Back
Chapter 64

63 කොටස🤍✨️

නිවාලන්න මා...

"මොකද්ද සුපිපි කෙල්ලෙ මේ කෑ ගැහිල්ල?"

"අ....අනේ ලොකු මැණිකෙ බලන්නකො.....අර පූස් තඩියද කොහෙද වලන් වල තිබ්බ කෑම ටික පහුරු ගාලා ගිහින්නෙ"

"කෑම පහුරු ගාලා?"

"හැමදාම රාත්තිරිය කිට්ටු වෙද්දි උයන නිසා මාලුපිනි සීතකරණෙට දාන්නෑනෙ ලොකු මැණිකෙ....ඊයෙ සුදුබේබිත් නොකෑව නිසා කෑම වලං අස් කලේ නෑ මම"

"ඉතින්?"

"උදේ බලද්දි කෑම වලං ඇරලා දාලා ඔහේ....බත් එහෙම විසිරිලත් එක්ක ලොකු මැණිකෙ.....සුදුබේබි කෑවනම් මෙහෙම වින්නැහියක් කරාවියෑ"

"දැන් කෑ නොගහා ඔය ටික අස් කරලා දාපං සුපිපි.....නිර්මලා නොහිටියොත් කිසි වැඩක් හරියට වෙන්නෑනෙ අම්මාපල්ල මේ කුස්සියෙ.....ඔය ටික ඉක්මනට අස් කරලා දාපං!"

වලව් මුළුතැන්ගෙයින් ඇහෙන සද්ද බද්ධ එක්කම මුකුත්ම නොවුණා වගේ වලව් වත්තට ගොඩ වුණු ආශව දුවගෙන ආවා වගේ පෙන්නන ගමන් වත්තට වෙලා උඩ පයින්න ගත්තා.ආශවගෙ සද්දෙ ඇහුණු ලොකු මැණිකෙ ඉක්මනට වලව් වත්තට ගොඩ වෙද්දි නේත්‍රලාගෙ ගෙදරින් ඇගට ඉහගෙන ආව වතුර ටික දාඩිය කියලා පෙන්නන්න උපරිම උත්සාහය දරන ගමන් ආශව හති දදා ලොකු මැණිකෙ දිහා බැලුවා.

"සුදු පුතා? උදේම කොහෙද ගියේ?"

"ජොගින් පුංචි අම්මෙ.....බිග් මැච් ලග නිසා පොඩ්ඩක් ඇග හදාගන්න බැලුවා....නිකං ඉදලම ඇග හොරවෙලා"

"ඒකනම් හොදයි සුදුපුතා.....ඒත් ජොගින් කරනවද සරම් ඇදගෙන?"

"හ්....හදිස්සියනෙ පුංචි අම්මෙ....නැගිට්ට ගමන් දිව්වා"

"හ්ම්ම්.....අප්පච්චි එන්න කලින් සුදුපුතා ඇදුම් මාරු කරගත්තනම්.....කිරි එක බොන වෙලාව පහු වෙලානෙ....උදේ කෑමම කමු"

"හරි පුංචි අම්මෙ"

සරමත් අතින් උස්සගත්තු ආශව එහෙම්මම දිව්වෙ උඩ තට්ටුවට.ලොකු හුස්මක් පහල දැම්ම ආශව ඇග පත සෝදගෙන අලුත් ඇදුමකුත් ඇදන් පහලට බහිද්දිම ඇහුණෙ මහ මුදියන්සෙගෙ කටහඩ.මුදියන්සෙ කියන දේවල් එක්ක ආශවගෙ අතමිට මෙලවුණත් තවමත් තමන් ඉන්න මට්ටම ගැන හිතුව ආශව කේන්තිය පාලනේ කරගෙන කෑම මේසෙන් ඉදගත්තා.

"නිර්මලාට ඉන්නෙත් කොල්ලෙක්නෙ..... උන්ට අපි කරන උදව්වල හැටියට මේ දේවල් කරන එක උන්ගෙ යුතුකමක්"

"අපේ මහත්තයා ඔව්වා මට තේරෙන එකක් යෑ"

"ආ මේ කියද්දිම සුදුපුතත් එන්නෙ.... පුතාට අද මොනාහරි වැඩක් තියෙනවද?"

"නෑ.....ඇයි?"

"මම එක්ක යං එහෙනම් එපිටහ අලුතෙන් ගත්තු වත්තට...අද එහෙ එලි පෙහෙලි කරනවා"

"මට ඔව්වගෙ ගිහින් පුරුද්දක් නෑ අප්පච්චි!"

"ඔයා පුරුදු වෙන්න ඕනි සුදුපුතා....මගෙන් පස්සෙ මේ දේවල් බලා කියාගන්න ඕනි සුදුපුතා"

"අප්පච්චි දන්නවනෙ මට ඔව්වා ගැ.........."

"තමුන් නැතුව මෙව්වා භාර දෙන්න මට වෙන ලමයි ඉන්නවද මිනිහො! තමුන් ඔය මගුලෙ ක්‍රිකට් එක්ක මේ දේවලුත් බලාගන්න ඕනි.නැත්තං තමුන් ඔය ක්‍රිකට් කියන මගුල අතාරින්න ඕනි!"

"ඒක මගෙ අයිති....."

"මම කියන දේ අහනවා සුදුපුතා! වෙන මිනිහෙක් වගේනම් ඔය සෙල්ලම් කිරිල්ල දැන්මම නවත්තලා දාලා....ඒත් මම කියන්නෙ ඒ දේවල් එක්ක මෙව්වත් බලාගන්න කියලා!"

"මම එන්නම් අප්පච්චි යන්න"

"හ්ම්ම්ම්......මැණිකෙ,අර නිර්මලාගෙ කොල්ලත් කාලා ඉවරනම් ඌටත් යන්න කියන්න මැනුවෙල්ලා එක්ක වත්තට.....මැනුවෙල්ලා දැන් පිටත් වෙනවා"

"හ්.....හරි අපේ මහත්තයා"

"එ....ඒ ලමයව මොකටද අප්පච්චි? ඒ ලමයට බර වැඩ කරලා හුරු....."

"සුදුපුතා යන ඉස්කෝලෙටම ගියා කියලා ඌ කවදාවත් සුදුපුතා වගේ වෙන්නෙ නෑ! මම දැක්කනෙ එදා ඉස්කෝලෙ හිටියෙත් හරි උඩින් ඌ.....උන්ට උන්ගෙ තැන අමතක කරවන්න හොද නෑ.ඌට පුළුවන් වත්ත පිටිය එලි පෙහෙලි කරන වැඩ නොකලට අතු රහින වැඩ හරි කරන්න.ඌත් කොල්ලෙක්නෙ?"

".................."

"අනික සුදුපුතා ඔය වගේ උන්ව වාසියට මිසක් අවංක යාලුකමකට ආස්‍රේ කරන්න ඕනි නෑ......ඔව්වා වද වෙන්නෙ කාලයක් යද්දි.උන් එයි සුදුපුතාගෙ ඔලුවට අත හෝදන්න!"

"අ....අපි ඔය කතාබහ නවත්තලා කමු අපේ මහත්තයා.....සුදුපුතාත් කන්න ගන්නකො.මම නේත්‍ර කොල්ලට පණිවිඩේ දීලා එන්නම්"

ආශව නිහඩවම කෑම කන්න ගත්තා.වෙනදා නොදැනෙන අපුලක් ආශවට කෑම එකෙන් දැනෙන්න ගත්තා.මේ කෑම එකට අහිංසක මිනිස්සු කී දෙනෙක්ගෙනම් සාප වැදිලා ඇද්ද කියලා ආශව හිතන්න ගත්තා.යාන්තම් තුන් වේල පිරිමහගන්න තරම තමන්ගෙ අප්පච්චි ලබා දෙන සොච්චම් මුදලෙන් ජීවිත ගැට ගහගන්න මේ මිනිස්සු පරම්පරාගතව අරගෙන එන වහල්කම,නෝන්ජල් කම නිසා නේද මේ විදියට දුක් විදින්නෙ කියලා ආශව කල්පනා කලා.ඒත් ආශවට ඒ කිසිම කෙනෙක් ගැන දුකක්වත් අනුකම්පාවක්වත් ලොකුවට දැනුනෙ නෑ.ආශවගෙ හිතට දුකක් එකතු කරපු එකම කෙනා උනේ නේත්‍ර.

ආශව කියලා කියන්නෙ පරම්පරාගත ඉරුගල්බණ්ඩාර වංශෙ හරිම ලේ.ආශවගෙ ඇගේ උනත් දුවන්නෙ ඒ පරම්පරාවෙ වංශවත්කම,ඒ මාන්නක්කාරකම.ඒ දේවල් නේත්‍ර ලගදි විතරක්ම දියවෙලා යද්දි ආශවගෙ ඇග ඇතුලෙ උනත් හිටියෙ අමු ඉරුගල්බණ්ඩාර කෙනෙක්.නේත්‍රගෙ ආශ්‍රේ නිසා උනත් ආශවගෙ ලේ වල තියෙන ඝනකම අඩු කරන්න හුගක් අමාරු උනා.ඒ ඝනකම එහෙම්මම නේත්‍ර ලගදි දිය කරලා අරින්න නේත්‍රට පුළුවන් උනත්,තමන්ගෙ ඇස් ඉස්සරහම තමන්ගෙ අප්පච්චි වෙන මිනිහෙක්ට ලේ විසි වෙනකං ගැහුවත් ඒ දිහා බලලා ගණන් නොගෙන ඉන්න තරම් දරුණු හිතක් ආශවට උනත් තිබ්බා.ඒත් ආශව ටිකෙන් ටික වෙනස් වීගෙන එන බව ආශවටවත් නොතේරුනා.

මිනිහෙක්ගෙ මූණක් නොබැලුව ආශව දැන් ඉදලා හිටලා හරි සේවකයො එක්ක කතා කරන්න,සේවකයෙක් සුභ පැතුවොත් ආපිට සුභ පතන්න,මිනිහෙක් උදව්වක් ඉල්ලන් ආවොත් ඒ උදව්ව කරලා දෙන්න තරම් ආශව වෙනස් වෙලා හිටියෙ ආශව නොදැනිමයි.ආශවම කියන විදියට සුරදූතයො වඩිද්දි යක්ෂ විමාන උනත් එලිය වෙනවා වගේ ආශවගෙ අදුරු ජීවිතේ නේත්‍ර නිසා එලිය වෙන ගමන් තිබ්බා.ඒත් තවමත් අර ලේ වලින් එන දරුණු ගති ආශව ලග තැන්පත් වෙලා තිබ්බා.කාලයක් එක්ක නේත්‍ර ඒ දේවලුත් දිය කරලා දායි.එහෙමත් නැත්තං ඒවගෙ නෂ්ටාවශේෂ හරි ආශව ලග තැන්පත් වෙලා තියෙයි.අවශ්‍ය වෙලාවල් වලදි එලියට ගන්න.

කෑම කාලා ඉවර වෙලා ඇදුමක් මාරු කරගත්තු ආශව කැප් එකකුත් දාගෙනම ඇවිත් වාහනේට නැග්ගා.මහ මුදියන්සෙගෙ උපදෙස් වලට අනුව මුදියන්සෙ එයාගෙම වාහනේ යද්දි ආශවට ආශවගෙ වාහනේ එන්න උනේ එපිටහ වත්තෙ මිනිස්සුන්ටත් ඉරුගල්බණ්ඩාර මහන්තත්තකම පෙන්නන්න ඕනි උනු නිසා වෙන්න ඇති.කොහොම නමුත් ඒ වගේ රගන වැඩ වලට ආශව සෑහෙන්න අකමැති උනාට මේ වෙලාවෙ මුදියන්සෙගෙ වචනෙන් පිට ආශවට යන්න බැරි වුණා.

විනාඩ් පහලවක විතර ගමනකින් පස්සෙ මහ මුදියන්සෙ අලුතින් මිලට ගත්තු වත්තට ලං වුණු ආශව වාහනේ ඒ ලගින්ම නවත්තලා බැහැලා යද්දි මුදියන්සෙ හෙවන තියෙන ගහක් යට තිබ්බ පුටු දෙකෙන් එකක වාඩි වෙලා හිටියා.ආශවව දැක්ක මුදියන්සෙ තමන්ට එහා පැත්තෙ තියෙන පුටුව ආශවට පෙන්නද්දි ආශවත් ගිහින් එතනින් ඉදගත්තා.ඒත් එක්කම ආශවගෙ ඇස් ගියේ අර වැඩ කරන සේවකයො ගොඩ අස්සෙ කඩියා වගේ වැඩ කරන පුංචි බට්ටා දිහාවට.

නේත්‍ර තමන්ගෙ පුංචි අත් දෙකෙන් අල්ලගත්තු පොරවෙන් කපලා දාලා තිබ්බ ලී කොටන් පලන ගමන් හිටියා.පොරව අමාරුවෙන් උස්සන ගමන් පාත් කරන නේත්‍රගෙ මුළු ශරීරෙම රතුපාට වෙලා තිබ්බෙ ඒ වැඩෙන් නේත්‍රගෙ පුංචි ශරීරෙට එල්ල වෙලා තියෙන පීඩනේ නොකියා කියන ගමන්.නලලට උනපු දාඩිය ටික අතින් පිහදාලා පහලට ගැසුව නේත්‍ර හයියෙන් හුස්ම උඩ පහල දාන ගමන් නිකමට වගේ ආශව ඉන්න පැත්ත බැලුවා.හෙවණට වෙලා ඉදන් උන්නු ආශවව දැක්ක නේත්‍ර ආශව දිහා බලලා ආදරෙන් හිනා වෙලා ආපහු පාරක් දර පලන්න ගත්තා.

"ඔය කොල්ලා පලන දර ටික කොනකට ගොඩ ගහපං සිරිමල්! තව ටිහකින් ට්‍රැක්ටරයක් එයි.ඒකට පටවපං"

මහ මුදියන්සෙ කෑ ගහද්දි සිරිමල් කොල්ලා නේත්‍ර පලන දර ටික එක්කාසු කරන්න ගත්තා.හයිය හත්තිය තියෙන පිරිමි වෙන වැඩ කරද්දි පුංචි එකෙක් උනු නේත්‍රටම මේ බර වැඩ මොකෙක් හරි දීලා තියෙන්නෙ තියෙන තුච්ඡකමට කියලා තේරුම් ගත්තු ආශවගෙ අතමිට මෙලවුණා.මොකද නේත්‍ර කියන්නෙ කියන දෙයක් හා කියලා පිලිඅරං කාගෙවත් හිත නොරිද්දවන්න වැඩ කරන කෙනෙක් බව හැමෝම දන්න නිසා නේත්‍රගෙම මට්ටමේ මිනිස්සුත් නේත්‍රව පාගලා දාලා කියලා ආශව තේරුනා.මාරාවේශ වෙලා හිටියත් කේන්තිය පාලනේ කරගත්තු ආශව මහ මුදියන්සෙට කතා කලා.

"අප්පච්චි"

"ඕ සුදුපුතා?"

"අර නේත්‍රව දර පලන වැඩේට හරියන්නෑ වගේ නේද? බලන්නකො ඒ ලමයට පොරව උස්සගන්නම සෑහෙන්න වෙලා යනවනෙ....වැඩ පරක්කුයි"

"ඒකා විතරද දර පලන්න ඉන්නෙ? මම හිතුවෙ තව කවුරුහරි කරනව කියලා"

"නෑ අප්පච්චි....ඕක හයිය හත්තිය තියෙන මිනිහෙක්ට දීලා නේත්‍රව ඔය වෙන වැඩකට ගත්තනම් හරි නේද?"

"ඕහ්! සුදුපුතාටත් ඔය යමක් කමක් තේරෙන්නෙ....මැනුවෙල්!!!"

"මහ මුදියන්සෙ?"

"අර නිර්මලාගෙ කොල්ලව ඔය වැඩෙන් අහක් කරලා හයියක් තියෙන එකෙක්ව දර පලන වැඩේට දාපං! ඒ කොල්ලව ඔය අතු ඉති රහින වැඩකට දාපං"

"හොදමයි මහ මුදියන්සෙ"

නේත්‍ර ලගට ගිය මැනුවෙල් මොකක් හරි කියනවත්,නේත්‍ර ඔලුව වනලා නේත්‍රගෙ පුංචි අත් දෙකට පිඹ පිඹ අතු ඉති රහින තැනට යනවත් ආශව දැක්කා.මහ මුදියන්සෙට ආව දුරකථන ඇමතුමකුත් එක්ක මුදියන්සෙ වලව්වට යන්න පිටත් වුණේ ආශවට මෙතන වැඩ සේරම බලාගන්න භාර කරලා.ආශව බලන් හිටියෙ මහ ගිනි කාෂ්ටකේ අතු ඉති රහින තමන්ගෙ පුංචි ආදරවන්තයා දිහා.ආශවගෙ පපුවෙ කොනක් නෙවෙයි මුළු පපුවම ඇදුම්කන්න ගත්තා.දෙවියොත් ඇයි තමන්වම මෙහෙම පරික්ෂා කරන්නෙ කියලා කල්පනා කල ආශව හදවතින්ම දෙවියන්ට පවා ශාප කලා....තමන්ගෙ පුංචි ආදරවන්තයට දෙන ගින්දර වලට.

"ආහ්....."

"ඇස් කටේ තියංද කොල්ලො ඉන්නෙ? බලපං මම තව ඩිංගෙන් මේ දර ටිකත් බිමනෙ!"

"ස්...සමාවෙන්න මාමෙ"

"මුදියන්සෙත් උබලව මොන මගුලකට ගෙන්න ගන්නවද මංදා වැඩ වලට? කැද බීලා වගේ පණක්වත් නැති උන්"

"................"

අතු ඉති ටික පාහන ගමන් උන්නු නේත්‍රගෙ ඇගේ දර පොලු ටිකක් ගෝනියකට දාන් ආව මනුස්සයෙක් හැප්පෙද්දි නේත්‍ර විසික් වෙලා ගිහින් අර අතු ඉති ගොඩට වැටුණා.හීරුණු අත පය එක්ක නැගිට්ට නේත්‍ර බිම බලන් ආයෙමත් වැඩ පටන් ගත්තත් අර මනුස්සයෙගෙ කටට නම් නිවනක් ලැබිල තිබ්බෙ නෑ.

"උබ පුංචි මුදියන්සෙ යන ඉස්කෝලෙට ගියාට තාම හරියකට කා ගන්නවත් නෑ වගේ නේද?"

"................"

"අප්පෙක්වත් හිටිය නම් උබ......"

"උබට මොකද්ද මිනිහො ඔච්චර කියවන්න තරම් උනේ?"

"ප්.....පුංචි මුදියන්සෙ...."

"පුංචි මුදියන්සෙ තමා යකෝ! මොනාද උබ ඔච්චර කියවන්නෙ? උබ හාමු මහත්තයද මේ කොල්ලට ගරහන්න?"

"සමාවෙන්න පුංචි මුදි......."

"ආයෙ උබට මෙහෙ වැඩ නෑ.....දැන් පලයං!"

"අනේ පුංචි මුදියන්සෙ.....මගෙ දරු පවුල නඩත්තු වෙන්නෙ මම කරන කුලී වැඩ....."

"මට මුකුත් අහන්න ඕන්නෑ මිනිහො! යනවද මම එලියට ඇදලා දාන්නද!!!"

"අනේ ඔබතුමාට පිං අයිති වෙයි මට මෙහෙ...."

"පිං ඕනි නෑ මට! උබට යන්නනෙ බැරි! ඉදපං!"

වලව්වෙ සේවකයන්ට,වලව්වට කිට්ටු මිනිස්සුන්ට සුදුබේබි උනු, ගමේ අනික් මිනිස්සුන්ට වගේම මෙතන උන්නු පිට කුලී කාරයන්ට පුංචි මුදියන්සෙ උනු වියරුවෙන් වගේ කෑ ගහන ආශව දිහා නේත්‍ර උනත් අනික් හැමෝම එක්ක පැත්තකට වෙලා බලන් හිටියා.නේත්‍ර කියලා වෙන මොනා කරන්නද? මේ මිනිස්සු ඔක්කොම ඉස්සරහ තමන් ගිහින් සුදුබේබිව සන්සුන් කරන්නද? සුදුබේබිව තුරුල් කරගන්නද? අඩුම සුදුබේබිගෙ අතකින්වත් අල්ලගන්නද? එහෙම කරන්න අයිතියක් තිබ්බත් මෙවෙලෙ හයියක් කොහෙද? වැඩකාරයෙක්ගෙ පුතා මහමුදියන්සේගෙ පුතාව සන්සුන් කරනවා කොහොම ඒ මිනිස්සු පිලිගනියිද? ඉතින් නේත්‍රත් පැත්තකට වෙලා බලාගෙන හිටියා.

උදේ ඉදන් තිබ්බ හැම පීඩනයක්ම මෙවෙලෙ ආශවගෙ ඇගෙන් එලියට එද්දි ආශව කලේ ලග තිබ්බ දර පොල්ලක් අතට ගත්තු එක.වියරු වැටිලා හිටිය පුංචි මුදියන්සෙගෙ ඒ වැඩේටනම් සේවකයො ටික පවා ගැස්සිලා යද්දි මැනුවෙල් පැනලා ආශවව අල්ලගත්තා.ඒත් එක්කම නේත්‍රට කෑ ගැහුව මිනිහත් වත්තෙන් එපිටට පැනල දුවද්දි පොල්ල පොලවෙ ගැහුව ආශව පැත්තක හිටිය නේත්‍ර දිහාවටත් බැල්මක් දාන ගමන් ආයෙමත් ගිහින් ගස් හෙවණෙන් ඉදගත්තා.

"මහ මුදියන්සෙ වගේ නෙවෙයි පුංචි මුදියන්සෙ"

"ඔව් බං....සුදුබේබි වලව්වෙදි උනත් අපි එක්ක කතාබහ කරනවා"

"පුංචි මුදියන්සෙ වගේ කෙනෙක් අපේ මට්ටමේම පැංචෙක් වෙනුවෙන් කතා කලා කියන්නෙම මොන තරම්නම් දෙයක්ද?"

"සුදුබේබියි නේත්‍ර කොල්ලයි යන්නෙ එකම ඉස්කෝලෙට නොවැ....දෙන්නා හරි යාලුවො"

"අනේ පුංචි මුදියන්සෙටනම් වරදින්න එපා"

"කොහොමත් ඔය විල්සන් කාරයා කාවහරි පාගන්න බලන් ඉන්නෙ....දැක්කනෙ මේ පොඩි එකාවත් තල්ලු කරලා දැම්ම හැටි....හොද වැඩේ ඔය මිනිහට"

"සුදුබේබිට දලදා හාමුදුරුවන්ගෙම පිහිටයි"

වලව්කාරයෙක්ගෙන් උපන්තේකට සැනසිල්ලට වචනයක්වත් නාහලා තිබ්බ මේ මිනිස්සුන්ට ආශවගෙ අද හැසිරීම මහ මෙරක් වගේ උනා.ඒ වගේම පුදුමයක් උනා.ආශව නේත්‍ර දෙන්නගෙ ඇත්තටම තියෙන බැදීම ගැන නොදැන හිටියත්, උසස් පහත් කියන කුල දෙකක හිටිය මේ යාලුවො දෙන්නගෙ බැදීම වෙනුවෙන් සුදුබේබි එහෙම කතා කල එක ගමේ මිනිස්සුන්ගෙ පැසසුමට ලක් වුණා.තමන්ගෙ පැත්තෙනුත් ඩිංගක් හරි හිතන මාන්නක්කාරයෙක් ගමේ ඉන්නවා කියලා හිතාගත්තු මේ අහිංසක දුප්පත්තු ටික ලොකු හුස්මක් පහල දැම්මා.

"නේත්‍ර කොල්ලො...ආන්න අර හෙවණට ගිහින් ටික වෙලාවක් ඉදපං....නැත්තං ගෙදරම යමං.....උබට මේ තුවාල එක්ක වැඩ කරන්න බෑනෙ"

"කමක් නෑ මැනුවෙල් මාමෙ....මම කරන්නම්.....ඒ හැටි තුවාලයක් නෑනෙ"

"මම මහ මුදියන්සෙට මොනා හරි කියලා පරක් කර ගන්නම්.....උබ යමංකො ගෙදර.....කියන දේ අහලා"

"කමක් නැද්ද මාමෙ?"

"කමක් නෑ පැංචො....මහ මුදියන්සෙ කිව්ව නිසාම විනා උඹ වගේ පැංචෙක් මේ වගේ වැඩ කරද්දි වයසක මිනිහෙක් උනු මගෙ හිත උනත් වාවන්නෑ බං....දැන් යමංකො උබ"

"හරි මැනුවෙල් මාමෙ....අනේ හුගක් පිං මාමට"

"පරිස්සමින් යමං පැංචො"

මැනුවෙල් බලන් උන්නෙ කොර ගගහා ආශව උන්නු පැත්තට ඇවිදන් යන නේත්‍ර දිහා.මීට අවුරුදු ගාණකට කලින් සුදුබේබිට ගෙනාව තෑග්ගට විහිලු කල වෙලේ ඇඩුව පුංචි එකාගෙයි මේකාගෙයි කිසිම වෙනසක් වෙලා නෑ කියලා මැනුවෙල්ට හිතුනා.තනිකඩයෙක් උනු මැනුවෙල් වචනෙන් නොකිව්වට නේත්‍රට තමන්ගෙම දරුවෙක්ට වගේ ආදරේ කලා.ඒකමයි නේත්‍රට මෙවෙලෙ උනත් මැනුවෙල් උදව් කරන්න ඉදිරිපත් උනේ.නේත්‍ර ගිය එකට අනික් මිනිස්සුන්ගෙත් කිසිම විරුද්ධත්වයක් නැති තැන මැනුවෙල් කර කර ඉදිය වැඩේම කරන්න ගත්තා.

"ස්.....සුදුබේබි....."

"............."

"මා එක්ක කතා නොකර ඉන්න තරම් මම කල වරද මොකද්ද සුදුබේබි?"

"..........."

"අනේ ඔහොම ඉන්න එපානෙ....නේත්‍රට හුගාක් දුකයි"

"............"

"මම යන්නම් සුදුබේබි ගෙදර එහෙනම්....වැරැද්දක් වෙලානම් අනේ මට සමා වෙන්න"

"ඔහොම ඉන්න! දිවාෂ එයි"

"ස්.......සුදුබේබිගෙ ඇස් වල කදුළු ඇයි දෙයියො මේ...මම..."

"මෙතන ඔයා එක්ක මට ඕනි විදියට ඉන්න බෑනෙ නේත්‍ර...දිවාෂ එක්ක ගෙදර යන්න.මම එන්නම් ටිකකින්"

"හ්....හොදයි සුදුබේබි"

හෙවණට ගිය නේත්‍ර ආශවට කතා කලත් ආශව නේත්‍ර දිහා බලන්නවත් මහන්සි නොවෙද්දි ඒක නේත්‍රගෙ හිතට දරාගන්න බැරි දෙයක් උනා.ඇගේ පතේ වේදනාව,මානසික පීඩනේ එක්ක සුදුබේබිගෙන් වචනෙක හරි සැනසීම හොයං ආවත් සුදුබේබි තමන්ව නොසලකා හැරිය එකෙන් නේත්‍රගෙ හිත නොසෑහෙන්න තුවාල වෙලා තිබ්බා.ඒත් හදිසියෙම දැක්ක ආශවගෙ කදුළු නිසා ආශව මෙවෙලෙ තමන්ට ලං නොවී ඉන්න හේතුව තේරුම් ගත්තු නේත්‍ර ආශව දුන්නු උපදෙස් පිලිපදින ගමන් ගෙදරින් වතුර බෝතලේ දාන් ආව මල්ලත් උස්සගෙන වත්තෙන් එලියට යන්න ගත්තා.

"ආවා සොම්යා ආතරේ....... දිවාසගෙ ආලේ ගලයි සාගරේඒඒඒඒඒඒඒඒ......සුදු මූණ හංගන් ගියේ.....ආ ආ....ඇයි චූචී...."

"දිවාෂ ඇවිල්ලා නේද?"

"දෙයියනේ නේත්‍ර! ඔයාට තුවාල වෙලා! මොකද උනේ! ඇත්ත කියන්න මට"

"මුකුත් නෑ දිවාෂ.....අත්තක පැටලිලා වැටුනා"

"මම දන්නෑ නේත්‍ර.....අර මිනිහත් උබ පොඩි එකෙක් කියලා නොබලා වැඩ ගන්නවනෙ ශිට්! ඔයාට මේකෙ යන්න පුලුවන්ද? මම මෙච්චර දෙයක් දන්නෑනෙ.....මට කියලා ඉතින් තියෙන්නෙ පුස්සයිකලේ විතරනෙ අනේ.....ඒකයි මේකෙ ආවෙ.මේ බවක් දන්නවනම් මම අම්මගෙ කාර් එක අරං එනවා"

"අනේ....ඒකට කමක් නෑ දිවාෂ....මට පුළුවන්....මට පයින් උනත් යන්න පු...."

"අනේ මේ චූචියො! කට වහන් නැගපං මේ පොල්ල උඩට..... මම කෝකටත් කියලා කොට්ටයක් අරං ආවා....ආ....ඉදගන්න දැන්"

බයිසිකලේ ඉස්සරහ පොල්ල උඩින් පුංචි කොට්ටයක් තිබ්බ දිවාෂ නේත්‍රට ඉදගන්න කියද්දි නේත්‍ර කකුල් දෙක එක පැත්තකට දාලා එතනින් ඉදගත්තා.නේත්‍රගෙ මල්ලත් හැඩලයෙ එල්ල ගත්තු දිවාෂ හෙමි හෙමින් ඉස්සරහට ඇදෙන්න ගත්තෙ නේත්‍රට අපහසුවක් නොවෙන විදියට.හුලගත් එක්ක එන නේත්‍රගෙ මල් සුවද එක්ක දිවාෂගෙ අර ඇතුලෙ ඉන්න කුපාඩිකම එලියට ආවා.

"නේත්‍ර, ඔන්නොහෙ ආසවව අතෑරලා මාත්තෙක්ක සෙට් වෙන්න අනේ"

"සුදුබේබිට ඇහුනොත් ගුටි දෙයි ඔයාට හොදේ"

"ඕකා දන්නෙ මොකෙක්ට හරි දෙක තුනක් අනින්න විතරයි තමා....බලන්නකො නේත්‍ර අපි දෙන්නා මේම පුස්සයිකලේ යද්දි කොච්චරනම් රොමෑන්ටික්ද?"

"අනේ අනේ"

"ඔයාට ගැලපෙන්නෙ මාව.....ඔයා එක්ක මේම පුස්සයිකලේ යද්දි මට නිකං කිචි වගේ....චූචියට කිචි නැද්ද?"

"කිචි කිචි"

"දෙන්නටම කිචි....ඒ කියන්නෙ අපි දෙන්නා තමා ගැලපෙන්නෙ.....ඔයාට පේනවත අර ඉස්සරහ පාර මැද තියෙන වල?"

"ඕ...."

"අද ඔයාට තුවාල නූනනම් මම ඕකට දානවා මේක....එතකොට බයිසිකලේ පෙරලෙනවා......ඔයා උඩ යනවා.....මම පෙරලෙනවා.....ඔයා උඩ යනවා.....මම ඉක්මනට නැගිටිනවා.....ඔයා උඩ යනවා.....මම ඔයා ඉන්න කෙලින් කේන්ත්‍රගත වෙනවා....ඔයා උඩ යනවා...."

"අයියෝ නේත්‍ර සරුංගලයක් නෙවේ එච්චර උඩ යන්න....හුම්ම්ම්"

"ඕම මූණ බෙරි කරගන්නෙපා හුරතල් පාට වැඩි වෙනවා....ඒම උනොත් මම ගෙදරට යන එක පැත්තක තියලා මෙහෙම්මම පුස්සයිකලේ ඔයාව එක්කන් යන්නෙ රෙජිස්ට්‍රාර් ලගට"

"ඒ මොකටද?"

"ව්‍යාපාර නාමයක් රෙජිස්ටර් කරන්න....නේත්‍ර ප්ලස් දිවාස....නෙවාස ස්ටෝර්ස් කියලා පොඩි කඩයක් දාගමු අපි"

"ඒ මොකටද?"

"ඇයි අපි උ....ආ කියන්න බැරි උනානෙ....මම ඔයා උඩ යන කෙලින්ම හිටගන්නවා....ඔන්න ඔයා පහලට වැටෙනවා....මම ඔයාව අල්ලගන්නවා....අපි දෙන්නම නිම වැටෙනවා....එතකොටම මේ වටපිටේ තියෙන මල් ගස් වලින් මල් හැලෙන්න ගන්නවා....දෙයියොත් අහසෙ ඉදන් මල් ගහනවා....අපි දෙන්නා ඊට පස්සෙ කසාද බදිනවා"

"අම්මෝ දිවාෂ හිතන දුර"

"ඔව්.....ඊට පස්සෙ මායි තෙවි....නෑ මායි ඔයයි සතුටින් ජීවත් වෙනවා"

"දිවාෂ මට මොනාහරි හංගනවද? ලගක්දි ඉදලා සමහර වෙලාවට දිවාෂ අමුතුයි...."

"හංගන්නෑ....මට තේරෙන්නෑ.....තේරුනාම කියන්නම් ඔයාට.....ඔයාට නොකියන දෙයක් මම ලග නෑනෙ චූචියො"

"දිවාෂ....පල්ලම මම බහින්නම්.....බයිසිකලේ යන්න අමාරුයිනෙ"

"ඉන්න මාත් එන්නම්.....යං"

නේත්‍රලාගෙ ගෙදරට එපිට මෙච්චර දේවල් වෙද්දි මේ මෙලෝ මගුලක් නොදන්න දෙවිනුයි දෙනෙතුයි දෙන්නා නේත්‍රලාගෙ ගෙදර ඉස්තෝප්පුවෙ ඉදන් හිටියා.උදේ තමන්ගෙ පස්සෙන් ආව දෙනෙත් තමන් එක්ක වලව්වට නොහැරී කෙලින්ම පාරෙ යනවා දැක්ක දෙවින් තරහා අමතක කරලා දෙනෙත් යන්නෙ කොහෙද බලන්න දෙනෙත්ගෙ පස්සෙන් ගියා.දෙනෙත් නැවතුනේ නේත්‍රලාගෙ ගෙදර ඉස්සරහ.අද උදේ නේත්‍රට ගත්තු දුරකතන ඇමතුමකින් දෙනෙත් දැනන් හිටියා අද අරුන්දතී නේත්‍ර දෙන්නා විතරයි ගෙදර ඉන්නෙ කියන එක.

"ආ අරුන්දතී කෙල්ල....."

තමන්ගෙ පිටිපස්සෙන් එන දෙවින්ව ඇස් කොණෙන් දැක දැකම දෙනෙත් මිදුල අතු ගගා උන්නු අරුන්දතීට කතා කරගෙනම ගිහින් ඉස්තෝප්පුවෙන් ඉදගත්තා.මීට කලින් දෙවතාවක් වගේ දෙනෙත්ව හම්බෙලා තිබ්බ නිසා අරුන්දතී දෙනෙත්ව හොදට දැනන් හිටියා.ඒත් එක්කම වත්තට ගොඩ වුණු දෙවින් එක්කත් සුහදව හිනා වුණු අරුන්දතී මිදුල දඩි බිඩි ගාලා අතුගාලා දාලා කුස්සියට ගියේ තේ දෙකක් හදන් එන්න හිතාගෙන.මෙච්චර වෙලා දෙවින්ගෙ පස්සෙන් ආව දෙනෙත් දැන්නම් හිටියෙ දෙවින් කියලා මිනිහෙක්ව නොදන්න ගාණට.

"මහත්තයා තේ බොන්න....... ලොකු බේබි....තේ...."

"මට දෙවින් කියලා කතා කරන්න අරුන්දතී.....ඔය මහ මිනිස්සු ඉන්න තැන්වල විතරක් ඔහොම කතා කලාම ඇති"

"හුම්ම්...මටත් හොදේ....මම දෙනෙත්....අනික මටනම් ඕනි තැනක නම කියලා ක්තා කරන්න.මම මේ ගමේ නෙවේනෙ....අනික අරුන්දතී වගේ ලස්සන කෙල්ලෙක් මගෙ නම කියලා කතා කරද්දි හරි සතුටක් එනවා"

දෙනෙත්ගෙ වචනත් එක්ක අරුන්දතී හිනාවෙලා ගිහින් ඉස්තෝප්පුවෙ පඩියක ඉදගනිද්දි දෙවින් දෙනෙත්ට රැව්වා.දෙවින් දිහා බලලා පුඃ ගාලා කොන්ඩෙ උඩ යන්න හුස්මක් පිම්බ දෙනෙත් ආයෙමත් අරුන්දතීට කතා කරන්න ගත්තා.

"අරුන්දතිත් අපේ වයසෙ නේද?"

"ඔව් දෙනෙත් මහත්තයා....මමත් ඔයාලගෙ වයසෙම තමා"

"මහත්තයා කියන්න එපා අනේ"

"කමක් නෑ මහත්තයා....මේ මට හුරු විදියනේ...."

"හ්ම්ම් හ්ම්ම්....අරුන්දතීව දැක්කම මට කවුරුහරි හින්දි නිලියක් මතක් වෙනවා...."

"කමලා හසන්වද?"

"කමලා හසන් කියන්නෙ පිරිමියෙක් මෝඩයො! තමුසෙ දහතුන වසරට ගියේ කොහොමද දන්නෑ"

"අනේ මේ දෙනෙත්"

"මහත්තය බීලා ඉවරනම් කෝප්පෙ දෙන්න....මම කුස්සියෙන් තියල එන්නම්"

"ආ ගන්න අරුන්දතී"

කුස්සියට යන අරුන්දතී දිහා බැලුව දෙනෙත් එහෙම්මම දෙවින් දිහා බලලා මහා හයියෙන් කෑගහලා සිංදුවක් කියන්න ගත්තා.

"නින්ද නේන රාත්රීයේ

මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ ඕ-ඕ-ඕ

නින්ද නේන රාත්රීයේ

මේ පාළු කාන්සියේ

පායා අරුන්දතී තරුවෙන්

එන්න කාන්තියේ ඕ-ඕ-ඕ

නින්ද නේන රාත්රියේ....."

"දෙනෙත්!නවත්තගන්නවා ඔය විකාරෙ!"

"මොකද්ද විකාරෙ.....අරුන්දතීව දැක්කම මට ඒ සිංදුව මතක් වෙනවා....බලනවකො අරුන්දතී තරුවක් වගේනෙ"

"තරු පෙන්නනවා හැබැයි මම උබට ඈ...."

"පෙන්නයි පෙන්නයි"

"දෙකක් දුන්නනම් හරි....හුරතල් කරන එකේ වැරැද්ද මාත්!"

"ගහන්න හරි හුරතල් කරන්න හරි මාත්තෙක්ක යාලුවෙනවකො දෙව්"

"මට බෑ...."

"එහෙනම් මම අරුන්දතී එක්ක සෙට් වෙනවා"

"උබව මරනවා හැබැයි මම"

"ඉතින් යාලු වෙනවකො දෙව්.....තවත් පස්සෙන් එන්න විදියක් නෑ මට....එන්න තියෙන හැම විදියටම ආවා"

"හහ්...."

"ලමිස්සි වගේ ගස්සන්නෙපා අනේ.....තවුසෙ ටොපෙක් කියලා මම මේ තාම හිතන් ඉන්නෙ...ඒක නැති වෙනවා ඕම වෙද්දි"

"ඉන්නවා පැහෙන කතා නොකියා....දැන් හැදිලා ගාණට"

"යාලුද?"

"........."

"පායා අරුන්දතී තරු........"

"යාලුයි යාලුයි......"

"මට සමාවෙන්න දෙව්....මගෙ අතින් උනු හැම වරදකටම.....ආයෙ මම එහෙම කරන්නෑ"

"හ්ම්ම්....ආයෙ ඒ වගේ වැරදි වෙන්න දෙන්න එපා.....පේනවනෙ උනු ප්‍රශ්නෙ....තවම ආශවයා කතා නෑනෙ ඔයා එක්කයි මල්ලි එක්කයි"

"හ්ම්ම්ම්.....මම ආශවගෙනුත් සමාව ගන්නම්"

"හරි.....දැන් ඉන්න ඉතින් හොටු හූරන්නැතුව"

"ඔයා නරකයි දෙව්.....මහ....දෙයියනේ....අර නේත්‍ර බබා නේද එන්නෙ වැනි වැනී?"

"ඔව්මයි ....... පොඩි එකාට තුවාල....දිවාෂ මල්ලිත් එන්නෙ.....මොකක් හරි අවුලක්වත්ද?"

"මහත්තේලා මො.....ප්....පොඩ්ඩො!!!"

දෙනෙතුයි දෙවිනුයි ඉදගෙන හිටි තැන්වලින් නැගිටලා ගල් ගැහිලා වගේ ඉද්දි කුස්සිය පැත්තෙ ඉදන් ආව අරුන්දතී නේත්‍රව දැකලා කෑ ගහන් එලියට දුවගෙන ගියා.නේත්‍රගෙ අතින් අල්ලලා තමන්ට වත්තම් කරගත්තු අරුන්දතී නේත්‍ර එක්ක ගෙට ගොඩ වුණා.

"අනේ අක්කෙ බය වෙන්නෙපා.....ඒ හැටි අමාරුවක් නෑ මට....අත්තක පැටලිලා වැටුනා"

"අමාරුවක් නැත්තං වැනි වැනි ආවෙ ඇයි පොඩ්ඩා?"

"නෑ පල්ලම බැහැං ආව නිසා මම......"

"තුවාලනෙ රත්තරනේ අතපය හතරෙම.....කාමරේට ගිහින් ඇදුම ගලවන්න....මම එන්නම් පිහදාන්න.....බේත් ඩිංගිත්තක් දාන් වෙනිවැ......සුදුබේබි නේද අර?"

"ඔව් ඔව්....නේත්‍රව මම එක්ක එව්වෙ ආසවයා ටිකකින් එන්නම් කියලා තමා....මූ හැබැයි ටිකක්වත් වෙලා ඉදලා නෑ වගේයි"

ඒත් එක්කම කඩුල්ලෙන් වත්තට පැන්න ආශව නේත්‍රගෙ ගෙයි ඉස්තෝප්පුවෙ හිටිය එක මිනිහෙක් දිහාවත් නොබලා නේත්‍ර ලගට කෙලින්ම ඇවිදන් ඇවිත් නේත්‍රව අත් අතරට ගත්තා.අරගෙන අරුන්දතී දිහා බැලුව ආශව කතා කලා.

"අරුන්දතී උණුවතුර තියෙනවද?"

"ඔව් සුදුබේබි....තේ හදන්න රත් කල ඒවා තියේ"

"උණු වතුර බාජනේකට දාන් අරං එන්න නේත්‍රගෙ කාමරේට....මම බලාගන්නම් නේත්‍රව"

"හොදමයි සුදුබේබි"

ඒ වචන ටික කිව්ව ආශව ගල් ගැහිලා වගෙ ඉන්න නේත්‍රවත් උස්සන් කෙලින්ම කාමරේට ගියා.නේත්‍රව කාමරේ ඇද උඩින් තිබ්බ ආශව නේත්‍රගෙ කමිසෙට අත තිබ්බත් ඒත් එක්කම ආශව තමන්ගෙ අත පස්සට ඇදලා ගත්තා.නේත්‍රගෙ කම්මුල් උනත් තද රතුපාට වෙද්දි ආශව අහක බලාගෙන නේත්‍රට කතා කලා.

"ඔය කමිසෙ ගලවලා අත් කපපු බැනියමක් වගේ තියේනම් ඇදගන්න නේත්‍ර....මම අහක බලාගෙන ඉන්නම්"

"හ්....හා සුදුබේබි....."

"ඔයා ඔහොම ඉන්න....කබඩ් එකේ තියෙනවද? මම අරං දෙන්නම්"

"කබඩ් එකේ යටම හරියෙ කොනට වෙන්න නවලා දාල තියෙනවා සුදුබේබි"

"හා ඉන්න"

ආශව කබඩයෙන් අරං දුන්නු බැනියම නේත්‍ර කමිසෙ ගලවලා ඇදගන්නකං ආශව අහක බලාගෙනම හිටියා.ටික වෙලාවකින් නේත්‍රගෙ හීනි හඩ ඇහෙද්දි ආශව නේත්‍ර දිහා බැලුවා.ඒත් එක්කම අරුන්දතී කාමරේට දුන්නු උනුවතුර බාජනේත් අතට ගත්තු ආශව නේත්‍ර ලගට ඇවිදන් ආවා.

"හ්...හරි සුදුබේබි...ඇදගත්තා"

"ඔහොම ඉන්න....මම මේ වතුර එකෙන් පිහදානකං....දැවිල්ලක් දැනෙයි මැණිකෙ....ඒත් අපි තුවාල ටික පිරිසිදු කරගෙන ඉන්න ඕනි නෙ....හොදද?"

"හරි සුදුබේබි...ඒ හැටි වේදනාවක් දැනෙන එකක් නෑ"

"උඹ උහුලන වේදනාවල බර උබටම දැනෙන්නෙ නෑ මගෙ නේත්‍ර"

නේත්‍ර ලගින් දණ නවාගත්තු ආශව ලේ කැටි ගැහුනු හීරුණු පාරවල් උණු වතුර වලින් පොගවපු සර්වියට් එකකින් පිහින්න ගත්තා.ආශවගෙ වලව්වෙ තියෙන ඇදේ ඉදගත්තම නේත්‍රගෙ කකුල් බිම නොගෑවුණාට නේත්‍රගෙ පුංචි ඇදේ ඉදගත්තමනම් නේත්‍රගෙ කකුල් බිම ගෑවුණා.නේත්‍රගෙ කකුල් දෙක පිහලා ඉවර කල ආශව නේත්‍රගෙ පුංචි අත් දෙකත් පිහින්න ගත්තා.

"ස්ස්ස්ස්ස්......"

"රිදෙනවද මැණික"

"නෑ සුදුබේබි......ඩිංගක් දැවිල්ල දැම්මා"

නේත්‍රගෙ අත් වලට හුස්ම පිඹින්න ගත්තු ආශව හුස්ම පිඹ පිඹ නේත්‍රගෙ අත් දෙකෙත් ලේ පිහලා දැම්මා.නේත්‍රගෙ කිරි සුදු හම රතු පාට වෙලා හීරිලා ගිහින් තිබ්බා වගේම සමහර තැන් ඉදිමිලා තිබ්බා.බේත් බෝතලෙයි ගෝස් කෑලියි අතට ගත්තු ආශව නේත්‍රගෙ කදුළුත් පිහින ගමන් නේත්‍රව පරක් කර කර බේත් ටික දාලා ඉවර කල ගමන් නේත්‍ර ආශවගෙ පපුවට ඔලුව තියාගත්තා.

"රිදෙනවද?"

"නෑ සුදුබේබි....දැවිල්ලයි වගේ....ඒ ගතිය ඇරිලා යාවි"

"හ්ම්ම්ම්......."

"සුදුබේබි කොහෙද යන්නෙ?"

"නේත්‍රට බොන්න වෙනිවැල්ගැට තම්බනවා කිව්වා අරුන්දතී.....ඒක අරං එන්න"

"ම්හ්.....යන්නෙපා සුදුබේබි.....නේත්‍රගෙ අතයි කකුලයි උස්සන්න බෑ වගේ....මේ"

"දැන් රිදෙන්නෑ කිව්වා නේද?"

"දැන් රිදෙනවා සුදුබේබි.....ලගින් ඉන්නකො"

"කෝ එන්න....අරුන්දතී එහෙනම් එන වෙලාවක එයිනෙ බේත් කෝප්පෙ අරං"

"සුදුබේබිගෙ පපුව උඩින් ඔලුව තියාගන්නම්ද මම?"

"ඕක අහන්නත් දෙයක්ද රත්තරනේ? මේ පපුවෙ ඔලුව තියාගන්න අයිතිය තියෙන්නෙ නේත්‍රට විතරක්ම වෙද්දි?"

"හි හී....."

නේත්‍ර එහෙම්මම ඇදේ ඇලවුණු ආශවගෙ පපුවට ඔලුව තියං ඇලවුණේ අත් වල ගාලා තියෙන බේත් ආශවගෙ ඇගේ නොවදින විදියට.නේත්‍රගෙ ඉණෙන් අත දාලා තව ටිකක් නේත්‍රව ලං කරගත්තු ආශව ගැටපිච්ච සුවද හමන නේත්‍රගෙ හිස් මුදුනෙන් හාද්දක් තිබ්බා.ආශවගෙ හාදු එක්ක නේත්‍ර තව ටිකක් ආශවගෙ පපුවට ගුලි ගැහෙද්දි ආශව නේත්‍රගෙ හිසකෙස් අස්සෙන් තමන්ගෙ දිග ඇගිලි අරං ගියා.

"නේත්‍ර....."

"ම්ම්ම්....."

"ඔයාට හැමදේම එපා වෙලා වගේ නැද්ද නේත්‍ර?"

"ඇයි සුදුබේබි ඒ? සුදුබේබි ලග ඉද්දි මට කිසිම දෙයක් එපා වෙන්නෑ"

"නේත්‍ර ලග ඉද්දි මට දැනෙන්නෙත් එහෙම තමයි.....ඒත් මම මහ අසාර්ථක ලවර් කෙනෙක් කියලා හිතෙනවා මට"

"දෙයියෝ සුදුබේබි! මොනාද මේ කියන කතා?"

"නේත්‍ර දුක් විදිනවා වැඩියි.....මේ ගමේ ඉන්න ඉන්න නේත්‍රව මිනිස්සු පාගනවා වැඩියි....මට ඒ වෙනුවෙන් මුලුත්ම කරන්න බැරි වෙද්දි....ශිට්!!"

"සුදුබේබි පුළුවන් තැන් වලින් මාව බේරගන්නැද්ද? ඉස්කෝලෙදි සුදුබේබි සම්පූර්ණෙන්ම මාව බේරලා තියෙනවා.....අද උනත් සුදුබේබි මම වෙනුවෙන් කතා කලා....මම දන්නවා,දර පලන වැඩෙන් මාව අයින් කරන්න ඇත්තෙත් සුදුබේබි කල මොකක් හරි දෙයක් නිසා"

"................"

"සුදුබේබි,සුදුබේබිගෙ වයසට සුදුබේබිට කරන්න පුළුවන් මට්ටමට සුදුබේබි කරන්න පුළුවන් උපරිමේ මම වෙනුවෙන් කරනවා....තවම සම්පූර්ණෙන්ම අපිට අපි වෙනුවෙන් පෙනී ඉන්න බෑනෙ සුදුබේබි....කොච්චර හිතුවත්,තවමත් සුදුබේබියි මමයි අවුරුදු දහ නවයකයි දහ අටකයි ලමයි දෙන්නෙක්"

"හ්ම්ම්......ඒත් මගෙ හිතට හරි අවුල් නේත්‍ර.....මට අද අර මිනිහව මරන්න හිතුනා"

"සුදුබේබි,මෙහෙම කිව්වට තරහා වෙන්නෙපා හොදද? මගෙ සුදුබේබි කේන්තිය පාලනේ කරගන්න ඕනි....මම සම්බන්ධ දේවල් වලදි සුදුබේබි කේන්ති ගන්න ගැනිල්ලට මනුස්සයෙක් ඉස්පිරිතාලෙ නවතින තරමට උනත් කරදරයක් වෙන්න බැරි කමක් නෑ....."

"............"

"මගෙ සුදුබේබිට තේරෙනව නේද මම කියන දේ.... කේන්තිය පාලනේ කරගන්න මගෙ සුදුබේබි.... අපි දෙන්නා තැනකට එමු කොහොමහරි....එතකොට කාටවත් බෑනෙ අපිට මුකුත්ම කියන්න කරන්න"

"නේත්‍ර,"

"ඕ සුදුබේබි...."

"මම දවසක් ඇහුව දෙයක් ආයෙ අහන්නම්....මට ඕනි නේත්‍රගෙ උත්තරේ වෙනසක් තියේද දැනගන්න විතරයි"

"ඕ සුදුබේබි....අහන්න"

"මම දවසක මේ හැමදේම අතෑරලා දාලා මාත් එක්ක යමු කිව්වොත්,මට නේත්‍රට ලොකු සැප සම්පත් දෙන්න බැරි වෙයි..... ඒත් මම කොහොමහරි නේත්‍රව බලාගන්නවා කියලා පොරොන්දු උනොත්,නේත්‍ර මම එක්ක එනවද?"

"සුදුබේබිගෙන් ඔය කිසිම පොරොන්දුවක් මට ඕනි නෑ කිව්වොත්? සුදුබේබි එන්න කියලා මට කියන වචනෙට විතරක් මම හැම දේම අතෑරලා දාලා සුදුබේබි එක්ක එනවා කිව්වොත්? සුදුබේබි මාව පිලිගන්නවද?"

"මම ආදරෙයි නේත්‍ර......මට තවම නේත්‍ර මට ආදරේ කරන තරම මෙච්චරයි කියලා හිතාගන්න බෑ"

"හිතන්න උත්සාහ කරන්නත් එපා සුදුබේබි.....සුදුබේබිට ඒ දේ ගනන් කරගන්න බෑ"

ආශවගෙ පපුව උඩට දැනෙන නොදැනෙන විදියට හාද්දක් තිබ්බ නේත්‍ර ඒත් එක්කම ආව ලැජ්ජාවට මූණ ආශවගෙ පපුව අස්සෙ ගහගත්තා.දොර ලගට වෙලා උගුර පෑදුව අරුන්දතී ඇදේ වෙලිලා ඉන්න ජෝඩුව දිහා නිකමටවත් නොබලා වෙනිවැල්ගැට කෝප්පෙ නේත්‍රගෙ පුංචි පොත් මේසෙ උඩින් තියලා ගියා.නේත්‍රව කොට්ටෙ උඩින් තිබ්බ ආශව නැගිටලා ගිහින් වෙනිවැල්ගැට කෝප්පෙ අරගෙන නේත්‍ර ලගින් ඉදගත්තා.

"මේක තිත්තයි නේද නේත්‍ර?"

"ඕ සුදුබේබි.....සුදුබේබිට පුළුවන් නම් මගෙ නහය වහනවද....ඇගිලි දෙහෙකින්....හුස්ම හිර වෙන්න"

"මොන! ඒ මොකටද?"

"අයියෝ.....එහෙම දේකට නෙවේ සුදුබේබි....නහය හිර වුණාම ඕක එක උගුරට ගිලලා දාන්න පුළුවන්....දිවට රහ දැනෙනවත් අඩුයි"

"හා එහෙනම් ඉන්නකො"

ආශව නේත්‍රගෙ නාහෙ තද කරලා අල්ලගෙන වෙනිවැල්ගැට කෝප්පෙ නේත්‍රගෙ කට ලගට ලං කලා.කෝප්පෙ අත් දෙකෙන්ම අල්ලන් බීලා දැම්ම නේත්‍ර මූණත් බෙරි කරං ආශවගෙ බෙල්ල අස්සෙ මූණ ගහගනිද්දි නේත්‍රව ඇද විට්ටමට හේත්තු කරලා කුස්සියට දිව්ව ආශව සීනි බෝතලේ අරං ඇවිත් නේත්‍රගෙ කටට සීනි අහුරක් දැම්මා.වෙනිවැල්ගැට එකේ බලේටයි,තුවාල වලට බේත් දැම්ම නිසයි,ආශවගෙ උණුහුමෙන් දැනුනු සනීපෙටයි නේත්‍රට නින්ද යාගෙන එද්දි ආශව නේත්‍රව පපුව උඩ තියංම නිදි කෙරෙව්වෙ ලොකු දේකට සැලසුමක් හිතින් අදින ගමන්.

"ශිට්! ඔය ආශවලගෙ අප්පච්චි නෙවේනම් මම...."

"ඔයා විතරක් නෙවෙ දිවාෂ මල්ලි,ආශව උනත් ඉවසන්නෙ ඒ නිසා තමා.....වෙන මිනිහෙක් වගේනම් මෙලහකට මොනාගෙන් මොනා වෙලාද කියලා මට හිතාගන්නත් බෑ"

"මට හරි බයයි ලොකු බේබි අපේ පොඩ්ඩා ගැන....ලොකු බේබිලාට අමුතුවෙන් කියලා දෙන්න ඕන්නෑනෙ වලව් නීති ගැන.....වලව්වලට නොගැලපෙන කෙල්ලෙක් එක්ක යාලු උනත් මාරයො වගේ හැසිරෙන මේ මිනිස්සු සුදුබේබි යාලු කොල්ලෙක් එක්ක කියලා දැනගත්තොත්.....අනේ මට හරි බයයි මගෙ පොඩි එකා ගැන"

"හැමදේම හොදින් වෙයි කියලා මට කියන්න බෑ අරුන්දතී.....ඒත් ආශව හැමදේම හොදින් වෙන අතට හරවයි.....ඔයා බය වෙන්න එපා"

"බේබිලා කිව්වට,අපේ හිත්වල ඇවිලෙන ගින්දර දන්නෙ අපි විතරනෙ.....පොඩ්ඩා හරි සියුමැලියි....ඇල්ලුවත් පොඩි වෙන විදියෙ පුංචි එකෙක් ඒකා....මට බයම ඒකයි"

"නේත්‍රට කරදරයක් වෙන්න දෙන්නෑ අරුන්දතී ආශව....අනික උන් දෙන්නා තනි වෙලා නෑ.උන් වෙනුවෙන් පණ උනත් දෙන යාලුවො ටිකක් ඉන්නවා උන් දෙන්නා වටේට.....ඒ ගැන සැකයක් තියාගන්න එපා....මට මුන් දෙන්නාම එක්සෑම් කරලා ඉවර වෙනකං විතරයි හිතේ කරදරේ තියෙන්නෙ"

"ලොකු බේබි?"

"ඊට පස්සෙ ප්‍රශ්නයක් වීගෙන එනවා දැනුනත් අපිට උන් දෙන්නව දුරකට හරි යවන්න පුළුවන්නෙ....ඒත් ඉගෙන ගන්නකං බෑ....අන්න ඒකයි මම කිව්වෙ"

"මට තේරෙන්නෑ මේ කිසිම දෙයක්.....අපේ එකා දැන දැනම ගින්නකට පැන්නා වගේ දෙයක් උනේ...."

"මම ඒක නෑ කියල කියන්නෙත් නෑ....ඒත් දැන් උන් දෙන්නට ගැලවෙන්න බැරි තරමට එකාට එකා බැදිලා ඉවරයි අරුන්දතී.....ඒ නිසා ඉස්සරහට එන ප්‍රශ්න වලට එකටම මූණ දෙන්න උත්සාහ කරනවා මිසක,පරන දේවල් වලට හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ"

"හ්ම්ම්....."

"දෙවින් පණ මේහ්....මම දැන් යන්නම් ගෙදර.අපේ අම්මයි අප්පච්චියි ගමනක් යනවා අද.හෙට රෑට එන්නෙ.මම යන්න ඕනි වැඩ වලට උදව් වෙන්න....මේ රෑට බය හිතුනොත් මම ඔයාලෑ දිහෑ එන්නද?"

"එන්න එන්න.....එන්න බයයි වගේනම් මල්ලිට හරි මට හරි කියන්න.අපි හරි එන්නම්"

"අපෝ ඌව එක්කන් එන්නනම් එපා.....මෝඩ පගා ඕකා...මම යනවා ඈ....දෙනෙත් අයියා යනවා....අරුන්දතී අක්කා,බායි.....නේත්‍ර චූචියට කියන්න මම ගියා කියලා"

"ඇයි ආශවයට?"

"එපා....ඕකා මගෙන් නේත්‍රව උදුරගෙන මෙතන ඇවිල්ලා...."

දිවාෂ තනියම කියෝ කියෝ යන හැටි බලන් හිටිය කොල්ලො දෙන්නටයි අරුන්දතීටයි හිනා ගියා.ඇත්තටම දිවාෂ එක්ක ඉන්න තත්පරේකට හරි ප්‍රශ්න හැමදේම අමතක වෙනවා...නෑ නෑ...දිවාෂ හැම මනුස්සයෙක්ටම තත්පරේකට හරි ප්‍රශ්න අමතක කරන්න උදව් වෙනවා නේද කියලා කට්ටියම කල්පනා කලා.දවල්ට කාලාම යන්න ඉන්න කියලා දෙවින්ටයි දෙනෙත්ටයි කිව්ව අරුන්දතී කුස්සියට යද්දි අරුන්දතීට ඇහුනා නේත්‍රගෙ කාමරේ පැත්තෙන් ආශව දිග හුස්මක් හෙලනවා.

.

.

.

.

.

"සුදුබේබි!"

ගොම්මන වැටෙන වෙලාවෙ මල් පහන් තියලා බුදුන්ට පහන පත්තු කෙරුව නේත්‍ර තුවාල වල වේදනාවත් අඩුවෙලා ගිහින් තිබ්බ නිසා අරලිය ගහ යට බංකුව උඩින් වාඩි වෙලා කකුල් දෙකත් හොලව හොලව හිටියා.අහසත් හවහ ඉදල බීරිම් කරලා තිබ්බත් වැහි බින්දුවක්වත් පොලවට නොවැටී විටින් විටේ අකුණු ගහන ගමන් තිබ්බා.වැස්ස වැටුනෙ නැති හන්දා නේත්‍ර වටින් එන හුලං පාරෙ සැනසිල්ලත් විදින ගමන් අරලිය ගහෙන් වැටුනු මලකුත් අරගෙන ඒකෙ පෙති හෙමීට අත ගගා හිටියා.

එකපාරටම පල්ලම් බැහැං එන තමන්ටම පේවුනු කඩවසම් පිරිමියගෙ ඡායාව දැක්ක නේත්‍ර හෙමින් සැරේ නැගිටල කඩුල්ල ලගට ගියේ මෙවෙලෙ සුදුබේබි එන්නෙ මොකක් හරි හදිස්සියකට කියලා හිතාගෙන.කඩුල්ල ලගට ආව ආශව නේත්‍රව එකපාරටම තමන්ගෙ පපුවට තුරුල් කරං ටිහකින් නේත්‍රව ඈත් කරලා නේත්‍රගෙ උරහිස් වලින් අල්ලන් ඒ මූණට බර වුණා.බෝල වෙලා තිබ්බ නේත්‍රගෙ කලු ඇස් දෙක ආශවගෙ තද දුඹුරු හීනි ඇස් එක්ක ගැටෙද්දි නේත්‍රට අමුත්තක් දැනුනෙ ආශවගෙ ඇස් වල තිබ්බ දැඩි ගතිය දැකලා.

"නේත්‍රට දෙයක් කියන්න ආවෙ"

"සුදුබේබි?"

වෙන ප්‍රශ්නවල පීඩනේ දරන්නම බැරි තැන ආශවගෙ හිතුවක්කාර හිත ඒ වගේම දරදඩු මුරණ්ඩු තීරණයක් අරගෙන තිබුනා.ඉස්සරහට වෙන දේවල් ගැන හරි හැටි නොහිතා ගත්තු ඒ හිතුවක්කාර තීරණේට නේත්‍රවත් හවුල් කරගන්න ආව ආශව හරි තීරණාත්මක විදියට නේත්‍ර දිහා බලලා ලාවට හිනා වුණා.

"මම නේත්‍රට හැමදේම අතෑරලා මාත්තෙක්ක යන්න එන්න කියන දවස අදනම්?"

"මම එනවා සුදුබේබි!"

"පාන්දර එක වෙද්දි ලාවුළු ගහ යටට ඇවිත් ඉන්න....මම එන්නම්....අපි මේ හැම දෙයින්ම ඈත් වෙලා අලුත් ජීවිතයම් ගත කරන්න යමු නේත්‍ර"

"හ්....හරි සුදුබේබි.....නේත්‍ර එන්නම්"

ආශවගෙ අයාචනෙයි,නේත්‍රගෙ පිලිගැනීමයි එක්ක නුවර අහසම එලිය කරං ගහපු මහ අකුණෙ ප්‍රතිඵලේ විදියට පලාතම දෙදෙරවන ගොරවන සද්දෙ නැගුනා.

...................................................................................................

වචන 4350+😪❤️

හෙ හෙ මොකත මේ වෙන්න යන්නෙ නේත😼😾

කැමීලියා දන්නෙත් නෑ😹❤️ දැන් ඉතින් ඊලග එනකං ඉන්න හොදේ😪

#කට්ටියවඅවුස්සලායනනරකකැමීලියා

නිවාලන්න මා එකට 100k උනානෙ😭❤️ මට හරි සතුටුයි🥺❤️

කතාව හොදනම් අදහසක් දීගෙන යන්න බබාලා🥺❤️

ගියපාර චැපෙත් සෑහෙන්න කමෙන්ට්ස් අඩුයි🥺 එතකොට ඉතින් දන්නවනෙ....මගෙන් උනු අඩුව මොකද්ද කියලා මම පැය ගණන් හිතනවා💔

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter