Back
Chapter 69

68 කොටස🤍✨️

නිවාලන්න මා...

"සුදුබේබි....."

"ඕහ්....."

"අනේ නිදිමතයිනෙ"

"මේ හවස?ඒ මොකෝ?"

"දන්නෑනෙ සුදුබේබි....ඒත් නිදිමතයි"

"ඔහොම ඉන්නකො.....ගන්න ඕනි දේවල් ටික අරං ඉක්මනට ගෙදර යමුකො"

ආශව හිටියෙ නේත්‍රව පාරෙ ඇතුල් පැත්තට දාගෙන නගරෙ පැත්තට ඇවිදින ගමන්.නේත්‍රගෙ පාසල් බෑගය පිටිපස්සෙන් සුපුරුදු විදියට අල්ලගත්තු ආශව නේත්‍රගෙ නිදිමත නැති වෙන්නත් එක්ක පාරෙ තියෙන එක එක එව්වා පෙන්න පෙන්න කතා කර කර ඉස්සරහට ගියා.හෙට යන ගමනෙ අන්තිම වැඩ ටිකත් කරලා ඉවර කෙරුව ආශව නේත්‍ර එක්ක ඉස්කෝලෙන් එලියට එද්දි හවස හතරත් පහු වෙලා තිබ්බා.දිවාෂයි තෙවිනුයි එහෙම්මම ගෙදරට යන බස් එකට නගිද්දි දෙනෙතුයි දෙවිනුයි එලියෙන් කරගන්න තිබ්බ වැඩක් කරලා ඉවර කරන්නම් කියලා ආශවට පොරොන්දු වෙලා පිටත් වුණා.

"සුදුබේබි! මේකට යන්නෙ ඇයි?"

"එන්නකෝ"

නේත්‍ර ඇහුවෙ ෆාමසියක් ඉදිරිපිට නැවතිලා.නේත්‍රගෙ බෑගයෙ පිටිපස්සෙන් අල්ලගත්තු ආශව නේත්‍රවත් ඇදගෙනම ෆාමසියට ඇතුල් වුණා.ආශව මේකට ආවෙ මොකටද කියලා නේත්‍රටවත් තේරුනේ නෑ.මේකෙන් මොනා ගන්නද කියලා කල්පනා කෙරුව නේත්‍ර අන්තිමට නිගමනය කලේ හෙට ගමන යන අතරමග ලමයෙක්ට අසනීපයක් උනොත් දෙන්න පුළුවන් අත්‍යාවශ්‍ය බේත් ටිකක් ගන්න ආශව එන්න ඇති කියන එක.

"වමනෙට බොන පෙති.....එව්වා යූස් කරන්නෙ කොහොමද?"

"සර්,ගමන පිටත් වෙන්න පැය බාගෙකට කලින් එක පෙත්තක් බොන්න ඕනි"

"ආහ්.....ඒ කියන්නෙ යන්න කලින් එකක් බීලා....එන්න කලින් එකක් බිව්වම හරිද?"

"ඔව් සර්....පැය හයක් යනකං පෙත්තෙ බලපෑම තියෙන්නෙ"

"හරි මට හතරක්ම දෙන්නකො"

නේත්‍ර තමන්ගෙ පුංචි අත් දෙක බෑගයේ පටිවලට තද කරං බලාගෙන හිටියෙ ආශව දිහා.දුර ගමන් යද්දි තමන්ට වමනෙ යන බව තමන්ට පවා අමතක වෙද්දි ඒ දේවල් මතක තියාගෙන හොයලා බලන සුදුබේබි ගැන කියන්න වචන නේත්‍රගෙ හිතට ආවෙ නෑ.බේත් ටික අරගෙන නේත්‍ර ලගට ආව ආශව නේත්‍රගෙ බෑගයෙ පිටිපස්සෙ පොකට් එක ඇරලා ඒකට බේත් කවරෙ දැම්මා.තව මොනාහරි ගන්න තියෙනවද කියලා නේත්‍රගෙන් ඇහුව ආශව නේත්‍රත් එක්කම ෆාමසියෙන් පිටත් උනා.

"හෙට පාන්දර තුන වෙද්දි ලෑස්ති වෙලා ඉන්න නේත්‍ර හොදද.....මම එක්ක යං"

"හා සුදුබේබි....ගොම්මන වැටෙන්න කලින් ගෙදර ගියානම් හරි"

"යං....මොකෝ කලබලේ?"

"අනේ මට දුර යද්දි වමනෙ යන හන්දා නස් නාරං ටිකක් හදාගන්නෝනි සුදුබේබි....ලුණු ගම්මිරිස් ටිකක් දාගෙන....පුංචි බොක්ස් එකකට හදාගන්නම්"

"මේ පෙත්ත බිව්වමත් හරි නේත්‍ර....මම ඒකයි ගත්තෙ"

"කෝකටත් කියලා නස් නාරං ටිහකුත් ගේන්නද සුදුබේබි? මම ඔය පෙති ජාතිය බීලා නෑනෙ වැඩියෙ....ගිය අවුරුද්දෙත් ස්කූල් ට්‍රිප් එක යද්දි සුදුබේබි අරං දුන්නු වෙලේ තමා පලවෙනි වතාවට බිව්වෙ"

"හා නස් නාරං ටිකක් ලෑස්ති කරගමුකො එහෙනම්.....දැන් යං"

නේත්‍රව ඉස්සරහ කරගත්තු ආශව නුවර පාරක් දිගේ පරිස්සමට ඉස්සරහට යන ගමන් හිටියා.පාර අයිනෙ තැනින් තැන වැඩිලා තිබ්බ රොබරෝසියා ගස් වල මල් තවම පිපෙන්න අරං තිබුනෙ නෑ.දැඩි මිනිහෙක් වගේ හිටියට ආශවගෙ හිතෙත් නේත්‍ර එක්ක ඉෂ්ට කරගන්න පුංචි පුංචි බොලද ආසාවල් තිබ්බා.ආශව හරියට ආසා කලා රොබරෝසියා මල් වැටුණු පාරක් දිගේ නේත්‍රගෙ අතින් අල්ලන් ඇවිදින්න.කහ මල් වලින් මල් ඔටුන්නක් හදල නේත්‍රගෙ ඔලුවෙ පලන්දන්න.කපුරු මලකින් ලස්සන මුද්දක් හදලා නේත්‍රගෙ ඇගිල්ලකට දාන්න.ආශවත් ඒ වගේ ආදරණීය බොලද ආසාවල් වලට පෙම් බැන්දා.

හැබැයි ආශව නේත්‍ර වගේ ඒ දේවල් එලිපිට කියන්න ගියේ නෑ.ආශවට ඕනි උනේ ඒ දේවල් කරලම බලන්න.ඒක ආශවගෙ හැටියක් උනා.ආශව අනිවාර්යයෙන්ම ඒ දේවල් කරයි.ආශවට පුළුවන් උනු දවසක.ආශවට මතක් උනේ නේත්‍රගෙ ඔලුවෙ මල් ගහලා හැඩ බැලුව ඒ ලස්සන අතීතෙ.දැන් තමන් දෙන්නට ඒ කාලෙ වින්ද නිදහස සෑහෙන්නම සීමා වෙලා කියලා ආශවට තදේටම දැනුනා.නේත්‍ර නොකිව්වට මහ මුදියන්සෙ නේත්‍රට මේ ලගකදිත් තමන්ගෙන් පාඩම් අහගන්න ආව වෙලාවක බැනලා තිබ්බ බව ලොකු මැණිකෙ වහෙං ඔරෝ ආශවට අගවලා තිබ්බා.ආශවට ඕනි උනා මේ හැම දේකම කෙලවරක් දකින්න.නේත්‍ර එක්ක නිදහසේ ජීවත් වෙන්න.ඒත් ඒකට තව කාලෙ තියෙනවා කියලා ආශව දැනන් හිටියා.එකපාරක් කලා වගේ කලබලෙන් මෝඩ වැඩ කරන්න ආශවට ආයෙ ඕනි වුනේ නෑ.

එයා නේත්‍රගෙ අතින් අල්ලන් පරිස්සමින් පරිස්සමින් පියවරෙන් පියවර ඒ දෙන්නට ඉහලට නගින පියගැටපෙල තනාවි.හැබැයි කෙටි කාලෙකින් දිරාපත් වෙන ලී වලින් නෙවෙයි.දිගුකාලීනව ශක්තියක් හම්බෙන සිමෙන්ති වලින්.එයාලගෙන් පස්සෙ පරම්පරා කීපෙකටම ඉහලට නගින්න පුළුවන් ශක්තිය ආශව නේත්‍ර එක්ක එකට එකතු වෙලා ගොඩ නගයි.

"නේත්‍ර.....අරවා අරං දෙන්නද?"

"ක්....කමක් නෑ සුදුබේබි.....ඕන්නෑ...."

"කෝ එන්නකො"

ආශව ලගින්ම ඇවිදන් ගිය නේත්‍රගෙ බෝල ඇස් ලොකු නුග ගහක් යට නවත්තලා තිබ්බ වඩේ කරත්තයක් ලග නවතිනවත්,ඒත් එක්කම නේත්‍ර ඉක්මනටම අහක බලාගන්නවත් ආශව දැක්කා.නේත්‍රවත් ඇදගෙන වඩේ කරත්තෙ ලගට ගිය ආශව නේත්‍රගෙන් ඕනි මොන වඩේ ජාතියද ඕනි කියලා අහද්දි නේත්‍රගෙ චූටි ඇගිල්ලක් ගිහින් නැවතුනේ පුංචි බෝල බෝල වඩේ ගොඩ ලගින්.

"පුංචි මහත්තයට පුංචි වඩේද ඕනි?"

වඩේ කරත්තෙ කාන්තාව නේත්‍රගෙන් අහද්දි නේත්‍ර ලස්සනට හිනා වෙලා ඔලුව උඩ පහලා වැනුවා.නේත්‍රගෙ ලස්සන හිනාව දැක්ක වෙලද කාන්තාව වඩේ බදින ගමන් නේත්‍ර එක්ක කතාවක් ගොඩ නගාගන්න හැදුවත් අර ඉරිසියාකාරයා එක්ක කොහෙද ඒකට ඉඩක්? නේත්‍රගෙ තිබ්බ හුරතල් පෙනුම,නිරහංකාර හිනාව එක්ක වෙලද කාන්තාව නේත්‍රට වඩේ ගොඩේ තිබ්බ වඩේ නොදී අලුතින්ම වඩේ බදින්න ගත්තා.

"පුංචි මහත්තේලා අර ලොකු ඉස්කෝලෙටද යන්නෙ?"

"ඔව් නැන්දෙ....ඒකට යන්නෙ"

"ආ.....මොකෝ මේ හවස් වෙලා පුංචි මහත්තයා?"

"හෙට අපි අනුරාධපුරේ යනවනෙ නැන්දෙ.....දුෂ්කර පාසල් දෙහෙකට පාසල් උපකරණ කට්ටල දෙන්න....අපි ඒකෙ වැඩ ඉවර කලේ දැන්"

"ආ.....පුංචි මහත්තයලා....."

"ඌහ්! නේත්‍ර මගෙ මේ අත කැඩෙන්න වගේ එනවනෙ"

ආශව තමන්ගෙ අතේ වැලමිට ලග අල්ලගෙන කෙදිරියක් ගාන ගමන් නේත්‍රට කියද්දි,අත කැඩෙන්න වේදනා එන්නෙ නෑ කියන එක අමතක උනු නේත්‍ර අර මනුස්සයා එක්ක කතා කරන එක පැත්තක දාලා ආශවගෙ අතේ රිදෙන තැන අතගාන්න ගත්තා.ටිකකින් නේත්‍රගෙ අවධානෙ තමන්ට විතරක් තියෙනවා දැනුනු ආශව අර ගෑනු මනුස්සයා වඩේ ටික බැදලා ඉවර වෙනකංම තමන්ගෙ රංගනය පවත්වගෙන ගියා.ඉල්ලුව වඩේ ප්‍රමාණෙ බැදලා ඉවර කෙරුව වෙලද කාන්තාව ඒ ටික කඩදාසි කවරෙකට දාලා,ඒ ඇතුලට බැදපු මිරිස් කරල් කීපෙකුත් දාලා කවරෙ නේත්‍රගෙ අතට දුන්නා.

"මෙන්න පුංචිමහත්තයාට උණු උණු වඩේ"

"ස්තූතියි නැන්දෙ....මෙව්වා හුගක් රස ඇති"

"පුංචි මහත්තයා හරි පින්වන්ත පාටයි....ඇස් වහක් වැදෙන්න එපා ඔය දරුවට"

"අපි යන්නම් නැන්දෙ"

"හොදමයි.....දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි මහත්තුරු දෙන්නටම"

"නැන්දටත්....."

නේත්‍ර කියන්න ගිය දේ කියලා ඉවර කරන්නත් කලින් ආශව නේත්‍රව ඇදගෙන එතනින් පිටත් වුණා.වඩේ මල්ලට අත දාලා පලවෙනි පුංචි වඩේ බෝලෙ අතට ගත්තු නේත්‍ර ඒක ආශවට දෙද්දි ආශව ඒක එහෙම්මම අරගෙන නේත්‍රගෙ කටට එබුවා.

"නේත්‍ර කන්නකො.....මට ඕන්නෑ"

"අනේ සුදුබේබි......"

"බස් එකට නැග්ගම කන්නම් මම....."

ආශව නේත්‍ර එක්ක හිනා වෙලා කිව්වෙ නේත්‍ර ඔය වගේ පුංචි පුංචි කඩචෝරු වලට ආසා තරම දන්න නිසා.නේත්‍ර එක්කම බස් රථයක නැග්ග ආශව බලාගෙන හිටියෙ බසය අද්දවනකං.ඉස්කෝලෙ ඇරෙන වෙලාව පහු වෙලා වගේම කාර්යාල වල සේවා අවසන් වෙන වෙලාව තවම එලඹිලා නොතිබ්බ හන්දා බස් රථයෙ ලොකුවට සෙනගක් හිටියෙත් නෑ.විනාඩි හය හතකින් බස් රථය අද්දවද්දි ආශවගෙ ඇස් නැවතුනේ නේත්‍රගෙ මූණෙ.

වඩේ කවරෙ ආශවගෙ අතට දීලා එක අතකින් පුංචි වඩේකුයි අනික් අතින් බැදපු මිරිස් කරලකුයි අල්ලගෙන හිටිය නේත්‍ර හරි සන්තෝසෙන් ඒක කන ගමන් හිටියා.පුංචි තොල් උල් වෙන විදිය,හෙමීට වඩේ එක හපන විදිය,මිරිස් කරලෙන් පොඩි කෑල්ලක් අරං කටට දාගන්න විදිය,කෑම එකේ රසට ඇස් දෙක සන්තෝසෙන් හීනි වෙන විදිය.....ආශව නිහඩවම ඒ රූපෙ ලස්සන රස වින්දා.

"සුදුබේබි කන්නකො එකක්"

"කවන්න බෑද?"

කතා කිරිල්ලකට වඩා ගැඹුරු කෙදිරිල්ලක් උනු ආශවගෙ හඩත් එක්ක නේත්‍ර ආශවගෙ අතින් තමන්ගෙ අතට අරං තිබ්බ කඩදාසි කවරෙ පොඩි කරලා මිරිකගනිද්දි නේත්‍රගෙ ඇගේ හිරිගඩු පිපිලා තිබ්බා.ආශවගෙ හීනි උනු ඇසුත් එක්ක තව ටිකකින් ආශවට ඉන්න තැන පවා අමතක වෙන බව තේරුන් ගත්තු නේත්‍ර ඉක්මනටම වඩයක් අරං ඒක ආශවගෙ තොල් වලින් ඇතුල් කලා.

"ඉන්නකො ඉන්නකො....."

නේත්‍ර්‍රව තව ටිකක් ජනේලේ පැත්තටයි තමන්ටයි හිරවෙන විදියට නේත්‍රට කිට්ටු උනු ආශව තව වඩයක් කටට දාගන්න ගමන් කිව්වෙ සෙල්ලක්කාර හිනාවකුත් එක්ක.ආශව කියන්නෙ මොකද්ද නොතේරුනු නේත්‍ර ඇස් ගෙඩි දෙකත් බෝල කරං ආශව දිහා බලන් ඉද්දි හුලගට විසිරිලා තියෙන නේත්‍රගෙ සිනිදු කොණ්ඩෙ අතින් හදන ගමන් ආශව නේත්‍ර ලගට ලං වුණා.ආශවගෙ මිමිණිල්ල එක්ක නේත්‍රව තද රතු පාට වෙද්දි කඩදාසි කවරෙන් මූණ වහගත්තු නේත්‍ර ජනේලෙන් එලිය බලාගත්තා.

"ඉන්නකො මම මටම කියලා වාහනයක් අරගන්නකං....එතකොට නේත්‍ර එක්ක බස් වල ගමන් යන්නෑනෙ......අන්න එදාට මම අල්ලගන්නම්....නේත්‍රට වෙයි මට කවන්න.....මම ආසම විදියට!"

.

.

.

.

.

"සුදුපුතා....."

"සුදුබේබි.....මහමුදියන්සේ කතා කරනවා නේද?"

"අප්පච්චි කොයි වෙලේද ගෙදර ආවෙ?"

ආශව හිටියෙ නේත්‍රව පපුවට තුරුල් කරං ඇදේ ගුලි වෙලා.හවස හයට විතර තේ එකක් අරං ආශවගෙ කාමරේට ආව නේත්‍රට වුණේ ආශවගෙ සිප ගැනීමකට අහු වෙලා අන්තිමට ආශවගෙ පපුව උඩ ගුලි ගැහෙන්න.නේත්‍රත් ඉතින් ඒ වගේ දේවල් වලට අකමැති කෙනෙක් නෙවේනෙ.පුංචි එකත් හරි ආසාවෙ ආශවට ගුලි ගැහිලා හිටියා.පැයක් විතර ආශවගෙ පපුවට ගුලි ගැහිලා ආදර බස් මුමුණ මුමුණ හිනා වෙවී උන්නු නේත්‍ර උඩ ගියේ මහමුදියන්සේගෙ කටහඩට.

"සුදුබේබි! මහ මුදියන්සෙ උඩ තට්ටුවට එනවද කොහෙද!"

"නේත්‍ර මෙතන ඉන්නවා දැක්කොත් අප්පච්චි ප්‍රශ්න අහලම නේත්‍රව හෙම්බත් කරයි.....නේත්‍ර,වොශෲම් එකට යන්න.....අප්පච්චි ඕක ඇරලා බලන්නෑනෙ"

"හා සුදුබේබි"

ආශවට ඔලුව වැනුව නේත්‍ර නානකාමරේට ගිහින් දොරවහගන්නවත් එක්කම මහ මුදියන්සෙ ආශවගෙ කාමරේ දොරට තට්ටු කලා.වෙනසක් නොපෙන්නුව ආශව හෙමින් සැරේ ගිහින් දොර අරිද්දි මහ මුදියන්සෙ ලාවට හිනා වෙන ගමන්ම කාමරේට ඇතුල් උනා.නේත්‍ර අස්පස් කරන නිසාම පිලිවෙලකට තියෙන ආශවගෙ කාමරේ පුරා තෘප්තිමත් බැල්මක් හෙලුව මහමුදියන්සේ ආශවගෙ පොත් මේසෙ පුටුව උඩින් ඉදගද්දි ආශව ඇදෙන් ඉදගත්තා.

"මොකද්ද සුදුපුතා ඒ එන සුවද? කාමරේම සුවදයි"

"ස්....සුවද?"

"ඔව්....සුදු පුතා අලුත් එයා ෆ්‍රෙෂ්නර් එකක් ගත්තද?"

"න්...නෑ අප්පච්චි....තිබ්බ එකමයි....අන්තිම අඩියෙ තිබ්බ ටික අද ගැහුවෙ.ඒ නිස වෙන්න ඇති ඔච්චර සුවද"

ආශව කටට ආව බොරුව අපූරුවට කිව්වෙ කබඩ් එක ලග බිම තියලා තිබ්බ බාගයක්ම පිරිලා තියෙන එයා ෆ්‍රෙෂ්නර් බෝතලේ මහ මුදියන්සෙට පේන්න එපා කියලා දෙයියන්ගෙන් ඉල්ලන ගමන්.නේත්‍රගෙ ගැටපිච්ච සුවදින් කාමරේම පිරිලා තියෙද්දි මහ මුදියන්සෙ උනත් තත්පර ගාණකට කතාව නවත්තලා හිතට දැනුනු සැනසීම වින්දා.ටික වෙලාවකින් උගුර පෑදුව මහ මුදියන්සෙ ආශවට කතා කරද්දි ආශව කල්පනා කලේ මුදියන්සෙ ඉක්මනටම ගියොත් හොදයි කියලා.

"සුදුපුතා හෙට කීයටද ගෙදරින් යන්නෙ?"

"පාන්දර තුනට අප්පච්චි.....තුන හමාරට ඉස්කෝලෙන් පිටත් වෙනවා"

"සුදුපුතාව මම ගිහින් ඇරලවන්නම්"

"අ.....අප්පච්චි මට යාලුවො එක්ක යන්න පුළුවන්...."

"යාලුවො කියන්නෙ සිංහවංශගෙ ලමයි දෙන්නනෙ? ඒ දෙන්නවත් සිංහවංශ එක්කන් යනවා කිව්වා ..... සුදුපුතාව මම ගිහින් බස්සන්නම්.එහෙනම් තුනට ලෑස්ති වෙලා ඉන්න!"

ආශවගෙ පිටට තට්ටුවක් දැම්ම මහ මුදියන්සෙ කාමරෙන් පිටත් වුණා.ලොකු හුස්මක් පහල දැම්ම ආශව කාමරේ දොර අගුලු දාලා බැලුවෙ නාන කාමරේ දිහා.ඇතුලෙ ඉන්න නේත්‍ර හැමදේම අහගෙන හිටියෙ කියලා ආශව දන්නවා.ආශවට මතක් උනේ හෙට තමන් එක්කම යමු කියලා කියද්දි නේත්‍රගෙ මූණෙ මැවුණු හිනාව.'හා' කියලා ආසාවෙන් ඔලුව වැනුව විදිය.හිස් බැල්මක් නාන කාමරේ දොර දිහාවට පා කල ආශව නාන කාමරේ දොර ඇරියා.

"සුදුබේබි මහ මුදියන්සෙ ගියාද?"

"මට සමා වෙන්න රත්තරනේ"

නානකාමරේ දොරකඩ ලගදිම නේත්‍රව තද කරලා තුරුල් කරගත්තු ආශවගෙ ඇස් වල ලා කදුළු පටලයක් බැදිලා තිබ්බා.නේත්‍රගෙ උරහිසක් කිට්ටුව තිබ්බ ආශවගෙ පපුව ගැහෙන සද්දෙ නේත්‍රට ඕනිවටත් වඩා දැනෙද්දි පුංචි නේත්‍ර ආශවගෙ පිරිමි පපුව උඩ තමන්ගෙ තොල් දෙක හෙමීට තද කලා.ආශවව සන්සුන් කරන්න තිබ්බ වුවමනාවට එකපාරටම එහෙම කලාට මොකෝ ඒ ක්ෂණයෙන් පුංචි එකාගෙ මූණ රතු ගැහිලා ආශවගෙ පපුව අස්සෙ හංගද්දි ආශව නේත්‍රගෙන් ටිකක් ඈත් වෙලා නේත්‍රගෙ මූණ මට්ටමට වෙන්න ටිකක් නැවුණා.

"සුදුබේබි එක්ක තරහද නේත්‍ර?"

"දෙයියෝ සුදුබේබි! මොනාද මේ කියවන්නෙ! මගෙ සුදුබේබි එක්ක මම මොන තරහක් පිරිමහගන්නද?"

"පුංචි පොරොන්දු උනත්....මම දෙන පොරොන්දු එකින් එක මෙහෙම කැඩිලා යද්දි මට හරි බයයි මගෙ නේත්‍ර.....මට බයයි"

"සුදුබේබි.....මෙහෙ එන්නකො"

ආශවගෙ අතින් අල්ලන් ඇද ලගට ගිය නේත්‍ර ආශවව් ඇදේ ඉන්දෝලා තමන්ගෙ පුංචි අත් දෙක දෙපැත්තට විහිදෙව්වා.නේත්‍රගෙ නිහඩ ආරාධනාව තේරුම් ගත්තු ආශව හෙමින් සැරේ නේත්‍රගෙ පුංචි උනත් උණුහුම් පපුවට තුරුල් වෙද්දි නේත්‍ර ආශවව තුරුල් කරන් පිට අතගාන්න ගත්තා.නේත්‍රගෙ පපුවට මූණ ගහන් බර හුස්මවල් පාත දාන ගමන් උන්නු ආශවව සන්සුන් කරන්න හිතාගෙන නේත්‍ර ආශවගෙ හිස් මුදුනෙන් හාදු තවරන්න ගත්තා.ටික වෙලාවක් යද්දි ආශවගෙන් ඈත් වුණු නේත්‍ර ආශවගෙ නලලත් උණුහුම් හාද්දකින් සරසද්දි ආශව නේත්‍රගෙ පුංචි අත් දෙක තමන්ගෙ අත් දෙකෙන් හයියෙන් අල්ලගත්තා.

"ඔය වගේ දේවල් කැඩෙන එක සාමාන්‍යයි සුදුබේබි....අනික ඒක සුදුබේබිගෙ වරදක් නෙවෙයිනෙ.... ඒම දේවල් හිතලා හිත කලබල කරගන්න එපා සුදුබේබි"

"ඒත් නේත්‍ර.....මට බයයි.....මට දුකයි.....නේත්‍රට පොරොන්දු වුණු දෙයක්....."

"සුදුබේබි....."

"ම්ම්ම්ම්?"

"මොන පොරොන්දුව කැඩුණත් කමක් නෑ.....මගෙ ලගින් හැමදාම ඉන්න දුන්නු පොරොන්දුව විතරක් රැක්කම ඇති සුදුබේබි....වෙන ඒවා එකක්වත් එපා"

"මම රකින්නම් නේත්‍ර"

ආශවගෙ හීනි දුබුරු පාට ඇස් දිහා බලන් නේත්‍ර මුමුණද්දි නේත්‍රගෙ කළු බෝල ඇස් දිහා බලන් උත්තර දුන්නු ආශව නේත්‍රව තුරුල් කරගත්තා.

..............................................................................................

"අනේ බලන්නකො චූචියො"

"ඇයි දිවාෂ?"

"මේ බලපං.....මේ එක වගේ අත්සන් දෙකක් හතර පාරක් වැදිලා තියෙන හැටි"

"කාගෙද මේ? නම.....අයියෝ තෙවින් අයියයි ආර්යයි නේද?"

"මුන්ගෙ ආච්චිලාට හාල් ගරන්න.....මේ ටික අරගෙන ආයෙ ගාණ හරියට කවුන්ට් කරලා ආසවට මේ කොලේ දෙන්නකො ......මම ගිහින් අර පගයො දෙන්නට අමතලා එන්නම්"

"හා දිවාෂ"

දිවාෂට ඔලුව වැනුව නේත්‍ර බැලුවෙ තමන්ගෙ ඉස්සරහ එක එක වැඩ වල ඉන්න පිරිස දිහා.පාන්දර කළුවරේ හරියකට එකෙක්වවත් පෙන්නෙ නැති උනාට නේත්‍ර තමන්ගෙ උගුර පාදලා පොඩ්ඩක් කට්ටියට කතා කලා.

"කට්ටියමට පොඩ්ඩක් පෝලිමක් ගැහෙන්න පුළුවන්ද? මට මේ ටික හරියට කවුන්ට් කරගන්න ඕනි"

නේත්‍රගෙ හීනි කටහඩට හැමෝගෙම වැඩ නැවතුනා.කොල්ලො ටික හුම් සද්දයක් නැතුව පෝලිමක් ගැහෙද්දි නේත්‍රනම් සතුටින් හිනා වුණා.එක්කෙනාගෙ එක්කෙනාගෙ නම් කියද්දි ඉස්සරහට ඇවිත් දෙවින්ගෙ අතේ තිබ්බ පොතේ පොඩි අත්සනක් ගහලා බස් රථවලට ගොඩ වුණා.දෙවින් ලගම ඉදගෙන හිටිය ආශවට දත්මිටි තද වෙන වැඩක් සිද්ධ වුණේ එකලගම ඇවිත් අත්සන් ගහන්න උනු කොල්ලො දෙන්නෙක්ගෙ කතාවක් ඇහුනු නිසා.

"නේත්‍ර නේද ඒ මල්ලිගෙ නම?"

"ඕ....."

"ඒ පොඩි එකා මාරම ලස්සනයි නේ බං නේද? මම හොදටම කොල්ලා දිහා බැලුවෙ අද"

"මමත් මේ කියන්න හැදුවෙ ඒක තමා.පොඩි එ...."

"මෙතනට ආවෙ කොල්ලන්ගෙ ලස්සන බල බල ඉන්නද? ආආ? ස්කූල් ඔෆිසස්ලා උනාම මෙහෙමද හැසිරෙන්නෙ? සයින් කරලා ඉක්මනට බස් එකට යනවා!"

ආශවගෙ සද්දෙට ගැස්සිලා ගිය කොල්ලො දෙන්නා අත්සන් කරලා බස් එකට ගියේ ආශව ඔච්චර සද්දෙ දැම්මෙ ඇයි කියලා හිතන ගමන්.ආශව දිහා බලලා ආශවව අවුස්සන්න හිතාගෙන සවුත්තුවට හිනා වුණු දෙවින් ආශවගෙන් යටි බඩට හොද පාරක් කාලා මූණ දෙකක් කරගත්තා.

"ආතල්ද? අනාගතේ අදුරු වෙයි බල්ලො මගෙ!"

"හිනාවෙන්නෙ උබ? දෙන්නෙ දත් ටික බඩට යන්න"

"ඉතින් උඹ ඇයි අර මොකාද වගේ නැට්ට පාගගන්නෙ? නේත්‍ර මල්ලිගෙ ලස්සන ඕනිම එකෙක්ට පේනවනෙ"

"එහෙම ඕන්නෑ.....මම විතර්ක් බැලුවම ඇති"

"යකෝ.....ඔහොම ගියොත් බැන්ද කාලෙක උඹට කොල්ලව ගේ අස්සෙ දාන් ඉන්න තමා වෙන්නෙ"

"දාන් ඉන්නවා තමා.....උඹ ඒක අමුතුවෙන් කියන්න ඕන්නෑ"

"තොට කිව්වට වැඩක් නෑ....පලයං අහකට"

"මම යනවා නේත්‍ර ලගට"

දෙවින්ට කිව්ව ආශව එහෙම්මම ගිහින් හිටගත්තෙ නේත්‍ර ලගින්.පාන්දර හීතලේ ඇගේ හිරිගඩුත් පුප්පවගෙන උන්නු නේත්‍රගෙ ඇගට එකපාරටම දැනුන් හුරුපුරුදු උණුහුම එක්ක පිටිපස්ස හැරිලා බැලුවා.අදුරෙ උනත් තමන් දිහා බලන් ආදරෙන් දිලිසෙන ආශවගෙ ඇස් එක හිනා වුණු නේත්‍ර ආපහු පාරක් ඉස්සරහ හැරිලා කලින් කර කර වැඩේ කරන්න ගත්තා.නේත්‍රගෙ අතෙ තියෙන ෆයිල් එක දිහා බලන්න වගේ නේත්‍රගෙ පිටට තමන්ගෙ පපුව තද කරගත්තු ආශව ඉස්සරහට වෙද්දි නේත්‍රගෙ මූණ හොදටම රතු පාට උනා.මෙහෙම හිටියොත් ආශව ඉන්න තැන අමතක කරයි කියන බයට එහෙට මෙහෙට ඇඹරුන නේත්‍ර හෙමින් සැරේ ආශවගෙ පපුවෙන් ඉස්සරහට වෙද්දි කළුවරේ කාටවත්ම පේන්නැති නිසා නේත්‍රගෙ ඉණ හරිය ටිකක් තදේට ඇල්ලුව ආශව නේත්‍රගෙ ඇගේ ගෑවීගෙනම නේත්‍රගෙ දකුණු පැත්තෙන් හිටගත්තා.

"නේත්‍ර බේත් පෙත්ත බිව්වා නේද?"

"ඕ සුදුබේබි....සුදුබේබි දුන්නු වෙලේම බිව්වා"

නේත්‍ර හිනා වෙලා කියද්දි ආශවත් ආපිට හිනා වුණා.

"අනේ මේ!!!!!"

එකපාරටම ලොකු සද්දයක් ඇහෙද්දි කට්ටියම පිටිපස්ස හැරිලා බැලුවත් ඒ දිවාෂ කියලා දැකලා හැමෝම ආයෙමත් ඉස්සරහ බලාගත්තා.ආර්යගෙයි තෙවින්ගෙයි මැද්දෙ කොටට කොටේ හිටගෙන ඉණටත් අත් දෙකත් තියාගෙන හිටිය දිවාෂ එහෙම්මම අත දිගෑරලා තෙවින්ගෙයි ආර්යගෙයි පිටට පාරවල් දෙකක් දුන්නා.

"ඇයි දැන් උබර්ලා දෙන්නා දෙපාරක් අත්සන් කලේ?"

"දෙපාරක් කොලේ දුන්නනෙ අපිට....ඉතින් දෙපාරක් අත්සන් කලා"

මෙලෝ ලැජ්ජාවක් නැතුව දෙන්නම එකපාර කියලා දාද්දි දෙන්නගෙම පස්සවල් වලට පාරවල් දෙකක් දිලා දෙන්නවත් බස් වලට නැග්ගුවා.ඔක්කොම වැඩ ටික කරලා ඉවර වෙලා බස් එකට නැග්ග නේත්‍රයි ආශවයි දෙවිනුයි දෙන්නා කෙලින්ම පිටිපස්සට ගියේ දිවාෂයි රකිතයි කට්ටියටම ආසන වෙන් කරගෙන හිටිය නිසා.පිටිමපස්සෙ දිග ආසනේ ආශව,දෙවින්,රකිත,ඉන්දීප හතර දෙනා හිටියා වගේම ඊට ඉස්සරහ ආසනේ නේත්‍රයි දිවාෂයි දෙන්නත්,ඊටත් ඉස්සරහ ආසනේ ආර්යයි තෙවිනුයි දෙන්නත් හිටියා.

"සාධු කියපල්ලා ඔක්කොමල්ලා!!!!"

බස් එක අද්දද්දිම ඉන්දීප මහා හයියෙන් කෑ ගහද්දි කොල්ලො රංචුවම සාධු සාධු කිව්වෙ විහිලුවට වගේ උනාට ගුරුවරු ටිකනම් ඇත්තටම දෙයියො බුදුන් සිහි කරගෙන ගමන පටන් ගත්තා.නුවරට කිට්ටු වෙන්නත් කලින්ම නැගිටලා ඉස්සරහට ගිය ඉන්දීප තමන් අරං ආව පෙන් එකේ සිංදු ටික දාලා ආයෙමත් පස්සට ආවෙ අපූරුවට ඉදගෙන හිටිය කොල්ලො ටික හෙමීට නැගිටිද්දි.

"දිවාෂ මල්ලි එනවකො!"

ඉන්දීප කෙලින්ම කතා කලේ තමන්ගෙ දැගලිල්ල එක්ක හරියටම පෑහෙන්න පුළුවන් මිනිහට.ඉන්දීප කතා කරනකං බලන් හිටියා වගේ නැගිට්ට දිවාෂ ගිහින් එහෙම්මම බස් එකේ පිටිපස්සෙ පඩිපෙල ලග තියෙන කණුවට ගිහින් හේත්තු වෙද්දි ඉස්සරහ හිටිය කොල්ලොත් එකා දෙන්නා නැගිටලා ඒ හරියට රැස් වුණා.ඔක්කොමල්ලා නටන්න පටන් ගනිද්දි නේත්‍රගෙ සිහියෙන් හිටිය ආශව හෙමින් සැරේ ගිහින් නේත්‍ර ලගින් ඉදගනිද්දි අත්පුඩි ගගහා උන්නු නේත්‍ර ආශව දිහා බැලුවා.

"යං....නේත්‍රත් නටන්න ගිහින්"

"ක්....කමක් නෑ සුදුබේබි"

"මම ඉන්නවනෙ මැණිකෙ....මායි දිවාෂයි ලගින්ම ඉන්න බලන්නකො.....මොකක් හරි අවුලක් වගේනම් කියන්න මට"

"ක්...කමක් නෑ සුදුබේබි.....මෙහෙම ඉන්...."

"ඔයා ආසයි කියලා දන්නවා නේත්‍ර.....ආසා දේවල් කරන්න තමා අපි ජීවත් වෙන්නෙ.මම ඒවට බාධා දාන්නෙත් නෑ.මොකද නේත්‍ර කැමති කිසිම දේක වරදක් මට පේන්නෑ.....යංකො....එහෙනම් මම එක්කම නටන්නකො"

"හා සුදුබේබි"

නේත්‍රවත් නැගිට්ටවගත්තු ආශව කට්ටිය මැද්දට යද්දි නට නට හිටිය කොල්ලො ටික කෑ ගහන ගමන් ආශවට ඉඩ දෙද්දි ආශව නේත්‍රවත් ඉස්සර කරගන්න ගමන් හෙමින් සැරේ කට්ටිය අතරට උනා.ආශව කියන්නෙ සාමාන්‍යෙන් එහෙම නටන කරන කෙනෙක් නෙවෙයි.ඒත් ආශවට ඕනි උනා නේත්‍රට මේ අත්දැකීම දෙන්න.නේත්‍රගෙ කූලෑටිගතිය ටිකෙන් ටික හරි අඩු කරන්න.නේත්‍රව දැක්ක දිවාෂ පැනගෙන ඇවිත් ආශවව පැත්තකට කරලා නේත්‍රව තමන් ලගට ඇදලා අරං නටන්න ගනිද්දි ආශව ඇස් දෙක රෝල් කරලා තමන් වගේම අත්පුඩි ගගහා ඉන්න රකිතට කිට්ටු උනා.

"දෙවින් පණආආආආආආආආආ!!!!"

"අනේ මාව මැරෙයි දිවාසාආආආ!!!!!!"

අද අපෙ තාත්තා සිංදුවෙ 'දම්සාරී' කෑල්ල එද්දිම බස් එකේ පොල්ලක් අල්ලගත්තු දිවාෂ තමන්ට ටිකක් එහායින් ඉන්න දෙවින්ට අත දික් කරලා කෑ ගහද්දි දෙවින් හිටිය තැන ඉදලම දිවාෂ දිහා බලලා කෑ ගැහුවා.නේත්‍රත් හිතේ හැටියට කට්ටිය අස්සෙ නට නට හිටියට ඇත්තටම දිවාෂලා නැටුව නැටිල්ලෙ හැටියට බැලුවනම් නේත්‍ර පැද්දුනා විතරයි.ටික වෙලාවක් යද්දි මහන්සි උනු නේත්‍ර තමන් හිටිය ආසනෙන් ගිහින් ඉදගන්න හැදුවත් පිටිපස්සෙ ආසනේ ඉදන් උන්නු ආශව නේත්‍රව ඇදලා අරගෙන පඩිපෙල පැත්තෙ ජනේලෙ අයිනට කලා.එතන තියෙන වීදුරුවත් එක්ක කාටවත් නේත්‍රව හරියට පේන්නැති නිසා ආශව හිටියෙ හරි සන්තෝසෙන්.

"සුදුබේබි.....වතුර ඩිංගක්....."

"ආ ඕම ඉන්න නේත්‍ර....මම වතුර ගෙනාවෙ නෑනෙ.....ඔයාගෙ බෑග් එකේ තියේද?"

"ඕ සුදුබේබි....මම බෝතල් දෙකක්ම දාන් ආවා සුදුබේබිටත් එක්ක"

නේත්‍රගෙ ආසනේ ලගම තිබ්බ නේත්‍රගෙ බෑගයෙන් වතුර බෝතලයක් ගත්තු ආශව ඒක ඇරලා නේත්‍රගෙ අතට දෙද්දි නේත්‍රගෙ ඇස් දෙක තව දෙයක් හෙව්වා.කට කොණකින් හිනාවක් දැම්ම ආශව නේත්‍රගෙ අතින් බීලා ඉවර වතුර බෝතලේ අරගෙන ඒක ආයෙමත් බෑගයට දාලා වහද්දි නේත්‍රගෙ චුට්ටං තොල් දෙක අනික් පිට ගැහිලා තිබ්බා.

"නෑ නෑ දැම්මම දෙන්නෑ"

"ම්හ්.....අනේ සුදුබේබි"

"මේ පාන්දර ඕවා කාලා බඩ ගුටිගහගන්නෙපා නේත්‍ර....දෙන්න බෑ....දැන් මගින් නවත්තයි උදේට කන්න.එවෙලෙට කාලා,කිරි එකක් බිව්වට පස්සෙ දෙන්නම් අර නාරං පෙට්ටිය"

"ම්හ්....ම්හ්...."

"ආ....දැන් මොකෝ ජනේලෙන් එලිය බලාගෙන? දැන් තරහද මාත් එක්ක"

"ම්හ්....ම්හ්...නස් නාරං එක දෙන්නකො සුදුබේබි"

"නේත්‍ර! සීරියස්ලි? අහක බලන් කතා කරන්නෙ? ඔයාට මට වඩා අර නාරං ගෙඩියව වටිනවද?"

"අනේ එහෙම නෑ සුදුබේබි....ම්හ්....අරක දෙන්නකො"

"ඇත්තමයි නේත්‍ර,ඔයාට මට වඩා ඔය නාරං ගෙඩිය වටිනවනම් ඇත්තමයි මම වත්තෙ තියෙන ඔක්කොම ගස් ටික කපලා දානවා හරිද?"

"හී.....සුදුබේබි හුරතල්"

ආශවගෙ කම්මුලකට අත තිබ්බ නේත්‍ර කියද්දි ආශව හිනාවෙවීම අහක බලාගත්තා.නේත්‍ර නොකිව්වට ඊයෙ රෑ වෙනකං නේත්‍ර නැගිටලා හිටිය වග ආශව දන්නවා.මහ මුදියන්සෙගෙ කාර්යාලයක අලුත් ශාඛාවක් අද විවෘත කරන උත්සවේට නේත්‍රත් නිර්මලාලා එක්ක එකතු වෙලා කැවිලි හැදුව බව ආශව දන්නවා.මහ පාන්දරම නැගිටගෙන නේත්‍ර දිවාෂලා එක්ක ඉස්කෝලෙට ආ වගත් ආශව දන්නවා.ලොකු හුස්මක් පහල දාන ගමන් ආශව බැලුවෙ නිදිකිරා වැටෙන නේත්‍ර දිහා.තමන්ගෙ උරහිස උඩින් නේත්‍රගෙ ඔලුව පරිස්සමට තියාගත්තු ආශව නේත්‍රට නිදාගන්න කියලා කිව්වා.

නේත්‍ර හෙමීට හෙමීට නිදි ලොවට පිවිසෙද්දි ආශව බැලුවෙ කඩියෙක් කාලා වගේ දගලන දිවාෂ දිහා.ඊයෙ රෑ තමන් දිවාෂට කතා කරලා තමන්ව මහ මුදියන්සෙ ඉස්කෝලෙට අරං එනවා කිව්ව වෙලේම දිවාෂ නේත්‍රව තමන් එක්කන් යන්නම් කියලා ඉදිරිපත් උනා.හැම අතින්ම දිවාෂ කියන්නෙ තමන් දෙන්නට පුදුමාකාර විදියට ආදරේ කරන කොල්ලෙක් කියලා ආශව දැනන් හිටියා.මොන තරම් අපත ගති තිබ්බත් ආශව දිවාෂට වචනයක්වත් නොකියා ඔහේ ඉන්න හේතුව ඒක බව අනික් පස් දෙනා උනත් දැනන් හිටියා.

"තෙවින්! ඉක්මනට පිටිපස්ස හැරියන්"

'සැවැන්දරී හොරහින් අඬගැසුවා' සිංදුව යද්දි දිවාෂ මහ හයියෙන් කෑ ගහද්දි දිවාෂ එක්කම නට නට උන්නු තෙවින් මුකුත් නොහිතා දිවාෂට පිටිපාලා හිටගනිද්දි දිවාෂ තෙවින්ගෙ පස්ස පැත්තට හරියටම සමාන්තරව පාත් උනා.'තනියෙන් මුමුණා තනියෙන් අමුණා' පදේ ඉවර වෙද්දිම දිවාෂ තමන්ගෙ අත් දෙක හොදට අතුල්ලගත්තා.

'තකිට තකිට තා තතා'

තාලෙටම තෙවින්ගෙ තට්ටම් දෙකට හොදට තට තට ගාලා ගැහුව දිවාෂ ආයෙ මුකුත් නොකලා වගේ කෙලින් වෙද්දි තෙවින් අත පුරෝලා ටොක්කක් ඇනලා ආයෙමත් නටන්න ගත්තා.දැන් දිවාෂගෙ අඩන්තේට්ටම් තෙවින්ට උනත් හොදට පුරුදු වෙලා තිබ්බා.පැය දෙකකට විතර පස්සෙ ගැමි පරිසරේකට ඇතුල් වෙනවත් එක්කම බස් රථ දෙකම සාමාන්‍ය මට්ටමේ හෝටලයක් ඉදිරිපිට නැවැත්තුවා.මේ වෙද්දි තමන්ගෙ උරහිස උඩට නින්ද ගිහින් උන්නු නේත්‍රවත් ඇහැරවගත්තු ආශව බස් රථයෙන් එලියට බැස්සා.

"ශා....."

නුවර ගම්මානයක් ඇතුලෙ ජීවත් වෙන ආශවලට මේ පරිසරේ ලොකු වෙනසක් නොපෙනුනත් නුවරට ඇවිත් එච්චර කාලයක් නොවුණු තෙවින්ට වගේම නුවර නගරෙ ආසන්නෙ ජීවත් වෙන ආර්යලා වගේ ලමයිට මේ පරිසරෙන් ගෙනාවෙ හරි අමුතු සනීපයක්.ග්‍රාමීය විදියටම සකසලා තිබ්බ ඒ හෝටලය ඇතුලට ගිය කොල්ලො ටික තමන්ට ඕනි කරන දේවල් ඇණවුම් කරද්දි ආශව ගිහින් නේත්‍රව දිවාෂලා ඉදගෙන හිටිය එලිමහන් බංකුවෙ ඉන්දවලා දෙවින් එක්ක හෝටලය ඇතුලට ආවා.

"පාන්,ඉදිආප්ප....ඒ දෙක ගමුද? ආප්පත් ඕනිද?"

"ආප්පත් ටිකක් ගමු....නේත්‍ර එහෙම ආසයි කන්න.නේත්‍ර පාන් කන්න ලොකුවට ආසා නෑ"

"එහෙනම් ගමු....ඕඩර් එක මම දෙන්නම්....උබ යමන් කට්ටිය ලගට"

"හරි දෙවින්"

හෝටලයෙන් එලියට යන්න ගිය ආශව එකපාරටම කාගෙම හරි ඇගක හැප්පෙද්දි ආශව රවලා වගේ ඒ මනුස්සයා දිහා බැලුවා.මිකායෙල්! ආශවගෙ ඇගේ ලේ රත් වීගෙන එනවා කියලා දැනුනු ආශව මුකුත්ම නොකියා එතනින් යන්න හැදුවත් මිකායෙල් ආශවගෙ ඉස්සරහට පැනලා ආශවව නැවැත්තුවා.

"ආශව අයියා කන්නෙ මොනාද?"

"ඒ වගෙන් තමුන්ට වැඩක් නෑනෙ මිකායෙල්! පැත්තකට වෙනවා"

මිකායෙල් පැත්තකට නොවෙන තැන ආශව එහාට වෙලා මිකායෙල් ලගින් පැත්තකට ඇවිදගෙන ආවා.මිකායෙල් අඩුම බලාපොරොත්තු උනා ආශව තමන්ව තල්ලු කරන්න හරි අල්ලයි කියන එක.ඒ බලාපොරොත්තුවවත් ඉටු නොවුණු තැන කේන්තියෙන් හුස්ම පිම්බ මිකායෙල් එහෙම්මම ඇවිදන් ගියේ කඩේ ඇතුලට.ඇණවුම බාර දීලා එලියට එමින් ගමන් හිටිය දෙවින්ටත් රවාගෙන ඇතුලට ගිය මිකායෙල්ව තඹ සතේකට මායිම් කෙරුවෙ නැති දෙවින් ඇවිල්ලා කට්ටිය ගාව ඉදගත්තා.

විනාඩි දහයක් වගේ යද්දි කට්ටිය ඉදන් හිටි බංකුව ඉස්සරහ ඇණවුම් කරපු කෑම ටික පිරෙද්දි කට්ටියම බෙදාගෙන කන්න ගත්තා.ඒත් එක්කම දිවාෂ දැක්කෙ කෑම පිගානකුත් අතේ තියාගෙන කාවහරි හොයන මිකායෙල්ව.ගොනා හැරෙන්නෙ කොහෙටද කියලා තේරුම් ගත්තු දිවාෂ තමන්ගෙ කට්ටිය ඉදන් උන්නු එක ලග තිබ්බ බංකු දෙක දිහා බැලුවා.දෙවින්,ආශව,නේත්‍ර,රකිත,ඉන්දීප එක බංකුවකත් තෙවින්,දිවාෂ ආර්ය එක බංකුවකත් වෙන විදියට කට්ටිය ඉදගෙන උන්නා.දිවාෂට ඒත් එක්කම තේරුම් ගියේ තමන් තුන් දෙනා ඉදන් උන්නු බංකුවෙ කිසිම කරදරයක් නැතුව තව දෙන්නෙක්ට වගේ ඉදගන්න පුළුවන් නේද කියන එක.

"ඕයි!"

"මොකද යුගාන්? බලපංකො කන්න කටට ගත්තු එක ආයෙ වැටුනනෙ පිගානට"

"ටිකක් පිටිපස්සට ගිහින් ඔය අඩු දෙක දාගනින් බංකුව උඩට.දිග අතට ඈ.....මගෙ පැත්තට හිටින විදියට"

"අනේ මේ මට බෑ....මට ලැජ්ජයි"

"උබ මෙතන කුමාරිහාමි වෙන්න හදන්නෙපා තෙවින්! කියන දේ කරපං....නැත්තං අර මිකායෙල් කියන වහන්තරාව මෙතනට ඇවිත් පුක තියාගනියි.....ආර්ය,උඹත් කකුල් දෙක හොදට ඈත් කරං කාපං"

"බෑ.....කකුල් මැද්ද දැකලා කාටහරි නැග්ගොත්?"

"ඕක දැක්කට නගින්නෑ පගෝ! කියන දේ අහලා උඹත් එහෙම ඉදපං"

"ඒකට රිදුනා දිවාස හරිත?"

දිවාෂට ගැස්සුව ආර්ය දිවාෂ කිව්වා වගේ කකුලුත් ඈත් කරං කන්න ගනිද්දි තෙවින් ආර්යගෙ ඇගට හේත්තු වෙලා කකුල් දෙක දිවාෂගෙ පැත්තට දිගෑරෙන විදියට තියාගත්තා.L හැඩේට තියලා තිබ්බ බංකු දෙකේ අනික් බංකුවෙ කොණේම ඉදන් හිටිය දෙවින්ගෙ ඇගට හේත්තු උනු දිවාෂ තෙවින්ගෙ පැත්තට කකුල් දෙක දිගෑරගෙන තියාගත්තා.මිකායෙල් තමන් ඉන්න පැත්තට එනවා දැක්ක දිවාෂයි තෙවිනුයි කකුල් උඩ තියාගෙන කෑම එක කන්න ගනිද්දි මිකායෙල් ආශවලගෙ ඉස්සරහින් හිටගත්තා.

"ආශව අයියලා කන්නත් අරගෙනනෙ......"

"උඹට මම කිව්වා තෙවින්!!!"

එකපාරටම ආවේස උනු දිවාෂ තමන් ඉස්සරහ ඉන්න තෙවින්ගෙ කකුල් දෙකට ගහගෙන ගහගෙන යන්න ගනිද්දි තෙවින් ගුටි කාගෙන දිවාෂ දිහා බැලුවෙ මොකද්ද වෙන්නෙ කියලා තේරුම් ගන්න බැරුව.

"උඹට මම කිව්වා වෙන උන්ගෙ කටවල් වලින් කද්දි පරිස්ස්ම් වෙයං කියලා!!! උඹ කොහොමද වෙන උන්ගෙ කටවල් වලින් උන්ට නාහා කන්නෙ! ආ? කියපං!"

"ඔ....ආ....ඇත්ත ඇත්ත යුගාන්! ගහපං මට....කෑ ගහන්නෙපා හැබැයි කන කීං කීං ගානවා"

දිවාෂ කරන වැඩේ තේරුම් ගිය දෙවින්ලා හිනාව තද කරගෙන ඉද්දි ආශව නේත්‍රගෙ පිගානට අල කෑල්ලක් දාලා නේත්‍රගෙ පිගානෙ තිබ්බ සම්බෝල ටිකක් ගත්තා.ආශව කල වැඩේ දිහා ඇසුත් ලොකු කරන් බලන් උන්නු නේත්‍ර ආශව එක්ක හුරතලේට හිනා වෙද්දි වටේපිටේ මිනිහෙක් මැරුනත් ඒක ගැන නිච්චියක් නොතිබ්බ ආශව බලන් හිටියෙ නේත්‍රගෙ හිනාව දිහා.

"මට මෙතනින් ඉදගන්න පුලුවන්ද?"

"ඉඩ නෑනෙ මිකායෙල් මල්ලි.....අර අතන ඔයාලගෙ යාලුවො නේද ඒ? එයාලා ලග ඉඩ තියෙනවා නේද?"

"දිවාෂලා කකුල් පහල දාගත්තනම් මෙතනත් ඉඩ තියෙනවනෙ රකිත අයියෙ?"

මිකායෙක් කිසිම ගරු සරුවක් නැතුව රකිතට උත්තර දෙද්දි රකිත කට පියාගත්තෙ දිවාෂගෙ කට ඇරෙනවා දැකලා.කට්ටිය ඉස්සරහ ලැජ්ජාවට පත් නොවී ඉන්න මිකායෙල්ට අවස්ථාවක් අරං දුන්නත් තමන්ගෙ කැමැත්තෙන්ම මිකායෙල් ඒ අවස්ථාව නැති කරගත්තට පස්සෙ රකිතට උනත් කරන්න දෙයක් තිබ්බෙ නෑ.පෑන්කේකයක් විතරක් තියාගෙන හිටිය තමන්ගෙ පිගානත් අරං මිකායෙල් දිවාෂලාගෙ බංකුව ලගට ගියා.

"කකුල් පහලට දාගත්තනම් මටත් ඔයාලා එක්ක කන්න තිබ්බා"

මිකායෙල් දිවාෂ දිහා බලලා රවලා කතා කරද්දි දිවාෂ මිකායෙල් දිහා බලලා ආප්පෙක මැද්දකුත් කටේ ගහන් මිකායෙල් එක්ක හිනා උනා.

"ඒත් අපිට කකුල් පහල දාගන්න බෑනෙ"

"අපි ගෙදරදිත් කන්නෙ මෙහෙම"

තෙවිනුත් දිවාෂගෙ ගායනේට අත්වැල් ඇල්ලුවා.දිවාෂගෙන් තව ටිකක් ලකුණු දාගන්න හිතුව තෙවින් පාන් කෑල්ලක් කටට දාගෙන ආයෙ මිකායෙල් දිහා බැලුවා.

"ඔයාට ඕන්නම් අපේ කකුල් උඩින් ඉදගන්න පුළුවන්"

තෙවින්ගෙ ගොංකතාව ඇහුනු දෙවින්ගෙ කටේ තිබ්බ කෑම ටික ඉස්මොල්ලෙ යද්දි දිවාෂ තෙවින්ව මරන්න කලින් ආර්ය මිකායෙල් දිහා බැලුවා.

"හැබැයි මුන් දෙන්නගෙම සපත්තු උල්....ඔයා එව්වා උඩ ඉදගත්තොත් එහෙම....."

"යනවා යන්න! මෝඩයො!"

මිකායෙල් ගස්සගෙන එතනින් ගියේ නේත්‍ර දිහාටත් හොද බැල්මක් දාලා.ඒ වගක් දැනන් හිටියෙ නැති පුංචි එකා හිටියෙ ආශවගෙ පිගානට එබිලා.

"මේකට එබෙන්නෙ මොකෝ?"

"සුදුබේබි ආප්පයක් අරං දෙන්නකො....මට ගන්න ලැජ්ජයි"

"ඉන්න...."

මේසෙ උඩ තිබ්බ ආප්ප දෙකක් තමන්ගෙ පිගානට දාගත්තු ආශව ලුණුමිරිස් ටිහකුත් දාගෙන ඇවිත් නේත්‍රට දෙද්දි නේත්‍ර හිනාවෙලා ඒක කන්න ගත්තා.කාලා ඉවර වෙලා කිරි තේත් බීලා ඉවර කෙරුව කොල්ලො ටික ගුරුවරු එක්ක ආපහු පාරක් බස් රථ දෙකට නැග්ගා.කාලා නිසා නටන්නෙ නැතුව ආසන වල ඉදන් සාන්ත විදියට ඉදගත්තු කට්ටිය සමහරුන්ගෙනම් ආසන මේ වෙද්දි මාරු වෙලා තිබ්බා.කලින් දිවාෂයි නේත්‍රයි හිටිය තැනට රකිතයි ඉන්දීපයි ගිහින් හිටියා වගේම නේත්‍ර ආශව ලගට ඇවිත් හිටියා.ආශවටයි නේත්‍රටයි අමතරව පිටුපස ආසනේ උන්නු දෙවින්ගෙ ඇග උඩට කාලා වැඩි වුණු දිවාෂ සිහි නැතුව ඇදගෙන වැටිලා තිබ්බා.

"සුදුබේබි....නස් නාරං එක දෙන්නකො"

"නේත්‍ර....."

"අනේ සුදුබේබි.....ඉදිඅප්ප කාලා කිරි එහෙකුත් බිව්වනෙ මම...."

"ඉන්නකො එහෙනම්...."

"සුදුබේබි තව බොක්ස් එකක් තියෙනවා.....ඒකෙ අඹ අච්චාරු.....සුදුබේබි අරං අනික් අයට දෙන්න....මටේපා මම නස් නාරං කනවා"

"ඔයා ඒවත් හදන් ආවද නේත්‍ර?"

නේත්‍රගෙන් අහන ගමන් රකිතලා ලග තිබ්බ නේත්‍රගෙ බෑගය ඉල්ලගත්තු ආශව ඒක ඇතුලෙ තිබ්බ පුංචි පෙට්ටිය නේත්‍රගෙ අතට දීලා ලීටර් දෙකක විතර ලොකු අනික් පෙට්ටිය ඇරලා බැලුවා.ඇතුලෙ තිබ්බ ප්ලාස්ටික් හැන්දෙන් තමන්ගෙ අතට අච්චාරු ටිකක් දාගත්තු ආශව පෙට්ටිය දෙවින්ගෙ අතට දුන්නා.සිහි නැතුව හිටිය දිවාෂ තමන්ගෙ අත් දෙක පිරෙන්නත් අච්චාරු දාගෙන දෙවින්ගෙ අත් දෙකටත් අච්චාරු පිරෙන්න දාගත්තෙ ඕක ඉස්සරහට ගියාම ආයෙ එන්නෙ හිස් පෙට්ටිය වග දැනන් හිටි නිසා.

"ලමයි.....දැන් හරි තැනට ආවා....අයියෝ මනුස්සයො වගේ ඉදපල්ලා දැන්!"

මේ වගේ වැඩ වලට හයිය හත්තිය තියෙන ගුරුවරයෙකුත් ඕනි හන්දා ආශවලගෙ ක්‍රිකට් පුහුණුකරුත් ඇවිත් හිටියා.මැදි වයසත් තරුණ වයසත් අතරෙ උන්නු මේ ගුරුතුමා ලමයිට,විශේෂයෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ ලමයිට යාලුවෙක් වගේ සමීප උනු ගුරුතුමෙක්.පුහුණුකරුගෙ සද්දෙත් එක්ක අලියො ගෙම්බො වගේ තැනින් තැන පත බෑවිලා හිටිය කොල්ලො ටික කෙලින් වෙලා ටයි දාගෙන බැජ් ගහගත්තා.ඔය මුකුත් නැති තෙවිනුයි ආර්යයි එකාට එකා වෙලීගෙන අඹ අච්චාරුවෙ අන්තිම හරියට රණ්ඩු කරන ගමන් හිටියා.

"ලමයි බැහැලා යං!"

රකිතගෙ කටහඩ එක්ක හැමෝම පිලිවෙලකට බිමට බැහැලා පෝලිමක් හැදුනා.රකිත,ආශව,දෙවින් ඇතුලු ඉහල ශිෂ්‍යනායක මණ්ඩලයෙ දහදෙනා තද නිල් පැහැති පාසල් නිල කබායත් පැලදගෙන හිටියා.කොණ්ඩෙත් හරියට පීරගෙන ටයි එක අතින් සකසන ගමන් බස් රථයෙන් බැහැලා ලමයි ඉස්සරහින් හිටගත්තු ආශව දිහාට ආදරේ,ආඩම්බරය පිරුණු රවුම් කළුපාට ඇස් දෙකක බැල්මත්, ආසාව,ලෝබකම වගේ දේවල් පිරුණු හීන් දිගැටි ඇස් දෙකක බැල්මත් දිගින් දිගටම වැටිලා තිබ්බා.පුරුදු විදියට අත් ඔරලෝසුව හදන ගමන් ඉස්සරහට ඇවිත් ලමයිට වෙන්න ඕනි දේවල් පැහැදිලි කෙරුව ආශව කට්ටිය එක්ක ඉස්සරහට ඇවිදගෙන ගියා.

දිවාෂයි ආර්යයි එක්ක ඇවිදගෙන යන ගමන් උන්නු නේත්‍රගෙ බෝල ඇස් දෙක මේ පුංචි ඉස්කෝලෙ වටේටම බලන්න ගත්තා.නේත්‍රට මතක් උනේ තමන් පහ වසරට වෙනකං ගිය ගමේ ඉස්කෝලෙ.මේක මහා විද්‍යාලයක් වෙලත් තවමත් පුංචි මට්ටමක තිබ්බ එක නේත්‍රගෙ අහිංසක හිතට හරි දුකක් ගෙනාවා.එකම රටක ඉපදිලා,එකම ලේ ඇගේ දුවන මිනිස්සු වුණාට සමහරුන්ට වැඩියෙනුත් සමහරුන්ට අඩුවෙනුත් ලැබෙන්නෙ ඇයි කියලා නේත්‍ර කල්පනා කලා.තමන් හැම අතින්ම පරිපූර්ණ පාසලක ඉගෙන ගනිද්දි මේ ලමයි මේ වගේ දුක් ගැහැට විදින ගමන් ඉගෙන ගන්න එක නේත්‍රගෙ පපුවට සෑහෙන්නම වද දුන්නු කාරණාවක් උනා.ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර කට්ටිය එක්ක ඉස්සරහට ඇවිදන් ගියා.

"සුභ උදෑසනක් වේවා සර්....සුභ උදෑසනක් වේවා මැඩම්....මේ පැත්තෙන් එන්න....අපි පුංචි උත්සවයක් සංවිධානය කලා"

එක ලගම තිබුණු පාසල් දෙකේම ලමයිව එකම පාසලකට ගෙනල්ලා උත්සවය සංවිධානය කරලා තිබ්බෙ පාර්ශව හැම එකකටම පහසු වෙන විදියට.උත්සවයක් තියෙන තැන කියලා හිතාගෙන ප්‍රධාන ශාලාවක් වගේ තැනක් කට්ටිය හොයං ගියාට මග පෙන්නුව ගුරුවරයා නතර උනේ ලොකු කොස් ගහක් පාමුල.පුංචියට එතන බැදලා තිබ්බ කොන්ක්‍රීට් දිගැටි තට්ටුවක හොද ලී පුටු පහ පහක් තියලා තිබ්බා වගේම ලමයි තුන්සීයක් විතර එතන ඉස්සරහ උස පිලිවෙලට හිටගෙන හිටියා.

"රකිත,ඇවිත් කතා කරන්න...."

ආශවලගෙ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හා සහකාර විදුහල්පතිවරයෙක් කතා කලාට පස්සෙ රකිතට අවස්ථාව ලැබුනා.රකිතගෙ කතාව හූමිටියක්වත් නොතියා අහන් හිටිය ලමයි අන්තිමේදි හොද අත්පොලසන් නාදයක් දුන්නෙ රකිත කිව්ව දේවල් වල තිබ්බ වැදගත්කම එයාලට උනත් දැනුනු නිසා.අනුරාධපුර පාසල් දෙකේ ලමයි ආශවලගෙ පාසලේ සිසුන් වෙනුවෙන් හදලා තිබ්බ ගීත දෙකකටත් ඇහුම්කන් දුන්නට පස්සෙ පාසල් උපකරණ බෙදා දීම සිද්ධ කෙරුනා.

නේත්‍ර,දිවාෂ,තෙවින්,ආර්ය හතර දෙනා හිටියෙ ලමයිට ඒ කට්ටිය සල්ලි දාලා වෙනමම දෙන පුංචි තෑගි ටික බෙදන්න.පිරිමි ලමයිට වෙනමම පෙට්ටියකුත්,ගැහැනු ලමයිට වෙනමම පෙට්ටියකත් ඒ ත්‍යාග ටික සූදානම් කරල තිබ්බා.පුංචි උන් පෝලිමට එද්දි ලස්සනට හිනා වුණු නේත්‍ර අනික් තුන් දෙනා අරං දෙන තෑගි ලමයිට දෙන ගමන් හිටියා.

"යුගාන්....."

"ම්ම්ම්?"

"මේවගෙ තියෙන්නෙ මොනාද?"

"ප්ලාස්ටික ඩයිනෝසර්ලා....ඇයි?"

"ගහගන්න වගේ කතා කරන්නෙපා අනේ....."

"ඉදපං තෙවින් ගුටි නොකා"

"යුගාන්......ඇත්තටම එවුන්ද ඉන්නෙ?"

"ඔව්....."

"අනේ මටත් එකක් දෙන්නකො යුගාන්"

"අම්මපා මම ඩයිනෝසර් කෙනෙක් වෙලා තෝව චප්ප๬ කරලා දාලා,කීතු කීතු වලට ඉරලා කන්න කලින් කටවහං ඉදපං මේ වැඩේ ඉවර වෙනකං!"

"තරහයි මම!"

තෙවින් ගස්සලා අහක බලාගනිද්දි දිවාෂ තෙවින්ව වාතයක් ගාණටවත් ගනන් නොගෙන අතේ තිබ්බ තෑගි පාර්සලේ නේත්‍රට දුන්නා.ඇත්තටම ඒවා ඇතුලෙ තිබ්බෙ ප්ලාස්ටික් සෙල්ලම් බඩු නෙවෙයි.පිරිමි ලමයින්ට හොද වර්ගයක තොප්පියක් එක්ක,පැන්සල් පෙට්ටියකුත්; ගෑනු ලමයින්ට ලස්සන අත් පලදනාවල් දෙකක්,පුංචි කරාඹු ජෝඩු දෙකක් එක්ක පැන්සල් පෙට්ටියකුත් ඒ පුංචි තෑගි පාර්සලයට ඇතුලත් වෙලා තිබ්බා.නේත්‍ර එදා කිව්ව එක වගේම දේවල් ගමු කිව්ව වචන වල වැදගත්කම දිවාෂලාට තේරුනේ පොඩි උන් දෙන්නෙක් එතනම තෑගි පාර්සල් ලිහලා බලන්න ගත්තම.

"මේ මටනම් තියෙන්නෙ නිල් පාට කැප් එකක්....ඔයාගෙ එක පෙන්නන්න බලන්න....මගෙ පාට තමා ලස්සන"

"හූ හූ මගෙත් නිල්පාට එකක් තමා මේ....අපි දෙන්නගෙම එක වගේ ඒවා"

රණ්ඩුවක් වගේ ඇවිලෙන්න ගිය එක හෙමින් සැරේ නිවිලා යද්දි පොත් කට්ටල බෙදන ගමන් උන්නු ආශව හරි ආඩම්බරෙන් තමන්ගෙ පුංචි ආදරවන්තයා දිහා බැලුවා.රකිත උනත් හිනා වෙලා ආශව දිහා බැලුවෙ ඒක නේත්‍රගෙ අදහසක් බව දැනන් හිටිය නිසා.නේත්‍රට මොනා හරි කිව්ව පොඩි එකෙක් නේත්‍රගෙ කම්මුලක් අතගානවා දැකලා ආශවට යකා නැග්ගත් පුංචි එකෙක්නෙ කියලා හිත හදාගත්තු ආශව තමන් කර කර හිටිය වැඩේට අවධානෙ දුන්නා.

පැය දෙකක් විතර පරිශ්‍රමයක් දරලා පාසල් උපකරණ කට්ටල බෙදලා දීම අවසන් කලාට පස්සෙ ආශව,දෙවින්,රකිත තුන් දෙනා වගේම නුවරින් ආව ගුරු මණ්ඩලේ කිහිපදෙනා මේ පාසල් දෙකේ විදුහල්පතිවරු දෙන්නා එක්ක කෙටි පිලිසදරකට පිටත් වෙද්දි අනික් ලමයිට පාසලේ ඇවිදලා වටපිටාව බලන්න අවසර ලැබුණා.වටපිටාව බලද්දි නේත්‍ර්ට දැනුනු එකම දේ ඒ පාසල කොච්චර නම් දුෂ්කරද කියන එක.

සමහර පන්තිකාමර වල වහල පවා දිරාපත් වෙලා තිබ්බා.සාමාන්‍ය වැස්සකදි උනත් මේ පන්තිකාමරනම් තෙතබරිත වෙනවා ඇති කියන එක නේත්‍රට තේරුම් ගියා.ඩෙස් පුටු උනත් සෑහෙන්න අබලන් මට්ටමේ තිබුනා.රජයෙනුත් ඔක්කොම පහසුමක් තියෙන පාසල් වලට පිහිණුම් තටාක,අලුත් පැවීලියන්,නව ගොඩනැගිලි කිය කිය එකේක ව්‍යාපෘති හදුන්වලා දෙන ගමන් එව්වා ගොඩනගද්දි මේ වගේ පාසල් දිනෙන් දින අභාවයට යන එක පුදුමයක් නෙවෙයි කියලා නේත්‍රට හිතුනා.පිහිනුම් තටාකයක් තියෙන පාසලක නව පිහිනුම් තටාකය කියලා තව එකක් හදන වෙලාවෙ මේ වගේ පාසලක එක පන්තිකාමරයක් හරි පිලිසකර කරන එක නේද කල යුත්ත කියලා නේත්‍ර හිතුවත් එව්වා අදාල බලධාරීන්ට නොතේරෙන එක මේ වගේ පාසල් වල ලමයිගෙ කරුමය උනා.

"අයියගෙ නම මොකද්ද?"

"මගෙද පැටියො?"

"ඔව්....අයියගෙ"

"මම නේත්‍ර.....ඔයාලගෙනම් මොනාද?"

"මම නිශිල...මෙයා සදුනි....මෙයා අයන්ත"

"ඕහ්...ලස්සන නම් ටිකක්නෙ"

"අයියා හුගාක් ලස්සනයි......අයියා මාරම ලස්සනයිනෙ""

පොඩි එකෙක් නේත්‍රගෙ අතින් අල්ලන් කියද්දි ගල්බැම්මකින් ඉදන් උන්නු නේත්‍ර පුංචි එකාව උස්සලා අරගෙන ඔඩොක්කෙන් තියාගත්තා.සතුට වැඩිකමට නේත්‍රගෙ බෙල්ල බදාගෙන නේත්‍රට හාද්දක් දුන්නු පොඩි එකා නේත්‍රගෙ බෙල්ල අස්සෙ මූණ ගහගනිද්දි හිනා වුණු නේත්‍ර අනික් පුංචි උන් දෙන්නා දිහා බැලුවා.තොලුත් නොපිටට පෙරලගෙන නේත්‍රගෙ ඔඩොක්කෙ හිටිය පුංචි එකා දිහා බලන් උන්නු අනික් පොඩි උන් දෙන්නා එහෙම්මම දිවාෂ දිහා බලද්දි දිවාෂ දෙන්නවම එකපාර උකුලෙන් තියාගත්තා.

"අයියා හිනා වෙද්දි ලස්සනයි.....ඇස් හීනි වෙනව"

දිවාෂගෙ හීනි ඇස් දෙක උඩින් අත අරං ගිය පොඩි එකී කියද්දි දිවාෂ ආයෙමත් හිනා උනා.හිතට දැනෙන මොකද්ද මන්දා අමුතු හැගීමක් එක්ක තෙවින් දිවාෂ දිහා බලන් හිටියා.ඒ හැගීමට කියන නම නොතේරුනාට ඒවගේ හැගීමක් නේත්‍ර ගැන ඇති වෙලා නෑ කියලා තෙවින්ට සපථ කිරීමේ හැකියාවක් තිබ්බා.පොඩි උන් දෙන්නෙක්ව උකුල උඩ තියන් හිනා වෙවී උන්නු දිවාෂ දිහා තවත් බලන් ඉන්න බැරි තැන තෙවින් අහක බලාගත්තෙ අමුතුවට ගැහෙන පපුවට අතක් තියාගෙන.

"අයියලාගෙ ඉස්කෝලෙ හුගක් ලොකුද?"

"ඔව් පැංචො.....ටිකක් ලොකුයි"

නිකරුණේ පුංචි එකාගෙ හිත රිද්දන්න වුවමනාවක් නොවුණු තැන නේත්‍ර කියද්දි පුංචි එකා හිනා උනා.

"මාත් ආසයි අයියලාගෙ වගේ ලොකු ඉස්කෝලෙකට එන්න"

"ඔයා කීය වසරෙද පැංචො?"

"තුනේ....."

"එහෙනම් හොදට ශිෂ්‍යත්වෙ ලියලා පාස් වෙන්න.....එතකොට ඔයාට පුළුවන් අනුරාධපුරේම ලොකු ඉස්කෝලෙකට හරි,කොළබ ලොකු ඉස්කෝලෙකට හරි එන්න"

"කොළබ හුගාක් ලොකුයිද අයියෙ?"

දිවාෂගෙ ඔඩොක්කෙ හිටිය පුංචි එකා නේත්‍රගෙ කතාව ඇහිලා දිවාෂගෙන් අහද්දි දිවාෂ ලස්සනට හිනා උනා.

"ඔව් ලොකුයි....එහෙ ඉස්කෝලෙකට යන්න පුළුවන් තරමට හොද ලකුණක් ගන්න පුලුවන්නම්,ඔයාලා සෑහෙන්න ලොකු ජයග්‍රහණයක් කරගත්තා වෙනවා"

"හ්ම්ම්ම්.....අපි පාඩම් කරන්නම්"

"ඔව්....අනිවාර්යයෙන්ම කරන්න.....ශිෂ්‍යත්වෙ කියන දේ සමහර ලමයිට සෙල්ලමක් උනාට,ඔයාලා අපි වගේ ලමයිට ඒක ලොකු අවස්ථාවක් බබෝ....ශිෂ්‍යත්වෙ තියෙන්නෙ ඔයාලා අපි වගේ ලමයි වෙනුවෙන්.....අපිට ගොඩයන්න තියන්න පුළුවන් පලවෙනි අඩිය ඒක....හරියට උගන්නන නමක් තියෙන ඉස්කෝලෙකට යන්න අපිට තියෙන ලොකුම චාන්ස් එක ඒක"

ඔඩොක්කු වල හිටිය පුංචි උන් තුන වගේම මේ වෙද්දි දිවාෂලා නේත්‍රලා ලග වටවෙලා තෙවින්ගෙ,ආර්යගෙ වගේම එතන උන්නු තව කොල්ලන්ගෙ ඇගවල් වලට හේත්තු දාගෙන දිවාෂයි නේත්‍රයි කියන කතා අහන් උන්නු පුංචි උන් ටික ඔලු උඩ පහල වැනුවා.කට්ටියම ඒ දේවල් අහන් උන්නෙ හරි අවධානෙන්.

"දන්නවද? මායි මේ අයියයි දෙන්නත් ලොකු ඉස්කෝලෙකට ගියේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා....නැත්තං ඒ දේ අපිටත් ලොකු හීනයක් වෙලා තියෙයි අදටත්"

දිවාෂ නේත්‍ර දිහා බලලා කියද්දි නේත්‍ර හිනා වෙලා කතා කලා.

"ඔයාලට ලැබිලා තියෙන මේ ඉස්කෝලෙ ගැන වරදක් හිතන්නෙපා.....ඔයාල මේකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ගන්න.මේ ඉස්කෝලෙ හරි ඔයාලට ඉගෙන ගන්න තියෙනවා නේද කියලා හිතලා ඉස්කෝලෙට ස්තූතිවන්ත වෙන්න....හොදට ඉගෙන ගෙන වෙන ඉස්කෝලෙකට ගිහින් ලොකු මහත්තුරු උනාට මේ ඉස්කෝලෙ අමතක කරන්නෙපා....ඔයාලගෙ ඇස් පාදන්න පලවෙනිම අකුර කියලා දුන්නු මේ ඉස්කෝලෙට උදව් කරන්න....තේරුනාද?"

නේත්‍රගෙ වචන ටිකත් එක්ක ලොකු කල්පනාවකට වැටුනු පොඩිත්තො ටික ටික වෙලාවක් යද්දි ඒ චූටි ඔලු ගෙඩි ටික හෙලෙව්වා.නේත්‍රල හිටි තැනට පොඩි ගල් පඩි පෙලක් බැහැගෙන එන ගමන් උන්නු ආශවගෙ මූනෙ ඇදුනෙ ලොකු ආඩම්බරයක්.හැමදාම,හැම තත්පරේකම ආශව නේත්‍ර ගැන ආඩම්බර උනා.නේත්‍ර කියන්නෙ සර්වසම්පූර්ණ මිනිහෙක් කියලා හැම වෙලේම ආශවට හිතුනා.ඒත් එක්කම ආශව ගැස්සිලා ගියේ තමන්ගෙ උරහිසට තිබ්බ අතක ස්පර්ශෙන්.

"මුලදි මම කල්පනා කලා හැම අතින්ම පර්ෆෙක්ට් මිනිහෙක් උනු ආශව කොල්ලෙක්ට ආදරේ කරන්න ගත්තෙ ඇයි කියලා.....ප්‍රශ්න එනවා කියලා දැන දැනත්,හොදම කෙල්ලො සීයක් උනත් දාගන්න පුලුවන්කම තියෙනකොටත් ඇයි කොල්ලෙක්වම කියලා මම ඒ කාලෙ කල්පනා කලා......"

රකිත කියද්දි නිහඩවම ඉස්සරහ බලාගත්තු ආශවගෙ මූණ ලා හිනාවකින් ඔප වැටිලා තිබ්බා.

"ඒත් දැන් තේරෙනවා ඒ ඇයි කියලා....ආශව,මම සීරියස් රිලේෂන්ශිප් එකක හිටිය මිනිහෙක්....වැඩියෙ ඕනිනෑ මම යාලු වෙලා හිටිය ගර්ල්ගෙ ගෙදරින් වගේම අපේ ගෙදරිනුත් මේ සම්බන්ධෙ ගැන දැනගෙන හිටියා.මම උබලා වගේ උපන්ගෙයි සල්ලිකාරයෙක් නෙවෙයි ආශව...මම ඉපදෙද්දි මධ්‍යමපාන්තික කොල්ලෙක්.....අපේ අප්පච්චි පුංචි රස්සාවක් කල මිනිහෙක්.....අපි දියුණු වෙන්න ගත්තෙ මම ග්‍රේඩ් ටෙන් වල වගේ ඉද්දි.....පොඩියට අප්පච්චි පටන් ගත්තු බිස්නස් එක දියුණු වෙන්න ගත්තෙ ඒ කාලෙදි.

මම විශාලි එක්ක යාලු උනෙත් ඔය කාලෙදි.ඒ කාලෙ නොතේරුනාට ඒ කෙල්ල මගෙන් හුගක් දේවල් බලාපොරොත්තු උනා....විශේෂයෙන් විය හියදම් සම්බන්ධව.....පුංචි පුංචි දේවල් නෙවෙයි.සෑහෙන්න ලොකු දේවල්.මම දුක් වින්ද කෙනෙක් නිසා සල්ලි වල අගේ හොදටම දන්නවා...මම සෑහෙන්න අරපිරිමැස්මෙන් වැඩ කෙරුව මනුස්සයෙක්.....ඒක විශාලිට හරි ගියේ නෑ....ඒත් එයා අපි දියුණු වෙන මිනිස්සු කියලා තේරුම් ගත්තු නිසා මාව අතෑරියෙත් නෑ.ගිය අවුරුද්ද වගේ කාලෙට එද්දි මම ටිකෙන් ටික විශාලිව තේරුම් ගත්තා.....එයා සෑහෙන්නම සල්ලි වලට කෑදර කෙනෙක් කියලා මම තේරුම් ගත්තෙ එතකොට....ක්ලාස් යන්න සල්ලි නෑ කියලා මගෙන් ඉල්ලුවා.මම කරපුවා කියවනවා නෙවේ ආශව.....ඒත් මම ඒ වගේ දේවල් වලට දෙපාරක් නොහිතා එයාට සල්ලි දුන්නා.ලැප් එකක් නෑ කිව්වා.....ලැප් එකක් අරං දුන්නා.... ඒත් අන්තිමට බලද්දි එයා මාව යූස් කරලා.නිකරුනේ දේවල් වලට මගෙන් සල්ලි ගන්න බැරි බව තේරෙද්දි එයා අධ්‍යාපනය කියන දේ ඉස්සරහට දාලා.....එයා ඒ සල්ලි වලිම් කරලා තියෙන්නෙ නාස්තිකාර වැඩ...උබ දන්නෙ නැති උනාට මම දන්න,මම මෙච්චර කල් නොකියා හිටිය දේකුත් තියෙනවා.

විශාලි උබේ පස්සෙන් එන්න පටන් අරං තිබ්බා....ඒකි ඉන්ස්ට එකෙන් උබට මැසේජ් කරලා තිබ්බා.....දවසක් අහම්බෙන් මම ඒකිගෙ ෆෝන් එක බලද්දි ඒවා දැක්කෙ.උබ ඒවා සීන් කරලවත් තිබ්බෙ නෑ.වෙන එකෙක් වගේනම් ගොං කමට උබ එක්ක කෙලගන්න ආවට මම කලේ විශාලිව අතෑරිය එක....මොකද උබේ කිසිම වරදක් තිබ්බෙ නෑ....මම ඒකයි උබට මෙච්චර කල් ඒක නොකියා හිටියෙත්.ඒත් අද මේ ඔක්කොම කිව්ව එකේ ඒක කියන්න හිතුනා"

"මම ඒ කාලෙ වෙද්දිනුත් නේත්‍රට ඇබ්බැහි වෙලා ඉවරයි රකිත.....මට වෙන අයට පුංචි හරි අවධානයක් දෙන්නවත් ඕනිකමක් තිබ්බෙ නෑ"

"හ්ම්ම්ම්.....මම ඒක දන්නවා.....බ්‍රේකප් වෙන්න ගිය දවසෙ මම ඔය ගැනත් කිව්වා....උබට මැසේජ් කල එක ගැන.....විශාලි කිව්වා,ආශව වගේ කෙනෙක් මිසක් මම වගේ කෙනෙක්ව ඒකිට ගැලපෙන්නෑ කියලා.බ්‍රේකප් උනත් මම කාලයක් උබ වගේ වෙන්න උත්සාහ කලා ආශව.....බොරු කියන්න ඕනි නෑනෙ....ඒත් කාලයක් යද්දි තේරුනා ආශව කියන්නෙ ආශවට,රකිත කියන්නෙ රකිතට කියන එක.....

ඔන්න ඔය කාලෙදි තමා උබ අඩෝවැඩියාවක් පටන් ගත්තෙ නේත්‍ර ගැන කිය කිය....උබ පොඩි එකාගෙන් ආස්කවුට් කරන්න බයෙන් හිටියෙ.....ඒකා අඩයිද? බෑ කියයිද කිය කිය....මතකද උබට?"

"අම්මෝ මොකෝ අමතක.....මම ඒකාලෙ රෑ හීනෙනුත් දැක්කා නේත්‍ර මට ලාවුළු ගෙඩියකින් දමලා ගහනවා"

ආශව හිනා වෙවී කියද්දි දෙවින් ආශවගෙ රකිතගෙයි පිටට තට්ටු දෙකක් දාගෙන දිවාෂ ලගට ගියා.

"මම ඒ කාලෙ කල්පනාම කලේ ඇයි ආශව කොල්ලෙක්ට මෙච්චර මැරෙන්න හදන්නෙ කියලා.....දැන් තේරෙනවා....නේත්‍ර කියන්නෙ කොච්චර හොද කොල්ලෙක්ද කියලා....උබට හයියක් වෙන කෙනෙක්...උබට සැනසීමක් වෙන කෙනෙක්....උබට පපුව පුරෝලා ආදරේ කරන කෙනෙක්.....උබ හැමදේම නැති කරගෙන ආවත් නේත්‍ර කියන්නෙ අත් දෙක දෙපැත්තට විහිදෝලා උබව ඒකගෙ තුරුලට ගන්න කෙනෙක්....ඒ කාලෙ නොතේරුනාට දැන් තේරෙන්නෙ.....ආශව මැරෙන්න ගියේ නිකංම නිකං කොල්ලෙක්ට නෙවෙයි නේත්‍රට කියලා....නේත්‍ර කියන පුංචි කොල්ලට කියලා"

රකිත කියලා බලාගෙන හිටියෙ නේත්‍ර දිහා බලාගෙන ඉන්න ආශවගෙ දිලිසෙන ඇස් දිහා.

"හරි ලෝභයි ආශව.....උබලා දෙන්නා දිහා බැලුවම එන්නෙ හිතට හරි ලෝභකමක්...ඒක ඉරිසියාවක් නෙවෙයි..කේන්තියක් නෙවෙයි....ලෝභකමක්....අනේ අපිටත් මෙහෙම ආදරේ කරන්න තිබ්බනම් වගේ හැගීමක් දැනෙනන් ලෝභකමක්.....ආසාවෙන් උබලා දෙන්නගෙ ආදරේ දිහා බලන් ඉන්න අපේ පපුවෙන් එකපාරටම ලොකු හුස්මක් පහලට යනවා....ඇත්තටම ලෝභ හිතෙනවා ආශව....

නේත්‍ර වගේ කෙනෙක් මටත් හිටියනම් කියලා හිතෙනවා....රවන්න එපා යකෝ මම නේත්‍රට ලයින් දාන්න එන්නෑ! වගේ...වගේ කියලා කිව්වෙ....නේත්‍රව ඕනි කිව්වෙ නෑ.....මුගෙ රැවිල්ල බලපංකො!"

ආශවගෙ උරහිස වටේ අත දාගෙන ආශවගෙ බෙල්ල තද කරගෙන රකිත හිනා වෙද්දි ආශව රකිතගෙ බඩට පාරක් ගැහුවා.

"මට ඇහිලා තියෙනවා නේත්‍ර උඹට කතා කරන විදිය....උබ ගැන හොයලා බලන විදිය.....උඹව දැක්කම ඒකගෙ ඇස් දිලිසෙන විදිය.....නැති කරගන්නනම් එපා ආශව....ලෝකෙම විනාස කරලා හරි නේත්‍රව රැකගනින්.ඔහොම කෙනෙක් මිනිහෙක්ට ලැබෙන්නෙ හරි අඩුවෙන්....ඒ ලැබුනත් ලැබෙන්නෙ ජීවිතේටම එකපාරයි....ඒකව පරිස්සම් කරගන්න ආශව....අර දහය වසරෙ ඉද්දි නේත්‍රගෙ රූපයක් පොතක් පිටිපස්සෙ ඇදගෙන 'ගැටපිච්ච මල' කියලා උබ ලියලා තිබ්බා වගේ,ඒකා ගැටපිච්ච මලක් තමා..... ලෝකෙම විරුද්ධ උනත් නේත්‍රව උඹේ තුරුලෙ හංගගනින්....අනික ඕනිම දේකට අපිත් ඉන්නවා කියලා අමතක කරන්න එපා"

රකිත කියද්දි ආශව ඔලුව වනලා ඒ දේ පිලිගත්තා.ආශව මොන දේ නොකලත් ඒ දේ කරාවි.ලෝකෙම විරුද්ධ උනත් එයාගෙ පුංචි නේත්‍රව එයා රැකගනීවි.

"ඒක නෙවෙයි ආශව....."

"ඕහ්,කියපං"

පඩිපෙල බැහැගෙන යමින් ගමන් හිටිය ආශවව නවත්තගත්තු රකිත ආයෙමත් කතා කරද්දි ආශව නැවතිලා රකිතට ඇහුම්කන් දුන්නා.

"උඹ මේ ගැන අහන්න යන්න එපා හොදද? මටවත් හරියට මේ ගැන ඌ කියලා නෑ.....අපේ ඉන්දීප....උගෙ හිතේ දිවාෂ මල්ලි ගැන මොකක් හරි අදහසක් තියෙනවා කියලා මට හිතෙනවා"

"මොහ්!!! කහ්ක්!!!"

ආශවට කෙලත් ඉස්මොල්ලෙ ගිහින් කහින්න ගනිද්දි රකිත ආශවගෙ පිටට තට්ටු කලා.ටිකකින් කැහිල්ල නැවැත්තුව ආශව රකිත දිහා බලද්දි රකිතගෙ මූණෙ කිසිම විහිලුවක් කරන පාටක් තිබ්බෙ නෑ.

"උඹ ඇත්තටමද කියන්නෙ?"

"ඔව්....ඉන්දීප කියන්නෙ අද වෙනකං කිසිම අෆෙයා එකක හිටිය මිනිහෙක් නෙවෙයි....ඌ අඩුම කා ගැනවත් එහෙම ස්පෙශලි කියවලාවත් නෑ....ඒත් දිවාෂ ගැන දැන් අවුරුද්දක විතර වෙලේ ඉදලා කියෝනවා.....ඒත් කැමතියි කියලා නෑ....ඒත් ඌ මගෙ හොදම යාලුවනෙ....මට ඒක තේරෙනවා"

"හ්....හරි මට තේරුනා....අපි බලමුකො"

"ඔව්....ඉන්දීප හුගක් හොද කෙනෙක්....දිවාෂගෙත් කට නරක උනාට කොල්ලා හොදයිනෙ....මගෙනම් අකමැත්තක් නෑ.ඒකයි මම උබට කිව්වෙ"

"අනාගතේට බාර දීලා ඉමු අපි දැනට"

රකිත එක්ක කියෝ කියෝ ආව ආශවගෙ ඇස් දෙක නැවතුනේ දිවාෂට ටිකක් එහාට වෙන්න හිටං හිටිය ඉන්දීප ලග.දිවාෂ දිහා බලන් හිටිය ඉන්දීපගෙ ඇස් දෙක දිලිසෙන ගමන් තිබ්බා.අවුරුදු ගාණක් තිස්සෙ තමන් වෙනුවෙන් දිලිසෙන නේත්‍රගෙ ඇස් දැක්ක ආශවට ඉන්දීපගෙ ඇස් දිලිසෙන්නෙ ඇයි කියලා අමුතුවෙන් හිතන්න ඕනිකමක් තිබ්බෙ නෑ.ඒත් ආශවගෙ ඇස් ගැස්සිලා ගියේ වෙන දෙයක් නිසා.ඉන්දීප ලගම හිටගෙන හිටිය තෙවින්ගෙ ඇස් වල බැල්ම ඉන්දීපගෙ ඇස් වල බැල්මටත් වඩා බලවත් උනා.තෙවින්ගෙ ඇස් දෙකේ තිබ්බ දිලිසීම එක්ක බලද්දි ඉන්දීපගෙ ඇස් වල දිලිසීමක් තිබ්බෙම නෑනෙ කියලා ආශවට හැගුනා.ඉන්දීපගෙ ඇස් වලින් සාමාන්‍ය ආදරයක් පෙනෙද්දි තෙවින්ගෙ ඇස් වලින් තදබල ආදරයක්,අයිතිකරගැනීමක්, ආත්මාර්ථකාමීත්වයක් ආශව දැක්කා.ඒ වගේම ආශව දැනන් හිටියා තෙවින් තවම තමන්ගෙ හැගීම අදුනගෙන නෑ කියන එක.ලොකු හුස්මක් පහල දැම්ම ආශව මේ ගැන පස්සෙ වෙලාවක නේත්‍ර එක්ක කතා කරනවා කියලා හිතන් නේත්‍ර ලගට ඇවිදන් ගියා.

"අයියලා දෙන්නා හොදම යාලුවොද?"

"නෑ බබෝ....මේ අයියව බදින්න හිටියෙ මම...ඒ උනාට...."

"සී මෝ සී මෝ....යුගාන් නැගිටපං....අර කට්ටිය යන්න හදන්නෙ"

"නේත්‍ර,යං"

නේත්‍ර ලගට ඇවිත් නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව නේත්‍රට ආදරෙන් කතා කරලා නේත්‍රගෙ ඔඩොක්කෙයි වටෙයි හිටිය පොඩි උන් ටිකට රැව්වා.නේත්‍රලාව දාලා යන්න උවමනාවක් නොතිබ්බ පුංචි උන් ටික දිවාෂයි නේත්‍රයි එක්ක බස් රථය ලගට එනකංම ඇවිල්ලා ආයෙ මෙහෙ එනවා කියන පොරොන්දුව එක්ක නේත්‍රලාට යන්න දුන්නා.පුංචි උන් ටිකව නොපෙනිලා යනකංම නේත්‍රයි දිවාසයි දෙපැත්තෙ ජනෙල් දෙකෙන් ඔලු එලියට දාන් පොඩ්ඩො ටිකට අත වැනුවා.ටිකකින් ආසනෙන් ඉදගත්තු නේත්‍ර කල්පනා කලේම ඒ වගේ දුෂ්කර පාසල් ගැන.හුස්මක් පහල දැම්ම නේත්‍ර ජනේලෙන් අහක බලාගනිද්දි ආශවගෙ ලොකු අතක් ඇවිත් නේත්‍රගෙ පුංචි අතක පැටලුනා.

"අපිට පුලුවන් කාලෙක අපි මේ වගේ ඉස්කෝල වලට උදව් කරමුකො නේත්‍ර....ම්ම්ම්? දැන් දුකින් ඉන්න එපා"

..............................................................................................

"යුගාන්! උබව ගගට වැටෙයි!"

"මේක වැවක් පගෝ!"

තෙවින් කෑ ගහද්දි දිවාෂ නේත්‍ර ලගින්ම වැව් බැම්මෙන් ඉදගත්තා.ආශව බලන් හිටියෙ හුලගට ලා රැලි ගහන වැව් ජලය දිහා.අහේතුකවම ආශවගෙ හිතට දැනුනෙ හරි නිදහසක්.කාටවත් නොදැනෙන්න වැව් බැම්ම උඩ තිබ්බ නේත්‍රගෙ අතේ සුලැගිල්ලෙ තමන්ගෙ අත ගෑව්ව ආශව නේත්‍ර තමන්ගෙ මූණ දිහා බලනවා කියලා තේරුම් අරං ඉස්සරහ බලාගත්තෙ හිනාවෙන ගමන්.නේත්‍රත් හිනා වෙවීම ඉස්සරහ බලාගෙන හිටියා.නේත්‍ර ලගින් එන ගැටපිච්ච සුවද එක්ක ආශවට නේත්‍රව වැලදගන්න ඕනි උනත් මෙතන ඒ දේ කරන්න බැරි නිසා ආශව ඉවසගෙන හිටියා.

නුවර පරිසරේ වගේ සෞම්‍ය කාලගුණයක් නොතිබ්බ අනුරාධපුර ප්‍රදේශෙ කාලගුණය ශුෂ්ක උනත් අමුතුම විදියෙ සුවදායක බවක් ගැබ් වෙලා තිබ්බා.සමහරවිට ඒ කාර්යබහුලත්වයෙන් තරමකට දුරස් වුණු පරිසරයක් නිසා වෙන්න ඇති.ඉර එලියට දිලිසෙන වැව දිහා ආශව බලාගෙන හිටියා.ආශවට ඕනි උනා නේත්‍ර එක්ක දවසක මෙහෙට සැනසීමෙ ඇවිත් යන්න එන්න.නේත්‍ර කොහොමත් ආගමික කටයුතු වලටත් නැඹුරු මනුස්සයෙක් නිසා අටමස්ථානෙ වන්දනා කරන එක නේත්‍රට සතුටක් ගෙනෙයි කියලා ආශව කල්පනා කලා.ආශවටනම් ඕනි උනේ වන්දනාමාන කරන්න නෙවෙයි.නේත්‍ර එක්ක ටිකක් තනි වෙන්න.ආශව ගැස්සිලා ගියේ නේත්‍රගෙ පුංචි අත තමන්ගෙ අත තද කරනවා දැනිලා.

"සුදුබේබියි මායි එමු මෙහෙ දවසක"

ආශව හිනා වෙලා නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.නේත්‍රයි ආශවයි දෙන්නා දිහාවට මිකායෙල්ගෙ ඇස් වල නපුරු බැල්ම වැටිලා තියෙන බව නොදැන උන්නු නේත්‍රයි ආශවයි ස්කූල් ඔෆිසස්ලා දෙන්නෙක් බෙදාගෙන ගිය කෑම පාර්සලේ අතට අරං ලෙහාගත්තෙ බඩගින්න වැඩිකමට.කෑම ඇණවුම් කිරීම වේලාසනින්ම කරලා තිබ්බ නිසා කට්ටිය වැව ලගට එද්දිම කෑම පාර්සල් ලැබිලා තිබුනා.කට්ටිය කෑම පාර්සල් ලෙහාගෙන කන්න ගත්තා.වැවෙන් හමන හුලගයි වැව් බැම්මට වැටිලා තියෙන ගස් හෙවණයි එක්ක කට්ටිය නිදහසේ කෑම කාලා ඉවර කලා.

ටික වෙලාවක් එතන ගිමන් හැරලා ශ්‍රී මහා බෝධියයි රුවන්වැලි මහා සෑයයි වන්දනාමාන කරගෙනම ආයෙමත් නුවර බලා පිටත් වෙන එක තමා කට්ටියගෙ සැලසුම උනේ.වත්තටත් පය තියලා ගෙට ගොඩ නොවී යනවා වගේ අනුරාධපුරේ ඇවිත් ශ්‍රී මහා බෝධිය වන්දනා කරගන්නෙ නැතුව යන එක ඇත්තටම සෑහෙන ලොකු අඩුවක් කියලා කට්ටියම දැනන් හිටියා.ලමයි රංචුවක්ම ඇවිත් නැවතිලා ඉන්නවා දැක්ක නිසාමද කොහෙද පාරෙ ගිය අයිස්ක්‍රීම් ත්‍රීරෝද රථ දෙකක් ඒ හරියෙ නවත්තද්දි දෙවින්වයි නේත්‍රවයි දෙපැත්තෙන් අල්ලගත්තු දිවාෂ අයිස්ක්‍රීම් වාහනේ පැත්තට ඇදිලා ගියා.ටිකකින් අයිස්ක්‍රීම් හතරක් අත් දෙකේ එල්ලගෙන එන නේත්‍ර දිහා බලන් හිටිය ආශවගෙ ඇස් අදුරු උනේ නේත්‍ර කිට්ටුවට එන මිකායෙල්ව දැකලා.

"ආහ්!!!"

අයිස්ක්‍රීම් හතරෙ සිහියෙන් සන්තෝසෙම් උඩ පැන පැන ආව නේත්‍රගෙ ඇගේ මිකායෙල්ගෙ අනපේක්ෂිත හැප්පීම එක්ක නේත්‍ර විසික් වෙලා පිටිපස්සට වැටෙන්න යද්දි ඒත් එක්කම ආව දෙවින් අතේ තිබ්බ අයිස්ක්‍රීම් දෙක අතෑරලා දාලා නේත්‍රව අල්ලගත්තා.

"සොරි....මයි බෑඩ්!"

මිකායෙල් කට කොනකට හිනාවක් දාගෙන නේත්‍රව පහු කරං ගියා.ඒත් එක්කම එතනට දුවගෙන ආව ආශව නේත්‍රව හරව හරව තුවාලයක් උනාද කියලා බලද්දි අහිංසක විදියට හිනා උනු නේත්‍ර ඔලුව දෙපැත්තට වැනුවා.බිම වැටුණු අයිස්පලම් පැකට් කරපුවා නිසා ප්‍රශ්නයක් උනේ නෑ.ඒ ටික අහුලගත්තු දෙවින් නේත්‍රටයි ආශවටයි දෙකක් දීලා ඉතුරු ටික තෙවින් ආර්ය රකිත ඉන්දීප අතරෙ බෙදද්දි දිවාෂගෙ ඇස් දෙකනම් එල්ල වෙලා තිබ්බෙ මිකායෙල්ගෙ පැත්තට.

"යංද ලමයි? තවත් හවස් වෙලා බෑ....."

ගුරුවරයෙක්ගෙ කටහඩ එක්ක කට්ටියම නැගිටලා බස් වලට ගොඩ උනා.ආශවනම් හිටියෙ පාලනය කරගන්න බැරි තරම් කේන්තියකින්.

"සුදුබේබි,මට මුකුත් උනේ නෑනෙ"

"ශිට්! මුගෙන් මාර වදයක් උනානෙ....නේත්‍රට මොනාහරි උනානම් එහෙම"

"ටිකක් ඉවසන්නකො සුදුබේබි...කලබල වෙලා රණ්ඩුවට ගියොත් එකේ පාඩුව එන්නෙත් අපි දෙන්නට"

".............."

"මිකායෙල් ඇත්ත දැනගත්තොත් මොනාකරලා නවතියිද දන්නෑ සුදුබේබි.....ඒ නිසා අපි ටිකක් ඉවසීමෙන් ඉමු"

"මට ඔයාට තුරුල් වෙන්න ඕනි නේත්‍ර....ප්ලීස්"

"සුදුබේබි!"

"උරහිස දෙන්න....වෙන කරන්න දෙයක් නෑ"

නේත්‍රගෙ උරහිසෙන් ඔලුව තියාගත්තු ආශවව වැහෙන්න රකිත හිටගෙන එතනම තිබ්බ පොල්ලට හේත්තු වෙද්දි දෙවින් හරස් අතට ඉදගත්තා.නේත්‍රගෙ බෙල්ල පාමුලට වැදෙන ආශවගෙ උනුහුම් හුස්ම නිසා නේත්‍රව හිරිවැටිලා යද්දි නේත්‍ර තමන්ගෙ පුංචි ඇගිලි ආශවගෙ කෙස් අස්සෙන් අරං යද්දි ආශව කෙටි නින්දකට වැටුනා.

.

.

.

.

.

"අපිට මල් පහක් දෙන්න"

"ආ මහත්තයා.....දෙසිය පණහයි"

"හරි...."

සුදු නෙළුම් මල් පහම දෝතට ගත්තු නේත්‍ර ඒ ටික නේත්‍රට දෙද්දි ඉස්සරහ දත් දෙක එලියට දාලා ආශව එක්ක හිනා වුණු නේත්‍ර ඒ මල් පහම තමන්ගෙ අතට ගත්තා.කොල්ලො ටික සීසී කඩ විසිරිලා ශ්‍රී මහ බෝ මළුවෙ තැනින් තැන ඉන්දැද්දි ආශවයි නේත්‍රයි දෙන්නා දකුණු කකුල් දෙක උස්සලා බෝ මළුවට පය ගැහුවා.කොහෙන්දෝ ඉදන් පා වෙලා ආව හදුන්කූරු සුවදක් දෙන්නගෙ නහයෙ වැදීගෙන යද්දි ඉලන්දාරි දෙන්නා මල් ටික තියලා දෝත නලලෙ තියාගත්තා.

එකපාරක් ශ්‍රී මහා බෝධියට නමස්කාර කෙරුව ආශව අත් දෙක පහල දාගෙන බැලුවෙ නේත්‍ර දිහා.පුංචි අත් දෙකත් නලලෙ තියාන නේත්‍රගෙ පුංචි තොල් දෙකෙන් නේත්‍ර හෝ ගාලා මොන මොනවදෝ මුමුණනනවා.ආශව ඇහිපිල්ලමක්වත් නොගහා නේත්‍ර දිහා බලන් හිටියා.ටිකකින් ආශව දිහා බැලුව නේත්‍ර බෝ මළුව පෙන්නද්දි ආශව නේත්‍ර එක්ක ගිහින් මළුවෙ කොණකින් ඉදගත්තා.කොහෙන්දෝ ඉදන් ආව නිවුන් ජෝඩුවයි දිවාෂයිත් දෙන්නා කිට්ටුවෙන්ම ඉදගනිද්දි ආශව ශ්‍රී මහා බෝධිය හුලගට ලෙලදෙන කොළ දිහා බලන් හිටියා.

"ඈක්කා යුගාන්! ඔය නට්ට කටේ ගහන්න එපා!"

"ඒත් මේක හපද්දි වතුර වගේ එනවා කටට"

"ලූලෙක් වෙන්න හිටිය එකෙක්ද කොහෙද ජානකී ආන්ටිගෙ කීමට ලමයෙක් වෙලා ඉන්නෙ"

"ලූල්ලු නෙළුම් නැටි කන්නෑ තෙවින්! මෝඩයෙක් නොවී ඉදපං!"

"යකෝ! මේ ඉන්නෙ බෝ මළුවක....අනික ශ්‍රී මහා බෝ මළුවෙ....මෙතනට ඇවිත්වත් උබලා දෙන්නගෙ මරාගැනිල්ල නවත්තපල්ලකො!"

දෙවින් සැර කරද්දි දිවාෂයි තෙවිනුයි සද්ද නොකර එකාට එකා රවාගන්න පටන් ගත්තා.දිවාෂ දිහා බැලුව ආශව ඊලගට බැලුවෙ තමන් ලගටම වෙලා ඇගිලි පටලෝ පටලෝ බෝධිය දිහා බලන් ඉන්න නේත්‍ර දිහා.පුංචි කාලෙ ගතිගුණ ඊටත් හපන් කරගෙන ලොකු වෙලා ඉන්න දිවාෂ වගේම පුංචි කාලෙ ගතිගුණ වලට වඩා සෑහෙන්න වෙනස්ව උස් මහත් වුණු නේත්‍ර දෙන්නා අහසට පොලව වගේ නේද කියලා ආශව කල්පනා කලා.

ඉස්සර නේත්‍රට නිර්මලා බැන්නෙ පවා ඇම්බැට්ටයෙක් කියලා.....නොසන්ඩාලයෙක් කියලා.නේත්‍ර පුංචිම කාලෙ දගමල්ලක් වෙලා හිටියා.ඒ කාලෙ නේත්‍රව නිර්මලා නේත්‍රව එහා ගමේ වෙන වැරදි වලට පවා සැක කලා මතක් උනු ආශවට හිනාත් ගියා.ආශවව හම්බෙන කාලෙදිත් නේත්‍රගෙ ඒ දග ගති අඩු වීගෙන යමින් තිබ්බ කාලයක්.ආශවගෙ හුරතල් කිරිල්ල එක්ක නේත්‍ර හුරතලේටම හැදුනු අහිංසකයෙක් උනා.අඩුම නේත්‍ර පුංචි කාලෙ හැදුනු විදියටම හැදුනනනම් සමාජෙ ගැන හරි හොද දැනුමකින් හැදෙන්න තිබ්බා නේද කියලා කල්පනා කල ආශව,නේත්‍රව තමන්ගෙ තුරුලෙම තියාගෙන ඉදලා කලේ වරදක්ද කියලා කල්පනා කලා.

නේත්‍ර හා හා පුරා කියලා ගමෙන් එපිටට පය තිබ්බෙ ඉස්කෝලෙ යන්න.ඒකත් ආශව එක්ක.නේත්‍රව බස් එකට නැග්ගුවෙ ආශව,ටිකට් ගත්තෙ ආශව,බස් එකෙන් බැස්සුවෙ ආශව,කොන්ඩෙ ලස්සනට පීරලා ඉස්කෝලෙ ඇතුලට අතින් අල්ලලා එක්කන් ගියේ ආශව....ඉස්කෝලෙ ඇතුලෙ උනත් නේත්‍රව රැක්කෙ ආශව.නේත්‍රට උනු ප්‍රශ්නයකට උනත් ආශව නේත්‍රට මූණ දෙන්න දුන්නෙ නෑ.නේත්‍රව තුරුලෙ තියාගෙන ආශව පුංචි කාලෙ ඉදම් ප්‍රශ්න වලට මූණ දුන්නා.මහ මුදියන්සෙගෙන් බැනුම් අහගෙන අඩාගෙන එන නේත්‍රව සැනසුවෙ ආශව.....ඇත්තටම තමන් නේත්‍රට සමාජෙ එක්ක ගැටෙන්න දීලම නැද්ද කියලා ආශව කල්පනා කලා.කොහොම උනත් දැන් ඒ හැමදේම වෙලා ඉවරයි.ආශව දිගටම නේත්‍රව තමන්ගෙ තුරුලෙම තියං ඉදීවි.

හැබැයි ආශව උනත් නොදැන හිටිය එක දෙයක් තිබ්බා.ඒ තමයි හරිම අඩුවෙන් එලියට එන නේත්‍රගෙ ඇතුලෙ ඉන්න ශක්තිමත් මිනිහා ගැන!

"හරි සැහැල්ලුයි නේද නේත්‍ර?"

"ඔව් සුදුබේබි.....හිතට ලොකු සැනසීමක් දැනෙනවා"

ආශව නේත්‍ර එක්ක හිනා වෙද්දි උඩ ඉදන් ආව ජය ශ්‍රී මහ බෝධියෙ බෝ කොලයක් නේත්‍රගෙයි ආශවගෙයි මැද්දට වැටුනා.බෝ කොලේ අතට ගත්තු ආශව ඒක නේත්‍රට දෙද්දි නේත්‍ර ආසාවෙන් බෝ කොලෙ තමන්ගෙ අතට ගත්තා.හවස් ජාමෙ එලඹීගෙන එන නිසා කට්ටියටම සිද්ධ වුනේ අකමැත්තෙන් උනත් බස් වලට නගින්න යන්න.එකපාරටම තෙවින්ගෙයි දෙවින්ගෙයි අත් වල එල්ලිලා ඉස්සරහට යමින් ගමන් උන්නු දිවාෂ දෙන්නගෙ අත් අතෑරලා ඉස්සරහට දුවද්දි නිවුන් ජෝඩුව වෙන්නෙ මොකද්ද නොතේරී දිවාෂ දුවන දිහා බලන් හිටියා.

හරියටම මඩ වලක් කිට්ටුවෙන් අඩි ඈතින් තිය තිය අප්පිරියාවෙන් ඇවිදින ගමන් උන්නු මිකායෙල් විසික් වෙලා ගිහින් මඩ වලේ මූණ ඔබාගත්තෙ හරි අහම්බෙන් මිකායෙල්ගෙ ඇගේ වැදුනු දිවාෂ නිසා.කමිසෙ ගෑවුණු මඩ අතින් පිහින ගමන් කෑ ගහගෙන නැගිට්ට මිකායෙල් දිහා දිවාෂ හරි ඕනිකමින් බලන් හිටියා.

"ස්වොරි...මයි බෑඈඈඈඈඈඩ්!"

මිකායෙල්ට කිව්ව දිවාෂ පොඩ්ඩක් ගස්සගෙන බස් රථය ලගට දුවද්දි මිකායෙල්ගෙ යාලුවා මිකායෙල්ව අල්ලගෙන අනික් බස් රථය ලගට ගියා.කොහොමත් අමුතුම පිලිවෙලක් තියෙන මිකායෙල් අමතර නිලඇදුමක් අරං ඇවිත් තිබ්බ නිසා හොදට ගියා.කට්ටියම බස් රථ වලට ගොඩ උනාට පස්සෙ බස් දෙකම නුවරට ආපහු එන්න පිටත් උනා.

"ආයුබෝවන්!!!

We would like to introduce

one of the strangest songs

ever made in Sri Lanka and it is called - olley holla!!!"

"නැගිටපං යකෝ චූචියො Thuppuran!!!! Thuppuran!!!"

ආසනෙ ඉදගෙන උන්නු නේත්‍රව අතින් අල්ලලා ඇදලා නැගිට්ටෙව්ව දිවාෂ මහ හයියෙන් කෑ ගහද්දි ආශවත් නේත්‍ර ලගින්ම හිටගත්තා.කොහොමත් දැඩි ජවයක් තිබ්බ ඒ ගීතෙට කොල්ලො ටික පිස්සො වගේ නටද්දි ආශව හෙමින් සැරේ නේත්‍රගෙ පිටිපස්සෙන් හේත්තු උනා.

"කොල්ලෝ මගේ ලග නටපං,

දග දාලා ඇග දැං...

මං ලග තියනව සැප හෙයි,

එනවද නලවන්න රෑම?

එන්නෙපා මට කියාගෙන පල් හෑලි

podatha thappu kanaku katha gaali

මම ඉන්නේ මට ඕනෙ විදිහට ඩාලිං

enada odatha tha the tha they!!!!"

තෙවින්ගෙ කම්මුල් දෙක මිරිකලා අල්ලගත්තු දිවාෂ මහ හයියෙන් කෑ ගහලා තමන්ට ඕනි විදියට වචනත් වෙනස් කරලා සිංදුවෙ කෑල්ල කියද්දි තමන්ගෙ මූණ ලගම තිබ්බ දිවාෂගෙ මූණ දිහා බයවෙලා වගේ බලන් උන්නු තෙවින් හරි සිහියට ආවෙ ඊලග කෑල්ලට දෙවින්ව බදාගන්න දිවාෂ තමන්ගෙන් ඈත් වුණු නිසා.කට්ටියගෙම අවධානෙ නොතිබ්බට ආශවගෙ හයිය අත් අතරෙ හිර වෙලා හිටිය නේත්‍රනම් බීට් අලයක් තරමට රතු ගැහිලා උන්නා.

"අනේ මගේ මැණිකේ....

එන්නකො හනිකේ....

අපි යමු රට වටේ,

ජෝඩු දාලා ටුක් එකෙ,

ඔයාගෙ ඔය ලූක් එක ඇතුලේ,

මම ශොක් උනේ,

මට ඉවසන්න බැරුව මත් උනෙ..

අනේ මගේ චූටි,

වෙනවද නෝටි,

අපි අද හවසට බොනවද ප්ලේන් ටි,

මං ලග තියෙනවා උපරිම සේෆ්ටී,

අනේ ඔය බහ දෙනවද මට චූටි???"

ආශවගෙ ගැඹුරු හඩ නේත්‍රගෙ කන් පෙති වල ගෑවෙද්දි නේත්‍රගෙ කකුල් දෙක පණ නැති වෙලා ගියා.ආශවගෙ ඇගට නේත්‍රගෙ පන නැති ශරීරෙ බර දැනෙද්දි ආශව නේත්‍රව හයියෙන් අල්ලගත්තා.ඒත් නේත්‍රගෙ යටි හිත ඒ වගේ ස්පර්ශ වලට ආසා කලා.ආශවත් ඒ බව දැනන් හිටිය නිසා තමා නේත්‍ර එක්ක ඒ වගේ බය නැතිව හැසිරුනේ.ඒත් නේත්‍ර ආශවගෙ ස්පර්ශ වලට ඕනිවටත් වඩා සංවේදී උනා.ඒ නිසාමයි නේත්‍ර හැමදාම ආශව ඉස්සරහ අඩපණ වුනේ.නේත්‍රගෙ ඇගට පණක් එනකං නේත්‍රව අල්ලගෙන හෙමීට පැද්දි පැද්දි උන්නු ආශව නේත්‍ර යථා තත්වෙට පත් වුණු බව තේරුම් අරං ආයෙමත් නේත්‍රවත් අල්ලන් නටන්න ගත්තා.

"මහන්සියිද?"

"ඔව් සුදුබේබි.....දැන් ලගද?"

"ටිකක් දුරයි....තව පැයක් වගේ යයි....නේත්‍ර නිදාගන්න....අර කට්ටිය වැටුණු වැටුනු තැන් වල දැන්"

"ඔඩොක්කෙන් ඔලුව තියාගන්නම්ද සුදුබේබි? කළුවරේ කාටවත් පේන්නෙත් නෑනෙ"

"ඔහොම ඉන්න"

නේත්‍රගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ල ගත්තු ආශව නේත්‍රගෙ නලලෙන් හාදුවක් තවරලා නේත්‍රගෙන් ඈත් වුනා.

"දැන් නිදාගන්න"

ආශව එක්ක හිනා වුන නේත්‍ර ආශවගෙ උකුල උඩින් තමන්ගෙ ඔලුව තියාගත්තා.ජනෙල් කවුලුවෙන් ඇතුලට එන හීතල හුලගත් එක්ක නේත්‍රව හයියෙන් අල්ලගත්තු ආශව නේත්‍රගෙ ඔලුව අතගාන ගමන් තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.

ජනෙල් කවුලුවෙන් හමන හීතල හුලගට ආශවගෙත් ඇස් දෙක පියවෙද්දි නේත්‍ර ආශවගෙ හයිය අත් අතරෙ ආරක්ෂිතව රැදිලා හිටියා.මොකක් හරි මතක් උනා වගේ ඇස් ඇරිය ආශව, තමන්ගෙ කලිසම් සාක්කුවට අත දාලා එලියට ගත්තු දෙයක් දිහා හරි ගරුත්වෙන් බලන් ඉදලා ඒ දේ නේත්‍රගෙ කමිස සාක්කුවට පරිස්සමින් දැම්මා.ආයෙමත් නේත්‍රව හයියෙන් අල්ලගත්තු ආශව නිදාගෙන උන්නු නේත්‍රගෙ හිස් මුදුනින් හාද්දක් තියලා ඇස් පියාගනිද්දි නේත්‍රගෙ කමිස සාක්කුවෙ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ගිලිහුණු බෝ කොලය පරිස්සමින් රැදිලා තිබ්බා.

...................................................................................................

වචන 7900+ 😪❤️

දිග වැඩිනම් සමාවෙන්න.....

මම මේක මේ දහය මාර වෙද්දි එඩිට් කරලා ඉවරයි...ඒත් අද අපේ Kim_Taishu95 නංගගෙ බර්ත්ඩේ එක....ඔන්න මම එයා වෙනුවෙන් රෑ දොලහට මේක පබ්ලිෂ් කලා❤️

හැපි බර්ත්ඩේ පොඩ්ඩො....කැමීලියාට පුළුවන් විදියෙ තෑග්ගක් මෙන්න දුන්නා🥺❤️

එන්න එන්නම් වෝට්ස් අඩු වෙනවා....ඒත් වීව්ස් වැඩි වෙනවා....ඒ කියන්නෙ ඉස්සර ඇක්ටිව් රීඩස්ලා දැන් දැන් සයිලන්ට් රීඩර්ල්සා වෙනවා ඇති💔 දුකයි තමා ඒත් මොනා කරන්නද?අවසානෙට කියවන්නෙ එක ලමයා උනත් මම පටන් ගත්තු දේ ඉවර කරනවා❤️

මම කාලෙන් කාලෙට ටෙම්ප්ලේට්ස් දාලා මීම්ස් හදන්න කියනවා බබාලට....ලගදිත් ඒක කලා....එකින් එක ටෙම්ප්ලේට් එකට ආව ඒවා දාන්නම් මේම චැපෙන් චැපට....❤️

එහෙනම් බබලා කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter