Back
Chapter 75

74 කොටස🤍✨️

නිවාලන්න මා...

"ඔයාගෙ ඔලුව කැක්කුමද දෙව්......."

"ඔව් දෙනෙත්....ඉන්න බෑ.මේ ටිකේ හොදටම අවුල් මට"

"රෑට මොනාහරි කාලා පැනඩෝල් දෙකක් බීලා නිදාගමු අපි.....ඔයා ආසා මොනාහරි තියේද?"

"මොනාහරි කමක් නෑ බබා...."

"පරාටා ගේන්නද ම්ම්ම්? කොත්තු හරි? ඔයා ආසා ඒවටනෙ"

"පරාටා හොදයි එහෙනම්"

"හා.....මම අප්පච්චිට කියන්නම්....හොදිත් කඩෙන්ම ගේන්න කියනවා හොදද?"

"ඔව් ඉතින් ඔයාට උයන්න බෑනෙ බබා...."

"මම ඉගෙන ගන්නම් දෙව් ඉක්මනටම....ඇත්තටම මට අවුල් ඔයා වෙනුවෙන් මුකුත් උයලවත් දෙන්න බැරි එකට"

"ඒහ්! මම විහිලුවක් කලේ බබා....මම උයන්න දන්නවනෙ.මට පුළුවන් ඒ දේවල් බලාගන්න.ඔයා හෙමීට ඉගෙන ගන්නකො ම්ම්ම්"

"ලව් යූ දෙව්....මම ගිහින් අප්පච්චිට කියල එන්නම්"

"යන්නද හදන්නෙ ඔය?"

"ඔව්"

"කෝ?"

"ආශ් ඔයානම්!"

තමන්ගෙ උකුලට ඔලුව තියං ඉන්න දෙවින්ගෙ තොල් උඩ තමන්ගෙ තොල් තද කල දෙනෙත් දෙවින්ගෙ කම්මුලකුත් අතගාගෙනම කාමරෙන් එලියට ගියේ හිනාවෙවී.ඒත් එකපාරටම දෙනෙත් ඉද්ද ගැහුවා වගේ නතර උනේ කාමරේ දොර ලග බිත්තියට හේත්තු වෙලා ඉන්න තමන්ගෙ අප්පච්චිව දැක්කම.අප්පච්චිගෙ හැගීම් නැති මූණ දැක්ක දෙනෙත්ගෙ හිතට මහ බය හැගීම් පිරෙන්න් ගත්තත් දෙනෙත් ගොත ගගහා දෙනෙත්ගෙ අප්පච්චි උනු බණ්ඩාර මහත්තයට කතා කලා.

"අ...අප්පච්චි"

"පරාටා අරං එමු බබා....ඔයත් යං මාත් එක්ක"

"හ්...හා අප්පච්චි යං"

අම්මටත් යනවා කියලා පණිවිඩේ කියපු දෙනෙත් නම් තමන්ගෙ අප්පච්චිගෙ පස්සෙන් ඇදුනෙ ගැහෙන කකුල් සන්සුන් කරගන්න පුළුවන් තරම් උත්සාහ දරන ගමන්.දෙවින් කියන්නෙ පිට මනුස්සයෙකුත් නෙවෙයි.මොනාගෙන් මොනා වෙයිද කියලා හිතාගන්න බැරි උනු දෙනෙත් හිතට හයිය අරගෙන බණ්ඩාර මහත්තයගෙ පස්සෙන් ගිහින් වාහනේට නැග්ගා.හැමදාම ගන්න තැනින් කෑම ඇති වෙන්න ගත්තු බණ්ඩාර මහත්තයා වාහනේ පාරක් අයිනෙන් නවත්තලා දෙනෙත්ටත් බහින්න කියලා සන් කරන ගමන් එලියට බහිද්දි හිත හයිය කරගත්තු දෙනෙතුත් එලියට බැස්සා.

"බබාට මට කියන්න දෙයක් තියෙනවද?"

"අ....අප්පච්චි....."

"දෙවින් පුතා ගැන?"

"අ....අපි...අප්පච්චි....මම...."

"බබා....බබාට මම පිට කෙනෙක්ද?"

"නෑ අප්පච්චි....අනේ එහෙම නෑ.මායි දෙවිනුයි....අපි දෙන්නා...."

"එෆෙයා එකක් තියෙනවා?"

"............."

"කියන්න බබා"

"ස්...සමාවෙන්න අප්පච්චි....ඔ...ඔව්"

"සමාවෙන්න කියන්නෙ ඇයි මගෙ පුතේ? අප්පච්චි එච්චර පිට කෙනෙක් උනාද මගෙ බබාට?"

"අනේ අප්පච්චි"

කොච්චර නසරාණියෙක් උනත් සංවේදි හිතක් තිබ්බ දෙනෙත් ඇස් වලින් කදුළු ගලද්දි තමන්ගෙ අප්පච්චිව තුරුල් කරගත්තා.දෙනෙත්ව සෑහෙන වෙලාවක් තුරුල් කරන් උන්නු බණ්ඩාර මහත්තයා දෙනෙත්ව වත්තම් කරගෙන හෙමින් සීරුවෙ පාර අයිනෙ තියෙන තණබිස්සෙ තැනින් තැන තියලා තියෙන සිමෙන්ති බංකුවක් උඩ ඉදගත්තා.

"ඇයි බබා මට මේ ගැන නොකිව්වෙ?"

"අ....අප්පච්චි....අප්පච්චි මාව පිලිකුල් කරයි කියලා මම බය උනා අප්පච්චි....අනේ මට සමාවෙන්න"

"බබා මේ අහන්න"

බණ්ඩාර මහත්තයා දෙනෙත්ගෙ අත් දෙකෙන් අල්ලන් දෙනෙත්ව තමන්ගෙ පැත්තට හරෝ ගනිද්දි ඇස් වල තියෙන කදුළු පිහගත්තු දෙනෙත් බණ්ඩාර මහත්තයා දිහා බැලුවා.දෙනෙතෙ මූණ දිහා බලන් උන්නු බණ්ඩාර මහත්තයා කල්පනා කලේ තමන්ගෙ පුතා කොච්චර නම් කඩවසම් ලස්සනක අයිතිකාරයෙක්ද කියන එක.මේ ලස්සන පුතාව තමන් කොච්චර නම් රැකගෙන මේ වෙනකං ඇති දැඩි කලාද කියලා බණ්ඩාර මහත්තයා කල්පනා කලා.

"ඔයා මගෙ ලේ වලින් උපන්න මගෙ දරුවා.....මගෙ දරුවව මම කොහොමද පිලිකුල් කරන්නෙ? ම්ම්ම්ම්? අම්මා අප්පච්චි කියන වචනෙ තේරුම ඔයාලව වදලා හදන එක විතරක් නෙවෙයි බබා.....අවශ්‍ය තැන් වලදි ඔයාලව තේරුම් ගන්නවා කියන එකත් අන්න ඒ වචනෙ අස්සෙ තියෙනවා"

"අප්පච්චි මා එක්ක තරහා නැද්ද?"

"ඇයි මම තරහා වෙන්නෙ....ඔයාට අවුරුදු දහ අට පැනලා.මේ ඔයා ඔයාගෙ හැගීම් තේරුම් ගන්න වයස.ඔයාගෙ සෙක්ෂුවලිටි එක ඔයා තේරුම් අරං ඉවරයි.ඔයා ස්ට්‍රේට් නොවී බයි හෝ ගේ උනා කියලා මම තරහා වෙලා හරියනවද?"

"අප්පච්චිගෙන් මෙච්චර කල් මම මේක හැංගුවට මට සමාවෙන්න"

"අන්න ඒකටනම් සමාව ගන්නම ඕනි බබා ඔයා....හැමදේම මම එක්ක යාලුවා වගේ බෙදාගෙන ඔයාගෙ ජීවිතේ ඔයා ගත්තු ලොකුම තීරණ වලින් එකක් මම කියන දේකට බය වෙලා නොකියා හිටියෙ? ඇත්තටම දැන් මම අකමැති උනානම් ඔයා දෙවින් කොල්ලව අතාරිනවද? නැත්තං කොල්ලා වෙනුවෙන් අපිව අතාරිනවද?"

"අප්පච්චිගෙන් කැමැත්ත හම්බෙනකං ඉන්නවා"

"කපටියා"

"අප්පච්චි දෙවින්ට කැමතිද?"

"නෑ....ඇත්තටම මම ලොකු කොල්ලට වඩා කැමති පොඩි කොල්ලට.මොකද මූ බබාව හරියට අඩවලා තියේ පොඩි කාලෙදි....තෙවින් තමා නලවන්නෙ ඔයාව....හැබැයි දැන් දෙවින් කොල්ලා ඒම කරන්නෑ කියලා මම හිතනව.මගෙ බබාව ඇඩෙව්වොත් මම ඕකව ඉවරයක් කරනවා හැබැයි"

"අමෝ අමෝ මෙන්න චණ්ඩියෙක්"

"බබා.....නොදන්න කෙනෙක්ට ඔයාව දෙනවට වඩා දන්න කෙනෙක් ලගට ඔයාව යවන එක මගෙ හිතට සැනසීමක්....අප්පච්චි වයසට ගියාට පස්සෙ බබාව බලාගන්න කෙනෙක් ඉන්න එක...ඒක අප්පච්චිට ලොකු හයියක්"

"ආයෙ අප්පච්චිගෙන් මුකුත් හංගන්නෑ මම....මට මේ පාරට විතරක් සමාව දෙන්න අප්පච්චි"

"සමාව දෙන්නම්....බබා,මම මේක දෙවින් පුතා එක්ක කතා කරලා බලන්නද?"

"එපා අප්පච්චි....මේ ටිකේ දෙව්....මම කිව්වෙ දෙවින්...."

"ඊව් බබා....අර අපත කොල්ලට දෙව් කියලද කතා කරන්නෙ?"

"අනේ අප්පච්චි!"

"හරි හරි කියන්නකො"

"මේ ටිකෙ බිග් මැච් එකයි අනික් වැඩයි එක්ක එයාට ස්ට්‍රෙස්....ආයෙ...."

"මොකද්ද? බබාට මම එක්ක ඕනි දෙයක් කතා කරන්න පුලුවන්නෙ"

"ආශව අන්ඩර් නයින්ටීන් නැෂනල් ටීම් සිලෙක්ට් උනානෙ....දෙව් පුදුම තරම් සතුටු උනා....ඒත් දැන් දවස් දෙකක විතර වෙලේ ඉදන් එයා කල්පනා කරනවා"

"එයා නොතේරුනු නිසා අවුලක් වගේ....."

"නෑ අප්පච්චි....ඒ යාලුකම් හරි ස්ට්‍රෝන්ග්....එයාලා එක්කෙනාට එක්කෙනා කවදාවත් හීනෙකින්වත් ඉරිසියා කරගන්නෑ....වෙන මොකක් හරි අවුලක් කියලා මට තේරෙනවා....දෙව් ආශවට මොකක් හරි ගිෆ්ට් එකක් දෙන්න පවා මාත් එක්ක පුදුම උනන්දුවකින් කතා කර කර හිටියෙ....ඒත් එකපාරටම....අනේ මංදා අප්පච්චි"

"විශේෂ මොකක් හරි උනාද බබා මේ ටිකේ? ඔය වෙනසට කලින්?"

"ම්ම්ම්....කෝල් එකක් නම් ආවා....මෙයා හුගක් වෙලා රෑ කතා කර කර හිටියා.ඒත් මම ඒ ගැන ඇහුවෙත් නෑ.එච්චර හිතුවෙත් නෑ...ඒත් දැන් අප්පච්චි කියද්දි හිතෙනව මොකක් හරි සම්බන්ධයක් තියේද කියලා ඒකටයි මේකටයි"

"බබා ගෙදර ගිහින් දෙවින් පුතා එක්ක කතා කරලා බලන්න.....එයාට ඕනි දේකට මම උනත් ඉන්න එක දැනෙන්න අරින්න.සමහරවුට එයා කතා කරන්න කැමති වෙයි ඔය ගැන අපි එක්ක"

"හරි අප්පච්චි....මම එහෙම කරන්නම්"

ගෙදර එනකලුත් වාහනේ ජනේලෙට ඔලුව තියාගත්තු දෙනෙත් කල්පනා කලේම දෙවින්ගෙ වෙනස ගැන.මේ ටිකේම හවස් වෙනකං පුහුණුවීම් වල යෙදිලා ආයෙ උදේට ඉස්කෝලෙ යන නිසා තමන්ගෙ ගෙදර දෙවින්ට නැවතෙන්න දෙනෙත් ඉඩ සකසලා දුන්නෙ දෙනෙත් එච්චර මහන්සි වෙන හැටි බලාගෙන ඉන්න බැරි නිසා.ආශවටත් එහෙම්මම නවතින්න කිව්වත් නේත්‍ර උදේට හවසට ගෙදර යන්න ඕනි හන්දා ආශව ඒ දේට එකඟ වුනේ නෑ.ඒ නිසා දෙවින් දෙනෙත්ලගෙ ගෙදර නතර වුණා.

ගෙදරින් බැස්ස දෙනෙත් වෙනසක් නැතුවම දෙවින් එක්ක රෑ කෑමටත් ඉදගෙන තමන්ගෙ පවුලෙ අය එක්කත් කතාබහ කරගෙන දෙවින්ට සුවපහසු වටපිටාවක් ගොඩ නැගුවා.රෑ නිදාගන්න ගිය දෙවින් බැල්කනියට වෙලා ඉන්නවා මිසක් ඇතුලට එන්නෙ නැති බව දැක්ක දෙනෙත් ඇදෙන් බැහැලා බැල්කනියට ගිහින් දෙවින්ගෙ කර වටේ අත දාගෙන දෙවින් බලන් ඉන්න පැත්තම බැලුවා.කළුවර අහස දිහා බලන් හිටිය දෙවින් දෙනෙත් දිහා බලලා හිනා වෙලා ආයෙමත් ඈත බලාගත්තා.

"දෙව්...."

"ම්ම්ම්ම්?"

"මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට?"

".............."

"මේ බලන්නකො....."

දෙවින්ගෙ මූණ තමන්ගෙ පැත්තට හරවගත්තු දෙනෙත් දෙවින්ගෙ අතිනුත් අල්ලන් බැල්කනියෙම බිමින් ඉදගත්තා.වටපිටාව අදුරු වෙලා තිබුනත් බැල්කනියෙ කොණක තිබ්බ කහ පාට විදුලි බල්බයෙ එලිය දෙන්නට දෙන්නගෙ මූණු පැහැදිලිව පේන්න ප්‍රමාණවත් වුණා.දෙවින්ගෙ කල්පනාකාරී මූණ දිහා ටික වෙලාවක් බලන් උන්නු දෙනෙත් එහෙම්මම දෙවින්ගෙ තොල් තමන්ගෙ තොල් බාරෙට ගනිද්දි දෙවින් තමන්ගෙ ඇස් පියාගත්තා.

විනාඩි ගාණක් තිස්සෙ දෙවින්ගෙ තොල් සිපගත්තු දෙනෙත්,දෙවින් ඒ හාදුවට ප්‍රතිචාර නොදක්වන නිසා අයින් වෙන්න හැදුවත් දෙනෙත්ගෙ ඉණ වටේ අත දාලා තමන්ගෙ උකුල උඩට ගත්තු දෙවින් ආයෙමත් දෙනෙත්ගෙ තොල් පෙති වලට බර වෙලා සිපගැනීමක් ආරම්භ කලා.දෙන්නට දෙන්නා හුස්ම ගන්න බැරි වෙද්දි ඈත් වෙද්දි දෙවින්ගෙ මූණෙ අර කල්පනාකාරී ගතිය නැති වෙලා සන්සුන් බවක් මතු වෙලා තිබ්බා.දෙනෙත්ව උකුල උඩින් බැස්සුව දෙවින් දෙනෙත්ගෙ උකුලෙන් තමන්ගෙ ඔලුව තියං මූණ උඩුබැලි අතට හරවගනිද්දි දෙනෙත් දෙවින්ගෙ ඔලුව අතගාන්න ගත්තෙ අවශ්‍ය වෙලාවක දෙවින් කතා කරයි කියලා හිතලා.

"බබා......"

"ඕ දෙව්....කියන්න"

"මම කතා කරන්නම්....අහගෙන ඉන්න පුලුවන්ද?"

"ඔෆ් කෝස් දෙව්....ඕනි තරම් කතා කරන්න.මම අහන් ඉන්නම්"

"හ්ම්ම්ම්"

දෙවින් ලොකු හුස්මක් පහල දාලා දෙනෙත් එක්ක හිනා වුණා.

"අපි නොදන්න හුගක් දේවල් අපි වටේ වෙලා දෙනෙත්....තව වෙනවත් ඇති.අපි මුකුත් දන්නෑ ඒත්....ඊලග තත්පරේ අපිට මොනා වෙයිද දන්නැතුව අපි ජීවත් උනාට අපේ ජීවිත වෙන අය අතේ හරි අපූරුවට නැටවෙනවා"

"මොකද්ද උනේ දෙව්? මට විස්තරේ පැහැදිලිව කියන්නකො"

"කොතනින් කොහොම පටන් ගන්නද කියලා මට තේරෙන්නෙත් නෑ....මම මෙහෙම කියන්නම්කො.....බාප්පා ලංකාවට ඇවිත්"

"විශාර බාප්පා?"

"ඔව්.....මල්ලි සැක කල එක හරි....බාප්පා අභිෂේක් අයියව මැරි කරන්න තමා රට ගිහින් තියෙන්නෙ....අවුරුදු ගාණකට පස්සෙ බාප්පා එයාගෙ ගෝල්ස් ඇචීව් කරං ආයෙ ලංකාවට ඇවිත්"

"බාප්පා ආව එක කොහොමද? එයා ඔයාලාට හුගක් ආදරෙයිනෙ දෙව්?"

"ඔව්....බාප්පා ආදරේ නිසා තමා මේ හැම දෙයක්ම දැනගත්තෙ...නැත්තං තාම අපි අපේ ජීවිත වලට ගැහුණු හෙණ ගැන දන්නෙ නැතුව ජීවත් වෙනවා"

"මොකද්ද දෙව් වෙලා තියෙන්නෙ?"

"බාප්පා ක්‍රිකට් සිලෙක්ෂන් කමිටි මෙම්බර් කෙනෙක් දැන්"

"වෝහ්! රියලි! ඉතින් ඉතින්?"

"ආශවයා...."

"ඕ...."

"හ්ම්ම්ම්....ආශවව අන්ඩර් නයින්ටීන් නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙලා තියෙන්නෙ මීට අවුරුදු පහකට කලින්...."

"ම්....මොකක්! අවුරුදු දාහතරෙදි?"

"ඔව්......අපි ග්‍රේඩ් නයින් වල ඉද්දි තමා ආශවව ෆස්ට් ටයිම් සිලෙක්ට් වෙලා තියෙන්නෙ....පුංචි උනාට ආශවගෙ පෆෝමන්ස් ගින්දර වගේ තිබ්බනේ....ඒත් අඩුම කෝච්ටවත්,ස්කූල් එකටවත් මේල් එකක් ආවෙ නෑ"

"ඒකනෙ දෙව්....එ....ඒ කොහොමද?"

"අවුරුදු පහක් තිස්සෙ,හැම අවුරුද්දකම ආශවව සිලෙක්ට් වෙලා තියෙනවා....රෙකෝඩ්ස් වල ඒවා තියෙනවා.ඒ උනාට එතනින් එහාට...ඒ කියන්නෙ ආශව සිලෙක්ට් වෙලා කියලා ආශවට දැනුම් දෙන එක වැලකිලා.ටීම් එකට ගන්න ඕනි කියලා තීරණේ කරනවා විතරයි කමිටි එක.එතනින් එහාට මුකුත් නෑ.....එතනින් එහාට ප්‍රොසෙස් එක වැලකිලා නෙවේ....වලක්වලා!"

"ක්....කවුද දෙව්?"

"සාගර අන්කල්!"

"ආශවලගෙ අප්පච්චි?"

"ඔව්....සිලෙක්ෂන් කමිටි එකේ මෙම්බර්ස්ලාගෙන් කාවමහරි එයා දන්නවා....ඒ වගේම එයාට කෙනෙක්ට බලපෑම් කරන්න උනත් හයියක් තියෙනවා කියලා දන්නවනෙ ඔයා...ඉතින් එයා ආශවව නැෂනල් ටීම් යන එක නවත්තලා"

"මොකක්! තමන්ගෙම දරුවගෙ ගමන නවත්තලා!"

"ඔව් දෙනෙත්.....සාගර අන්කල් කොහොමත් කියන්නෙ ආශවට බිස්නස් ෆීල්ඩ් එකට බහින්න කියලා....බිස්නස් කීයක්නම් කියලද එයාට? ඒවා එයාගෙන් පස්සෙ භාර දෙන්න කෙනෙක් නැති වෙයි කියන බය අන්කල්ගෙ හිතේ තියෙනවා"

"දෙයියනේ ඒත් ආශවගෙ හීනෙනෙ ඒ?"

"ඔයාගෙ අප්පච්චි වගේ හොද නෑ දෙනෙත් හැමෝම....ඒත් මට ආශව ගැන හිතද්දිත් අවුල්.....ඌ ඒ කාලෙ ඉදන්ම ස්කොඩ් එක බලනවා දැම්මම....ඒවගෙ උගෙ නම නැති උනාම ඌ ලා හිනාවක් එක්ක මුකුත් නොකියා පැත්තකට වෙනවා...ඒත් හැමදාම ඒ දවසට පස්සෙ දවසෙ ආශවයගෙයි නේත්‍ර මල්ලිගෙයි ඇස් රතුවෙලා,ඉදිමිලා ගිහින්....උන් දෙන්නා එකතු වෙලා අඩලා කියන එක අමුතුවෙන් මට ඒ කාලෙ උනත් පැහැදිලි කරන්න ඕනි උනේ නෑ.එව්වා මම ඇස් දෙකෙන්ම දැක්කා"

"ඔව්.....ඔයා ඒ කාලෙ මට ඔව්වා කිව්වා මතකයි"

"මේ පාරත් ඕකම වෙලා....ඒ උනාට බාප්පා මැදිහත් වෙලා....සෑහෙන්න ෆයිට් කරන්න උනා කිව්වා වැඩේට....බාප්පට ඉහල කෙනෙක්ගෙ උදව් ලැබිලා...ඒ කෙනා කවුද කියලා බාප්පා කිව්වෙ නෑ....ඒත් ඒ හයියයි බාප්පගෙ මැදිහත්වීමයි එක්ක මේ පාර ආශවගෙ නම ටීම් එකට දාලා,ආශවව ඇතුලට අරං තියෙන්නෙ"

"දෙවියනේ! කවුරු උනත් ඒ උදව් කල මනුස්සයා ඒ මනුස්සයා දෙවි කෙනෙක් දෙව්....නැත්තං ආශව තවමත් විදෝනවා"

"ඔව්.....මේ ගැන ඌට කියන්න එහෙම යන්න එපා දෙනෙත්....ඒවා අපි කීප දෙනා අතරෙම තිබිලා වැලලිලා ගියාවෙ.කොහොමත් බාප්පා ආයෙ ගමට එන එකක් නෑ....වෙලාවක අපි එයාව බලන්න කොලඹ යං"

"හරි දෙව්....ඒත් ඇයි ආශවට කියන්නෙ නැත්තෙ? එයා මේ ගැන දැනගන්න ඕනි නැද්ද?"

"නෑ දෙනෙත්....ඒ හැමදේම අතීතෙ...එව්වා වෙලා ඉවරයි.ඒවා ආශවට කියන එකෙන් උගෙ හිත අවුල් ගිහින් ඌ තවත් උන්ගෙ අප්පච්චි එක්ක තරහා ගන්නවා මිසක් උට සහනයක් ලැබෙන්නෙ නෑනෙ....ඒ නිසා කියන්න ඕන්නෑ ඔව්වා.අපි ඉස්සරහ ගැන අවධානෙන් ඉමු"

"ඔව්...එහෙම හොදයි දෙව්....පුලුවන්නම් අර උදව් කල කෙනාව හොයාගන්න බලමු.ප්‍රශ්නයක් උනොත් අපිට එයා එක්ක කතා කරල බලන්න පුළුවන් වෙයි"

"ඔව්....එහෙම හොදයි බබා....නිදාගන්න යමුද? මට නිදිමතයි"

"යං....ආයෙ ඔව්වා කල්පනා කර කර ඉන්නැතුව මට කියන්න ඕනි හරිද? දැක්කනෙ කිව්වට පස්සෙ මොකක් හරි සැනසීමක් හම්බුනානෙ"

"ඕකේ සර්"

සැලියුට් එකක් ගැහුව දෙවින් හිනා වෙවීම මූණ සෝදන් එන්නම් කියලා දෙනෙත්ගෙ කාමරේ නාන කාමරයට රිංගද්දි දෙනෙත් ඇදට පැනලා ඇතිරිල්ල පොරව ගත්තා.නාන කාමරයෙ ජල කරාමෙකින් මූණ සෝදගත්තු දෙවින් ඉස්සරහ කණ්නාඩියෙන් පේන තමන්ගෙ ප්‍රතිබිම්බෙ එක්ක හිනා වුණා.ඒත් එක්කම දෙවින්ට මතක් උනේ තමන්ගෙ බාප්පා කිව්ව තව දෙයක්.

"මට සමාවෙන්න ලොකූ....ඒ දේ ඔයාටත් වෙලා.ඔයාලගෙ අප්පච්චි තමා ආශවලගෙ අප්පච්චි එක්ක එකතු වෙලා ඔය දෙන්නවම මේ දේවල් වලින් අයින් කරලා තියෙන්නෙ....ඔයාට මීට අවුරුදු තුනක වෙලේ ඉදන් ලැබෙන්න තිබ්බ චාන්ස් එකක් එයාලා නැති කරලා....අයිම් සොරි ලොකු පුතා....මේ පාර මම මේ ගැන දැනගෙන වැඩේට අත ගහද්දිනුත් ඔයාව අයින් කරවලා....උඩින් ආව හයිය නිසා ආශවගෙ වැඩේ වැට උඩ රැදිලා තිබ්බා....ආශවව දාගන්න පුළුවන් උනාට ඔයාව අතෑරුනා ලොකූ....බාප්පට සමාවෙන්න....ඔයාටත් ආයෙ වාරයක් එයි.අනිවාර්යයෙන්ම....එදාට ඔයයි ඔයාගෙ යාලුවා ආශවයි ලෝකෙම හොල්ලන්න ලෑස්ති වෙලා ඉන්න!"

දෙවින් තමන්ගෙ ඇස් වලින් ගලන කදුළු නවත්තගන්න තිබ්බ උවමනාවට ඇස් වලට වතුර ගහගෙන ගහගෙන ගියා.විනාඩි දෙක තුනක් ඇතුලත කදුළු පාලනෙ කරගත්තු දෙවින් ආයෙමත් තමන්ගෙ ප්‍රතිබිම්බෙ එක්ක හිනා වුණා.

"මටත් දවසක වාරයක් එයි අප්පච්චි! එදාට ඔයා බලං ඉන්න ඔයාගෙ පුතා දිනන හැටි! ඔයාලා එකතු වෙලා පාගන්න හැදුව මායි ආශවයි බලකණු දෙකක් වෙලා ඔයාලගෙ ඉස්සරහට එන දවසක් කවදමහරි එයි! දැනට ඔයාලා දින්නා කියලා හිතාගන්න!"

මූණ පිහගත්තු දෙවින් සද්ද බද්ධ නොකරම ඇදට නැගලා අඩ නින්දෙ උන්නු දෙනෙත්ව තමන්ගෙ පපුවට තුරුල් කරං දෙනෙත්ගෙ තොල් වලින් වගේම හිස මුදුනින් හාදු තැවරුවා.

"මට සමාවෙන්න දෙනෙත් මේක ඔයාගෙන් හැංගුවට....මටත් ඒ දේ වෙලා කියලා දැනගත්තොත් ඔයාට ඒක දරන්න බැරිවේවි....දවසක මම දිනනකං මම එක්ක මේ වගේම ඉන්න....සමාවෙන්න මේ දේ හැංගුවට.මම හුගාක් ආදරෙයි වස්තුවෙ....හුගාක්"

දෙවින් හෙමීට මිමිනුවා.

.............................................................................................

"සුදුබේබි ඔහොම ඉන්නකො....කොණ්ඩෙ ලස්සනට පීරගෙනම යං"

"ඕන්නෑ නේත්‍ර....කොහොමත් දැන් ග්‍රවුන්ඩ් එකට ගියාම කොණ්ඩෙ අවුල් වෙන එකනෙ"

"ඒ උනාට සුදුබේබිනෙ ක්‍රිකට් කැප්ටන්....වීඩියෝ එකට පිලිවෙලට ඉමුකෝ"

"හා හා නේත්‍රගෙ ආසාවක්.....කෙල්ලො බලයිද දන්නෑ හැබැයි ඈ මම දිහා"

"කමක් නෑ සුදුබේබි....ලස්සන දේවල් දිහා මිනිස්සු කොහොමත් බලනවනෙ"

"කොල්ලොත් බලයි"

"ඒත් කමක් නෑ....මගෙ සුදුබේබි බලන්නෙත් මම දිහා විතරයිනම්,ආදරෙත් මට විතරයි නම් කවුරු සුදුබේබි දිහා බැලුවත් කමක් නෑ සුදුබේබි"

"හැබැයි මටනම් මල පයිනවා නේත්‍ර කවුරුහරි ඔයා දිහා බලද්දි!"

"ඒකට කමක් නෑ සුදුබේබි.....මම සුදුබේබිටනෙ ආදරේ"

"නේත්‍ර,ඔයාට මම ටිකට් එක අරං දෙන්න හදද්දි එකක් තියෙනවා කිව්වෙ....ඔයා ගත්තද?"

"නෑ සුදුබේබි....මම ගන්න තමා උන්නෙ....ඒත් ඊටකලින් දෙනෙත් අයියා අරං දුන්නා....මටයි දිවාෂටයි දෙන්නටම"

නේත්‍ර හිනා වෙලා කියද්දි ආශව ඔලුව වනලා ඉස්සරහ බලාගත්තා.ආශවගෙ කොණ්ඩෙ පීර පීර ආශවව ලස්සන කර කර උන්නු නේත්‍ර කල්පනා කලේ දෙනෙත් ඒ අරං දුන්නු තෑග්ග ගැන.පුංචි කාලෙ තමන්ගෙ අතට දාලා තිබ්බ පුංචි රත්‍තරං මුද්දක් උකස් කරලා සල්ලි හොයාගන්න උන්නු නේත්‍ර කරන්න හිතං හිටියෙ ඒ සල්ලි වලින් ටිකට් එක අරං මාසෙ ගාණෙ තමන් හම්බ කරන ස්වයං රැකියාවෙන් හම්බු කරන මුදල් වලින් ටික ටික ගෙවලා මුද්ද බේරගන්නවා කියන එක.ඒත් එහෙම කරන්න සිද්ධ නොවුණෙ තමන්ට දෙනෙත් තෑග්ගක් විදියට VIP ටිකට් එකක්ම අරං දුන්නු හන්දා.නේත්‍ර පුළුවන් උපරිමයෙන් දෙනෙත්ට ස්තූතිවන්ත වුණා.

"හරි සුදුබේබි....නැගිටින්නකො බ්ලෙසර් එක දාන්නම්"

ආශවව පුටුවෙන් නැගිට්ටවගත්තු නේත්‍ර ආශවට තද නිල් පැහැ පාසල් නිල කබාය අන්දවද්දි ආශවගෙ මූණට ආවෙ මනමාල හිනාවක්.කටට ආව එක කියනවද කියන්නැද්ද කියලා කල්පනා කර කර හිටිය ආශව නේත්‍රගෙ වැලමිට හරියෙන් හයියෙන් අල්ලගෙනම ඒ දේ කියන්න හිතුවෙ පැනලා දුවන්න හැදුවොත් නේත්‍රව නතර කරගන්න ඕනි හින්දා.

"බ්ලෙසර් එක දාන්න විතරක් නෙවේ.....ගලවන්නත් ඉගෙන ගන්න ඕනි නේත්‍ර"

"ඈ? හා සුදුබේබි....ඒකනම් පුළුවන්"

"ආ පුලුවන්නම් කමක් නෑ"

"ඇයි සුදුබේබි?"

"නෑ ඉතින් වෙඩින් එක දවසට බ්ලෙසර් එක වෙන කවුරුහරි ඇන්දුවට රෑට ගලවන්න වෙන්නෙ ඔයාටනෙ....කොහෙද දුවන්නෙ! ඔහොම ඉන්නයි කිව්වෙ"

"අනේ.....අතාරින්න සුදුබේබි....නරක කතා කියන්න එපා"

"හා හා! උබට එදාටත් ඕක තනියෙන් ගලවන් ඇදුම් කැඩුං ඇදන් බුදියන්න වෙනවා චූචියව තුරුල් කරං! ඒ නිසා ඒ වගේ මනෝ ගහන එක නතර කරගනින් ආසව...මේ පේනවනෙ....මූ එදාටත් වත්ත වටේ දුවයි"

"උබ ඉදපං දිවාස මල්ලි!"

ආශවගෙ කබායෙ බොත්තම දාලා ඒක ලස්සනට හද හද උන්නු ආශව තමන් ලගම පුටුවට කඩාගෙන වැටුණු දිවාෂ දිහා බලලා රැව්වා.

"දුවන එකාව අල්ලගත්තත් උබට දොයියන්න තමා වෙන්නෙ....මේ....මගෙ දිවේ කළු ලපේකුත් තියෙනවා"

"ඒවා මම කරගන්නම්කො....උබ ඉදපං පැහෙන්නෙ නැතුව.උබ දන්නෑනෙ මම ගැන"

"උබ ගැන දන්නැති උනාට චූචියා ගැන හොදට දන්නවනෙ මම....."

දිවාෂ එහෙම්මම හැරිලා නේත්‍ර දිහා බලද්දි පුංචි එකා ආශවව හරව හරව හැඩ බල බල හිටියා.අන්තිමට ආශවගෙ කලිසම් කකුල් දෙකත් අතින් ගසලා හැදුව නේත්‍ර සපත්තු දෙක පිහදන්න නැවුනත් නේත්‍රව නැවැත්තුව ආශව එතනම තිබ්බ තව පුටුවකින් ඉදගෙන තමන්ගෙ සපත්තු දෙක පිහදාගන්න පටන් ගත්තා.

"ඔක්කොම හරි නේද දිවාෂ? අටට වැඩේ පටන් ගන්නවනෙ?"

"ඔව්....ඔක්කොම හරි....මීඩියා එකේ උන් ටිකත් ලෑස්තියි නේද?"

"ඕ ඕ.....එව්වා හරි...දෙයියෝ සුදුබේබි!!! අනේ ඕක දෙන්න සුදුබේබි මෙහාට!"

"දගලන්නැතුව ඉන්න මැණිකෙ.....දවසකුත් කිව්වනෙ ඔයාගෙ වැඩ කරන්න එපා කියලා මට බලපෑම් කරන්න ඔයාටවත් බෑ කියලා"

තමන්ගෙ සපත්තු දෙක පිහගත්තු ආශව එහෙම්මම ඉස්සරහට නැවිලා නේත්‍රගෙ සපත්තු දෙකත් පිහලා දැම්මෙ නේත්‍රගෙ විරෝධතාවෙ ගණන් ගන්නෙ නැතුව.ආශව කරන වැඩේ දිහා බලන් ඉන්න බැරි නේත්‍ර ඇස් වල කදුළු පුරෝගෙන අහක බලාගත්තත් ආශව දිහාම බලන් උන්නු දිවාෂගෙ ඇස් දෙකත් එක්ක ලොකු වෙලා ගියේ ආශව හෙමින් සැරේ කෙරුව වැඩේ දැක්ක හන්දා.

නේත්‍රගෙ සපත්තු දාන් උන්නු කකුල් දෙක උඩින් අත තිබ්බ ආශව ඇස් දෙක තත්පර ගාණක් පියාගෙන ඉදලා ඒ අත තමන්ගෙ පපුවෙන් තියාගත්තෙ නේත්‍රගෙන් වැදලා ආශිර්වාද ලබා ගත්තු විදියට!

දිවාෂගෙ ඇස් දෙක ලොකු වෙලා ගියේ ඇත්තටම ආශව එහෙම දෙයක් කරයි කියලා හීනෙකින්වත් නොහිතල තිබ්බ හින්දා.උසස් කියලා සම්මත නුවර පෙලපතකින් පැවතගෙන එන ආශව,තමන්ගෙ ගෙදර වැඩ කරන කෙනාගෙ පුතාගෙ කකුල් අල්ලලා වදියි කියලා හිතන්නෙ කවුද? සාමාන්‍යෙන් ආදරවන්තයො දෙන්නගෙන් අනික් කෙනාට යටත් වෙන කෙනා ඇරෙන්න ඒ කෙනාට ඉහලින් ඉන්න මනුස්සයා මේ වගේ දේවල් නොකරනම තරම්.නේත්‍ර ආශවට වැන්දා කලාට ආශව නේත්‍රගෙ කකුල් අල්ලලා වදියි කියලා දිවාෂ හීනෙකින්වත් හිතල තිබ්බෙ නෑ.හරි අඩුවෙන් සිද්ධ වෙන දේක සාක්කිකාරයා වෙන්න ලැබුණු එකට නිහඩවම සතුටු වුණු දිවාෂ මුකුත් නොදැක්කා වගේ අහක බලාගත්තෙ ඔය දේ නේත්‍රට හොරෙන් ආශව කලේ නේත්‍ර ඒ දෙයින් කලබල වෙනවා කියලා දන්න හන්දා කියන එක තමන් තේරුම් අරං හිටිය නිසා.

"අපි යංද එහෙනම්? දැන් හත හමාරට කිට්ටුයි"

"හරි සුදුබේබි.....මගෙ සුදුබේබිට බුදුසරණයි....හොදට ප්ලේ කරන්න් ඕනි සුදුබේබි හොදද? මම බලන් ඉන්නවා පැවීලියන් එකට වෙලා....සුදුබේබි දිනන්නම ඕනි"

"මම ආදරෙයි මැණික.....ඔයා ඉන්නවනම් ගහන්නම්කො අනේ....ඕක මොකද්ද? මගෙ චූටි කොල්ලා....අපි යං එහෙනම්"

"ආසව....උබර් පලයං ටීම් එක ඉන්න තැනට....උන් ලෑස්ති වෙලා කන්ෆරන්ස් රූම් එකට එනවා කියලා කිව්වෙ.කට්ටිය එක්ක අට වෙද්දි එන්න එසෙම්බ්ලි එක තියෙන තැනට"

"හා හරි....මැණිකෙ මම යනවා"

"හරි සුදුබේබි....පරිස්සමින්"

නේත්‍රගෙ නලලින් හාදුවක් තිබ්බ ආශව නේත්‍රගෙ ඉස්සරහ දණහිසෙන් නැවෙද්දි නේත්‍රත් ආශවගෙ නලලින් හාද්දක් තිබ්බා.ක්‍රීඩා කුටිය ඇතුලෙ උන්නු තුන් දෙනා එලියට එද්දි ලෑස්ති වෙලා පැය ගාණක් එලියෙ හිටන් උන්නු දෙවින් දෙනෙත්වත් දිවාෂලා එක්ක නවත්තලා ආශව එක්ක පිටත් වුණා.

*      *     *     *     *

".......ඉතින් අද දින එකසිය තුන්වන කන්ද උඩරට නිල් මහා සටන සඳහා සහභාගී වන අප පාසලේ ක්‍රිකට් කණ්ඩායම පිටත් කර හැරීමේ අවස්ථාවයි මේ එලඹ තිබෙන්නේ.....ඉතින්, මෙවර මහා ක්‍රිකට් සංග්‍රාමයෙන් ජය ගැනීමට අප විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට හැකි වේවායි පතන අතර සියලු දෙනාටම පාසල වෙනුවෙන් සුභපැතුම් එක්කර සිටිනවා"

ඒත් එක්කම පාසලේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් නිකුත් වුණේ පාසලේ මහ ක්‍රිකට් සංග්‍රාමය වෙනුවෙන්ම සකසල තියෙන ක්‍රිකට් ගීතය නාද වෙන්න ගත්තා.හය ග්‍රේණියේ ඉදන් දා හතර වසරට වෙනකං ශිෂ්‍යයින්ව පෙල ගස්සලා ඒ හැමෝගෙම අත් වලට පාසල් නිල කොඩියෙ කුඩා පිටපතක් ලබා දීලා තිබ්බා.ආශවව ප්‍රමුඛ කරගත්තු පාසල් ක්‍රිකට් කණ්ඩායම එක පෙලට හිටගෙන පෞරුෂ්‍යමත් විදියට හිටගෙන ඉද්දි ඈත ඉදන් මාධ්‍ය අංශය මෙහෙයවමින් හිටිය නේත්‍රගෙ මූණෙ ඇදිලා තිබ්බෙ නිහතමානී ආඩම්බර හිනාවක්.

පාසලේම අත්පොලසන් නාදය එක්ක ආශව පලවෙනි පියවර රතු පලස මතින් ඉස්සරහට තිබ්බෙ සාමාන්‍යයෙන් පිලිවෙතක් විදියට අරං යන සැහැල්ලු සිංහ රුවත් තමන්ගෙ අතේ දරාගෙන.ඇත්තටම ආශවගෙ තිබ්බෙ කෙනෙක්ට දරන්න බැරි තරම් කඩවසම් බවක්.ආශව දිහා ඇහි පිල්ලම් නොගහා පැය ගාණක් උනත් බලන් ඉන්න පුලුවන්කමක් තිබ්බා.ඒ නිසාම ඉස්කෝලෙ උනත් ලමයිගෙ ඇස් වැඩියෙන්ම නැවතුනේ ආශව ලග.ඒත් කා දිහාවත් බලන්න මහන්සි නොවුණු ආශවගෙ තද දුඹුරු පාට ඇස් දෙක එක එල්ලෙ ඉදිරියටම යොමු වෙලා තිබ්බා.

දිවාෂගෙ සන් කිරීමක් එක්ක පාසල් ධජය ඉහලට ඔසවගත්තු ලමයි ටික එක පෙලට ‍රතු පලස දෙපසින් පෙලගැහෙද්දි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයො පාසල් ධජය යටින් ඉදිරියට ඇදුනා.කට්ටියගෙම ජයඝෝෂා,පාසල් නිල මහා ක්‍රිකට් සටන් ගීතය,අත්පොලසන් හඩවල් මැද්දෙන් කණ්ඩායම ගිහින් පාසල් නිල බස් රථයකට ගොඩ වෙද්දි පාසලේ නම මුළු ශිෂ්‍ය ප්‍රජාවම එක හඩින් කෑ ගහලා කියන්න ගත්තා.

බස් රථය පිටත් වෙනවත් එක්කම ආශව ජනේලෙකින් ඔලුව එලියට දාලා බලද්දි ලමයි ගොඩ මැද්දෙ උන්නු තමන්ගෙ පුංචි ආදරවන්තයා ඇස් වල කදුළුත් පුරවං තමන්ට අත වනන හැටි දැක්ක ආශව ඔලුව වනලා ඇතුලට වුණේ ලා හිනාවක් මූණෙ රදවගෙන.

"පැයක් වගේ ඇතුලත අපිට පුළුවන් වෙයිද වීඩියෝ එක එඩිට් කරලා අප්ලෝඩ් කරගන්න?"

"ඩ්‍රෝන්ස් ටිකෙන් ගත්තු වීඩියෝස් ටික ටිකක් හදන්න ඕනි නේත්‍ර.....ඒත් අපි ට්‍රයි කරන්නම්"

"හරි යසස් අයියෙ....ඒ වැඩේ අපි ඉක්මනට කරමු.මගෙන් වෙන්න ඕනි මොකක් හරි උදව්වක්?"

"නේත්‍ර බබා,ඔයා දිවාෂ පැටියා එක්ක යන්නකො දැන් ලෑස්ති වෙන්න....මේ වැඩේ අපි බලලා කරන්නම්"

"කමක් නෑ දෙනෙත් අයියෙ.....තව වෙලාව තියේනෙ"

"එහෙම කියලා බෑ.....දාඩිය නාගෙන කලබලේ ඔතනට දුවලා බෑනෙ....දැන් ගිහින් අනවුන්සින් ටික ආයෙ බලාගන්න....තව ටෙන් මිනිට්ස් වලින් විතර වොශ් එකක් දාගන්න....දාගෙන....ආශව කිව්වා අලුත් යුනිෆෝම් ගෙනාවා කියලා ඔයා?"

"ඕ දෙනෙත් අයියෙ....අම්මා එකක් මහලා දුන්නා"

"ආ ඒකනෙ.....ඒක ලස්සනට ඇදගන්න....ඇදගෙන මට පණිවිඩේ එවන්නකො...මම එන්නම් පොඩි ටචප් එකක් දාලා ගන්න ඔයාව.ම්ම්ම්?"

"හ්....හරි දෙනෙත් අයියෙ....මේක එහෙනම් කරගන්න පුළුවන් වෙයි නේද? මැච් එක පටන් ගන්න කලින් කරගන්න තිබ්බොත් හොදයි"

"ඒක උනා කියලා හිතාගන්නකො බබා....කෝ කො....දැන් දුවන්න"

නේත්‍ර මාධ්‍ය ඒකක කුටියෙන් එලියට දුවගෙන යද්දි මග හිටිය දිවාෂත් නේත්‍රගෙ පස්සෙන් දුවගෙන ගියා.විනාඩි දහයකට විතර පස්සෙ අලුත් නිල ඇදුමත් ඇදගත්තු නේත්‍ර ලගට ආව දෙනෙත් නේත්‍ර එපා කියද්දි බලෙන්ම අල්ලන් මූණෙ මොනාහරි ලාවට ගාලා කොණ්ඩෙ ලස්සනට පීරලා හැදුවා.අන්තිමට කොණ්ඩෙටත් මොනාහරි ජාතියක් ස්ප්‍රේ කරපු දෙනෙත් නේත්‍රව හරවලා හැඩ බැලුවා.

"හරිද දෙනෙත්? නේත්‍ර මල්ලි යමුද අපි? යුගාන්....කෝ යං"

"යං යං....නේත්‍ර යමු අපි....දෙනෙත් අයියා?"

"මම අර වැඩේ කරලම එන්නම් පැටියො....තෙවින්,පොඩි දෙන්නව පරිස්සමින් එක්කගෙන යන්න"

"හරි....ඔයත් පරිස්සමින් එන්න"

දෙනෙත්ගෙන් සමුගත්ත කට්ටියම දෙවින්ගෙ වාහනේට නගිද්දි තෙවින් වාහනේ පණගන්වගෙන ඉස්සරහට ඇදුනා.විනාඩි ගාණක් ඇතුලත අස්ගිරි ක්‍රීඩාංගණේ වාහන අංගනයෙන් වාහනේ නවත්තද්දි නේත්‍රයි දිවාෂයි බැහැලා ක්‍රීඩාංගණය ඇතුලට දුවගෙන ගියා.වටපිට බැලුව නේත්‍ර දැක්කෙ ක්‍රීඩාංගණයෙ ඇතුල් වීමෙ ඉදන්ම පෝලිමට ගහලා තියෙන පාසල් ධජයන් හා අනුග්‍රාහකයන්ගේ ධජයන්.කොහේදෝ ඉදන් ආව රකිත නේත්‍රවත් ඇදගෙන නිවේදන කටයුතු කරන තැනට අරගෙන යද්දි ඉන්දීප දිවාෂ එක්ක ඉතිරි වැඩ බලන්න පිටත් වුණා.

"නේත්‍ර මල්ලි,තව පැය බාගෙකින් වගේ ගෙස්ට්ස්ලා එයි....අනවුන්සින් ටික කරලා VIP ඒරියා එකට එන්න....අපි එතන ඉන්නවා හොදද? නැත්තං කෝල් එකක් හරි දෙන්න...අපි කවුරුහරි එන්නම්"

"මම එන්නම් රකිත අයියෙ....මෙතන ඉදන් අතනටනෙ එන්න තියෙන්නෙ"

"හරි මල්ලි එහෙනම්....මම යනවා...හොදට වැඩේ කරන්න ඈ"

"හරී....."

පැය බාගයක් වගේ ගත වෙද්දි නේත්‍ර ලගට ආව කමිටු සාමාජිකයෙක් කිව්වෙ උත්සවය ආරම්භ කිරීමට අවසර හම්බුනා කියලා.තවමත් ආශවව ඇහැටවත් නොදැක්ක එකට අවුලෙන් උන්නු නේත්‍ර නිවේදන කටයුතු කරන තැනට යන්න හැදුවත් නේත්‍රගෙ ගමන් අවහිර උනේ ශක්තිමත් අතක ග්‍රහණෙකින්.

"හොදට කරන්න මැණිකෙ....බය වෙන්න එපා....මම ඔයා දිහා බලන් ඉන්නේ"

"සුදුබේබි!"

"මම වෙනුවෙන් චියර් කරන්න....මගෙ හයිය ඔයා"

"හොදට ප්ලේ කරන්න සුදුබේබි....මම සුදුබේබි වෙනුවෙන් චියර් කරනවා....මගෙ සුදුබේබිට පුළුවන්"

"මම යනවා මැණිකෙ.....පරිස්සමින්"

"සුදුබේබිත් පරිස්සමින්"

ක්‍රිකට් ජැකට්ටුවත් ඇදගෙන ක්‍රීඩාංගනේ රැදී සිටීමේ කුටිය පැත්තට දුවං යන ආශව දිහා ආදරෙන් බලන් හිටිය නේත්‍ර නිවේදන කටයුතු ආරම්භක ස්ථානයට ගියා.උත්සවයේ ආරම්භය නේත්‍රගෙ සන්සුන් කටහඩින් ආරම්භ වෙද්දි ආර්ය ප්‍රමුඛ කරගත් බටහිර වාද්‍ය වෘන්දයේ හඩ ඇහෙද්දි නේත්‍ර ආරාධිත අමුත්තන්ව පිලිගන්න සූදානම් වුණා.

"අද දින උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන අප පාසලේ ආදිශිෂ්‍ය, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක, කුමාර් සංගක්කාර මහතාව ඉතා ගෞරවයෙන් පිලිගන්නා අතර....."

නේත්‍ර නිවේදන කටයුතු කරන ගමන් ආශව දිහාවට ඇස් අරං ගියේ ඒ නම ඇහෙද්දි ආශවගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද බලන්න හිතාගෙන.නේත්‍ර හිතුවා වගේම සංගක්කාර කියන නම ඇහෙනවත් එක්ක ආශව ඇසුත් ලොකු කරං නේත්‍ර ඉන්න හරිය බලද්දි නේත්‍ර හිනා වෙලා නිවේදන කටයුතු දිගටම කරගෙන ගියා.එයාගෙ සුදුබේබි හීන එකින් එක මේ වගේ හැබැ වෙද්දි පුංචි එකා හරියට සන්තෝස වුණා.

පිට්ටනියෙ පිච් එක දෙපසින් පෙලගැහිලා ඉන්න කණ්ඩායම් දෙකටම අතට අත දුන්නු සංගක්කාර මහත්මයා අනික් ආරාධිතයොත් එක්කම ආරාධිත අමුත්තන් අසුන් ගන්න තැනට යද්දි ආරාධිතයෙක් විදියට ඇරයුම් ලබලා ඇවිත් උන්නු ලොකු මැණිකෙ නේත්‍ර දිහා බලලා ලස්සනට හිනා වෙන ගමන් අදාල ආසනයේ අසුන් ගත්තා.ලොකු මැණිකෙ එක්ක හිනා වුණ නේත්‍ර හිත සන්සුන් කරන් ආයෙමත් නිවේදන කටයුතු පටන් ගනිද්දි උත්සවය අපූරුවට ආරම්භ වුණා.

"හරි....දැන් යන්නෝනි දිවාෂලා ලගට"

නිවේදන කටයුතු අවසන් කෙරුව නේත්‍ර මයිකය තරග විස්තර විචාරකයො දෙන්නට භාර දුන්නෙ තරගය පටන් ගන්න කලින් දිවාෂලා ලගට යන්න හිතාගෙන.සෙනග ගොඩෙන් ඉදිරියට ඇදෙන්න ගත්තු නේත්‍ර තමන්ගෙ කමිසෙ මොකක හරි පැටලෙනවා වගේ දැනිලා පිටිපස්ස හැරිලා බැලුවත් එතන හිටියෙත් ජය ඝෝෂා නංවන ලමයි ටිකක් විතරක් නිසා ඔලුව දෙපැත්තට වැනුව නේත්‍ර ආයෙමත් ඉස්සරහට ඇදුනා.

"තෝ මගෙන් මැරුම් කනවා සක්කිලියා හැබැයි!"

නේත්‍ර එතනින් පිට වුණාට පස්සෙ පැවීලියන් එකේ අදුරු මුල්ලකින් නැගුණු කටහඩ ගිගිරුවා.ප්‍රේක්ෂකයන්ගෙ සද්දෙ,ශබ්ද විකාශන යන්ත්‍ර වලින් නැගෙන ගීත වල සද්දෙ එක්ක ඒ කටහඩ කාටවත් නෑහුණාට ඒ අත් වල හයිය ග්‍රහණෙට අහු වෙලා ඉන්න කෙනා නම් ගැස්සිලා ගියා.

"අතාරිනවා දිවාෂ මාව!"

"තෝව අතෑරලා තමා හිටියෙ! ඒ උනාට අපේ එකාගෙ පස්සෙන් මෙහෙම පර වැඩ කරන්න එන එක නවත්තන්නෙ නැත්තං මම තෝව අතාරින්නෑ මිකායෙල්!"

"අතෑරපං මාව!"

"මේක හොදට මතක තියාගනින් මිකායෙල්! උබ ආයෙ අපේ උන් දෙන්නට වද දීලා අහු වෙන්න එපා මට...උන් දෙන්නා තනි දෙන්නෙක් කියලා හිතන්න එපා! උන් දෙන්නගෙ වටේට හයිය පවුරක් හැදිලා තියෙන්නෙ...ඒකෙ හැප්පිලා ඔලුව කුඩු කරගන්න ලෑස්ති වෙන්න එපා!"

"මම ආවෙ නේත්‍රට කරදර කරන්න නෙවෙයි"

"උඹේ අතේ තියෙන කතුර කොණ්ඩෙ කපන්නද ගෙනාවෙ එහෙනම්! මේක අහපං මිකායෙල්! හොදට අහගනින්! මේ වරද උබේ අන්තිම වරද වෙන්න ඕනි! තේරුනාද! මම නේත්‍ර වගේ,මිනිහෙක් කරපු වැරදි අමතක කරල ඌට සමාව දෙන ජාතියෙ එකෙක් නෙවෙයි! මම කෙනෙක් කරන දේවල් මතක තියං ඒකට රිටන් එක දෙන ජාතියෙ එකෙක්! ඒ නිසා ආයෙ උබ ලෑස්ති වෙන්න එපා නේත්‍ර ආශව මැද්දට එන්න!"

"මාව අතාරින්න දිවාෂ....මම හෙට රට යන්න ඉන්නෙ"

"යමං! ආයෙ අපේ දෑහැට පේන්න එන්න එපා! දැන් පලයං!"

මිකායෙල්ව පැත්තකට තල්ලු කරලා දැම්ම දිවාෂ එතනින් එහාට දුවලා යනවත්,මිකායෙල් අඩාගෙන ඉදගන්නවත් දිවාෂ දිහාවටම ඇස් තියං හිටිය කෙනෙක් දැක්කා.දිවාෂ එතනින් අයින් වෙලාම ගිය බව දැක්ක ඒ කෙනා කාටහරි දුරකතන ඇමතුමක් ගන්නවත්,විනාඩි දහයක් වගේ ඇතුලත මිකායෙල්ගෙ අප්පච්චිගෙ සේවකයෙක් ඇවිත් මිකායෙල්ව එතනින් ඇදගෙන යනවත් බලාගෙන තෘප්තිමත් උනු ඒ ඇස් දෙක ක්‍රීඩා පිට්ටනියට ඇස් දෙක යොමු කලා.

"කාසියේ වාසිය උරඟා බැලීමේ අවස්ථාවටයි මේ එලඹ ඇත්තේ....ඒ සදහා පාසල් දෙකෙහිම කණ්ඩායම් නායකයන්ට ආරාධනා කර සිටින අතර......"

කණ්ඩායම් දෙකේම නායකයො ඇවිත් කාසියේ වාසිය උරඟා බලද්දි නේත්‍ර පැවීලියන් එකට වෙලා ආශව දිහාම බලාගෙන හිටියා.ලකුණු පුවරු ටිකක් උස්සගෙන කොහෙදෝ ඉදලා කඩා පාත් වුණු දෙනෙතුයි තෙවිනුයි ඒවා නේත්‍රලාට දෙද්දි ආශව කාසියෙ වාසිය ලබාගත්තු බවත්,ඉස්සෙල්ලාම පන්දුවට පහර දීම තෝරාගත්තු බවත් විස්තර විචාරයෙන් සදහන් කලා.

"ඔව්....කාසියේ වාසිය ආශව ඉරුගල්බණ්ඩාර ප්‍රමුඛ ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම ලබාගත් අතර පන්දුවට පහර දීම සදහා ආරම්භක පිතිකරුවන් ක්‍රීඩා බිමට පිවිසෙන අයුරු මේ අවස්තාවේ අපිට පෙනී යනවා....ඒ අනුව ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාර හා දෙවින් දිහන්ස සිංහවංශ ආරම්භක පිතිකරුවන් ලෙස ස්ථානගතවී සිටිනවා"

පිත්ත කරකවන ගමන් පිට්ටනියට ආව ආශවයි දෙවිනුයි පිච් එකට ගිහින් හිටගනිද්දි නේත්‍රලාගෙ පාසලේ ප්‍රේක්ෂකයො හිටිය පැත්තෙන් නැගුනෙ ලොකු ඝෝෂාවක්.ඒත් එක්කලම නේත්‍රලා හිටිය පැත්ත දිහා බැලුව ආශව ඈතින් තමන්ට ලාවට පේන පුංචි රූපෙ දිහා බලලා හිනාවෙලා තමන්ගෙ මාලෙට දාලා තිබ්බ මුද්දට හාද්දක් දෙන ගමන් පිත්ත එක්ක ස්ථානගත වුණා.

"හායි නේත්‍ර....."

"ඕහ්! උපාධ්‍යා.....හායි"

පැවීලියන් එකේ නේත්‍රලා හිටිය කොටසෙ කෙටි බැම්මට හේත්තු වෙලා ඉස්සරහට නැවිලා හිටිය නේත්‍ර තමන් ලගින් හිටගත්තු උපාධ්‍යාට පිලිතුරු දුන්නෙත් ආශව දිහා බලාගෙනමයි.උපාධ්‍යා නේත්‍ර එක්ක මේ වෙද්දි යම්තාක් දුරකට හිතවත් වෙලා හිටියා වගේම,උපාධ්‍යා නොදන්නවා උනාට ඒ හැමදෙයක්ම නේත්‍ර ආශවට කියලා තිබ්බා.අද උත්සවේ නිවේදන කටයුතු හදාගන්න පවා උපාධ්‍යා නේත්‍රට හුගක් උදව් කල බව ආශවට රහසක් වුණේ නෑ.නේත්‍ර ආශවව ඇස් දෙක වහන් විශ්වාස කලා වගේම ආශවත් නේත්‍රව විශ්වාස කලා.හැමදේටම නීති දාලා හිර කරන්න තරම් ඒ නිසා ආශවට වුවමනාවක් තිබ්බෙ නැහැ.

"ආශව අයියා නැෂනල් ටීම් සිලෙක්ට් වෙලා නේද? කන්ග්‍රැට්ස් කලා කියන්න එයාට"

"ඕකේ උපාධ්‍යා....මම සුද්....ආශව අයියට කියන්නම්"

"කමෝන් නේත්‍ර....මම දන්නවා ඔයා එයාට කතා කරන්නෙ සුදුබේබි කියලා....මම ඉස්සරහ ඔයාට ඕනිම විදියකට කතා කරලා ඉන්න පුළුවන්"

"හරි...."

නේත්‍ර බලාගෙන හිටියෙ සෙල්ලම් කරන ආශව දිහාමයි.නේත්‍ර බලාගෙනම ඉන්නෙ ආශව දිහා කියලා දැක්ක උපාධ්‍යා වේදනාවෙන් හිනා වෙලා පිට්ටනියට තමන්ගෙ ඇස් දෙක යොමු කරවගත්තා.ඒකපාර්ශවික ආදරේ වේදනාකාරී දෙයක් ඒ ආදරේ ආපිට තමන්ට නොලැබෙද්දි.උපාධ්‍යා ඒ වේදනාව ඇති වෙන්න විදින ගමන් හිටියා.ආශවගෙ හයේ පාරක් එක්ක නේත්‍රලා හයියෙන් කෑගහද්දි උපාධ්‍යාත් හිතේ කහටක් නැතුව ආශවට ප්‍රීතිඝෝෂා එක්කලා.

"උපාධ්‍යා ක්‍රිකට් වලට ආසයි කියලා මම හිතුවෙ නෑ"

"ඕහ් දිවාෂ.....නෑ....අප්පච්චි ආවනෙ මෙහෙ.මාත් ආවා ඉතින්.අනික නේත්‍ර මේ ටිකේම උඩ පැන පැනනෙ හිටියෙ එයාගෙ සුදුබේබි ප්ලේ කරනවා කියලා.අපිත් ආවා ආශව අයියට සපෝට් කරන්න"

"ඕහ්....එහෙනම් හොදයි....කවුද උපාධ්‍යා ඔයාලගෙ අප්පච්චි....මට කියන්නනම් එපා....."

"යාහ්! ඔව්....එයා තමා අප්පච්චි....අතුකෝරල කියලා සර්නේම් එක තියෙද්දිවත් හිතුවෙ නැද්ද?"

"ඔයාගෙ සර්නේම් එක මට එච්චර නෝට් එකක් තිබ්බෙ නෑනෙ....ඔයාලගෙ අප්පච්චි මිනිස්ටර් කෙනෙක් කියලා දැනන් හිටියට ස්පෝට්ස් ඇන්ඩ් යූත් අෆෙයාර්ස් මිනිස්ටර් කියලා මම හිතුවෙ නෑනෙ"

"එයා තමා.... එයා ඉතින් මෙව්වට එනවනෙ.මමත් ආවා.ඒක නෙවෙ....ආශව අයියගෙ ක්‍රිකට් ටී එක...ආශව ෆෝටීන්....ෆෝටීන් මීන්ස්....ලෙටර් N ද?....ආ නේත්‍ර?"

"ඔව්.....සුදුබේබි එන් අකුර නිසා තමා ඒ නම්බර් එක සිලෙක්ට් කරං තියෙන්නෙ"

"ම්ම්ම්....ඔයා ලකී ආශව අයියා වගේ කෙනෙක්ව හම්බෙන්න....ආශව අයියා ඊටත් වඩා ලකී...."

උපාධ්‍යා කියද්දි හිනා උනු නේත්‍ර පිට්ටනියෙ මැද්දෙ තද අව්වට පිච්චෙන ආශව දිහා බලාගෙන හිටියෙ ආදරේ උතුරන ඇස් වලින්.ඇත්තටම තමන් දෙන්නම කොච්චර නම් වාසනාවන්තයිද කියලා නේත්‍ර කල්පනා කලා.VIP ඒරියා එකේම ටිකක් එහාට වගේ වෙන්න හිටිය දැකලා පුරුදු රූපයක් ඇහේ ගැටුනු නේත්‍ර ඒ කවුද කියලා මතක් කරන්න කලින් එකපාරටම පිටි පස්සට බර වෙනවත්,තමන්ගෙයි දිවාෂගෙයි ඇගවල් වල කවුරුහරි එල්ලෙනවා දැනෙනවත් එක්ක හුරුපුරුදු කටහඩක් තමන්ගෙ කනේ දැවටුනා.

"හායි බේබීස්"

"ආ....නිදුකි,ඔයත් ආවද?"

"ඔව් අනේ....මගෙ යාලුවො ප්ලේ කරන්නෙ,යාලුවොන්ගෙ ඉස්කෝලෙ....ඉතින් නිදුකි නෑවිත් කොහොමද? කෝ ආර්ය නෑ?"

"හිටියා හිටියා.....චේන්ජ් කරං ඇවිත් හිටියා මෙතනට....කොහෙ හරි ගිහින් ඒත්"

"හරී....දෙනෙත් අයියේ....කොහොමද? ආ පොඩී...."

නිදුකි එක්ක හිනා වුණු නේත්‍රයි දිවාෂයි ආයෙමත් තරඟයට තමන්ගෙ අවධානය යොමු කරද්දි එකපාරටම නේත්‍ර දිවාෂගෙ අතින් ඇල්ලුවා.මනමාල හිනාවක් මූණට දාගත්තු දිවාෂ නේත්‍ර දිහා බලද්දි නේත්‍ර ඇසුත් ලොකු කරං දිවාෂ දිහා බලන් හිටියා.

"ම්ම්ම්ම්....ආසව නැති එකේ මට හාච්චියක්...."

"ද්...දිවාෂ,දිව්දේත්‍රා ඇවිත්!"

"කවුරු? දිවිනේත්‍රා?"

"දිව්දේත්‍රා....අර මතකද දවසක් ඉස්කෝලෙ ලගදි සුදුබේබි ඉස්සරහා වැටිලා...."

"ආහ්....ඒකි? කෝ....ඒකි මොකටද කොළඹ ඉදලා මෙහෙ එන්නෙ?"

"දන්නෑ දිවාෂ"

"ඒකි ඉන්නවා කියන්නෙ අර පුකා කලින් යාලු වෙලා හිටිය නාටිකාංගනාවත් ඇති....ආවදෙන්කො මගෙ දෑහැට පේන්න..කෙලිනවා අරූගෙ ඔලුව කුඩු වෙන්න"

"තෙවින් අයියට ගහලා හරියන්නෑනෙ දිවාෂ"

"නෑ හරි යනවා....ඕකට තමා ගහන්නෝනි....එක වහන්තරාවක් ඉවර වෙද්දි තව එකක්....ශිට්!"

දිවාෂ තමන්ගෙ අතේ තිබ්බ බීම ටින් එක මිරිකලා කියද්දි නේත්‍රත් නලල අල්ලගෙන අහක බලාගත්තා.උපාධ්‍යාත් නිදුකි එක්ක ඒ ටික වෙලාවට හිතවත් වෙද්දි තෙවින් මොකකට හරි හොරගල් අහුලනවා දැක්ක නේත්‍ර තෙවින්ගෙ පිටිපස්සෙන් ගිහින් හිටගෙන බැලුවෙ තෙවින් හොරෙන් බලන්නෙ මොකක් දිහාද කියලා.

"ඕනිද උබට?"

"නෑ නෑ යුගාන්....නිකං බැලුවෙ....බුදු යුගාන් මම බොන්නෑ....අනේ මෙතනනම් කෑ ගහන්නෙපා"

"ඕන්නම් ටිකක් ගනින්.....උබට බොන්න එපා කිව්වෙ බේබද්දෙක් වගේ....ඉදල හිටලා බිව්වා කියලා මැරෙන්නෑනෙ....අනික උබ ඉදලා හිටල බියර් බොනවා කියලත් මම දන්නවා"

"යුගාන්?"

"උබේ කාමරේ තිබ්බ කුණුකූඩෙ පවා මගෙ නිරීක්සනේ යටතෙ තියෙන්නෙ තෙවින්! ඒ නිසා සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්නෙපා මාත් එක්ක"

"ඕකේ....ඕකේ සර්"

"ඕනි ජාතියක් අරං බීපං.....පිස්සු කෙලින මට්ටමට නම් එපා ඈ....ලිමිට් එකක් ඇතුව ඕනි දෙයක්"

"උම්මා යුගාන්....මම යනවා"

දෙනෙත්වත් අල්ලගත්තු තෙවින් ඇල්කොහොල් තියෙන තැනට යද්දි දිවාෂ ගිහින් නේත්‍ර ලගින් හිටගත්තෙ තමන් විහිලුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න හිතන්නෙ නැති හන්දා.පැයෙන් පැය ගත වෙද්දි ආශවයි දෙවිනුයි නොදැවී ක්‍රීඩා කරන ගමන් අනික් පිලේ ක්‍රීඩකයන්ට ලොකු පීඩනයක් දුන්නා.ආශවගෙ ක්‍රීඩා විලාසය බලාගෙන හිටිය ප්‍රධාන ආරාධිත අමුත්තාට තමන්ගෙම පුංචි කාලෙ මතක් වෙද්දි ලංකා කණ්ඩායමට ඉදිරියේදි නැතිවම බැරි කෙනෙක් බවට මේ පුංචි කොල්ලා පත් වෙයි කියලා ඒ මනුස්සයා හදවතින්ම හිතුවා.

"ඔව් ආශව ඉරුගල්බණ්ඩාර මේ අවස්ථාවේදී ශතකයක් ලබාගන්නවා....ඒ අනුව පාසල් ක්‍රිකට් දිවියේ ඔහුගේ හයවන ශතකය මේ ආකාරයට ඔහු තමා සතු කරගන්නවා"

මයික්‍රෆෝනයෙන් හඩ නැගෙද්දි නේත්‍ර තමන්ගෙ ඇස් වලින් ගලන කදුළු පිහිද පිහිද ආශවගෙ නම කිය කිය කෑගැහුවා.හෙල්මට් එක වගේම පිත්ත තමන්ගෙ අත් දෙකට ගත්තු ආශව ඒ දෙකම උඩට උස්සලා තමන්ගෙ ජයග්‍රහණය භුක්ති විදිද්දි මුළු ක්‍රීඩාංගණයෙන්ම දැවැන්ත ජයඝෝෂාවක් නැගෙන්න ගත්තා.හෙල්මටයත් පිත්ත තියෙන අතට ගත්තු ආශව තමන්ගෙ ටී ෂර්ටය ඇතුලෙ තියෙන මාලෙ එලියට අරං ඒ මුද්දට හාදුවක් තියලා තමන්ගෙ ටී ෂර්ටය පිටිපස්සෙ ගහලා තියෙන අංකය අතින් පෙන්නුවා.

"ආව්ව්....ආව්......චූචියෝ...."

"ආව්.....ආශව අයියා මාරම රොමෑන්ටික්නෙ"

නිදුකියි දිවාෂයි නේත්‍රගෙ දෙපැත්තෙ ඉදන් නේත්‍රව සවුත්තු කරද්දි නේත්‍ර තමන්ගෙ රතු වුණු මූන පුංචි අත් වලින් වහගත්තා.බියර් කප් දෙකක් අත් දෙකෙන් අරං උන්නු දෙනෙතුයි තෙවිනුයිත් කෑ ගහලා සතුට පල කරද්දි තෙවින්ව කෙසේ වෙතත් දෙනෙත්නම් අද යන්නෙ දෙවින්ගෙ කර උඩින් කියන එක දිවාෂ ඒ වෙලාවෙ තේරුම් ගත්තා.දෙවිනුත් නැති එකෙ නිදහස උපරිම භුක්ති විදින ගමන් දෙනෙත් ඇති වෙන්න අරක්කු වලට වග කියන ගම හිටියා.

"වෙලාව කීයද නේත්‍ර දැන්?"

"හතරයි උපාධ්‍යා....ඔයාලා යනවද?"

"ඔව්...යන්න ඕනි අපි....ඔයාලා ඉවර වෙනකංම ඉන්නවනෙ නේද?"

"ඔව්....සුදුබේබි එක්කනෙ මම යන්නෙ"

"අපි හෙට එන්නම් ඉවර වෙනකංම ඉන්න....අනික දැන් අනික් ඉස්කෝලෙනෙ බැට් කරන්නෙ....මට හිතෙන්නෑ බලන්න"

"හරි උපාධ්‍යා"

"දිවාෂ අපි යනවා එහෙනම්....නිදූ යනවා මම බායි....ආර්යටත් කියන්න මම ගියා කියලා...පේන්න නෑනෙ ආයෙත්.යනව නේත්‍ර,ඔයාලා පරිස්සමින්"

උපාධ්‍යාට අත වැනුව නේත්‍රයි දිවාෂයි බැලුවෙ ආර්ය කෝ කියලා.ආර්ය එනවා,යනවා වගේ හැසිරීමක් තිබ්බා වගේම ආර්ය අද හිටියෙත් හරි ලැජ්ජාවෙන් කියලා දිවාෂටයි නේත්‍රටයි කල්පනා වුණා.

"මූ කෙල්ලෙක් බලන්නවත් යනවද?"

"දන්නෑ දිවාෂ....මේ හිටියා මේ නෑනෙ ආර්ය"

දෙන්නත් එක්කම උරහිස් අකුලෝගෙන ඉස්සරහ බලාගත්තා.කාලෙ ගත වෙනවත් එක්කම තරගය අවසන් කල බව දැන් වූවා වගේම පලවෙනි දවස ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම ඕවර් හැටක් අවසානයනේ ලකුණු තුන්සිය හතලිහක් රැස් කරලා තිබ්බා වගේම,අන්තෝනි විද්‍යාලය ලකුණු දෙසීයක් රැස් කරලා තිබ්බා.ඒ අනුව ආශව ප්‍රමුඛ කණ්ඩායම පලවෙනි ඉනිම අවසානයේදී ලකුණු එකසිය හතලිහක පරතරයක් එක්ක ඉදිරියෙන් රැදිලා හිටියා.

"හායි පුතා"

"හ්...හායි....මිස්ටර් සංගක්කාර....ඇත්තටම සතුටුයි ඔබතුමා එක්ක කතා කරන්න ලැබුනු එකට"

"මී ටූ පුතා.....පුතා එක්ක කතා කරන්න හම්බුනු එක මට සතුටුයි....මොකද මම ආසයි දක්ෂයො එක්ක කතා කරන්න"

"ඕහ්....තෑන්ක්යූ සර්"

"පුතා මට මගෙ පුංචි කාලෙ මතක් කලා....ඇත්තටම මගෙ පුංචි කාලෙට වඩා පුතා හොදට ප්ලේ කලා....අන්ඩර් නයින්ටීන් නැෂනල් ටීම් සිලෙක්ටඩ් නේද?"

"ඔව් සර්"

"හරි....පුතාට අනිවාර්යයෙන්ම ලංකන් නැෂනල් ටීම් එකෙනුත් ඉඩක් වෙන් වෙයි....ඔය පෆෝමන්ස් තවත් වැඩි කරගන්න.ඇත්තටම ක්‍රිකට් වැටීගෙන යන කාලෙක පුතා වගේ දක්ෂ අයව දකින්න ලැබෙන එකත් සතුටට කාරණයක්....පුතා එක්කම ඕපන් ආව කෙනා නේද අර"

"ඔව් සර්....දෙවින්! එන්න"

ආශව කතා කරද්දි ටිකක් එහාට වෙන්න හිටන් උන්නු දෙවින් ඇවිත් සංගක්කාර මහත්තයට අතට අත දීලා සුභ පැතුවා.

"ඔයත් මාරම ටැලන්ටඩ් දරුවෙක්....ඇත්තටම ඔය පුතාටත් නැෂනල් ටීම් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම.දෙන්නා එක්ක හොදට ප්‍රැක්ටිස් කරන්න....අම්ම්ම්....පුතා අර පුංචි දරුවා හුගක් වෙලා අතනට වෙලා එබීගෙන...ඔයාලගෙ යාලුවෙක්ද?"

"ආහ්හ්...."

ආශවට හිනා ගියේ කණුවක් අස්සට වෙලා එබීගෙන ඉන්න නේත්‍රව දැක්කම.

"යස් සර්....හී ඊස් මයි අදර් හාෆ්"

"ඕහ්...ඕකේ....එහෙනම් පුතාලා මම යනවා....කන්ග්‍රැජුලේෂන්ස් දෙන්නටම....අපි එහෙනම් ඉන්ටනැෂනල් ග්‍රවුන්ඩ් එකකදි හම්බෙමු"

"තැන්කිව් සර්.."

"තැන්කිව් සෝ මච්"

සංගක්කාර මහත්මයගෙන් සමුගත්තු ආශව එහෙම්මම දුවං ගියේ නේත්‍ර ලගට.නේත්‍රව තුරුල් කරං ඉබින්න කොච්චර ආසාවක් ආවත් ඒ ඒකට ගැලපෙන තැන නෙවෙයි කියලා තේරුම් අරං උන්නු ආශව නේත්‍රගෙ අතින් අල්ලන් ගියේ ඩ්‍රෙසින් රූම් එකට.කට්ටියගෙන්ම සමුගත්තු ආශව හෙට හම්බෙන බලාපොරොත්තුවෙන් කට්ටියගෙන් සමු ගනිද්දි නේත්‍ර ආශවගෙ බඩු මුට්ටු තියෙන බෑගයත් උස්සන් ආශවගෙ පස්සෙන් එන්න හැදුවත් ආශව ඒ බෑගය තමන්ගෙ කරට ගත්තා.

"යං මැණිකෙ....ගෙදර ගිහින් වොශ් එකක් දාගන්න ඕනි....ඔයා ගාව සුවඳ උනාට මම ගාව දාඩිය ගඳයි"

"සුදුබේබි ලග ගඳ නෑ"

"ඒ ඔයාටනෙ....දිවාස මෙහෙ වරෙං"

"ඇයි....අම්මෝ හිච්චි මුදියන්සෙ තෝ ලග එන හඩු ගඳ!"

ආශවගෙ මූණටම කියලා දැම්ම දිවාෂ ගිහින් දෙවින්වත් තල්ලු කරල තෙවින්ගෙ ඇගේ එල්ලෙද්දි දිවාෂව එක් අතකින් අල්ලගත්තු තෙවින් යමු කියලා ආශවට සන් කලා.දෙවින් අදත් දෙනෙත්ලගෙ ගෙදර නවතින නිසා ඒ දෙන්නගෙන් සමු ගත්තු කොල්ලො හතර දෙන තෙවින් ගෙනාව දෙවින්ගෙ වාහනේට නැගලා පිට්ත් වුනේ විවේකයක් ගැනීමේ අරමුණින්.

"නවත්තන්ඩෝ....තෙවින් සල්ලි..."

"මොකටද?"

"අයිස්කීම් අරං එන්නම් අනේ....අර කඩේ ඒවා රහයි"

"ආ....කට්ටියටම අරං එන්න"

"චූචියො යංකො"

නේත්‍රගෙ අතින් අල්ලගත්තු දිවාෂ නේත්‍ර එක්කම පාර පැනලා කඩේට යද්දි තෙවිනුයි ආශවයිත් වාහෙනන් එලියට බැස්සා.ආශව දිහා බලලා හිනා වුණු තෙවින් වාහනේට හේත්තු වෙද්දි ආශව නේත්‍රලා ගිය කඩේ පැත්තම බලාගෙන හිටියා.

"දිව්දේත්‍රා ඇවිත් ආයෙම"

"කවුරු?"

"අර දවසක් ඉස්කෝලෙ ලගදි නැටුමක් නැටුවෙ....කොළබ එකියක්....ඕෂිණීගෙ යාලුවා"

"ආහ්....ඔව්....මොකද්ද ඒ කෙල්ල?"

"අද බිග්මැච් බලන්න ඇවිත් හිටියා....නිකං වෙන්න බෑ ආශවයා....කොලඹ ඉන්න කෙල්ලෙක් නුවරට බිග් මැච් බලන්න එනවා කියන්නෙ කොහොමත් නිකං නෙවෙයි"

"හ්ම්ම්ම්....ඕනි මගුලක් බං මටයි නේත්‍රටයි වදයක් නොවී"

"වදයක් වෙයි ආශව....කොහොමත් ඒකිගෙ හිතේ උඹ ගැන අදහසක් තියෙනවා වගේ"

"අනේ මට වැඩක් නෑ ඔය මගුල්....අප්පිරියයි බං.අර උපාධ්‍යා නේත්‍රගෙන් ඇහුවා,නේත්‍ර බෑ කිව්වට පස්සෙ බලපං හොදට කතා බහ කරලා ඉන්නවා වදයක් වෙන්නෙ නැතුව.....ඒකට මුන්.එදත් මතකනෙ ඉස්කෝලෙ ලග.කොල්ලො වෙච්ච අපිට ලැජ්ජයි"

"අපි මොකක් හරි කරන්න බලමුකො....මිකායෙල් අද රට යනවලු"

"අම්මෝ ලොකු දෙයක්....ඕෂිණී කතා කරනවද උඹ එක්ක?"

"මැසෙජ් කරන්නෙ ඉන්ස්ට එකෙන්....මම සීන් කරන්නෑ"

"දිවාෂ ගැන මොකක්.....නේත්‍ර!!!!"

"යුගාන්!!!!"

අයිස් පලම් දෙක ගාණෙ අත් වල රදවගෙන පාර පයින දිවාෂ නේත්‍ර දෙන්නවත්,ඊට ටිකක් එහාට වෙන්න ගමන් ගනිමින් තිබ්බ ලොරි රථයක ටයරයක් පිපිරිලා ඒකෙ ගමන් පථය පාලනය කරගන්න බැරුව නේත්‍ර දිවාෂ දෙන්නා දිහාට ඒක ඇදීගෙන එනවත් දැක්ක ආශව තෙවින් දෙන්නා මහා හයියෙන් කෑ ගැහුවා.පාරෙ අනික් පැත්තෙන් වාහන එනවදවත් නොබලපු ආශව තෙවින් දෙන්නා පාර පැනලා දිවාෂයි නේත්‍රයි ලගට ලං වෙද්දි දිවාෂ නේත්‍රවත් ඇදගෙන ඉස්සරහට දුවං එන්න උත්සාහ දරමින් හිටියා.

ඇස් දෙක තද කරලා වහගත්තු නේත්‍ර තමන්ගෙ ගල් වෙලා තියෙන කකුල් දෙකට පණක් ගන්න බැරුව එකතැනම හිටගෙන ඉද්දි දිවාෂගෙ අතක් තෙවින් හයියෙන් ග්‍රහණය කරගත්තා.ඒත් එක්කම දිවාෂව තෙවින්  ඉස්සරහට අදිද්දි නේත්‍රගෙ අත දිවාෂගෙ අතේ ග්‍රහණයෙන් ගිලිහුණා.දිවාෂව තමන් ලගට ඇදගත්තු තෙවින් හයියෙන් දිවාෂව තමන්ගෙ පපුවට තුරුල් කරගනිද්දි ලොරි රථය නේත්‍රගෙ ඇගේ ගැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි නේත්‍රගෙ ඇගට පැන්න ශක්තිමත් ශරීරයක් නේත්‍රව තල්ලු කරං පාර අයිනට පැන්නා.

තමන් ගැනවත් නොහිත නේත්‍ර ගැන හිතලා වාහනේ ගෑවි නොගෑවී නේත්‍රව රැකගන්න ඉස්සරහට පැන්න ආශවගෙ හයිය අත් අතරෙ නේත්‍ර රැදිලා හිටියා.තවමත් උනු දේ හිතාගන්න බැරුව ගැහෙන ඒ පුංචි ඇග තමන්ගෙ ඇග අස්සෙ හංගගත්තු ආශව දැඩි වේදනාවක් දෙන තමන්ගෙ දකුණු කකුල ගැන නොහිතා නේත්‍රව තදකරං සිමෙන්ති පොලවෙ වැතිරිලා හිටියා.සන්සුන් වුණු දිවාෂයි තෙවිනුයි පාර මාරු වෙලා බිම වැටිලා ඉන්න ආශවයි නේත්‍රයි දෙන්නා ලගට දුවං ආවෙ තමන්ටම දොස් පවරගන්න ගමන්.

පාරෙ යන වාහන,තෙවාෂ දෙන්නගෙ කටහඩවල් කිසිම දෙයක් ගැන නොහිතුව ආශව තමන්ගෙ මුළු ලෝකෙම තමන්ගෙ අත් අස්සෙ රදවගෙන හිටියා වගේම නේත්‍ර තමන්ගෙ ලෝකෙ අස්සෙ ගුලි වෙලා හිටියා.

...................................................................................................

වචන 5600+❤️

අද කොටස මටත් සෙට් නෑ🙂💔 ඊලග එක හොදට දෙන්නම්❤️

අම්මා අසනීපෙන් නිසා මේ ටිකේ ඔක්කොම වැඩ කරන්නෙ මම....ඒ හන්දයි පරක්කු වුණේ❤️ඒත් හරියට ලියවිලා නෑ කියලා දැනුනා...සමාවෙන්න බබාලා💔

අදහසක් පුලුවන්නම් දීගෙන යන්න....කොටස හරි නැති හන්දා කමෙන්ට්ස් නැති උනත් දුක හිතවගන්නෑ මම❤️

නිවාලන්න මා වස්සැප් ගෲප් එකක් හැදුවා....කැමති බබාලා එකතු වෙන්න....ලින්ක් එක මගෙ මැසේජ් බෝඩ් එකේ announcement එකක තියෙනවා❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter