Back
Chapter 77

76 කොටස🤍✨️

නිවාලන්න මා...

"සුදුපුතා...."

"ආහ්....අප්පච්චි"

"නැගිටින්න මහන්සි වෙන්න එපා....ඔහොම ඉන්න"

මහ මුදියන්සෙ ආශවගෙ කාමරේට ගොඩ වෙන ගමන් කියද්දි ආශව ඔලුව වනලා ඇඳ විට්ටමට හේත්තු වුණා.දැන් ආශව ඇදට වෙලා ඉන්න පටන් අරං සතියක් වගේ වෙලා තියෙද්දි ආශවගෙ කකුල ගොඩක් දුරට සනීප වෙලා තිබ්බෙ නේත්‍රගෙ සාත්තු සප්පායම් නිසා.ආශවගෙ මූණ කෙලින් පේන විදියට කාමරේ තියෙන පුටුවෙන් ඉදගත්තු මහ මුදියන්සෙ ආශව දිහා බලලා ලාවට වගේ හිනා උනා.

"දැන් කකුලෙ තත්වෙ මොකෝ සුදුපුතා?"

"ටිකක් අඩුයි අප්පච්චි"

"සුදුපුතාට අඩුම ඔය දෙයින්වත් තීරණයක් ගන්න බැරි උනාද?"

"අප්පච්චි?"

ආශව මහ මුදියන්සෙ දිහා බැලුවෙ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි හන්දා.

"දැන් ඔය කකුල සනීප උනු ගමන් සුදුපුතා ආයෙමත් යනවනෙ සෙල්ලම් කරන්න.....ආයෙ ඔය වගේ ආබාධ වෙනවා....ආයෙ මෙහෙම ඉන්න වෙනවා....ආයෙමත්‍ ක්‍රිකට් ගහනවා....එකටම රවුම වෙන්නෙ....මොකද්ද ඔය ජීවිතේ සුදුපුතා?"

"අප්පච්චි කියන්න යන දේ මට පැහැදිලි නැහැ?"

"ක්‍රිකට් ගහලා කාටද පුතා හරි ගියේ? හරිගිය මිනිස්සු ඉන්නවා...ඒ හරිගියා කියන උන් සෑහෙන පහලක ඉදලා උඩට ආව මිනිස්සු...සුදුපුතා හදන්නෙ ආකාහෙ ඉදලා පොලවට කඩාපාත් වෙන විදියෙ වැඩක් කරන්නනෙ"

"මොකද්ද ඔයා කියන්න හදන්නෙ අප්පච්චි?"

"බිස්නස්.....ඉරුගල්බණ්ඩාර කියන බිස්නස් චේන් එක...ලංකාවෙ පලවෙනි සල්ලිකාරයො දහය අතරෙ ඉන්න ඔයාගෙ අප්පච්චි උනු මගෙ බිස්නස් චේන් එක....එච්චර දෙයක් තියාගෙනත් මොකද්ද සුදුපුතා මේ බැට් එකක් බදන් කරන්න හදන්නෙ?"

"අප්පච්චි ඔය කතාව නවත්තමු....මට මෙවෙලෙ කා එක්කවත් තර්ක කරන්න මූඩ් එකක් නැහැ"

"සුදුපුතා,උඹ හිතුවක්කාර වෙන්න එපා....මේ බිස්නස් කවදමහරි බලාගන්න තියෙන්නෙ උඹට! මෙව්වගෙ අයිතිය එන්නෙ උඹට! උබ ඔය පිත්තක් බදාගත්තට පස්සෙ මෙව්වා බලාගන්නෙ කවුද මට බැරි කාලෙක?"

"අප්පච්චි....බිස්නස් ෆීල්ඩ් එකට මගෙ ආසාවක් නෑ....ආසාවක් තිබ්බත් මම අප්පච්චිගෙ බිස්නස් වල කොනේ එල්ලෙන්නෙ නැහැ...මගෙම දෙයක් පටන් ගන්නවා මිසක්.ඒ නිසා ප්ලීස් අප්පච්චි....මට බල කරන්න එපා"

"සුදුපුතා! උඹ ඔය හදන්නෙ උඹට දීලා තියෙන නිදහස නැති කරගන්න හදන එක....අන්න ඒක හොදට මතක තියාගනින්! මම තවම උඹ පොඩි එකානෙ පොඩි එකානෙ කියලා මේ අතෑරලා දාලා හිටියට හිතන්න එපා මම වැඩිකාලයක මෙහෙම නටන්න දෙයි කියලා"

"අප්පච්චි,මම ඒලෙවල්ස් කරලවත් නැහැ තාම! මගෙ ඔලුවට තව ස්ට්‍රෙස් දෙන්න එපා!"

"සුදුපුතා....උඹ ඔය සෙල්ලම කලාට කමක් නෑ.හැබැයි හරි වයස වෙද්දි බිස්නස් භාරගන්න ලෑස්ති නොවුණොත්!.....උබේ ඔය ගමන නවත්තලා දාන්න මම දෙපාරක් හිතන්නෑ!"

අතමිට මොලවගත්තු ආශව වචනයක්වත් නොකියා ගිනි ගන්න ඇස් වලින් මහ මුදියන්සෙ දිහා බලන් හිටියා.ඊට නොදෙවෙනි විදියට ආශවට රවලා බැලුව මහ මුදියන්සෙ එහෙම්මම පුටුව සද්දෙන්ම පස්සට දාලා කාමරෙන් එලියට ගිය ගමන් ආශව කොර ගගහා ඇවිත් කාමරේ දොර අගුළු දැම්මා.තමන්ගෙ අතට අහු උනු වීදුරු මල් පෝච්චිය අතට ගත්තු ආශව ඒක එහෙම්මම පොලවෙ ගහනවත්,මහ මුදියන්සෙගෙ වාහනේ වලව්වෙන් පිට වෙනවත් එකවරම උනා.

"ආර්හ්හ්හ්හ්!!!!"

මහ හයියෙන් ඔලුව බදන් කෑ ගැහුව ආශව තමන්ගෙ මුළු පොත් මේසෙ මේස රෙද්ද පොත් පත් ඔක්කොම පිටින් බිමට ඇදලා දාලා අතට අහු වෙන අහු වෙන හැම දේම පොලවෙ ගහන්න ගත්තා.පුංචි කාලෙ ඉදන්ම මහ මුදියන්සෙට ඕනි ඕනි දේ රූකඩේකින් කරගන්නවා වගේ තමන්ගෙන් කරගත්තු හැටි ආශවට මතක් උනා.කොළඹ ඉන්න කාලෙ කොච්චර කේන්ති ගත්තු ලමයෙක් උනත් දෙවින් තෙවින් දෙන්නා එක්ක සතුටින් ඉන්න එක නැති කරලා දාලා තමන් එන්න බෑ කියලා අඩද්දි නුවර ගෙනාව හැටි පවා අදටත් ආශවට මතක තිබ්බා.

තමන් ආසා කරන දේවල් කිසිම දෙයක් හොයා නොබලා මේක කරපං අරක කරපං කියලා විතරක් තමන්ට අණ දුන්නු හැටි ආශවට මතක් උනා.අද වෙනකං තමන් ඉල්ලලා තියෙන එකම දේ ක්‍රිකට් ගහන්න දෙන්න කියන එක වෙද්දි ඒකටත් මේ විදියෙ බාධා කරන එකට ආශව නොසෑහෙන්න වෛර කලා.පුංචි කාලෙ ඉදන්ම අප්පච්චිගෙ හැසිරීම එක්ක ආශවගෙ හිතේ තිබ්බ කේන්තිය මේ වෙද්දි ටිකෙන් ටික වෛරයක් බවට පත්වෙමින් තිබ්බා.

"මම හැමදේටම වෛර කරනවා!!!!"

කොණ්ඩෙ අහුරක් අතට එන්නම හයියෙන් ඇදලා ගත්තු ආශව ආයෙමත් මුළු කාමරේම විනාස කරන්න ගත්තා.කාමරේ තිබ්බ වතුර වීදුරුව,දැන් ටිකකට කලින් තේ ගෙනාව කෝප්පෙ පවා ආශව පොලවෙ ගහල දාලා කුඩු කරලා තිබ්බා.ආශවගෙ කේන්තිය,පීඩනේ එක්ක ආශව කරන්නෙ මොකද්ද? මේකෙන් මොකද්ද වෙන්නෙ කියන එකවත් තේරුම් ගන්න බැරි වෙන තරමටම ආශවගෙ මනස ඇතුලෙ ලොකු පෙරලියක් වෙලා තිබ්බා.ඔලුවට මිටියකින් ගහනවා වගේ දැනෙන වේදනාව,අවුල් සහගත හැගීම දරාගන්න බැරි වුණු ආශව පිස්සෙක් වගේ කාමරේ ඇතුලෙ කෑ ගගහා අතට අහු වෙන හැමදේම විනාස කලා.

දොරට ගගහා කතා කරන ලොකු මැණිකෙගෙ,තව කවුරුමහරි සේවකයන්ගෙ හඩ ඇහුනත් ඒකට අවධානෙ දෙන්න ආශවට පුලුවන් වුණේ නැහැ.අන්තිමට ආශව තමන්ගෙ ඇද ලගම තියෙන කුඩා ලී මේසෙ උඩ තියලා තිබ්බ මල් පීරිසිය අතට ගත්තෙ ඒකත් විනාස කරලා දාන්න.ඒත් මල් පීරිසියෙ තිබ්බ ගැටපිච්ච මල් සුවද එක්ක ආශවගෙ රත් පැහැ ගැන්වුණු ඇස් දෙක ටිකක් සන්සුන් උනා.

"නේත්‍ර! මගෙ නේත්‍ර.....එයා ඉන්නවා මට....නේත්‍ර ඉන්නවා ඔව්..."

"මම වෛර කරන්නෑ හැමෝටම.....නේත්‍රට වෛර කරන්නෑ....මම ආදරේනෙ කරන්නෙ...සමාවෙන්න මැණිකෙ හැමෝටම කියලා කිව්වට්"

"එයා ඉන්නවා....මගෙ නේත්‍ර....මට ආදරේ එකම කෙනා..."

"නේත්‍රව ඕනි....නේත්‍රව ඕනි මට....සුදුබේබිට නේත්‍රව ඕනි.....නේත්‍ර විතරයි සුදුබේබිට ඉන්නෙ"

ඔලුව කස කස එහෙට මෙහෙට ඇවිද්ද ආශව තමන් ඇදන් උන්නු සරම ගලවලා දාලා එහෙම්මම නානකාමරේට ගිහින් දොරවහගත්තා.කොච්චර වෙලා නානකාමරේ ඇතුලේ හිටියද? තමන් ඇගපත සෝදගත්තද? හීතල වතුරෙන් තෙමන්න එපා කිව්ව කකුල තෙමුනද? ඒ කිසිම දෙයක් තේරුම් ගන්න තරම් මානසිකත්වයක් ආශවට තිබුනෙ නැහැ.ආශවගෙ ඔලුවෙ වැඩ කල එකම දේ උනේ ඉක්මනටම නේත්‍ර ලගට යන්න ඕනි කියන එක විතරයි.

අතට අහු උනු කලිසමකුයි ටී ෂර්ටයකුයි ඇදගත්තු ආශව කවදාවත් නගරෙට යන්න නොදාන බාටා දෙකකුත් කකුලට දාන් කාමරෙන් එලියට බැස්සා.ආශවගෙ කාමරේ දොර ලග උන්නු ලොකු මැණිකෙයි මැනුවෙලුයි නිර්මලායි කරෝලිසුයි ආශව දොර අරද්දිම ආශවට කතා කලත් ආශව කිසිම දෙයක් නෑහෙන ගාණට ඉස්සරහට ඇවිදන් ගියා.ඉස්සරහට දුවං ගිය ලොකු මැණිකෙ ආශවව අල්ලලා නවත්තගනිද්දි මලානික උනු ඇස් දෙකෙන් ලොකු මැණිකෙ දිහා බැලුව ආශව ආපහු යන්න හැදුවා.ලොකු මැණිකෙ ආශව එක්ක කතා කරන්න යන වග තේරුම් ගත්තු අනික් තුන් දෙන්නා පහල මාලෙට බැස්සා.

"සුදුපුතා මේ මද්දහනෙ කොහෙටද හදිස්සියෙම යන්නෙ?"

"න්...නේත්‍ර....මම ඉස්කෝලෙ යනවා....නේත්‍ර ඉන්නෙ එහෙනෙ"

"සුදුපුතේ ඒකා එනවනෙ ගෙදර....සුදුපුතාගෙ කකුල එක්ක තවම ඇවිදින්න හොද නෑ"

"ම්...මම යන්න ඕනි....මාව අතාරින්න පුංචි අම්මෙ....මගෙ ඔලුව....ඒක රිදෙනවා"

ආශව ලොකු මැණිකෙ දිහා බලලා කියද්දි ලොකු මැණිකෙ ආශවගෙ අත අතෑරියා.ඔහේ ඉස්සරහ බලාගෙන වලව්වෙන් එලියට බැස්ස ආශව බාටා කෑලි දෙකත් කකුලෙ දාගෙන ඔහේ පාරෙ ඇවිදන් යන්න ගත්තා.මාර ගහ යටට ගිහින් කවදාවත්ම නැති විදියට රස්තියාදුකාරයෙක් වගේ ගහට හේත්තු උනු ආශව බස් එකක් එනකං බලන් හිටියා.ඔලුව පැලෙන්න වගේ දැනෙන වේදනාව එක්ක ඔලුව කීපපාරක්ම මාර ගහේ කඳට ගහගත්තු ආශව පියවි සිහියට ආවෙ බස් රථයේ ශබ්දයෙන්.හෙමින් සැරේ ඇවිදන් ගිය ආශව සාක්කුවට ඔබන් ආව සීයෙ කොල කීපෙන් දෙක තුනක් ඇදලා අරං බහින තැන කියලා ජනේලෙට ඔලුව ගහගත්තා.ආශවට ඕනි උනේ පුලුවන් ඉක්මනට නේත්‍ර ලගට යන්න විතරමයි.

.

.

.

.

.

"ඇයි නේත්‍ර?"

"හරි අමුතුයි දිවාෂ....ඔලුවත් එක්ක කැක්කුමයි මගෙ"

"ඒ මොකෝ එකපාරටම?"

"දන්නෑ ආර්ය....කීයද දැන් වෙලාව?"

"දැන් එකයි"

"තව පැය බාගෙනෙ....පුලුවන් උනොත් දෙනෙත් අයියට කියලා එයාගෙ වාහනේ යමුද ගෙදර? මට අද ඉක්මනට යන්න ඕනි වගේ"

"හරි...දෙනෙත් අයියා කවදාවත් බෑ කියන්නෑනෙ එහෙම...එයා කොච්චර නම් කියනවද යං කියලා....අපිනෙ මේ බස් එකේ යන්නෙ"

"හ්ම්ම්ම්ම්....අපරාදෙ මම අද ඉස්කෝලෙ ආවෙ....සුදුබේබි බල කලානෙ මට යන්න කියලා"

"ඔයා පහුගිය ටිකේම කඩින් කඩනෙ ඉස්කෝලෙ ආවෙ නේත්‍ර....ආශව අයියා කොහොමත්ම කැමති නෑ ඔයා ඉස්කෝලෙ වැඩ පාඩු කරගන්නවට"

"ඔව්....සුදුබේබි කිව්ව හන්දමයි ඉස්කෝලෙ ආවෙ...ඒත් හිතට අමුතුයි මගෙ...නිකං මොකක් හරි ප්‍රශ්නයක් වගේ....සුදුබේබිට මොකක් හරි ප්‍රශ්නයක්වත්ද?"

"ගෙදෙට්ට වෙලා බුදියන් ඉන්න ඕකට මොන අවුල්ද චූචියො.....ඉන්නකො.මම ගිහින් දෙනෙත් අයියට පනිවිඩේ දීලා එන්නම්"

"මාත් එන්නම් දිවාෂ"

"එපා...ඔයා ඔලුව තියං ඉන්නකො.මම ගිහින් එන්නම්"

නේත්‍රව බලාගන්න කියලා ආර්යට කියන ගමන් දිවාෂ පන්ති වාර්ථා පොත පුරව පුරව හිටිය ගුරුතුමීගෙන් අවසර අරගෙන පන්තියෙන් එලියට පැන්නා.උඩ පැන පැන  දෙනෙත්ලගෙ පන්තියට ගිය දිවාෂ දෙනෙත්ට පණිවිඩේ කියල එලියට එද්දිම දිවාෂට ඇහුනෙ කවුරුහරි තමන්ගෙ නම කියලා කතා කරන වග.ඒත් එක්කම පඩිපෙල දිගේ පහලට දුවන් ආව ඒ කෙනා දිවාෂ ලගින් නැවතුනා.

"ආ ඉන්දිප්පයියා"

"දිවාෂ මල්ලිලාට උගන්නනවද?"

"නෑ අයියෙ.....අපේ මැඩම් රෙකෝඩ් බුක් එක ෆිල් කරනවා....සිකුරාදා අන්තිම පීරියඩ් වල එයාගෙ වැඩේ ඕකනෙ"

"ආ....මේ....."

"ඕ....කියන්ට....ඇයි අනේ ගොත ගහන්නෙ?"

"මේකයි.....ම්ම්ම්.....මම ලග දෙයක් තියේ ඔයාට දෙන්න.තරහ ගන්නෙ නැතුව ගන්නවද ඒක?"

"මට දෙන්නෙ ගුටි නෙවේනම් වෙන ඕනිම දෙයක් මම තරහ නැතුව බාරගන්නව අනේ...කෝ දෙන්නකො"

දිවාෂ හිනාවෙවී කියද්දි දිවාෂගෙ අතකින් අල්ලගත්තු ඉන්දීප ඒ ලගම තිබ්බ කොහොඹ ගහක් යටට ගියේ අව් රශ්මියෙන් බේරෙන්න.දිවාෂ එක්ක හිනාවුණු ඉන්දීප තමන්ගෙ කලිසම් සාක්කුවට අතදාලා බුලත් කොලයක් එලියට ගනිද්දි දිවාෂ මහා කුපාඩි බැල්මක් දාගෙන ඉන්දීප දිහා බැලුවා.

"විටක් කන්නද ඒයි යන්නෙ? කමු කමු....මමත් කාලම නෑ"

"නෑ නැ"

"එහෙනම්? බාබුල්ද ඒයි?"

"ඔයා ඔව්වා යූස් කරනවද දිවාෂ මල්ලි?"

"යූස් කරනවනම් මෙච්චර උඩ පනියියෑ අනේ...මම හිතුවෙ ඔයා ඒව්වා දෙන්න යන්නෙ කියලා"

"මගෙන් ඔය ජරාවල් බලාපොරොත්තු වෙන්න එපා... ඔයාට එව්වා දීලා විනාස කරන්න ඕන්නැ  මට....මේක දෙන්න ඕනි උනේ...කෝ අත දෙන්න"

බුලත්කොලේ පරිස්සමට ඔතාගෙන ආව පිරිත් නූල අතට ගත්තු ඉන්දීප ඒක දිවාෂගෙ අතේ ගැටගහන හැටි දිවාෂ බලාගෙන හිටියෙ හරි කුතුහලෙන්.අන්තිමට නූල ගැටගහලා ඉවර උනු ඉන්දීප දිවාෂ එක්ක හිනා උනා.

"අපේ අම්මලා පෙරේදා මාතර පැත්තෙ පන්සලකට ගියා...ඒකෙ හාස්කම් තියේලු...අපල අනන් මනන් වලටත් හරියට කට්ටිය බාර වෙනවලු...මම ඔව්වා විශ්වාස කරන කෙනෙක් නෙවෙයි....ඒත් මට ඒ දේවල් විශ්වාස කරලා බලන්න හිතුනා"

"ආ....මට නූලක් ගෙනාවෙ? ඉන්දීප්පයියා ගැටගහන් නෑනෙ"

"ඔය පිරිත් නූලෙන් ඔය අමනුෂ්‍ය බලපෑම් උනත් වැලකෙනවලු....දිවාෂ මල්ලි ඉන්නෙ ඇතුලෙ ගමකට වෙන්නනෙ....මේ ටවුන් එකේම ඉන්න මට වඩා ඔව්වා ඕනි වෙන්නෙ ඔයාට"

"අපේ ගමේ හොල්මන් නෑ ඒයි...හැබැයි මහසෝනා නම් ඉන්නවා....මහසෝනා මහතුන් මාමට ගැහුවත් එක්ක එකපාරක්"

දිවාෂ කතා කරන විදිය ඉන්දීප බලන් හිටියෙ හරි වේදනාවෙන්.තෙවින් කිව්ව දේ ඒ හැටියටම විශ්වාස නොකලත් දිවාෂට යම් අමනුෂ්‍ය බලපෑමක් ඇති කියලා ගම් වල ඉන්න යක්කු භූතයො ගැන තමන්ගෙ අත්තම්මගෙන් අහගත්තට පස්සෙ ඉන්දීපගෙ හිතට කා වැදිලා තිබ්බා.අම්මලා විතරක් ගියා කියලා දැන් කිව්වට මාතර ඔය කියන පන්සලේ හාස්කම් ගැන ඇහුවට පස්සෙ ඒ ගමන් ඉන්දීපත් ගියා වගේම ඒ හාමුදුරුවන්ට කියලා විශේෂයෙන් ජීවං කරගත්තු පිරිත් නූලකුත් ඉන්දීප දිවාෂ වෙනුවෙන්ම අරං ආවා.

"ඔයා පරිස්සමින් ඉන්න දිවාෂ මල්ලි.....ඕක සති දෙකක් යනකල් ගලවන්න එපා හොදද?"

"ඔයා මට වශී ගුරුකමක්වත් කලාද ඉන්දීප්පයියෙ?වසී ගුරුකම් කරන්න ඕන්නෑ අනේ....ඔයාට මම උම්....."

දිවාෂ කියන්න ගිය එක නැවතුනේ ඉන්දීපගෙ පිටිපස්සෙන් මතු වුනු තෙවින්ගෙ සැරපරුෂ මූණ හන්දා.තත්පර ගාණක් ගල් වෙලා වගේ හිටිය දිවාෂ නවත්තපු තැනින් කතාව පටන් ගත්තෙ ටිකක් නටන ගමන්.

"උම්....ඌහ්....ඌහ්....ඌහේ.....ඌහ්හ්හ්....ඌහේ...මකේබා...මකේබා...මකේ බෙල්ලා.....මම යනවා.... ඌහ්.... මකේබා...."

ඉන්දීපට හිතාගන්නවත් වෙලාවක් නොදුන්නු දිවාෂ උඩ පැන පැන දිවාෂලාගෙ පන්ති පැත්තට දුවං යන විදිය බලන් හිටිය ඉන්දීපටයි තෙවින්ටයි එකපාරම හිනා ගියේ දිවාෂගෙ දිවිල්ලෙ තිබ්බ ලස්සන නිසා.ඉන්දීපත් දිවාෂ දිහා බලාගෙන හිනාවෙනවා දැක්ක තෙවින් අත පුරෝලා ඉන්දීපගෙ පිට හරහා පාරක් ගහද්දි තෙවින් ඒ ගැහුවෙ යාලුකමට කියලා හිතුව ඉන්දීප තෙවින්ගෙ කරට අතක් දාන් තමන්ගෙ පන්ති පැත්තට ඇවිදන් ගියා.

"නේත්‍ර....ඩියුටි යන්න පුලුවන්ද ඔයාට?"

"පුලුවන් දිවාෂ....නොයා බෑනෙ.යමු....ආර්ය ඔයා පරිස්සමට යන්න එහෙනම්"

"හරි නේත්‍ර....දිවාෂ නේත්‍රව බලාගන්න හොදේ...ඔලුවෙ කැක්කුම තාම අඩු නෑ"

"මම බදින්න හිටිය මිනිහා ගැන මට උගන්නන්නෙ නැතුව පලයං ආර්ය යන්න...දෙන්නෙ උබට ගුටියක්!"

නේත්‍රත් එක්ක පන්තියෙන් එලියට ආව දිවාෂ තමන් දෙන්නට අදාල පන්ති වලට යද්දි නේත්‍රත් රාජකාරිය කරන්නම ඕනි නිසා ඒ පැත්තට ඇදුනා.මොකද්දෝ මංදා අවුල් සහගත හැගීමක් නේත්‍රගෙ හිතට දැනෙන්න පටන් අරං දැන් සෑහෙන වෙලාවක් වෙලා තිබ්බා.ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර ඉක්මනටම ගෙදර යන්න ඕනි කියන එකම හිතේ තියං ගාථා කියන්න ගත්තෙ තමන්ගෙ හිතේ සුදුබේබිගෙ රූපෙ ඇදෙද්දි.

"බබාලා යංද....නේත්‍ර බබාගෙ මූණ මොකෝ මැළවිලා වගේ?"

"හිතට හරි නෑ කිව්වා දෙනෙත් අයියෙ එකපාරටම....මේකා මෙහෙම ඉද්දි මටත් අවුල්"

"අපි ඉක්මනට යංකො ගෙදර"

දෙනෙත්ගෙයි තෙවින්ගෙයි මැද්දෙන් ඔලුවත් වන වන ඇවිදන් එන නේත්‍රගෙ ඉස්සරහින් පිටිපස්සෙන් පිටිපස්සට ඇවිදන් ආව දිවාෂ ලමයිගෙ ඇගේ හැප්පුනත් තමන්ගෙ ගමන නැවැත්තුවෙ නැහැ.පොල් ගස් දෙක වගේ උසට උසේ ඉන්න දෙනෙත්ගෙයි තෙවින්ගෙයි මැද්දෙ බිමත් බලන් බෑගයේ පටි දෙකත් රෝල් කර කර එන නේත්‍රව සෑහෙන්න පුංචියට පෙනුනා.බිම බලන්ම ආව නේත්‍ර ආශවව නොදැක්කත් පාසල් ගේට්ටුව දිහාවටම ඇස් යොමු කරං උන්නු ආශවනම් නේත්‍රව දැක්කා.පාසල ඉදිරිපිට තාප්පෙට හේත්තු වෙලා නේත්‍ර දිහා බලන් උන්නු ආශව දැක්කෙ නේත්‍ර එකපාරටම ඔලුව උස්සලා එහෙ මෙහෙ බලන වග.

"ඇයි නේත්‍ර පැටියො?"

"නේත්‍ර මල්ලි ඇයි?"

"චූචියො ඇයි කලබල උනේ?"

"ස්....සුදුබේබි....සුදුබේබි මේ හරියෙ ඉන්නවා වගේනෙ"

නේත්‍ර ඉස්සි ඉස්සි කිව්වත් ලොකු ලමයි ගොඩාරියක් මැද්දෙ හිටිය නේත්‍රට පැහැදිලිව වටපිටාව පෙනුනෙ නැහැ.ඒත් හුලග එක්ක මුහු වෙලා ආව සුදුබේබිගෙ සුවද නිසා හෝ වේවා,සුදුබේබි ලග පාතක ඉද්දි දැනෙන ඒ අමුතු උණුහුම් ගතිය නිසා හෝ වේවා නේත්‍රට ආශව මේ හරියෙ ඉන්න වගක් දැනෙන්න ගත්තා.සෑහෙන්න තදින් බැදිලා හිටිය මේ දෙන්නට එහෙම දෙයක් නොදැනුනානම් තමයි ඒක පුදුමයකට කාරණයක් වෙන්නෙත්.

"ඌ කොහෙද මෙහෙ චූචියො"

"කකුල එක්ක ආශවට යන්න එන්න බෑනෙ පැටියො"

"ඒකනෙ නේත්‍ර මල්ලි....ආශවට ඇවිදින්නවත් හොද නැති එකේ...."

"අර! අර ඉන්නෙ මගෙ සුදුබේබි! මම කිව්වෙ සුදුබේබි ඇවිල්ලා!!!"

ආශව ඉන්න තැන හොයාගත්තු නේත්‍ර ලමයි අතරින් වේගෙන් දුවං ගිහින් ආශව ලගට කිට්ටු වෙද්දි ආශව තමන්ගෙ කකුල හෙමීට තිය තිය නේත්‍ර ලගට ඇවිදන් ආවා.ආශවට තුරුල් වෙන්න බැරි නිසා ආශවගෙ ලොකු අත තමන්ගෙ පුංචි අතින් පුළුවන් තරම් තද කරලා අල්ලගත්තු නේත්‍ර ආදරේ පිරුණු ඇස් දෙකෙන් ආශව දිහා බලල හිනා උනා.නේත්‍රගෙ ඔලුව උඩින් තමන්ගෙ අත තිබ්බ ආශව මෙච්චර වෙලා හෙව්ව සැනසීම විඳිද්දි අනික් තුන් දෙනත් ආශව ලගට දුවං ආවෙ මේ වෙලාවෙ ආශව මෙතන මොකද කරන්නෙ කියලා තේරුනේ නැති නිසා.

"උඹ මොකෝ මෙතන කරන්නෙ?"

"ආශව ඔයාගෙ කකුල.....ඒක එක්ක මෙහෙම ආවෙ ඇයි?"

"උඹේ ඔය කකුල හොද වීගෙන ආවා විතරයි නේත ආසව?"

"මොකක් හරි ප්‍රශ්නයක් උනාද සුදුබේබි? ම්ම්ම්?"

නේත්‍ර දිහා බැලුව ආශව ඔලුව උඩ පහල කරද්දි නේත්‍ර ආශවගෙ අත තව ටිකක් තදින් අල්ලගත්තා.සුදුපාටින් මහ මගම පිරිලා තියෙද්දි පාසල් මාවත තනිකරම හරි කාර්‍යබහුලත්වයක් උසුලන තැනක් බවට පත් වෙලා තිබ්බා.කවදාවත් මේ වගේ අපිලිවෙලට ඉස්කෝලෙ ලගට තියා ටවුමටවත් නොයන ආශව අද ඇවිත් තිබ්බ විදිය අනික් තුන් දෙනාටම ලොකු කුතුහලයක් වෙද්දි නේත්‍රනම් ආශවගෙ බාහිරට අවධානය නොදී ආශවගෙ ඇස් අස්සෙ තියෙන වේදනාවට අවධානෙ දීලා තිබ්බා.

"අපි යමු සුදුබේබි"

"ගෙදර යන්න බෑ නේත්‍ර දැන්මම....මට බෑ"

"හරි සුදුබේබි....ගෙදර යන්න ඕන්නෑ.....අපි වෙන කොහෙ හරි යමු"

"හා නේත්‍ර"

නේත්‍රගෙ අත හයියෙන් අල්ලන් බිම බලන් හිටිය ආශව දිහා බලලා නේත්‍ර කල්පනා කලේ මේ වෙලාවෙ කොහෙට යන්නද කියන එක.ටික වෙලාවක් කල්පනා කෙරුව ආශව දිවාෂට මොනාහරි මුමුණලා ආශවගෙ අතින් අල්ලන් පාර පනිද්දි නේත්‍ර දිහා බලන් හිටිය දිවාෂ අනික් දෙන්නටත් මොනාහරි කියන ගමන් ගෙදර යන්න පිටත් වුණා.

"මේ බස් එකට නගිමු සුදුබේබි"

"හා....."

"කොහෙද යන්නෙ කියලා අහන්නැද්ද සුදුබේබි මගෙන්?"

"නේත්‍ර යන ඕනිම තැනකට මම යන්න කැමතියි"

"හිත නිවාගන්න පුළුවන් තැනකට යන්නෙ....යමුකො අපි"

"හා නේත්‍ර"

ආශව එක්ක බස් රථයට ගොඩ වුනු නේත්‍ර හිස් වෙලා තිබ්බ ආසනේකින් ආශවව ඉන්දෙව්වෙ ආශවගෙ කකුලෙ ප්‍රශ්නෙ නිසා.වෙනදා වගේ නේත්‍රව ඉන්දවන්න පෙරැත්ත නොකල ආශව සද්ද නැතුව ආසනෙන් ඉදගෙන නේත්‍රගෙ බෑගය තමන්ගෙ ඔඩොක්කට ගත්තා.බෑගයට අතදාලා සල්ලි ගත්තු නේත්‍ර දෙන්නටම හරියන්න ටිකට් ගනිද්දි ආශව හෙමින් සැරේ නේත්‍රගෙ බඩට තමන්ගෙ ඔලුව හේත්තු කරගත්තා.බස් රථයෙ හිටිය සෙනග එක්ක ඒ දේ කාටවත් වැඩි ගාණක් නොවෙද්දි නේත්‍රත් හෙල්ලෙන්නෙ නැතුව ඉන්න ලොකු උත්සාහයක් දැරුවෙ ඒකෙන් ආශවට බාධාවක් වෙයි කියලා හිතලා.

"සුදුබේබි බහිමු"

බස් නැවතුම්පලෙන් ආශවව නැගිට්ටවගත්තු නේත්‍ර බසයෙන් බැහැගනිද්දි නේත්‍රගෙ බෑගය අල්ලගත්තු ආශවත් නේත්‍රගෙ පිටිපස්සෙන් ඇවිදන් ආවා.ආශව ඉන්නෙ හරි සිහියකින් නෙවෙයි කියන එක නේත්‍රට හොදටම තේරිලා තිබ්බ හන්දා නේත්‍ර ආශවව පාරෙ ඇතුල් පැත්තට කරලා තමන් පාර අයිනෙන් ඉදිරියට ඇවිදන් ගියා.බස් නැවතුම පහු කරලා පාර දෙපැත්තෙම වැවිලා තියෙන රූස්ස ගස්ගොල්ල මැද්දට පය ගහද්දිම ආශවගෙ වගේම නේත්‍රගෙත් ඇස් පියවිලා ගියේ ඒ දැනුනු අමුතුම සනීපෙට.

"සුදුබේබි.....අපි මෙතනින් කාලම යමු"

"බඩගිනි නෑ නේත්‍ර මට"

"සුදුබේබි....මට බඩගිනියිනෙ"

"එහෙනම් කමු....මාත් උදේ ඉදන් කාලා නෑ"

ආශව කන්න බෑ කියද්දි නේත්‍ර දාන්න පුලුවන් හොදම තුරුම්පුව දැම්මා.හිතුවා වගේම ඒ දේට අහු උනු ආශවත් කෑම කන්න එකඟත්වය පල කරද්දි දෙමහල් සුදුපැහැ ගොඩනැගිල්ලක පහල මාලයට ගොඩ වුණු නේත්‍ර තමන්ගෙ අතේ තිබ්බ සල්ලි වලින් කෑම දෙකකුත් අරං ඒ ගොඩනැගිල්ලෙම දෙවනි මහලට ගොඩ වුණේ එතැන ඕනිම කෙනෙක්ට නිදහසේ කන්න බොන්න සකසලා තිබුනු තැනක් නිසා.

ආශවගෙ අතින් අල්ලන් දෙවනි මහලට ගොඩ වුණු නේත්‍ර එතන හොද හෙවනක් තියෙන තැනකට ගිහින් ඒ සිමෙන්ති බංකුවෙන් ආශවවත් ඉන්දවලා තමනුත් ඉදගෙන සිමෙන්ති දිගු මේසය උඩින් බත් දෙක තියන ගමන් අත සෝදගන්න ඒ මහලේම ටිකක් එහාට වෙන්න තිබ්බ ජලකරාමය ලගට ගියා.අත් සෝදන් ආව නේත්‍ර ආශව ලගින් ඉදගෙන කෑම කවන්න සූදානම් උනේ ආශව ඉන්න තත්වෙ ගැන හොදාකාරවම දන්න නිසා.ප්‍රශ්නයක් වෙලා මානසික තත්වය බිඳ වැටුනත් ශාරිරික තත්වය හරි හොදින් තියාගන්න උත්සාහ දරන එක හොද දෙයක් කියලා නේත්‍ර තේරුම් අරං හිටියා.මොන දෙයක් කතාබහ කරලා දැනගන්නත් ආශව කෙලින් කටින් ඉන්න ඕනි නිසා බලෙන් හරි නේත්‍ර ආශවට මේ කෑම ටික කවන්න තරයේ අධිෂ්ඨාන කරගත්තා.

"ශා....මේ සුදුබේබි ආසම ජාති තියේ"

බත් එක දිගෑරපු නේත්‍ර කියද්දි ආශවත් හෙමින් සැරේ බත් එකට එබුණා.බණ්ඩක්කා තෙල් දාලා,ගොටුකොල සම්බෝල,පරිප්පු,බීටෲට්,මස් කරියක් එක්ක පපඩම් වගේම බැදපු මිරිස් වලින් සමන්විත කෑම වේල දිහා බැලුව ආශව ඔලුව උඩ පහල වැනුවා.වතුර උගුරක් බොන්න දීලා බත් කටක් ඇනුව නේත්‍ර ඒක හෙමින් සැරේ ආශවගෙ කට ලගට ලං කරද්දි ආශව මුකුත්ම නොකියා බත් කට ගිල්ලා.මාරුවෙන් මාරුවට ආශවට බත් කටයි තමන්ට බත් කටයි අනාගත්තු නේත්‍ර පුංචි බබෙක්ට කවනවා වගේ බත් දෙකම කවලා ඉවර කරවගත්තා.

"තුනහමාරයි සුදුබේබි....යං"

"හා යං"

නේත්‍රගෙ බෑග් එක තමන්ගෙ කරට දාගත්තු ආශව නේත්‍ර එක්කම නැගිටිද්දි හිනා වෙලා ආශවගෙ අතින් බෑගය ගත්තු නේත්‍ර ඒක තමන්ගෙ කරේ එල්ලගත්තෙ ආශවගෙ කකුල ගැන හිතලා.හෙමින් සැරේ ආශවව පාරෙ ඇතුල් පැත්තට කරගෙන පරිස්සමින් ඇවිදන් ආව නේත්‍ර ටිකෙන් ටික තමන් යන්න හිතන් ආව තැනට ලං වෙද්දි ලොකු හීතල හුලගක් ඇගේ වදින්න ගත්තා.ඒ කිසිම දේක වගේ වගක් නැති උනු ආශව බිම බලාගෙනම නේත්‍ර එක්ක ඇවිදන් යද්දි ගස් වලින් ආවරණය වෙලා තිබ්බ ගල් බංකුවක් ලගින් නැවතුනු නේත්‍ර ආශව එක්ක හිනා වුණා.

"ඉදගන්න සුදුබේබි"

"ඕහ්! වැව රවුම!"

බංකුවෙන් ඉදගන්න ගමන් ආශව මුමුණද්දි නේත්‍ර ලස්සනට හිනා වුණා.මාර්තු මාසෙ නිසාමද කොහෙද බීරිම් ගතියක් ආහාකෙට එක්කාසු වෙන්න ගනිද්දි මුළු නුවරම අඩ අන්ධකාරෙන් වැහිලා ගිය විදියට නේත්‍ර වගේම ආශව හරියට ආසා කලා.නේත්‍රගෙයි ආශවගෙයි දෙන්නගෙම ආසම පරිසර තත්වෙ බීරිම් ගතිය වෙද්දි හවස හතරවත් පහු වෙලා නැති උනාට බීරිම් ගතිය නිසා හවස පහත් පහු වුණු ගතියක් නුවර පරිසරේ ඉහිලුවා.

"සුදුබේබිගෙ කකුල වේදනා නැද්ද?"

"ඒකෙ වේදනාව ඒ හැටි තේරෙන්නෑ නේත්‍ර පපුවෙන් එන වේදනාව නිසා"

"මොකද්ද උනේ සුදුබේබි?"

"මගෙ හිතට හරි නෑ නේත්‍ර....."

"මහ මුදියන්සෙද?"

"හ්ම්ම්ම්...."

"අද මොනාද කිව්වෙ සුදුබේබි?"

"බිස්නස් භාරගන්න ලෑස්ති වෙන්න කියලා වද දෙනවා නේත්‍ර....මම ඒ දේට අකමැති වග දැන දැනම ඒකම කරන්න බල කරනවා....."

"මොකද්ද උනේ? ම්ම්ම්ම්?"

තමන්ට ඉස්සරහින් පේන නුවර වැව දිහාම බලන් උන්නු ආශව පොත් බෑගයට වහං වෙලා තියෙන නේත්‍රගෙ අතේ තමන්ගෙ ඇගිලි පැටලෙව්වා.

"අදත් මම එක්ක කතා කරන්න ආවා....ක්‍රිකට් ගැහුවට කමක් නෑලු.ඒත් බිස්නසුත් බලාගන්න ඕනිලු.....නැත්තං මගෙ ගමන නවත්තන්න දෙපාරක් හිතන්නෑලු...මාව වැදුව අප්පච්චි කියලා එයාට පුලුවන්ද එහෙම මගෙ ජීවිතේ තීරණ ගන්න?"

"හුගක් දෙමව්පියො වරද්දගන්න තැනක් ඔතන සුදුබේබි...ලමයිව හැදුව වැඩුවා කියලා ලමයි හැදෙන්න ඕනි තමන්ට ඕනි විදියට,දරුවො යන්න ඕනි ගෝල්ස් එයාලා පෙන්නන ඒවා කියලා හිතාගෙන දෙමව්පියො දරුවන්ට බලපෑම් කරන්න ගන්නවා....ලමයා මේ දේට කැමතිද අකමැතිද කියන එකවත් නොහිතා තමන් කරන දේ හරියි කියලා හිතාගෙන දරුවන්ගෙ ජීවිත තීරණය කරන්න ගන්නවා"

"ඒකනෙ නේත්‍ර....ස්කූල් ඉවර වෙනකං මම මේ බේරිලා ඉන්නෙ....ස්කූල් අවුට් උනාම මගෙ ආසාව තියෙන්නෙ ක්ලබ් එකකට බැදෙන්න.මගෙ හීනෙට යන්නනම් මම අඩියෙන් අඩිය තියන්න ඕනිනෙ නේත්‍ර...."

"ඔව් සුදුබේබි...."

"ඉතින් අප්පච්චිගෙ කතාවෙ හැටියට මට ක්ලබ් එකකටවත් ජොයින් වෙන්න වෙන එකක් නෑ වගේ....ඒලෙවල්ස් ඉවර කරපු ගමන් එයාගෙ බිස්නස් භාරගන්න කියයි මට"

"අපේ හීන වලට යන්න පුංචි බොරුවක් කිව්වට පවු සිද්ධ වෙන එකක් නෑ සුදුබේබි.....කැම්පස් ගිහින් ආවට පස්සෙ බිස්නස් භාරගන්නවා කියලා අපි මහ මුදියන්සෙට කියමු....ඒකෙන් තව අවුරුදු හතරක් සුදුබේබිට කාලෙ හම්බෙනවා"

"නේත්‍ර.....මට කැම්පස් යන්න උවමනාවක් නෑ ඇත්තටම.කොහොමත් ක්‍රිකට් එක්ක මට කැම්පස් ලයිෆ් එක බැලන්ස් කරන්න වෙන එකක් නෑ....මම ක්‍රිකටර් කෙනෙක් වෙන්න හීන දකින්නෙ....එතකොට මම කොහොමද ඉගෙන ගන්න වැඩ වලට ෆෝකස් කරන්නෙ?"

"සුදුබේබි.....ඇමරිකන් ක්‍රිකට් ටීම් එක අලුත් ටීම් එකක්.....එයාලගෙ ලීඩර් ෆුල් ටයිම් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්....පාට් ටයිම් ක්‍රිකටර් කෙනෙක්.....එහෙම වෙලත් එයාලා ඉන්ටනැෂනලි ප්ලේ කරනවා .....සුදුබේබිටත් බැරි වෙන එකක් නෑ කැම්පස් වැඩ කරගන්න....අනික අමතක කරන්නෙපා සුදුබේබි....මමත් ඉන්නව සුදුබේබිට"

"මම දන්නවා නේත්‍ර ඒක.....ඒත්...."

"කිසිම දෙයක් ඒත් කියලා හිතන්නෙපා සුදුබේබි.....මම ඉන්නවා සුදුබේබි එක්ක....ඒ නිසා සුදුබේබි බය වෙන්න එපා....මට පුළුවන් සුදුබේබිට ඒ වැඩ දෙකම බේරගෙන සුදුබේබිගෙ හීනෙට යන්න උදව් කරන්න"

"ඔයා ලග ඉන්න නිසා තමා නේත්‍ර මම බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්නෙ....නැත්තං මම මෙලහකට ජීවිතේ අතෑරලා දාලා"

"මම ඉන්නවනෙ සුදුබේබි....සුදුබේබි ක්‍රිකට් පැත්තෙන් ඉස්සරහට යන හන්දා සුදුබේබිට ක්ලාස් ඩිග්‍රි එකක් අනිවාර්‍ය නැහැනෙ....ජෙනරල් එකක් තිබ්බත් කමක් නෑ....සුදුබේබිට අන්න එහෙම හරි කරගන්න කැම්පස් යන්න වෙනවමයි....මොකද නැත්තං මහ මුදියන්සෙ සුදුබේබිව හිර කරනවා"

"නේත්‍රගෙ කතාවෙත් වරදක් නැහැ....මම එහෙම කරන්නම්....."

"හැම ප්‍රශ්නෙකටම විසදුමක් තියෙනවා සුදුබේබි.....සුදුබේබි තැනකට එනකං අපි මහ මුදියන්සෙව විරසක කරං බැහැ...සුදුබේබිම දන්නවනෙ මහ මුදියන්සෙට තියෙන බලේ"

"ඔව් නේත්‍ර.....ඒත් මට අප්පච්චි විටින් විටේ ඇවිත් මාව තලලා දාලා යන එක දරන්න බැහැ....මම මේ ලෝකෙට ඉපදුනේ අප....."

"රත්තරනේ....මගෙ සුදුබේබි,ඔහොම කියන්න එපා.....සුදුබේබි ඉපදුනේ වෙන මොකක් නිසාවත් කියලා හිතන්න බැරි නම් හිතන්න සුදුබේබි ඉපදුනේ මම නිස කියලා.....නේත්‍ර වෙනුවෙනුයි සුදුබේබි ඉපදුනේ....සුදුබේබි ඉපදුනේ නැත්තං නේත්‍රත් ඉපදෙන්නෙ නැතිව ඉන්න ඉඩ තිබ්බා....ඉපදුනත් ජීවත් නොවී ඉන්න ඉඩ තිබ්බා.ඒ නිසා ඔහොම කතා කියන්න එපා සුදුබේබි.මට දරන්න බැහැ"

"මේ ලෝකෙ මට ආදරේ කරපු,කරන එකම කෙනා නේත්‍ර විතරයි....මාව මේ ලෝකෙට බිහි කල අම්මවත් නේත්‍ර තරම් මට ආදරේ කලේ නැතුවැති"

"එහෙම කියන්නෙපා සුදුබේබි.....අම්මෙක් ලග තමා මේ ලෝකෙ දරුවෙක්ට තියෙන ලොකුම ආදරේ තියෙන්නෙ"

හුලඟට ලාවට රැලි ගහන නුවර වැව දිහා නේත්‍රයි ආශවයි බලාගෙන හිටියා.මාලිගාවට යන්න පුළුවන් වෙලාව පහු වෙලා තිබ්බ හන්දා නේත්‍ර මාලිගාවට නොයා ආශවව මෙතනට එක්කං ආවා.නුවර වැව රවුම කියන්නෙ පෙම්වතුන්ගේ ආදරණීය තෝතැන්නක් උනාට අද නේත්‍රයි ආශවයි මෙතනට ආවෙ සැනසීමක් හොයාගෙන.හරි නිස්කලංකෙට කැලැත්තෙන වැව් වතුරෙ හඩ විතරක්ම මෙවෙලෙ ප්‍රබලව ඇහුනෙ සතියෙ දවස් වලට නුවර වැව රවුම ලග ගැවසෙන පිරිස අඩු උනු නිසා.නේත්‍රගෙ ඇඟිලි වල පැටලිලා තිබ්බ ආශවගෙ අතේ ග්‍රහණෙ වැඩි වෙනවත් එක්කම නේත්‍ර ආශව දිහා බැලුවා.

"අම්මා හිතලමයි මාව දාලා ගිහින් තියෙන්නෙ නේත්‍ර"

"ම්....මොකක් සුදුබේබි?"

ආ‍යෙමත් ආශව නුවර වැවේ වතුර දිහාම බලන් හිටියා.නිල් කැටයක් වගේ තියෙන වතුර ගොන්න නිල් මැණික් කැට කපන්න තරම් ඝනකම් ඇති කියලා හිතෙන තරමට ඒ වැව් වතුර වල දිස්නයක් තිබුණා.ඉර එලිය වැටිලා තියෙන වෙලාවට කැඩපතකට එලිය වැටුනා වගේ වැව් වතුර දිලිහෙන හැටි නේත්‍ර මීට කලින් දැකලා තිබ්බා.ආශවගෙ ලොකු අතේ හිර වෙලා තිබ්බ තමන්ගෙ චුට්ටං අතේ ඇගිල්ලක් එලියට ගත්තු නේත්‍ර,ආශවගෙ නහර පිරුණු පිටිඅල්ල ඒ ඇඟිල්ලෙන් ස්පර්ශ කරන්න ගත්තා.ආශවම ආයෙ හිතලා වචන එලියට දානකං නේත්‍ර ආශවට බලපෑම් කරන්න ගියේ නැහැ.

"ඔව් නේත්‍ර.....අම්මා නැති වෙලා තියෙන්නෙ හදිස්සියෙ නෙවෙයි....එයාට අසනීපයක් තිබිලා තියෙනවා"

"හරි සුදුබේබි....ඊට පස්සෙ?"

"ඒක සෛල විකෘති වීමක් වගේ දෙයක්ලු....කැන්සර් එකක් නෙවේ....ඒකට සමානයි....ඒත් මගෙ ජීවිතේ මම දැනගත්තු හොදම විහිලුව කියන්නෙ ඒක බේත් වලින් සනීප කරන්න පුලුවන් එකක්ලු"

"මොකක්! එතකොට සුදුබේබි....."

"ඔව්....අම්මා හිතලමයි බේත් කරන්නැතුව ඉදලා අකාලෙ මැරිලා තියෙන්නෙ....එයා හිතලමයි නේත්‍ර මාව දාලා ගිහින් තියෙන්නෙ"

"එ...ඒත් සුදුබේබි ඉපදිලා එතකොට....ම්...මැණිකෙට තිබ්බා සුදුබේබි වෙනුවෙන් ජ්....ජීවත් වෙන්න"

"ඒ වගේ මිනිස්සු වෙනුවෙන් ඔයාගෙ ඇස් වලින් කදුළු ගලන්න ඕනි නෑ නේත්‍ර......මම ලගදි අප්පච්චිගෙ ඔෆිස් රූම් එකට ගිහින් ෆයිල් බන්ඩ්ල් එකක් හෙව්වා.මම කරන පේපර්ස් පිලිවෙලකට දාගන්න....කබඩ් එකක අස්සක් අදිද්දි ලියුම් වගයක් හම්බුනා....මම දන්නවා අනුන්ගෙ ලියුම් කියවන්න හොද නැහැ කියලා.ඒත් මම ඒක කියෙව්වෙ අප්පච්චිගෙ වැරැද්දක් තියේනම් ඒක හොයාගන්න....ඒ ලියුම් අම්මා ලිව්ව ඒවා....."

"ඒවගෙන්ද සුදුබේබි ඔව්වා හොයාගත්තෙ?"

"ඔව් නේත්‍ර.....අම්මා ඒ හැමදේම පුංචි අම්මට ලියලා යවපුවා....මම දන්නෑ එව්වා අප්පච්චි ලගට ගියේ කොහොමද කියන්න....එව්වගෙ තියෙනවා එයාගෙ අසනීපෙ ගැන,අප්පච්චි එයාට බේත් පවා අරං දුන්නු එක ගැන.....එ වගේම එයා බේත් නොවී මගෑරපු එක වගේම ඒකට හේ....හේතුව"

"ස්....සුදුබේබි?"

"මගෙ අම්මා කියන මනුස්සයා ලියලා තියෙනවා....'දවසක පුංචි ඉරුගල්බණ්ඩාර කෙනෙක් වෙන මගෙ ලමයා එක්ක ඉදලා තවත් විඳවන්න මට ඕනි නැහැ....ලමයා අප්පච්චිටත් වඩා ජ්.....ජරා මිනිහෙක් වෙයි කියලා මට විශ්වාසයි.....මොකද ආ....ආශවගෙ ඇගේ දුවන්නෙත් ඉරුගල්බණ්ඩාර ලේ' කියලා....ම්....මගෙ අම්මටම මාව ජරා මිනිහෙක් වෙලා නේත්‍ර"

"සුදුබේබි! මගෙ සුදුබේබි ජරා මනුස්සයෙක් නෙවෙයි....මගෙ සුදුබේබි එහෙම නැහැ!"

ආශව ලගට ලං වුණු නේත්‍ර දැඩි ආවේගෙකින් කියද්දි වටපිට බැලුව ආශව නේත්‍රගෙ කන් පෙත්තක් මතින් හාද්දක් තවරද්දි නේත්‍ර ටිකක් සන්සුන් උනා.ලේසියකින් කේන්තියක්,ආවේගයක් පේන්නෙ නැති නේත්‍රගෙ ඇස් වලින් සුදුබේබිට අවැඩක් වෙන දෙයක්,කතාවක් කිව්වොත් ඒ දේවල් තත්පර ගාණකින් පෙන්නුම් කරන්න ගන්න වග ආශව දැකලා තිබ්බා.ආශවගෙ අත තද කරලා අල්ලන් හිටිය නේත්‍ර ටික වෙලාවකින් ආශවගෙ අත ආයෙමත් පිරිමදින්න ගනිද්දිනම් බීරිම් ගතිය සෑහෙන්න වැඩි වෙලා මුළු නුවරම අදුරු කරලා තිබ්බා.

"ඒ ලොකු මැණිකෙ ජීවත් උනානම් අද දැනගනියි තමන්ගෙ පුතා කොයි තරම්නම් වැදගත් මහත්මයෙක්ද කියලා....මහ මුදියන්සෙගෙ තියෙන කිසිම වරදක් තමන්ගෙ පුතාගෙ නැහැ කියලා....එ...එයා හිටියනම් ආඩම්බර වෙයි ආශව තිදස්වර කියන්නෙ තමන්ගෙ පුතා කියන එක හිතලා....එයා අවාසනාවන්තයි සුදුබේබි...එයා හුගාක් අවාසනාවන්තයි මේ ලෝකෙ ඉන්න හොදම වැදගත්ම ලමයෙක් තමන්ගෙ ඇස් ඉස්සරහ ලොකු මහත් වෙන එක නොදැක ඉන්න තරම්"

"ඒ හැමදේම ඔයාගෙ ආදරේ නිසා උනු දේවල් නේත්‍ර....මම මිනිහෙක් උනේ ඔයා නිසා....දවසක මම ඔයාගෙ අතින් අල්ලන් මුළු ලෝකෙටම ඇහෙන්න ඒක කියනවා"

"කියමුකො සුදුබේබි දවසක.....මම සුදුබේබි අතින් හයියෙන් අල්ලන් ඉන්නම් එදාට"

නේත්‍රගෙ කම්මුල් වල ගැලුව කදුළු කැට පිහිදලා දැම්ම ආශව නේත්‍රගෙ ආදරේ පිරුණු ඇස් වලින් තමන්වම පේන හැටි බලාගෙන හිටියා.දවසෙ දහස් වෙනි වතාවටත් නේත්‍රව තමන්ට දුන්නු දෙවියන්ට ස්තූති කරපු ආශව ආයෙමත් ලොකු හුස්මක් පහල දාලා නේත්‍රගෙන් ඇස් අහකට අරගෙන නුවර වැව මත්තෙ ඇස් දෙක අලවගත්තා.

"පුංචි අම්මට ඒ කාලෙ කා එක්ක හරි එෆෙයා එකක් තිබිලා තියෙනවා නේත්‍ර....අම්මා ඒ ගැනත් පුංචි අම්මගෙන් අහලා තියෙනවා....අහල නෙවෙයි හරියටම කිව්වොත්,ඒ කෙනාට බැනලා තියෙනවා.පුංචි අම්මගෙ ඒ සම්බන්ධෙ අවුරුදු ගාණකට කලින් කැඩිලා මම හිතන්නෙ...හැම පිරිමියම එකයි කියන මානසික මට්ටමෙන් උන්නු අම්මා පුංචි අම්මා යාලු වෙලා හිටි කෙනාටත් බැනලා තිබ්බා ඒ ලියුම් වල"

"අපේ ලොකු මැණිකෙ?"

"ඔව්....පුංචි අම්මා කැම්පස් පවා ගිය කෙනෙක්....මම හිතන්නෙ කැම්පස් එකේම කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්න ඇත්තෙ.එක අතකට බැලුවම පුංචි අම්මගෙ ජීවිතෙත් මම නි...."

"ඔය වගේ කතා කියන්නෙපා කියලා මම කිව්වනෙ සුදුබේබි...ඒ හන්දා එපා....සුදුබේබි නොදන්නවා උනාට ඔහොම කියන වාරයක් ගාණෙ මගෙ පපුව ඇදුම්කනවා"

"සමවෙන්න මැණිකෙ....ඔයාව අවුල් කරන්න හිතාන කිව්වා නෙවෙයි"

"මම දන්නවා සුදුබේබි....ඒත් සුදුබේබි ඔය හිතේ තියෙන ඔන්න ඔය වරදකාරී හැඟීමෙන් මිදෙන්න කාලෙ දැන් හරි....සුදුබේබි නිසා කිසිම කෙනෙක්ගෙ ජීවිත විනාස උනේවත්,අවුල් උනේවත් නැහැ"

බීරිම් ගතියක් තිබ්බට මේ පුංචි ආදරවන්තයො දෙන්නව තෙමන්න තිබ්බ ලෝභකමටද කොහෙද නුවර අහස වැහි බර තවමත් නිදහස් නොකර දරාන උන්නා.නේත්‍රගෙ බෑගය තමන්ගෙ උකුල උඩට ගත්තු ආශව නේත්‍රව තව ටිකක් තමන්ට ලං කරගත්තා.පිටින් බලන කෙනෙක්ට හොද මිතුරො දෙන්නෙක්ගෙ කතාබහක් වගේ පෙනුනට ඉලන්දාරි දෙන්නගෙ හදවත් ඇතුලෙ දැල්වෙන ආදරේ ගැන දැනන් හිටියෙ ඒ දෙන්නයි නුවර අහසයි විතරමයි.

"සුදුබේබි මෙඩිකල් යැව්ව නේද? මොනාහරි කිව්වද කවුන්සිල් එකෙන්?"

"ඔව්....මේල් එකක් එවලා තිබ්බා සනීප උනාම එන්න කියලා....තව සති කීයද නේත්‍ර....මට හරි බයයි...මාව එක්ස්ට්‍රා දායිද කියලා"

"නෑ සුදුබේබි....ඔතන හැකියාවනෙ බලන්නෙ.සුදුබේබි මේ දවස් ටිකේ ප්‍රැක්ටිස් නොගියට සුදුබේබි කියන්නෙ අවුරුදු දොලහෙ ඉදලම හොදටම ට්‍රේන් වෙලා ඉන්න කෙනෙක්....මම හිතන්නෑ සුදුබේබිට එහෙම දෙයක් කරයි කියලා"

"නේත්‍ර එහෙම කියනවනම් හොදක් වෙයි.....දැන්නම් සෑහෙන්නම අඩුයිනෙ....තව ටික දවසක් රෙස්ට් කලාම හරියයි"

"අද සුදුබේබි ඇවිද්ද හන්දා ටිකක් අමාරුව වැඩි වෙයිද දන්නෑ....මම ගෙදර ගිහින් තවන්නම්කො සුදුබේබිගෙ කකුල"

"නේත්‍ර ඕනිවටත් වඩා මහන්සි වෙනවා මම නිසා....මට හරි ලෝභයි නේත්‍ර ඔයාට වද දෙන්න.....මම ඔයාව ලං කරගත්තෙ මෙහෙම ඔයාට වද දෙන්න නෙවෙයි.ඔයාව මලක් වගේ බලාගන්න...සැප දෙන්න.ඒත් ඔයා නොසෑහෙන්න දුක් විදිනවා මම නිසා"

"මට ඔහොම උනානම්? සුදුබේබි මට සාත්තු නොකර ඉන්නවද?"

"එහෙම කියන්නෙ ඇයි? නේත්‍ර මගෙනෙ...මම කොහොමද නේත්‍ර ගැන නොබලා ඉන්නෙ?"

"ඒ දේමයි සුදුබේබි මටත් තියෙන්නෙ.....සුදුබේබි මගෙනෙ.ඉතින් මම කොහොමද සුදුබේබි ගැන නොබලා ඉන්නෙ"

"මගෙ මැණික"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව පුරුද්දට වගේ තමන්ගෙ අතේ මැණික් කටුව දිහා බැලුවෙ ඔරලෝසුව බලන්න උනාට හිස් උනු තමන්ගෙ අත දැක්ක ආශවට මතක් උනේ තමන් ඔරලෝසුවක් බැදන් ආවෙ නැති වග.ඒත් එක්කම නේත්‍රගෙ බෑගය බංකුව පැත්තකින් තිබ්බ ආශව තමන්ගෙ නළල මිරිකගත්තෙ ඇදන් හිටිය ඇදුම් වල තිබ්බ අපිලිවෙලට.පොඩි වෙලා ගිය ටී ෂර්ටයකට ඩෙනිම් කලිසම ඇදලා මෙලෝ කමකට නැතුව බාටා දෙකකුත් දාලා හිටිය ආශව නේත්‍ර දිහා අපහසුවෙන් බලද්දි නේත්‍ර හිනා වෙලාම ආශවගෙන් ඇයි කියලා ඇහුවා.

"මැණිකෙ මම ඇවිත් තියෙන හැටි බලන්නකො..... පිස්සෙක් වගේ....ඔයත් ලැජ්ජා වෙනවා මම කරන වැඩ නිසා"

"එහෙම කිව්වෙ කවුද සුදුබේබි? ම්ම්ම්?.....සුදුබේබි ඔහොම නෙවේ ගෙදෙට්‍ට ඇදන් ඉන්න සරම පිටින් ආවත් මම හැමෝම ඉස්සරහ සුදුබේබිගෙ අත අල්ලගන්න දෙපාරක් හිතන්නෑ"

නේත්‍ර කියද්දි ආශව නේත්‍රගෙ අත මිරිකුවා.ආශවගෙ ඇස් දෙකෙන් වෑහෙන ආදරේ දරන්න බැරුව නේත්‍ර තත්පර ගාණකට ආශවගෙ ඇස් දෙක තමන්ගෙ අතින් වහලා දැම්මා.ආශව හිනා වෙවීම නේත්‍රගෙ අත පාත් කරද්දි පුංචි එකා නුවර වැව මැද්දෑවෙ තියෙන පුංචි දූපතක් වගේ කොටස දිහා බලාගෙන හිටියා.තනිකර කොළපාට උනු ඒ පුංචි කොටස නුවර වැවට එක්කාසු කලේ අමුතුම ලස්සනක්.

"සුදුබේබි....."

"ම්ම්ම්......"

"සුදුබේබිගෙ නම මේ පාර ස්කොඩ් එකට දාන්න කෙනෙක් උදව් කලා කියලා දෙවින් අයියලාගෙ බාප්පා කිව්වා කියලා සුදුබේබි කිව්වෙ....ඒ කෙනා කවුද කියලා හොයාගත්තද?"

"ඔව් නේත්‍ර.....මම අද උදේ කෝල් කරලා දැනගත්තෙ විශාර අන්කල්ගෙන්"

"කවුද සුදුබේබි ඒ?"

"ම්ම්ම්.....ඒ උපාධ්‍යලාගෙ අප්පච්චි"

"ස්පෝට්ස් මිනිස්ටර්? ඒත් ඇයි සුදුබේබි? එයාලා සුදුබේබිව දන්නෙ නෑනෙ ලොකුවට....මහ මුදියන්සෙ අදුනනවද එයාලව?"

"අප්පච්චි දන්නවා ඇති නේත්‍ර එයාලව....ඒත් අප්පච්චිගෙ උවමනාවකට නෙවෙයි ඒක කරලා තියෙන්නෙ....මම හිතන්නෑ අප්පච්චි මගෙ ක්‍රිකට් සම්බන්ධ කිසිම දේකට මැදිහත් වෙයි කියලා....එයා කැමති නෑනෙ"

අවුරුදු ගාණක් තිස්සෙ වෙලා තියෙන දේවල් ගැන නොදැන උන්නු ආශව කියද්දි නේත්‍රත් ඔලුව වන වන ඒවා අහන් හිටියා.

"උපාධ්‍යා තමා මිනිස්ටර්ට කියලා මාව ස්කොඩ් එකට දාන වැඩේට උදව් කරල තියෙන්නෙ....විශාර අන්කල්නම් කිව්වෙ සිලෙක්ෂන් කමිටි එකේ කෙනෙක්ගෙ අදුනන ලමයෙක්ව ඇතුලට දාගන්න ඕනි හන්දා තමා මාව කපන්න හදලා තියෙන්නෙ....උපාධ්‍යලාගෙ අප්පච්චි නිසා ඒක වෙලා නෑ"

"හරි සුදුබේබි....ඒත් ඇයි....උපාධ්‍යා සුදුබේබිට උදව් කරන්නෙ?"

"මම ඒ හේතුව ඔයාට කියන්න කැමති නෑ නේත්‍ර....."

"ක්...කමක් නෑ සුදුබේබි"

"නෑ....ඔයාට හංගන්න නෙවෙයි....මම කැමති නෑ මගෙ කටින් වෙන කෙනෙක් ඔයාට ආදරේ කරනවා කියලා කියන්න.....මම කැමති නෑ නේත්‍ර.ඔයා මගෙ විතරයිනෙ...වෙන කවුරුත් ඔයාට ආදරේ කරන්න ඕනි නෑ....මම ඉන්නවනෙ නේත්‍රට ඇති වෙන්න ආදරේ කරන්න"

"මට වෙන කාවවත් ඕනිත් නෑ සුදුබේබි....මට ඕනි සුදුබේබිගෙ ආදරේ විතරයි....මම ආදරේත් සුදුබේබිට විතරයි"

ආශව අද හුගාක් කතා කලා.නේත්‍රත් හුගාක් කතා කලා.හවස හයත් නොදැනීම පහු වෙනකං දෙන්නට දෙන්නගෙ හිත් හැදෙනකංම දෙන්නා කතා කලා.අන්තිමට ආශවගෙ හිතුවා වගේම ආශවගෙ හිතට ලොකු සහනයක් නේත්‍රගෙන් ලැබෙද්දි ආශව නේත්‍රගෙ අතිනුත් අල්ලගෙන නැගිට්ටෙ දැන් ගෙදර යන්න ඕනි හන්දා.

"ඉස්සර බැදි පෙම....

බිත්තර සුවදයි....

ගඳ උහුලන්න බැරී....

එක්කර සක්කිලි....

ඔබ ඔහු සමගයි

මට ඉව....හුත්! ගහනවා හැබැයි උඹට තෙවින්!"

"මට තමා උඹත් ගහන්නෙ!"

"ඇයි වෙන කාටද මම ගහන්න ඕනි?"

"ඉන්දීපට!"

"අනේ මේ....ඒ ලමයා උඹ වගේ....අල්ලන්න එපා මාව ඈ! අයිනවා මේකෙන් හැබැයි අම්මාපල්ල ලේ විසික් වෙන්න!"

"අනේ උඹ රත්තරංනෙ....නිකං පලයං යුගාන් යන්න"

"රත්තරං හරි පිත්තල හරි....උඹ මාව අල්ලන්නෙ නැතුව ඉදපංකො"

"තවම දෙන්නගෙ කතාව ඉවර නෑ වගේ නේද යුගාන්?"

"ඔව්....එයාලා දෙන්නම එනකං අපි මෙහෙම ඉමු....චූචියා කිව්වෙ ආසවයගෙ කකුල බැරි නිසා පුලුවන්නම් එයාලව එක්කං යන්න එන්න කියලනෙ.....බාධා කරන එක හරි නෑනෙ"

"හ්ම්ම්ම්"

ආශවයි නේත්‍රයි හිටිය හරියට ටිකක් එහාට වෙන්න නවත්තලා තිබ්බ වෙසල් රථය ඇතුලෙ හිටිය තෙවිනුයි දිවාෂයි ආශවලා දිහා බලන් හිටියා.නේත්‍රවයි ආශවවයි හරි හැටි නොපෙනුනත් දෙන්නා තවම කතා කරන වගනම් දිවාෂලා තේරුම් අරං හිටියා.ඒත් එක්කම දිවාෂ දිහා බැලුව තෙවින් කාර් රේඩියෝවෙ සද්දෙ අඩු කලේ දිවාෂ එක්ක කතා කරන්න හිතාගෙන.

"යුගාන්...."

"ම්ම්ම්....."

"නේත්‍ර මල්ලියි ආශවයයි තවම අර සීන් එකට අවුලෙන්ද ඉන්නෙ මාත් එක්ක?"

"මොන?"

"මම නේත්‍ර මල්ලිට....."

"නෑ නෑ....එයාලා ඒක අමතක කරලා ඉන්නෙ.අමතක කලා කිව්වට ඕක ආසවයටනම් අමතක නෑ...ඕකාට අමතක වෙන්නෑ නේත්‍ර සම්බන්ධ දේවල්....අනික ඒක අමතක කරන්න ඕනිත් නෑ....උබ පග වැඩක්නෙ කලේ එදා"

"හ්ම්ම්....මම දන්නෑ යුගාන් නේත්‍ර ගැන මගෙ හිතට ආව හැගීම මොකද්ද කියන්න....ඒත් ඒක අවංක හැගීමක් කියලා විතරක් මම දන්නවා.මොකද ඒ වගේ ෆීලින් එකක් මගෙ හිතට ආව පලවෙනිම වතාව ඒක"

"ම්ම්ම්...කොහොමත් චූචියා ගැන කෙනෙක්ට එහෙම හිතෙන එක සාමාන්‍යයි....උබර්ත් ඒ කාලෙ අලුත් කෙනෙක්නෙ....අපි පුංචි කාලෙ ඉදලා නේත්‍ර එක්කම හැදුණු නිසයි අපිට එයා ගැන එහෙම හැඟීමක් ආවෙ නැත්තෙ....මොකද අපි නේත්‍රව එදා ඉදලම දන්නවනෙ...එයා කොයි වගේ කෙනෙක්ද,එයා එදා ඉදම්ම ලං උනේ කාටද කියලා මායි දෙවින් පණයි එදා ඉදන්ම දැක්කා....ඒත් උඹ මුකුත් දන්නෑනෙ....මම හිතන්නෙ නේත්‍ර වගේ අහිංසක කොල්ලෙක් උබ දැක්කෙත් පලවෙනි වතාවට වෙන්න ඇති?"

"ඔව් යුගාන්....මම ආශ්‍රේ කෙරුව ගර්ල්ස්ලවත් හිටියෙ නෑ නේත්‍ර වගේ අහිං...."

"උඹ ආස්‍රේ කලේ ඉතින් රට අම්මණ්ඩිලවනෙ....අර පේන්නැද්ද එකියක් බේබ් හේබ් පේබ් යැව් යැව් ගගා එනවා....දියරෙදි ඇඳන් පාරෙ යන්නෙ....ඒකිගෙ යාලුවා අඟල් දෙකේ ජංගි කොටයක් ඇඳන් ආසවගෙ පස්සෙන් එනවා....අනේ මේ උඹ ආස්‍රේ කරල තියෙන්නෙ ඒ වගේ උන්වනෙ....මෙතන දැන් මේ....."

"අනේ යුගාන් පෙර වැරදි සිහි කර කර බයින්න එපා අනේ....දැන් ආස්‍රේ කරන්නෑනෙ මම එයාලව....ඉතින් අපි කතා කර කර හිටිය දේ කතා කරමුකො"

"උඹ අහු වෙන්නෙපා මට හරිද? මොකද්ද කිය කිය හිටියෙ..ආ....නේත්‍ර චූචියා.....උඹ මෙහෙ ආවම නේත්‍රව දැක්ක ගමන් නේත්‍ර ගැන කැමැත්තක් ආව එක සාධාරණයි ඉතින්....උඹ දැනන් හිටියෙත් නෑනෙ ආශව එක්ක නේත්‍ර යාලුයි කියලා...ඇත්තටම ඉස්කෝලෙ ඉන්න සමහර අයියලා,පිට ඉස්කෝල වල කොල්ලො පවා නේත්‍ර ගැන මගෙන් පවා අහලා තියේ.සමහර ඒවා මායි දෙවින් පණයි ආසවයටයි නේත්‍රටයි දැනගන්න ඉඩ නොතියා නවත්තල පවා තියෙනවා....මම ඒකයි නේත්‍රට උඹ කැමති උනාට මුකුත් නොකියන්නෙ...හැබැයි ආශව එක්ක සම්බන්ධෙ ගැන දැන දැන උඹ නැටුව නාඩගමනම් වැරදියි"

"අනේ මංදා යුගාන්.....එදා යුගාන් නොහිටියනම් මම දන්නෑ මට මොනා වෙයිද කියන්න....යුගාන් දන්නවද අඬන්න උරහිසක් නැති උනාම මිනිස්සුන්ට වෙන දේ?"

"ඔව්....මානසිකව වැටෙනවා"

"නැහැ...අඩනකොට ඔලුව තියාගන්න ඔලුවක් නැති උනාම මිනිස්සු වැටෙනවා...වැටුනම ඔලුව වදිනව....ඔලුව වැදුනම ඔලුව පැලෙනවා....ඔලුව පැලුනම ලේ ගලනවා....ලේ ගැලුවම මැරෙනවා"

"ඉතින් ඒකට තමා කෙලින්ම අඬන්න කලින් බිම දිගා වෙන්නෝන..එතකොට අවුලක් නෑ....ඔලුව වදින්නෙත් නෑ....ඔලුව පැලෙන්නෙත් නෑ.....ලේ ගලන්නෙත් නෑ.....මැරෙන්නෙත් නෑ"

"ඒකත් ඇත්ත තමා...ඊලඟ දවසෙ අඩද්දි දිගාවෙලා අඩන්න ඕනි"

වටපිටාව අදුරු වීගෙන එන නිසා තෙවින් එලියට බැහැලා යන්න හැදුවත් දිවාෂ තෙවින්ව නැවැත්තුවා.අන්ධකාරෙන් නුවරම වැහිලා යද්දි පාරෙ තැනින් තැන තියෙන කහපාට විදුළු බුබුළු එක දෙක පත්තු වෙන්න ගත්තා.වාහනේ ජනේල දෙකත් ඇරලා තිබ්බ හන්දා වාහනේ ඇතුලට ගලාගෙන ආව හීතල හුලඟ දරන්නම බැරි තැන දිවාෂ තමන්ගෙ අල්ලවල් දෙක එකට අතුල්ලන් අත් දෙක බැඳගත්තා.

"යුගාන්ට සීතලද?"

"ම්....මේ මොකද මේ! අහකට පලයං!"

තමන්ගෙ ආසනෙන් දිවාෂගෙ පැත්තට බර උනු තෙවින් එහෙම්මම තමන්ගෙ පැත්තෙ ජනේලෙ වහලා දැම්මා.දිවාෂගෙ ඇග උඩින් අත ගෙනිච්ච තෙවින් දිවාෂගෙ පැත්තෙ ජනේලෙත් වහන්න බොත්තම ඔබද්දි තමන්ගෙ මූණට ටිකක් ඉස්සරහින් තියෙන තෙවින්ගෙ මූණ දිහා දිවාෂ බලාගෙන හිටියා.ජනෙල් දෙකම වහලා දැම්ම තෙවින් තමන්ගෙ ආසනෙන් ඉදගෙන ඒ ක්ෂණයෙන් ආයෙමත් දිවාෂගෙ පැත්තට බර උනා.

"ලං වෙන්න එපාද? ම්ම්ම්?"

දිවාෂගෙ මූණ ලඟටම තමන්ගෙ මූණ ලං කෙරුව තෙවින් අහද්දි දිවාෂ පුළුවන් තරම් ආසනේ පිටිපස්සට උනා.ඒත් දිවාෂ නොහිතුව විදියට දිවාෂගෙ මූණ තමන්ගෙ අතින් තමන්ගෙ පැත්තට හරවගත්තු තෙවින් අනික් අත දිවාෂගෙ පැත්තෙ ජනේලෙන් තියලා දිවාෂව තමන්ට මැදි කරගත්තා.

"එපාද ඉතින්...."

"අ...අහකට වෙනවා තෙවින්! න්...නැත්තං මම ගහනවා උඹට!"

"යුගාන් කවදාවත් නැතුව ගොතගහනවා.....ඇයි ඒ ම්ම්ම්?"

"අහකට වෙනවකො...."

"මම ඇහුව එකට උත්තරයක් ඕනි මට.....මම ලං වෙන්නද?"

"ඒ....ඒ මොකටද?"

"සීතල නැති කරන්න....."

"ම්...මට ඕන්නම් මම ගිනිකූරක් පත්තු කරගන්නම්....උ...උඹ ඉදපං පැහෙන්නැතුව"

"යුගාන් දන්නවද?"

දිවාෂගෙ නිකටෙ තිබ්බ අත හෙමින් සැරේ දිවාෂගෙ කම්මුල් වලට ගෙනාව තෙවින් දිවාෂගෙ දකුණු කම්මුල හෙමීට අතගෑවා.එහෙම්මම දිවාෂගෙ ඇහැ ලගට අත ගෙනාව තෙවින් හෙමින් සැරේ දිවාෂගෙ ඇහිපිල්ලම් උඩින් තමන්ගෙ ඇගිලි අරං ගියා.තෙවින්ගෙ ඇගිලි වල තියෙන වෙවුලිල්ල දිවාෂගෙ ඇස් වලට දැනෙද්දි දිවාෂගෙත් පිට මැද්දෙන් ලොකු හිරියක් ගියා.

"යුගාන් නොදන්නවා උනාට සමහර වෙලාවල් වලට යුගාන්ටත් ලැජ්ජා හිතෙනවා....යුගාන්ගෙ කම්මුල් ලා රෝස පාට වෙනවා එතකොට....යූ නෝ යුගාන්? යුගාන් පුදුම විදියට ලස්සනයි එතකොට"

"එ....එහාට යන්නකෝ....මගෙ පපුව දනවා....ඇත්තමයි"

"යුගාන්ට ලං වෙද්දි මගෙ පපුවත් කැක්කුම අල්ලනවනෙ....ම්ම්ම්? එහෙම කියලා මම යුගාන්ට ලං නොවී ඉන්නෙත් නැහැනෙ"

දිවාෂගෙ කම්මුලක් අතගාන ගමන් තෙවින් මුමුණද්දි දිවාෂ තෙවින්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා.ජනෙල් දෙකම වහලා තිබ්බ කාරය ඇතුලෙ දිවාෂ තෙවින් දෙන්නා විතරක්ම වෙද්දි එතන තිබ්බෙ සෑහෙන්න නොසන්සුන් වාතාවරණයක්.තෙවින්ගෙ නහර පිරුණු ශක්තිමත් අත දිවාෂගෙ මූණ දිගේ පල්ලම් බැහැලා දිවාෂගෙ තොල් ලග නතර වෙද්දි දිවාෂ හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා.මේ හැම හැඟීමක්ම දිවාෂට කුළුදුල්.

"යුගාන් ලඟදි මට හරි අමුත්තක් දැනෙනවා.....යුගාන්ගෙ ඇස් හරි ලස්සනයි...."

"උ...උඹට මම ග්...ගහනවා හැබැයි දැන්"

"යුගාන්ට බෑ.....යුගාන්ගෙ ඇස් කියන්නෙ වෙනම දෙයක්"

දිවාෂගෙ තොල් කොණක් හෙමීට පිරිමැද්ද තෙවින් මුමුණද්දි දිවාෂ ඉක්මනටම තමන්ගෙ මූණ අනික් පැත්තට හැරෙව්වා.ඒත් එක්කම තෙවින්ගෙ උණුහුම් හුස්ම වැලක් දිවාෂගෙ බෙල්ලෙ දැවටෙද්දි දිවාෂ තමන්ගෙ ඇස් තද කරලා පියාගත්තා.දිවාෂගෙ රතු ගැහිලා තියෙන මූණ දිහා බැලුව තෙවින් කට කොණක හිනාවක් එක්ක දිවාෂගෙ පිරුණු තොල් කොණ තවත් සිහින්ව පිරිමදිනවත් එක්කම දිවාෂගෙ දුරකථනය නාද වෙන්න ගත්තා.ඒ ක්ෂණයෙන් තෙවින්ව අහකට තල්ලු කෙරුව දිවාෂ ඉක්මනටම දුරකතනය අරං තමන්ගෙ කනේ තියාගනිද්දි තත්පර ගාණකට කලින් තමන්ට උනේ මොකද්ද කියලා හිතන ගමන් තෙවින් තමන්ගෙ නලල හයියෙන් මිරිකගත්තා.

"හ්....හෙලෝ"

"ඔයාලා ආවද දිවාෂ?"

"ඔ....ඔව් නේත්‍ර....ඔයාලා ඔය ඉන්න තැන ඉදලා පාර පැනලා ඉස්සරහට එන්නකො....දෙවින් පණගෙ වාහනේ ආවෙ"

"හරි දිවාෂ අපි එන්නම්"

ටිකකින් ආශවයි නේත්‍රයි ඇවිත් වාහනේට නගිද්දිත් දිවාෂ තමන්ට උනලා තිබ්බ දාඩිය පිහිදන ගමන් හිටියා.දිවාෂයි තෙවිනුයි දිහා මාරුවෙන් මාරුවට බැලුව ආශව සවුත්තුවට කහින ගමන්ම පිටිපස්සෙ ආසනෙන් ඉදගනිද්දි ආශවව ඉන්දෙව්ව නේත්‍රත් වාහනේට ගොඩ වෙලා දොර වහල දැම්මා.

"දිවාෂ ඔයාලා හුගක් වෙලා අපි එන්.....ඇයි දිවාෂ දාඩිය දාලා....සනීප නැද්ද ඔයාට?"

"ම්...මුකුත් නෑ චූචියො....රස්නෙට දාඩිය දැම්මා"

"රස්නෙ? දැන් හී...."

"මැණිකෙ මේ....කකුල රිදෙනවා වගේනෙ"

"ඇවිද්ද නිසා අමාරුයි නේද සුදුබේබි...ගෙදර ගියාම තවන්නම් මම"

ආශව නේත්‍රගෙ අවධානෙ තමන්ට ගන්නවත් එක්කම තෙවින් වාහනේ ඉස්සරහට ඇද්දුවා.ගම්මානෙට ලඟා වෙනකං කිසිම කෙනෙක් අතර කතාබහක් ඇති උනේම නැහැ.දිවාෂ තමන්ගෙ ගේ ගාවින් බැහැලා ගේට්ටුව ඇරං ඇතුලට දුවලා ගිය හැටි බලං උන්නු තෙවින් ඊලගට වලව්වට කිට්ටු කරලා වාහනේ නැවැත්තුවෙ නේත්‍රට බැහැගන්න.මොකද නේත්‍ර මේ වාහනේක එන එක මහමුදියන්සෙ දැක්කොත් ඒක නේත්‍රට ප්‍රශ්නයක් වෙන නිසා නේත්‍ර මගින් බැහැලා පිට පාරෙන්ම පහලට දුවං ගියේ ඇදුමක් අරං ආශව ලගට එන බව කියන ගමන්.වලව්ව ලගින් වාහනේ නැවැත්තුවට පස්සෙ ආශවව පරිස්සමින් වාහනෙන් බැස්සෙව්ව තෙවින්ව හිතන්නත් කලින් වාහනේට හේත්තු කරවලා ආශව තද කරගත්තා.

"ආශව....මේ මොකද මේ? අඩෝ මම බොටමෙක් නෙ...."

"අසහනේ නෑ මට තෝ වගේ එකෙක්ට ලව් කරන්න!"

"ඇයි මේ?"

"උඹ අර කොටා එක්ක සෙල්ලම් කරනවද? තෙවින්! මම ඇහැ ගහන් ඉන්නෙ....ඒකට කරදරයක් වෙන්න බෑ"

"නෑ...ආශවයා...මම යුගාන්ට කරදරයක් කරන්නෑ"

"ඉස්සෙල්ලාම හිතේ තියෙන හැඟීම් හරියට අදුන ගනින්...ඊලගට ඕනි දෙයක්....උගෙ කට තිබ්බට ඌ අහිංසකයෙක්....උඹ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා ඒ නිසා....දිවාෂට අයියලා දෙන්නෙක් ඉන්නවා කියලා උඹට අමතක නැතුව ඇති කියලා මම හිතනවා...මම යනවා"

කනට ගහනව වගේ කියල දැම්ම ආශව හෙමින් සැරේ වලව්වට ඇදෙන හැටි බලාගෙන හිටිය තෙවින් කල්පනා කර කරම වාහනේට නැගලා එතනින් පිටත් වුණා.සිංහවංශ වලව්වට එඅකං තෙවින්ගෙ ඔලුවෙ වැඩ කලේ එකම එක දෙයයි.

"පවුලෙ එකම ලමයා උනු යුගාන්ට කොහෙද අයියලා දෙන්නෙක්?"

...................................................................................................

"සුදුබේබිට මේ ඇඳුම් ඇති වෙයිද?"

"සුදුබේබි බෑග් එකට ඔක්කොම දාගත්තද?"

"සුදුබේබි පරිස්සමින් යන්න හොදද?"

"කොළඹ ගැන මම දන්නෑ සුදුබේබි....මගෙ සුදුබේබි හැමදේකින්ම පරිස්සම් වෙලා ඉන්න හොදද?"

"සුදුබේබිට චට්නියකුත් හැදුවා මම....ඒක කල් තියං කන්න පුලුවන් නෙ සුදුබේබි"

"එහෙ රහ කෑම ඇති....එ...ඒත් නේ....නේත්‍රව මතක් වෙන්න...මේකෙන් ඩිංග ඩිංග හරි කන්න සුදුබේබි"

"සුදුබේබි මේ ටික හරි නේද?"

"සුදුබේබි හෙට උදේ පාන්දර නැගිටින්න වෙයි නේද?"

ඇඳ උඩ වාඩි වෙලා හිටිය ආශව බලාගෙන හිටියෙ නේත්‍රගෙ කටින් තමන්ට ඕනි වචනෙ පිට වෙනකං.කඩියා වගේ එහෙට මෙහෙට දුව දුව තමන්ට යන්න තියෙන ගමනට බඩු ලෑස්ති කරන නේත්‍ර දිහා ආශව බලන් හිටියෙ හරි ආදරෙන්.ආශවගෙ බෑගය ඇතුලට තව ටී ෂර්ටයක් නවලා දැම්ම නේත්‍ර තමන් ඇදන් හිටිය ලොකු කමිසෙ දෙපැත්ත මිරිකගෙන ආශව දිහාවට හැරුණෙ මූණත් බිමට නවාගෙන.

"න්...නේත්‍රට පාළු හිතෙයි සුදුබේබි"

තමන් බලාපොරොත්තු වෙන වචන ටික නේත්‍රගෙ කටින් පිට වෙනවත් එක්කම ආශව අඩියට දෙකට නේත්‍ර ලගට ගිහින් නේත්‍රව තමන්ගෙ අත්දෙක අතරට උස්සගත්තා.එහෙම්මම ඇවිල්ලා නේත්‍රව ඇදේ ඇල කෙරුව ආශව අත් දෙක පපුව ලගට කරං ඇගිලි එක්ක සෙල්ලම් කර කර තමන් දිහා නොබලා ඉන්න උත්සාහ කරන තමන්ගෙ පුංචි ආදරවන්තයා ලගින් ඇලවෙන ගමන් වැලමිටකට බර වෙලා නේත්‍ර දිහාම බලන් හිටියා.නේත්‍රගෙ කදුළු පිරුණු බෝල ඇස් වලිනුයි,අග ඉදන් රතු වීගෙන එන බොත්තම් නාහෙනුයි,රෝස පාට වෙලා තියෙන කන් වලිනුයි ආශවට තේරුම් ගියා නේත්‍ර ලොකු ඇඬුමක් එලියට නොදා හිර කරගෙන ඉන්න වග.

"අඩන්න ඕනිද?"

"ඇ...ඇඩුවොත් සුදුබේබිට හිතේ සහනෙකින් ගමන යන්න බැරි වෙයි"

"ඊටත් වඩා නේත්‍ර අද ඇඩුවෙ නැත්තං,නේත්‍රට අඩන්න ඕනි වෙලා තිබ්බ වෙලේ නේත්‍රට අඩන්න පපුව නොදී මම ගමන පිටත් උනා කියලා මට සහනයක් ලැබෙන එකක් නෑ"

"න්....නේත්‍රට පාළු හිතෙයි සුදුබේබි....මගෙ සුදුබේබි නැතුව හුගක් කල් ඉන්න වෙනවා නේත්‍රට"

නේත්‍ර අඩාගෙනම ආශවගෙ පපුවට තුරුල් වෙද්දි ආශව නේත්‍රව තුරුල් කරං නේත්‍රගෙ ඔලුව අතගාන්න ගත්තා.රෑ නවය පහු උනු කණිසම වැදිලා වැඩි වේලාවක් ගත නොවුණු තැන නේත්‍රගෙ ඇඬිල්ල පටන් ගත්තා වගේම රෑ දහයෙ කණිසම වැදෙන සද්දෙ ඇහිලත් සෑහෙන වෙලාවකට පස්සෙ නේත්‍ර ඇඩිල්ල ටිකෙන් ටික අඩු කරගෙන ආශවගෙ ඇඟට පුලුවන් තරම් ගුලි ගැහෙන්න ගත්තා.

"මම ඉක්මනට එන්නම්කො.....ම්ම්ම්..."

"සුදුබේබි පරිස්සමින් ගිහින් එන්න....කොලඹ හුගක් මිනිස්සු නපුරු නරක අයලු....මගෙ සුදුබේබි එයාලාට අහු නොවී ඉන්න"

"මට උඹ නැතුව ගොඩාක් පාළු දැනෙයි මගෙ මැණිකෙ....හුගාක් පාළු දැනෙයි"

තමන්ගෙ පපුවට ගුලි වෙලා ඉන්න පුංචි එකාගෙ ඔලුව ඉඹින ගමන් ආශව මුමුණද්දි නේත්‍ර ඉකි ගගහම ආශවව තව තව තුරුල් කරගත්තා.නේත්‍රට නොදැනෙන්න නේත්‍රගෙ බෙල්ලට නැවුණු ආශව නේත්‍රගෙන් හමන ගැටපිච්ච සුවද හිතේ හැටියට විදගත්තා.මේකාවත් උස්සගෙනම ක්‍රීඩා පුහුණුවීම් වලට කොළබ යන්න තියේනම් කියලා හිතුව ආශව එහෙම කරන්න බැරි එක ගැන පුදුම විදියට දුක් උනා.

"සති දෙක හමාරක් වගේනෙ මැණිකෙ.....අපි ඉවසන් ඉමු"

"හ්....හා සුදුබේබි....සති දෙක හමාරකින් සුදුබේබි මගෙ ලග...න්...නේත්‍රට පුළුවන් ඉන්න"

"මට අමාරු වෙයි.....හුගාක් අමාරු වෙයි"

ආශව එහෙම්මම නේත්‍රගෙ පුංචි පපුව උඩින් තමන්ගෙ ඔලුව තියාගනිද්දි නේත්‍ර ආශවගෙ හිසකෙස් අස්සෙන් ඇගිලි අරං යන්න ගත්තා.

"සතියෙ දවස් වලට මම වලව්වෙන් එලියට බැහැලා ගුරුපාරට යන්නෙ නේත්‍රව දකිනවනෙ කියලා හිතන්....සති අන්තෙ දවස් වලට මම ඇස් අරින්නෙ නේත්‍රව දකිනවනෙ කියලා හිතන්....ඉස්කෝලෙ ඉවර වෙලා පන්තියෙන් එලියට බහින්නෙ නේත්‍ර එක්ක ගෙදර යනවනෙ කියලා...හවස් වෙද්දි ඇස් දෙක ජනේලෙ කෙලින්ම පේන වලව්වට ගොඩ වෙන පල්ලම දිහාවට තියාගෙන ඉන්නෙ නේත්‍ර කොයි වෙලේ හරි මතු වෙයි කියලා හිතන්...නේත්‍ර වලව්වට නේන දවස් වලට ඔය පල්ලම බැහැලා නේත්‍රලාගෙ ගෙවල් පැත්තට එන්නෙ නේත්‍රව දකින්න හිතන්.....ඒත්...එ...ඒත් එහෙ ගියාම මට ඒ කිසිම දෙයක් නෑ.මට පිස්සු හැදෙයි මැණිකෙ"

"මටත් සුදුබේබි....ඒ...ඒත් අපි ඒවට කොහොමහරි මූණ දෙන්න ඉගෙන ගමු සුදුබේබි....මේ අපේ පලවෙනි පුහුනුව කියලා හිතමු.ඉස්සරහට,සුදුබේබි යන්න ඉන්න තැන එක්ක මීට වඩා කල් උනත් සුදුබේබිට ඒ වැඩ වලට කොළඹ ඉන්න වේවි"

ඒක හරි පුදුමාකාර දෙයක් උනා.නේත්‍ර වැටෙන වෙලාවල් වලට නේත්‍රව නැගිට්‍ටවන්න ආශව ශක්තිමත් උනා වගේම ආශව වැටෙන වෙලාවල් වලදි නේත්‍ර ශක්තිමත් උනේ ආශවව නැගිට්ටවන්න.ආශව ක්‍රීඩා කලාට කමක් නැහැ කියන වෛද්‍ය අනුමැතිය ලැබිලා දැන් සතියක් විතර ගත වෙලා තිබ්බා.ඒ වගේම මේ යන්නෙ මාර්තු මාසෙ තුන් වෙනි සතියෙ අග භාගය.පහුගිය සතියෙම ආශවලව කඩින් කඩ පුහුණුවීම් වලට ගෙන්නෙව්වට මේ සති දෙක එක දිගටම පුහුණුවීම් සිද්ධ කරලා තෙදින ක්‍රීඩා තරඟාවලියට යන්න වයස අවුරුදු දහනවයෙන් පහල ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයන්ට සිද්ධ වෙලා තිබ්බා.නේත්‍ර එක්ක අලුත් අවුරුද්ද සමරන්න එනවා කියලා ආශව පොරොන්දු වෙද්දි පාසල් අවුරුදු උත්සවේට ආශව එන්නෙ නැති එක ගැන නේත්‍රට වේදනාවක් දැනුනත් ආශවව තේරුම් ගත්තු නේත්‍ර ඒක පිටට නොපෙන්වා හිටියා.

"ක්‍රිකට් ටීම් එකේ යාලුවො හොදයිද සුදුබේබි?"

"මම එහෙම ලේසියෙන් යාලුවො හදාගන්නෑ කියලා නේත්‍ර දන්නවනෙ....හැබැයි හැමෝම වගේ හොදයි...අර දිනාල්ගෙ මල්ලි තමා කට්ටියට මාව එකතු කලෙත්...මම කා එක්කවත් කතා කරන්න යන්නෑනෙ එහෙම ඒ නිසා...අවුලක් නෑ නේත්‍ර....ඒත් ඉතින් දෙවින්ලා වගේ යාලුවො එතන නෑ"

"දෙවින් අයියලා වගේ යාලුවො කොහෙවත් නෑ සුදුබේබි....සුදුබේබි පරිස්සම් වෙන්න හොදද?"

"නේත්‍රත්....කොහෙ ගියත් දිවාෂ එක්ක ඉන්න.කොහෙ හරි යන්න ඕන්නම් දෙවින්ට කියන්න.වැස්ස දවස් වලට එහෙම ඉස්කෝලෙ ඇරිලා පාරෙ තනියම එන්න එපා...දෙනෙත්ට කිව්වම දෙනෙත් ගෙදරට ඇරලවයි නේත්‍රව....පරිස්සම් වෙන්න මැණිකෙ හොදද?"

"හරි සුදුබේබි....මම පරිස්සම් වෙන්නම්"

"ඉස්කෝලෙ ඇරිලා මේ ටිකේම හවස් වෙනකං දිවාෂලාගෙ ගෙදර එන්න කිව්වනෙ දිවාෂ? එහෙ යන්න...දවාලට ඔයාලගෙ ගෙදර කවුරුවත් නෑනෙ...නාගන්න කරගන්න උනත් ඔයා තනිප්ංගලමෙ ඉන්නවට මම කොහොමත් කැමති නෑ....දිවාෂලාගෙ ගෙදර ගිහින් පාඩම් කරලා ඒ ටික කරගන්න....තෙවින් එයි ඔයාව හවසට ගෙදරට ඇරලවන්න...තෙවින් ආවට කමක් නෑ ඔයා දිවාෂවත් එක්කන්ම එන්න ගෙදරට හරිද? තෙවින් එක්ක තනියෙන් එන්න ඕන්නෑ"

"හා සුදුබේබි....මම දිවාෂ එක්කම ඉන්නම්"

"නේත්‍ර....."

"ම්ම්ම් සුදුබේබි"

"යන්න කලින් එක පාරක්?"

"හ්...හා සුදුබේබි"

"අද මට හුගක් වෙලා ඕනි"

"ස්...සුදුබේබිට ඇති වෙනකං...."

"මට ඔයාගෙන් ඇති වීමක් පේන්නෑ නේත්‍ර"

නේත්‍රගෙ ඉණ වටේ අත යැව්ව ආශව නේත්‍රව තමන්ගෙ ඇඟටම හිර කරගත්තා.ලොකු කමිසයක් ඇතුලට ගුලි වෙලා තමන් දිහා ඇසුත් බෝල කරං බලන් ඉන්න නේත්‍ර දිහා බලද්දි පවා තමන්ගෙ හැඟීම් ඇවිස්සෙන වග තේරුම් ගත්තු ආශව නේත්‍රව තව ට්කක් තමන්ගෙ ඇඟට හිර කරගනිද්දි පුංචි එකාගෙ කටින් හීන් කෙඳිරිල්ලක් පිට උනා.

"ම්හ්හ්...."

"ඔයා නොදැනුවත්ව හරි මාව අවුස්සනවා මගෙ නේත්‍ර"

නේත්‍රගෙ තොල් දෙක ආශව ඩැහැගන්න කලින් ගැඹුරු හඩකින් මිමිණෙනවා නේත්‍රට ඇහුනා.පුංචි එකාගෙ පිරුණු තොල් දෙක තමන් සතු කරගත්තු ආශව ඒවා හරි ආදරෙන්,ආසාවෙන් හෙමීට උරන්න ගනිද්දි නේත්‍රගෙ චුට්ටං අත් ගිහින් ආශවගෙ පපුව හරියෙන් රැදුණා.ආශව ඇදන් උන්නු කමිසෙ පුංචි අත් දෙකෙන් මිරිකගත්තු නේත්‍ර ආශවට ඕනි විදියකට තමන්ගෙන් සැනසෙන්න ඉඩ දීලා ඇස් පියාගනිද්දි කමිසෙ උඩින්ම තමන්ගෙ ඉණ තද වෙන වගක් නේත්‍රට දැනුනා.තමන්ට හාද්ද අතරින්ම කෙඳිරිල්ලක් පිට වෙද්දි ඉණ වටේ තිබ්බ ආශවගෙ අත තව ටිකක් තද වෙනවත් එක්කම සිපගැනීම ආවේගශීලී වෙන වග නේත්‍රට තේරුණා.

නේත්‍රගෙ හුස්ම ගැනීම අක්‍රමවත් වෙනවත් එක්ක නේත්‍ර ඉන්නෙ හුස්ම ගන්න බැරි වෙලා වග තේරුණු ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙද්දි නේත්‍ර හයියෙන් හුස්ම ගත්තා.තත්පර ගාණක් නේත්‍රට හුස්ම ගන්න වෙලාව දුන්නු ආශව ආයෙමත් වතාවක් කෙල වලින් දිලිසිලා ඉදිමිලා තියෙන නේත්‍රගෙ තොල් වලට බර වෙද්දි නේත්‍ර ඉනෙන් ඉස්සුනේ තමන්ට දැනෙන අමුතුම වින්දනය දරාගන්නම බැරි තැන.ඉණෙන් එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තු පුංචි එකාව තද කරලා අල්ලගත්තු ආශව නේත්‍රගෙ මුව තුලට ඇතුල් වෙලා නේත්‍රව ගැඹුරින්ම සිපගත්තා.

"නේත්‍ර මගෙ....මගෙ විතරයි"

"නේත්‍ර සුදුබේබිගෙ....සුදුබේබිගෙ විතරයි"

නේත්‍රගෙ තොල් උඩම මිමිණුව ආශව හයියෙන් හුස්ම ගන්න ගමන් ආයෙමත් නේත්‍රගෙ තොල් වලට බර උනා.ඇඳ රෙද්ද මිරිකන් හිටිය නේත්‍රගෙ චුට්ටං අතක් ඇදේ අතපත ගාලා හොයාගත්තු ආශව ඒ අත උඩට කරගෙන නේත්‍රගෙ පුංචි අතේ තමන්ගෙ නහර පිරුණු ලොකු අත පටලගත්තා.නේත්‍රගෙ පුංචි ඇගිලි ආශවගෙ දිග ඇගිලි වලට තෙරපෙද්දි පුංචි එකා තමන්ගෙ නිදහස් අතින් ආශවගෙ කමිසෙ කොණ තව තවත් හයියෙන් මිරකගත්තා.

සම්පූර්ණයෙන්ම ආශවම නේත්‍රගෙ තොල් වල ආධිපත්‍ය පතුරවද්දි පුංචි එකා ඒකට යටත් උනා මිසක් අද වෙනකං ඒ හාදුවලට ප්‍රති හාදු ලබා දීලා තිබුනෙ නෑ.එක්කො තවම නේත්‍රගෙ ලැජ්ජාව පහව ගිහින් තිබුනෙ නෑ.එහෙමත් නැත්තං පුංචි එකා ඒක කරන හැටි දැනන් හිටියෙ නැහැ.එහෙමත් නැත්තං එහෙම දෙයක් කරන්නවත් ඕනි කියලා නේත්‍රට තේරුමක් තිබ්බෙ නෑ.ආශවටම අයිතිය දීලා තිබ්බ තමන්ගෙ ශරීරෙ සුපුරුදු විදියටම අඩපණ වෙනවත් එක්කම නේත්‍ර ඇඳ මතට පණ නැතුව වැටුණා.විනාඩි ගාණක් යනකං තමන්ට ඕනි තරම් නේත්‍රව සිපගත්තු ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් උනේ තව ටිකක් නේත්‍රව සිපගත්තොත් නේත්‍රගෙ තොල් පැලෙයි කියන බයට.

"මදි මට.....ඒත් තව කිස් කලොත් නේත්‍රව තුවාල වෙයි....මම ආසා නෑ මගෙ මැණිකෙට රිද්දන්න"

"ඔහොම ඩිංගිත්තක් ඉන්න සුදුබේබි....පණ නෑ වගේ ඇඟට"

නේත්‍ර මුමුණද්දි ඇඳේ දිගා වුණු ආශව නේත්‍රව උස්සලා අරං තමන්ගෙ පපුවට ගනිද්දි පුංචි එකා ආශවගෙ ඇඟ උඩ දිගා උනා.නේත්‍රව වැහෙන්නම ඇතිරිල්ල පොරවගත්තු ආශව නේත්‍රගෙ නලලින් දිගම දිග හාද්දක් තියද්දි පුංචි එකා තමන්ගෙ ඇස් දෙකත් අතකින් වහන් හිනා වෙන්න ගත්තා.නේත්‍රගෙ ලස්සන හිනාව දිහා බලාගෙනම හිනා වුණු ආශව නේත්‍රගෙ පුංචි ඔලු ගෙඩිය තමන්ගෙ පපුවට තුරුල් කරගනිද්දි නේත්‍ර නේත්‍රගෙ පුංචි නාහෙ තමන්ගෙ පපුවෙ ගාවන වග ආශවට තේරුනා.පුළුවන් තරන් තද කරලා නේත්‍රව තුරුල් කරගත්තු ආශව කදුළු පිරුණු ඇස් දෙක වහගත්තෙ නේත්‍රගෙන් ටික කාලෙකට හරි ඈත් වෙන්න සිද්ධ වෙන එකට රිදෙන පපුවෙ කැක්කුම දරාගෙන.

*     *     *     *     *

"හහ්! අන්ඩර් නයින්ටීන් නැෂනල් ටීම්! ඔය හු#තිගෙ පුතා අන්ඩර් නයින්ටීන් නැෂනල් ටීම් සිලෙක්ට්! හහ්....ඊලගට නැෂනල් ටීම් සිලෙක්ට් වෙන්න හිතාගෙන ඇත්තෙ"

තමන්ගෙ අතේ තිබ්බ මත්පැන් වීදුරුව පොලවෙ ගැහුව රධීන් වියරුවෙන් වගේ කෑ ගහද්දි ඒ ලගම හිටිය මහීලුත් කේන්තියෙන්ම අහක බලාගත්තා.තමන්ගෙ කොණ්ඩෙ අත් දෙකෙන්ම ඇදලා කෑ ගහන්න ගත්තු රධීන් මහීල්ගෙ උරහිසෙන් ඇදලා අරං තමන්ට ලං කරගත්තෙ ගිනි ගන්න ඇස් වලින්.

"මට උගෙන් පලි ගන්න ඕනි! ඒවා මට හම්බෙන්න තිබ්බ චාන්ස් එකක්! ඒක ඌට ගියා....මහීල් උඹ මට උදව් කරනවද?"

"ම්....මොකද්ද උඹ කරන්න යන්නෙ?"

"උගෙ දුර්වල තැනට පාර ගහන්න හදන්නෙ....ඌ නැෂනල් ටීම් යනකං යන්නෙ මේ පාර ටූනමන්ට් එකට ප්ලේ කලොත්නෙ! එහෙම කරන්න නොදී හිටියනම් හරි"

"මොකද්ද කරන්න යන්නෙ කියපංකො"

"නේත්‍ර! එක ගලින් කුරුල්ලො දෙන්නෙක්! ආශවවත් වට්ටලා මම මෙච්චර කාලෙකට මාන බැලුව දේත් රහ බලන්න යන්නෙ! ඔය පොඩි බල්ලත් මට පුදුම ලොකුකමක් දැම්මෙ! යකෝ අද වෙනකං මට බෑ කිව්ව කෙල්ලෙක්වත් කොල්ලෙක්වත් හිටියද?නේත්‍ර කියන බල්ලා මම දිහා බැලුවෙවත් නෑ ඒත්!"

"......................"

"උගෙයි ආශවගෙයි තියෙන්නෙ නිකං සම්බන්ධයක් නෙවෙයි කියලා මට තේරුනාට ඒක මට හරියටම හරි කියලා දැනගන්න පුළුවන් උනේ මිකායෙල්ගෙන්....ඌ පරාද වෙලා රට ගියාට මට එහෙම බැහැ....එකපාරක් හරි අර පොඩි බල්ලව මගෙ ලගට ගන්න ඕනි....ඌ මට යට වෙලා කෙඳිරි ගාන හැටි දැක දැක ආශව කියන මහ බල්ලා විදවන්න ඕනි!"

"......................."

"උඹ කැමතිද මේකට?"

"ම....මට තේරෙන්නෑ රධීන් අයියෙ"

"උඹට ඕනි නැද්ද උඹව බල්ලෙක් ගාණට දාලා සැලකුව දිවාෂ කියන පරයා උඹ ඉස්සරහ අසරණ වෙනවා බලන්න?"

"................"

"දෙන්නටම එකපාර වැඩේ දෙමු! නේත්‍ර බල්ලා මගෙ ඉස්සරහ වැද වැටෙද්දි දිවාෂ පරයා උඹේ ඉස්සර වැද වැටෙයි! උඹ කැමති නැද්ද එහෙම වෙනවා දකින්න!"

"................"

"උත්තරයක් දීපං මහීල්!"

"වැඩේ වෙන හැටි කියපං"

මහීල් කට කොණකින් හිනා වෙලා කියද්දි රධීන් මහ දරුණු විදියට හිනා වුණා.රධීන්ගෙ හිනාවෙ වගේම් ඇස් වල තිබ්බෙ වියරුවක්.කෙනෙක්ට ඕනිම දෙයක් කරන්න පුලුවන් තරමෙ වියරුවක්!

.

.

.

.

.

"ම්...මට පාළුයි සුදුබේබි"

තනිකර හිස් නුවර ආකාහෙ දිහා බලන් හිටිය බෝල තරු ඇස් දෙකක් මුමුණද්දි නුවර අහසෙන් හීනි ගෙරවිල්ලක් ඇහුනෙ නේත්‍රගෙ දුක නුවර අහසත් දන්නවා කියන එක දන්වන්න වගේ.වේදනාවෙන් හිනා වුණු නේත්‍ර ආශව එවලා තිබ්බ වොයිස් මැසේජය සිය වෙනි වතාවටත් තමන්ගෙ කන ලගට කරලා අහන්න ගත්තා.

"පරිස්සමට ඉන්නවා නේද මගෙ මැණික? සුදුබේබිටත් හුගාක් පාළුයි....මගෙ වෙලාවට අපි නැවතිලා ඉන්න හොස්ටල් එකට කිට්ටුව කෝවිලක් තියේ.....එතන ගැටපිච්ච මල් වැල් විකුණන්න තියෙනවා...මම එතනට ගිහින් එව්වා අරං එනවා....ඒ නිසා මට නින්ද යනවා නේත්‍ර.ඔයා ලග ඉන්නවා වගේ දැනෙනවා.....ඒත් එව්වට පුළුවන් ඒ සුවද යම් තරමක් දෙන්න විතරයි....සම්පූර්ණයෙන්ම දෙන්න බෑ.....ඊයෙ හොදටම මෙහෙට වැස්සා.අපි දවසම ඇතුලෙ....මට ඕනි උනා මැණිකගෙ උණුහුම....නේත්‍රව තුරුල් කරං ඉන්න ඕනි උනා ඒ හීතලේ....ඒත් නේත්‍ර මම ලග නෑනෙ.....මට පාළුයි රත්තරනේ....හුගාක් පාළුයි"

ආශවගෙ ගැඹුරු කටහඩ අහන ගමන්ම නේත්‍ර ඇද උඩ ගුලි ගැහුනා.හවස ඉදන්ම දැනෙන සීතල ගතිය හැමෝගෙන්ම වසන් කෙරුව නේත්‍ර ආශව ගැන හිත හිතම ඇතිරිල්ල ඔලුවෙ ඉදලා පොරවගෙන නිදියද්දිත් නේත්‍රට ආශවගෙ අඩුව නොසෑහෙන්න දැනුනා.ආශවව ඇහැටවත් නොදැක දැන් දවස් හතරක් වෙද්දි පුංචි එකාට සාංකාව වගෙ හැදිලා තිබ්බා.

"ස්....සුදුබේබි...."

හැමදාම වගේ තමන්හෙ ඇස් ඉස්සරහ මැවෙන සුදුබේබිගෙ රූපෙ එක්ක පුංචි එකා හිනා වෙද්දි ඒ රූපෙ හිතේ තියංම නේත්‍ර ඇස් දෙක පියාගත්තා.හදිසි වැඩකට දිවාෂ ගෙදරින් ගිහින් හිටිය හන්දා නේත්‍ර විතරක් දිවාෂලාගෙ ගෙදර තනි වෙද්දි නේත්‍රට කරන්න තිබ්බෙ නිදාගන්න එක විතරයි.ආශවගෙ වොයිස් මැසේජය අහද්දි ඒ ගැඹුරු හඩ එක්ක තමන්ගෙ ඇගේ හිරිගඩු පිපෙනවා දැනෙද්දි රතු උනු මූණ පුංචි අත් දෙකෙන් වහගත්තු නේත්‍ර ඇස් තව ටිකක් තද කරලා පියාගෙන නිදාගත්තා.

බඩු වගේකුත් අරං ගෙට ගොඩ උනු දිවාෂ කෙලින්ම ගියේ උඩ තට්ටුවට.ගිය වැඩේට හිතුවටත් වෙලාවක් ගිය නිසා දිවාෂ උඩ තට්ටුවට ගියේ නේත්‍රව හිනාගස්සවන්න හිතාගෙන.ආශවත් නැති වෙලාවක නේත්‍රව ටිකකට හරි තනි කල එක ගැන දිවාෂට ආවෙ තමන් ගැනම තරහක්.කාමරේට ඇතුල් වෙද්දිම දිවාෂ දැක්කෙ ඔලුවෙ ඉදලා ඇතිරිල්ලෙන් පොරවන් ඇද උඩ ගුලි ගැහිලා ඉන්න පුංචි හා පැංචෙක්ව.

"නේත්‍ර.....නේත්‍ර...."

"ස්....සුදුබේබි....සුදු....බේබි...."

"දෙයියනේ චූචියො! ඔයාට හොදටම උණනෙ!"

දිවාෂ තමන්ගෙ ඔලුවට අත ගහගත්තෙ නේත්‍රගෙ ඇඟ ගිනිකබලක් වගේ රත් වෙලා තිබ්බ හන්දා.ආශවගෙ තාවකාලික දුරස්වීම නේත්‍රට ඒ තරමටම බලපාලා තිබුණා.අම්මලත් කටුගස්තොට නෑ‍යෙක්ගෙ ගෙදර ගිහින් නිසා දිවාෂ කතා කලේ හැමදේටම හරියට උත්තර හොයන තමන්ට විශ්වාසවන්තම මනුස්සයා උනු දෙවින්ට.දෙවින් එන්නම් කිව්ව නිසා නේත්‍රව උස්සලා අරං වෙන කමිසයක් ඇන්දෙව්ව දිවාෂ නේත්‍රගෙ නලලින් ඕඩික්ලෝන් වල පෙගෙව්ව රෙදි කෑල්ලක් තිබ්බා.

"නේත්‍ර....බේත් ගන්න යමු අපි"

"ස්....සුදුබේබි ඕනි....පාළුයි සුදුබේබිගෙ නේට්ටට"

පුංචි එකා උණ විකාරෙන් දොඩව දොඩව තමන්ගෙ අත් අතර තිබ්බ ආශවගෙ කමිසෙ පපුවට තුරුල් කරගන්න ගමන් මිමිණෙව්වා.නේත්‍රගෙ ඇස් වලින් ගලන කදුළු කැට නේත්‍ර ඔලුව තියං උන්නු කොට්ටෙ තෙමද්දි පුංචි එකා ඇද වටේටම අත ගගා ආශවගෙ උණුහුම හෙව්වා.අසිහියෙන් හිටියා උනත් තමන්ට දිවාෂ කිට්ටු වෙද්දි දිවාෂට කිට්‍ටු වෙන්න නොදුන්න නේත්‍ර අඩන්න ගත්තෙ සුදුබේබිව ඉල්ලන ගමන්.දිවාෂ වේදනාවෙන් නේත්‍ර දිහා බලන් හිටියෙ නේත්‍රව ටිකක්වත් සන්සන්න තමන්ට බැරි බව තේරුම් යද්දි.

නුවර අහස යට හැමදාම ප්‍රේමයෙන් වෙලුනු මේ පිවිතුරු ආදරවන්තයො දෙන්නා අද දෙපොලකට වෙලා විදින වේදනාව තේරුම් ගත්තු නිසාවත්ද කොහෙද මෙච්චර වෙලා ගොර ඇද ඇද උන්නු නුවර අහසත් තමන්ගෙ කදුළැලි පොලවට කඩා වැටෙන්න හැරියා.තමන්ගෙ පුංචි ආදරවන්තයගෙ වේදනාව දැනුනු නිසාද කොහෙද හීනියට රිදුම් දෙන තමන්ගෙ පපුව තදකරල අල්ලගත්තු ආශව මෙච්චර වෙලා අතේ තියාගෙන උන්නු ගැටපිච්ච මල මේසෙ උඩින් තියන ගමන් තමන්ගෙ දුරකතනෙ අතට ගත්තා.නුවර ආකාහෙ වේදනාවෙන් හඩා වැටෙද්දි ඊට හේතු කාරණා තේරුම් ගත්තු කොළබ අහසත් නොහිතුව විදියට ගොර ඇදල හදිසි වැස්සක් කඩා පාත් කරවද්දි වැහි  බින්දු අතරින් මැවිලා පේන නේත්‍රගෙ රූපෙ එක්ක ආශව ආදරෙන් හිනා වුණා.

...................................................................................................

වචන 7900+😪❤️

හරි නෑ තමා....මටත් හරි නෑ කියලා හිතුනා චැප.ඔලුවෙ කැක්කුම එක්ක ලිව්ව නිසා වෙන්න ඇති අනේ අවුල් සහගත😪💔ඒකටසමාවෙන්ට🥺❤️

ඒත් පුළුවන් නම් අදහසක් කියං යන්න බබාලා🥺❤️ මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter