Back
Chapter 63

62 කොටස🤍✨

නිවාලන්න මා...

"නේත්‍ර......තවම දවල් කෑවට පස්සෙ කාලා නෑ නේද?"

"බඩගිනි නෑ දිවාෂ"

"මම කාලාත් නෑ නේත්‍ර දවල් කෑවට පස්සෙ......බඩගිනියි ඒ නිසා....තෙවින් මේ,ඔය ඉස්සරහ පාරට දාලා යමංකො ටිකක් ඉස්සරහට....රෑට රොටී තියේ ලුණුමිරිස් එක්ක"

"යං......."

තෙවින් මහ මාර්ගෙ ඔස්සෙම බෙදිලා තියෙන අතුරුපාරකට වාහෙනේ හරවද්දි නේත්‍ර ඔහේ ජනේලෙන් එපිට බලාගෙන හිටියා.නේත්‍රගෙ පුංචි හිත ඇතුලෙ තිබ්බෙනම් ලොකු පීඩනයක්.හීනයක් ඔස්සෙම වැඩ කරන සුදුබේබි දවසක එයාගෙ හීනෙට ගියොත්,ඒ හීනෙ රැදිලා ඉන්න තමන්ව බාධාවක් වෙයිද කියලා නේත්‍රට මොහොතකට හිතුනා.පිලිගත් ක්‍රීඩාවක ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන එක ක්‍රීඩකයෙක් සමාජෙන් අසම්මතයි,මානසික රෝගයක් කියලා හංවඩු ගහන සම්බන්ධෙක පැටලිලා ඉන්න එක ආශවට කොහොම බලපායිද කියලා නේත්‍රට හිතාගන්න බැරි වුණා.තමන් ඈත් වෙන එකෙන් සුදුබේබිට හොදක් වෙනවනම් මේ ලෝකෙන්ම උනත් යන්න තරම් ශක්තියක් නේත්‍රට තිබ්බත්,තමන් නැති වුණොත් සුදුබේබි තත්පරයක්වත් හොදින් ඉන්නෙ නැති බව දැනන් හිටිය නේත්‍රට කොහෙත්ම ආශවව අතාරින්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.

"වෙන්න තියෙන දේවල් ඒ ඒ වෙලාවල් වලට වෙයි නේත්‍ර.....මුහුද හත් ගව්වක් තියාන අමුඩ ගහගෙන මෙතන හූල්ලන්න එපා.....සතුටින් ඉන්න තියෙන තත්පරේ උනත් සතුටින් ඉන්න"

දිවාෂගෙ කටහඩ එක්ක මනෝ ලෝකෙන් මිදුනු නේත්‍ර දිවාෂ දිහා බැලුවා.ඉස්සරහ කණ්ණාඩියෙන් තමන් දිහා බලන් හිටිය දිවාෂ ඇසුත් හීනි කරලා හිනාවීගෙන නේත්‍රට කියද්දි තමන්ගෙ හා දත් දෙක ඉස්සරහට දැම්ම නේත්‍රත් දිවාෂ එක්ක ලස්සනට හිනා වුණා.හැමදාම වගේ සුදුබේබිට පස්සෙ තමන් එක්ක හැමදේකදිම එකට හිටිය දිවාෂ ගැන නේත්‍රගෙ හිතේ තිබ්බෙත් වචනෙන් කියන්න බැරි තරම් බැදීමක්.ආදරයක්.දිවාෂ උනත් එහෙමයි කියලා නේත්‍ර දැනන් උන්නා.

"ඉස්සරහ තැනින් නවත්තන්නද යුගාන්? එතන ඉඩ තියෙනවා හොදට"

"හා....එතනට යමන්"

වාහනේ නැවැත්තුව තෙවින් එහෙම්මම බැහැලා ඇවිල්ලා දිවාෂගෙ පැත්තෙ දොර ඇරියා.දිවාෂ බහිනකං බලන් හිටිය තෙවින් දොර වහලා අහකට වෙද්දි දිවාෂ නේත්‍රට බහින්න දොර ඇරියා.බෑ බෑ කිය කිය වාහනෙන් බැස්ස නේත්‍රව දිවාෂ බලෙන්ම ඇදගෙන ගිහින් පාර අයිනෙ තිබ්බ පොඩි අතු කඩේ පැත්තකට වෙන්න තිබුනු ලී බංකුව උඩින් ඉන්දවද්දි තෙවිනුත් එතෙන්ට ආවා.

"යුගාන් යංකෝ...."

"කොහෙද?"

"ඕඩර් එක දෙන්න අනේ....මම දන්නෑ මෙහෙම තැන්වලින් ඕඩර් කරන්න"

"ගිහින් කියපං ඕනි කෑම....එතකොට දෙයි"

"රොටී පනහක් ඇති වෙයිද යුගාන්?"

"උබ මෙතන දන්සැලක් දාන්නද හදන්නෙ තෙවින්? රොටී දහයක් වගේ ගනින්....ලොකුයි මේ තැන්වල හදන ඒවා"

"වරෙංකො යුගාන් යන්න.....මට තේරෙන්නෑ අනේ"

නේත්‍රගෙ පිටට තට්ටුවක් දැම්ම දිවාෂ තෙවින්ගෙ බෙල්ලෙන් ඇදගෙන කඩේ ඉදිරිපසට යද්දි බංකුව පිටිපස්සෙ තිබ්බ ලොකු ලුණුමිදෙල්ල ගහට හේත්තු වුණු නේත්‍ර හිස් ආකාසෙ දිහා බැලුවා.පුර පෝයක් ලග පාතකවත් නැති හන්දද කොහෙද හදත් වලාකුළු වලට හැංගිලා ගිහින්.සුදුබේබි නැති උනොත් තමන්ගෙ ජීවිතෙත් ඒ හිස් ආකාහෙ වගේ නේද කියලා නේත්‍ර කල්පනා කරන්න ගත්තා.කළුවරෙන් වැහෙන්න තිබ්බ තමන්ගෙ ජීවිතේ හද එලියක් වගේ ආලෝකෙන් පිරෙව්වෙ සුදුබේබි.නේත්‍ර තනියම හිනා වුනේ ඇස් වල කදුළුත් පුරවගෙන.

"නේත්‍ර,අපි කමු චූචියො"

නේත්‍ර ලගට ආව දිවාෂ බංකුව උඩින් රොටී පිගාන තියලා ඉදගනිද්දි තෙවින් ඒ ඉස්සරහ තිබ්බ ලී කොටේ උඩින් ඉදගත්තා.නේත්‍රගෙ අතින් රොටියක් තිබ්බ දිවාෂ, පුංචි ලුණුමිරිස් කෝප්පෙන් ඩිංගක් අරං රොටිය උඩින් තියලා දුන්නම නේත්‍ර හිනා වෙලා ඒක කන්න පටන් ගත්තා.ඒත් එක්කම තමන්ටත් රොටියක් ගත්තු දිවාෂ ලුණුමිරිස් ගාගෙන ඒක කන්න ගත්තෙ කටත් ඇරං තමන් දිහා බලන් උන්නු තෙවින්ව දැක්කෙ නෑ වගේ.දිවාෂ කන හැටි බලන් හිටිය තෙවින් පටාරියං ගාලා දිවාෂගෙ කකුලට අතින් පාරක් දුන්නා.

"හුත්! ගහන්නෙ?"

"අනේ මටත් රොටියක් දීපං යුගාන්"

"මේ තියෙන්නෙ,අරං කාපං"

"එහෙම බෑ....මටත් ඕනි නේත්‍ර මල්ලිට දුන්නා වගේ"

"අනේ මේ! කනවනම් අරං කාපං....මට බෑ බබ්බු හුරතල් කරන්න"

"නේත්‍ර මල්ලිව හුරතල් කරන්නෙ එහෙනම්?"

"ඇත්ත බබාලව හුරතල් කරනවා මම.....මහ බබාලව නෙවෙයි"

"අනේ යුගාන්! හැබැයි උබ මට එහෙම නොදුන්නොත් අද මම වාහනේ හයියෙන් එලෝගෙන ගිහින්,ගහක හප්පලා දා......"

"තුඃ විතරක් උබේ කට තෙවින්! ආ.....ගනින් හිච්චි පගයා මේක අතට"

තමන් කකා උන්නු රොටිය පිගාන උඩින් තිබ්බ දිවාෂ තව රොටියක් අරං තෙවින්ගෙ අතට දීලා ලුණුමිරිස් ඩිංගක් දාලා දුන්නෙ නයිමිරිස් වලින් හදලා තිබ්බ මේ ලුණුමිරිස තෙවින්ට ලොකුවට කන්න බැරි බව දැනන් උන්නු නිසා.රාත්‍රී වෙලාවක , කහ පාට අඩමාන එලියක් විහිදෝන බල්බයක් යට ඉදගෙන, හීතල හුලං වැදි වැදී මේ විදියට කෑම එකක් කන එක හරි ලස්සන හැගීමක් වුණා.නේත්‍රට හිතුනෙම මේ වෙලාවෙ මෙතන ආශව එක්ක හිටියනම් කියලා.ආශවගෙ උරහිසට ඔලුව තියාගෙන මේ අමුතු හැගීම විදින ගමන් මෙතන ඉන්න තිබුණා නේද කියලා.නේත්‍ර ලොකු හුස්මක් පහල දාද්දි දිවාෂ නේත්‍ර දිහා බැලුවත් දිවාෂ මුකුත් නෑහුවෙ දැන් මොනාහරි ඇහුවොත් නේත්‍ර කන්නෙවත් නැතුව අඩන්න ගන්න බව දන්න නිසා.ඉතින් දිවාෂ,නේත්‍ර කාලා ඉවර වෙනකං ඉවසන්න තීරණය කලා.

ටික වෙලාවක් යද්දි කට්ටිය කාලා ඉවර කරද්දි දිවාෂ ගිහින් කිරි තේ වීදුරු තුනක් උස්සගෙන ආවෙ නේත්‍ර කෑවෙ එක රොටියයි කියලා දැක්ක නිසා.නිහඩවම තේ ටිකත් බීලා ඉවර කෙරුව දිවාෂ තෙවින්ගෙ පස්සට දණහිසෙන් පාරක් දීලා තෙවින්ව සල්ලි ගෙවන්න යවලා නේත්‍ර එක්ක වාහනේ ලගට ඇවිදගෙන ගියා.දිවාෂ එක්කම දිවාෂගෙ පිටිපස්සෙන් ඔහේ බිම බලන් ඇවිදන් ආව නේත්‍ර වාහනේ පිටිපස්සෙ ආසනේට නැග්ගෙ තෙවින් ඇවිත් රියදුරු අසුනෙන් ඉදගනිද්දි.

"මේහ් ඕයි.....ඔය ඉස්සරහින් නවත්තපංකො"

උදේට ඉස්කෝලෙ යන බස් එකට නගින මාර ගහ ලගදි දිවාෂ කියද්දි තෙවින් වාහනේ මාර ගහ යටට කරලා නැවැත්තුවා.මේ වෙලාවෙදි මිනිස්සු උනත් එලි පහලියෙ නොගැවසෙන නිසා කොල්ලො තුන්දෙනාටම සැනසීමක් දැනුනා.වාහනේ පිටිපස්සෙ දොර ඇරිය දිවාෂ් නේත්‍ර ලගින් ඉදගනිද්දි අතේ ඇගිලි ටික දිහා බලන් උන්නු නේත්‍ර ඉක්මනමට දිවාෂ දිහා බැලුවා.

"මට මොනාහරි කියන්න තියෙනවද චූචියො?"

"නෑ....දිවාෂ....එහෙම මුකුත් නෑ"

"ඇත්තටම?"

"ත්.....තියේනේ......මට හරි බයයිනෙ දිවාෂ"

"ම්ම්ම්....මෙහෙ එන්නකො"

දිවාෂ අත් දෙක දෙපැත්තට දිගෑරලා කතා කලත් නේත්‍ර කලේ දිවාෂගෙ උරහිසකින් ඔලුව තියාගත්තු එක.මොකද ආශවගෙ පපුව ඇරෙන්න හොදම යාලුවා උනු දිවාෂගෙ පපුවටවත් නේත්‍රව සනසන්න බැරි බව නේත්‍ර දැනන් උන්නා.දිවාෂගෙ උරහිස ටික ටික තෙත් වෙනවා දැනෙද්දි දිවාෂ කලේ නේත්‍රගෙ කර වටින් අත දාලා නේත්‍රව තමන්ට තුරුල් කරගත්තු එක.නේත්‍රට අඩන්න ඉඩ දුන්නු දිවාෂ මුකුත්ම නාහා උන්නෙ නේත්‍රම ඕනි වෙද්දි කතා කරයි කියලා හිතුනු නිසා.පැය බාගයක් වගේ යනකංම නේත්‍ර අඩද්දි තෙවින් තමන්ගෙ ඇහෙන් වැටිච්ච කදුලත් හොරෙන් පිහිදන් ජනේලෙන් එලිය බලාගෙන හිටියා.ටිකෙන් ටික නේත්‍රගෙ ඇඩිල්ල ඉකියක් වෙද්දි නේත්‍ර දිවාෂට කතා කරන්න ගත්තා.

"ම්....මට බයයි දිවාෂ"

"ඒ මොකෝ? ම්ම්ම්ම්"

"ස්....සුදුබේබි....සුදුබේබි මගෙන් ඈත් වෙයි කියලා"

"ආසවයා එහෙම කරන්නෑ කියලා චූචියා හොදටම දන්නවනෙ?"

"ස්....සුදුබේබි...එහ්...එහෙම කරන්නෑ....ඒත් සුදුබේබිට....එහෙම....කරන..තැනට පත්වෙන්න උනොත්?"

"මුදියන්සෙද?"

"ඕ....මහ මුදියන්සෙගෙ බලපෑම හරි....වෙන බලපෑමක් නිසා හරි? මට හොදක් වෙයි කියලා හි....හිතලා හරි.....සුදුබේබි ඈත් උනොත් මගෙන්?"

"ආසව හොදටම දන්නවනෙ....මැරෙන්න උනත් ඔයා ඌ එක්ක ඉන්න එක ඔයාට සතුටක් කියලා ඈත් වෙනවට වඩා?"

"ම්ම්ම්ම්හ්......ම්ම්ම්ම්....."

"ඉතින් බය වෙන්න එපා චූචියො....මම කියන්නෑ අනාගතේ ප්‍රශ්න වෙන්නෑ කියලා......ඒත් ආශව ඔයාගෙන් ඈත් වෙන එකක් නෑ"

"ඔව්....ඔව් නේද දිවාෂ?"

"ඔව්.....ඌට ප්‍රශ්න වලින් පැනලා යන්න ඕනි කමක් දැනුනොත්,ඌ ඔයාවත් අරගෙනම පැනලා යයි.....එකෙ සැකයක් තියාගන්න එපා"

"හරි දිවාෂ....මට තේරුනා...."

"ආසව හරි කෙලින් මිනිහෙක් නේත්‍ර.....ස්පෙශලි ඔයා සම්බන්ධ දේවල් වලදි"

නේත්‍රට තව ටිකක් සන්සුන් වෙන්න ඉඩ ඇරිය දිවාෂ තෙවින්ට සන් කලේ පිටත් වෙමු කියන්න.අඩලා අඩලා නේත්‍රගෙ රතු ගැහුනු මූණ පිහින්න ලේන්සුවක් නැති තැන තෙවින්ගෙ සර්වියට් එක ඉල්ලගත්තු දිවාෂ නේත්‍රගෙ මූණ පිහලා දැම්මා.රතු වෙලා තියෙන නේත්‍රගෙ බොත්තම් නාහෙට තට්ටුවක් දැම්ම දිවාෂ තමන්ගෙ උරහිසට වෙලා ඇසුත් බෝල කරන් බලන් ඉන්න නේත්‍රගෙ ඔලුව අතගාලා ඉස්සරහ බලාගත්තා.ආශව නේත්‍රට මෙච්චර පිස්සු වැටෙන්න හේතු එකක් නෙවේ,සිය ගාණක් තියෙනවා නේද කියලා දිවාෂ කල්පනා කරන්න ගත්තා.

මේ අතරවාරෙදි ආශව හිටියෙ තමන්ගෙ කාමරේට වෙලා.පහලින් කඩාන ආව ගැටපිච්ච මල් තුන හතර ආශවගෙ හාදු වලින්ම නැහැවිලා ගිහින් තිබුනා.ඇස් වලින් වැටිච්ච කදුළු බින්දු දෙකකින් ගැටපිච්ච මල් තෙත් වෙලා යද්දි හිත හයිය කෙනෙක් විදියට ආශව කදුළු පාලනෙ කරගත්තා.කවුලුවෙන් එපිට බලාන උන්න ආශව කල්පනා කලේ නේත්‍ර ගෙදර ගිහින්ද කියන එක.නේත්‍රගෙ දුරකථනෙට ඇමතුම් තිහ හතලිහක්ම ගත්තත් ඒවට ප්‍රතිචාරයක් නොමැති හන්දා ආශව කලේ දිවාෂට කතා කල එක.ඒට් එක්කම නේත්‍ර එක්ක එමින් ගමන් ඉන්නෙ කියන කෙටි පණිවිඩේ දිවාෂගෙ ආව නිසා ආශව හිතේ සැනසීමෙන් හුස්මක් ගත්තා.කාමරේ දොරට තට්ටු කරන සද්දෙත් එක්ක ආශව තමන් ඇදන් හිටි සරම හරියට ඇදගන්න ගමන් දොර විවර කලා.

"ස්...සුදුබේබි...."

"අරුන්දතී? මෙහෙ?"

"සුදුබේබි,පොඩ්ඩා තාම නාවෙ ඇයි සුදුබේබි?"

"නේත්‍ර මග එන ගමන් අරුන්දතී...."

"මගෙ පොඩ්ඩව තනියෙම දාලා සුදුබේබි ආවද? ආ...... මගෙ පුංචි එකා තනියෙන්ද? සුදුබේබිට පොඩ්ඩව එක්කන් එන්න බැරිනම් මට කියන්න තිබ්බා....මේ අක්කට බැරි නෑ රෑක දොහොක උනත් එලියට බහින්න!!!!"

"අරුන්දතී! සීමාවකට කතා කරනවා! තමුන් කතා කරන්නෙ කාටද කියන එක අමතක කරන්න එපා!"

"ස්....සමාවෙන්න සුදුබේබි...ඒත් පොඩ්ඩා....."

"නේත්‍ර දිවාෂ එක්ක එන ගමන් ඉන්නෙ....තමුන් හිතුවද මම නේත්‍රව එහෙම කොහෙ හරි අතෑරලා දාලා ඇවිල්ලා කියලා!!! අරුන්දතී ගිහින් නේත්‍රගෙන්ම අහගන්න මම ඒකාට කොච්චර නම් ආදරේ කරනවද කියලා!!!"

"ස්...සමාවෙන්න සුදුබේබි....."

"නේත්‍ර ගෙදර එයි දැන් අරුන්දතී.....අරුන්දතිත් ගෙදර යන්න.....නිර්මලා ඉන්නවනෙ"

"අද අම්මා නෑ සුදුබේබි....මල ගෙදරක ගියා දුර....පුංචි අම්මා එක්ක....ඒකයි මම ආවෙ පොඩ්ඩා එක්ක මෙහෙ නවතින්න....මම යන්නම් සුදුබේබි....."

"හ්ම්ම්ම්!"

අරුන්දතීගෙ මූණටම දොර වහලා දැම්ම ආශව ඇසුත් පියාගෙන ඇදෙන් වැතිරුනා.නේත්‍ර ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කියන දෙයක් අහන්න ආශවගෙ මාන්නක්කාර,දරදඩු හිත නැවුනෙ නෑ.අප්පච්චි උනත් කියන දේවල් වලට ආශව සෑහෙන්න විරුද්ධව වැඩ කලා වගේම, ප්‍රශ්න දාගන්නැතුව ඉන්න ඕනි හින්දම සමහර දේවල් ආශව ඉවසුවා විනා නැත්තං මහ මුදියන්සෙට උනත් ආශව අද අරුන්දතීට කතා කල විදියටම කතා කරන්න ඉඩ තිබ්බා.

දුරකතනෙ අතට අරගත්තු ආශව නේත්‍රගෙ ඡායාරූපයක් විවර කරන් ඒ දිහා ඇස්පිය ගහන්නෙවත් නැතුව බලන් හිටියා.නේත්‍රගෙ නලලෙ ඉදන්ම පහලට ඇස් අරං ගිය ආශවගෙ ඇස් දෙක නතර වුණේ නේත්‍රගෙ යටි තොලේ තියෙන උපන් ලපේ ලග.නේත්‍ර නොදන්නවා උනාට ආශව හුගක් වෙලාවට නේත්‍රව සිපගනිද්දි ඉස්සෙල්ලාම දිවෙන් තෙත් කරන්නෙ ඒ උපන් ලපේ කියලා ආශව දැනගෙන හිටියා.හීතල පිරිච්ච මේ රාත්‍රියෙ නේත්‍ර තමන්ගෙ යහන මත හිටියනම් නේත්‍රව තුරුල් කරන් ඕනි තරම් සිපගන්න තිබුනා නේද කියලා කල්පනා කෙරුව ආශවගෙ ඇගේ හිරිගඩුත් පිපෙන්න ගත්තා.

ඒ දේ හරි සාමාන්‍යයි.තමන් ආදරේ කරන පිරිමියා හෝ වේවා ගැහැණිය හෝ වේවා ඒ කෙනා ගැන ශෘංගාරාත්මක හැගීම් ඇති වෙන එක හරි සාමාන්‍ය දෙයක්.අසහනය හා ශෘංගාරය කියන්නෙ අහසයි පොලවයි වගේ හැගීම් දෙකක්.ඒ දෙක අතරින් ආශවගෙ හිතේ යම් යම් අවස්ථාවල නේත්‍ර වෙනුවෙන් ඉස්මතු වෙන්නෙ පරිසමාප්තියෙන්ම ශෘංගාරය විතරක්ම වුණා.ඇස් දෙක පියාගත්තු ආශව නේත්‍ර ගැන දැනෙන හැගීම් විදින ගමන් කොට්ටයක් ඇගට තද කරගෙන හයියෙන් හුස්ම උඩ පහල දාන්න ගත්තා.ආශව කියන්නෙ වැඩිවියට පැමිණුණු තරුණයෙක්.නේත්‍ර වගේ  ශෘංගාරය වගේ පැතිකඩයන් ගැන දැනුමින් අල්ප නොවී සෑහෙන දැනුමක් තිබ්බ කෙනෙක්.ඇග පුරා නහර ඉස්මතු වෙලා තියෙන අමු පිරිමියෙක්.නේත්‍ර වගේ සියුමැලි පිරිමියෙක්ව බලාගන්න තරම් හයියක් තියෙන කෙනෙක්.ඉතින් ආශවගෙ හිතට ඒ වගේ හැගීම් නොදැනෙනවනම් තමයි පුදුම!

මේ අතර වාරෙදි නේත්‍රලාගෙ ගෙදෙට්ට පිටිපස්සෙ පාරෙන් වාහනේ නැවැත්තුව තෙවින්,දිවාෂ නේත්‍රව එක්කන් නේත්‍රලාගෙ ගෙදෙට්ට යන හැටි බලාගෙන හිටියා.ඒත් එක්කම පිටිපස්සෙ ආසනේ තිබ්බ නේත්‍රගෙ කදුළු පිහිදුව ලේන්සුව තමන්ගෙ අතට ගත්තු තෙවින් හෙමින් සීරුවෙ ඒ ලේන්සුවට හාද්දක් තිබ්බා.ඇස් දෙකේම කදුළු පුරවගත්තු තෙවින් හෙමින් සැරේ තමන්ගෙන් ඈත් වෙලා යන නේත්‍රගෙ ඡායාව දිහා බලලා හෙමින් වචන ඩිංගක් මිමිණුවා.

"ඔයාට ගැලපෙන කෙනා මම නෙවෙයි තමා නේත්‍ර..... ඔයාගෙ ඔය පුංචි හිතට දැනෙන කෙනත් මම නෙවෙයි...... මිනිස්සු ආදරේ කරනවා දැකලා තිබ්බට ඔයාගෙ,ආශවගෙ වගේ ආදර කතා මම දැකලා තිබ්බෙම නෑ නේත්‍ර...... ඔයාට හරියනම කෙනා ආශව....ඒ වගේම ආශවටත්...... අදින් පස්සෙ ඔයාලා දෙන්නගෙ ඕනිම දේකට යුගාන්ලා අයියලා එක්ක මමත් ඉන්නවා.......

සමහරවිට මම ඒ වගේ වාසනාවන්ත ආදරයක් ලබන්න තරම් වටින කෙනෙක් නෙවෙයි වෙන්න ඇති.හැබැයි දවසක එහෙම කෙනෙක්ව ලැබුනොත් මම පණ වගේ රකිනවා.....ඒත් ඒ වගේ කෙනෙක් කොහෙ......."

"ඇරපං හු#ත මේක! තෝ උඩ බලන් මනෝ ගහන්නයි මම මේ අදුරෙ එලියට වෙලා ඉන්නයි....ඇරපිය මේක!"

"අප්පෝ..... ජනෙල් කැඩෙයි යුගාන්! නැගපිය ඉතින්"

"උබට හොදක් වෙන්නෑ මාව කලුවරේ එලියෙ තිබ්බ එකටනම්....බලපං,නයෙක් පොලගෙක් හරි මාව කෑවනම්!"

"නයා මැරෙයි එහෙම උනොත් පිස්සු හැදිලා"

"මොකද්ද උබ කි......ඇ....ඇයි මේ ලගට එන්නෙ....අහකට පලයං......ආසා නෑ මම!!!"

"නටන්නැතුව ඉදින් යුගාන්.....මේ ඔලුවෙ සියඹලා කොල කිනිත්තක්.....ඈක්කා අනේ,මොනාද උබ හිතුවෙ"

"තෝ මේක ඇතුලෙදි මට අතවර කරන්න යනව කියලා!"

"උබ මට එහෙම දෙයක් කලොත් මිසක් මමනම් උබට කරන්නෑ ඒම දරුණු වැඩ"

"හැඥේ මේ....."

තෙවින් හිනාවෙවී කිය කියව වාහනේ ගුරුපාරට දාද්දි දිවාෂ දුරකථනෙ අතට අරං තමන්ගෙ අම්මට ඇමතුමක් ගත්තා.තෙවින් දැන් ටිකකට කලින් තමන්ගෙ මූණ ලගටම කිට්ටු උනු හැටි දිවාෂට මතක් වෙද්දි බඩ දාගෙන උඩට එන හැගීම ආයෙමත් දැනෙන්න ගත්තා.

"හෙලෝ.....එන ගමන් ඉන්නෙ අම්මෙ.....ඕ.....මේ අහන්නකො....එන ගමන් රොටී කෑවා....බයින්නෙපා ජානකී.....බත් කන්නම්කො ගෙදෙට්ට ඇවිල්ලා......මේ මට සුදු කුක්කු එකක් හදලා තියනවද? බඩ දනවා අනේ හොදටම.....රොටී කෑව නිසා මම හිතන්නෙ....පාන් පිටිනෙ අනේ........"

.

.

.

.

.

"නිදාගන්න යං පොඩ්ඩො......"

"අක්කා යන්න මම ඩිංගකින් එන්නම්"

"මහ මුදියන්සෙත් ගෙදර හිටියෙ මල්ලි.....සුදුබේබිට එන්න වෙන එකක් නෑ....."

"කමක් නෑ අක්කෙ....තාම පාන්දර එකයිනෙ.....මම තව ඩිංගක් වෙලා ඉදලා එන්නම්"

"එකයි නෙවේ පොඩ්ඩො! එක පහු වෙලා! මේ වෙලාවෙ සුදුබේබි නිදිත් ඇති......එන්න ගිහින් නිදාගමු"

සාලෙ තිබ්බ ජනේලෙන් වත්තට එන අඩිපාරට බෝල ඇස් දෙක යොමාගෙන උන්නු නේත්‍රගෙ ඇස් වලින් කදුලක් වැටුනෙ දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ එකම පැත්තක් දිහා බලාගෙන හිටිය නිසා.අරුන්දතී දැන් පැය දෙක තුනක් තිස්සෙම නිදාගන්න යං කියලා බල කලත් නේත්‍ර ආශව එයි කියන විශ්වාසෙත් එක්ක ඒකෙන් කට්ටි පැන පැන ආශව එනකං මග බලන් හිටියා.වැඩිහිටියෙක් නැති ගෙදරක ලමයි දෙන්නෙක් එලියෙ ඉන්න එක ටිකක් අනතුරුදායක නිසා,අරුන්දතී රෑ නවය වගේ වෙද්දි ගෙදර ඔක්කොම දොරවල් ජනෙල් වහලා අගුලු දැම්මත් සාලෙ තිබ්බ එක ජනෙල් පියනක් ඇරගෙන පුංචි කුමාරයෙක් තමන්ගෙ ආදරණීය කුමාරයා එනකං මග බලන් හිටියා.

"සුදුබේබි හෙට මහ මුදියන්සෙ ගිය ගමන් එයි පොඩ්ඩො....දැන් යමු"

"සුදුබේබි හෙට එලිවෙන්න කලින් එනවා කියලා කිව්වා අක්කෙ...... සුදුබේබි එයාගෙ වචන කඩන කෙනෙක් නෙවෙයි"

"කොච්චර පොරොන්දු රකින මිනිහෙක්ට උනත්,පොරොන්දු රකින්න බැරි අවස්ථා තියෙනවනෙ පොඩ්ඩො.....මහ මුදියන්සෙ ඉද්දි සුදුබේබි කොහොම එන්නද? අනික සුදුබේබි මේ මහ කලුවරේ එනවට පොඩ්ඩා ආසද? සතා සරපයා උනත් ගහනයිනෙ"

"නෑ.....සුදුබේබි එන්නෙ නැත්තං හොදයි තමා අක්කෙ....මේ කළුවරේ නේද? මම යන්නද අක්කෙ සුදුබේබිව බලලා එන්න?"

"ඇයි? කැලේ ඉන්න සත්තු මේ එන්නෙ නේත්‍රනෙ කියලා පොඩ්ඩට නොකා ඉන්නවද? සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා පොඩ්ඩො! ඔයාගෙ ඇස් මට හොදට තේරෙනවා! හිතුවක්කාර වෙන්න එපා......අක්කා කියන දේ අහලා නිදාගන්න යං"

"සුදුබේබිව බලන්නෝනානෙ අක්කෙ....."

"බලන්න යං හෙට උදේම.....පලවෙනි අවුරැල්ල නුවරට වැටුනු ගමන් යං! දැන් එන්න නිදාගන්න"

අරුන්දතී ඇවිත් සාලෙ දොර වහලා නේත්‍රව එක්කගෙන කාමරේට යද්දි නේත්‍ර කතාබහක් නැතුවම ගිහින් ඇදෙන් ඇලවුණා.නිර්මලාත් නැති නිසා නේත්‍ර ලගම ඉන්න තිබ්බ වුවමනාවට අරුන්දතීත් නේත්‍රගෙ ලගින්ම ඇලවුණා.ගෙයි උළු වහලෙ දිහා බලන් හිටියා විනා නේත්‍රගෙ ඇස් වල නින්දක් නාවම තරම්.ඊයෙ රෑ පිට්ටනියෙන් පිටත් වෙන්න කලින් මහ රෑ වෙලා හරි එන්නම් කිව්ව සුදුබේබි නාව එක ගැන නේත්‍රගෙ හිතට දැනුනෙ ලොකු දුකක්.අද නේත්‍රට සුදුබේබිගෙ උණුහුමේ දැවටෙන්න වෙලාවක් හම්බ නූනම තරම්.ඉතින් නේත්‍රට දුක නොහිතා තියේවිද?

ඒත් එක්කම නේත්‍ර ගැස්සිලා නැගිට්ටෙ ජනේලෙට තට්ටු කරන සද්දයක් නිසා.මේ පාන්දර ජනෙල් වලට තට්ටු දාන්නෙ මොකාද කියලා හිතන ගමන් නැගිට්ට නේත්‍ර හෙමින් සීරුවෙ අරුන්දතීව වැහෙන්නම ඇතිරිල්ල පොරවලා කාමරේ කොනක තියලා තිබ්බ හයිය ලී පොල්ලත් අතට ගත්තා.කොල්ලෙක් විදියට තමන් අක්කව රකින්න ඕනි කියන හැගීම විතරක් හිතට අරගත්තු නේත්‍ර හෙමින් සැරේ කතා කලා.

"ක්...කවුද?"

"මම නේත්‍ර.....දොර අරින්නකො....මම එන්නම් ඉස්සරහට"

ජනේලෙට එපිටින් ඇහුනු හඩට අඩ නින්දෙ උන්නු අරුන්දතී පවා ගැස්සිලා ඇහැරෙද්දි පොල්ලත් උස්සගෙනම කාමරෙන් එලියට නේත්‍ර දුවගෙන ගියා.දොර ඇරිය ගමන් තමන්ගෙ ඉස්සරහ හිටිය මනුස්සයගෙ ඇගට පැනලා තුරුල් කරගත්තෙ අතේ තිබ්බ පොල්ල බිමට අතාරින ගමන්.

"සුදුබේබි......අක්කෙ! අක්කෙ! මම කිව්වා නේද සුදුබේබි එනවා කියලා.....සුදුබේබි මට දෙන පොරොන්දු කඩන්නෑ අක්කෙ"

"ම්හ්හ්හ්.....මගෙ මැණික මොකෝ මේ කලබල වෙලා? සුදුබේබි එන්නෙ නෑ කියලා හිතුවද?"

"ම්හු.....සුදුබේබි එයි කියලා නේත්‍ර දැනන් හිටියා"

"පොඩ්ඩව දැන් විනාඩි දහයකට විතර කලින් සුදුබේබි ඔය ජනේලෙ ගාවින් මම නැගිට්ටව ගත්තෙ....එතකං සුදුබේබි එනකං මග බලන් හිටියා.....මම හිතුවෙ සුදුබේබි එන එකක් නෑ කියලා.....කොහෙද පොඩ්ඩා කියන දෙයක් ඇහුවෙම නෑ....සුදුබේබි එයි කියලම කියාගෙන මග බලන් උන්නා"

"නේත්‍ර තරම් මාව දන්න වෙන කෙනෙක් නෑ අරුන්දතී.....මගෙ පුංචි මැණික් කැටේ"

නේත්‍රව අත් දෙක අතරෙම තියාගත්තු ආශව අතේ අරං ආව මල්ලයි,තමන්ගෙ ඇගේ එල්ලිලා ඉන්න නේත්‍රවයි දෙන්නවම උස්සගෙන ගේ ඇතුලට ආවා.අතේ තිබ්බ බෑගය පුටුවක් උඩින් තිබ්බ ආශව නේත්‍රව තමන්ගෙ උකුලට අරං ඒ ලගම තිබ්බ පුටුවකින් ඉදගත්තා.මල් සුවද හමන නේත්‍රගෙ සිනිදු කොන්ඩෙන් හාද්දක් තිබ්බ ආශව තමන්ගෙ පපුවෙ නහය අතුල්ලන ගමන් හුරතල් වෙන නේත්‍ර දිහා ආදරෙන් බලාගෙන ඉන්නැද්ද අරුන්දතී ගිහින් දොර අඩවල් කලා.මහ පාන්දර උනත් කවුරුහරි මනුස්සයෙක් සුදුබේබි තමන්ගෙ ගේ ඇතුලෙ ඉන්නවා දැක්කොතින් වෙන වින්නැහිය ගැන අරුන්දතීට හිතාගන්න පවා අමාරු උනා.

"මගෙ මැණික කෑවද?"

"ම්හු.....රොටී කාලා ආවෙ දිවාෂලා එක්ක එන්නැද්දි සුදුබේබි...."

"ඔය බොරු සුදුබේබි.....මේකා එක රොටියයි කාලා තිබ්බෙ.දිවාෂ මල්ලි කිව්වා මට....කොච්චර මම වද කලත් කෑවෙම නෑ රෑට"

"ම්ම්ම්ම්.....මම දන්නැද්ද මේ බටු ඇටේගෙ වැඩ ගැන....අරුන්දතී ගිහින් නිදාගන්න....මම කෑම අරං ආවෙ"

"හො.....හොදයි සුදුබේබි"

අරුන්දතීට තේරුනා දැන් ආශවට ඕනි නේත්‍ර එක්ක ඩිංගක් තනිවෙන්න කියන එක.අනික දැන් ආශවත් ඉන්න එකේ බය වෙන්න දේකුත් නැති නිසා ඉස්සරහ දොර වහලා අගුලු දැම්ම අරුන්දතී නිර්මලාගෙ කාමරේට ගිහින් දොර වහගත්තා.අරුන්දතී ගියාට පස්සෙ තමන්ගෙ පපුව උඩ ඔලුවත් ගහන් බෝල ඇස් දෙකෙන් තමන් දිහා බලන් උන්නු නේත්‍රව උස්සලා අරං තමන්ගෙ මූණ කෙලින් නේත්‍රගෙ මූණ තිබ්බව ගත්තු ආශව තමන්ගෙ මූණට තරවටු පෙනුමක් නංවගත්තා.

"දැන් කෑවෙ නැත්තෙ මොකෝ? ආ නේත්‍ර?"

"ම්ම්ම්ම්.....බඩගින්නක් ආවෙ නෑනෙ සුදුබේබි"

"දැන් එහෙම නොකා ඉන්න හොදද? හැමදාම කන්න කියලා මම කියලා තියේ නේද?"

"සුදුබේබි කාලත් නෑනෙ ඉතින්"

"මම කාලා නැති එක ගැ.....මොකද්ද? නේත්‍ර මොකද්ද කිව්වෙ?"

"සුදුබේබි කාලත් නෑනෙ කියලා සුදුබේබි"

"නේත්‍ර කොහොමද එහෙම කියන්නෙ?"

"නේත්‍ර දන්නැත්තං සුදුබේබි ගැන දන්නෙ කවුද? මට කන්න නොහිතුනු හේතුව නිසාම සුදුබේබිත් කෑවෙ නෑ කියලා මම දන්නවා"

"නේත්‍ර......."

නේත්‍රගෙ හිස් මුදුන කීප පාරක්ම ඉම්බ ආශවාර අරං ආව බෑගය ඇතුලෙන් කෑම පෙට්ටි දෙකක් එලියට ගත්තා.මෙලෝ පිලිවෙලක් නැති උනාට බතුයි ව්‍යාංජනයි ආශව කෑම පෙට්ටි දෙකක් දාගෙන ඇවිත් තිබ්බ හැටි දැක්ක නේත්‍ර ආශව දිහා බලලා ආදරෙන් හිනා වුණා.කුස්සියට දුවලා ගිහින් අත සෝදගත්තු නේත්‍ර ආශවගෙ උකුල උඩ ඉදගෙනම එක කෑම පෙට්ටියක් අතට අරං ආශවටත් කව කව තමනුත් කන්න ගත්තා.

"සුදුබේබි කෑම ගෙනාවෙ?"

"කුස්සියෙ හට්ටි වල තිබ්බා නේත්‍ර.....මම දන්නෑ මුල් ඔතන්න.ඒකයි මේ පෙට්ටි දෙකකට දාන් ආවෙ"

"කන්නකො සුදුබේබි.....ආ කියන්න"

ආශවටත් කවලා ඉවර කල නේත්‍ර ආශව ලගට ඇවිත් ඉදගත්තම නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව හුගක් දේවල් නේත්‍ර එක්ක කතා කලා.පැයක් විතර ගෙවිලා යද්දි නේත්‍රගෙ පුංචි ඇස් දෙක පියවෙනවා දැනුනු ආශව නේත්‍රව වඩාගෙනම නේත්‍රගෙ කාමරේ පැත්තට ඇදෙද්දි ආශවගෙ උරහිස උඩ මූන තියාගත්තු නේත්‍ර තමන්ගෙ පුංචි අත්වලින් ඇස් පොඩි කලේ දැනුනු නිදිමත නිසාමයි.

"මොකෝ?"

"දොයිමතයි සුදුබේබි හුගාක්"

"දොයියමු එහෙනම්...."

"සුදුබේබිත් ඉන්නවද?"

"ඔව්.....අප්පච්චි ආයෙ ඉතින් ඇහැරෙන්නෙ උදේටනෙ....මම උදේ එලියෙ ඇවිදින්න ගියා වගේ ගෙදරට යන්නම්.....දැන් දොයියමු"

"ම්හු.....සුදුබේබි නේත්‍රට නින්ද ගියාම යන්නෙපා හොදද?"

"යන්නෑ මැණිකෙ.....හැබැයි නිදාගන්න කලින් හාද්දක් දෙනවද මට?"

"හාදු දෙද්දි නේත්‍රට නින්ද යයි හැබැයි"

"එතකොට මට පුළුවන් එලි වෙනකං නේත්‍රට හාදු තියන්න"

සෙල්ලක්කාර හඩකින් කිව්ව ආශව නේත්‍රගෙ ඉණ වටින් අත දාගෙන තමන්ගෙ ඇගට තද කරගෙන නේත්‍රගෙ පිරුණ්‍ය් තොල් තමන්ගෙ භාරෙට ගනිද්දි හීනි කෙදිරිල්ලක් පිට කල නේත්‍ර ආශවට තුරුල් උනා.කොහොමත් නේත්‍රගෙ ඉස්සරහ මෘදු වෙන ආශව නේත්‍රට නොරිද්දෙන විදියට තමන්ගෙ හැගීම් නේත්‍රගෙ තොල් මතින් පිට කරද්දි ගැඹුරු හුස්ම වැටෙන සද්දෙ නිසා ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙලා නේත්‍ර දිහා බැලුවා.

"මගෙ පණ ඩිංග....."

කටත් ඩිංගිත්තක් ඇරන් නිදාගෙන ඉන්න නේත්‍රගෙ තොල් මතින් කෙටි හාදුවක් තිබ්බ ආශව නේත්‍රගෙ හිස් මුදුන සිපගෙන නේත්‍රව තුරුල් කරගත්තා.නේත්‍රගෙ උණුහුම,සුවද එක්ක ලොකු සැනසීමක් දැනෙන්න ගත්තු ආශවත් සැනසීමෙන් ඇස් පියාගෙන නේත්‍රව තව ටිකක් තුරුල් කරගත්තා.

...................................................................................................

"ප්ස් ප්ස් මල්ලේහ්.....කොහෙද යන්නෙ මේ ජම්බෝලෙ වගේ?"

උදේ දහයෙ හෝරාවට වදින ඔරලෝසු සීනුව නාද වෙලා තිබ්බ මේ මොහොතෙ ගම්මානෙ පාරෙ ගිය මිනිස්සු කීප දෙනාටනම් හරි අපූරු සිදුවීමක් බලාගන්න පුලුවන්කමක් රැදිලා තිබ්බා.සිංහවංශ වලව්වෙ එක පුංචි මහත්තයෙක්ගෙ පස්සෙන් ලස්සනට ඇද පැලදගත්තු හැඩකාර මහත්තයෙක් සිංදුත් කිය කිය ඇදෙන හරි අහඹු,අපූරු සිද්ධියක් මේ වෙද්දි ගම්මානෙ ගුරු පාරෙ සිද්ධවෙන ගමන් තිබ්බා.

උදේම නුවර ගිය දෙවින් තමන්ට ඕනි කරන වැඩ වගේකුත් ඉවර කරං, ගෙදර එන්න ආපහු බස් නැවතුමට වෙලා ඉද්දි අහම්බෙන් වගේ එතනින් ගිය දෙනෙත් වාහනෙන් පැනලා දෙවින් නැග්ග බස් රතේටම නැග්ගෙ අද කොහොමහරි දෙවින්ව යාලු කරගන්නවා කියලා හිතාගෙන.දැන් මාසෙකටත් කිට්ටු කාලයක් දෙවින් දෙනෙත් එක්ක කතා නොකර තිබ්බ එක දෙනෙත්ගෙ හිතට ඕනිවටත් වඩා දැනිලා තිබ්බා.

බස් එකට නැග්ග දෙනෙත් දෙවින් ලගින් ඉදගනිද්දි ලමිස්සි වගේ ගැස්සුව දෙවින් එතනින් නැගිටලා යන්න හැදුවත් නැගිට්ටොත් දෙවින් තමන්ට කරදර කරන්න ගිහිනුයි මේ නැගිටලා පැනලා යන්න හදන්නෙ කියලා කෑ ගහනවා කියලා දෙනෙත් තර්ජනේ කල නිසා දෙවින් හිටිය විදියටම හිටියා.අන්තිමට බස් එකෙන් බැහැලා පාර දිගේ ඇවිදන් ආව දෙවින් උඩ ගියේ දෙනෙත් පිටිපස්සෙන් ඇවිදන් එන ගමන් එකේක ඒවා කියලා කෑගහන්න ගත්තු නිසා.බෑග් එකකකුත් උස්සන් ඇවිදන් යන දෙවිනුයි ඊට පිටිපස්සෙන් කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන,හොද සපත්තු දෙකකුත් දාන්,අත් දිග ටී ෂර්ටයකුත් ඇදගෙන උරුවම් බාන ගමන් ඇවිදන් එන දෙනෙතුයි නිසා මොනා උනත් එතන අනූව දශකෙ සිනමා දර්ශනයක් මතු වෙලා තිබ්බා.

"හිච්චි දෙවින් බාලේ හිඳ හැංගි හොරා....

ලපටි හිතින් මට මතකයි විහිළු කළා.....

හිතට හොරා මල් පිපුණා ආල නුරා......

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා.....

හිච්චි දෙවින්.....හිච්චි දෙවින්....."

"කෑ නොගහා ආව විදියටම යනවා දෙනෙත්! මෙතන විකාර නටන්නැතුව! බලනවා අර ගිය මිනිස්සු දෙන්නත් හැරිලා බැලුවා"

"ඉතින් මාත්තෙක්ක යාලු වෙනවකො දෙව්....."

"නෝ නීඩ්ස්!!!!"

"හිච්චි දෙවින් බාලේ ඩිස්ටි ඩිඩිං....

ලපටි හිතින් මට මතකයි ඩිස්ටි ඩිඩිං.....

හිතට හොරා මල් පිපුණා ඩිස්ටි ඩිඩිං......

අද මොකදෝ මං දුටුවම ඩිස්ටි ඩිඩිං.....

හිච්චි දෙවින්.....හිච්චි දෙවින්....."

"දෙනෙත්!"

තමන් දිහා රවලා බලලා ඉස්සරහට ඇවිදන් යන දෙවින් දිහා බැලුව දෙනෙත් තනියම හිනාවෙවී ඉස්සරහට ඇවිදගෙන ගියා.දෙනෙත් කියන්නෙ පෝසත් පවුලක ඉපදිලා කිසිම තැලීමක් පොඩිවීමක් නොවී හැදුනු කෙනෙක්.කොටින්ම කිව්වොත් දෙනෙත් මතක ඇති කාලෙක බස් එකක ගිහින් නෑ.මෙහෙම අව්වෙ පාරක ඇවිදලා නෑ.ඒත් අද දෙවින් වෙනුවෙන් ඒ හැමදේම කල නිසා දෙනෙත්ගෙ ඇගට උනත් දැනුනෙ ලොකු විඩාවක්.ඒ හැමදේටමත් වඩා දෙවින්ව ආයෙ යාලු කරගන්න එක වටින නිසා ගලක් අහුලලා දෙවින්ට ගැහුව දෙනෙත් උරුවම් බාන ගමන් දෙනෙත්ගෙ පස්සෙන් ඇවිදන් ගියා.

"මම තවුසෙව කොහොමහරි යාලු කරගන්නම්කො දෙව්!"

...................................................................................................

වචන 3100+ 😪❤️

කතාව එක තැන ඇදෙනෝ වගේත.....ඒනම් සමා වෙන්න හොදේ😪💔

ඕම යංකො ටිකක්.....ඉස්සරහට ඔයාලව සලිත වෙලා යන්න දෙන්නම් වැඩක් මම😹❤️

බබාලා කථව හොදනම් වචනයක් හරි කියන් යන්න🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter