Back
Chapter 62

61 කොටස🤍✨

නිවාලන්න මා...

"යුගාන්!!!! මම තෝව කනවා!!!!"

"කයි මගෙ පුක"

"යුගාන් ඔහොම ඉදපං!!!"

"ආආආආආආආආආආආ!!!! ආසවාආආආආආආආ!!! අහකට වෙයාංං!!!"

"යුගාන් නැවතියන්! නැවතුනොත් ගහන්නෑ!!!"

"ආසව!!! අතෑරපං මගෙ කොලර් එක"

"කොහෙද ඕයි මේ දුවන්නෙ? තමුසෙට ඩියුටි නැද්ද?"

"අයියෙ අතෑරපංකො......යුගාන්ව අල්ලගන්න ඕනි"

"තමුසෙලා පොඩි උන් දෙන්නෙක් වගේ මේ පාන්දර ඉස්කෝලෙ ජවුසම් නටන්නෙ ඇයි?"

"අරූ මට කිව්වෙ නෑ අර මගුලෙ වීඩියෝ එක ස්කූල් පේජ් එකේ දානවා කියලා!!! යුගාන්!!! මම තෝව මරාගෙන මැරෙනවා අද"

"දෙවින් පණ, ඔන්න ඕකගෙ පුකට දෙකක් දෙන්න අනේ....බලන්නකො කියන කැත කතා"

"කැත! කැත පෙන්නනවා මම අද උබට! පොඩි අපතයා!"

උදේ හතට විතර ඉස්කෝලෙ වටේ යන ගමන් පන්ති බල බල හිටිය ආශවගෙයි දෙවින්ගෙයි අවධානෙ යොමු උනේ ඈත ඉදන් පණ කඩං දුවගෙන එන දිවාෂ දිහාවට.සාමාන්‍යෙන් ඔය වගේ අමුතු හැසිරීම් දිවාෂගෙ තියෙන නිසා පාඩුවෙ තමන්ගෙ වැඩ බලාගන්න හැදුවත් ආශවයි දෙවිනුයි උඩ ගියේ දිවාෂගෙ පිටිපස්සෙන් මාරාවේෂ වෙලා වගේ දුවං එන තෙවින්ව දැකලා.වේග බට්ටා වගේ දුවගෙන ආව දිවාෂගෙ කොලරයෙන් අල්ලගත්තු ආශව දිවාෂව ටිකක් උඩට උස්සද්දි දිවාෂ එක තැන කකුල් ගස ගස හිස් අවකාශෙ දුවන ගමන් හිටියා.

තෙවින්ව දෙවින් අල්ලගත්තෙ මෙතන වෙන්නෙ මොකද්ද කියලා දැනගන්න තිබ්බ වුවමනාවට.අන්තිමේදි අහන්නත් කලින්ම තෙවින් මේකට හේතුව කියලා කෑගහද්දි දෙවිනුයි ආශවයි මුකුත් දන්නෑ වගේ උඩ බිම බල බල හිටියා.ඒත් එක්කම දෙයක් මතක් වුණු තෙවින් තමන්ව අල්ලන් උන්නු දෙවින්ගෙ බඩට හයියෙන් පාරක් ගැහුවා.

"අයියෙ! උබත් මේක දැනන් හිටියා නේද?"

"මම? මල්ලිට පිස්සුද මල්ලි? මේ අයියා කොහෙද ඔව්වා දන්නෙ?"

"එහෙනම් උදේ පාන්දර මදනයා වැහිලා වගේ උබෙයි මගෙයි ෆොටෝ එකක් ඉන්ස්ට දැම්මෙ ඇයි? විත් මයි ට්වින් බ්‍රදර් කියලා!!!"

"ආදරේටනෙ මල්ලි"

"අයියෙ!!! අද මම යුගාන්ව කාලා ඉවර වෙලා උබවත් කනවා! බලන් ඉදපල්ලා!"

තමන්ගෙ ඇස් දෙකට ඇගිලි දෙක තිබ්බ තෙවින් ඒ දෙක අනික් පිට හරෝලා දිවාෂටයි දෙවින්ටයි පෙන්නන ගමන් එතනින් යද්දි ආශව දිවාෂගෙ කොලරයෙන් අතෑරියා.ආශව දිහා බලලා රැව්ව දිවාෂ දෙවින්ට හාදුවක් පා කරලා යවන ගමන් එකොලහ වසර පැත්තට ඇදෙද්දි ආශවයි දෙවිනුයි දෙන්නා දහය වසර පැත්තට ඇදුනා.

"මල් පූජා කරන එක ගෑනු ලමයිගෙ වැඩක් නෙවේ මල්ලි...."

"කෙල්ලන්ගෙ වැඩක් තමා නේත්‍ර අයියෙ.....ගෑනු ලමයි තමා මල් කඩලා පහන තියන්නෙ....අපේ ගෙදරත් අම්මා විතරයි එහෙම කරන්නෙ.අප්පච්චි කරන්නෑ"

"අපි බුදු පහන තියන්නෙ කාටද? බුදුහාමුදුරුවන්ට....බුදුහාමුදුරුවොත් පිරිමි කෙනෙක්නෙ මල්ලි.....පන්සල් වල මල් කඩලා පූජා කරන්නෙ කවුද? හාමුදුරුවරු.....ඉතින් හාමුදුරුවරුන්ටත් පුලුවන්නෙ එහෙනම් එහෙම නොකර ඉන්න? පින කියන දේ කරන්න ගෑනු පිරිමි බේදයක් නෑ..... කරන තරමට ඒ දේ තමන්ට තමා"

"නේත්‍ර අයියා හරි හොදයි.....ඉස්සර හිටිය ඔෆිසස්ලා අපිට බයිනවා...."

"නේත්‍ර අයියා බයින්න දන්නෙ නෑනෙ....දැන් මෙතන මල් කඩන්න හය දෙනෙක් මොකටද? මල් කඩනවා මිසක් මෙතන ගස් කපනවා නෙවෙයිනෙ!!!!"

"සු.....ආශව අයියෙ, පන්තිය අතුගාලා ඉවරයි කට්ටිය....ඒකයි මාත් එක්ක මෙතනට ආවෙ එයාලා"

"පන්තිය අතුගාලා ඉවරයි? මුන් ටික?"

"ඔව්.....කොරිඩෝ එකෙත් අදාල කෑල්ල අතුගාන ගමන් හිටියෙ මල්ලි කෙනෙක් අපි මෙතෙන්ට එද්දි"

මල් පීරිසිය පිරෙන්න මල් කඩාගත්තු කොල්ලො ටික ආශව දිහා බලන්නෙවත් නැතුව ඔලු ගෙඩි ටිකත් හංගගෙන පන්තිය පැත්තට යද්දි ආශවට ඔලුවෙන් එන්න කිව්ව නේත්‍රත් කොල්ලො ටිකත් එක්ක පන්තිය පැත්තට ඇදුනා.තමන්ට අඩි දෙකක් විතර ඉස්සරහින් ඇදෙන නේත්‍ර දිහා බලාගෙනම අඩිය තියන ආශවගෙ හිත අමුතුම සන්සුන්කමකින් පිරෙන ගමන් තිබ්බා.ඔය දේ කොහොමත් නේත්‍ර එක්ක ඉද්දි සිද්ධ වෙන නිසා ආශව ඒ ගැන පුදුම වෙන්න ගියේ නෑ.නේත්‍රගෙ සන්සුන් කතාබහ,සන්සුන් හැසිරීම් එක්ක ඕනිම මනුස්සයෙක්ට නිවෙන්න ඉඩකඩ තිබුනා.

"නේත්‍ර,අද ඔයා ගෙදර යන්න දිවාසලා එක්ක......මට රෑ වෙනකං ප්‍රැක්ටිස් තියෙයි......."

"මම ඉන්නම් සුදුබේබි....."

"රෑ වෙලා නේත්‍රට ඔය බස් වල ගාටන්න බෑ නේත්‍ර...... අනික ඔයාලගෙ මිඩ් ටර්ම් එක්සෑම් නේද ලගදිම? ඔයා පාඩම් කරන්න ගිහින්"

"මෙතනට වෙලා පාඩම් කරන්නම් සුදුබේබි"

"නේත්‍ර!"

නේත්‍රට ඇස් වලින් එලියට එන්න කියලා සන් කෙරුව ආශව පන්තියෙන් පිට වෙලා යද්දි නේත්‍රත් ආශවගෙ පස්සෙන් ඇදිලා ගියා.ශිෂ්‍යනායක කාමරේට ගිය ආශව නේත්‍රව ලග තිබ්බ පුටුවකින් ඉන්දවලා එහෙම්මම නේත්‍රගෙ මූණට නැවුණා.ආශවගෙ තද බැල්ම දරාගන්නම බැරි තැන නේත්‍ර මූණ බිමට හරවගනිද්දි නේත්‍රගෙ නිකට යටින් අත තිබ්බ ආශව නේත්‍රගෙ ඇස් එක්ක තමන්ගෙ ඇස් පටලවගත්තා.

"කියන දේ අහන්න බැරි මොකෝ?"

"කියන දේ අහනවා සුදුබේබි....."

"එහෙනම් දැන් හවස යන්න කිව්වම බෑ කියන්නෙ මොකෝ?"

"සුදුබේබි ප්‍රැක්ටිස් කරද්දි නේත්‍ර කොහොමද ගෙදර යන්නෙ?"

"නේත්‍ර ගෙදර යන්නෙ කකුල් දෙකෙන්...... රෑ වෙන නිසානෙ මැණිකෙ යන්න කියලා කියන්නෙ"

"රෑ උනාට කමක් නෑ.....මට ඉන්න පුළුවන් සුදුබේබි එනකං"

"හිතුවක්කාර මොකෝ රත්තරනේ මේ.....පාඩම් කරන වෙලාව අපතෙ යනවනෙ මෙතන හිටියොත්"

"සුදුබේබි නරක වැඩ කරනවා මම නැතිකොට"

"නරක වැඩ? මම?"

"ප්‍රැක්ටිස් වලදි බ්‍රේක් දුන්නත් සුදුබේබි බෝල් කරන්න හරි පුරුදු වෙනවා.....වතුර ඩිංගක් බොන්න,ටිකක් හරි මහන්සි ඇරගන්න සුදුබේබි එන්නෙ නෑ....ඒත් මම පැවීලියන් එකේ ඉන්නවනම් සුදුබේබි එනවා....ඒ නිසා මට බෑ සුදුබේබිව තනියම ප්‍රැක්ටිස් වල තියන්න"

"මහන්සි වෙන තරමටනෙ මැණිකෙ ප්‍රතිඵල ලැබෙන්නෙ...."

"සුදුබේබි, සුදුබේබි දන්නවද? මහන්සි වෙන එක උනත් අපි කරන්නෝනි සීමාවකට.....නැත්තං එහෙම අන්තිමට අපි දුර්වල වෙනවා....කරගන්න ඕනි කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා.... ඒ නිසා මම අද ඉන්නවා"

"නේත්‍ර!"

"අනේ සුදුබේබි....."

ආශවගෙ කකුලක් අල්ලගත්තු නේත්‍ර තොල් දෙකත් නොපිටට පෙරලගෙන ඇස් දෙක බෝල කරගෙන ආශවගෙන් අහද්දි ලොකු හුස්මක් පහල දැම්ම ආශව නේත්‍රගෙ ඔලුව අතගෑවා.නේත්‍රගෙ අතින් අල්ලලා නැගිටේව්ව ආශව නේත්‍රට 'හා' කියන්න වගේ ඔලුව වනලා එලියට එද්දි ආශව එක්කම එලියට ආව නේත්‍ර දහය වසර පැත්තට දුවන්න ගත්තෙ දැන් පාසල ආරම්භ කිරීමේ සීනුව නාද කරන්න හුගක් ලග නිසා.ඈතට දුවගෙන යන නේත්‍ර දිහා බලලා ලොකු හුස්මක් පහල දැම්ම ආශව ලා හිනාවක් මූණට නංවගත්තා.

"ඔයා හරි කපටියෙක් මගෙ නේත්‍ර......"

විනාඩියෙන් විනාඩිය ගත වෙලා යද්දි පාසලේ සුපුරුදු වැඩ කටයුතු ඒ විදියටම පැවැත්වීගෙන ගියා.ආශව විවේක කාලෙදි නේත්‍රට ශිෂ්‍යනායක නිල කාමරේට වෙලා බත් කැව්වෙ නේත්‍රගෙ අත් තුවාල වෙලා තිබුණු නිසා.විවේක කාලෙට කාලච්ඡේද දෙකකට විතර කලින් එතන ඉදිරියට කරන්න නියමිත සුභසාධන වැඩ සටහන ගැන රැස්වීමක් පැවැත්තුනු නිසා ඒක ඉවර වෙලා දිවාෂයි නේත්‍රයි කාමරේ ඇතුලෙම නැවතුනු එක ගැන කිසිම කෙනෙක් ලොකු අවධානයක් යොමු කලේ නෑ.නේත්‍රට බත් කවලා ඉවර කෙරුව ආශව නේත්‍ර,දිවාෂ දෙන්නව පන්තියට පිටත් කලේ හවසට නේත්‍රට තමන් එනකං රැදෙන්න කියන ගමන්.

"මේහ්...."

ඊලගට තිබ්බ ඉංග්‍රීසි කාලච්ඡේද දෙකට ගුරුතුමී එන්නෙ නෑ කියලා දන්නලා තිබ්බ නිසා කොල්ලො ටික තම තමන්ගෙ වැඩ කරන්න ගද්දි කීප දෙනෙක් පන්තියෙන් එලියට පිටත් වෙලා ගියේ ඉස්කෝලෙ රවුමක් ගහන්න හිතාගෙන.කොහොමත් සතියට දවස් තුනක්වත් ඉංග්‍රීසි විෂයට ගුරුතුමී පන්තියට නේන එක මුලු උසස්පෙල අංශ හැම එකකටම පොදු කාරණයක් වුණා.

නේත්‍රයි දිවාෂයි ආර්යයි තුන් දෙනා ලෑස්ති වුණේ ආශවලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ට භාර දුන්නු කාර්යයක් කරන්න.නේත්‍රගෙ දෙපැත්තෙන් හිටිය දිවාෂයි ආර්යයි දෙන්නා නේත්‍ර ලග තිබ්බ කොලේට එබෙද්දි නේත්‍ර ඔලුවත් කහ කහ කල්පනා කලේ ඇත්තටම ඒ ලමයිට තව මොන වගේ දේවල්ද ඕනි කරන්නෙ කියලා.ඒත් එක්කම තමන්ගෙ මේසෙට තිබ්බ අත් දෙකක් එක්ක හීනි කටහඩක් ඇහෙද්දි ඒ කටහඩ ඇදිනගත්තු කොල්ලො තුන් දෙනා ඔලුව උස්සලා බැලුවා.

"ඕ මිකායෙල්.....කියන්න"

"මමත් මෙතනින් ඉදගන්නද?මගෙ යාලුවො ඔක්කොම එලියට ගියා අනේ...."

"හරි"

නේත්‍රගෙ වචන එක්ක මිකායෙල් නේත්‍රගෙ මේසෙ ඉස්සරහ තිබ්බ පුටුව නේත්‍රලාගෙ පැත්තට හරවගෙන ඉදගනිද්දි දිවාෂගෙ තියුණු ඇස් මිකායෙල්ගෙ දිහාට හැරවිලා තිබ්බා.නේත්‍ර එක්ක සුහදව හිනා වුණු මිකායෙල් ව්‍යාපෘතිය ගැන කතා කරන්න ගනිද්දි කොල්ලො තුන් දෙනා උනත් මිකායෙල් එක්ක සුහදව කතා කරන්න පටන් ගත්තා.

"එතකොට පොත් කොච්චර වගේ ඕනිද නේත්‍ර?"

"ම්ම්ම්.....එක ලමයෙක්ට CR පොත් දහය ගානෙ වගේ දෙන්නලු ඉන්නෙ මිකායෙල්.....ඉස්කෝල දෙකේම ලමයි හාරසීයක් වගේ ඉන්නෙ"

"මට ඒකට හෙල්ප් එකක් දෙන්න පුළුවන් හැබැයි"

"ඒ කොහොමද?"

"අපේ අප්පච්චිගෙ තමා ### බ්‍රෑන්ඩ් එක.....ඉතින්....."

"ඒක ඔයාලගෙද මිකායෙල්?"

"ඔව්....ම්ම්ම්ම්......මට පුළුවන් ඉතින් පොත් හුගක් අඩුවට දෙන්න"

"අනේ ලොකු දෙයක්නෙ මිකායෙල්.....මම අයියලාට කි...."

"ඕනි නෑ නේත්‍ර.....මම ආශව අයියට කියන්නම්....සෝ.... ඔයා මහන්සි වෙන්න ඕන්නෑ"

මිකායෙල්ගෙ කටහඩ එක්ක නේත්‍රගෙ ඇස් දෙක ලොකු වෙද්දි දිවාෂගෙයි ආර්යගෙයි අත් මිට මෙලවුණා.මේ කිසිම දෙයක් නොදැක්ක මිකායෙල් නේත්‍රගෙ අතේ තිබ්බ කොලේ කියව කියව ඉද්දි කේන්තිය පාලනේ කරගත්තු දිවාෂ කට කොනකින් හිනාවකුත් දාගෙන කතා කරන්න ගත්තා.

"නෑ එහෙම මහන්සියක්නම් නෑ මිකායෙල්.....මොකද නේත්‍ර ආසව අයියට කටින් වචන ටිකක් කියනවා මිසක් එතන ගිහින් සිමෙන්ති අනන්නෙ නෑනෙ"

"නෑ නෑ....එහෙම නෙවේ දිවාෂ....මමම ආශව අයියට කියන්නම්.එතකොට කතා කරගන්න ලේසිනෙ....අතරමැදියො ඉද්දි ටිකක් අමාරුයි"

"අප්පෝ ඒකනම් ඇත්ත මිකායෙල්....පාඩුවෙ ගලාගෙන යන ගනුදෙනු මැද්දට එකපාරටම ඔය එකේක උන් පනිනවා නේද? හරි වදයක් තමා"

දිවාෂ ඇගට පතට නොදැනී ඇනුම් පදයක් කියලා දාද්දි ඒක තේරුනු නේත්‍රටයි ආර්යටයි ලාවට හිනා ගියා.ඒත් මෙලෝ මගුලක් නොතේරුණු මිකායෙල් දිගටම කතාව කරගෙන යන්න ගත්තා.

"නේත්‍ර,ඇත්තටම ඔයයි ආශව අයියයි හුගක් ක්ලෝස් නේද? නෑදෑයො උනත් එහෙම ඉන්නවා හරි අඩුයිනෙ අනේ....ඒ අතින් ඔයා හරි ලකී....ආශව වගේ අයියෙක් ඉන්න නිසා"

"ම්ම්ම්ම්"

"එතකොට දිවාෂලා කොහොමද ආශව අයියා එක්ක ඔච්චර ක්ලෝස්? අයි මීන්.....ආශව අයියා එහෙම කා එක්කවත් වැඩියෙ කතා කරනවත් කෙනෙක් නෙවේනෙ"

"ආහ් ඒකද? ආසව අයියා මම බදින්න උන්නු එක්කෙනාව සෙට් කරගත්තනෙ....ඒකෙන් තමා එයයි මායි ක්ලෝස් උනේ...."

"දිවාෂ හරි ජෝක් තමා කරන්නෙ.....එතකොට ආර්ය?"

"ආහ්....ආශව අයියා බදින්න ඉන්න එක්කෙනාට මම දවසක් උම්මා දෙක තුනක් දුන්නනෙ.....ඉතින් ඒකෙන් පස්සෙ මගෙ දතක් ගැලවුණා.....ඊට පස්සෙ තමා ආශව අයියයි මමයි ක්ලෝස් උනේ"

"අනේ ඔය දෙන්නනම් හරිම ෆනී....."

මිකායෙල් හයියෙන් හිනා වුණත් නේත්‍ර බලන් හිටියෙ මිකායෙල්ගෙ ඇස් දෙක දිහා.කටේ හිනාවක් තිබ්බත් මිකායෙල්ගෙ ඇස් වල හිනාවක් ගෑවිලාවත් තිබ්බෙ නෑ.එකපාරටම හිනාව අඩු කල මිකායෙල් තමන්ගෙ මූණ කෙලින්ම කොල්ලො තුන් දෙනා දිහාවට එල්ල කරද්දි ඒ ඇස් වල තිබ්බ අමුතු වියරු බැල්ම නේත්‍රට තත්පර ගාණකින් අදුනගන්න පුළුවන් වුණා.

"ඇත්තටම ආශව අයියට ෆියොන්සේ කෙනෙක් ඉන්නවද?"

මිකායෙල්ගෙ කටහඩ මහ අමුතු විදියකට වෙනස් වෙලා තිබුණා.නේත්‍ර වචනයක්වත් නොකියා මිකායෙල් දිහා බලන් ඉද්දි දිවාෂ කට අරින්න කලින් ආර්ය කතා කලේ මිකායෙල්ගෙ හැසිරීම මහ අමුතු එකක් වුණු නිසා.

"ආශව අයියගෙ පර්සනල් දේවල් ඔයාලට අපිට වැඩක් නෑනෙ මිකායෙල්.....අපි ප්‍රොජෙක්ට් එක ගැන විතරක් කතා කරන එක හොදයි නේද?"

ආර්යගෙ තීරණාත්මක කටහඩත් එක්ක මිකායෙලුත් නිහඩ වෙද්දි කට්ටියම එකතු වෙලා ව්‍යාපෘතිය ගැන කතා වෙන්න පටන් ගත්තා.නේත්‍රගෙ හිත ඇතුල හරි වේගෙන් ගැහුනත් හැමදාම වගේ තමන්ගෙ සුදුබේබි ගැන තියෙන අසීමිත විශ්වාසෙ එක්ක නේත්‍ර සන්සුන් වුණා.

.

.

.

.

.

"යුගාන්........."

"මොකද?"

"සැර කරන්න එපා අනේ.....හැම වෙලේම නැට්ට පාගගෙනනෙ ඉන්නෙ"

"තොදොල් වෙන්නෙ නැතුව මෙන්න මෙහෙ වරෙං තෙවින් යන්න.....ඇත්තමයි මටත් නේත්‍ර චූචියා එක්ක නැවතෙන්න තිබ්බෙ ග්‍රවුන්ඩ් එකේ"

"එතකොට මම තනියමනෙ යුගාන්....මමත් ඉන්නවා යුගාන් එක්ක"

"ඇත්තටම මට මඩු වලිගෙකින් තලන්නෝනි මෙ බබෙක් ආම්බාං කරන්න යනවට"

"මඩු වලිගයක් කියන්නෙ මොකද්ද යුගාන්"

"මගෙ කලිසම අස්සෙ තියෙනවා වගේ එකක්!!! මෙන්න මෙහෙ වරෙං යන්න"

"අප්පෝ....බස් දෙකක් විතර මගෑරලා යමං යුගාන්....තෙරපි තෙරපි යන්න බෑ"

තෙවින්ට හොදවැයින් දෙකක් රැව්ව දිවාෂ බස් නැවතුම්පොලේ කොණකින් හිටගත්තෙ ලග පාත හිටිය කොල්ලන්ටත් අත වනන ගමන්.තෙවින් දඩි බිඩි ගාලා දිවාෂ හිටගත්තු තැනම තිබ්බ ගහ පිටිපස්සෙ හැංගුනේ කොල්ලො ටිකගෙ හිනාව නිසා.තෙවිනුයි දිවාෂයි රගපෑව වෙලද දැන්වීම අද උදේ ඉදන් පාසලේ වෙබ් පිටු වල සැරි සැරුවෙ දිවාෂගෙ මහන්සියෙ ප්‍රතිඵල විදියට ඒක පලවෙනි ස්ථානෙට පත් වෙලා තිබ්බ නිසා.ඔය කාරණා නිසාම අද තෙවින්ට කොල්ලන්ගෙ ඇනිලි මිරිකිලි වලටත් ලක් වෙන්න උනා.

"යුගාන්...."

බස් එකක් දෙකක් ගියාට පස්සෙ ලමයි අඩු වෙද්දි ගහ පිටිපස්සෙන් ඔලුව එලියට දැම්ම තෙවින් දිවාෂට කතා කරද්දි ඇස් දෙක රෝල් කෙරුව දිවාෂ තෙවින්ගෙන් ඇයි කියලා ඇහුවා.වටපිට බලලා ලමයි වැඩියෙ නැති නිසා දිවාෂ ලගට ආව තෙවින් දිවාෂගෙ අතේ එල්ලෙද්දි මොකද්ද උනේ හිතාගන්න බැරි වුණ දිවාෂ තෙවින් දිහා බලන් හිටියා.

"අනේ මට අරවා අරං දෙන්නකො යුගාන්....."

"මොනාද?"

"සීනි පුළුන් අනේ"

"මොන හුත්තක්ද තෙවින් ඒ?"

"අර තියෙන්නෙ අනේ අර කරත්තෙ"

පාරෙන් එහා පැත්තෙ නවත්තලා තිබ්බ කරත්තෙට අත දික් කෙරුව තෙවින් කියද්දි දිවාෂ තෙවින්ව අහකට කරලා හොද ටොක්කක් ඇන්නා.

"ඒ බොම්බයි මොටයි පගෝ"

"මම නම දන්නෑ අනේ....අරං දෙන්නකො යුගාන් ඒවැයින් එකක්"

"සල්ලි දියං"

"සල්ලි තියේනම් ඔයාගෙන් ඉල්ලන්නෑනෙ අනේ මම....මම පර්ස් එක ගෙදර දාලා ඇවිත්"

"ඇත්තමයි උබෙන්නම් තියෙන්නෙ එසේ මෙසේ වදයක් නෙවේ මට"

තෙවින් දිහා බලලා ගැස්සුව දිවාෂ පාරෙ එහා පැත්තට පැනලා නිල්පාට බොම්බයි මොටයි පැකට් එකක් අරං ඇවිත් තෙවින්ට දෙද්දි දිවාෂ දිහා බලලා දත් තිස් දෙකම එලියට දැම්ම තෙවින් ඒක කන්න ගත්තා.ඒ ගමන්ම දිවාෂගෙ කටටත් බොම්බයි මොටයි ටිකක් එබුව තෙවින් ආයෙමත් ගහ පිටිපස්සෙ හැංගුනේ දිවාෂට අතින් පාර එහා පැත්ත පෙන්නලා.

"ඕෂිණීයි එදා හිටිය කෙල්ලයි?"

තමන්ටම මුමුණගත්තු දිවාෂ බෑග් එකෙන් මුඛ ආවරණ දෙකක් අරං එකක් තමන්ගෙ මූණට දාගෙන අනික ගහ පිටිපස්සට වෙලා බොම්බයි මොටයි කන තෙවින්ට දික් කරල තමන්ගෙ තොප්පිය දාගත්තා.කොරෝනා සමය ඉවර වෙලා තිබ්බත් හුගක් ලමයින්ගෙ බෑග් වල මාස්ක් එක කියන දේ හුගක් දුරට තවමත් රැදිලා තිබ්බා.දිවාෂ දික් කෙරුව මුඛ ආවරණය අතට ගත්තු තෙවින් මූණත් බෙරි කරගෙන දිවාෂ දිහා බැලුවෙ අනුකම්පාව ගන්න වගේ.

"අනේ මේක දාන් සීනි පුළුන් කන්න බෑනෙ යුගාන්"

"කොහොමහරි කාපිය"

මුඛ ආවරණෙ දාගෙන ඒක නහය ලගට වෙනකං උස්සගත්තු තෙවින් තමන්ගෙ තොප්පියත් දාන් කට නිරාවරණය කරං බොම්බයි මොටයි එක කන්න ගත්තා.තෙවින් දිහා බලලා සංසාරෙ එපා වුණා වගේ අහක බලාගත්තු දිවාෂ ආපහු පාරක් සාමාන්‍ය විදියට හිටියෙ ඕෂිණීලා ඒ හරියට ඇවිදන් එන බව දැක්ක නිසා.හෙමින් සැරේ තෙවින් හිටිය ගහටම හේත්තුවක් දාගත්‍තු දිවාෂ පාර දිහා බලාගෙන ඉන්නවා වගේ බලන් හිටියෙ ඕෂිණීලා බස් නැවතුමට ඇවිත් හිටගත්තු නිසා.

"වෙලාව පහු වෙලානෙ ඕෂි...... අද නැද්ද දන්නෑ ආශු?"

"ආශව එනවනම් ඇවිල්ලා නේද මේ වෙද්දි? අද එයා ස්කූල් ආවෙ නැද්ද දන්නෑ?"

"අනේ මංදා ඕෂි.....ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඒ ස්කූල් එකේ නේද? පොඩ්ඩක් හොයලා බලන්නකො අනේ ආශු එනවද නැද්ද කියලා"

"කවුද? තෙව්ද? එයා මාත් එක්ක හරියට කතාවත් කරන්නෑ දිවී..... ඉන්ස්ට එකෙන් විතරයි මට මැසේජ් කරන්නත් පුළුවන්.....නම්බර් එකක්වත් නෑ මගෙ ලග"

"කා එක පාර අයිනෙ පාක් කරලා ආවෙත්...."

"අද ආශව නැ වගේ දිවී....අපි යං, ආයෙ හෙට එමු"

"හෙට විතරයි තියෙන්නෙ මට.....අපි ආයෙ කලම්බු යන්න ඕනිනෙ....ඔයත් පොඩ්ඩක් ආයෙ ඔයාගෙ තෙව් එක්ක චැට් එකක් දාගන්න බලන්න.....දන්නවද? කැන්ඩි ටවුන් එකේ තියෙන ශොපින් මෝල් එක ඔයාගෙ තෙව්ගෙලු"

"ම්ම්ම්.....මම දන්නවා ඒවා....යං එහෙනම්"

ඕෂිණීගෙ වගේම දිවී කියලා කතා කෙරුව ගෑනු ලමයගෙ කටහඩවල් වල තිබ්බ මහ අමුතු ලෝභකම ගැන දිවාෂට හොදට තේරුනා.ඒ අස්සෙ ඕෂිණී තෙවින් ගැන කිව්ව දේවල් එක්ක තමන්ගෙ හිතට ලොකු කේන්තියක් එන්නෙ ඇයි කියන එක දිවාෂට තේරුනේ නෑ.එහෙමත් නැත්තං දිවාෂ ඒක තේරෙන්නෙ නෑ කියන එක තමන්ගෙ හිතට ඒත්තු ගන්නන්න උත්සාහ කලා.කොහොම නමුත් අත ලගම ලොකු කරදරයක් වෙන්න යනවා කියන එක තේරුම් ගත්තු දිවාෂ තෙවින්ට කතා කරන්න තෙවින් දිහා බලද්දි දිවාෂ දැක්කෙ කට වටේට බොම්බයි මොටයි අලෝගෙන කන තෙවින්ව.

"උබ!!!!!"

"ආව්වා යුගාන් ගහන්නෙ ඇයි? දෙනවා හැබැයි වෙලාවක උබට උණ ගැනෙන්නම දෙක තුනක්!"

"උබට ඇහුනද උබේ ගෑනියි,ගෑනිගෙ යාලුවයි කතා වුණු දේවල්?"

"ඇහුනා ඇහුනා.....ඔය ඕෂිණීනම් හෙනම බෝම්බයක් ඈ"

"ආශු කියලා අරකි කිව්වෙ ආසවයා ගැන වෙන්න බැයිද?"

"ඌ ගැන තමා...එදත් ඌව බලන්නනෙ ඇවිත් තිබ්බෙ"

"උබ දන්නෙ කොහොමද?"

"උබට මොලයක් නෑ කියලා මම මැරෙන්නද යුගාන්? එදා ආශවයගෙ ඉස්සරහ අර හෙන රංගනයක් දුන්නෙ....ඒක ඕනිම මෝඩයෙක්ට තේරෙනවා"

"දැන් උබ කියන්නෙ මම මෝඩයෙක් කියලද තෙවින්!!!"

"අප්පෝ නෑ....යුගාන්ට මොලේ තියෙනවා හුගක්....."

"අනේ පලයං යන්න උබ....ආයෙ එන්න එපා හැඥේ යුගාන් කියාගෙන"

තෙවින්ගෙ ඔලුවටම පාරක් දුන්නු දිවාෂ බස් නැවතුම ඉදිරිපිට නැවැත්තුව බස් රථයට ගොඩ වෙද්දි අන්තිම බොම්බයි මොටයි කෑල්ලත් කටේ ඔබාගත්තු තෙවිනුත් දිවාෂ එක්කම බස් එකට නැග්ගා.බස් එකේ සෙනග ඒ වෙලාවෙත් යම් තාක් දුරකට හිටිය නිසා තෙවින් දිවාෂගෙ බෑගයෙන් අල්ලගත්තෙ දිවාෂ එහෙට මෙහෙට වැනෙන්න ගත්තු නිසා.ඒත් එක්කම බස් එකේ කොන්දොස්තර "දැන් නැග්ග අය ඉස්සරහට යන්න" කියලා  කෑ ගහන්න ගනිද්දි දිවාෂ රවලා ඒ මනුස්සයා දිහා බලලා තෙවින් දිහා බලලා සෙනග අස්සෙන් ඉස්සරහට යන්න ගත්තා.

"යුගාන්....ඉස්සරහට යන්නෙ ඇයි? මෙතනින් අල්ලන් ඉමු"

"ඇහුනෙ නැද්ද කෑ ගහනව අරූ දැන් නැග්ග අය ඉස්සරහට යන්න කියලා?"

"ඉතින්?"

"ඉතින් මට මේ නැගලා ඉන්නෙ තෙවින්! ඒකයි මම ඉස්සරහට යන්නෙ"

.

.

.

.

.

"ආශව! ඔයා දැන් ඔයාගෙ ප්ලේස් එකට ෆෝකස් කරන්න විතරයි ඕනි.....ඕපන් ගහනවට වඩා මෙතන තියෙන වගකීම වෙනස්"

"යෙස් කෝච්!"

"ඔයා ඉන්නෙ ටීම් එකක් ගොඩ දාන ප්ලේස් එකේ....ඔයාට වෙනවා කොහොමහරි ඔයාගෙ ප්ලේස් එක රැකගෙන, විකට්ස් නොදී ප්ලේ කරන්න.....මම හිතන්නෙ ආශව තමා ඒකට හොදම කෙනා"

"තෑන්ක් යූ කෝච්"

"ඕකේ.....ආයෙ පටන් ගන්න....මහීල්! බෝල් කරන්න"

ආශව ආයෙමත් පන්දුවට පහර දෙන්න පටන් ගනිද්දි පැවීලියන් එකේ පඩියක් උඩ ඉදගෙන ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිය ලිය උන්නු නේත්‍ර ආශව දිහා බලලා හිනා වෙලා ආයෙමත් තමන්ගෙ වැඩේ කරන්න පටන් ගත්තා.කකුල් දෙක එකට උණ්ඩි කරගෙන ඔලුවත් නවාගෙන වැඩ කරන නේත්‍ර දිහා දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ බලන් උන්නු තව ඇස් දෙකක් හෙමීට පැවීලියන් එක පැත්තට ඇවිදන් එන්න ගත්තෙ තමන්ගෙ බෑගයෙන් වතුර බෝතලය ගන්න යන මුවාවෙන්.

"ආ චූටි බබා....."

තමන් ලගින්ම ඇහෙන රධීන්ගෙ කටහඩ නිසා නේත්‍ර ගැස්සිල ගියත් ආශව තමන්ව පේන මානෙක උන්නු නිසා නේත්‍ර කලබල වෙන්න ගියේ නෑ.රධීන් කතා කරපු බව නෑහුනා වගේ කර කර හිටිය වැඩේ තමන්ගෙ පාඩුවෙ කරන්න ගත්තු නේත්‍රට දැනුනා රධීන් තමන්ට ටිකක් එහාට වෙන්න ඉදගන්න බව.

"චූටි බබාගෙ හරි ගණන් නේද?"

"..................."

"චූටි බබාව කතා කරවන හැටිත් මේ අයියා දන්නවා හොදද?"

"...................."

"චූටි බබා ඔච්චර ගණන් උස්සන්නෙ අර මහ ලොකු ආශව නිසාද?"

"..................."

"ඇත්තටම ආශව ඔයාගෙ අයියමද චූටි බබා? මට නම් හරි සැකයි ඔය දෙන්නා ගැන"

"..................."

"චූටි බබා..... චූටි බබා හදන්නෙම මේ අයියව නරක් කරගන්නනෙ? ටිකක් කතා කලාම උත්තර දෙන්න බැරි තරමටම චූටි බබා හරි ලොක්කෙක්ද?"

".................."

"අර පොඩි කාලෙ චූටි බබාව මම තුරුල් කරගත්තෙ...... ඒක මට තාම මතක් වෙනවනෙ අනේ... මම හිතන්නෙ චූටි බබාව දැන් තුරුල් කරගත්තොත් ඊටත් වඩා දැනෙයි මට"

"................."

"ඔයා ඔහොම ලොකු සීන් එක දාන් ඉන්නකො තව ටික දවසක් යනකං.......චූටි බබාව මේ අයියා ලගදිම අල්ලගන්නම්කො......චූටි බබාගෙ හැඩ දකිද්දි අපෙත් ඇගවල් වලත් එක එක වෙනස්කම් වෙනවා"

රධීන් කියන කතාවල තේරුම ලොකුවට නොතේරුනාට ඒ කටහඩේ වගේම හැසිරීමෙ තියෙන අප්‍රියජනක බව නිසා නේත්‍ර පොතත් අරගෙන එතනින් නැගිට්ටෙ පහලට බහින්න හිතාගෙන.ඒත් එක්කම මූණට හිනාවක් නගාගත්තු නේත්‍ර හිටිය තැනම නැවතුනේ තමන් දිහාවට ඇවිදන් එන ආශව නිසා.

"ආශවත් මෙච්චර චූටි බබාගෙ පස්සෙන් වැටෙන්න හේතුව මට හරි ප්‍රශ්නයක්......චූටි බබා හැඩ නිසා ආශවගෙත්..... "

"මොකද්ද රධීන් උබ කියන්නෙ!!!"

"සුදුබේබි......."

ආශව අඩියට දෙකට පඩිපෙල නැගගෙන එන්න හැදුවත් නේත්‍ර ආශවව නැවැත්තුවා.ආශවගෙ ගිනි ගන්න ඇස් දෙක ආශව දිහා බලන් ඉන්න රධීන් ලගට වැටිලා තිබ්බත් රධීන් හිතට ශක්තිය අරං කට කොනකට හිනාවක් නග්ගවගෙන තිබ්බා.නේත්‍රගෙ පුංචි අතක් ආශවගෙ දාඩිය පිරිලා තිබ්බ බාහුවක තදින් රැදිලා තිබ්බෙ ආශවව සන්සුන් කරවන්න වගේ.නේත්‍ර දිහා බලලා ලොකු හුස්මක් පහල දැම්ම ආශව එතන පඩියකින් ඉදගනිද්දි ඊට පඩි දෙක තුනකට උඩින් තිබ්බ තමන්ගෙ බෑගයෙන් වතුර බෝතලේ ගත්තු නේත්‍ර ආශවට ඒක දෙන ගමන් ලගින් ඉදගත්තා.

"චූටි බබා එහෙනම් අපි පස්සෙ හම්බෙමු"

"රධීන්!!!"

ආශව ලගින් පඩිපෙල බහින්න ගිය රධීන් ආශවව අවුස්සන්න කටහඩ බාල කරලා නේත්‍රට කතා කරද්දි ආශව කෑ ගහගෙනම පඩිපෙලින් නැගිටලා රධීන්ගෙ සුදුපැහැ අත් දිග පුහුණු කමිසෙ කොලරයෙන් අල්ලගත්තා.නේත්‍ර ආශවව අල්ලගන්න හැදුවත් ආශව නේත්‍ර දිහා බැලුව තද බැල්මෙන් ආශවව තේරුම් ගත්තු නේත්‍ර එතනම නතර වුණේ දැන් ආශවව සන්සුන් කරන්න තමන්ටත් අමාරු බව තේරුම් අරගෙන.රධීන්ගෙ ඇස් දෙක දිහා කෙලින්ම බැලුව ආශව රධීන්ගෙ කමිසෙ ග්‍රහණෙ තවත් වැඩි කලා.

"චූටි බබාටනෙ හම්බෙමු කිව්වෙ ආශව.....ඇයි මේ ලොකු බබාට කේන්ති ගිහින්?"

"උබ!!! උබ අවුරුදු ගාණකට කලින් කරගත්තු වැරැද්ද ආයෙමත් කරන්න ලෑස්ති වෙන්න එපා රධීන්! එදා හිටිය උබ වගේම එදා හිටිය මමත් දැන් ඊට වැඩියෙ ලොකුයි! උබේ අතින් වෙන්න පුළුවන් වරද වගේම මගෙ අතින් උබට වෙන්න තියෙන හානියත් වැඩියි රධීන්!"

"උබ මට තර්ජනය කරනවද ආශව?"

"නේත්‍ර සම්බන්ධ දේවල් වලදි මම කාටවත්ම තර්ජනය කරන්නෑ රධීන්! මොකද නේත්‍ර කැමති නෑ මම දාමරිකයෙක් වගේ හැසිරෙනවට....මම මුලින් එක පාරක් කියනවා....එතනින් එහාට වෙන දේට වගකීම මමවත් භාරගන්නෙ නෑ"

"ඇත්තටම නේත්‍ර උබේ කවුද ආශව? මෙච්චර උබ නැහෙන්න තරම්?"

"උබ කැමති විදියකට හිතාගනින් රධීන්! මම උබට උත්තර දෙන්න බැදිලා නෑ!"

"මම උබට බය නෑ ආශව! මට ඕනි දේ මම කරලයි පස්ස බලන්නෙ"

"උබට ඕනි දෙයක් කරන්න පුළුවන්.....හැබැයි නේත්‍රට අතක්වත් තියන්න බෑ"

"මම අත තිබ්බොත්?"

"උබ ඒ අතින් වැඩ කරන අන්තිම දවස ඒක වෙයි! මම දිවුරනවා"

"අපි බලමු!"

"බලන්න දෙයක් නැ මිනිහො! මම කිව්ව දේ මම කරනවා.එච්චරයි!

ආශව රධීන්ගෙ කමිස කොලරය අතෑරලා දාද්දි ආශවගෙ පිට්පස්සට වෙලා උන්නු නේත්‍ර දිහා බලලා ඇහැක් ගැහුව රධීන් පිට්ටනියට බැහැලා ගියා.ආශවගෙ අතේ සුලැගිල්ලෙන් අල්ලගත්තු නේත්‍ර සුලැගිල්ල හෙමින් මිරිකද්දි ලොකු හුස්මක් පහල දැම්ම ආශව නේත්‍රගෙ අතේ තමන්ගෙ ඇගිල්ල පැටලිලා තියෙද්දිම පඩියකින් ඉදගත්තා.තවමත් අත ඉස්සිලා නේත්‍ර ලගට දික් වෙලා තියෙද්දි නේත්‍රත් දඩි බිඩි ගාලා ආශව ලගින් ඉදගත්තා.

"වතුර බොන්න සුදුබේබි"

"එපා!"

"වතුර නොබිව්වොත් සුදුබේබිගෙ දිව ගිලෙයි"

"ඉතින්?"

"දිව ගිලුනම සුදුබේබිට කතා කරන්න බැරි වෙයි"

"ඉතින් මොකද?"

"එතකොට නේත්‍රට කතා කරන්න කෙනෙක් නෑනෙ සුදුබේබි...."

"මටනෙ බැරි වෙන්නෙ!!!"

"නේත්‍ර අඩද්දි සනසන්න කෙනෙකුත් නෑ.....නේත්‍රට කාරුහරි බනිද්දි බේරගන්න කෙනෙකුත් නෑ......නේත්‍රට විහිලු කරන්න කෙනෙකුත් නෑ....නේත්‍රට ආදරෙන් කතා කරන්න කෙනෙකුත් නෑ"

"මම ඉන්නෙ!"

"සුදුබේබි උන්නට දිව නෑනෙ"

"උබ හරි කපටියි මගෙ නේත්‍ර....."

කේන්තියෙන් කතා කෙරුව ආශවට අන්තිමට නේත්‍ර නිසා හිනා වෙන්න වුණා.නේත්‍ර ලස්සනට හිනා වෙලා වතුර බෝතලේ දික් කරද්දි නේත්‍රගෙ කොණ්ඩෙ අවුල් කෙරුව ආශව වතුර බොන්න ගත්තා.දැනටමත් රෑ හතත් පහු වෙලා තිබුණු නිසා ක්‍රීඩාංගනේ වටේ තිබ්බ විදුළි පහනක ආලෝකෙ විතරක් ඒ හරියට් වැටිලා තිබ්බා.පැවීලියන් එකේ බල්බ දල්වන්න අවසර නොලැබිලා තිබ්බත් ආශවලගෙ ක්‍රිකට් පුහුණුකරු නේත්‍ර හිටිය බව දැක්ක නිසාන ඒ හරියෙ තිබ්බ විදුළි පහනක් දල්වලා තිබ්බා.

"සුදුබේබිට දාඩිය දාල හොදටෝම"

"ඔව් නේත්‍ර....."

"ඉන්නකෝ...."

තමන්ගෙ සාක්කුවෙන් ගැටපිච්ච සුවද හමන ලේන්සුව අතට ගත්තු නේත්‍ර ආශවගෙ මූණෙ දාඩිය හෙමිහිට පිහිදන්න ගද්දි ආශව නේත්‍ර දිහා හරි ආදරෙන් බලන් හිටියා.විදුලි පහන් ආලෝකේ මූණට වැටිලා තිබ්බ නේත්‍රගෙ ලස්සන මූණ රත්තරං පාටින් බබලද්දි ආශව හෙමීට නේත්‍රගෙ කම්මුලක් අතගෑවා.ආශව දිහා බලලා පිට්ටනියෙ පුහුණු වෙන ලමයිව පෙන්නුව නේත්‍ර ආශවගෙ අත තමන්ගෙ මූණෙන් අරගෙන ආශවට යන්න කියලා සන් කලා.

"එලවන්න හදන්න එපා අනේ....මම තව ටික වෙලාවක් ඉන්නම්කො නේත්‍ර"

"ම්හ් ම්හ්....සුදුබේබි දැන්මම යන්නෝනි"

"ඒ මොකෝ ඒ?"

"ඔන්න ඔය බැල්මෙන් බලන් ඉදල තමා සුදුබේබි හිටි ගමන් මගෙ තොල් වලට බර වෙන්නෙ.....මෙතනදි එහෙම උනොත් ඉවරයිනෙ සුදුබේබි"

"මම යන්නම් එහෙනම්.....තව පැය බාගයක් වගේ ප්‍රැක්ටිස් තියේවි.....නේත්‍ර ග්‍රවුන්ඩ් එක ඇතුලෙන් ගිහින් ඉදගමු....මෙතන දැන් හිටියා ඇති....පිටිපස්ස හරිය අදුරුයි නේත්‍ර...මුකුත් පේන්නෙවත් නෑනෙ....යං"

නේත්‍රවත් ඉස්සර කරගෙන පිට්ටනියට ඇතුල් වුණු ආශව ගැස්සිලා ගියේ පුහුණුකරු තමන් දිහා බලන් හිටිය විමසිලිමත් බැල්ම නිසා.නේත්‍ර එක්ක ලස්සනට හිනාවුණු පුහුණුකරු ආශවට එන්න කියලා කියද්දි නේත්‍රට ඉදගන්න තැනක් පෙන්නුව ආශව හිස් ආවරණෙත් පැලදගෙන පිට්ටනිය ඇතුලට දුවලා ගියා.ඔය විදියට කාලෙ ගත වෙලා යද්දි පුහුණුවේ අවසන් වේලාවට ලගා වෙන ගමන් තිබ්බා.ඒත් එක්කම හැමෝගෙම අවධානෙ යොමු වුණේ පිට්ටනිය ආසන්නයෙන්ම නැවැත්තුව වාහනයක් දිහාවට.

"නිමේත්, ප්‍රශ්න අහන්නෙ නැතුව නේත්‍රව කවර් වෙන්න ඒ හරියට ගිහින් හිටගනින්කො"

කඩුල්ල රකින්න පුහුණු වෙන ගමන් උන්නු නිමේත් දිහාවට හැරුණු ආශව කියද්දි ප්‍රශ්න මුකුත්ම නෑහුව නිමේත් නේත්‍ර හිටිය පැත්තට දුවගෙන ගියෙත්,පුහුණුකරු ආශවට මොකක් හරි කියන්න කට ඇරියෙත්,කවුරුහරි මනුස්සයෙක් වාහනෙන් එලියට බැස්සෙත් එකම වෙලාවට.නිමේත් දුවන පැත්ත දිහා බලපු පුහුණුකරු ආශව බලන් ඉන්න පැත්ත දිහා බලද්දි තමන් ඉන්න පැත්තට හිනා වීගෙන ඇවිදන් එන දේහදාරී කඩවසම් මනුස්සයගෙ රූපෙ අදුනගන්න පුහුණුකරුට ගියේ තත්පර දෙකක් වගේ කාලයක්.

"සාගර මහත්තයා...."

"ඉතින් කෝච් සර්, කොහොමද? ප්‍රැක්ටිස් ඉවරද?"

"තව ටික වෙලාවයි සාගර මහත්තයා....."

"හොදයි...මම වාහනේට වෙලා ඉන්නම්...සුදුපුතාට අද මාත් එක්කම යන්න පුළුවන්"

ආශවගෙ පිටට තට්ටුවක් දැම්ම මහ මුදියන්සෙ එතනින් පිටත් වෙද්දි ආශවගෙ ඇස් දෙක ගියේ නිමේත්ගෙ කකුලක් අස්සෙන් ඔලු ගෙඩියෙ බාගයක් දාන් මහ මුදියන්සෙ දිහා බලන් ඉන්න නේත්‍ර ලගට.ඒ අහිංසක පුංචි එකා පැය ගාණක් තිස්සෙ තමන් එනකං මෙතනට වෙලා හිටියට අප්පච්චි නිසා නේත්‍රව අද තමන් එක්ක ගෙදර එක්කන් යන්න වෙන්නෙ නෑ කියන දේ ආශවගෙ පපුව හූරලාම දැම්මා.මේ රෑ නේත්‍රව කොහොමත් ඉස්කෝලෙ ලග බස් නැවතුමේ තියන්නත් ආශවට පුළුවන්කමක් තිබ්බෙ නෑ.එකක් ආරක්ෂාව මදිකම.අනික නේත්‍ර එහෙම තනියම ඉදලා හුරු කෙනෙකුත් නොවීම.ඒ හැමදේටම වඩා ඒ පුංචි එකා ගැන ආශවගෙ හිතේ තිබ්බ ආදරේ.

"කෝච්,වන් මිනිට්...."

කොහොමත් ආශව "ප්ලීස්" කියන වචනෙ ලේසියකින් පාවිච්චි කරන මිනිහෙක් නොවන නිසා පුහුණුකරු ආශව දිහා බලලා ඔලුව වැනුවා.පුහුණු වෙන තැන ලගම තිබ්බ තමන්ගෙ බෑගයෙන් දුරකතනෙ අතට ගත්තු ආදව කොණ්ඩෙ එකාතකින් ඇදගෙන ඒ ලගම තියෙන ගහක හෙවනැල්ලක් පිටිපස්සට යන හැටි බලන් උන්නු පුහුණුකරු අනික් ලමයි ටිකටත් සුළු විවේකයක් දුන්නෙ සාගර මුදියන්සෙගෙ ඇහැට ආශවව විශේෂයෙන් අහු වෙයි කියන සැකයට.ගහ පිටිපස්සෙ හෙවනැල්ලෙ හැංගුණු ආශව තමන් අරගෙන ආව දුරකථනෙ අතර අරං මේ වෙලාවෙ තමන් කතා කරන්න සුදුසුමයි කියලා හිතුනු කෙනාට ඇමතුමක් ගත්තා.

"අයියෝ.....හයි කියෝ අක්කා මට උම්මා එකක් දෙන්න යද්දිමනෙ ආසව උබර් කෝල් කලේ"

"ද්....දිවාස....මට උදව්වක් ඕනි.....ප්ලීස්....."

"ආසව.....මොකද්ද උනේ? උබ අමුතුවට කතා කරන්නෙ ඇයි?"

"නේත්‍ර....."

"ඇයි? නේත්‍රට මොකක් හරි වෙලාද? ආසව කතා කරපං! පොඩි එකා ඔතන නේද?"

"නේත්‍රට මුකුත් වෙලා නෑ දිවාස! මම කියන දේ අහපං"

"ඕ....කියන්න"

"නේත්‍ර මම එක්ක ගෙදර ඉන්නනෙ නැවතුනේ.... ඒත් දැන් මෙතෙන්ට අප්පච්චි ඇවිල්ලා.....දිවාස,අප්පච්චි එක්ක මට යන්න වෙනවා...අද දෙවිනුත් නෑනෙ දිවාස....මට නේත්‍රව දාලා මෙතන....."

"ප්‍රැක්ටිස් ඉවරද?"

"නෑ....විනාඩි දහයකින් වගේ ඉවර වෙයි"

"පැය බාගයක් ඇදගන්න බලපං ආසව කොහොමහරි..... මම එන්නම්"

"උබට අනිවාර්යයෙන්ම පුලුවන්ද?"

"මගෙ කතා දෙකක් නෑ කියලා තවුසෙ දන්නවනෙ....පැය බාගයක් පොඩි එකාව තනි නොකර ඉදපං....මම එන්නම්"

"හරි දිවාස"

"හරි"

"දිවාස......"

"කියපං....ඇයි?"

"තෑන්ක් යූ දිවාෂ...."

"නේත්‍ර වෙනුවෙන් ඕනිම දෙයක්...... උබ බය නැතුව ඉදපංකො.... මම එන්නම්"

ආශව දුරකතනෙ සාක්කුවට දාගන්න ගමන් පුහුණුකරු ලගට ඇවිදන් යද්දි පුහුණුකරු ආශව දිහා බලන් හිටියෙ ඇස් දෙක හීනි කරගෙන.පුහුණුකරු ලගට ඇවිත් කෙලින් හිටගත්තු ආශවගෙ ඇස් වල වෙනදා නොතිබ්බ ආයාචනාත්මක බැල්මක් පුහුණුකරු දැක්කත් පුහුණුකරු ඒ දේ එහෙම්මම අමතක කරලා දැම්මා.ආශව කවද්ද ඉල්ලීම් කලේ? හැමෝටම අණ කලා මිසක්!

"කෝච්...."

"කියන්න ආශව"

"කෝච්,තව තර්ටි මිනිට්ස් වගේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙයිද?"

"දැනටමත් අටට කිට්ටුයි ආශව.....තවත් කොහොමද?'

"කෝච්.....ප්ලීස්....."

"ආශව?"

"නේත්‍රව මෙතන තනියම දාලා යන්න බෑ කෝච්......එයාගෙ යාලුවා එනකං ඉන්න පුළුවන් මට ප්‍රැක්ටිස් තිබ්බොත් විතරයි....කෝච් ප්ලීස්....."

"ආශව! ඔහොම දුර්වල වෙන්න එපා....ඒක තමුන්ට ගැලපෙන්නෙ නෑ"

"කෝච්.....තර්ටි මිනිට්ස් ඔන්ලි"

"හ්ම්ම්ම්....මම හිතනවා මන්ඩේ උදේට ආශවටයි මටයි කතා කරන්න දෙයක් තියෙයි කියලා"

"ඕකේ කෝච්"

"බෝයිස්! ආයෙ මන්ඩේ වෙනකං ප්‍රැක්ටිස් කරන්න වෙන්නෙ නැති නිසා අපි තව ට්වෙන්ටි මිනිට්ස් වගේ ප්‍රැක්ටිස් කරමුද? උපරිම තර්ටි මිනිට්ස්"

කොල්ලො ටික කන් කෙදිරි ගෑවත් කෝච්ගෙ වචනෙ හමුවෙ කට්ටියම ආයෙ පුහුණුවීම් පටන් ගත්තා.නේත්‍ර ඉන්න හරියට උනත් ක්‍රීඩාංගණේ විදුලි ආලෝකෙ වැටිලා තිබ්බත් මහ මුදියන්සෙව දැක්ක ගමන් නේත්‍රත් ඒ ලග පාත තිබ්බ ගහකට මුවාවෙලා හිටියා.නිමේත් උනත් දැන් පුහුණුවීම් වලට ඇවිත් තිබ්බ නිසා නේත්‍රට හැංගෙන්න තැනක් වුවමනා වුනා.කොහොමත් ඒ පුංචි සිරුර හංගගන්න ගහක කදක් හොදටම ප්‍රමාණවත් වෙද්දි නේත්‍ර ඒකෙන් උපරිම ප්‍රයෝජනේ අරං තිබ්බා.

හරියටම විනාඩි විස්සක් විසිපහක් වගේ ගත වෙද්දි ආශවගෙ සාක්කුවෙ තිබ්බ දුරකථනෙ දෙදරුම් කන්න පටන් ගනිද්දි ආශවගෙ හිතට ලොකු සැනසීමක් දැනුනා.හරියටම පැය බාගයක් ගත වෙද්දි පුහුණුවීම් නතර කරද්දි කොල්ලො ටික යන්න ලෑස්ති වෙන්න දගලන අතරෙ ආශව හැමෝගෙම ඇහැට වැලි ගහලා නිමේත්වත් ඇදගෙන නේත්‍ර හිටිය තැනට දුවගෙන ගියා.

"නේත්‍ර......"

"සුදුබේබි.....සුදුබේබි යන්න....මම නිමේත්ලා එක්ක බස් හෝල්ට් එකට ගිහින් බස් එකක ගෙදර යන්නම්....තවම බස් තියේනෙ සුදුබේබි"

"නේත්‍ර!"

ආශවගෙ කටහඩ එක්ක නේත්‍ර වගේම නිමේතුත් ගැස්සිලා යද්දි ලොකු හුස්මක් පහල දැම්ම ආශව නේත්‍රට කතා කරන්න ගත්තා.

"ඔයාව මම එහෙම වගකීමක් නැතුව දාලා යයි කියලා හිතුවද නේත්‍ර?"

"එ...එහෙම නෙවේ සුදුබේබි..... මහ මුදියන්සෙ එක පාරටම ආව නිසා....."

"දිවාෂ ඇවිල්ලා ඇත්තෙ නේත්‍ර ඔතන පාර ලගට.....නිමේත්,ඔයාට පුළුවන් ද නේත්‍රව එතනට එක්කගෙන යන්න? මේ ගේට් එකෙන් යන්න....කාටවත් පේන්නෙ නෑ එතකොට"

"සුදුබේබි....."

"මම රෑට හරි ඔයා ලගට එන්නම් නේත්‍ර.....බලන් ඉන්න"

"සුදුබේබි පරෙස්සමට ගෙදර එන්න"

"නේත්‍රත් පරිස්සමින් එන්න.....දිවාස ඇති"

නේත්‍රගෙ පුංචි අතක් අල්ලලා තද කල ආශව එතනින් පිට වෙද්දි බෑග් එක කරේ එල්ලගත්තු නේත්‍ර නිමේත්ගෙ පස්සෙන් ඇවිදගෙන යන්න ගත්තෙ පිටි පස්ස හැරි හැරී ආශව දිහා බලන ගමන්.නේත්‍රව ඉස්සර කරගත්තු නිමේත් වචනයක්වත් කතා නොකර ඇවිදන් ගියේ කතා කරන්න ඕනි මොනාද කියලා නිමේත්ටවත් නොතේරුනු නිසා.සහෝදරකමකට එහා ගිය දෙයක් ආශව නේත්‍ර දෙන්නා අතරෙ තියෙන බව නිමේත්ට තේරුනත් නිමේත් ඒ ගැන හාර අවුස්සන්න ගියේ නැහැ.

"අර කා එක ලග ඉන්නෙ දිවාෂ නේද නේත්‍ර?"

"ඔව් නිමේත්....මම යන්නම් එහෙනම්"

"හරි නේත්‍ර පරිස්සමින්...."

"න්...නිමේත් මේ......"

"නෑ නෑ....මම මුකුත්ම මේ ගැන අහන්නෙත් නෑ, හොයන්නෙත් නෑ,කාටවත් කියන්නෙත් නෑ....නේත්‍ර ඒ ගැන සැකයක් තියාගන්න එපා"

"ගුඩ් නයිට් නිමේත්,පරිස්සමින් යන්න"

"ගුඩ් නයිට් නේත්‍ර,ඔයාලත් පරිස්සමින්"

නිමේත්ට අත වැනුව නේත්‍ර දිවාෂ ලගට දුවගෙන එද්දි කාරයේ දොරට හේත්තු වෙලා හිටිය දිවාෂ අත් දෙකත් දෙපැත්තට කරගත්තෙ එතන ලොකු ප්‍රේම ජවනිකාවත් ඇති කරවන්න වගේ.ඒත් එක්කම දිවාෂ පිට තියං හිටිය දොරේ ජනේලේ ඇරෙද්දි වාහනේ ඇතුලෙන් කටහඩක් එලියට ගලාගෙන ආවා.

"ඔතන රගන්නැතුව ඉදපං යුගාන්....ඉක්මනට ගෙදර යමු....උබ මම වොශෲම් එකේ ඉද්දි තමා කෝල් කලේ"

දිවාෂ ජනේලෙන් මැදැගිල්ල තෙවින්ට පෙන්නන ගමන් ලගට දුවං ආව නේත්‍රව තත්පර ගාණකට තුරුල් කරගත්තෙ නේත්‍ර දැන් ඉන්න තත්වෙ දිවාෂ දැනග්න හිටිය නිසා.නේත්‍රව ටික වෙලාවකින් ඈත් කෙරුව දිවාෂ නේත්‍රගෙ බෑග් එක තමන්ගෙ අතට අරං පිටිපස්සෙ දොර ඇරියා.බෑග් එක පිටිපස්සෙ ආසනෙන් තිබ්බ දිවාෂ නේත්‍රවත් එතනට නග්ගවලා ඉස්සරහ ආසනෙන් ඉදගත්තෙ නැත්තං තෙවින් නින්ද යනවා කියලා බොරු ගොඩක් ගෙතුව නිසා.

"යමං......"

දිවාෂ කියද්දි තෙවින් හෙමීට වාහනේ ඉදිරියට ගත්තා.ඒත් එක්කම ලොකු වාහනයක් තමන්ව පහු කරගෙන යනවා දැනුනු කොල්ලො ටික ඒ පැත්ත බලද්දි ඒ ඉස්සරහට ඇදුනෙ මුදියන්සෙගෙ වාහනේ කියන එක අදුනගන්න කාටවත් අමාරු වුණේ නැහැ.වාහනේ හෙමීට ඉස්සරහට යද්දි ඇතුලෙ තිබ්බෙ දැඩි නිහඩ බවක්.ඉස්සරහ කන්නාඩියෙන් නේත්‍ර දිහා හෙමීට බැලුව දිවාෂ වාහනේ රේඩියෝ එක ප්ලේ කලේ මේ කලබලකාරී වාතාවරණෙ ටිකක් හරි අඩු කරන්න හිතාගෙන.

"පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම් හදවතක නොවෙයි මේ.. තරම් සුසුම්.. මට කියනවාද.. මට කියනවාද බැඳි ආදරයට ඇයි.. දුන්නේ රිදුම්..

මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළා ගෙන සැනසිල්ල ළඟින්.. හිනහෙන්න ගිහින් දුක හඬන හැඬුම්.. ආ.. ඔබ දන්නවා නම් නෑ.. දෙන්නේ තැවුල්..

පුදසුනක නිසල බව.........

සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස පුද දුන්නු බැතින්.. පණ ගැහෙන තරම් ලෙන්ගතු සිතකින්.. ආ.. මැන බලනවා නම් නෑ.. ඉන්නේ දුරීන්..

පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම් හදවතක නොවෙයි මේ.. තරම් සුසුම්.. මට කියනවාද.. මට කියනවාද බැඳි ආදරයට ඇයි.. දුන්නේ රීදුම්..."

ගීතය ඇහෙද්දි නේත්‍රගෙ ඇස් කොණකින් කදුළු බින්දුවක් හෙමිහිට ගලාගෙන ගියා.ජනේලෙන් එපිට පේන විදුලි කණු වලට ඇස් යොමාගෙන ගිය නේත්‍රගෙ හිත තත්පර ගාණකට අතීතෙට ඇදුනා.සුදුබේබියි තමනුයි කොච්චර නම් මේ පාර දිගේ ගිහින් තියෙනවද? කොච්චර නම් හිනා වෙලා කතා කර කර ඉදලා තියෙනවද? හීතල හුලං පාරක් විදින ගමන් තුරුල් වෙලා ගිහින් තියෙනවද? නේත්‍ර කල්පනා කරන්න ගත්තා.අද ඒ හැම දේම තත්පර කිපෙකින් වෙනස් වුණු හැටි ඒත් එක්කම නේත්‍රට මතක් වුණා.

හැමදෙයක්ම දැන් දැන් වෙනස් වෙන්න පටන් අරන්ද කියලා නේත්‍ර තමන්ගෙන්ම ප්‍රශ්න කලා.ඒත් නේත්‍ර ආශවව තමන්ටත් වඩා විශ්වාස කලා.ආශව වෙනස් නොවුනත් ආශවට වෙනස් වෙන්න වටපිටේ තියෙන සාධක බලපෑම් කරයිද කියලා නේත්‍රට බය හිතුනා.ආශව නැති තත්පරයක් ගැනවත් නේත්‍රට හිතන්නවත් පුලුවන්කමක් නොතිබෙද්දි නේත්‍රගෙ ඇහෙන් තව කදුළු බින්දුවක් වැටුනා.ඒත් එක්කම නේත්‍ර කල්පනා ලෝකෙන් ගැලවුණේ දිවාෂගෙ කටහඩ නිසා.

"අහන්නලාකො.....මට තාම හිතාගන්න බැරි ඇයි දයාන් විතාරණ සර් මේ වගේ සිංදුවක් ගැහුවෙ කියලා"

"මේ වගේ සිංදුවක් කිව්වෙ යුගාන්?"

"බල්ලෙක් ගැන සිංදුවක් ගැහුවෙ?"

"කොහෙද යකෝ ඒකෙ බල්ලෙක් ගැන තියෙන්නෙ?"

"ඇයි යකෝ කියන්නෙ පුද සුනඛ නිසල බව කියලා?.....සුනඛයා කියන්නෙ බල්ලටනෙ"

"යුගාන්!!!"

නේත්‍රගෙ මූණටත් හිනාවක් ගේන්න දිවාෂගෙ ඒ වචන වලට පුළුවන්කම ලැබෙද්දි තත්පර ගාණකට පස්සෙ ආයෙමත් නේත්‍ර ජනේලෙට ඔලුව තියාගෙන එලිය බලාගෙන හිටියා.සුදුබේබි ලග නැති අඩුව නොසෑහෙන්න නේත්‍රගෙ පුංචි හිතට දැනෙද්දි ආශවගෙ සුවද තැවරුණු තමන්ගෙ පුංචි අත නාහෙට අල්ලලා හුස්මක් උඩට ඇද්ද නේත්‍ර ඒ අත පපුව උඩින් තියාගෙන ඇස් දෙක පියාගත්තා.

"මට ඔයා නැතුව බෑ මගෙ සුදුබේබි......"

එකම නුවර අහස යට එක තැනක ආදරණීය හදවතක් ඇදුම් කද්දි, තවත් ආදරණීය හදවතක් තවත් තැනක වේදනාව එක්ක පොර බදින ගමන් හිටියා.මුදියන්සෙ වාහනේ පදවගෙන යද්දි ජනේලෙන් එලිය බලන් උන්නු ආශව තමන්ගෙ අත් අතරෙ නේත්‍ර නැති සාංකාවෙන් සෑහෙන්න පෙලෙන ගමන් හිටියා.නේත්‍ර හොදින්ද? නේත්‍ර අඩනවද? නේත්‍ර දැන් කොයි හරියෙ ඇද්ද? වගේ හුගක් ප්‍රශ්න වලින් ආශව පීඩා විදින ගමන් හිටියා.ආශවට ඕනි වුණා ඉක්මනටම නේත්‍රගෙ මූණ බලන්න.ඒ පුංචි මූණ රතු වෙනකං හාදු වලින් නාවන්න.මහ මුදියන්සෙ අද ගෙදර ඉන්න බව දැන දැනම, තමන්ට රෑට ගෙයින් එලියට බහින්න බැරි බව දැන දැනම රෑට තමන් එන්නම් කියලා නේත්‍රට පොරොන්දු වුණු එක ගැන ආශව තමන්ටම දොස් පවරගත්තා.නේත්‍රගෙ හිත රිදෙයි කියලා ආශවට බය හිතුනා.

නේත්‍රව මතක් වෙද්දි දරන්න බැරි වේදනාවකින්,පාලුවකින් හදවත පණ අදිද්දි ආශව ජනේලෙට ඔලුව තියාගෙන ඈතින් පේන ආකාහෙ දිහා බලන් හිටියා.නේත්‍රගෙ ආදරෙත් ඒ අහස වගේ අනන්තයක් කියලා ආශවට තත්පර ගාණකට හිතුනා.පාසලෙන් පිට වෙන්න කලින් නේත්‍රගෙ අතින් ඇල්ලුව තමන්ගෙ අතේ තවමත් නේත්‍රගෙ සුවද රැදිලා ඇති කියලා ආශව අනුමාන කලා.මොකද නේත්‍ර කියන්නෙ වචනෙ පරිසමාප්තියෙන්ම ගැටපිච්ච මලක්.තමන්ගෙ අත අරගෙන නාහෙ ලගට තියලා ඒ අතින් හමන නේත්‍රගෙ සුවද වින්ද ආශව අත පපුව උඩින් තියාගෙන හෙමීට වචන ටිකක් මිමිණුවා.

"උබ නැති උනොත් මම මැරෙයි මගෙ නේත්‍ර........."

...................................................................................................

වචන 4700+ අනේ😪❤️

වැඩ වැඩියි අප්‍රේල් ඉවර වෙනකංම හොදටම....පුළුවන් හැම වෙලේකම අප්ඩේට්ස් දෙන්නම් හොදේ❤️

දිවාසගෙ පොඩි කාලෙ පොටෝ එකක් හම්බුනානෙ     👉👈

නේට්ටගෙ එකකුත් හම්බුනා 🥺❤️

අදහසක් දිගෙන යන්න බබාලා කතාව හොදනම්....කම්මැලි එහෙමනම් කියන්න❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter