Back
Chapter 65

64 කොටස🤍✨️

නිවාලන්න මා...

"ම්....මට සමාවෙන්න අක්කෙ......"

ඇදුම් කෑලි දෙක තුනක් එක්ක තමන්ගෙ ජාතික හැදුනුම්පත විතරක් පුංචි බෑගයකට දාගත්තු නේත්‍ර අරුන්දතීගෙ ඇද ඉස්සරහ හිටගෙන හිටියා.බෙල්ල ලගට වෙනකං ඇතිරිල්ල පොරවන් උන්නු අරුන්දතී සන්සුන්ව නිදාගෙන ඉදිද්දි නේත්‍ර නැවිලා අරුන්දතීගෙ නලලෙන් හාද්දක් තිබ්බා.කම්මුල් තෙමාගෙන පහලට ගලන කදුළු පිහගත්තු නේත්‍ර කුස්සියෙ යකඩ කූරු ගහලා නැති ජනේලෙ ඇරලා ඒකෙන් එලියට පැන්නා.දොර ඇරං යන්න පුළුවන් උනත් ඒක අරුන්දතීට අනතුරු දායක නිසා නේත්‍ර ජනේලෙන් පිටවුණා.අන්තිම වතාවටත් ගෙදර දිහා බැලුව නේත්‍ර තමන්ගෙ පුංචි කකුල් දෙකට වාරු අරං ලාවුලු ගහ පැත්තට යන්න ගත්තෙ දහස් වාරයක් හිතින් අම්මගෙන් අක්කගෙන් සමාව අයදින ගමන්.

"න්...නේත්‍ර...."

"සුදුබේබි...සුදුබේබි ආවද?"

"මම ඇවිත් ටික වෙලාවක් නේත්‍ර"

ලාවුළු ගහ යට හිටන් උන්නු ආශව අදුරෙම ඇවිත් නේත්‍රව තුරුල් කරගනිද්දි නේත්‍රත් ආපිටම ආශවව තුරුල් කරගත්තා.නේත්‍රගෙ නලලට හාද්දක් තිබ්බ ආශව නේත්‍රගෙන් ඈත් වෙද්දි නේත්‍ර තමන්ගෙ දිලිසෙන බෝල ඇස් වලින් ආශව දිහා බලන් හිටියා.නේත්‍ර එක්ක හිනා වුනත් ආශවගෙ ඒ හිනාව ඇතුලෙ හැංගිලා තියෙන වේදනාව නේත්‍රට තේරුම් ගන්න පුළුවන් උනා.ආශව උනත් මේ යන්නෙ තමන්ගෙ හැම හීනයක්ම අතෑරලා දාලා කියලා නේත්‍ර දැනන් හිටියා.හරියටම කිව්වොත් මේ ගමන  ආදරේ පැත්තෙ කොහොම උනත්,දියුණුව පැත්තෙන් පැහැදිලිව තිබ්බ අනාගතයක් අවිනිශ්චිත කරගෙන පිටත් වෙන ගමනක් වුණා.

"යමු නේත්‍ර"

"හරි සුදුබේබි....."

"ඔක්කොම ගත්තද ගන්න ඕනිවා?"

"ගන්න කියලා ඒ හැටි දෙයක් මට නෑනෙ සුදුබේබි.....ඇදුම් ටිහකුයි අයිඩී එකයි දාගත්තා....මගදි යද්දි බොන්න වතුර බෝතලේකුයි"

"හ්ම්ම්ම්.....අපි යං"

"හරි සුදුබේබි"

නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව පිට පාරෙන්ම වලව්ව මගෑරලා ගුරුපාරට ගොඩ වුණා.ඝන අන්ධකාරෙ පැතිරිලා තිබ්බත් මෙවෙලෙ ටෝච් එකක්වත් පත්තු කරගන්න තරම් හයියක් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් නොතිබ්බෙ,කවුරුහරි මගදි දෙන්නව දකියි කියන බයට.නේත්‍රගෙ පුංචි අත හයියෙන් අල්ලගත්තු ආශව තීරණාත්මක ගමනක් යන්න පිටත් වෙලා හිටියා.

"නේත්‍ර"

"ඕ සුදුබේබි"

"නේත්‍ර අහන්නෙවත් නැත්තෙ ඇයි යන්නෙ කොහෙද කියලා?"

"කොහෙ ගියත් යන්නෙ සුදුබේබි එක්කනෙ.....ඒකයි"

"හ්ම්ම්ම්......එච්චර විශ්වාසද මාව?"

"හැමෝටම වඩා"

අදුරෙ උනත් දිලිසෙන නේත්‍රගෙ බෝල ඇස් එක්ක හිනා වුණු ආශව නේත්‍රගෙ අත තව ටිකක් හයියෙන් අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියා.ඉස්සරහට ඉන්නෙ කොහෙද? කරන්නෙ මොනාද? ඉගෙනීමට මොකද්ද වෙන්නෙ? කාලයක් දැක්ක හීන වලට මොකද වෙන්නෙ? මෙව්වා ගෙවල් වලින් දැනගත්තම මොකද්ද වෙන්නෙ? ඒ කිසිම දෙයක් ගැන නොහිතා පුංචි හිතුවක්කාරයො දෙන්නෙක් ආදරේ වෙනුවෙන් හැමදේම අතෑරලා දාලා ඉස්සරහට යන ගමන් හිටියා.

"සුදුබේබි....."

"ඔව් නේත්‍ර,කියන්න"

"මම දෙයක් අහන්න.....සුදුබේබි කේන්ති ගන්නෙ නෑ නේද?"

"නේත්‍ර දන්නවනෙ, මම කේන්ති ගන්නෑ කියලා නේත්‍ර එක්ක"

"මම මේ දේ කියන්නෙ කොහෙත්ම මේ දේට අකමැත්තෙ නෙවේ සුදුබේබි....එහෙමනම් මම මෙහෙම එන්නෑනෙ සුදුබේබි එක්ක"

"ඔව් නේත්‍ර....බය නැතුව කියන්න ඕනිම දෙයක්.....මම ඔයාගෙ සුදුබේබිනෙ"

"හ්ම්ම්ම්......අපි මේ කරන දේ හරිද සුදුබේබි?"

"නේත්‍ර?"

"දුක කියන දේ මට හුරුයි මගෙ සුදුබේබි.....ඒත් සුදුබේබිට? හැමදේම හොදින් වෙයි කියලා හිතන්න පුළුවන්.....ඒත් සුදුබේබි ඉස්සරහට එන තත්පරයක් ගානෙම අවිනිශ්චිතයි"

"...................."

"සුදුබේබිගෙ හීන....බලාපොරොත්තු...."

"මට ඉන්න ලොකුම හීනෙ,බලාපොරොත්තුව ඔයා නේත්‍ර.ඒ දේට වඩා ලොකු දෙයක් මට නෑ!"

"ඒක මම දන්නවා සුදුබේබි......ඒත් සුදුබේබිට දුක් විදින්න උනොත්.....මම ඒකට ආසා නෑ සුදුබේබි"

"ඔයා ලග ඉන්නවනම් ඕනිම දුකක් විදින්න පුළුවන් නේත්‍ර මට....."

"හරි සුදුබේබි.....අපි යමු එහෙනම්"

"යං නේත්‍ර......බස් එක එනවා තව විනාඩි හතකින් වගේ"

"දුවමුද සුදුබේබි?"

"දුවමු"

දිව්වෙ නැත්තං වෙලාවට පාරට යාගන්න බැරි බව තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ අතින් තද කරලා අල්ලන් දුවන්න ගත්තා.දෛවය කියන දේ මේ වෙද්දිත් ලියවිලා ඉවර බව නොදැන උන්නු තරුණ හිතුවක්කාරයො දෙන්නා හැමදේම වෙන්නෙ තමන්ට ඕනි විදියට කියලා හිතාගෙන ගම්මානෙන් එපිටට යන්න දුවන ගමන් හිටියා.

.

.

.

.

.

"මොන හු#තක්ද මංදා!!!"

හොද නින්දක් දාන් නිදාගෙන උන්නු දිවාෂ කෙදිරි ගාන ගමන් සාප කර කර දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ කෑ ගහන තමන්ගෙ දුරකථනෙ අතට ගත්තා.ඇස් දෙක පොඩි කර කර දුරකථනෙ වැටිලා තියෙන නම බලන්න හදද්දිම දුරකථන ඇමතුම විසන්ධි උනා.ඒ සතුට දරන්න බැරි උනු තැන දිවාෂ එහෙම්මම දුරකථනෙ මෙට්ටෙ උඩට අතෑරලා ආයෙමත් වතාවක් සැනසීමෙන් ඇස් පියාගත්තත් ඒ සැනසීම තිබ්බෙ තත්පර කීපයයි.ආයෙම වතාවක් කෑගහන දුරකථනෙ තමන්ගෙ අතට ගත්තු දිවාෂ දුරකථන තිරෙ වැටිලා තියෙන නම දැකලා ඒක කනේ තියාගත්තෙ ගත්තු මනුස්සයගෙ ආච්චි අම්මව මතක් කරන ගමන්.

"හෙලෝ යුගාන්.....ඔයා නිදිද?"

"අනේ පිස්සුද තෙවින්? මම මේ සරුංගලයක් හද හද හිටියෙ"

"ඇත්තටම? අගෝස්තු වලට තව කල් තියේනෙ යුගාන්?"

"නෑ ඊට කලින් මට ඕනි තෝව උඩ යවන්න! යකෝ පාන්දර එකත් පහු වෙලා කෝල් කරලා නිදිද අහන්නෙ! උබර්ට හිතක් පපුවක් කියලා දෙයක් ඇත්තටම ගෑවිලාවත් නැද්ද?"

"අනේ බයින්නෙපා යුගාන්....මම මේ ගත්තෙ වැදගත් දෙයක් අහගන්න"

"මොකද්ද?"

"පයනු ශයන්න ලියන්නෙ කොහොමද යුගාන්?"

"යකෝ සිංහවංශ වලව්වෙ මහ කුමාරිහාමිට බඩ යන්න යකෝ!!! තෝ මේ පාන්දර නිදන් උන්නු මාව ඇහැරෙව්වෙ ඔය තිරිසන් වැඩේටද පගෝ! යකෝ හෙන ගහන වැඩ කරනවා කියලා ඔහොමත් කරන්න එපා!හිතක් පපුවක් නැති තිරිසනා උබ! උබ වගේ අපතයො කසකස්ථානෙවත් නැතුව ඇති තෙවින්! පගයෙක් උනාට ඔච්චර පග වැඩ කරන්න එපා! උබට තේරෙන්නෑ බං මගෙ දරු දුක! බලපං මම නිදාගෙන හිටියෙ ලස්සන හීනයක් දැක දැක! නේත්‍රගෙ ඇගිල්ලට මම මුද්ද දාන්න හද්දිමනෙ තෝ මාව ඇහැරෙව්වෙ! ඇයි යකෝ ඇයි! උබට ඕක ගූගල් සර්ච් කරන්න තිබ්බනෙ ලබ්බො!"

"ගූගල් එකේ පයනු ශයන්න කියලා ගැහුවට එන්නෑනෙ අනේ"

"ප#යො ඒකට කියන්නෙ මූර්ධජ ෂයන්න කියලා!!! උබ පයනු ශයන්න කියලා ගැහුවම ඒක එන්න හිතුවද ගූගල් එක කියන්නෙ මට කියලා!"

"අනේ ඒක ලියන්නෙ කොහොමද කියන්නකො යුගාන්!"

"පයන්න ලියලා ඒක ශයන්න කරපං! හුත්තා!"

"උබ කුණුහරප කියන්නෙපා හරිද? කට තලනවා වෙලාවක! හැදිලා දැන් හොදට"

"අනේ මේ! ජානකීටවත් හදන්න බැරි උනු කට උබ කොහෙ හදන්නද?"

"පයන්න කොහොමද යුගාන් ශයන්න කරන්නෙ?"

"පයන්න කයන්න කරන්නනම් දන්නවා මම!"

"ඒ කිව්වෙ?"

"ඒකෙන් උබට වැඩක් නෑ...... ගූගල් එකේ සර්ච් කරපං මූර්ධජ ෂ කියලා"

"ඉතින් යුගාන් එහෙම සර්ච් කරන්නත් ෂයන්න දැනන් ඉන්න එපායෑ"

"උබනම් අම්මපා! ඉදින් ඔහොම මම එවන්නම් ටයිප් කරලා! අනේ අම්මපා මෙහෙම එකෙක්ව මටම සෙට් උනානෙ! ලබ්බ!"

"ආ.....මේකද? ආ හරි හරි යුගාන්.....මම මේ ඒක අහගන්න ගත්තෙ....යුගාන් දැන් නිදාගන්න"

"නින්දත් කඩලා දැන් ආයෙ නිදාගන්න කියන්නෙ! මරනවා තෝව! දැන් මට නිදිමත එනකං කතා කර කර ඉදින්!"

"හා....මටත් කම්මැලිකමේ හිටියෙ....මම මේ අර ලමයිට දෙන ගිෆ්ට් බොක්සස් වලට දාන කාඩ්ස් ටික හදන ගමන් හිටියෙ...  යුගාන්ගෙ නමට වෙන ශයන්නක් දාලා යැව්වම අයියා කිව්වා ඕක නෙවේ පයනු ශයන්න එන්නෙ කියලා"

"ඉතින් උබ අයියගෙන් අහගන්න එපායෑ ඒක....මට කෝල් කලේ!"

"අයියට සෙකන්ඩ් වෙන්න බෑ අනේ....ෂයන්නවත් බැරි එකා කියලා නෝණ්ඩි කලොත් මාව....ඒකයි තමුසෙට ගත්තෙ"

"හ්ම්ම් හ්ම්ම්ම්.....දැන් ඔය කාඩ් මොනාද?"

"දෙන හැම ගිෆ්ට් බොක්ස් එකකටම අපේ ටීම් එකේ ඉන්න එක ලමයෙක්ගෙ නම තියෙන ලස්සන කාඩ් එකක් දානවා....from , to කියලා....හොදට ඉගෙන ගන්න වගේ මොකක් හරි වාක්‍යක් දාලා...මම මේ ඒක ඩිසයින් කරන ගමන් හිටියෙ"

"ආ.....ඉවරද දැන්?"

"මේල් මර්ජ් කරන්න ඕනි නම් ලිස්ට් එක.....එතකොට හරි...මම ඒක කරන්න තමා ඔයාට කෝල් කලේ....නම වැරදියට දැම්මොත් ලෙප්ට්නෙ"

"හ්ම්ම් හ්ම්ම්...."

"යුගාන් තනියෙන් නේද?"

"ඔව් අනේ.....මම අම්මලාගෙ කාමරේට ආවා නිදාගන්න"

"ඒ ඇයි?"

"නැත්තං හොරු හිතනවා අම්මලා නෑ කියලා.....එතකොට ගෙට පැන්නොත් ඒම"

"මම එන්නද යුගාන්ලෑ ගෙදර?"

"ඒ මොන මගුලකටද?"

"නෑ මම බැලුව මූවි එකක ඒම අහනවා"

"එහෙම අහන්න තෝ මගෙ මිනිහද! නිකං ඉදිං! අම්මට! සීතලයිනෙ යකෝ"

"යුගාන් එලියට ආවද?"

"ඔව්...බැල්කනි එකට ආවා.....අඩෝ පාර දකිද්දි බයත් එක්ක හැබැයි...බලු බල්ලෙක්වත් නෑ.....මහතුන් මාමගෙ මහසෝනා ඒම....ආ නෑ නෑ මිනිස්සු ඉන්නවා"

"මේ වෙලේ?"

"ඔව් අර දිව්වා.....දුර යන දෙන්නෙක් වෙන්න ඇති....මේ අහපංකො.....හැබැයි විදුලි වේගෙන් දිව්වෙ"

"ය්....යුගාන්..."

"ඔ...ඕ තෙවින් ! මම හිතන එකනම් කියන්න හදන්න එපා උබ!"

"කියන්න වෙනවා යුගාන්.....ඒත් හොල්මන්ද දන්නෑ!"

"මිනිහො! බලු බල්ලෙක් නැති ගෙදරට වෙලා ඉන්න මාව ඔහොම බය කරන්න එපා!"

"යුගාන් ඇතුලට ගිහින් දොර වහං ඇදට නැගලා බෙඩ්ශීට් එක හොදට පොරෝගන්න!"

"ඇයි ඒ?"

"කකුල් බෙඩ්ශීට් එකෙන් එලියෙ තිබ්බොත් ඒම ඇද යට ඉන්න යකා කකුලෙන් අදිනවා!"

"මගෙ යකා ඉන්නෙ ඇද යට නෙවේ.....කලිසම ඇතුලෙ"

"ඈක්කා යුගාන්.....උබනම් මහා අපතයෙක්"

"ත්....තෙවින්....."

"ඇයි යුගාන්? ඇද යට යකා එලියට ආවද?"

හිතට ආව අමුතු හැගීම එක්ක දිවාෂ බැල්කනියෙ කොට බැම්ම හයියෙන් අල්ලගත්තා.දැන් විනාඩියකට දෙකකට කලින් තමන් දැක්ක ඡායාවල් දෙකේ ලොකු හුරුවක් දිවාෂට දැනෙන්න ගත්තා.හිත සන්සුන් කරගත්තු දිවාෂ ඇස් දෙකත් වහගෙන ඒ ඡායාවල් දෙක මනසට නගාගන්න හුගා උත්සාහ කලා.තමන්ගෙ අම්මගෙ අප්පච්චිගෙ කාමරේ ලග තියෙන බැල්කනියට පාර හොදට පැහැදිලිව පෙනුනා වගේම පාරෙ ටිකක් එහාට වෙන්න තිබ්බ විදුලි කණුවෙ ආලෝකෙ යම් ප්‍රමාණයක් පාරට එවෙලෙ වැටිලත් තිබ්බ බව දිවාෂ කල්පනා කලා.

දිව්ව ඡායාවල් දෙකේ උස පරතරේ මතක් කරගත්තු දිවාෂ හයියෙන් තමන්ගෙ ගැහෙන පපුව අල්ලන් දුරකථන ඇමතුමේ ඉදන් කෑගහන තෙවින්ගෙ හඩට අවධානෙ නොදී මනසට අවධානෙ දුන්නා.විදුලි පහන් කනුවෙන් වැටුනු ලා ආලෝකෙන් තමන්ගෙ ඇහැට අහු උනු දිව්ව කොට මනුස්සයගෙ අතේ හරි කොහෙ හරි තිබ්බ වෙළුම්පටි වල ලොකු හුරුවක් දිවාෂට දැනෙන්න ගත්තා.ඒත් එක්කම දිවාෂට මතක් උනේ විදුලි ආලෝකෙන් ලාවට පෙනුනු ඒ කොට කෙනාගෙ කරේ තිබ්බ බෑගය තමන් නේත්‍රගෙ උපන්දිනේකට අරං දුන්නු බෑගයට සමානයි නේද කියන බව.

"ත්.....තෙවින් අයියෙ"

"යුගාන්! කතා කරපං!....මම උබලගෙ ගෙදරට එන්න එලියට බැස්සා! උබට කරදරයක්ද? යුගාන් කතා කරපං!"

"ම්...මට නෙවෙයි! අනේ අයියෙ......ඉක්මනට වාහනයක් අරගෙන පාරට යමං! ඉක්මනට! දෙවින් අයියවත් එක්කගෙන හරි යමං! ඉක්මනට!"

"යුගාන් ඇයි මේ?"

"ටිකකට කලින් ගේ ඉස්සරහින් දිව්වෙ ආශවයි නේත්‍රයි තෙවින් අයියෙ!!!! ඔව් ඒ මෝඩයො දෙන්නා!!! උන් දෙන්නා ජීව්ත විනාස කරගන්න හදන වැඩක් කරන්න යන්නෙ!!! ඉක්මන් කරපං!!!"

"යු....යුගාන් මොකද්ද කියන්නෙ?"

"මම හිතන්නෙ ආසවයා අර පොඩි එකාවත් අරං ගමෙන් යන්න හදන්නෙ!!! අයියෙ උන් දෙන්නව නවත්තපං!"

"යුගාන් බය නැතුව ඉන්න....මම යන්නම්!!"

දිවාෂ එහෙම්මම පපුවත් අල්ලගෙන බිමින් ඉදගත්තෙ හිතට එකපාරටම ආව පීඩනේ දරාගන්න බැරුව.ආශව මේ වගේ මෝඩ තීරණයක් ගත්තෙ ඇයි කියලා දිවාෂට හිතාගන්න බැරි උනා.බස් එකක් එන්න කලින් තෙවින්ට එතනට යන්න පුළුවන් වෙන්න කියලා දිවාෂ ප්‍රාර්ථනා කලා.ඒ ඔක්කොම අස්සෙ දිවාෂට මතක් උනේ තමන් ඊයෙ පෙරේදා බැලුව චිත්‍රපටියක්.

සමාජෙන් අසම්මතයි කියන කුලයන් දෙකක ආදරෙන් බැදෙන උසස් කුලේ තරුණියක් වගේම පහත් කුලේ තරුණයෙක් අන්තිමේ ගෙවල් අතෑරලා දාලා දුර පලාතකට යන හැටි දිවාෂට මතක් උනා.අමාරුවෙන් දෙන්නා එක්ක ගොඩනගා ගන්න ජීවිතේ දෙන්නගෙම කියන පුංචි පැටියෙක් පවුලට එකතු වෙලා තව ලස්සන වෙනවා වගේම ඒ දෙන්නා හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා හිතාගෙන ජීවත් වෙන්න ගත්තු හැටි දිවාෂ කල්පනා කලා.අන්තිමට සෑහෙන කාලෙකට පස්සෙ තරුණියගෙ පවුලෙන් දෙන්නව හොයන් එන හැටි,දෙන්නා එක්ක පවුලෙ උදවිය සුහදව කතා කරන හැටි,දරුවව හුරතල් කරන හැටියෙන් ප්‍රශ්න හැමදේම විසදිලා කියලා තමන් උනත් තත්පර ගාණකට විස්වාස කල හැටි දිවාෂට මතක් උනා.ඒත් ගෑනු ලමයා ඉස්සරහ කඩේට යනවත්,ඕනි කරන දේ අරං සතුටින් එනවත් එක්කම දෙන්නා පදිංචි වෙලා උන්නු මහල් නිවාසෙන් පහලට තමන්ගෙ සැමියා එක්ක දරුවව පහලට වැටිලා තමන්ගෙ ඉස්සරහම ඒ දෙන්නගෙ ජීවිත ලේ විලක් මැද නැති වෙන හැටි කල්පනා කල දිවාෂගෙ ඇස් වලින් කදුළු වැක්කෙරෙන්න ගත්තා.

එතන ඉන්නෙ තමන්ගෙ යාලුවො දෙන්නනම්? ඒ දේ වෙන්නෙ පණ වගේ ආදරේ කරන තමන්ගෙ හොදම යාලුවටනම්? අනිවාර්යයෙන්ම මහ මුදියන්සෙ ඔහොම දෙයක් උනත් කරන්න පසුබට වෙන්නෙ නෑ කියලා දිවාෂ තේරුම් ගත්තා.දිවාෂ තමන් අදහන දෙයියො බුදුන්ගෙන් ඉල්ලුවෙ ආශවලා යන බස් එක හෝ,වෙන වාහනයක් හෝ එන්න කලින් තෙවින් දෙවින් දෙන්නට එතනට යාගන්න පුළුවන් වෙන්න කියලා.අහසම එලිය වෙලා කොටපු අකුණක් එක්ක මහා ධාරානිපාත වර්ෂාවක් ඇදන් වැටෙද්දි පවා දිවාෂ එලිමහන් බැල්කනියට වෙලා තෙමෙන ගමන් ඉදගෙන හිටියා.ඒත් එක්කම දිවාෂට මතක් උනේ කාලෙකට කලින් ගමේ ඉන්න වයසක මනුස්සයෙක් මේ වගේ අහඹු වැස්සකට කිව කතාවක්.

"මෙව්වා අකල් වැහි පුංචි මහත්තයා! අහස පොලව නූහුලන දෙයක් වෙන්න යනවනම් කඩන් වැටෙන වැහි තමයි මේ!"

දිවාෂ හයියෙන් කෑ ගහලා අඩද්දි තෙවින් හිටියෙ මහ වැස්සෙ දුවන ගමන්.තමන්ගෙ අතේ තියෙන දුරකතනෙන් දෙවින්ට ඇමතුම් ලබාගන්න ගමන් තෙවින් පාර දිගේ දුවන ගමන් හිටියෙ ආයෙ ගෙදර ගිහින් වාහනයක් අරං ආවොත් ඒකට වෙලාව මදිවෙයි කියලා හිතිලා.තුන් හතරපාරක්ම ඇමතුම් ගත්තත් නින්දකට වැටිලා හිටිය දෙවින්ට ඒ දේවල් නෑහෙද්දි තෙවින් මහ වැස්සෙ තෙමීගෙන උපරිම වේගෙන් දුවන ගමන් හිටියා.

"ශිට්! අයියෙ ෆෝන් එක උස්සපංකො!!! ශිට්!!! බස් එකක් මම යන්න කලින් ආවොත් එහෙම!!! ඕහ් ගෝඩ්!"

තෙවින් මෙහෙම දුවන් එන අතර තුර ආශවයි නේත්‍රයි හිටියෙත් දුවන ගමන්.ඒ දෙන්නනම් පාරට සෑහෙන්න කිට්ටු වෙලා හිටියා.ගමේ පාරෙන් තාරපාරට හැරෙන තැනට ටිකක් මෙහාට වෙන්න ගහලා තිබ්බ බෝඩයකට දුවගෙන යන ගමන් උන්නු ආශවගෙ අවදානෙ යොමු උනා.

'මාර්ගය පිලිසකර කර දීම

ගරු.සාගර ඉරුගල්බණ්ඩාර මැතිදුන්ගේ

ප්‍රධානත්වයෙන්, ගම්වාසීන් සමග එක්ව ප්‍රතිසංස්කරණය කල මෙම මාර්ගය 2018.06.08 වන දින.......'

බෝඩයෙ හිනා වීගෙන හිටිය තමන්ගෙ අප්පච්චිගෙ රූපෙත් එක්ක ආශව නැවතුනා.ඒත් එක්කම ඔලුවට හෙන හතක් පාත් වුණා වගේ වේදනාවක් එක්ක ආශවට කල්පනා වෙන්න ගත්තෙ මේ දේ අප්පච්චි දැනගත්තට පස්සෙ කොහොම හැසිරෙයිද කියන වග.මෙච්චර වෙලා හිතේ ආවේගෙට වැඩ කලා විනා අප්පච්චි ගැන හාංකවිසියකවත් මතකයක් තිබ්බෙ නෑ නේද කියලා මතක් වුනු ආශව තමන්ගෙ ගමන බාල කලා.ආශවගෙ බෑගයට ඔලුව ආවරණය කරගෙන දුවමින් උන්නු නේත්‍රත් ආශවට මොකද උනේ බලන්න පිටිපස්ස හැරෙද්දි ආශව නේත්‍ර ලගට කිට්ටු උනා.

"සුදුබේබි.....බස් එක එන වෙලාව හරි"

"න්....නේත්‍ර, මේ දේ අප්පච්චි දැනගත්තට පස්සෙ..... නේත්‍රට මොනා කරයිද?"

"ම්....මට වෙන්න තියෙන දෙයක් වේවි සුදුබේබි.....ඒ හැමදේම අනාගතේටනෙ....දැන් සුදුබේබිට ඕනි වුණු ගමන යං"

"නෑ නේත්‍ර ඉන්න ටිකක්.....අප්පච්චි නේත්‍රට කරදරයක් කරයි"

"සුදුබේබි! බස් එක වංගුව ගත්තා.....ඔය හෝන් සද්දෙ ඇහෙන්නෙ.....යං!"

"ඉන්න නේත්‍ර! ආයෙ පැය බාගෙකින් බස් එකක් එනවා....අපි ඒකෙ යං.....ඕකට යන්න දෙන්න....මට තව ටිකක් හිතන්න ඕනි....මම හිතන්නෙ මට වැරදුනා....මම මේ කරන්න යන්නෙ වරදක්"

"ස්....සුදුබේබ්.....මට මක්කා උනත් කමක් නෑ.....මට මැරෙන්න කලින් සුදුබේබි එක්ක සැනසීමෙ ඉන්න ඕනි...එච්චරයි...."

"ඔයාට අසනීප වෙයි නේත්‍ර....තෙමෙන්න එපා.....කෝ එන්න මේ බෑග් එක යටට.....අපි ඉක්මනට මාර ගහ යටට ගිහින් ඉමු....ආයෙ බස් එකක් එනකං"

"හරි සුදුබේබි"

නේත්‍රගෙ ඔලුව තමන්ගෙ බෑගයෙන් ආවරණය කරගත්තු ආශව වෙනදට පාසල් යන්න බස් රථයට නගින මාර ගහ යටට ඇවිත් හිටගත්තා.මාර ගහේ විහිදිලා තියෙන අතු ඉති එක්ක වැහි බින්දු වලින් බේරුනත් ගහ පාමුලටත් වදින හිරිකිඩ වලින්නම් දෙන්නට බේරිල්ලක් නැති උනා.නේත්‍ර දිහා බැලුව ආශව තමන්ගෙ බෑගයෙන් ගත්තු කමිසෙකින් නේත්‍රගෙ ඔලුව පිහදමලා අත් දිග කමිසයක් අරං නේත්‍රගෙ උරහිස් උඩින් දාලා නේත්‍රව තුරුල් කරගත්තා.

"නේත්‍ර....."

"ඕ සුදුබේබි?"

"මම කලබල උනා වැඩියි නේද නේත්‍ර? මේ දේ අප්පච්චි දැනගත්තට පස්සෙ නේත්‍රට....."

"මට මුකුත් වෙන එකක් නෑ සුදුබේබි.....ඒ ගැන නොහිතා ඉමු....සුදුබේබි ගත්තු තීරණේ හරියි කියලා හිතෙනවනම් අපි ආව ගමන දිගටම යමු."

"අපි ආපහු හැරෙමුද මගෙ නේත්‍ර? නේත්‍ර කොච්චර කිව්වත් අප්පච්චි ගැන හොදටම දන්නෙ මම"

"සුදුබේබි.... හිතලා තීරණයක් ගන්න.අපිට තව පැය බාගයක් තියේ"

"නේත්‍රගෙ තීරණේ මොකද්ද? නේත්‍රගෙ අනාගතේ ගැන?"

"මගෙ තීරණේ සුදුබේබිගෙ තීරණේ තමා.....මගෙ අනාගතේ ගැන පස්සෙ හිතන්න පුළුවන් සුදුබේබි....මට ඕනි සුදුබේබි එක්ක සැනසිල්ලෙ ඉන්න මිසක්කා ඉර හද අල්ලන්න නෙවේ.....ඒත් සුදුබේබිගෙ හීනෙ? ඒකට යන්න පුලුවන්ද මෙහෙම කරලා?"

"මගෙ හීනෙ නේත්‍ර....ඒක මම කලිනුත් කිව්වා"

නේත්‍රව තුරුල් කරගත්තු ආශව කල්පනා කරන්න ගත්තා.හිතුවක්කාරකමට ගත්ත තීරණේ තියෙන භයානකකම ආශව දැන් තේරෙන්න පටන් අරං තිබ්බා.මේ විදියට පැනලා ගිහින්,ඉන්න ඉදින්න හරි හැටි තැනක් නැතුව,රස්සාවක් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියලා ආශව කල්පනා කලා.ගම්මානෙ ඇතුලෙ නේත්‍රට ආරක්ෂිත උනාට නගරෙ නේත්‍ර වගේ සුන්දරකමින් ඉහල තැනක ඉන්න පිරිමියෙක්ට ආරක්ෂිත නෑ නේද කියලා ආශවට මතක් උනා.ඉස්සර සමාජෙන් රකින්න ඕනිනුනේ ගෑනුන්ව විතරක් උනාට,දැන් සමාජෙ ඉන්න සමහර තිරිසන්නු තමන්ගෙ ජරා හැගීම්,ආසාවල් පිරිමින්ගෙන් උනත් පිට කරගන්න වග ආශව දැනන් හිටියා.

මේ දේවල් තමන්ගෙ ඔලුවට එන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියලා ආශව තමන්ටම දොස් නගාගත්තා.මේ හැමදේමත් එක්ක අප්පච්චිට තියෙන බලපුලුවන්කාරකම් එක්ක තමන් දෙන්නා ඉන්න තැනක් හොයාගත්තට පස්සෙ නේත්‍රට මොනාගෙන් මොනා වෙයිද කියලා හිතන්න පවා ආශව බය උනා.තමන් අන්න ඒ දේට මූණ දෙන්න ඕනි හයිය,බලය හදාගන්න නේද තමන්ට සාක්ෂාත් කරගන්න ඕනි හීනෙට මහන්සි උනේ කියන එක වියවුල් වෙලා තිබ්බ ආශවගෙ මනසට මේ වෙනකං දැනිලා තිබ්බෙ නෑ.ඒත් නේත්‍රව රැකගෙන,තමන්ගෙ ජීවිතේ නේත්‍ර එක්ක ලස්සන කරගන්නනම් මෙහෙම ප්‍රශ්න වලින් පැනලා යන එක නෙවෙයි ඒවට මූණ දීලා තැනකට යන එක තමා හොදම විසදුම කියලා ආශවට දැන් තේරෙන ගමන් තිබ්බා.

"අයියෙ!!!"

"මොකද බං ගේ ඇතුලෙ ඉදන් කෝල් කරන්නෙ? කාමරේට ඇවිත් කතා....."

"මම ගෙදර නෙවෙයි යකෝ ඉන්නෙ! බයික් එකක් අරං එනවා අයියෙ ටවුන් එක පැත්තට! මම මේ දුවන ගමන් ඉන්නෙ"

"උබට ට්‍රැක්ද මල්ලි! මේ මහ පාන්දර...."

"යකෝ ආශවයා අර පොඩි එකාව අරං කොහෙ හරි යනව යුගාන් දැකලා! මම උන් දෙන්නව නවත්තන්න යන්නෙ! අයියෙ ඉක්මනට වරෙං!"

"ම්......මො.....මොකක්! ම...මම එන්නම්....මල්ලි.....එකයි කාලට බස් එකක් තියෙනවා බං! ඒක ඇවිත්නම් එහෙම...."

"අයියෙ! කැන්ඩි වලදි හරි අපිට උන් දෙන්නව අල්ලගන්න පුළුවන් වෙයිනෙ! ඉක්මනට වරෙං!"

"හරි....මම එන්නම්.....උබ පුළුවන් තරම් හයියෙන් දුවපං....මම එන්නම්"

දෙවින් නිදි ඇදුම පිටින්ම වලව්වෙන් එලියට බැහැලා ආයෙ ඇතුලට ගියේ වාහනේ යතුර අරං එන්න.මේ වෙලාවෙ කාර් එකේ යන එක සෑහෙන්න අනතුරුදායක වැඩක් කියලා දෙවින්ට හිතුනෙ නිකමට හරි ගමේ මිනිහෙක් මෙවෙලෙ තමන්ව දැකලා මේ පාන්දර තමන් වාහනේ කොහෙ හරි ගියා කියලා තමන්ගෙ අප්පච්චිට පැමිණිලි කලොත් එහෙම වෙන ප්‍රශ්න නිසා.අනික් අතට කාර් එක පණ ගන්වන සද්දෙට වලව්වෙ එක සේවකයෙක්ට හරි ඇහැරුනොත් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙන බව තේරුනු දෙවින් බයිකයේ යතුර අතට අරං එලියට බැස්සෙ රෑ ජාමෙට උනත් ගම්මානෙ බයික් යන එක ටිකක් සාමාන්‍ය දෙයක් උනු නිසා.

බයිකයට නැගලා පිටත් වුණු දෙවින්ට විනාඩි කීපයක් ඇතුලත පාර දිගේ දුවන ගමන් උන්නු තෙවින්ට ලං වෙන්න පුළුවන් උනා.වැස්සෙම දුවන ගමන් හිටිය තෙවින්ගෙ ඉස්සරහින් බයිකය නැවැත්තුව දෙවින් මහ වැස්සෙ තෙමීගෙනම ඉස්සරහට වේගෙන් ගියා.වෙලාව එකයි කාල පහු වෙලා තිබ්බ නිසා හිත වේගෙන් ගැහුනත් දෙවින් ඒ බය දරාගෙන බයිකයේ වේගය තව ටිකක් වැඩි කලා.

"නේත්‍ර......"

"කියන්න සුදුබේබි"

"අපි වැස්ස අඩු කලාම ආපහු යමු ගෙදර"

"සුදුබේබ්?"

"මේ දෙයින් මට කෙසේ වෙතත් නේත්‍රට සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා නේත්‍ර.....අපි ගෙදර යමු"

"ස්....සුදුබේබි හොදට හිතලා නේද මේ තීරණේ ගත්තෙ?"

"හ්ම්ම්ම්.....මේ දේවල් කරන්න හරි කාලෙ මේක නෙවේ නේත්‍ර .....ඒවට තව කල් තියෙනවා......මම හදිසි උනා වැඩියි"

"හරි සුදුබේබි...."

"ඒත්....ඒත් අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයිද නේත්‍ර මෙහෙම ගියොත්.....මට.....මට ආසයි නේත්‍ර එක්ක සැනසීමෙන් ඉන්න"

"............."

"කවුරුත් නැති දුර පලාතකට ගියොත්.....අපිව හොයාගන්න බැරි වෙයි නේද නේත්‍ර? අපි දුරකට යං....මගෙ නේත්‍රයි මායි"

"සුදුබේබි අඩන්නෙපා......ඔයාට කදුලු ගැලපෙන්නෑ"

"මගෙ නේත්‍රට මෙහෙ ඉද්දි නොසෑහෙන්න හිරිහැර මගෙ නේත්‍ර.....මම.....මම.....බලන් ඉද්දි හිරිහැර....මම පො#නයෙක්ද කියලා....."

"සුදුබේබ්!!!! සුදුබේබි ඔහොම සුදුබේබිටම බැනගන්න එක නවත්තන්න!"

"නෑ නේත්‍ර....මම....මම...."

"හරි සුදුබේබි.....එහෙනම්.....දෙයියෝ සුදුබේබි!!! අර බයික් එකක් එනවා නේද?"

"නේත්‍ර....ඔයා ඉක්මනට අර මාර ගහ පිටිපස්සෙ හැංගෙන්න....ඉක්මනට!"

ආශව නේත්‍රව පස්සට කරලා කිව්වත් ආශවගෙ පුංචි හිතුවක්කාරයා ආශවගෙ අතක් හයියෙන් අල්ලන් ආශවගෙ පිටිපස්සට වෙලා හිටගෙන හිටියා.නේත්‍ර යන්නෙ නැති එකට කේන්ති ගිය ආශව නේත්‍ර දිහා රවලා බලද්දි ඇස් වල කදුළුත් පුරවං උන්නු නේත්‍ර ආශව දිහා බලලා බිම් බලාගත්තා.ආශවට වෙන කිසිම දෙයක් කරන්නත් කලින් බයිකයෙන් බැස්ස දෙවින් තෙවින් දෙන්නා මාර ගහ යටට එද්දි ඇවිත් ඉන්න දෙන්නව දැක්ක ආශව ලොකු හුස්මක් පහල දැම්මා.

"දෙවි...."

චටාස්!!!!!

ආශව ලගට ඇවිදන් ආව දෙවින් අත පුරවලා ආශවගෙ කන හරහා පාරක් ගහද්දි ආශවව අඩියක් විතර පිටිපස්සට විසික් වෙලා ගියා.කාගෙන්වත් ගුටි කන්න තියා වචනයක්වත් අහගන්නෙ නැති ආශව අද දෙවින්ගෙන් ගුටිත් කාලා වචනයක්වත් නොකියා හිටියෙ අද වරද තමන්ගෙ අතේ තියෙන නිසා.දෙවින් හිටියෙ දත්මිටි කන ගමන්.ආයෙමත් පාරක් ආශවට ගහන්න අත ඉස්සුව දෙවින්ගෙ අත ආශව ලගට පාත් වෙන්න තරම් වාසනාවන්ත උනේ නෑ.

"එපා!!!"

"නේත්‍ර මල්ලි?"

"සුදුබේබිට ගහන්නෙපා දෙවින් අයියෙ!!!"

නේත්‍ර දෙවින්ගෙ අත තද කරලා අල්ලගෙන හිටියා.ආවේගෙන් පාත් වුණු දෙවින් වගේ ශක්තිමත් මනුස්සයෙක්ගෙ අතක් නවත්තන්න තරම් නේත්‍ර වගේ සියුමැලි කෙනෙක්ට පුළුවන් උනේ කොහොමද කියලා එතන හිටි තුන් දෙනාටම හිතාගන්න බැරි උනා.දෙවින්ගෙ අත උඩටවත් පහලටවත් හොල්ලගන්න බැරුව එහෙම්මම ගල් වෙද්දි නේත්‍රගෙ පුංචි අත ඒ වටේ තදට ග්‍රහණය කරගෙන හිටියා.

"ඒක හරි මගෙ මැණිකෙ......සුදුබේබිට මුකුත් උනේ නෑනෙ...."

"ම්හ්....සුදුබේබි"

නේත්‍රගෙ උරහිසකට අත තියපු ආශවගෙ දයාබර ගැඹුරු හඩ තමන්ට ඇහෙනවත් එක්ක නේත්‍ර දෙවින්ගෙ අත අතෑරලා ආශවට තුරුල් උනා.ඉකි ගහන නේත්‍ර දිහා වගේම නේත්‍රව පපුවට තද කරං හිස් මුදුනට හාදු තියන ආශව දිහා දෙවින් තෙවින් දෙන්නා විනාඩි කීපයක් නිහඩව බලාගෙන හිටියා.නේත්‍රගෙ ඉකිය අඩු උනා දැනුනු දෙවින් ආශවට කතා කලා.

"මොකද්ද බල්ලො උබ මේ නටන්න හැදුව නාඩගම"

"මම හදිස්සි උනා දෙවින්....මම...."

"යකෝ! උඹේ අප්පච්චිගෙ එකම ලමයා උඹ! ඒ මනුස්සයා උඹට මුකුත් කරන එකක් නෑ.උඹව හොයං උඹව ගෙට ගනියි! ඒත් මූ! මේ පුංචි එකා! ඒකව පෙති ගහලා දායි යකෝ!"

".............."

"මොකෝ උඹ හැප්පෙන්නද? පුංචි එකාව රැකගන්නද? යකෝ උඹ තාම අවුරුදු දහනවයක පොඩි කොල්ලෙක්! උඹ කොහොමද රටේම මිනිස්සුන්ව දන්න කියන සාගර මුදලාලි එක්ක හැප්පෙන්නෙ!"

"මට ඒක තේරෙන්න වෙලා ගියා දෙවින්......"

"තේරෙන්න වෙලා ගියා! උබලට මොන වාසනාවකට හරි කලින් බස් එක මගෑරෙන්න ඇති! නැත්තං උබ දැන් මේකා එක්ක මග! යකෝ නුවර ටවුන් එකේ උනත්,මේ බස් එකේ උනත් අදුනන කීයක් අද උබලා දෙන්නව දකී කියලද උබ හිතන්නෙ! සාගර අන්කල්ට පැය විසිහතරක්වත් යන්නෑ උබලව හොයාගන්න!"

"..................."

"නේත්‍ර මල්ලි! මාරයා ඇස් ඉස්සරහ තියාගෙන මේ වගේ ගමනකට හා කියන්න තරම් ඔයාගෙ ඔලුවත් හොද නැද්ද!!!"

"ක්.....කමක් නෑ දෙවින් අයියෙ"

"නේත්‍ර මල්ලි?"

"මැරෙන්න කලින් සුදුබේබි එක්ක එක දවසක් හරි සැනසීමෙ ඉන්න විතරයි මට ඕනි"

"යකෝ! උබලා දෙන්නා මැරෙන වයසක නෙවෙයි ඉන්නෙ! තාවකාලික සැනසීම හොයං සදාකාලිකව දුක් විදින්න නෙවෙයි ඕනි! මේ ටික කාලෙ දුක් වින්දොත් උබලා දෙන්නට සෑහෙන කාලයක් එකට සැනසීමෙ ජීවත් වෙන්න පුළුවන්! ශිට්! තොපි දෙන්නම මී හරක්නෙ බලන් ගියාම!"

කෑ ගහන දෙවින් ලගට ආව තෙවින් දෙවින්ගෙ කරට අතක් තියලා තට්ටු කර කර දෙවින්ව සන්සුන් කරන්න උත්සාහ කලා.ලොකු හුස්මක් පහල දැම්ම දෙවින් හොරගල් අහුලන ආශවයි නේත්‍රයි දිහාවට දැඩි බැල්මක් පා කලා.

"යං ගෙදර"

"..........."

"දැන් ඉන්නවා හිමිජ්ජො දෙන්නා වගේ! යමං"

"අයියෙ බයික් එකේ ඔක්කොටම යන්න බෑනෙ....දෙන්නා දෙන්නා යං නේද?"

"හ්ම්ම්.....නේත්‍ර! එනවා යන්න මාත්තෙක්ක"

"ස්.....සුදුබේබි ඕනි"

"ඔයාගෙ ඔය ප්‍රේමවන්තයා ඔයාව හුරතල් කලාට ඔයාගෙ අයියා එහෙම නෑ!!! ඒ නිසා නගින්නයි කිව්වෙ ඇවිල්ලා බයික් එකට"

"ම්හ්....ම්හ්...."

"අයියෙ.....මේකා අඩනවා කියලා දැනගෙන සැර කරන්න එපා"

"උබ ඉදපං මල්ලි කටවහං! උබට තේරෙන්නෑ! යකෝ මෙතන මම මටම පොරොන්දු වෙලා ඉන්නෙ මුන් ඔක්කොමල්ලව බලාගන්න! එහෙව් එකේ මුන් මෙහෙම මගුල් කරද්දි!"

"වැස්ස අඩු උනානෙ.....අයියා නේත්‍රයි ආශවවයි බස්සලා එන්න.....නේත්‍රට පුළුවන් වෙයි ඔය දෙන්නා මැද යන්න"

"ත්....තෙවින් එතකොට?"

"මම ඉන්නම් ආශවයා මෙතනට වෙලා....අයියා එයිනෙ උබලව බස්සලා"

"දැන් මුන් දෙන්නව කොහොමද ආයෙ එහෙ යවන්නෙ? කොහොමත් වලව්වට යද්දි මාට්ටු!"

වෙන්න ගිය ලොකු විනාසෙ නැවතුනු නිසාද කොහෙද ධාරානිපාත වර්ෂාවත් සෑහෙන්න අඩුවෙලා තිබ්බා.දෙවින් දැන් ඇහුව ප්‍රශ්නෙත් එක්ක ආශවගෙත් ඇස් උඩ ගියේ ඇත්තටම දැන් වලව්වට කොහොම යන්නද කියලා හිතද්දි.පණ්ඩිතයා වගේ ගෙයින් එලියට පැන්නට ඇතුලට එහෙම ලේසියකින් යා ගන්න බෑ කියලා ආශවට මතක් උනේ එලියට පැන්න ජනේලේ අගුලු ආයෙ වැටෙන විදියට වැහුවා නේද කියලා කල්පනා වෙද්දි.

"යුගාන්ලගෙ ගෙදර අද කවුරුත් නෑ......එහෙ ගියානම් හරි.....උදේම අපේ දිහෑ ආවා හරි...මොකක් හරි බයිලයක් ගහන්න පුලුවන්නෙ"

"හ්ම්ම්ම්.....මල්ලි,උබ මුන් දෙන්නව එක්කගෙන යමන්"

"අ....අයියා යන්න.....මම ඉන්නම්"

තෙවින් බිම බලාගනම කිව්වෙ තවමත් නේත්‍රව එහෙම ලගින් ඉන්නවා දැනෙද්දි හිත ඇතුලෙ පොරකන හැගීම් මැරිලම ගිහින් නැති නිසා.බයික් එකෙ යද්දි අනිවාර්යයෙන්ම නේත්‍ර තමන්ට සෑහෙන්න කිට්ටුවෙන් ඉදගන්න එකෙන් තමන්ගෙ හිත උනත් නොසෑහෙන්න අසරණ වෙන වග තෙවින් දැනන් හිටියා.දෙවින්ට යන්න කියලා කිව්වත් තෙවින් ලගට ආව දෙවින් බයික් එකේ යතුර තෙවින්ගෙ අතින් තියලා බයික් එක පෙන්නුවා.

"උබ යමන්.....තමුසෙ කොහොමත් කළුවරට බයයි කියලා මම දන්නවා මල්ලි....මෙතන උබට තනියෙන් ඉන්න බෑ.මුන් දෙන්නව ගිහින් දාලා වරෙං...."

"හරි....අයියා පරිස්සමින්"

තෙවින් ඔලුව වනලා දෙවින්ගෙන් ඈත් වෙද්දි ආශවයි නේත්‍රයි ඔලුව නවාගෙනම ගිහින් බයික් එක ලගින් හිටගත්තා.බයික් එකට නැග්ග තෙවින් ආශවට නගින්න කියලා සන් කරද්දි නේත්‍රව උස්සලා බයික් එකේ මැදින් ඉන්දෙව්ව ආශව එහෙම්මම නේත්‍රගෙ පිටිපස්සෙන් බයික් එකට නැග්ගා.හොද උස මහත කොල්ලො උනත් තුන් දෙනෙක් තෙරපිලා බයික් වල යන එක සාමාන්‍ය දෙයක් උනු නිස තුන් දෙනාටම මෙහෙම යන්න බයක් උනේ නෑ වගේම,නේත්‍ර චූටි නිසා තෙරපෙන්න ඕනි කමක් තිබ්බෙත් නෑ.

බයික් එකේ නැග්ග තුන් දෙනා පිට වෙලා යනවත් එක්ක දෙවින් පපුවත් අල්ලගෙන මාර ගහ යට ඉදගත්තා.මෙච්චර වෙලා හිර කරගෙන උන්නු කදුළු දෙවින්ගෙ ඇස් වලින් පල්ලම් බහිද්දි ලේසියෙන් ඇස් වලින් කදුලු වට්ටන්නැති දෙවින් කාටවත් නොපෙනෙන නිසා අද නිදහසේ ඇඩුවා.දෙවින් පිටට නොපෙන්නුවට දෙවින් තමන් ලගම ඉන්න කීප දෙනාව සැලකුවෙ පුංචි ලමයි විදියට දාලා.ඇත්තටම ඒක එහෙම උනා.තෙවින්,දෙනෙත්,නේත්‍ර,දිවාෂ...මහ මිනිහෙක් වගේ පෙන්නං හිටියට පොඩ්ඩ ඇත්තං හිත කලබල කරගන්න හිතුවක්කාරයෙක් උනු ආශව.....ඒ හැමෝම දෙවින්ගෙ පුංචි මල්ලිලා උනා.

දෙවින් කාටත් නොකියා උන්නට ඒ හැම කෙනෙක් ගැනම දෙවින්ගෙ හිතේ තිබ්බෙ ලොකු වගකීමක්.හැමෝවම තමන් බලාගන්න ඕනි කියන හැගීම දෙවින්ගෙ හිතේ තිබ්බා.එහෙව් එකේ මෙහෙම දෙයක් වෙද්දි ඒක දෙවින්ට දරන්න බැරි උනා.දිවාෂ නොදැක්කනම්,දිවාෂ අදුන නොගත්තනම් මොනාගෙන් මොනා වෙලා නවතියිද කියලා දෙවින්ට හිතාගන්න බැරි උනා.තමන්ගෙ එකම බාප්පා උනත් ගම රට අතෑරලා දාලා කොහෙට හරි පැනලා ගියේ මේ මිනිස්සු එක්ක හැප්පෙන්න බැරිකමට කියලා ඒ කාලෙ නොතේරුනාට දැන් දෙවින්ට තේරුනා.එච්චර ලොකු මනුස්සයෙක් උනු බාප්පත් තමන්ගෙ අප්පච්චි එක්ක හැප්පෙන්න බැරි කමට පැනලා ගියානම් ආශව වගේ පොඩි ලමයෙක් මහ මුදියන්සෙ වගේ කෙනෙක් එක්ක හැප්පෙනවා කියන එක විහිලුවක් විතරයි කියලා දෙවින්ට කල්පනා වුණා.

මේ අතරවාරෙදි බයික් එකේ ඉස්සරහට ඇදෙන ගමන් උන්නු තෙවින් බයික් එක හරි හෙමීට අරං ගියේ තුන් දෙනෙක් ඉන්න නිසා වගේම නේත්‍ර ඉන්නෙ අමාරුවෙන් කියලා තේරුනු නිසා.වෙල හරිය පහු කරද්දි නේත්‍රගෙ පුංචි ඔලුව ඇවිල්ලා තමන්ගෙ පිටේ වදින්න ගනිද්දි තෙවින්ගෙ පපුව ගිනි ගන්න වගේ හැගීමක් දැනුනා.මොනා උනත් ඒ තෙවින්ගෙ පලවෙනිම අවංක හැගීම.ආදරයක්ද මොකද්ද කියලා හරියට තේරුම් ගන්න බැරි උනත් මොකක්ම හරි අවංක හැගීමක් තෙවින්ගෙ හිතේ නේත්‍ර ගැන ඇති වුණේ.ඒක තවමත් අලු යට තියෙන ගිනි පුපුරු වගේ හැංගිලා මිසක නිවිලම ගිහින් නැති වග තෙවින් දැනන් හිටියා.ඒක කවුරුමහරි නිවලා දාලා ඒ අලු මතින්ම ලස්සන මල් පැලයක් පැල කරන දවසක් ආවොත් තෙවින්ගෙ හිත ගිනිගන්න හැගීම් වලින් මිදෙයි.කවදමහරි දවසක.

තෙවින්ට දැනුනා නේත්‍රගෙ ඔලුව තමන්ගෙ පිටෙන් ඈතට යන වගක්.පැති කණ්ණාඩියෙන් බලද්දි ආශව තනි අතකින් බයිකයෙ පිටිපස්ස අල්ලන් අනික් අතින් නේත්‍රව ආශවගෙ පපුවට ලං කරං ඉන්න හැටි තෙවින් දැක්කා.බයිකය තව ටිකක් මන්දගාමී කෙරුව තෙවින් ආශවට කතා කලේ ආශව ඒ ඉන්න විදිය ආශවට අනතුරුදායකයි කියලා දැනුනු නිසා.නේත්‍රගෙ මූණෙනුත් ලොකු විඩාවක් පෙනෙද්දි වෙන්න ගිය දෙයින් උනු පීඩනයයි,වැස්සට තෙමිල්ලයි නිසා නේත්‍ර ලෙඩ වීගෙන එන වගක් තෙවින්ට තේරුනා.

"ආශවයා....නේත්‍ර මල්ලි හිටි විදියට හිටපුවාවෙ.උබ ඔහොම ඉන්න එක ඩේන්ජර්"

"නේත්‍ර මෙහෙම ඉදියි"

"උබට පුළුවන් මාව විශ්වාස කරන්න.....අතාරින්නම් කිව්ව දේ අතාරිනවා මිසක් උබලව රවට්ටං ලං කරගන්න හදන කෙනෙක් නෙවෙයි මම......පුළුවන් නම් මාවත් අපේ අයියා ගාණට දාලා හිතපං ආශව.....මෙතන ඉන්නෙ අයියා කියලා හිතලා ඔය පොඩි එකාගෙ ඔලුව මට හේත්තු කරලා උබ වැටෙන්නෙ නැතුව බයික් එක අල්ලගනින්...."

ආශවගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් ඉස්සරහ බලාගත්තු තෙවින් බයික් එකෙ වේගෙ ටිකක් වැඩි කරල යද්දි ආශව හෙමින් සැරේ නේත්‍රගෙ ඔලුව තෙවින්ගෙ පිටට හේත්තු කලා.තෙහෙට්ටු නින්දකට වැටිලා හිටි නිසා වෙන දේවල් ගැන හාංකවිසියකවත් දැනුවත්කමක් නැති නේත්‍ර ආශවයි තෙවිනුයි මැද්දෙ ආරක්ෂිතව ඉදිද්දි තෙවින් දිවාෂලාගෙ ගේ ඉස්සරහින් බයිකය නැවැත්තුවා.

දිවාෂලාගෙ ගේ ඉස්සරහට ගිය තෙවින් තුන් හතරපාරක්ම දිවාෂට දුරකතන ඇමතුම් ගත්තෙ මේ මල පාන්දර ගේට්ටුවට ගහන එක,හෝන් ගහන එක අනතුරුදායකයි කියලා හිතුනු නිසා.ඒත් දිවාෂ ගේට්ටුව අරින්න තියා දුරකතනෙටවත් උත්තර නොදුන්න හන්දා තෙවින් ගේ පිටිපස්සෙන් ගිහින් තාප්පෙ කොනකින් දිවාෂලාගෙ වත්තට පැන්නෙ හරි හුරු පුරුදු විදියට! ඒ දිහා බලන් හිටිය ආශවට උනත් තේරුනේ මේ තෙවින්ගෙ පලවෙනි වතාවනම් නෙවෙයි කියන එක.ඒ හැමදේම හිතන එක පස්සට දැම්ම ආශව තෙවින් ගේට්ටුව හෙමිහිට අරිද්දි බයිකය උඩම නින්ද ගිහින් උන්නු නේත්‍රව හරහට වඩාගෙන වත්තට ඇතුල් වුණා.

"මේ කොල්ලා කෝ අනේ?"

තෙවින් තනියම කියන ගමන් වත්ත වටේ ඇවිද්දත් දිවාෂගෙන් හාවක් හූවක් තිබ්බෙ නෑ.ගේ ඇතුලට වදින සීනුව හතර පස් පාරක් නාද කලත් දිවාෂගෙන් උත්තරයක් නැති තැන තෙවින් ආශව දිහා බැලුවා.

"මම කලින් තාප්පෙන් පැන්න එකවත්,දැන් කරන්න යන එකවත්,අයියටවත් යුගාන්ටවත් කියන්න එපා ආශවයා.....නේත්‍රට කියනවා කියලා මම දන්නවා.හැබැයි මේකටත් කියන්න අර ඩබලට කියන්න එපා කියලා.දෙනෙත්ටවත් එපා.මම පස්සෙ වෙලාවක මේ දේවල් උබට පැහැදිලි කරන්නම්"

"ආ......හා....."

තෙවින් කිව්ව අප්‍රබංසෙ තේරුම් ගන්න බැරි වුණු ආශව ඔලුව වනද්දි තෙවින් දිවාෂගෙ කාමරේ බැල්කනිය තියන පැත්තට ගියා.ආශව ඇස් දෙකත් කටේ දාන් ඒ දිහා බලන් ඉද්දි බැල්කනියට කිට්ටුවෙන් උඩට විහිදිලා තියෙන යකඩ බටේ බදාගත්තු තෙවින් ඒ දිගේ ගැරඩියා වගේ උඩට ඇදෙන්න ගත්තෙ බටේ වටේට ගහලා තියෙන යකඩ රවුම් වල උදව්වෙන්.අන්තිමේ දිවාෂගෙ බැල්කනියට පැන්න තෙවින් දිවාෂගෙ කාමරේට ඇතුල් උනත් දිවාෂ පේන්න හිටියෙ නෑ.අහේතුකවම තෙවින්ගෙ හිත හයියෙන් ගැහෙන්න ගනිද්දි තෙවින් වේගෙන් දුවං ගියේ දිවාෂගෙ අම්මගෙ අප්පච්චිගෙ කාමරේට.මොකද දිවාෂ ඉන්නෙ ඒකෙ කියලා තෙවින්ට කිව්ව බව තෙවින්ට මෙවෙලෙ මතක් උනා.

"යුගාන්!!!"

ආශව නේත්‍ර දෙන්නා නිසා ආව කම්පනේට දරන්න බැරි තැන බැල්කනියෙ ඉදගත්තු දිවාෂ අර ධාරානිපාත වැස්සට තෙමිලා,තෙතබරිත වෙලා සිහියක් නැතුව ඒ බැල්කනිය උඩම වැටිලා හිටියා.හේතුව නොතේරුනත් දිවාෂ උන්නු හැටි දැක්ක තෙවින් කෑ ගැහුවා.හයියෙන් කෑ ගැහුවා.පපුව ගැලවිලා යන්න වගේ වේදනාවක් දැනෙද්දි කෑ ගහන් ගිය තෙවින් දිවාෂව තමන්ගෙ අත් අස්සට උස්සලා ගත්තා.

"යුගාන්!!! ඇස් ඇරපං!!!"

"........"

"යුගාන්!!!!....ඇස් ඇරපංකො!!! හුත්! ඇස් ඇරපං"

"ත්....තෙවින්....."

"ඔව්.....මම ආවා යුගාන්.....හැමදේම හරි"

තෙවින්ගෙ උණුසුම් වචන එක්ක දිවාෂගෙ විඩාබර ඇස් පියවෙද්දි කලුවර නුවර ආකාහෙ හරි ඈත පුංචියට රිදී රේඛාවක් ඇදිලා මැකිලා ගියා.

...................................................................................................

වචන 4200+ 😪❤️

කෝ මාව මරන්න හැදුව ලමයි ටික😌😹❤️

මම කලින් ඉදන්ම කියනවනෙ.....මේ කතාවෙ බාල්දි අඩුයි.හැබැයි දාන බාල්දි කීපය සැර වෙයි🙂😹❤️ අනික ඒවා මොන වෙලේ දායිද දන්නෙත් නෑ😪 ඇත්ත ඉතින් ඔයාල බය වෙන එක සාධාරණයිනෙ👉👈

ඔන්න ඔයාලා බාල්දියක් කියලා හිතුව එක බාල්දියක් උනේ නෑ.....හැබැයි ඉස්සරහට එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් 😹❤️

හෙ හෙ😪❤️

උඩ ඔයාලට ආශව නේත්‍රව අරං ගිය එකෙන් පොඩි හරි අවුලක් හිතට එයි කියලා හිතලා මම මේ කියන්නෙ.

ආශව කියන්නෙ අවුරුදු 19ක කොල්ලෙක්.අනික එයා සෑහෙන්න හිතුවක්කාරයි.දරුණුයි.දඩබ්බරයි.නේත්‍රට වෙන දේවල් එක්ක එයා හදිසි තීරණයක් ගත්තු එක සාධාරණයි කියලා ඔයාලට උනත් දැනෙනවා ඇති නේද?❤️ ඒත් මගට යද්දියි එයා කල්පනා කරන්න ගත්තෙ.අපි හුග දෙනෙක් එහෙම තමා....දෙයක් උනාට පස්සෙනෙ හිතන්නෙ.එවෙලෙ එයාට තේරෙනවා මේකෙන් නේත්‍රට වෙන්න තියෙන අනතුර වැඩියි කියලා.ඒකයි ආශව ආයෙ ගෙදර යන්න කල්පනා කරන්නෙ....ඒත් ආශවගෙ හරි තීරණයක් නෑ.ඇයි? මම කිව්වත් වගේ ආශව කියන්නෙ තද කෙනෙක්.මොනා උනත් එයා ඉරුගල්බණ්ඩාර පරම්පරාවෙ ලේ තියෙන කෙනෙක්.කෙනෙක්ට යටත් වෙන්න අකමැතියි.තමන්ගෙ කියලා දැනුනු දෙයක් රකින්න හදනවා වැඩියි.එයාගෙ අප්පච්චිගෙ උනත් ඒ ගති තියෙනවා ඔයාලට දැනිලා තියේනෙ.ගෙදර යන්න හිතලා....ආයෙමත් ඒක එයා කල්පනා කරන්නෙ අන්න ඒ ලේ වල ඝනකමයි එයාගෙ පෞර්ෂ්‍යෙයි නිසා.මොකද ආශව හිතනවා එයාට අප්පච්චි එක්ක උනත් හැප්පෙන්න පුළුවන් වෙයි කියලා.නේත්‍රව රැකගන්න පුළුවන් වෙයි කියලා.අප්පච්චිව පරද්දන්න පුළුවන් කියලා.එතනින් ආශව නේත්‍රගෙ ආරක්ෂාව ගැන හිතුවෙ නෑ කියලා ඔයාලා හිතයි කියලයි මම මේ පැහැදිලිකිරීම කලේ.මොකද ආශවගෙ අංක එක නේත්‍ර!!! .ඔය හැමදේම එක්ක හරිම තීරණේ ආශව උනත් ගන්නෙ ඊලග බස් එක එද්දි.ඒ තීරණේ මොකක් වෙයිද දන්නෙ නෑ.ඒත් ඊට කලින් එයාලගෙ යාලුවො ඇවිල්ලා දෙන්නව බේරගන්නවා.වැරදිලා හරි ආශව වැරදි තීරනයක් ඒම ගන්න ගියානම් අන්න ඒකෙන් ඒ දෙන්නා බේරෙනවා.

මට එතන පෙන්නන්න ඕනි උනේ නේත්‍ර ආශව වෙනුවෙන් ඕනිම දෙයක් කරන එකයි,ආශව නේත්‍ර වෙනුවෙන් ආශවගෙ ජීවිතේ පවා දෙවනි තැනට දාන එකයි,එකට ඉදල මැරෙන්න හරි එයාලට හොද යාලුවො ටිකක් ඉන්න්වා කියලා පෙන්නන්න ඕනි එකයි.මොකද මෙතනදි එයාලගෙ යාලුවො එයාලට ලොකු හයියක්❤️මම හිතනවා මම ඒක සාර්ථකව ලිව්වා කියලා.....අඩුපාඩු තියේනම් කියන්න❤️

මට නේත්‍රට හොදටම ගැලපෙන රූපයක් හම්බුනා....ඒ නම් නේත්‍රමයි.ඉක්කෝලෙ යන්න කොන්ඩෙ කපලා ඉන්න නේත්‍ර....මම හිතන්නෑ ඒ තරම් ගැලපෙන රූපය ආයෙ එයාට හම්බෙයි කියලා.එච්චරටම pure ඒ රූපෙ🥺❤️ ලොකු හෑල්ලක් දැම්ම නිසා ඒක ඊලග එපියෙදි දාන්නම් බබාලා❤️

තෙවින් විහංස starter pack😹❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter