ ලගම තිබ්බ කමතට.

"නේත්‍ර,ඔන්න එකායි දෙකායි තුනායි"

නේත්‍ර දිහා බලන් කෑ ගැහුව දිවාෂ නේත්‍ර එක්කම ගිහින් පැන්නෙ කමතෙ කොනක ගොඩ ගහලා තියෙන පිදුරු ගොඩ උඩට.පිදුරු ටිකත් උඩ දදා තමන්ගෙ හා දත් දෙකත් එලියෙ දාන් කෑ ගගහ හිනා වෙන චූටි නේත්‍ර දිහා විනාඩි ගාණක් එක එල්ලෙ බලන් උන්නු හිතුවක්කාර පුංචි සුදුබේබි දූවගෙන ගිහින් නේත්‍රව පිටිපස්සෙන් බදාගන්න ගමන් පිදුරු ගොඩ උඩ පෙරලුනා.ගැටපිච්ච මල් සුවද හමන පුංචි නේත්‍රව එකපාරක් තද කරලා සුදුබේබි ඉම්බත් ඒ ගැන වගේ වගක් නැති වෙන තරමටම පුංචි නේත්‍ර පිදුරු ගොඩට වහ වැටිලා හිටියා.සුදුබේබිගෙ පපුව අස්සෙ හිර වෙලා උන්නත් පිදුරු උඩ දදා කෑ ගගහ හිනා වෙන්නෙ නැති එක නේත්‍ර නවත්තන්නෙම නැති තැන සුදුබේබි නේත්‍රව තමන්ගෙ ග්‍රහණෙන් ටිකක් ලිහිල් කලා.සුදුබේබිගෙ ග්‍රහණෙ ලිහිල් වුණත් නේත්‍රට ඒ පපුවෙන් මිදෙන්න වුවමනාවක්නම් තිබුනු බවක් පෙනුනෙ නෑ.ආශවගෙ තුරුලට තව ඩිංගක් ගුලි ගැහුනු නේත්‍ර ආශවවත් සෙල්ලමට ඇදල ගත්තා.

"ඊඊඊඊඊඊ දිවාෂ මල්ලි,ඔය මොකෝ කරන්නෙ?"

"ඇයි දෙවින් පණ?"

"පිදුරු කන්නෙ ඇයි?"

"මෙව්වා රහයි අනේ.ඔයත් කාලා බලන්නකො"

පිදුරු කෑල්ලක් කටේ ගහන් හප හප උන්නු දිවාෂ පිදුරු අහුරක් අරං දෙවින්ගෙ කටේ ඔබන්න ගියත් දෙවින් ඒකට එකග නොවෙන තැන දිවාෂ දෙවින්ව පිදුරු ගොඩ උඩ පෙරලගත්තා.දෙවින්ගෙ කට දෙපැත්ත තද කරලා අල්ලගත්තු දිවාෂ දෙවින්ගෙ කට ඇතුලට පිදුරු ටිකක් ඔබන්න යද්දි දෙවින් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිහෙක් වගේ කෑ ගගහා දැගලුවා.ඒ දෙන්නා ගැන වගේ වගක්වත් නැතිව උන්නු ආශවයි නේත්‍රයිනම් පිදුරු උඩ දදා හිනා වෙවී හිටියා.

"උම්බෑඈඈ....."

දෙවින්ගෙ කටට පිදුරු ඔබන්න උත්සාහ දරමින් උන්නු දිවාෂගෙ අවධානෙ බිදුනෙ ඈතින් ඇහුනු උම්බෑ සද්දෙකට.දෙවින්ව අතෑරලා පිදුරු ගොඩෙන් බිමට පැන්න දිවාෂ උම්බෑ සද්දෙ ඇහුනු දිහාවට කන් දෙක යොමු කලා.සුදුපාට වහු පැටියෙක් වෙලේ ටිකක් එහාට වෙන්න බැදලා තියෙනවා දැක්ක දිවාෂ ඒ පැත්තට දුවද්දි ඉතුරු පොඩි උන් තුන් දෙනත් දිවාෂගෙ පස්සෙන්ම දුවගෙන ගියා.සුදුපාට වහු පැටියා ලගට ගිය දිවාෂ වහු පැටියගෙ ඔලුව අතගාද්දි වහු පැටියා අණ්ඩක් ඉස්සුවෙ දිවාෂට ලගට එන්න එපා කියන්නා වගේ.ඒක දැක්ක නේත්‍ර හිතට සක්තිය අරගෙන වහු පැටියා ලගට ගිහින් වහු පැටියගෙ ඔලුව අතගාද්දි වහු පැටියා ඇසුත් හීනි කරං හුරතල් වෙන්න ගත්තා.

"විකාර"

වහු පැටියා දිහා බලලා රවලා අහක බලාගත්තු සුදුබේබි කියද්දි දිවාෂනම් හිටියෙ වහු පැටියගෙ ලණුව එක්ක ලොකු වැඩක.වහු පැටියගෙ ලණුව ගලවගත්තු දිවාෂ නේත්‍රට පැත්තකට වෙන්න කියලා වහු පැටියගෙ පස්සට පොඩි පාරක් දෙන ගමන් වහු පැටියව ඉස්සරහට මෙහෙයෙව්වා.පොඩි පොල් ඉරටු කෑල්ලක් අතට අරං ඒකෙන් තට්ටු දදා වහු පැටියගෙ පස්සෙන් යන දිවාෂගෙ මූණෙ තිබ්බෙ ලොකු ආඩම්භරයක්.

"ජඃ ජඃ හෝව් වස්සා..... අඹුඩෙ තමා නැත්තේ මට......

ජඃ ජ්ඃ හෝව් වස්සා ....... අඹුඩෙ තමා නැත්තේ මට......"

කෑගගහා හරකව එලෝන දිවාෂ දිහා බලන් හිටිය අනික් පොඩි තුනගෙ මූණු වෙනස් වෙන්න ගියේ තත්පර ගාණයි.වෙලේ එහා කොණේ ඉදලා කළු පාට වහු පැටියෙක් වේගෙන් මේ පැත්තට දුවං එනවා වගේම ඒ වහු පැටියව දැක්ක සුදු වහු පැටියා හයියෙන් කෑගහන්නෙ ඇයි කියන එකත් පොඩි තුනට හොදට තේරුනා.කලු වහු පැටියා එන්නෙ සුදු වහු පැටියව දිවාෂගෙන් බේරගෙන කොල්ලො ඔක්කොටම හොද පාඩමක් උගන්නන්න කියලා තේරුණු සුදුබේබි දිවාෂ ගැන නොහිතා නේත්‍රව ඇදගෙන දුවන්න ගත්තෙ නේත්‍රගෙ පරිස්සම සුදුබේබිගෙ අංක එක වුණු නිසා.

"දිවාෂ මල්ලි! මෙහෙ එනවා යන්න"

මොනා කලත් දිවාෂට තමන්ගෙම මල්ලිට වගේ ආදරේ කල දෙවින්ට දිවාෂව එතන දාලා යන්න පුලුවන්කමක් නොවෙද්දි ඈතින් එන වහු පැටියා ගැනවත් නොහිතුව දෙවින් දිවාෂ ලගට ඇවිත් දිවාෂව ඇදගෙන්න ගත්තා.ඒත් දෙන්නට දෙලොව රත් වුණේ කලු වස්සා පොඩ්ඩො හතරදෙනා පස්සෙන් පන්නන වග නවත්තලා නැති වග තේරුණු නිසා.

"උම්බ්‍රෑඈඈඈඈඈ....."

කලු වස්සා ඔලුවත් ගස්ස ගස්ස දුවගෙන එද්දි පොඩ්ඩො හතර දෙනා කකුල් වලට පුළුවන් උපරිම වේගෙ අරන් දිව්වා.ඇළ පාර පෙනි පෙනී තියෙද්දි මෙවෙලෙ කරන්න හොදම දේ ඒක කියලා තේරුම් ගත්තු ආශව නේත්‍රවත් ඇදගෙන ඇළට පැන්නා.ඒත් එක්කම දිවාෂයි දෙවිනුයි දෙන්නත් ඇලට පනිද්දි හතරදෙනත් එක්ක ඔලු ගෙඩි නොපෙනෙන විදියට ඇලේ කිමිදුනා.ඒත් එක්කම කවුරුහරි මනුස්සයෙක් එනවත්,වස්සාව අල්ලගෙන අරගෙන යනවත් ඇහුණු පොඩ්ඩො හතරදෙනා එදා ගෙවල් වලට ගියේ තෙමිච්ච කුකුල්ලු පස් දෙනෙක් වගේ.

*  *  *  *  *

"එදා දිවාෂට ජානකී නැන්දා ගහලත් තිබ්බා"

"ගහන්න නෙවෙ ඕකව මරන්න තිබ්බෙ.තව ඩිංගකින් අපි ඔක්කොටම තුවාල වෙනවා"

ගල්පොත්ත පාමුල තිබ්බ විල්ලුද තණ බිස්ස උඩ ආශවයි නේත්‍රයි ඉදගෙන හිටියෙ ඈතින් නිල්ල ගැහීගෙන එන වෙල් යායෙ තිබ්බ දර්ශනේ දිහා බලාගෙන.ඒත් එක්කම නේත්‍රගෙ සුලැගිල්ලට දැනුනු ස්පර්ශෙ කාගෙද කියලා තේරුනු නිසා නේත්‍ර කලබල නොවුණා.නේත්‍රගෙ සුලැගිල්ලක් ස්පර්ශ කරන ගමන් හිටිය ආශවගෙ මූණෙ ඇදිලා තිබ්බෙ හරි ආදරණීය හිනාවක්.නේත්‍රගෙ තිබ්බ සිනිදු බව සුලැගිල්ලෙන් උනත් ඕනිවට වඩා දැනෙද්දි ආශව කල්පනා කලේ ඇත්තටම තමන්ට මේ ලැබිලා ඉන්නෙ මලක් නේද කියන එක.

"ස්....සුදුබේබි,බඩ්ඩක් අහන්නද?"

"අහන්නකො බලන්න"

"නේත්‍රට බයින්නෑ නේද?"

ආශවගෙ පැත්තට හැරිලා බෙල්ලත් ඇල කරගෙන ඇසුත් බෝල කරන්,තොලුත් උල් කරන් හිටිය නේත්‍රගෙ මූණ දිහාම බලන් හිටිය ආශව අමාරුවෙන් කෙල පිඩක් ගිලලා දැම්මා.ඔය හුරතල් මූණ දකිද්දි තමන් බයින්න තියා සැර කරන්නෙවත් කොහොමද කියලා ආශවට අහන්න හිතුනත්,ඒ වචන ටිකවත් පිටට නේන විදියට ආශව නේත්‍රගෙ මූණට වශී වෙලා හිටියා.නේත්‍රගෙ කලු බෝල ඇස් දිහා බලාගෙනම ආශව ඔලුව දෙපැත්තට වනද්දි නේත්‍ර තමන්ගෙ ලස්සන හිනාවෙන් ආශව දිහා බලන ගමන් කතා කරන්න ගත්තා.

"සුදුබේබි ඇයි මට ආදරේ කරන්න ගත්තෙ?"

"හ්ම්ම්....."

ආශව බලාපොරොත්තු උනු ප්‍රශ්නෙම නේත්‍රගෙ කටින් පිටවෙද්දි තැඹිලි පාට වීගෙන එන ඈත ආකාහෙ දිහා බලාගෙනම ආශව නේත්‍රව තමන්ගෙ උරහිසකට බර කරවගත්තා.නේත්‍රගෙ හිස් මුදුනින් සියුම් හාදුවක් තැවරුව ආශව නේත්‍රගෙ පුංචි අතක් තමන්ගෙ නහර පිරුණු අතකට මැදි කරවගෙනම කතා කරන්න ගද්දි නේත්‍රත් ආශවගෙ පපුවෙ ගැස්ම අහගෙන ඈත ආකාහෙට තමන්ගෙ ඇස් දෙක යොමු කරලා තිබ්බා.

"ආදරේ කරන්න හේතුවක් ඕනි නෑ නේත්‍ර.එක මිනිහෙක් අනික් මිනිහට අවංක වෙන තැන,එක මිනිහෙක් අනික් මිනිහා ගැන විශ්වාසෙ තියන තැන,එක මිනිහෙක් අනික් මිනිහා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පසුබට නොවෙන තැන,එක මිනිහෙක් අනික් මිනිහගෙ දුක තමන්ගෙ කරගන්න තැන.....අන්න ඒ තැන් වල තමා නේත්‍ර ආදරේ කියන දේ ඉපදුනේ.......ආදරේ කරන්න මොකටද නේත්‍ර හේතුවක්? මගෙ පපුව නේත්‍රගෙ නමින් ගැහෙන්න ගත්‍තු දවසෙ ඉදන් මම තේරුම් ගත්තා මේ හිත තව දුරටත් මගෙ නෙවෙයි කියන එක....මම නේත්‍රට ආදරේ කරන්න අරං කියන එක"

ආශවගෙ වචන එක්කම ආශවට දැනුනා තමන්ගෙ උරහිස තෙත් වෙන බවක්.ඒ නේත්‍රගෙ සතුටු කදුලු කියලා දැනන් උන්නු ආශව ආපහු පාරක් නේත්‍රගෙ හිස් මුදුනින් හාදුවක් තියලා නේත්‍රගෙ උකුල උඩින් ඔලුව තියාගත්තා.නේත්‍රගෙ මූණෙ තිබ්බ කදුලු තමන්ගෙ දෑගිලි වලින් පිහදැම්ම ආශව දිහා බලලා හිනා වුණු නේත්‍ර ආශවගෙ හිස කෙස් අස්සෙන් තමන්ගෙ ඇගිලි අරං යන්න ගත්තා.

"නේත්‍ර ඇයි මට ආදරේ කරන්නෙ කියලා ඇහුවොත්?"

"සුදුබේබි දුන්නු උත්තරේම තමා නේත්‍රටත් දෙන්න තියෙන්නෙ"

"ම්ම්ම්ම්?"

"ආදරේ කරන්න හේතුවක් ඕනි නෑ සුදුබේබි....හේතුවක් තිබ්බ තැනක ආදරයක් තිබුනෙ නෑ....මොකද ඒ ආදරේ කරන්න තෝරගත්තු හේතුව නැති වෙලා යන දවසට ආදරෙත් ඒත් එක්කම නැති වෙලා යන්න පුළුවන්.මම සුදුබේබිගෙ පෙනුමට,සුදුබේබිගෙ හැකියාවට,සල්ලි වලට ඒ මොනාටම හරිනම් ආදරේ කලේ ඒ දේවල් නැති උනු දවසට මම සුදුබේබිගෙන් ඈත් වෙනවා.මොකද ඒ දේවල් අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන් එව්වනෙ.

මම ආදරේ කලේ සුදුබේබිගෙ ආත්මෙට.....මම වෙනුවෙන් ආදරේ පිරෙන්න දෙන හදවතට.....ඒ දේවල් කවදාවත් නැති වෙන ඒවා නෙවේ සුදුබේබි....මම දන්නෑ මම කවද්ද සුදුබේබිට ආදරේ කරන්න ගත්තෙ කියලා.ඒත් මතක ඇති කාලෙක ඉදලා මගෙ හිතේ ඇදුනු එකම පිරිමි රූපෙ සුදුබේබි.ඒක එදත් අදත් හෙටත් එහෙමයි.මම සුදුබේබිට ආදරේ කරන්න ගත්තෙ මගෙ මුලු ජීවිතේටම.ඒ වගේම එතනින් එහාටත්"

"ලබන ආත්මෙත් නේත්‍ර මගෙ වෙනවද?"

"මොන ආත්මයක් ලැබුනත් මම සුදුබේබිව හොයන් එනවා....."

"මම මහ ගොඩක් ආදරෙයි මගෙ නේත්‍ර"

"මාත් ආදරෙයි මගෙ සුදුබේබි.....ගොඩාරියක්....මෙච්චරයි කියලා නේත්‍රට කියන්න බැරි තරම්"

ගල්පොත්ත පාමුල නේත්‍රගෙ උකුලෙන් ඔලුව තියාන උන්නු ආශව ඒ ලග තිබ්බ කැලෑ මලක් කඩලා නේත්‍රගෙ මූණෙ ගාවද්දි දැනුනු කිතියට මූණ අකුලන් හිනාවුණු නේත්‍ර ආශවගෙ හිසකෙස් එකදිගටම පිරිමැද්දා.එකපාරටම ඉස්සිලා නේත්‍රගෙ තොල් වලින් කෙටි හාද්දක් තිබ්බ ආශව ආපහු පාරක් නේත්‍රගෙ උකුලෙන් ඔලුව තියං අහස දිහා බලද්දි තවමත් වුනු දේ හිතාගන්න බැරි වුණු නේත්‍ර ගල් වෙලා වගෙ ආශව දිහා බලන් හිටියා.ටිකකින් ආශවගෙ ගැඹුරු හිනා හඩ වෙල් යායෙ පැතිරිලා යද්දි රතුම රතුපාට වෙලා හිටි නේත්‍ර තමන්ගෙ අත් දෙකෙන් මූණ වහන් හිටියා.

නේත්‍රගෙ රතු වුනු මූණ දිහා පුදුමාකාර ආදරේකින් බලන් හිටිය ආශවගෙ ඇස් ලා කදුළු පටලෙකින් වැහිලා තිබ්බෙ නේත්‍ර වෙනුවෙන් එන්න එන්න මෝරන ආදරේ දරාගන්න බැරි වුනු නිසාමයි.නේත්‍රගෙ අත් දෙක මූණෙන් අහක් කරවගෙන එක අතක් තමන්ගෙ ඔලුවෙන් තියාගත්තු ආශව නේත්‍රගෙ අනික් අත තමන්ගෙ පපුව උඩින් තියාගත්තා.නේත්‍රගෙ රතු ගැහිලා තියන කම්මුලක් උඩින් තමන්ගෙ ඇගිලි අරං ගිය ආශව තමන්ගෙ පපුව උඩ තිබ්බ නේත්‍රගෙ අත අරන් සියුම් සිපුමක් තවරන ගමන් නේත්‍රගෙ ගැටපිච්ච සුවදින් පපුව පුරවගෙන ඇස් දෙක පියාගත්තා.

"නේත්‍ර ලග හුගක් සැනසීමයි....."

ආශව හෙමීට මිමිණුවා.

..............................................................................................

"මීටර් 1500 ධාවන තරගය සදහා සහභාගී වන සියලුම තරගකරුවන් හැකිතාක් ඉක්මනින් තරග ආරම්භක ස්ථානය වෙත වාර්තා කරන්න!!! මෙන්න නැවතත් එම විශේෂ නිවේදනය........"

ශබ්ද විකාශන යන්ත්‍රෙන් ඇහෙන සද්දෙට කන් දීගෙන උන්නු දිවාෂ පිටිපස්ස හැරුණෙ තරග අංකෙ පිටි පස්සෙත් ගහගන්න.අංකය ටීෂර්ටයෙ ඉස්සරහයි පිටිපස්සෙයි එල්ලන් උන්නු නේත්‍ර දිවාෂගෙ ටී ෂර්ටයෙ පිටිපස්සෙන් ගැහුවා.හොදට උඩ එහෙම පැනලා ලග පාත උන්නු අනික් තරගකරුවන්ටත් විහිලු කර කර උන්නු දිවාෂ ලගම උන්නෙ අතින් කටින් වතුර බෝතල් එල්ලගෙන උන්නු තෙවින්.තෙවින්ගෙ අතේ ග්ලූකෝස් පැකට් එකකුත් තිබුනා.

"යුගාන්! උබ පික්නික් එකක් යනවා නෙවේනෙ.... දුවන්නනෙ යන්නෙ"

"ඉතින්! මීටර් එක්දාස් පන්සීයක් කියන්නෙ මේ ග්‍රවුන්ඩ් එකෙන් දෙකකට කිට්ටු ගානක් මිනිහො! මීටර් සීයයි අඩු වෙන්නෙ.වතුර තිබහ හැදෙනවා එතකොට"

"වතුර ගැන නෙවේ යුගාන් ප්‍රශ්නෙ! උබ මොන මගුලකටද මාළු බනිසකය් මගෙ සාක්කුව අස්සෙ ගැහුවෙ?"

"ආ.....බඩගිනි උනොත් එහෙම මගදි.අන්න එතෝට කන්න"

"උබනම් මහ අපතයෙක් යුගාන්"

කරන්නම දෙයක් නැති වුණු තෙවින් එතන බිම ඉදගද්දි දිවාෂ තෙවින්ට පේන්න පස්ස වනලා ඇද කලා.නේත්‍ර නම් බෙල්ලෙන් ඉස්සි ඉස්සි බලන් හිටියෙ එයාගෙ සුදුබේබි කෝ කියලා බලන්න.වැඩ කටයුතු එක්ක කාර්‍යබහුල වෙලා උන්නු ආශව පේන්න නොයිදිද්දි ඇස් වලට ආව කදුලු පිහිදගත්තු නේත්‍ර ආරම්භක ස්ථානයට ගිහින් බිමට නැවිලා සූදානම් වුණේ තරගෙට මූණ දෙන්න.

"සුදුබේබිට වැඩ ඇති"

තමන්ටම කියාගත්තු නේත්‍ර ඇස් දෙක තද කරලා වහන් ඇරලා ඉස්සරහ බලාගනිද්දි දිවාෂ "ගේමක් ගහමු" කියලා මුමුණනනවා නේත්‍රට ඇහුනා.ඒත් එක්කම ආරම්භක ගණනයත් එක්ක වෙඩිල්ලක් පත්තු වෙනවත් එක්කම නේත්‍රලා දුවන්න ගත්තා.දිග දුර ධාවන තරගයක් නිසා තරගෙ මුල් භාගෙම මන්දගාමීව ගත කරල හෙමින් හෙමින් වේගෙ වැඩි කිරීම තමා මේ තරග වල උපක්‍රමේ කියලා දැනන් හිටියත් නේත්‍රනම් ඔහේ වැනි වැනී දිව්වෙ එහෙව් උපක්‍රමේකට නොවුණා.ආශව පේන්නවත් නොහිටි එක නේත්‍රගෙ ලපටි හිතට හරි තදේට වැදිලා තියෙද්දි නේත්‍ර ඕනිවට එපාවට දුවමින් හිටියා.දිග දුර ධාවන තරගයක් නිසා කෙටි දුර ධාවන තරග වල වගේ ක්‍රීඩකයා තමන් තරගෙ ඇරඹි ධාවන තීරුවෙම ගමන් කිරීම අනිවාර්ය නොවුනු නිසා හැම තරගකරුවෙක්ම තමන්ට පහසුයි කියලා හිතෙන ධාවන තීරුවෙ දුවන ගමන් හිටියා.

"කමෝන් නේත්‍ර!!!"

"කමෝන් දිවාෂ මල්ලි!!!"

"යුගාන් දුවපං!!!"

"නේත්‍ර පැටියො දුවන්න!!!"

එකපාරටම ඇහුණු සද්දෙ නිසා දුවන්නන් වාලෙ දුව දුව උන්නු නේත්‍රයි දැනටම දිවිල්ල එපා වෙලා උන්නු දිවාෂයි දෙන්නා ඔලුව උස්සලා බලද්දි දෙන්නා වගේම මුළු ඉස්කෝලයක්ම දැක්ක දර්ශනේ හරි අපූරු එකක් වුණා.සෙන්ට්‍රල් හවුසයේ සාමාජිකයො වුණු වගේම ***** විද්‍යාලීය ක්‍රීඩා නායකයා,ක්‍රීඩා උපනායකයා වගේම ක්‍රීඩා උපනායකයාගේම ක්ලෝනයක්,ගැරට් නිවාසයේ කලින් වසරෙ නිවාස නායකයා කියන හතර දෙනා පිටියෙ තීරු වලට ඇතුල් පැත්තෙන් වතුර බෝතලුත් උස්සන් ඔල්වරසන් දෙන ගමන් වෙන නිවාසෙ ක්‍රීඩකයො දෙන්නෙක්ට සමාන්තරව දුවමින් හිටියා.

ආශවගෙ කටහඩ එක්ක උද්දාමයක පත් වුණු නේත්‍ර දිලිසෙන ඇස් වලින් ආශව දිහා බලද්දි ආශව තමන්ගෙ තියුණු ඇස් වලින් ධෛර්යමත් බැල්මක් නේත්‍රට හෙලුවා.නේත්‍ර වගේම නේත්‍රට ටිකක් පිටිපස්සට වෙන්න දුවමින් හිටිය දිවාෂ දුවන ගමන් හිටියෙ පලවෙනි ධාවන පථයෙ නිසා ආශව,දෙනෙත්,දෙවින්,තෙවින් කියන දේවල් අහමින් දුවන්න ඒ දෙන්නට පුළුවන් වුණා.ආශව දෙනෙත් දෙන්නා නේත්‍රට සමාන්තරව නේත්‍රව දිරිමත් කරමින් දුවද්දි,දෙවින් තෙවින් දෙන්නා දිවාෂව දිරිමත් කරමින් දිවාෂට සමාන්තරව දිව්වා.

"ව...හ්...තු....ර"

"නෑ නේත්‍ර....ඕනිනම් දුවන ගමන් වතුර බෝතලෙන් තොල් තෙමාගන්න.....වතුර බිව්වොත් බඩ කොරවෙනවා"

"තෙහ්...වින්.....බනිස් ගෙහ්...ගෙඩිය දීපං"

"හු#තක් කතා නොකර යමං යුගාන්! මේක කන වෙලාවක්ද?"

මේ වෙද්දි නේත්‍රයි දිවාෂයි දෙන්නා දෙවනි වටය එහෙමත් නැත්තං අවසන් වටය දිවීම ආරම්භ කරලා තිබ්බා.මේ වෙද්දිනුත් නේත්‍ර දිවාෂ දෙන්නාට වඩා ඉදිරියෙන් තරගකරුවො දෙන්නෙක්ම දුවමින් හිටියා වගේම දෛවයේ සරදමකටද කොහෙද ඒ තරගකරුවො දෙන්නා ආශවලගෙ හවුස් එකේ හා දෙනෙත්ලාගේ නිවාස දෙකේ තරගකරුවො වුණා.

"නේත්‍ර පැටියො නවතින්න එපා.....දුවමු කෝමහරි..තව ටිකයිනෙ"

"හ්..හරි දෙනෙත් අයියෙ"

"මගෙ නේත්‍රට පුළුවන්.....අපි කොහොමහරි දිනමු"

"ස්....සුදුබේබි කියනවනම්....හ්...හා....කරමු"

"දිවාෂ මල්ලි තව ටිකයි තියෙන්නෙ....දුවමු....නවතින්න එපා"

"ඇ...ඇස් පොට්ටද දෙවින් පණ?බලපිය ත.... ව.... සෑහෙන්න දුරයි"

"යුගාන් මේ,දුවමු මිතුර දුවමු.....මිතුර දුවමු දුවමු.....දුවමු මිතුර දුවමු.....මිතුර දුවමු දුවමු.....ඒ රිදම් එකට යං....දුවමු මිතුර දුවමු.....මිතුර දුවමු දුවමු.....දුව...."

"රිදම් එක...ගහගහ්....ගහගනින් තොගෙ පුකේ තෙවින්! මිතුරවත් එ....ඒ ගමන් ඔබාගනින්....මගෙ කකුල් කැඩෙන්න වගේ යකෝ"

තරගෙට දුවන නේත්‍රටයි දිවාෂටයි වගේම එයාලා එක්ක මීටර් එක්දාස් පන්සීයකට කිට්ටු වෙන්නම දුවන් ආව අනික් හතරටත් සෑහෙන්න මහන්සි දැනෙමින් තිබ්බා.තරග අවසන් වෙන්න මීටර් දෙසීයක් වගේ තියෙද්දි දෙනෙත්ට නේත්‍ර එක්ක එන්න කිව්ව ආශව පුළුවන් උපරිම වේගෙන් දුවන් තරගෙ අවසන් කරන තැනට ගියා.තරගකරුවන්ට වගේ මහන්සියක් නොතිබුනු ආශවට ඒ දේ කරන්න පුළුවන් වුණා.

තරගෙ අවසන් කරන තැනට ආශව යද්දි සංවිධායක කමිටුව එහෙට මෙහෙට වෙලා ආශවට ඉඩ දෙන්න හැදුවත් එයාලව නැවැත්තුව ආශව ඈතින් දුවන් එන නේත්‍රටම තමන්ගෙ ඇස් ඉලක්ක කරගත්තා.ඔක්කොම තනතුරු පැත්තකින් දැම්ම ආශව මහ හයියෙන් උඩ පැනලා කෑ ගහන්න ගත්තා.

"නේත්‍ර කමෝන්!!! නේත්‍ර!!! ඔයාට පුළුවන්!!!! කමෝන් නේත්‍ර!!!"

ආශවගෙ කෑ ගැහිල්ලත් එක්ක කකුල් දෙකට උපරිම වේගෙ ගත්තු නේත්‍ර දුවන්න පටන් ගත්තා.කොහොමත් දිගු දුර ධාවන තරගෙකදි වුණත් අවසානය කිට්ටු වෙද්දි උපරිම වේගෙන් දිවිය යුතුව තිබ්බා.නේත්‍ර වේගෙන් දුවන ගමන් සෙන්ට්‍රල් හවුස් ක්‍රීඩකයව පහු කරද්දි ආශව තව හයියෙන් ඔල්වරසන් දුන්නා.කොහොමත් ආශව නේත්‍ර කියන්නේ ලගම ඥාති කියලා හිතන් උන්නු ලමයි ඒ ගැන අමුතු සැකයක් පහල කලේ නෑ.දැන් ඉතිරි වෙලා හිටියෙ නේත්‍රව වඩා මීටර් දහයක් පහලවක් වගේ ඉදිරියෙන් දුවන ගැරට් නිවාසෙ ක්‍රීඩකයා විතරයි.

"නේත්‍ර පැටියො....තව වේගෙන්!!! තව වේගෙන් දුවන්න!!! අරූව පාස් කරමු!!! ගැටර් එක එකාව පාස් කරමූඌඌඌඌ!!!! ඉක්මනට!!!! ඔයාට පුළුවන් පැටියො!!!"

පිට්ටනිය දෙපැත්තෙ උන්නු දෙනෙත්ගෙ නිවාසෙ ලමයිනුත් දෙනෙත් දිහා බලන් හිටියෙ ඇස් කටේ දාගෙන.ඇයි දෙවියනේ තමන්ගෙ නිවාසෙ ලමයෙක් දුවද්දි ඒකාව පරද්දලා වෙන නිවාසෙක කෙනෙක්ට දිනන්න කෑ ගහද්දි?කාවවත් ගණන් නොගත්ත දෙනෙත් එක දිගටම නේත්‍රව දිරිමත් කරද්දි දෙනෙත්ගෙ වචන කන් වලට දාගත්තු නේත්‍රගෙ ඇස් දෙක තිබ්බෙ ආශව ලග.

ආශවගෙ බලාපොරොත්තු පිරුණු  ඇස් දෙක,ආශවගෙ ධෛර්යමත් හිනාව ඒ හැමදේම නේත්‍රග්‍ර් හිතේ ලොකු ශක්තියක් ඇති කලා.උපරිම වේගෙ ගත්තු නේත්‍ර ආශවලගෙ වගේම ලෙමුවෙල් නිවාසෙ ලමයිව කෑ ගස්සවන ගමන් ගැරට් නිවාසෙ තරගකරුවව පහු කලා.තව මීටර් හැත්තෑවක් පනහක් වගේ ඉදිරියෙන් තරග අවසානය පෙනෙමින් තිබුනා වගේම දෙවින් තෙවින් දෙන්නගෙ කෑ ගැහිලි වලට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනිවට දිවාෂත් මේ වෙද්දි සෙන්ට්‍රල් හවුස් ක්‍රීඩකයව පහු කරලා තිබුනා.මේ වෙද්දි ඉදිරියෙන්ම නේත්‍ර,දෙවනියට දෙනෙත්ලගෙ නිවාස ක්‍රීඩකයා,තුන් වෙනුව දිවාෂ දුවමින් හිටියා.

"දිවාෂ මල්ලි! උබ ගැරට් හවුස් එකෙ එකාව පහු කලොත් මම උබ ඇති කියනකං පීසා අරං දෙනවා කන්න"

"යුගාන්! උබ ඌව පහු කලොත් මම උබට හැට්ට කට්ටකින් දහපාරක් මගෙ පස්සට අනින්න දෙනවා.සත්තයි"

"ඇත්තමද දෙන්නා කියන්නෙ ඔය?"

මෙච්චර වෙලා විනෝදෙට වගේ දුවන ගමන් හිටිය දිවාෂ එකපාරටම වේගෙ වැඩි කරල දුවගෙන යද්දි දෙවින් තෙවින් දෙන්නත් ඒ හා සමානව දුවන්න උත්සාහ කලා.නේත්‍ර ඒ වෙද්දිනුත් අවසානය පේන මානෙ හිටියා.ආශව බලාගෙන හිටියෙ නේත්‍ර දිහා.ඒත් එක්කම ආශවගෙ ඇස් දෙක කදුලින් බොද වෙලා ගියා.

ආශවට දුවගෙන එන නේත්‍රව පෙනුනෙ දැන් ඉන්න විදියට නෙවෙයි.ආශවට මැවිලා පෙනුනෙ ඉස්සර දණහිසෙනුත් පහලට එල්ලා වැටෙන පරණ ලොකු කලිසමකට ලොකු කමිසෙකුත් ඇදගෙන කොන්ඩෙත් වවාගෙන විදුලි වේගෙන් දුවන් එන පුංචි නේත්‍රව.නස් නාරං ගෙඩි වලින් සාක්කු පුරවගෙන,සුද්ද කරගත්තු නස්නාරමක් කටේ දාන් හපන ගමන් ඇහැකුත් පොඩි කරගෙන තමන්ව හොයං දුවන් එන පුංචි නේත්‍රව.අර මූණට වැටෙන කොන්ඩෙත් චුට්ටං අත් වලින් පස්සට කර කර 'සුදුබේබීඊඊඊඊඊඊඊඊ' කියලා කෑගහන් චුට්ටං අඩි තිය තිය තමන්ව හොයාගෙන දුවන් එන පුංචි නේත්‍රව.ඒත් එක්කම ඇස් පිහදගත්තු ආශව ආපහු පාරක් ඔල්වරසන් දෙන්න ගත්තා.එයාගෙ පුංචි නේත්‍ර දැන් ලොකු වෙලා!

ජයග්‍රාහී රිබන් පටිය පපුවෙ වැදෙද්දි නේත්‍රලාගෙ හවුස් එකේ ඔක්කොමල්ලා මහ හයියෙන් කෑගැහුවා.ඒත් එක්කම ආපහු පාරක් ලෙමුවෙල් නිවාසෙ පිරිස කෑ ගද්දි නේත්‍ර හෙමීට පිටිපස්ස හැරිලා බැලුවා.දිවාෂත් නේත්‍ර එක්කම දුවගෙන ඇවිත් දෙවනි ස්ථානෙ අරගෙන තිබ්බා.වේගෙන් දුවන් ආව නේත්‍රව ආශව අල්ලගනිද්දි නේත්‍රව මහන්සියට වැටෙන්න ගියත් ආශව ඒකට ඉඩ දුන්නෑ.

"වැටෙන්න එපා නේත්‍ර....එකෙන් ඔයාටමයි පහු වෙද්දි අමාරුව.කෝ සුදුබේබිව අල්ලන් ඇවිදිමු ටිකක්"

නේත්‍ර ආශවට බර වෙලා ඇවිදින්න ගනිද්දි ආශව දැක්කෙ ඒ හරියෙම ඉදන් නේත්‍රව ඇස් වලින් කන රධීන්ව.ලග හිටිය නිමේත්ට මොකක් හරි කිව්ව ආශව නේත්‍රව පුළුවන් තරම් ආවරණය කරගන්න ගමන් ඇවිද්දවද්දි රධීන් මෙච්චර නේත්‍ර දිහා බලන්නෙ ඇයි කියලා ආශවට තේරිලා තිබුනෙ.සුදු අත් කපපු ධාවන තරග වලට අදින ජාතියෙ ටී ෂර්ටයකින් වගේම කලු ෂෝර්ට් එකකින් නේත්‍ර වගේම දිවාෂත් සැරසිලා හිටියෙ සුදු කලු කියන්නෙ නිවාසයෙ පාට නිසා.ඇගටම ඇලිලා තියෙන ඒ ඇදුමත් එක්ක දාඩියටත් ඒ ඇදුම තෙත් වෙද්දි නේත්‍රගෙ ඇගේ හැඩ කැපිලා පේනවා වැඩියි කියන එක ආශවට තේරුනා.

ඒත් එක්කම නිමේත් අරං ආව ආශවගෙ ක්‍රිකට් ජැකට්ටුව නේත්‍රගෙ උරහිස් වලින් දාද්දි ආශව එහෙම කරන්න හේතුවක් තියෙන බව තේරුම් ගත්තු නේත්‍ර ඒ ගැන ආශවගෙ හාර අවුස්සන්න ගියේ නෑ.රධීන් දිහා බලලා මාරාන්තික බැල්මක් හෙලුව ආශව නේත්‍රව හෙමීට ඇවිද්දවගෙන එතනින් අරං යද්දි නේත්‍රත් ආශවගෙ ඇගට බර වෙලා ආවා."ASHAWA 14" ජැකට් එකෙන් නේත්‍ර ආවරණය වෙලා ඉදිද්දි නේත්‍ර වේදනාවෙන් ඇදුම්කන කකුල් වලට බර දීලා ආශව එක්ක ඇවිදගෙන ගියා.

"යුගාන්!"

"මොකෝහ්හ්හ්?"

"අරූ මොකෝ අර කැත විදියට උබ දිහා බලන් ඉන්නෙ?"

"කවුද මල්ලි?"

"අර ඉන්නෙ අයියෙ"

"මහීල්! ඇත්තටම ඇයි ඒ උබ දිහා අමුතුවට බලන්නෙ....දිවාෂ මල්ලි?"

"ඒක උගෙන් අහගන්නකො අනේ....මාව දැන් එක්කන් යන්නකො"

දෙවින්ගෙයි තෙවින්ගෙයි කරේ එල්ලිලා උන්නු දිවාෂ කන් කෙදිරි ගාද්දි නිවුන්නු දෙන්නා දිවාෂවත් උස්සගෙන ආශව ගිය පැත්තටම ඇවිදන් ගියා.ඒ යමින් ගමන් උනත් තෙවින්ගෙ තර්ජනාත්මක බැල්ම මහීල් මත වැටුනු එක මහීල් නොදැක්කත් මොකක් හරි කියන්න පිටිපස්ස බැලුව ආශව දැක්කා.තෙවින් දැනන් හිටියෙත් නෑ දිවාෂ දිහා වෙන කෙනෙක් වැරදියට බලන එකෙන් ඇයි තමන්ට මෙච්චර කේන්තියක් දැනෙන්නෙ කියන එක.තෙවින්ට ඒ ගැන කල්පනා කරන්න තරම් සිහියක් තිබුනෙ නෑ.තෙවින්ගෙ සිහිය තිබ්බෙ ආශවට වාරු වෙලා ඇවිදන් යන නේත්‍ර ලග.පුරුදු විදියටම තෙවින්ගෙ පපුවෙ කොණක් රිදුම් දෙන ගමන් තිබ්බා.

..............................................................................................

"හාහ්......"

මුළු නුවරම ගොම්මන් කළුවරින් වැහීගෙන එද්දි තෙවින් හිටියෙ කාමරේ සදළුතලයට වෙලා ඈත බලාගෙන.හැමදාම වගේ තෙවින් තනි වෙලා හිටියා.වටේ පිටේ සීයක් දෙනා හිටියත් තමන්ගෙම කියලා කෙනෙක් නැති හැගීමෙන් පීඩා විදිමින් උන්නු තෙවින් හොදටම තනි වෙලා හිටියා.තෙවින්ගෙ ඔලුව පුරාම හිටියෙ නේත්‍ර.අමතක කරන්න කොච්චර උත්සාහ දැරුවත් වතුර යට ඔබපු බෝලයක් වගේ මතු වෙන නේත්‍ර.

"කොහෙද රිදෙන්නෙ නේත්‍ර?"

"කකුල් දෙක වේදනයි සුදුබේබි....කාලෙකින් දිව්වෙ..... අනික දුරනෙ"

"ගෙදර ගිහින් කකුල් තවාගමු නේත්‍ර...... ඔහොම ඉන්න මම බාම් මොනාහරි අරං එන්නම්"

"සුදුබේබි මගෙ ලගින් ඉන්නකො ඩිංගිත්තක්...... දැන්මම බාම් එපා.....නේත්‍රට මහන්සියි තවම"

හෙමීට මුමුණන ගමන් නේත්‍ර තමන් ලග හිටන් උන්නු ආශවගෙ බඩට හේත්තු වෙනවත්,ඒ එක්කම ආශව නේත්‍රගෙ ඔලුව අල්ලන් අතගෑව හැටිත් ක්‍රීඩා කාමරය ඇතුලෙ හිටිය තෙවින් දැකලා තිබ්බා.තෙවින්ටත් ඕනි වුණා ඒ වගේ පරිස්සම් කරන්න කෙනෙක්.තමන්ව ලගින් තියාගන්න ඉල්ලන කෙනෙක්.තෙවින්ට තදේටම ඕනි වුණා ඒ දේවල් කරන්න කෙනෙක්.හැමෝටම මේ තමන්ගෙ කියලා පෙන්නන්න කෙනෙක්.තෙවින් තමන්ටම හිනා වුණා.

ඒ කෙනා නේත්‍රම උනේ ඇයි කියලා තෙවින් තමන්ගෙන්ම ප්‍රශ්න කලා.ඇයි ඒ ආශවම කියලා තෙවින් කල්පනා කලා.ඒ හැම දේමත් එක්ක නේත්‍ර වෙන කෙනෙක්ගෙ කියලා දැන දැන තමන් නේත්‍රව අමතක නොකලෙ ඇයි කියලා තෙවින් තමන්ගෙන්ම ඇහුවා.තෙවින්ට ඕනි වුණා ආශව වගේම නේත්‍රව රකින්න.නේත්‍රගෙන් ආදරේ විදින්න.ඒත් ඒ දේවල් තමන්ට කරන්නත් බෑ කියලා දැනන් හිටිය තෙවින් අතේ තිබ්බ බියර් ටින් එක කැඩුවා.

තෙවින්ට ඕනි වුනා කාට හරි තුරුල් වෙලා තමන්ට පාලුයි කියලා කියන්න.තමන්ව පරිස්සමට බලාගන්න බැරිද අහන්න.තමන් කොච්චර දැඩි ස්වරූපයක් මවන් හිටියත් තමන් සමහර වෙලාවට හරි දුර්වලයි කියලා කියන්න.තමන්ව ලග තියාගන්න බැරිද අහන්න.තමන්ට විතරක් ආදරේ කරනවද අහන්න.තමන් දෙන ආදරේ දැනෙනවා නේද කියලා අහන්න.තෙවින්ට ඕනි වුණේ මත් වෙන්න.මත් වෙලා හැමදේම විනාඩි ගාණකට හරි අමතක කරලා දාන්න.දවල් කොච්චර හොදින් හිටියත් රෑ තනි වෙන වෙලාවල් කීයකනම් කොට්ටෙ තෙමෙන්න ඇද්ද කියලා තෙවින් කල්පනා කලා.කල්පනා කරන ගමන් තෙවින් බියර් ටින් එක කට ලගට ලං කලා.

"මම අර සිරින්ජර් එක මගෙ ලග තියාගන්නවා.....අර පොඩි බොට්ල් එකත් එක්ක.උබ ආයෙ ඔය වගේ මොකක්ම හරි දෙයක් කරගත්තොත්.....මම ඒක ඉන්ජෙක්ට් කරගන්නවා"

ඒත් එක්කම තෙවින්ගෙ ඇස් ඉස්සරහ මැවුණෙ දවසක් සිරින්ජරයකුත් අතේ තියං කෑගැහුව දිවාෂව.දිවාෂවයි දිවාෂ කිව්ව එව්වයි මතක් කෙරුව තෙවින් ඉක්මනටම බියර් ටින් එක කටින් එහාට ගත්තා.තෙවින්ට ඕනි වුනේ නෑ දිවාෂට කරදරයක් වෙනවා බලන්න.බියර් ටින් එක දිහා බලලා ඒක එහෙම්මම කාමරේ කුණු බක්කියට දැම්ම තෙවින් දිවාෂව මතක් කරන ගමන් සදළුතලේ තිබ්බ පුටුවකින් ඉදගත්තා.

"උබ නිසා මට පාඩුවෙ වෙරි වෙන්නවත් නෑ යුගාන්! තෝ නම් අංක එකේ වදකාරයෙක්"

හිනාවෙවී කිව්ව තෙවින් ඇස් දෙක පියාගත්තෙ ගලන කදුළු වලට පාඩුවෙ ගලන්න ඉඩ දෙන ගමන්.කොච්චර නොලැබෙන දෙයක් වුණත් නේත්‍ර ගැන ඇති වෙන හැගීම යට යන්නනම් තමන්ට ලොකු ආදරයක් ලැබෙන්න ඕනි කියලා තෙවින් හිතුවා.

"මම වගේ කාලකණ්නියෙක්ට කවුද සිරා ලව් කරන්නෙ?"

තනියම හිතන ගමන් තෙවින් ඇස් ඇරලා ඔහේ ඈත බලන් හිටියා.නුවරම හීතල කරං හමාගෙන යන හුලග හමුවෙ තෙවින් ඇහිපිල්ලම් නොගහා හිටියෙ හුලං රැලි ඇවිත් ඇස් වල ගැටෙද්දි දැනෙන වේදනාව වින්දනයක් කරගන්න ගමන්.ඇස් වලින් ගලන කදුළු හුලං පාරෙ සැරට කියන ගිණුමට බැර කෙරුව තෙවින් ඇති තරම් කදුළු ගලාගෙන යන්න ඉඩ දුන්නා.ටික වෙලාවක් යද්දි වේදනාව දරන්නම බැරි තැන මේ ලෝකෙ තමන්ව තේරුම් ගන්න එකම කෙනා කියලා තෙවින් විශ්වාස කරපු කෙනාගෙ අංකෙට දුරකථන ඇමතුමක් ගත්තු තෙවින් බලන් හිටියෙ එහා පැත්තෙන් කතා කරනකං.

"හෙලෝ!!!! හෙලෝ!!! මේ ඔබ අමතන්නේ අපේ කාලෙ මහෞසධ උපදෙස් සේවාවයි.ගෙදරදි,කඩේදි,ලොතරැයි කූඩුවෙදි කොට්න්ම කිව්වොත් බස් හෝල්ට් එකට,මාකට් එක ඔබ ඉන්න ඕනිම තැනකට ආවත්,ඔබ ලංකාවෙ කොහේ හිටියත් කොහේ ගියත් ඔබ අහන්නෙ මහෞසධගෙ උපදෙස්නම් බඩුම තමයි......"

"ඉවරද?"

"සිංහල බාසාව යොදා ගැනීමටනම් බුහ්ඃ ගාන්න....දෙමල බාසාවනම් ඥෑව් ගාන්න.....ඉංග්‍රීසි බසින් සවන් දීමටනම් පුප පේන පොටෝ එකක් එවන්න!"

"යුගාන්!"

"ඔබට අපේ සේවාව ලබා දිය නොහැකී.එම නි...."

"බුහ්ඃ බුහ්ඃ"

"ඔව් මහත්මයා පවසන්න.කුමක්ද ඔබේ ගැටලුව?"

"යුගාන්,තමුසෙ මගෙ ප්‍රශ්නෙත් අමතක කෙරෙව්වා මේ විකාර කරලා"

"හිනා වෙන්නෙ ඇයි දැන් උබර්? මුලදි නාහෙන් වගේ කතා කල මිනිහා නේද මේ?"

"උබ ජෝකර් කෙනෙක්ද යුගාන්?"

"යැයි යැයි චමා....මොකෝ කෝල් කලේ?"

"ටිකක් කතා කරන්න පුලුවන්ද යුගාන්"

"මේ දිවාස ලග කවද්ද අනේ නෑ බෑ වචන තිබ්බෙ?"

"ය්...යුගාන්.....ඇයි යුගාන් මමම? ඇ.....ඇයි මටම?"

තෙවින්ගෙ ඉකි ගැහිල්ල වෙනදට වඩා දිවාෂගෙ හිතට සෑහෙන්නම රිදුම් දුන්නා.තෙවින් කවුරුත් නැතිව අර කාමරේට වෙලා අදුරෙ ඉන්නවා ඇති කියලා හිතුව දිවාෂගෙ හිත කොනක් ඇදුම් කන්න ගත්තා.දිවාෂට ඕනි වුණා තමන් තෙවින් එක්ක ඕනිම වෙලාවක එකටම ඉන්නවා කියන්න.තෙවින් තනි වෙලා නෑ කියලා දන්නන්න.ඒත් ඒක තමන්ම කියලා ඒ තැන බලෙන් ගන්න දිවාෂට ඕනි වුණේ නෑ.ඒක තෙවින්ම තේරුම් ගන්නකං දිවාෂ  බලන් ඉන්නවා කියලා හිතාගත්තා.මොනා නැතත් දිවාෂගෙත් ලොකුකම වැඩියිනෙ!

"මම එන්නද ඔහෙට?"

"එ...එප්....එපා යුගාන්....රෑ වෙලානෙ.මම කියන දේ අහන් උන්නොත් ඇති"

"මම අහන් ඉන්නම්.....ඔයා කියන්න"

නුවර හුලගින් පපුව පුරවගත්තු තෙවින් තමන්ගෙ හිතේ තියෙන දේවල් දිවාෂට කියන්න ගනිද්දි දිවාෂ ගෙයින් එලියට බැහැලා ගේ ඉස්සරහ තියෙන අඹ ගහ පාමුලට ඇවිදගෙන ගියා.නුවර අහස යට නමක් නැති බැදීමක් තියෙන ඉලන්දාරි දෙන්නෙක්ගෙ කතාබහක් එහෙම ගෙවිලා යද්දි නමක් තියෙන දැඩි බැදීමක් ඇති ඉලන්දාරි දෙන්නෙක්ගෙන් එකෙක් උණු වතුර බදුනක් අරං කාමරයක් ඇතුලට ගියේ ඒක ඇතුලෙ ඉන්න අනික් ඉලන්දාරියා එක්ක ලොකු අඩව්වක් අල්ලන්න වෙන බව දැන දැනමයි.

නුවර යට ඒ ඒ ආදර කතා ඒ ඒ විදියට සිද්ධ වෙද්දි මේ හැමදේම බලන් උන්නු නුවර අහස හරි ආදරෙන් හිනා වුණා.නුවර අහස දැනන් උන්නා.....නුවර අහස යට වැඩිපුරම තිබ්බෙ හිමිවීම මිසක් අහිමිවීම නොවන වග.

...................................................................................................

වචන 4500+ 🌚❤️

වචනයක් කියන් යන්න බබාලා

මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

කමෙන්ට් වලට පුලාන් වෙලාවල් වල රිප්ලයි කරනවා බබාලා මම....අනේ මගෙ ලොකුකම කියලා හිතන්නෙපා හොදද? ඇත්තටම වෙලාවක් නෑ ලොකුවට🥺💔

නේට්ට🥺❤️

සුදුබේබි🥺❤️

මේ මම මෝඩ පස්නයක් අහන්නත?

ඔයාලා ආසවටයි නේට්ටටයි ආතරෙයි නේත? ඒ දෙන්නව හිතට වදිනවා නේත? එයාලව අමතක වෙන්නෙ නැති වෙයි නේත?

අවාරෙක මල් කතාවෙ චැප් දෙකක් දැම්මා....ජොලියට වගේ දැම්මෙ කතාව ගැන ඔයාලට අයිඩියා එකක් ගන්න🌚❤️ ඒකෙ චැපි දෙකට 1k reads ආවා🥺❤️ ඒකටත් ඔයාලට ස්තූතියි 🥺❤️

ආශව නේත්‍රට පස්සෙ එන කපල් එක තමා ඒ......

කෙයිලාන් මන්ධාර🥺❤️

ගිහින් කියවලා පුලාන්නම් අදහසක් දෙන්න බබාලා❤️

එහෙනම් මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter